Friday 13 March 2015

ආර්යා 05-1


බේකරි වීථියේ වූ වෙළෙඳසල් වලින් හමා ආ උණු පාන් වලින් නැගුනු සුගන්ධය ආර්යා මෙතෙක් කලක් විඳ ඇති සියලු සුවඳ විලවුන් සුගන්ධයන් පැරදීය . ඇය ගැඹුරු හුස්මක් ගෙන පරෙවියා දෙසට ලංවුවාය. ඌ දුඹුරු තිත් වැටුණු මහත එකෙක් විය. පාරේ වටකුරු ගල් දෙකක් අතර වැටී තිබූ පාන් වාටියකට කොටමින් සිටි පරෙවියා ආර්යාගේ සෙවනැල්ල  ඌ මත වැටුනු විගස අහසට නැගී ගියේය.

ඇගේ ලී අසිපත වාතලය කපා ගෙන ගොස් පොළොවට අඩි දෙකක් ඉහළින් පියාඹමින් සිටි පරෙවියා මත පතිත වූ අතර දුඹුරු පිහාටු වැස්සක් මෙන් ඌ පොළොව සිප ගත්තේය. ඇසිපිය ගසන පමාවෙන් ඌ මතට පිනූ ආර්යා ඇඹරෙමින් දඟලන පරෙවියා අල්ලා ගත්තාය. ඌ ඇගේ අතට කෙටුවේය. එනමුදු උගේ ගෙලින් අල්ලාගත් ඇය ඇටකටු බිඳෙන හඬ ඇසෙන තුරු එය අඹරවා දැමුවාය. බළලුන් හා සසඳන විට පරෙවියන් අල්ලා ගැනීම ඉතා පහසු කටයුත්තක් විය.

ඇයව පසුකර යමින් සිටි සප්තක පූජකවරයෙක් මේ ක්‍රියාව දෙස නොරිස්සුමෙන් මෙන් බලා සිටියේය. "මෙතැන තමා පරෙවියෝ අල්ලන්ට හොඳම තැන." දුහුවිලි පිසදාගෙන සිය ලී අසිපත ඇහිඳගන්නා අතර ඇය ඔහුට කීවාය. "උන් මේ පාන් වාටි කන්ට එන්නේ." ඔහු වහා එතැනින් ඉවත්ව ගියේය.

පරෙවියාව බඳපටියේ අමුනාගත් ඇය මාවත පහළට ගමන් කලාය . මිනිසෙකු රසකැවිලි පිරවූ අත් කරත්තයක් තල්ලු කරමින් ඇය ඉදිරියට ආ අතර ඉන් ප්‍රනීත බ්ලුබෙරි, ලෙමන් සහ ඇප්‍රිකොට් සුවඳ හමා එන්නට විය. ඇගේ උදරය ගෙරවිලි හඬක් නැංවීය. "අනේ මටත් එකක් දෙනවද?" සිය මුවින් පිටවෙනු ඇයටම ඇසුනි. "ලෙමන් එකක් හරි... මොනවා හරි එකක්."

කරත්තකරු ඇගේ කේශාන්තයේ සිට පාදාන්තයට බැල්මක් හෙලුවේය. පැහැදිලිවම ඔහු ඇගේ දර්ශනයට කැමති වූයේ නැත."තඹ කාසි තුනයි."

ආර්යා ඇගේ ලී කඩුවෙන් සිය බූට්ස් සපත්තුවලට තට්ටු කලාය . "මම මේ තඩි පරෙවියා ඔබට දෙන්නම්."

"උඹේ පරෙවියා ගිහින් දීපන් අනික් එවුන්ට." කරත්තකරු පැවසීය.

රසකැවිලි මේ දැන් උඳුනෙන් බෑවාක් මෙන් උණුසුම් විය. ඒවායේ සුවඳ කටට කෙල උනවනසුළු විය. නමුත් ඈ සතුව තඹ කාසි තුනක් තබා එකක් වත් නොමැත. ඇය කරත්තකරු දෙස බැල්මක් හෙලුවාය. 'දැකීම' ගැන සිරියෝ කියාදුන් පාඩම් ඇගේ සිතට නැගුනි. කරත්තකරු මිටි අයෙකු විය. ඔහුට කුඩා, රවුම් බඩ ගෙඩියක් තිබූ අතර වම් කකුලට බරදී ඇවිද්දේය. රසකැවිල්ලක් රැගෙන දිවුවොත් ඔහුට කිසිදිනෙක ඇයව අල්ලනු බැරි වනු ඇතැයි ඇය සිතුවාය. "උඹේ ඔය ජරා අත් අහකට ගනිං. රන්කබාකාරයෝ දන්නවා කොහොමද උඹ වගේ හොර හිඟන්නියන් එක්ක ගනුදෙනු කරන්නෙ කියලා." එවිටම ඔහු පැවසීය.

