Baratheon

බරතියන් වංශය


වර්තමානයේ වෙස්ටෙරෝස්වල සිටින රාජ පරම්පරාවයි. ඔවුන් ගේ පරම්පරාව වසර තුන්සීයක පමණ කෙටි ඉතිහාසයක් ඇතිබලවත් එමෙන්ම උදාර ප්‍රභූ වංශයකි. ඔවුන් ගේ මුල් බිම ස්ටෝර්ම්ස් එන්ඩ් වුවද රජකම ලැබීමෙන් පසු ඩ්‍රැගන්ස්ටෝන් ද ඈඳාගෙන ඇත. රජතුමා කින්ග්ස් ලෑන්ඩින්ග් හි සිට රාජ්‍යය පාලනය කරයි.


වසම: ස්ටෝර්ම්ලෑන්ඩ්
බලකොටුව: ස්ටෝර්ම්ස් එන්ඩ්
වංශ සලකුණ: රන්වන් පසුබිමක සිටින කිරුළ ලූ කළු පැහැ ගෝනා
ආදර්ශ පාඨය: වියරුව අප‍ගේ ය

රොබර්ට් බරතියන් - වර්තමාන ප්‍රධානියා හා රටේ රජතුමා
>සෙර්සි ලැනිස්ටර් බරතියන් - ඔහු ගේ රැජිණ
>ජොෆ්රි බරතියන් - ඔහු ‍ගේ වැඩිමහල් පුතා (12)
>මර්සෙලා බරතියන් - ඔහු ගේ දුව (8)
>ටමෙන් බරතියන් - ඔහු ගේ බාල පුතා (7)

ස්ටැනිස් බරතියන් - ඔහු ගේ බාල සොයුරු (ඩ්‍රැගන්ස්ටෝන්හි උතුමානන්)
>සෙලිසේ ෆ්ලොරන්ට් බරතියන් - ඔහු ගේ ආර්යාව
>ෂිරීන් බරතියන් - ඔහු ගේ දුව (9)

රෙන්ලි බරතියන් - ඔහු ගේ බාලම සොයුරු (ස්ටෝර්ම්ස් එන්ඩ්හි උතුමානන්)


රජු ගේ උපදේශකයින්

ප්‍රධාන මේස්ටර් පයිසෙල්
පෙටයර් ‍බේලිෂ් (සුළැඟිල්ලා) - භාණ්ඩාගාරයේ ප්‍රධානියා
ස්ටැනිස් බරතියන් - නාවුක කටයුතු පිළිබඳ ඇමති
රෙන්ලි බරතියන් - නීති කටයුතු පිළිබඳ ඇමති
සෙර් බැරිස්ටාන් සෙල්මි - රාජ්‍යාරක්ෂක බලකායේ ප්‍රධානියා
වාරිස් (මකුළුවා) - පණ්ඩකයෙකි. රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා


අනිකුත් අය

සෙර් ඉලියන් පේය්න් - රජු‍ ගේ අළුගෝසුවා
සැන්ඩෝර් ක්ලිගේන් - ජොෆ්රි කුමරා‍ ගේ අංගාරක්ෂකයා
ජේනස් ස්ලින්ට් - නගරාරක්ෂක බලකායේ ප්‍රධානියා
ජලාබාර් ක්ෂෝ - ගිම්හාන දූපත් වෙතින් පිටුවහල් කල කුමරෙකි
ලැන්සෙල් හා ටිරෙක් ලැනිස්ටර් - රජු ගේ සහචරයින්
සෙර් ආරොන් සැන්ටගාර් - ප්‍රධාන සටන් පුහුණුකරු


රාජ්‍යාරක්ෂක බලකාය

සෙර් බැරිස්ටාන් සෙල්මි - අණදෙන නිළධාරියා
සෙර් ජේමි ලැනිස්ටර් (රජුන් මරන්නා)
සෙර් බොරෝස් බ්ලොන්ට්
සෙර් මෙරින් ට්‍රැන්ට්
සෙර් ඒරිස් ඕක්හාර්ට්
සෙර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්
සෙර් මැන්ඩන් මූර්


ස්ටෝර්ම්ස් එන්ඩ්වලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්

සෙල්මි, විල්ඩ්, ට්‍රැන්ට්, පෙන්රෝස්, එරල්, එස්ටර්මන්ට්, ටාර්ත්, ස්වෝන්, ඩොන්ඩරියන්, කැරන්


ඩ්‍රැගන්ස්ටෝන්වලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්

සෙල්ටිගාර්, වෙලරියන්, සීවර්ත්, බාර්-එමන්, සන්ග්ලාස්