ඕෂා |
"ඔබලාට සුබ දවසක් වේවා!" බ්‍රැන් නොසන්සුන් සිතින් කීය. මේ වනයේ මුර සංචාරකයින් හෝ ගොවීන් හෝ නොවන බව දැනගැනීමට ඔහුට එකම එක බැල්මක් ප්‍රමාණවත් විය. තමා කෙතරම් වටිනා ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින්නේදැයි ඔහුට හදිසියේම වැටහී ගියේය. ඔහු ගේ පිටකබාය රිදී පැහැ බොත්තම් ඇල්ලූ, අඳුරු අළු පැහැ ලොමින් නිමවුනු අලුත්ම එකක් විය. වාටිය ලොමින් සැරසූ ඔහු ගේ ඝනකම් සළුව බරැති රිදී හාරිච්චියකින් උරහිස අසලදී එක්කොට තිබින. ඔහු ගේ බූට්ස් සපත්තු හා අත්වැසුම් පවා ලොම්වලින් වැඩ දමා තිබින.
"උඹ තනියෙම්ම නේද?" පිරිසේ වූ දැවැන්තයා ඇසීය. ඔහු අවුවැසිවලින් බැට කෑ මුහුණක් ඇති තට්ට හිසැත්තෙකු විය. "වෘක වනාන්තරේ අතරමං වෙලා. අසරණ දරුවා."
"මම අතරමං වෙලා නෑ." මේ ආගන්තුකයින් තමා දෙස බලන ආකාරය ගැන බ්‍රැන් කැමැත්තක් නොදැක්වීය. පිරිසේ සිවුදෙනෙකු සිටි අතර හිස හරවා බලද්දී තමා පිටුපසින් සිටගෙන සිටින තවත් දෙදෙනකු බ්‍රැන් දුටුවේය. "මගේ අයියා පොඩ්ඩකට කලින් ටිකක් එළියට ගියා. මගේ ආරක්ෂක සෙබළු දැන් මෙතනට එනවා ඇති."
"උඹේ ආරක්ෂක සෙබළු ඒ." තවත් මිනිසකු කීය. ඔහු ගේ වෑරුනු මුහුණ අඳුරු රැවුල් කොටයෙන් වැසී තිබින. "ඉතින්, උං මොනාද ආරක්ෂා කරන්නෙ මගේ පුංචි උතුමානනි? උඹේ සළුවෙ ඔය ගහලා තියෙන්නෙ රිදී හාරිච්චියක්ද?"
"ඒක හරිම ලස්සනයි." ගැහැණු කටහඬක් කීය. ඇය ගැහැණියක මෙන් හඳුනාගැනීම අසීරු කරුණක් විය. උස, කෙට්ටු මේ ගැහැණියට අන් අයට මෙන්ම අවුවැසිවලින් බැට කෑ දැඩි මුහුණක් තිබූ අතර ඇගේ දිගු හිසකෙස් අඩ ශිරස්කයක් යට සැඟවී තිබින. ඇය අත දරා සිටි හෙල්ලය අඩි අටක් දිගැති ඕක් ලීයෙන් නිමැවී තිබුනු අතර මල කෑ යකඩ තලයකින් සමන්විත විය.
"අපි පොඩ්ඩක් බලමු." දැවැන්තයා කීය.
බ්‍රැන් වියවුල් සිතින් ඔහු දෙස බලා සිටියේය. මේ මිනිසා පැළැඳ සිටි කඩමාලු වූ ඇඳුම් අන්තයටම දිරා ගොස් තිබින. එහි තැනින් තැන විවිධ වර්ණයෙන් අණ්ඩ දමා තිබුන ද, පැහැය සම්පූර්ණයෙන්ම මෙන් වියැකී ගොස් තිබුන ද එය එක් කලෙක කළු පැහැයෙන් තිබූ බැව් සිතාගත හැකි විය. අඳුරු රැවුල් කොටයෙන් මුහුණ වැසුනු මිනිසාද එවැනිම පාට වියැකී ගිය කළු පැහැ ඇඳුමක් හැඳ සිටින බැව් ඔහුට පෙනී ගියේය. ඔවුන්ට වෘක පැටවුන් හමුවුනු දිනයේ සිය පියා අතින් හිස්ගැසුම් කෑ මිනිසා බ්‍රැන්ට හදිසියේම සිහිපත් විය. ඔහු හැඳ සිටියේද කළු පැහැ ඇඳුමකි. ඔහු නිශා රැකුමෙන් පළා යන්නෙකු බැව් පියා ඔහුට කියා දී තිබින. 'වෙන කිසිම මිනිහෙක් ඌ තරම් භයානක නෑ' සිය පියා පවසනු ඔහුට මතක් විය. 'පැනලා යන එකා දන්නවා ආපහු අහුවුනොත් මිනිහගෙ ජීවිතේ එතනින් ඉවරයි කියලා. ඒ නිසා ඌ අහු නොවී ඉන්ට ඕනම අපරාධයක් කරන්ට ලෑස්තියි.'
"හාරිච්චිය දියං කොල්ලො." දැවැන්තයා අත පෑවේය.
"අපි අස්සයත් ගන්නවා." තවකෙක් කීය. ඇය මහත මුහුණකින් හා කහ පැහැ කෙස් කළඹකින් හෙබි මිටි ගැහැණියක වූවාය. "බිමට බැහැපං. ඉක්මන් කරපං." ඇය සිය කමිස අත අස්සෙන් පිහියක් ඇදගත්තා ය.
"නෑ." බ්‍රැන් කීවේය. "මට බෑ."
ඩාන්සර්ව හරවාගෙන මෙතැනින් පලායාමට බ්‍රැන් සිතන්නටත් මත්තෙන් අත දිගුකල දැවැන්තයා අසු ගේ කටකලියාවෙන් අල්ලාගත්තේ ය. 'උඹට පුළුවන් පුංචි උතුමානනි.. උඹ ඒක කරයි. උඹ දන්නවානං මොකක්ද දැන් කරන්ට ඕන හොඳම දේ කියලා."
