Friday, 6 February 2015

ටිරියන් 07-2

ටයිවින් ලැනිස්ටර්

ටයිවින් උතුමානන් පුටුවෙන් නොනැගිටි නමුදු සිය කුරුමිටි පුත්‍රයා දෙස දිගු වේලාවක් පරීක්ෂණාත්මක බැලමෙන් බලා සිටියේය. "උඹේ මරණය ගැන අපට අහන්ට ලැබුන කටකතා බොරු එහෙනම්."

"ඔබේ බලාපොරොත්තු කඩකරන්ට සිද්දවුන එක ගැන බොහොම කණගාටුයි තාත්තෙ. නෑ නෑ නෑ. පුටුවෙන් නැගිටලා දුවලා ඇවිල්ලා මාව බදාගන්ට උවමනා නෑ. ඔබට අනවශ්‍ය කරදරයක් කරන්ට මට කොහෙත්ම ඕනකමක් නෑ." ටිරියන් කාමරය හරහා මේසය වෙත ඇවිද ගියේය. සිය බකල දෙපා විසින් තබන සෑම පියවරන් පාසාම ඔහුව තාරාවෙක් මෙන් ගාටවන අයුරු ඔහුට හොඳින්ම වැටහුනි. සිය පියාගේ දෑස් ඔහු වෙත යොමුවී තිබෙන සෑම විටෙකම මෙලෙස ඔහුට සිය දුබලතා ගැනත් අංගවිකෘතින් ගැනත් සිහිපත්වී නොසන්සුන් බවක් දැනීම සුපුරුදු දෙයක් විය‍. "මං වෙනුවෙන් යුද්ධෙට ගිය එක හරිම කරුනාවන්ත කමක්." මේසය අසල වූ පුටුවකට නැග ඒල් කෝප්පයක් පුරවාගන්නා අත‍‍රේ ඔහු පැවසීය.

"මම දන්න දේ අනුවනම් උඹයි මේ යුද්ධෙ පටන්ගත්තෙ‍." ටයිවින් උතුමානන් පිළිතුරු දුන්නේය. "උඹේ අයියා ජේමිනම් ඔහොම මීක් සද්දයක්වත් නැතුව ගෑනියෙකුට ඌව අල්ලගන්ට දෙන එකක් නෑ."

"ඒ තමා ජේමියි මායි වෙනස් වෙන එක විදියක් තාත්තෙ. අනික එයා මට වඩා උසයි. ඔබ ඒක දකින්ට ඇති."

ඔහුගේ පියා මේ නර්මාලාපය නොතකා හැරියේය. "අ‍පේ පෙළපතේ ගෞරවය පරදුවට තියලයි තිබුනෙ. හමුදාවත් අරන් ඉස්සරහට යනවා ඇරෙන්ට මට වෙන විකල්පයක් තිබුනෙ නැහැ. කිසිම මිනිහෙකුට බෑ ලැනිස්ටර් ලේ හොල්ලලා විපාක නොවිද ඉන්ට..."

"අසන්න මා ගොරවන හඬ!" ටිරියන් විරිත්තමින් සිය පෙළපතේ ආදර්ශ පාඨය කීවේය. "ඇත්තම කියනවා නම් මගේ ලේ පොඩ්ඩක්වත් හෙල්ලුනෙ නෑ. එකපාරක් දෙපාරක් විතර ඒ ළඟටම ආවා. මොරෙකුයි ජයිකුයි දෙන්නා නම් මලා."

"මම හිතන්නෙ උඹට අලුත් මිනිස්සු කීපදෙනෙක් ඕන වෙලා ඇති."

"අපොයි! ඒ ගැන පොඩ්ඩක්වත් වදවෙන්ට එපා තාත්තෙ. මමම මිනිස්සු කීපදෙනෙක් හොයාගත්තා." ඔහු ඒල් උගුරක් ගිල දැමීමට උත්සාහ කලේය. එය මනාව දුඹුරු පැහැගත්, හොඳින් පැසුනු, මධ්‍යසාරයක් විය. ඇත්තෙන්ම කිවහොත් ඉතා හොඳ මධ්‍යසාරයක් විය. ඔහුගේ පියා විසින් තානායම්පතිනිය එල්ලා දැමීම කණගාටුවට කරුනක් විය. "කොහොමද දැන් යුද්ධෙ තත්ත්වෙ?"

ඔහුගේ බාප්පා පිළිතුරු දුන්නේය. "මේ වෙනකම් බොහොම හොඳයි. සෙර් එඩ්මුයර් එයා‍ගෙ සීමාවෙ මායිම දිගටම පොඩි පොඩි හමුදා කණ්ඩායම් රඳවලා තියෙනවා අපේ කඩාපනින හමුදා නවත්තන්ට. ඔයාගෙ තාත්තටයි මටයි පුළුවන් වුනා ඒ හමුදාවලින් බොහොමයක්ම විනාශ කරලා දාන්ට උන් එකතුවෙන්ට කලින්."

