Monday, 1 September 2014

සන්සා - 01-2


"ජොෆ්රි, එයා ළඟට යන්ට." රැජිණ කියනු ඇයට ඇසින.

ඊළඟ මොහොතේ ඇගේ කුමරා ඈ අසලට පැමිණි‍යේ ය.

"එයාට ඉන්ට දෙන්ට." ‍ජොෆ්රි කීවේ ය. සිය අත දිගු කල ඔහු ඇයව දෙපයින් සිටවී ය. "මොකක්ද ප්‍රශ්නෙ ම‍ගේ සුන්දර ආර්යාවනි? ඇයි ඔබ බය වෙලා ඉන්නෙ? කවුරුවත් ඔබට හිරිහැර කරන්නෙ නෑ. ඔය කඩු පහත දාපල්ලා. හැමෝම. මේ වෘකයා එයාගෙ පුංචි හුරතලා. එච්චරයි." ඔහු සැන්ඩෝර් ක්ලිගේන් දෙස බැලීය. "උඹත් බල්ලො. මෙතනින් අහකට පලයං. උඹ මගේ කුමාරිව බය කරනවා."

පක්ෂපාතී වූ දඩබල්ලා හිස නමා ආචාර කොට සෙනග අතරින් රිංගා නොපෙනී ගි‍යේය. තමාව නිශ්චල කරගැනීමට සන්සා දැඩි උත්සාහයක් දැරුවාය. තමා මහ මෝඩියක යැයි ඇයට හැඟෙන්නට විය. ඇය වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙකු වූ අතර වංශවත් ආර්යාවක් ද වූවා ය‍. යම් දිනෙක ඇය මේ රාජධානියේ රැජිණ වීමට යන්නී ය. "ඒ එයා නිසා නෙවෙයි මගේ ආදරණීය කුමරුනි. ඒ අර අනිත් කෙනා නිසා."

ආගන්තුක නයිට්වරුන් දෙදෙනා වික්ෂිප්ත බැල්මක් හුවමාරු කරගත්හ. "පේය්න්?" කොළ පැහැ සන්නාහයෙන් සැරසුනු තරුණ මිනිසා සරදම් හඬින් ඇසී ය.

ධවල වර්ණයෙන් සැරසුනු මහළු මිනිසා ඇයට කරුනාවෙන් ඇමතී ය. "සෙර් ඉලියන් සමහර වෙලාවට මාවත් බය කරනවා ආර්යාවනි. එයාට මහ භයානක පෙනුමක් තියෙනවා තමා."

"එයා එහෙම වෙන්ට ඕන." රැජිණ අශ්ව කරත්තයෙන් බැස ඔවුන් දෙසට ඇවිද ආවා ය. පිරිස දෙපසට වී ඇයට අවකාශ සලසා දුන්හ. "රජතුමාගෙ අළුගෝසුවට අපරාධකාරයො බයවෙන්නෙ නැත්තම් එතනට පත්කරලා තියෙන්නෙ වැරැදි මිනිහව."

"ඒ කියන්නෙ ඔබ ගැලපෙනම පුද්ගලයයි තෝරගෙන තියෙන්නෙ උත්තමාවනි." සන්සා කීවා ය. පිරිස අතරින් සිනා හඬක් මතු විය.

"නියම උත්තරයක් දරුවා." සුදු ඇඳුමින් සැරසුනු මහළු මිනිසා කීය. "එඩාර්ඩ් ස්ටාර්ක් ගෙ දුවෙකුට ගැලපෙන විදියටම උත්තර දුන්නා. ඔබව අඳුනාගන්නට ලැබීම ගෞරවයක්. මම රාජ්‍යාරක්ෂක බලකායේ සෙර් බැරිස්ටාන් සෙල්මි." ඔහු හිස නැමී ය.

සන්සා ඒ නම දැන සිටියා ය. වසර ගනනාවක් පුරා සෙප්ටා මෝර්ඩේන් ඇයට උගන්වා තිබුනු ආචාරශීලීත්වය ඇයට මතක් විය. "රාජ්‍යාරක්ෂක බලකායේ අණ දෙන නිළධාරිතුමා. අ‍පේ රොබර්ට් රජතුමා ගේ හා ඊ‍ට කලින් ඒරිස් ටාර්ගේරියන් රජතුමා ගේ රාජ්‍ය උපදේශකයා. ඔබ මුනගැසීම ඇත්තෙන්ම මට ලොකු ගෞරවයක් නයිට්වරයානනි. අපි ඉන්න උතුරුකරයේ පවා නිර්භීත බැරිස්ටාන් ගේ වික්‍රමයන් ගැන ගීත ඇහෙනවා."

‍කොළ පැහැ නයිට්වරයා සිනාසුනි. "මම හිතන්නෙ ඔබ අදහස් කරන්ට ඇත්තෙ නාකි බැරිස්ටාන් කියලයි. එයාව ඔච්චරටම මුරුංගා අත්තෙ තියන්ට එපා දරුවා. මිනිහා දැනටමත් එයා ගැන බොහොම ලොකු අධිතක්සේරුවකින් ඉන්නෙ. හොඳයි වෘක කෙල්ලෙ, දැන් ඔබට පුළුවන්නම් කියන්ට මගෙ නමත්. එතකොට මම පිළිගන්නම් ඔබ ඇත්තටම එඩාර්ඩ් උතුමානන්ගෙ දුවක් කියලා."

ඇය පසෙකින් සිට‍ගෙන සිටි ජොෆ් දරදඬු විය. "ඔබ කොහොමද ඔය තාලෙන් කතා කරන්නෙ මගේ අනාගත රැජිණට?"

