පිදුරු මෙට්ටයෙන් නැගිට සිටගත් ටිරියන් දොරට තඩි බාන්නට විය. "මෝඩ්." ඔහු බෙරිහන් දෙන්නට විය. "මුරකාරයො. මෝඩ්. මට උඹව ඕන." මෙසේ මිනිත්තු දහයක් පමණ නොකඩවා දොරට තඩි බෑමෙන් පසු අන්තිමේදී දොරට එහායින් පියවර හඬ ඇසෙන්නට විය. ටිරියන් වහා අඩියක් පසුපසට ගත් අතර ඊළඟ මොහොතේ මහහඬක් නගමින් දොර විවර විය.
"උඹ කෑ ගහනවා වැඩියි." මෝඩ් කේන්තිය පිරුනු දෑසින් යුතුව කීය. ඔහු ගේ මහත දැවැන්ත අතක මිට මොලවාගත් ඝනකම සම් පටියක් විය.
'කවදාවත් උඹ බය වුනා කියලා පෙන්නන්ට එපා.' ටිරියන් තමාටම කියාගත්තේ ය. "උඹ කැමැතිද පොහොසත් වෙන්ට?" ඔහු ඇසීය.
මෝඩ් අලස අයුරින් පැතිපහරක් එල්ල කල අතර සම්පටිය ටිරියන් ගේ උඩුබාහුව කපාගෙන ගියේය. පහරේ වේගය නොසිතූ තරම් අධික වූ අතර වේදනාව නිසා ඔහුට දත්මිටි කැවින. "කටවහගනිං කුරුමිටි මිනිහෝ." මෝඩ් අනතුරු ඇඟවීය.
"රත්තරන්." ටිරියන් කීවේ සිනාසෙන්නට උත්සාහයක් දරමිනි. "කාර්ස්ටලී රොක්වල රත්තරන් පුරෝලා තියෙනවා... ආහ්!" මෙවර පහරට මෝඩ් වඩා වැඩි ජවයක් කවා තිබින. ටිරියන් ගේ ළපැත්තට වැදුනු මෙම පහර ඔහුව කෙඳිරිගාමින් දණගස්සවන්නට සමත් වීය. එනමුදු දැඩි උත්සාහයක් දරා මේ වේදනාව මැඩපවත්වාගෙන මුරභටයා ගේ මුහුණ දෙස බලන්නට ඔහු සමත්වූයේ ය. "ලැනිස්ටර්ලා තරම්ම පොහොසත් වෙන්ට. උං එහෙමයි කියන්නෙ මෝර්ඩ්-"
මෝඩ් උගුරින් නුරුස්නා හඬක් පිටකලේ ය. කීං හඬ නංවමින් වාතය කපාගෙන ආ සම්පටිය ටිරියන් ගේ මුහුණ හරහා වැදින. වේදනාව කෙතරම් අධික වීද යත් තමා බිම වැටෙන බවවත් ටිරියන් නොදත්තේ ය. එනමුදු නැවත දෑස් හැර බලද්දී ඔහු සිය සිරකුටියේ සීතල පොළොව මත හතරගාතයෙන් වැටී සිටියේ ය. ඔහු ගේ කණ කීං ගාමින් තිබුනු අතර මුවේ ලේ පිරී තිබින. බිමට අත තබා නැගී සිටින්නට ඔහු උත්සාහ කල අතර ඔහු ගේ අතැඟිලි කිසිවක නොදැවැටී හිස් අවකාශයේ ඇදී ගියේය. රත් වූ යකඩයක අත ගෑවුනාක් මෙන් වහා ආපසු අත ඇදගත් ටිරියන් හුස්ම අල්ලාගෙන, නිශ්චල වීමට හැකි උපරිම උත්සාහය දැරුවේය. ඔහු වැටී තිබුනේ සිරකුටියේ සීමාවට යාන්තම් මෙහායින්, නිල් පැහැයට අඟල් කිහිපයක් මෙහායින් විය.
"තවත් කියන්ට දේවල් තියෙනවද?" දෑතින් සම්පටිය අල්ලාගත් මෝඩ් එය වැරෙන් දෙපසට ඇද්දේය. එයින් නැගුනු තියුණු හඬ ටිරියන්ව තිගැස්සුවේ ය. මුරභටයා කොක්හඬලා සිනාසෙන්නට විය.
'ඌ මාව එළියට තල්ලුකරලා දාන එකක් නෑ.' සිරකුටියේ මායිමෙන් ඇතුළට බඩගාන අතරේ ටිරියන් කල්පනා කලේය. 'කැට්ලින් ස්ටාර්ක්ට මාව පණපිටින් උවමනායි. ඒක නිසා මේ යකා මාව මරලා දාන්ට තරම් එඩිතර වෙන්නෙ නෑ.' සිය මුවේ තැවරී තිබුනු රුධිරය පිටි අත්ලෙන් පිසදා හැරි ඔහු නියෙවුවේ ය. "ඒක බොහොම හයිය හම් පටියක් මෝඩ්." තමාව සමච්චලයට ලක්වීදෝ නොවීදෝ යැයි සිතාගන්නට බැරිවුනු මුරභටයා මුග්ධ අන්දමින් ඔහු දෙස බලාසිටියේ ය. "උඹ වගේ ශක්තිමත් මිනිස්සු තමා මටත් ඕනකරලා තියෙන්නෙ." සම්පටිය නැවත වරක් ඔහු දෙසට පියාඹා ආවේය. එනමුදු මෙවර ඇකිලී පසෙකට පනින්නට ටිරියන් සමත්විය. පහර උරහිසේ යාන්තම් ගෑවිගෙන ගිය නමුදු එය එතරම් ගණන් ගතයුත්තක් නොවීය. "රත්තරන්." ඔහු නැවතත් කීවේ සෙමින් පිටුපසට පිය මනිමිනි. "උඹේ මුලු ජීවිත කාලෙටම දකින්ට බැරිතරම් රත්තරන්. ඇතිතරම් රත්තරන්. උඹට ඉඩම් ගන්ට පුළුවන්. උඹට ගෑනු ගන්ට පුළුවන්. අශ්වයො ගන්ට පුළුවන්... උඹට උතුමානන් කෙනෙක් වගේ ජීවත්වෙන්ට පුළුවන්. මෝඩ් උතුමානන්."
