පාලමට උතුරින් ගංඉවුරේ ඉන්නා රොබ් ද, ඒ අසලම තවමත් අසු පිට සිටින ජොන් ද ඔවුන්ට හමුවිය. මෙවර ගිම්හානන්තයේ හිම වෙනදාට වඩා වැඩියෙන් වැටී තිබින. දණක් උසට වැටුනු හිම ගොඩ අතරේ සිට ගෙන සිටි රොබ් කුමක්දෝ දෙයක් පපුවට තුරුළු කරගෙන සිටියේ ය. ඔවුන් දෙදෙනා උද්‍යෝගිමත් එහෙත් මැඩගත් ස්වරයෙන් කතා කරනු පැමිණි පිරිසට ඇසුනි.
පිරිමි ළමුන් දෙදෙනාට මුලින්ම සමීප වූයේ පිරිසේ ඉදිරියෙන්ම සිටි ජොරී කසල් හා තියන් ග්‍රේජෝයි විය. මෙතෙක් වේලා සිනාසෙමින් විහිළු කරමින් පැමිණි ග්‍රේජෝයි ගේ මුවින් විස්මයාකෘත හඬක් නැංවෙනු බ්‍රැන්ට ඇසුනි. "දෙයියනේ!" ඔහු කෑගැසුවේ තම අසු පාලනය කරගැනීමට යත්න දරන අතරේ අසිපත වෙතට අත යවමිනි.
ජොරීගේ අසිපත මේ වනවිටත් කොපුවෙන් පිටතට පැමිණ තිබිනි. "රොබ් උගෙන් ඈත් වෙන්ට." ඔහු කෑ ගැසීය.
තමා අතේ තිබුනු පොදියෙන් දෑස් ඉවතට ගත් රොබ් ඉහළ බලා විරිත්තුවේය. "ඌට අපට හානියක් කරන්ට බෑ. ඒකි මැරිලා ජොරී."
මේ වන විට කුතුහලය විසින් බ්‍රැන් ගිනිගෙන දැවෙමින් තිබිනි. ඔහුට සිය පෝනියා ඉදිරියට මෙහෙයවීමට උවමනා වුවත් පාලම අසල අසුන් නවතා පා ගමනින් යන්නැයි පියා ගෙන් විධානයක් ලැබිනි. අසුගෙන් බිමට පිනූ බ්‍රැන් ඉදිරියට දිව ගියේය.
ඒ වනවිට ජොන්, ජොරී හා තියන් යන සියල්ලෝම අසුන්ගෙන් බිමට බැස තිබින. "මොන අපා හතෙන් එකක්ද ඒ?" තියන් ඇසුවේය.
"වෘකයෙක්." රොබ් පිළිවදන් දුනි.
"විකෘතියක්. බලන්ට උගේ ලොකු."
ඉණ තෙක් උසැති හිම ගොඩ අතරින් තම සොයුරන් වෙත ලංවෙද්දී බ්‍රැන් ගේ හදවත මුවින් එළියට පනින තරමේ වේගයකින් ගැහුනේය.
රුධිරයෙන් රතු පැහැ වූ හිම ගොඩේ දැවැන්ත අඳුරු පැහැති වස්තුවක් අඩක් එරී තිබුනි. එහි අළු පැහැති දළ ලෝමයන් මත හිම මිදී තිබූ අතර එයින් යාන්තමට කුණුගඳක් වහනය විය. දෑස් වල ඉහඳ පනුවන් පිරී තිබුනු අතර විශාල මුවේ කහ පැහැති දත් දෙපෙලක් දැකිය හැකි විය. නමුත් ඔහු තිගැස්සුනේ මේ කිසිවක් නිසා නොව එහි විශාලත්වය නිසාය. එය ඔහුගේ පෝනියාටත් වඩා විශාල විය, සිය පියාගේ දඩයම් බල්ලන් අතරින් විශාලතම එකාටත් වඩා දෙගුණයක් විශාල විය.
"ඌ විකෘතියක් නෙවෙයි." ජොන් සන්සුන් ස්වරයෙන් කීය. "ඌ ඝෝරවෘකයෙක්. උං සාමාන්‍ය වෘකයින්ට වඩා ලොකුවට හැදෙනවා."
"ප්‍රාකාරයෙන් මෙපිට ඝෝරවෘකයෙක් දැකලා නෑ අවුරුදු දෙසීයකින් මෙහා." තියන් කීය.
"මං දැන් ඉන්නෙ උං එකෙක් දිහා බලාගෙන තමා." ජොන් පිළීවදන් දුනි.
මේ රාක්ෂයාගෙන් දෑස් ඉවතට ගත් බ්‍රැන් පළමු වරට රොබ් ගේ අතේ ඇති පොදිය පැහැදිලිව දුටුවේය. සතුටින් හඬක් නැගූ ඔහු රොබ් වෙතට සමීප විය. තවමත් දෑස් නෑරිය වෘක පැටවා පුංචි කළු-අළු පැහැ බෝලයක් මෙන් දිස් වුනි. ඌ සිහින් කෙඳිරියක් නගමින් තව තවත් රොබ්ට තුරුළු වී ඉව ඇල්ලුවේ හරියට ඔහුගෙන් කිරි බොන්නට තැත් කරන්නාක් මෙනි. බ්‍රැන් ආශාවෙන් එහෙත් දෙගිඩියාවෙන් එදෙසට අත දිගු කලේය. "එන්ට." රොබ් කීය. "ඔයාට ඌව අල්ලන්ට පුළුවන්."
වෘක පැටවා යාන්තමට අත ගෑ බ්‍රැන් ආපසු හැරුනේ ජොන් ගේ කටහඬ ඇසීමෙනි. "මෙන්න." ඔහුගේ අර්‍ධ-සොහොයුරා ඔහු අත තැබුවේ තවත් වෘක පැටවෙකි. එතැනම බිම හිමගොඩේ වාඩිවුනු බ්‍රැන් පැටවා තම මුහුණට තුරුළු කර ගති. උගේ ලෝම සිනිඳු උණුසුම් බවකින් යුතුව ඔහුගේ කම්මුලට දැනුනේය.
"අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් ඝෝරවෘකයො නිදැල්ලෙ යන්ට පටන් අරන්." හලන් - අසුන් බාරකරුවා - කටුකුටු ගෑවේය. "මං එච්චර කැමති නෑ මේ වැඩේට."
"ඒක සලකුණක්." ජොරී කීය.
