Monday 8 December 2014

කැට්ලින් 07-1


පෙරදිග අහස රෝස රන් පැහැ ගන්වමින් ඒරින් මිටියාවතට ඉහළින් හිරු උදාවිය. තම කාමරයේ කවුළුවට එහායින් වූ විසිතුරු කැටයමින් නිමකල අත්වැටට දෑත් බර දුන් කැට්ලින් ස්ටාර්ක් ආළෝකය පැතිරෙන දෙස බලා සිටියාය. අරුණාළෝකය ඇයට පහතින් වූ වනාන්තර හා තණබිම් ඔස්සේ හෙමිහිට පැතිරෙද්දී ලෝකය මෙතෙක් වසා සිටි කළු පැහැයෙන් තද නිල් පැහැයටත්, ඉන්පසු කොළ පැහැයටත් හැරුනේය. ඇලයිසාගේ කඳුළේ ජලකඳ, කඳු මුදුනේ සිට යෝධයාගේ හෙල්ලය ඔස්සේ තම දිගු ඇදහැලීම පටන්ගන්නා තැනදී ජලවාශ්ප තුනී, සුදුපැහැ මීදුමක් මෙන් අහසට නැගින. මේ සියුම් ජලබිඳිති තම මුහුණ යාන්තම් ස්පර්ශ කරනයුරු කැට්ලින්ට දැනුනි.

සිය සැමියා, සිය සොහොයුරන් සහ සිය දරුවන් සැවොම මරාදැමෙනු ඇලයිසා ඒරින් විසින් දැක තිබූනු මුත් ඇය කිසිදිනක ඒ වෙනුවෙන් එකදු කඳුළක් හලා නොතිබින. ඉදින් ඇගේ මරණයේදී සිය ආදරණීයයන් වැලලුනු මිටියාවතේ කළු පස ඇගේ කඳුළින් තෙමන තුරු ඇයට සාමයක් නොලැබෙන බවට දෙවියන් විසින් තීරණය කර තිබින. ඇලයිසා මියගොස් දැන් අවුරුදු හයදහසක් ගතවී ඇති නමුදු මේ ජලකඳේ එකදු බිඳුවක්වත් තවමත් පහළින් වූ මිටියාවතේ පොළොව මත පතිත වී නොමැත. තමා මියගිය පසු තම කඳුළුවලින් කෙතරම් විශාල දිය ඇල්ලක් සෑදේදැයි කැට්ලින් විමතියෙන් කල්පනා කලාය. "මට ඉතුරු ටිකත් කියන්ට." ඇය කීවාය.

"රජුන් මරන්නා කාර්ස්ටලි රොක්වල හමුදාවක් එකතු කරනවාලු." ඇගේ පිටුපසින් වූ කාමරය තුළ සිටි සෙර් රඩ්‍රික් කසල් පිළිතුරු දුන්නේ ය. "ඔබේ සහෝදරයා ලියලා තියෙනවා, එයා පණිවුඩකාරයො යැවුවලු කාර්ස්ටලී රොක්වලට ටයිවින් උතුමානන්ගෙ අභිප්‍රාය මොකක්ද කියලා දැනගන්ට. ඒත්, ඒකට පිළිතුරක් ලැබිලා නැහැල්ලු. එඩ්මුයර් අණ කරලා තියෙනවා වාන්ස් උතුමානන්ටයි පයිපර් උතුමානන්ටයි ගෝල්ඩන් ටූත් වලට යටින් තියෙන කපොල්ල ආරක්ෂා කරන්ටයි කියලා. එඩ්මුයර් දිවුරනවා ටලී බිමෙන් එක අඩියක්වත් ආපස්සට ගන්නේ නෑ ඊට කලින් ඒ බිම ලැනිස්ටර් ලේ වලින් තෙමන්නේ නැතුව කියලා."

කැට්ලින් හිරු උදාව වෙතින් පසෙකට හැරුනා ය. එහි සුන්දරත්වය ඇගේ හද සැහැල්ලු කිරීමට අසමත් වී තිබින. මෙතරම් කාලකණ්නි ලෙස අවසාන වීමට යන දවසකට එතරම් සුන්දර හිරු උදාවක් තිබීම කිසිසේත්ම නොගැලපෙන්නක් විය. "එඩ්මුයර් පණිවුඩ යවනවා. එඩ්මුයර් දිවුරනවා. ඒ වුනත් රිවර්රන්වල අධිපතියා එඩ්මුයර් නෙවෙයි. මගේ තාත්තට මොකක්ද වෙලා තියෙන්නේ?"

