
කණක් කොට කළු බළලා තමාගේ පිටකොන්ද ආරුක්කුවක් මෙන් නමාගත්තේ ඇයට පිම්බේ ය.
පාවහන් නොලෑ දෙපතුල් සෙමින් බිම තබමින්, තමාගේ සැලෙන හදවතට සවන් දෙන අතර ගැඹුරු ලෙස හුස්ම ගනිමින් ආර්යා පටුමග ඔස්සේ හෙමිහිට ගමන් කලාය. 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට ඕන', 'පිහාටුවක් වගේ සැහැල්ලු වෙන්ට ඕන' ඇය තමාටම කියාගත්තා ය. බිළාලයා ඇය එන දෙස පරීක්ෂාවෙන් බලා සිටියේ ය.
බළලුන් ඇල්ලීම බෙහෙවින් අසීරු කාර්යයක් විය. ඇගේ දෑත් අඩක් සුව වූ සීරීම්වලින් පිරී තිබින. හදිසි පිනුම් වැටීම් නිසා ලෙලි ගැහුනු දණහිස් දෙකම තුවාල කබොලුවලින් වැසී තිබින. මුලදී නම් මුළුතැන්ගෙයි සිටින අරක්කැමියාගේ තරබාරු අලස බළලාට පවා ඇයව පහසුවෙන්ම මඟහැරිය හැකිවිය. එහෙත් සිරියෝ දිවා රෑ නොබලා ඇයව එහිම යෙදවූ අතර ලේ වැගිරෙන දෑතින් යුතුව ඇය ඔහු කරා දිවයද්දී පවා ඇයට කෑගැසුවේ ය. "මෙච්චර හෙමින්? ඉක්මන් කරහන් කෙල්ලේ. උඹේ සතුරො උඹට සීරිම් තුවාල ටිකක් විතරක් දීලා නිකා ඉන්නෙ නෑ." ඔහු ඇගේ තුවාලවල මරිෂ් ගින්දර නමින් හැඳින්වෙන සැර බෙහෙතක් තැවරී ය. ඉන් කෙතරම් දැඩි දැවිල්ලක් ඇතිවූවාද යත් කෑගැස්සීම නවත්වා ගැනීම සඳහා ඇයට තොල් සපා ගැනීමට සිදුවිය. එනමුදු මේ බෙහෙත් සාත්තුවෙන් පසු ඔහු තවත් බළලුන් සෙවීම සඳහා ඇයව පිටත් කර හැරියේ ය.
රතු බලකොටුව බළලුන්ගෙන් පිරී තිබින. හිරුඑළියේ නිදි කිරන නාකි අලසයින්, බිහිසුණු ඇස් ඇති, වල්ගා නටවමින් එහා මෙහා යන දඩයක්කරුවන්, ඉඳිකටු වන් තියුණු නිය ඇති කඩිසර බළල් පැටවුන්, ආර්යාවන්ට අයත් මනාව පීරූ ලොම් සහිත ශෝභන සුරතලුන්, කසල ගොඩවල කෑම සොයමින් සෙවිල්ලෙන් ඇවිදින කෙසඟ බළලුන් වැනි සෑම ආකාරයකම බළල්ලු එහි වූහ. ඔවුන් එකිනෙකා පසුපස ලුහුබැඳ ගොස් ඩැහැගත් ආර්යා සිය ජයග්‍රහණ ආඩම්බරයෙන් ඔසවාගෙන විත් සිරියෝ ෆොරල්හට පෙන්වීය. මේ කණක් කොට කළු යක්ෂයා හැර බලකොටුවේ සිටි සෑම බළලෙකුම මේ වන විට ඇගේ ග්‍රහණයට හසු වී තිබින. "මූ තමා මේ බලකොටුවෙ නියම රජා!" නගරාරක්ෂක සෙබළෙකු වරක් ඇයට පවසා තිබින. "පාපයටත් වඩා නාකි, ඒ වගේ දෙගුණයක ජඩයෙක්. එක පාරක් රජතුමා, රැජිණ ගේ තාත්තා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වද්දි මේ කළු අවජාතකයා මේසෙට පැනලා, ටයිවින් උතුමානන් අතේ තිබුන පුළුස්සපු වටුවෙක් ඩැහැගත්තා. රොබර්ට් රජතුමා හිනාවෙලා දෙකට පැලුන්නැති ටික විතරයි. උගෙන් ඈත්වෙලා ඉන්ට දරුවෝ!"
මේ බළලා ඇයව බලකොටුව පුරා දුවවන්නට සමත් වී තිබින. දෙවරක් හස්තයේ කුළුණ වටා, ඇතුළත තාප්පය හරහා, ඉස්තාල මැදින්, සර්පිලාකාර පඩිපෙළ පහළට, කුඩා මුළුතැන්ගෙය, ඌරු කොටුව හා නගරාරක්ෂක සෙබළුන් ගේ බැරැක්ක පසුකරමින්, ගංගාවට මුහුණ ලෑ ප්‍රාකාරයේ පාදස්ථය දිගටම, තවත් පඩිපෙළවල ඉහළට, ද්‍රෝහියා ගේ සක්මනෙහි එහාට මෙහාට, නැවතත් පහළට ගේට්ටුවක් අතරින්, ළිඳක් වටා, ආගන්තුක ගොඩනැගිලි තුළට හා එයින් පිටතට ආදි වශයෙන් ඔවුන් දෙදෙනා නොනවතින තරගයක යෙදී හුන්හ. මේ වනවිට තමා සිටින්නේ කොහේදැයි ආර්යාට කිසිදු දැනීමක් නොවීය.