"මේ මැරිච්ච සතෙක් ජොරී." පියා රැවුම් මුහුණකින් යුතුව කීවේය. එනමුත් ඔහුගෙන් දිස් වූයේ කරදරයකට පත් වූ පෙනුමකි. ඔහු පරීක්ෂාකාරී බැල්මෙන් සතා ගේ දේහය වටා ඇවිද්දේය. "අපට හොයාගන්ට පුළුවන්ද ඇයි මේකි මැරිලා තියෙන්නෙ කියලා?"
"උගේ උගුරෙ මොකක්දෝ ඇනිලා තියෙනවා." රොබ් කීය. "අර තියෙන්නෙ, යටි හනුවට පොඩ්ඩක් පහතින්..."
බිම දණ ඇනගත් පියා සතාගේ බෙල්ලට යටින් අත රිංගෙවුවේය. ඊළඟ මොහොතේ අත ගස්සා ඉස්සූ ඔහු සැමට පෙනෙන පරිද්දෙන් එය ඉහළට එසවීය. ඒ රුධිරය නිසා රත් පැහැ වූ, අඩියක් පමණ දිග මුව අං කැබැල්ලකි. පිරිස අතරේ පැතිර ගියේ හදිසි නිහඬතාවකි. සියළුදෙනාම නොසන්සුන් අයුරින් මුව අං කැබැල්ල දෙස බලාසිටිය මුත් එකෙකුවත් කතා කිරීමට කට ඇරියේ නැත. බ්‍රැන්ටත් ඔවුන්ගේ භීතිය හැඟුනත් ඒ ඇයි කියන්නට ඔහුට නොතේරින.
මුව අං කැබැල්ල ඉවතට වීසි කර දැමූ පියා හිමෙන් දෑත පිසදා ගත්තේය. "මට පුදුම මේකි පැටවු දානකං ජීවත් වෙච්ච එක ගැනයි."
"සමහරවිට එහෙම නොවෙන්ටත් පුළුවන්." ජොරී කීය. "මං කතා අහලා තියෙනවා.... සමහරවිට පැටවු එළියට එනකොටත් මේකි මැරිලා වෙන්ට ඇති."
"මළමිනියකින් ඉපදුන එවුන්." තවකෙකු කීවේය. "ඒක නරක ලකුණක්."
"මොනා වුනත් කමක් නෑ. උනුත් ඉක්මනටම මැරෙන්ටයි යන්නෙ." හලන් කීවේය.
බ්‍රැන් කැළඹුනු සිතින් අව්‍යක්ත හඬක් නැගීය.
"ඉක්මන් කරපු තරමට හොඳයි." තියන් ග්‍රේජෝයි අසිපත ඇදගත්තේය. "ඔය සතාව මෙහාට දෙන්ට බ්‍රැන්."
පැවසූ වදන් තේරුනාක් මෙන් පුංචි පොදිය නොසන්සුන්කමින් දැඟලුවේය. "බෑ!" බ්‍රැන් සැඩපරුෂ ස්වරයෙන් කෑ ගැසීය. "ඌ මගේ."
"උඹේ කඩුව පැත්තකට දාපං ග්‍රේජෝයි." රොබ් පැවසීය. මොහොතකට ඔහුගෙන් පළවුනේ පියාගේ බඳු විධානාත්මක ස්වරූපයකි. "අපි මේ පැටවු තියාගන්නවා."
"ඔයාට ඒ වැඩේ කරන්ට බෑ දරුවො." මෙසේ කීවේ හලන් ගේ පුතා හාර්වින්ය.
"උංව මරලා දාන එක උංට කරන උදවුවක්." හලන් කීය.
සහනයක් පතා බ්‍රැන් සිය පියා දෙස බැලූ මුත් ඔහුට හිමිවූයේ රැවුම් මුහුණක් පමණි. "හලන් කියන්නෙ ඇත්ත පුතා. උංට බඩගින්නෙයි සීතලෙයි මැරෙන්ට අරිනවට වඩා හොඳයි එකපාරින් මරලා දාන එක."
"නෑ!" තම දෑස් පුරා කඳුළු ගලා එන බව දැනුනු බ්‍රැන් ඉවත බලාගත්තේය. සිය පියා ඉදිරිපිට හැඬීමට ඔහුට අවශ්‍ය වූයේ නැත.
රොබ් මුරණ්ඩු අයුරින් විරුද්ධත්වය පෑවේය. "සෙර් රඩ්‍රික් ගෙ රතු බැල්ලි ගිය සතියෙ ආයෙමත් පැටවු දැම්මා. පැටවු දෙන්නයි ජීවත්වෙලා ඉන්නෙ. ඒකිට ඇතිවෙන්ට කිරි තියෙනවා."
"ඒකි මුංව කෑලි කෑලිවලට ඉරලා දායි."
"ස්ටාර්ක් උතුමානෙනි." ජොන් කීවේය. ඔහු සිය පියාට මෙසේ චාරිත්‍රානුකූලව අමතනු ඇසීම නුහුරු දෙයකි. බ්‍රැන් ඔහු දෙස බැලුවේ බලාපොරොත්තු සහගත දෑසිනි.
"මෙතන පැටවු පස් දෙනෙක් ඉන්නවා. පිරිමි තුන්දෙනයි, ගෑණු දෙන්නයි."
"මොකක්ද එතන තියෙන විශේෂත්වය ජොන්?"
"ඔබට සහජාත දරුවො පස්දෙනෙක් ඉන්නවා. පුත්තු තුන්දෙනයි, දුවලා දෙන්නයි. ඝෝරවෘකයා කියන්නෙ ඔබේ වංශයේ සලකුණ. මේ පැටවු ඇවිල්ලා තියෙන්නෙ ඔබේ දරුවන්ට හිමි වෙන්ටමයි මගෙ උතුමානෙනි."
සිය පියාගේ මුහුණ වෙනස් වී යනුත් අන්‍යයන් එකිනෙකා ගේ මුහුණු බලාගනුත් බ්‍රැන්ට පෙනුනි. ඒ මොහොතේ ඔහු තුළ ජොන් පිළිබඳ මුළු ලෝකයටත් වඩා ආදරයක් පහළ විය. වසර හතක් වැනි කුඩා වයසක දී වුවත් ඒ මොහොතේ තම අර්‍ධ-සොහොයුරා කල පරිත්‍යාගය ඔහුට තේරුනි. වෘක පැටවුනුත් ස්ටාර්ක් දරුවනුත් හරියටම සමපාත වූයේ ජොන් තමා විසින්ම තමාව පවුලෙන් ඉවත් කල බැවිනි. ඒ වෙනුවට ඔහු ගැහැණු දරුවන් හා පුංචි අත දරුවකු වන රිකන් පවා ඊට ඇතුළත් කලේය. එහෙත් ස්නෝව් වාසගම - අවජාතකයින්ට උතුරුකරයේ දී පොදුවේ ලැබෙන වාසගම - හිමි තමාව එයින් ඉවත් කලේය.
