Stark

ස්ටාර්ක් වංශය


වෙස්ටෙරෝස් වල සිටින පැරැණිතම ප්‍රභූ වංශයකි. ඔවුන් ගේ ඉතිහාසය වසර අටදහසකට එහා විහිදේ. ටාර්ගේරියන් ආක්‍රමණයට පෙර 'ස්ටාර්ක් වංශික රජවරුන්ලෙසින් උතුර පාලනය කලහ. වර්තමාන රජු යට‍තේ උතුරේ පාලකයින් හා ආරක්ෂකයින්වින්ටර්ෆෙල්හි අධිපතියන් වශයෙන් උතුර පාලනය කරති.


වසම: උතුර
බලකොටුව: වින්ටර්ෆෙල්
වංශ සලකුණ: සුදු පසුබිමක සිටින අළු පැහැ ඝෝරවෘකයා
ආදර්ශ පාඨය: ශීත කාලය පැමිනෙයි

එඩාර්ඩ් (නෙඩ්) ස්ටාර්ක් - වර්තමාන ප්‍රධානියා
>කැට්ලින් ටලී ස්ටාර්ක් - ඔහු ගේ ආර්යාව
>රොබ් ස්ටාර්ක් - ඔහු ගේ වැඩිමහල් පුතා (14)
>සන්සා ස්ටාර්ක් - ඔහු ගේ වැඩිමහල් දුව (11)
>ආර්යා ස්ටාර්ක් - ඔහු ගේ බාල දුව (9)
>බ්‍රැන්ඩන් (බ්‍රැන්) ස්ටාර්ක් - ඔහු ගේ මද්දුම පුතා (7)
>රිකන් ස්ටාර්ක් - ඔහු ගේ බාල පුතා (3)
>ජොන් ස්නෝව් - ඔහු ගේ අවජාතක පුතා (14) (ස්නෝව් යනු අවජාතකයින්ට උතුරේදී හිමිවන පොදු වාසගමයි)

බ්‍රැන්ඩන් ස්ටාර්ක් - ඔහු ගේ වැඩිමහල් සොයුරු (මියගොස් ඇත)
ලියානා ස්ටාර්ක් - ඔහු ගේ බාල සොයුරිය (මියගොස් ඇත)
බෙන්ජින් ස්ටාර්ක් - ඔහු ගේ බාල සොයුරු (නිශා රැකුම් බලකා‍යේ මුර සංචාරක බලඇණියේ ප්‍රධානියා)


අනිකුත් අය

මේස්ටර් ලුවින් - උපදේශක, වෙදැදුරු හා ගුරුවරයා
වයන් පූල් - ප්‍රධාන නිවාස බාරකරු
>ජේන් පූල් - ඔහු ‍ගේ දුව
ජොරී කසල් - ගෘහාරක්ෂක බලමුළුවේ ප්‍රධානියා
>හැලිස් මොලන්, ඩෙස්මන්ඩ්, ජැක්ස්, පෝර්තර්, ක්වෙන්ට්, ඇලන්, ටොමාර්ඩ්, වාර්ලි, හේවර්ඩ්, කේන්, විල් - සෙබළුන්
සෙර් රඩ්‍රික් කසල් - ප්‍රධාන සටන් පුහුණකරු
>බෙත් කසල් - ඔහු ගේ දුව
සෙප්ටා මෝර්ඩේන් - එඩාර්ඩ් උතුමානන්ගේ දියණියන්ට උගන්වන ගුරුවරිය
ෂේය්ල් පූජකතුමා - දේවස්ථානයේ හා පුස්තකාලයේ භාරකරු
හලන් - අසුන් බාරකරු
>හාර්වින් - ඔහු ගේ පුතා. සෙබළෙකි
>ජොසෙත් - ඉස්තාල බලාගන්නෙක් හා අසුන් පුහුණුකරුවෙකි
ෆාර්ලන් - සුනඛයන් බලාගන්නා
නාකි ආයම්මා - වයස්ගත සේවිකාවක්
>හොඩෝර් - ඇගේ මී මුණුබුරා. මන්දබුද්ධික ඉස්තාල කොලුවෙකි
ගේජ් - ප්‍රධාන කෝකියා
මික්කෙන් - කම්මල්කරු


ස්ටාර්ක් ධජ දරන්නන්

සෙර් හෙල්මන් ටෝල්හාර්ට්
රිකාර්ඩ් කාර්ස්ටාර්ක් - කාර්හෝල්ඩ්හි උතුමානන්
රූස් බෝල්ටන් - ඩ්‍රෙඩ්පෝර්ට්හි උතුමානන්
ජොන් (ග්‍රේට්ජොන්) අම්බර්
ගැල්බට් හා රොබර්ට් ග්ලවර්
වයිමන් මැන්ඩර්ලි - ධවල වරායේ උතුමානන්
මේජ් මෝර්මන්ට් - වලස් දූපතේ ආර්යාව


වින්ටර්ෆෙල්වලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්

කාර්ස්ටාර්ක්, අම්බර්, ෆ්ලින්ට්, මෝර්මන්ට්, හෝර්න්වුඩ්, සර්වින්, රීඩ්, මැන්ඩර්ලි, ග්ලවර්, ටෝල්හාර්ට්, බෝල්ටන්