"අපි ආපහු යන්ට පටන් ගත්තනම් හොඳයි වගේ නේද?" ගැරඩ් ආයාචනාත්මක ස්වරයෙන් කීවේ ඔවුන් වටා වනාන්තරයේ අන්ධකාරය දැඩිවෙද්දීය. "වනචාරියො ඔක්කොම මැරිලා."
"උඹ මැරිච්ච මිනිස්සුන්ට බයද?" සෙර් වේමාර් රොයිස් ඇසුවේ කට කොනකට නැගුනු සියුම් සිනහවක්ද ඇතුවය.
ඒ ඇමට අසුවීමට තරම් ගැරඩ් මෝඩයෙක් නොවේ. වසර පනහකටත් වඩා වැඩි තම ජීවිත කාලය තුලදී මෙවැනි වංශාධිපතියන් ඇති පදම් යනු එනු ඔහු දැක තිබේ. "මැරිච්ච එවුන් මැරිලා. අපට මොකක්ද එවුන්ගෙන් ඇති වැඩේ?"
"උං ඇත්තටම මැරිලද?" රොයිස් මෘදු ස්වරයෙන් ඇසීය. "උඹට කොහොමද ඒ ගැන ඔච්චර සහතිකයෙන් කියන්ට පුළුවන්?"
"විල් උංව දැක්කා. ඒ සහතිකය මට හොඳටම ඇති."
කොයි වෙලාවක හෝ තමනුත් මේ විවාදයට ඈඳෙන බව විල් දැන නොසිටියා නොවේ. නමුත් මේ තරම් වේලාසනින් එය සිදුවීම ඔහුගේ සතුටට හේතු වූයේ නැත. "මගේ අම්මා මට කිවුවෙ මැරිච්ච මිනිස්සුන්ගෙන් අපට කිසිම හානියක් වෙන්නෙ නෑ කියලයි."
"මගේ ආයම්මත් ඔය කතාවම කිවුවා විල්." රොයිස් පිළිවදන් දුනි. "ඔය ගෑනුන්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් අහන කතා කවදාවත් විශ්වාස කරන්ට එපා. මැරිච්ච මිනිස්සුන්ගෙනුත් අපට ඉගෙන ගන්ට පුළුවන් පාඩම් තියෙනවා." සැඳෑ අඳුරින් පිරෙන වනාන්තරය මැද්දේ ඔහුගේ කටහඬ දෝංකාර දුනි.
"අපට බොහොම දුර ගමනක් යන්ට තියෙනවා." ගැරඩ් තවත් උත්සාහයක් දැරීය. "දවස් අටක් නැත්තං නවයක්. කළුවරත් වැටෙනවා."
සෙර් වේමාර් අහස දෙස උනන්දුවකින් තොර බැල්මක් හෙලීය. "හැමදාම මේ වෙලාවට එහෙම වෙනවා. උඹ කළුවරට බයද ගැරඩ්?"
ගැරඩ්ගේ දෙතොල් තදින් පියවී යනුත්, හිස වැසූ කළු පැහැ සළුවට යටින් වූ දෙනෙතේ පැන නැගුනු, අමාරුවෙන් යටපත් කරගත් කේන්තියත් විල් පැහැදිලිවම දිටීය. ගැරඩ් මේ ගෙවා දමන්නේ 'නිශා රැකුම් බලකායට' එක්වී ගෙවන හතලිස් වන වසරයි. අනෙක් අතට ඔහු කියන දේ සැහැල්ලුවට ගන්නා අය ගැරඩ් විසින් නොඉවසන බවද විල් දනී. නමුත් මේ මහලු මිනිසා පෙලන්නේ ඒ කිසිවක් නොව වෙනත් කුමක් හෝ දෙයක් බවත්, බිඳවැටුනු ආත්මාභිනයට යටින් ඇත්තේ නොසන්සුන්කමක් හා බියක් බවත් ඔහුට දැනුනි.
මේ නොසන්සුන්කම විල් විසින්ද හඟින ලද්දකි. මේ ඔහු ප්‍රාකාරයේ ගෙවන සිවුවන වසරයි. ප්‍රාකාරයෙන් එහා ගිය මුල්ම වතාවේ පැරණි ජනකතා සියල්ල මතක් වී ඔහුගේ ඇඟේ ලේ වතුර වූ නමුත් ඔහු දැන් ඒ ගැන සිනාසෙයි. දැන් ඔහු මුර සංචාර සියයකට වඩා වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීනයෙකි. දකුණුකරයේ වැසියන් විසින් 'හොල්මන් කැලෑව' නමින් හඳුන්වනු ලබන ඉමක් කොනක් නොපෙනෙන මේ මහා වනාන්තරය තවදුරටත් ඔහුව තැති නොගන්වයි.
