පෙනුනු අන්දමට නම් ඔහු වසර ගණනාවක් තිස්සේ පහළට ඇද වැටෙමින් තිබින.
පියාඹන්ට. අඳුරේ සිටි කටහඬක් කෙඳිරුවේ ය. එනමුදු පියෑඹීම යනු බ්‍රැන් දැනසිටි දෙයක් නොවී ය. එමනිසා ඔහුට කල හැකි වූ එකම දෙය නම් පහළට වැටීම පමණි.
මේස්ටර් ලුවින් මැටියෙන් කුඩා දරුවකු ගේ රුවක් ඇඹී ය. ඉන්පසු එය දැඩි බිඳෙනසුළු තත්ත්වයට පත්වන තුරු උඳුනක ලා පිළිස්සුවේ ය. එයට බ්‍රැන් ගේ ඇඳුම් ඇන්දවූ ඔහු වහළය උඩ සිට එය පහළට වීසිකලේ ය. ඒ මැටි රුව සිඳී බිඳී ගිය අයුරු බ්‍රැන්ට තවමත් හොඳින් මතක ය. "ඒ වුනත් මම කවදාවත් වැටෙන්නෙ නෑ." ඔහු පහළට වැටෙමින් පැවසී ය.
පොළොව ඔහුට කෙතරම් පහළින් හා කෙතරම් ඈතින් තිබුනේ ද යත් ඔහු වටා ඇති ඝන මීදුම අතරින් එය හඳුනා ගැනීම දුෂ්කර කරුනක් විය. එනමුදු ඔහු කෙතරම් වේගයෙන් වැටෙමින් සිටියාද යන්න ඔහුට හැඟින. පහළ ඈත ඈත දුරින් ඔහු වෙනුවෙන් බලා සිටින්නේ කුමක්දැයි ඔහු හොඳින් දැන සිටියේ ය. සිහිනයක් තුළදී පවා යමෙකුට එක දිගටම වැටෙමින් සිටිය නොහැක. පොළොව මත පතිත වන්නට මොහොතකට පෙර සිහිනයෙන් අවදිවන බව ඔහු දැන සිටියේ ය. සාමාන්‍යයෙන් කවදාත් සිදුවන්නේ එයයි. ඔබ පොළොවේ හැපෙන්නට ඔන්න මෙන්න තිබියදී ඔබ අවදිවෙයි.
ඒක එහෙම නොවුනොත්? කටහඬ ඇසීය.
දැන් ඔහු පොළොවට වඩා සමීප ය. තවමත් සැතපුම් දහස් ගණනක් ඈත වුවද පෙරට වඩා සමීප ය. මෙහි අවට අඳුරු වූ අතර වාතය සීතල විය. ඔහුට ඉහළින් හිරු හෝ තරු හෝ නොමැති අතර අඳුරු මීදුම සහ ඔහුව සුනුවිසුනු කර දැමීමට වේගයෙන් ඉහළට එන පොළොව පමණක් ඇත. මේ සියල්ල හා අර කොඳුරන කටහඬ. ඔහුට හඬන්නට උවමනා විය.
අඬන්ට එපා. පියාඹන්ට.
"මට පියාඹන්ට බෑ." බ්‍රැන් කීවේ ය. "මට බෑ. මට බෑ."
ඔබ කොහොමද දන්නෙ? ඔබ මීට කලින් කවදාවත් උත්සාහ කර තියෙනවාද?
එම කටහඬ උස් තියුණු ස්වරයක් විය. බ්‍රැන් අවට බැලුවේ එය පැමිනෙන්නේ කොහේ සිට දැයි දැනගැනීමට ය. කපුටෙක් ඔහුත් සමග කවාකාර මගක පහළට පියාඹමින් සිටින බව ඔහු දුටුවේ ය. ඌ ඔහු ගේ අත පොවන නොපොවන මානයේ ඔහු වැටෙන වේගයෙන්ම පහළට පියාඹමින් ඔහු ව ලුහුබඳිමින් සිටිනු දුටුවේ ය. "මට උදවු කරන්ට." ඔහු කීය.
මම උත්සාහ කරනවා. කපුටා පිළිතුරු දුනි. ඔබ ළඟ ඉරිඟු ඇට ටිකක් එහෙම නැතුව ඇති නේද?
බ්‍රැන් සිය සාක්කුවට අත දැමී ය. ඔහු අත එළියට ගනිද්දී අතැඟිලි අතරින් වැටුනු ඉරිඟු ඇට අහස පුරා විසිරින. ඒවා ඔහුත් සමගම පහළට වැටෙන්නට විය.