ඔවුන් ගේ පියා මේ සියල්ලම තේරුම්ගත් බවක් පෙනුනි. "ඔයාට පැටියෙක් ඕන නැද්ද ජොන්?" ඔහු මෘදු අයුරින් ඇසීය.
"ඝෝරවෘකයා සරසන්නෙ ස්ටාර්ක් වංශයෙ කොඩිය. මං ස්ටාර්ක් කෙනෙක් නෙවෙයි තාත්තෙ."
ජොන් පැවසූ දේ ගැන පියා ගැඹුරින් සිතා බලන බව පෙනෙන්නට විය. රොබ් ඒ නිහඩතාව බිඳ දැම්මේය. "මේ පැටියට මමම සාත්තු කරන්නං තාත්තෙ. මං පොඩි තුවා කෑල්ලක් උණු කිරිවලින් පොඟවලා මූට උරන්ට දෙන්නං." ඔහු පොරොන්දු විය.
"මාත් එහෙම කරනවා." බ්‍රැන් ප්‍රතිරාව නැංවීය.
වංශාධිපතියා දිගු වේලාවක් සිය දෑසින් තම පුතුන් දෙදෙනා කිරා මැන බලන්නට විය. "කියන්ට ලේසියි, කරන්ට අමාරුයි. ඔයාලා මේ සත්තු වෙනුවෙන් සේවකයන්ගෙ කාලෙ නාස්ති කරනවා දකින්ට මට ඕන නෑ. ඔයාලට මේ පැටවු ඕන නං ඔයාලම උංට සාත්තු කරන්ට ඕන. තේරුනාද?"
බ්‍රැන් උනන්දුවෙන් හිස සැලීය. ඔහුගේ දෑත තුළ එහා මෙහා වුන පැටවා තම උණුසුම් දිවෙන් ඔහුගේ මුහුණ ලෙව කෑවේය.
"ඒ වගේම ඔයාලා උංව පුරුදු කරන්ටත් ඕන. ඔයාලා විසින්ම උංව පුරුදු කරන්ට ඕන. බල්ලො බලාගන්න කෙනාව මේකට ගාවගන්ට බෑ. ඔයාලා උංව නොසලකා ඇරියොත් හරි උංට වද දුන්නොත් හරි උංව නරක විදියට පුරුදු කලොත් හරි මං ඒකත් බලාගන්නං. මුං බල්ලො නෙවෙයි. ඒක නිසා බල්ලො වගේ කෑමකට නැට්ට වනන්ටයි පයින් පාර කාලා දුවන්ටයි මුංව පුරුදු කරන්ටත් බෑ. සාමාන්‍ය බල්ලෙක් මීයෙක් මරලා දානවට වැඩිය ලේසියෙන් ඝෝරවෘකයෙකුට පුළුවන් මිනිහෙකුගෙ අතක් උරහිස ළඟින් වෙන් කරන්ට. ඔයාලට හොඳටම විශ්වාසද මුංව ඕන කියලා?"
"ඔවු තාත්තෙ." බ්‍රැන් පැවසීය.
"ඔවු." රොබ් එකඟ විය.
"ඔයාලා කොහොම මොනා කලත් මේ පැටවු මැරෙන්ටත් පුළුවන්."
"උං මැරෙන්නෙ නෑ." රොබ් කීය. "අපි උංට මැරෙන්ට දෙන්නෙ නෑ."
"එහෙමනං උංව තියාගන්ට. ජොරී, ඩෙස්මන්ඩ්, අනිත් පැටවු ටික එකතු කරගන්ට. අපට වින්ටර්ෆෙල්වලට යන්ට කාලෙ හරි."
පාලමේ මැදක් හරිය පසුකරද්දී ජොන් හදිසියේම නැවතුනි.
"මොකක්ද ජොන්?" ඔවුන්ගේ පියා ඇසීය.
"ඔයාලට ඒක ඇහෙන්නෙ නැද්ද?"
සුළඟට ගස් සෙලවෙන හඬත්, පාලමේ අසු කුර ගැටෙන හඬත් තම වෘක පැටවා කුසගින්න නිසා නගන කෙඳිරියත් බ්‍රැන්ට ඇසුනි. නමුත් ජොන් කණ් දුන්නේ ඒ කිසිවකට නොවේ, වෙන මොන යම් හෝ දෙයකටය.
"අන්න අතන." ජොන් කීය. අසු ආපසු හරවාගත් ඔහු නැවතත් පැමිණි දිසාවටම පිම්මේ ගියේය. ඝෝරවෘකයා මිය ගොස් සිටි ස්ථානයේදී ඔහු අසු පිටින් බසිනවාත් හිම ගොඩේ දණ බිම ඇනගෙන කුමක්දෝ සොයනවාත් ඔවුන්ට පෙනිනි. මොහොතකට පසු ඔහු නැවත ඔවුන් වෙතට පැමිණියේ සිනහවෙමිනි.
"ඌ අනික් පැටවුන්ගෙන් ඈතට ගාටගෙන ගිහිල්ලා."
"එහෙමත් නැත්තං අනික් පැටවු ඌව එලවලා දාලා." ඔවුන්ගේ පියා කීවේ සයවැනි වෘක පැටවා දෙස බලමිනි. අනිත් පැටවුන් අඳුරු පැහැති වූවද මූ හිම මෙන් සුදු පැහැ විය. උගේ දෑස් රතු පැහැයෙන් දිලිසුනේ හරියටම අද උදෑසන ගෙල කපා දැමූ මිනිසාගෙන් ගැලූ රුධිරය මෙනි. අනිත් පැටවුන් තාමත් දෑස් හැර නැති විට මේ පැටවා පමණක් දෑස් හැර තිබීම ගැන බ්‍රැන් ගේ සිතේ ඇති වූයේ කුතුහලයකි.
"ඇලි එකෙක්." තියන් ග්‍රේජෝයි කීවේ කුරිරු සතුටකිනි. "මූ මැරෙයි අනිත් එවුන් හැමෝටම කලින්."
ජොන් ස්නෝව් ඔහු දෙසට හෙලුවෙ ඇඟ සීතල කරවන අන්දමේ බැල්මකි. "මං හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා ග්‍රේජෝයි. මේ පැටියා අයිති මටයි."
