යුධ ආයුධ ගබඩාව හා මාලිගාවේ ප්‍රධාන බලකොටුව අතර ඉදිකර තිබුනු ආවරණය කල පාළමේ වූ එක් කවුළුවක් තුළින් මුළු සෙණ්ඩුවාලුවම මනාව නිරීක්ෂණය කල හැකි විය. ආර්යා වෘක පැටවාද සමග දිව ගියේ මේ කවුළුව වෙතට ය.
රතු වූ මුහුණින් යුතුව හතිලමින් දිව ආ ඔවුන් දුටුවේ ජොන් ජනෙල් පඩිය මත වාඩි වී දණ නමා ඒ මත නිකට රුවාගෙන පහළ බලා සිටින ආකාරය යි. ඔහු කෙතරම් තදින් සටන් කෙරෙහි අවධානය යොමු කර තිබුනාදැ යි කිවහොත් සුදු වෘක පැටවා නැගිට ඔවුන් පිළිගන්නට ඉදිරියට එනතෙක් ඈ පැමිණි බව ඔහු නොදත්තේ ය. නයිමේරියා සෙමින් ඉදිරියට ඇදුනු අතර ඈ වෙතට පැමිණ ඇයව ඉව කර බැලූ ගෝස්ට් නැවත පෙර සිටි තැනට ගොස් වක ගසා ගත්තේ ය. ජොන් ඈ දෙස විමර්ශනාත්මක බැල්මක් හෙලී ය. "ඔයා මේ වෙලාවෙ මැහුම් කාමරේ නෙවෙයිද ඉන්ට ඕන පුංචි නංගී?"
ආර්යා මුහුණ ඇද කලා ය. "මට ඕන වුනා එයාලා සටන් කරනවා බලන්ට."
ඔහු සිනාසුනේ ය. "එහෙනං ඉතින් එන්ට."
ඔහු සිනාසුනේ ය. "එහෙනං ඉතින් එන්ට."
ජනෙල් පඩිය මතට නැගුනු ආර්යා ඔහු පසෙකින් වාඩි ගත්තා ය. නොයෙකුත් ගැටුම් හා ගෙරවිලි හඬ පහළින් ඇසෙන්නට විය.
ඇගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ වෙලාවේ සරඹ පුරුදු වෙමින් සිටියේ බාල දරුවන් විය. බ්‍රැන් ගේ සිරුර වසා කෙතරම් ආරක්ෂක කොට්ට ඔතා තිබුනා දැයි කිවහොත් හරියට ඔහුව පිහාටු මෙට්ටයක එතුවා වැනි විය. මහත ඇඟක් ඇති ටමෙන් කුමාරයා මේ කොට්ට නිසා බෝලයක් මෙන් දිස් විය. ඔවුන් හතිලමින් ලී කඩුවලින් එකිනෙකාට කොටා ගනිමින් සිටියේ විභූතිමත් සුදු පැහැ උඩු රැවුලක් ඇති, දැවැන්ත පීප්පයක් මෙන් තරබාරු හා ශක්තිමත් වූ මාලිගයේ සටන් පුහුණු ආචාර්යවරයා වන නාකි රඩ්‍රික් කසල් ගේ අධීක්ෂණය යටතේ ය. ළමුන් හා වැඩිහිටියන්ගෙන් සැදි දුසිමක් පමණ වූ ප්‍රේක්ෂකයින් පිරිසක් ඔවුන්ට අනුබල දෙමින් බලා සිටියහ. සියල්ලන්ටම වඩා හයියෙන් කෑ ගසමින් සිටි රොබ් පසෙකින් තියන් ග්‍රේජෝයි සිටගෙන සිටිනු ආර්යා දුටුවා ය.
"මැහුම් වැඩවලට වඩා බොහොම අමාරු වැඩක්." ජොන් කීවේ ය.
