Monday, 19 January 2015

ජොන් 07-2


ජොන් තනිවම අණදෙන නිළධාරියා ගේ කුළුණ වෙත පිය මැන්නේය. ඔහුගේ සිත අමුතුම කුතුහලාත්මක සැකයකින් පිරී පැවතින. මුරට සිටි කළු සොයුරන් දෙදෙනා ඔහුගේ පැමිණීම ගරු ගාම්භීර අයුරින් නිරීක්ෂණය කලෝය. "නාකි වලහා එයාගෙ කාමරේ." එයින් එකෙක් නිවේදනය කලේය. "එයා උඹව හෙවුවා."

ජොන් හිස සැලුවේය. ඔහු ඉස්තාලයේ සිට කෙලින්ම මෙහි පැමිණිය යුතුව තිබුනි. ඔහු ඉක්මන් පියවර තබමින් කුළුණේ පියගැට පෙළ නැංගේය. 'එයාට වයින් ටිකක් හරි ගිනි දල්වගන්ට හරි ඕන වෙලා ඇති. එච්චරයි.' ජොන් තමාටම කියාගත්තේ ය.

ඔහු කාමරයට ඇතුළු වූ විට මෝර්මන්ට් ගේ කපුටා ඔහු දෙස බලා කෑගැසුවේ ය. "ඉරිඟු!" ඌ යටි ගිරියෙන් මොර දුන්නේය. "ඉරිඟු! ඉරිඟු! ඉරිඟු!"

"ඔය හොර මගෝඩියා කියන ඒවා විශ්වාස කරන්ට එපා. මම මේ දැන් ඌට කෑම දුන්නා විතරයි." නාකි වලහා ගෙරෙවුවේ ය. ඔහු කවුළුව අසල වාඩි වී ලිපියක් කියවමින් සිටියේය. "මට වයින් කෝප්පයක් ගෙනෙන්. උඹටත් එකක් වක්කරගනින්."

"මටත් එකක් මගේ උතුමානනි?"

ලිපියෙන් හිස එසවූ මෝර්මන්ට් ජොන් දෙස බැලීය. ඒ දෑසේ තැවරී තිබුනු අනුකම්පාව ඔහු‍ට හොඳින්ම වැටහුනි. "උඹට මාව ඇහුනනෙ."

ජොන් කාලය ගනිමින්, සෙමින් වයින් බඳුන් පිරෙවුවේ ය. අර ලිපියේ ඇත්තේ කුමක් වුවත් මේ කුසලාණ පුරවා හමාර වූ විට ඔහු එයට මුහුණ දිය යුතුය. එනමුදු වැඩි වේලාවක් යන්නට පෙර කුසලාණ පිරී හමාර විය. "වාඩිවෙයන් කොල්ලො." මෝර්මන්ට් අණකලේය. "ඕක බීපන්."

ජොන් දිගටම නැගිට සිටියේය. "ඒ මගේ තාත්තා ගැන. එහෙම නේද?"

නාකි වලහා ඇඟිල්ලකින් ලිපියට තට්ටු කලේය. "උඹේ තාත්තායි රජතුමායි දෙන්නාම ගැන. මම උඹට බොරුවක් කියන්නෙ නෑ. ඒක බොහොම කණගාටුදායක ආරංචියක්. මම හිතුවෙ නෑ මගේ මේ නාකි වයසෙදි මට තව අලුත් රජ කෙනෙක් දකින්ට ලැබෙයි කියලා. රොබර්ට් මගෙ වයසෙන් බාගයයි, ගොනෙක් වගේ ශක්තිමත්." ඔහු වයින් උගුරක් බීවේය. "උන් කියනවා රජතුමා දඩයමට ගොඩාක් ආදරේ කලා කියලා. අපි ආදරේ කරන දේවල්ම තමා හැම වෙලාවෙම අපට විනාශය ගේන්නෙත්, කොල්ලො. අන්න ඒක හොඳට මතක තියාගනින්. මගේ පුතා එයාගෙ අර තරුණ බිරිඳට, අර තුච්ඡ ගෑනිට ආදරේ කලා. ඒකි නෙවෙයිනම් එයා කවදාවත් හිතන්නෙ නෑ අර හොර දඩයක්කාරයො ටික වහල් වෙළෙන්දන්ට විකුණන්ට."

ඔහු මේ කියන්නේ කුමක් ගැනදැයි ජොන්ට කිසිසේත් වටහාගැනීමට නොහැකි විය. "මගේ උතුමානනි. මට තේරෙන්නෙ නෑ. මගේ තාත්තාට මොකක්ද වෙලා තියෙන්නෙ?"

"මම උඹට කිවුවෙ වාඩිවෙයන් කියලා." මෝර්මන්ට් ගෙරෙවුවේ ය. "වාඩිවෙයන්!" කපුටා කෑගැසුවේ ය. "වාඩිවෙලා වයින් උගුරක් බීපන්. යකාටම පලයන්. ඒක අණක් ස්නොව්."

අසුනේ වාඩිගත් ජොන් වයින් බිඳක් තොලගෑවේය.

"එඩාර්ඩ් උතුමානන්ව හිරබාරයට අරන්. එයාට රාජද්‍රෝහී චෝදනා එල්ලකරලා. කියන විදියට එයා ජොෆ්රිගෙ රාජ උරුමය අහිමි කරන්ට රොබර්ට්ගෙ ස‍හෝදරයොත් එක්ක කුමන්ත්‍රණය කරලා‍."

"නෑ." ජොන් සැනෙන් කීවේය. "ඒක වෙන්ට බෑ. මගේ තාත්තා කවමදාවත් රජතුමාව පාවලා දෙන්නෙ නෑ."

"ඒක වෙන්ට පුළුවන්." මෝර්මන්ට් කීය. "ඒ වුනත් ඒක මට කියන්ට අයිතියක් ඇති දෙයත් නෙවෙයි. උඹටත් එහෙමයි..."

"ඒ වුනත් ඒක බොරුවක්." ජොන් තිර හඬින් කීවේය. සිය පියා රාජද්‍රෝහියෙකැයි ඔවුන් පවසන්නේ කෙසේද? ඔවුන් සියල්ලන්ටම පිස්සු හැදිලාද? එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් කෙදිනකවත් සිය ගෞරවයට හානි වන දෙයක් නොකරනු ඇත... එහෙම නේද?

'එයා අවජාතකයෙතුට තාත්තා වුනා.' සිහින් හඬක් ඔහුගේ හිස තුළ සිට කෙඳිරීය. 'ඒකෙ තියෙන ගෞරවනීය බව මොකක්ද? එතකොට උඹේ අම්මා. එයා ගැන කොහොමද? එයා අඩුම ගානෙ අම්මාගෙ නමවත් උඹට කිවුවෙ නෑ.'

"මගේ උතුමානනි. එයාට මොකක් සිද්ද වෙයිද? උන් එයාව මරලා දායිද?"

