රොබ්, මේස්ටර් ලුවින් හා සෙර් රඩ්‍රික් සමගින් වින්ටර්ෆෙල්වල සෙබළ මුලුවෙන් බාගයක් කාමරයට කඩා වදිද්දී ඇය සිටියේ දිගටම මෙසේ සිනාසෙමිනි. අන්තිමේදී ඇගේ මුවින් සිනහව තුරන් වී ගිය අතර ඇයව උණුසුම් ඇතිරිලිවල එතූ ඔවුහු මහ බලකොටුවේ ඇගේ නිදන කාමරය වෙත ඇයව කැඳවාගෙන ගියහ. ඇගේ ඇඳුම් ඉවත්කර ඇයව උණුසුම් දියෙන් පිරි නාන තටාකයට බහා ලූ නාකි ආයම්මා තෙත් රෙදි කැබැල්ලකින් ඇගේ සිරුරේ ඇලී තිබුනු රුධිරය පිසදා හැරියා ය.
ඉන්පසු පැමිණි මේස්ටර් ලුවින් විසින් ඇගේ තුවාලවලට ප්‍රතිකාර කරන ලදී. ඇගේ අතැඟිලි වල වූ කැපුම් ඇටය දක්වාම ගැඹුරට විහිද ගොස් තිබින. මිනිසා විසින් ඇගේ හිසකෙස්වලින් ඇදීම නිසා හිස්කබල තුවාල වී ලේ ගලමින් තිබින. වේදනාව අඩු වීම පිනිස හා ඇයට නින්ද යාම පහසු වීම පිනිස මේස්ටර් ලුවින් විසින් ඇයට පොපි යුෂ ලබා දෙන ලදී.
අන්තිමේදී ඇය සිය දෑස් පියා ගත්තා ය.
ඇය නැවතත් දෑස් විවර කල විට ඔවුන් ඇයට පැවසූයේ ඇය එකදිගටම දවස් හතරක් නිදා ගත් බවය. හිස වැනූ කැට්ලින් ඇඳ මත හිඳ ගත්තා ය. පසුගිය දින කිහිපය තුළ, බ්‍රැන් වැටුනු දා සිට සිදුවූ සියල්ල සිහිනයක් මෙන් ඇයට හැඟින. එනමුදු දෑතේ නැගුනු වේදනාව ඇයට කීවේ ඒ කිසිවක් සිහිනයක් නොවන බවයි. සිය සිරුරේ බෙලහීන බවක් හා හිසේ අන්දමන්ද ගතියක් දැනුනු නමුදු පුදුමාකාර අන්දමින් ඇයට හැඟුනේ යම් තිරසාර බවක් තම සිත තුළ පැන නැගී ඇති බවයි. එය හරියටම ඈ මත පටවා තිබුනු යම් කිසි බරක් ඉවතට ගත්තාක් මෙනි.
"මට කන්ට පානුයි මී පැණියි අරන් එන්ට." ඇය සිය සේවකයින්ට අණ කලාය. "මේස්ටර් ලුවින්ට පණිවුඩයක් යවන්ට මගේ තුවාලවල වෙළුම්පටි අලුත් කරන්ට කාලෙ හරි කියලා." ඇය දෙස පුදුමයෙන් බැලූ ඔවුහු ඊළඟ මොහොතේ අණ ඉටු කරනු වස් කඩිමුඩියේ පිටව ගියහ.
තමා පසුගිය දින කිහිපය ගෙවූ අයුරු සිහි වූ කැට්ලින් ලැජ්ජාවෙන් ඇකිලී ගියා ය. ඇය ඔවුන් සියලුදෙනාගේම බලාපොරොත්තු සිඳ දමා ඇත. සිය දරුවන් ගේ, සිය සැමියා ගේ, සිය වංශයේ, මේ සියල්ලම! එය නැවත කිසිදා සිදු නොවනු ඇත. අසීරු අවස්ථාවන්හි දී රිවර්රන්හි ටලී වරුන්ට කෙතරම් ශක්තිමත් විය හැකි දැයි ඇය මේ උතුරුකරයේ මිනිසුන්ට පෙන්වා දෙනු ඇත.
ආහාර වලට පළමුවෙන් රොබ් පැමිණියේ ය. ඔහුත් සමග සෙර් රඩ්‍රික් කසලුත් තියන් ග්‍රේජෝයිත් පැමිණියහ. මේ සියල්ලටම පසුව අලුතෙන් පත්කෙරුනු මාලිගාරක්ෂක බලකායේ ප්‍රධානී හැලිස් මොලන් පැමිණියේ ය. සිය පුත්‍රයා සමින් හා මුදු දම්වැල් සන්නාහයෙන් සැරසී අසිපතක් ඉණ පැළඳ සිටින බව ඇය නිරීක්ෂණය කලා ය.
"කවුද ඒ මිනිහා?" කැට්ලින් ඇසුවා ය.