"මැහුම් වැඩවලට වඩා බොහොම විනෝදජනක වැඩක්." ආර්යා ඔහුට පිළිතුරු දුන්නා ය. සිනාසුනු ජොන් ඈ දෙසට නැඹුරු වී ඇගේ කෙහෙරැළි අවුල් කර දැම්මේ ය. ආර්යා ගේ මුහුණ රතු වී ගියේ ය. ඔවුන් දෙදෙනා සැමවිටම එකිනෙකාට බෙහෙවින් සමීප විය. ඈට මෙන්ම ජොන්ටද තිබුනේ සිය පියා ගේ මුහුණුවර වූ අතර ඒ අතින් ඔවුන් දෙදෙනා අනෙකුන්ගෙන් වෙනස් වූහ. රොබ්, සන්සා හා බ්‍රැන් පමනක් නොව පුංචි රිකන් පවා ගොස් තිබුනේ ටලී ආරට ය. මේ වෙනස නිසා තමාද අවජාතකයකු වන්නට ඇතැයි කියා ආර්යා පුංචි කාලයේ බියපත් වූවා ය. ඒ ගැන විචාරන්නට ඇය තෝරාගත්තේ ජොන් වූ අතර ඔහු ඇගේ බිය නැති කර දැමී ය.
"ඇයි ඔයා පහළ සටන් පුහුණුවට යන්නෙ නැත්තෙ?" ආර්යා විචාලා ය.
ජොන් අඩ සිනාවක් පෑවේ ය. "ලාබාල කුමාරවරුන්ව තුවාල කරන්ට අවජාතකයන්ට අවසර නෑ. සරඹ පිටියෙදි එයාලට වෙන හැම තුවාලයක්ම වෙන්ට ඕන සහජාත කඩුවලින්."
"ආහ්!" ආර්යා ට ලැජ්ජාවක් දැනුනි. ඇය එය තේරුම් ගත යුතුව තිබින. දවසේ දෙවෙනි වතාවටත් ආර්යා තේරුම් ගත්තේ ජීවිතය සාධාරණ නොවන බවයි.
සිය සොහොයුරා ටමෙන්ට තලන ආකාරය දෙස ඇය බලා සිටියා ය. "මටත් පුළුවන් බ්‍රැන් තරම්ම හොඳින් සටන් කරන්ට. එයාට හතයි. මට නවයක්."
ජොන් ඈ දෙස බැලී ය. "ඔයා කෙට්ටු වැඩියි." ඇගේ අතක් අල්ලාගත් ඔහු එහි මාංශපේශීන් පිරික්සා බැලී ය. ඉන්පසු සුසුමක් හෙලා හිස වැනී ය. "මං හිතන්නෙ නෑ ඔයාට පුළුවන් වෙයි කියලා අඩුම ගානෙ දිග කඩුවක් උස්සන්ටවත් පුංචි නංගී. ඉතින් කොහොමද ඔයා ඒකෙන් සටන් කරන්නෙ?"
සිය අත ඇදගත් ආර්යා ඔහු දෙස රවා බැලුවා ය. ජොන් නැවත වතාවත් ඇගේ කෙහෙරැළි අවුල් කර දැමු අතර ඔවුන් දෙදෙනා නැවතත් සටන කෙරෙහි සිය අවධානය යොමු කලහ.
"ඔයා දැක්කද ජොෆ්රි කුමාරයා?" ජොන් ඇසී ය.
ආර්යා මුලින්ම ඔහුව දුටුවේ නැත. නමුත් නැවත වතාවක් පරීක්ෂාවෙන් බලද්දී පිරිස පිටුපසට වී ගල් බිත්තියකට හේත්තු වී සිටින ඔහුව ඇය දුටුවා ය. ඔහුව වටකරගෙන සිටියේ ඇය නාඳුනන, ලැනිස්ටර් හා බරතියන් නිළ ඇඳුමින් සැරසුනු තරුණ සහචරයින් විසිනි. ඒ අතර සිටි වැඩිමහලු පිරිමින් කිහිපදෙනා නයිට්වරුන් වන්නට ඇතැයි ඇය අනුමාන කලා ය.