"මට පුළුවන් උත්තර දෙන්ට." සන්සා වහා කීවේ සිය කුමරාගේ කේන්තිය නිවන්නට මෙනි. කොළ පැහැ නයිට්වරයා දෙස බැලූ ඇය මඳ සිනාවක් පෑවා ය. "ඔබේ හිස්වැස්මෙ රත්තරන් අං තට්ටුවක් හයිකරලා තියෙනවා මගෙ උතුමානනි. ගෝනා කියන්නෙ රාජකීය පෙළපතේ සළකුණයි. රොබර්ට් රජතුමාට සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා. නමුත් ඔබේ අතිශය තරුණ බව නිසා මට නිසැකයෙන්ම කියන්ට පුළුවන් ඔබ තමා ස්ටෝර්ම් එන්ඩ්වල උතුමානන් සහ රජතුමාගෙ උපදේශකයා වන රෙන්ලි බරතියන් කියලා."

සෙර් බැරිස්ටාන් කෙකර සිනහවක් පහළ කලේ ය. "එයාගෙ අතිශය තරුණ බව නිසා මට සැක නැතුව කියන්ට පුළුවන් එයා වෙන කවුරුත් නෙවෙයි උඩඟු ජේත්තුකාරයෙක් විතරයි කියලා."

සෑම අතින්ම සිනා හඬ නැගෙන්නට වූ අතර රෙන්ලි උතුමානන්ද ඔවුන්ට එක් විය. මොහොතකට පෙර එහි තිබුනු නොඉවසුම්බව පහවී ගිය අතර සන්සාට සැහැල්ලුවක් දැනෙන්නට පටන්ගත්තා ය. එනමුදු ඒ මොහොතකට පමණි. ඇය ඉදිරිපිට සිටි මිනිසුන් දෙදෙනා දෙපසට කල සෙර් ඉලියන් පේය්න් කිසිදු සිනාවක් නොමැති මුවෙන් යුතුව ඇය ඉදිරියේ සිටගත්තේ ය. ඔහු කිසිදු වදනක් දෙඩු‍වේ ද නැති අතර දිගටම සන්සා දෙස බලා සිටින්නට විය. දත් විලිස්සූ ලේඩි ගොරවන්නට පටන් ගත් අතර උගේ හිසට සෙමින් තට්ටු කල සන්සා ඌ නිහඬ කරන්නට සමත් විය. "මම කියපු දෙයින් ඔබට අපහසුතාවක් වුනා නම් මට සමාවෙන්ට සෙර් ඉලියන්." ඇය කීවා ය.

පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇය මොහොතක් නැවතී සිටි නමුදු කිසිදු පිළිතුරක් ලැබුනේ නැත. ඔහු තමා දෙස බලා සිටි ආකාරය දුටු විට ඒ සුදුමැලි දෑස් විසින් තමා හැඳ සිටින සළුපිළි ගලවා ඉවත්කොට, තමාව හම ගසා, තම ආත්මය නිරුවත් කොට ඔහු ඉදිරියේ සිටුවා තැබුවාක් වැනි හැඟීමක් ඇයට දැනෙන්නට විය. ඔහු කිසිදු වදනක් නොදොඩාම ආපසු හැරී ඉවතට ඇවිද ගියේ ය.

අන්දුන් කුන්දුන් වූ සන්සා සිය කුමරා දෙස බැලී ය. "මම මොකක් හරි වැරැදි දෙයක් කිවුවද ස්වාමිනී? ඇයි එයා මට කතා නොකලේ?"

"පහුගිය අවුරුදු දාහතර තිස්සෙම සෙර් ඉලියන් කතා කරන්ට එච්චර උනන්දුවක් පෙන්නුවෙ නෑ." රෙන්ලි උතුමානන් කීවේ මු‍වේ රැඳුනු දඟකාර සිනහවක්ද ඇතිවය.

ජොෆ්රි සිය මාමා වෙත පිළිකුල මුසු බැල්මක් හෙලී ය. ඉන්පසු සන්සා ගේ අතින් අල්ලාගත්තේ ය. "ඒරිස් ටාර්ගේරියන් ගිනියම් අඬුවකින් එයාගෙ දිව උගුල්ලලා දැම්මා."

"ඒ වුනාට එයා බොහොම ව්‍යක්ත විදියට එයාගෙ කඩුවෙන් කතා කරනවා." රැජිණ ද කතාවට සම්බන්ධ වූවා ය. "අනිත් එක අපේ රාජධානිය වෙනුවෙන් එයාගෙ තියෙන ඇල්ම ගැන කිසිකෙනෙකුට සැක කරන්ට බෑ." ඇය සන්සා දෙස බලා සුන්දර සිනහවක් පෑවා ය. "සන්සා, ඔයාගෙ තාත්තයි රජතුමායි ආපහු එනකම් මම මේ හොඳ උපදේශකයො දෙන්නත් එක්ක ටිකක් කතා කරන්ට ඕන. බොහොම කනගාටුයි, ඒත් අපට මර්සෙලා කුමාරිත් එක්ක දවස ගෙවන එක වෙන දවසකට කල්දාන්ට වෙනවා. කරුනාකරලා ඔයාගෙ සහෝදරීට කියන්ට මම සමාව ඉල්ලුවයි කියලා. ජොෆ්රි, සමහරවිට ඔයා කැමතිවෙයි එයත් එක්ක ටිකක් කාලය ගතකරන්ට."

