Greyjoy

ග්‍රේජෝයි වංශය


වෙස්ටෙරෝස්වලට බටහිර දෙසින් පිහිටි කර්කශ මුඩු දූපත් සමූහයක් වන යකඩ දූපත් පාලනය කරති. සම්ප්‍රදායිකව මොවුහු මුහුදු කොල්ලකරුවන් හා ආක්‍රමණිකයින් වන අතර මහද්වීපය ආක්‍රමණය කිරීමේ නොතිත් ආශාවෙන් පෙලෙති. වරක් යකඩ සිහසුනට එරෙහිව කැරැලි ගැසූවද දරුණු ලෙස මර්දනය කරන ලදී.


වසම: යකඩ දූපත්
බලකොටුව: පයික්
වංශ සලකුණ: කළු පසුබිමක සිටින රන්වන් ක්‍රාකනයා
ආදර්ශ පාඨය: අපි වපුරන්නන් නොවෙමු

බේලන් ග්‍රේජෝයි - වර්තමාන ප්‍රධානියා
>ඇලානිස් හාර්ලොව් ග්‍රේජෝයි - ඔහු ගේ ආර්යාව
>රඩ්‍රික් ග්‍රේජෝයි - ඔහු ‍ගේ වැඩිමහල් පුතා (මියගොස් ඇත)
>මාරන් ග්‍රේජෝයි - ඔහු ගේ මද්දුම පුතා (මියගොස් ඇත)
>ආශා ග්‍රේජෝයි - ඔහු ගේ දුව
>තියන් ග්‍රේජෝයි - ඔහු ගේ බාල පුතා

ඉයුරන් ග්‍රේජෝයි (කපුටු ඇස) - ඔහු ගේ බාල සොයුරු
වික්ටරියන් ග්‍රේජෝයි - ඔහු ගේ බාල සොයුරු (යකඩ නාවික බලඇණියේ අණ දෙන නිළධාරී)
ඒරන් ග්‍රේජෝයි - ඔහු ගේ බාල සොයුරු


පයික් වලට පක්ෂපාතී අනෙකුත් වංශාධිපති පවුල්

හාර්ලෝව්, ස්ටෝන්හවුස්, මර්ලින්, සන්ඩර්ලි, බොට්ලි, ටෝව්නි, වින්ච්, ගුඩ්බ්‍රදර්