"කවුරුවත්ම ඒ මිනිහගෙ නම දන්නෙ නෑ." හැලිස් මොලන් පිළිතුරු දුනි. "ඌ වින්ටර්ෆෙල්වල මිනිහෙක් නම් නෙවෙයි මයෙ ආර්යාවනි. ඒත් සමහරුනම් කියනවා පහුගිය සති කීපයෙදි මේ මිනිහා බලකොටුවෙ ඉන්නවා දැකලා තිබ්බා කියලා."
"රජතුමාගෙ මිනිහෙක් එහෙමනම්." ඇය කීවා ය. "එහෙමත් නැත්තම් ලැනිස්ටර්ලාගෙ. අනිත් අය පිටවෙලා ගියාට පස්සෙ මිනිහා වහන් වෙලා ඉන්ට ඇති."
"වෙන්ට ඇති." හැලිස් කීවේ ය. "පහුගිය ටිකේ මෙහෙ හිටිය අමුත්තො කන්දරාවෙ හැටියට අපට හරියටම කියන්ට බෑ මේ මිනිහා කාගෙ එකෙක්ද කියලා."
"ඌ ඉස්තාලෙ ඇතුළෙයි හැංගිලා ඉඳලා තියෙන්නෙ." තියන් කීය. "උගෙ ළඟ තිබුනු ගඳෙන් ඒක කියන්ට පුළුවන්."
"කොහොමද කිසිම කෙනෙක් මේ මිනිහව දැක්කෙ නැත්තෙ?" කැට්ලින් තියුණු ස්වරයෙන් ඇසුවා ය.
හැලිස් ලැජ්ජාවට පත් වූ බවක් පෙනින. "එඩාර්ඩ් උතුමානන් දකුණට යද්දි අරන් ගිය අශ්වයොයි අපි නිශා රැකුමට බාරදුන්න අශ්වයොයි ගත්තහම දැන් අපේ ඉස්තාල බාගෙට බාගයක් හිස් වෙලා. ඉතින්, ඉස්තාලෙ වැඩ කරන කොල්ලන්ගෙන් වහංවෙලා ඉන්න එක ඒ හැටිම අමාරු වැඩක් නෙවෙයි."
"අපි හොයාගත්තා ඌ කොහෙද නිදාගෙන හිටියෙ කියලා." රොබ් ද කතාවට සහභාගි විය. "හම් පසුම්බියක දාලා එතන පිදුරු අස්සෙ හංගලා තිබුනු රිදී කාසි අනූවක් අපට හම්බවුනා."
"මගේ පුතාගෙ ජීවිතේ ඒ තරම්ම ලාබ නැති බව දැනගත්ත එක ගැන සතුටුයි." කැට්ලින් අමිහිරි ස්වරයෙන් කීවා ය.
හැලිස් මොලන් ඇය දෙස හෙලුවේ ව්‍යාකූල බැල්මකි. "සමාවෙන්ට මයෙ ආර්යාවනි. ඔබතුමී කියන්නෙ ඌ ආවෙ දරුවගෙ ජීවිතේ උදුරගන්ට කියලද?"
ග්‍රේජෝයි සැකමුසු බැල්මක් හෙලී ය. "ඒක පිස්සුවක්."
"ඌ ආවෙ බ්‍රැන් වෙනුවෙන් තමා." කැට්ලින් තිර කොට කීවා ය. "ඌ ආයෙ ආයෙමත් කියපු දෙයක් තමා මම එතන ඉන්ට විදියක් නෑ කියලා. මිනිහා පුස්තකාල කුළුණ ගිනි තියලා හිතන්ට ඇති කලබලේ මැද්දෙ මාත් සෙබළුන් එක්ක ඒ පැත්තට දුවයි කියලා. මම දුක නිසා බාගෙට පිස්සු වැටිලා නොහිටියානම් මිනිහගෙ උපාය වැඩ කරන්ටත් තිබුනා."
"ඇයි කාටවත් බ්‍රැන්ව මරන්ට ඕන වෙන්නෙ?" රොබ් ඇසී ය. "දෙයියනේ! එයා කිසිම පිළිසරණක් නැති නිදාගෙන හිටපු පුංචි ළමයෙක්..."
කැට්ලින් සිය පුත්‍රයා දෙසට අභියෝගාත්මක බැල්මක් හෙලුවා ය. "ඔයා උතුර පාලනය කරන්ට යනවනම් මේ වගේ දේවල් ගැන දිගින් දිගට හිතන්ට පුරුදුවෙන්ට ඕන රොබ්. ඇයි කාටහරි මේ නිදාගෙන ඉන්න පුංචි දරුවෙක්ව මරන්ට ඕන වෙන්නෙ?"
ඔහු පිළිතුරක් දීමට ආහාර රැගත් සේවකයින් පැමිණියහ. ඔවුන් ඇය ඇසුවාටත් වඩා ආහාර රැසක් රැගෙන පැමිණ තිබින. උණු පාන්, බටර්, මී පැණි හා බ්ලැක්බෙරි, බේකන් සහ බාගෙට තැම්බූ බිත්තර, චීස් හා තේ පිරවූ පෝච්චියක්. මේ සියල්ල සමගින් මේස්ටර් ලුවින් ද කාමරයට ඇතුළු විය.