"පණිවුඩයේ හස්ටර් උතුමානන් ගැන කිසිම සඳහනක් නෑ  මගේ ආර්යාවනි." සෙර් රඩ්‍රික් සිය රැවුලෙන් අදිමින් පැවසුවේ ය. ඔහු තුවාලවලින් සුවය ලබා යථා තත්ත්වයට පත්වෙමින් සිටි කාලය තුළ හිම මෙන් සුදු පැහැ, කටු පඳුරක් මෙන් රළු රැවුළක් වැඩී තිබින. දැන් ඔහු බොහෝදුරට පෙර සිටි සෙර් රඩ්‍රික් ගේ තත්ත්වයට නැවත පත් වී තිබින.

"මගේ තාත්තට ගොඩක්ම අසනීප නැත්තම් එයා එඩ්මුයර්ට රිවර්රන්වල ආරක්ෂාව බාර දෙන්නේ නෑ . ඔය ලියුම ආපු ගමන්ම මට නැගිට්ටවන්ටයි තිබුනේ."

"ඔබතුමිගේ නින්දට බාදා කරන්ට එපයි කියලා ඔබේ සහෝදරී කිවුවලු. මේස්ටර් කෝල්මන් තමා මට කිවුවේ."

"කොහොම වුනත් මට නැගිට්ටවන්ටයි තිබුනේ." ඇය අවධාරණය කලාය.

"මේස්ටර් මට කිවුවා සටනෙන් පස්සේ ඔබතුමීත් එක්ක කතා කරන්ට ඔබේ සහෝදරී අදහස් කරගෙන ඉන්නවා කියලා."

"ඒ කියන්නේ මේ විකාරේ කරන්ටම ද එයා හිතාගන ඉන්නේ?" කැට්ලින් මුහුණ පුළුටු කරගත්තා ය. "කුරුමිට්ටා ගහන ගහන පදේට එයා නටනවා. තමන් නටනවා කියලවත් එයා දන්නේ නෑ. සෙර් රඩ්‍රික්, අපි මීට කලිනුයි මෙහෙන් පිටත්වෙලා යන්ට තිබුනෙ. අද උදේ මොකක් සිද්දවුනත් මට කමක් නෑ. මේ වෙලාවෙ මම මගේ පුත්තුත් එක්ක වින්ටෙර්ෆෙල්වලයි ඉන්ට ඕනෑ. ඔබට ගමන් කරන්ට තරම් ශක්තියක් තියෙනවා නම් අපිව ගල්ටවුන් වලට එක්ක යන්ට ආරක්ෂක බලකායක් දෙන්ටයි කියලා මම ලයිසා‍ගෙන් ඉල්ලන්නම්. අපට එතැනින් නැවු නගින්ට පුළුවන්."

"තවත් නැවක්?" සෙර් රඩ්‍රික් යන්තමින් සුදුමැලි පැහැයකට හැරුනද ඔහු සිය වෙවුලුම සඟවාගෙන පිළිතුරු දුන්නේ ය. "ඔබ කැමැති විදියක් මගේ ආර්යාවනි."

කැට්ලින් විසින් ලයිසාගෙන් ලැබුනු සේවිකාවන් කැඳවූ අතර වියපත් නයිට්වරයා ඇගේ කාමරයේ දොරටුවට ඔබ්බෙන් රැඳී සිටියේ ය. ද්වන්ද්ව සටනට පෙර සිය සොහොයුරියට කතා කල හැකි වුවහොත් සමහරවිට ඇගේ සිත වෙනස් කල හැකිවනු ඇතැයි සේවිකාවන් විසින් ඇයව හැඩගන්වන අතරේ කැට්ලින් කල්පනා කලාය. ප්‍රශ්නයකට තිබුනේ ලයිසා ගේ ප්‍රතිපත්ති ඇගේ මනසේ ස්වභාවයත් සමග වෙනස් වන අතර ඇගේ මනසේ ස්වභාවය පැයෙන් පැයට වෙනස්වීමයි. රිවර්රන් හිදී ඇයත් සමග හැදී වැඩුනු ලජ්ජාශීලී දැරිය මේ වනවිට වරින්වර වෙනස් වන ආඩම්බර, බියපත්, කුරිරු, වියවුල්, නොදැමුනු, කීකරු, මුරණ්ඩු, අහංකාර සහ  මේ සියල්ල අබිබවූ අස්ථිර බවකින් යුතු කාන්තාවක බවට පත් වී සිටියා ය.

දුෂ්ට සත්වයෙකු වූ ඇගේ සිරපල්ලා විසින් ටිරියන් ලැනිස්ටර් පාපොච්චාරණයකට සූදානම් බව කියැවෙන පුවත ගෙන ආ විට ඔහුව පුද්ගලිකව හමුවිය යුතු බව කැට්ලින් අවධාරණයෙන් කියා සිටියා ය. එනමුදු එය නොසලකා හැරි ලයිසාට උවමනා වූයේ මුලු මිටියාවතටම පෙනෙන්නට ඔහුව ප්‍රදර්ශනයට තබා විනෝද වීමට මිස වෙන කිසිවක් නොවේ. එමෙන්ම දැන් මේ විකාරය...

