"දාමරිකයෙක්?" තමන් ගේ වචන උගුරේ හිරවූවාක් මෙන් ජොන්ට දැනින. මෙය නම් ඔහු සිහිනයෙන් වත් නොසිතූ අසාධාරණ චෝදනාවකි. "උනුයි මං පස්සෙන් ආවෙ මට ගහන්ට. උං හතර දෙනෙක්."
"උඹ සරඹ අංගනයෙදි ලැජ්ජාවට පත්කරපු හතර දෙනෙක්. උඹට බය හතර දෙනෙක්. උඹ සටන් කරන හැටි මම බලන් ඉඳලා තියෙනවා. ඒක උඹට පුහුණුවක් නෙවෙයි. උඹේ කඩුවට හොඳ මුවහතක් තිබ්බනං අරුං මෙලහට මළකඳන්. උඹ ඒ බව දන්නවා, මම ඒ බව දන්නවා, උනුත් ඒ බව දන්නවා. උඹ උංට කිසිම අවස්ථාවක් දෙන්නෙ නෑ. උඹ උංව ලැජ්ජාවට පත්කරනවා. උඹ ඒකෙන් ආඩම්බර වෙනවද?"
ජොන් තැතනුවේ ය. සටනකින් දිනූ විට ඔහුට ඇත්තෙන්ම ආඩම්බර දැනී තිබින. ඔහු ආඩම්බර නොවිය යුත්තේ මන්ද? එනමුදු ඩොනල් නොයේ දැන් එයත් ඔහුගෙන් ඉවත් කිරීමට සැරසෙන සෙයකි. හරියට ඔහු වැරැදි දෙයක් කරන්නාක් මෙනි. "ඒ හැමෝම මට වඩා වයස වැඩි අය." ඔහු විරෝධාත්මක ස්වරයෙන් කීවේ ය.
"ඔවු. වයසයි. ලොකුයි. ශක්තිමත්. ඒක ඇත්ත. ඒ වුනත් මට කැට තියලා කියන්ට පුළුවන් වින්ටර්ෆෙල්වලදි උඹේ සටන් පුහුණු ගුරුවරයා උඹට උගන්නලා තියෙනවා කියලා කොහොමද උඹට වඩා ලොකු මිනිස්සුත් එක්ක සටන් කරන්නෙ කියලා. කවුද එයා? කවුරු හරි වයසක නයිට්වරයෙක් ද?"
"සෙර් රඩ්‍රික් කසල්." ජොන් උදාසීන අයුරින් කීවේ ය. මෙතැන කුමක් හෝ උගුලක් ඇති අතර එය තමා වටා සිරවනු ජොන්ට දැනින.
ඩොනල් නොයේ ඉදිරියට නැමී ජොන් ගේ මුහුණට බර විය. "දැන් මෙන්න මේ ගැනත් හිතපං කොල්ලො. මේ අනිත් එක කොල්ලෙකුටවත් සෙර් ඇලිසර් මුනගැහෙනකං සටන් පුහුණු ගුරුවරයෙක් ඉඳලා නෑ. උංගෙ තාත්තලා ගොවියො, කරත්තකාරයො, හොර දඩයක්කාරයො, කම්මල්කාරයො, පතල්වල වැඩ කරන එවුං, නැවු වල හබල් ගාන එවුං. උං සටන්කිරීම ගැන මොනා හරි දන්නවනං ඒ දැනගෙන තියෙන්නෙ නැවු තට්ටුවෙ වැඩ කරන අතරතුරේදි. එහෙමත් නැත්තං ඕල්ඩ්ටවුන්වල හරි ලැනිස්පෝර්ට්වල හරි මුඩුක්කු අස්සෙ ජීවත්වෙන ගමන්. රජමාවතේ තියෙන ගනිකා මඩම්වලයි, තැබෑරුම්වලයි ඉන්න ගමන්. මෙහාට එන්ට කලින් උං දෙතුන් වතාවක් ඔය කාත් එක්ක හරි හරඹ කරලා ඇති. ඒත් මම සහතිකෙන් කියන්නම්, ඔය අතරින් විස්සෙන් එකෙකුටවත් තමන්ගෙම කියලා ඇත්ත කඩුවක් අයිති කරගන්ට තරම් කවදාවත් සල්ලි තිබ්බෙ නෑ. ඉතිං, දැන් කොහොමද උඹට ඔය දිනුම්වල රසය දැනෙන්නෙ ස්නොව් උතුමානනි?"
"මට ඔය නමින් කතා කරන්ට එපා." ජොන් තියුණු හඬින් කීවේ ය. එනමුදු මේ වනවිට ඔහු ගේ කෝපය නිවී යමින් තිබින. හදිසියේම ඔහුට අතිමහත් ලැජ්ජාවක් හා වරදකාරී හැඟීමක් දැනෙන්නට විය. "මම කවදාවත්... මම හිතුවෙ නෑ..."
"උඹ හිතන්ට පටන් ගන්නවානම් හොඳයි." නොයේ ඔහුට අවවාද කලේ ය. "එහෙම නැත්තං, නිදාගන්නකොට උඹේ ඇඳ ළඟින් කිනිස්සක් තියාගන්ට පුරුදු වෙයං. දැන් පලයං."
ජොන් ආයුධ ගබඩාවෙන් පිටවන විට මධ්‍යහ්නය එළැඹී තිබින. වළාකුළු අතරින් හිරු එබී බලමින් සිටියේ ය. ඔහු හිස ඔසවා හිරු එළියේ නිල් පැහැ පළිඟු මෙන් බබලන ප්‍රාකාරය දෙස බැලුවේ ය. මේ තරම් සති ගණනකට පසුව වුවත් ඒ දර්ශනය ඔහු ගේ සිරුර වෙවුලවා හැරීමට සමත් විය. සියවස් ගනනාවක් තිස්සේ සුළඟ විසින් රැගෙන ආ කුණු දූවිලි ඒ මත තට්ටුවක් මෙන් බැඳී තිබුනු අතර එය සමහරවිටෙක වැහිබර අහසක් මෙන් අඳුරු පැහැයක් ගත්තේ ය. එනමුදු අහස පැහැදිළි දිනයක ඒ මත හිරු එළිය පතිත වූ විට එය බැබලුනේ අහස සිපගන්නා සුදු-නිල් පැහැ කඳුවැටියක් මෙනි.
