Tyrrel

ටිරල් වංශය


නිරිතදිග වෙස්ටෙරෝස්හි අධික ජනගහනයෙන් යුත් සුවිසල් සාරවත් බිම් පෙදෙස් පාලනය කරති. ටාර්ගේරියන් ආක්‍රමණවලට එරෙහිව සටන් කල රීච් හි පැරැණි රජ පෙළපත වූ ගාර්ඩ්නර්වරුන් සමූල ඝාතනය වීමෙන් පසු ඔවුන් ගේ ප්‍රධාන සේවකයන් වූ ටිරල්වරු රාජ්‍යය ආක්‍රමණිකයන්ට බාර දුන්හ. ඊට කලගුණ සැලකීමක් වශයෙක් ටිරල් වංශිකයින්ව එතැනට ඔසවා තැබීමට ටාර්ගේරියන්වරු වග බලා ගත්හ.


වසම: රීච්
බලකොටුව: හයිගාර්ඩ්න්
වංශ සලකුණ: කොළ පසුබිමක තිබෙන රන්වන් රෝස මල
ආදර්ශ පාඨය: ශක්තිමත්ව වැඩෙමින්

මේස් ටිරල් - වර්තමාන ප්‍රධානියා
>ඇලරී හයිටවර් ටිරල් - ඔහු ගේ ආර්යාව
>විලාස් ටිරල් - ඔහු ගේ වැඩිමහල් පුතා
>සෙර් ගාර්ලන් (ගාර්ලන් දි ගැලන්ට්) ටිරල් - ඔහු ගේ මද්දුම පුතා
>සෙර් ලෝරාස් ටිරල් (කුසුම් නයිට්වරයා) - ඔහු ගේ බාල පුතා (16)
>මාර්ජරී ටිරල් - ඔහු ගේ දුව (14)

ඔලීනා රෙඩ්වින් ටිරල් (කටුඅතු රැජිණ) - ඔහු ගේ මව
මීනා ටිරල් රෙඩ්වින් - ඔහු ගේ සොයුරිය
ජානා ටිරල් ෆොස‍වේ - ඔහු ගේ සොයුරිය

ගාර්ත් ටිරල් (අසික්කිත ගාර්ත්) - ඔහු ‍ගේ මාමා. හයිගාර්ඩ්න්හි ප්‍රධාන නිවාස බාරකරු
සෙර් මොරින් ටිරල් - ඔහු ‍ගේ මාමා. ඕල්ඩ්ටවුන්හි නගරාරක්ෂක බලකායේ ප්‍රධානියා
මේස්ටර් ගෝර්මන් - ඔහු ගේ මාමා. සිටඩේල්හි ශාස්ත්‍රඥයෙකි

අනිකුත් අය

මේස්ටර් ලොමිස් - උපදේශක
ඉගොන් වයර්වෙල් - ගෘහාරක්ෂක බලකායේ ප්‍රධානියා
සෙර් වෝර්ටිමර් ක්‍රේන් - ප්‍රධාන සටන් පුහුණකරු

ටිරල් ධජ දරන්නන්

පැක්ස්ටර් රෙඩ්වින් - ආර්බර්හි උතුමානන්
>මීනා ටිරල් - ඔහු ගේ ආර්යාව. මේස් ගේ සොයුරිය
>සෙර් හොරාස් රෙඩ්වින් (සංත්‍රාසය) - ඔහු ගේ පුතා
>සෙර් හොබර් රෙඩ්වින් (කෙල හලන හොබර්) - ඔහු ගේ පුතා. හොරාස් ගේ නිවුන් සොයුරා
>ඩෙස්මේරා රෙඩ්වින් - ඔහු ගේ දුව (15)

රැන්ඩිල් ටාර්ලි - හෝර්න් හිල්හි උතුමානන්
>සෑම්වෙල් ටාර්ලි - ඔහු ගේ වැඩිමල් පුතා. නිශා රැකුමේ ආධුනිකයෙකි
>ඩිකන් ටාර්ලි - ඔහු ගේ බාල පුතා

හයිගාර්ඩ්න්වලට පක්ෂපාතී අනෙකුත් වංශාධිපති පවුල්


වයර්වෙල්, ෆ්ලොරන්ට්, ඕක්හාර්ට්, හයිටවර්, ක්‍රේන්, ටාර්ලි, රෙඩ්වින්, රෝවන්, ෆොසවේ, මලන්ඩෝර්