"ඒ ගැන නම් මට මොකුත් කියන්ට බෑ කොලුවො. මම හිතන් ඉන්නෙ ලියුමක් යවන්ට. රජතුමාගෙ උපදේශක සභාවෙ ඉන්න සමහර උදවිය මම මගේ තරුණ කාලෙ දැනගෙන හිටියා. නාකි පයිසෙල්, ස්ටැනිස් උතුමානන්, සෙර් බැරිස්ටාන්... උඹේ තාත්තා මොකක් කලත්, මොකක් නොකලත් එයා බොහොම උසස් වංශාධිපතියෙක්. එයාට කළු ඇඳලා අපිත් එක්ක එකතු වෙන්ට දෙන්ට ඕන. දෙයියොම දන්නවා එඩාර්ඩ් උතුමානන් වගේ හැකියාවන් තියෙන මිනිස්සු අපට කොච්චර වටිනවද කියලා."

මීට පෙරද මෙවැනි රාජද්‍රෝහී චෝදනාවලට ලක්වූ මිනිසුන්ට නිශා රැකුම් බලකායට බැඳී සිය ඉතුරු ජීවිත කාලය ගෙවිය හැකි අන්දමේ සමාවන් ලැබී ඇති බව ජොන් දැන සිටියේය. එඩාර්ඩ් උතුමානන්ටත් එවැනි සමාවක් ලැබෙනු ඇත්ද? ඔහුගේ පියා සමගින් මෙහි වසන්නට ලැබීම. එය අසාමාන්‍ය සිතුවිල්ලක් මෙන්ම අසාමාන්‍ය අයුරින් අසීරුදායක දෙයක් විය. වින්ටර්ෆෙල්වලට ඔහුගේ ඇති උරුමයන් අහිමි කර නිශා රැකුමට බැඳෙන්නට බල කරනු ලැබීම අතිශයින්ම අසාධාරණ ක්‍රියාවක් වනු ඇත. එනමුදු එයින් ඔහුගේ ජීවිතය බේරේ නම්...

ජොෆ්රි එවැනි ‍දෙයකට ඉඩ දෙනු ඇත්ද? වින්ටර්ෆෙල්වලට පැමිණි ඔහු ගතකල ආකාරය, අංගනයේදී රොබ්ව හා සෙර් රඩ්‍රික්ව අවඥාවට ලක් කල ආකාරය ජොන්ට සිහිපත් විය. ජොන් එහි සිටි බවක්වත් ඔහු නොදත්තේ ය. අවජාතකයින් යනු ඔහුගේ මට්ටමට බොහෝ පහතින් වූ දෙයක් විය. "මගේ උතුමානනි. රජතුමා ඔබට ඇහුම්කන් දෙයිද?"

නාකි වලහා දෙවුර ඇකිළුවේය. "එයා තාම පුංචි කොල්ලෙක්... මම හිතන්නෙ එයා එයාගෙ අම්මට ඇහුම්කන් දෙයි. කුරුමිට්ටා මේ වෙලාවෙ එහෙ නැති එක හරිම කණගාටුවට කාරණයක්. එයා මේ කොල්ලාගෙ මාමා. එයා මෙහෙ ආපු වෙලාවෙ දැක්කා අපේ උවමනාකම් කොච්චරද කියලා. ඒක බොහොම නරක දෙයක් උඹේ අම්මා එයාව අත්අඩංගුවට ගත්තු එක-"

"ස්ටාර්ක් ආර්යාව කියන්නෙ මගේ අම්මා නෙවෙයි." ජොන් තියුණු ස්වරයෙන් ඔහුට සිහිපත් කර දුන්නේය. ටිරියන් ලැනිස්ටර් ඔහුගේ මිතුරෙකු මෙන් ලංව සිටියේය. එඩාර්ඩ් උතුමානන්ව මරාදැමුවහොත් ඊට රැජිණ තරමටම ස්ටාර්ක් ආර්යාව ද වගකිවයුතු වනු ඇත. "මගේ උතුමානනි. මගේ නංගිලා ගැන මොකද? ආර්යායි සන්සායි. එයාලා මගේ තාත්තාත් එක්කයි හිටියෙ. ඔබ දන්නවාද-"

"පයිසෙල් එයාලා ගැන කිසිම සඳහනක් කරන්නෙ නෑ. ඒ වුනත් කිසිම සැකයක් නෑ එයාලට හොඳින් සලකනවා ඇති. මම එයාලට ලියද්දි උඹේ නංගිලා දෙන්නා ගැනත් අහන්නම්." මෝර්මන්ට් හිස වැනුවේය. "මීටත් වඩා නරක කාලයක් නෑ මෙහෙම දෙයක් සිද්දවෙන්ට. දැන් තමා රාජධානියට ශක්තිමත් රජෙක් උවමනාම කාලෙ... ඉස්සරහට එන්නෙ අන්ධකාර දවස්, සීතල රෑ කාල. මට ඒක දැනෙනවා. මගේ ඇටකටුවලට ඒක දැනෙනවා." ඔහු ජොන් දෙස දිගු විචක්ෂණ බැල්මක් හෙලුවේය. "උඹ මොකුත් මෝඩ වැඩක් කරන්ට කල්පනා කරන්නෙ නැහැයි කියලා මම හිතනවා කොල්ලො."

'එයා මගේ තාත්තා.' ජොන්ට කියන්නට උවමනා විය. එනමුදු මෝර්මන්ට්ට එවැන්නක් අසන්නට උවමනා නැතැයි ඔහු දැන සිටියේය. ඔහුගේ උගුර වියළී ගොස් තිබුනි. ඔහු තවත් වයින් උගුරක් පානය කලේය.

"දැන් උඹේ රාජකාරිය තියෙන්නෙ මෙතැන." මෝර්මන්ට් ඔහුට සිහිපත් කරදුන්නේ ය. "උඹ කළු ඇන්ද දා ඉඳන් උඹේ පරණ ජීවිතේ අහවර වෙනවා." ඔහුගේ කපුටා කර්කෂ හඬක් නැංවීය. "කළු!" මෝර්මන්ට් එය නොතකා හැරියේය. "උන් කින්ග්ස් ලෑන්ඩින්ග්වල මොනවා කලත් ඒක උඹට අයිති වැඩක් නෙවෙයි." ජොන්ගෙන් කිසිදු පිළිතුරක් නොලද තැන සිය වයින් කුසලාණ බී හමාර කල මහල්ලා ඔහු දෙසට හැරුනේය. "උඹට දැන් යන්ට පුළුවන්. අද දවසේ මට උඹෙන් තවත් මොකුත් වැඩක් ඕන වෙන එකක් නෑ. හෙට උදේ උඹ මට උදවු කරපන් අර ලියුම ලියන්ට."

තමා නැගිට සිටිනු හෝ කාමරයෙන් පිටවෙනු හෝ ජොන් නොදත්තේ ය. ඔහු දත් එකම දෙය වූ‍යේ ඊළඟ මොහොතේ තමා කල්පනාවේ ගැලී පඩිපෙළ පහළට බසිනු පමණි. 'මේ මගේ තාත්තා. මගේ නංගිලා. කොහොමද ඒක මට අයිති නැති වැඩක් වෙන්නෙ?'

පිටතට පැමිණි විට එක් මුර සෙබළෙක් ඔහු දෙසට හැරුනේය‍. "ශක්තිමත් වෙයන් කොල්ලො. දෙවියො හරිම නපුරුයි."

