Wednesday 9 July 2014

ඩ‍නේරිස් - 01-3


ඉත්ත වැලින් වැසී ගිය උස ප්‍රාකාරයකින් වට වුනු කුළුණු නවයකින් සන්නද්ධ වූ ඛාල් ඩ්‍රෝගෝ ගේ මන්දිරය මුහුදු බොක්ක අද්දර පිහිටියේ ය. ඉල්ලීරියෝ පැවසූ අන්දමට එය ඔහුට ලබා දී තිබුනේ පෙන්ටොස්හි මැජිස්ටර්වරුන් විසිනි. මේ නිදහස් වෙළෙඳ නගර සෑම විටම අස්හිමියන් වූ ඩොත්රැකිවරුන්ට ත්‍යාගශීලී විය. "ඒකෙන් කියවෙන්නෙ නෑ අපි මේ ම්ලේච්ඡයන්ට බයයි කියලා." ඉල්ලීරියෝ සිනහ මුසු මුහුණින් පැහැදිළි කලේය. "රතු පූජකයො පොරොන්දු වෙන අන්දමට නං ආලෝක‍යේ දෙවිඳුන් අපේ නගර ප්‍රාකාර ආරක්ෂා කරනවා ඩොත්රැකිවරු මිලියනයක් ආවත්.... ඒත් මොකටද නිකං අවදානමක් ගන්නෙ, අපට බොහොම අඩු මුදලකට එයාලගෙ මිත්‍රත්වය සල්ලි දීලා ගන්ට පුළුවන් නං."

ගේට්ටුව අබිසය දී ඔවුන් ගේ දෝලාව නවත්වනු ලැබූ අතර මන්දිරාරක්ෂක බලකා‍යේ සෙබළෙකු විසින් දෝලාවේ තිරය දෙපසට අදිනු ලැබී ය. ඔහුට ඩොත්රැකිවරුන්ට මෙන් තඹ පැහැ සමක් හා ආමන්ඩ් පැහැ දෑසක් තිබුනු මුත් ඔහු පැළඳ සිටියේ නිකැලැල් බලකායට අයත් උලක් සහිත පිත්තල හිස්වැසුමකි. සෙබළා මේ අමුත්තන් දෙස සීතල බැල්මක් හෙලුවේ ය. මැජිස්ටර් ඉල්ලීරියෝ ඔහුට රළු ඩොත්රැකි බසින් යමක් පැවසූ අතර ඒ බසින්ම පිළිවදන් දුන් සෙබළා ඔවුන්ට ඇතුළුවන ලෙස සන් කලේ ය.

සිය සොහොයුරා කඩු මිට තරයේ අල්ලාගෙන සිටිනු ඩැනී දුටුවා ය. ඔහුද ඇය තරමටම බිය පත් වූ සෙයකි. "ගරු සරු නැති නපුංසකයා." විසේරිස් කටු කුටු ගෑවේ දෝලාව මන්දිරය දෙසට ඇදෙද්දී ය.

"අද රෑ භෝජන සංග්‍රහයට වැදගත් මිනිස්සු ගොඩ දෙනෙක් එනවා. එහෙම මිනිස්සුන්ට සතුරො ඉන්නවා. ඛාල් එයාගෙ අමුත්තන්ට ආරක්ෂාව සපයන්ට ඕන. ඔබත් ඇතුළුව මගේ ස්වාමිනී. ඔබේ හිසට හොඳ මිලක් ‍ගෙවන්ට රාජ්‍යය පැහැර ගත්ත එකා සූදාණම්."

"ආ ඇත්තමයි! මිනිහා මීට කලිනුත් උත්සාහ කලා ඉල්ලීරියෝ. මිනිහගෙ කුලියට මිනී මරන එවුන් අපිව හැමතැනකම ලුහුබැන්දා. මං තමා අන්තිම මකරා. මං ජීවත් වෙලා ඉන්නකං මිනිහට ලේසියෙන් නින්ද යන එකක් නෑ."

දෝලාව නතර විනි. තිරය දෙපසට මෑත් වූ අතර වහලෙක් ඩැනීට බිමට බැසීම පිණිස අත දිගු කලේ ය. වහල් දැරිය කියූ පරිදි ඔහු ගේ කරපටිය රනින් නොව පිත්තලින් නිමවුනු එකක් බව ඩැනී නිරීක්ෂණය කලාය. තවමත් අසිපත් මිට මත එක් අතක් රඳවා ගත් ඇ‍ගේ සොහොයුරා ඇය පසුපසින් බිමට බට අතර මැජිස්ටර් ඉල්ලීරියෝ ගේ දැවැන්ත ශරීරය නැවත දෙපයින් සිටවීම සඳහා ශක්තිමත් මිනිසුන් දෙදෙනෙකු ගේ සහය අවශ්‍ය විය.

