බ්‍රැන් අපහසුතාවට පත්වෙමින් ටිරියන් ලැනිස්ටර් ගේ අසමාන දෑස් දෙස බැලී ය. එක් ඇසක් කොළ පැහැ වූ අතර අනික කළු පැහැ විය. මේ දෑසම දැන් ඔහු දෙසට යොමුව ඔහුව නිරීක්ෂණය කරමින්, ඔහුව කිරා මනිමින් සිටියි. "එයාලා මට කිවුව විදියට නම් ඔයා බොහොම දක්ෂයි ඉහළ නගින්ට බ්‍රැන්." කුඩා මිනිසා අන්තිමේදී කතාව ඇරඹී ය. "මට කියන්ට, ඔයා කොහොමද එදා ඔය විදියට වැටුනෙ?"
"මම වැටුනෙ නෑ." බ්‍රැන් අවධාරණය කර සිටියේ ය. ඔහු කවදාවත්ම, කවදාවත්ම, කවදාවත්ම වැටී නැත.
"ඒ දරුවට වැටීම ගැන කිසිම දෙයක් මතක නෑ. අඩුමගානෙ එයා එදා ඒ කුළුණට නැගපු හැටිවත් මතක නෑ."මේස්ටර් ලුවින් පිළිතුරු දුන්නේ ය.
"හරිම පුදුමයි!" ටිරියන් ලැනිස්ටර් කීය.
"මගේ මල්ලි මෙතනට ඇවිල්ලා ඉන්නෙ උඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්ට නෙවෙයි ලැනිස්ටර්." රොබ් කීවේ ය. "උඹ ආපු වැඩේ ඉවරකරලා මෙතැනින් පිටවෙලා පලයන්."
"මගේ ළඟ ඔයාට තෑග්ගක් තියෙනවා." කුරුමිට්ටා බ්‍රැන්ට කීවේ ය. "ඔයා කැමතිද අශ්වයො පිටේ යන්ට කොල්ලො?"
මේස්ටර් ලුවින් ඉදිරියට පැමිණියේ ය. "මගේ උතුමානනි. මේ දරුවගෙ කකුල් සම්පූර්ණයෙන්ම පණ නැතිව ගිහින් තියෙන්නෙ. එයාට අශ්වයෙක් පිටේ වාඩිවෙන්ට බෑ."
"මොන විකාරද?" ලැනිස්ටර් කීවේ ය. "නියම විදියේ අශ්වයෙකුයි නියම විදියේ සෑදලයකුයි ලැබුනා නම් අබ්බගාතයෙකුට වුනත් අශ්වයො පිටේ යන්ට පුළුවන්."
මේ වදන් පිහි පහරවල් මෙන් සිය හදවත පසා කරගෙන යනු බ්‍රැන්ට දැනින. සිය දෑසට කඳුළු පුරා එනු ඔහුට දැනින. "මම අබ්බගාතයෙක් නෙවෙයි!"
"එහෙමනම් ඉතින් මම කුරුමිට්ටෙකුත් නෙවෙයි." කුරුමිට්ටා කට ඇදකරමින් කීවේ ය. "මගේ තාත්තා බොහොම සන්තෝස වෙයි ඒක අහන්ට." ග්‍රේජෝයි සිනාසුනි.
"මොන විදියෙ අශ්වයෙකුයි සෑදලයකුයි ද ඔබ යෝජනා කරන්නෙ?" මේස්ටර් ලුවින් ඇසී ය.
"මොළේ තියෙන අශ්වයෙක්. මේ කොලුවට එයාගෙ කකුල් පාවිච්චි කරන්ට බෑ අශ්වයට අණ දෙන්ට. ඒ නිසා ඔබට සිද්දවෙනවා අශ්වයාව පුරුදු කරන්ට අසරුවාට ගැලපෙන විදියට. ඌට උගන්නන්ට තෝන් ලණුවට ප්‍රතිචාර දක්වන්ට, කටහඬට ප්‍රතිචාර දක්වන්ට. තාමත් පුහුණු කරන්ට ගත්තෙ නැති අශ්වයෙක්ගෙන්ම වැඩේ පටන්ගන්නවා නම් තවත් ලේසියි. එතකොට ඌට පරණ පුරුදු අත්අරින්ට වෙන එකක් නෑ." ඔහු සිය ඉණපටියෙන් රෝල් කරන ලද කඩදාසියක් එළියට ගත්තේ ය. "මෙන්න මේක ඔබලාගෙ සෑදල හදන මනුස්සයාට දෙන්ට. එයා ඉතුරු ටික බලාගනීවි."
මේස්ටර් ලුවින් කුතුහලයෙන් පිරි මුහුණින් යුතුව කුරුමිට්ටා අතින් කඩදාසිය ගත්තේ ය. එය දිගහැරිය ඔහු එහි ඇඳ තිබුනු රූපසටහන අධ්‍යයනය කලේ ය. "හ්ම්ම්... ඔබ බොහොම අගේට ඇඳලා තියෙනවා මගේ උතුමානනි. මේක හරියන්ට පුළුවන්. පුදුමයි මීට කලින් මට මේ බවක් කල්පනා වුනේ නැති එක."
"මට ඒක වඩා ලේසි වුනා මේස්ටර්. ඒක ගොඩක් දුරට මගේ සෑදලවලට සමානයි."
"මට ඇත්තටම අශ්වයො පිටේ යන්ට පුළුවන් වෙයිද?" බ්‍රැන් ඇසී ය. ඔහුට ඔවුන්ව විශ්වාස කිරීමට උවමනා විය. එහෙත් ඒ සමගින්ම ඔහුට බියක් ද දැනෙන්නට විය. සමහරවිට මෙයත් තවත් එක් බොරුවක් වන්නට ඇත. අර හොර කපුටා ඔහුට පියාඹන්නට පුළුවන් වනු ඇතැයි පොරොන්දු විය.