'උනුත් මේක දන්නවා.' ජොන්ට තේරුම් ගියේය. "මගේ තාත්තා ද්‍රෝහියෙක් නෙවෙයි." ඔහු ගොරෝසු හඬින් තෙපලේය. එනමුදු ඒ වදන් පවා ඔහුගේ උගුරේ හිරවුනු සෙයක් දැනෙන්නට විය. සුළඟ නැගඑමින් තිබුනු අතර ඔහු කාමරය තුලට යන්නට පෙර දැනුනාට වඩා අංගනය තුළ සීතල අධික විය. භූත ගිම්හානය එහි අවසානය වෙත ළඟාවෙමින් තිබුනි.

* * *

දවසේ ඉතුරු කාලය සිහිනයක් මෙන් ගෙවී ගියේය. තමා කොහේ කොහේ ඇවිද්දා ද, කුමක් කලා ද, කාත් සමග කතා කලා ද යන්න ජොන්ට නිනවු නොවීය. ගෝස්ට් තමා අසලම ගැවසුනු බව පමණක් ඔහු දත්තේය. ඝෝරවෘකයා ගේ මේ නිහඬ සමාගමය ඔහුට මහත් අස්වැසිල්ලක් විය. සිය සොයුරියන්ට එපමණවත් සහනයක් නොමැති බැව් ඔහු කල්පනා කලේය. ඔවුන් ගේ වෘකයින් සිටියානම් ඔවුන්ව ආරක්ෂා කරනු ඇත. එනමුදු ලේඩි මියගොස් ඇති අතර නයිමේරියා අතුරුදන් වී ඇත. සොයුරියන් දෙදෙනා එහි තනි වී ඇත.

හිරු බැස යද්දී උතුරු දෙසින් සීත සුළං හමන්නට පටන්ගත්තේ ය. රාත්‍රි ආහාරය ගනු පිණිස ප්‍රධාන ශාලාව වෙත යද්දී ප්‍රාකාරයට හා හිමෙන් වැසුනු බැරැක්කවලට ඉහළින් හඩ නංවමින් සුළං හමනු ජොන්ට ඇසුනි. හොබ් බාර්ලි, ලූණු හා කැරට් පදමට යෙදූ කදිම මුව මස් ඉස්ටුවක් සාදා තිබුනි. කෝකියා සිය පිඟානට වැඩිපුර හොදි හැන්දක් බෙදූ විට හා තමාට හොඳින් කර වූ පාන් කැබැල්ලක් පිරිනැමූ විට එහි තේරුම කුමක්දැයි ජොන් වහා වටහාගත්තේ ය. 'ඔහුත් සිද්දිය දනී.' ඔහු වහා ශාලාව සිසාරා බැලුවේය. මෙතෙක් ඔහු දෙසට හැරවී තිබුනු මුහුණු වහා ඉවතට හැරෙනුත්, දෑස් ආචාරශීලී අයුරින් වෙනතක ඇදෙනුත් ඔහුට පෙනුනි. 'ඔවුන් සැවොම දනිති!'

ඔහුගේ මිතුරෝ ඔහුව වටකර ගත්හ. "අපි ඇහුවා පූජකයාගෙන් උඹේ තාත්තා වෙනුවෙන් අල්තාරෙ ඉටිපන්දමක් පත්තු කරන්ටයි කියලා." මැතර් කීවේය. "ඒක බොරු චෝදනාවක්. අපි හැමෝම දන්නවා ඒක බොරුවක්. ග්‍රෙන් වුනත් දන්නවා ඒක බොරුවක් කියලා." පිප් කතාවට එක්විය. ග්‍රෙන් හිස වැනීය. සෑම් ජොන්ගේ අතකින් අල්ලාගත්තේ ය. "උඹ දැන් මගේ සහෝදරයෙක්. ඒක නිසා එයා දැන් මගෙත් තාත්තා. උඹට ඕනනම් අර වයර්වුඩ් ගාලට ගිහිල්ලා උඹේ තාත්තා වෙනුවෙන් යාඥා කරන්ට, මමත් එන්නම් උඹත් එක්ක."

වයර්වුඩ් ගාල පිහිටියේ ප්‍රාකාරයට එහායිනි. එනමුදු සෑම් මේ කී දේ අවංකවම කීවක් බව ජොන් වටහාගත්තේ ය. 'එයාලා මගේ සහෝදරයො.' ‍ඔහු ගල්පනා කලේය. 'රොබ්, බ්‍රැන්, රිකන් වගේම මගේ ස‍හෝදරයො.'

ඊළඟ මොහොතේ ඔහුට සිනාහඬ ඇසුනි. කසපහරක් මෙන් දරුණු, සෙර් ඇලිසර් තෝර්න් ගේ කුරිරු සිනාහඬ ඇසුනි. "නිකංම නිකං අවජාතකයෙක් නෙවෙයි. ද්‍රෝහියෙකුගෙ අවජාතකයෙක්." ඔහු තමා වටා වූ මිනිසුන්ට කියමින් සිටියේය.

ඇසිපිය ගසන සැනෙන් සිය සිරිය ඇදගත් ජොන් මේසය මතට කඩා පිනූයේය. පිප් ඔහුව අල්ලාගැනීමට තැත් දැරූ මුත් ජොන් සිය පාදය ගස්සා ඔහුගෙන් මිදුනේය. ඊළඟ මොහොතේ ඔහු මේසය මතින් දිවගොස් සෙර් ඇලිසර් අතේ තිබුනු කෑම පිඟානට පයින් ගැසුවේය. අවට සිටි කළු සොයුරන් තෙමමින් ඉස්ටුව දසත විසර ගියේය. තෝර්න් ඇකිළෙමින් පස්සට විය. ඔහු සෙර් ඇලිසර් ගේ මුහුණ වෙත සිරිය උලුක්කරමින් ඉදිරියට පැන්නේය. එනමුදු ඒ මොහොතේ සෑම් ඔවුන් දෙදෙනා අතරට පිනීය. ජොන් ඔහු වටා යන්නට පෙර පිප් වඳුරකු මෙන් ඔහුගේ පිටේ එල්ලුනු අතර ග්‍රෙන් ඔහුගේ අත අල්ලාගෙන සිටියදී ටොඩ් අතැඟිලි අතරින් සිරිය මුදාගත්තේ ය.

පසුව, ඊට බොහෝ වේලාවකට පසුව, ඔවුන් ඔහුව සිය නිදන කාමරය වෙත ගෙනගොස් ඇරලූ පසුව මෝර්මන්ට් ඔහුව බැලීම පිණිස එහි පැමිණියේය. සුපුරුදු පරිදි ඔහුගේ උරයේ කපුටා වසා සිටියේය. "මම උඹට කිවුවා මොකුත් මෝඩ වැඩක් කරන්ට එපයි කියලා කොල්ලො." නාකි වලහා කීවේය. "කොල්ලො." කපුටා අත්වැල් ඇල්ලීය. මෝර්මන්ට අප්‍රසාදයෙන් යුතුව හිස වැනීය. "ටිකක් හිතපන්, මම උඹ ගැන කොච්චර ඉහළ බලාපොරොත්තු තියාගෙන ද හිටියෙ."