මන්දිරය තුළ වාතය කුළුබඩු සුවඳින් ද, මිහිරි ලෙමන් හා කුරුඳු සුවඳින් ද බර විය. වැලීරියාවේ විනාශය දැක්වෙන වර්ණවත් වීදුරුවෙන් නිමවූ කැටයමකින් අලංකාර වූ ඇතුළුවීමේ ශාලාවක් තුළින් ඔවුන්ව මන්දිරය තුළට කැඳවාගෙන යන ලදී. බිත්ති පුරා යකඩින් තැනූ ලන්තෑරුම් එල්ලා තිබුනු අතර ආරුක්කුවක් යට සිටගෙන සිටි නපුංසකයෙකු විසින් ඔවුන් ගේ පැමිණීම සභාවට දැනුම් දෙන ලදී. "අන්දාල් වරුන්ගේ ද, රයිනාර් වරුන්ගේ ද, මුල් මිනිසුන්ගේ ද රජු වන, රාජධානි සප්තකයේ ස්වාමියා හා ආරක්ෂකයා වන, ටාර්ගේරියන් වංශයේ විසේරිස්, එම නමින් යුත් තුන්වැනියා. ඔහුගේ සහෝදරිය හා ඩ්‍රැගන්ස්ටෝන්හි කුමරිය වන ඩනේරිස් ස්ටෝර්ම්බෝර්න්. ඔවුන් ගේ ගෞරවනීය සත්කාරකයා වන පෙන්ටොස් නිදහස් නගරයේ මැජිස්ටර් ඉල්ලීරියෝ මොපාටිස්."

නපුංසකයා පසු කල ඔවුහු ඉත්ත වැලින් වැසුනු කුළුණු සහිත අංගනයකට පිවිසුනහ. එහි සිටි අමුත්තන් බොහෝ දෙනෙකු රතු-දුඹරු සමින් යුතු දැවැන්ත ඩොත්රැකි අස්හිමියෝ වූහ. ඔවුන් ගේ එල්ලී වැ‍ටෙන විශාල උඩුරැවුල් යකඩ මුදු වලින් වෙලා තිබුනු අතර මනාව තෙල් ගා දිගට ගොතන ලද ඔවුන් ගේ කේශ කලාප කුඩා සීනු වලින් අලංකාර විය. එනමුදු ඔවුන් අතරේ එහා මෙහා ගිය අනිකුන් අතර පෙන්ටොස් හා ම(ර්) හා ටයිරෝෂ් වලින් පැමිණි කුලී හේවායින් හා චණ්ඩින් ද, ඉල්ලීරියෝට ද වඩා මහත රතු පූජකයෙක් ද, ඉබ්න් තොටමුණෙන් පැමිණි ලොමින් වැසුනු මිනිසුන් ද, කළුවර මෙන් කළු පැහැ ස‍මෙන් යුත් ගිම්හාන දූපත්වලින් පැමිණි වංශාධිපතියන් ද වූහ. ඔවුන් සියලු දෙනා දෙසම විස්මයෙන් ඇලලී බලා සිටි ඩනේරිස් ට හදිසියේම වැටහී ගියේ ඔවුන් අතර සිටි එකම කාන්තාව තමා පමණක් බවයි.

ඉල්ලීරියෝ කෙඳිරුවේ ය. "අර අතන ඉන්නෙ ඩ්‍රෝගෝ ගෙ ප්‍රධාන ආරක්ෂකයින් තුන්දෙනා. අර කණුව ගාව ඉන්නෙ ඛාල් මොරෝ එයාගෙ පුතා රොගොරෝ එක්ක. අර කොළ පාට රැවුලක් තියෙන කෙනා ටයිරෝෂ්වල ආර්කන් ගෙ සහෝදරයා. එයාට පිටිපස්සෙන් ඉන්නෙ සෙර් ජෝරා මෝර්මන්ට්."

මේ අවසාන නම ඩැනී ගේ අවධානය පැහැර ගත්තේ ය. "නයිට්වරයෙක්?"

"කිසිම අඩුවක් නැතුව." ඉල්ලීරියෝ සිනාසුනි. "ප්‍රධාන පූජකයාම සප්තාලේපනයෙන් අභිෂේක කරපු කෙනෙක්."

"එයා මොනවද මෙහෙ කරන්නෙ?" ඇය ඇසී ය.

"රජ්ජුරුවන්ට එයා‍ගෙ ඔළු ගෙඩිය උවමනා වෙලා තියෙනවා. බොහොම සුළු ‍නොවැදගත් දේකට. එයා අල්ලගත්ත හොර දඩයක්කාරයො කීප දෙනෙක් නිශා රැකුම් බලකායට බාර‍දෙන්නෙ නැතුව ටයිරෝෂි වහල් වෙළෙන්දන්ට විකුණලා තියෙනවා. ඒක මහ මෝඩ නීතියක්. මිනි‍හෙකුට එයාට අයිති බඩුබාහිරාදියට කැමැති දෙයක් කරන්ට පුළුවන්."