ඔහු ගේ අත මත වැසූ කපුටා ඉරිඟු ඇට කන්නට පටන් ගති.
"ඔබ ඇත්තටම කපුටෙක් ද?" බ්‍රැන් ඇසීය.
ඔබ ඇත්තටම වැටෙමින්ද ඉන්නෙ? කපුටා පෙරලා ඇසීය.
"මේක හීනයක් විතරයි." බ්‍රැන් කීවේ ය.
එහෙමද? කපුටා ඇසීය.
"පොළොවෙ වදිනකොටම මාව ඇහැරෙයි." බ්‍රැන් කීය.
පොළොවෙ වැදුනම ඔබ මැරෙයි. කපුටා කීය. ඌ නැවතත් ඉරිඟු කන්නට පටන් ගති.
බ්‍රැන් පහත බැලුවේ ය. සුදෝ සුදු හිමෙන් වැසුනු මුදුන් ඇති කඳු දැන් ඔහුට හඳුනාගත හැක. අඳුරු වනාන්තර මැදින් ගලන රිදී රේඛාවන් බඳු ගංගාවන්ද දැන් ඔහුට හඳුනාගත හැක. දෑස් පියාගත් ඔහු හඬන්නට පටන් ගත්තේ ය.
ඒකෙන් එච්චර වැඩක් වෙන්නෙ නැති වෙයි. කපුටා කීවේ ය. මම ඔබට කිවුවනේ. එකම උත්තරය පියාඹන එකයි. අඬන එක නෙවෙයි. ඒක එච්චරම අමාරුද? මේ බලන්ට මමත් පියාඹනවා. අහසට පිනූ කපුටා බ්‍රැන් ගේ හිස වටා පියාඹන්නට විය.
"ඔබට පියාපත් තියෙනවා." බ්‍රැන් පෙන්වා දුනි.
සමහරවිට ඔබටත් තියෙනවා ඇති.
බ්‍රැන් සිය උරහිස් දෙපස අත ගා බැලුවේ පියාපත් සොයාගන්නට වෑයම් කරමිනි.
වෙනස් විදියේ පියාපත් ජාති තියෙනවා. කපුටා කීය.
බ්‍රැන් සිය දෑත් හා දෙපා දෙස බැලුවේ ය. ඔහු කෙතරම් කෙසඟද යත් ඇටකටුවලට උඩින් තිබුනේ සම පමණකි. ඔහු හැමදාමත් මෙතරම් කෙසඟද? බ්‍රැන් සිහියට නගාගන්නට වෑයම් කලේ ය. අඳුරු මීදුම අතරින් ඔහු ඉදිරියේ මුහුණක් පාවෙන්නට විය. ආළෝකයේ දිදුලන රන්වන් පැහැති මුහුණක්. "ආදරේ හන්දා මම කරන දේවල්." ඒ මුහුණ කීවේ ය.
බ්‍රැන් යටිගිරියෙන් කෑ ගැසීය.
කපුටා නැවතත් අහසට නැගින. ඒක නෙවෙයි. ඌ ඔහුට කෑ ගැසුවේ ය. ඒක අමතක කරන්ට. ඔබට දැන් ඒක උවමනා නැහැ. ඒක පැත්තකට දාන්ට. ඒක අයින් කරලා දාන්ට. බ්‍රැන් ගේ උරහිස මත වැසූ කපුටා ඔහුට කොටන්නට විය. දිදුලන රන්වන් පැහැ මුහුණ අතුරුදන් විය.
බ්‍රැන් දැන් පෙරටත් වඩා වේගයෙන් පහළට වැටෙමින් සිටියේ ය. ඔහු වටා තිබෙන අඳුරු මීදුම ඔහු ගේ දෙසවනෙහි දෝංකාර දෙන්නට විය. "ඔබ මොකක්ද ඔය මට කරන්නෙ?" ඔහු කඳුළු පිරි දෑසින් යුතුව කපුටාගෙන් ඇසීය.
පියාඹන්නෙ කොහොමද කියලා ඔබට උගන්නනවා.
"මට පියාඹන්ට බෑ!"
ඔබ දැනටමත් පියාඹමින් තමා ඉන්නෙ.
"මම වැටෙනවා!"
හැම පියෑඹීමක්ම පටන් ගන්නෙ වැටීමකින් තමා. කපුටා පිළිතුරු දුනි. පහළ බලන්ට.
"මට බයයි..."
පහළ බලන්ට.