"මේ තමා මිනිසුන් ගේ දෑතින් ගොඩනැංවූ විශාලතම ඉදිකිරීම." රජමාවතේ ඉහළට එද්දී මුල්ම වරට ඈතින් ප්‍රාකාරය දුටු වේලේ බෙන්ජින් ස්ටාර්ක් ඔහුට කියා තිබින. "ඒ වගේම, වැඩකටම නැති ඉදිකිරීම, සහතිකයෙන්ම." ටිරියන් ලැනිස්ටර් නියවීමක් සමගින් ඊට එකතු කලේ ය. එනමුදු ප්‍රාකාරයට වඩ වඩා ලංවෙද්දී ටිරියන් පවා සිය මුව වසා ගත්තේ ය. කෙනෙකුට එය සැතපුම් ගනනාවක් එපිට සිට පවා උතුරුදිග ක්ෂිතිජයේ දිස්වන අඳුරු නිල් පැහැ ඉරක් මෙන් දැකිය හැකි විය. එය නැගෙනහිර සිට බටහිර දෙසට විහිදී ගිය අතර අනන්තයට ඇදී ගොස් නොපෙනී ගියේ ය. එය අච්ඡින්න සුවිසල් ප්‍රවාහයක් මෙන් දෑස් ඉදිරිපිට නැගී සිටියේ ය. හරියටම එය 'මේ තමා ලෝකාන්තය' කියන්නාක් වැනි විය.
ඔවුන් අන්තිමේදී කළු බලකොටුව දුටු විට, එහි දැවයෙන් නිම කල ගොඩනැගිලි හා ගලින් කල කුළුණු දැවැන්ත අයිස් ප්‍රාකාරය අභිමුවේ කුඩා දරුවකු ගේ සෙල්ලම්බඩු මෙන් දිස් විය. මෙය වින්ටර්ෆෙල් හෝ වෙනයම් බලකොටුවක් හෝ මෙන් නොවී ය. එහි කිසිදු ප්‍රාකාරයක් නොතිබුනු අතර දකුණින්, නැගෙනහිරින් හෝ බටහිරින් එය ආරක්ෂා කල හැකි මගක් නොවී ය. එනමුදු, නිශා රැකුම් බලකාය සිය අවධානය යොමු කල එකම දිශාව උතුර වූ අතර එම දිශාවෙන් ප්‍රාකාරය නැගී සිටියේ ය. අඩි හත්සියයක් පමණ උස් වූ එය සිය පාමුල නැගී සිටි ගොඩනැගිලි අතර තිබුනු උසම කුළුණ මෙන් තුන් ගුනයක් උස් විය. ඔහු ගේ බාප්පා පැවසූ අන්දමට එහි මුදුන කෙතරම් පුළුල් ද යත්, සන්නාහයෙන් සැරසුනු නයිට්වරුන් දුසිමකට කිසිදු අපහසුවකින් තොරව උරිනුර ගැටෙමින් එහි සිය අසුන් මෙහෙයවිය හැකි විය. එහි මුදුනේ වූ දැවයෙන් කල දැවැන්ත කැටපෝල හා සුවිසල් දොඹකර විශාල කුරුල්ලකු ගේ ඇටකටු මෙන් දිස් වූ අතර කුහුඹුවන් තරම් කුඩා මිනිස්සු ඒ අතර එහා මෙහා ඇවිද්දහ.
මේ මොහොතේ ආයුධ ගබඩාව පිටත සිට ප්‍රාකාරය දෙස බලා සිටිද්දී, එදා රජමාවතේදී මුල්ම වරට එය දුටු අවස්ථාවේදී මෙන්ම ජොන්ට තමා හුදු ක්ෂුද්‍ර ප්‍රාණියකු මෙන් හැඟිනි. ප්‍රාකාරය එවැන්නක් විය. සමහර අවස්ථාවලදී එය එතැන ඇති බව කෙනෙකුට අමතක වී යා හැක. හරියට ඉහළින් ඇති අහස හෝ පා තබා සිටින පොළොව හෝ කෙනෙකුට අමතක වී යන්නාක් මෙනි. නමුත්, තවත් සමහර අවස්ථාවලදී එය කෙතරම් ප්‍රබල ලෙසින් නැගී සිටින්නේද යත් මේ ලෝකයේ මීට වැඩි වෙනත් කිසිදු දෙයක් නැත්තාක් මෙනි. එය රාජධානි සප්තකයටත් වඩා පැරණි විය. ඒ දෙස බලා සිටි ජොන්ට තමා ක්ලාන්ත වී යන්නාක් මෙන් හැඟින. තමා ඉදිරිපිට ඇති මේ සුවිසල් අයිස් කඳ හරියට කොයි මොහොතක හෝ කඩා වැටීමට යන්නාක් මෙනි. එනමුදු, එය කඩා වැටුනහොත් මේ මුළුමහත් ලෝකයම කඩා වැටෙන බව ජොන් දැන සිටියේ ය.
"ඒකෙන් එහා පැත්තෙ තියෙන්නෙ මොනවද කියලා කල්පනා කරනවද?" හුරුපුරුදු කටහඬක් ඇසුවේ ය.
ජොන් වටපිට බැලී ය. "ලැනිස්ටර්. මම දැක්කෙ නෑ- මම කියන්ට ගියෙ, මම හිතුවෙ මම විතරයි තනියම මෙතන ඉන්නෙ කියලා."
ටිරියන් ලැනිස්ටර් කෙතරම් ලොම් ඇඳුම් ප්‍රමාණයක් හැඳ සිටියා ද යත් ඔහුව දිස් වූයේ කුඩා වලසෙකු මෙනි. "මිනිස්සුන්ට නොදැනෙන්නට එයාලා දිහා බලන් ඉන්න එක හරි අපූරු දෙයක්. උඹ දන්නෙවත් නෑ උඹට මොනා මොනා ඉගෙනගන්ට ලැබෙයිද කියලා."
"ඔබට මගෙන් නම් කිසිම දෙයක් ඉගෙනගන්ට ලැබෙන එකක් නෑ." ජොන් පැවසී ය. සිය ගමනාන්තයෙන් පසු ඔහුට ටිරියන් මුනගැසුනේ කලාතුරකිනි. රැජිණ ගේ සොහොයුරා වශයෙන් ටිරියන්ට නිශා රැකුමේ ගරු ආගන්තුකයකු ගේ ස්ථානය හිමිව තිබින. ප්‍රධාන අණ දෙන නිළධාරිතුමා ඔහුට 'රජතුමා ගේ කුළුණේ' නවාතැන් දී තිබූ අතර ඔහු මෝර්මන්ට් ගේ මේසයේ හිඳ ආහාර ගත්තේ ය. ඔහු සිය දිවා කාලයන් ප්‍රාකාරයේ ඇවිදිමිනුත්, රාත්‍රි කාලයන් සෙර් ඇලිසර්, බොවෙන් මාර්ෂ් හා අනෙකුත් ඉහළ නිළධාරින් සමග දූ කෙලියෙන් හා මත්පැන් පානයෙනුත් ගෙවා දැමී ය.