"අද රෑ ගෙවෙන්ට කලින් මට සෙර් ජෝරාට කතා කරන්ට ඕන." ඇගේ සොහොයුරා පැවසී ය. ඩැනී නයිට්වරයා දෙස කුතුහලයෙන් බැලුවා ය. ඔහු වයස හතලිහ ඉක්ම වූ, තට්ටය පෑදීගෙන එන එනමුදු ශක්තිමත් පුද්ගලයෙකි. සේද හා කපු පිළි වෙනුවට ඔහු ලොමින් හා සමින් කල ඇඳුම් වලින් සැරසී සිටියේ ය. ඔහු ගේ උඩු කබාය තද කොළ පැහැති වූ අතර එහි දෙපයින් සිට ගත් වලසෙකු ගේ රූපයක් ගෙත්තම් කර තිබින.

තමා කිසිදා නොදත් නොදුටු මවුබිමෙන් පැමිණි මේ ආගන්තුක පුද්ගලයා දෙස ඩැනී බලා සිටිය දී මැජිස්ටර් ඉල්ලීරියෝ ඇගේ උරහිස මත අතක් තැබී ය. "අන්න අර අතන ඉන්නෙ කුමරියනි, ඛාල් ඩ්‍රෝගෝ තමා." ඔහු කෙඳිරී ය.

මුලින්ම ඩැනීට උවමනා වූයේ දිව ගොස් කොහේ හෝ සැඟවීමට ය. නමුත් ඇගේ සොයුරා ඈ දෙස බලා සිටින අතර ඔහු අසතුටට පත් වුවහොත් මකරා අවදිවන බව ඈ දනී. තැවිලි සහගත සිතින් ආපසු හැරුනු ඈ විසේරිස් විසින් තමාව විවාහ කරදීමට සූදාණම් වන පුද්ගලයා දෙස බැලීය.

වහල් දැරිය කියූ දේවල් වැරැදි නැති බව ඇයට සිතිනි. ඛාල් ඩ්‍රෝගෝ ශාලාවේ සිටි උසම මිනිසාටත් වඩා අඩියක් පමණ උස් විය. එනමුදු ඔහු කෙතරම් සැහැල්ලු ලෙසින් කෙතරම් සුනම්‍ය ලෙසින් ඇවිද්දේ ද යත් ඩැනී ට සිහි වූයේ අඳුන් දිවියෙකි. ඔහුට ඇය සිතූ තරම් වයසක්ද නැත, උපරිම වසර තිහක් පමණ‍. ඔහු ගේ සම දිදුලන තඹ පැහැති ය. ඔහු ගේ ඝණකම් උඩුරැවුල රන් හා පිත්තල මුදු වලින් බැඳ සරසා ඇත.

"මං ගිහින් එයාට කතා කරලා එන්නං." ඉල්ලීරි‍යෝ පැවසී ය. "ඔයාලා මෙතනම ඉන්ට. මං එයාව ඔයාලා ගාවට එක්කන් එන්නං."

ඉල්ලීරියෝ ඛාල් වෙත යන අතරතුරේ දී විසේරිස් ඇගේ බාහුවෙන් අල්ලා ගත්තේ ය. "ඔයාට එයාගෙ දිග කොණ්ඩෙ පේනවද නංගී?"

ඩ්‍රෝගෝ ගේ දිග කොණ්ඩය රාත්‍රිය මෙන් කළු පැහැ වූ අතර සුවඳ තෙලින් නහවා තිබින. ඔහු ඇවිදින විට එහි රඳවා තිබුනු කුඩා සීනු මිහිරි නාද නැංවී ය. එය ඔහු ගේ ඉණ පටියෙනුත් පහළට දිගු වූ අතර අග්‍රය කලවයේ පසුපස ස්පර්ශ කලේ ය.

"ඔයාට පේනවද ඒක කොච්චර දිග ද කියලා?" විසේරිස් ඇසී ය. "ඩොත්රැකියෙක් යුද්ධෙන් පැරදුනොත් ඒ අවඥාව නිසා එයාලා කොණ්ඩෙ කපනවා. ඛාල් ඩ්‍රෝගෝ කවදාවත් යුද්ධෙකින් පැරදිලා නෑ. මකරාධිපති ඒගොන් ආයෙමත් ආවා වගෙයි. ඔයා එයාගෙ රැජිණ වෙන්නයි යන්නෙ."

ඩැනී ඛාල් ඩ්‍රෝගෝ දෙස බැලුවා ය. ඔහු ගේ මුහුණ දැඩි එමෙන්ම කුරිරු එකක් විය. ඒ දෑස් සීතල අගත්ති මෙන් තද පැහැ විය. ඇගේ සොහොයුරා සමහරවිට - විශේෂයෙන්ම ඇය ඔහු ගේ මකරා අවදි කල විට - ඇයට රිදවූවද ඛාල් ඩ්‍රෝගෝ ඇගේ සිත තුළ ඇති කල භීතිය තරම් බියක් ඔහු නිසා කෙදිනකවත් ඇගේ සිතේ ඇති නොවී ය. "මට එයාගෙ රැජිණ වෙන්ට ඕන නෑ." ඇය සිහින් බියපත් හඬින් කොඳුලා ය. "අනේ කරුනාකරලා විසේරිස්. මට නං බෑ. මට ගෙදර යන්ට ඕන."