"මගෙ පුතාට දැන් කොහොමද මේස්ටර්?"
මේස්ටර් ලුවින් බිම බලා ගත්තේ ය. "කිසිම වෙනසක් නෑ මගෙ ආර්යාවනි."
එය ඈ බලාපොරොත්තු වූ පිළිතුරම විය. තත්ත්වය හොඳ නොවූ මුත් තත්ත්වය නරක් වීද නැත. සේවකයින් ඉවත යැවූ ඇය රොබ් දෙසට හැරුනා ය. "ඔයා තාමත් ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තෙ නැද්ද?"
"කවුරුහරි බය වෙලා තියෙනවා බ්‍රැන් නැගිටියි කියලා." රොබ් කීවේ ය. "බයවෙලා තියෙනවා එයා නැගිටලා මොනවා කියයිද මොනවා කරයිද කියලා. එයා දැනගත්ත මොකක් හරි දෙයක් නිසා කවුරුහරි බය වෙලා තියෙනවා."
"බොහොම හොඳයි." කැට්ලින් මාලිගාරක්ෂක බලකායේ නව ප්‍රධානියා දෙසට හැරුනා ය. "අපි බ්‍රැන්ව ආරක්ෂා කරන්ට ඕන. එක මිනීමරුවෙක් ආවා කියන්නෙ තවත් අය එන්ට පුළුවන්."
"ආරක්ෂකයින් කී දෙනෙක් යොදවන්ට ඕනද මයෙ ආර්යාවනි?" හැල් ඇසී ය.
"එඩාර්ඩ් උතුමානන් බැහැර ගිහින් ඉන්න තාක් කල් මගේ පුතා තමා වින්ටර්ෆෙල්වල ප්‍රධානියා."
රොබ් කඳ කෙලින් කොට සිටගත්තේ ය. "එක්කෙනෙක් කාමරේ ඇතුළෙ තියන්ට. රෑ දවල් දෙකේම. එක්කෙනෙක් දොරට පිටතින්. තව දෙන්නෙක් පඩිපෙළ පාමුල. මගෙවත් අම්මගෙවත් අවසරය නැතුව කිසිම කෙනෙකුට ඒ කාමරේට යන්ට බෑ."
"ඔබ කියන විදියටම කරන්නම් මයෙ උතුමානෙනි."
"ඒක දැන්ම කරන්ට." කැට්ලින් උපදෙස් දුන්නා ය.
"අනිත් එක, බ්‍රැන්ගෙ වෘකයාට ඒ කාමරේ ඇතුළෙ ඉන්ට ඉඩ දෙන්ට." රොබ් කීවේ ය.
"ඔවු." කැට්ලින් සිතා බැලී ය. "ඔවු. ඒක හොඳයි."
හිස නැමූ හැලිස් මොලන් කාමරයෙන් පිටව ගියේ ය.
"ස්ටාර්ක් ආර්යාවනි." සෙර් රඩ්‍රික් කතාව ඇරඹී ය. "මිනීමරුවා පාවිච්චි කරපු කිනිස්ස දිහා බලන්ට ඔබට අවස්ථාවක් ලැබුනද?"
"ඒක ළඟින් අධ්‍යයනය කරන්ටනම් මට වෙලාවක් ලැබුනෙ නැහැ. ඒත් ඒක හොඳට මුවහත ඇති එකක් කියලානම් සහතිකෙන්ම කියන්ට පුළුවන්." කැට්ලින් වියළි සිනාවක් ඇතිව පිළිතුරු දුන්නා ය. "ඇයි ඔබ එහෙම ඇහුවෙ?"
"මිනිහා ඒ වෙනකොටත් අතේ තදකරන් හිටිය කිනිස්ස අපට හම්බවුනා. දැක්ක ගමන් මට තේරුනා ඒ කිනිස්ස ඒ වගේ මිනිහෙක් ගාව තියෙන්ට බැරි තරම් හොඳ එකක් කියලා. ඉතින් මම ඒක තව ටිකක් හොඳට අධ්‍යයනය කරලා බැලුවා. ඒකෙ තලේ වැලීරියන් වානේ. මිට හදලා තියෙන්නෙ මකර ඇටවලින්. ඒ වගේ මිනිහෙක් ගාව මෙහෙම බඩුවක් තියෙන්ට කොහෙත්ම හැටියක් නෑ. කවුරුහරි ඒක ඌට දීලා තියෙනවා."
කැට්ලින් කල්පනාකාරීව හිස වැනුවා ය. "රොබ්, ඔය දොර වහන්ට."
රොබ් ඈ දෙස විමතියෙන් මෙන් බැලූ මුත් ඇය කී පරිදි කලේ ය.