"රත්තරන් නෑ." මෝඩ් කීය.
'දැන් ඌ මට ඇහුම්කණ් දෙනවා.' ටිරියන් සිතුවේය. "උං මාව අල්ලගත්ත වෙලාවෙ මගේ පසුම්බිය මගෙන් අරගත්තා. ඒ වුනත් ඒ රත්තරන් තාමත් මටයි අයිති. කැට්ලින් ස්ටාර්ක්ට පුළුවන් මිනිහෙක්ව හිරබාරයට ගන්ට. ඒ වුනත් ඒ මිනිහගෙ සල්ලි මංකොල්ලකන්ට එයා කවදාවත් හිතන්නෙ නෑ. ඒක ගෞරවනීය දෙයක් නෙවෙයි. මට උදවු කරපං! එතකොට ඒ රත්තරන් ඔක්කොම උඹටයි." මෝඩ් ගේ සම්පටිය නැවතත් ඉදිරියට පිනූ නමුදු එය එතරම් ලොකු ජවයකින් එල්ල කෙරුනු, දැඩි පහරක් නොවීය. අතින් අල්ලා සම්පටිය නැවතූ ටිරියන් එය සිය මිට මොලවාගත් අතේම සිර කරගත්තේ ය. "උඹට කිසිම අවදානමක් නෑ. උඹට කරන්ට තියෙන එකම දේ පණිවුඩයක් ගිහින් දෙන එක විතරයි."
අත ගැස්සූ මුරභටයා සිය සම්පටිය ටිරියන් ගේ ග්‍රහනයෙන් මුදවා ගත්තේ ය. "පණිවුඩයක්." ඔහු කීවේ හරියට මින් පෙර කිසිදා ඒ වචනය අසා නැතුවාක් මෙනි. ඔහු ගේ බැම ඇකිළී නළලේ රැළි නැගුනේ ය.
"උඹට මාව ඇහුනනෙ, මගෙ උතුමානනි. මගේ පණිවුඩේ උඹේ ආර්යාව ළඟට අරන් පලයන්. එයාට කියාපන්..." කුමක්ද? ලයිසා ඒරින් ගේ තදගතිය අඩුකරලන්නට ඔහු කුමක් කිව යුතුද? එසැනින් ටිරියන් ලැනිස්ටර් ගේ සුපුරුදු විචක්ෂණශීලීභාවය නැගී ආයේය. "එයාට කියාපන්, මම සූදාණම් කියලා මම කරපු අපරාධ ගැන පාපොච්චාරණය කරන්ට."
මෝර්ඩ් නැවත වතාවක් අත එසවූ අතර ටිරියන් තවත් පහරක් සඳහා සූදාණම් විය. එනමුදු මුරභටයා අතීරණයකින් පෙළුනා වැන්න. සැකය සහ ධන තණ්හාව මාරුවෙන් මාරුවට ඔහු ගේ දෑසේ රඟන්නට විය. ඔහුට අර රත්තරන් තදින්ම උවමනා විය. එහෙත් මෙහි කිසියම් වංචාවක් වෙතැයි ඔහු බියෙන් පෙළුනේය. මීට පෙර බොහෝ වාරයක් රැවටිලිවලට හසුවූවකු ගේ සාධාරණ සැකය මෙවරද ඔහු වෙත එළඹ තිබින. "ඒක බොරු." ඔහු කටුකුටු ගෑවේය. "කුරුමිටි මිනිහා මට වංචා කරනවා."
"මම මගේ පොරොන්දුව ලියලා දෙන්නම්." ටිරියන් සපථ කලේය.
සමහර නූගත්තු අකුරු යනු පිළිකුල් කටයුතු දෙයක්, අවඥාවෙන් බැහැර කලයුතු දෙයක් ලෙස සලකති. තවත් සමහරු අකුරු යනු අරුම පුදුම මායා බලයකින් හෙබි, අදහාගත නොහැකි දෙයක් මෙන් සලකති. වාසනාවකට මෙන් මෝඩ් අයත් වූයේ මේ දෙවන ගනයට විය. මුරභටයා සම්පටිය පහත් කලේය. "රත්තරන් ලියලා දීපං. ගොඩක් රත්තරන්."
"ඔවු. ගොඩක් රත්තරන්." ටිරියන් ඔහුව අස්වැසුවේ ය. "මගේ පසුම්බිය කියන්නෙ බොහොම පොඩි දෙයක් යාළුවෙ. මගේ අයියා පළඳින සන්නාහය තනිකර රත්තරන් වලිනුයි හදලා තියෙන්නෙ." ඇත්තෙන්ම කිවහොත් ජේමි ගේ සන්නාහය වානේවලින් සාදා රන් ආලේප කල එකක් වූ නමුදු මේ මොට්ටයාට ඒ දෙකේ වෙනස වටහා ගත නුහුනු ඇත.
මෝඩ් කල්පනා කරමින් මොහොතක් ගතකලේ ය. එනමුදු අන්තිමේදී ආපසු හැරුනු ඔහු කඩදාසියක් හා තීන්ත ගෙන එනු පිණිස පිටත් වී ගියේය. ලිපිය ලියා නිමවුනු පසු ඔහු සැකසහිත බැල්මෙන් ඒ දෙස ඔරවාගෙන බලා සිටියේය. "දැන් මගේ පණිවුඩය ගිහින් කියාපන්." ටිරියන් උනන්දුසහගත හඬින් කීවේය.
