Wednesday, 10 September 2014

කැට්ලින් 04-2


කැට්ලින් සැනෙකින් නැගිට සිටියා ය. කවුළුවට පිටතින් වූ පියැසි බැස යන හිරු ගේ රක්තවර්ණ රැස් දහරින් සේයා වී තිබින. ඇය අදහස් කරගෙන සිටියාට වඩා වැඩි වේලාවක් නින්දට වැය වී ඇති සේය. නැවත වරක් ඇගේ දොරට තඩි බෑ කිසිවෙක් මහ හඬින් කතා කලේ ය. "රජතුමාගෙ නාමයෙන් දොර අරින්ට."

"පොඩ්ඩක් ඉන්ට." ඇය පිළිතුරු දුන්නා ය. සිය සළුව ගතෙහි දවටාගෙන ඇඳ අසල මේසය මත තිබුනු කිනිස්ස සුරතින් ගත් ඇය දොර දෙසට පිය මැන්නා ය.

කාමරය තුළට කඩා වැදුනු මිනිස්සු නගරාරක්ෂක බලකායට අයත් කළු පැහැ සන්නාහයෙන් හා රන්වන් සළුවෙන් සැරසී සිටියහ. ඇය අතේ ඇති කිනිස්ස දුටු ඔවුන් ගේ ප්‍රධානියා සිනහවක් පලක‍ලේ ය. "ඕක ඕන වෙන එකක් නෑ මයෙ ආර්යාවනි. අපි ආවෙ ඔබතුමීව බලකොටුවට එක්කරන් යන්ටයි."

"කාගෙ අධිකාරි බලයක් පිටද?"

ප්‍රධානියා ඇයට පීත්තපටියක් පෙන්වී ය. සිය හුස්ම උගුරේ සිරවී යනු කැට්ලින්ට දැනුනි. එහි තිබුනේ අළු පැහැ ඉටියෙන් සලකුණු තැබූ කවට කුරුල්ලෙකි. "පෙටයර්." ඇය මිමිනුවා ය. මෙතරම් ඉක්මනට? සෙර් රඩ්‍රික්ට යම්කිසි අකරතැබ්බයක් සිදු වූවා සේය. ඇය ප්‍රධානියා දෙස බැලුවා ය. "උඹ දන්නවද මම කවුද කියලා?"

"නෑ මයෙ ආර්යාවනි. මයෙ උතුමානන් කිවුවෙ ඔබතුමීව එතුමා ළඟට එක්කරන් එන්ට කියලා විතරයි. ඔබතුමීට කිසිම විදියකින් නරකට සලකන්ට එපාය කියලත් කිවුවා."

කැට්ලින් හිස වැනුවා ය. "මම ලෑස්ති වෙනකං උඹලට එළියට වෙලා ඉන්ට පුළුවන්."

සිය දෑත් ජලයෙන් සේදූ ඇය තුවාල නැවත පිරිසුදු හණ රෙදිවලින් වෙලුවා ය. තුවාල වූ අතැඟිලි නුහුරු ලෙස නවමින් ඇඳුම් ඇඳගන්නා අත‍රේ ඇය කල්පනා කරන්නට වූවා ය. ඇය මෙහි සිටින බව සුළැඟිල්ලා දැනගත්තේ කෙසේද? සෙර් රඩ්‍රික් එය ඔහුට කිසිදා නොකියනු ඇත. ඔහු මහල්ලෙක් වුවද මුරණ්ඩු, තමාට ලැදි අයෙකි. ඔවුන් දැනටමත් ප්‍රමාද වැඩිද? ලැනිස්ටර්වරුන් ඔවුන්ට පෙර කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්නට සමත් වීද? නැත, එසේ වී නම් නෙඩ් මෙහි පැමිණ සිටිය යුතු අතර අන් කිසිවෙකුටත් කලින් ඔහු ඇය වෙතට පැමිණෙනු ඇත. කෙසේද....?

මොරියෝ! මේ ටයිරෝෂියා ඔවුන් කවුරුන්ද යන්නත්, ඔවුන් නැවතී සිටින්නේ කො‍හේද යන්නත් දැන සිටියේ ය. ඒ තොරතුරු සැපයීම වෙනුවෙන් ඔහු හොඳ මිලක් ලබන්නට ඇත.

ඔවුන් ඇය වෙනුවෙන් අසෙකු ගෙනැවිත් තිබින. තානායමෙන් පිටත් වෙද්දී මාවත් දෙපස පහන් දැල්වෙන්නට පටන්ගෙන තිබුනි. නගරාරක්ෂක සෙබළුන් පිරිවරා අසුපිට යන තමා දෙසට එල්ල වී ඇති නගර වැසියන් ගේ දෑස් ඇයට දැනෙන්නට විය. ඔවුන් රතු බලකොටුව වෙත ළඟා වන විට ගරාදි පැලැල්ල පහත දමා තිබුනු අතර රාත්‍රිය වෙනුවෙන් සුවිසල් දොරටු වසා දමා තිබින. එනමුදු බලකොටුවේ කවුළු ආළෝකවත්ව බබලමින් තිබින. සිය අසුන් ප්‍රාකාරයට පිටතින් නැවැත්වූ නගරාරක්ෂකයෝ කුඩා පැති දොරටුවක් හරහා ඇතුළු වී නිමක් නැති පඩි‍පෙළ ඔස්සේ ගොස් බලකොටු කුළුණක් වෙතට ඇයව කැඳවාගෙන ගියහ.