"මම මේ දැන් ඔබලාට කියන්ට යන දේවල් මේ කාමරෙන් පිටට යන්ට බෑ. ඒ ගැන මට ඔබලා හැමෝගෙන්ම දිවුරුමක් ඕන. මම හිතන දෙයින් පොඩි කොටසක් හරි ඇත්තනම් නෙඩුයි මගෙ කෙල්ලො දෙන්නයි පත්වෙලා තියෙන්නෙ බොහොම භයානක තත්ත්වයකටයි. එක වචනයක් වැරැදි කණකට ගියොත් එයාලා හැමෝගෙම ජීවිත නැතිවෙන්ට පුළුවන්."
"එඩාර්ඩ් උතුමානන් කියන්නෙ මට දෙවෙනි තාත්තා කෙනෙක් වගේ." තියන් ග්‍රේජෝයි කිවේ ය. "මම දිවුරනවා."
"මමත් දිවුරනවා." මේස්ටර් ලුවින් කීය.
"මමත්, මගේ ආර්යාවනි." සෙර් රඩ්‍රික් කීය.
ඇය සිය පුත්‍රයා දෙස බැලුවා ය. "එතකොට ඔයා රොබ්?"
ඔහු හිස සැලීමෙන් කැමැත්ත පල කලේ ය.
"මගේ සහෝදරී, ලයිසා, හිතන්නෙ එයාගෙ සැමියා ඒරින් උතුමානන්ගෙ මරණය මිනීමැරුමක් කියලයි. එයා සැක කරන්නෙ ලැනිස්ටර්වරුන්වයි. මට දැන් මතක් වෙනවා, බ්‍රැන් වැටුන දවසේ දඩයක්කාර නඩයත් එක්ක ජේමි ලැනිස්ටර් පිටත් වෙලා ගියේ නෑ. එයා බලකොටුවෙ නතර වුනා." කාමරය නිහඬතාවයේ ගැලී පැවතින. "මම හිතන්නෙ නැහැ බ්‍රැන් අර කුළුණෙන් වැටුනා කියලා. මම හිතන්නෙ එයාව ඒකෙන් තල්ලු කලා."
ඒ මුහුණු මත ඇඳුනු කම්පනය පැහැදිලිවම දැකිය හැකි විය. "මගේ ආර්යාවෙනි. ඒකනම් මහ භයානක අනුමාන කිරීමක්." සෙර් රඩ්‍රික් කතා කලේ ය. "රජුන් මරන්නා වුනත් අහිංසක පුංචි දරුවෙක් මරන එක පිළිකුල් කරයි."
"ආහ්! එයා එහෙම පිළිකුල් කරයිද?" තියන් ග්‍රේජෝයි ඇසුවේ ය. "මට විශ්වාස නෑ."
"ලැනිස්ටර් ආඩම්බරේට සීමාවක් නෑ. ඒ වගේම ඉහළ නගින්ට තියෙන්ට ආසාවටත් සීමාවක් නෑ." කැට්ලින් කීවාය.
"මේ දරුවා හැමදාමත් බොහොම හුරුපුරුදු වෙලා හිටියෙ ඉහළ නගින්ට. එයාට කවදාවත් අත වැරැදුනේ නෑ" මේස්ටර් ලුවින් කල්පනාකාරීව කීය. "එයා වින්ටර්ෆෙල්වල හැම ගල්කැටයක් ගානෙම දන්නවා."
"දෙයියනේ!" රොබ් කීවේ ය. කේන්තිය නිසා ඔහු ගේ මුහුණ කළු පැහැ විය. "මේක ඇත්තනම් ඌට ඒ වෙනුවෙන් ගෙවන්ට වෙයි." ඔහු සිය අසිපත කොපුවෙන් මෑත් කරගත්තේ ය. "මම ඌව මගෙ අතින්ම මරලා දානවා."
සෙර් රඩ්‍රික් කිපුනු ස්වරයෙන් කතා කලේ ය. "ඕක පැත්තකට දානවා! ලැනිස්ටර්වරු ඉන්නෙ ලීග සිය ගානක් ඈත. කඩුව පාවිච්චි කරන්ට ඕනකමක් නැත්තම් ඒක කවදාවත් කොපුවෙන් එළියට ගන්ට එපා. මම කී වතාවක් ඔය කතාව කියලා දෙන්ට ඕනද මෝඩ කොල්ලා?"
රොබ් ලැජ්ජාසහගත මුහුණින් යුතුව අසිපත නැවත කොපුවේ ලෑවේ ය. කැට්ලින් සෙර් රඩ්‍රික් දෙස බැලුවා ය. "මට පේනවා මගේ පුතා නියම ආයුධ අතට අරන් ඉන්නවා."
"මම හිතුවා සුදුසු කාලෙ ඇවිල්ලා කියලා."