"ආහ්! මම යන යන තැන මොනවා හරි ඉගෙනගන්නවා." ටිරියන් සිය අතේ ඇති බස්තම ප්‍රාකාරය දෙසට දිගු කලේ ය. "මම කිය කියා හිටපු විදියට.. ඇයි එක මිනිහෙක් තාප්පයක් හදපු ගමන් ඊළඟ මිනිහට ඒ තාප්පෙන් එහා පැත්තෙ මොනවද තියෙන්නෙ කියලා දැනගන්ට ඕන?" ඔහු හිස ඇල කර සිය අසමාන දෑසින් ජොන් දෙස බැලී ය. "ඒක එහා පැත්තෙ තියෙන්නෙ මොනවද කියලා දැනගන්ට උඹට ඕන නේද? එහෙම නැද්ද?"
"ඒකෙ මොකුත් විශේෂ දෙයක් නෑ." ජොන් පැවසී ය. ඔහුට බෙන්ජින් ස්ටාර්ක් හා එක්ව හොල්මන් කැලෑවේ මැද්දට මුර සංචාරය සඳහා යාමට උවමනා වී තිබින. මේන්ස් රේඩර් ගේ වනචාරීන් හා සටන් වැදීමට උවමනා වී තිබින. අනික් එවුන් හා සටන් කර රාජධානිය බේරා ගැනීමට උවමනා වී තිබින. එනමුදු ඔහුට උවමනා කුමක්දැයි නොකියා සිටීම ගුනදායක ය. "මුර සංචාරකයො කියන්නෙ කැලේයි, කඳුයි, මිදුන විලුයි විතරයි එහෙ තියෙන්නෙ කියලා."
"ඒවයි, යක්කුයි පිශාචයොයි. අපි උංව අමතක කරන්ට හොඳ නෑ ස්නොව් උතුමානනි. එහෙම නැත්තං මොකටද මේ මහ විශාල දේ මෙතන තියෙන්නෙ?"
"මට ස්නොව් උතුමානන් කියලා කතා කරන්ට එපා."
කුරුමිට්ටා ඇහිබැමක් එසවී ය. "උඹ මොකටද කැමති එහෙනං? පුංචි යකා කියනවට ද? උඹ උංට පෙන්නුවොත් උංගෙ වචනවලට උඹට කොච්චර රිද්දන්ට පුළුවන් ද කියලා, උඹට කවදාවත් උංගෙ සමච්චලෙන් බේරෙන්ට බැරි වෙයි. උංට ඕනනං උඹට නමක් හදන්ට, ඒ නම අරගනිං. ඒ නම උඹේ නම කරගනිං. එතකොට උංට ආයෙමත් ඒක පාවිච්චි කරලා උඹට රිද්දන්ට බැරුව යයි." ඔහු සිය බස්තම වැනුවේ ය. "වරෙන්, මගෙත් එක්ක යමු. දැන් අරුං මොකක් හරි අලුගුත්තේරු ඉස්ටුවක් බෙදන වෙලාව කිට්ටුයි. මට මොනා හරි උණු දෙයක් බඩට දාගන්ට ඕන."
ජොන්ට ද කුසගිනි දැනෙන්නට පටන්‍ගෙන තිබින. එමනිසා ඔහු ටිරියන් හා එක පෙළට වැටුනේ කුරුමිට්ටා ගේ බකල ගසන පියවරවලට සමානුපාත වන පරිදි සිය ගමන බාල කලේ ය. සුළඟ හමන වේගය වැඩි වන්නට වූ අතර ඔවුන් වටා පැරණි දැවමය ගොඩනැගිලි කිරි කිරි හඬ නැංවී ය.
"මම උඹේ වෘකයාව දැක්කෙ නෑ."
"අපි සරඹ පුරුදු වෙන වෙලාවට මම එයාව පරණ ඉස්තාලෙ ගැට ගහලා දානවා. එයාලා දැන් ඔක්කොම අශ්වයො ගාල් කරන්නෙ නැගෙනහිර ඉස්තාලෙ. ඉතිං ඒක නිසා කවුරුවත් එයාට බාධා කරන්නෙ නෑ. අනිත් වෙලාවට එයා මාත් එක්ක තමා ඉන්නෙ. මම නිදාගන්න කාමරේ තියෙන්නෙ හාර්ඩින්ගෙ කුළුණෙ."
"ඒක නේද අර බිඳිච්ච කොටුපවුරක් තියෙන එක? පහළ මිදුලෙ කෑලි වලට කැඩිච්ච ගලක් තියෙන්නෙ. මම හිතුවෙ ඒ ගොඩනැගිලි සේරම අත ඇරලා දාලා කියලයි."
ජොන් දෙවුර ඇකිලී ය. "කවුරුත් හොයන්නෙ නෑ තව කෙනෙක් නිදාගන්නෙ කොහෙද කියලා. පරණ බලකොටු ගොඩක් හරිය හිස්. අපට ඕන එකක් තෝරගන්ට පුළුවන්." එක් කලෙකදී කළු බලකොටුව පන්දහසක් සෙබළුන්ටත්, ඔවුන් ගේ අශ්වයින්ට, සේවකයින්ට හා ආයුධවලටත් සෙවන දුන්නේ ය. දැන් එහි සිටින්නේ එමෙන් දහයෙන් පංගුවකටත් අඩු ප්‍රමාණයකි. බලකොටුවේ සමහර කොටස් මේ වනවිට නටඹුන් බවට පත්වෙමින් තිබින.
ටිරියන් ලැනිස්ටර් ගේ සිනාව අවට පැතිරී ගියේ ය. "මම උඹේ තාත්තට පණිවුඩයක් දෙන්නම්, උඹ නිදාගන්න කුළුණ කඩන් වැටෙන්ට ඉස්සෙල්ලා ඉක්මනටම තව ගල්වඩුවො ටිකක් අත්අඩංගුවට අරන් මෙහාට එවන්ටයි කියලා."
මෙහි ඇති හාස්‍යය ජොන් පවා රසවින්දද ඊට යටින් ඇති කටුක සත්‍යය ඔහුට ද නොවැටහී නොගියේ ය. නිශා රැකුම විසින් ප්‍රාකාරය දිගේ බලකොටු දහනවයක් ගොඩනංවා තිබුනද මේ වනවිට භාවිත කෙරෙන්නේ එයින් තුනක් පමණි. නැගෙනහිර මුහුද අද්දර පිහිටි නැගෙනහිර කුළුණ, බටහිර දෙසින් කඳු පන්ති අතරේ ප්‍රාකාරය නිමා වන ස්ථානයේ පිහිටි සෙවනැලි කුළුණ සහ ඒ දෙක අතරමැද පිහිටි කළු බලකොටුව ඒ තුනයි. අනිකුත් සියළුම බලකොටු කාලයත් සමග කෙමෙන් කෙමෙන් අතහැර දැමුනු අතර දැන් ඒවා පාළු, ජනශූන්‍ය ස්ථානයන් පමණි. ඒවායේ දැන් සරන්නේ මලවුන් පමණි.
