Wednesday, 24 September 2014

ටිරියන් 03-2


පිටත අතිශයින්ම සීතල විය. සිය ලොම් කබාය තදින් ඇඳගත් ටිරියන්, අත්වැසුම් දමාගෙන පිටත මුරකාවලෙහි ශීතයෙන් වෙවුලමින් සිටි මුර සෙබළුන්ට හිස වැනී ය. ඉන්පසු තම බකල දෙපාවලට හැකි උපරිම වේගයෙන් අංගනය හරහා සිය නවාතැන පිහිටි රජතුමා ගේ කුළුණ වෙත පිය මනින්නට විය. ඔහු ගේ සපත්තුවලට පෑගුනු අලුතින් වැටුනු හිම කර කර හඬින් බිඳී ගියේ ය. ඔහු ගේ ප්‍රාශ්වාසය මුහුණ ඉදිරියෙන් මිදී ගි‍යේ ය. ඔහු කිසිලිවලට යටින් සිය දෑත් යවා ගමන තවත් ඉක්මන් ක‍ලේ මොරෙක්ට සිය ඇඳ උණුසුම් කිරීමට අමතක නොවේවායි පතමිනි.

රජතුමා ගේ කුළුනට පිටුපසින් ප්‍රාකාරය සඳ එළියේ බැබලෙමින් තිබින. එය උත්තුංග මෙන්ම ගුප්ත දර්ශනයක් විය. ටිරියන් මොහොතක් නැවතී ඒ දෙස බලා සිටි අතර සීතය නිසා ඔහු ගේ දෙපා ඇදුම් කන්නට විය.

හදිසි‍යේම මෙන් ඔහු ගේ සිතේ විකාර සිතුවිල්ලක් පැනනැගින. ප්‍රාකාරයට නැඟ තව එකම එක වතාවක් ලෝකාන්තය දෙස බලන්නට ඇත්නම් යැයි ඔහුට සිතින. මේ ඔහු ගේ අවසාන අවස්ථාව බව ඔහුට දැනින. හෙට උදෑසන ඔහු දකුණුකරය බලා පිටත්ව යන අතර නැවත කිසිදා මේ සීතල ජනශූන්‍ය අපාය වෙත පැමිණිමේ උවමනාවක් ඇතිවෙතැයි සිතිය නොහැක. ඉදින් රජතුමා ගේ කුළුණේ උණුසුම හා සිය සැපදායක ඇඳ මොහොතකට අමතක කර දැමූ ඔහු ප්‍රාකාරය දෙසට පිය නැගී ය.

ප්‍රාකාරයේ ඉහළ නැගීම පිණිස දැවයෙන් තැනූ පඩිපෙළක් අයිස් තුළට කාවද්දා සවි කර තිබින. කළු සොයුරන් විසින් එය පෙනෙනවාට වඩා ශක්තිමත් බව ඔහුට ඒත්තු ගන්වා තිබුනද මේ මොහොතේ ඔහු ගේ දෙපා කෙතරම් රිදුම් දුන්නේ දැයි යත් ඔහු ඉහළ නැගීමක් ගැන සිතන්නටවත් අකැමැති විය. ඒ වෙනුවට ඔහු පසෙකින් තිබුනු යකඩ කූඩුව වෙතට ගොස්, එයට ඇතුළු වී දොර වසාගෙන සීනු ලණුව තෙවරක් තදින් ඇද්දේ ය.

ඔහුට අනන්තය මෙන් දැනුනු වේලාවක් ඒ තුළ ගත කරන්නට සිදු විය. මෙසේ ප්‍රාකාරයට පිටුපා සීතල යකඩ කූඩුව තුළ තුළ බලා සිටියදී තමා මේ මොන විකාරයක් කරන්නේ දැයි ටිරියන්ට විමතියක් දැනින. අන්තිමේදී සිය හදිසි ආසාව අමතක කර දමා ඇඳට යන්නට ඔහු සිතනවාත් සමගින් හදිසි ගැස්සීමක් සමගින් කූඩුව ඉහළ නගින්නට විය.

පළමුව මඳක් ගැස්සෙමිනුත් ඉන්පසු වඩා මෘදුවත් ඔහු කෙමෙන් ඉහළ නගින්නට විය. කූඩුව එහා මෙහා පැද්දෙන්නට වූ අතර ඔහු යකඩ කූරු වටා දෑත් යවා තදින් අල්ලා ගත්තේ ය. සිය අත්වැසුම් අතරින් පවා යකඩ කූඩුවේ ලෝහවල සීතල ඔහු ගේ අත්වලට දැනෙන්නට විය. මොරෙක් විසින් සිය කාමරයේ ගින්නක් දල්වා තිබුනු නමුදු අණදෙන නිළධාරිතුමා මේ වන විටද නින්දට ගොස් ඇති බැව් ඔහු ‍ගේ අඳුරු කාමරය දෙස බැලූ ටිරියන් වටහා ගත්තේ ය.