බ්‍රැන් පහළ බැලුවේ ය. ඔහු ගේ ඇඟේ ලේ වතුර වී යනු ඔහුට දැනුනි. මේ වනවිට පොළොව ඔහු කරා වේගයෙන් ළඟාවෙමින් තිබින. මුළුමහත් ලෝකයම සුදු දුඹරු හා කොළ පැහැ ගෙත්තමක් මෙන් ඔහුට පහළින් විසිර තිබින. ඔහුට සෑම දෙයක්ම කෙතරම් පැහැදිළිව පෙනුනා ද යත් මොහොතකට ඔහුට බියවීමටත් අමතක විය. ඔහුට මුළුමහත් රාජධානියම පමණක් නොව එහි සිටින සියල්ලන්ම ද දැකිය හැකි විය.
රාජාලියකු අහසේ සිට දකින අයුරින් ඔහු වින්ටර්ෆෙල් දිටීය. පැතළි කොට කුළුණු හා කුඩා ඉරක් මෙන් දිස් වූ බලකොටු ප්‍රාකාර ඔහු දිටීය. සිය සඳළුතලයේ සිට ඔපදමන ලද පිත්තල බටයක් තුළින් අහස නිරීක්ෂණය කරන මේස්ටර් ලුවින් ඔහු දිටීය. සිය සොයුරු රොබ්, ඔහු දැක පුරුදු රොබ්ට වඩා වෙනස් උසින් හා ශක්තිමක්ව වැඩී සිටි රොබ් ඇත්තම අසිපතක් අතැතිව සෙණ්ඩුවාලුවේ කඩු සරඹ පුහුණු වනු ඔහු දිටීය. ඉස්තාලයේ වැඩ කරන යෝධ කොළුවා හොඩෝර්, කම්මල්කරු මික්කෙන්ට බාර දීම සඳහා කිනිහිරයක් කරේ තබාගෙන යන අයුරු ඔහු දිටීය. දෙව්වනය මධ්‍යයේ වූ දැවැන්ත සුදු පැහැ වයර්වුඩ් ගස කළුපොකුණේ දිස්වන සිය ප්‍රතිබිම්බය දෙස බලා සිටියේ ය. එහි රත් පැහැ කොළ සීතල සුළඟේ හෙමිහිට සැලිනි. බ්‍රැන් වැටෙනු දැනුනු එය සිය දෑස් ඔසවා අවබෝධාත්මක බැල්මකින් ඔහු දෙස බැලීය.
ඔහු නැගෙනහිර දෙස බැලුවේ ය. කුඩා රුවල් නැවක් 'ඇම' නමින් හැඳන්වෙන මුහුදු බොක්ක හරහා ගමන් කරන අයුරු ඔහු දිටීය. නැව තුළ කුඩා කුටියක සිටි සිය මව ඇය ඉදිරියේ වූ මේසය මත ඇති ලේ වැකුනු පිහියක් දෙස බලා සිටින'යුරු ඔහු දිටීය. හබල්ගාන්නන් සිය හබල් සමග පොර බදිද්දී සෙර් රඩ්‍රික් නැවු තට්ටුව මත අත්වැටට වාරු වී වෙවුලමින් සිටින අයුරු ඔහු දිටීය. ඔවුනට ඉදිරියෙන් කුණාටුවක් වැඩෙමින් තිබින. නමුදු මොනයම් හෝ කාරනයක් නිසා ඔවුන් එය නොදිටීය.
ඔහු දකුණු දෙස බැලුවේ ය. ගංගා ත්‍රිශූලයේ කොළ-නිල් පැහැ ගං දිය වේගයෙන් ගලන'යුරු ඔහු දිටීය. සොවින් බරවූ මුහුණින් යුතු සිය පියා රජතුමාගෙන් යමක් බැගෑපත්ව ඉල්ලා සිටිනු ඔහු දිටීය. රාත්‍රියේ දී සන්සා සිය කොට්ටය තෙමෙන තෙක් කඳුළු වගුරනු ඔහු දිටීය. ආර්යා නිහඬවම සෑම දෙයක් දෙසම බලන අයුරුත් සිය රහස් සැමට හොරා සිය හදට තුරුළු කරගන්නා අයුරුත් ඔහු දිටීය. ඔවුන් වටා සෑම තැනම සෙවනැලි විසිර තිබින. එක් සෙවනැල්ලක් අළු මෙන් අඳුරු පැහැ වූ අතර එයට භයංකර සුනඛ මුහුණක් තිබින. තවෙකක් හිරු මෙන් සුන්දර රන්වන් පැහැයෙන් බැබලුනේ ය. මේ සෙවනැලි දෙකටම ඉහළින් ගලින් කල සන්නාහයක් පැළැඳි යෝධයෙක් සිටියේ ය. එනමුදු ඔහු සිය හිස්වැසුමේ මුව ආවරණය විවර කල විට ඒ තුළ අන්ධකාරය හා කළු පැහැ කැටි ගැසුනු රුධිරය හැර අන් කිසිවක් නොවීය.