එදින මහ රෑ යාමයේ, ඔහු සීතලේ වෙවුලමින් නිදා සිටින අතරේ ඔවුහු ඔහු සොයා පැමිණියහ. මෝඩ් ඔවුන් වෙනුවෙන් දොර විවර කල නමුදු නිහඬව පසෙකට වී බලා සිටියේය. සෙර් වාඩිස් ඊගන් විසින් සිය බූට්ස් සපත්තුවේ තුඩින් ඇන ටිරියන්ව අවදි කලේය. "නැගිටහං පුංචි යකෝ. මගේ උත්තමාවන්ට උඹව දකින්ට ඕනලු."
දෑස් පොඩිකර නිදිමත පළවා හැරි ටිරියන් බොරුවට මුහුණ පුළුටු කරගත්තේ ය. "කිසිම සැකයක් නෑ එයාට මාව දකින්ට ඕන ඇති. ඒත් ඔබ ඇයි හිතන්නෙ මටත් එයාව දකින්ට ඕනයි කියලා?"
සෙර් වාඩිස් රවා බැලුවේ ය. රජතුමා ගේ හස්තයේ ගෘහාරක්ෂක සෙබළ මුළුවේ නායකයා වශයෙන් ඔහු කින්ග්ස් ලෑන්ඩින්ග්හි සිටි කාලය ටිරියන් ගේ මතකයේ තැන්පත්ව තිබින. සතරැස් චාම් මුහුණක්, රිදී පැහැ හිසකෙස් හා හොඳින් වැඩුනු ශක්තිමත් සිරුරකින් හෙබි මේ මිනිසා හාස්‍යය නොහඳුනන්නකු විය. "උඹේ කැමැත්ත අකැමැත්තෙන් මට වැඩක් නෑ. නැගිටපං. නැත්තං උඹව උස්සගෙන යනවා."
ටිරියන් සිය දෙපා මතින් නැගී සිටියේ ය. "රෑ හරිම සීතලයි." ඔහු සාමාන්‍ය ස්වරයෙන් කීය. "ඒ වගේම ප්‍රධාන ශාලාව හරිම කටුකයි. මට හෙම්බිරිස්සාවක් හදාගන්ට උවමනාවක් නෑ. මෝඩ්, හොඳ එකා වගේ මගේ සළුව අරන් වරෙන්."
මුරභටයා සැකය රැඳි මුහුණින් යුතුව ඔහු දෙස බලා සිටින්නට විය.
"මගේ සළුව." ටිරියන් නැවත කීය. "උඹට මතකද? අර ඝනකම් ලොම් සළුව. මාව කුටියට දාද්දි උඹ පරිස්සමට කියලා අරන් තිබ්බෙ."
"උගෙ මේ මලඉලවු සළුව ගෙනත් දීපන්." සෙර් වාඩිස් ගුගුලේය.
අමනාපයෙන් හඬක් නැගීමට තරම් මෝඩ් එඩිතර වූයේ නැත. එනමුදු 'අපි පස්සෙ බලාගමු!' වැනි බැල්මක් ටිරියන් වෙත හෙලන්නට ඔහු සමත්විය. සළුව රැගෙන ආ ඔහු එය සිරකරුවා ගේ ගෙල වටා දැවටූ අතර ටිරියන් සිනාසුනි. "බොහොම ස්තූතියි! මේක පැළැඳගෙන ඉන්න හැම වෙලාවම මට උඹව මතක් වෙයි." දිගු සළුවේ අනිත් කොණ ඔහු දකුණු උරහිස උඩින් දමාගත් අතර දවස් ගනනාවකට පසුව ඔහුට උණුසුමක් දැනෙන්නට විය. "අපි යමු සෙර් වාඩිස්."
බිත්ති දෙපස දල්වා තිබුනු පන්දම් පනහකින් ඒරින්වරුන් ගේ ප්‍රධාන ශාලාව ආළෝකවත් විය. ලයිසා ආර්යාව කළු පැහැ සේද ඇඳුමින් සැරසී සිටි අතර ඇගේ ගවොමේ පපුව මුතුවලින් නිමා කල අඩසඳකින් හා උකුස්සකුගෙන් අලංකාර විය. ඇය නිශා රැකුමට බැඳිමට හැකියාවක් ඇත්තියක නොවූ බැවින් මේ පාපොච්චරණය වෙනුවෙන් ඇය ශෝකය ප්‍රකාශ කිරීමේ ඇඳුමින් සැරසෙන්නට ඇතැයි ටිරියන් අනුමාන කලේය. තනි කරලක් වන සේ ගෙතූ ඇගේ රතු-දුඹුරු පැහැ වරලස වම් උරහිසට උඩින් පපුව දිගේ වැක්කෙරෙමින් තිබින. ඇය පසෙකින් තිබුනු උස් සිහසුන හිස් වූ අතර කිසිදු සැකයකින් තොරව ඉයරිහි උතුමානන් වහන්සේ මේ වනවිට සිය සිරියහනේ ගැහෙමින් සැතපෙනවා වන්නට ඇත. ඒ වෙනුවෙන් ටිරියන් දෙවියන්ට ස්තූතිවන්ත විය.