"ස්ටිව්, බලපං ඌව පටිවලින් ගැටගහලා තියෙන විදිය." උස ගැහැණිය සිය හෙල්ල දිගු කර පෙන්නුවා ය. "සමහරවිට ඌ කියන්නෙ ඇත්ත වෙන්ට ඇති."
"පටි ඒ." ස්ටිව් කීය. ඔහු සිය ඉණපටියෙන් සිරියක් ඇදගත්තේ ය. "පටි ගැන වගබලාගන්ට ක්‍රම තියෙනවා."
"උඹ මොකෙක් හරි අබ්බගාතයෙක් ද?" මිටි ගැහැණිය ඇසුවා ය.
බ්‍රැන් ගේ මුහුණ කේන්තියෙන් රතු වී ගියේය. "මම වින්ටර්ෆෙල්වල බ්‍රැන්ඩන් ස්ටාර්ක්. මගේ අශ්වයාව අත ඇරපං. නැත්තං තොපි ඔක්කොටම මැරුම් කන්ට වෙයි."
අඳුරු පැහැ රැවුලින් යුතු මිනිසා සිනාසුනේ ය. "ඒක ඇත්ත. මේ කොල්ලා ස්ටාර්ක් කෙනෙක් තමා. සාමාන්‍ය සිහිමොළේ තියෙන මිනිස්සු ජීවිතදානය ඉල්ලලා බැගෑපත් වෙන මේ වගේ වෙලාවලදි මෙහෙම වහසිබස් දොඩවන්නෙ ස්ටාර්ක්ලා වගේ මෝඩයොම තමා."
"උගෙ පුංචි *** කපලා කටේ ඔබහං." මිටි ගැහැණිය කීවාය. "එතකොට උගෙ කට වැහෙයි."
"උඹ කැතයි වගේම මහ මෝඩයි හාලි." උස ගැහැණිය කීවාය. "මේ කොල්ලා මැරුනොත් කිසිම වටිනාකමක් නෑ. පණපිටින් ඉන්දැද්දියි වටින්නෙ... දෙයියම්පා! පොඩ්ඩක් හිතපං, බෙන්ජින් ස්ටාර්ක්ගෙ ලේ නෑයෙක් ප්‍රාණ ඇපකාරයෙක් විදියට තියාගන්ට තිබ්බොත් මැන්ස් මොනවා නොදී ඉඳියි ද?"
"මැන්ස් යකාට ගියාවෙ." දැවැන්තයා අවලාද නැගුවේය. "උඹට ආයෙමත් එහාට යන්ට ඕනද ඕෂා? උඹ ඒකිට වඩා ලොකු මෝඩියෙක්. උඹ ගාව ප්‍රාණ ඇපකාරයෙක් ඉන්නවා කියලා 'අනික් එවුං' උඹව නොමරා ඉඳියිද?" නැවත හැරුනු ඔහු බ්‍රැන් ගේ කළවා හරහා බැඳ තිබුනු සම් පටිය හරහා පිහිය ඇද්දේ ය. පටිය සැනෙන් දෙකඩ විය.
පිහිපහර ඉක්මන් හා සැහැල්ලු එකක් වූ අතර මස යටට කැපී ගියේය. පහත බැලූ බ්‍රැන් සිය ලොම් කලිසම කැපුනු තැනින් සම නිරාවරණය වී ඇති සැටි දුටුවේය. ඊළඟ මොහොතේ එතැන රුධිරය පිරෙන්නට පටන් ගති. රතු පැල්ලම පැතිරී යද්දී, ඔහු ගේ හිසේ ක්ලාන්ත ගතියක් ඇතිවූ නමුදු තුවාලයේ කිසිදු වේදනාවක් හෝ හැඟීමක් නොවීය. දැවැන්තයා විමතියෙන් මෙන් උගුරෙන් හඬක් නැගීය.
"දැන් උඹලගෙ ආයුධ බිම දාපල්ලා. මම පොරොන්දු වෙනවා හැමෝටම ඉක්මන්, වේදනා දැනෙන්නැති මරණයක්." රොබ් ගේ හඬ ඇසින.
බ්‍රැන් බලාපොරොත්තු පිරුනු දෑසින් එදෙස බැලීය. රොබ් ගංඉවුරේ සිටගෙන සිටියේය. ඔහු ගේ ස්වරයේ තිබුනු ආතතිය නිසා ඒ වදන්වල තිබුනු සැහැසිබව අඩු වී ගොස් තිබින. අසු පිට නැග සිටි ඔහුට පිටුපසින් අසු මත එල්ක් මුවකු ගේ මළකඳක් විය. ඔහු ගේ සුරතේ අසිපත ලෙලදුනි.
"උගෙ අයියා." අඳුරු රැවුලකින් යුතු මිනිසා කීය.
"ඌ හරිම භයංකාර එකෙක් නේ." හාලි නමින් හැඳින්වුනු මිටි ගැහැණිය සමච්චල් ස්වරයෙන් කීවාය. "උඹ අපිත් එක්ක හටන් කරන්ටද හිතාගෙන ඉන්නෙ කොල්ලො?"
"මෝඩයෙක් වෙන්ට එපා කොල්ලො. අපි හයදෙනෙකුට විරුද්ධව තනි උඹ විතරයි ඉන්නෙ." උස ගැහැණිය ඕෂා සිය හෙල්ලය උරුක් කලාය. "අස්සයා පිටෙන් බැහැලා කඩුව විසි කරපං. අස්සයාටයි, මුව මස්වලටයි බොහොම ස්තූතියි! උඹටයි උඹේ මල්ලිටයි යන තැනක යන්ට පුළුවන්."