"ගෙදර?" ඔහු කටහඬ පහත් කලද ඒ ස්වරයේ තිබුනු කේන්තිය ඇයට දැනුනි. "අපි කොහොමද ගෙදර යන්නෙ නංගී? උං අපේ ගෙදර අපෙන් උදුරගත්තා." අන්‍යයන්ට නොපෙනෙන අඳුරු සෙවනැල්ලක් යටට ඔහු ඈ ඇදගෙන ගියේ ය. ඔහු ගේ අතැඟිලි ඇගේ බාහුවේ සමට කා වැදී ඇයට රිද්දුවේ ය. "අපි කොහොමචද ගෙදර යන්නෙ?" ඔහු නැවත ඇසීය.

ඩැනී ගෙදර යනුවෙන් අදහස් කලේ කින්ග්ස් ලෑන්ඩින්ග් හෝ ඩ්‍රැගන්ස්ටෝන් හෝ ඔවුන්ට අහිමි වූ රාජධානිය නොව ඉල්ලීරියෝ ගේ වතුයායේ ඔවුන්ට වෙන් කර තිබුනු කාමර පෙළ යි. නමුදු ඇගේ සොහොයුරාට එය ගෙදරක් නොවී ය. අඩුම ගනනේ රතු දොරකින් යුතු විසල් නිවස පවා ඔහුට ගෙදරක් ‍නොවී ය. ඔහු ගේ අතැඟිලි තව තවත් තදින් ඇ‍ගේ මසට කා වැදින. "මං දන්නෙ නෑ." අවසානයේ දී ඇය කඳුළු පිරි දෑසින් හා බිඳුනු හඬින් කීවා ය.

"මං දන්නවා." ඔහු කීය. "අපි ගෙදර යන්නෙ හමුදාවක් එක්ක නංගී. ඛාල් ඩ්‍රෝගෝ ගේ හමුදාවත් එක්ක. අන්න එහෙම තමා අපි ගෙදර යන්නෙ. ඒ වෙනුවෙන් උඹට ඌව බඳින්ට වෙනවා නං, උඹට උගෙ ඇඳට නගින්ට වෙනවා නං උඹ ඒක කරනවා." ඔහු ඇය දෙස බලා සිනාසුනි. "මට මගෙ හමුදාව ලැබෙනවානං ඒ වෙනුවෙන් උගෙ මුළු ඛලසාර් එකම සතුටු කරන්ට වුනත් මං උඹව දෙනවා. හතලිස් දාහක් හමුදාවට යි ඕන වුනොත් උංගෙ අශ්වයින්ට යි හැමෝටම. උඹ සතුටු වෙයං උඹව දෙන්නෙ ඩ්‍රෝගෝට විතරක් නිසා. කාලයක් යද්දී උඹ ඌට කැමැති වෙන්ටත් පුළුවන්. දැන් ඔය කඳුළු පිහිදා ගනිං. අන්න ඉල්ලීරියෝ ඌත් එක්ක මෙහාට එනවා. උඹ අඬ අඬා ඉන්නවා ඌට පෙන්නන්ට මට ඕන නෑ."

ආපසු හැරුනු ඩැනී දුටුවේ එය සැබෑවක් බවයි. මැජිස්ටර් ඉල්ලීරියෝ මුව පුරා සිනාසෙමින්, හැකි සෑමවිටම දෙකට නැවෙමින් ඛාල් ඩ්‍රෝගෝව ඔවුන් සිටින දෙසට කැඳවාගෙන එමින් සිටියේ ය. ඇය දෑසේ කඳුළු බිඳු පිටි අත්ලෙන් පිසදා හැරියා ය.

"හිනාවෙයං." විසේරිස් කෙඳිරී ය. ඔහු ගේ අත අසිපත් මිට මතට ලිස්සා ගියේ ය. "අනික කෙලින් හිටගනිං. ඌට පෙන්නපං උඹට හොඳ හැඩ ඇඟක් තියෙනවා කියලා."

ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත් ඩනේරිස් කඳ ‍කෙලින් කොට සිට ගත්තා ය.


Viserys Targaryen: "How are we to go home, sweet sister? They took our home from us!"