අන්තිමේදී ඇයට ඌව හසුවින. උස් බිත්ති දෙපසින්ම තද වී තිබුනු අතර ඉදිරියෙන් වූයේ කවුළු විරහිත, ගලින් කල තාප්පයකි. 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට ඕන', 'පිහාටුවක් වගේ සැහැල්ලු වෙන්ට ඕන' ඉදිරියට ලිස්සා යන අතර ඈ නැවතත් කීවාය.
ඔවුන් දෙදෙනා අතර පියවර තුනක දුරක් තිබියදී ඌ ඊයක් මෙන් ඉවතට පැන්නේ ය. ඌ වමට හා දකුණට පැන්න අතර ඒ සමගාමීව ආර්යාද දකුණට හා වමට පැන්නී උගේ මඟ අවහිර කලාය. ඌ නැවතත් ඇයට පිඹ ඇගේ දෙකකුල් අතරින් පැනයෑමට වෙර දැරීය. 'සර්පයෙක් වගේ ක්ෂණික වෙන්ට ඕන' ඇය සිතුවාය. ඇගේ දෑත් ඌ වටා වෙලී ගියේ ඌව ඔසවා පපුවට තුරුළු කරගත්තා ය. ඌ ඇගේ සමින් තැනුණු කොට කබායේ ඉදිරිය සූරද්දී ඇය මහහඬින් සිනාසෙමින් වටයට කැරකුනා ය. ඇය ක්ෂණිකවම උගේ දෑස් මැද නළල සිප ගත් අතර ඒ සමගම උගේ නියපහුරෙන් බේරීම සඳහා හිස පසුපසට ඇද ගත්තා ය. බළලා වේදනාවෙන් කෑගසමින් පිම්බේ ය.
"මොකක්ද ඌ මේ බළලට කරන්නේ?"
තිගැස්සුනු ආර්යා බළලාව බිම දමා හඬ ආ දෙසට හැරුනා ය. ඇගෙන් ගැලවුණු ඌ ඇසිපිය හෙලන පමාවෙන් අතුරුදහන් විය. බෝනිකෙකු මෙන් සුන්දරව නිල් පැහැ පට රෙද්දෙන් කල ඇඳුමකින් සැරසුනු, රන්වන් කේශකලාපයකින් යුත් දැරියක් පටුමග කෙලවර සිටගෙන උන්නා ය. ඇය පසෙකින් තර, පැණි පැහැ කෙස්සකින් යුත් කොල්ලෙක් සිටියේ ය. ඔහුගේ කබායේ ඉදිරිපස උඩඟු ලීලාවෙන් හිස ඔසවා සිටින ගෝනකු මුතුවලින් ගෙත්තම් කර තිබූ අතර බඳපටියේ කුඩා කඩුවක් එල්ලී තිබින. 'මර්සෙලා කුමාරියි ටමෙන් කුමාරයයි' ආර්යා සිතුවා ය. අශ්වයෙකු තරම් විශාල සප්තක පූජකවරියක් ඔවුන් අසලින් සිටගෙන සිටි අතර ඇයට පිටුපසින් ලේ රතු පැහැ සළුවලින් සැරසුනු ලැනිස්ටර් මුර සෙබළුන් දෙදෙනෙක් වූහ.
"උඹ මොකක්ද ඒ බළලට කලේ කොල්ලෝ?" මර්සෙලා පරුෂ ස්වරයෙන් නැවතත් ඇසුවා ය. "කඩමාලු ඇඳගත්ත කොල්ලෙක්නේ. බලන්ටකො උගෙ හැටි." සිය සොහොයුරාට පැවසූ ඈ මෝඩ සිනාවක් පෑවාය.
"වැරහැලි ඇඳගත්ත, ජරා, ගඳගහන කොල්ලෙක්." ටමෙන් එකඟ විය.
තමා කවුරුදැයි ඔවුන් නොදන්නා බව ආර්යා තේරුම් ගත්තා ය. අඩුම ගනනේ තමා කෙල්ලක් යන බවවත් ඔවුන් නොදන්නා බව ඇයට වැටහින. එය ඇත්තෙන්ම පුදුම වීමට කරුණක් නොවීය. ඇය පාවහන් රහිතව, අපිරිසිදුව, අවුල්ව ගිය කෙහෙරැල්ලෙන් යුතුව සිටි අතර බළලා ගේ නිය පහරින් සීරුනු කෙටි කබායකින් හා දණහිසට උඩින් කපන ලද රළු දුඹුරු පැහැ කලිසමකින් සැරසී සිටියා ය. බළලුන් අල්ලනවිට සේද ඇඳුමින් හෝ සායකින් හෝ සැරසී සිටීම කල නොහැක්කකි. හනික හිස නැමූ ඇය දණක් නමා ආචාර කලාය. සමහරවිට ඔවුන් ඇයව කොහෙත්ම හඳුනා නොගනු ඇත. වැරැදීමකින් හෝ ඔවුන් ඇයව හඳුනාගතහොත් එය ලෙහෙසියෙන් කෙලවර වන්නක් නොවන බැව් ඇය ඉඳුරා දැන සිටියා ය. සෙප්ටා මෝර්ඩේන් තදින්ම කෝප වනු ඇත. ලැජ්ජාව නිසා සන්සා නැවත කිසිදා තමා හා කතා නොකරනු ඇත.