ඊළඟ මොහොතේ ඔහු කුළුණුවලට ඉහළින් උඩට ඇදෙමින් සිටියේ ය. ඔහුට පහළින් සඳ එළියේ නෑවුනු කළු බලකොටුව පැහැදිලිව දර්ශනය විය. එය කෙතරම් දරදඬු ද, කෙතරම් හිස් ද යන්න මෙහි සිට මනාව නිරීක්ෂණය කල හැකි විය. කවුළු නොමැති මුර අට්ටාල, බිඳ වැටෙමින් පවතින බිත්ති, කැඩී බිඳී ගිය ගල්වලින් පිරුනු අංගන ආදී මේ සියල්ලක්ම ඔහු හොඳින් දුටුවේ ය. ඈතින්, රජමාවතේ ලීග බාගයක් දුරින් පිහිටි මෝල්ස් ටවුන් නම් කුඩා ගම්මානයේ එළි ඔහු දුටුවේ ය. සඳ එළියේ රිදී පැහැයෙන් දිදුලන අතරින් පතර කඳු මුදුන්වලින් ඇරඹී පහළට ගලා යන දියදහරා ඔහු දුටුවේ ය. මේ හැරුනු විට අන් සියල්ල සීතල සුළං හමන කඳුවලින් හා ගලින් පිරීගිය භූමියෙන් යුතු වූ අතර ඒ සියල්ල හිමෙන් වැසී තිබින.

අන්තිමේදී ඔහුට පිටුපසින් ගොරෝසු කටහඬක් ඇසින. "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! ඒ කුරුමිට්ටා." කූඩුව ඉහළ නැගීම නැවතුනු අතර සුළඟ නිසා ඉදිරියටත් පසුපසටත් පැද්දෙමින් නැවතී තිබින.

"ඉතින් එයාව එළියට ගනිං මෝඩයෝ." අමනාපයෙන් කල ගෙරවිල්ලක් හා මහත් ශබ්ද රැසකින් පසු කූඩුව පැත්තකට ගමන් කර ප්‍රාකාරය මත නතර විය. කූඩුවේ සෙලවීම නතර වූ පසු දොර ඇරිය ටිරියන් හිම මතට පිනී ය. කළු ඇඳුමින් සැරසුනු රුවක් දබරය වෙතට බර වී සිටි අතර තවත් කෙනෙක් කූඩුව අල්ලාගෙන සිටියේ ය. ඔවුන් ගේ මුහුණු ලොම් රෙදි කඩකින් වැසී තිබුනු අතර දෑස් පමණක් පිටතට දිස් විය. "ඔබට මොකක්ද ඕන කරලා තියෙන්නෙ මේ මහ රෑ ජාමෙ?" දබරය අසල සිටි තැනැත්තා ඇසී ය.

"අන්තිම පාරට ප්‍රාකාරය බලන්ට."

මිනිසුන් දෙදෙනා බැල්මක් හුවමාරු කරගත්හ. "ඕන දෙයක් ඕන තරමක් බලාගන්න එකයි ඇත්තෙ. ඒ වුනාට පරෙස්සමින් පුංචි මිනිහෝ! වැරදිලාවත් පහළට වැටෙන්ටනං එපා. නාකි වලහා අපේ හම ගලවයි." විශාල දොඹකරය පාමුල දැවයෙන් නිම කල කුඩා මඩුවක් විය. මිනිසුන් විසින් එහි දොර ඇරිය විට ගිනිකබලකින් නික්මුනු දීප්තියක් නොමැති ආළෝකයක් දිස් වූ අතර කුඩා උණුසුම් සුළං රැල්ලක් පිටතට හමා ආවේ ය. ඊළඟ මොහොතේ ඔවුන් දෙදෙනා මඩුව ඇතුළට ගිය අතර ප්‍රාකාරය මත ඉතිරිව සිටියේ ටිරියන් පමණි.

ප්‍රාකාරය මුදුනේ අත්‍යන්තයෙන්ම සීතල වූ අතර සුළඟ ද අතිශයින් දැඩි විය. එය රජමාවතටද වඩා පුළුල් වූ නිසා බිමට වැටීම ගැන ටිරියන්ට බිය වීමට හේතුවක් නොවීය. එනමුදු එය ලිස්සන සුළු වූ අතර අනතුරුදායක විය. කළු සොයුරන් විසින් ඇවිදීම පහසු වීම පිණිස ගල් කැබලිති ඒ මත අතුරා තිබුනු නමුදු අනවරත පිය ගැටීම නිසා ඒවා ගිලා බැස ගොස් ඒ මත අයිස් බැඳී තිබින. එසේ වුවද එය ඇවිදීමට නොහැකි තරමේ නරක තත්ත්වයක් නොවී ය. යා යුත්තේ කවර පැත්තකටදැයි නිශ්චය කරගනු වස් ඔහු වරක් නැගෙනහිර දෙසත් ඉන්පසු බටහිර දෙසත් බැලුවේ ය. ඒ දෙපසටම ප්‍රකාරය අගක් මුලක් නැති සුදු පැහැති මාවතක් මෙන් අනන්තය දක්වා ඇදී ගොස් දෑස් මානයෙන් නොපෙනී ගියේ ය. කිසිදු විශේෂිත හේතුවක් නැතිවුවද බටහිර දෙසට යාම ‍තෝරා ගත් ටිරියන් උතුරු පැත්තට බරව අලුතින් ගල් අතුරා තිබුනු අඩි පාර ඔස්සේ සෙමින් පිය මැනී ය.