"මම විතරක් තනියම ඉන්න එක වඩා හොඳයි." ජොන් මුරණ්ඩු ස්වරයෙන් පැවසී ය. "අනික් අය ගෝස්ට්ට බයයි."
"මොළේ තියෙන කොල්ලො." ටිරියන් කීවේ ය. ඔහු මාතෘකාව වෙනස් කලේ ය. "කට්ටිය කියන්නෙ උඹේ බාප්පා ගිහින් එන්ට කල් ගියා ගොඩක් වැඩියි කියලයි."
කේන්තිය නිසා තමා කල ප්‍රාර්ථනාව ජොන්ට මතක් විය. බෙන්ජින් ස්ටාර්ක් හිම ගොඩක් මත මියගොස් සිටින අයුරු ඔහු ගේ දෑස් ඉදිරියේ පෙනී නොපෙනී ගියේ ය. ඔහු වහා අහක බැලුවේ ටිරියන්ට සිය මුහුණ නොපෙන්වනු පිනිසය. කුරුමිට්ටාට යම් යම් දේ ඉවෙන් මෙන් දැනගැනීමේ හැකියාවක් තිබුනු අතර සිය දෑසේ වූ වරදකාරී ස්වභාවය ඔහුට පෙන්වන්නට ජොන්ට උවමනා නොවී ය. "එයා කිවුවා මගේ උපන්දිනේ දවසට එනවා කියලා." සති දෙකකට පෙරාතුව ඔහු ගේ උපන්දිනය කාටත් හොර රහසේ පැමිණ කිසිදු විශේෂත්වයක් නැතිවම යන්නට ගියේ ය. "එයාලා සෙර් වේමාර් රොයිස් ගැන හෝඩුවාවක් හොයාගන්ටයි ගියේ. එයාගෙ තාත්තා ඒරින් උතුමානන්ගෙ යටත් වංශාධිපතියෙක්. බෙන්ජින් බාප්පා කිවුවා එයාලා සෙවනැලි කුළුණ තරම් දුරට හොයන්ට යනවා කියලා. ඒ කියන්නෙ අර ඈත කඳුවැටිය පැත්තට යනකම්."
"මට අහන්ට ලැබුනා පහුගිය කාලෙ මුර සංචාරකයො සෑහෙන දෙනෙක් අතුරුදහන් වුනා කියලා." ටිරියන් කෑම කන ශාලාවට ඇතුළුවන දොර විවර කලේ ය. "සමහරවිට යක්කුන්ට මේ අවුරුද්දෙ ගොඩක් බඩගිනි වෙලා වෙන්ට ඇති."
ඔවුන් ඇතුළු වූ ශාලාව සුවිසල් එකක් වූ අතර එහි වූ දැවැන්ත උඳුනේ ගින්නක් බුර බුරා ඇවිලෙමින් තිබින. එහි උස් සිවිලිමේ හරහට දැමූ බාල්කවල කපුටු කූඩු දැකිය හැකි විය. කෝකියා වෙත ගිය ජොන් ඉස්ටු පුරවන ලද කෝප්පයක් හා කළු පාන් කැබැල්ලක් ලබා ගත්තේ ය. ග්‍රෙන් හා ටොඩ් තවත් කොල්ලන් කිහිපදෙනෙකුත් සමග උඳුන සමීපයේ වාඩි වී මහ හඬින් විහිළු තහළු දොඩමින් සිටියහ. ජොන් කල්පනාකාරීව ඔවුන් දෙස මොහොතක් බලා සිටි මුත් ඉන්පසු ශාලාව ඈත කොණේ වූ හුදෙකලා මේසයක් වෙත පිය නැගුවේ ය.
මේසයේ අනික් පසින් වාඩි වුනු ටිරියන් ලැනිස්ටර් සැකමුසු අන්දමින් ඉස්ටුව ඉව කර බැලුවේ ය. "බාර්ලි, ලූනු, කැරට්." ඔහු කටුකුටු ගෑවේ ය. "කවුරුහරි මේ කෝකියට කියලා දෙන්ට ඕන ටර්නිප් කියන්නෙ මස් ජාතියක් නෙවෙයි කියලා."
"ඒක බැටළු මස් ඉස්ටුවක්." සිය අත්වැසුම් ගැලවූ ජොන් ඉස්ටුවෙන් නැග එන හුමාලයෙන් දෑත් උණුසුම් කලේ ය. එහි සුවඳ නිසා ඔහු ගේ කටට කෙල උනා ආවේ ය.
"ස්නොව්."
ජොන් ඇලිසර් තෝර්න් ගේ කටහඬ හඳුනාගත්තද එහි පෙර නොවූ විරූ කුතුහලාත්මක ස්වරයක් රැඳී තිබින. ඔහු ආපසු හැරුනි.
"අණදෙන නිළධාරිතුමාට උඹව මුනගැහෙන්ට ඕනලු. මේ දැන්මම."
මොහොතකට ජොන්ට සෙලවීමටවත් නොහැකි තරමේ බියක් දැනින. අණදෙන නිළධාරිතුමාට ඔහු මුනගැසීමට ඇති උවමනාව කුමක්ද? ඔවුන්ට බෙන්ජින් ගැන යම් තොරතුරක් ලැබී ඇත් ද? ඔහු මියගොස් ද? ඔහු ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වීද? "ඒ මගේ බාප්පා ගැනද?" ජොන් තැතනුවේ ය. "එයා පරෙස්සමින් ආපහු ඇවිල්ලද?"
"අණදෙන නිළධාරිතුමා සුනංගු වෙවී ඉන්ට කැමැති නෑ." සෙර් ඇලිසර් ගේ පිළිතුර විය. "අනික මම කැමැති නෑ මගේ නියෝග ගැන අවජාතකයො ප්‍රශ්න කරනවට."
ටිරියන් ලැනිස්ටර් සිය බංකුවෙන් නැගිට සිටියේ ය. "ඕක නවත්තනවා තෝර්න්. තමුසෙ මේ කොල්ලව බය කරනවා."
"තමුසෙට වැඩක් නැති දේට කට නොදා ඉන්නව ලැනිස්ටර්. තමුසෙට මෙතන තැනක් නෑ."
"ඒ වුනාට මට රාජසභාවෙ තැනක් තියෙනවා." කුරුමිට්ටා සිනාසෙමින් කීවේ ය. "හරි කණකට වචනෙ දාන්ට විතරයි මට තියෙන්නෙ. තව එක කොල්ලෙක් හරි පුහුණු කරන්ට නොලැබී අසරණ නාකියෙක් වගේ මැරිලා යන්ට තමුසෙට සිද්දවෙයි. දැන් කියනව ස්නොව්ට, ඇයි නාකි වලහට එයාව මුනගැහෙන්ට ඕන කියලා. එයාගෙ බාප්පා ගැන මොකුත් ආරංචියක් ද?"