"අනිවාර්යයෙන්ම." කුරුමිට්ටා කීවේ ය. "මම ඔයාට දිවුරලා පොරොන්දුවෙනවා කොලුවො, අශ්වයා පිටේ ඉන්දැද්දි ඔයත් අනිත් අය තරම්ම උසට ඉඳියි."
රොබ් ස්ටාර්ක් ගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් ඇඳී ගියේ ය. "මේක මොකක් හරි උගුලක්ද ලැනිස්ටර්? උඹ මොකටද බ්‍රැන්ට උදවු කරන්නෙ? එයා උඹේ කවුරුවත් නෙවෙයි?"
"උඹේ සහෝදරයා ජොන්, මගෙන් ඇහුවා මට ඒ දේ කරන්ට පුළුවන්ද කියලා. අනිත් එක, මගේ හදවතේ පොඩි ආදරයක් තියෙනවා අබ්බගාතයින්ටයි, අවජාතකයින්ටයි, ඔය අනිත් කැඩිලා බිඳිලා ගිය දේවලටයි." සිය හදවත මතුයෙහි අතක් තැබූ ටිරියන් ලැනිස්ටර් නියවී ය.
අංගනය දෙසට විහිදුනු දොර මහ හඬක් නගමින් විවර විය. සූර්යාළෝකය ශාලාව තුළට ඇතුළු වූ අතර ඒ සමගින් හති දමමින් දිව ආ රිකන්ද ඇතුළු විය. ඔහුට පිටුපසින් ඝෝරවෘකයෝද ඇතුළු වූහ. විසල් කර ගත් දෑසින් යුතු දරුවා දොරකඩ නතර වූ නමුදු වෘකයින් තිදෙනා දිගටම ඉදිරියට එන්නට වූහ. ඔවුන් ලැනිස්ටර් දුටුවා වන්නට ඇත, නැත්තම් ඔහු ගේ ඉව වැටුනා වන්නට ඇත. සමර් මුලින්ම ගොරවන්නට පටන් ගත්තේ ය. ග්‍රේ වින්ඩ් ඊට එක් විය. ඔවුන් දෙදෙනා සෙමින් සෙමින් එකෙක් දකුණෙන් ද අනිකා වමෙන් ද වශයෙන් ඔහු දෙසට පියවර මනින්නට වූහ.
"වෘකයො උඹේ ගඳට කැමැති නෑ ලැනිස්ටර්." තියන් ග්‍රේජෝයි කීවේ ය.
"මම හිතන්නෙ දැන් මට යන්ට වෙලාව හරි." ටිරියන් කීවේ ය. ඔහු පියවරක් පසුපසට ගත්තේ ය... එනමුදු ඔහුට පිටුපසින් සෙවනැලි අතරින් මෑත් වූ ෂැගී ඩෝග් දත් විලිස්සන්නට විය. ලැනිස්ටර් ආපසු පැන්න අතර සමර් එදෙසින් ඔහුට කඩා පැන්නේ ය. ඔහු සමබර නැති අයුරින් වටයක් කැරකුනු අතර අනිත් පසින් පැමිණි ග්‍රේ වින්ඩ් ඔහු ගේ අත සපාකෑවේ ය. උගේ දත්පහරට හසු වූ ඔහු ගේ කමිස අත ඉරී ගියේ ය.
"එපා!" බ්‍රැන් කෑ ගැසුවේ ලැනිස්ටර් මිනිසුන් සිය ආයුධ වෙතට අත යවන අතරතුරේදී ය. "සමර් මෙහෙ. සමර්, මගේ ළඟට එන්ට."
ඝෝරවෘකයා අතීරණයකින් මෙන් වරක් බ්‍රැන් දෙස ද වරක් ටිරියන් දෙස ද බැලී ය. කුඩා මිනිසාගෙන් මෑත්ව පසුපසට ඇදුනු ඌ බ්‍රැන් ගේ අප්‍රාණික දෙපා අසලින් බිම වැතිර ගත්තේ ය.
රොබ්ට හුස්ම ගන්නට පවා අමතකව තිබින. අන්තිමේදී ඔහු සැනසුම් සුසුමක් හෙලී ය. "ග්‍රේ වින්ඩ්." ඔහු ගේ ඝෝරවෘකයා ක්ෂණිකව එහෙත් නිහඬව ඔහු අසලට පැන්නේ ය. ඉතිරිව සිටියේ සිය කොළ පැහැ ගිනි මෙන් දිදුලන දෑසින් ටිරියන් දෙස බලා සිටි ෂැගී ඩෝගි පමණි.
"රිකන්, එයාට කතා කරන්ට." බ්‍රැන් කෑ ගැසුවේ ය. මෙතෙක් වේලා ගල්ගැසී සිටි රිකන් වහා සිහි එලවා ගත්තේ ය. "ෂැගී ගෙදර. දැන් ගෙදර යමු." ලැනිස්ටර් වෙතට අවසාන දත් විලිස්සීමක් කල කළු පැහැ වෘකයා රිකන් වෙතට පිය මැන්න අතර රිකන් උගේ ගෙල වටා දෑත් යවා ඌව බදාගත්තේ ය.
සිය ගෙල වටා පැළඳ සිටි ලේන්සුව ගැලවූ ටිරියන් ලැනිස්ටර් දහදියෙන් තෙත් වී තිබුනු නළල පිසදා හැරියේ ය. "හරිම පුදුමයි!" ඔහු අව්‍යක්ත ස්වරයෙන් කීවේ ය.
"ඔබතුමා හොඳින්ද මගේ උතුමානනි?" අසිපත අතැතිව සිටි ඔහු ගේ මිනිසෙක් ඇසී ය. ඔහු නොසන්සුන් අයුරින් ඝෝරවෘකයින් දෙසට බැල්මක් හෙලී ය.
"මගේ කමිස අත ටිකක් ඉරුනා. මගේ කලිසම තෙමුනා. ඒ වුනත් මගේ ගෞරවය ඇරෙන්ට වෙන කිසිම දේකට හානියක් වුනේ නෑ."