සිය දෑස් එසවූ ඔහු පටු මුහුදට එහා බැලුවේ ය. නිදහස් වෙළෙඳ නගර හා ඊට එපිටින් ඇති කොළ පැහැ ඩොත්රැකි මුහුද ද, කඳු පාමුල ප්‍රෞඩව නැගී සිටි වයෙස් ඩොත්රැක් ද, ජේඩ් මුහුදුබඩ පිහිටි මායාවී දේශයන් ද, මකරුන් සරනා සෙවනැලි දේශයේ අෂයි ද ඔහු දිටීය.
අන්තිමේදී ඔහු උතුරු දෙස බැලුවේ ය. නිල් පැහැ පලිඟුවක් මෙන් දිදුලන ප්‍රාකාරය ඔහු දිටීය. සිය අවජාතක සොයුරා ජොන් සීතල ඇඳක තනිව නිදනා අයුරුත්, උණුසුම පිළිබඳ වූ සියලු මතකයන් කෙමෙන් ඔහු වෙතින් මැකී යන අතර ඔහු ගේ සම කෙමෙන් සුදුමැලි පැහැ වන අයුරුත් ඔහු දිටීය. ඉන්පසු ඔහු ප්‍රාකාරයෙන් එහා ඉමක් කොණක් නොදැකිය හැකි හිමෙන් වැසුනු වනාන්තර, මිදුනු මුහුදු වෙරළ හා අයිස් ගංගාවන්, කිසිදු සතකු නොසරන කිසිදු දෙයක් නොවැවෙන හිම කාන්තාර දෙස බැලුවේ ය. උතුරට උතුරට හා තව තවත් උතුරට බැලුවේ ය. ලෝකාන්තයේ ඇති ආළෝක තිරයත් එයින් එපිටටත් බැලුවේ ය. ඔහු ශීත ඍතුවේ ගැඹුරටම, එහි හදවතටම එබී බැලුවේ ය. එහි දුටු දෙයින් බියපත්වූ ඔහු හඬන්නට විය. ඔහු ගේ කඳුළුවල උණුසුමින් දෙකොපුල් දැවෙන්නට විය.
දැන් ඔබ දන්නවා. ඔහු ගේ උරහිස මත වසා සිටි කපුටා කෙඳිරුවේ ය. දැන් ඔබ දන්නවා ඔබ ජීවත් විය යුත්තේ ඇයි කියලා.
"ඇයි?" කිසිවක් තේරුම් ගත නුහුනු බ්‍රැන් ඇසුවේ ය.
ශීත කාලය එන හින්දා.
සිය උරය මත වසා සිටි කපුටා දෙස බ්‍රැන් හිස හරවා බැලූ අතර කපුටා ද ඔහු දෙස බැලී ය. ඌට ඇස් තුනක් තිබුනු අතර ඒ තෙවන ඇස ඇදහිය නොහැකි තරම් දරුණු ඥානාවබෝධයකින් පිරී තිබින. බ්‍රැන් පහළ බැලුවේ ය. හිම සහ ශීතය සහ මරණය හැර මේ වනවිට ඔහුට පහළින් අන් කිසිවක් නොවී ය. අයිස්වලින් නිර්මිත හෙලි රැසක් මෙන් උල් වූ කොත් සහිත රළු මිදුනු කාන්තාරයක් ඔහුව වැළැඳගන්නට සූදානමින් බලා සිටියේ ය. මේ කොත් වටා විසිර පැවති ඔහු මෙන් වූ තවත් සිහින දකින්නන් දහස් ගණනක ගේ ඇටසැකිලි ඔහු දිටීය. ඔහු ඉතාම බලාපොරොත්තු විරහිත ස්වභාවයකින් බිය පත් වී සිටියේ ය.
"මිනිහෙකුට පුළුවන්ද බයවෙච්ච වෙලාවක නිර්භීත වෙන්ට?" ඔහු ගේ ම කටහඬ කොහේදෝ ඈතක සිට සිහින් ස්වරයෙන් අසනු ඔහුට ඇසින.
සිය පියා ගේ කටහඬ ඊට පිළිතුරු දුන්නේ ය. "ඒ තමා මිනිහෙකුට නිර්භීත වෙන්ට පුළුවන් එකම වෙලාව."