රොබ් සියුරුහඬ ලෑවේය. තෙත් කොළ මත ඇවිදින මෘදු පියවර හඩ ඔවුන්ට ඇසින. වනයේ යටිවගාව දෙබෑ වී ගිය අතර ගස්වල පහත් අතුවල වූ හිමකැටි බිම වැටින. ග්‍රේ විප්ඩ් හා සමර් වනයේ හරිත පැහැය අතරින් මෑත් වූහ. අවට ඉව අල්ලා බැලූ සමර් ගොරවන්නට විය.
"වෘකයො!" හාලි මවිතයෙන් හුස්මක් ඇදගත්තා ය.
"ඝෝරවෘකයො." බ්‍රැන් කීය. වෘකයින් දෙදෙනා තවමත් සම්පූර්ණයෙන්ම වැඩී නොතිබුනු නමුදු ඔහු දැක ඇති අන් ඕනෑම වෘකයෙකුට වඩා උන් දැනටමත් විශාල වූහ. එහෙත් සාමාන්‍ය වෘකයකු හා ඝෝරවෘකයකු අතර වෙනස, දන්නා අයෙකුට නම් පැහැදිලිවම විද්‍යමාන විය. මේස්ටර් ලුවින් හා සුනඛයින් ගේ භාරකරු වූ ෆාර්ලන් මේ ගැන ඔහුට උගන්වා තිබින. ඝෝරවෘකයෙකුට සිය සිරුරට සාපේක්ෂව විශාල හිසක් හා දිගු පාද පිහිටා ඇත. එමෙන්ම උන් ගේ හොම්බ හා හණුව වඩා සිහින් විය. මේ හිම වර්ෂාව මධ්‍යයේ ඔවුන් එසේ සිටගෙන සිටි ආකාරයේ අමුතු බිහිසුණු බවක් පෙනෙන්නට තිබින. ග්‍රේ වින්ඩ් ගේ හොම්බ පුරා අලුත් ලේ තැවරී තිබින.
"බල්ලො." දැවැන්තයා අවමන් ස්වරයෙන් කීය. "ඒ වුනත් මම අහලා තියෙනවා රෑට මිනිහෙක්ව උණුහුමට තියාගන්ට වෘක හමෙන් හදපු සළුවක් තරම් ජාති භාණ්ඩයක් තවත් නෑ කියලා. උංව මරාපියවු!"
"වින්ටර්ෆෙල්!" කෑ ගැසූ රොබ් අසුට සන්කලේය. වැරහැලි හැඳගත් මිනිසුන් වටවෙද්දී අශ්වයා ගංඉවුර දිගේ පහළට දිව ආවේය. පොරොවක් ඔසවාගත් මිනිසෙක් කෑ ගසමින්, අපරීක්ෂාකාරී අන්දමින් මුලින්ම දිවගියේය. රොබ් ගේ අසිපත සිය මුලු බලයම යොදා මිනිසා ගේ මුහුණ හරහා වැදුනේ ඇඟ හිරිවට්ටන හඬක් සමගින් රුධිරය දස අත විසිවිය. වෑරුනු, අඳුරු පැහැ රැවුලක් ඇත්තා අසු ගේ කටකලියාව අල්ලාගන්නට තැත් කල අතර ඒ වෑයම තත්පර බාගයකට සාර්ථක විය... ඊළඟ මොහොතේ ග්‍රේ වින්ඩ් ඔහු මත කඩා පැන්නේ ඔහුව බිම හෙලීය. මිනිසා කෑ ගසමින් දියපහරට වැටුනේ වියරු වැටුනාක් මෙන් හිසට ඉහළින් පිහිය වනන්නට විය. ඔහු අනුව වෘකයා ද දියට පැන්න අතර ඔවුන් දෙදෙන නොපෙනී ගිය දියපහරේ ජලය රත් පැහැ ගැනින.
රොබ් හා ඕෂා පොර වැටුනහ. ඇගේ දිගු හෙල්ලය යකඩ සර්පයෙකු මෙන් කිහිපවරක්ම රොබ් ගේ පපුව කරා ඇදී ගියද ඒ හැමවරෙකම රොබ් සිය දිගු අසිපතින් පහර පිසදා හැරියේය. ඊළඟ පහරේදී ඕනෑවටත් වඩා ඉදිරියට නැඹුරු වූ ගැහැණිය අසමතුලිත වූයේ ඇගේ පා පැකිළුනි. ඒ තත්පරයේදී සිය අසු ඉදිරියට පැන්න වූ රොබ් ඇයව යටකර දැම්මේය.
ඊට අඩි කිහිපයක් නුදුරින් දත් විලිස්සාගත් සමර් හාලි වෙත ඊයක් මෙන් කඩා පැන්නේ ය. පිහිය උගේ සිරුරේ පැත්තකට වැදුනු අතර කරකැවී පසෙකට පිනූ සමර් නැවතත් ඇයට කඩා පැන්නේ ය. මෙවර උගේ හණු ගැහැණිය ගේ කළවය ඩැහැගත්තේ ය. දෑතින්ම පිහිය බදාගත් ඇය එය වැරෙන් පහළට ගෙන ආ මුත් වෘකයා එය ඉවෙන් මෙන් දුටු බව පෙනින. ඌ හිස ගස්සා පස්සට පිනූයේ ගැහැණිය හැඳ සිටි ඇඳුමේ කොටස් හා ඇගේ කළවයේ කොටස් පිරි මුවින් යුතුවය. හාලි පය පැකිළී ඇද වැටෙද්දී නැවතත් ඇය මතට පිනූ සමර් ඇයව පිටුපසට පෙරලා දමා, ඇගේ සිරුර මත නැග උදරය කීතු කීතු කර දමන්නට විය.
සයවන මිනිසා මේ සමූලඝාතනයෙන් මිදී පලායන්නට විය. එනමුදු ඔහුට වැඩි දුරක් යන්නට හැකි නොවීය. ඔහු අසීරුවෙන් මෙන් දියපහරේ අනිත් පස ඉවුර වෙත ළඟාවද්දී ග්‍රේ වින්ඩ් තෙත්බරිත සිරුරින් යුතුව දියපහර මැදින් මතුවිය. සිරුරේ රැඳි වතුර ගසා දැමූ ඌ පලායන්නා පසුපස හඹා ගියේ ඔහු ගේ කළවය පසුපසින් සපා කෑවේය. මිනිසා කෑ ගසමින් නැවත දියට වැටෙද්දී වෘකයා ඔහු ගේ උගුරු දණ්ඩට පැන්නේ ය.