"එයාගෙ උඩුකබායෙ තියෙන ලාංඡනය දිහා බලන්ටකො." ජොන් කීවේ ය.
ආර්යා එදෙස බැලුවා ය. ජොෆ්රි ගේ උඩු කබායේ අලංකාර පලිහක් ගෙත්තම් කොට තිබින. එහි එක් පසෙක බරතියන් නිල ලාංඡනය වූ කිරුළු ලූ ගෝනා ද අනෙක් පස ලැනිස්ටර් නිල ලාංඡනය වූ සිංහයා ද ගෙත්තම් කර තිබින.
"ලැනිස්ටර්ලා කියන්නෙ බොහොම ආඩම්බර සත්තු ජාතියක්. ඔයාට හිතෙන්ට පුළුවන් රාජකීය සලකුණ ඇතියි කියලා. නෑ. ඒ වෙනුවට එයා එයාගෙ අම්මගෙ වංශයත් රාජකීය වංශය මට්ටමටම උසස් කරලා."
"ගැහැණු කියන්නෙ වැදගත් ජාතියක් තමා." ආර්යා විරෝධය පෑවා ය.
ජොන් කෙකර සිනාවක් පෑවේ ය. "ඔයත් ඒ වැඩේම කලොත් හොඳ නැද්ද පුංචි නංගී? ඔයාගෙ සලකුණේ ටලීවරුයි ස්ටාර්ක්වරුයි එකතු කරන්ට."
"මාළුවෙක් කටින් ගත්ත වෘකයෙක්?" ඇයට සිනහ පහල විය. "ඒක මහ මෝඩ පෙනුමට හිටියි. අනෙක ගෑනු ළමයෙකුට සටන් කරන්ට බැරි නම් මොකටද එයාට වංශ සලකුණක්?"
ජොන් දෙවුර ඇකිලී ය. "ගෑනු ළමයින්ට වංශ සලකුණ ලැබෙනවා ඒත් එයාලට කඩු ලැබෙන්නෙ නෑ. අවජාතකයින්ට කඩු ලැබෙනවා ඒත් එයාලට වංශ සලකුණ ලැබෙන්නෙ නෑ. නීති හදන්නෙ මම නෙවෙයි පුංචි නංගී."
පහළ සෙණ්ඩුවාලුවෙන් කෑ ගැසීමක් ඇසෙන්නට විය. ටමෙන් කුමරා බිම වැටී නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටි අතර ඔහුව පෙනුනේ උඩු බැලි අතට පෙරලුනු කැස්බෑවෙකු මෙනි. බ්‍රැන් ඔහුට උඩින් ලී අසිපත අමෝරා බලා සිටියේ නැවත නැගී සිටිය වහා ඔහුට තැලීමට ය. මිනිස්සු සිනාසීමට පටන් ගති.
"ඇති." සෙර් රඩ්‍රික් කීවේය. ඔහු කුමරාට නැගී සිටීමට අත දිගුකලේ ය. "හොඳට සටන් කලා. ලූ, ඩොනිස් මෙයාලගෙ සන්නාහ අයින් කරන්ට උදවු කරන්ට." ඔහු වටපිට බැලී ය. "ජොෆ්රි කුමරුනි, රොබ්, ඔයාලා ආයෙමත් වටයක් යන්ට කැමැතිද?"
පෙර සටන නිසා තවමත් දහඩියෙන් පෙඟී සිටි රොබ් උනන්දුවෙන් ඉදිරියට පිය මැනී ය. "මම ලෑස්තියි."
සෙර් රඩ්‍රික් ගේ කැඳවීම අනුව ජොෆ්රි ඉදිරියට පැමිණියද ඔහු ගේ මුහුණේ තිබුනේ උදාසීන පෙනුමකි. "මේක ළමයින්ගෙ සෙල්ලමක් සෙර් රඩ්‍රික්."
