Monday 1 December 2014

ටිරියන් 05-1


"උඹට කන්ට ඕනද?" ‍මෝඩ් ඇසීය. ඔහු මහත අතැඟිලිවලින් අල්ලාගත් තෙල් දැමූ බෝංචි පිඟානක් ඉදිරියට දිගුකලේ ය.

ටිරියන් ලැනිස්ටර් බඩසායින් පෙළෙමින් සිටියේ ය. එනමුදු මෙම වධකයාට යටහත් පහත්කම් පෙන්වීමට වඩා මියයෑම මැනවැයි ඔහු අදිටන් කරගෙන සිටියේ ය. "බැටළු ගාතයක් තිබ්බානං හොඳයි." සිරමැදිරියේ කොණක තිබුනු තෙත් පිදුරු ගොඩ මත හිඳ සිටි ඔහු කීය. "එහෙමත් නැත්තං මෑ ඇටයි, ලූණුයි. අලුත පුච්චපු පාන් ටිකක් බටරුත් එක්ක. ඒ ටික හෝදලා දාන්ට හොඳ උණුසුම් වයින් ගුරුලේත්තුවක්. ඒක අමාරුනං බියර් වුනත් කමක් නෑ, වැඩියම කරදර කරන්ට මම කැමැති නෑ."

"ඒ බෝංචි." මෝඩ් කීය. "මෙන්න." ඔහු නැවත පිඟාන ඉදිරියට දිගුකලේය.

ටිරියන් සුසුමක් හෙලීය. මේ මුරභටයා දුඹුරු පැහැ ගැනුනු දත්ලින් හා හීනි අඳුරු පැහැ දෑසින් යුතු ස්ටෝන් විස්සක් බරැති අන්ත මුග්ධයකු විය. පොරෝ පහරක් නිසා ඔහුගේ වම් කණ හා කම්මුලේ කොටසක් කැපී ගොස් තිබුනු අතර ඒ නිසා මුහුණේ වම්පස බැලිය නොහැකි තරම් අජූව තුවාල කැළැලක් විය. ඔහු විරූපී තරම්ම මෝඩ එමෙන්ම සිය සිරකරුවන්ට රිදවා සතුටුවන්නකු විය. එනමුදු ටිරියන් දැඩි ලෙස කුසගින්නෙන් පෙළෙමින් සිටියේ ය. ඔහු අත දිගුකර පිඟාන ගැනීමට නැඹුරු විය.

මෝඩ් නියවමින් එය ආපසු ඇදගත්තේ ය. "මෙන්න." ටිරියන්ට අත දිගු කල නොහැකි දුරින් පිඟාන අල්ලාගත් ඔහු නැවත කීවේය.

කුරුමිට්ටා අසීරුවෙන් දෙපයින් නැගිට සිටියේය. ඔහුගේ සිරුරේ සෑම සන්ධියක්ම ඇදුම් කමින් තිබින. "අපි හැම කෑම වේලක් ගානෙම මේ මෝඩ සෙල්ලම කරන්ට ඕනද?" ඔහු නැවත වරක් පිඟාන දෙසට අත පෙවුවේ ය.

සිය දුඹුරු පැහැ ගැහුනු දත් අතරින් සිනාවෙමින් මෝඩ් පසුපසට ඇදුනේ ය. "ඒක මෙතන කුරුමිටි මිනිහෝ." අත දිගුකල ඔහු සිරමැදිරියේ බිත්තිය අවසන් වී විවෘත ආකාශය ඇරඹෙන සීමාවෙන් පිඟාන ඔසවා අල්ලාගත්තේ ය. "උඹට කන්ට ඕන නැද්ද? මෙන්න. ඇවිත් අරගනිං."

පිඟාන දෙසට ලංවීමට තරම් ටිරියන් ගේ අත් දිගු නොවීය. එමෙන්ම සිරමැදිරියේ සීමාවට ළඟාවීමට තරම් ධෛර්යයක්ද ඔහුට නොවීය. මෝර්ඩ් ගේ දැවැන්ත සුදු පැහැ උදරයෙන් වැදෙන එකම එක පහරකින් ඔහුව පහළට වීසි වී ගොස් අහස් බලකොටුවේ ගල් ගොඩවල් අතර වැටී මස් වැදැල්ලක් වනු ඇත. සියවස් ගනනාවක් පුරාවටම ඉයරීහි සිටි සිරකරුවන් බොහෝ දෙනකුට එම ඉරණම අත් වී තිබින. "මම හිතන්නෙ, මට එච්චර බඩගිනි නෑ වගේ." නැවතත් සිරමැදිරියේ සිය අන්තය වෙත ළඟාවෙමින් ඔහු පැවසීය.

උගුරෙන් හඬක් පිටකල මෝඩ් සිය මහත අතැඟිලි දිගහලේය. සුළං පහරට හසු වූ පිඟාන උඩු යටිකුරු වී අතින් ගිලිහින. අහර සියල්ල දෑස් මානයෙන් ඉවතට ගසාගෙන යද්දී බෝංචි ඇට ස්වල්පයක් පමණක් ඔවුන් දෙසට විසිවිය. මුරභ‍ටයා කොක්හඬලා සිනාසෙද්දී ඔහු ගේ උදරය දැවැන්ත පුඩිමක් මෙන් උස්පහත් වන්නට විය.

සිය සිත තුළ ක්‍රෝධය හා වියරුව නැග එනු ටිරියන්ට දැනුනි. "තෝ අලුගුත්තේරු වේස බැල්ලිගෙ පුතා. තොට සන්නිපාතෙ හැදිලා මැරිලා යන්ට ඕන!" ඔහු බිමට කෙලගැසී ය.