හිස නමා ආචාර කල ටිරියන් ශාලාව පිරික්සා බැලීමට මොහොතක් ගතකලේය. ඔහු බලාපොරොත්තු වූ අයුරින්ම ඒරින් ආර්යාව විසින් ටිරියන් ගේ පාපොච්චාරණය ඇසීම සඳහා තමාට යටත් නයිට්වරුන් හා වංශාධිපතියන් සියළුදෙනාම මෙහි කැඳවා තිබින. සෙර් බ්‍රින්ඩන් ටලී හා නෙස්ටර් රොයිස් උතුමානන් ගේ මුහුණ ඔහු නිරීක්ෂණය කලේය. නෙස්ටර් පසෙකින් සිටගෙන සිටි, බිහිසුණු කළු උඩුරැවුලකින් හෙබි තරුණ මුහුණ නිසැකවම ඔහු ගේ උරුමක්කරු, සෙර් ඇල්බාර් විය යුතුය. මිටියාවතේ ප්‍රධාන වංශවත් නිවෙස් හැමෙකක්ම පාහේ නියෝජනය කරමින් පිරිස එහි පැමිණ සිටියහ. අසිපතක් මෙන් හීන්දෑරී සෙර් ලින් කෝබ්‍රේ, වාතරක්තයෙන් පෙළෙන හන්ටර් උතුමානන්, සිය පුතුන් විසින් පිරිවැරූ වැන්දඹු වේන්වුඩ් ආර්යාව. එහි විසූ තවත් බොහොමයක ගේ වංශ සලකුණු ඔහු නොදත් ඒවා විය. දෙකට කැඩුනු ලන්සය, කොළ පොළඟා, ගිනිගත් කුළුණ, පියාපත් සහිත කුසලාණ හා තවත් නොයෙක් දෑ ඒ අතර විය.
මේ මිටියාවතේ වංශවතුන් අතරේ ඔහුත් සමග කඳුකර මාවතේ පැමිණි කිහිපදෙනාද වූහ. බාගෙට සුව වූ තුවාලවලින් යුතු සෙර් රඩ්‍රික් කසල් හා ඔහු පසෙකින් සිටගෙන සිටි සෙර් විලීස් වෝඩ්. ගායක මැරිලියන් අලුත් වීණාවක් සොයාගෙන තිබින. ටිරියන් සතුටු සිනහවක් පහල කලේය. අද රෑ මෙතැන කුමක් සිද්ද වූවද එය හොර රහසේ සිදුවනු දැකීමට ටිරියන් ගේ කැමැත්තක් නොවීය. පුවත් දස අත පැතිරවීම සඳහා ගායකයකු තරම් අගනා අන් කිසිවකු නොවීය. ශාලාවේ පසුපසටම වී සිටි බ්‍රොන් කුළුණකට හේත්තු වී බලා සිටියේ ය. මේ කුලී හේවායා ගේ කළු පැහැ දෑස් ටිරියන් දෙසට එල්ල වී තිබුනු අතර ඔහු ගේ අත සැහැල්ලු අයුරින් සිය අසිපත් මිට මත නැවතී තිබින. ටිරියන් කල්පනා කරමින් ඔහු දෙස දිගු බැල්මක් හෙලීය...
කැට්ලින් ස්ටාර්ක් මුලින්ම කතා කලාය. "අපට අහන්ට ලැබුනා උඹ උඹේ අපරාධ පාපොච්චාරණය කරන්ට ලෑස්තියි කියලා."
"එහෙමයි මගේ ආර්යාවනි."
ලයිසා ඒරින් සිය සොයුරිය දෙසට සිනහවක් පෑවාය. "ආකාස හිරකුටි හැමවෙලාවම මිනිස්සුන්ව මානසිකව වට්ටනවා. දෙයියන්ට ඒකෙ ඉන්න එවුන්ව පේනවා. ඒකෙ හැංගෙන්ට කියලා අන්ධකාරයක් නෑ."
"එයා බිඳවැටිලා කියලා මට නම් පේන්නෙ නෑ." කැට්ලින් ආර්යාව කීවාය.
ලයිසා මෙයට ඇහුම්කණ් නොදුන්නා ය. "උඹට කියන්ට තියෙන දේ කියපං." ඇය ටිරියන්ට අණ දුන්නා ය.
'ඔන්න දැන් තමා දාදු කැටේ හරියට පෙරලන්ට ඕන.' ඔහු නැවත වතාවක් බ්‍රොන් දෙසට ඉක්මන් බැල්මක් හෙලීය. "හොඳයි! කොහෙන්ද පටන්ගන්ට ඕන? මම පාපොච්චාරණය කරනවා, මම බොහොම නපුරු පුංචි මිනිහෙක්. මම කරපු අපරාධ, මම කරපු පවු ගනං කරන්ටත් බැරි තරමයි මගේ උතුමනි, මගේ ආර්යාවනි. මම වේස ගෑනුත් එක්ක බුදියලා තියෙනවා. එක වතාවක් නෙවෙයි, සියදාස් වතාවක්. මගේ තාත්තා මැරුනා නම් කියලා මම හීන දැකලා තියෙනවා. ඒ වගේම මගේ සහෝදරී, අපේ ආදරණීය රැජිණත් මැරුනා නම් කියලා මම හිතලා තියෙනවා." ඔහුට පිටුපසින් යම් කිසිවෙක් කෙකර සිනාවක් පෑවේය. "මම මගේ සේවකයින්ට හැම වෙලාවෙම කරුනාවෙන් සැලකුවෙ නෑ. මම සූදු කෙලියා. මම වංචා කරලා තියෙනවා. රාජසභාවෙ ඉන්න උදාර වංශවතුන් ගැනයි, කුලීන ආර්යවන් ගැනයි මම අනන්ත නපුරු, නොහොබිනා කතා කියලා තියෙනවා." මෙය තව තවත් සිනා මතුකරලන්නට සමත් විය. "එක පාරක් මම-"
"කට වහපං." ලයිසා ඒරින් ගේ සුදුමැලි මුහුණ කේන්තිය නිසා රෝස පැහැ ගැන්වින. "උඹ මේ මොකක් කරනවා කියලාද හිතන් ඉන්නෙ කුරුමිට්ටො?"
ටිරියන් හිස පැත්තකට ඇල කලේය. "ඇයි! මම මේ මගේ අපරාධ පාපොච්චාරණය කරනවා මගේ ආර්යාවනි."