තියන් ග්‍රේජෝයි මහ හඬින් සිනාසුනේ ය. "ඔයාලා තාම ළමයි තමා." ඔහු සරදම් විලාසයෙන් කීය.
"රොබ් නං ළමයෙක් වෙන්ට ඇති. මම කුමාරයෙක්. සෙල්ලං කඩුවකින් ස්ටාර්ක්ලව තලලා මට එපා වෙලා තියෙන්නෙ."
"තැලුවට වඩා ඔයා ගුටි කෑවනෙ ජොෆ්." රොබ් කීය. "ඔයා බයේ ද?"
"අපොයි ඔවු. මං මේ බයේ වෙවුලනවා. ඔයා මට වඩා කොච්චර වයසද." ලැනිස්ටර්වරුන් කිහිප දෙනෙක් සිනා පහල කලෝ ය.
ජොන් මේ සිදුවීම දෙස බලා සිටියේ රවා ගත් මුහුණිනි. "අර ජොෆ් නං ඇත්තටම මහ කක්කා ගොඩක්." ඔහු ආර්යාට කීය.
සෙර් රඩ්‍රික් කල්පනාකාරීව සිය උඩුරැවුල අත ගෑවේ ය. "ඔයා මොකක්ද දැන් කියන්ට හදන්නෙ?" ඔහු ජොෆ්රිගෙන් ඇසී ය.
"ඇත්ත කඩු."
"හරි." රොබ් කීවේ ය. "ඔයාට කණගාටු වෙන්ට වෙයි."
සෙර් රඩ්‍රික් රොබ් ගේ උරහිස මත අත තැබුවේ ඔහුව සන්සුන් කිරීමට ය. "ඇත්ත කඩු භයානකයි. මම අවසර දෙනවා තරගවලට පාවිච්චි කරන මොට්ට කඩුවලින් සටන් කරන්ට."
ජොෆ්රි කිසිවක් කීවේ නැත. නමුත් ආර්යා නාඳුනන, කළු පැහැ හිසකෙස් හා මුහුණේ පිළිස්සුම් කැළැල් ඇති උස නයිට්වරයෙක් ඉදිරියට පැමිණියේ ය. "මේ ඉන්නෙ ඔබේ කුමාරයා. එයාගෙ කඩුවෙ මුවහත ඇති නැති එක ගැන කතාකරන්ට ඔබ කවුද?"
"මම වින්ටර්ෆෙල්වල සටන් පුරුදු කරන ගුරුවරයා. ක්ලිගේන්, ඔබ ඒක අමතක කරන්ට එපා."
"ඔබලා මෙතන ගෑනුන්වද පුරුදු කරන්නෙ?"
"මම පුරුදු කරන්නෙ නයිට්වරුන්ව." සෙර් රඩ්‍රික් පිළිතුරු දුනි. "එයාලා නියම වයසට ආවාහම එයාලට ඇත්ත කඩු ලැබෙයි."
පිළිස්සුනු මුහුණ ඇත්තා රොබ් දෙසට හැරුනි. "ඔයාට වයස කීයද කොල්ලො?"
"දාහතරයි."
"මම වයස දොළහෙදි මිනිහෙක් මැරුවා. ඒක මොට්ට කඩුවක් නෙවෙයි."
මේ වදනින් රොබ් කිපෙනු ආර්යා දුටුවා ය. ඔහු සෙර් රඩ්‍රික් දෙසට හැරුනි. "මට ඒක කරන්ට ඉඩ දෙන්ට. මට එයාව පරද්දන්ට පුළුවන්."
"එහෙමනං මොට්ට කඩුවකින් එයාව පරද්දන්ට." සෙර් රඩ්‍රික් පිළිතුරු දුනි.
ජොෆ්රි දෙවුර ඇකිලී ය. "නියම වයස ආපුවම ඇවිත් මාව හම්බවෙන්ට ස්ටාර්ක්." ලැනිස්ටර් මිනිසුන් අතරින් සිනහ හඬ නැගුනි.