එහෙත් අද රාත්‍රිය? අද රාත්‍රියේ කුමක්දෝ වෙනසක් තිබේ. දින නවයක් තිස්සේ ඔවුන් උතුරු හා වයඹ දෙසට - ප්‍රාකාරයෙන් ඈතට - මේ හඹායන්නේ වනචාරී ආක්‍රමණිකයන් පිරිසකගේ මං සලකුණුය. ගෙවුනු සෑම දිනයක්ම පෙරදාට වඩා අසීරු එකක් වූ මුත් අද අනිත් හැමදාටම වඩා අසීරු වූ දිනයකි. උතුරින් හමා ආ සීතල සුළඟ නිසා අවට ගස් සෙලවුනේ හරියටම පණ පිටින් සිටින්නාක් මෙනි. දවස පුරාම විල්ට දැනුනේ මොකක්දෝ දෙයක් තමන් දිහා විපරමෙන් බලා සිටින්නාක් වැනි හැඟීමකි. ගැරඩ්ටද මෙලෙසින්ම හැඟුනු බවත් ඔහු දනියි. මේ මොහොතේ විල්ට උවමනා වෙන කිසිත් නොව හැකි ඉක්මනින් නැවතත් ප්‍රාකාරයේ ආරක්ෂාව වෙත දිව යාමටය. නමුත් එය තමන්ගේ අණ දෙන නිළධාරියා සමග සාකච්ඡා කල හැකි අන්දමේ අදහසක් නොවේ.
විශේෂයෙන්ම මෙවැනි අණ දෙන නිළධාරියකු සමග.
සෙර් වේමාර් රොයිස් යනු උරුමක්කාරයන් බොහෝ ගණනක් සිටින පුරාණ වංශවත් පෙළපතක ලාබාලම පුත්‍රයා විය. ඔහු අඳුරු පැහැ දෑසක් හිමි, දහඅටවන වියේ වූ, හීන්දෑරී කඩවසම් තරුණයෙකි. තමන්ගේ කළු පැහැ සුවිසල් යුධ අශ්වයා පිට නැගුනු නයිට්වරයා කුඩා, කඳුකර අශ්වයන් දෙදෙනෙකු පිට නැගුනු විල් සහ ගැරඩ් අභිබවා දැවැන්ත පර්වතයක් මෙන් නැගී සිටියේය. ඔහු සැරසී සිටියේ කළු පැහැ ලොම් කලිසමකින්, කළු පැහැ ලොම් කමිසයක් මතින් හැඳි දිදුලන කළු පැහැ සන්නාහයකින් හා ඊටම ගැලපෙන අන්දමේ සමින් නිම වුනු කළු පැහැ උස් සපත්තු කුට්ටමකින් සහ අත්වැසුම් යුගලයකිනි. සෙර් වේමාර් නිශා රැකුම් බලකායට එක්වී තවමත් වසරකින් අඩක්වත් ඉක්ම ගොස් නැතත් ඔහු තම රාජකාරියට හොඳින් සූදානම් වූවකු බව - අඩුම තරමේ ඇඳුම් පැළැඳුම් වලින් හෝ - නොපිළිගෙන සිටිය හැක්කෙකු නොවේ.
මේ හැම එකකටම වඩා ඔහු සතු දැකුම්කළුම වස්තුව වූයේ ගත දවටාගත් දිගු සළුවයි. සිනිඳු, කළු පැහැ මුගටි ලොමින් නිමවූ එය බැරැක්කයේ සෙබළුන් සියළුදෙනාගේම කතාබහට ලක්වූ වස්තුවකි. "මං ඔට්ටුවක් දානවා මිනිහා ඔය මුගටියො ඔක්කොම මිනිහගෙ අතින්ම බෙල්ල කරකවලා මරලා දාන්ට ඇති කියලා. මිනිහා මහ රණශූරයා." මේ ගැරඩ් වයින් කෝප්පයක් පානය කරන අතරතුරේදී තම සහචර සෙබළුන් හා නිතර පැවසූ විහිළුවකි. ඔවුන් සැවොම එම විහිළුවට එක ලෙස සිනාසුනහ.
'තමන් විසින් විහිළුවට ලක් කරනා අණ දෙන නිළධාරියකු විසින් දෙනු ලබන අණ පිළිපැදීම අසීරුය.' විල් මෙසේ සිතුවේ සීතලේ ගැහෙමින් තම අශ්වයා පිට ගමන් කරන අතරතුරේදී ය. ගැරඩ් ද මෙලෙසම සිතනා බව ඔහු දනියි.
"මෝර්මන්ට් කිවුවෙ අපට උංව ලුහුබඳින්ට කියලා. අපි ඒක කලා." ගැරඩ් පැවසීය. "උං මැරිලා. උං තවත් අපට කරදර කරන්නෙ නෑ. අපට ඉස්සරහට බොහොම අමාරු ගමනක් තියෙන්නෙ. මේ කාලගුනේට මං කොහෙත්ම කැමැති නෑ. මෙහෙම හිම වැටුනොත් අපට ආපහු යන්ට සති දෙකක් වත් යයි. ඔබතුමා කවදාවත් හිම කුණාටුවක් දැකලා තියෙනවද මගෙ උතුමානෙනි?"
උතුමානන්ට ඔහු කී දේ ඇසුනු බවක් පෙනුනේ නැත. සෙර් වේමාර් දැඩිවෙමින් පවතින සැඳෑ අන්ධකාරය අධ්‍යයනය කරමින් සිටියේ උදාසීන බැල්මක් දෑසේ ඇතිවය. ඔහු මෙසේ සිටිනා විට බාධා නොකල යුතු බව දිගු කලක් නයිට්වරයා සමග ගමන් කොට පළපුරුද්දක් ඇති විල් අත්දැකීමෙන්ම දනියි. "මට ආයෙමත් කියපං උඹ දැකපු දේ විල්. හැම දෙයක්ම. කිසිම දෙයක් මග අරින්නෙ නැතුව."