අධික ශීතය නිසා ඔහු ගේ නිරාවරණ දෙකම්මුල් රත් පෑ වූ අතර තබන තබන පියවරක් පාසා දෙපා කෙඳිරිලි හඬ නගන්නට විය. එනමුදු ටිරියන් එය නොතකා හැරියේ ය. හිටිහැටියේම කටහඬක් හඬගෑවේ ය. "කවුද ඔය යන්නෙ? ඔහොම නවතිනවා."

"ටිරියන් නැවතුනේ ය. "ගොඩක් වෙලා මෙහෙම නැවතිලා හිටියොත් මාව මෙතනම ගල් වෙයි ජොන්." ඔහු කීවේ ය. අඳුරු පැහැ පොදියක් නිහඬවම ඔහු දෙසට පිය මැන ඔහුව ඉව කර බැලී ය. "හෙලෝ ගෝස්ට්!"

ජොන් ස්නොව් ඉදිරියට ආවේ ය. සිරුර වටා ඔතන ලද සම් හා ලොම් ඇඳුම් නිසා ඔහු වඩා විශාල මිනිසකු ලෙසින් පෙනින. "ලැනිස්ටර්." ඔහු කිවේ මුව වසා සිටි රෙදි කඩ පහළට අදිමිනි. "මේ තමා මම ඔබව දකින්ට බලාපොරොත්තු නොවෙච්චම තැන." ඔහු තමන්ටත් වඩා උසැති හෙල්ලක් අතින් දරා සිටි අතර ඉණෙහි අසිපතක් ද පැළඳ සිටියේ ය. ඔහු ගේ පපුව හරහා කළු පැහැ යුධ හොරණෑවක් එල්ලා තිබින.

"මේ තමා මමත් මාව දකින්ට බලාපොරොත්තු වෙන අන්තිම තැන. මට හදිසි ආසාවක් ආවා උඩට ඇවිල්ලා බලන්ට. මම ගෝස්ට්ව ඇල්ලුවොත් ඌ මගේ අත හපයි ද?"

"මම මෙතන ඉන්න නිසා එහෙම වෙන එකක් නෑ."

ටිරියන් වෘකයාගේ කණ පිටුපසින් වූ සුදු පැහැ ලොම් අතගෑවේ ය. ඒ රතු පැහැ දෑස් උදාසීන අයුරින් ඔහු දෙස බලා සිටියේ ය. මේ සතා මේ වන විට ඔහු ගේ පපුව තරම් උසට වැඩී තිබින. තවත් අවුරුද්දක් ගිය තැන ඌ දෙස බැලීමට තමාට උඩ බැලීමට සිදු වනු ඇතැයි ටිරියන් කල්පනා කලේ ය. "උඹ මොනාද මේ මහ රෑ මේක උඩට වෙලා කරන්නෙ?" ඔහු ඇසී ය.

"මට මුර සංචාර කරන්ට සිද්දවුනා. ආයෙමත්. සෙර් ඇලිසර් මට බොහොම ආදරෙන් ඒ ගැන හොයලා බලනවා. එයා හිතනවා ඇති මම රැයෙන් බාගයක් ඇහැරිලා හිටියහම උදේ සරඹ පුරුදු වෙද්දී නිදා කිරා වැටෙයි කියලා. තවම නං මට එයාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්ට බැරි වුනා."

ටිරියන් නියෙවුවේ ය. "ගෝස්ට් තාම සර්කස් ඉගෙන ගත්තෙ නැද්ද?"

"නෑ." ජොන් සිනාසුනේ ය. "ඒ වුනත් අද උදේ ග්‍රෙන්ට පුළුවන් වුනා හෝල්ඩර් එක්ක සටන් කරද්දී තනියම අල්ලන් ඉන්ට. අනික පිප් ඉස්සර වගේ දැන් නිතරම එයාගෙ කඩුව වට්ටගන්නෙ නෑ."

"පිප්?"

"එයාගෙ ඇත්ත නම පිපර්. අර ලොකු කණ් දෙකක් තියෙන පුංචි කොල්ලා. එයා දැක්කා මම ග්‍රෙන්ට උදවු කරන හැටි. ඉතිං එයා මගෙන් උදවු ඉල්ලුවා. තෝර්න් එයාට උගන්නලා නෑ කොහොමද හරියට කඩුවක් අල්ලන්නෙ කියලවත්." ඔහු උතුරු දෙස බැලුවේ ය. "මට හැතැප්මක් මුර කරන්ට තියෙනවා. ඔබට පුළුවන්ද මගෙත් එක්ක ඇවිදින්ට?"

"උඹ හෙමින් ඇවිදිනවා නං."

"මුරේ අණදෙන නිළධාරියා කිවුවා මම අනිවාර්යයෙන්ම ඇවිදින්ට ඕනයි කියලා. ඒකෙන් මගේ ලේ මිදෙන්නෙ නැතුව තියෙනවලු. හැබැයි එයා කිවුවෙ නෑ කොච්චර හයියෙන් ඇවිදින්ට ඕනද කියලා."

සුදු පැහැ සෙවනැල්ලක් මෙන් පසෙකින් පිය මනිනා ගෝස්ට් ද සමගින් ඔවුහු ඇවිදින්නට වූහ. "මම හෙට උදේ යනවා." ටිරියන් කීවේ ය.

"මම දන්නවා."

"දකුණට යන අතරමගදි වින්ටර්ෆෙල්වල නවතින්ට මම හිතාගෙන ඉන්නවා. ඔබට මොනා හරි පණිවුඩයක් එහෙම දෙන්ට තියෙනවා නං..."