"උඹේ අයියා දවසින් දවස එයා‍ගෙ පාරට්ටුව තවතවත් වැඩි කරගන්නවා." ඔහුගේ පියා කීවේය. "එයා ගෝල්ඩන් ටූත්වලදී වාන්ස් උතුමානන්වයි පයිපර් උතුමානන්වයි සම්පූර්ණයෙන්ම නැතිකරලා දැම්මා. ඊටපස්සෙ රිවර්රන් බලකොටුවෙ ප්‍රාකාර යටදී ඒකාබද්ධ ටලී හමුදාවට පහර දුන්නා. ගංගා ත්‍රිශූලයේ වංශෘධිපතියො පැරදිලා පැනලා දිවුවා. සෙර් එඩ්මුයර් ටලීව අපි පණපිටින් අල්ලගත්තා. එයාගෙ යටත් වංශාධිපතියොයි නයිට්වරුයි හුඟදෙනෙක්වත් අල්ලගත්තා. බ්ලැක්වුඩ් උතුමානන් ඉතුරුවෙච්ච ටිකදෙනෙක් අරන් රිවර්රන්වලට පැනලා ගියා. දැන් ජේමි උන්ව වටලලායි තියෙන්නෙ. අනිත් එවුන් තමතමන්ගෙ බලකොටුවලට පැනලා ගිහිල්ලා."

"ඔයාගෙ තාත්තයි මායි මේ බලකොටු එකින් එකට පහරදුන්නා." සෙර් කෙවන් කීවේය. "බ්ලැක්වුඩ් උතුමානන් නැති හන්දා රේවන්ට්‍රී එකපාරින්ම වැටුනා. හැරෙන්හෝල් ආරක්ෂාකරගන්ට මිනිස්සු නැති හන්දා වෙන්ට් ආර්යාව අපට යටත් වෙලා බලකොටුව බාරදුන්නා. සෙර් ග්‍රෙගර්, පයිපර්ලාගෙයි බ්‍රැකන්ලාගෙයි බලකොටු ගිනි තියලා දැම්මා..."

"ඒ කියන්නෙ දැන් කිසිම ප්‍රතිරෝධයක් නෑ?"

"එහෙමමත් නෙවෙයි." සෙර් කෙවන් පිළිතුරු දුන්නේය. "මැලිස්ටර්ලා තාමත් සීගාර්ඩ් අල්ලගෙන ඉන්නවා. ඒ වගේම වෝල්ඩර් ෆ්‍රේ තාමත් නිවුන් බලකොටුව පුරුදු විදියටම පාලනය කරනවා. බදු එකතු කරනවා."

"ඒකෙ එච්චර ප්‍රශ්නයක් නෑ." ටයිවින් උතුමානන් කතාවට මැදිහත් වූයේය. "දිනුම පේනතෙක් මානෙක නැත්තං ෆ්‍රේ එයාගෙ හමුදාව එළියට දාන්නෙ නෑ. එයාට දැන් දැනෙන එකම සුවඳ නටඹුන්වල සුවඳ විතරයි. අනික ජේසන් මැලිස්ටර්ට තනියෙන්ම සටන් කරන්ට තරම් ශක්තියක් නෑ. ජේමි රිවර්රන් අල්ලගත්ත ගමන් අනිත් එවුන් හැමෝම හැරෙන පමාවෙන් දණ ගහවි. ස්ටාර්ක්ලායි ඒරින්ලායි අපට විරුද්ධව ආවෙ නැත්තම් මේ යුද්ධෙ දැනටමත් දිනුවා හා සමානයි."

"මම ඔබනම් ඒරින්ලා ගැන ඔච්චර වදවෙන්නෙ නෑ." ටිරියන් කීවේය. "ඒ වුනත්, ස්ටාර්ක්ලා කියන්නෙ වෙනමම ප්‍රශ්නයක්. එඩාර්ඩ් උතුමානන්-"

"-දැන් අපේ ප්‍රාණ ඇපකාරයෙක්." ඔහුගේ පියා පැවසීය. "එයා රතු බලකොටුවෙ යට තියෙන දඟගේක දිර දිරා යනකං අපට විරුද්ධව හමුදා මෙහෙයවන එකක් නෑ."

"නෑ." සෙර් කෙවන් එකඟවිය. "ඒ වුනත් එයාගෙ පුතා යටත් වංශාධිපතියො කැඳෙවුවා. දැන් එයා ලොකු හමුදාවකුත් එක්ක මෝට් කේය්ලින් වල වාඩිලාගෙන ඉන්නවා."