කැට්ලින් ස්ටාර්ක් පියවරක් ඉදිරියට තැබුවා ය. "මගේ පුතා බ්‍රැන්ව මරන්ට උඹ කිනිස්සක් දීලා කුලී මිනීමරුවෙක් එවුවාය කියලා සැක පහල වෙලා තියෙනවා. රජතුමාගෙ හිටපු හස්තය, ජොන් ඒරින් උතුමානන්ව මරන්ට කුමන්ත්‍රණය කලැයි කියලා උඹව සැක කරනවා."
ටිරියන් දෙවුර ඇකිළීය. "ඒ අපරාධ ගැන මට පාපොච්චාරණය කරන්ට බෑ. බොහොම කණගාටුයි. මිනීමැරුම් ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ."
ලයිසා ආර්යාව සිය වයර්වුඩ් සිහසුනෙන් නැගිට්ටා ය. "මාව සමච්චලේකට ගත්තද? උඹේ පුංචි විහිළුව ඔය හොඳටම ඇති කුරුමිට්ටො. මට විශ්වාසයි උඹ ඒක හොඳට රස විඳින්ට ඇති කියලා. සෙර් වාඩිස්, මූව ආයෙමත් දඟගෙයි දාන්ට... ඒ වුනාට මේ ගමන ඌට කලින්ටත් වඩා පුංචි, කලින්ටත් වඩා බෑවුම තියෙන හිරකුටියක් දෙන්ට."
"මෙහෙමද මිටියාවතේ යුක්තිය පසිඳන්නෙ?" ටිරියන් ගෙරෙවුවේ ය. එය කෙතරම් ප්‍රකෝපකාරී වූවාද යත් සෙර් වාඩිස් මොහොතකට ගල් ගැසුනි. "ලේ වාහල්කඩ ගාවින් මෙහාට ගෞරවය කියලා එකක් නැද්ද? උඹලා සැක කරනවා මම අපරාධ කලයි කියලා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට උඹලා මාව හිරකුටියකට දානවා සීතලෙනුයි බඩගින්නෙනුයි මැරිලා යන්ට." මෝඩ් ගේ පහරවල් නිසා මුහුණේ ඇති වූ තැලීම් සීරීම් අන්‍යයන්ට පැහැදිලිව දිස්වන පරිදි ඔහු හිස එසවීය. "කෝ රජතුමාගෙ යුක්තිය? ඉයරි කියන්නෙ රාජධානි සප්තකයේ කොටසක් නෙවෙයිද? මම සැකකාරයෙක්ය කියලා උඹලා කියනවා. හරි. කමක් නෑ. මම නඩු විභාගයක් ඉල්ලනවා. මට කතාකරන්ට ඉඩ දියල්ලා. මම කියන්නෙ ඇත්තද බොරුද කියලා බලන්ට දෙවියනුයි මිනිස්සුයි ඉස්සරහ, විවෘතව විනිශ්චයක් දීපල්ලා."
ශාලාව පුරා පත් මිමිනීම් නැගෙන්නට විය. ඇය තමාගේ උගුලේ හසු වූ බැව් ටිරියන්ට තේරුම් ගියේය. ඔහු උසස් පෙලපතක ඉපදුනු කෙනෙකු මෙන්ම රාජධානියේ බලවත්ම වංශාධිපතියා ගේ පුත්‍රයා ද විය. ඔහු රැජිණ ගේ සොහොයුරා විය. ඔහු වෙනුවෙන් නඩු විභාගයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කල හැක්කක් නොවේ. අහස් නිල් පැහැ සළුවෙන් සැරසුනු මුර සෙබළුන් ඔහු දෙසට ළඟා වන්නට වූ නමුදු අතක් ඔසවා ඔවුන් නැවතූ සෙර් වාඩිස් ලයිසා ආර්යාව දෙස බැලුවේ ය.
ඇගේ කුඩා මුව නොරිස්සුම් සිනාවකින් ඇද වී ගොස් තිබින. "විවෘත නඩු විභාගයක් පවත්වලා උඹට එරෙහිව තියෙන චෝදනාවලට වැරැදිකාරයා වුනොත්, රජතුමාගෙ නීතිය අනුව උඹ ඒ වැරැදිවලට ජීවිතෙන් වන්දි ගෙවන්ට ඕන. අපි මේ ඉයරිවල අලුගෝසුවො තියාගෙන ඉන්නෙ නෑ මගේ ලැනිස්ටර් උතුමානනි. ඔය 'සඳ දොරටුව' ඇරපල්ලා."
නරඹන්නෝ දෙපසට වූහ. කෙට්ටු කිරිගරුඬ කුළුණු දෙකක් මධ්‍යයේ පටු වයර්වුඩ් දොරක් පිහිටා තිබින. දොරේ සුදු පැහැ ලීයේ අඩසඳක් කැටයම් කර තිබුනි. සෙබළුන් දෙදෙනෙක් දොර දෙසට පිය මනිද්දී ඒ අසල වූ අය වහ වහා පසුපසට යන්නට වූහ. එක් සෙබළෙකු දොරෙහි වූ බරැති ලෝකඩ හරස් පොලු ඉවත් කල අතර අනෙකා දොර ඇද ඇතුළට විවර කලේය. ඇරුනු දොරින් ඇතුළට හැමූ වේගවත් සුළං පහර නිසා ඔවුන් දෙදෙනා ගේ සළු පිටුපසට පියාඹන්නට විය. මේ දොරට එහායින් වූනේ දහස් ගණන් තරු දිදුලන අනන්ත රාත්‍රී ආකාශය පමණි.
"ඔන්න බලාගනිං රජතුමාගෙ යුක්තිය." ලයිසා ඒරින් කීවාය. සුළඟට හසු වූ පන්දම් එළි දසත නටන්නට වූ අතර අතරින් පතර පන්දම් එකක් දෙකක් නිවී ගියේය.
"ලයිසා, මම හිතන්නෙ මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි." කැට්ලින් ස්ටාර්ක් කීවාය.