ඔවුහු ඔහුගේ අසිපත ද සිරිය ද ඔහුගෙන් ගත්තෝය. ඔහු කල වරද වෙනුවෙන් කුමක් කල යුතුදැයි ඉහළ නිළධාරීන් රැස්වී තීරණය කරන තුරු ඔහුට සිය කාමරයෙන් පිටවීම තහනම් විය. ඉන්පසු ඔහු අණට කීකරු වනවාදැයි තහවුරු කරගැනීම පිණිස දොරට පිටතින් මුර භටයෙකු ද යෙදවිනි. ඔහුගේ මිතුරන්ට ඔහුව බැහැ දැකීමට පැමිණීම ද තහනම් විය. එනමුදු නාකි වලහා ගෝස්ට්ට ඔහු හා රැඳෙන්නට අවසර දුන්නේය. එබැවින් ඔහු සම්පූර්ණයෙන්ම හුදෙකලා නොවීය.

"මගේ තාත්තා ද්‍රෝහියෙක් නෙවෙයි." පිරිස පිටව ගිය පසු ජොන් ගෝස්ට් අමතා කීවේය. ඝෝරවෘකයා නිහඬවම ඔහු දෙස බලා සිටින්නට විය. බිත්තියට පිට දී වාඩිගත් ඔහු දෙදණ වටා දෑත් යවා ඇඳ අසල මේසය මත දැල්වෙමින් තිබුනු ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටියේය. දැල්ල විටින් විට දුබල වෙමින් නැවත ඇවිලෙමින් දෙපසට පැද්දුනු අතර ඔහු වටා සෙවනැලි නටන්නට විය. කාමරය වඩවඩාත් අන්ධකාර හා සීතල වන්නාක් මෙන් පෙනින. 'මම අද රෑ නිදාගන්නෙ නෑ' ජොන් කල්පනා කලේය.

එනමුදු ඔහු නිදිකිරා වැටුනා වන්නට ඇත. මක්නිසාද යත් ඔහු නැවත හදිසියේ දෑස් හරින විට ඉටිපන්දම් දැල්ල නිවී බොහෝ වේලාවක් ගෙවී ගොස් තිබුනු අතර ඔහුගේ දෙපා හිරි වැටී තිබුනි. සිය පසුපාදවලින් සිටගත් ගෝස්ට් දොර පහුරු ගාමින් සිටියේය. ඌ කෙතරම් උස ගොස් ඇද්දැයි ජොන් තැති ගනිමින් සිතුවේය. "ගෝස්ට්. මොකද?" ඔහු මෘදු ස්වරයෙන් ඇසුවේය. හිස හැරවූ ඝෝරවෘකයා ඔහු දෙස බලා නිහඬව දත් විලිස්සුවේ ය. 'ඌට පිස්සු හැදිලාද?' ජොන් විමතියෙන් කල්පනා කලේය. "මේ මම ගෝස්ට්." ඔහු මිමිනුවේ සිතේ නැගුනු බිය වසන් කරමිනි. එනමුදු ඔහුගේ මුලු සිරුරම වෙවුලමින් තිබින. අවට මෙතරම් සීතල වූයේ කොයි වේලාවේද?

ගෝස්ට් දොර වෙතින් පිටුපසට මෑත් විය. ඌ පහුරු ගෑ තැන ලීයේ ගැඹුරින් තුවාල වී තිබුනි. නැග එන නොඉවසිලිමත් බවකින් යුතුව ඔහු වෘකයා දෙස බැලුවේය. "එළියෙ මොකෙක් හරි ඉන්නවා. එහෙම නේද?" ඔහු වහා නැගිට උක්කුටියෙන් ඉඳගනිමින් ඇසුවේය. වෘකයා තව තවත් පසුපසට වන්නට වූ අතර උගේ ගෙලේ පිටුපස වූ සුදු පැහැ ලොම් කෙලින් සිටියේය. 'මුරකාරයා' ඔහු සිතුවේය. 'එයාලා මාව මුර කරන්ට දොරට පිටින් එක්කෙනෙක් තිබ්බා. ගෝස්ට්ට දොර හරහා එයාගෙ ඉව දැනෙනවා ඇති. එච්චරයි!'

ජොන් හෙමින් සීරුවේ දෙපයින් නැගී සිටියේය. ඔහු පාලනය කල නොහැකි තරම් තදින් වෙවුලමින් සිටියේය. තවමත් තමා සතුව අසිපත තිබුනා නම් යැයි ඔහු සිතුවේය. දිගු පියවර තුනකින් දොර වෙත ළඟා වූ ඔහු අගුල කරකවා දොර ඇතුළතට ඇරියේය. සරනේරුවල කිරි කිරි හඬ ඔහුව තිගැස්සවීමට සමත් විය.

ඔහුගේ මුර සෙබළා පඩිපෙළ මත හතරගාතයෙන් වැටී ඔහු දෙස බලා සිටියේය. ඔහු උදරය පැත්ත යටවන සේ බිම වැටී සිටි නමුදු හිස ජොන් දෙස බලා සිටියේය. ඔහුගේ ගෙල සම්පූර්ණ වටයක් පසුපසට අඹරවා තිබුනි.

'මේක වෙන්ට බෑ!' ජොන් තමාටම කියාගත්තේ ය. 'මේක අණදෙන නිළධාරිතුමා‍ ගේ කුළුණ. මේක දවල් රෑ තිස්සෙ මුර කරනවා. මේක කොහෙත්ම වෙන්ට බෑ! මේක හීනයක්. මට නපුරු හීන පේනවා.'

ගෝස්ට් ඔහුව පසුකරමින් දොරින් එළියට පැන්නේය. පඩිපෙළ ඉහළට අඩක් දිව ගිය වෘකයා නැවැති ආපසු හැරී ඔහු දෙස බැලීය. ඒ මොහොතේ ඔහුට යම් ශබ්දයක් ඇසුනි. ගල් පොළොව මත බූට්ස් සපත්තු ඇතිල්ලෙන හඬ හා දොරගුලු ඇරෙන හඬ. හඬ ආවේ ඉහළිනි. අණදෙන නිළධාරිතුමා‍ ගේ කාමරයෙනි.

මෙය නපුරු සිහිනයක් විය හැකි නමුදු එය සිහිනයක් නොවීය.

මුර සෙබළා ගේ අසිපත කොපුවේ ලෑ අයුරින්ම තිබුනි. දණ බිම ඇනගත් ජොන් එය පිටතට ඇදගත්තේ ය. අතැති ආයුධය නිසා ඔහුට වඩා සුරක්ෂිත බවක් දැනෙන්නට විය. ගෝස්ට් නිහඬවම ඔහුට ඉදිරියෙන් දිවයද්දී ඔහු වහ වහා පඩිපෙළ නැග්ගේය. පඩිපෙළේ සෑම තැනකින්ම අන්ධකාර ඡායාවන් මතුවන්නට විය. ජොන් පරීක්ෂාවෙන් යුතුව ඉදිරියටම ගියේ සැකසහිත සෑම ඡායාවකටම අසිපතෙන් ඇන්නේය.