"කිසිම කඩුවක් ශක්තිමක් නෑ ඒකට පන්නරේ තියනකම්." ටයිවින් උතුමානන් ප්‍රකාශ කලේය. "ස්ටාර්ක් කොල්ලා පොඩි එකෙක්. කිසිම සැකයක් නෑ ඌ යුද්ධ හොරණෑ හඬ අහන්ට එහෙම ආස ඇති. ඒ වගේම උන්ගෙ කොඩි හුළඟෙ ලෙලදෙනවා බලන් ඉන්ටත් ආස ඇති. ඒ වුනත් අන්තිමේදී යුද්ධෙ පටන් ගත්තහම, මිනිස්සු මරන්ට පටන් ගත්තහම අපි බලමු ඌට කොච්චර ධෛර්‍යයක් තියෙනවාද කියලා ඒකට මූන දෙන්ට."

තමා නොමැති අතර සෑම දෙයක්ම බොහොම සිත් ඇදගන්නාසුළු තත්ත්වයකට පත් වී ඇතැයි ටිරියන් විමතියෙන් කල්පනා කලේය. "ඉතින් මේ මිනිස්සු මරන වැඩේ කරන අතරේ අපේ උතුම් මහරජතුමා මොකක්ද කරන්නෙ?" ටිරියන් පුදුමයෙන් ඇසීය. "කොහොමද අපේ ලස්සන අක්කා රොබර්ට්ව එකඟ කරගත්තෙ එයාගෙ ආදරණීය මිත්‍රයාව හිරබාරෙට ගන්න එකට?"

"රොබර්ට් බරතියන් මලා." ටයිවින් උතුමානන් කීය. "දැන් උඹේ බෑණා තමා කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන් පාලනේ ගෙනියන්නෙ."

මෙය ටිරියන්ව තවත් මවිත කරන්නට හේතු විය. "ඔබ කිවුවෙ මගේ අක්කා පාලනේ ගෙනියනවා කියලා වෙන්ටැති." ඔහු තවත් ඒල් උගුරක් ගිල්ලේය. සිය සැමියා වෙනුවට සෙර්සි මේ රාජධානිය පාලනය කරන්නට පටන් ගතහොත් එය ඉඳුරාම වෙනස් තැනක් වෙනු ඇත.

"උඹටත් මේ වෙලාවෙ වැඩක් ඇති වැඩක් කරන්ට තරම් හිතක් පහලවුනා නම් මම උඹට සේනාංකයක් බාර දෙන්නම්." ඔහුගේ පියා කීවේය. "මාර්ක් පයිපරුයි කේරිල් වාන්සුයි තාමත් අපේ පස්සෙන් ඉන්නවා. නිදහසේ. උන් රතු ගංගාවෙන් එහා අපේ ඉඩම් මංකොල්ල කනවා."

ටිරියන් සිය දත් අතරින් 'ට්ස්ස්' හඬක් නැංවීය. "කාලකන්නි බල්ලො. පෙරලා සටන් කරන්ට! සාමාන්‍යයෙන් නම් මම බොහොම කැමැතියි ඔය වගේ අශිෂ්ටයින්ට පාඩමක් උගන්නන්ට තාත්තෙ. ඒ වුනත් මේ වෙලාවෙ මට වෙන තැනක බොහොම ලොකු වැඩක් කරන්ට තියෙනවා."

"එහෙමද?" ටයිවින් උතුමානන් එයින් එතරම් සැලුනු බවක් නොපෙනුනි. "අපට නෙඩ් ස්ටාර්ක්ගෙ තවත් හිසරද දෙකක් ඉන්නවා. උන් දෙන්නා මගේ සැපයුම් කණ්ඩායම්වලට පහර දීලා හරි කන්දොස්කිරියාවක් කරනවා. බෙරික් ඩොන්ඩරියන් කියලා ඔන්න ඔය තරුණ උතුමානන් කෙනෙක්. තමන්ගෙ පෞද්ගලික කීර්තිය ගැන හීන මවන මෝඩයෙක්. ඌත් එක්ක ඉන්නවා අර මහත, පිස්සු රතු පූජකයා. අර උගෙ කඩුවට ගිනි තියාගන්නෙ, අන්න ඌ. උඹ හිතනවද මෙතැනින් පිටවෙලා බයෙන් දුවලා යන අතරේ උඹට පුළුවන් වෙයි කියලා උන්ට මොකක් හරි වැඩක් දෙන්ට? නිකං බොරුවට වැඩේ වල් කරගන්නෙ නැතුව යමක් කරන්ට පුළුවන් නම් විතරයි‍."