ඔහුගේ වචන ඇසුනු ඇයට ඉබේම පසුපස බැලුනි . නගරාරක්ෂකයින් දෙදෙනෙක් පටුමගක මුවවිටෙහි සිටගෙන සිටියහ. පොළොවේ ගෑවෙන තරම් දිගු වූ ඔවුන් පැළැඳ සිටි ඝන ලොම් සළු තද රන් පැහැයෙන් වර්ණ ගන්වා තිබුනි. ඔවුන්ගේ මුදු දම්වැල් සන්නාහ, බූට්ස් සපත්තු හා අත්වැසුම් සියල්ලම කාලවර්ණ විය. එකෙකු ගේ ඉණෙහි දිගු අසිපතක් ද අනෙකා සතුව යකඩ මුගුරක් ද විය. රසකැවිලි දෙස අවසන්වරට දුක්බර බැල්මක් හෙලූ ආර්යා කරත්තයෙන් හෙමිහිට ඈත්වූවාය. රන්කබාකරුවන් ඇය වෙත කිසිදු සැලකිල්ලක් දැක්වුයේ නොමැති නමුදු ඔවුන් දකින හැමවිටම ඇයට දැනුනේ බඩ කොරවෙන්නාක් මෙනි. බලකොටුවෙන් හැකි තරම් ඈත්ව සිටීමට ආර්යා සෑමවිටම උත්සාහ කලද උස්, රතු ප්‍රාකාරය මත කුණුවෙමින් තිබුණු හිස් ඉතා ඈතට පවා පැහැදිලිව දර්ශනය විය. මේ සෑම හිසක් වටාම කපුටන් ඇහිරුනේ මැසි රංචුවක් මෙනි. රන්කබාකරුවන් ලැනිස්ටර් පිලට එක්ව ඇති බවත්, ඔවුන්ගේ අණදෙන්නාට ගංගා ත්‍රිශූලයේ නින්දගම් සහ රජුගේ මන්ත්‍රණ සභාවේ අසුනක් ද සමගින් වංශාධිපතිකමක් ලැබී ඇති බව ෆ්ලී බොටම් මුඩුක්කුවේ පැතිර ගිය කට කතා වලින් කියැවුනි.

ඇයට වෙනත් බියකරු දේවල්ද ඇසිනි. එනමුදු මේ බොහෝ දේ ඇයට තේරුම්ගත නොහැකි විය. සමහරකින් කියැවුනේ ඇගේ පියා විසින් රොබට් රජුව මරා දමන ලද බවය. ඉන් කෝප වූ රෙන්ලිගේ පහරකින් ඔහුද මියගොස් ඇත. අනෙකෙකු තරයේ පැවසුවේ බීමත් සොයුරන් අතර සිදුවූ කලහයකදී රෙන්ලි විසින් රොබට්ව මරා දැමු බවයි. නිකන්ම නිකන් හොරෙකු ලෙස නගරයෙන් පලා යාමට රෙන්ලි හට වෙනත් හේතුවක් තිබුනේදැයි ඔවුහු ප්‍රශ්න කලහ. තවත් කතාවකින් කියැවුනේ රජු වල්ඌරු දඩයමේ ගොස් සිටින විට ඌරකු ඇනීමෙන් මියගිය බවකි. තවත් එකකින් කියවුනේ ඔහු වල්ඌරෙකු අනුභව කරමින් සිටියදී බඩ පිපිරෙන තුරුම ඌරු මස් ගිලදැමීම නිසා ඔහු මියගොස් ඇති බවකි. නැත. වාරිස් මකුළුවා ඔහුට වස දී ඇත. නැත, වස දුන්නේ රැජිනයි. නැත, ඔහු මැරුනේ වසංගත ලෙඩක් නිසාය. නැත නැත, මාළු කටුවක් හිරකරගෙනය.

එනමුදු මේ සෑම ඕපාදුපයකින්ම කියැවුනු එක් දෙයක් විය. රොබර්ට් රජතුමා මියගොස් ඇත. එක් දිනක් සහ එක් රැයක් පුරාවට හැඬවුනු, ආශීර්වාද ලත් බේලර් ගේ සප්තකයේ කුළුණු හතේ වූ ඝන්ටාවන් විසින් සිය ලෝකඩමය හෙණහඬ මගින් නගරය පුරා මේ ශෝකාතුර පණිවුඩය ගෙන ගියේය. එවැන්නක් හඬවන්නේ රජෙකුගේ මරණයකදී පමණක් බව සම් පදම් කරන්නකුගේ කොලුවකු ආර්යාට කියා දුන්නේය.

* * *

ඇයට උවමනා වූ එකම දෙයනම් ගෙදර යෑම පමණි. නමුත් කිංග්ස් ලෑන්ඩින්ග්වලින් පිටතට පැන ගැනීම ඇය බලාපොරොත්තුවූ තරම් පහසු නොවීය. සියල්ලන්ම කතා කලේ යුද්ධය ගැන විය. නගර ප්‍රාකාරවල රන් කබාකරුවන් පිරී සිටියේ ඇගේ සිරුරේ මැක්කන් පිරී සිටින්නාක් මෙනි. ෆ්ලී බොටම්හි වැතිර නිදාගැනීමට හැකියාවක් ඇති කවර හෝ තැනක - වහලයන් මත සහ ඉස්තාලවල - නිදන්නට ඇය පුරුදුව සිටියාය. 'ෆ්ලී බොටම්' යන නම නිකමට වැටුනු එකක් නොවන බවත්, එම දිස්ත්‍රික්කයට ගැලපෙනම නම තබා ඇති බවත් ඇයට වැඩිකල් නොගොස්ම තේරුම් ගියේය.