නිශා රැකුම් බලකායට බැඳෙන්නට පෙර විල් දඩයක්කරුවෙකු - ඇත්තෙන්ම කිවහොත් හොර දඩයක්කරුවෙකු - වූ අතර මැලිස්ටර් වංශාධිපතියාගේ සෙබළුන්ට ඔහුව හසු වූයේ මැලිස්ටර් වනාන්තරය තුළ ඔවුන්ට අයත් මුවෙකු මරා මස් කරමින් සිටියදී ය. අතක් අහිමි කරගැනීම හෝ නිශා රැකුමට බැඳීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඔහුට සිදු විය. ඔහු තරම් නිශ්ශබ්දව වනාන්තරය තුළ ගමන් කල හැකි වෙනෙකෙකු නොවුනු අතර වැඩි කලක් යාමට මත්තෙන් ඔහුගේ මේ දක්ශතාව අනාවරනය කරගැනීමට 'කළු සොයුරන්ට' හැකි විය.
"උංගෙ වාඩිය තිබුනෙ මීට හැතැප්ම දෙකකට එහා, අර කඳුවැටියෙන් එපිට දොළ පාරක් අයිනෙ." විල් පැවසීය. "මං පුළුවන් තරම් උංට ලං වුනා. උංගෙ අට දෙනෙක් හිටියා, ගෑනුයි පිරිමියි දෙගොල්ලොම. ළමයි ඉන්නවානං මං දැක්කෙ නෑ. උංගෙ වාඩිය හදලා තිබුනෙ ගල් පර්වතයට හේත්තු කරලා. දැන් නං ඒක හිමෙන් වැහිලා ගිහිල්ලා ඇති, ඒ වුනත් මට ඒක හොයාගන්ට පුළුවන්. ගිනිමැලයක් පත්තු වුනෙත් නෑ. කිසිම කෙනෙක් එහා මෙහා වුනෙත් නෑ. මං සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. කිසිම පණ තියෙන මිනිහෙකුට එහෙම හෙලවෙන්නැතුව ඉන්ට බෑ."
"උඹ දැක්කද ලේ පැල්ලම් මොකුත්?"
"එහෙමනං දැක්කෙ නෑ."
"උං ගාව ආයුධ මොකුත් තියෙනවා උඹ දැක්කද?"
"කඩු දෙක තුනකුයි, දුනු කීපෙකුයි. එක මිනිහෙක් ගාව පොරොවක් තිබුනා. දෙපැත්තටම තල තියෙන, බොහොම බර එකක් වගෙයි පෙනුනෙ. ඒක මේ යකඩින් හදාපු ගමේ ගොඩේ බාණ්ඩයක්. ඒක තිබුනෙ මිනිහගෙ පැත්තකින් බිම, අතේ දුරින්."
"මළකඳන් තිබුනු විදිය ගැන එහෙම උඹ සැලකිල්ලෙන් බැලුවද?"
විල් දෙවුර ඇකිළුවේය. "දෙන්නෙක් පර්වතේට හේත්තු වෙලා වාඩි වෙලා හිටියා. අනිත් අය හැමෝම බිම වැතිරිලයි හිටියෙ. හරියට බිම වැටිලා වගේ."
"නිදාගෙන වෙන්ටත් පුළුවන්."
"මැරිලා." විල් තිර කොට කීය. "එක ගෑනියෙක් හිටියෙ අයන්වුඩ් ගහක් උඩ නැගලා, අතු අතරේ බාගෙට හැංගිලා වගේ. ඈත බලාගෙන හිටියෙ." ඔහු මඳ සිනාවක් පෑවේය. "ඒකිට නොපෙනෙන්ට තමා මම වාඩියට ලං වුනේ. ඒත් ලංවුනාට පස්සෙ තමා මං දැක්කෙ ඒකිත් හෙල්ලෙන්නෙවත් නෑ කියලා." විල් වෙවුලා ගියේය.
"උඹට හීතලද?"
"ටිකක්. ඒ මේ හුළඟ හින්දා මයෙ උතුමානෙනි."
තරුණ නයිට්වරයා නැවතත් තම හේවායා දෙසට හැරුනි. ඔවුන් වටා සෑම තැනම හිමෙන් වැසුනු ගස්වල කොළ සර සර හඬින් සුළඟේ ලෙල දුන් අතර රොයිස්ගේ යුධ අශ්වයා නොසන්සුන් ගමනකින් ඉදිරියට ඇදෙන්නට විය.

Wish you all the best!
ReplyDeleteThanks දේශකයෝ...
Deleteඔන්න ඔයාගේ තමා first comment එක...:)
කියෙව්වා.. දැන් ඊ ලග එක කවද්ද දෙන්නේ..?
ReplyDeleteබ්‍රහස්පතින්දා උදේ. සුමානෙට දෙකක් දාමු කියලා හිතුවේ.:)
Deleteසෑහෙන දිග කතාවක් වගේ පේන විදිහටනම් , මේක ඔයාගේ බ්ලොග් එකෙන් අප්ඩේට් වෙන්න දාන්න නැත්තම් ,රෝල් වල අප්ඩේට් වෙන එකක් නෑ. මොකද බ්ලොග් රෝල් වල තියෙන්නේ පොඩි කුමාරිහාමි බ්ලොග් එකනේ ,
ReplyDeleteකතාව ගැන කමෙන්ට් කරන්න කල් වැඩියි වගේ බලමු තව ටිකක් ගිහිං.