මේ අවලාද නැගීම වෙනුවෙන් මෝඩ් ගේ යකඩ අඩිවලින් යුතු බරැති බූට්ස් සපත්තුවලින් සිය ඉළඇටවලට වැදුනු පහරක් විඳ දරාගැනීමට ටිරියන්ට සිදුවිය. "මම ඒ කියපුවා ආපහු ගන්නවා." සිය පිදුරු මෙට්ටය මත වේදනාවෙන් දෙකට නැවෙමින් ටිරියන් කීය. "ඒ වෙනුවට මම උඹව ම‍ගේ අත් දෙකෙන්ම මරලා දානවා. මම ඒක දිවුරලා පොරොන්දු වෙනවා." බලකොටුව තුළට විහිදෙන දොර වැසී යතුරු අගුළු වැටෙනු ටිරියන්ට ඇසින.

තමා වැනි කුඩා මිනිසකුට මෙතරම් දරුණු, භයානක මුවක් ලැබුනේ කෙසේදැයි ටිරියන් විමතියෙන් කල්පනා කලේය. සිරකුටියේ සිය සුපුරුදු මුල්ලට වැදුනු ඔහු සීතලට එදිරිව තමා සතුව ඇති එකමෙක තුනී පොරෝනය පොරවාගෙන සිරකුටියට එහායින් අනන්තය තෙක් විහිදුනු නිල් අහස් තලයත්, ඈත ක්ෂිතිජයේ දක්නට ලැබෙන කඳුවැටි පෙළත් දෙස බලා සිටින්නට විය. තමා දූ කෙලියෙන් මැරිලියන් වෙතින් දිනූ ඝණකම් ලොම් සළුව තවමත් ඇත්නම් යැයි ඔහු කල්පනා කලේය. එය දහදියෙන් හා ලේ ගඳින් අපවිත්‍ර වී තිබුනද උණුසුම් සුවදායක පොරෝණයක් විය. එනමුදු සළුව ඇස ගැටුනු සැනින් මෝඩ් එය ටිරියන් වෙතින් උදුරාගෙන තිබුනි.

සුළඟ විසින් ඔහු ගේ පොරෝණය හරහා සීතල ඉඳිකටුවලින් අනින්නට විය. ඔහු වැනි කුරුමිට්ටෙකුට වුව මේ සිරමැදිරිය අතිශයින්ම කුඩා එකක් වූ අතර එහි දිග අඩි පහක්වත් නොවීය. එතනින් එහාට සාමාන්‍ය සිරමැදිරියක මෙන් බිත්තියක් නොවූ අතර පොළොව අවසන් වූ තැනින් අහස ඇරඹින. ඔහුට ඇතිතරම් වාතාශ්‍රයත්, දිවාකල හිරු එළිය, රාත්‍රියේ සඳ එළිය හා තරු එළියත් ලැබින. එනමුදු කාර්ස්ටලී රොක්හි අඳුරු අභ්‍යන්තරයේ ඇති අන්ධකාරම, භයංකාරම සිරමැදිරිය වෙනුවෙන් මේ සියල්ල හුවමාරු කරගැනීමට ටිරියන් සූදාණමින් සිටියේ ය.

"උඹ පියාඹයි." ඔහුව මේ සිරමැදිරිය තුළට මුල්ම වරට තල්ලුකරද්දී මෝඩ් සපථ කර කියා සිටියේ ය. "දවස් විස්සක්. තිහක්. නැත්තං පනහක්. ඒත් අන්තිමේදි උඹ පියාඹයි."

සිරකරුවන්ට තමන් කැමැති වේලාවක නිදහස් වී යා හැකි මේ මුලුමහත් රාජධානි සප්තකයේම ඇති එකම සිරමැදිරි පෙළ ඒරින්වරුන් සතු විය. ඒ මුල්ම දිනයේ පැය ගනනාවක් තිස්සේ සිය ධෛර්යය වඩවා ගත් පසු, කුටියේ මායිමට බඩගාගෙන මෙන් ගිය ටිරියන්, මුනින් තලා වී, ගෙල දිගුකර පහතට එබී බැලීය. අහස් බලකොටුව ඔහුට අඩි හය සියයක් පහතින් වූ අතර මේ සිරකුටියත්, ඒ බලකොටුවත් අතර හිස් වාතය මිස අන් කිසිවක් නොවීය. ඔහු තමාට හැකි තරම් දුරට ගෙල දිගුකර එබී බැලුවේ නම් ඔහුට වමින්, දකුණින් හා උඩින් තිබුනු මේ හා සමාන තවත් සිරමැදිරි දැකගත හැකි වනු ඇත. ඔහු හරියටම ගලින් කල මී වදයක සිටින මී මැස්සකු බඳු විය. ප්‍රශ්නයකට තිබුනේ කවුරුන් හෝ ඔහු ‍ගේ තටු සිඳ දමා තිබීමය.

සිරකුටිය තුළ අතිශයින්ම සීතල විය. දිවා රෑ නොතකා සුළඟ තදින් හැමීය. මේ හැමටම වඩා නරක දෙය වූයේ කුටියේ පොළොව බෑවුම් සහිත වීමයි‍. එය දැනෙන නොදැනෙන තරමේ සියුම් බෑවුමක් වුවද සෑමවිටම සිතට වධයක් විය. මොහොතකටවත් සිය දෑස් පියාගැනීමට ටිරියන් බිය වූයේ නින්දේදී තමා රෝල් වී ගොස් සිරකුටියෙන් පිටතට වීසි වී යනු ඇතැයි සිතේ නැගුනු භීතිය නිසාය. මේ අහස් සිරකුටි මිනිසකුව පිස්සු වැට්ටවීමට සමත්වීම මහා ලොකු පුදුමයක් නොවීය.