ඊළඟ මොහොතේ එතැන ඉතුරු වී සිටියේ දැවැන්තයා, ස්ටිව් පමණි. බ්‍රැන් ගේ පපුව හරහා බැඳ තිබුනු පටිය කපා දැමූ ඔහු අතකින් අල්ලා බ්‍රැන්ව ඇද්දේය. ඊළඟ මොහොතේ බ්‍රැන් බිම ඇද වැටින. ඔහු හතරගාතයෙන් බිම ඇදවැටුනු අතර සිරුරට යටින් දෙපා පරඬැල් මෙන් ඇද වී තිබුනේය. එක් පයක් දියපහරට වැටී තිබුනු නමුදු ඔහුට කිසිදු සීතලක් නොදැනින. එනමුදු ස්ටිව් සිය සිරිය බ්‍රැන් ගේ ගෙලට තබා තදකරද්දී එහි සීතල ඔහුට හොඳින්ම දැනින. "පස්සට පලයං!" මිනිසා අනතුරු ඇඟවීය. "නැත්තං මං මේ කොල්ලගෙ බොටුව කපනවා. මම දිවුරනවා, මං ඒක කරනවා."
රොබ් හතිලමින් සිය අසු ගේ තෝන්ලණුව ඇද ඌව නතර කලේය. ඔහු ගේ දෑසේ වූ වියරුව කෙමෙන් මැකී ගිය අතර අසිපත රැගත් සුරත පහත් විය.
ඒ මොහොතේ බ්‍රැන් සියල්ල දුටුවේය. සමර් හාලිව කීතු කීතු කරමින් සිටියේ නිල් පැහැ සර්පයන් බඳු අතුණුබහන් ඇගේ උදරයෙන් එළියට අදිමිනි. ඇගේ දෑස් විවරව තිබූ නමුදු ඇය ජීවතුන් අතරදැයි නැතහොත් මියගොස්දැයි නිශ්චිතවම කිව නොහැකි විය. අළු රැවුලා හා පොරෝධාරියා නිසොල්මන්ව බිම වැටී හුන්හ. එනමුදු ඕෂා දණින් වැටී සිටියේ බිම වැටී තිබුනු සිය හෙල්ලය වෙත අසීරුවෙන් දණගාමින් යන්නට වූවාය. තෙත්බරිත සිරුරෙන් යුතු ග්‍රේ වින්ඩ් ඈ වෙත පිය මනින්නට විය. "ඌට ආපහු කතා කරපං!" දැවැන්තයා අණ දුන්නේය. "උං දෙන්නටම කතා කරපං. නැත්තං මේ අබ්බගාතයා මැරෙයි."
"ග්‍රේ වින්ඩ්, සමර්. මගේ ළඟට වරෙල්ලා." රොබ් කීය.
නැවතුනු වෘකයින් දෙදෙන හිස් හරවා බැලූහ. ග්‍රේ වින්ඩ් රොබ් දෙසට පියමැන්න නමුදු සමර් බ්‍රැන් සහ ඔහු අසල සිටින මිනිසා දෙස නෙත් හෙලාගෙන සිටි පියවර නැවතී සිටියේය. ඌ පහත් හඬින් ගොරවන්නට විය. උගේ හොම්බ රුධිරයෙන් රත් පැහැ ගැන්වී තිබුනු අතර ඒ දෑස් කෝපාග්නියෙන් බැබලුනේ ය.
සිය හෙල්ලයට වාරු වුනු ඕෂා අසීරුවෙන් නැගිට සිටගත්තා ය. රොබ් ගේ අසිපත් පහරකට ගොදුරු වුනු ඇගේ උඩු බාහුවෙන් රුධිරය ගලමින් තිබින. දැවැන්ත මිනිසා ගේ මුහුණ දිගේ දහදිය ගලන අයුරු බ්‍රැන් දුටුවේය. ස්ටිව් ද තමා තරම්ම බියපත් වී ඇති බැව් ඔහුට අවබෝධ විය. "ස්ටාර්ක්ලා. යකාටම ගිය ස්ටාර්ක්ලා." මිනිසා කටුකුටු ගෑවේය. ඔහු හඬ උස් කලේය. "ඕෂා වෘකයො දෙන්නව මරලා උගෙ කඩුව අරගනිං."
"උඹට ඕනනං උංව මරාපං. මමනං ඔය යක්ෂයින්ට කිට්ටු වෙන්ටවත් යන්නෙ නෑ." ඇය පිළිතුරු දුන්නා ය.
දැන් කුමක් කල යුතුදැයි ස්ටිව්ට එක් මොහොතකට සිතා ගත නොහැකි විය. ඔහු ගේ අත වෙවුලූ අතර සිය ගෙලට තද වී තිබුනු පිහිය මඳක් සෙලවී එතැනින් ලේ බිඳු ගලා එනු බ්‍රැන්ට දැනින. මිනිසාගෙන් හැමූ දුර්ඝන්ධය ඔහුට දැඩි ලෙස හමා ආ අතර එහි තැවරී තිබුනේ බිය මිස අන් කිසිවක් නොවීය. "උඹ." ඔහු රොබ් ඇමතීය. "උඹට නමක් තියෙනවද?"
"මම තමා රොබ් ස්ටාර්ක්. වින්ටර්ෆෙල්වල උරුමක්කාරයා."
"මේ ඉන්නෙ උඹේ මල්ලිද?"
"ඔවු."
"උඹට ඌව පණපිටින් ඕනනං මං කියන විදියට වැඩ කරපං. දැන් අස්සයා පිටින් බැහැපං."