ඉවාන්, මගේ බ්ලොග් රෝලේ දැම්මා. දැන් තියෙන්නේ කැමති අය එයාලගේ බ්ලොග් රෝලේ එල්ලගන්න එක නේද ඉවාන්. හරියට ඔයා කරලා තියෙනවා වගේ. :D
Deleteකියවා රස වින්දෙමි . තාම හරියට හිතා ගන්න බෑ මොන වගේ කතාවක් වේවිද කියලා. ඊලඟ කොටස එනකම් බලා ඉන්නවා .
ReplyDeleteදිගටම කියවන්ට ගිම්. පස්සට යනකොට ගොඩක් ආසා හිතෙයි.
Deleteඉතා හොද පරිවර්තනයක්
ReplyDeleteහැමදාම ලියන්න වෙයිනේ? නැත්නම් මාටින්ගේ පොත් අතර අවුරුදු කීපයක් වගේ පෝස්ට් අතර දින කීපයක් පරතරයක් තියනවද? එතකොට අවුරුදු ගානක් ලියන්න්න වෙයි. මාටින්ට තරම්ම PKට වයස නෑ නේ?
බයවෙන්ට දෙයක් නෑ ප්‍රා...බූරා ඉන්නවනේ. එයා අවුරුදු දහයක් හරි මේක ඇදගෙන යයි. :)
Deleteපොඩ්ඩි විත් බුරා එහෙනං ඈ............
ReplyDeleteබලමු! පරිවර්තනය හොඳයි කියල හිතෙනව.
The co-author - Buratheno?
Deleteපරිවර්තන වගේම Buratheno පොත් විචාරත් ලියයි කියල ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙනව
Delete@රාජ්,
Deleteරාජ්ට ගොඩක් ස්තූතියි රාජ්.:)
@ප්‍රා,
Deleteඇයි අනේ අර පැත්තකින් එල්ලිලා ඉන්නවා දැක්කේ නැද්ද? :D:D
ලියන්නකෝ බලන්න...
ReplyDeleteලියනවා ලියනවා මාතලියෝ...:)
Deleteහරි ඉතිරියත් කරමු
ReplyDeleteokay John. thanks :)
Deletegood
ReplyDeletethanks!!!
Deleteනියමායි නියමායි පොඩ්ඩි අක්කේ..... ඊගාව එක කවද්ද දාන්නෙ? හෙටද අනිද්ද ද? :D
ReplyDeleteThursday බස්සියේ. නැත්නම් ගානට වැඩිවෙනවා. කියවන්ටත් කල් දෙන්ට එපායැ නේද? :)
Deleteහෙට හෙට හෙට... තව පැය දෙකාආආයි.
Deleteකියෙව්වෙමි,කොටසින් කොටසට කමෙන්ට් අවශ්‍ය නැහැනෙ.බුරාටත් පොඩ්ඩිටත් සුබ පැතුම්!!!
ReplyDeleteඒක තමා මාත් මේ කල්පනා කොලේ? තාම පටන් ගත්තා විතරයි නෙව? ඔහොම යං :)
Deleteඅපි නං ඉතිං ඕන්නං මඩපාරක් දෙකක් ඇදල අරින්න නං ඇවිල්ල යඤ්ඤං.
මට මේ තියනෙ පුරස්නෙ හැලපෙ, අර අහිංසකයා " ෆුල් මොන්ටි" යන්නං කියලත් බ්ලොග් නොලියපු එකාව මේකට ඇදගෙන එන්න , අර මහගෙ මොන නූල් සූත්තරයක් දැම්මද කියන එකයි.
මට මේ දැණගන්නම ඕනාවට නෙමෙයි, නිකං කට කහන්න ගත්තා, ඒකයි ඇහැව්වෙ :)
එව්වා ඇරිච්චාවෙකො. ඇත්තටම දෙන්නාටම සුභ පැතුම්. කතාවත් හොඳයි , ලියන අප්පුල දෙන්නත් හොඳයි, ඒ නිසා අපේ බලාපොරොත්තු නං ටිකක් ඉහලින් තමා තියෙන්නෙ
ආ තව එකක්, බුරෝ, උඹ සන්සට එහෙම අපහාස කරල තිබ්බොත් මං නරක බස්සයි කියන්න එපා. එයාගෙ නහයත් මගේ හොට වගේමයි - අර මාජරින්ගෙ ඌරු නහයට වඩා කොච්චර ලස්සනද? :)
Deleteකොයිතරම් full වුනත් Montyට 64 ක් නෑ .
Deleteකවුද අහින්සකය? DGMB තරම් අහින්සක සතෙක් මේ බ්ලොග් ලෝකෙ ඉන්නවද?
කිව්වෙ නැතුවට මාත් කල්පනා කලේ ඒකයි බං.ලියන්න කිව්වට කිව්වට බෑ කියල කමෙන්ට් විතරක් කර කර හිටපු බුරා.අනේ අම්මප මේ අංගනාවො නං අදහන්න වටිනව බස්සෝ.