රොබ් පවා තවමත් තැති ගැන්වී සිටියේ ය. "වෘකයො... මම දන්නෙ නෑ ඇයි උං එහෙම දෙයක් කලේ කියලා..."
"කිසිම සැකයක් නෑ, උං හිතන්ට ඇති මම උංගෙ රෑ කෑම වේලයි කියලා." ලැනිස්ටර් දරදඬු අයුරින් බ්‍රැන් දෙසට හිස නැමී ය. "උංට කතා කරපු එකට බොහොම ස්තූතියි උතුමානනි. උන්ට මාව දිරවගන්ට බැරි කෑමක් වෙන්ට තිබුනා, මට විශ්වාසයි. හරි, කොහොමවුනත්, දැන් ඇත්තටම මට පිටවෙලා යන්ට කාලෙ හරි."
"පොඩ්ඩක් ඉන්ට මගේ උතුමානනි." මේස්ටර් ලුවින් රොබ් වෙතට ළඟා වී ඔහුට රහසින් යමක් කියන්නට විය. ඔවුන්ට සවන් දීමට බ්‍රැන් උත්සාහ කලද එය සාර්ථක නොවී ය.
රොබ් ස්ටාර්ක් අන්තිමේ දී සිය අසිපත කොපුවේ ලෑවේ ය. "මම.. මම පොඩ්ඩක් ඉක්මන් වුනා වැඩියි. ඔබ බ්‍රැන්ට කරුනාවන්ත වුනා. ඉතින්.. ඒ නිසා.." රොබ් වචන සෙවීමට තතනමින් උත්සාහයක් දැරී ය. "ඔබ කැමැති නම් වින්ටර්ෆෙල්වල සත්කාරය ඔබට හිමියි ලැනිස්ටර්."
"උඹේ ඔය බොරු ආචාරශීලිත්වය අහකට දාපං කොල්ලො. උඹ මට කැමැතිත් නෑ මම මෙතන ඉන්නවට කැමැතිත් නෑ. මම දැක්කා මේ ප්‍රාකාරවලට පිටින් වින්ටර් ටවුන් එකේ තානායමක් තියෙනවා. මට එහෙන් ඇඳක් හොයාගන්ට පුළුවන්. එතකොට අපි දෙන්නටම සැනසිල්ලෙ නිදාගන්ට පුළුවන්. තව තඹ කාසි කීපයක් වියදම් කලාම මගේ ඈඳට ගන්ට ලස්සන කෙල්ලෙකුත් හොයාගන්ට බැරුවයැ." ඇඹරුනු කොන්දකින් හා හැඩපලු ගෙතුනු රැවුලකින් යුතු මහලු කළු සොහොයුරකුට ඔහු කතා කලේ ය. "යොරේන්, අපි උදෙන්ම දකුණට යනවා. උඹට අපව පාරෙදි මුනගැහෙයි." ආපසු හැරුනු ඔහු සිය බකල කකුල් වලින් ශාලාව හරහා ගොස් දොරකඩ සිටි රිකන්ව ද පසු කොට එළියට පිලිපන්නේ ය. ඔහු ගේ මිනිස්සු ඔහු පිටුපසින් වැටුනහ.
නිශා රැකුමේ සොයුරන් නැවතී බලා සිටියහ. රොබ් අතීරණාත්මක අයුරින් ඔවුන් දෙසට හැරුනි. "මම ඔබලාට කාමර ලෑස්ති කරන්ට කියන්නම්. උණු වතුරත්. මම හිතනවා ඔබලා අපිත් එක්ක රෑ කෑම මේසෙට වාඩි වෙලා අපට ගෞරව දක්වයි කියලා." ඔහු කෙතරම් අදක්ෂ අයුරින් ඒ වදන් පැවසී ද යත් ඒවා ඔහු ගේ හදවතින් පැන නැගි වදන් නොව නිකංම කටපාඩම් කල යමක් කියාපෑමක් බව බ්‍රැන්ට පවා වැටහිනි. කෙසේවුවද කළු සොයුරෝ ඔහුට පෙරලා ස්තූති කලහ.
හොඩෝර් බ්‍රැන්ව ඔසවාගෙන නැවත නිදන කාමරයට යනු පිණිස කුළුණට නගිද්දී සමර් ද ඔවුන් පසුපසින් වැටින. නාකි ආයම්මාට සිය පුටුවේම නින්ද ගොස් තිබින. "හො-ඩෝ-ර්." කියූ හොඩෝර් බ්‍රැන්ව ඇඳ මතින් තමා ඇයව ඔසවාගෙන කාමරයෙන් පිටව ගියේ ය. බ්‍රැන් කල්පනාවේ නිමග්න විය. ඔහුටත් අද රෑ ප්‍රධාන ශාලාවේ අසුන් ගෙන කළු සොයුරන් හා භෝජන සංග්‍රහයට සහභාගි විය හැකි යැයි රොබ් පොරොන්දු වී තිබින. "සමර්." ඔහු කී අතර වෘකයා ඇඳ මතට පැන්නේ ය. බ්‍රැන් ඌව තදින් බදා වැළඳගත්තේ ය. "මට දැන් අශ්වයො පිටේ යන්ට පුළුවන්." ඔහු වෘකයා ගේ කණට කෙඳිරුවේ ය. "ඔන්න බලන්ටකො. අපි දෙන්නටම එකතු වෙලා කැලේ දඩයමේ යන්ට පුළුවන්." මඳ වේලාවකට පසු නින්ද ඔහු සොයා ආවේ ය.