86 comments:

  1. Replies
    1. ඒ වගේ නේද රන්දු. අපි නම්බුනාම දෙනවා එක වෙන අයට. :D

      Delete
    2. මට මොකක්ද දන්නෑ දෙන නම්බුව....:D

      Delete
  2. අප්පේ...
    බලං ගියාම විසේරිස් බුවයි
    අද කාලෙ ඉන්න සේරිවාණිජ ලයි අතර කිසි වෙනසක් නෑ වගේ...
    තමන්ගෙ නංගිව විකුණනව තමන්ට ඕන දේ කරගන්න
    පික්ෂු හැදෙයි ෂද බබලයි කීවළු

    ReplyDelete
    Replies
    1. මේ විදියේ අය එදත් හිටියා ... අදත් ඉන්නවා...හෙටත් ඉඳී මහේෂ්...:(

      Delete
  3. ඛාල් මොරෝ කියල තව ඛාල් කෙනෙක් ඉන්නවද? ඒ කියන්නෙ ඛාල්ල කීප දෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. khal moro is another khal. there are many khalasars. he is not one of the bloodriders (close guards/ friends) of drogo.

      නිකැළැල් බලකාය .excellent ser bura. very nice work indeed.

      Delete
    2. @රන්,

      ඔන්න ඔයාට කසුන් උත්තරේ දීලා. :)

      Delete
    3. @කසුන්,

      ඔයා ගොඩක් පැහැදිලිවිදියට උත්තර දීලා කසුන්. මේ වගේ තැන්වල ඔයා දන්න දේවල් විස්තර විදියට කීවොත් ලොකු උදව්වක් :)

      Delete
  4. දනේරිස්ගේ දෙක මිස් වෙච්ච නිසා තුන තියෙද්දි දෙක බලං ආවේ. ඒ අස්සේ එකට දාපු කමෙන්කටුව ගැනත් හෙව්වා..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔය හොයපුවා හම්බ වුණාලුද? :)

      Delete
    2. දනේරිස්!
      යකාගෙ ලියුමෙ ජොරලිස් මුදලාලිගෙන් පස්සෙ අහපු හොඳම නම :))

      Delete
  5. දැනුයි කතාව බැලුවෙ.ඩැනී පව්... දුක සිතෙනවා. ඊලගට වෙන දෙය බලන්න බලා ඉන්නවා මමත්.

    ReplyDelete
    Replies
    1. හොඳ , හොඳ එව්වා ඉස්සරහට දිලානි... :)

      Delete
  6. දැන් නම් ඉතා ඉහල මට්ටමෙන් කතාව ගලා යනවා. හොඳ චිත්ත රූප අපේ හිතේ මැවෙනවා. අතිශයින් සාර්ථකයි. මගේ ප්‍රශංසාව පිළිගන්වනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචාරක. මෙහෙම කියනකොට ආසා හිතෙනවා...:)

      Delete
  7. හරි බදාදා ඉවරයි.. හෙට සිකුරාදා...

    ReplyDelete
    Replies
    1. බදාදා ලඟට සිකුරාදා එන්නේ මොන රටේද? :D

      Delete
  8. ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒකට පැණි දැම්මා...:D

      Delete
  9. ඔන්න පොත් 5 ම කියෙව්වා... thanks පොඩිඩි & බුරතීනෝ ඔයාල මේක translate කරන්න හිතුවෙ නැත්නම් මම ඔය අලි පොත් කියවන්නෙ නෑ. ඒ උනත් ඉතින් තවත් බලා ඉන්න ඕන I hate waiting..

    ReplyDelete
    Replies
    1. the whole world has been waiting for the sixth book for about five years now. :(

      Delete
    2. @DPC,

      ඒ කියන්නේ එහෙම හිතුව හින්දද ඔයා පොත් කියවන්ට පටන් ගත්තේ...:)

      Delete

    3. @කසුන්,

      පව් අප්පා...:D

      Delete
    4. පව් තමා . ඉතුරු පොත් දෙක ලියන්න කලින් ලොක්කා එලොව ගියොත්, හම්මේ ජීවත් වෙලා වැඩක් නෑ මට නම්.
      it happened before you know, wheel of time series, the author Robert jordan died before finishing the last two books.

      Delete
    5. ඔවුනේ... මේකෙ ඔයාල ලියපු පලවෙනි කොටස කියවපු ගමන්ම මට හිතුනා මේක කියවල ඉවර කරන්න නම් මට අවුරුද්දක් යන කල් ඉන්න බෑ කියලා...ඊ ලඟට කරගෙන කියෙව්වා...

      Delete
  10. Bloodrider is more than a guard, he is more like a friend, advisor, guard, general etc. it is said that bloodriders can share everything with the khal, including wives but never the horses. IT IS SAID :P

    ReplyDelete
    Replies
    1. IS IT? :D

      Only a khal can ask a man to become his bloodrider, by saying "I ask your oath, that will live and die as blood of my blood, riding at my side to keep me safe from harm."

      Ancient traditions proclaim that when a khal dies, his bloodriders die with him. Should the khal die in battle, the bloodriders live only long enough to avenge him. Once done, the last service the bloodriders must perform is to escort the khaleesi to Vaes Dothrak to join the Dosh khaleen, and then they are to join their khal in death.