පෙටයර් බේලිෂ් කාමරය තුළ තනිවම බරසාර මේසයක් අසල අසුන් ගෙන සිටියේ ය. මේසය මත පහනක් දැල්වෙමින් තිබුනු අතර ඔහු යමක් ලියමින් සිටියේ ය‍. ඔවුන් ඇයව කාමරය තුළට කැඳවාගෙන පැමිණි විට ලියමින් සිටි පෑන පසෙකින් තැබූ ඔහු ඇය දෙස බැලී ය. "කැට්." ඔහු මිමිනී ය.

"මාව මෙහෙම මෙතනට එක්කන් ආපු එකේ තේරුම මොකක්ද?"

නැගී සිටි ඔහු ආරක්ෂකයින්ට රළු ලෙස සංඥා කලේ ය. "පිටවෙයල්ලා." ඔවුහු පිටව ගියහ. "මම හිතනවා උං ඔයාට කිසිම නරක අන්දමකින් සැලකුවෙ නෑ කියලා. මම බොහොම දැඩි විදියට අණ කලා." ඇගේ දෑතේ වෙලුම්පටි ඔහු දුටුවේ ය. "ඔයාගෙ අත් දෙක..."

කැට්ලින් ප්‍රශ්නය නොතකා හැරියා ය. "වැඩකාර කෙල්ලක් වගේ මෙහෙම විධාන දීලා එක්කන් එන්ට මම පුරුදුවෙලා නෑ." ඇය අමනාප ස්වරයෙන් කීවා ය. "පොඩි කොල්ලෙක් කාලෙ වුනත් ඔබ ආචාරශීලීත්වය ගැන දැන‍ගෙන හිටියා."

"මම ඔයාව කේන්ති ගැස්සුවද ම‍ගේ ආර්යාවනි. මම කොහෙත්ම එ‍හෙම දෙයක් කරන්ට බලාපොරොත්තු වුනේ නෑ." ඔහුගෙන් දිස්වූයේ පසුතැවෙන ස්වභාවයකි. ඒ බැල්ම විචිත්‍ර මතකයන් රැසක් කැට්ලින් ගේ සිතට ගෙන ඒමට සමත් විය. ඔහු කපටි ප්‍රයෝගකාර කොලුවකුව සිටි‍යේ ය. එනමුදු තමා කල සෑම මැරවරකමක්ම අවසානයේ කල වරද ගැන පසුතැවෙන මුහුණක් පෙන්නුම් කිරීමට ඔහු සමත් විය. එය ඔහු ලැබූ ත්‍යාගයක් බඳු විය. මෙතරම් වසර ගණනාවකට පසුවවත් ඔහු එතරම් වෙනස් වී නොමැත. පෙටයර් සිරුරින් කුඩා කොලුවකුව සිටි අතර මේ වනවිට කුඩා මිනිසකු බවට වැඩී තිබින. කැට්ලින්ට වඩා අඟලක් හෝ දෙකක් මිටි, සිහින් සිරුරැති, සුනම්‍ය එමෙන්ම ඇයට මතක ඇති පරිද්දෙන්ම තියුණු හැඩහුරුකම් හා නිතර සිනාසෙන අළු-කොළ පැහැ දෑස් ඇති මිනිසකු බවට පත්වී තිබින. ඔහු ගේ නිකටේ දැන් පුංචි උල් රැවුලක් වවා තිබූ අතර කළු හිසකෙස් අතරින් පතර රිදී පැහැ කෙස් දැකිය හැකි විය. එනමුදු ඔහුට තවමත් වයස තිහක් නොවී ය. ඔහු ගේ සළුව උර වටා රැඳවූ රජතමය කවටකුරුල්ලා ඒ රිදී හිසෙකෙස් හා මනාව ගැලපුනි. කුඩා දරුවකුව සිටියදී පවා පෙටයර් සිය රිදීවලට ආශා ක‍ලේ ය.

"ඔබ කොහොමද දැනගත්තෙ මම නගරයේ ඉන්නවා කියලා?"

"වාරිස් උතුමානන් හැමදෙයක්ම දන්නවා." පෙටයර් කපටි සිනාවක් ඇතුව කීය. "එයා ඉක්මනින්ම අපිත් එක්ක එකතු වෙයි. ඒ වුනත් මට ඕන වුනා ඊට කලින් තනියම ඔයාව මුනගැහෙන්ට. කොච්චර කාලයක්ද කැට්. අවුරුදු කීයක්ද."

කැට්ලින් මේ දැනඇඳුනුම්කම් නොතකා හැරියා ය. "එ‍හෙනම් රජතුමාගෙ මකුළුවයි මාව හොයාගත්තෙ."

සුළැඟිල්ලා වේදනාවෙන් ඇකිළුනි. "එයාට මූනට එහෙම කියන්ට එපා. එයා හරි සංවේදී කෙනෙක්. වාරිස්ට නොදැනී මේ නගරයේ කිසිම දෙයක් වෙන්නෙ නෑ. සමහර වෙලාවට යම් යම් දේවල් සිද්දවෙන්ටත් කලින්ම එයා දැනගන්නවා. එයාට හැම තැනින්ම තොරතුරු ගලාගෙන එනවා. එයා උංට කියන්නෙ එයාගෙ පුංචි කුරුල්ලො කියලා. එයාගෙ මේ පුංචි කුරුල්ලෙකුට දැනගන්ට ලැබුනා ඔයා නගරෙට ඇවිල්ලා කියලා. වාසනාවට වගේ මේ ආරංචියයත් අරන් වාරිස් මුලින්ම ආවෙ මා ගාවටයි."

"ඇයි ඔබ?"