'දෙවියනි මා බේරාගන්ට! නිල්පාට මා කැඳවයි.' මීට පෙර මෙම කුටියේ විසූවකු විසින් බිත්තියේ ලියා තිබිනි. ඔහු ඒ සඳහා භාවිත කරන්නට ඇත්තේ කුමක්දැයි සැක සහිත නමුදු ඒ බොහෝවිට ඔහුගේම රුධිරය විය හැක. මුලදී නම් ඒ කවුරුන් විය හැකිද, ඔහුට කුමක් සිදුවීද යනුවෙන් කල්පනා කරන්නට ටිරියන් පුරුදුව සිටියේ ය. එනමුදු කල් යද්දී ඒ ගැන නොදැන සිටීම වඩා මැනවැයි ඔහු තීරණය කලේය.

ඔහු සිය හැකර කට වසාගෙන සිටියානම්...

මේ සියල්ල සිදු වූයේ අර ගොබ්බ කොලුවා නිසාය. ඒරින් වංශයේ අඩසඳ හා උකුස්සා ගෙත්තම් කල ධජපතාක යට වයර්වුඩ් සිහසුනක අසුන් ගෙන තමා දෙස බලා සිටි අර අමන කොලුවා නිසාය. මිනිසුන් උඩ සිට ඔවුන්ට පහළින් සිටින තමා දෙස හෙලන බැලුම් විඳදරා ගන්නට ටිරියන් සිය ජීවිතකාලය පුරාවටම හුරුපුරුදුව සිටියේ ය. එනමුදු පුටු කොට්ට ගොඩක් මත හිඳගෙන, තෙත් වූ දෑසින් තමා දෙස පහළ බලා සිටින සය හැවිරිදි දරුවකු ගේ බැල්ම ඔහු මත පතිත වූ මුල්ම අවස්ථාව මෙය විය. "මෙයාද ඒ නපුරු මිනිහා?" සිය රෙදි බෝනික්කා තුරුළුකරගත් දරුවා ඇසීය.

"එයා තමා." පසෙකින් වූ කුඩා සිංහාසනයේ අසුන් ගෙන සිටි ලයිසා ආර්යාව කීවාය. ශාලාව පිරෙන්නට පැමිණ සිටි, ඇගේ අතගන්නට කැමැත්තෙන් පසුවන වංශවතුන් ගේ සිත් සනහන්නට මෙන් ඇය මුලුමනින්ම නිල් පැහැයෙන් සැරසී, පුයර දමා, සුවඳ විලවුන් ගත ගල්වා සිටියා ය.

"එයා හරි චූටියි නේ." ඉයරිහි උතුමානන් කැකිරි පලමින් කීය.

"මේ තමා ඔයාගෙ තාත්තාව මරා දාපු, ලැනිස්ටර් වංශයේ ටිරියන්, පුංචි යකා." ඇය සිය ස්වරය උස් කල අතර එය කිරි සුදු පැහැ බිත්ති හා සිහින් ආරුක්කු කුළුණුවලින් පිරි ප්‍රධාන ශාලාව පුරා පැතිර ගියේ එහි සිටි සෑම මිනිසකුගේම සවනට ළඟා විය. "එයා තමා රජතුමාගෙ හස්තය මරලා දැම්මෙ."

"ආ! දැන් එතකොට මම එයාවත් මරලා දැම්මද?" ටිරියන් මෝඩයකු මෙන් කට ඇරියේ ය.

එය සිය මුව තරයේ වසාගෙන, හිස පහත් කරගෙන සිටීමට වඩා සුදුසු අවස්ථාවක් විය. ඔහුට‍ දැන් එය වඩා හොඳින් අවබෝධ වී ඇත. 'මාව අපා හතටම පලයං!' ඔහුට එය ඒ අවස්ථාවේදීම අවබෝධ විය. ඒරින්වරුන් ගේ ප්‍රධාන ශාලාව වනාහි නිල් පැහැ වයිරම් වැටුනු සුදු කිරිගරුඬින් කල සීතල බිත්තිවලින් යුතු දිගු, චාම් එකක් විය. එනමුදු මේ මොහොතේ ඔහුව වටකරමින් ශාලාව පුරා පිරී සිටි පිරිසේ මුහුණු ඊටත් වඩා සීතල විය. කාර්ස්ටලී රොක්හි බලය සැතපුම් දහස් ගණනක් දුරින් වූ අතර ඒරින් මිටියාවතේ කිසිදු ලැනිස්ටර් මිතුරකුද නොවීය. යටහත්පහත් බව හා නිහඩතාව යනු මේ මොහොතේ භාවිත කරන්නට වඩාත්ම සුදුසු ආරක්සක පියවර විය‍.

එනමුදු ටිරියන් සිටියේ මේ සියල්ල ගැන කල්පනා කල හැකි තරමේ යහපත් මනෝභාවයකින් නොවේ. ඔහු ගේ අතිමහත් ලැජ්ජාවට හේතුවන පරිදි දවස පුරා ඉයරි වෙත සිදුකල නැග්මේ අවසාන පියවරේදී ඔහු අසාර්ථක වී තිබින. ඔහු ගේ බකල කකුල් විසින් තවදුරටත් ඉහළ නැගීම පිණිස ඔහුට සහායවීම ප්‍රතික්ෂේප කර තිබුනු අතර බ්‍රොන්ට ඔහුව ඔසවාගෙන යාමට සිදුවිය. මේ ලැජ්ජාව ඔහු ගේ සිතේ දැවෙමින් තිබුනු කේන්තියට තවතවත් පිදුරු දමන්නට සමත් වී තිබින. "පේන හැටියට නම් මම බොහොම අවිවේකී කුරුමිට්ටෙක් වගේ." ඔහු කටුක ඇනුම්පදයක ස්වරයෙන් කීය. "මම මේ පුදුමෙන් කල්පනා කරන්නෙ මම කොහොමද මෙච්චර කාල වෙලාව හොයාගත්තෙ ඔය ඔක්කොම මිනීමැරුම් කරන්ට කියලයි."