කෙවන් ලැනිස්ටර්
සිය පිටි අත්ලෙන් මුව පිස දා හැරි ටිරියන් සිනාසුනේය. "තාත්තෙ, මගේ හදවත ආදරෙන් පිරිලා යනවා ඔබ මෙහෙම මා ගැන විශ්වාසෙ තියලා... කොච්චර ද? මිනිස්සු විස්සක්? පනහක්? විතර දෙනකොට. ඔබට හොඳටම විශ්වාසද ඔබට පුළුවන් කියලා එච්චර මිනිස්සු ගොඩක් මට දෙන්ට? හරි, ප්‍රශ්නයක් නෑ. මම යන අතරමගදි තොරෝසුයි, බෙරික් උතුමානනුයි මුනගැහුනොත් මම උන් දෙන්නව අතුගාලා දාන්නම්." පුටුවෙන් බිමට පිනූ ඔහු බකල ගසමින් පසෙකින් වූ අල්මාරි මේසය වෙත ගියේය. ඒ මත පළතුරු රැසක් මැද්දේ සුදු පැහැ කේජු රෝදයක් විය. "කොහොමවුනත්, මුලින්ම මට තියෙනවා මම දුන්න පොරොන්දු කීපයක් ඉෂ්ටකරලා ඉන්ට." කේජු කැබැල්ලක් කපාගන්නා අත‍‍රේ ඔහු කීවේය. "මට ඕනකරලා තියෙනවා යකඩ ශිරස්ක තුන්දාහක් විතරයි ඒ තරම්ම මුදු දම්වැල් කමිසයි. තව කඩු, කුන්ත, වානේ හෙලි තල, යමුගුරු, යුද්ධ පොරෝ, යකඩ අත්වැසුම්, බෙලි ආවරණ, කකුල් ආවරණ, පපු තහඩු, මේවා අරන් යන්ට කරත්ත-"

ඔහුට පිටුපසින් වූ දොර මහහඬක් නගමින් ඇරුනි. එය කෙතරම් චණ්ඩ වී ද යත් ඔහු අතේ වූ කේජු කැබැල්ල බිම නොවැටුනා පමණි. ආරක්ෂක බලඇණියේ කපිතාන්වරයා කාමරය හරහා පියඹා ගොස් ගිනිඋඳුනේ හැපුනු අතර සෙර් කෙවන් අවලාදයක් නගමින් උඩපැන නැගිට සිටියේය. කපිතාන්වරයා නිවීගිය ගිනි අළු අතර හතරගාතයෙන් ඇද වැටෙද්දී ෂග්ගා ඔහුගේ අසිපත ගස් කඳක් තරම් විසල් වූ සිය දණහිසේ ගසා දෙකට කඩා දැම්මේය. කැබලි දෙක විසිකර දැමූ ඔහු ප්‍රධාන ශාලාවට ඇතුළු විය. ඔහුටත් පෙර ඔහුගේ සිරුරේ ගඳ කාමරය තුළට පිවිසි අතර එය කේජුවල ගඳටත් වඩා සැරෙන් කාමරයේ කුඩා අවකාශය තුළ පැතිරෙන්නට විය. "පුංචි රතු කාප්පයො." ඔහු ගෙරවීය. "ඊළඟ පාර උඹ ඩොල්ෆ්ගෙ පුතා ෂග්ගාට ආයුධ දික්කරන්ට ආවොත් මම උඹේ පිරිමි ඇඟ කපලා ගින්නට දානවා පිච්චෙන්ට."

"මොකක්! ඒ පාර එළුවො නැද්ද?" ටිරියන් කී‍වේ කේජු කැබැල්ලක් දතින් කොනහමිනි.

අනිත් ගෝත්‍රිකයෝ ද ෂග්ගා පසුපසින් කාමරයට පිරෙන්නට වූහ. බ්‍රොන් ද ඒ අතර වූහ. ටිරියන් දෙස බැලූ කුලී හේවායා දුක්ඛිත ස්වරයෙන් දෙවුර ඇකිළීය.

"උඹලා මොක්කුද බොලවු?" ටයිවින් උතුමානන් විමසූයේ හිම කන්දක් මෙන් ශාන්ත ස්වරයෙනි.

"එයාලා මගෙත් එක්ක ගෙදර ආපු අය තාත්තෙ‍‍." ටිරියන් පැහැදිලි කලේය. "මම එයාලව තියාගන්ට ද? එයාලා වැඩිය කෑම කන්නෙ නෑ."

කිසිවෙකුත් මෙයට සිනානොවුනි. "මොන බලයක් පිටද උඹලා ම්ලේච්ඡයො අපේ සාකච්ඡාවට බාධා කලේ?" සෙර් කෙවන් විමසීය.

"ම්ලේච්ඡයො, පාත්තයො?" කොන්ව නහවා ගතහොත් ඔහු හොඳ කඩවසම් මිනිසකු වනු ඇත. "අපි නිදහස් මිනිස්සු. නිදහස් මිනිස්සුන්ට බලයක් තියෙනවා ඕනම යුද්ධ සාකච්ඡාවකට සහභාගි වෙන්ට."

"කොයි එකාද සිංහ උතුමා?" චෙලා විමසුවාය.

"උං දෙන්නම නාකි මිනිස්සු." ටිමට් ගේ පුත් ටිමට් නිවේදනය කලේය. ඔහුට තවම වයස අවුරුදු විස්සක්වත් නොවීය.