      මේ ටික අමතකවෙලානේ. :)

      Delete
    2. i was just giving the juiciest parts . dont want to be a spoiler .

      Delete
  11. ඩැනීගෙ අයිය වගේ අයියෙක් නම් මට නම් එපාමයි. මහ ජරා මිනිහෙක්නෙ ..

    ReplyDelete
    Replies
    1. ඔයාට ඔය ඉන්නේ ෂෝයි අයියා කෙනෙක් හී හී...

      Delete
  12. ආසාවෙන් කියෙව්වා.... ඉම්මු සිකුරාදා වෙනතුරු ආයිමත්.

    ReplyDelete
  13. "Magister" කියන ධුරයට සින්හල වචනයක් හදන්න කැමති නැද්ද?
    එතකොට කෙලවරක් නැතිවෙයි නේ? ඛාල් හා අනිත් ඒවටත් ඕනැ වෙයි.
    ඒත් මුල් කෘතිය නොකියවූ අයට පොඩි glossary එකක් දාන්න අදහසක් නැද්ද? එතකොට නම් මොනවද ධුර මොනවද පැහැදිලිවෙයි.

    ReplyDelete
    Replies
    1. Pra Jay, හැමදාම හොඳ අදහසක් ඉදිරිපත් කරනවනේ. ඔන්න අදහස ඉහලට දැම්මා...ඉස්සල්ලාම බැනුම් අහන්නේ මම...:D

      Delete
    2. සමහර වචන ඉංග්‍රීසියෙන්ම තියන එක පහසුයි Pra Jay. Glossary එකක් දාන එක හොඳ අදහසක් තමා නේද? බලමු එකක් හදලා පැත්තකින් එල්ලන්ට.

      Delete
    3. Glossary එකක් දැම්මා Pra Jay. බලන්ට කොහොමද කියලා. ඉස්සරහට එන එන විදියට වචන එකතු කරමු.

      Delete
  14. හැබැයි කොන්දේ දිග ගෑල්ලමයි හරිම නපුරුයිලු , කවුරු හරි කිව්වා මට මතකයි .

    ReplyDelete
    Replies

    1. ඇයි කොන්ඩේ කොට පිරිමි ලමයි ඊට වඩා නපුරුලු. වෙලාවට පොඩ්ඩිගේ කොන්ඩේ ගානට තියෙන්නේ...:D

      Delete
    2. ඔව් ඔව්, කොණ්ඩේ දිග ගෑල්ලමයෙක් තමයිලු දාසක ගෙඹිලූශාට ඩිෂුම් ගාල නොකවුට් වෙන්න දෙන්නෙ.

      Delete
    3. කොණ්ඩේ දිගයි කියන්නේ ඒ ගැල්ලමයා කොටයිලු.... එතකොට දිග හිතාගත්තැකිනේ පොඩ්ඩියේ & බුරා

      Delete
    4. මගේ නිගමනය !!!

      කොන්ඩේ දිග පිරිමි ළමයි හරී හොඳයි.

      කොන්ඩෙ කොට ගෑල්ලමයි හරී හොඳයි .

      බස්සිට වඩා කොන්ඩෙ දිගයි.
      කොන්ඩෙ දිග අඩ් තුනයි !!!

      Delete
    5. @බස්සි,

      ඔය කීවට එයා වැඩියම ආදරේ කොන්ඩේ දිග ගෑනු ලමයින්ටලු ....:P

      Delete
    6. @ පොඩ්ඩි - පිස්සුද පොඩ්ඩි ,මමත් කැමති කොන්ඩේ ගානට තියෙන අයට :P

      Delete
    7. ඔව් අනේ පොඩ්ඩි අක්කේ මේ පැණිලූශා ඔයා නැතිවුනොත් මැරෙයි... :D

      Delete
    8. ඔන්න ඉතින් නලින් මාම මඩ ගහන්න හදන්නේ!
      මං අඩි පහක්ම උසයි අයියෝ.... 3:)


      //කොණ්ඩෙ දිග පිරිමිළමයි හරි හොඳයි//
      ඒ කියන්නෙ අපේ බස්සා හරීඊඊඊම හොඳයි නේ....

      Delete
    9. ඈ අනේ බස්සට දිග කොන්ඩෙකුත් තියෙනවද? එහෙනම් අලුත් පන්නෙ බස්සෙක් :P

      Delete
    10. අපේ සීයටත් තිබුනලු දිග කොණ්ඩයක්. අලුත් පන්නෙ හින්ද වෙන්ටැ. :P

      Delete
  15. ඊලඟ එකත් ඉක්මනට ලියන්ට අපිට මේ කොටස් අමතක වෙන්ට කලින්...