රොබ් තැවිලි සහගත සිතින් ඈ දෙස බැලුවේ ය. "සුදුසු කාලෙ පහුවෙලා." කැට්ලින් කීවාය. "වින්‍ටර්ෆෙල්වල හැමෝටම ආයුධ අතට ගන්ට කාලෙ එයි බොහොම ඉක්මනට."
සිය අසිපත් මිට මත අතක් රුවා ගත් තියන් ග්‍රේජෝයි කතා කලේ ය. "මගේ ආර්යාවනි. එහෙම තත්ත්වයක් ආවොත් මගේ පවුල හැමදාමත් ඔබට පක්ෂපාතීයි."
මේස්ටර් ලුවින් සිය කර වටා වූ දම්වැල අතපත ගෑවේ ය. "අපට තවමත් තියෙන්නෙ අනුමානයක් විතරයි. අපි මේ සැක කරන්නෙ රැජිණගෙ සහෝදරයා ගැනයි. රැජිණ මේක හොඳින් බාරගන්න එකක් නෑ. අපට සාක්කි ඕන. එහෙම නැත්තම් හැමදාමත් කට වහගෙන ඉන්ට ඕන."
"ඔබේ සාක්කිය තමා කිනිස්ස." සෙර් රඩ්‍රික් කීවේ ය. "මේ වගේ ඉහළ ගනයේ ආයුධයක් එහෙම ලේසියෙන් නැතිවෙන්ට බෑ. කෙනෙකුට ඒක මතක තියෙන්ට ඕන."
මෙහි සැබෑ සත්‍යය සොයා ගත හැකි තැන් ඇත්තේ එකම එකක් බැව් කැට්ලින්ට තේරුම් ගියා ය. "කවුරුහරි කින්ග්ස් ලෑන්ඩින්ග්වලට යන්ට ඕන."
"මම යන්නම්." රොබ් කීවේ ය.
"නෑ." ඇය වැළකුවා ය. "ඔයාගෙ තැන මෙතනයි. වින්ටර්ෆෙල්වල හැමවෙලාවෙම ස්ටාර්ක් කෙනෙක් ඉන්ට ඕන." ඇය මාරුවෙන් මාරුවට සෙර් රඩ්‍රික්, මේස්ටර් ලුවින් හා තියන් ග්‍රේජෝයි දෙස බැලුවා ය. මෙයට සුදුස්සා කවරෙක්ද? විශ්වාසය තැබිය හැක්කේ කා කෙරෙහිද? අන්තිමේදී ඇයට සුදුසුම පුද්ගලයා සිහියට නැගින. "මමයි මේකට යන්ට ඕන."
"මගේ ආර්යාවනි." මේස්ටර් ලුවින් කතා කලේ ය. "ඒක ඥානවන්තද? ඔබේ පැමිණීම දිහා ලැනිස්ටර්වරු සැකෙන් බලයි."
"එතකොට බ්‍රැන්ට මොකද වෙන්නෙ?" රොබ් ඇසුවේ වියවුලට පත් වූ ස්වභාවයෙනි. "ඔයා එයාව දාලා යන්ටද යන්නෙ?"
"මම මට පුළුවන් හැම දෙයක්ම බ්‍රැන් වෙනුවෙන් කරලයි තියෙන්නෙ. එයාගෙ ජීවිතෙ දැන් රැඳිලා තියෙන්නෙ දෙවියන්ගෙයි මේස්ටර් ලුවින්ගෙයි අත් දෙක උඩයි. ඔයා මට මතක් කරලා දුන්නා වගේම රොබ්, මම අනිත් ළමයින් ගැනත් හිතන්ට ඕන."
"ඔබත් එක්ක යන්ට හොඳ ශක්තිමත් පරිවාර සේනාවක් ඕන වෙයි මගේ ආර්යාවනි." තියන් කීය.
"මම හැල්ව එවන්නම් සෙබළ මුලුවකුත් එක්ක." රොබ් කීවේ ය.
"එපා." කැට්ලින් පිළිතුරු දුන්නා ය. "ලොකු පිරිසක් යනකොට අනිත් අයගෙ අවධානය ලැබෙනවා. මම එන බව ලැනිස්ටර්ලා දැනගන්නවට මම කැමැති නෑ."
සෙර් රඩ්‍රික් විරෝධය පෑවේ ය. "මගේ ආර්යාවනි. එහෙමනම් අඩුම ගානෙ මමවත් එන්නම් ඔබත් එක්ක යන්ට. රජමාවත කියන්නෙ ගෑනු කෙනෙකුට තනියෙන් යන්න සුදුසු තැනක් නෙවෙයි."