රොබ් ගේ සාපකිරීම්වල හඬ මුළු සෙණ්ඩුවාලුව පුරාම රැවු දුනි. බියපත් ආර්යා අතකින් මුව වසා ගත්තා ය. තියන් ග්‍රේජෝයි රොබ් ගේ අතින් අල්ලා ගත්තේ ඔහුව කුමරාගෙන් ඈත් කර තබා ගැනීම පිණිසය. සෙර් රඩ්‍රික් සිතේ කැළඹීම වසන් කරන්නට මෙන් රැවුල් ගස්වලින් අදින්නට විය.
ජොෆ්රි ඈනුමක් යටපත් කරගෙන සිය බාල සොහොයුරා දෙසට හැරුනි. "එන්ට ටමෙන්. සෙල්ලං කලා ඇති. පුංචි ළමයින්ට එයාලගෙ සෙල්ලං කරගන්ට ඉඩදෙන්ට."
මේ වදන් නිසා ලැනිස්ටර් සිනා හඬ තවත් උස්ව නැගෙන්නට විය. රොබ් ගේ මුවින් තව තවත් සාප කිරීම් පිටවන්නට විය. කේන්තිය නිසා සෙර් රඩ්‍රික් ගේ මුහුණ රත් පැහැ විය. තියන් සිය යකඩ වැනි ග්‍රහනයෙන් රොබ්ව අල්ලාගෙන සිටියේ කුමරා හා පිරිස පරෙස්සම් සහිත දුරකට යන තුරුය.
ජොන් ඔවුන් පිටව යන දෙස බලා සිටි අතර ආර්යා ජොන් දෙස බලා සිටියා ය. අන්තිමේ දී ඔහු ජනෙල් පඩිය උඩින් බිමට බැස්සේ ය. "නාටකේ ඉවරයි." පහතට නැඹුරු වුනු ඔහු ගෝස්ට් ගේ කණ පිටුපස කැසී ය. නැගිට සිටි වෘක පැටවා ඔහු ගේ ඇඟේ වෙලුනේ ය. "ඔයත් ආපහු ඔයාගෙ කාමරේට දිවුවනං හොඳයි පුංචි නංගී. සෙප්ටා මෝර්ඩේන් අනිවාර්යයෙන්ම රැකගෙන ඇති ඔයා එනකං. ඔයා හැංගිලා ඉන්න කාලෙ වැඩි වෙන්ට වැඩි වෙන්ට ඔයාගෙ දඬුවමත් වැඩි වෙනවා. ඔයාට මුළු සීත කාලෙ පුරාම මහ මහ ඉන්ට වෙයි. වසන්තය ආවහම එයාලා ඔයාගෙ මලකඳ හොයාගනියි ගල් වෙච්ච ඇඟිලි අතරේ හිරවුන ඉදිකට්ටත් එක්කම."
මෙය විහිළුවක් බව ආර්යාට සිතුනේ නැත. "මම ආසා නෑ මැහුම් වැඩවලට. ඒක කොහෙත්ම සාධාරණ නෑ."
"කිසිම දෙයක් සාධාරණ නෑ." ජොන් කීවේ ය. නැවත වරක් ඇගේ කෙහෙරැළි අවුල් කල ඔහු ඇයට පිටුපා යන්නට විය. ගෝස්ට් නිහඬවම ඔහු පසුපසින් යන්නට විය. නයිමේරියා ද ඒ පසුපස යන්නට සැරසුනද ආර්යා නොඑන බව දුටු විට නැවතී ආපසු හැරුනා ය.
නොකැමැත්තෙන් මෙන් ආපසු හැරුනු ආර්යා විරුද්ධ දිශාවට පිය මැන්නා ය.
තත්ත්වය ජොන් කිවුවාටත් වඩා නරක එකක් විය. ඇය එනතෙක් ඇගේ කාමරයේ බලා සිටියේ සෙප්ටා මෝර්ඩේන් පමණක් නොවේ. ඇගේ මවද ඒ සමග බලා සිටියා ය.