රතු බලකොටුවෙන් පැනගත් දින පටන් වූ සෑම දිනෙකම ආර්යා නගරයේ දොරටු හත වෙතම මාරුවෙන් මාරුවට ගියාය. පැරැණි දොරටුව, සිංහ දොරටුව සහ මකර දොරටුව වසා යතුරු ලා අවහිර කර තිබුනි. මඩ දොරටුව සහ දෙවියන්ගේ දොරටුව විවරව තිබුනද ඇතුළුවන්නන්ට පමණක් විවරව තිබු ඒවායින් නගරයෙන් පිට විය නොහැකි විය. නගරයෙන් පිටවීමට අවසර ලද්දන් පිට වූයේ යකඩ දොරටුවෙන් හෝ රජ දොරටුවෙනි. එනමුදු සිංහ හිස් ශිරස්ක සහ ලේ රතුවන් ලෝගු පළඳි ලැනිස්ටර් සෙබළු එම දොරටු මුර කරමින් සිටියහ. රජ දොරටුව අසල පිහිටි තානායමක වහලය මත සැඟවීගෙන දොරටුව දෙස විමසිල්ලෙන් බලා සිටි ආර්යා දුටුවේ ඔවුන් සියලු පදිකයින්ගෙන් තරයේ ප්‍රශ්න කරන බවය. සියලු කරත්ත පරීක්ෂා කල ඔවුහු අසරුවන් ගේ සෑදල මලු විවර පවා කර පෙන්වන්නයි බල කලහ.

නදියේ පිහිනා එගොඩ වීම ගැන වරෙක ඇය කල්පනා කලද කළුදියදහර වනාහි දරුණු දියසුළි සහිත පුළුල්, ගැඹුරු එකක් බව කවුරුත් කීවෝය. ඔරුකරුවකුට දීමට හෝ නැව් ගාස්තු ගෙවීමට හෝ ඇය ලඟ මුදල් නොතිබුනි.

කිසිදා සොරකම් නොකරන්නැයි ඇගේ පියා ඇයට කියා දී ඇති නමුදු ඒ මන්දැයි ඇයට අමතක වෙමින් පැවතුනි. ඉක්මනින්ම මෙයින් පැන ගැනීමට නොහැකි වුවහොත් රන්කබාකරුවන්ට මුහුණ දීමට  ඇයට සිදුවනු ඇත. ලී කඩුවෙන් පරෙවියන් දඩයම් කිරීම උගත් දා සිට ඇය එතරම් සාගින්නෙන් නොපෙළුනද සෑම දිනෙකම පරෙවියන් බුදීමෙන් ලෙඩවේදෝයි ඇයට බියක් සිතුනි. ෆ්ලී බොටම් වෙත එන්නට පෙර ඇය පරෙවියන් කීපදෙනෙකු අමුවෙන්ම කා දමා තිබුනි.

ෆ්ලී බොටම් හි වසර ගණනක් එකදිගට ඉදෙන ඉස්ටු කල්දේරම් සහිත එළිමහන් මුළුතැන්ගෙවල් තිබුණු අතර ඇගේ පරෙවියා ගේ බාගයකට ඊයේ දිනයේ පාන් කාලක් සමගින් දුඹුරුවන් හොදි බඳුනක් ලබාගත හැකි විය. පිහාටු ගලවා දෙන්නේ නම් පරෙවියා ‍ගේ ඉතුරු අඩ ගින්නට දමා පුළුස්සා දීමට වුවද ඔවුහු එකඟ වුහ. කිරි කෝප්පයක් සහ ලෙමන් කේක් කැබැල්ලක් වෙනුවෙන් ආර්යා ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනු ඇති නමුදු දුඹුරු ඉස්ටුව එතරම්ම නරක නොවීය. මතුපිට පාවෙන තෙල් තට්ටුවකින් යුතු වුවද එහි සැමවිටම බාර්ලි තිබුනි. කැරට් කැබැල්ලක් හෝ ළූණු හෝ ටර්නිප් ද සමහර විටෙක ඇපල් කැබැල්ලක් පවා එහි තිබී හමුවේ. මස් ගැන නොසිතා සිටීමට ඇය යත්න දැරූ අතර වරෙක එහි තිබී ඇයට මාළු කැබැල්ලක් හමු විය.