තමා මේ මුහුණ දී සිටින්නේ කාටදැයි ඔහු විසින් මතක තබාගත යුතුව තිබින. ලයිසා ඒරින් හා ඇගේ බාගෙට පිස්සු හැදුනු කොලුවා රාජසභාවේ නම් දරා සිටියේ හාස්‍යරසය නොහඳුනන්නන් වශයෙනි. විශේෂයෙන්ම හාස්‍යය ඔවුන් දෙසට එල්ලවුනු විට එය දරාගැනීම ඔවුන්ට කොහෙත්ම අසීරු කරුනක් විය.

"පුංචි යකා." ලයිසා සීතල සැරපරුෂ ස්වරයෙන් කතාව ඇරඹීය. "උඹේ ඔය හැකර කට පරෙස්සමින් පාවිච්චි කරපන්. ඒ වගේම මගේ පුතාට ආචාරශීලී විදියට කතා කරපන්. එහෙම නැත්තම් මම පොරොන්දු වෙනවා උඹට ඒ ගැන පසුතැවෙන්ට සිද්දවෙයි කියලා. මතක තියාගනින් උඹ මේ කොහෙද ඉන්නෙ කියලා. මේ ඉයරි. මේ උඹව පිරිවරාගෙන ඉන්නෙ මිටියාවතේ නයිට්වරු. එයාලා හැමෝම ජොන් ඒරින්ට ආදරේ කරපු අවංක මිනිස්සු. මේ හැම කෙනෙක්ම මං වෙනුවෙන් මැරෙන්ට වුනත් සූදාණම් උදවිය."

"ඒරින් ආර්යාවනි, ඔබලා අතින් මට මොකක්හරි අනතුරක් සිද්දවුනොත් මගේ අයියා ජේමි බොහොම සතුටින් එයාලට ඒ දේ උදාකරලා දේවි." මේ වදන් පවසද්දීම එය කෙතරම් අනුවණ කතාවක්දැයි ඔහුට වැටහින.

"උඹට පියාඹන්ට පුළුවන්ද, මගේ ලැනිස්ටර් උතුමානනි?" ලයිසා ඇසුවා ය. "කුරුමිට්ටන්ට පියාපත් තියෙනවද? එහෙම නැත්තං, ඊළඟට උඹේ හිතට එන තර්ජනය කටින් එළියට දාන්නෙ නැතුව හිත ඇතුළෙම තියාගත්තොත් හොඳයි."

"මම මේ තර්ජනය කරනවා නෙවෙයි." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "මම මේ දුන්නෙ පොරොන්දුවක්."

පුංචි රොබර්ට් උතුමානන් අසුනින් බිමට පැන්නේ ය. ඔහු කෙතරම් අවුල් වී සිටියාදැයි යත් අතේ සිටි රෙදි බෝනික්කා බිම වැටුනි. "උඹට බෑ අපට රිද්දන්ට." ඔහු මොරගැසීය. "කාටවත්ම බෑ අපට රිද්දන්ට. ඌට කියන්ට අම්මා. ඌට කියන්ට මෙතන ඉන්නකං ඌට අපට රිද්දන්ට බෑ කියලා." කොලුවා ගැහෙන්නට පටන්ගති.

"ඉයරි කියන්නෙ බිඳ හෙලන්ට බැරි තැනක්." ලයිසා ඒරින් සන්සුන් ස්වරයෙන් කීවාය. පුත්‍රයාව තමා දෙසට ඇදගත් ඇය සිය මහත සුදු දෑත් අතරේ ඔහුව ආරක්ෂාකාරී ලෙස රඳවා ගත්තා ය. "පුංචි යකා ඔය අපිව බය කරන්ටයි හදන්නෙ මගෙ වස්තුවෙ. ලැනිස්ටර්ලා ඔක්කොම අමු බොරුකාරයො. කාටවත් බෑ මගෙ චූටි පැටියාට රිද්දන්ට."

ඇයව යකාට ගියාවේ! ඇය පැවසූ සෑම වදනක්ම සත්‍ය විය. මෙතැනට ළඟාවීමට අසීරු ගමනක නිරත වී සිටි ටිරියන්ට සන්නාහයෙන් සැරසුනු සතුරු නයිට්වරයකුට එය කෙතරම් අසීරු ගමනක් වනු ඇත්දැයි සිතාගැනීම අපහසු කරුනක් නොවීය. ඉහළ සිට ගල් හා ඊතල වර්ෂාවක් මෙන් ඔහු මත පතිත වනු ඇති අතර තබන තබන සෑම පියවරක් පාසාම සතුරන් ඔහු හා ගැටෙනු ඇත. එය ඇත්තෙන්ම නපුරු සිහිනයක් වනු ඇත. ඉයරී බලකොටුව ඉතිහාසයේ කිසිදා සතුරකු අතට පත්නොවීම මහ පුදුමයක් නොවේ.

එනමුදු ටිරියන්ට සිය මුව වසාගෙන සිටීම අසීරු විය. "බිඳ හෙලන්ට බැරි තැනක් නෙවෙයි. බිඳ හෙලන්ට ටිකක් අමාරු තැනක්."

පුංචි රොබර්ට් වෙවුලන ඇඟිල්ල ඔහු දෙසට දිගුකලේය. "උඹ බොරුකාරයෙක්. අම්මා, මට ඕන මේකා පියාඹනවා බලන්ට." අහස් නිල් පැහැ සළුවෙන් සැරසුනු මුර සෙබළුන් දෙදෙනෙක් ටිරියන් දෙපසින් සිට ඔහු ගේ දෑතින් අල්ලා එසවූහ.