"මම රජමාවතේ යන්නෙ නැහැ." කැට්ලින් මොහොතක් සිතා බැලී ය. "එක්කෙනෙක් තරම් ඉක්මනින් දෙන්නෙකුටත් යන්ට පුළුවන්. අශ්ව කරත්තයි, වෙන වෙන ආම්පන්නයි පිරිච්ච සේනාවකට වඩා ඉක්මනින් දෙන්නෙකුට කොහොමත් යන්ට පුළුවන්. ඔබ එහෙමනම් මගෙත් එක්ක එන්ට සෙර් රඩ්‍රික්. අපි සුදු ගඟ දිගේ පහළට ගිහිල්ලා ධවල වරායෙන් පොඩි නැවක් කුලියට ගමු. හොඳ වේගවත් අශ්වයොයි හොඳ හුළං පාරකුයි ලැබුනොත් අපට පුළුවන් ලැනිස්ටර්ලායි නෙඩුයි යන්ට කලින් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ළඟාවෙන්ට."
ඊට පස්සෙ, ඇය සිතුවා ය. අපි බලමු ඊට පස්සෙ මොකක් වෙයිද කියලා.

Catelyn Stark: “It’s good to know my son’s life was not sold cheaply.”
ඔන්න DD of DD a.k.a. PoM ට සීට් එක අල්ලල තිබ්බ
ReplyDeletePOM ට නින්ද ගොස් ඇත.
Deleteමෙයාට නම් සීට් අල්ලලා වැඩක් නෑ ප්‍රා...කොයි වෙලාවේ බැලුවත් නිදි වගේනේ...:P
Deleteපරිස්සමින් Herr Wedockor, නිදා ගෙන ඉන්න එවුන්ගෙ අත පය හයිනා ල හපා කනව කියල කතාවක් තියනව. මෙතන තාම උන් නෑ , ඒත් නරි එහෙම ඉතින් ..............
Deleteපව් අප්පා නරි මොටාගේ ලොම් හැලිලා. එයා රතුවෙලා ඉන්නවා දැක්කා...හැබැයි දැන් නම් වෘක ගතිය නෑ. ලස්සනයි. නියම මොටෙක් වගේ...:P
Delete:p
DeleteWorking. Well rabbit , you just wait
ෂා හරිම ස්වීට් මොටෙක් නේ ? Barbie ගේ පෙට් කෙනෙක් වගේ. චුට්ටක් රෝස පාටත් තිබුනම් අයිඩියල්.
Deleteදැන් විරිඳු කියන්නෙ නැත්තෙ ඔය ප්‍රතිරූපයට හානිවෙයි කියල වෙන්න ඇති
ඔය මොටාගේ දැන් දත් නෑ . අරිශ්ටේ සැරට ඒවා වැටිලා.
Deleteආහ් මොකද මේ නරිමොටා රෙඩ් & වයිට් වෙලා :) හරියට කුකුළ් කරමලක් වගේ :P
Deleteමොටා තීන්ත හැලියකට වැටුනලු. උඹ කැලේ රජ වෙන්ට එහෙම ට්‍රයි කොරන්ට එපා පුතෝ, මම ඔත්තුව දෙනවා සිංහයාට. (සින්හසොන්යාට :D ).උඹව කප්පාදු කොරයි. :D
Deleteමොනපාට දාගත්තක් කට ඇරිය ගමන් අහුවෙනවනේ :D
Deleteමෙවැනි කතා කවදාවත් පරණ නොවන්නේ නව නළු රසයම නොමඳව ඇතුළත්ව තිබෙන නිසයි. මෙහි තිබෙන නාට්‍යානුරූපී ගුණය නිසා තමයි එක දිගට කියවාගෙන යන්න හිතෙන්නේ.
ReplyDeleteමේ පොත ඇසුරෙන් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි හදලා තිබෙනවද?
http://en.wikipedia.org/wiki/List_of_Game_of_Thrones_episodes
Deletehttp://www.imdb.com/title/tt0944947/
http://gameofthrones.wikia.com/wiki/Game_of_Thrones_(TV_series)
හත්තිලව්වයි අැයි ගේම් ඔෆ් ත්‍රොන්ස්...
Deleteමම එක පාරක් ඒ ටීවී සීරීස් වල ලිංක් එක්කුත් දැම්ම...
විචාරක තුමා ට ඕන නං ආයෙ ඒක හොයල දෙන්නං
මේ කතාව තම දැනට ලෝකේ ප්‍රසිද්ධම ටෙලි නාට්‍යය.
Deleteහපොයි විචාරක මේවාවලට පුරුදු කලොත්, මේ පලාතේ ආයේ එන එකක් නෑ. අනෙක විචාරක නෝනා අපිට මොනා නම් නොකියද? ඔන්න අපි නෑ. ප්‍රා ජේ එක්ක මහේෂ් අහුවෙයි...හී හී...
Deleteවිචාරක තුමා ගේම් ඔෆ් ත්‍රෝන් ටෙලි කතාමාලාව බලනවානම් පරිස්සමෙන් බලන්න.විචාරක නෝනට අහුවුනොත් හිතයි විචාරක තුමා නෝටි වීඩියෝ බලනවා කියල.... :D :D
Deleteමේ ලින්ක් වලට යන්න පුළුවන් විදියට දහල්ලාකෝ.මෙහෙම අමුවෙන් නොදා.