ඇගේ සොයුරිය ඇයව නොතකා හැරියා ය. "උඹට නඩු විභාගයක්නෙ ඕන මගේ ලැනිස්ටර් උතුමානනි. බොහොම හොඳයි! උඹට නඩු විභාගයක් ලැබෙයි. උඹට කියන්ට තියෙන හැම දේකටම මගේ පුතා ඇහුම්කණ් දෙයි. ඊටපස්සෙ උඹට පුළුවන් වෙයි එයාගෙ විනිශ්චය අහන්ට. ඊටත් පස්සෙ උඹට පිටවෙලා යන්ට පුළුවන් වෙයි... එක දොරකින් නැත්තම් අනිත් දොරින්."
ඇය බොහොම සතුටු සිතින් පසුවන බැව් ටිරියන්ට හැඟුනි. එය මහ ලොකු පුදුමයක් නොවේ. නඩු විභාගයකින් ඇයට අවැඩක් සිදුවන්නේ කෙසේද? විනිශ්චයකරු වනු ඇත්තේ ඇගේ මෝඩ, ලෙඩ ගානේ සිටින පුත්‍රයා වනු ඇත. හිස හැරවූ ටිරියන් සඳ දොරටුව දෙස බැලුවේ ය. 'අම්මා, මට ඕන ඌ පියාඹනවා දකින්ට.' කොලුවා කීවේය. මේ කාලකන්නි හොට්ටා මීට පෙර මිනිසුන් කීදෙනෙකු මෙම දොරටුවෙන් පියාඹා යවා ඇත්ද?
"බොහොම ස්තූතියි මගේ හොඳ ආර්යාවනි. ඒ වුනත් මට පේන්නෙ නෑ රොබර්ට් උතුමානන්ව කූද්දන්ට තරම් ඕනකමක් තියෙයි කියලා." ටිරියන් ආචාරශීලී අයුරින් පැවසීය. "දෙයියො දන්නවා මගේ අහිංසක කම ගැන. මම මිනිස්සුන්ගෙ විනිශ්චය නෙවෙයි, දෙයියන්ගෙ විනිශ්චය ඉල්ලා හිටිනවා. මම සටන් නඩු විභාගයක් ඉල්ලා හිටිනවා."
ඒරින් ප්‍රධාන ශාලාව කොක්හඬලෑම්වලින් පිරී ගියේය. නෙස්ටර් රොයිස් උතුමානන් උගුරෙන් හඬක් නැංවීය. සෙර් විලීස් කෙකර සිනා පෑවේය. සෙර් ලින් කෝබ්‍රේ සිය සිනහව ආයාසයෙන් යටපත් කරගත්තේ ය. එනමුදු අනිත් අය හිස් පසුපසට සලා, දෑස්වලින් කඳුළු පනින තෙක් සිනාසුනහ. මැරිලියන් සිය බිඳුනු අතැඟිලිවලින් වීණාව පිරිමැද්දේ ය. සුළඟ පවා පටු සඳ දොරටුවෙන් ඇතුළු වී සිනා හඬ නංවන්නට විය.
ලයිසා ඒරින් ගේ දියාරු නිල් පැහැ දෑසේ සැකයක සේයාවක් ඇඳී ගියේය. ඔහු ඇයව අමාරුවක හෙලා තිබින. "ඇත්තෙන්ම බැලුවොත් උඹට ඒ අයිතිය තියෙනවා."
සිය කබායේ කොළ පොළඟා ගෙත්තම් කර තිබුනු තරුණ නයිට්වරයා ඉදිරියට විත් දණ නැමීය. "මගේ ආර්යාවනි, ඔබතුමීගෙ පාර්ශ්වය වෙනුවෙන් සටන් වදින්ට මට අවසර දෙන්ට."
"ඒ ගෞරවය අයිතිවෙන්ට ඕන මටයි." මහලු හන්ටර් උතුමානන් කීය. "ඔබතුමීගෙ උදාර සැමියා ගැන මගේ හිතේ තියෙන ආදරය, ලැදියාව වෙනුවෙන් මම ඒ මිනීමැරුමෙ පලිය ගන්නම්."
"මගේ තාත්තා මිටියාවතේ බාරකාරයා විදියට ජොන් ඒරින් උතුමානන්ට මෙච්චර කාලයක් විශ්වාසවන්තව සේවය කලා." සෙර් ඇල්බා රොයිස් ගිගිරුවේ ය. "එයාගෙ පුතා විදියට මම ඒ වැඩේ බාරගන්නම්."
"සාධාරණ අරමුනකින් යමක් කරන්ට යනකොට දෙවියොත් ඒ මිනිහා දිහා බලනවා." සෙර් ලින් කෝබ්‍රේ කීය. "ඒ වුනත් ගොඩක් වෙලාවට ඒකට ගැලපෙන්නෙ හොඳම කඩුහරඹ සූරයයි. අපි හැමෝම දන්නවා ඒ කවුද කියලා." ඔහු සිනහවක් පහල කලේය.
තවත් කටහඬවල් දුසිමක් පමණ එකවර කතා කරන්නට විය. තමාව මරා දැමීමට මෙතරම් නාඳුනන්නන් පිරිසක් ඉදිරිපත් වීම ටිරියන් ගේ සිත නොසන්සුන් කරන්නට සමත් විය. සමහරවිට මෙය ඔහු සිතූ තරම්ම හොඳ සැලසුමක් නොවන්නේද?
