Night's Watch

නිශා රැකුම් බලකාය


සදාකල්හිම හිමෙන් මිදුනු උතුරුකරයෙන් එන ආක්‍රමණ වලකනු වස් වසර අටදහසකට පෙර ප්‍රාකාරය ගොඩනැගුනු විට එය ආරක්ෂා කිරීම සඳහා පිහිටවනු ලැබූ යුධ බලකායකි. ප්‍රාකාරය යනු රාජධානියේ උතුරු මායිමයි. මෙහි සේවය කරන්නන් විවාහ වීමෙන්දරුවන් සෑදිමෙන් හා දේපලවලට අයිතිවාසිකම් කීමෙන් වැලකීමේ දිවුරුමක් දිය යුතුය. රාජකාරියෙන් පලා යන්නන්ට හිමිවන දඬුවම මරණය යි. රාජකාරි ඇඳුම සම්පූර්ණයෙන්ම කළු පැහැ වන අතර ඒ නිසා 'කළු සොයුරන්හෝ 'කපුටන්යන නම් වලින්ද හැඳින්වේ.

නිශා රැකුම් බලකාය රාජධානියේ කිසිම රජෙකුට යටත් නොවන ස්වාධින බලකායකි. එය රාජධානියේ අභ්‍යන්තර දේශපාලන කලබැගෑනි සහ යුද්ධවලින් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත ය. කළු බලකොටුව ප්‍රධාන කොට ප්‍රාකාරය පුරා විහිදී ඇති බලකොටුවලින් රාජකාරි ඉටු කෙරේ.

බලකාය ප්‍රධාන බල ඇණි තුනකින් සමන්විතය.
1. මුර සංචාරක (Rangers) - ආරක්ෂාව හා සටන් කිරීම
2. ගොඩනැගීම් (Builders) - ප්‍රාකාරය රැකබලා ගැනීම හා අලුත්වැඩියාව
3. නිවාස බාරකරුවන් (Stewards) - ආහාර සැපයීම හා වෙනත් කටයුතු


වසම: රාජධානියේ උතුරු මායිම හා එයින් එපිට
බලකොටුව: කළු බලකොටුව
සලකුණ: කළු කපුටා
ආදර්ශ පාඨය: නැත

කළු බලකොටුව

ජියර් මෝර්මන්ට් - වර්තමාන ප්‍රධාන අණ දෙන නිළධාරියා
බෙන්ජින් ස්ටාර්ක් - මුර සංචාරක බලඇණියේ ප්‍රධානියා
>සෙර් ජැරමි රයිකර්, සෙර් වේමාර් රොයිස්, ගැරඩ්, විල්, ඔතෝර්, ජැෆර් ෆ්ලවර්ස් - මුර සංචාරකයින්

සෙර් ඇලිසන් තෝර්න් - ප්‍රධාන සටන් පුහුණුකරු
මේස්ටර් ඒමන් - ප්‍රධාන උපදේශක

බොවෙන් මාර්ෂ් - ප්‍රධාන නිවාස බාරකරු
>හොබ් (ඇඟිලි තුනේ හොබ්) - ප්‍රධාන කෝකියා
>එඩිසන් ටොලට් (ඩොලරස් එඩ්)

ඔතෙල් යාර්වික් - ගොඩනංවන්නන් ගේ ප්‍රධානියා
>කෙග්ස්, ජැක් බුල්වර්, මොලී - ගොඩනංවන්නන්

යොරේන් - රාජධානිය පුරා සංචාරය කර බලකායට නවකයින් බඳවාගැනීම මොහු ගේ රාජකාරිය වේ

ජොන් ස්නොව්, සෑම්වෙල් ටාර්ලි, පයිපර් (පිප්), හෝල්ඩර්, ටොඩර් (ටොඩ්), ග්‍රෙන්, ඩේරියන්, රැස්ට්, කාල්, මැතර්, බැලියන් - ආධුනිකයින්


සෙවනැලි කුළුණ

සෙර් ඩෙනිස් මැලිස්ටර් - අණ දෙන නිළධාරියා
ක්හෝරින් (අත කොට ක්හෝරින්) - මුර සංචාරකයින් ‍ගේ ප්‍රධානියා
>හාකර්, බෝර්බා, ස්ටෝන්ස්නේක් - මුර සංචාරකයින්


නැගෙනහිර කුළුණ

කොටර් පයික් - අණ දෙන නිළධාරියා
බොර්කාස්ප්‍රධාන නිවාස බාරකරු