Deleteමෙන්න බලාගන්ට. වැඩිහිටියන්ට පණමයි
DeleteThanks PJ, here're the active links for those..
DeleteList of Game of Thrones episodes
IMDB - GoT
Game of Thrones (TV series)
බුරාගේ ලිස්ට් එකට මේකත් එකතු කරලා තියන්ට...
Deletewww.baiscopelk.com/tv-series/game-of-thrones
DeleteGoT from baiscopeik
Deleteසියලු දෙනාටම ස්තුතියි. දෙන්නම් වැඩේ කොනක ඉඳලා. ගල් බෝතල් දෙකකුත් ළඟ තියාගෙනම.
Deleteහ්ම්...
ReplyDeleteකැට්ලින් නෝනට කිණිස්ස ඇනුනට පස්සෙ තමා මොලේ පෑදුනෙ...
හිහි...
යං යං..
ඕම යං
ගෑනුන්ට නම් කොයි වෙලාවක හරි මොලේ එනවලු මහේෂ්...:P
Deleteඒකියන්න ඇනු........ සොරි ආයිත් අමතකවුනා අහිංසක බව. මේ බස්ස "කකුල" වුනාට පස්සෙ මෙහෙ වැඩිය නැති නිසා නරි ගොඩාකාරයන් ආශ්‍රයේ වැරැද්ද. සොරි ප්‍රින්සස් ටා
Deleteකතාවට අදාල නැති පුරස්නයක් අහන්න අවසරයි.
Deleteප්‍රා,
ප්‍රින්සස් "ට" ඇවිල්ලා මිස් කෝර්ට්නිගේ ඥාතිද ? එයත් දොරට ගැහුවම කියන්නෙ "එන්ට" කියලා... :D
එන්ටර්, යන්ටර්, කන්ටර්, බොන්ටර්
Deleteකැටලින් නෝනට මොලේ පෑදිලා තියෙන්නේ පොපි යුෂ බිව්වම.දැක්කනේ එනජි ඩ්‍රින්ක් එකක් වගේ.
DeleteMiss Courtney
DeleteHilarious , "Enter" "Yes your ladyship " :D
MIND YOUR LANGUAGE.
//උණු පාන්, බටර්, මී පැණි හා බ්ලැක්බෙරි, බේකන් සහ බාගෙට තැම්බූ බිත්තර, චීස් හා තේ පිරවූ පෝච්චියක්//
ReplyDeleteබඩගින්නකුත් එනවා මේවා කියවලා. අපිට කොහෙද බූල් බල්ලෝ කියුවලු. :(
බූල් හැලිච්ච නරියෙක් දෙන්නද?
Deleteමගේ නම් උදේ කෑම පාන්, බටර්, බ්ලැක් බෙරි ජෑම් සහ ග්‍රීන් ටී....සිම්පල් නේ....:D
Deleteඋදේට බත් කටක් කෑවා , මේ කෑම වට්ටෝරුව දැක්කම උණු පාන් කන්න ආස හිතුනා.
Deleteඅපිට නම් තුන් වේලටම බත් ඕන "ලු"
Deleteපාන්, බටර් බ්ලැක් බෙරි ජෑම්???
Deleteඅපිට කොයින්ද පූසෝ මාළු, අපි යනවැයි මූද?
ඉස්සර MD දිවුල් ජෑම් එකට ගහන්න එකක් තිබ්බෙ නෑ. දැන් ඒ කොලිටිය නෑ
අනේ පව් නරි පැට්ටා...ඒ වුනාට බස්සෝ කන්නේ බෙරි ජාතිනේ...:P
Deleteබස්සෝ කන්නේ මීයෝ ගෙම්බෝ ආදී කුඩා සතුන් " ලු "
Delete@ PK
Deleteපාන් රාත්තල් කීයක්ද ? :P
නියමයි කැට්ලින් , කොහොමද කාන්තාවන්ගෙ ආත්ම ශක්තිය.සමහර වෙලාවට පිරිමින්ට හිතාගන්නත් බැරිතරම් ඉක්මනට ක්‍රියාත්මක වෙනවා.
ReplyDeleteඔව් යාන්තම් දැන්වත් මොළේ පැදුනා.
Deleteආත්ම ශක්තියනං හොඳා තමා. හැබැයි ඉතිං ඒක මතුවෙන්ට පිහි පාරක් කන්ටම ඕන. ඒකයි වැඩේ. :-P
Deleteපිහිපාරට විතරක් කැට්ලින් වෙනස්වුනා කියල හිතන්න බැහැ ....
Deleteඇති යාන්තම් මේ මනුස්සයට මොළේ පෑදිලා.. නැත්නම් අර කාමරේටම වෙලා ඔහේ ඉදිවි..
ReplyDeleteබ්‍රෑන්ට තව ආරක්ශකයෝ මොකටද.. එයාගේ වෘකයා හිටියම හොදටම ඇතිනේ..