හදිසියේම ඔහුට මෝර්මන්ට් ගේ කපුටා ගේ හඬ ඇසුනි. "ඉරිඟු!" කපුටා බෙරිහන් දුන්නේය. "ඉරිඟු! ඉරිඟු! ඉරිඟු! ඉරිඟු! ඉරිඟු! ඉරිඟු!" ගෝස්ට් ඉදිරියට පිනූ අතර ජොන් ඒ පසුපසින්ම දිවගියේය. මෝර්මන්ට් ගේ කාමරයට පිවිසෙන දොර මුලුමනින්ම ඇරදමා තිබුනි. වෘකයා කාමරය තුළට රිංගූ අතර සිය දෑස් අන්ධකාරයට හුරු වන තෙක් ජොන් දොරකඩ මඳක් නතරවූයේ ය. කවුළු වසා ඝනකම් තිරරෙදි දමා තිබුනු බැවින් කාමරය තුළ අන්ධකාරය කළු තීන්ත මෙන් දැඩි විය. "ඔතැන කවුද?" ජොන් හඬගෑවේය.

ඊළඟ මොහොතේ ඔහු එය දුටුවේය. සෙවනැලි රැසක් තුළ වූ එක් සෙවනැල්ලක් මෝර්මන්ට් ගේ නිදන කුටිය වෙත වූ ඇතුළු දොර වෙත ඇදෙමින් තිබුනි. මිනිසකු ගේ ස්වරූපය ගත්, සළුවක් පැළැඳි, හිස වසාගත් සෙවනැල්ලක්.. එනමුදු ඒ හිස වැසූ සළුවට යටින් වූ නිල් පැහැ දෙනෙතක් අයිස් මෙන් දීප්තියෙන් බැබලුනේ ය.

ගෝස්ට් ඉදිරියට පැන්නේය. මිනිසා ද වෘකයාද එක පොදියට බිම පෙරැලී ගිය නමුදු එහි කිසිදු ගෙරැවිල්ලක් හෝ කෑගැසීමක් හෝ නොවීය. පෙරැලී ගිය ඔවුන් දෙදෙනා පුටුවක හැපී ලිපි ගොනු ගොඩගසා තිබුනු මේසයක් පෙරලා දැමීය. මෝර්මන්ට් ගේ කපුටා බෙරිහන් දෙමින් හිසට උඩින් පියාඹන්නට විය. "ඉරිඟු! ඉරිඟු! ඉරිඟු! ඉරිඟු!" ජොන්ට දැනුනේ තමාද මේස්ටර් ඒමන් මෙන් අන්ධ වී ඇති බවකි. බිත්තිය තමා පිටුපස තබාගනිමින් කවුළුව වෙත ළඟා වූ ඔහු තිර රෙද්ද පසෙකට ඇද දැමීය. සඳ එළිය කාමරය පුරා පැතිර ගියේය. හැරී බැලූ ඔහු දුටුයේ සුදු පැහැ ලොම් අතර එබී ගොස් ඇති කළු පැහැ දෑත් යුගලකි. ඉදිමුනු, කළු පැහැ අතැඟිලි ඝෝරවෘකයා ගේ ගෙල වටා සිරවී ගෙල තව තවත් තද කරමින් තිබුනි. ගෝස්ට් ඇඹරෙමින්, උඩ පනිමින්, මිනිසාව සපා කන්නට තැත් කරමින් සිටියේය. එනමුදු ඌට ඒ ග්‍රහනයෙන් ගැලවී ගත නොහැකි විය.

ජොන්ට තවදුරටත් බිය වෙවී සිටින්නට කාලයක් නොවීය. කෑගසමින් ඉදිරියට පැන්න ඔහු සිය සිරුරේ මුලු වෙර යොදා දිගු අසිපත පහතට ගෙන ආවේය. කමිස අතත්, සමත්, මසුත්, ඇටත් කපා දමමින් අසිපත් තලය යටටම බැස්සේය. එනමුදු ඒ කැපී යන ශබ්දයේ කුමක් හෝ වැරැද්දක් තිබුනි. ඔහුව වසා පැතිරගත් දුර්ඝන්ධය කෙතරම් අසාමාන්‍ය හා සීතල වී ද යත් ඔහුට නාසය වසාගන්නට තරම් සිත් දුනි. කැපී වෙන්වී ගිය බාහුවක් හා අතක් සඳ එළිය මැද්දේ බිම වැටී තිබෙනු ඔහු දුටුවේය. එහි අතැඟිලි නලියමින් තිබුනි. ගෝස්ට් වහා අනිත් අතේ ග්‍රහනයෙන් මිදී පිටතට පැනගත්තේ ය. උගේ රත් පැහැ දිව එළියට ඇදී තිබුනි.

හිස වැසූ මිනිසා සිය සුදුමැලි මුහුණ එසෙවුවේ ය. දෙවරක් නොසිතූ ජොන් ඊට පහරක් එල්ල කලේය. මේ පහරින් ආක්‍රමණිකයා ගේ නාසයෙන් කොටසක් කැපී වෙන්වී ගිය අතර එක් කම්මුලක සිට අනිත් කම්මුල දක්වා මුහුණ හරහා නිල් පැහැ දෑසට යටින් ගැඹුරු කැපුමක් ඇතිවිය. ඒ දෑස් නිල් පැහැ තරු මෙන් බබලමින් තිබුනි. ජොන් ඒ මුහුණ හඳුනාගත්තේ ය. 'ඔතෝර්!' ඔහු සිතුවේය. 'දෙයියනේ! ඌ මැරිලා. ඌ මැරිලා. මම දැක්කා ඌ මැරිලා ඉන්නවා.'

සිය වළලුකරේ කුමක් හෝ පැටලෙනු ඔහුට දැනුනි. කළු පැහැ අතැඟිලි ඔහුගේ බත්කෙණ්ඩ බදාගත්තේ ය. කපා දැමූ අත ඔහුගේ පාදය දිගේ ඉහළ නගිමින් වූල් කලිසම හා සම් මස් පහුරුගාමින් තිබුනි. පිළිකුලෙන් කෑගසමින් සිය අසිපත් තුඩින් අතැඟිලි මෑත් කරගත් ජොන් එය ඉවතට විසි කර දැමීය. එය නලියමින් බිම වැටී තිබුනු අතර අතැඟිලි ඇරෙන්නටත් වැහෙන්නටත් විය.