ඔහු ගේ සිහිනය තුළ ඔහු නැවතත් කිසිදු කවුළුවක් නැති පැරණි කුළුණක් දිගේ ඉහළ නගිමින් සිටියේ ය. ඔහු ගේ අතැඟිලි, අල්ලාගැනීමට සුදුසු කුහරයක් සොයමින් ගල් අතර එහා මෙහා දිවගිය අතර ඔහු ගේ දෙපා පා තැබීමට සුදුසු තැනක් සොයමින් වෙහෙසුනේ ය. ඔහු ඉහළටම ඉහළටම, වළාකුළුවලටත් ඉහළින් අඳුරු රාත්‍රී අහස දෙසට නගිමින් සිටියේ ය. එනමුදු කුළුණ තවමත් ඔහුට ඉහළින් බොහෝ දුර විහිදුනි. මඳක් නැවතී පහළ බැලූ ඔහු ගේ හිස බමන්නට වූ අතර අතැඟිලි ලිස්සන්නට විය. කෑ ගැසූ බ්‍රැන් සිය ජීවිතය වෙනුවෙන් තදින් කුළුණ බදා ගත්තේ ය. පොළොව ඔහුට සැතපුම් දහස් ගණනක් පහතින් වූ අතර ඔහුට පියාඹන්නට හැකියාවක් ද නොවින. සිය හද ගැහීම සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක්, හුස්මක් අල්ලා ගත හැකි වන තෙක් ඔහු මඳක් නැවතී බලා සිටියේ ය. ඉන්පසු නැවතත් ඉහළ නගින්නට පටන් ගත්තේ ය. ඉහළට යනු හැර වෙනත් යා හැකි දිසාවක් නොවී ය. මඳ සඳ එළියේ ඔහුට බොහෝ ඉහළින් පිහිටි දිය පිට කිරීමට තැනූ නළවල හැඩය ඔහු දුටුවේ ය. ඔහු ගේ දෑත් වේදනාවෙන් ඇදුම් කන්නට වූ නමුදු ඔහුට නැවතී විවේක ගන්නට හැකියාවක් නොවී ය. වඩ වඩාත් වේගයෙන් ඉහළ නගින්නට ඔහු තමාවම උනන්දු කර ගත්තේ ය. ඔහු ඉහළ නගින දෙස දිය නළ බලා සිටින්නට විය. ඒවායේ දෑස් ගිනිකබලක ගිනිඅඟුරු මෙන් රත් පැහැයෙන් දිදුලන්නට විය. සමහරවිට, කලෙකට පෙරදී ඒවා සිංහයින් ගේ හැඩහුරුකම ගත්තද දැන් ඒවා ඇඹරී විකෘත වී ගොස් තිබින. ඒවා මෘදු රහස් ස්වරයෙන් එකිනෙකාට කොඳුරාගන්නා හඬ බ්‍රැන්ට ඇසින. ඊට ඇහුම්කන් දීමෙන් වැළකිය යුතු යැයි ඔහු තමාටම කියා ගත්තේ ය. ඊට ඇහුම්කන් නොදෙන තාක් කල් ඔහු සුරක්ෂිත ය. එනමුදු මේ දිය නළ ඔවුන් සවි කර තිබුනු ගල්වලින් මිදී බ්‍රැන් වෙතට, කුළුණේ පහළට එන්නට පටන් ගත් විට තමා තවදුරටත් සුරක්ෂිත නැතැයි ඔහුට හැඟුනි. "මට මොකුත් ඇහුනෙ නෑ." ඔවුන් වඩා වඩාත් ලංවෙද්දී බ්‍රැන් වැලපෙන්නට විය. "මට ඇහුනෙ නෑ. මට ඇහුනෙ නෑ."
තැතිගත් ඔහු නින්දෙන් අවදි විය. අන්ධකාරයේ අතරමං වූ ඔහු දෙසට දැවැන්ත සෙවනැල්ලක් නැඹුරු වෙමින් තිබින. "මට ඇහුනෙ නෑ." ඔහු මිමිනුවේ බියෙන් වෙවුලමිනි. එනමුදු ඒ සෙවනැල්ල "හො-ඩෝ-ර්." කියා ඇඳ පසෙකින් තිබුනු ඉටිපන්දම පත්තු කලේ ය. බ්‍රැන් සැනසුම් සුසුමක් හෙලුවේ ය.
උණුසුම් තෙත් රෙදි කැබැල්ලකින් ඔහු ගේ ඇඟ පිස දැමූ හොඩෝර් කඩිසර අතැඟිලි වලින් ඔහුට ඇඳුම් ඇන්දවී ය. ඉන්පසු ඔහුව පහළ ප්‍රධාන ශාලාවට ඔසවාගෙන ගියේ ය. මේසයේ මුලින්ම තිබුනු ප්‍රධානියා ගේ උස් පුටුව හිස්ව තිබුනු අතර රොබ් එහි දකුණු පසින් අසුන් ගෙන සිටියේ ය. අනික් පසින් බ්‍රැන් අසුන් ගත්තේ ය. ඔවුන් රාත්‍රී ආහාරය වශයෙන් ඌරු පැටවුන්, පරෙවි පයි එකක් හා බටර් දමා බැදපු ටර්නිප් අනුභව කල අතර අතුරුපස වෙනුවෙන් අරක්කැමියා මී වද පොරොන්දු වී තිබින. සමර් මේසය යටට වී බ්‍රැන්ගෙන් ලැබෙන කෑම අනුභව කල අතර ග්‍රේ වින්ඩ් හා ෂැගී ඩෝග් ශාලාවේ මුල්ලක ඇටකටුවක් වෙනුවෙන් පොර වැදී හුන්හ. වින්ටර්ෆෙල්හි සුනඛයන් මේ වනවිට ප්‍රධාන ශාලාව මග හැර සිටීමට ඉගෙන උන්හ.
කළු සොයුරන් අතරින් ජ්‍යේෂ්ටයා වූ යොරේන්, රොබ් හා මේස්ටර් ඒමන් අතරින් අසුන් ගෙන සිටියේ ය. මේ මහලු මිනිසා වෙතින් දැඩි දුගඳක් වහනය වූයේ හරියටම ඔහු දිගු කලක් නොනා සිටි පරිද්දෙනි. ජොන් ස්නොව් ගැන ඇසූ විට ඔහු දෙවුර ඇකිලී ය. "සෙර් ඇලිසර්ගෙ විනාසෙ." ඔහු අමනාපයෙන් මෙන් ගෙරවූ අතර ඔහු ගේ සගයින් දෙදෙනෙක් බ්‍රැන් නොදන්නා කුමක් හෝ දෙයකට සිනාවක් හුවමාරු කරගත්හ. එනමුදු රොබ් සිය බාප්පා වූ බෙන්ජින් ස්ටාර්ක් ගැන විමසූ විට ඔවුන් සියල්ලෝම නිහඬ වූහ.