"රොබ්ට කියන්ට මම නිශා රැකුමෙ අණදෙන නිළධාරියා වෙලා එයාව ආරක්ෂා කරනවා කියලා. ඒක නිසා එයාට පුළුවන් ගෑනු ළමයි එක්ක එකතුවෙලා මැහුම් ගෙතුම් වැඩ කරගෙන ඉන්ට. මික්කෙන්ට පුළුවන් එතකොට එයාගෙ කඩුව උණු කරලා අශ්ව ලාඩං හදන්ට."

"උඹේ සහෝදරයා මට වඩා ගොඩක් විශාලයි." ටිරියන් සිනා මුසු මුහුණින් යුතුව කීවේ ය. "මට මරණය ගෙන දෙන්ට පුළුවන් විදියේ පණිවුඩ බාර දෙන එක මම ප්‍රතික්ෂේප කරනවා."

"රිකන් අහයි මම කවදද ආපහු එන්නෙ කියලා. ඔබට පුළුවන් නම් එයාට තේරුම් කරලා දෙන්ට මම කොයි වගේ තැනකටද ගිහින් තියෙන්නෙ කියලා. එයාට කියන්ට මම නැති නිසා එයාට මගේ දේවල් හැම එකක්ම ගන්ට පුළුවන් කියලා. එයා ඒකට කැමැති වෙයි."

අද දිනයේ මිනිසුන් ඔහුගෙන් බොහෝ දේ ඉල්ලා සිටින බව ටිරියන්ට සිතින‍. "උඹ දන්නවද? උඹට පුළුවන් ඔය ඔක්කොම ලියුමක ලියන්ට."

"රිකන්ට තාම අකුරු කියවන්ට බෑ. බ්‍රැන්..." ඔහු හදිසියේම නැවතින. "මට තේරෙන්නෙ නෑ බ්‍රැන්ට මොන වගේ පණිවුඩයක්ද යවන්ට ඕන කියලා. එයාට උදවු කරන්ට ටිරියන්."

"මම කොහොමද එයාට උදවු කරන්නෙ? එයාගෙ වේදනාව නැති කරන්ට මම මේස්ටර් කෙනෙක් නෙවෙයි. එයාගෙ කකුල් දෙක ආපහු දෙන්ට මම මන්තර දන්නෙ නෑ."

"මට උදවු ඕන වුන වෙලාවෙ ඔබ මට උදවු කලා."

"මම උඹට මොකුත් දුන්නෙ නෑ. වචන විතරයි."

"එහෙමනං ඉතිං, බ්‍රැන්ටත් ඔබේ වචන වලින් උදවු කරන්ට."

"උඹ ඔය කියන්නෙ කොර ගහන මිනිහෙකුට ගිහිල්ලා අබ්බගාතයෙකුට නැටුම් පුරුදු කරන්ට කියලයි. පාඩම කොච්චර අවංක වුනත් බලන් ඉන්න එකාට පේන්නෙ ඒක හරි විකාරයක් කියලා. කොහොම වුනත් මම දන්නවා සහෝදරයෙක් ගැන තියෙන ආදරේ කොහොම එකක් ද කියලා ස්නොව් උතුමානනි. මට පුළුවන් විදියේ හැම උදවුවක්ම මම බ්‍රැන්ට දෙන්නම්."

"බොහොම ස්තූතියි ලැනිස්ටර් උතුමානනි." සිය අත්වැසුම ගැලවූ ජොන් අත දිගු ක‍ලේ ය. "යාළුවො." ටිරියන්ට සිය සිතේ කුමක්දෝ අනුකම්පාවක් ඇති වෙනු දැනින. "මගේ නෑයො ගොඩක් එවුන් අවජාතකයො තමා. ඒ වුනත් උඹ තමා මගේ පළවෙනි අවජාතක යාළුවා." දතින් සපා සිය අත්වැසුමක් ගැලවූ ටිරියන් ස්නොව්ට අතිනත දුන්නේ ය.

ඔවුන් දෙදෙනා නැවත ඇවිදින්නට පටන් ගත්හ.

ප්‍රාකාරයේ සිට අඩ මයිලයක දුරක් යන තෙක් උතුරු දෙසට වූ වනාන්තරය කළු සොයුරන් විසින් ආරක්ෂාව උදෙසා සුද්ද කිරීම සිරිතක් විය. සියවස් ගණනාවක් තිස්සේ අයන්වුඩ්, මුරකරු හා ඕක් වදුලු කපා බිම හෙලා තිබුනෙන් කිසිදු සතුරෙකුට නොපෙනී පැමිණිය නොහැකි හිස් අවකාශයක් නිර්මානය වී තිබින. එනමුදු ප්‍රධාන බලකොටු තුන අතරතුර මේ හිස් අවකාශය වනාන්තරය විසින් නැවත ආක්‍රමණය කෙරෙමින් පවතින බැව් ටිරියන්ට අසන්නට ලැබී තිබින. එසේ වුවද කළු බලකොටු‍වේ දැව අවශ්‍යතාව අතිමහත් වූ නිසා කළු සොයුරන් ගේ පොරෝ පහරින් වනාන්තරය තව දුරටත් ප්‍රමාණවත් තරමින් මැඩී තිබින.