"බොහොම සතුටින් කරන්නම් අම්මෙ." ‍ජොෆ්රි කී‍වේ ය. ඇගේ අතින් අල්ලාගත් ඔහු අශ්ව කරත්තය වෙතින් ඉවතට ඇවිද ගියේ ය. සන්සා ගේ සිත සතුටින් ඉපිල යන්නට විය. සිය කුමරාත් සමග මුළු දවසක්ම ගතකරන්නට! ඇය ජොෆ්රි දෙස වන්දනීය බැල්මක් හෙලුවා ය. ඔහු කෙතරම් ශූර වීර ගුන ඇත්තෙක්ද! ඔහු ඇයව සෙර් ඉලියන් හා දඩබල්ලාගෙන් බේරාගත් අයුරු. එය හරියටම වීර කාව්‍යයන්හි කියැවෙන්නාක් මෙනි. දර්පණ පලිහේ සෙර්වින් විසින් ඩේරිස්සා කුමරියව යෝධයින්ගෙන් ගලවා ගත්තාක් වැනිය. නැත නැත, එය හරියටම මකර නයිට්වර ඒමන් කුමරා විසින් නපුරු සෙර් මෝර්ගිල් ගේ අපහාස උපහාස වලින් නේරිස් රැජිණ ගේ ‍ගෞරවයට හානි නොවී ගලවාගත්තාක් වැනිය.

ජොෆ්රි ගේ අත සිය බාහුවේ ගැටුනු විට ඇගේ හෘදස්ඵන්දනය සියගුනයකින් ඉහළ ගියේ ය. "ඔබ මොකක් කරන්නටද කැමැති?"

ඔබත් එක්ක ඉන්ට, සන්සා සිතුවා ය. "ඔබ කැමැති ඕනම දෙයක් මගේ කුමරුනි."

ජොෆ්රි මොහොතක් කල්පනා කලේ ය. "අපි අශ්වයො පිටේ යමු."

"ආහ්! මම හරිම ආසයි අශ්වයො පිටේ යන්ට."

ජොෆ්රි පසුපස හැරී ඔවුන් ගේ දෙපා අසලින්ම පැමිණෙන ලේඩි ‍දෙස බැලුවේ ය. "ඔබේ වෘකයා නිසා අශ්වයො බයවෙන්ට පුළුවන්. අනිත් අතට පේන විදියටනම් මගේ බල්ලා නිසා ඔබ බයවෙනවා. ඉතිං ඒ දෙන්නවම දාලා අපි දෙන්නා විතරක් යමු. ඔබ මොකද හිතන්නෙ?"

සන්සා තැතනුවා ය. "ඔබේ කැමැත්තක්." ඇය අතීරණාත්මක හඬින් කීවා ය. "මම හිතන්නෙ මට ලේඩිව ගැටගහලා එන්ට වෙයි. මම දැනන් හිටියෙ නෑ ඔබට බල්ලෙක් ඉන්නවා කියලා..."

ජොෆ්රි සිනාසුනේ ය. "ඒ ඇත්තටම මගේ අම්මගෙ බල්ලා. අම්මා එයාට බාර දීලා තියෙන්නෙ මාව ආරක්ෂා කරන්ට."

"ආහ්! ඔබ මේ කියන්නෙ දඩබල්ලා ගැන." එය තේරුම් ගැනීමට මෙතරම් පමා වීම ගැන ඇයට තමා ගැනම කේන්තියක් ඇති විය. "එයාව දාලා යන එක ආරක්ෂාකාරීද?"

ඇය මෙවැන්නක් ඇසීම ගැන ජොෆ්රි ගේ සිතේ තරහක් ඇති වූ බවක් පෙනින. "බයවෙන්ට එපා මගේ ආර්යාවනි. මම වැඩුනු මිනිහෙක් හා සමානයි. මම ඔබේ සහෝදරයො වගේ ලී කඩුවලින් සෙල්ලම් කරන්නෙ නෑ. මට මෙන්න මෙච්චරයි ඕන කරන්නෙ." ඔහු සිය අසිපත ඇද ඇයට පෙන්වී ය. එය වසර දොළසක ළමයෙකුට ගැලපෙන අන්දමින් දිග අඩු කල, දිදුලන නිල් පැහැ වානේවලින් තැනුනු, රනින් නිමවූ සිංහ හිසකින් සැරසූ මිටකින් සමන්විත සුන්දර වස්තුවකි. සන්සා අගය කරන බැල්මෙන් ඒ දෙස බැලූ අතර ජොෆ්රි සතුටු සිනාවක් පෑවේ ය. "මම ඒකට කියන්නෙ 'සිංහ දත' කියලයි." ඔහු කීය.

ඉදින් සිය ආරක්ෂාව පිණිස සිටි ඝෝරවෘකයාත් ශරීරාක්ෂකයාත් දෙදෙනාම අතහැර දැමූ ඔවුන් දෙදෙනා, සිංහ දත පමණක් අතැතිව ගංගා ත්‍රිශූලයේ උතුරු ඉවුර ඔස්සේ ඇවිදින්නට ගියහ.

--------------------------------------

එය ඉතා සුන්දර මායාවී දවසක් විය. වාතය උණුසුම් වූ අතර මල් සුවඳින් පිරී ඉතිරී ගියේ ය. සන්සා උතුරුකරයේ වනාන්තරවල කිසිදා නොදුටු අමුතුම සුන්දරත්වයක් මේ දකුණේ වනාන්තරවල තිබින. ජොෆ්රි කුමරා ගේ අශ්වයා සුළඟ මෙන් ‍වේගවත් රතු-දුඹුරු පැහැ එකෙකු වූ අතර ඔහු ඉතා සාහසික නොසැලකිලිමත් ස්වභාවයකින් අසු මෙහෙයවී ය. ඔහු කෙතරම් වේගයකින් අසු පැන්නුවාද යත් සන්සාට ඔහු හා සමපාත වීමට දැඩි උත්සාහයක් දැරිය යුතු විය. ඔවුහු පළමුව ගංඉවුරේ වූ ගල්ගුහා නිරීක්ෂණය කලහ. ඉන්පසු දිවියකු ‍ගේ පියසටහන් ඔස්සේ උගේ ‍ලෙන සොයා ගියහ. කුසගිනි දැනුනු කල අසල තිබුනු කුඩා බලකොටුවක් සොයාගත් ජොෆ් ඔවුන්ට කෑම සපයන මෙන් එහි විසූවන්ට අණ කලේය. සන්සා පෙර කිසිදු දිනක නොකල තරම් වයින් පානය කලා ය. "මගේ තාත්තා අපට බොන්ට දෙන්නෙ එක වයින් කෝප්පයක් විතරයි. ඒකත් උත්සව දවස්වලට." ඇය සිය කුමරාට පාපොච්චාරණයක් කලා ය.