"මොකක්ද?" බ්‍රැන් ඇසී ය.
යොරේන් ඉඳුල් වැකුනු සිය අතැඟිලි කමිසයේ පිසදා හැරියේ ය. "නරක ආරංචි මයෙ උතුමනි. ඔබතුමන්ලාගෙ ආගන්තුක සත්කාරවලට කලගුණ සලකන්ට අපට කියන්ට වෙලා තියෙන්නෙ නපුරු ආරංචි. ඒ වුනත් ඔබලාට මේවා කියන්ට අපි බැඳිලා ඉන්නවා. ස්ටාර්ක් නැතිවෙලා."
ඔහු ගේ සගයෙක් ද කතාවට එක් විය. "නාකි වලහා එයාව යැවුවා වේමාර් රොයිස්ට මොකද වුනේ කියලා හොයලා බලන්ට. එයා එන්ට පරක්කුයි මගෙ උතුමානනි."
"පරක්කු වුනා වැඩියි." යොරේන් කීය. "සමහරවිට එයා මැරිලා ඇති."
"මගේ බාප්පා මැරිලා නෑ." රොබ් ස්ටාර්ක් මහ හඬින් කීවේ ය. ඔහු ගේ කටහඬේ කේන්තිය පිරී තිබින. අසුනෙන් නැගී සිටි ඔහු සිය අසිපත් මිට මත අත රැඳෙවුවේ ය. "උඹලාට ඇහුනද? මගේ බාප්පා මැරිලා නෑ." ඔහු ගේ හඬ ශාලාව සිසාරා පැතිර ගිය අතර බ්‍රැන්ට හදිසියේම බියක් දැනෙන්නට විය.
මහලු යොරේන් කිසිදු හැඟීමක් නැති ස්වරයෙන් රොබ් දෙස බලා සිටියේ ය. "ඔබතුමා කියන දෙයක් මයෙ උතුමානනි." ඔහු කීය.
කළු සොයුරන් අතර ලාබාලතමයා අපහසුතාවට පත් වූ අයුරින් සිය අසුනේ හැරුනි. "බෙන්ජින් ස්ටාර්ක් තරම් හොඳින් හොල්මන් කැලේ ගැන දන්න වෙන කිසිම මිනිහෙක් ප්‍රාකාරෙ නෑ. එයා කොහොමහරි ආපහු එයි."
"ඔවු." යොරේන් කීය. "සමහරවිට එයා ආපහු එයි. සමහරවිට එන එකක් නෑ. හොඳ දක්ෂ මිනිස්සු කී දෙනෙක් මීට කලින් ඔය කැලේට ගිහින් ආපහු ඇවිල්ලා නැද්ද."
බ්‍රැන්ට සිතාගත හැකි වුනු එකම දෙය නම් නාකි ආයම්මා ගේ කතන්දරයි. අනික් එවුන්, අන්තිම වීරයා, වනාන්තරය තුළ ඔහු පසුපසින් පන්නන මළගිය මිනිසුන් හා බල්ලන් තරම් විශාල මකුළුවන්. ඔහුට මොහොතකට බියක් දැනුනු මුත් ඒ කතාව අවසන් වන්නේ කෙසේදැයි ඔහුට සිහිපත් විය. "දරුවො එයාට උදවු කරයි." ඔහු දෙඩෙවුවේ ය. "වනාන්තරයේ දරුවො."
තියන් ග්‍රේජෝයි අවඥාවෙන් සිනාසුනේ ය. "බ්‍රැන් වනාන්තරයේ දරුවො මැරිලා නැතිවෙලා ගිහිල්ලා දැන් අවුරුදු දාස් ගානක් වෙනවා. එයාලගෙන් ඉතුරුවෙලා තියෙන එකම දේ ගස්වල තියෙන මූනු විතරයි." මේස්ටර් ලුවින් කීය.
"මේ පහළදි ඒ කතාව ඇත්ත වෙන්ට පුළුවන් මේස්ටර්." යොරේන් පිළිතුරු දුන්නේ ය. "ඒ වුනත්, ඒ උතුරෙදි, ප්‍රාකාරෙන් එහාදි... කවුද දන්නෙ? එහෙදි මිනිහෙකුට හරියටම කියන්ට බෑ මොකක්ද මැරිලා තියෙන්නෙ මොකක්ද පණපිටින් ඉන්නෙ කියලා."
භෝජන සංග්‍රහය නිමා වූ පසු රොබ් සිය දෑතින්ම බ්‍රැන්ව ඔසවාගෙන නිදන කාමරය වෙත ගියේ ය. ග්‍රේ වින්ඩ් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කල අතර සමර් පසුපසින් පැමිණියේ ය. ඔහු ගේ සොයුරා ශක්තිමත් කොලුවකු වූ අතර බ්‍රැන් රෙදි බෝනික්කකු මෙන් සැහැල්ලු විය. එනමුදු ඒ පඩිපෙළ සීඝ්‍ර නැග්මකින් යුතු වූ අතර ඔවුන් කාමරයට ළඟා වන විට රොබ් ගේ හුස්ම ගැනීම ආයාසාත්මක වී තිබින.
බ්‍රැන්ව ඇඳ මත තබා පොරෝණවලින් වැසූ රොබ් ඉටිපන්දම නිවා දැමීය. මඳ වේලාවක් යනතෙක් ඔහු නිහඬවම ඇඳ පසෙකින් වාඩි වී සිටියේ ය. ඔහු හා කතා කිරීමට බ්‍රැන්ට උවමනා වූ නමුදු කුමක් කියන්නදැයි ඔහුට සිතා ගත නොහැකි විය. "අපි ඉක්මනටම ඔයාට අශ්වයෙක් හොයා ගමු. මම පොරොන්දු වෙනවා." අන්තිමේදී රොබ් මිමිනී ය.