කෙසේ වුවද වනාන්තරය එතරම් ඈතක නොවී ය. ප්‍රකාරය මුදු‍නේ සිටි ටිරියන්ට විවෘත අවකාශයෙන් එහා තවත් ප්‍රාකාරයක් මෙන් නැගී සිටි අඳුරු තුරුලතා පේළිය මනාව දැකගත හැකි විය. ඒ අඳුරු වනාන්තරය තුළ පොරොවක් ලෙල දී තිබුනේ ඉතා කලාතුරකිනි. එය කෙතරම් ඝනකම් තුරු වියනක් සැදුවේද යත් සඳඑළියට පවා එය පසා කර යා නොහැකි විය. මේ දැවැන්ත වෘක්ෂයෝ කිසිදිනෙකත් මිනිසකු දැක සිටියවුන් හෝ දැන සිටියවුන් හෝ නොවූහ. නිශා රැකු‍මේ සෙබළුන් එය හොල්මන් කැලෑව යනුවෙන් නම් කලේ නිකමට නොවේ.

ප්‍රාකාරය මුදුනේ සිට මේ කිසිදු ආලෝක පුංජයක් නොමැති, ඉදිකටු තුඩු වැනි සීත සුළං හමනා අන්ධකාර වනාන්තරය දෙස බලා සිටි ටිරියන්ට සිතුනේ අනික් එවුන් පිළිබඳ කියැවෙන කතන්දර මුළුමනින්ම අසත්‍ය විය නොහැකි බවකි. යක්ෂයන් හා පිශාචයන් ගැන ඔහු කරන ලද විහිළු තවදුරටත් කවට බස් නොවන බැව් ඔහුට හැඟුනි.

"මගේ බාප්පා එහෙ කොහෙ හරි ඉන්නවා." ජොන් ස්නොව් මෘදු ස්වරයෙන් තෙපලේ හෙල්ලයට වාරු වී අන්ධකාරය දෙස නෙත් යොමා සිටිමිනි. "එයාලා මුර කරන්ට මේක උඩට මාව එවපු පළවෙනි රෑ මම හිතුවා, 'අද රෑ බෙන්ජින් බාප්පා ආපහු එයි. මම තමා එයාව මුලින්ම දැකලා හොරණෑව පිඹින්නෙ' කියලා. ඒ වුනත් එයා කවදාවත් ආපහු ආවෙ නෑ. එදා රෑ ආවෙත් නෑ. වෙන කිසිම රෑක ආවෙත් නෑ."

"එයාට තව ටික කාලයක් දෙන්ට." ටිරියන් තෙපලේ ය.

ඈත උතුරේ කොහේදෝ තැනක සිටි වෘකයෙක් උඩුබුරලෑමට පටන් ගති. මඳ වේලාවකින් තවකෙක් ඊට එක් විය. ඉන්පසු තවත් එකෙක්. ගෝස්ට් සිය හිස ඇල කර ඒ හඬට සවන් දුන්නේ ය. "එයා ආයෙමත් ආවෙම නැත්තං, ගෝස්ටුයි මමයි යනවා එයාව හොයන්ට." ජොන් ස්නොව් සිය වෘකයා ගේ හිස අතගාමින් පැවසී ය.

"මම විශ්වාස කරනවා උඹ එහෙම දෙයක් කරයි කියලා." ටිරියන් පැවසී ය. 'ඒත් ඊට පස්සෙ කවුද යන්නෙ උඹව හොයන්ට?' ඔහු වෙවුලමින් තමාටම කියා ගත්තේ ය.


Jeor Mormont: “The Night’s Watch has become an army of sullen boys and tired old men.”

66 comments:

  1. ඒත් ඊට පස්සෙ කව්ද යන්නෙ උඹව හොයන්ට....????

    මං හිතන්නෙ පොඩ්ඩි අක්ක යයි...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. යන්ටෙ නෙමේද හරි වචනෙ ? :)

      Delete
    2. @ මහේෂ්,

      එහෙම අදහසක් නම් තියෙනවා මහේෂ්...:)

      Delete
    3. @ ප්‍රා & සෙන්නා,

      ඔව්ලු... හැබැයි වචනේ හදපු හැටියේ මෙතන නොඉඳ, පණ බේරාගෙන දුවන්ටලු. :D

      Delete
  2. //Jeor Mormont: “The Night’s Watch has become an army of sullen boys and tired old men.”//

    wine sodden owls?

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් දොරකඩ ගහේ වොච් ලු. දැන් ඉතින් රජ කකුල් නේ. කොහෙද මන්ද ඉන්නේ.

      Delete
    2. රජාගේ කකුල්වලලු. හීඊඊඊඊඊ....

      Delete
    3. සාධාරණ කොටාට නං කේන්ති ගියා " රජ කකුල" කතාවට. එයා කියනව බකල උනත් එයාලු රජ කකුල. මං කිව්වා " අරි, අරී ලොක්කා, අපිත් වනන්තරේ හොඳ කකුල් තමා " කියලා.

      වෘකයා , කොටාට විරිත්තුව. එයා කැමති නෑ කොටාට. ඇහුවම කිව්වෙ " නිකං එහෙන් මෙහෙන් ටච් එක දාන්න එන නිසා කියලයි. " ගහන්ට හිතෙනව බකල කකුලට පයින්. බිම වැ‍ටුනම බැරියෑ, දෙපාරක් රෝල් කරලා ගන්ට" කියල තමයි කිව්වෙ. එයාගෙත් "ට" යන්න වැඩියි. එයත් අහවල් දේශයෙන්ද මන්දා?