"ලැනිස්ටර් තාමත් මගේ හිරකාරයා." පියගැට පෙළ බැස ඉයරි බලකොටුවේ සීතල ධවල ශාලා හරහා පිය නගන අතර කැට්ලින් සෙර් රඩ්‍රික්ට පැවසුවා ය. ඇය සරල අළු පැහැ ලොම් ඇඳුමක් හැඳ, රිදීවන් ඉණපටියක් පැළැඳ සිටියා ය. "මගේ නංගිට ඕක මතක්කරලා දෙන්ට ඕන."

ලයිසා ගේ කාමර වෙත යන දොරටුව අබියසදී කෝපයෙන් ඉන් පිටවන බ්‍රින්ඩන්ව ඔවුන්ට හමුවිය. "අර මල විකාරේ බලන්ට යනවද?" ඔහු කඩාපැන්නේ ය "හොඳක් වෙනවා නම් ඔයාගෙ නංගිට මොළේ පහළවෙන්ටයි කියලා අත පුරෝලා කණට දෙකක් දෙන්ට කියලයි මම ඔයාට කියන්නෙ. ඒත් වැඩක් වෙන එකක් නෑ, නිකම් බොරුවට අත හූරගන්න එක විතරයි වෙන්නෙ."

"රිවර්රන්වලින් ලියුමක් ඇවිල්ලා." කැට්ලින් කීවාය. "එඩ්මුයර් කියනවා..."

"මම දන්නවා දරුවෝ." ආභරණයක් ලෙස බ්‍රින්ඩන් පැළැඳ සිටි එකම වස්තුව වූයේ ලෝගුව එක්කර ගසන ලද කළු මත්ස්‍යයා පමණි. "මට ඒක ගැන දැනගන්ට ලැබුනෙත් මේස්ටර් කෝල්මන්ගෙනුයි. මම ඇහුව ඔයාගෙ නංගිගෙන් හොඳ සෙබළු දාහක් අරන් රිවර්රන්වලට යන්ටද කියලා. දන්නවාද ඒකි මට කියාපු දේ? මිටියාවතට සෙබළු දාහක් තියා එක්කෙනෙක් වත් වැඩිපුර අපතේ අරින්ට බැහැලු. වාහල්කඩ නයිට්වරයා විදිහට මට තියන වැඩක් බලාගෙන ‍මෙහාට වෙලා ඉන්ටලු." ඔහුට පිටුපසින් විවරව තිබුනු දොර තුළින් ළදරු සිනාහඬක් පාවී ආවේය. ඇගේ බාප්පා උරහිසට උඩින් ඒ දෙස අඳුරු බැල්මක් හෙලීය. "මම ඒකිට කිවුවා අලුතෙන් වාහල්කඩ නයිට්වරයෙක් හොයාගන්ටයි කියලා. කළුමාළුවා හරි මොකා හරි උනත් මම තාමත් ටලී කෙනෙක්. මම අද රෑම යනවා රිවර්රන් වලට."

කැට්ලින් ගේ පුදුමය බොරු පුදුමයක් නොවීය. "තනියම? ඔයාට ඒ ගමන තනියම යන්ට බෑ බාප්පෙ. මම වගේම ඔයාත් හොඳටම දන්නවානේ කඳුකර මාර්ගයේ තනියෙන් යන්ට බැහැයි කියලා. මමයි සෙර් රඩ්‍රිකුයි වින්ටර්ෆෙල් වලට යනවා. බාප්පත් එන්ට අපිත් එක්ක. මම දෙන්නම් ඔයාගෙ මිනිස්සු දාහ. රිවර්රන් තනියම සටන්කරන්ට ඕන නෑ."

මොහොතක් සිතා බැලූ බ්‍රින්ඩන් රළු හිස සැලීමකින් එකඟතාව දැක්වී ය. "ඔයා කියන එක ඇත්ත. ඒ පාරෙන් ගෙදර ගියොත් ගොඩක් දුරයි. ඒත් සැකක් නැතුව මට එහෙට යාගන්ට පුලුවන් වෙයි. මම ඔයාලා එනකල් පහළට වෙලා ඉන්නම්." දිගු පියවර තබමින් ඔහු පිටව යද්දී සුළඟට හසු වූ සළුව ලෙලදුන්නේ ය.

කැට්ලින් හා සෙර් රඩ්‍රික් එකිනෙකා අතරේ බැල්මක් හුවමාරු කරගත්හ. ඊළඟ මොහොතේ ඔවුහු දොරින් ඇතුළු වී උස්ව නැගුනු ළමා සිනාහඬ දෙසට පියමැන්නහ.