"මගේ කුමාරිට එයා කැමැති තරම් වයින් බොන්ට පුළුවන්." ජොෆ් කී‍වේ ඇගේ කුසලාණ නැවත පුරවමිනි.

ආහාර ගැනීමෙන් පසු ඔවුහු පෙරට වඩා සෙමින් ගමන් කරන්නට වූහ. ජොෆ් ඇය වෙනුවෙන් ගායනා කල අතර ඔහු ගේ හඬ මිහිරි හා ජීවමය බවකින් පිරී තිබින. වයින් නිසා සන්සා සිටියේ තරමක මත් ගතියකිනි. "අපි ආපහු යන්ට පටන් ගන්ට ඕන නැද්ද?" ඇය ඇසුවා ය.

"ඉක්මනටම. යුද්ධභූමිය තියෙන්නෙ තව ටිකක් ඉස්සරහ. ‍ගඟේ නැම්ම තියෙන තැන. එතන තමා මගේ තාත්තා රේගාර් ටාර්ගේරියන්ව මරලා දැම්මෙ. ඔබ දන්නවනෙ පපුවට දුන්නු එකම එක පාරකින්, සන්නාහය ඔක්කොම පොඩිපට්ටම් වුනා. ඊටපස්සෙ මගෙ මාමා ජේමි නාකි ඒරිස්ව මරලා දැම්මා. මගෙ තාත්තා රජවුනා... මොකක්ද ඒ ඇ‍හෙන සද්දෙ?"

සන්සාටත් එය ඇසී තිබින. වනය ඇතුළතින් නැග ආ ලී දෙකක් එකට වදින හඬක්. "මම දන්නෙ නෑ." ඇ‍ගේ සිතට බියක් දැනෙන්නට විය. "ජොෆ්රි, අනේ අපි ආපහු යමු."

"මට බලන්ට ඕන මොකක්ද ඒ සද්දෙ කියලා." ශබ්දය ඇසුනු ‍දෙසට ජොෆ් සිය අසු හැරවී ය. ඔහු පසුපසින් වැටීම හැර වෙන විකල්පයක් සන්සාට නොවී ය. ශබ්දය වඩාත් වැඩි වන්නට වූ අතර වඩා පැහැදිලිද විය. ලීයක් තවත් ලීයක් මත තදින් වදින හඬක්. තව තවත් ලංවෙද්දී කිසිවෙකු තදින් හුස්ම ගන්නා හඬත් යමෙකු වේදනාව නිසා උගුරෙන් පිට කල හඬත් ඔවුනට ඇසෙන්නට විය.

"කවුරුහරි අතන ඉන්නවා." සන්සා වියවුල් සිතින් කීවා ය. සිය ඝෝරවෘකයා සිටියානම් යැයි ඇයට සිතින.

"ම‍ගෙත් එක්ක ඉන්නකං ඔබ ආරක්ෂාකාරීයි." ජොෆ්රි සිය අසිපත කොපුවෙන් මෑත් කරගත්තේ ය. "මේ පැත්තෙන්." ඔහු කීවේ තුරු ගොමුවක් අතරින් අසු මෙහෙයවමිනි.

තුරු ගොමුවට එහායින් ගංඉවුරට මුහුණ ලා හිස් බිමක් විය. කුඩා ‍කෙල්ලක් හා ‍කොල්ලෙක් එහි සටන් පුහුණු වෙමින් සිටියහ. අසිපත් වෙනුවට ලී දඬු දෙකක් නැතහොත් කොසු මිටවල් දෙකක් යොදාගත් ඔවුන් දෙදෙනා තණකොළ උඩින් එහා මෙහා පනිමින් එකිනෙකාට වැරෙන් පහර එල්ලකරමින් සටන් කලහ. කොළුවා සිය සගයාට වඩා වයසිනුන්, උසිනුත්, ශරීර ශක්තියෙනුත් වැඩි එකෙකු විය. දැරිය හමගිය සම් ඇඳුමකින් සැරසුනු කෙසඟ එකියක් වූවා ය. ඇය එහාට මෙහාට පනිමින්, දෙකට නැවෙමින් කොළුවා එල්ල කරන පහරවල් සිය කොසුමිටෙන් වැලැක්වීමට උත්සාහ කරමින් සිටියද එය සෑමවිටම සාර්ථක නොවී ය. ඉදිරියට පැන කොළුවාට පහරක් එල්ල කිරීමට ඇය යත්නයක් දැරූ අතර පහසුවෙන්ම එම පහර වැලකූ කොළුවා ඇ‍ගේ අතැඟිලි වලට පහර දුන්නේ ය. ඇය වේදනාවෙන් කෑ ගැසූ අතර අවිය පසෙකට විසි විය.

ජොෆ්රි කුමරා මහ හඬින් සිනාසුනි. තැතිගෙන විසල් වූ දෑසින් ආපසු හැරි බැලූ කොළුවා සිය දණ්ඩ බිම අත හැරියේ ය. දැරිය ඔවුන් දෙස රවා බැලුවා ය. භීතිය නිසා සන්සා ගේ කට ඇරුනි. "ආර්යා!" ඇය විශ්වාස නොකරන ස්වරයෙන් මුර ගෑවා ය.