Delete@හැලපේ,
Deleteඅවශ්‍යයි.. අවශ්‍යයි.. නැත්නම් කොහොමද අපි කරන වැරදි දැනගන්නේ? :D
@බස්සා,
Deleteඒ නූල් සුත්තර කියලා දෙන්ට නම් ඉතින් ඔය පැත්තේ කෝපි කඩේකට ගිහින් හොඳට වාඩිවෙලා කාරිය කතා කරන්ට එපායැ. ඒවා අත්තම්මාගෙන් ඉගෙනගත්තු රහස්. හී හී...
ඔය හැමෝටම ඇහෙන්ටයි මේ කියන්නේ. කට්ටිය ලස්සණ අයවත්, හොට් අයවත් දැකලා නෑ. :D:D
Delete@ප්‍රා,
Deleteබස්සා අහිංසක? ඔයා කියන්නේ අර දවල් කාලේ ඇස් වහගෙන හූම් හූම් කියනකොටද?:)))
A song of Ice and Fire
DeleteIce - B (very chilly responses to requests for a blog)
Fire- PK (conquest of B speaks volumes)
අහින්සක එක ඇහැක් ඇර ගෙන
මේ යන විදිහට මේක ඉවරවෙනකොට පොඩි කුමරිහාමියි ,බුරන්තිනෝයි දෙන්නා එක වහලක් යටට වෙලා පවුලක් වෙයිද දන්නේ නෑ, එකත් ජයසිරි මංගලම් එහෙනං....අපි එන්නං වෙඩිමට
Deleteආරම්භයේදීම අපට අනගි කතාවක් ලැබෙන බව පේනවා. ඊලඟ කොටස ඉක්මනින් පලකරන්න. කතාවන් කියවීමට ලොබ බඳින මාහට මෙවන් කතාවක් කියවන්න ලැබීම නිසා ඊලඟ කොට පලවනතුරු හදපිරි සතුටින් බලා හිඳිමි .......
ReplyDeleteහම්මෝ...මෙයාගේ සිංහලවල ලස්සණ. බූරාගේ ඊලඟ පොත මෙන්න මෙයා එක්ක පරිවර්තනය කලා නම් හරි.:)
Deleteසුබ පැතුම්
ReplyDelete@බුරා
උඹත් එහෙනම් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත නේ
ජයවේවා. කොත්ත මල්ලි ටිකක් බීල සමරන්න වටිනව
බෝතලයක් අරගෙන මේ පැත්තේ එන්ටකෝ එහෙනම්...මම කීවේ කොත්තමල්ලි.:)
Deleteලස්සනයි පොඩ්ඩියේ.
ReplyDeleteමේ වගේ අද්භූත කතාවක් මම මෙයට පෙර කියවලා නැහැ.බලමුකෝ ඉදිරිය.
හොඳයි මනෝජ්. ඇවිත් හරි වැරදි හැමදේම කියලා යන්ට හොඳේ.:)
Deleteජයවේවා..! ගමන දුරයි... මේ ලොකු වැඩේ සාර්ථකව අවසන් කරන්න පොඩ්ඩිට විවේක වෙලාවත්, බුරාට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටාරක්ශාවත් ලැබේවා...
ReplyDeleteහහ්...ඇයි මට දෙවි පිහිට ඕනි නැද්ද? :D
Deleteපොඩ්ඩිගේ දක්ෂකම තියෙන්නේ බෘතෝව ලියන්න සම්බන්ද කරගත්ත එකයි.
ReplyDeleteඉක්මනටම අනිත් කොටසත් දාන්න.
මටත් ඕකම හිතුණා...හැබැයි ඉතින් අපි එයාට ඕක කියන්ට නරකයි.:D
Deleteපොඩ්ඩී ඔය හැම ක්‍රියා පදයකම අගට "ට" යන්න දාන එක නවත්ත ගන්නකො, අනේ.
Deleteඔය මළ වදේ තියෙන්නේ නුවර විතරයි. මම ඕක නවත්තගත්තෙත් හරි අමාරුවෙන්.
හපොයි බැරියෝ...:D
Deleteමම ඔයාට කතා කරනකොට 'ට' යන්න අහු නොවෙන විදියට කතා කරන්නම්.
හරි වැඩේ 'එහාට, මෙහාට' වගේ වචන පාවිච්චි කරන තැන්වල මොනාද කියන්නේ? :)
අනේ පොඩ්ඩි "ට " යන්න නවත්තන්ට එපෝ .. එකෙත් අමුතු ගතියක් තියෙනවා වෙලාවකට :)
Deleteඔහේල මක්කැයි මේ කියන්නෙ? ඔය ඇහැක් විදිහට ලියන්නෙ, නුවර ඈයො දොඩන විදිහට නෙව? :)
Deleteමේ ටිකේ throne rush ගේම් උන්මාදයෙන් ඉන්න නිසා knight කතන්දර බලන්න ටිකක් ඇල්මෙන් ඉන්නෙ ;)
ReplyDeleteඅඩේ මේක අලුත් බොගක් නේ?? අපේ පො.කු.හාමි පොඩ්ඩි වෙලා ඇවිත් නේද??
ජය වේවා !!
මෙච්චර දන්න මිනිස්සු වෙලත් ෆලෝ බටන් එක නැති එකයි දුක ;)
Deleteහී හී...මේවා කරන්ට වෙලා තියෙන්නේ පොඩ්ඩිටලු. අනික් එක්කෙනා බිසිලු.