Jon Snow: “The direwolf graces the banners of House Stark. I am no Stark, Father.”
ඝෝරවෘකයා Direwolf සදහා! ලගදී දැක්ක හොදම නව වචන නිර්මාණයක්.
ReplyDeleteමේ පෝස්ට් එකත් ඉස්සර එකට වඩා හොදයි. Well done Buratheno!
මේ නිකම් අහන්ට හිතුන. මේ පරිවර්තනයෙ P මොනවද කරන්නෙ? කැන්ඩියන් සින්හල කෑලිද?
මේ පෝස්ට් එක ඉස්සල්ලා එකට වඩා හොඳයි. කවුරු ලීවා කියලද ප්‍රා හිතන්නේ? :P
DeleteBuro, i think u better reply to this comment :)
(හැබැයි බූරා ලියද්දි, පොඩ්ඩි රොස් පරිප්පු එක්ක බත් උයලා ක්වන ඒවා කියන්ට බෑ හොඳේ...) :D
Oh, the improvement was due to a fairer hand wielding the pen , sorry, tapping the keys! අයියෝ බුරතීනෝ, ඔහොම ගියොත් මොකෙක් හරි අහින්සක පක්ෂියෙක් මේකෙ වහයිද දන්නෙත් නැහැ ;-D
Deleteහපොයි මගේ අහිංසක පක්ෂියා....ඔක්කොම විහිලු හොඳේ. ගනන් ගන්ට එපා...:D:D
Delete//ඔක්කොම විහිලු හොදේ//
Deleteමට කියල වැඩක් නැහැ ඔය බුරතීනෝ, නිලමෙල, අප්පොලට කියන්න. නැත්නම් බස්සට පයින් තමයි ඉගිල්ලෙන්න වෙන්නෙ (සොරි, ඉගිල්ලෙන්ට වෙන්ටෙ ) :-D
@ Pra Jay,
Deleteමේ කතාවෙ හැම කොටසක්ම පරිවර්තනය වෙන්නෙ අපි දෙන්නගෙම උත්සාහයෙන්.. ඒක නිසා මම හිතන්නෙ ඒක Well Done Both! විය යුතුයි කියලයි.. :-)
මේ ඝෝරවෘකයින් වැනි රුදුරු වනසතුන් ඉන්න වනාන්තරේ අහිංසක පක්සියෙක් කෙසේ නං දිවි රැක ගන්නද පිංවතුනි? කලිනුත් "අනිකා" සහ "අනිකී" , දඩයමේ ගියා. උන් ආවෙ විනිවිද පෙනෙන තුනී පළිඟු "කඩු" වන, වන. එය තනිකරම සීතල බකුසු ඝාතනයක් විය .
Deleteබස්සො ඝාතනය කරන්ට පළිඟු කඩු මොකටැයි.. තනි තට්ටෙන් අයන්වුඩ් ගහක එල්ලලා බොක්සිං ගැහුවත් ඇති.. :-P
Delete@ Pra Jay,
නිකංම නිකං Buratheno නෙවෙයි, ටිකක් ගරු නම්බු දීලා කතා කොරන්ට.. දැන් මම 'Ser Buratheno'.. Bura the Bold කියලත් කියනවා.. ;-)
ඔව්, වොව් ප්‍රා- ජේ කුරුතඥ්ඥ වෙයං. :)
Deleteඅර "සෑර් බුරතීනෝ" කියන්න ගියාම නිකං හොට පැටලෙනෙව, පැටලෙනව වගේ නෙව. අපි " Bura the Bold" කියඤ්ඤං. ඈ, ආයිබෝං , දැන් ඔතන "Bold" කීවෙ, අර රට්‍ටු කියන... නෑ එක්කො ඕනැන්නෙ නෑ. මොකටෑ මේ මයෙ යස අගේට තියෙන තටු දෙක සවුත්තු කර ගන්නෙ ? :)
@අහිංසක බස්සා,
Deleteඅර උඩ කඩු වන, වනා බසු සංහාරය කරන කමෙන්ට් එක මතක් වෙන ගානට මට හිනායනවා...ගස් උඩ ඉන්න බස්සෝ අල්ලන්ට බිම දිගේ කඩු වන, වනා ගිහින් හරියයිද?
ඇත්තට ඒ කතාව පොතක් කලොත් හොඳ නමක් නම් ඔලුවට ආවා...'තනි තටුවෙන් පියෑඹීම' :D
B, P and DGMB,
Deleteමේක ලියල ඉවර වෙනකොට Ser Buratheno කොහොමත් Bura the Bald වෙලා තියෙයි !
හවසට අනිත් කෑල්ල දානවද..? :D
ReplyDeleteහවසට??? කීයට විතරද? :D
Deleteමාර මලයෝ හවසට දාන්නේ වෙන කැලි වෙන්ටෝනෑ.
Deleteඑන්න එන්නම ලියන රටාව ලස්සන වෙනව. ඔය ටයන්න හලන්ටම බැරිද ආ :D
ReplyDeleteටයන්න තිබ්බට කිසිම හානියක් නෑ නමුත් පොදුවේ හැමෝම වහරන විදිහට තියන්න පුළුවන් වුනා නම් තවත් අගෙයි කියල හිතුන. ටයන්න ඇතුව හෝ නැතුව මේක ලියල කියවන්න දෙන එකට බොහොමත්ම ස්තුතියි :)
අනේ රන්වන්.....:D
Deleteහා හා එහෙනම්. පොඩ්ඩිගෙ අනන්‍යතාවයනෙ ඉතින්. වෙනස් කරන්නෙ කොහොමද නේ.. :P
Deletethanks Ran...:)
Deleteහනික හනික ලියන්ට වේවි බුරා සහ පොඩ්ඩි.නැත්නං කොච්චර කල් කියල ලියන්නද.
ReplyDeleteඑයැයි 'Bura the Bold" වෙනකම්ම ලියනවා කියන්නෙ :)
Delete@හැලපේ,
Deleteහනි හනිකට...??? අපිට දැන් වෙන මුකුත් කරන්ට වෙලාවක් නෑ හැලපයෝ...:)
@අහිංසක බස්සා,
Delete‘Ser Buratheno…Bura the bold’ ට මෙහෙම කියනවද? :D
හම්මෝ වෘකයෝ.. මම නම් එච්චර ආස නෑ... හැබැයි, බල්ලෝ පරිනාමය උනෙත් උන්ගෙන් කියනවනේ.. ඇලි සත්තු සමහර වෙලාවට අනික් සත්තුන්ට වඩා ශක්තිමත් කියනවා.