"යනවා යන්ට." ආර්යා පෙරලා කෑ ගැසුවා ය. කේන්තිය නිසා ඇගේ දෑසට කඳුළු පුරා තිබින. "ඔයාලා මොනවද මෙතන කරන්නෙ? අපට ඉන්ට දීලා යනවා යන්ට."

ජොෆ්රි ආර්යා දෙසත්, සන්සා දෙසත් නැවත ආර්යා දෙසත් බැලී ය. "මේ ඔබේ සහෝදරීද?" ඇය ලජ්ජාවෙන් හිස වැනුවා ය. ජොෆ්රි කොළුවා දෙස නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවේ ය. "එතකොට උඹ කවුද කොල්ලො?" ඔහු ගේ හඬ අධිකාරී බවකින් පිරී තිබින.

"මයිකා." කොළුවා සෙමින් මිමිනී ය. කුමරාව හඳුනා ගත් ඒ දෑස් බිමට නැමුරු විය. "මයෙ උතුමානනි."

"එයා මස්කාරයගෙ පුතා." සන්සා කීය.

"එයා මගෙ යාළුවා." ආර්යා තියුණු හඬින් කීවා ය. "එයාට ඉන්ට දෙන්ට."

"මස්කාරයගෙ කොල්ලට නයිට්වරයෙක් වෙන්ට හිතිලා ඒ?" ජොෆ්රි අසිපත අතැතිව අසු පිටින් බිමට පැන්නේ ය. "උඹේ කඩුව අහුලගනින් මස්කාරයගෙ කොල්ලො. අපි බලමු උඹ කොච්චර දක්ෂ සටන්කාරයෙක්ද කියලා."

භීතිය නිසා ගල්ගැසුනු මයිකා එතනම සිටගෙන සිටියේ ය.

ජොෆ්රි ඔහු ‍දෙසට පිය මැන්නේ ය. "ඉතිං බලා ඉන්ට එපා අහුලගනින්. එ‍හෙමත් නැත්තං උඹ සටන් කරන්නෙ කෙල්ලොත් එක්ක විතරද?"

"එයයි මගෙන් ඇහුවෙ මයෙ උතුමානනි. එයා තමයි මට කිවුවෙ."

ආර්යා දෙස හෙලූ එක් බැල්මකින්ම ඔහු කියන්නේ සත්‍යයක් බැව් සන්සා වටහාගත්තා ය. එනමුදු ජොෆ්රි සිටියේ ඇහුම්කන් දෙන මට්ටමක නොවේ. වයින් මත නිසා ඔහු ඇවිස්සී සිටි‍යේ ය. "උඹ කඩුව අහුලගන්නවද නැද්ද?"

මයිකා හිස වැනී ය. "ඒක නිකංම දණ්ඩක් විතරයි මයෙ උතුමානනි. ඒක කඩුවක් නෙවෙයි. දණ්ඩක් විතරයි."

"උඹත් මස්කාරයෙකුගෙ පුතා විතරයි. නයිට්වරයෙක් නෙ‍වෙයි." සිය අසිපත එසවූ ජොෆ්රි එහි තුඩ මයිකා ගේ කම්මුලක් මත තැබී ය. කොළුවා බිය නිසා වෙවුලන්නට විය. "උඹ දන්නවද උඹ ඔය පහරදුන්නෙ ම‍ගෙ කුමාරිගෙ සහෝදරී‍ට?" අසිපත් තුඩ මසට තදවුනු තැනින් රුධිර බිඳුවක් මතුව ආ අතර කම්මුල දිගේ රත් පැහැ රුධිර ධාරාවක් පහළට ගලන්නට පටන්ගත්තේ ය.

"ඕක නවත්තනවා." ආර්යා කෑ ගැසුවා ය. බිම වැටී තිබුනු සිය දණ්ඩ ඇය අහුලා ගත්තා ය.

සන්සා බියපත් වූවා ය. "ආර්යා, ඔයා මේකෙන් අයින් වෙලා ඉන්ට."

"මම ඌට රිද්දන්නෙ නෑ... වැඩිය." ජොෆ්රි ආර්යාට කී‍වේ මයිකා වෙතින් දෑස් මුදා නොගනිමිනි.

ආර්යා ඔහු දෙසට පිනී ය.

සන්සා සිය වෙළඹ පිටින් රූටා පහළට බැස්සද ඇය පමා වූවා වැඩි විය. දණ්ඩ දෑතින්ම අල්ලා ගත් ආර්යා ජොෆ්රිට පහරක් එල්ල කලා ය. එය මහ හඬක් නංවමින් කුමරා ගේ හිසේ පිටුපස වැදී දෙකට කැඩිනි. ඊළඟ මොහොතේ සන්සා ගේ බියපත් දෑස් ඉදිරියේ දහසක් දේවල් එකවර සිදුවිය. විස්මයට පත් ජොෆ්රි අවලාද නගමින් ආපසු හැරුනේ ය‍. සිය දෙපයට තමා සතු මුළු වෙර යෙදූ මයිකා තුරුගොමුව තුළට පලාගියේ ය. ආර්යා නැවත වරක් කුමරාට පහරක් එල්ල කල නමුදු ඔහු සිය අසිපතෙන් එය පහසුවෙන්ම වැලකී ය. ඈ අත වූ දණ්ඩ පසෙකට විසි වී ගියේ ය. ඔහු ‍ගේ හිස පිටුපස රුධිරය නිසා රත් පැහැ වී තිබුනු අතර ඒ දෑස් වියරුවෙන් පිරී තිබින.