Deleteමේකේ ඉන්න අනික් කෙනාට ඔය ප්‍රශ්නේ දාලා තියෙන්නේ සෑමෝ
තාම සද්දයක් නෑ. :D
බ්ලොග් රෝලේ එල්ලගත්තානම් නරකද සෑම්...එතකොට කතාව පබ්ලිශ් වෙනකොට දැනගන්නවා නේද?
Deleteකතාව පරිවර්තනය කරල තියෙන විදිය නං විශිෂ්ටය...
ReplyDeleteපළපුරුදු පරිවර්තන ශෛලියක් පෙන්වනව..
ඇත්තටම හොද බලාපොරොත්තුවෙන් කතාව කියවන්න පුළුවන් ...
ජයවේවා
ස්තූතියි මහේෂ්. දිගටම ඇවිත් කතාව කියවන්ට.:)
Deleteඔන්න මං ගොඩ වැදුණේ දැන්. ආරම්භය හොදයි කියවමු එහෙනං කොටස් වශයෙන්. අනිත් සගයා බුරා එහෙනං... නියමයි. දෙන්නටම සුබ පැතුම්.
ReplyDeleteහුඟක් අය එන්නේ එයාව බලන්ට නලීන්. :)
Deleteලින්ක් එක එවපු වෙලාවේම ෆෝන් එකෙන් ඇවිල්ල කතාව කියෙව්වා.. හැබැයි බයිසිකලේ හදන තැන හිටිය නිසා කමෙන්ට් කරන්න නම් බැරි උනා. ඒ නිසා ඔන්න දැන් ආව..
ReplyDeleteකතාව මම දන්නේ නම් නෑ.. බලමුකෝ ඔයාලගෙන් තමා මුලින්ම මේ කියවන්නේ..
සුභ පැතුම් එක්කරනවා මම!!
හොඳ වෙලාවට බයිසිකලේ හදන කල් කියවන්ට දෙයක් තිබුණේ අඟහරුවෝ නේ. පේන විදියට හැමදාමත් ලින්ක් එක එවන්ට වෙයි වගේ.:)
Deleteමරු ඩබලක්නේ සෙට් වෙලා තියෙන්නේ. අපිට ඉතින් තියෙන්නේ නිදහසේ කියවන්න විතරයිනෙ.
ReplyDeleteඒකනේ. ඔයලා ගැන හිතලමයි මෙයාව කොහොම හරි මේකට අල්ලගත්තේ.:)
Deleteනියමයි! දිගටම වැඩේ කරගෙන යන්නකෝ.. මම හිතුවේ මේක ලියන අනිත් එක්කෙනා අර මුහුදේ අතරමං වෙන එක්කෙනා කියල. බලනකොට බුරතීනෝ නේ
ReplyDeleteදෙන්නටම සුභ පැතුම්!
මම හිතුවා ඔයා හිතන්නේ එයා ගැන තමයි කියලා.
Deleteමේ පොත මුලින්ම කියවන්ට කියලා බල කලේ මුහුදු.
මේ පොත පරිවර්තනය කරමු කියන යෝජනාව ගෙනාවේ බූරා. මම නම් ඉතින් ඔය දෙකටම මුලින් කැමති වුනේ නෑලු. :D
මං පරිවර්තනයක් කරනවා නම් හොඳ ඇක්ෂන් / ඇඩ්වෙන්චර් පොතක් තමයි කරන්නේ. මට මේ ෆැන්ටසි/මැජික් ෂෙනාරය අල්ලන්නේ නෑ.
ReplyDeleteමේකෙත් ඇක්ෂන් පිරිලා කතන්දර. පස්සේ එන ඒවා දැක්කාම ඔයා හැමදාම මෙහේ එනවා...බලන්ටකෝ. :D
Deleteමේකේ ත් ඇක්ෂන්/ඇඩ්වෙන්චර් ගොඩයි කතන්දර. ඊටත් වඩා පොලිටික්ස් කියන ගේම් එක ප්ලේ කරන විදිය තමයි වැඩිපුරම :)
Deleteඔන්න දැනුයි පොඩ්ඩි අක්කේ කියවන්න වෙලාවක් ආවේ.. එහෙනම් අපි කියවගෙන යමු.. කොටසක් මේ ගාන වුනාට අවුලක් නෑ.. මොකෝ ඉතින් මේකේ මතක තියා ගන්න එහෙම චරිතත් සෑහෙන තියෙන හන්දා මේ ගාන ඇති කියලා හිතෙනවා..
ReplyDeleteඔව් ඒක හන්දා තමයි ප්‍රස්තාවනවත් කොටස් කීපයකට කඩන්ට වුණේ. සුමානෙකට දෙකක් විතරක් දාමු කියලත් හිතුවේ.
Deleteඔයාගේ බ්ලොග් රෝලෙට මේක ඇඩ් කරගත්තොත් ලින්ක් එවන ප්‍රශ්නේ නෑ නේද දිනේශ්...:D
කතාව හොදයිවගේ.. මේකත් අර සැදෑ අදුර වගේ යන කතාවක්ද ? ඒ වගේ එව්වට තමයි මම කැමති...
ReplyDelete(බ්ලොග් එක බුක්මාර්ක් කරගත්තා බ්ලොග් රෝලේ එල්ලුවට වැඩක් නැහැනේ මගේ බ්ලොගේ මම බලන්නේ නැතිකොට ) :D
පොඩ්ඩිට ජයවේවා !!!. බුරා ටත් එසේම වේවා ..!