ඔහු දෙවුර ඇකිළුවේ ය. "ඇයි මම නොවෙන්නෙ? මම තමා භාණ්ඩාගාරයේ ප්‍රධානියා. රජතුමාගෙ උපදේශකයෙක්. සෙල්මියි රෙන්ලි උතුමානනුයි උතුරට ගියා රොබර්ට්ව එක්කන් එන්ට. ස්ටැනිස් උතුමානන් ඩ්‍රැගන්ස්ටෝන්වලට ගියා. ඉතින් දැන් නගරයේ ඉන්නෙ මායි මේස්ටර් පයිසෙලුයි විතරයි. ඉතින් මම තමා පැහැදිළි තෝරාගැනීම නේද? අනික මම ඔයාගෙ ස‍හෝදරී ලයිසා ‍ගෙ යාළුවා. වාරිස් ඒකත් දන්නවා."

"වාරිස් දන්නවද...."

"වාරිස් උතුමානන් හැම දෙයක්ම දන්නවා... ඔයා මෙහෙ ආවෙ ඇයි කියන එක ඇරෙන්ට." ඔහු ඇහි බැමක් එසෙවු‍වේ ය. "ඇයි ඔයා මෙහාට ආවෙ?"

"බිරිඳකට සැමියා නැති පාළුව දැනෙන්ට පුළුවන්. අනික අම්මා කෙනෙකුට එයාගෙ දුවලට ලංවෙලා ඉන්ට ඕන වුනොත් කාටද පුළුවන් එයාව නවත්තන්ට?"

සුළැඟිල්ලා සිනාසුනේ ය. "හා! හරිම අපූරුයි මගේ ආර්යාවනි. ඒ වුනත් හිතන්ට එපා මම ඒක විශ්වාස කරයි කියලා. මම ඔයාව බොහොම හොඳින් දන්නවා. මොකක්ද ටලීවරුන්ගෙ ආදර්ශ පාඨය?"

ඇගේ උගුර වියළි ගොස් තිබින. "පෙළපත, රාජකාරිය, ගෞරවය." ඇය දරදඬු ස්වර‍යෙන් ‍තෙපලා ය. ඔහු ඕනෑවටත් වඩා හොඳින් ඇයව දැන සිටියා ය.

"පෙළපත, රාජකාරිය, ගෞරවය." ඔහු පුනරුච්චාරණය කලේ ය. "මේ හැම එකක්ම කියන්නෙ ඔයා දැන් වින්ටර්ෆෙල්වල, ඒ කියන්නෙ අපේ රජතුමාගෙ හස්තය ඔයාව දාලා ආපු තැන ඉන්ට ඕන කියලයි. නෑ ම‍ගෙ ආර්යාවනි. මොකක් හරි දෙයක් සිද්දවුනා. ඔයාගෙ මේ අනපේක්ෂිත සංචාරයෙන් පේන්නෙ මොකක් හරි හදිසි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලයි. මම බැගෑපත්ව ඉල්ලා ඉන්නවා, මට උදවු කරන්ට ඉඩ දෙන්ට. පරණ ළඟ යාළුවො එකිනෙකාගෙන් උදවු ඉල්ලන්ට අකැමැති වෙන්ට හේතුවක් නෑ." මෘදු ලෙසින් දොරට තට්ටු කරන හඬක් ඇසින. "ඇතුල්වෙන්ට." සුළැඟිල්ලා කීය.

දොරින් ඇතුළු වූයේ තර, සුවඳ විලවුන් ගත දැවටූ, බිත්තරයක් මෙන් වූ තට්ට හිසැත්තෙකි‍. දම් පැහැ ලිහිල් සේද ග‍වොමකින් සැරසී රන් හුයෙන් වියන ලද උඩු කබායක් හැඳ සිටි ඔහු ගේ දෙපයෙහි විල්ලූදයෙන් නිමවුනු සෙරෙප්පු යුවලක් පැළඳ සිටි‍යේ ය. "ස්ටාර්ක් ආර්යාවනි." ඔහු පැවසූයේ ඇ‍ගේ සුරත සිය දෑතින්ම ගනිමිනි. "මේ තරම් අවුරුදු ගානකට පස්සෙ ඔබව නැවත දකින්ට ලැබීම ලොකු සතුටක්." ඔහු ගේ සම සුමුදු තෙත් බවක් දැනවූ අතර ඔහු වෙතින් ලයිලැක් මල් සුවඳක් හැමී ය. "ආහ්! ඔබේ අත් දෙක. ඔබ මොනවට හරි පිච්චුනාද ආර්යාවනි? ඇඟිලි කියන්නෙ බොහොම සියුමැලි දෙයක්... අපේ හොඳ මේස්ටර් පයිසෙල් බොහොම විශිෂ්ට ආලේපයක් හදනවා. මම ඒකෙන් භාජනයක් ගෙන්නන්ටද?"

කැට්ලින් සිය අතැඟිලි ඔහු ගේ ග්‍රහණයෙන් මුදා ගත්තා ය. "බොහොම ස්තූතියි උතුමානනි! ඒ වුනත් අපේ මේස්ටර් ලුවින් දැනටමත් ඒ තුවාලවලට බෙහෙත් කරලයි තියෙන්නෙ."

වාරිස් හිස සෙලෙවුවේ ය. "ඔබේ පුතා ගැන අහන්ට ලැබුනු ආරංචිය ගැන අපට බොහොම දුකයි. මේ තරම් පුංචි කාලෙකදි. දෙවියන් වහන්සේ හරිම දරුණු කෙනෙක් වෙන්ට ඕන."