ලයිසා ගේ කාමර පෙළ ධවල කුළුණුවලින් වට වූ, නිල් පැහැ මල් සහිත පඳුරින් පිරි කුඩා උද්‍යානයකට විවර විය. ගොඩනැගිලි නිර්මානකරුවන් එය දෙව්වනයක් ලෙස සැලසුම් කර තිබුනු නමුදු ඉයරි බලකොටුව පිහිටා තිබු තද පාෂාණ මතට පහළ මිටියාවතෙන් කෙතරම් පස් ගෙන දැමුවද වයර්වුඩ් ගසක් කිසිදා එහි මුල් ඇද්දේ නැත. එමනිසා ඉයරි හි වංශාධිපතියන් විසින් එහි තැන් තැන්වල ප්‍රථිමාවන් සිටුවා, තණකොළ වැවුනු, මලින් පිරි බිම්කඩක් බවට පත් කර තිබින. සටන්කරුවන් දෙපල විසින් ඔවුන් ගේ සහ ටිරියන් ලැනිස්ටර් ගේ ජීවිත දෙවියන් වෙත භාරදීමට තෝරාගෙන තිබුනේ මෙම බිම්කඩයි.

හොඳින් නා පිරිසිදු වී, ක්‍රීම් පැහැ විල්ලුද හැඳ, කිරි සුදු ගෙල වටා  නිල් මිණෙන් හා සඳකැන් මිණෙන් කල මාලයක් පැළඳ සිටි ලයිසා, සටන නැරඹීම සඳහා තම උපදේශකවරුන් හා ආරක්ෂකයින් සමග උද්‍යානයට ඉහළින් වූ වේදිකාවක හිඳ සිටියාය. ඇය පිරිවරා සිටි පිරිස අතර නයිට්වරුන්, අතවැසියන් සහ වංශාධිපතීන් රැසක් වූහ. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු ඇයව විවාහ කරගෙන, ඇයත් සමග එක්ව ඒරින් මිටියාවත පාලනය කිරීමේ බලාපොරොත්තුව තවමත් තම සිත්හි දරාසිටියවුන් වූහ.

එනමුදු තමා ඉයරි බලකොටුවේ නැවතී සිටි කාලය තුළ දුටු දේවල් අනුව එය බොරු බලාපොරොත්තුවක් බව කැට්ලින් මේ වනවිට තේරුම් ගෙන සිටියාය.

කුඩා රොබර්ට් ගේ අසුන උස්ව තැබීම සඳහා දැවමය වේදිකාවක් තනවා තිබින. ඉයරිහි වංශාධිපතියා එහි අසුන් ගෙන, නිල් සහ සුදු පැහැයෙන් සැරසුනු, කුදු ගැසුනු, රූකඩ සංදර්ශනකරුවෙකු විසින් රඟ දැක්වුනු රූකඩ නයිට්වරුන් ගේ පොරයක් බලමින්, මෝඩ ලෙස සිනහවෙමින්, අත්පොලසන් දෙමින් සිටියේය. උකු ක්‍රීම් පිරි කොතල හා බ්ලැක්බෙරි පිරවූ කූඩ අමුත්තන් වෙනුවෙන් සූදානම් කර තිබුනු අතර ඔවුහු කැටයම් කල රිදී කුසලානවල පුරවා ලූ, මිහිරි දොඩම් සුවඳක් විහිදවන, වයින් තොලගාමින් සිටියහ. එය මෝඩයින් ගේ මලඉලවු විකාරයක් යැයි බ්‍රින්ඩන් කීවේ නිකමට නොවේ.

වේදිකාවේ අනික් පස සිටි ලයිසා, හන්ටර් උතුමානන් ගේ විහිළුවකට කෙළිදෙලෙන් සිනහ වී සෙර් ලින් කෝබ්‍රේ විසින් සිය කිනිසි තුඩෙහි අමුනා ඇය වෙත පුද දුන් බ්ලැක්බෙරි ගෙඩියක් දතින් කොනහමින් සිටියා ය. ලයිසා ගේ අත පතන්නවුන් අතර ඉහළින්ම සිටියේ - අඩුම ගනනේ අද දවසටවත් - ඔවුන් දෙදෙනා විය. එනමුදු මේ දෙදෙනාගෙන් කවරෙකු වඩා නුසුදුසුදැයි කීම කැට්ලින් හට අපහසු කරුනක් විය. ඉයොන් හන්ටර් වනාහි ජෝන් ඒරින්ටත් වඩා වැඩිමහලු, රක්තවාතය නිසා බාගෙට අබ්බගාතවී සිටියෙකු විය. ඔහුට එකෙකුට එකෙක් නොපරදින තරමේ ධනලෝභී, නිතරම ගැටුම් ඇතිකරගන්නා, කරදරකාර පුතුන් තිදෙනෙක් ද වූහ. මේ අතර සෙර් ලින් වනාහි වෙනත් ආකාරයක නුසුදුස්සෙකු විය. ඔහු කෙට්ටු, කඩවසම් පුද්ගලයෙකු වූ අතර පෞරානික නමුදු දිළිඳු පෙළපතකට හිමිකම් කීවේය. එමෙන්ම ඔහු අහංකාර, පරිස්සමෙන් තොර, ඉක්මනින් කේන්ති යන සුළු පුද්ගලයකු විය... ඒ අතරම, රහස් ඕපාදූපවලට අනුව නම් රූබර ලලනාවන් ගේ සමාගමයට නොකැමැත්තෙකු ද විය.