එකම ප්‍රශ්නය වූයේ මෙම මුළුතැන් ගෙවල් කිසිවිටෙකත් හිස් නොවීමයි. හැකි උපරිම වේගයෙන් ආහාර ගිල දමමින් සිටියදී පවා ඔවුන් තමා දෙස බලා සිටිනු ඇයට දනුනි. සමහරු ඇගේ බූට්ස් සපත්තු දෙස හෝ කබාය දෙස හෝ බලා සිටි අතර ඔවුන් සිතන්නේ කුමක්දැයි ඇය දැන සිටියාය. එනමුදු තවත් සමහරුන්ගේ දෑස් ඇයගේ සමින් කල ඇඳුම් යට දුවනු ඇයට දැනුනි. ඔවුන් සිතන්නේ කුමක්දැයි ඇයට නොවැටහුනු අතර එය ඇයව වඩාත්ම බියපත් කලේය. කිහිප වරක්ම මුඩුක්කු මංමාවත් වලදී ඇයව ලුහුබඳීමට ලක්විය. එහෙත් තවම කිසිවෙකුට ඇයව අල්ලා ගැනීමට නොහැකි විය.

බලකොටුවෙන් පිටත ගත කල පළමු රාත්‍රියේ, ඌරු පටුමගේ වූ දැවී ගිය නිවෙසක නිදා සිටින අ‍තරේ, ඇය විකිණීමට බලාපොරොත්තුවෙන් සිටි රිදී පළඳනාව සහ ඇගේ හොඳ ඇඳුම් පොට්ටනිය සොරකම් කර තිබුනි. ඔවුන් ඇයට ඉතුරුකර ගිය එකම දෙය වූයේ ඈ පොරවාගෙන සිටි සළුවත්, හැඳ සිටි ඇඳුමුත්, ලී අසිපත සහ... ඉඳිකට්ටත් පමණි. අන් සියල්ලටම වඩා වටිනාකමින් වැඩි එය මත ඇය නිදා නොසිටියා නම් එයද ඇයට අහිමි වන්නට ඉඩ තිබුනි. ඉ‍ණ පැළැඳි අසිපත වසන්වනු පිණිස දකුණත වැසෙන්නට සළුව දමාගෙන යාමට ඇය පුරුදුව සිටියාය. සොරුන් බිය කරනු පිණිස සියල්ලන්ටම පෙනෙන පරිදි වමතින් ලී අසිපත රැගෙන යාමට ඇය පුරුදුව සිටියද, මුළුතැන්ගෙවල සිටි සමහර මිනිසුන් ගෙන් ගැලවීමට නම් ඇයට යුධ පොරොවක් තිබුනද මදි වනු නොඅනුමානය. ඔවුන්ගේ කරදරය නිසාම පරණ පාන් සහ පරෙවී මස් අනුභව කිරීම මේ වනවිට ඇයට එපා වෙමින් තිබුනි. බොහෝවිට, මිනිසුන්ගේ බැල්මෙන් ගැලවෙනු උදෙසා කෑම අමතක කර කුසගින්නේම නිදා ගැනීමට ඇය පුරුදුව සිටියාය.

නගරයෙන් පැනගත් පසුව වනවදුලු වල ඇති බෙරි කඩන්නට හෝ පළතුරු වතුවලට පැන චෙරි හා ඇපල් සොරකම් කිරීමට ඇයට හැකිවනු ඇත. රජ මාවතේ දකුණට පැමිණි ගමනේදී එවැනි පළතුරු වතු දුටු බව ඇයට මතක තිබුනි. වනයේ අල සහ මුල් සොයා ගැනීමටත් සමහර විට සාවෙකු අල්ලාගැනීමටත් හැකි වනු ඇත. මීයන්, බළලුන් සහ නකුටු බල්ලන් හැර වෙන කිසිදු හැකි සතෙකු මේ ජරා නගරයේ නොවීය. බලු පැටවුන් රංචුවක් වෙනුවෙන් මුළුතැන්ගෙවලින් තඹ කාසි අහුරක්ම ලබා ගැනීමට හැකියැයි අසා තිබුනද ඒ පිළිබඳව සිතන්නට පවා ඇය නොකැමති වූවාය.

* * *

බේකරි වීථිය පසු කර යනවිට හරස් මං සහ පටු මං වලින් සුසැදී වංකගිරියක් බඳු කොටසක් හමු වේ. රන්කබාකරුවන්ගෙන් හැකිතරම් ඈතින් සිටීමට ඉටාගත් ආර්යා මෙම කොටසේ මිනිසුන් අතරින් තෙරපෙමින් ඇඹරෙමින් ඉදිරියට ඇදුනාය. මාවත මැද ගමන් කිරීමට මේ වන විට ඇය ඉගෙනගෙන උන්නාය. කරත්ත සහ අසුන් මග හැරීමට සිදුවීම කරදරයක් වුවද ඒවා දුර ඈත තියා හඳුනා ගතහැක. ගොඩනැගිලි ආසන්නයෙන් ගමන් කළහොත් මිනිසුන් ඔබව අල්වාගන්නේ ය. එනමුදු සමහර පටු මං කෙතරම් පටු වීද යත් එක ලඟින් තනා තිබු ගොඩනැගිලි පසුකර යන විට ඒවායේ ගෑවී යෑමට සිදුවන්නේය.