"ඒ ගැන නම් අපට එකඟවෙන්ට පුළුවන් වාරිස් උතුමානනි." ඇය කීවා ය. මේ ගරු නාමය ඔහු රාජසභාවේ තනතුරක් දරන නිසා ලද කරුනාවකි. වාරිස් යනු සිය මකුළුදැළේ උතුමානන් මිස අන් කිසිවක උතුමානන් නොවේ. සිය රහස්වල ස්වාමියා මිස අන් කිසිවක ස්වාමියා නොවේ.

පණ්ඩකයා සිය මෘදු දෑත් විදහුවේ ය. "ඊටත් වඩා දේ ගැන අපට එකඟවෙන්ට පුළුවන් කියලා මම හිතනවා ආර්යාවනි. ඔබේ සැමියා, අපේ අලුත් හස්තය ගැන මගෙ බොහොම ලොකු ගරුසරුවක් තියෙනවා. අනික මම දන්නවා අපි ‍දෙන්නම රොබර්ට් රජතුමාට ආද‍රෙයි කියලා."

"ඔවු. අනිවාර්යයෙන්ම."

"අපේ රොබර්ට්ට තරම් වෙන කිසිම රජෙකුට මිනිස්සු මෙච්චර ආදරේ වුනෙ නෑ." සුළැඟිල්ලා කතාව මැද්දට පැන්නේ ය. ඔහු කපටි සිනහවක් පෑවේ ය. "අඩුම ගානෙ වාරිස් උතුමානන්ට ඇහෙන මානයේදී වත්."

"මගෙ හොඳ ආර්යාවනි." වාරිස් මහත් සැලකිල්ලකින් කතාව පටන් ගත්තේ ය. "නිදහස් නගරවල ඉන්නවා බොහොම අද්භූතජනක සුවකිරීමේ හැකියාවන් තියෙන මිනිස්සු. ඔබේ වචනය දෙන්ට. ඔබේ ආදරණිය බ්‍රැන් වෙනුවෙන් මම කෙනෙක්ව ගෙන්නන්නම්."

"මේස්ටර් ලුවින් එයාට කරන්ට පුළුවන් හැම දේම කරනවා බ්‍රැන් වෙනුවෙන්." ඇය පැවසුවා ය. ඇයට මෙහි, මේ මිනිසුන් සමග බ්‍රැන් ගැන කතා කිරීමට උවමනා නොවී ය. ඇය සුළැඟිල්ලාව යන්තම් විශ්වාස කල අතර වාරිස්ව කොහෙත්ම විශ්වාස ‍නොකලා ය. ඔවුන්ට ඇය ගේ ශෝකය පෙන්වීමට ඇයට අවශ්‍ය වූ‍යේ නැත. "බේලිෂ් උතුමානන් කියනවා මාව ‍මෙහාට ගෙනාපු එකට මම ඔබටයි ස්තූති කරන්ට ඕන කියලා."

වාරිස් කුඩා දැරියක මෙන් කැකිරි පැලුවේ ය. "ආහ්! ඔවු. මම හිතනවා මම තමා වැරැදිකාරයා කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔබ මට සමාව දෙයි කියලා, කරුනාවන්ත ආර්යාවනි." අසුනක් මත වාඩි වූ ඔහු දෙඅත් බැඳගත්තේ ය. "මම කල්පනා කරන්නේ ඔබ අපට අර කිනිස්ස පෙන්නයි කියලා."

කැට්ලින් ස්ටාර්ක් අවිශ්වාසයෙන් ගල් ගැසී පණ්ඩකයා දෙස බැලුවා ය. 'මේ නම් මකුළුවෙක්ම තමා'යි ඇය සිතුවා ය. එහෙමත් නැත්තම් විජ්ජාකරුවෙක් හෝ ඊටත් වඩා වැඩි බලයක් ඇති කෙනෙක්! කිසිම කෙනෙකුට දැනගන්නට ලැබේ යැයි සිතන්නට වත් බැරි දේ මොහු දනියි. එසේත් නැතිනම්... "ඔබ මොකක්ද සෙර් රඩ්‍රික්ට කලේ?" ඇය විමසුවා ය.

සිදුවන්නේ කුමක්දැයි සුළැඟිල්ලාට හාංකවින්සියකවත් වැටහීමක් නොවී ය. "මට දැනෙන්නෙ හරියට ලන්සෙ ගෙදර අමතක කරලා දාලා යුද්ධෙට ගිය නයිට් කෙනෙක් ව‍ගේ. මොන කිනිස්සක් ගැනද අපි මේ කතා කරන්නෙ? කවුද සෙර් රඩ්‍රික්?"

"සෙර් රඩ්‍රික් කසල් කියන්නෙ වින්ටර්ෆෙල්වල ප්‍රධාන සටන් පුහුණුකරුවා." වාරිස් ඔහුව දැනුවත් කලේ ය. "මම ඔබට සහතිකයෙන්ම කියා ඉන්නවා ස්ටාර්ක් ආර්යාවනි, අපේ හොඳ නයිට්වරයා කිසිම අතුරු ආන්තරාවක් නැතුව ඉන්නවා. එයා අද දවාලෙ බලකොටුවට ආවා. ඇවිල්ලා ආයුධ ගබඩාවට ගිහිල්ලා ‍සෙර් ආරොන් සැන්ටගාර්ව මුනගැහුනා. ඒ දෙන්නා එක්තරා කිනිස්සක් ගැන කතා කලා. ඉර බහින්ට කිට්ටු කරලා ඒ දෙන්නාම බලකොටුවෙන් පිටවෙලා ඔබලා නැවතිලා ඉන්න අර ජරා පැලට ගියා. එයාලා තාමත් එහෙ ඉන්නවා, අමුත්තන්ගෙ ශාලාවට වෙලා වයින් බිබී, ඔබ එනකං බලාගෙන. ඔබේ මේ අතුරුදහන් වීම ගැන සෙර් රඩ්‍රික් බොහොම තෝන්තුවෙන් ඉන්නෙ."