කැට්ලින්ව දුටු ලයිසා ඇයව ආදරණීය අන්දමින් වැළැඳගෙන හාදුවලින් දෙකම්මුල් තෙත්කලා ය. "අද හරිම ලස්සන උදෑසනක් නේද? දෙවිවරු අපිත් එක්ක හිනාවෙනවා වගේ. මෙන්න මේ වයින් චුට්ටක් බීලා බලන්ට මගේ අක්කේ. හන්ටර් උතුමානන් හරිම කරුනාවන්ත විදියට එතුමන් ගේ පුද්ගලික ගබඩාවෙන්ම ගෙනාපු එකක්."

"එපා. බොහොම ස්තුතියි! අපි කතා කරන්ට ඕන ලයිසා."

"පස්සේ." ඇගේ සොයුරිය පොරොන්දු වෙමින් ඉවතට හැරුනා ය.

"නෑ, දැන්." හිතුවාට වඩා ඇගේ හඬ උස් හා දැඩි විය. ඒ කුමක්දැයි බලන්නට මිනිස්සු හැරෙන්නට වූහ. "ලයිසා මේ මෝඩ විකාරෙ තවත් ඇදගෙන යන්නෙ නැතුව මෙතනින් නවත්තලා දාන්ට. පුංචි යකා පණපිටින් හිටියොත් එයාගෙ වටිනාකමක් තියෙනවා. මැරුනොත් වැඩක් තියෙන්නේ කපුටන්ට බඩ පුරවගන්ට විතරයි. අනිත් එක එයාගෙ සටන්කරුවා මේක දිනුවොත් එහෙම-"

"ඒක නම් කවදාවත් වෙන්නේ නෑ මගේ ආර්යාවනි." පැල්ලම් ගැසුනු අතකින් ඇගේ උරහිසට තට්ටු කරමින් හන්ටර් උතුමානන් ඇයට සහතික කලේය. " සෙර් වාර්ඩිස් දක්ෂ සටන්කාරයෙක්. එයා මේ කුලී හේවායව ඉක්මනටම ඉවර කරලා දායි."

"එහෙම වෙයිද මගේ උතුමානනි?" කැට්ලින් ශාන්ත අයුරින් ඇසුවා ය. "මට නම් විස්වාස නෑ." බ්‍රොන් සටන්කරන ආකාරය ගමන අතරමගදී ඇය විසින් දැක තිබුනි. අනෙකුත් මිනිසුන් මියයද්දී පණපිටින් සංචාරය අවසන් කිරීමට ඔහුට හැකි වුයේ අහම්බයකින් නොවේ. ඔහු දිවියකු තරම් සුනම්‍ය චලනයන් ඇත්තෙකු විය. ඒ අවලක්ෂණ අසිපත ඔහුගේ අතෙහිම කොටසක් බඳු විය.

ලයිසා ගේ පෙම්වත්තු මලක් වටා රැස් කන බමරුන් පරිද්දෙන් ඔවුන් වටා එක් රැස් වුහ. "ගෑනුන්ට මේවා තේරෙන්නේ නෑ." සෙර් මෝර්ට්න් වේන්වුඩ් පැවසීය. "සෙර් වාර්ඩිස් කියන්නෙ නයිට්වරයෙක් මගේ ආර්යාවනි. අර අනික් එකා... කොහොමත් උන්ගෙ ජාතිය මහා බයගුල්ලෝ. ඒ වගේ දාස්ගානක් වටවෙලා ඉන්නකොට නම් යුද්ධෙකදි වටිනාකමක් තියනවා. ඒ වුනත් තනියෙන් සටන්කරනකොට උන්ගේ පිරිමිකම නිකංම කාන්දු වෙලා යනවා."

"හොඳයි ඔය කතා ඇත්තම වුනා කියමුකෝ." කට ඇද නොකර ආචාරශීලිත්වය රැකගන්නට කැට්ලින්ට ආයාසයක් දැරිය යුතු විය. "කුරුමිට්ටාව මරන එකෙන් අපට ලැබෙන ලාබෙ මොකද්ද? අපි එයාව කන්දෙන් පහළට තල්ලුකරලා දාන්ට කලින් සාධාරණ නඩු විභාගයක් තිබ්බද නැද්ද කියන එක ගැන ජේමී වදවෙයි කියලා ඔබලා හිතනවද?"

"අපි මිනිහගෙ හිස ගසා දාමු." සෙර් ලින් කෝබ්‍රේ කීය. "රජුන් මරන්නාට පුංචි යකාගේ ඔළුව ලැබුනම ඌට පණිවුඩේ තේරෙන්නේ නැතැයි."