කැට්ලින් ස්ටාර්ක් ඒ මොහොතේ එතැන නොසිටියා නම් කුමකින් කුමක් සිද්දවන්නට තිබුනා දැයි දන්නේ දෙවියන් පමණි. "සහෝදරී." සිංහාසනය පාමුල තමා සිටි ස්ථානයේ සිට ඇය කතා කලාය. "මම මතක් කරන්ට කැමැතියි මේ ඉන්නෙ මගේ හිරකාරයෙක් කියලා. එයාට අනතුරක් කරන්ට මට ඉඩදෙන්ට පුළුවන්කමක් නෑ."

ලයිසා ඒරින් ‍නොපහන් දෑසින් සිය සොයුරිය දෙස මොහොතක් බලා සිටියා ය. ඊළඟ මොහොතේ අසුනින් නැගී සිටි ඇය ටිරියන් දෙසට පියමන් කලාය. ඇය තමාට පහර දෙනු ඇතැයි ටිරියන් මොහොතකට බියපත් විය. එනමුදු ඔහුව නිදහස් කරන ලෙස ඇය මුර සෙබළුන්ට අණ කලාය. සෙබළු ඔහු ගේ දෑත් අත්හැරිය අතර පා පැකිළි ගිය ටිරියන් බිම ඇද වැටුනි.

නැවත සිය දෙපා මතින් නැගී සිටින්නට ඔහු දැරූ වෑයම හාස්‍යජනක දර්ශනයක් විය. ඔහු ගේ දකුණු කකුල වේදනාවෙන් ඇඹරී ගිය අතර ඔහු නැවතත් හතරගාතයෙන් පොළොව මත ඇද වැටුනි. ඒරින්ලාගේ ප්‍රධාන ශාලාව පුරා කොක්හඬලෑම් මතුවන්නට විය.

"මගේ අක්කගෙ පුංචි අමුත්තට කෙලින් හිටගෙන ඉන්ටත් බැරිතරම් අමාරුයි වගේ." ලයිසා කීවාය. "සෙර් වාඩිස්, එයාව දඟගෙයි දාන්ට. අපේ අහස් සිරමැදිරියක ටික කාලයක් විවේක ගත්තහම එයාට හොඳ වෙයි."

මුර සෙබළුන් නැවතත් ඔහුව දෑතින් ඇද ඉහළට එසවූහ. ටිරියන් ලැනිස්ටර් ඔවුන් මැදින් එල්ලී සිටියේ, ලැජ්ජාව නිසා රතු වී ගිය මුහුණින් යුතුව දෙපා ගසන්නට විය. "මම මේක අමතක කරන්නෙ නෑ." ඔවුන් ඔහුව ඇදගෙන යද්දී ටිරියන් ඔවුන්ට පැවසීය.

ඔහු තවමත් එය අමතක කර දමා නැත.

මුලදී නම් මේ දඟගෙයි දැමීම එතරම් කාලයක් පවතින එකක් නොවේයැයි සිතමින් ඔහු සිත සනසාගත්තේ ය. ලයිසා ඒරින්ට ඔහු ගේ මාන්නය බිඳ දැමීමට අවශ්‍ය විය. එපමණකි. ඇය නැවතත් ඉක්මනින්ම ඔහුව රැගෙන එන්නට පණිවුඩ එවනු ඇත. ඇය නොවෙතත්, කැට්ලින් ස්ටාර්ක්ට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වනු ඇත. මේ වතාවේ ඔහු වඩා ප්‍රවේශමෙන් සිය දිවට මුරගුළු දමා ගනු ඇත. ඔවුන් කිසිදු හේතුවක් නොමැතිව නිකම්ම ඔහුව මරා දමන්නට තරම් එඩිතර නොවනු ඇත. ඔහු තවමත් කාර්ස්ටලී රොක්හි ලැනිස්ටර්වරයකු වන අතර ඔවුන් ඔහු ගේ ලේ සෙලෙවුවොත් එය යුද්ධයක ඇරඹුම වනු ඇත. ඔහු තමාටම කියා ගනිමින් සිත සනසාගත්තේ ය‍.

එනමුදු ඔහුට තවදුරටත් ඒ ගැන එතරම් විශ්වාසයක් නැත.

සමහරවිට ඔහු දිරා යනතෙක්ම, ඔහු වලපල්ලට යනතෙක්ම මෙහි රඳවා තබාගන්නට ඔහුව අල්ලාගත්තවුන් කල්පනා කරනවා විය හැක. එනමුදු එපමණ කලක් අල්ලා සිටීමට තරම් තම සිරුරට හැකියාවක් නොමැති බැව් ඔහු දැන සිටියේ ය. ගෙවී යන සෑම දිනක් පාසාම ඔහු ගේ ශක්තිය කෙමෙන් පිරිහෙමින් තිබුනු අතර මෝඩ් ගේ පා පහරවල් හා මුෂ්ටි පහරවල් නිසා ඔහුට විශාල අනතුරක් සිදුවන දිනය වැඩි ඈතක නොවේ. එමෙන්ම එසේ වනු ඇත්තේ මේ මුරකරුවා පළමුව ඔහුව නිරාහාරයෙන් මරා නොදැමුවහොත් පමණි‍. මෙසේ සීතලයෙන් හා කුසගින්නෙන් පෙළෙමින් තවත් රාත්‍රින් කිහිපයක් මෙහි ගතකිරීමට සිද්දවුවහොත් නිල්පැහැය ඔහුටද හඬගාන දිනය වැඩි ඈතක නොවන බැව් ඔහුට හැඟුනි‍.