මහලු, තරබාරු සෙප්ටා ඉදිරියට පා තැබුවා ය. "උඹ කොහොමද කොලුවො මෙහාට ආවෙ? උඹලා වගේ එවුන්ට බලකොටුවෙ මේ පැත්තේ කරක් ගහන්ට තහනම් කියලා දන්නෙ නැද්ද?"
"මේ ජාතියෙ එවුන් නවත්තන්ට බෑ." එක් සෙබළෙක් පැවසී ය. "ඒක හරියට මීයෝ නවත්තන්ට හදනවා වගේ වැඩක්."
"උඹ කා ළඟ වැඩ කරන එකෙක්ද කොලුවො?" සෙප්ටා ප්‍රශ්න කලාය. "මොකද වෙලා තියෙන්නේ. කතා කරපන්. උඹ ගොළුද?"
ආර්යා ගේ උගුර හිරවින. ඇය කතා කලහොත් මර්සෙලා හා ටමෙන් නිසැකවම ඇයව හඳුනාගන්නවා ඇත.
"ගොඩ්වින්, ඕකව මෙහාට ගෙනෙන්." සෙප්ටා පැවසුවා ය. වඩා උස්වූ මුරභටයා පටුමග ඔස්සේ ඇය වෙත පියවර මැන්නේ ය.
බිය විසින් යෝධ හස්තයක් මෙන් ඇගේ උගුර හිර කලේය. සිය ජීවිතය බිලිවුවද ආර්යා ඒ අවස්ථාවේදී නම් කොහෙත්ම කතා නොකරනු ඇත. 'නිශ්චල ජලය වගේ සන්සුන් වෙන්ට ඕන' ඇය තොල මතුලා ය.
ගොඩ්වින් ඇයව අල්ලාගැනීමට ලංවනවිට ආර්යා ඉවතට පැන්නා ය. 'සර්පයෙක් වගේ ක්ෂණික වෙන්ට ඕන', මේ ඇය සිරියෝගෙන් උගත් පාඩම් විය. ඔහු ගේ අතැඟිලි ඇගේ බාහුවේ ගෑවෙද්දී වම් පසට පිනූ ඇය සෙබළා ගේ සිරුර වටා කැරකී ඔහුගෙන් මිදුනා ය. 'ගිම්හානයේ සේද රෙද්දක් වගේ සුමට වෙන්ට ඕන.' සෙබළා නැවත හැරෙන විට ඇය පටු මාවත ඔස්සේ දුවන්නට පටන්ගෙන තිබින. 'මුවෙක් වගේ වේගවත් වෙන්ට ඕන.' සෙප්ටා යටි උගුරින් කෑගෑවාය. කිරිගරුඬ කුලුණු දෙකක් තරම් මහත් වූ ඇගේ දෙකකුල් මැද්දෙන් රූටා ගොස් නැවත නැගී සිටි ආර්යා ඇගේ සිරුරේ හැපී බිම වැටුනු ටමෙන්ට උඩින් පැන්නා ය. වටයක් කරකැවී දෙවන මුර භටයාද මග හැරි ඈ ඔවුන් සියල්ල පසුකලේ සිය දෙපාවලට මුලු ජවයම දුන්නා ය.
තමා පසුපසින් කෑගසන හඬ හා ළඟ ළඟම එන පිය ගැටෙන හඬ ඇයට ඇසින. බිම වැතිරුනු ඇය රෝල් වූ අතර ඇගේ සිරුරේ හැපුනු මුර සෙබළා පා පැකිලී ඇයට උඩින් විසි වී ගියේය. ආර්යා විගස නැවත නැගිට්ටා ය. තමාට ඉහළින් වූ ඊ විදින පටු සිදුරකට වඩා යාන්තම් පුළුල් වූ උස් පටු කවුළුවක් ඇය දුටුවා ය. උඩ පැන කවුළු පඩිය ඩැහැගත් ඇය ඉහළට නැගුනී දිගු හුස්මක් අල්ලාගෙන කවුළුවෙන් රිංගුවා ය. 'ආඳෙක් වගේ ලිස්සන්ට ඕන.' බිම පිරිසුදු කරමින් සිටි සේවිකාවක තිගස්සවමින් කවුළුවේ අනිත් පසින් බිමට බට ඇය උඩ පැන නැගිට, ඇඳුම් ගසා දමා, නැවතත් දුවන්නට පටන් ගත්තා ය. දොරටුවෙන් එළියට, දිගු ශාලාවක් ඔස්සේ, පඩිපෙළක පහළට, සැඟවුනු අංගනයක් හරහා, මුල්ලකින් හැරී, තාප්පයකට උඩින් හා පහත් පටු කවුළුවක් තුළින් ගිය ඇය තිත්ත කලුවර බිම්ගෙයකට වැදුනා ය. අන්තිමේදී ශබ්ද සියල්ලම ඇයට පසුපසින් ඇයට දුරස්ව ගියේය.