ලයිසා ආර්යාව අතක් ඔසවා පිරිස නිහඬ කලාය. "ඔබලා හැමෝටම බොහොම ස්තූතියි මගේ උතුමනි! මගේ පුතා මේ වෙලාවෙ මෙකන හිටියානම් එයාත් ඔබලාට ස්තූතිවන්ත වෙයි. මේ මුලු රාජධානි සප්තකයේම ඉන්න වෙන කිසිම නයිට්වරයෙක් මිටියාවතේ නයිට්වරුන් තරම් නිර්භීත, අවංක, එඩිතර නෑ. ඔබලා හැමෝටම එකපාර මේ ගෞරවය පුදකරන්ට තිබුනා නම් කොච්චර දෙයක්ද. ඒ වුනත් මට තෝරගන්ට පුළුවන් එක්කෙනයි." ඇය අත දිගුකලා ය. "සෙර් වාඩිස් ඊගන්. ඔබ හැමදාමත් මගේ ස්වාමියාගෙ දකුණු අත වගේ හිටියා. ඔබ තමා අපේ පාර්ශවයෙ සටන්කරුවා වෙන්ට සුදුසුම කෙනා."
සෙර් වාඩිස් මොහොතක් නිහඬව සිටියේ ය. "මගේ ආර්යාවනි." ඔහු එක් දණකින් වැටෙමින් පැවසී ය. "කරුනාකරලා මේ රාජකාරිය වෙන කෙනෙකුට පවරන්ට. මට ඒ ගැන කිසිම කැමැත්තක් නෑ. මේ මිනිහා රණකාමියෙක් නෙවෙයි. බලන්ට උගෙ හැටි. කුරුමිට්ටෙක්. මගෙ උසින් බාගයක් වත් නෑ. කකුල් දෙක බකලයි. මේ වගේ එකෙක්ව මරා දාලා ඒක යුක්තිය කියලා කියන්ට අපි ලැජ්ජා වෙන්ට ඕන."
'ආහ්! නියමයි.' ටිරියන් සිතුවේ ය. "ඇත්තෙන්ම. මාත් ඒකට එකඟවෙනවා."
ලයිසා ඔහු දෙස රවා බැලුවා ය. "උඹයි සටන් නඩු විභාගයක් ඉල්ලුවෙ."
"ඒ වගේම මම දැන් මා වෙනුවෙන් සටන්කරන්ට රණශූරයෙකුත් ඉල්ලා හිටිනවා. ඔබ ඔබේ පාර්ශ්වය වෙනුවෙන් තෝරගත්තා වගේම. මගේ අයියා, ජේමි බොහොම කැමැත්තෙන් ඒ තැන ගනීවි. ඒක මට විශ්වාසයි."
"උඹේ ඔය මහලොකු රජුන් මරන්නා ඉන්නෙ ලීග සිය ගානක් ඈත." ලයිසා කඩා පැන්නා ය.
"එයාට පණිවුඩයක් යවන්ට. එයා එනකං මම බලන් ඉන්නම්."
"උඹ හෙට සෙර් වාඩිස් එක්ක සටන් කරනවා."
"ගායකයො." ටිරියන්, මැරිලියන් දෙසට හැරෙමින් කීය. "උඹ මේකෙන් සැහැල්ලක් හැදුවම, උඹ කියපං කොහොමද ඒරින් ආර්යාව කුරුම්ට්ටාට එයාගෙ සටන්කරුවා ලබන්ට තිබුන අයිතිය අහිමි කලේ කියලා. කොහොමද එයා මේ බකල ගහන, තුවාල වෙලා තියෙන කුරුමිට්ටාව එයාගෙ හොඳම නයිට්වරයාත් එක්ක සටනට යැවුවෙ කියලා."
"මම උඹට කිසිම අයිතියක් අහිමි කලේ නෑ!" ලයිසා ඒරින් මුරගැසුවා ය. ඇගේ ස්වරය හිරිහැරදායී බවකින් පිරී තිබුනි. "උඹේ සටන්කරුවාගෙ නම කියපං කුරුමිට්ටො... උඹ වෙනුවෙන් මැරෙන්ට සූදාණම් එකෙක් හොයාගන්ට පුළුවන්, එහෙම එකෙක් ඉන්නවා කියලා උඹ හිතනවා නම්."
"ඔබට එහෙම එකෙක් හොයාගන්ට පුළුවන් නම්, මමත් බොහොම ඉක්මනට මා වෙනුවෙන් මරන්ට පුළුවන් එකෙක් හොයාගන්නම්." ටිරියන් දිගු ශාලාව පුරා නිරීක්ෂණාත්මක බැල්මක් හෙලීය. කිසිවකුත් ඉදිරියට අඩියක් වත් නොතැබීය. තමා සැලසුම් කල හැම දෙයක්ම අන්තිමේදී මහා විහිළුවක් වී යැයි ටිරියන් විමතියෙන් කල්පනා කරන්නට විය.
ශාලාවේ පසුපසින් යම් සෙලවීමක් ඇසුනි. "මම කුරුමිට්ටා වෙනුවෙන් සටන් කරන්නම්." බ්‍රොන් නැගී සිටියේ ය.
Tyrion Lannister: “I wonder when I found the time to do all this slaying and murdering.”
What a bunch of idiots
ReplyDeleteOnly the two of us here PoM , others in the bunch are yet to arrive !
Delete3 යි :D
DeletePom: ‘What a bunch of idiots?’
DeletePJ: ‘Only the two of us here PoM’
Choola : ‘3 යි'
He he….no comment…LU
now, 4යි
Delete3 Idiots not four....:P
DeleteU are correct. I'm sorry.
DeleteIdiota? Idiotte ?
අඩේ දැන් මොනවා වෙයිද ?දාන්ට අප්පා ඉක්මනට...:D
ReplyDeleteමොනවා වෙන්ටද අප්පා දෙන්නගෙන් එක්කෙනෙක් පියාඹයි...:D
Delete@මනෝජ්,
Deleteහැබෑට කොටා පියාඹයිද? :P
@චූලා,
Deleteසමහරවිට එක්කෙනෙක්වත් පියාඹන එකක් නෑ...නෑ මම කීවේ මම දන්නේ නෑ...:P
මේ ලයිසාට ටිකක් මොළේ හොඳ නැහැ වගේ නේ ...
