වදන් මාලාව

  1. අයන්වුඩ් - (Ironwood) ගස් වර්ගයකි.
  2. අනෙක් එවුන් - (The Others) ප්‍රාකාරයට ඔබ්බෙන් සදාකල්හිම හිමෙන් මිදුනු දේශයේ ජීවත් වූ දැන් වඳවී ගොස් ඇතැයි සැලකෙන (මානව?) ජීවී කොට්ඨාසයකි.
  3. අන්දාල්වරුන් - (Andals) එස්සොස්හි සිට වෙස්ටෙරෝස්වලට සංක්‍රමණය වූ ජන කොට්ඨාසයකි.
  4. ආර්කන් - (Archon) ටයිරෝෂ් නගරයේ නගර පාලක තනතුර.
  5. අෂයී - (Asshai) එස්සොස්හි නැ‍ගෙනහිර දෙසට වන්නට පිහිටි ගුප්ත දේශයකි.
  6. ඇම - (The Bite) වෙස්ටෙරොස්හි නැගෙනහිර මුහුදු තීරයේ ඇති මුහුදු බොක්කකි.
  7. අසරු පොරය - (Jousting) නයිට්වරුන් දෙදෙනෙකු අසුන් අරා ලන්සයෙන් සටන් කිරීම.
----------------------------------------------------

  1. ඉත්ත වැල් - (Ivy)
  2. ඉබ්න් - (Ibben) එස්සොස්වලට උතුරින් පිහිටි දූපතකි.
----------------------------------------------------

  1. එස්සොස් - (Essos) වෙස්ටෙරෝස්වලට නැ‍ගෙනහිරින් පිහිටි මහද්වීපයකි.
----------------------------------------------------

  1. ඔරොක්ස් - (Aurochs) සුවිශාල වල් හරක් විශේෂයක්.
----------------------------------------------------

  1. ඛලසාර් - (Khalasar) ඩොත්රැකි හමුදාවක් මෙනමින් හැඳින්වේ. මෙයට සෙබළුන් ද, ඔවුන් ගේ බිරියන්, දරුවන්, සතුන් රංචු සියල්ලක්ම අයත් ය.
  2. ඛාල් - (Khal) ඛලසාර් එකක නායකයා.
  3. ඛලීසි - (Khaleesi) ඛාල් කෙනෙකු ගේ බිරිඳ.
  4. කවට කුරුල්ලා - (Mockingbird)
----------------------------------------------------

  1. ඝෝරවෘකයා - (Direwolf) සාමාන්‍ය වෘකයෙකුට වඩා විශාලව වැඩෙන වෘක විශේෂයකි. අතීතයේ බහුලව සිටියද දඩයම් කිරීම නිසා වඳ වී ගොස් ඇතැයි සැලකේ.
  2. ගංගා ත්‍රිශූලය - (The Trident) ගංගා තුනක් (කොළ ගංගාව, නිල් ගංගාව හා රතු ගංගාව) එක් වන තැනකි.
  3. ගිම්හාන දූපත් - (Summer Isles) වෙස්ටෙරෝස්වලට දකුණින් පිහිටි දූපත් සමූහයකි.
  4. ගරාදි පැලැල්ල - (Portcullis) බලකොටු දොරටුවල ආරක්ෂාව පිණිස ඇත.
----------------------------------------------------

  1. ජේඩ් මුහුද - (Jade Sea) එස්සොස් වලට දකුණු පසින් පිහිටි මුහුදකි.
----------------------------------------------------

  1. ටයිරෝෂ් - (Tyrosh) එස්සොස්හි බටහිර සීමාවේ පිහිටි නිදහස් වෙළෙඳ නගරයකි.
----------------------------------------------------