මොළේ පෑදෙන්ට පිහියෙන් අනින්ට ඕන ලු. ;-)
Deleteමේ ඒක නෙමෙයි, පානුයි මී පැණියි කාලා ඇද්ද හැබෑටම.. මට නම් බෑ.. අන්න අර පස්සේ ගෙනාව කෑම ටිකනම් මරු.. :D
ReplyDeleteපානුයි මී පැණියි නෙවෙයි බං පානුයි කිතුල් පැණියි උනත් මරු කෑම.. හැබැයි ඔය දෙකම වැඩිය කන්න බැහැ... පාන් ටෝස්ට් කරලනං ඉතිං පොඩ්ඩක් වැඩිපුර කෑහැකි.. ගෝල්ඩන් සිරප්වලට වඩා හොඳයි මටනං...
Deleteරෝස් පාන් එක්ක මී පැණි කලා නැතිද ?අපේ පුංචි ගේ ප්‍රියතම කෑමක්.
Deleteකාලා නෑ නේන්නම්..
Deleteඅන්න අන්න කතා දෙකට කඩන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා දැන් කැට්ලින් -3 දෙපාරකට දාලා... මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිනවා ඈ...
ReplyDeleteකතා දෙකට කඩන්නෙ නෑ කියලා පොරොන්දු වුනේ නෑ නෙව. කිවුවෙ කතාව දිගට දාන්නම් කියලා. දිග.......... පරිච්ඡේදයක් ආවහම ඒක දෙකට කඩන්ට වෙනවා. නැත්තං පෝස්ට් එක දිග.......... වෙලා පාඨකයන්ට එපා වෙයි නේ. :-)
Deleteහෝව් හෝව් හෝව්.. පොඩ්ඩක් හිටිං පොඩ්ඩක් හිටිං ඉවසලා... අපි කාරණාව මුලින්ම බේරුං කරං ඉමු...
Deleteදැන් මෙතන පාඨකයා උඹද..? නැත්තං මමද..? හුහ්.. :D
කීවාට අහන්නේ නෑ මාරයෝ...:( :D
Deleteගැණු කොහොමත් දෙයක් තේරුම් ගන්නේ පරක්කු වෙලාම තමයි.:D
ReplyDeleteඅර්යාවක් වුණත් "කැට්ලින්"ටත් එක පොදුයි...:P
පිහියෙන් අනින්ටම ඕන නේ යමක් තේරුම් ගන්ට. :-D
Deleteගෑනු තේරුම් ගන්නේ පරක්කු වෙලා තමා නේ මනෝජ්...හී හී...
Deletetube light ?
Deleteමේක මෙහෙම කියවල හරියන්නේ නෑ... එක දිගට කියවන්න ඕන සේරම එකතු කරලා ප්‍රින්ට් ගන්නම වෙනවා
ReplyDeleteසේරම එකතු කරලා පොතක් ගහලා දෙන්නම්. හැබැයි ඉතිං ටිකක් ඉවසන්ට වෙනවා. ;-)
Deleteපිස්සු නටනවා කියලා කොච්චර බැන්නත් අම්මා කෙනෙක් හැම වෙලාවෙම හරිදේ තමයි කරන්නේ මම හිතන්නේ... රොබ් අනිත් ළමයි ගැන බලන්න කිව්ව වෙලේ ගියානම් බ්‍රැන් ඉවරයි...
ReplyDeleteබීටලේට නම් අම්මා කරපු දේ හරියටම හරි ....එකෙන්ම ... ;)
Deleteඒක නෙව බීටලේ. හැමදේම වෙන්නෙ හොඳටලු..
Delete@ බීටලේ,
Deleteඔය කතාව අම්මා තාමත් කියනවද? :P
@ඉවාන්,
Deleteකාලෙකින් ඇවිත්. :)
බීටලේට අම්මා කලදේ හරි එකෙන්ම කියන්නේ මොකක්ද?
පරක්කු වෙලා හරි මොළයක් කියන දේ වැඩකරන්නෙ ගෑණුන්ගෙ විතරලු.! නේද පොඩ්ඩි :D :D
ReplyDelete(මේ කොල්ලන්ගෙන් ගුටි කන්න වෙයිද මට?? ටක් ගාලා සයිඅවුට් වෙලා යන්න ඕන. )
අපි නම් කොල්ලන්ට බය නෑලු. :P
Deleteපොඩි කුමාරිහාමි වාරියපොල පැත්තේද ?:P
Deleteඑහෙනම් ඉතින් දුරස් වෙන එක හොඳයි,නොකා ගුටි.:D
Delete'වාරියපොල' ?ඒක තියෙන්නේ කොහෙද? ලංකාවෙද? :P
Delete'air' 'craft' 'market' :-D
DeleteFor the sons and great great .......greatest grandsons of Ravana - Airport !
Looks like the war has literary started..
ReplyDeleteyeah literary....:D
Deleteහිමාලය නගිනවා. මුදුන තවත් දුරයී..
ReplyDelete