ReplyDeleteඅනේ මන්දා ටිරියනුත් පණ්ඩිත වැඩියිනේ. පොඩ්ඩි දිගටම සටන්ද මේදවස්වල තියෙන්නේ :)
ටිකක්??????????? එහ්.. හොද ටික... :D
Deleteකාන්තා පාරුසවේ ඕක තියනවයි කියන්නේ මිටේ අග ලු නේ... ලයිසගේ හැදිමිට පළුදු වෙලා වෙන්ටැති ......:D
Delete@සෝන්යා,
Deleteඑයාට හොඳටම පිස්සු...:D
@මාරේ,
Deleteමේ පේන්නේ නැද්ද :D
@චූලා,
Deleteපුරුසයන්ගේ ඕක තියෙන්නේ කොහේ කියලද හිතා ඉන්නේ...හී හී...
අනේද කියන්නෙ :)
Delete@චූටි නැන්දි
Deleteඉතා වැදගත් තැනකලු...
දැන් දී කිරට සිංහයොත් ශාක්ෂිලුද???
ඒ පාර කාටද මේ " චූටි නැන්දි" කිය කිය හුරතල් වෙන්න හදන්නේ :)
Deleteඔව් ඔව් සිංහයොත් දීකිරි වලට කැමතියිලු.......
නැන්දී කියන්නේ සිංහලෙන් ආන්ටි කියන එකටලු.......
Delete
Deleteකෝ මගේ කියුට් කොල්ලා මෙහෙ එන්ට වඩාගන්ට. ඒයි ඔයා නෙමේ ඔයාගේ අර චූටි ලස්සන කොලු පැටියා....:D
@සෝන්යා,
Deleteපිරිමි නම් බබාලාම තමා :P
අෆ්ෆා දිග.. දැන් වත් කතාව පටන් ගන්නවද? මම ඇහුවේ හරියට?
ReplyDeleteහරියටම පටන් ගෙන දැන් ගොඩක් කල් අඟහරුවෝ. මගුල් ගෙදර ෆොටෝස් හරිම හැඩයිලු. ඔය ඉන්නේ කුමාරයෙක් වගේ.
Deleteහා හා ඊ ළඟ...
ReplyDeleteනිකං පොදු අපේක්ෂයෙකුට අඬ ගහනවා වගේ. :P
Deleteපියඹා යනවා මා ආකාසයේ.... මේක කියන වාසනාවන්තයා කවුරු වෙයිද?
ReplyDeleteකවුරු කියලද රන්ට හිතෙන්නේ? :)
Deleteකොටස් දෙකම ඔන්න අදයි බැළුවේ.. ටිරියන් කපටියා හන්දා කෝම හරි මෙතනින් ගැලවෙයි..
ReplyDeleteමෙන්න නුවණක්කාර කොලු ගැටයෙක්...:)
DeleteIf I could visit one castle in the whole realm of westeros , it will be eyrie :)
ReplyDeleteසිරීපාදේ වගේ හන්දා වෙන්ට ඇතිනේ...නැත්නම් ලයිසා හින්දා වත්ද? :O
Deleteඔහේ වගේ කුමාරයෙකුට ඔය වගේ විලම්භීත අදහස් එන එක අරුමයක් නෙවේ..
Deleteඑයා කොහොමත් කඳු නගින්ට ආසයිලු.. මම නෙමේ කියන්නෙ අන්න අර Pra Jay.. ;-)
Deleteනිකං කදු නෙවේ ගිනිකදු ලු ද??
Deleteජපන් ඒවා විතරමලු...:P
Deleteඅනේ මම දැන් තමා හොඳට දැක්කෙ , උඩ ෆොටෝ එකේ ටිරියන්ගෙ හිනාව බබෙක්ගෙ වගේ නේද .
ReplyDeleteඔයා දවසට කී පාරක් මේ පෝස්ට් එක කියවනවද අනේ!? :-D
Deleteපිරිත් පොත කියවන ගානට මේකත් කියවනවලු. :D:D
Deleteමම මේක කියවන තරමට, හරිනම් මට ගානක් ගෙවන්න ඕනේ :P
Deleteකෑම, බීම ගැන නැති එකට නං හිතට අමූරු වුනත්,දැන් කතාව පිලිවෙලකට යනවා.
ReplyDeleteකොටා ගල් ආඳා. ලස්සනට ඇම දානවා. අර උද්දච්ච, මෝඩ මහගෙ ඉල්ලගෙන කනවා.
එක මිනිහෙකුට විරුද්ධව මුළු රාජධානියක්ම? කුලී හේවාය උනත් බ්‍රොන් නියමයි.
ඔය කොට මොඩල් වලට මයෙ තියනව නෙව විසේස කැමැත්තක්. මං කිව්වෙ මේ කොට කිකිලියො ගැන. මට , නිකං හිතෙනවා එයාල හරි කියුට් කියලා. අනික, ඉතිං පෝටබල් නෙව, කුකුල් කොටුවෙන් පන්න ගත්තා, කිහිල්ලෙ ගහගත්තා, දුන්නා හුරේ රන් එකක්.
කිකිලියො කිහිල්ලෙ ගහගත්තාම නරි මොටා දුවන්නෙ කකුල් දෙකෙන් වෙන්ටෑ.. :-P
Deleteකිකිලියො නෙමෙයි, කිකිලි. කිකිලිට එක කකුලයි, ඔය තියෙන්නෙ තව කකුල් තුනක් :)
Deleteඔව් ඉතින් සිංහ, කැන්ගරූ, කොටි, ගෝරිලි වගේ ධේනුවෝ උස්සන් කොහොමත් නරි මොටාට දුවන්ට බෑනේ. :P
Deleteහික්ස් :D
Deleteඅනේ නරි මොටෝ.....