සන්සා බියෙන් බිරුසන් දුන්නා ය. "එපා. එපා. අනේ නවත්තන්ට. ඔය දෙන්නම ඕන නවත්තන්ට. ඔයාලා ඔක්කොම විනාශ කරලා දානවා." එනමුදු කිසි‍වෙකු ඇයට ඇහුම්කන් දුන් බවක් පෙනෙන්නට නොවී ය.

ගලක් අහුලාගත් ආර්යා ජොෆ්රි වෙත දමා ගැසුවා ය. එනමුදු ඉලක්කය වැරැදී ගිය ගල වැදුනේ ඔහු ‍‍ගේ අශ්වයාට වූ අතර කුලප්පු වූ සත්ත්වයා වනය තුළට දිව ගි‍යේ ය.

"අනේ නවත්තන්ට. අනේ ඕක නවත්තන්ට." සන්සා කෑ ගැසුවා ය.

ජොෆ්රි නොසරුප් බසින් බනිමින් ආර්යා වෙත සිය අසිපතෙන් පහරක් එල්ල කල අතර ආර්යා එයින් බේරීමට පසුපසට පැන්නා ය. ඇය දැන්නම් සැබවින්ම බියපත්ව සිටියා ය. එනමුදු ඇයට මගහැරීමට ඉඩක් නොදුන් ජොෆ්රි දිගටම පහර එල්ලකරමින් ඇයව තුරුගොමුව දෙසට හඹාගියේ ය. කුමක් කරන්නදැයි සන්සාට සිතා ගත නොහැකි විය. ඇය කිසිදු පිළිසරණක් නොමැතිව කඳුළු පිරි දෑසින් ඔවුන් දෙස බලා සිටියා ය.

ඊළඟ මොහොතේ ඇයව පසුකරමින් අඳුරු ‍පොදියක් ඉදිරියට පැන්නේ ය. දත් විලිස්සාගත් නයිමේරියා පිම්මක් පැන ජොෆ්රි ගේ අසිපතැති අත හණු අතරට තදකර ගත්තා ය. අවිය අතින් ගිලිහි ගිය අතර ප්‍රහාරයේ දැඩි බව නිසා ඔහු ගේ සමබරතාව බිඳී ගියේ ය. ඔවුන් දෙදෙනාම එක පොදියට බිම පෙරලිනි. වෘකයා ගොරවමින් දත් විලිස්සමින් ජොෆ්රි ගේ සිරුර මත නැග සිටි අතර ඔහු වේදනාවෙන් කෑ ගැසීය. "ඌව අයින් කරගන්ට. ඌව අයින් කරගන්ට."

ආර්යා ගේ හඬ කසයක් මෙන් නැග ආවේ ය. "නයිමේරියා."

කුමරාව අත හැර දැමූ ඝෝරවෘකයා ආර්යා පසෙකින් සිටගත්තා ය. තණබිම මත වැතිර සිටි කුමරා වේදනාවෙන් ඉකිබිඳිමින් සිය තුවාල වූ අත අල්ලාගෙන සිටියේ ය. ඔහු ගේ කමිසය ලෙයින් පෙඟී තිබින. "ඌ ඔබට රිද්දෙවුවෙ නෑ... වැඩිය." ආර්යා කීවා ය. සිංහ දත වැටී තිබුනු තැනින් අහුලාගත් ඇය එය දෑතින්ම ඔසවාගෙන ඔහු පසෙකින් සිටගත්තා ය.

ඈ දෙස බැලූ ඔහු කුඩා බලු පැටවෙකු මෙන් බියෙන් ඉකිබිඳින්නට විය. "එපා. අනේ මට රිද්දන්ට එපා. මම අම්මට කියනවා."

"ඔයා එයාට ඉන්ට දෙන්ට." සන්සා සිය සොයුරියට කෑ ගැසුවා ය.

ආපසු හැරුනු ආර්යා සිය මුලු වැර යොදා අසිපත වීසිකලා ය. අසිපත හිරු එළියේ නිල් පැහැයෙන් දිදුලමින් ගංගාව දෙසට කරකැවී ගොස් ජලතලය මතට වැටී නොපෙනී ගියේ ය. ජොෆ්රි වේදනාත්මක හඬක් නැගී ය. ආර්යා සිය අශ්වයා දෙසට දිව ගිය අතර නයිමේරියා ඈ පසුපසින් වැටුනා ය.

ඔවුන් ගිය පසු සන්සා ජොෆ්රි වෙතට ගියා ය. වේදනාව නිසා ඔහු ගේ දෑස් පියවී තිබුනු අතර ඔහු අමාරුවෙන් හුස්ම ගත්තේ ය. සන්සා ඔහු පසෙකින් දණ ගැසුවා ය. "ජොෆ්රි." ඇය ඉකිබින්දා ය. "අනේ බලන්ට එයාලා කරපු දේ. බලන්ට එයාලා කරපු දේ. මගේ අහිංසක කුමාරයා. බයවෙන්ට එපා. මම අර බලකොටුවට ගිහිල්ලා උදවු අරගෙන එන්නම්." සෙමින් අත දිගු කල ඇය ඔහු ගේ රන්වන් කෙහෙරැළි පිරිමැද්දා ය.

සැනෙන් විවර වූ ඒ දෑස් ඇය දෙස බැලී ය. ඒ දෑස් පිරී තිබුනේ පිළිකුලෙන් හා අධම දුෂ්ට අවමානයෙන් මිස අන්කිසිවකින් නොවී ය. "එහෙනං පලයං." ඔහු ඈ දෙසට කෙල ගැසී ය. "මාව අල්ලන්ට විතරක් එපා."


Arya Stark: “I don’t like the queen.”

58 comments:

  1. දවල් වෙලා කියවඤ්ඤං...