Arya Stark: "If a girl can’t fight, why should she have a coat of arms?"
හපොයි... ආර්යට සබ්බුව හම්බුවෙන්න වගේ යන්නෙ...
ReplyDeleteකව්ද දන්නෙ..
ජොන් කීව වගේ සීත කාලය පුරාවටම මහ මහ ඉන්න වෙයිද කියල
පවු නේද පුංචි එකී.
Deleteආර්යාට අස්ප මූණක් නෑ, මේ දෙන්නා , ජොන්-ආර්යා හොඳයි.
ReplyDeleteඒ පාර ආර්යා පස්සෙන් යන්න හදනවද :D
Deleteමට නම් හිතෙන්නෙම ආර්යා ලොකු වෙනකොට ලස්සන වෙයි කියල Winterfell වල රෝස මලක් වගේ
Deletelike a blue winter rose :D
Deleteආර්යා pretty කියලා තමා පොතෙත් කියන්නෙ.
Deleteඅස්ප මූණක් තියෙන ගෑල්ලමයි තමයි ලොකු වුනාම ලස්සනට එන්නේ... ඒකනේ මොන්ටිසෝරියේදී අපි සතේකට ගනන් ගත්තේ නැති ගෑල්ලමයි දැන් මූනුපොතේ ඇඩ් කරගනිද්දී අපි කොරවෙලා යන්නේ...
Deleteමොන්ටිසෝරියේ හිටපු ගෑනු ලමයි ඇඩ් කරන්ට බලා ඉන්නේ වෙන කෙල්ලෝ ඇත්තෙම නැද්ද බීටලේ...:P
Deleteරජ්ජුරුවො ස්ටාර්ක්ලට කැමති උනාට කුමාරය නම් එහෙම හිතන්නෙ නෑ නේද...
ReplyDeleteස්ටාර්ක් ළමයි ජොන්ට වෙනස්කම් නොකරන එක ලොකු දෙයක් :)
කුමාරය හැදෙන්නෙ අම්මට ඕන විදියට නෙ. ඒකයි කේස් එක.
Deleteකක්කා
ReplyDeleteNice word Ser Bur, Describes our Joffrey "Baratheon" Perfectly.
ජොෆ්රිට වඩා කක්කා හොඳයි නේද?
Deletecoat of arms "වංශ සලකුණ" හරිද?
ReplyDelete"වංශ" ට වඩා "පවුල්" නේද?
"අවුල්" දන්නව ඇති
Deleteමම නම් හිතන්නේ "වංශ" හොඳයි වගේ.
Deletemay be PK knows about these things, me be she has a sigil too :D
sigil, insignia, seal ඔක්කොම ඇති ටයනුකුමාරිට. නැත්නම් ගෝඩාකුමාරය ඇඳල දෙයි. බසුන්නාසෙට මල්ටිකලර්. බුරතීනෝත්තමයට මොකක්ද දන්නෙ නෑ.
Deleteලෝඩ් PJ ට එකක් ඇඳලා දෙන්න එපාද?
Deleteheh, all hail the shining prince!
DeleteWhat a privilege to witness the coming of the shining light (for the first time , right?)
yeah,
DeleteI have dumped my mortal name and risen to the regal heights of moonshine throne.
All shall bow before my shining glory. :P
They shall, o' Lord of Hooch , all the way from Dankotuwa to Tennessee !
DeleteYou are a worthy subject Lord PJ, I shall make you the lord of brewing.
Deleteහහ්, හහ් මේ ටික නං නියමයි ප්‍රාජේ. :):):):)
Delete@ Prince
එයාව master of brewing කරමු නේද?