පෙරලෙන රෝද පට්ටමක් පසුපස හඬ දෙමින් දුව පනින ළමුන් පිරිසක් ඇයව පසු කලෝය. මේ දසුනින් බ්‍රැන්, ජොන් සහ කුඩා රිකන් සමගින් සෙල්ලම් කල කාලය මතක් වූ බැවින් ඇය ඔවුන් දෙස නොරිස්සුම් බැල්මක් හෙලුවාය. රිකන් කෙතරම් ලොකු මහත් වී ඇතිද. බ්රැන් තවමත් දුකින් සිටිනු ඇතිද. "පුංචි නංගි." කියා ඇගේ හිසකෙස් අවුල් කරන්නට ජොන් මෙහි ඇත්නම් කෙතරම් අගනේද. ලඟකදී දිය කඩිත්තක දුටු ඇගේ ප්‍රතිබිම්බය අනුව නම් ඇගේ හිසකෙස්වල තවදුරටත් අමුතුවෙන් අවුල් කරන්නට දෙයක් නොවීය.

පාරේදී දුටු ළමුන් හා කතා කිරීමට ඈ උත්සාහ දරා තිබුනි. නිදාගැනීමට තැනක් සොයාදෙන යහළුවෙකු සාදාගැනීම ඇගේ බලාපොරොත්තුව විය. එහෙත් ඇය වැරැදියට කතා කලා වන්නට ඇත. කුඩා උන් ඉක්මන්, බියපත් දෑසින් ඈ දෙස බලා, ඇය ලංවෙනවිට ඉවතට දිව ගියෝය. ඔවුන්ගේ වැඩිමල් සොයුරු සොයුරියෝ ආර්යාට පිළිතුරු දිය නොහැකි අන්දමේ ප්‍රශ්න ඇසුහ; ඇයට නොයෙක් නම් කීහ; ඇගෙන් සොරකම් කිරීමට උත්සාහ කලහ. ඊයේ දිනයේ ඇය මෙන් දෙගුණයක් වයසැති, නිරුවත් දෙපයින් යුතු කෙල්ලක් ඇයට පහර දී බිම දමා, ඇගේ බූට්ස් දෙක උදුරා ගැනීමට උත්සාහ කලාය. ආර්යා ගේ ලී අසිපතින් කණ හරහා වැදුනු තද පහරින් පසු ඇය හඬමින්, ලේ පෙරමින් ඉවත දිව ගියාය.

කන්ද බැසගෙන ෆ්ලී බොටම් කරා යන ඇගේ හිසට උඩින් මුහුදු ලිහිණියෙක් නිදහසේ පියාසර කලේය. ආර්යා ඒ දෙස විමසිලිමත්ව  බැලූ නමුදු  ඌ ලී අසිපතේ පහරවදින මායිමෙන් දුරස්ව සිටියේය. ලිහිණියා ඇයට මුහුද සිහි ගැන්වීය. සමහරවිට ඇයට පැනගැනීමට ඇති මාර්ගය එය විය හැක. වෙළෙඳ නැවුවලට හොරෙන් රිංගා ගොස්, විවිධ ත්‍රාසජනක අත්දැකීම් ලබන කුඩා කොල්ලන් ගැන කතන්දර කියන්නට නාකි ආයම්මා පුරුදුව සිටියාය. සමහරවිට ආර්යාට ද එසේ කල හැකිවනු ඇත. ගංඉවුර බලා යාමට ඇය තීරණය කලාය. එය මඩ ගේට්ටුවට යන අතරමග එය පිහිටා තිබුනු අතර අද දිනයේ තවමත් ඇය එහි ගොස් නොතිබින.

වාප්පු අද අසාමාන්‍ය ලෙස නිහඬ විය. මාළු වෙළෙඳපල තුළින් යන විට තවත් රන්කබාකරුවන් දෙදෙනෙකු ඇය සිටි දෙසට ඇවිද ආ නමුදු ඔවුහු ආර්යා දෙස බැල්මක් හෝ නොහෙලූහ. වෙළෙඳසල් බාගෙට බාගයක්ම වසා දමා තිබුනි. වෙනදාට වඩා වරායේ නැවු ද අඩුබව ඇයට හැඟුනි. ගංදිය විනිවිද යන, රන්වන් බඳින් සහ ලෙලදෙන හබලින් යුතු, රජුගේ යුධ නෞකා තුනක් කළුදියදහර දිගේ තේජස්වී ලෙස යාත්‍රා කරමින් සිටියෝය. ඒ දෙස මොහොතක් බලාසිටි ආර්යා ගං ඉවුර ඔස්සේ ඇවිදීමට පටන් ගත්තාය.