"ඒගොල්ලො කවදාවත් ආපහු එන්නෙ නැද්ද?"
"එයාලා එනවා." රොබ් පිළිතුරු දුනි. ඔහු ගේ කටහඬේ වූ බලාපොරොත්තු සහගත බව නිසා මේ කතාකරන්නේ රොබ් උතුමානන් නොව සිය සහෝදරයා වූ රොබ් බව බ්‍රැන්ට වැටහුනි. "අම්මා ඉක්මනටම ගෙදර එයි. සමහරවිට අපට පුළුවන් වෙයි එයා එනකොට මගට ගිහිල්ලා එයාව පිළිගන්ට. ඔයා අශ්වයා පිටේ ඉන්නවා දැක්කහම එයාට පුදුම හිතෙයි නේද?" අන්ධකාරය මධ්‍යයේ වුව සිය සොයුරා ගේ සිනහව හඳුනාගන්නට බ්‍රැන් සමත් විය. "ඊටපස්සෙ, අපි උතුරට යමු, ප්‍රාකාරෙට. අපි ජොන්ට අපි එනවයි කියලා නොකියම යමු. අපි දවසක එහෙ යමු. ඔයයි මායි. ඒක හරිම වික්‍රමයක් වෙයි නේද?"
"වික්‍රමයක්." බ්‍රැන් උකටලී ලෙසින් එය පුනරුච්චාරණය කලේ ය. සිය සොයුරා ඉකිබිඳින හඬ ඔහුට ඇසින. කාමරය කෙතරම් අඳුරු වීද යත් රොබ් ගේ මුහුණෙහි වූ කඳුළු ඔහුට දැකිය නොහැකි විය. එබැවින් සිය අත දිගු කල ඔහු රොබ් ගේ අතින් අල්ලා ගත්තේ ය. ඔවුන් ගේ අතැඟිලි තරයේ එකට වෙලී ගියේ ය.
Robb Stark: “I am the lord here while my mother and father are away.”
Slam !
ReplyDeleteකෝ පොම්?
Slam ha? :D
Deleteඔය ඇවිත් ඉන්නෙ උදැල්ල ගෙනාවද? :p
Deleteඋදැල්ල දැන් මලකඩ කාගෙන එන්නේ :(
Deleteමුන් දෙන්නා වරද්දනවා අඩුයි අප්පා දැන්
// උදැල්ල දැන් මලකඩ කාගෙන එන්නේ //
Deleteමං කිවුවා කපන්ට කපන්ට මුවහත් වෙන කිඹුලා උදැල්ලක්ම ගන්ට කියලා... ඇහුවද? ඇහුවද? ඇහුවද?
bam.......:D
Deleteහැලපෙට ලොකු චොයිස් එකක් :
ReplyDelete//ඌරු පැටවුන්, පරෙවි පයි එකක් හා බටර් දමා බැදපු ටර්නිප් අනුභව කල අතර අතුරුපස වෙනුවෙන් මී වද// //ඇටකටුවක් වෙනුවෙන් පොර වැදී // //උන්ට මාව දිරවගන්ට බැරි කෑමක් වෙන්ට තිබුනා,//
හැලපයියා වෙනුවෙන්ම.:D
DeleteIts halapes day wage :-)
Delete// Its halapes day wage // Halape's day wage? day's wages?
Deleteහැලපෙගෙ දවසෙ පඩිය ඇද්ද ඔය ඔක්කොම කන්න?
මයෙ හිතේ වයිනුයි, බියරුයි ගැන කියන නැත්තෙ එව්වා සාමාන්‍ය දේවල් නිසා වෙන්ටෑ? ඔහෙ වතුර වැඩි පාවිච්චියක් නෑ නෙව? වයිනුයි, බියරුයි තියල තියෙන්නෙ පොඩි පීප්ප වල , ටැප් හයි කරලා. ඉතිං "ටැප්" වෙනකං ගහන්න ඇහැකි නෙව:)
Deleteඅහෝ කැනහිල්තුමනි (කන හිල් නෙමෙයි හරි? ) කෑම ගැන හරියට කීම අප වැන්නවුන්ට අපහසු කාර්යයකි. පසුගිය පෝස්ටුවේ අහිංසක බස්තුමෙක් කියා ඇත්තේ බස්සන් ලොවි වැනි පලතුරු අනුභව කරන බවකි. අප වැනි පහල ස්තරයේ සතුන් සිතා සිටියේ බස්සන් මාංශ බක්ශකබවයි. බස්සන් යනු බෝදිලිම් විශෙසයක් බවත් උන් කන්නෙ ලොවි බවත් දැනගත්තේ රජපාදය වූ ඒ බස් උතුමාගෙනි
Deleteවෙජිටේරියන් බස්සෙක් :P
Delete@PJ & PoM
Deleteහපෝයි, ටපලෝ ගෙන නේද? නෑ, නෑ , බෝදිලිමා කියන්නෙ බකුසු වර්ගයක්. අපේ දුර නෑයෙක්, අර ඔලුවෙ අං දෙකක් එහෙම තියන්නෙ, ආන්න එයා.
ජනප්‍රවාදයට අනුව බෝදිලිමා කතාවෙ , හැඳි දෙකක් ඔලුවෙ ගහගත්ත කතාවක් තියනවා නෙව? ඒ තමයි අර "අං" දෙක. තව සමහර කටුස්සො කියනවා, බෝදිලිමා එයාලගෙ නෑයෙක් කියලත්. තව සමහර උගුඩුවෝ කියනවා බෝදිලිමා කියන්නෙ , දුකට ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් දුක නැතිකරගන්න අඬන සද්දෙට රැවටිලා, බෝදිලිමෙක් කියන වග. ඒ කතාව නං ටිකක් හරි විස්වාස කලෑකි.