ReplyDeleteඔන්න දැන් තමා කතාවේ රහ වැටුනේ...
මටත් පොතේ රහ වැටුනේ මේ හරියෙදි. මම නම් වෘකයින්ට ආසයි. වැම්පයර් කට්ටියට ඊට වඩා ආසයි.:)
Deleteකතාව රසවත් ලියමු ලියමු අපි ඉන්නවා කියවන්න....ඇලි පැටියා = අර්ධ සහෝදරයා මාර සංකේතයක්නේ
ReplyDeleteඔය ගොඩක් වචන එන්නේ බූරාට. මම මොනා කීවත් ඉතින් සමහර වෙලාවට වැරදිලු.:)
Deleteකොටස් දෙකක් ගොඩගැහෙන්න නොදී මේ පාර කියෙව්වා. ගලා ගලා යයි.
ReplyDeleteඒක නෙමේ මේ චරිත හඳුනාගන්න කියලා දාලා තියෙන වැඩේ හොඳයි. අදයි දැක්කේ. ඒක පහසුවක්.
Deleteප්රධාන චරිත ටික අඳුන ගත්තාම හරි අරූ...:)
ආහ් බූරානිස් ලියන බ්ලොග් එකක්... ! මගේ උත්සහාය යම් පමණකට සාර්තක වීදෝ !!!
ReplyDeleteපස්සෙ එන්නම් කතාව කියවන්න.. මේ දවස් වල මම හරි බිසී...
ඔයා බල කල හින්දා තමයි මේ. නැත්නම් අපි කියන ඒවා අහන කෙනෙක් නෙමේ මේ බූරා...:D
Deleteඅනේ මම උන්දැට බල කළේ කොයි කාලෙද ? මේනම් වෙන බලකිරීමක ප්‍රතිඵලයක්..
Deleteඉක්මන්ටම දානවා, එක නිසා අමතක වෙන්නෙ නෑ චරිතවල්, ස්තුතියි ඔයාලා දෙන්නටම.
ReplyDeleteඒ වගේම ඔයාටත් ස්තූතියි ඇවිත් කියවනවට. එහෙම ඇවිත් බලනකොට, කමෙන්ට් කරනකොට ලියන්ට හිතෙනවා...:)
Deleteමං කොල්ලා කාලේ කන්පීතර පාඩමක් ඉගෙන ගනිද්දී මට මතකයි ඒ සර් ඉගැන්නුවා යමක් (යූසර් රික්වායමන්ට් එකක් වෙන්ඩ ඕනේ) තේරුම් ගනිද්දී එන එක එක අවස්තා ගැන.. මතක විදියට මේ වගේ...
ReplyDelete- පලවෙනි අවස්තාව උබට ඒ ගැන ලාවට අදහසක් තියෙනවා...
- ඊලඟට උබ ඒ ගැන ප්‍රශ්න අහන්න ගත්තම අර ලාවට තිබුන අදහසත් පැටලිලා මොකුත්ම තේරෙන්නේ නැතුව යනවා
- ඊලඟට ඔන්න ආයෙත් ටික ටික තේරෙන්න ගන්නවා
- ඊලඟට හොඳටම තේරෙන්න ගන්නවා, කොච්චර තේරුනාද කිව්වොත් උබට හිතෙනවා දැන්නං සේරම තේරුනා කියලා
- ඊටත් පස්සේ අවස්තාවක් එනවා කවදාවත් තේරුම් ගන්න බැරි පුංචි දේවල් ටිකකුත් ඉතුරුවෙලා තියෙනවා කියලා තේරෙනවා...
මේ කතාවේ මම දැන් ඉන්නේ ඔය කියන දෙවනි අවස්තාවේ වෙන්ඩ ඕනේ... :D මොනාවුනත් දැන් මේ බ්ලොග් එක කියවන එක ප්‍රදාන රාජකාරියක් වෙලා... ඔහොම යන්...
එක, දෙක සහ තුන අවස්ථාවල.
Deleteඅයි බිලීව් ඉන් ලෝඩ් ඔෆ් ලයිට්, වේතාලයා ඇන්ඩ් ද ඝෝරවෘකයා.. ආමේන්
@බීටලේ,
Delete'මං කොල්ලා කාලේ' ඔයා දැන් කොල්ලෙක් නෙමේද? :D
ආහ් දැන් ඔක්කොම පැටලිලා තියෙන අවස්තාවද? මට නම් කතාව පැහැදිලි වෙන්ට පටන් ගත්තේ ඇත්තටම මේ හරියේ ඉඳන්. අර මුල ටික කීප පාරක්ම කියවන්ට වුණා...
@අහිංසක බස්සා,
Deleteබස්ගේ මුල කමෙන්ට් එක තේරුණා. මේක නම් තේරෙන්නේ නෑ.:)
කතාවේ ඇති ආකර්ශණය නිසා ඇති වෙන හැම ප්‍රශ්ණයකටම, " ප්‍රායෝගික" පිලිතුරක් සෙවීමට යෑම ස්වාභාවික ක්‍රමය මමත් අනුගමනය කලෙමි. අසාර්ථක වෑයම් කීපයකට සසු සහ බීටලේගේ ගුරුතුමාගේ පැහැදිලි කිරීමෙන් පසු නිගමනය කලේ, මෙය fantasy genre කතාවක් බවත් එවැනි කතාවල ඕනෑම දෙයක් සිදුවිය හැකි. බවත් අමතක නොකල යුතු බවය
Deleteඑසේ කිරීමට යම් අපහසුතවයක් ඇති කල්හී , කොන්ස්‍ෆිරසි තියරි වර්ගයේ , හිතට ගැලපෙන හේතුවක් සාදා ගැනීමේ ක්‍රමය අනුගමනය කල හැක:
විස්වාසයට කඳු සෙලවිය හැකියැයි කතාවක් ඇති අතර, එය එසේනම් විස්වාසයට වෘකදෙනක් තාප්පයකින් මෙහාපැත්තට ගෙන ඒමට එතරම් අපහසුවිය නොහැක.
( fantasy යනු කුමක්දැයි කියා අප සැවොම දනිමු. එයට හරි හමන් සිංහල වචනයක් නැත. උපකල්පිත/ මනස් ඍෂ්ටි යන වචනවලින් එහි තේරුමට සාධාරණත්වයක් ඉටුවේ යැයි නොසිතමි)
මේවා පොඩ්ඩිලාගෙන් බුරාලාගෙන් අහලා වැඩක් නෑ බස්සෝ...මොකක් හරි ගැටයක් ගහයි... :D
Deleteඔය ප්‍රශ්නේ ඇහුවානම් වෙන විදිය මම ටක්කෙටම කියන්නද..?