  1. ඩොත්රැකි - (Dothraki) එස්සොස්හි වෙසෙන සංචාරක ජන කොට්ඨාසයකි. රණකාමීන් ය. අස් හිමියන් ය. සටන්වලින් පරදිනවුන් වහලුන් වශයෙන් විකුණති.
  2. ඩනේරිස් ස්ටෝර්ම්බෝර්න් -  (Daenerys Stormborn) ඇය ඉපදුනේ කුණාටුවක් මධ්‍යයේ නිසා ඇයට මෙම නම ව්‍යවහාර කෙරේ.
  3. ඩොෂ් ඛලීන් - (Dosh Khaleen) වයෙස් ඩොත්රැක්වල වාසය කරන සැමියන් මියගිය ඛලීසින්ගෙන් සැදුනු කණ්ඩායමකි. පේන කියන්නියන් හා නිමිති තෝරන්නියන් වශයෙන් සේවය කරති.
  4. ඩොක්රැකි මුහුද - (Dothraki Sea) ඩොත්රැකි තැනිතලාව.
----------------------------------------------------

  1. දෙව්වනය - (Godswood) බලකොටුවක් තුළ පිහිටි කුඩා වනරොද. දෙවියන්ට යාඥා කිරීම සඳහා උතුරුකරයේ වැසියන් විසින් භාවිත කෙරෙති.
  2. දඩබල්ලා - (The Hound) සැන්ඩෝර් ක්ලිගේන් ගේ අන්වර්ථ නාමය
----------------------------------------------------

  1. නිශා රැකුම් බලකාය - (Night's Watch) ආරක්ෂක බලකායකි.
  2. නිදහස් නගර - (Free Cities) එස්සොස්හි බටහිර සීමාවේ පිහිටා ඇති වෙළෙඳ නගර නවයකි. බ්‍රාවොස්, පෙන්ටොස්, නොර්වොස්, ලෝරාත්, ක්වොහොර්, ම(ර්), ටයිරොෂ්, ලයිස් හා ‍වොලන්ටිස්.
  3. නිකැලැල් බලකාය - (The Unsullied) නපුංසක සෙබළුන්ගෙන් සැදි යුධ බලකායකි. පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
----------------------------------------------------

  1. ප්‍රාකාරය - (The Wall) අඩි හත්සීයක් උසැති අයිස්වලින් සැදුනු තාප්පයකි. රාජධානියේ උතුරු මායිම ආරක්ෂා කරයි.
  2. පටු මුහුද - (The Narrow Sea) වෙස්ටෙරෝස් හා එස්සොස් අතර වූ මුහුදු තීරය.
  3. පොපි යුෂ - (Milk of the Poppy) වේදනාව සමනය කිරීම පිනිස දෙන ඔසුවකි.
  4. පෙන්ටොස් - (Pentos) එස්සොස්හි බටහිර සීමාවේ පිහිටි නිදහස් වෙළෙඳ නගරයකි.
----------------------------------------------------

  1. ‍බෙල්ල - (The Neck) වෙස්ටෙරොස්හි උතුර හා දකුණ වෙන් කෙරෙන පටු ගොඩබිම් තීරුව.
  2. බේලර් ගේ සප්තකය - (The Great Sept of Baelor) කින්ග්ස් ලෑන්ඩින්ග්හි ප්‍රධානම සප්තක දේවස්ථානය.
----------------------------------------------------

  1. ‍මුරකරු වෘක්ෂය - (Sentinel Tree) ගස් වර්ගයකි.
  2. මේස්ටර් - (Maester) උපදේශනය, වෙදකම, ‍ලේඛන කටයුතු වැනි දේ සඳහා මාලිගා, බලකොටුවල ඇති වෘත්තියකි.
  3. මැජිස්ටර් - (Magister) පෙන්ටොස් නගරයේ නගර පාලක තනතුර.
  4. ම(ර්) - (Myr) එස්සොස්හි බටහිර සීමාවේ පිහිටි නිදහස් වෙළෙඳ නගරයකි.
  5. මකරාවාටය - (Dragonpit) මකරාධිපතියන් විසින් සිය මකරුන් ගාල් කල ස්ථානය.
----------------------------------------------------

  1. යකඩ සිංහානය - (Iron Throne) යකඩින් තැනුනු තියුණු අසිපත් රැසක් එකතු කොට තනන ලද සිහසුනකි.
----------------------------------------------------