රොබ් මොහොතක් අතීරණයෙන් පෙළුනේ ය. ඊළඟ මොහොතේ සෙමින් සිය අසු පිටින් බැස අසිපත අමෝරාගෙන සිට ගත්තේ ය.
"දැන් ඔය වෘකයින්ව මරපං."
රොබ් සෙලවුනේවත් නැත.
"ඒක කරපං. වෘකයො එහෙම නැත්තං මේ කොල්ලා."
"එපා." බ්‍රැන් යටිගිරියෙන් මොරගැසීය. මිනිසා කියන දේ කලොත් වෘකයින් මරා දැමූ වහාම ස්ටිව් විසින් ඔවුන් දෙදෙනාව මරා දමනු ඇත.
සිය නිදහස් අතින් ඔහු ගේ හිසකෙස් ඩැහැගත් මිනිසා කුරිරු අන්දමින් හිස පසුපසට නැමීය. බ්‍රැන් වේදනාවෙන් කඳුළු සලන්නට විය. "උඹ කටවහගනිං අබ්බගාතයො. උඹට ඇහෙනවද?" ඔහු හිස තවතවත් නැමීය. "උඹට මාව ඇහෙනවද?"
ඔවුන්ට පසුපසින් වූ වනය තුළින් පහත් 'ත්‍රම්' හඬක් නැගුනි. ස්ටිව් එක් සැනෙකින් හුස්මක් අල්ලා ඉහළට ඇදගැනීමට තැත් කල අතර තියුණු කටු වැකුණු තලයකින් යුතු ඊයක් ඔහු ගේ පපුව පලාගෙන අඩි බාගයක් පමණ ඉදිරියට මතුවිය. ඊතලය රුධිරයෙන් පින්තාරු කලාක් මෙන් රත් පැහැ ගැන්වී තිබින.
බ්‍රැන් ගේ ගෙලට තද වී තිබුනු සිරිය ලිස්සා බිම වැටින. දැවැන්ත මිනිසා පැත්තකට ඇල වී ගියේ මුනින්තලාවී දිය පහරට ඇද වැටින. ඔහු ගේ සිරුරට යටවීම නිසා ඊමුණ කැඩී ගිය අතර ජලපහර හා මුසුවෙමින් ඔහු ගේ ජීවය සැඟව යන අයුරු දෙස බ්‍රැන් බලා සිටියේ ය.
ආයුධ ගත් සෙබළුන් ගස් අතරින් මෑත්වෙද්දී ඕෂා වටපිට බැලුවා ය. සිය හෙල්ලය ඉවත විසිකර දැමූ ඇය දණින් වැටුනාය. "මයෙ උතුමානනි, මට අනුකම්පා කරන්ට. මට ජීවිතදානය දෙන්ට." ඇය අයැද සිටියා ය.
මෙතැන සිදු වී තිබුනු ඝාතනය පිරික්සා බලද්දී සෙබළුන් ගේ මුහුණු සුදුමැලි වී ගියේය. ඔවුහු අතීරණයකින් හා බියකින් මෙන් වෘකයින් දෙදෙනා දෙස බැලුම් හෙලූහ. තමා භුක්ති විඳිමින් සිටි භෝජන සංග්‍රහය අවසන් කිරීම සඳහා සමර් හාලි ගේ මළසිරුර වෙත පිය මනිද්දී සිය පිහිය පසෙකට විසිකර දැමූ ජොසෙත් වමනය නවත්වා ගැනීමට තැත් කරමින් වනය දෙසට දිව ගියේය. ගසක් මුවාවේ හිඳ මෑත් වූ මේස්ටර් ලුවින් පවා මේ දසුනෙන් කම්පනයට පත් වූ බැව් පෙනින. එහෙත් ඒ මොහොතකට පමණි. හිස වැනූ ඔහු සැනෙන් දියපහර තරණය කර බ්‍රැන් ගේ උදවුවට ආයේය. "ඔයාට තුවාලද?"
"ඌ මගේ කකුල කැපුවා. ඒ වුනත් මට ඒකෙ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ." බ්‍රැන් පිළිතුරු දුන්නේ ය.
තුවාලය පිරික්සා බැලීම සඳහා මේස්ටර්වරයා බිම දණ ඇනගද්දී බ්‍රැන් හිස හරවා අවට බැලීය. දුන්න අතින් ගත් තියන් ග්‍රේජෝයි මුරකරු වෘක්ෂයක් පසෙකින් සිටගෙන සිටි අතර සෑමවිටම මෙන් සිනාසෙමින් සිටියේ ය. ඔහු ගේ දෙපා අසල පසෙහි ඊතල අඩ දුසිමක් පමණ සිටුවා තිබුනු නමුදු ඔහුට එයින් පාවිච්චියට ගන්නට අවැසි වී තිබුනේ එක් ඊයක් පමණි. "මැරිච්ච සතුරෙක් කියන්නෙ කොච්චර සුන්දර දර්ශනයක් ද." ඔහු කීය.
"ජොන් හැමවෙලාවෙම කිවුවා උඹ මහ බූරුවෙක් කියලා ග්‍රේජෝයි." රොබ් මහහඬින් කීවේය. "උඹව අංගනයේ දම්වැල්වලින් බැඳලා දාලා බ්‍රැන්ට කියන්ට ඕන දුන්නෙන් විදින්ට පුරුදුවෙන්ට උඹව පාවිච්චි කරන්ටයි කියලා."
"උඹේ මල්ලිව මරණයෙන් බේරගත්තට හරිනං උඹ මට ස්තූති කරන්ටයි ඕන."
"උඹට ඉලක්කෙ වැරැදුනා නම් මොකද වෙන්නෙ?" රොබ් ඇසීය. "ඌට පොඩි තුවාලයක් විතරක් වෙලා බේරුනා නම් මොකද වෙන්නෙ? උගේ අත ලිස්සුවා නම් මොකද වෙන්නෙ? ඒ ඊතලේ බ්‍රැන්ට වැදුනා නම් මොකද වෙන්නෙ? ඒ මිනිහා සන්නාහයක් ඇඳලා හිටියා නම් මොකද වෙන්නෙ? උඹට පෙනුනෙ උගෙ සළුවෙ පිටිපස්ස විතරයි. එහෙම වුනා නම් මොකක්ද මගෙ මල්ලිට වෙන්නෙ? උඹ ඒ ගැන මොකුත් හිතලා බැලුවද ග්‍රේජෝයි?"