සෙර් කෙවන් ගේ අත සැනෙන් සිය අසිපත් මිට වෙත ඇදී ගියේය. එනමුදු ඔහුගේ සොහොයුරා මැණික්කටුව මත ඇඟිලි දෙකක් තැබීමෙන් ඔහුව නැවැත්වීය. ටයිවින් උතුමානන් මෙම සිදුවීමෙන් වික්ෂිප්තභාවයකට පැමිණි බවක් ‍කොහෙත්ම පෙනෙන්නට නොවීය. "ටිරියන්, උඹට උඹේ ආචාරශීලීත්වය අමතක වුනාද? කරුනාකරලා අපට අඳුන්නලා දීපන් අපේ මේ... ගෞරවනීය අමුත්තො ටික."

ටිරියන් සිය ඇඟිලි ලෙවකෑවේය. "බොහොම සන්තෝසෙන්. මේ ලස්සන තරුණි තමා කළු කණ් ඇත්තන්ගෙ ගෝත්‍රයේ චීක්ගෙ දුව චෙලා."

"මම තරුණියක් නෙවෙයි." චෙලා වහා විරෝධය පෑවාය. "මගේ පුතාලත් දැනටමත් කණ් පනහකටත් වඩා එකතු කරලා තියෙනවා."

"උන් තව පනහක් එකතු කරගත්තාවෙ." ටිරියන් බකල ගසමින් ඇගෙන් මෑත් වූයේය. "මේ ඉන්නෙ කොරාට්ගෙ පුතා කොන්. අර ලොම්වලින් වැහිච්ච කාර්ස්ටලී රොක් වගේ හිටගෙන ඉන්නෙ ඩොල්ෆ්ගෙ පුතා ෂග්ගා. උන් දෙන්නම ගල් කපුටො. මේ ඉන්නෙ චන්ද්‍ර සහෝදරයින්ගෙ ගෝත්‍රයේ උමර්ගෙ පුතා උල්ෆ්. එතකොට මේ ඉන්නෙ ටිමට්ගෙ පුතා ටිමට්. පිච්චුන මිනිස්සුන්ගෙ ගෝත්‍රයේ රතු හස්තයක්. එතකොට මෙයා තමා බ්‍රොන් කියන්නෙ. කිසිම කෙනෙකුට පක්ෂපාතීත්වයක් නැති කුලී හේවායෙක්. මම මිනිහව දැන අඳුනගත්ත කෙටි කාලෙ ඇතුළත මිනිහා දෙපාරක් පැත්ත මාරු කලා. ඔබයි එයයි බොහොම හොඳට තකට තක පෑහෙයි තාත්තෙ." ඊට පසු බ්‍රොන් හා ගෝත්‍රිකයින් දෙසට හැරුනු ඔහු මෙසේ නිවේදනය කලේය. "මම උඹලාට අඳුන්නලා දෙන්නම් මගේ තාත්තා. ලැනිස්ටර් වංශයේ ටයිටස්ගෙ පුතා ටයිවින්. කාර්ස්ටලී රොක්වල උතුමානන්. බටහිර දිග ආරක්ෂකයා. ලැනිස්පෝර්ට්වල පලිහ. ඒ වගේම අතීතයේ හා අනාගතයේ රජතුමාගෙ හස්තය."

ටයිවින් උතුමානන් ආනුභාව සම්පන්න අයුරින් නැගිට සිටියේය. "මෙච්චර ඈත බටහිර දිසාවෙ ඉන්න අපි පවා අහලා තියෙනවා වන්ද්‍ර කඳුකරයේ ඉන්න නිර්භීත රණකාමී ගෝත්‍රිකයන්ගෙ බලපරාක්‍රමය ගැන. ඔබලා තමන්ගෙ බලවසමෙන් පහළට බැහැලා මෙහාට ආවෙ මොන හේතුවක් නිසාද මගේ උතුමනි?"

"අස්සයො." ෂග්ගා කීය.

"සේද ඇඳුමුයි වානේ ආයුධයි ගැන වෙච්ච පොරොන්දුවක්." ටිමට් ගේ පුත් ටිමට් කීය.

ඒරින් මිටියාවත දුම් දමන මුඩුබිමක් කරන්නට තමා ඔවුන්ට වුනු පොරොන්දුව ගැන සිය පියාට කියන්නට ටිරියන් සැරසුනි. එනමුදු ඔහුට ඊට අවස්ථාවක් නොලැබුනි. මහහඬක් නංවමින් නැවතත් දොර ඇරුනි. පණිවුඩකරුවා ටයිවින් උතුමානන් ඉදිරියේ දණ නමන අතරේ ටිරියන් ගේ මේ අරුම පුදුම ආගන්තුකයින් දෙස අමුතු බැල්මක් හෙළුවේය. "මගේ උතුමානනි. සෙර් ඇඩම් මට කිවුවා ඔබතුමාට දැනුම් දෙන්ටයි කියලා ස්ටාර්ක් හමුදාව රජමාවතේ පහළට එනවයි කියලා."