දැන් බ්‍රැන්. කපුටා උනන්දුකරවන හඬින් කීය. ඔයා තෝරගන්ට. පියාඹනව ද මැරෙනව ද?
මරණය බියකරු කෑගැසීමක් සමගින් ඔහු වෙත ළඟාවෙමින් තිබින.
සිය දෑත් විහිදූ බ්‍රැන් පියාඹන්නට පටන්ගති.
අදිසි පියාපත් යුගලක් විසින් සුළඟට එදිරිව ඔහුව ඉහළට එසෙවුවේ ය. භයංකාර අයිස් ඉදිකටු රැස ඔහුට පහළින් පසු බැස ගියහ. ඔහුට ඉහළින් අහස විවර වින. එය ඉහළ නැගීමට වඩා සොඳුරු දෙයක් විය. එය අන් කිසිදු දෙයකට වඩා සොඳුරු දෙයක් විය. ඔහුට පහළින් ලෝකය නැවතත් කුඩා වන්නට පටන් ගත්තේ ය.
"මම පියාඹනවා." ඔහු සතුටින් කෑ ගැසුවේ ය.
මට පේනවා. ඇස් තුනක් ඇති කපුටා කීය. ඌ නැවතත් අහසට නැංගේ සිය විහිදන ලද පියාපත් මගින් ඔහු ගේ දර්ශන පථයට අවහිර කලේ ය. උගේ පියාපත් සිය දෙකොපුල් මත වදින අතරේ බ්‍රැන්ට දැනුනේ තමා අහස මැද නතර වී සිටින්නාක් මෙනි. කපුටා ප්‍රචණ්ඩ අයුරින් සිය හොටයෙන් නොනවත්වාම ඔහුට ඇන්නේ ය. සිය දෑසට මැදින් නළල මත තියුණු වේදනාවක් බ්‍රැන්ට දැනෙන්නට විය.
"ඔබ මොකක්ද ඔය කරන්නේ?" ඔහු වේදනාවෙන් බෙරිහන් දුන්නේ ය.
සිය හොටය විවර කල කපුටා විනිවිද යන තියුණු හඬකින් කෑ ගැසුවේ ය. බ්‍රැන් වටා වූ අඳුරු මීදුම දෙපසට ඉරී යන තිරයක් මෙන් කෙමෙන් අතුරුදන් වූ අතර කපුටා ඇත්තටම කපුටකු නොව ගැහැණියක බව, කළු පැහැ දිග වරලසකින් යුතු සේවිකාවක බව ඔහු දිටීය. ඇය මීට පෙර කොහේ දී හෝ දැක පුරුදු ඇති බව ද බ්‍රැන් ට වැටහුනි. ඔවු! ඒ වින්ටර්ෆෙල් වල සිටි සේවිකාවකි. ඊළඟ මොහොතේ ඔහුට වැටහුනේ තමා සිටින්නේ වින්ටර්ෆෙල්වල සීතල කාමරයක් තුළ ඇති ඇඳක් මත බව ය. සිය අතේ තිබුනු දිය පිරුනු බේසම මහ හඬක් නංවමින් බිම අත හැර දැමූ සේවිකාව කෑ ගසමින් පඩිපෙළ පහළට දිව ගියා ය. "එයා නැගිටලා, එයා නැගිටලා, එයා නැගිටලා."
බ්‍රැන් සිය දෑස් මැදින් නළල පිරිමැද්දේ ය. කපුටා ඔහුට කෙටූ ස්ථානය තවමත් වේදනාවෙන් පුපුරු ගසමින් තිබින. එනමුදු එහි කිසිදු තුවාලයක් හෝ රුධිරය හෝ වෙන කිසිදු සලකුණක් හෝ නොවී ය. ඔහුට දැඩි විඩාවක් හා ක්ලාන්ත බවක් දැනෙන්නට විය. ඇඳෙන් නැගිට සිටීමට ඔහු උත්සාහයක් දැරුවද කිසිවක් සිදු නොවී ය.