ඉස්සර නං තිබ්බලු ගල්බමුණා කියල වෙල්ෆැන්ටා ජාතියක්.ආයි මොකටෑ "ලු" කෑල්ලක් "තිබ්බ" කියලම දාගන්නකො. නැහ්න අර ලෝඩ් ගෙන් ආයෙ ඉල්ලන් කන්න තමා වෙන්නෙ :)
එව්ව ගැහැව්වාම , මීක් සද්දයක් නැතුව ගහපු එකා ගල් බමුණා වගේම පැත්තකට වෙලා ඉන්නවලු. තව මතක නං , අල හොදි, හිටපං මචං, ගහපං මචං, කටු කම්බි. මං ඒත් මේ කම්පනා කොලේ , මෙව්වට නම් දාපු හාදයා ප්‍රාජේ ලගෙ පරම්පරාවෙ කවුරුහරිද කියලයි :)
මෙතන 'පවුල් අවුල්' වල සිට 'දංකොටුව බෲවරිස්' දක්වා සෑහෙන විද්වත් සාකච්ඡාවක් ගිහිල්ලා නෙවැ.
Deletecoat of arms = the distinctive heraldic bearings or shield of a person, family, corporation, or country
Deleteඔන්න ඔහොමයි පොත් තියෙන්නෙ. මටත් හිතෙන්නෙ මෙතනට අදාල පවුල වුනාට වංශ සලකුණ කියන එක වඩා ගැලපෙනව කියලයි.
@ Prince of Moonshine
PKට එකක් නෙමෙයි දෙකක්ම තියනවා. :)
බ්...රූඌඌම්
චකබ්ලාස්
මෙව්වා මං කියාපුවා නෙමෙයි. ලෝකයා එහෙම කියනව කියල, පොකූම තමා පොර-ෆයිල් එකේ දාලා තියන්නෙ
//ගල් බමුණ.//
DeleteDGMB, එතකොට ගල් බකමූණා?
මම හිතුවේ අර නමුයි, පින්තූරයි දවස ගානේ වෙනස් කරන කුමාරයා PK ගේ වංශ, අත්සන වගේ දේවල් දැනටමත් අඳිනවා ඇති කියලා. :)
Delete@ සෙර් ගල් බකමූණා,
Deleteදන්නවනේ witch ලට සාප කරන්ට පුලුවන් බව. පොඩ්ඩක් පරිස්සමින් වැඩට යන්ට වෙයි අද හොඳේ. :D :D
@පොඩ්ඩි
Deleteබැරි වෙයිද ඔය සාපෙ, හොද්දට ලුණු වැඩිවෙනව වගේ ලිහිල් එකකට මාරු කරගන්ට. :)
පාර දිගේ සාප නං එපෝ, එක සැරයක් ඇන්නා ඇනිල්ලක් පස්ස ගලෝල යන්න. හැබැයි ලස්සන කෙලි පොඩ්ඩියක්,පස්සෙ හිතුනා කමකුත් නෑ කියල. :)
සෙන්ඩුවාලුව කියන වචනෙ මොකද්ද බුරා?
ReplyDeleteසෙණ්ඩුවාලුව කියන්නෙ බලකොටුවක අංගනය.
Deleteආර්යාගේ පෙනුමටත් මම කැමතියි , ඊටත් වඩා එයාගේ එඩිතර කමට මම හරි ආදරෙයි. කතාව කොච්චර තාත්විකද කියනවනම් , අපිත් ඒ චරිතවල දැන් ජීවත් වෙනවා වගේ .......
ReplyDeleteකාටද ආඩම්බර ?
ඇයි ආර්යාට වගේ සිත කාලේම මහ,මහාම ඉන්න වුන්නොත් එකත් නරක නැහැ නේද..:P ?
Deleteඒක නේන්නං, කාටද ආඩම්බර! ;-)
Deleteසෝන්යා ජීවත්වෙන්නේ මොන චරිතයේද දන්නේ නෑනේ ? :P
Deleteසටන් පුහුණුවෙන හැටි මමත් බලාඉන්නවා වගෙයි සිතුනෙ. ඉවසිල්ලක් නැතුව කතාව බැලුවෙ. ලස්සනයි....
ReplyDeleteස්තූතියි දිලානි!
Deleteලෝකේ කොහෙත් පොඩි වුන් එක වගේ තමයි නේද...?