  1. රාජධානි සප්තකය - (Seven Kingdoms) වෙස්ටෙරෝස් මහද්වීපය රාජධානි හතකින් සැදී ඇත. වර්තමානයේ මේ හතම එකතු කර තනි රාජධානියක් ලෙසින් පාලනය කෙරේ.
  2. රතු පූජකයින් - (Red Priests) ආලෝකයේ දෙවිඳු (R'hllor) අදහන පූජකවරුන් පිරිසකි. ඔවුනට අනුව අන් සියළු ආගම් මිත්‍යාදෘෂ්ටික ආගම් වේ.
  3. රුධිරාරක්ෂකයින් - (Bloodriders) ශරීරාක්ෂකයින්, මිතුරන් හා සමීපතම සගයින් වශයෙන් ඛාල් කෙනෙකුට සේවය කරති.
----------------------------------------------------

  1. වනචාරීන් - (Wildlings) ප්‍රාකාරයෙන් එපිට දිවිගෙවන මිනිසුන්.
  2. වැලීරියාව - (Valyria) එස්සොස් මහද්වීපයේ දකුණු පස පිහිටි රාජ්‍යයකි. මුහුද ගොඩ ගැලීමක් නිසා සියවස් කිහිපයකට පෙර එහි පැවැති ශිෂ්ටාචාරය විනාශ වී ගොස් ඇත.
  3. වෙස්ටෙරෝස් - (Westeros) ප්‍රමාණයෙන් දකුණු අමෙරිකාව තරම් වන මහද්වීපයකි.
  4. වනාන්තරයේ දරුවන් - (Children of the Forest) වෙස්ටෙරෝස්වල අතීතයේ ජීවත් වූ දැන් වඳවී ගොස් ඇතැයි සැලකෙන මානව කොට්ඨාසයකි.
  5. වයර්වුඩ් - (Weirwood) ගස් වර්ගයකි.
  6. වයෙස් ඩොත්රැක් - (Vaes Dothrak) ඩොත්රැකි තැනිතලාවේ අගනුවර.
  7. විස හාදු - (Poison kisses) අලංකාර මල් පිපෙන විෂ සහිත පැලෑටියකි.
----------------------------------------------------

  1. සෙර් - (Ser) නයිට්වරයකුගේ නමට ඉදිරියේ යෙදෙන ගෞරව පදය. මධ්‍යකාලීන යුරෝපයේ Sir හා සමානය.
  2. සප්තක දේවස්ථානය - (The Sept) සත්‍ය ලබ්ධිය අදහන්නන් විසින් දෙවියන් යැදීම සඳහා භාවිත කෙරෙති.
  3. සත්‍ය ලබ්ධිය - (The Faith) රාජධානි සප්තකයේ නිල ආගමයි. ඔවුන්ට අනුව දෙවියන් ගේ සප්තාකාරයක් ඇත.
  4. සෙප්ටා - (Septa) සත්‍ය ලබ්ධික පූජකවරිය. වංශවත් පවුල්වල දැරියන් හැදී වැඩෙන්නේ හා අධ්‍යාපනය ලබන්නේ මොවුන් ගේ භාරයේ ය.
  5. සුළැඟිල්ලා - (Littlefinger) පෙටයර් බේලිෂ්. මූල්‍ය කටයුතු පිළිබඳ ඇමති හා භාණ්ඩාගාරයේ ප්‍රධානියා.
  6. සිංහ-කටුස්සා - (Lizard-lion) කිඹුලකු වැනි සත්ත්වයෙකි.
  7. සුලුප්පුව - (Sloop) නොගැඹුරු මුහුදු තරණයට භාවිත වන යාත්‍රාවකි.
  8. සොයුරියන් තිදෙනා - (Three Sisters) Sweetsister, Littlesister, Longsister ධවල වරායට පහළින් ඇම නම් මුහුදු බොක්කේ පිහිටි දූපත් තුනකි.
----------------------------------------------------

  1. හොල්මන් කැලෑව - (The Haunted Forest) ප්‍රාකාරයෙන් එපිට ඇති හිමෙන් වැසුනු වනයකි.
  2. හදවෘක්ෂය - (Heart Tree) මේ ගස්වල මුහුණු කොටා ඇත. වැඳුම් පිදුම් කිරීමට භාවිත කරති.
  3. හම්බාන - (Galley) කුඹගස් දෙකකින් යුතු කුඩා රුවල්නැවකි.
  4. හංස නෞකා - (Swan ship) මේවායේ ඇති දැවැන්ත සුදු පැහැ රුවල් නිසා මේ නම ලැබී ඇත.