තියන් ගේ සිනහව මැකී ගියේය. බුම්මාගත් මුහුණින් යුතුව දෙවුර ඇකිළූ ඔහු බිම සිටුවා තිබුනු ඊතල එකින් එක ගලවා සිය හියොවුරෙහි බහාලන්නට විය.
රොබ් සිය සෙබළුන් දෙස රවා බැලීය. "උඹලා මොන ඉලවුවකද ගිහිල්ලා හිටියෙ? උඹලා අපි පස්සෙන්ම වගේ ආවා කියලා මට හොඳටම විශ්වාසයි."
සෙබළු එකිනෙකා දෙස හොරැහින් බලන්නට වූහ. "අපි පස්සෙන්ම ආවා මයෙ උතුමානනි." ඔවුන'තරින් ලාබාලතමයා වූ ක්වෙන්ට් කීය. "අපි මුලින් පොඩ්ඩක් නැවතිලා බලන් හිටියා මේස්ටර් ලුවිනුයි එයාගෙ බූරුවයි එනකං. අපට දාස් වාරයක් සමාදෙන්ට.. ඊට පස්සෙ.. මේ.. මේ.." ඔහු හොරැහින් තියන් දෙස බලා නැවත සැනෙන් ඉවත බලාගත්තේ ය.
"මම කළුකුමෙක්ව දැක්කා." තියන් කීවේ මේ ප්‍රශ්නය නිසා ගැහැටක් පැමිනුනු බැව් හඟවන කේන්තිය පිරි ස්වරයෙනි. "මම කොහොමද දන්නෙ උඹ කොල්ලාව තනියෙන් දාලා යයි කියලා?"
තියන් දෙස බැලීම පිණිස රොබ් නැවත වරක් හිස හැරවීය. ඔහුට මෙතරම් තදින් කේන්ති ගොස් තිබෙනු බ්‍රැන් කිසිදා දැක නොතිබින. එනමුදු රොබ් කිසිවක් නොකියා නිහඬ විය. අන්තිමේදී ඔහු මේස්ටර් ලුවින් පසෙකින් දණ ඇනගත්තේ ය. "එයාට ගොඩක් තුවාලද?"
"යාන්තං කැපිලා විතරයි. ඒක එච්චර අමාරුවක් නෑ." දියපහරේ ජලයෙන් රෙදි කැබැල්ලක් පෙඟවූ මේස්ටර්වරයා තුවාලය පිස දමන්නට විය. "උංගෙ දෙන්නෙක් කළු ඇඳලා ඉන්නෙ." සිය කාර්‍යය අතරතුර ඔහු රොබ්ට පැවසීය.
දියපහරේ හතරගාතයෙන් වැටී සිටි ස්ටිව් දෙස රොබ් බැල්මක් හෙලුවේ ය. ඔහු ගේ වැරහැලි වී ගිය කළු සළුව දියපහරේ තරඟ අනුව සැලෙමින් නටමින් තිබින. "නිශා රැකුමෙන් පැනලා යන එවුන්. උං මහ මෝඩයො වෙන්ට ඕන, මෙච්චර වින්ටර්ෆෙල් කිට්ටුවට එන්ට."
"මිනිස්සු කිසිම බලාපොරොත්තුවක් නැති තත්ත්වෙට පත්වුනාම ඕනතරම් මෝඩ වැඩ කරනවා." මේස්ටර්වරයා පිළිතුරු දුනි.
"අපි උංව වළලන්ටද මයෙ උතුමානනි?" ක්වෙන්ට් ඇසීය.
"උන් නම් අපිව වළලන එකක් නෑ." රොබ් පිළිතුරු දුන්නේ ය. "උන්ගෙ ඔළුගෙඩි දෙක කපාගනින්. අපි ඒවා ප්‍රාකාරෙට යවන්ට ඕන. මළකඳන් ටික කපුටන්ට කන්ට කියලා ඔහොම්මම තියපන්."
"එතකොට මේකි?" ක්වෙන්ට් ඕෂා දෙසට ඇඟිල්ලක් දිගුකලේය.
රොබ් ඇය දෙසට ඇවිද ගියේය. ඇය ඔහුට වඩා අඩියක් පමණ උස් වූ නමුදු ඔහු ගේ ආගමනය හමුවේ නැවතත් දණින් වැටුනා ය. "මට ජීවිතදානය දෙන්ට මයෙ ස්ටාර්ක් උතුමානනි. මං ඔබතුමාට යටත්වෙනවා."
"මට යටත්වෙනවා? පොරොන්දු කඩකරපු එකෙක්ගෙන් මට ඇති වැඩේ මොකක්ද?"
"මං පොරොන්දු කඩපු එකියක් නෙවෙයි. ස්ටිවුයි වොලනුයි තමා ප්‍රාකාරෙන් පැනලා ආවෙ. මං නෙවෙයි. කළු කපුටන්ගෙ හමුදාවෙ ගෑනුන්ට තැනක් නෑ."
ත්‍රියන් ග්‍රේජෝයි ඔවුන්ට සමීප විය. "ඒකිව වෘකයින්ට කන්ට දාපන්." ඔහු උනන්දුකරවන ස්වරයෙන් රොබ්ට කීය. හාලි ගේ සිරුරේ ශේෂ වී ඇති කොටස් දෙස බැල්මක් හෙලූ ගැහැණිය වහා ඉවත බලාගත්තා ය. ඇය වෙවුලා ගියාය. සෙබළුන් පවා අප්‍රිය අසනීප තත්ත්වයෙන් පසුවන්නාක් මෙන් පෙනින.