සුදු පට රෙද්දෙන් පෝරු ඇල්ලු අළුවන් ලොම් සළු පැළැඳ, තෙවැනි ජැටිය මත සිටි ආරක්ෂකයන් දුටු විට ඇහේ හද ප්‍රීතියෙන් පිනා ගියේය. වින්ටෙර්ෆෙල්හි වර්ණයන් ඇගේ දෙනෙතට කඳුළු නැංවීය. කදිම මටසිලුටු පෙනුමක් සහිත හබල් පේළි තුනක් සහිත නැවක් ඔවුන්ට පිටුපසින් දිය මත පැද්දෙමින් තිබුනි. ම(ර්)රිෂ් හෝ බ්‍රාවොසි හෝ ශුද්ධ වැලීරියන් වලින් නැවු බඳ මත ලියා තිබුනු නම ආර්යාට කියවා ගත නොහැකි විය. ඇය තමා පසුකර යමින් සිටි හබල්කරුවෙකුගේ කබා අතින් ඇද්දේය. "අනේ, මේ නැව මොකක්ද?" ඇය ඔහුගෙන් විමසුවාය.

"ම(ර්) වල ඉඳන් ආපු වින්ඩ් විච්."

"ඒක තාමත් මෙතන!" ආර්යාට කියැවුනි. ඇය දෙස අමුතු බැල්මක් හෙලු හබල්කරු දෙවුර ගස්සා ඉවත ගියේය. ආර්යා ජැටිය දෙසට දිව ගියාය. ඔවුන්ව ගෙදර රැගෙන යනු පිණිස පියා විසින් කුලියට ගත් නෞකාව වින්ඩ් විච් විය... එය තවමත් ඔවුන් වෙනුවෙන් බලා සිටියි. එය මීට බොහෝ කලෙකට පෙරම පිටව ගොස් ඇති බව ඇය සිතාගෙන සිටියාය.

ආරක්ෂකයන් දෙදෙනෙක් දූ කෙලින අතර තෙවැන්නා සිය අසිපතේ මිටට අත තබාගෙන විමසිල්ලෙන් මුර සංචාරය කරමින් සිටියේය. කුඩා දරුවකු මෙන් ඔවුන් ඉදිරියේ ඇඬීමට ලැජ්ජා වූ ඇය සිය දෑස් පිසදා ගැනීමට නතර වූවාය. ඇගේ දෑස්, ඇගේ දෑස්, ඇගේ දෑස්. ඇයි...

'ඔබේ දෑසින් බලන්ට.' සිරියෝගේ කෙඳිරුම් හඬ ඇයට ඇසුනි.

ආර්යා බැලුවාය. ඇය සිය පියාගේ සෙබළුන් සියල්ලන්ම හොඳින් දැන සිටියාය. එනමුදු අළුවන් සළුවෙන් සැරසුනු මේ තිදෙනා ආගන්තුකයන් වුහ. "ඒයි උඹ. උඹ මොකද ඔතන කැරකෙන්නෙ කොල්ලෝ?" ඇවිදිමින් සිටි මිනිසා ප්‍රශ්න කලේය. අනිත් දෙදෙනා දාදු කැට වෙත වූ අවධානය ඇය වෙත යොමු කලහ.

මෙතැනින් පැන දිවීමට සිතුනද ආර්යා ඉන් වැලකුනේ එසේ කලහොත් ඔවුන් තමා ලුහුබැඳ එන බව හොඳින් දැන සිටි බැවිනි. එබැවින් සිතට දිරි වඩාගත් ඇය ඔවුන් වෙතට තවත් ලංවූවාය. ඔවුන් සොයමින් සිටියේ කෙල්ලකි. එහෙත් ඔවුන් සිතන්නේ තමා කොල්ලෙකු යැයි කියාය. එසේ නම් තමා කොල්ලෙකු උනාවේ.  ඈ ඔවුන් වෙත මළ කුරුල්ලා පෙන්වූවාය. "පරෙයියෙක් ගන්නවද?" ඇය විමසුවාය.

"පල යන්ට මෙතනින්!" ආරක්ෂකයා සැර විය.

ආර්යා කී දේ කලාය. බිය වූ බවක් රඟපා පෙන්වීමට අවශ්‍ය නොවීය. ඇය සැබැවින්ම බියපත් වී සිටියාය. ඇයට පසුපසින් දු කෙලිය නැවතත් ඇරඹින.

තමා නැවත ෆ්ලී බොටම් වෙත පැමිණියේ කෙසේදැයි ඇය නොදත්තාය. එනමුදු කඳුගැට දෙක අතර වූ, අපිළිවෙල පටු මගින් පිරුනු එහි ලඟාවන විට ඇය හතිලමින් සිටියාය. එහි වූයේ එයටම ආවේනිකවූ දුර්ගන්ධයකි. ඌරු කොටු, ඉස්තාල සහ හම් මඩුවලින් නැගුනු දුර්ගන්ධය, ලාබ ගණිකා මඩම් සහ තැබෑරුම් වලින් නැගුනු ඇඹුල් ගඳ සමගින් මුසු වූයේය. ආර්යා අරමුණක් රහිතව මාවත් ඔස්සේ ඔහේ ඇවිද්දාය. මුළුතැන්ගෙයක දොරින් එළියට එන දුඹුරු හොද්දෙහි සුවඳ දැනෙන්දී සිය පරෙවියා තමා වෙත නොමැති බව ඇයට වැටහුනි. ඇය දුවද්දී එය ඉණ පටියෙන් ලිස්සා වැටෙන්නට ඇත. නැතිනම් යම් කිසිවෙකු ඇයට නොදැනෙන්නට එය සොරා ගන්නට ඇත. මොහොතකට ඇයට හැඬුම් යන්නට ආවේය. එවැනි තර පක්ෂියෙකු සොයා ගැනීමට නම්, නැවත බේකරි වීථියට යාමට සිදු වනු ඇත.