වෙහෙස නිසා ඇය හතිලමින් සිටි අතර මුලුමනින්ම මෙන් අතරමංව ද සිටියා ය. ඔවුන් ඇයව හඳුනාගත්තේනම් තත්ත්වය බොහෝසෙයින් නරක් විය හැකි බැව් ඈ දැන සිටියද එවැන්නක් සිදුවීමට ඉඩක් නැතැයි ඇය කල්පනා කලාය. ඔවුන්ට ඇයව හඳුනාගැනීමට අවස්ථාවක් නොලැබෙන තරම් වේගයෙන් ඇය ක්‍රියා කලාය. 'මුවෙක් වගේ වේගවත් වෙන්ට ඕන.'
අඳුරේ ගුලි වී, තෙත් ගල් බිත්තියකට හේත්තු වූ ඇය තමා ලුහුබඳින්නන් ගේ හඬට ඇහුම්කන් දුන් නමුදු තමාගේම හදවත ගැහෙන හඬත්, ඈත කොහේදෝ දිය බිඳු කාන්දුවන හඬත් හැරෙන්නට අන් කිසිදු හඬක් නෑසින. 'හෙවනැල්ලක් වගේ නිහඬවෙන්ට ඕන', ඇය සිතුවා ය. තමා මේ සිටින්නේ කොහේදැයි ඇය විමතියෙන් කල්පනා කලාය. ඔවුන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණි මුල් කාලයේ මේ බලකොටුවේ තමා අතරමං වන අන්දම ගැන ඈ නිතරම නපුරු සිහින දැක තිබින.
රතු බලකොටුව වින්ටර්ෆෙල් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා බව ඇගේ පියා පවසා තිබින. එනමුදු ඇගේ සිහිනවලදී එය උත්තුංග, ඉමක් කොණක් නොමැති ශෛලමය වංකගිරියක් වූ අතර ඇගේ පිටුපසින් වූ බිත්ති නිතරම එහා මෙහා වෙමින් තත්ත්වය තවත් නරක් කලේය. මේ සිහිනවලදී ඇය පාට වියැකී ගිය තිරරෙදි පසු කරමින්, අඳුරු ශාලා ඔස්සේ ඇවිද්දා ය. නිමක් නැති කවාකාර තරප්පු බැස්සා ය. අංගන අතරින් හෝ පාලම් උඩින් හෝ කඩිනමින් ඇවිද්දා ය. ඇගේ කෑ ගැසීම්වලට ලැබුනු එකම ප්‍රතිචාරය වූයේ එහි දෝංකාරය පමණි. සමහර කාමරවල රතු ගලින් නිමවූ බිත්ති තුලින් ලේ වැගිරෙන්නාක් මෙන් ඇය දුටුවා ය. මේ කිසිදු තැනෙක කවුළුවක් සොයාගත නොහැකි විය. සමහර අවස්ථාවලදී ඇයට පියා ගේ හඬ ඇසුනු නමුදු එය ඉතා දුරස්ථ හඬක් විය. ඇය කෙතෙක් ඒ හඬ පසුපස දිවගියද එය කෙමෙන් තුනීව ගොස් අන්තිමේදී නැතිවම ගියේය. ඇය අඳුරේ තනිවූවා ය.
අවට තදින්ම අඳුරු බව ඇය තේරුම් ගත්තා ය. ඇය තම නිරුවත් දෙදණ පපුවට තුරුළුකරගත් අතර ඇගේ සිරුර වෙව්ලුවේ ය. නිසලව සිට දසදහස දක්වා ගණන් කල යුතුය. එය හමාර වන විට මෙතනින් රිංගා ගොස් ආපසූ යෑම ආරක්ෂාසහිත වනු ඇත.
ඇය අසූහතට ගැන හමාර වන විට ඇගේ දෑස අඳුරට හුරු වූ අතර කාමරය වඩා ආළෝකවත් විය. ඇය වටාවූ වස්තූන්හි බාහිර ස්වරූපය දැන් ඇයට හඳුනාගත හැකි විය. විසල්, හිස් දෑස් කුහර අන්ධකාරය අතරින් කුසගින්නේ ඈ දෙස බලා සිටි අතර දිගු උල් දත්වල කඩතොලු සහිත සෙවනැලි ඈ අපැහැදිලිව දුටුවා ය. ඇගේ ගැනීම මුලුමනින්ම නතර වී ගියේය. දෑස් වසාගෙන තොල් සපාගත් ඇය බිය පලවා හැරීමට තැත් කලාය. ඇය නැවතත් දෑස් විවර කරන විට මේ යක්ෂයින් පලාගොස් සිටිනු ඇත. ඔවුන් සිටි බවක්වත් නොදැනෙනු ඇත. සිරියෝ අඳුරේ ඇය අසල හිඳ ඇගේ කණට කොඳුරන්නේ යැයි ඇය තමාට අඟවා ගත්තාය. 'නිශ්චල ජලය වගේ සන්සුන් වෙන්ට ඕන', ඇය තමාටම කියාගත්තා ය. 'වලහෙක් වගේ ශක්තිමත් වෙන්ට ඕන'. 'වුල්වරින් එකෙක් වගේ රෞද්‍ර වෙන්ට ඕන'. ඇය නැවත දෑස් විවර කලාය.
