Targaryen

ටාර්ගේරියන් වංශය


වෙස්ටෙරෝස් වල කලින් සිටි රජ පරපුරයි. ඔවුන් වැලීරියා‍වේ සිට පැමිණි ආක්‍රමණිකයෝ වෙති. බරතියන් වරු සිහසුන අල්ලාගත්තාට පසු ඉතිරිව සිටින සාමාජිකයින් මුහුදෙන් එතෙරට පැන ගොස් ඇත.


වසම: නැත
බලකොටුව: නැත
වංශ සලකුණ: කළු පසුබිමක සිටින රතු පැහැ ඔළු තුනේ මකරා
ආදර්ශ පාඨය: ගින්න හා රුධිරය

ඒරිස් ටාර්ගේරියන් - පිස්සු රජා (මියගොස් ඇත)
>රාඑල්ලා ටාර්ගේරියන් - ඔහු ගේ සොයුරිය/ රැජිණ (මියගොස් ඇත)

රේගාර් ටාර්ගේරියන් - ඔහු ගේ වැඩිමහල් පුතා (මියගොස් ඇත)
>ඊලියා මාර්ටෙල් ටාර්ගේරියන් - ඔහු ගේ බිරිඳ (මියගොස් ඇත)
>රේනිස් ටාර්ගේරියන් - ඔහු ‍ගේ දුව (මියගොස් ඇත)
>ඒගොන් ටාර්ගේරියන් - ඔහු ගේ පුතා (මියගොස් ඇත)

විසේරිස් ටාර්ගේරියන් - ඔහු ගේ බාල පුතා
ඩනේරිස් ටාර්ගේරියන් - ඔහු ‍ගේ දුව (13)

අනිකුත් අය

ඉල්ලීරියෝ මොපාටිස් - පෙන්ටොස් නිදහස් වෙළෙඳ නගර‍යේ වාසය කරන ධනවත් වෙළෙන්දෙකි. ටාර්ගේරියන්වරුන්ට උදවු සපයයි
ඛාල් ඩ්‍රෝගෝ - ඩනේරිස් ගේ ඩොත්රැකි සැමියා
සෙර් ජෝරා මෝර්මන්ට් - ඩනේරිස්ට සේවය කරන වෙස්ටෙරෝස්වලින් පිටුවහල් කල නයිට්වරයෙකි
ඉරී, ජික්වි, ඩෝරියා - ඩනේරිස් ගේ වහල් සේවිකාවන්

ජෝගෝ, ක්වෝරෝ - ඩ්‍රෝගෝ ගේ රුහිරාරක්ෂකයින් (සමීපතම ශරීරාක්ෂකයින්)