ලයිසා නොඉවසිල්ලෙන් මෙන් ඇගේ දිගු රතු-දුඹුරුවන් වරලස ගසා දැමුවා ය. "රොබර්ට් උතුමානන්ට ඕන ඌ පියාඹනවා බලන්ට." ඇය පැවසූයේ මෙයින් එහාට මේ පිළිබඳ කතාකිරීම අනවශ්‍ය බව හැඟවෙන ස්වරයකිනි. "අනිත් අතට, මේකට වගකියන්ට ඕන පුංචි යකාම තමයි‍. එයාමයි කිවුවෙ සටන් නඩු විභාගයක් තියන්ට ඕනයි කියලා."

"ලයිසා ආර්යාවට උවමනාවක් තිබ්බත්, එයාව ගෞරවනීය විදිහට ප්‍රතික්ෂේප කරන්ට විදිහක් තිබ්බේ නෑ." හන්ටර් උතුමානන් බරපතල ස්වරයෙන් පැවසුවේය.

මේ සියල්ලක් නොතකා හරිමින් කැට්ලින් සිය සම්පූර්ණ ජවය සිය සොයුරිය වෙත යොමු කලාය. "මම මතක්කරන්ට කැමැතියි, ටිරියන් ලැනිස්ටර් මගේ හිරකාරයෙක් කියන එක."

"ඒ වගේම මම මතක් කරන්ට කැමැතියි, මේ කුරුමිට්ටා මගේ ස්වාමිපුරුෂයව මරලා දැම්මා කියන එක!" ලයිසා ගේ හඬ උස් විය. "ඌ රජතුමාගේ හස්තයට වස දුන්නා. මගේ පුංචි හුරතල් කොලු පැටියට තාත්තෙක් නැතිකලා. දැන් ඌ ඒවාට වන්දි ගෙවන්ට ඕන!" ආපසු හැරුනු ලයිසා, තම සාය පද්දවමින්, ගස්සාගෙන, ඉවත ගියාය. සෙර් ලින්, සෙර් මෝර්ට්න් හා අනෙකුත් විවාහාපේක්ෂකයෝ කැට්ලින් වෙත නොපහන් බැලුම් හෙලා ලයිසා පසුපසින් වැටුනහ.

"ඔබතුමී හිතනවද එයා එහෙම කරන්ට ඇතියි කියලා?" ඔවුන් දෙදෙනා නැවත තනිවුනු විට සෙර් රඩ්‍රික් පහත් හඩින් ඇගෙන් විමසීය. "මම කියන්නෙ, ජොන් ඒරින් උතුමානන්ව මරල දැම්ම එක? පුංචි යකා තවමත් ඒක ප්‍රතික්ෂේප කරනවා. බොහොම තදින්ම ප්‍රතික්ෂේප කරනවා..."

"මම විශ්වාස කරන්නේ, මේ මිනීමැරුම කලේ ලැනිස්ටර්ලා තමා."  කැට්ලින් පිළිතුරු දුන්නා ය. "ඒත් ඒක කලේ ටිරියන් ද, ජේමි ද, රැජිණ ද නැත්තම් උන් ඔක්කොම එකතුවෙලා ද කියන එක නම් හිතාගන්ටත් බෑ." ලයිසා වින්ටර්ෆෙල් වෙත එවූ ලිපියෙහි ඒ සම්බන්ධයෙන් සෙර්සිට චෝදනා කර තිබුනද දැන් දැන් ඇය ටිරියන් වැරදිකරු කිරීමට උත්සාහ දරනා සැටියකි... ඒ සමහරවිට රැජිණ යොදුන් සිය ගණනක් ඈත දකුණේ රතු බලකොටුවේ සුරක්ෂිතව සිටින අතර ටිරියන් මෙහි ඇගේ බලය යටතේ සිටින නිසා විය හැක. සිය සොයුරියගේ ලිපිය කියවීමට පෙරම පුළුස්සා දැමුවා නම් යෙහෙකි යැයි  කැට්ලින්ට සිතෙමින් තිබින.

සෙර් රඩ්‍රික් සිය රැවුලෙන් ඇද්දේය. "වස... ඔවු ඒක නම් කුරුමිට්ටාගේ නැත්තම් සෙර්සි ගේ වැඩක් වෙන්ට පුළුවන්. මට සමාවෙන්ට මෙහෙම කියනවට මගේ ආර්යාවනි, ඒත් වස කියන්නේ ගෑනුන්ගේ ආයුධයක්. අනිත් අතට රජුන් මරන්නා. ඇත්ත, මගේ ඒ මිනිහට කිසිම කැමැත්තක් නෑ. ඒත් එයා එහෙම කරන ජාතියේ කෙනෙක් නෙවෙයි. එයා වඩා කැමැතියි එයාගෙ අර රත්තරන් කඩුවේ ලේ ගෑවෙනවා බලන්ට. ඇත්තටම වස දීලද මගේ ආර්යාවෙනි?"