ඊළඟ මොහොතේ නගරයේ ඈත කොහේ හෝ තැනකින් ඝන්ටා නාදවන හඬ ඇසෙන්නට පටන් ගත්තේය.


Joffrey Baratheon: “So long as I am your king, treason shall never go unpunished.”

34 comments:

  1. හම්මේ ආර්ය.........
    <3 <3 <3 <3 <3 <3 <3

    හය්යෝ කෝම හිටිය කෙල්ලක්ද මේ කියල හිතෙද්දිත් දුකයි අෆ්ෆා....
    බැරිවෙලාවත් ආර්යා හිටපු තැන සන්ස හිටිය නං ......... ආහ් අමතක වුනෙ ඒ වගේ වැඩක් නං ලොවෙත් වෙන්නෑ... වුණත් ඒ අංගනාව මෙලාකට යම කිං ළග හිහි...

    දැං ඉතිං හිටපංකො සදුද වෙනකං... සෙක්කේ
    මේ සදුද ඉස්සරහට දාල ඉරිදි සෙනසුරාද පස්සට දාලන්ට බැරි වෙයිද දන්නෑ නෙහ්

    ReplyDelete
    Replies
    1. ආර්යා වැඩ්ඩෙක් වෙලානෙ යකූ.... සැක්කේ සැක්කේ

      http://www.wetpaint.com/game-of-thrones/articles/2014-04-24-who-is-aryas-kill-list

      අය්යූ මේන් මේ ටී ෂර්ට් එක මට ඕනේ කව්ද දෙන්නෙ ඇරන් හිහි
      http://store.hbo.com/game-of-thrones-aryas-kill-list-t-shirt/detail.php?p=576344

      Delete
    2. මෙච්චර ලස්සන පිංතූර තියං දාන ඒවැයි කැත
      පුහ්....
      http://hellogiggles.com/wp-content/uploads/2013/06/06/arya.jpg
      http://winteriscoming.net/wp-content/uploads/2015/01/Arya-Season-4-water-dancing.png

      මක් කොරන්ටෙයි නෙහ්

      Delete
    3. http://www.cnet.com/news/arya-stark-gets-lady-like-makeover-in-game-of-thrones-season-5/
      menna pinthoora
      :D

      Delete
    4. පොම් මේ ටිකත් බලල හිටිය නං :D :D :D :D
      http://www.gorgeous10.com/image.axd?picture=2012%2F3%2Fgame_of_thrones_cosplay.jpg

      http://www.gorgeous10.com/image.axd?picture=2012%2F3%2Fgame_of_thrones_cosplay3.jpg

      http://thetvchick.com/wp-content/uploads/2013/03/Emmys-Game-of-Thrones-panel-game-of-thrones-33984834-500-675.jpg

      හෙහ් හෙහ්.... දැං මකෙයි කියන්නෙ...

      වැඩිය සද්ද දැම්මොත් හිච්චි කෙලීට කීයල කඩුවෙන් කොටල දානව හරිය හිහි
      http://assets.nydailynews.com/polopoly_fs/1.1777439!/img/httpImage/image.jpg_gen/derivatives/article_970/game-thrones-season-4.jpg

      Delete
    5. @මහේෂ්,

      ඕන්න කොහොමහරි කරලා සෙනසුරාදා ඉරිදා පස්සට දාලා සඳුදා ගෙනාවා ඉස්සරහට.. දැන් ඉතින් හෙට වැඩට යන්ට ලෑස්තිවෙලා ඉන්ට.. :-P

      ඔය සමහර පින්තූරු කලින් කොටස්වලට දැම්මා වගේ මතකයි..

      Delete
    6. නෑ නේහ්. ඔය පිංතූර (පොම් දාල තියෙන ඒවත් එක්ක) GOT තුන සහ හතර කතා සමය යන් වල දී ගත්තුව....
      සමහර ඒව පස්වෙනි එකේ....
      එකක්වත් දාල ත්බ්බෙ නෑ වගේ මතක

      Delete
    7. Mine was frm fifth. One month to go. :)

      Delete
    8. @මහේෂ්,

      අනේ මහේෂ් කියලා වැඩක් නෑ. මේ එක්කෙනෙක්ගේ ඇස්වල වැරැද්දක්ද කොහෙද දාන්නෙම කැත පින්තූර. ඒවා තෝරන්නේ එයාමලු. :P

      Delete
  2. Replies
    1. Wonder what happened to the ship's captain m'lord?