ඊළඟ මොහොතේ ඇඳ පසෙකින් යම් චලනයක් සිදු වූ අතර යම් කිසිවක් ඔහු ගේ දෙපා මතට නැග්ගේ ය. එනමුදු ඔහුට ඒ ගැන කිසිදු හැඟීමක් නොදැනින. හිරු මෙන් දිදුලන කහ පැහැ දෑසක් ඔහු ගේ දෑසට එබී බලන්නට විය. කවුළුව විවරව තිබුනු අතර කාමරය තුළ වාතය සීතල විය. එනමුදු වෘකයා ගේ සිරුරෙන් නැගුනු උණුසුම විසින් උණු දිය තටාකයක් මෙන් ඔහුව උණුසුම් කරනු ලැබීය. ඒ ඔහු ගේ වෘක පැටවා බැව් බ්‍රැන් හැඳින ගත් නමුදු ඌ දැන් කෙතරම් විශාලදැයි කිවහොත් බ්‍රැන්ට එය එක්වරම විශ්වාස කිරීම පවා අසීරු විය. සිය වෙවුලන අත ඉදිරියට දිගු කල බ්‍රැන් වෘක පැටවා සුරතල් කරන්නට විය.
හුස්ම ගැනීමට පවා අසීරු තරමට හතිලමින් රොබ් කාමරයට කඩා වදින විට වෘක පැටවා සිය දිවෙන් බ්‍රැන් ගේ මුහුණ ලෙවකමින් සිටියේ ය. බ්‍රැන් සන්සුන් අයුරින් දෑස් ඔසවා සිය සොයුරා දෙස බැලුවේ ය. "එයාගෙ නම සමර්." ඔහු කීවේ ය.
Now Choose. Fly or die!
ඊළගට මොකද වෙන්නෙ...
ReplyDeleteඔව් මට ඒක බලන්න ඕන...
හිහි
එයාව ඉක්මණට නැගිට්ටවන්ට ඕනිද? :D
Deleteආ මනුස්සය නැගිටලා තියන්නේ.. ගුඩ් මෝනින්ග් කිව්වා!!! වල්කම් බැක්!!
ReplyDeleteඇති යන්තම් නේ? :)
Deleteකතාව කියවගෙන යනකොට මට හුස්ම ගන්නත් අමතක උනා වගේ .
ReplyDeleteඇත්තෙන්ම හැම වචනයක්ම වැදගත් නිසා අහන්නේ , ඩොත් රැකියන් කියලත් තියෙනවා ඒත් සමහර තැන්වල ඩොක් රැකියන් කියල සඳහන් වෙනවා.හරි මොකක්ද?
ඒක ඩොත්+ රැකි සෝන්යා...මෙතන ටයිපින් මිස්ටේක් එකක්. ඒක එක වචනයක්. ඒත් එක වචනෙකට ටයිප් කරන්ට බැරි ගතියක් තියෙනවානේ.
Deleteසෝන්යා, ගොඩක් ස්තූතියි තවත් වැරැදි තැනක් පෙන්නල දුන්නට. ඔන්න හැදුවා.
Deleteමේ ඊයේ මිරිස් කෑවලුද? :P
කෑ ගහගන පාර දිගේ දිවුවලු කව්දෝ , සින්හසොන්යා වත් ද ?
Deleteබැරි මිරිස් නොකා හිටියනම් අහවරයි නේ . මාළු මිරිස් කන්ට තිබ්බේ. :P
එකක් කෑව සැන්ඩ්විච් එකකට දාලා . හැබැයි බෙහෙත් ටිකක් බොන්නත් උනා. කමක් නැහැ , මම අධාර කරනවනෙ කොහොම උනත් :)
ReplyDeleteඑහෙම නෙමේ කන්ට ඕනේ කටින් ගින්දර පිටවෙන්න අර මකරුන්ගේ වගේ...:D
Deleteඅම්මෝ.........
Deleteමිරිස් කරලක් කෑවලු සෑන්ඩ්විච් එකකට දාලා.. එහෙම බැලුවොත් අපි හැමදාම මිරිස් කනවා හොද්දට දාලා, තෙලට දාලා, සම්බෝලෙට දාලා.. :-P
Deleteඑහෙම බැලුවොත් අපි නම් සැමදා මිරිස් චැලේන්ජ් ලු :P
Deleteකොල්ලට දැන් හොඳයි වගේ....:)
ReplyDeleteකොලුවා ඇස් ඇරිය එකම මදෑ නේද? :-)
DeletePoM කෝ? Hangover ද?
ReplyDeleteබස්සනම් Hanging over the wall.
මොටා- Hangdog !!!
Prince pom pom weekend එක කලින්ම අරගත්තාලු.. දැන් දෑෂ නිකං වැෂෙනවා වැෂෙනවා වගේලු..
Deleteතුන් දෙනාම එකතුවෙලා දෙක, දෙක නවා ගන්නවලු. කොහාට නමා ගන්නවද දන්නේ නෑ. :P
Deleteඅම්බිලි මාමේ සිංදුවේ හොඳ වර්ශන් එක අහල තියනවද? මං අහිංසක නිසා අදාලත්වය කිව නොහැක.