මළකඳ ඉදිරියට පැන්නේය. එහි කිසිදු ලේ සලකුණක් නොවීය. අතක් අහිමිව, මුහුණෙන් අඩක් කැපී ගොස් තිබුනු නමුදු එයට කිසිදු හැඟීමක් දැනීමක් නැත්තා සේ පෙනුනි. ජොන් දිගු අසිපත ඉදිරියට දිගු කලේය. "එහාට වෙලා හිටපන්!" ඔහුගේ ස්වරය කර්කෂ විනිවිද යන සුළු එකක් බවට පත්වී තිබුනි. "ඉරිඟු!" කපුටා බෙරිහන් දුන්නේය. "ඉරිඟු! ඉරිඟු!" සිය කමිස අත තුළින් මිදුනු කපා දැමූ අත කළු පැහැ හිස් පහක් ඇති සර්පයෙකු මෙන් දඟලමින් ඉදිරියට ඇදෙන්නට විය. ඉදිරියට පිනූ ගෝස්ට් එය දත්වලින් ඩැහැගත්තේ ය. අතැඟිලි කැඩි බිඳී යන හඬ ඇසුනි. මළසිරුරේ ගෙලට පැති කැපුම් පහරක් එල්ල කල ජොන්ට අසිපත් තලය ගැඹුරුට කිඳා බසිනු දැනින.

මියගිය ඔතෝර් ඔහුගේ ඇඟ මතට කඩා වැටුනේ ඔහුව අසමතුලිත කර බිම පෙරලා දැමීය.

බිම වැටී තිබුනු මේසය ඔහුගේ උරහිස් ඇට දෙක අතරින් වදිද්දී සිය හුස්ම සියල්ල පිටවී යනු ජොන්ට දැනුනි. 'කඩුව! කෝ කඩුව? කඩුව ඔහු අතින් ගිලිහුනා ද?' කෑගැසීම සඳහා මුව විවර කල මොහොතේ මළකඳ සිය කළු පැහැ අතැඟිලි ඔහුගේ මුව තුළ ඔබා තදකලේය. හුස්ම අකුළුවා ගන්නට තැත්කරමින් ඔහු එය පසෙකට තල්ලු කරන්නට උත්සාහ කල නමුදු මළසිරුරේ බර අධික විය. ඒ සීතල අතැඟිලි තවතවත් ඔහුගේ උගුර තුළට කා වැදෙමින් ඔහුගේ හුස්ම හිර කරන්නට විය. ඒ මුහුණ ඔහුගේ මුහුණට තදවෙමින් දර්ශන පථය අවහිර කරන්නට විය. ඒ දෑස් නිල් පැහැ මීදුම් පටලයකින් වැසී තිබුනි. ජොන් සීතල මාංසය නියෙන් පහුරුගාමින් මේ අද්භූත සත්ත්වයා ගේ පාදවලට පයින් ගැසුවේය. ඔහු සපන්නට උත්සාහ කලේය. මුෂ්ටි පහරක් එල්ල කරන්නට උත්සාහ කලේය. හුස්ම ගන්නට උත්සාහ කලේය...

හදිසියේම මළසිරුරේ බර ඉවත්ව ගියේය. අතැඟිලි ඔහුගේ මුවින් පිටතට ඇදීගියේය. ඔක්කාර කරමින්, ගැහෙමින් පසෙකට රෝල්වනවා හැර අන් කල හැක්කක් ජොන්ට නොවීය.

ගෝස්ට් නැවතත් සටනට එළඹ තිබුනි. ඔහු බලා සිටියදී ඝෝරවෘකයා මළසිරුරේ උදරය සිය දතින් කීතු කීතු කරමින් අතුණුබහන් ඇද දමන්නට විය. ඔහු අසිහියෙන් මෙන් බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියේ අන්තිමේදී සිය අසිපත මතක් වී වටපිට බැලුවේය. තවමත් නිදිමත පහව නොගිය මෝර්මන්ට් උතුමානන් නිදි ඇඳුමින් සැරසී, දැල්වෙන පහනක් අතින් ගෙන දොරකඩ සිටගෙන සිටියේය. බිම වැටී තිබුනු කපා දැමූ, අතැඟිලි අහිමි වී තිබුනු අත ඔහු දෙසට බඩගාමින් යන්නට විය.

ජොන් කෑගසන්නට තැත් කල නමුදු ඔහුගේ හඬ පිටනොවීය. වහා දෙපයින් නැගී සිටි ඔහු අත ඉවතට විසිවන සේ පයින් ගසා මෝර්මන්ට් ගේ අතේ දැල්වෙමින් තිබුනු පහන උදුරාගත්තේ ය. "පුච්චපන්!" කපුටා කෑගසන්ට විය. "පුච්චපන්! පුච්චපන්! පුච්චපන්!"

අඩ වටයක් කැරකුනු ‍ජොන් තමා මීට පෙර කවුළුවෙන් ඇද දැමූ තිරරෙදි දුටුවේය. පහන දෑතින්ම ඔසවාගත් ඔහු එය තිරරෙදි වෙත දමා ගැසීය. ලෝහ තැලී ගියේය. වීදුරු බිඳී ගියේය. තෙල් දසත විසිර ගියේය. තිරරෙදි වුෂ් හඬක් නංවමින් සැනෙන් ගිනි ජාලාවකින් වෙලී ගියේය. එයින් නැගුනු උණුසුම සිය මුහුණ සිප ගනිද්දී මින් පෙර කිසිදු චුම්බනයකින් නොලද තරම් ආහ්ලාදයක් ජොන්ගේ සිරුර පුරා පැතිර ගියේය. "ගෝස්ට්!" ඔහු කෑගැසුවේ ය.

ඝෝරවෘකයා හනික ඔහු පසෙකට පැන්න අතර මළසිරුර නැගී සිටින්නට වෑයම් කලේය. එහි උදරයේ වූ විසල් තුවාලයෙන් කළු පැහැ සර්පයින් මෙන් අතුණුබහන් පිටතට ඇදී තිබුනි. ගින්නට අත ඔබා ගිනිගන්නා තිරරෙදි කඩක් ඩැහැගත් ජොන් එය මළකඳ වෙත දමාගැසීය. 'ඌව පිච්චියන්!' ගිනිගත් රෙදි කැබළි මළකඳ වටා එතෙද්දී ඔහු යාඥා කලේය. 'දෙවියනේ! කරුනාකරලා, කරුනාකරලා, ඌව පිච්චියන්!'


Jeor Mormont: “If Ben Stark had come under wildling attack a half day’s ride from Castle Black, he would have returned for more men, chased the killers through all seven hells and brought me back their heads.”

60 comments:

  1. Replies
    1. 50 Dead men walking..... :-)

      Delete
    2. Yo-ho-ho and a bottle of rum.

      Delete
    3. That's something else Pra Jay...

      Fifteen men on the dead man's chest,
      Yo-ho-ho and a bottle of rum...
      Drink and the devil had done for the rest,
      Yo-ho-ho and a bottle of rum...

      50 Dead men walking is a movie about an IRA member who switched sides..

      Delete
    4. I knew it wasn't RL Stevenson but the song of the old sea dog at the Admiral Benbow Inn came to my mind ............... hmm... why?
      Could it be bcoz of PoM ?

      Delete
    5. hmmm... u mean PoM reminds u Jim Hawkins.?? Or is it Long John Silver.?? Alas, but who's gonna say "Pieces of Eight"? We don't 'ave any parrots here.. Only an owl...

      Delete
    6. that song just reminds me of capt Jack Sparrow
      along with my favorite pirate shanty
      "drink up me hearties yo ho "

      Delete
    7. Jim Hawkins = PoM ? God forbid !!!