    ReplyDelete
  2. හරි.. ඒ මගුලත් එතනින් ඉවරයි.. පාඩුවේ ගිය ගමන ගියා නම් මොකුත් නෑ නේ.. පොර වෙන්න ගිහිල්ල ඉල්ලං කෑම කියන්නේ මේකට තමා... අන්තිමේ රතු කැටත් නෑ, කුමාරිත් නෑ වගේ නේද..

    ReplyDelete
    Replies
    1. රතු කැට හොයන්න ගියේ සන්සා,ජෝෆ්රි නෙමේනේ,ඒ ගියේ ආර්යානේ.

      Delete
    2. අඟහරුවා රතු කැටයක් මෙතනට ගෙනාවේ කොහෙන්ද මන්දා :)

      Delete
    3. ආර්යාට රතු කැට හම්බවුනාද නැද්ද කියලා නම් කියලා නෑ.

      ඔය සමහර කුමාරවරු කුමාරියො ඉස්සරහ පොර වෙන්ට යනවනෙ බැරි මරගාතෙ. මක්කැයි කොරන්නෙ ඉතිං! :-)

      Delete
    4. ජොෆ් නම් චා තමා. හැබැයි කුමාරයන්ට මඩ ගසන එක සම්පූර්ණයෙන් හෙලා දකිමි. උල තියනවා සෙට් එකම පිය රජතුමාට කියල හරිය.

      Delete
    5. පෂ්වාන් දාෂකට ෂමාවෙන්ටර් කුමාරයානන් වහන්ෂ! නොදැන කල වරදට ගැත්තාර්ට අනුකම්පාර් කරන්ටර්!! ඔය මම නෙවෙයි ඔය කමෙන්ට්ෂ් එක දාලා තියෙන්නෙ. අර හොර බෂ්ෂා ම‍‍ගේ අකවුන්ට් එකර් හැක් කරලා!!! ඌව තමා උල තියාන්ටර් ඕන.

      Delete
    6. සමහර කුමාරවරුන් තාමත් පිය රජවරුන්ට කියලා තමාලු වැඩ කරවගන්නේ...පව්නේ...:P

      Delete
  3. Rise and shine
    නැත්නම් යන්නවෙයි පයින්
    Prince of moonshine
    හිස් බෝතලෙත් අරන් වයින්

    ReplyDelete
    Replies
    1. නින්ද හින්දා අහන්න වෙන පද අෆ්ෆා.
      (හිස් බෝතල් ගොඩක් යට නිදා සිටිමින් :P)

      i dont like the queen either arya.

      Delete
    2. හරි පදයක් ඕනැ නම් අර බාර්බිගෙ පෙට් වගේ ඉන්න ස්වීට් මොටා ට පූජාවක් තියල විරිඳුවක් අහගන්න
      BTW අර බසුන්නාන්සෙට මොකද වුනේ? නරින්ටත් එයාට වඩා ස්වීට් ප්‍රොෆයිල් තියන නිසා එයා නයිට්වොච් එකට ගියාද?
      බස්සියො (සහ අනිත් කිරිල්ලියන් ) පව් නේ?

      Delete
    3. බසුන්නැහේ MIA!

      Delete
    4. MIA එකේ හොඳ එක
      මේකට මොනවයින් මොනවා උනාද දන්නේ නෑ අෆ්ෆා. හැරී පොටර් වත් අල්ලගන ගියාද ලියුමක් යවන්න. :P

      Delete
    5. අනේ මහතුනේ මට වන් දුක බලලා
      යනවා හොඳයි, මස් කට්ටක් විසිකරලා
      හොඳට තිබුනු උගුරත් බල්ලෝ කාලා
      නරිය ඩවුන්, උන්දැට හෙම්බා ගහලා

      Delete
    6. පව් අප්පා...ලෙමන් ටී ගොඩාආආක් බොන්ට නරි පැට්ටෝ. ඒ කරලා හොඳට පොරෝගෙන නිදාගන්ට. :P

      Delete
  4. මදැයි වැඩකරුට වෙච්චි දේ අම්මාට උණ ගැනෙන්නම ජෝෆ්රියාට දීලා තියෙන්නේ.
    හු,හු ජෝෆ්රියා හු...:D

    ReplyDelete
    Replies
    1. ජොෆ්රියාට ඔහොම ගහලා මදි නේද.

      Delete
  5. හෙහ්, මදැයි මහ ලොකු කුමාරයා.. මේකා හැම තිස්සෙම අම්මට කියනවා කියලා තමයි බේරෙන්නේ.. මට මතක හැටියට එදා ටිරියන් කම්මුලට ගැහුව වෙලෙත් කිවුවේ මම අම්මට කියනවා කියලනේ??

    ReplyDelete
    Replies
    1. ඒයි..ඒයි උමගිලියා ..කුමරයොන්ට අනං මනං කියනවා එහෙම නෙවෙයි, දන්නවනේ වෙන දේ ...:P

      Delete
    2. ආ මේ ඇවිත් ඉන්නේ ජෝෆ්රි වගේ කුමාරයෙක්.ඔය වගේ කුමාරවරු පොල් පිත්තෙන් පවා කපා ගත්තු ඇහැකියි.

      Delete
    3. ඉවාන්ට මොනාත් කියන්න එපා මනෝජ් , කඩුවක්වත් අරන් ආවොත් එහෙම :D

      Delete
    4. අනේ සොන්යා ඉවානයාගේ කඩු හරියට මයිකා ගේ කොසු මිටවල් වගේ තමයි.:D

      Delete
    5. අනේ නිකන් හිටහං.. මම ඉතින් උඹට කියන්නේ නෑ ඉවානයෝ.. උඹට අපි මේකේ කුමාරයා කම නම් කැමැත්තෙන්ම බාර දෙනවා කිසි අවුලක් නැතුව..