බස්සා : "දැන් මෙච්චර ලොකු තාප්පෙන් ඇතුළට වෘකදෙනක් ආවේ කොහොමද?"
පොඩ්ඩි : "අයියෝ ඒකවත් තේරෙන්නේ නැද්ද මුවා ආව තැනින්ම තමයි වෘකදෙනත් එන්න ඇත්තේ..."
බස්සා : "එතකොට මුවා ආවේ කොතනින්ද..?"
පොඩ්ඩි : "වෙන කොහෙන්ද ඉතින් වෘකදෙන ආව තැනින්ම වෙන්ඩැති..."
බස්සා : "#$#@"
D :D :D
fantasy = සිහිනය
Deleteසිහිනයක් තුළ ඕනෑම දෙයක් සිදුවිය හැක. fanatasyයක් තුළද ඕනෑම දෙයක් සිදුවිය හැක.. :-)
"Does our world consist of real things, or are we encircled by the mind?" - George Berkeley
"I am a dreamer. Seriously, I'm living on another planet" - Ace Ventura
Delete@බීටලේ
Deleteඅහලා වැඩක් නෑ නේන්නං, ඊට හොඳා හොට බිම උලා ගන්නව :)
අර පේන්නෙ නැත්ද විචාරක තුමාගෙ ඉල්ලීමට, යස අගේට උත්තර බැඳලා තියෙන්නෙ " ටයිප් කරන්ට" කියලම :)
බස්...හීනලෝකය හා සැබෑ ලෝකය අතර වෙනසක් නෑ. හීන දැක්කාම ඒවා සැබෑ කරගන්නවා...එතකොට හීන ලෝකෙන් හැබෑ ලෝකෙට එනවා. ඊට පස්සේ ආයෙම හීන ලෝකෙට යනවා...ආයෙම හීන දකිනවා...හීන හැබෑ කරගන්නාවට කියන්නේ ජීවත්වීම කියලා. මේක හොයාගත්තේ පොඩ්ඩි විහින්මයි. :D
Delete@බීටලේ,
Deleteඔය පොඩ්ඩි හා බස්සා අතර දෙබසක්නේ. හොඳයි අපි මෙහෙම හිතමු. ' honey bee' කෙනෙක් හා 'මලක්' අතර ඔය කතාව ඇති වුනොත් කොහොම වෙයිද? :)
මලක් හා මීමැස්සෙක් ? චෑ, චෑ එව්ව නං ඔය ඕන මල් පත්තරේකින් හොයා ගන්න බැරියෑ? මං දෙඤ්ඤං ඝෝරවෘකයා හා වේතාලයෙක් අතර දෙබස:
Deleteවේතාලයා : මචං ඝෝරෙ, අරයා කියන්නෙ හීන ලෝකෙ හා සැබෑ ලෝකෙ අතර වෙනසක් නෑ කියලා . අර කියන්නෙ හීනවල දකින එව්වා සැබෑ කරගන්න පුළුවනි කියලා
ඝෝරවෘකයා: හහ්, උන්දැගෙ හිතේ ඇති හැමදාම හීනවල මල්, මී මැස්සොම දැක, දැක ඉන්න. ඔන්න ගොයියෝ අපේ චෑන්ස් එක. මොනව කරල හරි අපි දෙන්නත් රිංග ගමු ඔය හීනෙකට
වේතාලයා: ආන්න ජන්සන්. ඔන්න මෂ්ෂිනා කරනව නං වැඩේ. මාත් මේ පුදුම බඩගින්නකින් ඉන්නෙ. මේ ලෝකෙට ආපු ගමන් කොනක හිටන් කාගෙන, කාගෙන යනවා
කතාව වගේම හරිම රසවත් මේ දෙබස් ටිකත්.
Deleteතටු නැතිව ගියත් කමක් නැහැ කියල බස්සත් හැම තැනම පටලැවෙනවා. ඇහුවොත් කියන්නෙ " මම අහිංසක පක්සියා "කියල තමා :)
@පොඩ්ඩි
Deleteකොහොම වෙයිද කියලා හිතන්න දෙයක් නෑ, එහෙම කතාවක් තියෙනවා ඒකේ ඉන්නේ 'honey bee' and 'honeysuckle'... ඒ කතාව ඉවර වෙන්නේ නම් 'Sorry No More Honey" කියලා :D
Blake Shelton - Honey Bee (Official Video)
@ බස්සා,
DeleteC S Lewisගෙ නාර්නියන් සීරීස් එකේ එක පොතක තියෙනවා කැස්පියන් කුමාරයා යනවා මුහුදු චාරිකාවක් ලෝකයෙ කෙලවරට යනකං.. ඒ ගමනෙ එක තැනකදි එයාලට හම්බවෙනවා දූපතක්, ඒකට කියන්නෙ 'The Island where Dreams come true' කියලයි.. ඒ දූපතෙදි අපේ හැම හීනයක්ම හැබෑ වෙනවා.. හැම හීනයක්ම - හොඳ හීන, නරක හීන, නපුරු හීන, භයංකාර හීන - හැම එකක්ම.. මොකද කියන්නෙ, බොලාවත් එහාට ගිහින් දාන්ටද.?? :-P
පොඩ්ඩි, අර ඔයාට හුරු එන්ට, යන්ට, වැනි යෙදුම් මෙහිදී ඔබ අතින් යෙදෙන්නේ නිරායාසයෙන් බව මම දන්නවා. නමුත් ඒ ගැන විශේෂයෙන් සිතා, කල්පනාකාරීව, පොදු යෙදුම් ලෙස සැලකිය හැකි එනවා, එන්න, එනු, වැනි යෙදුමක් පාවිච්චි කරනවානම් වඩාත් හොඳයි.
ReplyDeleteකතාවේ ගලා යාම බොහොම හොඳයි.
බලන්නම්කෝ විචාරක. එහෙනම් ඉතින් බූරාට ඔක්කොම ටයිප් කරන්ට කියමුනේ...:D
Deleteකතාව පරිවර්තනය විශිෂ්ටයි...
ReplyDeleteඇත්තටම අපූරුයි...
ජයවේවා
ගිය පාර මං කමෙන්ට් කරපු එක්කට පොඩ්ඩි අක්ක රිප් කරල මගෙන් දෙයක් අහල තිබ්බ...