Deleteඔය පිං pom ගෙන් අහන්න
අපි නම් අසා ඇත ලු
Delete:P
වෙඩිමක් තිබ්බා අෆ්ෆා. නොයාම බැරි එකක්. සිග්නල් වත් නැති කැලෑ පැත්තක. අනේ මුන් දෙන්නට බැරි උනානේ ටවුමක බඳින්න අෆ්ෆා.
@ පොඩ්ඩි
අපේ බඩු වලින් දෙකක් නමන්ට බැරිලු ඔය මොන ගෝරිල්ලට වත් .
ළමයෙක්ගෙ පිළිමයක් හදල පහලට විසිකරන්නෙ බ්‍රැන්ට සනීප වෙන " කෙමක් " වගේ එකක්ද?
ReplyDeleteමං හිතන්නෙ ඒ බ්‍රැන් බයකරන්න demonstration එකක්.
Deleteකෙමකට නම් ලී රූකඩයක් වුනත් කමක් නෑ. ඒත් එතකොට ටයනි ට තනියම මේක කරන්න වෙනව
@ Sonya,
Deleteඔයාට මතක නැද්ද කලින් බ්‍රැන් පරිච්ඡේදයක තිබුනා මේස්ටර් ලුවින් බ්‍රැන් උඩ නගින එක නවත්තන්ට ඔහොම දෙයක් කලා කියලා.
@ Pra Jay,
ලී රූකඩ! බොට මං කියන්නෙ නෑ..
සෝන්යා හිතන්ට ඇත්තේ වගේ voodoo එකක් කියලා.
Delete@ප්‍රා,
Deleteදාන්ට පහක්...:D
මාත් හරිම ටියුබ් ලයිට් එකක් තමා :D :D :D
Deleteoooh a voodoo like in pirates of caribbean 4 රිමෙම්බෙර්. :D
Deleteඔය කියන රූකඩේ වැඩේට හරි යන්නේ නැති ලු. ඇස් වහක් කට වහක් නෑ ඕනේ කුළුණකින් බිම දාන්ට පුළුවන් බය නැතුව.
පියාඹන්න හරි කොල්ල නැගිට්ට ඒක ලොකු දෙයක්... මේක සිහි නැතුව හිටියට වෙච්චි දේවල් ඔක්කොම හීනෙන් දැකලනේ... කපුටු සාස්තරයක් වත්ද
ReplyDeleteහීනෙන් පේන්නෙ ඇත්තටම වෙන දේවල් ලු..
Delete“පහළ බලන්ට.“
ReplyDelete.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හා හා ඊ ළඟ... :D
ඊළඟ..?? හා හා පහළ බලන්ට..
Deleteඊලග බලන්න පහළ බලලා වැඩක් නෑ.. අනික් පිටුව පෙරලන්න..
Deleteහී...හී...නැත්නම් පොත් පෙරලන්ට නේ දිනේශ්?
Deleteහෙහ්, පවු අෆ්ෆා මෙයා කලබලේ ඔක්කොම ටීවී සීරිස් එක බලලා දැන් ලබන අවුරුද්ද වෙනකන් හූල්ලනවා..
Deleteමං මුලදිම බුවාට කිවුවා හදිස්සි වෙන්ට එපා, හෙමිහිට කතාව කියවන් යමු කියලා.. කොහෙද ඇහුවයැ.. :-)
Deleteඅතුරු ප්‍රශ්නයක් - මේකෙ පනිවිඩ කපුටන් මගින් යැව්වට , හැරී පොටර්ල නම් යවන්නෙ බස්සන් මගින්.
ReplyDeleteඑතකොට මෙහෙ බස්සන් වැඩකට නැති අන්විස්වාසබල් පක්සියොද ද?
මෙහෙ හීනෙනුත් දකින්නෙ කපුටො.
බස්සෝ අන්විස්වාසබල් නේන්නම්. පේන්නේ නැද්ද අපේ බස්සා...අනේ හැබෑටම අපිට අනික් සත්තු ඔක්කොම ඉන්නවා. කපුටෙක් නෑනේ. :)
Deleteඒ කලර් එකෙන් දිලිසෙන කෙනෙක් නම් ඉන්නව
Deleteසොරා ගත්ත බාගෙ බෝතලයක් කටේ තියන්
Deleteනරියෙක් ගොස් කැලේ ගහක වැහුව සංතොසින්
කපටි රජා කපුටා ගහමුල සිටිය බලන්
නරියව රවටන්නම් බාගෙ බෝතලෙ ගන්නම්
හප්පේ දුවලම කකුල් වලට පණ නෑ. අරහෙ සිංහයොයි, සේර් වල්ලාපට්ටයි වලි. ගුටිකන්නෙ කව්ද? මේ අහක ඉන්න අහිංසක නරි :)
@ PJ මොකද්ද ඒ කියුව කතාව ඈ :P
Deleteඅහිංෂක නරියෙක් නේ..