      Delete
  3. කස්ටියම මෙන්න මේ ටික මතක තියාගන්ට. "කොහොම වුනත් මම දන්නවා සහෝදරයෙක් ගැන තියෙන ආදරේ කොහොම එකක් ද කියලා ස්නොව් උතුමානනි. "

    හොඳට මතක තියාගන්ට.

    ReplyDelete
    Replies
    1. ඇයි අපි මතක තියාගන්නෙ? මොකද වුනේ? සහෝදරයින් ගැන ප්‍රශ්නයක්ද?

      අර මොටානෝ පොං පොං රජ පවුලේ (ඉපදුනු ගමන් ගඟේ පාකර යැවූ වගේ ) සහෝදරයෙක් කියල හොයාගත්තද?

      Delete
    2. @PoM,

      හොඳට මතක් තියාගන්නම් පොං පොං....:P

      Delete
    3. @ ප්‍රා,

      කතාවේ හැටියට පොඩි කාලේ ඉඳලම අරිෂ්ටේ පාවිච්චි කල මොටා හිතලම තමා ඔය කූඩේට පැනලා ගඟ දිගේ ගිහින් තියෙන්නේ...:P

      Delete
    4. මම කිවුවට මතක තියාගන්ටකො

      Delete
    5. හ්ම්ම්ම්ම්ම්ම් මොටත් රජ වන්ශෙද? මෙහෙම ගියොත් නම් යුවරජ පට්ටම ගන්ටත් බැරි වෙනව

      Delete
    6. කෙටල පටානෝ - නිතරම උඩ යට යානෝ...
      හිවල් මොටානෝ - ඉඳගෙන රට පටලානෝ...
      ගෝඩා වෙදානෝ - එතකොට කුමක් කරානෝ...
      බකුසු මොටානෝ - සමගින් කසියා බෙදානෝ...

      // හ්ම්ම්ම්ම්ම්ම් මොටත් රජ වන්ශෙද? මෙහෙම ගියොත් නම් යුවරජ පට්ටම ගන්ටත් බැරි වෙනව //

      බැරිම වුනොත් ඉතිං නයිට් වොච් එකටවත් යන්ට.. :-)

      Delete
    7. අපොයි ඔය අටමගලේට යන්ට බෑ. අපේ දේසේ කුමාරිකාවෝ ඔක්කොම දිවි නහ ගනී.

      Delete
  4. මේ දවස්වල කොච්චර වැඩද කිව්වොත් , හුස්ම වැටෙන නිසා හොඳයි නැත්නම් ඒකට වෙනම කාලයක් වෙන් කරන්න බැරිවෙනවා. මගෙ වැඩ මදිවට ඔය අනිත් අයගෙ වැඩත් " කරන්ට " උනානේ :)


    කොටස් දෙකම එකපාර කියවන එකෙත් ජොලියක් තිබුණා. කතාව එන්න එන්නම හරි සංකීර්ණ වෙනවා . ඒ නිසා කමෙන්ට් කරන්න අදහස් ගලපන්න අමාරුයි. බලාගෙන යනකොට ටිරියන්ගෙ හොඳ ගතිගුනත් තියෙනවා වගේ.......

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා කමෙන්ට් කරන්න අදහස් ගලපන්න අමාරුයි//

      එහෙමත් ඕනැද සින්හසොන්යාවිය?
      මේ අපි, (ගෝඩාකාරයන්, නරින්, උපසාන්තුවරුන් et al) කමෙන්ට්කරන්නෙ කියවන්නෙත් නැතිව. නොගැලපෙන තරමට තමයි ජොලි. මෙතන කමෙන්ට් කිරීමට අවශ්යවන්නේ වයර්වල පොඩි ශෝට් වීමක් සහ ( සමහරුන්ට ) ගෝඩා නිශ්පාදන පාවිච්චිය පමණයි.

      Delete
    2. කොටිම්ම මේ කතාව කියවන්නෙ ලියන උං දෙන්න විතරමයි.

      Delete
    3. හී...හී...ටයනිට නම් ඒකටවත් වෙලා නෑලු.

      Delete
    4. @සෝන්යා,

      අන්න එක්කෙනෙක් බනිනවා ඔයාගේ වැඩ කරනකල් හොඳයිලු. අහු වුනොත්
      ටොක්කක් අනිනවලු. ඔය කොහේ හරි යන්ට අදහසක් තියෙනවානම්, දැන්මම අල්ලලා දාන්ට සෝන්යා...:P

      Delete
    5. @සෝන්යා,

      තව එක්කෙනෙක් තව කතාවක් කීවනේ. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා. එයාටත් සෝන්යා උදව් කලාලු දුවලා, පැනලා. මේ ඔයාට වැඩ වැඩි ඇයි කියලා ඔන්න දැන් කට්ටියම දන්නවලු. කොහෙන්ද අනේ ඔය හැන්ඩි කොල්ලෝ හොයාගන්නේ. :D :D

      (ඉතාමත් දුකෙන් ) අනේ අපිටත් ඔය වගේ පින්බර දේශයක ඉන්ට වාසනාව නැති වුනානේ...එයාට මෙසේජ් යැව්වොත් (මම කීවේ ඉතින් ඔය ලැබිලා තියෙන ඔක්කොම ෆෝන් නොම්මරවලට ) එයාලත් උත්තර එහෙම දෙයිද? :P