    ReplyDelete
    Replies
    1. හා...හා...බූරා පේන්ට නැත්තේ හෝගාලා ලියනවා ඇති...:D

      Delete
  16. DGMB,
    Ser බස්සනයිට් හොඳ මදි නම් Ser නග්ගනයිට්?

    ReplyDelete
    Replies
    1. හුහ්, බස්සනයිට්? ඒක නිකං ඉල්මනයිට් වහේ නෙව? මට බස්තියන් හොදා, ඒක ටිකාක් බරතියන් වගේ නෙව. අල වගේද ගෝවා? :)

      -සේර් බස්තියන් ඔෆ් හවුස් බස්තියන් AKA බෙනේ, ක්‍රීචර් ඔෆ් නයිට්, ඊටර් ඔෆ් චෙරීස්, අන්ඩ් ද මාස්ටර් ඔෆ් පෝට් වයින්

      " මයි ස්වෝඩ් ඉස් යුවර්ස්, බට් ෆෙදර්ස් ආ මයින්"

      Delete
    2. @Pra Jay,

      එයා කැමති සෙර් බස්-තියං ටලු...:D

      Delete
    3. @සෙර් බස්-තියං,

      මම අර අහිංසක කෑල්ල අයින් කලා... :D

      Delete
    4. @ ‍සෙර් බස්තියන්,

      හවුස් බස්තියන් කියනවට වඩා හොඳ නැද්ද සෙර් බස්තියන් ඔෆ් බීක්ස් එන්ඩ් (Beaks End) කිවුවනං?

      අනික අර Buratheno the Bold කිවුවා වගේ නරකද නිකං Basthion the Old වගේ එකක් දාගත්තොත්?‍ ;-)

      Delete
    5. හහ්, ඔය දීලා ඇදල තියෙන්නෙ ඇස්ටි හැලෙන්නම. තව ඕකට එක්කෙනයි අඩු - the Other. බකුස් සංහාරය කිව්වොත් උන්දැ එන්නෙ එක පයින් :)

      Delete
    6. බස්සට ඉතින් නයිට් කෑල්ලක් නැතිවම බැහැනේ . බස්සො දකින්න පුලුවන් වැඩිපුර රෑටමනේ :)

      Delete
  17. "නපුංසකයෙකු විසින් ඔවුන් ගේ පැමිණීම සභාවට දැනුම් දෙන ලදී"
    මේ යෙදුම නම් තේරුම් ගන්න බෑ. ඉංග්‍රීසි වචනේ නම් දැකලත් නෑ මොකද කතාව පළවෙනියට කියවන්නේ මෙහෙන්..

    ReplyDelete
    Replies
    1. උත්සව ශාලාවට ඇතුළුවෙන අය ගැන ශාලාවෙ ඉන්න අයට දැනුම් දෙන්ට එක්කෙනෙක් දාලා ඉන්නවා (herald). එයා තමා කෑ ගහලා කියන්නෙ මෙන්න ‍මෙයා ආවා කියලා. කතාවෙ මෙතැන එහෙම කියන්ට දාලා ඉන්නෙ නපුංසකයෙක් (eunuch). මේ කතාවේ සමහර තැන්වල සෙබළුන් විදියට, සේවකයින් විදියට නපුංසකයො යොදාගෙන ඉන්නවා ඔයාට ඉස්සරහට දකින්ට ලැබෙයි. අර 'නිකැළැල් බලකාය' කියන්නෙත් නපුංසක සෙබළුන්ගෙන් හැදුනු බලකායක්.

      Delete
    2. හරියට නිකං නිල් බලකාය වාගෙ වෙන්ටැ !!!!

      Delete
  18. මං මුලදි ටිකක් දෙගඩියාවෙන් හිටියෙ මේ පොත කියවිල්ල ගැන. සාමාන්‍යයෙන් පොතකින් සිත්තරපටියක් කලාම, පොත හරි සිත්තරපටිය හරි කලින් බලන එක තමා වැඩිය හොඳයි කියල හිතෙන්නෙ.

    ඒත් දැන් මේක බලන කොට හිතෙනවා වීඩියෝ සීරිස් එකේ කොච්චර කප්පාදු බුරෝ උඹ HBO එකගැන කියපු කතාව හරි වගේ කියල දැන් හිතෙනව

    ReplyDelete
    Replies
    1. HBO කියන්නෙ බං sex විකුණං කන තැනක්. මේ කතාවෙ කතා රසයට හානි වෙන තරම් තදට sex කෑලි ඔබ්බලා තියෙනවා TV series එකේ. ඕකමයි මම ඔය මඟුල TV එකේ බලන්නෙ නැත්තෙ.

      Delete
    2. බුරා නවගත්තේගම උන්නැහේ කිව්වනේ මං ලිව්වේ සුද්දීලාගේ කතාව එත් චිත්‍රපටයට ධර්මසිරි කරල තියෙන්නේ සුද්දිගේ කතාව කියලා. මේ කමෙන්ට් එකත් එක්ක මට සිහියට ආවේ ඒ කියමන.