"නෑ. මේක වෙනමම කාරණයක්. අද උදේ වින්ටර්ෆෙල්වල ඉඳන් කපුටෙක් ආවා. එයාගෙ සහෝදරයා ගැන ආරංචියක්." ඔහු වහාම තම වරද හරි ගැස්සුවේ ය. "එයාගෙ අර්ධ-සහෝදරයා ගැන."
"බ්‍රැන්." ජොන් තෙපලූයේ වහා දෙපයින් නැගී සිටිමිනි. "බ්‍රැන්ට මොකක් හරි සිද්දවෙලා."
ටිරියන් ලැනිස්ටර් ඔහු ගේ බාහුව මත අතක් තැබී ය. "ජොන්. මට බොහොම කණගාටුයි."
ජොන්ට ඔහු කී දේ නෑසුනාක් මෙනි. ටිරියන් ගේ අත පිස දා හැරිය ඔහු ශාලාව හරහා දිව ගියේ ය. අංගනයේ හිම මතින් දිව ගොස් අණදෙන නිළධාරි නිවස්නයේ මුර සෙබළුන් පසු කල ජොන් වරකට පඩි දෙක බැගින් නගිමින් ඉහළ මාලයට පිවිසියේ ය. අණදෙන නිළධාරිතුමා ඉදිරිපිටට පැමිනෙන විට ඔහු ගේ සපත්තූ මුළුමනින්ම දියෙන් පෙඟී තිබුනු අතර ඔහු විසල් දෑසින් යුතුව හති දමමින් සිටියේ ය. "බ්‍රැන්. මොනවද බ්‍රැන් ගැන කියලා තියෙන්නෙ?"
නිශා රැකුමේ අණදෙන නිළධාරී ජියර් මෝර්මන්ට් උතුමානන් වනාහි විසල් තට්ට හිසකින් හා අළු පැහැ දළ රැවුලකින් හෙබි කර්කශ මහළු පුද්ගලයකු විය. ජොන් කාමරයට ඇතුළුවන විට ඔහු සිය සුරතේ වසා හුන් කපුටෙකුට ඉරිඟු ඇට කවමින් උන්නේ ය. "මම දන්න විදියට නම් උඹට අකුරු කියවන්ට පුළුවන්." ඔහු සිය අත ගැස්සූ අතර කපුටා ඉවතට පියඹා ගොස් කවුළු පඩිය මත වසා මෝර්මන්ට් සිය ඉණ පටියෙන් ගත් රෝල් කරන ලද කඩදාසියක් ජොන්ට දෙන අයුරු දෙස බලා සිටියේ ය. "ඉරිඟු." ඌ රළු හඬින් කෑගැසුවේ ය. "ඉරිඟු. ඉරිඟු."
කඩදාසිය මුද්‍රා තබා තිබුනු සුදු පැහැ ඉටි මත වූ ඝෝරවෘකයා ජොන් සිය ඇඟිලි තුඩින් පිරිමැද්දේ ය. ඔහුට රොබ් ගේ අත්අකුරු හඳුනාගත හැකි වුවද සිය දෑස් ඉදිරියේ අකුරු බොඳ වී යන සෙයක් ඔහුට දැනින. සිය දෙකම්මුල් දිගේ කඳුළු ගලා යන අයුරු ඔහුට දැනින. එහෙත්, ඊළඟ මොහොතේ කඳුළු අතරින් පණිවුඩය කියවා තේරුම් ගන්නට ඔහු සමත් විය. "එයා නැගිටලා. දෙවියන්වහන්සේ අපට එයාව ආපහු දීලා."
"අබ්බගාතයෙක් විදියට." මෝර්මන්ට් කීවේ ය. "මට කණගාටුයි කොල්ලො. පණිවුඩේ ඉතිරි ටිකත් කියවන්ට."
ජොන් නැවත ලිපිය දෙස බැලුවේ ය. එහි තව කුමක් තිබුනත් ඔහුට කම් නැත. කිසිම දෙයක් වැදගත් නැත. වැදගත්වන එකම දේ නම් බ්‍රැන් ජීවත්වීමට යන බැව් පමණි. "මගේ සහෝදරයා ජීවත්වෙන්ට යනවා." ඔහු මෝර්මන්ට්ට පැවසුවේ ය. අණදෙන නිළධාරිතුමා හිස වනා ඉරිඟු අහුරක් අතට ගෙන සියුරුහඬ ලෑවේ ය. කපුටා පියඹා විත් ඔහු ගේ උරහිසේ වැසූයේ නැවතත් රළු හඬින් කෑගැසුවේ ය. "ජීවත්වෙන්ට! ජීවත්වෙන්ට!"
මුවේ රැඳුනු සිනාවක් හා අතේ රැඳුනු රොබ් ගේ ලිපිය ඇතිව ජොන් පඩිපෙළ පහළට දිව ගියේ ය. "මගේ සහෝදරයා ජීවත්වෙන්ට යනවා." ඔහු මුර සෙබළුන්ට පැවසූ අතර ඔවුහු මුහුණින් මුහුණ බලාගත්හ. ආපසු කෑම කන ශාලාවට දිව ගිය ඔහු දුටුවේ ටිරියන් ලැනිස්ටර් සිය කෑම පිඟාන නිම කරමින් සිටින අයුරු ය. කුරුමිට්ටා ගේ දෑත් යටින් අත් දමා ඔහුව ඔසවා ගත් ජොන් ඔහුව වටයට කරකැවී ය. "බ්‍රැන් ජීවත්වෙන්ට යනවා!" ඔහු කෑගැසුවේ ය. ටිරියන්ගෙන් දිස් වූයේ තැතිගැන්වුනු පෙනුමකි. ඔහුව බිම තැබූ ජොන් ලිපිය ඔහු අතට දුන්නේ ය. "මෙන්න. කියවලාම බලන්ට."
මේ වනවිට අන්‍යයන් ද කුතුහලය පිරුනු මුහුණුවලින් යුතුව ඔවුන් වටා රැස් වී සිටියහ. අඩි කිහිපයක් දුරින් සිටි ග්‍රෙන් ජොන් ගේ දර්ශනයට හසු විය. ඔහු ගේ අත වටා ඝනකම් වෙළුම් පටියක් ඔතා තිබින. ඔහු වෙතින් දිස් වූයේ උනන්දුසහගත එමෙන්ම අපහසුකාරී පෙනුමකි. එනමුදු එහි කිසිදු තර්ජනාත්මක ස්වභාවයක් නොතිබින. ජොන් ඔහු වෙතට ගියේ ය. ග්‍රෙන් පසුපසට බර වූයේ තමාට ඉදිරියෙන් දෑත් එසවී ය. "උඹ මගෙන් ඈත් වෙලා හිටපං අවජාතකයො."