ඇයි වෙජිටේරියන් බස්සො ඉන්න බැරිද? ඔය කැලේ අලි ඉන්නෙ යස අගේට, කොල විතරක් කාලා? අපේ බල්ලෙක් හිටියා කලුවා කියලා , වැල කන්න මරුවා.
පස්සෙ දවකක පාරෙ බුදියගන්න ගිහිල්ලා ලොරි කාරයෙක් ඌව ස්වර්ගස්ථ කලා :(
මරුනහම කටුස්සෙක් වෙනවා ලු නේ?
Delete// අපේ බල්ලෙක් හිටියා කලුවා කියලා , වැල කන්න මරුවා. //
Deleteඔවු ඉතින්, බොලා ඌට කන්ට ටිකක් දෙන්නෙ නැතිකොට ඌ වැල ගෙඩියක් කාලාවත් පණ නල ගැටගහගන්ට එපායැ..
මමනං කියන්නෙ ඔය බෝදිලිමා කියන්නෙ අර හිමමිනිහා වගේ කවුරුවත් දැකලා නැති දෙපයින් ගමන් කොරන ගෝරිලි තඩියෙක්.. සමහරවිට ඌට අං දෙකකුත් ඇති.. :-D
@DGMබෝදිලිමා
DeleteSerious comment- හැඳි දෙකක් නෙමෙයි හැන්දක්. බෝදිලිමා නෙමෙයි "උලමා".
ඔලුවෙ crest එක ( like the crested hawk eagle, crested owl, crested swift etc ) නිසා එහෙම කියන්නෙ
Deadly serious comment - අනේ මං දන්නෙ නෑ මේක නම් ෆැන්ටසි බ්ලොග් එකක්ම තමා බස්සන්ට කුරුල්ලො ගැන කියලදෙන්න වෙලා තියෙන්නෙ අපිට! බෝදිලිමට වඩා ෆැන්ටැස්ටික් සතෙක් වගේ මේ DGMB . ඌ කලර්ස් විතරයි මාරු කරන්නෙ මූ සත්ව වර්ගයම මාරුකරනව.
A Warg?
ඇයි වෙජිටේරියන් මියෝත් ඉන්නේ.එක පාරක් අපේ ගෙදර මියෝ බෝ වෙලා දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා මුන්ව නැති කරන්න බැරිම තැන ගෙනවා මී කතුරක්.කරවල කෑල්ලක් තියලා මුව අල්ලා ගන්න බැලුවා වැඩේ හරි ගියේම නැහැ.මු කරවල කැල්ල දිහා බලන්නෙවත් නැහැ.පස්සේ දවසක තිබ්බා පොල් කෑල්ලක්. අනේ අසරණ මියා..:(
Deleteඅප්පට හුඩු තව පොඩ්ඩෙන් කෑම වේල මිස් වෙනවා.මම ගෙදර හිටියෙ නෑනෙ.වෙන රටක යාලුවෙක්ගෙ ගෙදර ගිහිං හිටියෙ එච්චරම බඩගින්නක් නෑ. අපරාදෙ කියන්න බෑ පහුගිය දවස් දෙක තුනේ සැපට කෑවා
Deleteඅපි බස්සට 'උලමා' කියන්ට පටන් ගමුනේ. :D
Delete@හැලපේ,
Deleteපිටරට ගිහින් කාපු කෑම ගැන පෝස්ට් දාමු. :)
මොනවද හැබෑට කන්ට දුන්නේ?
Delete//හපෝයි, ටපලෝ ගෙන නේද? නෑ, නෑ , බෝදිලිමා කියන්නෙ බකුසු වර්ගයක්.අර ඔලුවෙ අං දෙකක් එහෙම තියන්නෙ, ආන්න එයා.//
Deleteමූනං මූකලං බස්සෙක්ම නෙවි.
//අපේ බල්ලෙක් හිටියා කලුවා කියලා , වැල කන්න මරුවා. ලොරි කාරයෙක් ඌව ස්වර්ගස්ථ කලා//
වැල කනකොට ලොරි වලට යටවෙන්න තීන සම්භාවිතාව වැඩියි නේන්නං. ආයෙ කියන්නත් දෙයක්ය!
@ ඉන්දික
Deleteඉස්සර මං බස්සා,පස්සෙ බජාර් එකේ රජ කකුලක්. දැන් නිකම්ම නිකං උලමා :(
එක අතකට උලමෙක් වෙන එක හොඳා බස්සෙක් වෙනවට වැඩිය. කරටි කැඩෙන්න දෙකක් නමා ගන්න නැති බකුසු ජීවිතෙන් මොකක්ද ඇති වැඩේ?
කාරි නෑ , මට මීට කලිනුත් ගෑල්ලමයෙක් උලමා කියල තියනවා :)
අපේ කලුවා, පරයා ඩෝග් උනාට හොඳ හැදිච්ච එකා :)
මේ , ඔය කා ගාවත් ඩක් ටේප් එහෙම තියෙනවද? මොකකටවත් නෙමේ අර ගෝරිල්ලගෙ කටට සීල් තියන්න
duct tape තොග වශයෙන් වුවද සැපයිය හැක.
Deleteඋතුමාණන් කෙනෙක් උනත් මොකද රොබ් බලාගෙන ඉන්නෙත් අම්ම ගෙදර එනකන්නෙ... බ්‍රැන් අස්සයෝ පිටේ යයිද?
ReplyDeleteනැතුව නැතුව.. උතුමානන් වුනත් තාම අවුරුදු දාහතරේ පොඩි එකා නෙවැ..
Deleteතව පාරක් කියවලම කමෙන්ට් කරන්නම්. අපේ අල්ලපු ගෙදර මළ ගෙයක් අනේ .
ReplyDeleteමළ ගෙවල් ළග තියන් මේවා කියවන්න හොඳ නැහැ අනේ.