කැට්ලින් අවිනිශ්චිත භාවයෙන් යුතුව රවා බැලුවා ය. "වෙන කොහොමද ඉතින් ඒක ස්වභාවික මරණයක් වගේ පෙන්නන්නේ?" රූකඩ නයිට්වරයෙකු රතු ලී කුඩු පෙරමින් දෙකට කැපී වැටෙනු දුටු රොබර්ට් උතුමානන් යටිගිරියෙන් නැගූ විස්මිත ඝෝෂාව දෙස හැරී බැලූ කැට්ලින් සුසුමක් හෙලුවා ය. "මේ කොල්ලා කිසිම විනයානුකූල විදියකට නෙවෙයි හැදෙන්නෙ. අම්මගේ උකුළෙන් ඉක්මනට අයින් කලේ නැත්නම් එයාට කවදාවත් නිම්නය පාලනය කරන්ට තරම් ශක්තිමත් වෙන්ට බෑ."

'"එයාගේ තාත්තත් එකඟ උනා ඔය කතාවට." ඇගේ පසෙකින් කටහඩක් ඇසුනි. හැරී බැලූ ඇය දුටුවේ මේස්ටර් කෝල්මන් වයින් බඳුනක් අතැතිව ඇය දෙස බලා සිටින ආකාරයයි. "ඔබ දන්නවද, එතුමා කොල්ලව හදාවඩාගන්ටයි කියලා ඩ්‍රැගන්ස්ටෝන්වලට යවන්ටයි සැලසුම් කරගන හිටියේ... අපොයි! මම අදාළ නැති දෙයක් නේද මේ කියවන්නේ? මට සමාවෙන්ට, මට ටිකක් වයින් වැඩි වෙලා වගේ. මේ ලේ හැලීම් ගැන හිතලම මට ටිකක් අමාරුයි වගේ."

"ඔබට වැරැදිලා මේස්ටර්." කැට්ලින් පැවසුවා ය. "කාර්ස්ටලි රොක්වලටයි යවන්ට හිටියේ, ඩ්‍රැගන්ස්ටෝන්වලට නෙවෙයි. ඒකත් සිද්දවුනේ ජොන් උතුමානන් මැරුනට පස්සේ. ඒ මගේ නංගි ගේ අනුදැනුමක් නැතුව ගත්ත තීරණයක්."

මේස්ටර් ගේ හිස ඔහුගේ දිග ගෙල මත කෙතරම් තදින් වැනුනේ ද යත් ඔහුද රූකඩයක් මෙන් දිස්විය. "නෑ. මට සමාවෙන්ට මගේ ආර්යාවනි. ඒත් එහෙම නෙමෙයි වුනේ. ජොන් උතුමානන්ම තමා-"

ඔවුන්ට පහළින් මහහඬින් සීනුවක් නාද විය. වංශාධිපතීන් ද ‍සේවක සේවිකාවන් ද යන සියල්ලෝම තමතමන් කරමින් සිටි වැඩ කටයුතු පසෙක දා ගරාදි වැට වෙත රොක් වුහ. අහස් නිල් පැහැ සළු පැළැඳි මුර සෙබළුන් දෙදෙනෙකු විසින් ටිරියන් ලැනිස්ටර්ව උද්‍යානයට කැඳවාගෙන එනු ලැබින. ඉයරිහි මහත සප්තක පූජකවරයා විසින් උද්‍යානය මධ්‍යයේ වූ සුදු පැහැ කිරිගරුඬෙන් තැනුනු , ඇලයිසා ගේ යැයි සිතිය හැකි ප්‍රථිමාව වෙත ඔහුව කැඳවාගෙන ගියේය.

"නරක පුංචි මිනිහා." රොබට් උතුමානන් කැකිරි පැලීය. " අම්මා, මට එයාව පියාඹලා යවන්ට පුළුවන් ද? මට එයා පියාඹනවා බලන්ට ආසයි."

"තව චුට්ටකින් මගේ රත්තරන් පැටියෝ." ලයිසා ඔහුට පොරොන්දු වුවාය.

"මුලින්ම නඩුව‍.” සෙර් ලින් කෝබ්‍රේ කෙඳිරුවේය. “ඊට පස්සේ මරණය."


Tyrion Lannister: “I presume that House Arryn remembers its own words, As High as Honour.”

77 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. my lord, why r u deleting comments..?? :-O

      Delete
    2. හා... මෙයා ජපානේ ගිහින් ගිනි කන්ද බලලා ආවලුද? එයා මොනා හරි කියන්ට ඇති. බයේ තමා මේ මකලා තියෙන්නේ...:P

      Delete
    3. ජපානේ ගියේ නෑ . සිරීපාදේ නම් කරුණා කළා :D
      කමෙන්ට් මකා දැමුවේ දුරබනුවේ ස්වයංක්‍රීය නිවැරදි කිරීම නම් වූ මෙලෝ රහක් නැති ක්‍රියාවලිය නිසාය.
      එම ක්‍රියාවලිය හොයා ගත් අයට කිඹුහුම් යනවා වෙන්ට ඇත .