Deleteමං අර ෆිල්ම් එකක් සබ් කරන්න බදාගෙන හිටිය හින්ද මේ පැත්ත පලාතක එන්න බැරි වුණා...
ඒ හිංද ඒ ඉල්ලීම ඉස්ට කරන්නත් බැරිවුණා...
ඔන්න අද...
ගේම් ඔෆ් ත්‍රෝන් රූපවාහිනී කතා මාලාවෙ හතර වන කතා සමය ඉවර වුනෙ මේ මාසෙ මැද හරිෙයදි... පස්වන කතා සමය තව ටික දවසකින් පටන් ගනී... ඒත් දවසක් ප්‍රකාශයටපත් කරල නෑ..
මුල ඉදන් බලන්න බැරි වුණ අයට පුලූවන් පහුගිය කතා සමයන් හතරම බාගත කරගන බලන්න..
මෙන්න ලිංක් එක... පස්වන කතා සමය ආවාම ඒ ගැන කියන්නම්
දැනට 1 2 3 4 බලල ඉන්නකො
http://www.baiscopelk.com/tv-series/game-of-thrones/
මහේශ් ගොඩක් ස්තූතියි. අනේ මේ එකක්වත් download කරගන්ට බෑ. මම නම් නෙමේ මේක ඉල්ලුවේ. සෝන්යා. එයාට ට්රයි කරලා බලන්ට කියමු.
Deletedownload කරගන්න බැහැනේ :(
Deletehow do we think that the direwolf got through a 600 feet tall wall of ice ?
ReplyDeleteand if i said this is a moment of major foreshadowing, how many of you will agree with me ?
i agree with you Kasun :)
Deleteමොකක් හරි හින්දා මට අනික් ඒවට කමෙන්ට් දාන්න බෑනේ??? කමක් නෑ. ඔක්කොටම හරියන්න මං මේකෙ දාන්නම්. වෙන කියන්න දෙයක් නෑ. මටනං උපරිමයි. දිගටම එනවා කියවන්න. ජයවේවා...!!!
ReplyDeleteමටත් උදේ ඉඳන් බ්ලොග්වල කමෙන්ට් කරන්ට බැරි ප්රශ්නයක් තිබුණා. තුන්, හතර පාරක් ට්රයි කලාම තමා හරිගියේ.
Deleteමං හිතුවෙ ඒක මට විතරක් තියෙන ප්‍රශ්ණෞඅක් කියලයි. මෙහෙමයි. කමෙන්ට් එක කොටලා , පබිලිස් බටන් එක ඔබලා ලොග් වෙලා ආයෙ එන කොට කොටපු කොමෙන්ට් එක අන්තරස්දාන වෙලා.
Deleteහැබෙයි දෙවනි සැරේ හරි යනවා. ඒ කියන්නෙ කලින් ලොග් වෙලා ඉඳලා කොමෙන්ට් කොටලා පබ්ලිෂ් කලොත්. ඒ නිසා දැන් මම කරන්නෙ, කමෙන්ට් එකක් කෙටුවොත් , ඉස්සෙල්ලාම ඒක කොපි කරගෙන ඉන්නවා
දවස් දෙකක් ගෙදර නොහිටිය නිසා මේ කොටස අදයි බලන්න ලැබුනේ. අපරාදේ මේ පොත පරිවර්තනය කරන්න මෙයාලා පමාවුනේ.
ReplyDeleteඈ පොඩ්ඩියේ ඔයාටත් මොකක් හරි ගරු නම්බුවක් එහෙම දාගත්තෙ නැද්ද :)
Poddi the Untamed??? :D:D
Delete@ Ser Buratheno - :)
ReplyDeleteසිහිනයක්තුල ඕනෑම දෙයක් සිදුවියහැක , ඒවගේම සිහිනයක්තුල ඕනෑම දෙයක් කලහැක........
ආන්න අර උඩ බස්සාට දාපු කමෙන්ට් එක බැලුවනම්... :-P
Deleteඔන්න දැනුයි නිදහසේ මේක කියෙවුවේ.. මම අද කියෙවුව එකේ වාසියක් තීනවා.. හෙට අනික බලන්න පුළුවන්නේ නේ ඉක්මනටම.. ;-)
ReplyDeleteඒකත් හරි දිනේශ්. සති අන්තය වෙනකොට කවුරුත් බලන්නේ නැද්ද කියලත් හිතට ආවා. ඒ හන්දා සිකුරාදට දාන එක නැවැත්තුවොත් හොඳයි කියලත් හිතුනා...හී හී...
Deleteහපොයි, මට මෙව්වා බලන්ට එන්ට වෙලා තියෙන්නේ රෑ දෙගොඩහරියේ අයියෝ. ප්‍රස්තාවනාව කියෙව්වේ ඇඟේ ලේ වතුර කරගෙන. හොඳ වෙලාවට පිරිත් ඇහෙන අතරේ කියවන්නේ. ප්‍රස්තාවනාව කියෙව්වැයිං පස්සේ ආයෙනං මෙතනිං එහාට කියවන්නෙ නෑ කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කොරගත්තා. මොකට කියනවද ඒ හරිය. ඊලඟ කොටස කවදා දායිද කියලත් මේ බයගුල්ලිගෙ හිත අස්සේ හැංගිච්ච මොකෙක් හරි මග බල බල හිටියා. ඊලඟ කොටස් දෙකනං ටිකක් සාමකාමීයි. ඒ උනාට අර මුලදි හිටපු එවුං ඔය කැලේ හැංගිලා ඇතිනෙ. බෑ අප්පා, අර වැම්පයරයො පිරිලා හිටිය කතන්දර හතරම මං එක හුස්මට කියෝගෙන කියෝගෙන ගියෙත් සැඳෑ අඳුරෙ අපූරුව දැකලා. ඒකෙ නැති මහා භයංකාර කමක් මේකෙ තියෙනවනේ. ඒ උනාට දැං නවත්තගන්නත් බෑ. අට වසරෙදි ඩ්‍රැකියුලා කියවන්න ගිහිල්ලත් මට උනේ ඔය සන්තෑසියම තමයි. පිටුවෙං පිටුවට බය වැඩි වෙනවා. ඒ උනාට නතර කරන්නත් බෑ. මට ඕන උනා අන්තිමට ඒ යකා නැති බංගස්තාන වෙනවා බලන්න. මොකද ඒක සහසුද්දෙන්ම දැනගත්තෙ නැත්තං මං දන්නවා මට ආයෙ නිදාගන්න හම්බවෙන්නෙ නෑ කියලා. ඒ හින්දා බැරි මරගාතේ පිරිත් නූල් බැඳගෙන කියෝලා දැම්මා. අන්තිමේදී යහතිං නිදාගත්තා. දැං මට කියන්ඩලා මේක. මේ කතාව අන්තිමේදී හිතට සැනසීමක් දැනෙනවද? සැඳෑ අඳුරෙ වගේ? නැත්තං අර එක්ස් ෆයිල්ස් වගේ ඔක්කෝම විසඳලා අන්තිමට තව මොකක් හරි කොස්සක් ඉතුරු වෙනවද?