ජොන් ඔහු දෙස බලා සිනාසුනේ ය. "උඹේ මැණික්කටුවට වෙච්ච දේ ගැන මට සමාවෙයං. රොබ් එකපාරක් ඔය දේම මට කලා. හැබැයි ඒක ලී කඩුවක්. ඒ වුනත් ඒක හෙණ ගහන තරමට රිදුනා. උඹට ඊටත් වඩා අමාරු ඇති. මේ බලහං, මට සමාවෙයං. උඹට ඕන නම් මම උඹට උගන්නන්නම් කොහොමද ඒ පාර වළකන්නෙ කියලා."
ඇලිසර් තෝර්න්ට මෙම දෙබස ඇසින. "ස්නොව් උතුමානන්ට මගේ තැන ගන්ට ඕන වෙලා වගේ." ඔහු අපහාසාත්මකව විරිත්තී ය. "උඹ මේ ඔරොක්ස්ට සටන් පුහුණු කරනවාට වඩා ලේසියෙන් මට පුළුවන් වෘකයෙකුට සර්කස් උගන්නන්ට."
"මම ඒ ඔට්ටුව බාරගන්නම් සෙර් ඇලිසර්." ජොන් කීවේ ය. "මම හරිම ආසයි ගෝස්ට් සර්කස් පෙන්නනවා බලන්ට."
තිගැස්මෙන් මෙන් ග්‍රෙන් ගේ හුස්ම හිරවෙනු ජොන්ට ඇසින. ඔවුන් අවට සෑම තැනම නිහඬතාව පැතිර ගියේ ය.
ඊළඟ මොහොතේ ටිරියන් ලැනිස්ටර් කොක් හඬලා සිනාසුනේ ය. ඉන්පසු අසල මේසයක සිටි කළු සොයුරන් තිදෙනෙක් ඒ සිනාවට එක් වූහ. මේසයෙන් මේසයට සිනාව බෝවී ගොස් අන්තිමේදී කෝකියෝ පවා සිනාවට එක් වූහ. සිවිලිමේ බාල්ක අතර සිටි කුරුල්ලෝ නොසන්සුන්තාවයෙන් දඟලන්නට වූහ. අන්තිමේදී ග්‍රෙන් පවා කෙකර සිනා පාන්නට පටන් ගති.
සෙර් ඇලිසර් කිසි විටෙකත් සිය දෑස් ජොන් වෙතින් මුදා නොගත්තේ ය. ඔහු අවට සිනා හඬ නැගෙන්නට නැගෙන්නට ඔහු ගේ මුහුණ කේන්තියෙන් කළු වී ගිය අතර අත මිට මෙලැවී ගියේ ය. "ඒක බොහොම බරපතල අත්වැරැද්දක් ස්නොව් උතුමානනි." සතුරෙකුට හිමි කුරිරු කටුක ස්වරයෙන් ඔහු අන්තිමේදී කීවේ ය.

Benjen Stark: “On the Wall, a man gets only what he earns.”
ආ මනුස්සය නැගිටලා තියන්නේ.. අබ්බගාතයෙක් උනාද..... ඔව් ඉතින් ලේසි උසකින් නෙවෙයිනේ වැටුනේ...
ReplyDeleteකොලුවගෙ පණ බේරුනා නේ..
Deleteමෙයත් නිදාගෙන ඉඳලා නැගිටලා වගේ...:-)
Deleteඔව් ඒක බොහොම වැරැද්දක්... හිතුවක්කාර පරණ පිස්සු යකෙක් කැමති වෙන්නෑ කව්රුවත් තමන්ට අභියෝගයක් වෙනවට...
ReplyDeleteජොන් ලොක්ක ඇදගෙන නායිද මංද...
හිහි...
ටිරියන්....???? හය්යෝ සල්ලි මචං...
ජොන් කොලුවා ගානට වැඩියි නේ..
Deleteඑහෙම වෙන එකක් නෑ මහේෂ් . බලා ඉඳිමු. :)
Deleteමේ ජොන් ගේ කට වැඩියි නේ. හිතාගන ඇති පොර කියල හැහ් .
ReplyDeleteමේ ජොන්ට බනිනනවා එහෙම නෙවෙයි ඔන්න :)
Deleteඇයි වලිද සිංහයෝ ??
Deleteඑයැයිගෙ full name එක 'සොන්යා වලිසිංහ' ලු.. බොලා පරෙස්සමින් හිටු..
Deleteසිංහයා විතරක් නෙමේ අපිත් වලි. ජොන්ට මොනවා හරි කියලා තිබ්බොත් බලාගම්මු. එයා දකිනකොට මට හුස්ම ගන්ටත් අමතක වෙනවලු. :P
Delete@සෝන්යා,
Deleteනේද සෝන්යා? :P
@ sinha Sonya and poddj
Deleteවලි නම් අපිත් ඉතින් වලි තමා හරි. අපේ මව් බිසව මට පොඩි කාලෙ කියුවෙ වලිසුන්දර කුමාරයා කියලා.
දිනයේ උදැල්ල.
ReplyDelete“The gods gave him back.” not eqalus to දෙවියන්වහන්සේ. :P
බුරෝත්තමය දැන් මෝසස් වගේ පූජනීය වෙන්න යනව.
Deletepolytheistic මිනිස්සු monotheistic කරල
තව ටිකක් කල් යන කොට මුහුද දෙබෑ කරයි.
Deleteඅඩු ගානෙ අර මූදුවතුරෙ ගිලෙන මෑන් (drowned dude)වගේවත්?
ස්පොයිලර් නිසා කියන්න බෑ
මම දන්න සිංහලට අනුව නම් 'දෙවියන් වහන්සේ', 'ස්වාමින් වහන්සේ' වගේ ඒවා බහුවචන හැටියටයි සැලකෙන්නෙ.. :-)
Deleteදෙවියනි ඔබ කොහිද? :P
Delete@ප්‍රා,
Deleteඔයාගේ පොත ගන්ට පුලුවන් කොහෙන්ද? යාලුවෙක් මට එවන්ට පොතක් හොයනවලු. :D
@Pods, I can't advertise / promote my stuff here on an open blog, can I?
Deleteමම දානටද ඇඩ් එක එහෙනම් :P
Deleteබුර්, සමාවෙන්න ඕන. දෙවියන්වහන්සේ රජ්ජුරුවන්වහන්සේ ආදිය භාෂාව(grammar) අනුව divine/royal plural දාන එක ඇත්ත. ඒත් එයින් අදහස් කරන්නෙ නෑ ඒ එක්කෙනෙකුට වඩා අය කියල. ඒක ගෞරවය සඳහා යොදන බහුවචනයක්.
Deleteඔය කතාවෙ ඔතන කියන්නෙ දෙවිවරුන්ගැන, සමහරවිට the seven. . ඒකට දෙවිවන්වහන්සෙ නෙමෙයි දෙවියන් දුන්න කිව්වනම් හරි. දෙවියන් singular plural දෙකටම කතාකරන භාෂාවෙන් හරි. එහෙම නැත්නම් දෙවිවරුන් හෝ දෙවියන් වහන්සෙලා.