      Delete
    6. හුටා! මෙන්න මෙතන කඩු ෆයිට්!

      Delete
    7. අනේ ඔය ඉවානයා දන්න කඩු. කස්ටියම එන්ට මාලිගාවට මම පෙන්නන්නම් සුපිරි කඩු හරඹයක්

      Delete
    8. @ PoM,

      බලාගෙන හොඳේ. :P

      Delete
    9. දැන් මේ කුමාරයෝ ටික කඩු ෆයිට් කරන්නේ මොන කුමාරිටද? :D

      Delete
  6. කියෙව්වා... ටැලිවිසොන් සීරීස් එකේ තිබුනට වඩා ටිකක් විතර බබා කුමාරයා පොතේ හොඳයි...

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. පොතේ තව ටිකක් විස්තර කරලා දාන්ට පුළුවන් නේ. කොහොමත් ඉතිං කොල්ලා හැදිලා තියෙන්නෙ අම්මට ඕන විදියට නේ.

      හා හා. මේ දෙනවා. :-D

      Delete
    2. ජැක් ග්ලීසන් දකිනකොටම මල පනින හෙවත් ගුටිකන මූණක් ඇති නළුවෙක් බැවින් රූපවාහිනියේ කුමාරයා මීට වඩා infuriating බව මගේ අදහසයි.

      Delete
    3. මම අහගෙන වැඩසටහනක කියනවා මේකට ජස්ටින් බීබර් කුමාරයා කියලා.. හැබැයි අපරාදේ කියන්න බෑ.. ඒ ලුක් එකම තමා තියෙන්නේ.. හෙහ්..

      Delete
    4. ජස්ටින් බීබර්! යක්!! මට බුවා දකිනකොටත් නිකං වමනේ යන්ට වමනේ යන්ට ව‍ගේ. :-)

      Delete
    5. @ Ser Bur
      u and the rest of the world my lord.

      Delete
  7. අනේ අම්මේ මේ ආර්යාගෙ දඟ වැඩ , එතනදිනම් සන්සා ගැන දුක හිතෙනවා. ජේත්තුකාර කුමාරයාට නම් හොඳම වැඩේ. සන්සාගෙ හීනේ නම් හෑබෑවෙන එකක් නැහැ වගේ :)

    ReplyDelete
    Replies
    1. සන්සා ගැන දුක හිතෙනවා කිවුවා!

      Delete
    2. මේ වෙලාවේ හැටියටයි මට දුක හිතුනා කිව්වේ :)

      Delete
    3. සන්සා ගැන මටත් ටිකක් දුක හිතුණා...එයා නරක කෙනෙක් නෙමේ.

      Delete
  8. ආයෙ සැරයක් කියවන්න ඕන රෑට..:)

    ReplyDelete
    Replies
    1. රෑට! ඒ මොකද අප්පේ රෑට?

      Delete
    2. රෑට කියනකොට බයේ බයේ කියවන්ට පුලුවන් හන්දා වෙන්ට ඇති.

      Delete
  9. තාර පීප්පයක් උඩයි වැඩ සිටියේ රජ්ජුරුවෝ
    රජතුමාගෙ කකුල වෙන්ට එකපාරට අණ කෙරුවෝ
    ඔය ලොකුවැඩ බාරගන්න කවදත් මටනං බැරුවා
    ඒක නිසා මං පොඩ්ඩත් ඒකට අදිමදි කෙරුවා

    කලුයි උසයි හරි මහතයි මිනිහා යෝදයක් වගේ
    හිනාවෙලා එකපාරට කණ අල්ලා ඇදපි මගේ
    බූල් බූල් කපු‍ටු කෝට් බලෙන් වගේ ගහපි ඇඟේ
    තාපෙ උඩ වෙව්ල වෙව්ල නයිට් ඩියුටි කරන රඟේ

    ReplyDelete
    Replies
    1. D G M B sat on a wall...
      D G M B had a great fall...
      All the nights watch's horses & all the nights watch's men...
      Couldn't put D G M's feathers again...

      Delete
    2. Couldn't put DGM's mind back together again ....

      Delete
    3. හෙහ්.
      ලින්ක් එක නැතුව කෙලින්ම පින්තූරෙ මෙතන දාන්න ක්‍රමයක් නැද්ද?

      Delete
    4. හී...හී...බස්සාගේ නියම පින්තූරයක්!!!

      Delete
  10. ජොෆ්‍රි උද්ද්ච්ච මෝඩයෙක්.....

    ReplyDelete
    Replies
    1. කොල්ලාව හදලා තියෙන විදියෙ වැරැද්ද තමා‍‍... :-)

      Delete
    2. කොල්ලන්ගේ හැටිමද මන්දා...:P

      Delete
  11. බිසි...බිසි...බිසි....කමෙන්ට් කියවන්ටවත් වෙලා නෑ...:(

    ReplyDelete
  12. පොහ්.....................දැන්නං ටෙලිනාට්‍යයක වේගයෙන් කොටස් එනවා. එත කියවන්න වෙන්නේ හෙමින්.

    ReplyDelete
    Replies
    1. කොටස් කීපයක් එකතු වෙනකං ඉඳලා ඔක්කොම ටික එකපාර කියවලා දාන්ට. :-)

      Delete
    2. පේනවනේ මට මුකුත් නොකියා මට උඩින් පැනලා ඇවිත් තියෙන හැටි හහ්....:D

      Delete
  13. සැප්තැම්බර් පටන් ගත්තා බොහොම අගේට රස විඳිමින්..

    ReplyDelete
  14. අදයි දැක්කේ.....පට්ට පට පට!!!!

    ReplyDelete