ReplyDeleteවිහිළු හොඳේ :D මේක ඇත්තටම බොහොම වටින දෙයක් පොඩ්ඩි අක්කේ, බූරො අයියේ. ඔයාලා මේක පටන් ගන්න හදද්දිම මම පොඩ්ඩි අක්කට මේල් එකකින් කිව්වා මම මේක කියවලත් නෑ, බලලත් නෑ, ඒ නිසාම මට මේක හොඳට රස විඳින්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං දන්නවා, මට මේ දැනෙන බය තමයි ඒ රස විඳීම කියලා. මේකෙ කුතුහලය පිරිලා. පුදුම විදිහට චිත්ත රූප මැවෙනවා ඔයාලගෙ ලියවිල්ලෙ අපූරුව නිසා. ඔය කතාව ඇතුළේ බය කියන දේ විතරක් නෙවෙයි, තව වටින දේවල් ගොඩක් තියෙනවා කියලා මම අහලා තියනවා. ඒ නිසා හැම කොටසම කියවන්න එනවා, කොච්චර බය දැනුණත්. ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි තමන්ටම අභියෝගයක් අරගෙන මේක මේ විදිහට පටන්ගත්තට. මෙහෙම දේකට කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා මම හොඳට දන්නවා. මුල ඉඳන්ම කොටස් කියෙව්වත් කමෙන්ට් එකක් දාන්න පරක්කු උනේ මේ විදිහට දිග එකක් දාන්න හිතේ තිබ්බ හින්දයි. ඒක ගලපගන්න වෙලාවක් ඇතුව එන්න ලැබෙනකල් තමා මේ හිටියේ.
සුභ පතනවා හිත පතුලෙන්ම. :)
මේ කොටස් වල දිග හොඳයි. මගේ මනාපය මේ වගේ කොටස් පහක් සතියට කියවන්ඩ ලැබෙනවනං හොඳා කියලයි. ඒ උනාට එහෙම එකක් අර මල්ටිපල් චොයිස් අතර දීලා තිබ්බෙ නෑ නොවැ. ඒ හන්දා එහෙනං කොටස් තුනක් දෙන්ඩ කියලා ඡන්දය ප්‍රකාස කරන්නංකෝ. :D
බූරො අයියේ, මෙහෙම එහෙකිං හරි බ්ලොග් එකක් ලියන්ඩ පටංගත්ත එක හොඳයි. සමහරවිට ඔහොම ලියලා ඇඟිලි වලට උණ අරගෙන තව එකක් ලියන්ඩ හිතෙන්නත් බැරි නෑ, මේ මට උනා වගේ. කාලයක් බ්ලොග් ලිවිල්ල අත ඇරලා දාලා හිටපු මට ආයෙම එකක් අළුතෙං අටෝගෙන ඇවිත් ලියන්ඩ හිතුණේ අර මල්දමේ මල්මාල අමුණන්න ගත්තට පස්සෙනේ.
සිත්තමියේ, පොතත් හරි, ඔයාගේ මේ කමෙන්ට් එකත් හරි...:)
Deleteමේ කතාව හරියට ජීවිත කතාවක් වගේ. හැම දේම තියෙනවා. ඒ වගේම ඒක සාමකාමීද, ඉවරයක්ද, පටන් ගැනිල්ලක්ද කියලා කාටවත් කියන්ට බෑ වගේ මේකෙත් ඉතින් ඉවරයක් නෑ. 'සැඳෑ අඳුරේ' මොනා වුනත් මුලික තැන ලැබුණේ ආදරේටනේ. මේ කතාව ඉතින් වෙනස්. කොච්චර වෙනස්ද කීවොත් විශේෂයෙන් ඔය සමහර කොටස් බූරා, පොඩ්ඩිට යොමු කලාලු....:D
ඩ්රැකියුලා පොත ඉස්සල්ලාම කියවලා, අම්මට කියලා ගෙදර ඔක්කොම දොරවල් චෙක් කරවා ගත්තු හැටි මතකෙට ආවා. ඒ වගේම බය ෆිල්ම් එකක් බැලුවාම, අම්මයි, අප්පච්චියි මැද්දේ නිදාගත්තු හැටිත් මතක් වුනා. පොඩ්ඩි තාම බය ෆිල්ම්ස් බලන්නේ අතින් ඇස් වහගෙන...:D:D
ගොඩක් ස්තූතියි සිත්තමීට පොඩි එක්කෙනෙක්ගේ වැඩ ගොඩක් එක්ක මෙහෙම ආවට. ඒත් මේ වගේ කමෙන්ට් දැක්කාම පොත දවසින් ඉවර කරන්ට තරම් ශක්තියක් ලැබෙනවා කීවොත් ඒක තමා ඇත්ත.
කියෙව්වා.
ReplyDeleteඅපි දකුනෙ ඉඳන් තිස්ස මහාරාමය පහුකරන් එනකොට තිස්සමහාරාමෙට යන පුංචි අතුරුපාරෙ මැද දුඹුරුපාට සුදුපාට කළුපාට පුංචි ගුලියක් තිබ්බා. ඩ්‍රාස් ගාල බ්‍රේක් ගහල ගිහිං බැළුවම බළුපැටව් පොදියක් සීතලට එකට ගුලිවෙලා පාර මැද..
මොනවා කරන්නද ? ජිප්සියෝ වෙච්ච අපට අරන් යන්ටද ? පන්සලේ ගොඩනැගිල්ලක් ඇතුලෙ සුවපහසු තැනක තියල ආවා. දුවට නම් පොදියම අරන් එන්ට ඕනෙකම තිබ්බා. ඒත් කොහෙ ගෙනියන්ටද ? ඔන්න මට ඕතක් උන සිද්දිය..
ඔන්න මං යන්ට එන්ට කියල ලිව්ව.. අපෙ අම්ම යන්ට එන්ට කෙනෙක්.. තාත්තා යන්ඩ එන්ඩ කෙනෙක්..