Deleteඒකට කාරි නැ. දානෙ වේල ලඟ,ලඟ එනවා නෙව? :p
Deleteඅල්ලපු ගෙදර මළ ගෙයක් වුනාම හත්දවසෙ දානෙ දෙනකම් බ්ලොග්වල කමෙන්ට් කරන්ට බැරිද? :-P
Delete@ මනෝජ්,
Deleteඇයි හොල්මන් එනවද ? පව් මැරුණේ අවුරුදු 102ක ආච්චි කෙනෙක් :)
@ නරි මොටා '
ඔන්න ඉතින් අර චීස් කෑල්ලක් ගන්න කොළඹ කාක්කා ලඟට ගිය නරි මොටා වගේ කියෝනවා :D
@Buratheno,
:P
ඇයි අනේ මළ ගෙයක් වුනාම අසල් වැසියන්ට උදව් කරන්න එපැයි
මෙයා දන්න ඔක්කොම මැරෙනවනේ. බයේ බෑ අප්පා. ඔන්න අපි නම් ඔයාව අඳුනන්නේ නැතිලු...:D
Deleteබ්‍රෑන් ට මෙලෝ දෙයක් මතක නැද්ද? මට හැබැයි පස්සෙත් කල්පනා වුණා ජේමිටයි සෙර්සිටයි ඔහොම හොර පොට් එකකට යන්න පුළුවන්ද කියන එක... රැජිනට ඕනේ වෙලාවක මුරකාරයෝ නැද්ද? එහෙම මුරට ඉන්න අයව ටිකකට අහක් කරලා තියන්න පුළුවන් නම් ඇයි ජේමිගෙ හරි සෙර්සිගෙ කාමරේ හරි ඕක නොකලේ...
ReplyDeleteමම මී වද නම් කාලම නෑ
තිසරට මීයන්ගෙන් වදයක් වෙලා නැද්ද?
Deleteමං මීයන්ට සම්බන්ද නොවුනත් වදයක් යයි බස්සො හිතන බව දැනගන්න ලැබුන.
කොහෙද යන්නේ මල්ලේ පොල් නේ ප්‍රා. ඔයා සිංහ ධේනුන්ට කැමති කතාවක් කොහෙදෝ දැක්කා.:P
Delete@ Pods
Deleteමී පැණි පොල් ද මල්ලෙ?
සිංහ ධේනුන්ට කැමති - පොං පොං පොං පොං ....!
හී හී...එහෙමලුද?
Deleteඔව් වොව් වොව් වෝව් !
Deleteසිංහ දඩයම ටයනුරට රාජකීය ක්‍රීඩාව.
අපේ දිලිසෙන උන්නාන්සෙ නම් කැමති ගොදුරක් වෙන්ට ලු
අපි නම් දඩයමට ලු කැමති :P
Deleteඒකම තමා ප්‍රා කියලා තියෙන්නේ. සිංහ දඩයමට තමාලු පොං පොං වැඩියම කැමතී...:P
Deleteදෙන්නම කැමති නම් ඉතින් පොඩ්ස් උදැල්ල දාන්න ඉස්සෙල්ල.........
Deleteඉස්කෝලේ ඉගැන්නුවා සිංහයෝ වඳ වී යන ජාතියක්. මරන්ට එපා කියල.
Deleteඅනික් එක බැරිවෙලාවත් ඉලක්කේ වැරදුනොත් කුමාරයට වෙන්නේ අපායේ ලෝදිය පෙරන්ට තමා.
සිංහයෝ නම් එපාආආආආආආආආආ ලු.
සිංහයෝ? කවුද කුමරුනි ඔබ that way inclined කියල කිව්වෙ?
Deleteඅපි කියන්නෙ සිංහ ධේනු ගැන.
අනිත් එක සිංහයන් වඳ වෙන්න ගියාට ගෝඩාකාරයො එහෙම නෑ නෙ. ධේනුවකගෙ ගොදුරක් වෙලා බලන්ට නිකම්.
මම නම් මේ කමෙන්ට්ස් ටික කියෙව්වෙ නැතිලු :)
Deleteඇයි ඒ? ලැජ්ජා හිතුනද...?? :-P
Deleteඑන්න එන්නම කතාව රසවත් වෙනවා , නිදහස් වෙලාවක කතාව මුල ඉඳලම කියවන්න ඕනේ . මම මෙතෙක් ගොඩාක් ආසාවෙන් කියවපු පරිවර්තන පොත් කීපයක් තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේ කතාව අනර්ඝයි......
ReplyDeleteඔයාගේ අනෙක් කමෙන්ට්ස් වලට වඩා මේකත් අනර්ඝලු. :P
Deleteහා හා ඊ ළඟ... :D
ReplyDeleteමාආආආ.....ර හදිස්සියක් නෙ :D
Delete@මාරයාගේ හෝරාව, යකෝ දැන්වත් කතාව කියවල වෙන කමෙන්ට් එකක් දාහන්.
Delete@ඉන්දික
Deleteහා හා තව හිතෙන දෙයක් කියන්න...
මාආආආ..............ර වැඩක් තමා මේක... :-D
Deleteලස්සන ලස්සන කමෙන්ට් තොගයකුත් දුටිමි :D
ReplyDeleteලස්සන ලස්සන ගෑල්ළමයි දාපු ඒවද? ;-)
Deleteදැන් තමයි කියෙව්වේ.... උණ ගැනිලා මැරෙන්ට වැටිලා හිටියා නෙව.. කොරන්ට වැඩකුත් නොතිබිච්ච එකේ සහ මේක නිසා වෙස්ටරෝස් ඉතිහාසෙයි පවුල් ගැනයි සිතියමුයි ගැන දැනගත්ත එකේ කාලේ කාලේ කියලා බලන්නේ නැතුව ආයි පාරක් ටීවී සිරිස් එක බැලුවා...:)
ReplyDeleteඒ උනාට දැන්නම් නිකං පිස්සු වගේ..... උණ විකාරෙට වඩා දරුණුයි නෙ මේක...
කියෙව්වා..
ReplyDelete