සැඳෑ අඳුරට වඩා වෙනස්. ඒත් ගොඩක් ලස්සණ එකක් චමී...කියවගෙන යන්ටකෝ...:)
Deleteඑක කියෙව්වා. ඔන්න කොක්කකුත් ගහගත්තා.
ReplyDeleteමම හිතුවේ කොකු ගහනවා කියන්නේ රන්ඩු කරනවට කියලනේ හී හී...
Deleteලස්සනට පරිවර්තනය කරලා තියෙනවා. දිගටම කියවම්ද නොකියවම්ද කියල මේ හිත හිත ඉන්නේ.. කොහොම වුනත් මේ කොටස කියෙව්වා.
ReplyDeleteදිගටම කරගෙන යන්න.. :)
ස්තූතියි පැතුම්. ඉතිරි කොටසුත් කියවන්ට. එතකොට ඉංග්‍රීසි පොත පැත්තකට දාලා මේක දිගටම කියවන්ට හිතෙයි.:)
Deleteකථාව නම් රසවවත් කියලා දැනෙනවාත් එක්කම මට බයත් හිතෙනවා පොඩ්ඩි මේක අද්භුත කතාවක් නේද, හිතට හයිය අරගෙන එනවා ඊලඟ එකත් කියවන්න. පරිවර්තනය කළෙ පොඩ්ඩිද? හැබැයි ටයිප් කරේ පොඩ්ඩි කියලා නම් ෂුවර් එකටම දන්නවා ලියලා තියන රටාවෙන් ( යන්ට/වෙන්ට/ඉන්ට ) :D :D
ReplyDeleteBest wishes.!
දෙන්නෙක් එක්ක කරන වැඩක් Reeza. අනෙක් එක්කෙනා බූරා. අර උඩ ඉන්නේ. ඔව් ...ඔව්... හිතට හය්ය අරගෙන එන්ට. බය වුනොත් කෑගහන්ටකෝ. අපි දුවගෙන එන්නම්.:D
Deleteදේශකයා, මාරයා, ඉවාන්, ගිම්හානි, ප්‍රා ජේ, රාජ්, මාතලන්, ලොකු ජෝන්, බිත්ති හතර, බස්සි, හැලපේ, බස්සා, ඇනෝ, සොන්යා, නිශ්, මනෝජ්, බීට්ල්, ඇල්බන්, චමී4යූ, සෑම්, මහේෂ්, නලින්, අඟහරුවා, අරූ, නිරෝ, කකා, දිනේශ්, සරත්, පැතුම්, රීසා..... ඔබ සැමගේ අදහස්වලට බොහෝ ස්තූතියි!
ReplyDeleteඒ වගේම කමෙන්ටුවක් නොකෙටූ මුත් පැමිණ මෙය කියවූ ඔබ සැමටත්, විවිධාකාරයෙන් ගුණ-දොස් පෙන්වා දුන් සැමටත් නොවක් ස්තූතිය!
පලි: ස්තූති කරන්නට පමා වූවාට සමාවුව මැනවි. වැඩ රාජකාරිවලින් ඉසුඹුවක් ලද්දේ අදයි.
පපලි: හැකි සෑම විටම පරිවර්තනයේ අඩු-පාඩු, වැරැදි, දොස් ඇතොත් පෙන්වා දුන මැනවි. එමෙන්ම ඔබේ චෝදනා හා යෝජනා ඇතොත් නොපැකිලව ඒවා 'පොඩ්ඩි මෙනෙවිය' වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. එමගින් මෙම කාර්‍යය වඩාත් සාර්ථක කරගත හැකි වනු ඇති බව අපේ විශ්වාසය යි... :-)
මෙතන මේ 'අපේ විශ්වාසය' කියලා තියෙන්නේ කාගේ විශ්වාසයද දන්නේ නෑනේ? :D
Deleteමම හරිම අාශාවෙන් කියවූවා. ඊලඟ ෙකාටස බලන්න බලා ඉන්නවා.ජය වෙන්නයි පැතුම...!
ReplyDeleteදිලනි??? thanks :)
Deleteහරි හරි ඉතින් අඩු පාඩු පස්සෙ පෙන්නන්න බැරියැ , හෙටවත් කතාවේ කොටසක් දාන්නකො :)
ReplyDeleteහෙට එයාගේ කොටසක් දායි. කමෙන්ට් තුන, තුන දානවා කීවා නේද බූරාට? :D:D
Deleteකියනකොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. :P
Deleteදාල බලන්නකො මොකද වෙන්නෙ කියල , පොඩ්ඩි තෑග්ගක් දෙනව කිව්වද කියල ඇහව්වනේ . ඔයත් එහෙම තෑගි දෙනවද වැඩියෙන් කමෙන්ට් දැම්මොත් :)
Deleteකෝ මේක ෆලෝ කරන්න විදියක් නැද්දෝ?
ReplyDeleteදැනට බ්ලොග් රෝලේ එල්ලගන්ටෝ...:)
Deleteහොඳ ආරම්භයක් වගේම හොඳ පූර්විකාවකින් පටන් ගත්ත කතාව ... තවම පළමු පිටුන නිසා බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියල
ReplyDeleteමේ ෆොන්ට් සයිස් එක ටිකක් වැඩිකරන්න. දැන් අපි වයසයි කුඩා අකුරු පේනවා අඩුයි. :D
බූරාට දාන්නම් දයා. එයා දැනටමත් ඒක කරලා වගේ මට පේන්නේ.