මේ පුවත නිසා ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිනාසුනේ නැත. ටයිවින් උතුමානන් කෙදිනකවත් සිනාසුනේ නැත. එනමුදු සිය පියාගේ මුහුණේ ඇඳෙන හා නෑඳෙන හැඟීම් නිවැරැදිව කියවන්නට ටිරියන් මනාව දැන සිටියේය. ඔහුගේ මුහුණේ වූ ප්‍රීතිය ඔහු මනාව හඳුනා ගත්තේ ය‍. "ඉතින් ඒ කියන්නෙ වෘක පැටියා උගෙ ගුහාවෙන් එළියට ඇවිල්ලා සිංහයොත් එක්ක සෙල්ලම් කරන්ට එනවා." ඔහු තෘප්තිමත් ස්වරයෙන් කීය. "නියමයි! උත්කෘෂ්ටයි! වහාම ආපහු පලයන් සෙර් ඇඩම් ගාවට. එයාට කියාපන් පහුබහින්ටයි කියලා. අපි එනකම් උතුරු හමුදාවට මූනදෙන්ට යන්ට එපයි කියලා එයාට කියපන්. ඒ වුනත් මට ඕන එයා උන්ගෙ හමුදාවෙ දෙපැත්තෙන් පොඩි පොඩි ප්‍රහාර එල්ල කරලා උන්ව අවුස්සන්ට. එහෙම කරලා උන්ගෙ හමුදාව තවතවත් දකුණට අද්දගන්ට."

"ඔබතුමා නියෝග කරන විදියටම කියන්නම්." පණිවුඩකරුවා පිටව ගියේය.

"අපි මෙතැන බොහොම හොඳට පැලපදියම් වෙලා ඉන්නවා." සෙර් කෙවන් පෙන්වා දුන්නේය. "ගඟේ තොටුපළට කිට්ටුයි. අගල් හාරලා, බාධක දාලා බොහොම හොඳට ආරක්ෂා වෙලයි ඉන්නෙ. උන් දකුණට එනවා නම් මම කියන්නෙ උන්ට එන්ට දෙන්ට. ඊටපස්සෙ උන්ට මෙතැනදි අපිත් එක්ක හැප්පෙන්ට කියමු."

"මේ කොල්ලා අපේ මුලු හමුදාවම දැක්කොත් ආපහු හැරෙන්ට පුළුවන්. එහෙමත් නැත්තන් උගෙ ධෛර්‍යය හීනවෙලා යයි." ටයිවින් උතුමානන් පැහැදිළි කලේය. "ඉක්මනටම ස්ටාර්ක්ලා පරද්දපු තරමට මට පුළුවන්වෙනවා නිදහසේ ස්ටැනිස් බරතියන් ගැන වග බලාගන්ට. බෙරකාරයින්ට කියන්ට සෙබළුන්ට එකතුවෙන්ට සංඥාව හඬවන්ටයි කියලා. ජේමිට පණිවුඩයක් යවන්ට මම රොබ් ස්ටාර්ක්ට විරුද්ධව උතුරට හමුදා මෙහෙයවනවයි කියලා."

"ඔබේ කැමැත්තක්." සෙර් කෙවන් කීය.

සිය පියා ඉන්පසු අර්ධ වනචාරි කඳුකර ගෝත්‍රිකයින් දෙසට හැරෙන අයුරු ටිරියන් දරුණු වශීකරණයකට හසුවූවකු මෙන් බලා සිටියේය. "මිනිස්සු කියන්නෙ කඳුකරයේ ගෝත්‍රිකයො කියන්නෙ බය නාඳුනන රණකාමියො කියලයි."

"ඒක ඇත්ත කතාවක්." ගල් කපුටන් ගේ කොන් පිළිතුරු දුන්නේය.

"ගෑනුත් එහෙම තමා." චෙලා එකතු කලාය.

"මාත් එක්ක මගේ සතුරන්ට විරුද්ධව යන්ට එන්ට. ඔබලාට ලැබෙයි මගේ පුතා ඔබලාට පොරොන්දු වුන හැමදේම. තවත් දේවලුත් ලැබෙයි." ටයිවින් උතුමානන් ඔවුන්ට පොරොන්දු විය.

"උඹ අපේ සල්ලිවලින්ම අපට ගෙවන්ට යනවද?" උමර් ගේ පුත් උල්ෆ් ඇසීය. "ඇයි අපට තාත්තගෙ පොරොන්දු ඕන වෙන්නෙ? අපට දැනටමත් පුතාගෙ පොරොන්දුව තියෙනවනෙ."

"මම ඕනකමක් ගැන කතාකලේ නෑ." ටයිවින් උතුමානන් පිළිතුරු දුන්නේය. "මම ආරාධනයක් කලා විතරයි‍. ඊට වඩා දෙයක් එතැන නෑ. ඔබලා අපට එකතුවෙන්ට ඕන නෑ. ශීත රටේ මිනිස්සු හැදිලා තියෙන්නෙ යකඩෙනුයි අයිස්වලිනුයි. මගේ නිර්භීතම නයිට්වරු වුනත් බයයි උන්ට මූනදෙන්ට."