යක්ෂයින් තාමත් සිටි නමුදු බිය අතුරුදහන්ව තිබින.
නැගිට සිටි ඇය පරීක්ෂාවෙන් එහා මෙහා වූවාය. ඇය වටාම හිස්කබල් පිරී තිබින. මේ ඇත්තක්දැයි දැනගැනීමට ඇය කුතුහලයෙන් මෙන් එයින් එකක් අල්ලා බැලූ අතර ඇගේ ඇඟිලි තුඩු විශාල හණුවක් ස්පර්ෂ කරමින් ඇදී ගියේය. ඇටකටුව සිනිඳු වූ අතර එහි ස්පර්ශය දැඩි හා සීතල එකක් විය. අන්ධකාරයෙන් නිමවන ලද කිනිස්සක් මෙන් කළු පැහැ හා තියුණු වූ දතක් ඔස්සේ ඇය අතැඟිලි දිවෙවුවා ය. ඇගේ සිරුර කිලිපොලා ගියේය.
"මේක මැරිලා." ඇය හඬනගා කීවාය. "මේක නිකංම නිකං හිස්කබලක් විතරයි. මේකට බෑ මට හානි කරන්ට." එනමුදු ඇය එහි සිටින බව යක්ෂයින් දැන සිටියාක් මෙනි. ඒ හිස් දෑස් අඳුර තුළින් තමා දෙස බලා සිටිනු ඇයට දැනින. එම අඳුරු ගුහාවක් වැනි කාමරය තුළ ඇයට ආදරය නොකරන යම් දෙයක් ඇති බව ඇයට හැඟින. ඇය ඒ හිස්කබල වෙතින් ඉවත්වූයේ මුල් එකටත් වඩා විශාලවු දෙවන හිස්කබලක හැපුනා ය. එක් මොහොතකට එහි දත් තම උරහිස් තුලට කිඳා බසින්නාක් මෙන් ඇයට දැනින. හරියටම ඇගේ මස් කැබැල්ලක් කන්නට ඊට අවශ්‍යවූවාක් මෙනි. ආර්යා සැනෙන් වටයක් හැරුනු අතර දිගු දත් අතර පැටලුනු ඇගේ කබාය ඉරී යනු ඇයට දැනින. ඊළඟ මොහොතේ ඇය දුවන්නට පටන්ගත්තා ය. තවත් හිස්කබලක්, අන් සැමටම වඩා විශාල යක්ෂයෙක් ඇය ඉදිරියේ දෘශ්‍යමාන වූ නමුදු ආර්යා දිවීම බාල නොකලා ය. අසිපත් තරම් උස් වූ, කළු පැහැ දත් වැටියක් උඩින් පිනූ ඈ බඩගිනිකාර හණු අතරින් වේගයෙන් දිවගියේ, දොරක හැපුනා ය.
ඇගේ දෑතට දොරෙහි වූ යකඩ වළල්ල හසු වූ අතර ඇය වෙර යොදා එය ඇද්දා ය. දොර මොහොතකට විරෝධය පෑ මුත් සෙමින් කාමරය තුළට ඇරින. එය නැගූ හඬ කෙතරම් මහත් වී ද යත් එම හඬ මුලුමහත් නගරයටම ඇසෙන්නට ඇතැයි ආර්යා බිය වූවා ය. ඉදිරියෙන්වූ ශාලාවට රිංගා ගැනීමට තරම් ඉඩ විවරයක් ලැබෙන තෙක් ඇය දොර විවර කලාය.
යක්ෂයින් සිටි කාමරය අන්ධකාර වී නම්, මෙම ශාලාව සප්ත අපායන්හි වූ කට්ටකළු පාතාලයක් වැනි විය. 'නිශ්චල ජලය වගේ සන්සුන් වෙන්ට ඕන', ආර්යා තමාටම කියාගත්තා ය. මොහොතකට සිය දෑසට අඳුරට හුරුවීමට ඇය ඉඩ හැරියද පිටතට පැමිණි දොරේ අපැහැදිලි අළු පැහැ රාමුව හැර අන් කිසිවක් පෙනෙන්නට නොවීය. ඇය තමාගේ මුහුණ ඉදිරියේ ඇඟිලි නැටවූ අතර වාතය එහා මෙහා වන බව දැනුනු මුත් කිසිවක් නොදිටී ය. හරියට ඇය අන්ධ වී ඇත්තාක් මෙනි. 'දිය නැට්ටුවෙක් ඇස් දෙකෙන් විතරක් නෙවෙයි අනිත් හැම ඉන්ද්‍රියයකින්ම දකින්ට ඕන', ඇය සිහිපත් කරගත්තා ය. දෑස් පියා හුස්ම පාලනය කරගත් ඇය අනතුරුව අඳුරේ අතපත ගෑවාය.