"ඔබ කොහොමද මේ හැම දෙයක්ම දන්නෙ?"

"පුංචි කුරුල්ලන්ගෙ මිමිනීම් තමා." වාරිස් සිනාසෙමින් කීය. "මම දේවල් දන්නවා ආර්යාවනි. ඒක තමා මට පැවරිලා තියෙන රාජකාරිය." ඔහු දෙවුර ඇකිළුවේ ය. "ඔබ ළඟ ඒ කිනිස්ස තියෙනවා, ඔවු නේද?"

සිය සළුවට යටින් තිබුනු කිනිස්ස ඇදගත් කැට්ලින් එය ඔවුන් ඉදිරිපිට ඇති මේසය මතට දැමුවා ය. "ඔය තියෙන්නෙ. සමහරවිට ඔබේ ඔය කුරුල්ලන්ට මුමුනන්ට පුළුවන් වෙයි ඕකෙ අයිතිකාරයගෙ නම මොකක්ද කියලා."

ඕනෑවටත් වඩා වැඩි මෘදු මොළොක් බවකින් යුතුව කිනිස්ස අතට ගත් වාරිස් එහි තලය දි‍ගේ සිය මහපටැඟිල්ල ගෙන ගියේ ය. ඇඟිල්ලෙන් රුධිරය මතු විය. මීයකු මෙන් බියෙන් කෑ ගැසූ වාරිස් කිනිස්ස නැවත ‍මේසය මතට වීසි කර දැම්මේ ය.

"පරිස්සම් වෙන්ට. ඒක හරිම තියුණුයි." කැට්ලින් ඔහුට කීවා ය.

"වැලීරියන් වානේ තරම් වෙන කිසිම දෙයක් මෙච්චර මුවහත් නෑ." සුළැඟිල්ලා කියද්දී වාරිස් සිය ලේ ගලන මහපටැඟිල්ල මුවේ දමාගෙන බුම්මාගත් මුහුණින් කැට්ලින් දෙස බලා සිටියේ ය. සුළැඟිල්ලා කිනිස්ස අතට ගෙන එහි බර හා මිටෙහි ග්‍රහණය පිරික්සා බැලුවේ ය. එය උඩ වීසිකල ඔහු නැවත අනිත් අතින් එය අල්ලා ගත්තේ ය. "කොච්චර හොඳ සමබරතාවක්ද. ඔයාට මේකෙ අයිතිකාරයා හොයාගන්ටයි ඕන. ඒකද මේ ගමනෙ අරමුන? ඔයාට ඒකට සෙර් ආරොන් ළඟට යන්ට ඕන නෑ මගේ ආර්යාවනි. ඔයා එන්ට තිබුනෙ මගේ ගාවටයි."

"ඉතින් මම ආවනම්, ඔබට මොකක්ද මට කියන්ට තියෙන්නෙ?"

"එහෙනම් මම ඔයාට කියනවා 'මේ මුළු කින්ග්ස් ලෑන්ඩින්ග්වලම මේ වගේ එකම එක කිනිස්සයි තියෙන්නෙ', කියලා." කිනිසි තලය මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් අතරේ සිරකර ගත් ඔහු උරහිසට උඩින් අත උස්සා පලපුරුදු මැණික්කටු චලනයකින් එය කාමරය හරහා පියඹා යැවුවේ ය. කිනිස්ස දොරෙහි ඝනකම් ඕක් ලීයේ යටට ඇමිණී ගියේ ය. "ඒක ම‍ගේ."

"ඔබේ?" එය තේරුම් ගැනීමට අසීරු දෙයකි. පෙටයර් කිසිදිනෙකත් වින්ටර්ෆෙල්වලට පා තබා නැත.

"ජොෆ්රි කුමාරයගෙ උපන්දිනය වෙනුවෙන් පවත්වපු තරගාවලිය දා වෙනකම්." ඔහු කීවේ දොරෙහි ඇමිණී ගිය කිනිස්ස ගලවාගැනීම සඳහා කාමරය හරහා පිය මනිමිනි. "අසරු පොරේ වෙනුවෙන් මම සෙර් ජේමිට ඔට්ටු තිබ්බා. මම විතරක් නෙවෙයි, රාජ සභාවෙන් බාගයක්ම." පෙටයර් ගේ මුවේ ඇඳුනු ලැජ්ජාසහගත නියවීම ඔහුට නැවතත් කොලුවෙකු ගේ පෙනුමක් ලබා දී තිබින. "ලෝරාස් ටිරල් ජේමිව පරද්දපු එකෙන් අපි ගොඩ දෙනෙක් ටිකක් විතර දුප්පත් වුනා. සෙර් ජේමි රන්කාසි සීයක් පැරදුනා. රැජිණ මරකත පෙන්ඩනයක් පැරදුනා. මම මගෙ කිනිස්ස පැරදුනා. රැජිණට නම් පුළුවන් වුනා එයාගෙ මරකත ආපහු ඉල්ලගන්ට. ඒත් අනිත් වස්තුව ඔක්කොම ඔට්ටුව දිනපු කෙනා තියාගත්තා."

"කවුද ඒ?" කැට්ලින් විමසුවා ය. බිය නිසා ඇගේ මුව වියළි ගොස් තිබින. නැවත අලුත් වූ වේදනාව නිසා ඇගේ අතැඟිලි ඇදුම් කන්නට විය.