      Delete
    6. @ප්‍රා,

      මම එක්කෙනෙක්ව අල්ලගන්ට ඉන්නේ ටයනු දේශේ පැත්තේ ආවාම. භූමි කම්පා, සුළි සුලං වගේ දේවල් කොච්චර හොඳද කියලා එතකොට හිතෙයි. :P

      Delete
    7. @ pods,
      අපොයි ඔබතුමී වගේ පින්බරම බර උත්තමාවියක් ඒවගේ twisted දේවල් හිතන්නවත් හොඳ නෑ.
      ඔය නරි සහ අනිත් සත්තු බිරුවට ටයනුරට කඳු කඩා වැටෙන්නෙ නෑනෙ

      Delete
    8. ඒ පාර බරම බර උත්තමාවියක් විදියට නමක් හැදුවා නේද? ඔන්න හුළඟ හමන්ට ලෑස්තිලු. කඳු වැටෙන එකක් නෑ. හැබැයි ගල් මුල් පෙරලගෙන යයි. කැලේ සත්තුන්ට මොනා වෙයිද කියලා කියන්ට බෑ. අනේ අහිංසක පක්ෂියා....:D

      Delete
    9. ඌත් හොඳට පින් බරට හිටියොත් ගහගෙන යන එකක් නෑ

      Delete
    10. @ පොඩ්ඩි ,

      මේ ඔයාගේ වැඩ කරන්න ගිහින් මට ටොකුත් කන්න වේවි වගේ. හුහ් මගේ වැඩේ මොකක්ද දන්නෙ නැහැනේ මමවත් නොදන්න :)

      මගේ යාලුවෝ ඔක්කොම හැන්ඩිකොල්ලො තමයි හොඳේ ඔයත් ලංකාවට ආව වෙලාවක අදුන්වල දෙන්නම්.....

      Delete
    11. @ Pra Jay ,

      ඔව් ඔව් මටත් පේනවා සමහ කමෙන්ට් " යන්නෙ කොහෙද- මල්ලෙ පොල්" වගේ කියල

      Delete
    12. @ Pra Jay

      නිකං බයානක ගෙරවිල්ලක් වගේ එකක් ඇහුනෙ නැත්ද ආයිබෝං? මම ඔහේ නං. කකුල් හතරට වැඳ වැඳ , දෙනව හුරේ රන් එකක් :)

      Delete
    13. @ පින් "බර" ආර්යාව

      ටයනු දේසෙට එන සියලුම සුලිසුලන්, භූමි කම්පා, අනුකම්පා, ගිනි කඳු සඳහා මට බදු ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්ට.

      @ PJ

      නරියා පැවසුවා සේ දැන්ම දුවන්ට පටන් ගන්න එක හොඳයි. ඔය සුළි සුලන් වලින් ගොරිල්ලන්ට අපල ලු


      Delete
    14. @PoM
      Sasquatch තාම හොයා ගන්න බැරි වුනේ ඔය ටයනු කුණාටුවල බයේ ඌ හැංගිලා නිසාද?

      Delete
    15. අනේ නෑ සේර් quatch අන්න වැටිලා ඉන්නවා වාඩියේ. මම කියුව ඕකට ගෝඩා ගහන්ට එපා පෙරනකල් හිටු කියල. ඇහුවේ නෑනේ

      Delete
  5. අද කන්ට මොකුත් නෑ.හරිම බඩගිනියි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ට හැලපේ. ගෝඩා ආව හැටියේ කන්ට කෙසේ වෙතත් අරිෂ්ටේ හම්බ වෙයි.

      Delete
    2. අප්පටසිරි මං හිතං හිටියෙ අපි වගේ පිස්සුවට විතරයි මෙතනට එන්නෙ කියල, බැලුවහම බඩගින්නට එන එවුනුත් ඉන්නව.
      නුදුරු අනාගතයේ මේක කියවන්නත් කවුරු හරි එනලෙස ප්‍රාර්තනා කරනව

      Delete
    3. ඒ කීවේ බඩගිනි වැඩිවෙන්ට ප්‍රාර්තනා කරනවලුද? :P

      Delete
    4. නෑ.
      දැනට ඉන්න ගෝඩකයන් හා විකාරකයන්ට අමතරව කවද හරි පාඨකයන් හා විචාරකයනුත් මෙතනට එයි කියල

      Delete
    5. //..මේක කියවන්නත් කවුරු හරි....//

      චෑ, චෑ ඒම කියාන්ට එපා. දැන්, බලා...න්ට අපේ හැලප කඩේ මුදලාලි මේක කියෝනව. තව.. අර අපායට අධිපති උන්නාන්සෙ, වලිසිංහ නෝනා එහෙමත් කියෝනව. දැන් එතනම.. තුනයි නෙව :)

      Delete
    6. හී..........හා...........

      සේර් බුර් , කොපි පේස්ට් වාරණය අයින් කරලා. දැං දෙඤ්ඤංකො රම්පෙට පොරි හැලෙන්න

      Delete
    7. මමත් කියවනවා උදැල්ල දාන්ට තැනක් හොයාගන්ට.

      ඔය බඩගිනි ළමයි ටික ආවනම් පෙළක් හැදිලා.