ඇගේ අතැඟිලි වම්පසින් වූ රළු, කපරාරු නොකල ගල් බිත්තියෙහි ගැටින. ඇය බිත්තිය මතින් අතැඟිලි දුවවමින්, පාවෙන්නාක් මෙන් සැහැල්ලුවෙන් අඩි තබමින් අන්ධකාරය තුළ ඉදිරියට පිය මැන්නා ය. 'හැම ශාලාවක්ම කොහෙන් හරි කෙලවර වෙන්ට ඕන.' 'ඇතුළට එන්ට ක්‍රමයක් තියෙනවා නම් පිටවෙන්ටත් ක්‍රමයක් තියෙන්ට ඕන.' 'බය කඩුවට වඩා තියුණුයි.' සිරියෝගෙන් ඇය ඉගෙනගත් සියල්ල ඇයට මෙනෙහි වන්නට විය. ආර්යා බිය වන්නේ නැත. මෙසේ තමා බොහෝ වේලාවක් ඇවිද්දායැයි ඇයට හැඟුනු පසු එක්වරම බිත්තිය හමාර වී, සීත සුළඟක් ඇගේ කම්මුලේ දැවටින. සුළඟට හසු වූ කෙස් රොදක් යාන්තමින් නැටුවේ ය.
ඈත පහළ කොහේදෝ තැනකින් ඇයට ශබ්දයක් ඇසින. බූට්ස් සපත්තු පොළොවේ ඇතිල්ලෙන හඬක් හා දුරස්ථ කටහඬවල් ඇයට ඇසින. දුබල එළියක් යාන්තමට මෙන් බිත්තියේ තැවරී ගියේය. තමා විශාල කළු පතලයක් අබියස සිටගෙන සිටිනු ඇයට පෙනින. එය අඩි විස්සක පමණ විශ්කම්භයකින් යුතු වූ අතර පතුළ තෙරක් නොපෙනෙන තෙක් ගැඹුරට කිඳා බැස තිබින. පඩිපෙළක් මෙන් භාවිත කිරීම පිණිස කවාකාර බිත්තියට කාවද්දා තිබුනු විශාල ගල් වටයට වටයට පහළට ඇදී ගියේය. එය හරියටම නාකි ආයම්මා කියා දුන් කතන්දරවල තිබුනු නිරයට යාමට තැනූ අඳුරු පියගැටපෙළක් මෙන් විය. මේ පොළෝ කුහරය තුළින් අන්ධකාරයෙන් මිදුනු කුමක්දෝ දෙයක් එළියට එමින් තිබින...
ආර්යා ගැට්ටට උඩින් එබී බැලූ අතර මුහුණේ දැවටෙන සීත පවන් රැළි ඇයට දැනින. ඈත පහළ ඉටිපන්දම් දැල්ලක් තරම් කුඩා පන්දමක් එළියක් ඈ දුටුවා ය. පඩිපෙළ නැග ඉහළට එන මිනිසුන් දෙදෙනෙකු ඇය හඳුනාගත්තා ය. ඔවුන් ගේ සෙවනැලි යෝධයින් තරම් උසට බිත්ති අද්දර නැටීය. ඔවුන් ගේ හඬ පාතාලය ඔස්සේ රැව් දෙමින් ඇසින.
"...එක අවජාතකයෙක් හොයාගත්තා." එකෙක් පැවසී ය. "අනෙක් උනුත් ඉක්මනින්ම එයි. දවසකින්, දෙකකින්, සුමාන දෙකකින්..."
"ඇත්ත දැනගත්තාම එයා මොනවා කරන්ට යයිද?" නිදහස් නගරවල සෞමය උච්චාරණයකින් යුතු දෙවන හඬක් ඇසීය.
"දෙයියෝම තමා දන්නේ." මුල් හඬ කීවේය. පන්දමේ අළු පැහැ දුම් රැල්ළක් සර්පයෙකු මෙන් දඟලමින් ඉහළ නැග්ගේ ය. "අර මොට්ටයෝ ටික එයාගෙ පුතා මරන්ට තැනුවා. ඒ මදිවට ඒක අන්තිම විකාර අවුල් ජාලයක් කරගත්තා. එයා මේවා ලේසියෙන් අත්ඇරලා දාන කෙනෙක් නෙවෙයි. මම උඹට අනතුරු අඟවන්ටයි මේ කියන්නෙ. අපි කැමති වුනත් නැතත් කොයිවෙලාවක හරි වෘකයයි සිංහයයි එකාට එකා මරාගන්ට යනවා."
"ඉක්මන් වැඩී. ඉක්මන් වැඩී." අමුතු උච්චාරණයක් සහිත හඬ පැමිණිලි ස්වරයෙන් කීවේය. "මේ වෙලාවේ යුද්ධෙකින් ඇති පලේ මොකක්ද? අපි තාම සූදාණම් නැහැ නේ. පරක්කු කරපං."
"උඹ කියන්නේ මට කාලය නතර කරන්ට කියලද යෝධයෝ? මම මැජික්කාරයෙක් කියලා හිතුවද?"
අනෙකා කෙකර සිනාවක් පෑවේය. "වැඩි වෙනසක් නැහැනේ." ගිනිදළු සීතල සුලඟේ නැටුවේ ය. මේ වනවිට උසැති සෙවනැලි ඇය මතටම වාගේ වැටී තිබින. ඊළඟ මොහොතේ පන්දම අතින් ගත් පුද්ගලයා පසුපසින් සිටි ඔහුගේ සගයා ද සමගින් ඇගේ ඇසට හසුවන මානයට නැංගේය. බඩගාමින් පතල් මුවවිටින් ඈත් වූ ආර්යා මුනින් තලා වී බිත්තියට හේත්තු වූවාය. මිනිසුන් පඩිපෙළ මුදුනට එද්දී ඇය හුස්මක් අල්ලා සිරකරගත්තා ය.