"පුංචි යකා." සුළැඟිල්ලා කීවේ වාරිස් උතුමානන් ඇගේ මුහුණ දෙස බලා සිටියදී ය. "ටිරියන් ලැනිස්ටර්."


Catelyn Stark: "I thought of him as a brother, but his feelings for me were... more than brotherly."

65 comments:

  1. Replies
    1. ඔව් ඔව් ,පොං පොං වගේ නමක් තියනකොට ඉස්සරහින්ම කැපී පෙනෙනවනෙ.
      එතකොට කාලයා ඇවෑමෙන් කුමාරය රජ වුනාම "කොං" ද?

      Delete
    2. @ Ser Pra ,

      නෑ Kong King ලු...:P

      Delete
    3. ඉස්සර හිතවත පත්තරේද කොහෙද සිරා චිත්‍රකතාවක් ගියා 'කිං කොබා' කියලා.. මට මතක් වු‍නේ බුවාව.. ;-)

      Delete
    4. පිය රජතුමා මොන අදහසකින් කුමාරයට පොම් තනතුර දුන්නද ඇත්තට?

      Delete
    5. කවුද බොල කොබා. රාජපුරුශය අර උල ගෙනෙව. මේ ගොරිල්ලා උල තබනු

      මෙහෙමලු උනේ. අපේ පවුලේ තුන් දෙනයි

      ලොකු එකා POW දෙවනිය POA මම POM

      Delete
    6. Qමම තමයි පොදු ජනයගෙ කුමාරයා

      Delete
    7. AWOL නැද්ද එතකොට?

      // කවුද බොල කොබා. රාජපුරුශය අර උල ගෙනෙව. මේ ගොරිල්ලා උල තබනු //

      ආන්න බලාන්ට පිංවතුනි. සාධාරණ නඩු තීන්දුවක්. අපේ පොම් පොම් කුමාරයා දිනේවා!!

      Delete
    8. උඹ පද හැදුවට උල තියන්ට බෑනේ . රූකඩ උල තියල අහවල් වැඩක්ද ?

      Delete
    9. 1. Prince of Whiskey 2. Prince of Arrack and 3. Prince of Moonshine
      අන්තිම කුමාරය එනකොට රජතුමා බංකොලොත්වගේ

      Delete
    10. Huh
      Podi eka enakota thama piyarajathumaata niyama rasaya therune. Wishky wageda kollo moonshine?

      Delete
  2. එක කොටසක් මිස් වෙලා.. කිනිස්සේ අයිතිකාරයා නම් හොයාගත්ත දැන්වත් යුද්ධේ පටන්ගනීවිද?? මගේ ලැප් එකේ හාඩ් එක ඩවුන්.. ඒ නිසා සමහරවිට කමෙන්ට්ස් නැති වේවි ටික දවසකට...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ අඟහරුවෝ. ඒත් ඉක්මනට හදාගන්ට.

      යුද්ධ කරන්ට තියෙන හදිස්සිය...:D

      Delete
    2. යුද්ධ කරන්ට එහෙම හදිස්සි වෙලා බෑ නෙවැ.. පොඩ්ඩක් ඉවසලා ඉන්ට‍‍කො..

      Delete
    3. ඇයි අෆ්ෆා පොඩ්ඩි අක්ක තුවක්කු ටිකක් ඕඩර් කරනවා කිව්වනේ මගෙන්..

      Delete
  3. හම්මේ...
    මං හිතුව වැරදි නෙ...
    කොහෙවත් නැති බූත යක්කු ටිකක් නෙව කැටලිං හම්බවෙන්න ඇවිත් තියෙන්නෙ...
    එතකොට බ්‍රැන්ට සොට් එක දුන්නෙ ටිරියන්ද
    ඒක ගැන හොයන්න සෑහෙන දවසක් යාවි
    හෆොයි

    ReplyDelete
    Replies
    1. කොහොමත් හිතන දේවල් වෙන්නේ නෑලුනේ මහේෂ් :)

      Delete
  4. මෙතන ප්‍රශ්න කරන්න තරම් මං නිර්භීතවුනා නම් අහන්න තිබුන
    Mockingbird =කවට කුරුල්ලා හරිද කියල. Mock= සමච්ච්ල් . Mockingbird ට නම් එහෙම කියන්න අනුකරණය (කවුඩා වගේ) කරන නිසා . "
    mocking"ට "කවට"තේරුමත් තිබුනට කවටකුරුල්ලා කිව්වහම වෙන තේරුමක් එනවද මන්ද? ඇත්තටම
    ඒ කුරුල්ල ලාංචනයක දාන්නෙ අනුකරණය ට සම්බන්ද හේතුවක් නිසා කියල දන්නවනම් කවුඩා කියලම දාන්න තිබුනා

    ඒත් මං ඉහත කී ලෙස නිර්භීත නොවන නිසා අහන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. http://www.quora.com/Why-is-Petyr-Baelishs-sigil-a-mockingbird

      Delete
    2. ආ අහන්නේ නැත්තම් ඉතින් කමක් නෑ නේද ?

      මට නම් හිතෙන්නේ ඔය කුරුල්ලගෙන් කියවෙන්නේ පෙටයර් බෙලිෂ් හැමෝටම කින්ඩිය දාගන ඉන්න බවයි. එයාට ලොකු නමක් නැති උනාට එයා තමයි රාජ්‍ය රන් කරන්නේ කියල හැමෝටම තේරෙන්ට තමයි ඕක එල්ලගන ඉන්නේ. එහෙම බලපුවහම කවට කුරුල්ලා තමයි ලු. IMHO ලු ඈ . දැන් අහන්ට එපා ඕවා ජෝර්ජ් ලොක්කාගෙන් අහගත්තද කියල හෙම.