Deleteමරු මරු .. මේ Games Of Thrones ද ?
ReplyDeleteඔව්නේ. අලුත් කොටස් දෙකක් දාලා තියෙනවා. ඒවත් බලන්ට. ආවට නිමේශ්ට ගොඩක් ස්තූතියි :)
Deleteමගෙ අම්මේ සෑහෙන දෙනෙක් ඇවිල්ලනෙ... ඔන්න මම අදයි බලන්න පටන් ගත්තෙ... වෙනස්ම විදියක ලස්සන කතාවක් වෙන ලකුණු තියෙනවා..
ReplyDeleteබොහොම ස්තූතියි තරුරසී! එහෙනම් දිගටම එන්ටකො කතාව බලන්ට..
Deleteහප්පේ පොඩි බුරාගෙ..
ReplyDeleteසොරි සොරි.. පොඩ්ඩි + බුරාගෙ වෑයම අති සාර්ථකයි.
නම් ගම් මතක තියා ගන්න නම් තාම ටිකක් අමාරුයි..
පස්සෙ පස්සෙ හරි යයි නේ?
එහෙනම් සුභ මංගලම්... අහ්හ්.. සුභ ගමන්.. :p
උඹ කොහෙද බං මෙච්චර දවසක් හැංගිලා හිටියෙ.?
Deleteනම්-ගම් ලේසියෙන් මතක තියාගන්ට අන්න උඩ දකුණු පැත්තෙ ෆැමිලි ට්‍රී එකේ පින්තූරයක් දාලා තියෙනවා.. :-)
ලස්සනයි
ReplyDeletethanks Neanji...:)
Deletesorry Neranji...not Neanji...:)
Deleteඑන්නං කියලා හිතාගෙන හිටියට අදනේ එන්න ලැබුනේ. සමාවෙන්න.
ReplyDeleteපරිවර්තන කාර්යය අපි හිතන තරම් ලේසි නැහැ. නමුත් සාර්ථක පරිවර්තනය මුල් කෘතිය 90% කට වඩා කියවන්නාට සමීප කරවනවා. ඔබ ආරම්භ කර තිබෙන්නේ අමාරු වැඩක්. අපි කරන්න ඕනෙත් අමාරු වැඩ. මොකද එවැනි කාර්යයක් අවසානයේ ලබන ආත්ම තෘප්තිය වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා.
මගෙන් සුබපැතුම්.
ආව එකට ගොඩක් සන්තෝසයි විචාරක. මේ වගේ වැඩක් පටන් ගත්තාම ඉවර කරන එකමනේ හිතේ තියෙන්නේ. වෙන වැඩකට හිත යන්නේ නෑ.
Deleteනියමම වැඩක්..
ReplyDeleteමම මේකේ ටීවී සීරිස් එක බැලුවා..
බැලුවා නෙවි ඇබ්බැහි උනා කිව්වනම් හරි..
හිතුවේ නැ ඒ කතාවට අඩාල පොත කියන්වන්න හම්බෙයි කියලා කවදාවත්..
අනිවා මේකනම් කියවනවා..
ජය වේවා..දිගටම කරගෙන යමු.
මම සාමාන්‍යයෙන් කිසිම පොතක ප්‍රස්තාවනාව කියවන්නෑ.. එක්කො අන්තිමට... මේකෙ එහෙම බැරිවෙයි වගේ...
ReplyDeleteනියමයි බූරා සහ පොඩ්ඩි. මේ දක්වා සියල්ල යහපත්...
සෙන්න,
Deleteකිසිම පොතක? හ්ම්ම්
Pra Jay, එක පොතක හැර කියමුකො එහෙනම්... :D
Deleteහුඟක් ප්‍රස්තාවනාවල තියන අවුල තමා කතාව සාරංශ කරලා තියන එක. මම ඒකට කැමති නෑ ඒකෙන් කුතුහලය නැතිකරවනවා...
හතර වෙනි එක බලලා ඊලඟ එක එන්නේ අප්‍රේල් වල කියලා දැන ගත්තු ගමන් මාත් අනිත් අය වගේ කියවන්න ගත්තා. ඒත් අතේ තියාගෙන කියවනවා වගේ නෙවේනේ pdf එක කියවන්න හරි අමාරුයි. තාම යන්න පළවෙනි පොතේ අවසාන හරියේ. දැන් මේක තියන හින්දා අවුලක් නෑ.
ReplyDeleteMaru aaa mama ada idan kiyawanawaa subapathum digatama karagena yamu
ReplyDeleteඅද තමයි මේක දැක්කෙ,
ReplyDeleteකලින් දැක්කෙ නැති එක හොඳයි, දැන් එක දිගටම කියන්න පුලුවන්.
බොහොම ඉස්තූතිය් පොඩ්ඩිටයි, බුරාටයි.
අනර්ඝ වැඩක්! මේක අලුතින් කියවන්න එන මම වගේ අයට අනුපිළිවෙලින් කියවාගෙන යන්න පහසුවට පටුනක් සහිත පිටුවක් දැම්මොත් කොහොම ද?
ReplyDelete