'ආහ්! බො‍හොම දක්ෂ විදියට කලා.' ටිරියන් සිය වංචාකාරී සිනහව පාමින් සිතුවේය.

"පිච්චුන මිනිස්සු මොකාටවත් බය නෑ. ටිමට්ගෙ පුතා ටිමට් සිංහයොත් එක්ක යන්ට එයි."

"පිච්චුන මිනිස්සු කොහාටද යන්නෙ, එතැනට ඊට කලින් ගල් කපුටො ගිහිල්ලා තියෙනවා." කොන් උද්වේගයෙන් යුතුව කීය. "අපිත් එනවා යන්ට."

"ඩොල්ෆ්ගෙ පුතා ෂග්ගා උංගෙ පිරිමි ඇඟවල් කපලා කපුටන්ට කන්ට දාන්නං."

"අපි එන්නං උඹත් එක්ක යන්ට සිංහ උතුමෝ." චීක් ගේ දුව චෙලා එකඟ වූවාය. "හැබැයි උඹේ පුතා, කොලුමිනිහා අපිත් එක්ක යනවානං විතරයි. ඌ උගේ ජීවිතේ බේරගත්තෙ අපට පොරොන්දු දීලා. ඌ අපට පොරොන්දු වෙච්ච ආයුධ අපේ අත්වලට ලැබෙනකං උගේ ජීවිතේ අපට බාරයි."

ටයිවින් උතුමානන් සිය රන්වන් පුල්ලි වැටුනු දෑස් පුතු දෙසට හැරවීය.

"ලොකු සතුටක්!" ටිරියන් යටහත් පහත් සිනහවකින් යුතුව කීවේය.




Chella: “Why should we trust your word? Lowland lords have lied to the clans before.”

56 comments:

  1. Replies
    1. ස්තූතියි අසංග!

      Delete
    2. ම්ම්ම්ම්ම්ම්ම් අසංග ප්‍රශ්නයක් අහනවද?

      Delete
  2. Replies
    1. ස්ත්‍රෝත වේවා!

      Delete
    2. හපොයි බයේ බෑ. :D

      Delete
  3. මුගේ රටේ එළුවෝ කපුටෝ එහෙම හෙන මහතට ඇති නේ ?

    ReplyDelete
    Replies
    1. බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්ට පුළුවන් එළුවන් ගෙන් කොහොම ප්‍රවේශම් වෙන්ටද මගේ උතුමාණනි ?

      Delete
    2. ඇයි කපුටන්ගෙන්??

      Delete
    3. බුර්තුමා ඉන්ට රටේ ගුල්ලොත් මහතයිලු

      Delete
    4. බල්ලන් එළුවන් කපුටන්ගේ
      නාදය ඉඳහිට අපට ඇසේ
      ගෝරිල්ලෙකු සොයමින් ඇවිදින්නේ
      දුටුවද කුමරුවනේ?

      Delete
    5. නරි නාදෙ? බස්සන්ගේ හූමිටි ? සිංහ ගර්ජනාව?

      Delete
    6. ගුල්ලන්ගේ කුරු කුරුව :P

      Delete
    7. absholootely no idee prinsh , not me anywaysh, mush be dat foksh motsh

      Delete
    8. watsh going on here? hic! I shold u guysh, no drinking watshoeber here.. hic! wassamasher wid all theshe ppl? hic!

      Delete
    9. we we we we have noproblem. noooooooooo problem
      shomeone hash been drin hic drinking here

      Delete
    10. අර්ධ කඳුකර වනචාරී ගෝත්‍රිකයන්? :P

      Delete
    11. (කේජු කැබැල්ලක් හපමින්) පොඩ්ඩිගේ හදවත ආදරෙන් පිරිලා යනවා මේ කට්ටිය දැක්කාම...නරි මොටෝ කට්ටියටම ඉස්තාලේ ලෑස්ති කලා නම් පිදුරු ගොඩවල් කීපයක් එක්ක. :D:D

      Delete
    12. හෆොයි , ඉස්තාලෙ හෝදල ගන්න වේවි කට්ටිය ගියාට පස්සෙ :)

      Delete
    13. මේ දෙන්න හින්දා මගේ ජොබ ගහල යන්ට හදන්නේ
      :O

      Delete
    14. ඉස්තාලෙ ලෑස්ති කරන්නයි කිව්වෙ, අස්පයො සැට් එකක් ඇවිල්ලද?