      Hawkins has a long way to go to attain that kind of age and dissoluteness, not to mention a couple of applications of tar !

      Delete
  2. අෆ්ෆා ඒ මොකාද ඒ සතා?? ඒ කෑල්ල කියවද්දී නම් හිතේ ඇඳුනා ඒ කොටස..

    ReplyDelete
    Replies
    1. ෂතා මුකාද ආනවා? ඌ දරුණු ෂතා තමා මාත්තියා.. :-D

      Delete
    2. මෙයාලාට කියන්නෙ wights කියලා..

      අනික් එවුන්ගෙන් මැරුම් කෑවාම wightsලා බවට තමා පත්වෙන්නෙ.. මතකනෙ කතාව මුලදිම සෙර් වේමාර් රොයිස් මැරිලා ආපහු නැගිට්ටා..

      Delete
    3. මැරුම් කෑවාම wightsලා බවට තමා පත්වෙන්නෙ

      පොම් නම් මුල ඉඳන්ම බ්ලැක් . මැරුම් නැත්නම් පිට්ටු හරි කාල වයිට් වෙන්න ට්‍රයි කරනව.

      Delete
    4. //මැරුම් නැත්නම් පිට්ටු හරි කාල වයිට් වෙන්න ට්‍රයි කරනව.//

      good one Pra...:D

      Delete
    5. Huh. As if :P
      I'll have you know that "pitch black" is the color Sri Lankans are supposed to be :P. Evolutionary speaking :)

      Delete
  3. සොම්බීස්
    ඕයේ....
    ඔච්චරයි අඩු....
    අලේ මං දල්ලෑ අලේ....

    ReplyDelete
    Replies
    1. මෙයාලාට කියන්නෙ ‍zombies නෙවෙයි, wights කියලා..

      අනික් එවුන්ගෙන් මැරුම් කෑවාම wightsලා බවට තමා පත්වෙන්නෙ.. මතකනෙ කතාව මුලදිම සෙර් වේමාර් රොයිස් මැරිලා ආපහු නැගිට්ටා..

      Delete
    2. මහේෂ් අද රෑ නිදනකොට පරිස්සම්වෙන්ට අනේ...:)

      Delete
  4. බුදු අම්මෝ පිච්චියන්............

    ReplyDelete
    Replies
    1. යේෂ් යේෂ්..

      පිච්චියන් පිච්චියන් - බර කරත්තෙ පිච්චියන් :-D

      Delete
    2. පිච්චුනාම ආයෙ එන්න බැහැ නේද :(

      Delete
    3. ඒවා කියන්ට බෑ.. කෝකටත් ගිනි පෙට්ටියක් හැමවෙලේම ළඟ තියාගෙන ඉන්ට.. :-)

      Delete
    4. මෙයාගේ ඇඳ යට ටෝර්ච් , ගිනි පෙට්ටි, ලාම්පු ඔක්කොම ජාති තියෙනවලු... :P

      Delete
  5. නිකන් සුර,අසුර යුද්දේ වගේනේ,මැරී,මැරී එනවා.

    ReplyDelete
    Replies
    1. මොනාද මේ කතා ඇහුවලු... :-D

      Delete
    2. සුර , අසුර? අර උඩින් ඉන්න කට්ටිය වගේ බොනපාට්ලද? :O

      Delete
  6. හදිසියේම බූරටත් පොඩ්ඩීටත් මෝර්මන්ට් ගේ කපුටා ගේ හඬ ඇසුනි. "ඊලඟ ඊලඟ " කපුටා බෙරිහන් දුන්නේය. "

    ReplyDelete
    Replies
    1. "ඔය හොර මගෝඩියා කියන ඒවා විශ්වාස කරන්ට එපා." නාකි වලහා ගෙරෙවුවේ ය.

      Delete
    2. "සෙර් බුරා...සෙර් බුරා...ඊලඟ ඊලඟ" කපුටා බෙරිහන් දුන්නේය. :D

      Delete
  7. ඔන්න ට්ව්යිලයිට් සෝන් එකට ගියා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර TV එකේ ගියා Twilight Zone කියලා අද්භූත කතා මාලාවක්‍‍.. මතකද සරත්ට?

      Delete
    2. ආයේ එනවද සරත්? :P

      Delete
  8. කතාවේ මේ හරිය නම් හරි බයයි වගේ , ඒ උනාට උඩ තියෙන ජොන් ෆොටෝ එක්ක දැක්කම නම් සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. බලාගෙන.. රෑට නිදාගන්ට යනකොට ඔය ඇඳන් යට එහෙම බලාන්ට හෝදිසි කරලා.. ළඟපාතින් ගිනි පෙට්ටියකුත් තියාගන්ට ‍කෝකටත් කියලා.. :-P

      ‍ජොන්ගෙ ෆොටෝ එක දැම්මෙ ඔයාලා වාගෙ ජොන් රසිකාවියන් ගැන හිතලමයි‍‍.. :-D

      Delete
    2. අනී ජොන් මාර ලස්සනයි මෙයාලා...:D

      Delete
    3. @ Buratheno,

      ඔව් ඔව් මම ඇඳ යට ටෝච් , ඉටිපන්දම් , ගිනිපෙට්ටි ඔක්කොම තියාගෙන ඉන්නෙ . ඒ උනාට ඒවා ගන්න ඇඳ යට බලන්නත් බයයිනේ :D

      Delete
    4. පොඩ්ඩි ජොන් නම් මාර හැන්ඩියානේ :)

      Delete
    5. ඇඳ යට බලාන්ට බයයි බයයි වගේ නම් ඔය ටෝච්, ඉටිපන්දම්, ගිනිපෙට්ටි හැම එකම කොට්ටෙ යටින් තියාගන්ට.. තව ඒකට එකතු කරගන්ට දෙකේ දෙකේ පොල්ලකුයි, හොඳ සයිස් එකේ අලවංගුවකුයි, පොරවකුයි.. අර අපේ හිටපු උතුමානන් කෙනෙකුත් කිවුවා නොවැ "තම තමන්ගෙ ආරක්සාව තම තමන් සරි කොරගන්ට ඕනෑය" කියලා.. :-P

      Delete
  9. මාටින් මහතා වෙත,

    අද කොටසත් බොහොම ආසාවෙන් කියවුවත්, අවසානයට ලඟාවන විට මගේ ඇඟේ මාලු ගඟේ නටන්න පට්ටාන් ගත්තේය. ඒ සුපුරුදු පරිදිම ඔබතුමා කතාවේ කුතුහලය උපරිමයට අවුස්සා , හුටස් ගා කතාව නැවැත්වූ නිසාය. මගේ හද පතුලෙන් බුර, බුරා නැගි සං‍තෝසය කොතරම් වී ද යත්, ඔබතුමාගේ මෑණියන්ට පිං අනුමෝදං කිරීමට සිත් වූවත්, ගාථාව අමතක නිසා එය හරි ගියේ නැත.