කියන්ට කට ගත්තා විතරයි pj. මම මේ සිංහල පඬියෙකුගෙන් දැන් අසා දැන ගත්තෙමි. the seven වගේ නෙවෙයි ජොන් කියන්නේ උතුරුකරේ නම් නැති දෙවිවරු ගැන. imho දෙවිවරු තමයි වචනේ. sorry for the udalla පොඩ්ඩි :D
Delete@ PoM, I'd rather prefer u not to do it here.
DeleteIf Pods is reluctant to give an alternative method of communication (like an email address), I will email you details.
PoM, I'm rather surprised Bur ignored (it's unlikely that a person of his caliber was ignorant) the Divine/Royal plural rule in this reply to your mammoty.
DeleteAlso, the fact that he was so cavalier about monotheism /polytheism in the first place. Maybe he wants a Fatwa issued against him to get in to Rushdie's circles (if he isn't there already) Or is he fallible after all? Incredible? (Sorry about the English comments guys, a bit pressed for time)
Well lets just hope the red or green priests are not so cruel to issue a fatwa. :)
DeleteAnyway it seems a perfectly normal thing to say. Sorry I had to point it out.
උදැල්ලක් දම්මෙ නැත්තම් කට කහනවා කහනවා වගේනේ. අහිතක් හිතන්ට එපා ලු.
Guys,
Deleteකිසිම 'අහිතක් නොමැති' අතර 'කාලය නොමැති' ප්‍රශ්නයක් පමණක් මේ දිනවල උදා වී ඇත. Pods තුමියද තරමක් බිසී වී ඇති අතර මාද එසේම වී ඇත.
ඔබලා කී දේ ඇත්තය. එතැන "දෙයියො අපට එයාව දීලා" කිවුවානම් යෙහෙක. විශේෂයෙන්ම ජොන් අදහන්නේ වනාන්තරයේ නිර්නාමික දෙවිවරුන් නිසා එය වඩාත්ම ගැලපේ. නමුදු ඒ ගැන කතා කිරීමට තරම් ඉස්පාසුවක් නොතිබුනු අතර පොඩි වේලාවක් සොයාගෙන එහෙන් මෙහෙන් කමෙන්ට්ස් ටිකක් කොටා දැම්මෙමි. ඒ කමෙන්ටුව නොගැලපෙන බව පසුව වැටහුනද ඒ ගැන ක්‍රියා කිරීමට අවසරයක් නොවිනි.
මේ කතාව සම්බන්ධයෙන් උදලු පමණක් නොව කැති, පොරෝ, කඩු, කිණිසි ඕනෑම දෙයක් දැමීමේ අයිතිය පාඨකයන් සතුය. පිළිතුරු පමාවන්නේ නම් ඒ කාලය සොයාගැනීමේ ප්‍රශ්නයක් නිසා පමණි. විශේෂයෙන්ම ඉදිරි සති කිහිපය තුළ මෙය සිදු විය හැක.
එළකිරි ඊළඟ එකට දානවා උදලු පැක්ටරියක්ම :P
Deleteදානවනං දාන්ට 'කිඹුළා උදැල්ලක්' ආ..
Deleteකපන්ට කපන්ට මුවහත් වෙන ඒවද?
Deleteමාත් කතාවෙ ජීවත් උනා , කමෙන්ට් කරන්නෙ කොහොමද කියල හිතා ගන්නවත් බැහැ. ආයෙ පාරක් කියවල ඉන්න ඕනේ......
ReplyDeleteහිත හිතා ඉන්ට ඕන නෑ අනේ.. ඔන්න ඔහෙ කමෙන්ට් කරන්ට.. ;-)
Deleteකතාවේ ජීවත් වෙලා ඉන්නකොට ඉබේම කමෙන්ට් වෙනවා සෝන්යා...:)
Deleteජොන්ට ජීවිතේ ගැන හොඳ පාඩම් ටිකක් ලැබෙනවා.
ReplyDeleteඅනිවා..
Deleteජොන් ජීවිතෙන් පාඩම් ඉගෙනගත්තු හොඳ කොල්ලෙක්...ඒක ඇත්ත.
Deleteමෙදා පාර බැටළු ඉස්ටුවක්.වැඩක් නෑ බුරා බැටළු මස් රසට මං කැමති නෑ.
ReplyDeleteමම නම් කැමතිම මසක් තමා බැටළු මස්..
Deleteමමත් බැටලු මස් උයනකොට එන සුවඳට ආසා නෑ. ඒත් අම්මා හදනවා නිකං තෙල් දාලා වගේ එකක් ගම්මිරිස් ගොඩක් එක්ක. ඒක රසයි. ආයෙම අපි දන්න දෙමළ පවුලක් ඉන්නවා එයාලා හදනවා මිරිස් ගොඩක් එක්ක. අම්මෝ සැර. හැබැයි රහාආආආආආඅයි. සමහර මස් ජාති අපේ වගේ හැදුවට රහ නෑලු. මේ වගේ තව රස නැති මස් තමා මුව මස් සහ කැන්ගරු මස්.
Deleteඅනේ අම්මපා ඔයාලා කාලා නැත්තෙ මොන මස්ද ???????
Deleteමමත් අහන්ටමයි ගියේ .
Deleteහම්මේ ඔන්න අද තමා කියවන්ට උනේ... ජෝනාගේ දුර්වල තැන් පොතේ වැඩියි වගේ...
ReplyDeleteහා හා ඊ....ළග... :D
මොනා කොහොම කලත් ජොනා තාම පොඩි කොල්ලෙක් නේ..
Deleteමෙන්න මෙයාගෙන් බැටලු මස් රෙසිපියක් ඉල්ලගත්තා නම් හරි. අපි නිදන වෙලාවට රහ කෑම පිඟන් මූණු පොතේ දානවා. උදේට දැක්ක හැටියේ බඩගිනී...:D
Deleteජෝන් කියන්නේ එළ කොල්ලෙක් තමයි ඈ..:)
ReplyDeleteකොච්චර අභියෝග ආවත් හොඳට ඒවාට මුහුණ දෙනවානේ..:)
එල කොල්ලෙක් කිවුවේ.. නිකං මේ මං වගේ? :-)
Deleteජොන් දැක්කාම මට නම් මොනාවත් හිතාගන්ට බෑ අප්පා... මම කීවේ ඔක්කොම අමතක වෙලා යනවා. :P
Deleteබලාගන විභාග තියන දවස් වල එහෙම බලන්ට එපා. :P
Deleteහැබැයි කාට හරි දීපු ණය වගේ ඒවානම් අමතක වෙන්න නැහැ ලු..:P
Deleteඇයි අර මිරිස් කන ඒවා වගේ ඒවත් අමතක කරන්ට බෑලු...:P
Deleteහෙහේ,අපිටත් අමතක නැහැලු කාලම පෙන්වන්නම්ලු ...:P
Deleteජෝන් කට්ටියව යාළු කර ගත්තට අන්තිමේ ගුරාව තරහා කර ගත්තා වගේ..