      Delete
    8. //කොපි පේස්ට් වාරණය අයින් කරලා// :O

      මට පේන්නේ මෙතන ඉන්න කට්ටිය දැකලා බූරත් මඤ්ඤං වෙලා වගේ... :D

      Delete
    9. //....එහෙමත් කියෝනව. දැන් එතනම.. තුනයි නෙව //

      4 යි. අර බස්තුමාත් කියවනව කියල තියෙන්නෙ. බුරෝදිපතිතුමා ඒක විස්වාසකරල ඉස්තුතිත් කරල !!

      Delete
    10. @ PoM
      උදැල්ලෙන් කොහොමද අපේ බඩගිනි නිවන්නෙ?

      බතල හාරනවා වෙන්ටෑ ? :p

      Delete
  6. ටිරියන්ගෙ චරිතය තේරුම් ගන්න අමාරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. මිනිහා ටිකක් එක විදියක පොරක්..

      Delete
  7. ඔය කොටා කපටියා,එකේ දෙකක් නැහැ. පොං පොං අයියා කිව්වා වගේ ඕකා ස්ස්ස්ස් ර්පයා..:D

    ReplyDelete
    Replies
    1. කපටියා වුනාට බුවා සාධාරණ බුවා.. 'වලි නම් වලි' ජාතියෙ බුවෙක්..

      Delete
    2. @මනෝජ්,

      පොං පොං අය්යාගේ ලැබ් එකේ ඉන්නෙත් සර්පයෝ, පිඹුරෝලුනේ. ඉතින් එයා හොඳට දන්නවා ඇති සර්පයෝ ගැන. මම මේ කල්පනා කෙලේ පොං පොං අය්යා සිංදු කියනකොට ඒ අහිංසක සත්තුන්ට දුවන්ට තැනක් නෑ නේද කියලා. :D

      Delete
    3. සර්පයෝ දුවන්නේ කොහොමද පොඩ්ස්?
      ඔය රටේ සර්පයෝ දුවනවලු ද ?

      Delete
    4. ඒ රටේනම් සර්පයෝ පොඩ්ඩි සිංදු කියන කොට දුවනවා ලු :D
      පොං පොං අයියා සිංදු කියන කොට උන් පියාඹනවා ඇති.:P

      Delete
    5. අපි සින්දු කියනකොට ඔය නෙවයි අනික් සත්තුත් නටනවා හෝ ගාලා. වෙන එකක් තියා culture වල ඉන්න cells පවා නටනවා හරිය.

      Delete
  8. ටිරියනුයි ස්නොව්යි යාළුවො උනා එහෙනම් ඈ... හොඳා හොඳා

    ReplyDelete
    Replies
    1. බලමුකො යාළුවො දෙන්නා ඉස්සරහට මොනා මොනා කරයිද කියලා..

      Delete
  9. මොන එකක්ද මන්දා , මං කැමතිම මේ අයිස් ප්‍රාකාරය ගැන කියවෙන පෝස්ට් වලටයි. කෑම , බීම ගැන තියෙන පෝස්ට් වලටයි තමා.

    අපේ කඩ්ඩ කොහොමත් ටිකාක් ඉතර මළකඩ කාලා නෙව තියෙන්නෙ. පොත කියෙව්වට අර පොඩි, පොඩි විස්තර ( © ගෝරිල්ලා) කෙලින්ම ජීරණය වෙන්නෙ නෑ. මෙහෙම සිංහලෙන් කියවනව නේද? අයෙ වදිනව කෙලින්ම බොක්කටම.

    කැමති නං ලියන කස්ටියට , මේක " වහෙන් ඔරෝ" ඉස්තූතියක් විදිහට ලකුණු කරගත්තට කාරි නෑ :)

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනං ඉස්තූතියට ඉස්තූතියි කිවුවා.. :-)

      Delete
    2. අනේ බූරෝ ඔය කපටි බස්සට රැවටෙන්ට එපා අප්පා....:D

      Delete
    3. බස්ස බටර් ගාන්නේ හොඳකට නෙවෙයි වගේ.

      Delete
    4. //බස්ස බටර් ගාන්නේ // කෙලින්ම ජීරණය (© bassa) වෙන්නෙ නැති නිසා

      Delete
  10. තාම ප්‍රාකාරෙට නැඟලා චූ කලේ නෑ නේද..? මම හිතුවේ ටිරියන් කිව්ව වගේ එහෙම කරයි කියලා... මේ ප්‍රාකාරේ කොච්චර උසද ඇත්තටම..?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එක කොච්චර ජොලිද කියල මගෙ බ්ලොග් එකේ අන්තිම කතාවෙන් පෙනෙයි..

      Delete
    2. බුවා අපට හොරෙන් චූ කලාද දන්නෙ නෑ නේ.. ප්‍රාකාරෙ අඩි හත්සීයක් විතර උසයි කියලා තමා පොතේ කියන්නෙ..

      @ සරත්,

      එහෙමලු ද?

      Delete
    3. @සරත්,

      හී හී....පෙණුනා. පෙණුනාලු. අලුත් වචන ගොඩකුත් ඉගෙන ගත්තලු.

      Delete
    4. බය නැද්ද හැබෑට ?

      Delete
  11. Wow this is some good translation. A commendable effort but isn't the series too long ?
    very amusing comments too.

    ReplyDelete