      Delete
    15. ඉස්සර නම් උන්දෑ කියන්නෙ අලිමඩුව ලෑස්ති කොරාන්ට කියලා.. දැන් අලියා විකුණලා අස්පයෙක් ගෙනල්ලා වගේ.. ;-)

      Delete
    16. හා, හා කිරි කෝඩු හොට, හොට, දැන් අලි සෙල්ලං පෙන්නන කාලෙ :)

      Delete
  4. ඇඉ අනෙ ඔයා වගෙ අයත් අති නෙ ඇ ඒ කියනෙ ඔයත් මහත ඇති

    ReplyDelete
    Replies
    1. කවුද අනේ මහත? :-O

      Delete
    2. හී හී බලාගෙන...මහත් වෙන්ට කියලා ශාප කලොත් එහෙම...

      Delete
    3. මාත් අහන්නෙ , කව්ද අනේ මහත :P

      Delete
  5. ස්ටාර්ක් ලා එක එක විදිහ උනාට ලැනිස්ටර් බුවාල නම් එකවගේ නේද ? කපටිකම එහෙම.. සමහරවිට පවුලෙ අයම එකිනෙකාට "බෙදා ගන්න" හින්දා වෙන්න ඇති ලේ පිරිසිදු වෙන්න

    ReplyDelete
    Replies
    1. පවුලෙ අය එකිනෙකාට 'බෙදාගත්තෙ' ජේමියි සෙර්සියි විතරයි නේද හැබැයි?

      Delete
    2. හැබෑට ලේ පිරිසිදුකම රකින්ට ඉස්සර ඉන්දියාවෙත් කරපු දෙයක්නේ?

      Delete
  6. ලැනිස්ටර්ල මොනව උනත් දක්ෂයි උපක්‍රමශීලියි නේද?

    ReplyDelete
    Replies
    1. පැවතෙන්නෙ 'දක්ෂ ලැන්ගෙන්' ලුනෙ.. ඒක වෙන්ටැති නේද?

      Delete
    2. රන්ට කුරුමිට්ටා ගැන හිතක් පහල වුනාවත්ද? ඔක්කොම ගෑනු ලමයි (අපේ සෝන්යත් එක්ක ) එයාට ආදරෙයිලුනේ. :D

      Delete
    3. පොඩ්ඩියෙ මාත් එක්ක මොකක් හරි අමනාපයක් තියෙනවද :D

      Delete
  7. මහා සංග්‍රමයට සියල්ල සුදානම්

    ReplyDelete
    Replies
    1. එසේය කුමරුනි.. ඇත්තේ ඔබේ අණදීම පමණයි.. :-)

      Delete
    2. මට මැවිලා පේනවා මනෝජ් අක්බර් වගේ හමුදාව මෙහෙයවනවා...:D

      Delete
    3. අනේ අපි යුධ විරෝධීයෝ නේ.අපිට ඔය යුද්ධ හරි යන්නේ නැහැ.:P

      Delete
  8. මුන් ඔක්කොගෙම තරහ පිට කර ගන්න හදන්නෙ එක අවයවයක් කපලනෙ..

    ReplyDelete
    Replies
    1. පිනෝකියෝගෙ නහය වගේ නම් කමක් නෑ.
      බොරු කතාවක් පරිවර්තනය කලහම හරි

      Delete
    2. එහෙම උනා නම් ඇත්ත කියන එකෙක් හොයාගන්ට නැතිවෙයි බෙහෙතකටවත් :P

      Delete
    3. ඒක නේන්නං සරත්.. බෙල්ල කැපුවත් කමක් නෑ ඕක කපන්නෙ නැතුව නේද? :-O

      Delete
    4. මට නම් තරහා පිට කරගන්ට ඕනි තට්ට පලලා...:P

      Delete
    5. කාගෙ තට්ටෙද දැන් පලන්න හදන්නෙ ......

      Delete
  9. මේ දවස්වල වැඩි විවේකයක් නැති උනත් කතාව කොහොමහරි බලනවා. රොබ්ට මොනාත් වෙන්නෙ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. යුද්ධෙට යන මනුස්සයාට මොනවත් වෙයිද නොවෙයිද කියලා අපි කොහොමද දන්නෙ මෙයා.. යුද්ධෙ ඕන අතකට හැරෙන්ට පුළුවන් නෙවැ..

      Delete
  10. කතාවේ මේ වෙනකන් හම්බුන කපටිම මොළේ තියෙන මිනිස්සු ලැනිස්ටර්ලා වෙන්න ඕන..

    ReplyDelete
  11. ලැනිස්ටර්ලාට අකමැති වුනාට, කොටා නං හොඳා. අර එළුවන්ට කන්න දෙන හාදයක් හොඳා :)

    ReplyDelete
    Replies
    1. එළුවන්ටත් පුරුදු කරමු තණකොළ කන්ට...
      පොම්පොම්ලට එතකොට හැකි බය නොවී ඉන්ට...

      Delete
  12. පරක්කු වුනාට මාත් ආව හූවක් කියල විස්ල් එකක් බල්ටියක් එහෙම ගහල යන්ට
    හිහි

    ReplyDelete
    Replies
    1. විස්ල් ගහන්නෙ කාටද? හූ කියන්නෙ කාටද? :-O

      Delete