Desmond: “Wizards die the same as other men, once you cut their heads off.”
Love the sayings forel uses for teaching. Very vivid and very well translated.
ReplyDeleteAnd, the way Arya using these lessons very practically...
Deleteඉස්සරහටත් එහෙම වෙයිලුද?
Deleteඉස්සරහටත් එහෙම වෙයිලු...:P
Deleteඕ යේ අාර්ය ත් අර බ්‍රැන් වගේමයි වැරදි වෙලාවෙ වැරදි .තැන
ReplyDeleteඅරය නං ඇට කටු කුඩු පට්ටාං කරං බේරුණා මෙයා මක්ක කරගයිද දන්නඍ
බලමු බලමු මක්කා කරගනියිද කියලා... :-)
Deleteකෙල්ලන්ට කොල්ලන්ට වඩා නුවණ තියෙනවලු මහේෂ්...:P
Delete@ආන්ටි පොඩ්ස්.
Deleteඉස්සර නම් කෙල්ලන්ගේ හැදිමිටේලුනේ තිබ්බය කියන්නේ..දැන් කොහෙද දන්නේ නෑ තියෙන්නේ..
කෙල්ලෙක් උනාම කොටි දෙනක් වගේ වෙන්නත් ඕනෑලු (හැබයි රෑට )
ReplyDeleteඒ කියන්නෙ පිරිමින්ට රෑට මැරුම් කන්ට වෙනවලුද? ;-)
Deleteහී හී...එතකොට දවල්ට?
Delete"stark in the streets , wildling between the sheets"
Deleteපුළුස්සපු වටුවො චිලී සෝස් එක්ක මාර රසයි.හැබැයි එකෙක් එක කටයි.
ReplyDeleteඔන්න හරියන කෑමක් හම්බ වෙලා තියනවා යන්තම්.
Deleteමටත් මාර සන්තෝසයක් දැනුනා හැමදාම බඩගිනියි කියලා කංකෙඳිරි ගාගෙන එන මනුස්සයාට අදවත් රහට කෑම කටක් දීගන්ට ලැබුන එක ගැන.. :-D
Deleteමට නම් අහිංසක වටු පැටව් ගැන දුක හිතුණා. එක කටට එකයිලුනේ...:(
Deleteආර්යා මොන මගුලක් කරනවාද මන්දා ?
ReplyDeleteකොහොම වෙතත් මම ආසම කෙලි පොඩ්ඩ...:)
කෙල්ල දස්සි..
Deleteනියමයි ආර්යා නියමයි , මගේ ඇඟට අමුතු පණක් ආවා අද කොටස කියවලා.
Deleteදැන් ඔයාට නිකං wonder woman වගේ දැනෙනවද? ;-)
Deleteහොඳ වෙලාවට මේක කොටස් වශයෙන් දැම්මෙ. මුලු කතාවම එක පාර කියෙවුවනං ඔයාට කොහොම පණ එයිද දන්නෙ නෑ. :-P
//ඔයාට කොහොම පණ එයිද දන්නෙ නෑ//
Deleteකරුමට මේක බවලත්තු යන එන තැනක් වෙච්චි, අනික බවලතෙකුටම කිව්ව වෙච්චි. නැත්තන් මගෙ කට...දියන් හැළපෙ චිලි සෝස් ඩිංගක් කටෙ උලා ගන්(ට)
එන්ට සිංහයෝ බෝතලයක්ම හලන්නම්. :D
Delete“Swift as a deer. Quiet as a shadow. Fear cuts deeper than swords.
ReplyDeleteQuick as a snake. Calm as still water. Fear cuts deeper than swords.
Strong as a bear. Fierce as a wolverine. Fear cuts deeper than swords.
The man who fears losing has already lost. Fear cuts deeper than swords.
Fear cuts deeper than swords. Fear cuts deeper than swords”
කටපාඩං කරනවද? :-P
Deleteහපොයි ඕක පාඩම කරගන ගොඩක් කල්. ඕකයි, අර කට්ටියගේ මෙව්වා එකයි දෙකම :D
Deleteමේ ටික නම් ලියන ගමන් පාඩම් වෙනවා. :)
Deleteමාත් හුස්ම නතර කරගෙනයි ඉන්නෙ.. ඉක්මණට ලියන්ට ඉතිරි එක..නැත්නං හුස්ම හිරවෙලා පණ යයි..
ReplyDeleteහා හා.. හුස්ම පාත දාලා ටිකක් රිලැක්ස් එකේ ඉන්ට. ඉතිරි ටිකනං ලියලයි තියෙන්නෙ, ඒත් පබ්ලිෂ් කරන්ට වෙන්නෙ සඳුදට නෙවැ.. :-)
Deleteහුස්ම ටික අල්ලගෙනම ඉන්ට සරත්. කොහෙවත් යවන්ට එහෙම එපා. :P
DeleteTo ඒක තමා මට මේ නිකමට හිතුනේ මැටි සන්සා වගේ නෙවි.. ආර්යා බැන්දොත් කොහොම වෙයිද? ඉස්පොයිල් නැත්නම් විතරක් කියන්න ආර්යා බන්දිනවද කවදා හරි ...burr
ReplyDeleteහපොයි! ඒකනං තාම මාර්ටින් ලොක්කාවත් දන්නෙ නැතුව ඇති.. :-D
Deleteහැව් අ තියරි :P
DeleteReally..!?