"මේ ගෑනියෙක්." රොබ් පිළිතුරු දුන්නේ ය.
"ඒකි වනචාරියෙක්." බ්‍රැන් ඔහුට පැවසීය. "ඒකි කිවුවා මාව පණපිටින් තියාගත්තොත් මැන්ස් රේඩර්ට ගෙනිහින් දෙන්ට පුළුවන් කතාවක්."
"උඹට නමක් තියෙනවද?" රොබ් ඇසීය.
"ඕෂා මයෙ උතුමානනි." ඇය පහත් හඬින් පැවසුවා ය.
මේස්ටර් ලුවින් නැගිට සිටියේය. "අපි ඒකිව ප්‍රශ්න කරන්ට අරන් ගියානම් හොඳයි."
සිය සොයුරා ගේ මුහුණේ ඇඳුනු සහනදායි හැඟීම බ්‍රැන්ට පැහැදිලිව විද්‍යමාන විය. "ඔබ කියන විදියක් මේස්ටර්. වේන්, ඒකිගෙ අත් දෙක බැඳපං. ඒකි අපිත් එක්ක ආපහු වින්ටර්ෆෙල්වලට යයි... ඒකි අපට කියන්නෙ ඇත්තද බොරුද කියන එක උඩ තීරණය වෙයි ඒකි ජීවත්වෙනවද මැරෙනවද කියලා."
Robb Stark: “I never know how much to tell you, Bran. I wish you were older.”
Bran Stark: “I’m eight now! Eight isn’t so much younger than fifteen, and I’m the heir to Winterfell, after you.”
ආ මෙන්න මෙයා ආපහු ඇවිල්ලෝ!!
ReplyDeleteකෝ කොහොමද ටුවර් එක එහෙම? මේ කතාවේ තියන පැති වලට ගියේ නැද්ද?
කතාව මිස් උනා සෑහෙන්න. කොහෙද ඉතින් මට අප්ඩේට් එක ආවේ නෑ නේ..
හපොයි මම හිතුවේ මම නැති දුකට මේ පැත්තේ ආවේ නෑ කියලනේ. :P
Deleteවැල්කම් යුවර් ලේඩිෂිප්. :P
ReplyDeleteවැල්කම්? අපි දන්නවා අපි නැති කාලේ කට්ටිය කරපු දේවල්...එහාටත් ඉන්ටර්නැට් තිබ්බලු...
Deleteහපොයි මූන දාන්ට අමතක වුනා...:P
Deleteඅපි නම් මොනවත් කරේ නැල්ලු
Deleteඅන්න අර බඩයි ගොරිල්ලයි නම මොන මොනවද කිව්වා. :P
කව්රුහරි මෙයැයිව නොමග ඇරලා වගේලු...!!
Deleteගොරිල්ලොයි සිංහයෝයි රූකඩයි එකතුවෙලා බස්සොයි බෝදිලිමොයි ගැන මොන මොනාද නම් කිව්වාලු ..
තව කුමරයෙකුයි, ............කුයි ත් මොන මොනවදෝ කියෝගන්නවා දැක්කාලු ...
ඒ ඇරෙන්න අනික් කෂ්ටිය සාමකාමිව සතුටු සාමිචියේ යෙදුනලු ..
ඇන්ටිලා ගැන කව්රුත් මොකුත්ම කිව්වෙම නෑලු ...
මෙහේ නම් චූටි බබාලා ගොඩක් 'නැන්දි' කෙනෙක් වට කරගෙන , එයා ලඟට එන්ට පොර කකා හිටියලු. 'නැන්දි' කියලා කතා කලේ නාකි පිරිමි ලමයි එහෙමත් නෙමේලු.
Deleteකුමාරයෙකුයි කවුදයි කතන්දර කීවලු හී හී...
බූරාගේ ලිස්ට් එකේ පොඩ්ඩි නෑලු. huh...
බස්සා සෝන්යාට පේන්ට නෑවලු. :P
සිංහයෙක් කේලම් කීවලු. :)
මූණු පොතේ කොල්ලෙක්ගේ ෆොටෝ දැකලා සමහරු ඇඬුවලු. he he...
සමහරු 'ඇන්ටි' කියනා අයට දැන්ම එයා ගැන දැන්ම අප්පච්චිට කියන්ට එපා කීවලු. :P
බස්සා සොන්යාට පෙන්ට නෑව ද නැත්තං සෝන්යා බස්සා නාන දිහා හොරෙන් බලන් හිටිය ද? :-O
Deleteසෝන්යාගේ ඔය හොරෙන් බැලිලි නෑලු. එයා බලන්නේ කෙලින්...:D
Deleteඅනේ පොඩ්ඩි ඔය බස්ස නානව බලන්නම වැඩේ .ඔයා හරි මං හොරෙන් බලන කෙනෙක් නෙවෙයි :P
Deleteඔක්කොමත් හරි මේක තමයි ප්‍රශ්නේ... :)
Delete//සමහරු 'ඇන්ටි' කියනා අයට දැන්ම එයා ගැන දැන්ම අප්පච්චිට කියන්ට එපා කීවලු//
සොරි. මේක මටත් ටිකක් තේරෙන්නේ නෑ වගේ. :D
Deleteමෙන්න මෙහෙම හිතාගන්ටකෝ. ඔය 'ඇන්ටි, ඇන්ටි කියාගෙන එන සමහර කට්ටිය කියනවලු එයාලා ගැන දැන්ම අප්පච්චිට කියන්ට එපා කියලා' දැන් හරිලුද? :P
//බූරාගේ ලිස්ට් එකේ පොඩ්ඩි නෑලු. huh...//
DeleteWas wondering when this would come up.
හොරෙන් කීවා පොඩ්ඩි number one ලු....:P
Deleteබහුවචනෙන් කියලා තියෙන්නේ වැරදිලා වෙන්ටෑ??