Deleteකොහෙද දඩි නරිස් ඒ වළිය?
Delete( ඔන්න අදත් කමෙන්ට් විතරක් බලන්"ට" ආව )
බලන්'ට' බලන්'ට' අයියා..
Deleteවලිය කොහෙද කියලා මාත් හෙවුවා, හොයාගන්'ට' නෑ..
@ ඉන්දික
Deleteවලිය කොහෙද ඇහැව්වා?ඇයි අර කලින් පෝස්ට් එකේ අහිංසක නරියෙක් පණ එපා කියල දිව්වෙ, ආන්න එතන :)
හෆ්ෆේ කොලූවා නැඟිටලා තියෙන්නේ.. ඇති යාන්තම්..
ReplyDeleteසමහර වෙලාවට මගේ හීනත් බ්‍රෑන්ගේ වගේ තමයි කියලා හිතුනා කියවන් යද්දී.. මේ වගේ ඒවා තමයි ඉතින් ඉදලා හිටලා මමත් පෝස්ට් වල ලියන්නේ..
ඒක නම් පේනවා අද පෝස්ට් එකෙනුත්...:P
Deleteඇයි අර මිනිමැරුම් කතාවත් එහෙම දැක්ක හීනයක් තමයි.. ;-)
Deleteවෙනමම ලෝකයකට ගියා වගේ..... එක දිගට කොටස් 9ක් කියෙව්ව.
ReplyDeleteඕක වෙනවා එක දිගට පොත කියවන් යනකොට.. පොත බිමින් තියන්ට හිතෙන්නෙ නෑ.. :-)
DeleteMulu kathawama (saha thama grrm wath liyapu nathi dewal pawa) spoil karanta puluwan me tiken :D
ReplyDeleteහා හා හා.. කට කට.. පාඨකයො නොමග යවනවා එහෙම නෙවෙයි.. :-D
Deleteඒ කියන්නේ දැන් ඔය පාථකයෝ ටික හරිමග ගිය කස්ටිය ලු ද?
Deleteමට නිකං මැවිල පේනවා අපේ පාඨකයො ටික "හරි මග" යන හැටි:
Deleteතඩි කැලෑවක් .ඔන්න සේර් බුරා ඉස්සරහයින් කටු වැල් කපාගෙන පාර එලිකරනවා . අපේ පාඨකයො ටික එකත්පස්ව පේලියට , පස්වග මහණුන් වගේ බුරා පස්සෙ යනවා., ඉඳලා හිටලා බුරා නැවතිලා ඔලුබ කස, කස කොහාටද යන්නෙ කියල වගේ වටපිට බලනවා.
ඔන්න එතකොටම ඉස්සරහින්ම ඉන්න ශ්‍රාවකයා " හා, හා ඊළඟ" කියල බුරාගෙ ඉළට අනිනවා. අඩි දෙකක් උඩපනින සේර් බුරා , නින්දන් ඇහැරුණා වගේ කඩුව ඇදලා පාර කොටාගෙන, කොටාගෙන යනවා.
ඔලුව කස කසා නෙවෙයි බොල, නහය කස කසා..
Deleteඔය අස්සෙ එහෙන් මෙහෙන් නරි හූ කියනවා.. බස්සො හූම් හූම් (හූම් හූම් ද? නැත්තං ටූට් ටූට් ද?) ගානවා..
බුරා නතර වෙලා i have no memory of this place කියියිද දන්නේ නෑ නේ
Deleteඇති යාන්තං කොල්ලා නැගිට්ටා.!
ReplyDeleteඒක නේන්නං.. මෙච්චර දවසක් වලේ පයයි ගොඩ පයයි නෙව හිටියෙ.. :-)
Deleteපියාඹනකොට මට හිතුණෙ අනිත් පැත්ත.. අම්මේ ඇති
ReplyDeleteඋඹලා දන්නෙ නැති වුණාට මම මේ මුල ඉඳලා කියවගෙන එනවා... මේ කොටස නම් කියලාම වැඩක් නැතිය... පට්ටය...
ReplyDelete