සිය සිරකුටියෙන් පිටත මේ මොහොතේ කුමක් සිද්දවනු ඇත්දැයි ටිරියන් කල්පනා කරන්නට විය. ටයිවින් උතුමානන් වෙතට පණිවුඩය ලැබුනු සැනින් ඔහු අසරුවන් පිටත් කර හරිනු ඇති බැව් නිසැකය. ‍සමහරවිට ජේමී දැනටමත් කඳුකරය ඔස්සේ හමුදාවක් රැගෙන ඔහු සොයා එනු ඇත... ඔහු උතුරුකරයේ වින්ටර්ෆෙල් බලා නොයන්නේ නම් පමණක්. කැට්ලින් ස්ටාර්ක් ඔහුව පැහැරගෙන වින්ටර්ෆෙල් හැර අන් කොයිබක ගියාදැයි මිටියාවතෙන් පිටත කිසිවකුත් සැකකරනු ඇතිද? මේ පුවත අසන්නට ලැබුනු විට සෙර්සි කුමක් කරනු ඇතිදැයි ඔහු කල්පනා කලේය. රජතුමා නිසැකවම ඔහුව නිදහස් කරන මෙන් අණක් නිකුත් කරනු ඇත. එනමුදු රොබර්ට් කණ් දෙනු ඇත්තේ සිය රැජිණට ද නැතහොත් සිය හස්තයට ද? රජතුමා තුළ සිය සොයුරිය කෙරෙහි ඇති ආදරයේ තරම ගැන ටිරියන් හොඳාකාරවම දැන සිටියේ ය.

සෙර්සි මේ මොහොතේ සිය තීක්ෂ්ණ නුවණ මෙහෙයවා කල්පනා කරන්නේ නම් ටිරියන් සම්බන්ධ ගැටළුව රජතුමා විසින්ම විසඳිය යුත්තක් යැයි ඇය රොබර්ට්ට බල කරනු ඇත. නෙඩ් ස්ටාර්ක්ට පවා ඊට එරෙහි විය නොහැක. ඔහු එසේ කලොත් එය රජතුමාට කරන නිග්‍රහයක් වනු ඇත. නිදහස් නඩු විභාගයක් වෙත යන්නට ටිරියන් තුළ කිසිදු අකැමැත්තක් නොවීය. තමන්ට එරෙහිව ස්ටාර්ක්වරුන් කෙතරම් මිනීමැරුම් චෝදනා ගෙන ආවද දැනට අබමල් රේණුවක තරම්වත් සාක්ෂි ඔවුන් සතුව නොමැති බව ටිරියන් හොඳාකාරවම දනියි. ඔවුන් සිය නඩුව යකඩ සිහසුන හා භූමියේ අධිපතියන් ඉදිරියට ගෙනගියාවේ. එය ඔවුන් ගේ අවසානය වනු ඇත. මේ බව කල්පනා කරන්නට තරම් මොළයක් සෙර්සි සතුව තිබේ නම්...

ටිරියන් ලැනිස්ටර් සුසුමක් හෙලීය. ඇත්ත, ඔහු ගේ සොයුරිය සතුව යම් මට්ටමක කපටි බුද්ධියක් ඇත. එනමුදු ඇයගේ මාන්නය විසින් ඇයව අන්ධ කරනු ඇත. ඇය මේ සිදුවීමෙන් තමන්ට සිදුවුනු අවමානය මිස මෙයින් තමන්ට සිදුවන වාසි හා ඇතිවන ඉඩප්‍රස්ථා නොදකිනු ඇත. ජේමී ඊටත් වඩා නරකය. ඔහු මුරණ්ඩු, ඉක්මනින් කේන්ති යන කලහකාරයෙක් පමණි. සිය අසිපතින් ගැටයක් දෙකට කපා දැමිය හැකිනම් තම සොහොයුරා කෙදිනකවත් ඒ ගැටය ලිහා දමන්නට උත්සුක නොවන්නකු බැව් ටිරියන් හොඳින් දැන සිටියේ ය.

ස්ටාර්ක් කොලුවා මරාදමනු පිණිස අර මෝඩයා අතට කිනිස්සක් දී පිටත්කර හැරියේ මේ දෙදෙනාගෙන් කවරෙකු විය හැකිදැයි ටිරියන් විමතියෙන් කල්පනා කලේය. එමෙන්ම ඔවුන් දෙදෙනා ඇත්තෙන්ම ජොන් ඒරින් ගේ මරණය ගැන කුමන්ත්‍රණය කලාද? රජතුමා ගේ පැරණි හස්තය ඇත්තෙන්ම මරාදැමුනා නම් එය බෙහෙවින් දක්ෂ මෙන්ම විචක්ෂණ සැලසුමකි. ඔහු ගේ වයසේ වූවන් හදිසි අසනීපවලින් මියයාම සාමාන්‍ය දෙයකි. අනිත් අතට බ්‍රැන්ඩන් ස්ටාර්ක් මරාදැමීමට සොරාගත් කිනිස්සක් අතට දී දෙකයි පනහේ කුලී ඝාතකයකු යැවීම විශ්වාස කල ‍නොහැකි තරමේ අමුම අමු ගොන්කමකි. ඒ ගැන සිතන්නට සිතන්නට එය අසාමාන්‍ය දෙයක් බව ඔහුට කල්පනා විය...

ටිරියන් වෙවුලා ගියේය. එය බෙහෙවින් භයංකර සිතුවිල්ලකි. බෙහෙවින් අන්තරායදායක සැකයකි. සමහරවිට වනාන්තරයේ සිටින එකම සත්ත්ව වර්ගය සිංහයින් හා ඝෝරවෘකයින් පමණක් නොවනු ඇත. එය සැබෑවක් නම් යම් කිසිවකු ඔහුව බළල් අතක් මෙන් භාවිත කරමින් සිටියි. මේ ලෝකයේ ටිරියන් අකැමැතිම වන එක් දෙයක් නම් කිසිවකු විසින් ඔහුව බළල් අතක් මෙන් යොදාගැනීමයි.