    මෙවැනි කතා කියවීමට කොතරම් ආසා කලත් , මෙහෙම හිටි අඩියේ කතාව නැවැත්වූ විට , එය අපගේ නින්දට බාදාවක් විය හැක. කාලෙකට ඉහත බාගෙට ඉවර කල වීඩියෝ ගේම් එකක සිටි යක්කු සැට් එක, හීනෙන් පැමිණ ඇ‍ඳෙන් බිමට වැටෙන්නම මට මෝටාර් ගැසූ බව මතක් වන විට මේ දැනුත් ඇඟේ මයිල් , ඉස්මයිල් වෙනවාය. කෝකටත් ඔබතුමා දොඩන් ගෙඩියක් දෙකක් කනවා නං හොඳය. මොකද ඉදිරියට ඔබතුමාට එක දිගටම කිඹුහුන් යෑමට ඉඩ ඇති බැවිනි.


    ReplyDelete
    Replies
    1. උක්ත ලිපිය මාර්ටින් මහතා වෙත ලැබෙන්නට සැලැස්වූ බව ස්තූති පූර්වකව නරිමොටා මහතා වෙත දැනුම් දෙමු..

      පසුගිය පෝස්ට් එකේ නරිමොටා මහතා ගේ ගණන් බැලීම් වැරැදිය.. පරිච්ඡේද විස්සක් යනු පෝස්ට් විස්සක් නොවේ.. සාමාන්‍යයෙන් පරිච්ඡේදයක් පෝස්ට් දෙකකට කැඩෙනු ඇත (උදා: ජොන් 07-1 ජොන් 07-2). එසේ නොවන පරිච්ඡේද ද ඇතිමුත් මේ අවසාන පරිච්ඡේද සෑම එකක්ම පාහේ දීර්ඝ ඒවාය.. එබැවින් නිවැරැදි ගණන් බැලීම විය යුත්තේ (20 x 2) / 3 ලෙසිනි..

      Delete
    2. හුටා එහෙම දෙකටත් කඩනවද? බලාගෙන ගියාම මාටියා හොඳයි නෙව :)

      Delete
    3. මාටියා මහතා කුඩා පරිච්ඡේද ලීවේ නම් අපටත් එක් පරිච්ඡේදයක් එක් පෝස්ට් එකක් සේ පල කරන්නට තිබුනි.. :-P

      Delete
    4. හැබෑව, හැබෑව. ඉංතේරුවෙන්ම වැ‍රැද්ද මාටියගෙ.

      ඒ කොයි හැටි වෙතත් අපිත් දෙයියනේ කියලා ඇවිදින මලමිනී නැතිව බුදියන්න එපැයි? දූවල ගියා ඊලඟ කොටස කියවන්න. මුගෙ *&%$#@, මූ ඊලඟට ලියලා තියෙන්නෙ බ්‍රෑන් ගැන නෙව?

      මං හිතන්නෙ මාටින් ගොයියා අපට ඉවසීම පුරුදු කරවනවා. ඒ එක්කම බලනවා , සුමාන දෙකකට විතර පස්සෙ , අපිට කලින් කොටස තාම මතකද කියලා.උට්ටාන වීර්යය , පිංවතුනි, උට්ටාන වීර්යය. අම්මපා මූව දීයා කන්ට එපැයි?

      Delete
    5. //දූවල ගියා ඊලඟ කොටස කියවන්න. මුගෙ *&%$#@, මූ ඊලඟට ලියලා තියෙන්නෙ බ්‍රෑන් ගැන නෙව?//

      හෙහේ සහතික ඇත්ත සේර් නරි.

      Delete
    6. හැබෑට මේ මනුස්සයට කොට ඒවා ලීවා නම් මොකද වෙන්නේ? :(

      Delete
  10. මයි ලේඩි ඔෆ් ටලෑන්ඩ් වෙත

    දුර ඈත රටක සිටින යමෙක් ලියා දන්වන වග නම්
    "අද ජොන් හරීඊඊඊඊඊඊ ලාස්සනව්යි "

    පණිවිඩය අවසන්

    ReplyDelete
    Replies
    1. අම්මපා බාප්පා දැක්ක වගේ සං‍තෝසයි. සෑර්, නැහ්ද මුකුත්, පට්ට හීතලයිනෙ තාම. හව්, හව් ඌඌඌඌඌඌ...

      Delete
    2. හොර නරි ගෙඩියා. මෙහි මත්පැන් පානය සහ පානය කොට පැමිනීම තහනම්. :P

      Delete
    3. @PoM,

      ජොන් හරී ලාස්සනයි. පණිවිඩේ දුන්නේ ගිනි කන්දද? පොම් අපි දෙන්නාගේ චිත්‍රයක් ඇඳලා දෙන්ටකෝ. :D

      Delete
    4. ගිනි කන්දක් තමයි ලු වෙලාවකට. හොස්ස ලඟින් මැස්සා යන්ට බෑ ලු. (මැස්සියො නම් කොහොමටත් යන්ටම බෑලු) .

      අනෙ මන්ද ජොන් කොලුව මෙතැන නම් අස්වය නැති මොන්ගොලියන් එකෙක් වගෙ

      Delete
  11. දැන් ඔය චිත්‍රෙ අඳින්න ඕනේ ඔයාගෙයි+ පොම්ගෙයිද ?

    ඔයාගෙයි + ජොන්ගෙයිද? :P

    ReplyDelete
    Replies
    1. දැන් දීපල්ලකො උත්තර . ඔවර් ටු යූ මි ලේඩි

      Delete
  12. ඒ කාලේ ඇති කල ගෝරිලි තඩියා
    විචාර නොව විකාර කරමින් සිටියා
    යන එන නයි,නරි නවතා ගෙන සිටියා
    දෙස්පලුවා ඌ අරගෙන ගිය සැටියා

    ReplyDelete
    Replies
    1. ගොරිල්ලෙක් ලෙස වරදවා වටහා ගත් අයෙක් අඩුවෙන් පැමිණීමේ හේතුව පිලිබඳව මොට්ස් නිවැරදි නොවේ. (ගුරුන්ටත් , සොරි නරින්ටත් අකුරු වරදී කියල පොම්ද කොහෙද කියල තියනවනේ ) ඒ ගැන කතා නොකිරීම සුදුසුය.

      කෙසේවෙතත් මෝඩ රජුන්, රජ පිස්සන්, හොර ඇමතියන් , හඳහන් මේස්ටර් ජෝකර් වරුන් සිටින්නේ වෙස්ටේරොස්වල පමණක් නොවේ. ලඟදී වෙනත් දූපතකද එවැනි විනෝදජනක දේ සිදුවිය.

      Delete
  13. කතාවේ ෆයිට් සීන් ටික දවසකට නැවතිලා හොල්මනේවා ඇවිල්ල වගේ.. මරු මරු..

    ReplyDelete
    Replies
    1. ඒකනෙවැ.. මෙච්චර දවස් කතාව කියවන්ට විතරයි හොල්මන් ආවෙ.. අද කතාවෙත් හොල්මන් ඇවිල්ලා නේ.. :-D

      Delete
  14. මම තවම ටියුබ් ලයිට්

    ReplyDelete
    Replies
    1. ඈ... තාමත්!? ෂුවර්ද මුල ඉඳන්ම කියවගෙන ආවා කියලා?? :-O

      Delete