ReplyDeleteහපොයි! අපි නම් බොහොම හොඳ ළමයි.
Deleteමේකේ කොපි කරන්න බෑනේ :( .. ආපහු ඔක්කොම ටයිප් කරන්න කම්මැලියි...
ReplyDeleteජෝන් සටන් පුහුන්වට යන්නේ නැති එක ගැන ආර්යාට දීලා තියෙන්නේ යකාගේ උත්තරයක්නේ....?
කොපි කරන්න ඕනෙම නං , ඉස්සෙල්ලම බුරාට පිං අනුමෝදං කොරන්ට :)
Deleteඊට පස්සෙ ජාවා ඉස්ක්‍රිප්ට් ඩිසේබල් කලාම කොපි කලෑකි. මේක වෙන බ්‍රව්සරේක තමයි කරන්න ඕනෙ නැත්නම ජාවා නැතුව කොමෙන්ට් බොක්ස් එක අල වෙනවා.
සමාජෙ අවජාතකයින්ට තිබුන තැන එහෙම තමා ඉවාන්.
Delete@ බස්සා - ඔන්න කොල්ලෝ ..(Y)
Deleteදැන් කවුරු හරි මුලු කතාවම ඉස්සුවොත් අපි නඩු දාන්නේ බස්සට.:)
Deleteඉවාන්ගේ බ්ලොගෙත් මෙහෙමනේ.
අපොයි ඕක ප්‍රසිද්ධ රහසක් නෙව? නඩු දානව නං, ඉස්සෙල්ලා මාරයට දාන්න :)
Deleteදාන නඩුවක් පොත සම්පූර්ණයෙන් පරිවර්ථනය කරලා අවුරුද්දක්වත් ගියාට පස්සේ දාගන්න එකයි.. මට ඒ කාලේ ඇති මේක ප්‍රින්ට් කරලා කීයක් හරි හොයා ගන්න.. එයින් පස්සේ බැරියෑ කියන නඩුවක් බලවගන්ට... :D
Delete" කිසිම දෙයක් සාදාරණ නෑ.."
ReplyDeleteඇත්ත නේන්නම් දැන් අනිකට බදාදා වෙනකන් ඉන්න එපැයි.. ආර්යාට ලේසි වෙන එකක් නෑ එහෙනම්...
life is not fair නේ. ;-)
Deletehehe...
Deletelife is not fair - get used to it! :D
Life is not fair. Life is not unfair. Life just is. :D
Deleteඊයේ කියවන්ට වෙලාවක් තිබුනේ නැහැ.. අද යන්තං ඕං කියවලා දැම්මා...
ReplyDeleteඑහෙම තමයිලු මේ කතාවට ආදරේ කට්ටිය හී හී...
Deleteකට්ටිය එකතුවෙලා ආර්යා ට එම්බ්‍රොයිඩර් මැෂිමක් අරන් දෙමුද? පව් නේ එයා...සීත කාලෙම දම්වැල් මැස්ම වරද්ද වරද්දා ඉඳීවි. :(
ReplyDeleteBTW.. ටමෙන්?
මම හිතන් හිටියේ ටමන් (toʊmən) කියල?
හොඳ අදහසක්. (ටමන්) ගැන බූරා නැගිටිනකල් බලා ඉම්මු...:D
Delete@PJ,
ReplyDeleteවංශ කීවාම ඒකේ අමුතු ගතියක් තියෙනවා.:)
ඒක නෙමේ. නලීන් දිල් රුක්ෂට (පත්තරේ වැඩ කරන, 'සමකය වටේ' ලියන ) ඔයාගේ email address එක ඕනි වෙලා තියෙනවා.
අමුතු ගතියක්?
DeletePK -මුතු, DGMB- අමුතු
Given. Thnx
දැනුයි මේ කොටස කියෙව්වෙ..දැන් නම් කතාව නැගලා යනවා.!
ReplyDeleteකියවමින්...
ReplyDelete