ඔහු මෙතැනින් පිටව යා යුතුය. ඉක්මනින්ම පිටව යා යුතුය. එනමුදු මෝඩ් සමග පොර බදා මෙතැනින් ගැලවී යාම සිහිනයක් පමණි. එමෙන්ම ඔහුට අඩි හයසියයක් දිග ලණුවක් ගෙනත් දෙන්නට හැකි කිසිවකුද මෙහි නොමැත. එබැවින් ඔහුට කල හැකි එකම දෙය සිය මුඛරි කට භාවිතකර මෙතැනින් පිටවීම පමණි. ඔහු මේ සිරකුටියට වැටීමට හේතු වූයේ සිය හැකර කට වූ අතර එයින් පිටවීමේ හැකියාව ද ඇත්තේ ඒ හැකර කට මතම ය.


Lysa Arryn: “You want a trial, my lord of Lannister. Very well, a trial you shall have.”

58 comments:

  1. හැකර කට
    ඔහැක්
    මාළුවා නහින්නේ කටවල් හන්ද කියල අහල තියේ
    ඒත් යක්කු නහින්නෙ කටවල් හින්ද කියන එක නං ටිකක් අමාරුයි වගේ හිහි

    ReplyDelete
    Replies
    1. මාලුම් නහී... by PK

      Delete
    2. යක්කු කෙසේවෙතත් පුංචි යක්කු නහින්නෙ කටවල් හන්දා තමාලු.. :-)

      Delete
  2. ටිරියන්...... පියාඹන්න හෙම ට්‍රයි කරනවා නෙවෙයි හරිය

    ReplyDelete
  3. //තෙල් දැමූ බෝංචි බැටළු ගාතයක් මෑ ඇටයි, ලූණුයි. අලුත පුච්චපු පාන් බටරුත් එක්ක. උණුසුම් වයින් , බියර් තෙත් පිදුරු// for Helape

    //වනාන්තරයේ සිටින එකම සත්ත්ව වර්ගය සිංහයින් හා ඝෝරවෘකයින් පමණක් නොවනු ඇත//. - එහෙනම් පොංට තව බලාපොරොත්තු තියාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. සත්තු ඔක්කොම දැන් මටද?
      ප්‍රා වහන්සේට අර මේ ලෝකේ නැති සත්තු ටික හිටියහම ඇති ලු ද?

      Delete
    2. ඇයි සත්තු නරකද? ඔබවහන්සෙට ගිනි කඳු විතරද හරි යන්නෙ?

      Delete
    3. ඔක්කොමත් කෑවහැකි මේ තෙත පිදුරු කන්නෙ කොහොමද කියල මම උදේ ඉඳන් කල්පනා කරනවා.

      Delete
    4. මේ වනන්තරේ නම් ගොරිල්ලෝ, මුකලන් බස්සෝ, ලොන් හැලිච්ච නරි එහෙමත් ඉන්නවනේ.....

      අනික කුමාරයෝ, කුමාරිකාවෝ කිව්වට කව්ද දන්නේ මොන ජාතියේ සත්තුද කියලා..

      Delete
    5. වියලි පිදුරුවලට වඩා ලේසි ඇති.
      ට්‍රයි අන්ඩ් ට්‍රයි හැලපෙ
      වන් ඩේ යූ විල් කයි

      Delete
    6. //කව්ද දන්නේ මොන ජාතියේ සත්තුද කියලා..//

      ඔව් වොව් , මුන්ව කොන්ට්‍රෝල් කරන්න දැවයෙන් නිමවූ බහුසෘතයෙක් සහ නුවණින් හා වයසින් පරිණත කුමාරියෙක් නැතුව වෙන කාටවත් බෑ.

      Btw, Choolow, ඔය නමෙන් නයෙකුත් හිටියනේද?

      Delete
    7. //Choolow, ඔය නමෙන් නයෙකුත් හිටියනේද? //

      නාග ගෝත්‍රික රජෙක් :D

      Delete
    8. @ප්‍රා..
      //නුවණින් හා වයසින් පරිණත කුමාරියෙක්//

      එහෙම නෑලු කියන්නේ..

      එයා අප්පච්චිට කිව්වලුද??

      Delete
    9. පනස්පස් වාන් දහසකට අවසර අපිට ප්‍රීතීයි.
      මෙච්චරකල් අපිට මෙහෙ හිටියෙ කසිප්පු කුමාරයොයි රූකඩ ලෝර්ඩ්ලයි , පරිණත ටයනුකුමාරියොයි විතරයි,
      දැන් අපිටත් (නයි) රජෙක් සිටී.

      Delete
    10. @C. අප්පච්චි දන්නවලු koalaක් ගැන.
      ඒත් දැන් ඌටයි පොංටයි හුලං තමයි අරහෙ ජිහාඩ් කුමාරයෙක් ගෙ පින්තූරයක් දාල

      Delete
    11. //@C. අප්පච්චි දන්නවලු koalaක් ගැන.
      ඒත් දැන් ඌටයි පොංටයි හුලං තමයි අරහෙ ජිහාඩ් කුමාරයෙක් ගෙ පින්තූරයක් දාල//

      :O

      Delete
    12. //koala//??

      The koala (Phascolarctos cinereus or, inaccurately, koala bear) is an arboreal herbivorous marsupial native to Australia. කියලලු සේර් විකී කියන්නේ...

      ජියෝ කට්ටිය කියන්නේ Though often called the koala "bear," this cuddly animal is not a bear at all කියලලු...