ReplyDeleteබලමු බලමු.. මොකද වෙන්නේ කියලා..
බලමු බලමු නේ..
Delete
Deleteහී හී කට්ටිය බලාගෙන ඉන්ටලා...
පොඩි නිවාඩුවකට මේ පැත්තෙ ඇවිල්ල යන්න කියල ආවා. ඒ ආපු ගමන් සේර් බුර් සමඟ පවත්වපු සම්මුඛ සාකච්චාවක්:
ReplyDelete" හා දැන් අපේ " ඔටුන්නට කෙලියා" පාථකයන් වෙනුවෙන් කියන්න බලන්න , ඔබතුමා කැමතිම සතා"
සේර් බුර්: වෙන කව්ද ගෝරිල්ලා මිසක්කා
බස්සා: " හෑ ඇයි වහන්සෙ, මේච්චර මේ සත්තු ඉන්න රටේ , වෙන සතෙක් ඇත්තෙම නැතුවද ඔය ඇඟපුරාම මොලේ, නෑ, නෑ සොරි ඇඟපුරාම මවිල් තියෙන ගෝරිල්ලෙකුට කැමතියි කිව්වෙ?
සේර් බුර්: නෑ එයා හොඳා, ඔය උසට මහතට හිටියට එයා හරි අහිංසක සතා. හරි කැමතියි පොඩි පොඩි දේ හොයන්න
බස්සා: එතකොට කැමතිම කිරීඩාව?
සේර් බුර්: පිං පොං, මේ දවස්වල ප්‍රින්ස් පොං පොං එක්ක තමා සෙල්ලම
සේර් බුර්: එතකොට කැමතිම පුෂ්පය?
සේර් බුර්: මඟුලක් කියනව? මට මේ දවස්වල පුෂ්පය විකසිත වෙලා ඉන්නෙ.
බස්සා: මල කෙලියයි නෙව? ඇයි ඔබතුමාට කවුරු හරි ද්වන්ධ සටනකට අභියෝග කලා වත්ද?
සේර් බුර්: නැත්තෙමත් නෑ. අර ඩබල නං හැම තිස්සෙම කඩු පයිට්. මාත් අරින්නෙ නෑ ඉඳලා හිටලා හරි ඇදලා අරිනව පාරක් දෙකක්. ඒක නෙමෙයි , මුං මේ උදැල්ල දාන එක නෙව කාලා ඉන්න බැරි?
බස්සා: චෑ, චෑ ඒක නං ඉන්තේරුවෙන්ම වැරදියි. මං මේ අහන්න කියල හිටියෙ , මෙහෙ හිටිය නේද අර නරියෙක්? එයා නං ඔබතුමාට උදව් කරනව ඇති නේද?
සේර් බුර් මතක් කරන්න එපා ඔය අසම්ජ්ජාති දෙපිටකාට්‍ටු කැනහිලා. ප්‍රින්ස් පිං පොං අරිශ්ථ වඩියක් ගහලා දැනටමත් ඔය කානුපල්ලක බුදි ඇති
මූකලන් බස්සා ගේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකිමි. යස අපූරුවට දිලිසි දිලිසි සිටින මම දැන් පිං පොං ගානට වැටී ඇත්තේ මේ බස්සා සහ අර නරියා ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නිසාය. ණයට අරිශ්ටේ ඉල්ලනකොට නම් ඔය කතා කිසිවක් නැත. අනේ කළු කුමාරයෝ කියා වැඳ වැටෙති. කොහොමත් මුන්ට අරිශ්ටේ නැවත ණයට නොදිය යුතුය.
Deleteහහ් වරෙල්ලකෝ අයෙ මාලිගාව පැත්තේ. බොලාට දෙන්නේ මෙතනොල් , තටු ටිකයි බූල් ටිකයි හැලිලම යන්ට.
:P
කැමතිම පස්සියා?
Deleteඉස්සරනම් අර අහිංසකබව පිරී ඉතිරී ගොස් (ඒ පැත්තෙ බිම අඩිය තියන්න බැරි තරමට ) හිටිය කුරුල්ල. පස්සෙ ඌ වෙස්ටෙරෝස් ලේඩීස්ලට මල්ටිකලර් වැඩ පෙන්නන්න හිහිල්ල එල්ලුනානෙ. දන් කපුටො තමයි, කපුටු පාට කුමාරයොත් නරක නෑ
හොඳ වැඩේ බස්සා මේ පාර කෙහෙල් ගහට කොටලා වගේ හී හී හී
Deleteඅපට හිටිය ලපටි කැකුළු නාඹර බස්සා.. ;-)
Deleteමට ඒ ජෝක් එක හරියට තේරුණේ නෑ... ඇයි මිනිස්සු ඒකට එච්චර හිනාවුනේ..? ගෝස්ට්ට සර්කස් උගන්නනවා කියන එකේ වෙනස් තේරුමක් තියෙද...?
ReplyDeleteරහසින් , මටත් නම් ඕක ප්‍රශ්නයක් තමා :P
Deleteඑතැන රහස මේකයි.. සෙර් ඇලිසර් කියන්නෙ තමන්ගෙ සගයින් අතර එච්චර ජනප්‍රිය කෙනෙක් නෙවෙයි.. ඔතැන මිනිස්සු වැඩියෙම්ම හිනාවුනේ විහිළු කතාවට නෙවෙයි සෙර් ඇලිසර්ට.. එතැනදි සෙර් ඇලිසර්ට වුන අකරතැබ්බයට..
Deleteකතාවෙ තියෙන සංකීර්ණ කම හින්දා කමෙන්ට් කරන්න බැහැ , හැම වාක්‍යයක්ම වැදගත් නිසා. ඇත්තටම මම ගොඩාක් පොත් කියවල තියෙනවා, ඒත් මේ වගේ කතාවක් නම් කවදාවත් කියවල නැහැ.
ReplyDeleteඅර එක්කෙනෙක් ලස්සනයි කියල සොෆීගේ ලෝකය පොත ගත්ත , තාම කියවල ඉවර කරන්න බැරිවුනා :)
සොෆීගේ ලෝකය කියන්නෙ එහෙම එක හුස්මට කියවලා ඉවර කරන්ට ඕන පොතක් නෙවෙයි.. ඒක ටික ටික තේරුම් ගනිමින්, රස විඳිමින්, ඒ ගැන හිතමින් කියවන්ට ඕන පොතක්..
Deleteඑහෙනම් ආපහු පටන් ගන්න බලන්න ඕනේ .......
Delete