      Delete
    3. He is a man who has lived through difficult circumstances (as Todd said) by saying the right thing in the right ears at the right time, loosely analogous to a mockingbird's behaviour of imitating other birds' songs. - from above

      ඔය ඇති. trivia ගැන හොයන උන්ව බුරතීනෝත්තමයා විසින් කඩු ආසනයේ ඉන්දවා නිකැලැල් කරනු ලැබේ.
      කොහොමත් මං නම් ඇහුවෙ නෑ මොනවත්

      Delete
    4. @ Pra ,

      අනේ මට ඉතින් දුක හිතුණා නිර්භීත නැති එක ගැන. :P

      අපි ඔය කුරුල්ලට නම දැම්මේ හොඳට හොයලා බලලලු. හී හී...'සමච්චලයා' කීවා නම් හරිනේ. 'බට්ටිච්චා ' 'පොල්කිච්චා' වගේ.

      Delete
    5. @ PoM ,

      හැබෑට ඔයා මාර්ටින් ගොය්යට කතා කලාවත්ද? :P

      Delete
    6. කවුරුත් මෙතන මොකුත් ඇහුවද? නෑ නේද? එහෙනම් කමක් නෑ.. ඔන්න අපි ගියා.. ;-)

      Delete
    7. මං නිර්භීතවුනා නම් කියන්නෙ නිකම්ම කවුඩා කියල දාන්න කියලයි ටයනි, (බේලිශ්ගේ ගතිගුණ ඉතිහාසය අනුව).
      මං බය නිසා නොකියා ඉන්නෙ

      Delete
    8. ඔව් ඔය බුවා ඊයෙ ආවා මාලිගාවට අරිශ්ටෙ පොඩ්ඩක් ලුනු ඇබුල් බලන්ට.එතකොට තමයි කියුවෙ.

      Delete
  5. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි වුනා.හප්පේ ඒ අස්සේ පෝස්ට් බරගානක් වැටිලානේ.වාරිස් කාරය නම් නියම වැඩර් කෙනෙක් නේ.අන්න නියම බුද්ධි අංශ ප්‍රධානින්.

    ReplyDelete
  6. මදැයි වෙන කට්ටියක්නෙ කඩා පාත් වෙලා තියෙන්නෙ. කැට්ලින් ඉතින් නිර්භීත නිසා හොඳයි. වෙන කෙනෙක් නම් ගිය වැඩෙත් අවුල් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. කැට්ලින් වෙනුවට ඔයා හිටියොත් මොනවා වේවිද ?:D

      Delete
    2. මාත් එහෙම බය කෙනෙක් නෙවෙයිහරිද :)

      Delete
    3. මෙයා බලාගන හිටියලු පොඩ්ඩි මිරිස් කවන්ට එනකල් :P

      Delete
    4. @සෝන්යා,

      අපි දන්නවා. බය නෑ කියලා. මිරිස් කරලක් දැක්ක හැටියේ ෆෑන් දාගෙන ඇඳේ පෙරලෙනවලු නේ .... :P

      Delete
    5. @මනෝජ්,

      කට්ටියට පෙනෙයි සෝන්යාගේ හැටි...:D

      Delete
    6. @ගොඩා,

      මම මිරිස් කවන්නේ කොල්ලොන්ටලු ...:P

      Delete
    7. අපිට කවන්ට ආවොත් බලගත්ත හැකි ලු

      Delete
    8. මිරිස් කන්න බැරිඋනා කියල බයයි කියල හිතන්න බැහැ හොඳේ :P

      Delete
  7. හෑ එතකොට බ්‍රෑන්ව මරන්න හැදුවේ ටිරියන්ද... එක්කෝ එහෙම වෙන්න බෑ.. මෙතන වෙන කුමන්ත්‍රණයක් තියෙනවා.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. මම කියුව නේද ඔය ටිරියන් කාරයා සර්පයා කියල. ඇහුවද? ඇහුවද? ඇහුවද? :p

      Delete
    2. @දිනේෂ්,

      අර ෂර්ලොක් මොලෙන් කල්පනා කරලා බලන්ට...:P

      Delete
    3. @PoM,

      අපි ඔයා කියන ඒවා අහන්නේ නෑ අනේ...:P

      Delete
    4. මේක කුමන්ත්‍රණ ගුහාවක් දිනේශ්.. බලන් ඉන්ටකො කවුද මොනවද කරන්නෙ කියලා..

      Delete
    5. මට තියෙන්නේ එරිකෝගේ මොළේනේ.. ;-) මට හිතෙන්නෙම ටිරියන්ගෙන් ඔය කිණිස්ස උස්සලා බ්‍රෑන්ව මරන්න එවුවේ රැජින හරි එදා රැජින එක්ක හිටිය මිනිහා හරි වෙන්න ඕන.. මොකද ඔය කිණිස්ස අයිති වෙන පෙලපතකට.. එතකොට ප්‍රශ්ණත් නෑනේ.. අනික බ්‍රෑන් මැරෙන එකේ පළවෙනිම වාසිය තියෙන්නේ ඒ ඩබලටනේ..