      Delete
  19. අනේ අර අහිංසකි පව් දෙයියෝ....:(
    එක අතකට ඒ නරුම අයියාට වඩා ඛ්ල් ඩ්‍රෝගෝ එක්ක යන එක හොඳයි වගේ.නැතිනම් අරකා නංගිව කි දෙනෙක්ට විකුණාවිද කියන්නත් බැහැ..:(

    ReplyDelete
    Replies
    1. ඩනේරිස් කබලෙන් ලිපට වැටෙයිද?

      Delete
    2. අනුමානය කතාවේ රසය බිද දමයි බුරා....

      Delete
    3. අර වසල අයියන්ඩිට වඩා ඛාල් ඩ්‍රෝගෝ හොඳයි මට නම් හිතෙන්නේ.....

      Delete
  20. කොන්ඩේ සීනු එල්ලලා තියෙනවා කියල කිව්වහම මට සැළලිහිණි සංදේශේ කවියක් මතක්වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ කවිය හැලපෙ?

      ඩොත්රැකියො යුද්ධෙදි තමන් විසින් මරන මිනිහෙක් ගානෙ කොණ්ඩෙ පුංචි සීනුවක් එල්ලනවා. ඒක හරියට පදක්කමක් වගේ.

      Delete
    2. පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
      බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
      නොව පැරණිය වන රමණිය විටින් විට
      සැළලිහිණිය වදු කැලණිය පුරවරට

      Delete
    3. සුරරද සමන් සමගින් සුරගන එවර
      පැහැනද මදාරා පරසතු මල් පතර
      කරපුද වදින මුනි සිරි පා තඹර
      සකි සද පෙනේ සමණොල ගිර නැගෙන හිර


      මතකෙන් ලිව්වේ වැරැදි ඇති ඇතැම් විට. හැලපේ ස්තුතියි සැලළිහිණිය මතක් කළාට

      Delete
    4. ලකළ පුළුලුකුළ බඳ මිණි    මෙවුල්ලා
      සමග රන් සලඹ රැවු දී    වෙවුල්ලා
      වයන පදට තබමින් පද    කමල්ලා
      රඟන ළඳුන් බල රූසිරු    සියල්ලා

      Delete
    5. ස්තුතියි හැලපයියෙ සැලළිහිණිය මතක් කරාට..මාත් හරි ආසයි ඒ කවි වලට.මට නං අඳෝසංසාරයක් මතක නෑ ඒ උනාට.:D

      Delete
    6. මිතුරු තු‍මෝ පෙරැ බැඳි මිතුරු දම් තර
      මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර
      සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර
      මිතුරු එයින් ම තෙපල ත සවනත පුර

      මෙන්න මගේනුත් සැළලිහිනියේ කවියක්..හැබැයි පොතෙන් බලන් ලීවේ හොඳේ..:)

      Delete
  21. ඔය ඉස්සර කැලණිය හැලපයියෙ , මේං දැන් කැලණිය

    මත් කුඩු පිරී සුරපුර ලෙස ඇත නිබඳ
    ඩෙංගූ මදුරුවන් අනිනව පාරෙ රැකඉඳ
    අවනත නැති උන්ට ගහනව ගහක බැඳ
    අං ඇතිදැයි බලන් කැලනිය මහා ජනකඳ

    ReplyDelete
  22. මේකත් නිකන් හරියට අඩුවයසින් බලෙන් කරන කසාදයක් වගේනේ.. බලමුකෝ ඉස්සරහට,,

    ReplyDelete
    Replies
    1. අඩු වයසින් බලෙන් කසාද කරන්නේ කොහොමද දිනේශ්? :)

      Delete
    2. ඇයි අනේ, ඔය ඉන්දියාවේ පකිස්තානේ එහෙම පොඩි ළමයින්ව නාකියෝ කසාද බඳින්නේ.. fb එකේ ඔක ගැන වීඩියෝ එකකුත් තිබ්බේ..

      Delete
  23. රෑට නිදාගනිද්දී ඒ ගන්ටාර ගලවනවා ඇති නේ... නැත්තං ඩැනීට සේරටම වැඩිය අවුල වෙන්නේ ටෝං පටෝං ගාලා ගන්ටාරත් වැදෙන්න ගත්තාම...

    ReplyDelete
    Replies
    1. මෙයාට කල්පනා වෙන ජාති...:D

      Delete
    2. මටත් කල්පනාවුනේ පොඩ්ඩිට හිතුන එකමයි :)

      Delete
  24. කථාව නම් එන්න එන්නම රසවත් වෙනවා පොඩ්ඩි.
    ඔයාලා දෙන්නගේ මහන්සියට ගොඩාක් ස්තුතියි.!
    All the best..!

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් මෙහෙම දිරිගන්වනවට ඔයාටත් බොහොම ස්තූතියි Reeza!

      Delete