      දැන් මෙතන ඉන්න වලහෙක් උනාට වලහෙක් නොවන ඉතා සුරතල් සතා කව්ද?? :D

      Delete
    13. ගොරිල්ලා (නැට්ට නැති වර්ෂන්) :P

      Delete
    14. අනේ නයි චූලෝ රජතුමනි,
      koala වලහෙක් වුනත් නොවුනත් හෝ මොකෙක් වුනත්, ගෝරිල්ලෙක් නම් කෙසේවත් නොවන බව බෝදිලිං බස්සෙකුට වුනත් තේරෙන දෙයක් නේ.

      Delete
    15. ගොරිල්ලෝ සුරතලේට ඇතිකරන්න බෑ කියලා බස්සට තේරුනාට පරිණත 'නැන්දි' ලාට ඕව තේරෙයිද දන්නේ නැහැ...

      Delete
    16. නාකි ගෝරිල්ලෝ බොහොම බයයි ආන්ටිලට. උන්ට සුරතල් වෙනවට වඩා ලොකුයි පණකෙන්ඳ බේරගන්න එක.
      කෙසේවෙතත් ටයනු ආන්ටිලා කැමති රජ පවුලේ අයට. රජ නම් නයි වුනත් කම් නැත කියල තියෙන්නෙ මගෙ හිතේ.
      ට්‍රයි කොරන්ට ඔබවහන්සේ. G'luck

      Delete
    17. මෙතනට අඩු අර නැට්ට කපාපු සිංහයා විතරයි දැන්.. :-P

      Delete
    18. ළිඳලඟ සංගමය වගේ හරියට , මල්වතු පාලු කරනව කට්ටිය :P

      Delete
    19. හෑ, සිංහයගෙ නැට්ට කපලද? ඔන්න , මං නං නෙමෙයි. එකත් එකටම ඕක කරන්න ඇත්තෙ නැට්ට නැති එකෙක්ම තමා :)

      Delete
    20. @ප්‍රා...

      හැපොයි.. මං අසරණ දරුපවුල්කාරයා වෙච්චි... සියදිවි හානිකොරගන්ට මයේ මනාපයක් නැතුවා..

      @මොටෝ.
      මේ රූකඩ රාජ්ජේ සිංහයෙකුට උනත් නැට්ට පරිස්සම් කොරන් ඉන්න එක සෑහෙන අමාරුලු. ඉන්න ධේනුවගෙත් නැට්ට තියෙනවද නැද්ද දන්නේ නැහැලු.. හැබැයි නැට්ට වගේ එයයි පස්සෙන් කළුකුමාර අවතාරයක් ඉන්නවලු..

      Delete
    21. කව්ද ඔය නැට්ට නැති සිංහයා ? එතකොට කලු කුමාරයා ?
      කව්ද ඔය නැට්ට නැති සිංහයා ? එතකොට කලු කුමාරයා ?

      හැබෑට මේ පිරිමි දොඩන සම්ප්‍රප්පලාප :P

      Delete
    22. ඒක නේන්නං.. බලන්ටකො ඒකෙත් හැටි නේද.. :-P

      Delete
    23. දවසක මහා කුණාටුවක් එවලා මේ සත්තු ටික සේරම විනාස කරලා දාන්ට ඕනි. :D

      මම හිතුවේ ඕපාදුප කියන්නේ ගෑනු කියලනේ. ළිඳ ලඟ සංගමයම තමාලු :P

      Delete
  4. මෙන්න මේ වගෙ හිර කුටි ටිකක් ලෝකාන්තයේ කෙලවර හදලා අපේ දේශපාළුවෝ ටික දාන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ නැද්ද ලෝකාන්තෙන් පහළට පෙරලලාම දැම්මනං.. :-)

      Delete
  5. සීගිරියේ මුර අටලු මතක් උන ලමයි අත් උස්සන්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියාන්ට, ඔබතුමා කියනකං ඒ බවක් මතක් වුනේ නැහැ නෙවැ.. :-(

      Delete
    2. score is 24 - Nil my lord.. :-)

      Delete
    3. yeah. 4 tries with 2 conversions my lord... ;-)

      Delete
    4. Oh I thought eight drops :P johnny still playing ? :P

      Delete
    5. Jon Arryn = Try + conversion
      Bran = Try (no conversion)
      Robert (melee) = Try (no conversion)
      Ned = Try + conversion

      So, it's 24 - Nil for Lannisters so far my lord.. :-D

      Delete
    6. they make sure that quite a few penalties go there way too, eh?

      Delete
    7. oh man you dont want me to tally up the lannister goals :P

      Jon Arryn = Try + conversion
      seriously ? :O

      Delete
    8. It's more like an 'own goal' right.... but for the time being, let's assume it's a converted try... ;-)

      Delete
    9. its like a third team came in, placed the try (several tries) and converted it and disappeared like a boss :P

      Delete
    10. මාලුම් නහී...:P

      Delete
  6. ඔය සිරකුටි වගේ මුර කුටි ඒ කාලේ සීගිරියේ තිබුණු බවට සාක්‍ෂි තියනවා. මුර සෙබලා බොහොම සීරුවෙන් ඉන්න ඕනෙ. නැත්නම් ගල පල්ලේ දෙරි ගහනවා.

    ReplyDelete
    Replies
    1. ආසාවටවත් මුරේ මැද්දෙ කුකුළු නින්දක් එහෙම දාන්ට බෑ නේ.. :-O

      Delete
  7. Replies
    1. හරි හරි.. මේ දෙනවා.. :-D

      Delete
  8. මටම පුදුමයි , අර පුංචි යක්ෂයා ටිරියන් ගැන මට අනුකම්පාවක් ඇතිඋනානේ :)

    ReplyDelete
  9. සිරකරුවෝද මනුෂ්‍යයෝය..:D

    ReplyDelete
    Replies
    1. කුරුමිට්ටෝ ද සිරකරුවෝය..... ;-)

      Delete