      Delete
    6. \ මම කිව්ව නේද ටිරියන් කාරයා සර්පයා කියල\

      හහ්, ගොයියෝ උඹ හදන්නෙ අපිව කඩේ යවන්න නේද? ආයෙ එහෙම අපේ සාධාරණ කොටාට පද හදල තිබුනොත් , අම්මපා හපනව පස්සා පැත්ත, කලිසමෙ සාක්කුව මෙයෙ කටේ හිටින්න

      Delete
    7. @ සේර් දිනේෂ්

      // රැජින එක්ක හිටිය මිනිහා// i admire and respect you dude
      //එරිකෝ// කවුද ඒ?
      //ඔය කිණිස්ස අයිති වෙන පෙලපතකට // පොඩි explanation කැල්ලක් දෙන්ට.

      @ නරි මොට,
      කොයි රටේද කුමාරයෝ කලිනම් අඳින්නේ ඈ ? අපි නම් අඳින්නේ මුල් ඇඳුම් ලු :P

      අනේ බොගේ සාධාරණ කොටා, ඔන්න මම අයෙත් කියනවා ඕකා නිකන් බ්ලැක් මාම්බා වගේ දරුණුයි. (අපි කියන දේ අහන්නේ නැතුව ඉන්න කුමරිහාමිලාටත් එච්චර තමයි කියන්ට තියෙන්නේ. )

      Delete
    8. මුල් ඇඳුම කීවේ කලිසම ඔතන ඒකෙනේ. :O

      මේ ඔය රජවරු රෑට නිදනකොටත් ඕක ඔතාගෙනලුද නිදන්නේ ? :P

      Delete
  8. පුංචි කුරුල්ලෝ,මේවායෙත් හරියට ඉන්නවා අෆ්ෆා.පුංචි රහසක්වත් කතා කරන්න බැරි හැටියක්.

    දැන් ඉතින් ඊට පස්සේ ?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඒ පුංචි කුරුල්ලා ගිහින් මිරිස් කරලක් පුංචි හොටෙන් ඇනලා කෑවලු. :)

      Delete
    2. ඒකද දන්නෙ නෑ නේද අර වික්ටර් සින්දුවක් කියලා තියෙන්නෙ "කුරුල්ලන්ට ගල් ගහන්න මට ගල් කැට දෙන්න..." කියලා.

      Delete
    3. ඒ කියන්නේ ඒ කාලේ වික්ටර් අයියා හේන් ගොවි තැන් කෙරුවාද දන්නේ නැහැනේ.ඔහම සින්දු කියකියා මිරිස් කන්න හේනට එන කුරුල්ලන්ට ගල් ගහන්න.

      Delete
    4. පොඩි කුමාරිහාමි තැනට මිරිස් පිස්සුවක් වැලඳී ඇත.

      Delete
  9. ඔන්න පොඩ්ඩි /බුරා මං ඔක්කොම දේ නතර කරලා දවස් දෙකක්ම හැකි හැම වෙලාවෙම කියවලා අදට ආවා. එක අතකට මං එහෙම කාලෙකට පස්සෙ ආ එක ගැන මං සතු‍ටුයි.. මතකය දැන් අළුත්..කියවපු එව්ව්ත් ආපහු කියවන්ට සිදු උනා.. කතාවෙ හැටියට නිගමන වලට එන්ට මං කැමති නෑ. බලං ඉන්ටයි හිත..
    ඔන්න එන්ට කන්ට බොන්ට බාසාවට ආයිත් ආවා. උපන් පළාතෙ බාසාවනෙ..

    ReplyDelete
    Replies
    1. මේ දේශෙත් කතා කරන්නේ එහෙමලු සරත්. ඒ හින්දා මෙතනදි ඒක පාවිච්චි කරන්ටම වෙනවා...

      Delete
    2. සරත් පහුගිය පෝස්ට් හැම එකටම කමෙන්ට් කරලා තියෙනවා දැක්කා.. බොහොම ස්තූතියි!

      Delete
    3. මට ? මෙහෙම නොකියවුවා නම් මට කියවන්ට ලැබෙන්නෙම නෑ..අනික මේ වගෙ දෙයක් කරන්ට ගන්ට වෙන වෙහෙස කාලය ගැන හොඳ වැටහීමක් මට තියෙනවා. මමයි ස්තුති කරන්ට ඕනෙ ඔය දෙන්නට..
      වැරදිලා නයන්නෙන් ලියවුණා. ඔන්න මකල ටයන්නෙන් දැම්මා.

      Delete
  10. බ්‍රැන්ව මරන්න හැදුවෙ කවුද අනේ, හිතාගන්න බෑ එක නම්..

    ReplyDelete
    Replies

    1. තව පොඩ්ඩක් බලා ඉන්ටකෝ...:)

      Delete
  11. යුද්දෙ කරන්ඩ ඔහොම හදිස්සි වෙලා පුළුවන්ය බං.දෙකක් දාල එහෙම කල්පනා කරන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. ආන්න හැලපෙට තේරුනා. වයින් ෂොට් එකක් දාන ගමන් අමාත්‍ය මණ්ඩලෙත් එක්ක plan කරන්ට ඕන කොහොමද යුද්ධ කරන්ට හොඳම විදිය කියලා. අනික මෙහෙයුමට හොඳ සුබ නමක් දාගන්ටත් එපායැ.

      Delete
    2. ඔපරේෂන් පෝට් වයින්

      Delete
    3. Operation Moonshine. I'll even lead the van. FOR THE NORTH

      Delete
    4. ඔපරේෂන් ටයන්න....:D

      බස්සෝ, නරියෝ, ගොරිල්ලෝ, රෑටත් පේන්නේ නැති කවුඩෝ වගේ සත්තු එක්ක ඩැනී වගේ අස්වයා පිටේ පොඩ්ඩි යනකොට කොහොම තියෙයිද?

      විසේරිස් කෙනෙක් විතරයි අඩුනේ? :P

      Delete