DeleteHave a theory abt everything :P . Most are crackpot.
Deleteමම නම් දන්නවා. ඒත් කියන්නේ නෑ. :P
Deleteඅදයි මේ පැත්තට ආවේ.. දැන් ඉතින් මුල ඉඳලම කියවගෙන එන්න වෙනවා.. :)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා අශාන්! :-)
Deleteරවිඳූගේ බ්ලොග් එක පැත්තේ ගියා. හරිම ලස්සන, ආසා හිතෙන කතා ගොඩක් තියෙන්නේ. විවේකීව ඔක්කොම පස්සෙ කියවන්ට ඕනේ. :)
Deleteෆොටෝ එකේ හැබැයි කතාවෙ තියෙනවට වඩා ආර්යාගේ ඇඳුම ලස්සනයි , සපත්තුත් දාලා :)
ReplyDeleteබළලගෙත් එක කනක් කොට නෑ නෙව :P ... මේව කියල දාන පින්තූරෙත් නැති වෙලා යයිද මන්ද :D
Deleteබළලා කළු පාටත් නෑ නෙවැ.. :-P
Deleteබොලවුනේ! ඕවා මට කියාන්ට එපාය. TV series එක හදාපු අර HBO කාරයින්ට කියාන්ටය. :-D
@සෝන්යා,
Deleteහොඳට බැලුවොත් පෙනෙයි ඒ කාලේ කුමාරියෝ ඇන්ද පිලිවෙලට මේ ඇඳුම් ලස්සණ නෑ කියලා.:)
ආර්යා සෑහෙන්න දියුණු වෙලානෙ. හොඳ ගුරෙක් හම්බුනාම එහෙම තමා.
ReplyDeleteමොනාද මේ කතා කිවුවලු.. :-D
Deleteමෙන්න මෙහෙම තමයි කෙල්ලෝ ඉන්ට ඕනි. :)
Deleteමාරයි නේ...? කතාව පැත්තකින් තියලා අර නාකි මනුස්සයා මේක ලියන හැටි ගැන කියවන්න ආසා හිතුණා... බලන්න ඕනේ ගූගල් කරලා...
ReplyDeleteදැන් මම මේ බ්ලොග් එක කියවන්නේ සති අන්තේ... එක පාර පෝස්ට් තුනක් තියෙනවා කමෙන්ටුත් එක්කම... පොපිමල් යුෂ කෑන් එකකුත් අරන් වාඩිවුනාම පැයක් හමාරක් ගතවෙනවා දැනෙන්නෙත් නෑ...
ඔය ඔක්කෝම කරන්ට කෑන් එකක් ඇතිද බං? :-O
Deleteඅපේ පැත්තේ පෙට්‍රල් දාන්න එහෙම ගන්න කෑන් වලට ලීටර් 5 විතර අල්ලනවා. එයින් එකක් වෙන්න ඇති....
Deleteඅපෝ එච්චර හොඳ නෑ... සික්ස් පැක් එක දියවෙනවානේ... :D මේකේ ලාවට පයින්ට්ටෙකක් තමයි තියෙන්නේ...
Deleteඒ කියන්නෙ මේව හොඳ සිහියෙන් ඉඳන් කියවන්න බැහැ!
Deleteඔය කලු පාට සත්තු සැරයි කියන්නෙ ඇත්තද? මොකද මගේ කලු හාවෙක් ඉන්නවා යකෙක් වගේ. පුදුම නපුරු කමක් තියෙන්නෙ.
ReplyDeleteඔවු ඔවු.. ඔය කළු පාට සමනල්ලු ගාවින් එහෙම යද්දි පරිස්සමින්.. ;-)
Deleteකලුපාට හැම එකම සැරයිලු. අහලා නැද්ද කලු කෙල්ලෝ සිරියාවයිලු. කලු කොල්ලෝ හරිම වසයිලු කියලා. :P
Delete:o
Deleteකළු පාට සමනල්ලු කියන්නේ මොනවා හරි metaphor එකක් ද ?
Deletebecause i read something in "god of small things" about black moths. do they signify anything like madness or lust ?
කළු සමනල්ලු කියන එකනං මම නිකමට ලිවුවේ. ඒත් black moths ලා ගැන නං එක එක විශ්වාස තියෙනවලු, විශේෂයෙන්ම ලතින් අමෙරිකන් කලාපයේ. මෙයාලා පිළිගන්නෙ මරණයේ දූතයෙක් විදියටලු. අසනීපෙන් ඉන්න කෙනෙකුගෙ කාමරේට black moth කෙනෙක් ආවොත් ලෙඩා මැරෙනවලු. මෙයාලව black witch moth කියලත් හඳුන්වනවලු. :-)
Deleteආර්යා.. මගේ ස්වීට් කෙල්ල..
ReplyDeleteඔයාගේ? ඔව් ඔව්...ඔයත් චූටි එක්කෙනෙක්නේ...
Deleteවලියකට ආසිරි...
ReplyDeleteහැකි පමණින් තුවක්කු සපයන්ට. :D
Delete