      Delete
    2. Didn't get keelhauled by the Nipponese lately PoM?

      Delete
    3. Do you want to have poor PoM keelhauled by Mt.Fuji? :O

      Delete
    4. i've read a beautiful description abt keelhauling in RL Spittles white sambur.
      im guessing the lord quatch knows how it feels. :P
      BTW Mt fuji is more of a fiery volcanic sort of a mountain. keelhauling is mild

      Delete
  3. බ්ලුබෙරි,ලෙමන්,රෝස් චිකන් කාපු ආර්යාට
    නිකන් දුඹුරු හොදීත් නැතිවිය බඩගින්නට
    කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබු ඇයට
    මෙහෙමත් නින්ද යාවිද කිංග්ස් ලෑන්ඩින්ග්වල වහලවල් උඩ ?

    ReplyDelete
    Replies
    1. මේ ජීවන කතරේ - සැප දුක සමබර ‍වේ... :-)

      Delete
    2. පව්නේ මනෝජ්? :(

      Delete
  4. සිරියොගේ පාඩම් ටිකෙන් සෑහෙන ගොඩ යාමක් තියනව...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. කෙල්ල දස්සි.. අපි වගේ නෙවෙයි, ඉගෙනගත්තුවැයින් වැඩගන්ට දන්නවා.. :-D

      Delete
    2. ඒ ටික දැන් කාලෙටත් හොඳට ගැලපෙනවා රන්...:)

      Delete
  5. Arya in baker's street. Was she trying to meet Mr. Holmes ?

    ReplyDelete
    Replies
    1. 221 B,සමහර විට අම්මා,තාත්තා ගැන හොයන්ට කොන්ත්‍රත් එක භාර දෙන්ට වෙන්න ඇති.

      Delete
    2. That's Street of Flour for u... :-P

      නිකංම නිකං පාන්පිටි වීථිය වෙනවට වඩා ලස්සන වෙයි කියලා හිතලයි ඒක බේකරි වීථිය කියලා හැදුවෙ.. බක්කර වීථිය කලානං ගැලපෙන්ට තිබුනා..

      Delete
    3. බක්කරේ වීදිය කියලා ලියලා දුන්නාම ඒක වෙනස් කලේ කවුද අප්පා. පොඩ්ඩිගේ වැඩ පෙන්නන්ට තිබ්බ එක නැති කරලා දැම්මනේ...:P

      Delete
  6. ඇති යන්තං මරාගැනිල්ල ඉවරයි. කෑම නං තියේ, ඒත් අපේ ආර්යා කෙලී බඩගින්නේ :)

    මං හිටිය නං හාවෙක් අල්ලලාවත් දෙන්න තිවුනා

    ReplyDelete
    Replies
    1. කොහෙද බොලං මරාගැනිල්ල ඉවර!? අහරෙ මරාගන්නවා එකසීය ගානට..

      හාවෙක් අල්ලලා දෙයිද නැත්තම් අල්ලගත්තු හාවාටත් වැඩේ දෙයිද දන්නෙ නෑ.. :-P

      Delete
    2. පිටරට ගස් ගෝනෙක්, සංචාරෙ ආපු කෙනෙක්
      රජ මාවතෙදි මුණ ගැහුනා
      වෙස්ටරෝස් ගියපු කෙනෙක්, රට බලන්න ආස කෙනෙක්
      ගමන යන්න මං කැමති වුනා

      ඒ රට ලස්සන ලූ, හරි ලස්සනලූ ,
      එහෙ පදිංචි වෙන්නට, එහෙ ඉන්නට හිතලූ

      කින්ග්ස් ලෑන්ඩින් බලල, වින්ටර් ෆෙල් එහෙම වැඳලා
      බැදපු ව‍ටුවො අඹරන අතරේ
      අයිස් තාප්පෙටත් නැගලා, ලෝකාන්තට *ජ්ජ කරල
      මං කියාල දුන්න විස්තරේ

      ඒ රට ලස්සන ලූ, හරි ලස්සනලූ ,
      එහෙ පදිංචි වෙන්නට, එහෙ ඉන්නට හිතලූ..ඌ..ඌ...හූ

      Delete
    3. මට මැවිලා පේනවා මොටා හාවෝ අල්ලන හැටි. හාවෝ කොහොම වෙතත් හාවියෝ නම් අල්ලයි. :P

      Delete
    4. මට නම් පේන්නේ වෙන එකක්. හැබැයි බලාගන මොටෝ. කකුල් තුනෙන් බැලන්ස් කරන්ට ලේසි තැනක් ද ප්‍රාකාරේ ?

      Delete
  7. ආර්යා මේවට මෙහෙම හරි පුරුදු වෙනවා.. මට හිතුනේ සන්සා වගේ උනානම් මොනා වෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. සන්සා ගැන බයවෙන්ට එපා. එයා ඉස්සරහට හරියයි.:D

      Delete
    2. අපොයි ආර්යා ගැන බය උනත් සන්සා ගැනනම් බය වෙන්නේ නෑ.. :P

      Delete