Deleteපහුගිය ටිකේම පයිට්,ප්‍රේම ජවනිකා එන්නේ කවද්ද අප්පා.අර ඇඳ උඩ රෝල් වෙන්න පුළුවන් වගේ එව්වා...:D
ReplyDeleteමේ බූරා මම නැති කාලේ ඔයාලා එක්ක ෆයිට් කලාද?:O
Deleteකමක් නෑ දැන් ඉතින් ඇඳේ රෝල්වෙන කෑලි බලන්ට පුලුවන් වෙයි. :D
:O
Deleteඇයි ඔයා ඇඳේ රෝල් වෙන්නේ නෑලුද? :P
Deleteඔව් අනේ මේ ටිකේ ෆයිට්ම බලල එපා වෙලා :)
Deleteමනෝජ් ඇඳෙන් වැටිල තුවාල කර ගන්නව එහෙම නෙවෙයි
//මේ බූරා මම නැති කාලේ ඔයාලා එක්ක ෆයිට් කලාද?//
Deleteමේ මොනව අහනවද, නෝනේ, අපේ සත්ගුණවත් බුරන්නාන්සෙ එහෙමත් කරනවද අපිට?
ඔහෙට කියන්"ට", අර සිංහයයි, නැට්ට නැති වානරයයි අතර ගියා නෙව සාරඝර්භ සාකච්චාවක්, උලම ගැන. කොහොමින් කොහොමි හරි මයෙ නමත් ඕකට පටලැවුනා කියමුකො. මාත් ඉතිං දන්න දේ කියලා දැම්මා.
මං ඉතිං කොමෙන්ට් කොටන්න ගියාම, සෝදුපත් බලන්නෙ නෑ නොවැ. හිතට ආ දේ කෙටුව, කෙලින්ම පබිලිස්. ඔන්න ඔය කැත පුරුද්ද නිසා මට නිතරෝම, ඔය ඉස්පිලි, පාපිලි වෑංජන පටලැවෙනවා. බැලින්නං වැරදි කෝටියයි. මැකුවා, ආයිත් කෙටුවා. හුටා ඒකත් වැරදියි. ආයෙ මැකුව, ආයෙ කෙටුව.
මං ඉතිං මයෙ පාඩුවෙ ඔය සෙල්ලම කරගෙන ගියා. බුරා කිව්ව නෙව ආයෙ මැකුවොත් , මාව ස්වර්ගස්ථ කරවනව කියලා. මේ කේලමක් එහෙම කියනව නෙවෙයි ආන්න එහෙම අපේ පිනට පහලවෙච්ච උත්තමයෙක් තමා අපේ බුරානිස් උපාසක තැන.
හැබෑට ඔයාගේ පිනට පහල වුනු කෙනෙක් හන්දා වෙන්ට ඇති ඔයා ඔච්චර බයනේ? :P
Deleteස්ටාර්ක්ලට තියෙන්නෙ වෘක හමුදාවක් හදා ගන්න... Welcome back Pods :)
ReplyDeletethanks රන්. මටත් හිතයි හුරතලේට එක්කෙනෙක් හදන්ට. ඉස්සර නරි මොටෙක් හිටියා. එයා දැන් කැලෑ වැදිලා... :D
Deleteඅපෝ අර සීනිකූරු පාට නරි මොටාද , එයා කැලේට ගිය එකමයි කාරිය :D
Deleteඋඹ නටපන් නරි හාමි
Deleteඋඹ නටපන් නරි හාමි
කන්ද කපා පුන් හඳ පායනවිට
උඩු-බුරපං නරි හාමි
උම හිටියේ කැලයක් ඇතුලේ
අපි ගත්තේ වලිගෙන් ඇදලයි
කට ඇරියොත් කිව්වෙ බයිලමයි
ලොං හැලුනත්, නරිය නරිය මයි
මේක කියන තාලේ කොහොමලුද? :D
Deleteබස්සෙක් මොකෝ නරියෙක් ගැන වද වෙන්නේ? :P
Aneda kiyanne. Oya nariya arista salli walata polla thiyala panala inne. Ahu unoth kapanawa uge rawla :P
Deleteහොඳට මිරිකලා දෙහි ටික ගනින්කො පිඹලා
Deleteඅනේ , අර අසරණ නරිය කට් වෙලා
අර්ස්ට කියලා, මූ මට කසිප්පු දීලා
අනේ අනිච්චං , මොනවට බිව්වද මන්දා
Bonakota Nam amurthe wage machan kiya kiya langa langa namuwe. :P
Deleteතියොන් ග්රේජෝයි , මුගේ තියන ලයින් එක බලපල්ලකො.
ReplyDeleteදෙන්ට හිතෙනවා wonder bar එකක්.
පොඩ්ඩක් ඊරිසියා වගේද කුමාරයට? :P
DeleteWhy should I be jealous? I'm a prince and he is a ....... Loops almost spoiled it :P
Deleteඒ පාර කව්ද මේ ආව ඕෂා .....
ReplyDeleteඑල කෙල්ලෙක් ලු
Deleteඑල කෙල්ලෝ පස්සට ගොඩයිලු. :D
Deleteහදිසියේ නමුත් කියෙව්වා ඕං...
ReplyDeleteහදිසියේ කිවුවෙ ඡන්ද වැඩවලට යන්ට ලෑස්තිවෙලා වෙන්ටෑ.. :-D
Deleteනැතිව නැතිව.. රාජධානි සප්තකය ගැන මේ දවස්වල බලන්ට වෙලාව අඩුයි... :D
Deleteඒ උනාට කමක් නැහැ...
හා හා ඊ ළඟ... :D
අනේ මගේ ග්‍රහ පලාපල. :(
Deleteඑන අවුරුද්ද වෙනකල් බලාඉන්ට වෙයි වගේ...:D
මේ ටිකේ ෆයිට් සීන් පිරිලා. එක්කො එකත් හොදයි අෆ්ෆා.
ReplyDeleteඇයි ගහගන්නේ නැතුව ඉන්ට බෑලුද? :P
Deleteකියෙව්වා
ReplyDelete