      Delete
    4. කුමරුනි,

      එම ස්වයංක්‍රීය නිවැරැදි කිරීම නම් වූ මෙලෝ රහක් නැති ක්‍රියාවලිය නවතා දැමීමේ ඔප්ෂන් එකක් ඔබතුමාගේ ස්මාර්ට් ෆෝනයේ නොමැතිද? :-O

      Delete
    5. මගේ දුරකථනය එච්චරම ඉස්මාර්ට් නැති බව දන්නෝ දනිති

      Delete
    6. දුරකථනේ විතරද පොම්??

      Delete
    7. ස්මාට් නැත්තේ දුරකථනයද එහි හිමිකරුවාදැයි පැහැදිලිය :P

      Delete
  2. හිහි
    අර නයිට ඉවරයි
    අන්තිමේදි අපත ආතල් එකක් වත් ඉතුරු වෙයි ලැනිය බේරෙයි
    ලැයිස ඉවරයි හිහි

    ReplyDelete
    Replies
    1. නයිට ඉවරයි කිවුවෙ, මහේෂ් කොහෙහරි නයිටක් ගැහුවද? :-D

      Delete
    2. ලැයිසා ඉවර වෙනකල් අපිත් බලා ඉන්නවලු. පිස්සු කෙනෙක් නේ?

      Delete
  3. //ලජ්ජාශීලී දැරිය මේ වනවිට වරින්වර වෙනස් වන ආඩම්බර, බියපත්, කුරිරු, වියවුල්, නොදැමුනු, කීකරු, මුරණ්ඩු, අහංකාර සහ මේ සියල්ල අබිබවූ අස්ථිර බවකින් යුතු කාන්තාවක බවට පත් වී සිටියා ය.//

    මේක දකිද්දියි තේරුනේ මයෙ හාමිනේ ඇරෙන්ට මට හම්බෙච්ච කෙල්ලෝ ඔක්කොගෙම ඔයවගෙ ලක්ෂණ තිබ්බා නෙව..

    ReplyDelete
    Replies
    1. ඒවුනාට හාමිනේගෙ හස්බන්ඩ්ට දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එකේ ලක්ෂණ වලින් දෙකයි නේ

      Delete
    2. ඒ දෙක හැම හස්බන්ඩටම පොදුයිලු...

      Delete
    3. කීකරු,බියපත් ??:D

      Delete
    4. + වියවුල් (නාග රාජයන්ට)

      Delete
    5. ආඩම්බර ඈයෝ.., කුරිරු ඈයෝ නම් මෙතනත් ඉන්නවලු...

      Delete
    6. අනේ මන්දන්නෙ නෑ මේවට මොනා කියන්ටද කියලා.. :-D

      Delete
    7. ඒ කියන්නෙ ඔබතුමාත් ........

      Delete
    8. මංතුමා තාම හස්බන්ඩෙක් නෙවෙයිනෙ මගෙ ගෝරිලි උතුමානනි.. ඉතින් අපි ඔවුවා දන්නෙ නෑ, අපට ඔවුවා අදාල නෑ.. :-P

      Delete
    9. එහෙම වෙන්නම ඕනැනෑ, ඊට කලිනුත් මරබිය උපරිමයෙන් අත්විඳින්න පුලුවන්,
      පොංගෙන් අහන්න

      Delete
    10. @ප්‍රා,

      පිරිමින්ට තියෙන්නේ නොදැමුණු, මුරණ්ඩු සහ අහංකාර...:P

      Delete
    11. //ඊට කලිනුත් මරබිය උපරිමයෙන් අත්විඳින්න පුලුවන්, පොංගෙන් අහන්න//

      පව් අප්පා පොං හී හී...

      Delete
    12. //පිරිමින්ට තියෙන්නේ නොදැමුණු, මුරණ්ඩු සහ අහංකාර//

      තරහ අවසර ටයනාන්ටි කුමරිය, එහෙම කියන්න හොඳ නෑ නේද, මොනව උනත් එතුමා මේ බ්ලොග් එක පරිවර්තනය කරනවනේ

      Delete
    13. අනේ ලොකු අත්තේ මම මේ කතා කලේ ඉඳිකට්ටෙක් ගැන...:P

      Delete
    14. //එහෙම වෙන්නම ඕනැනෑ, ඊට කලිනුත් මරබිය උපරිමයෙන් අත්විඳින්න පුලුවන්,
      පොංගෙන් අහන්න//

      මොන බයක් ද ගොරිල්ලෝ?
      අපි හෙන නිර්බීත ඩයල් හරිය :P

      Delete
    15. ඩයල් එක එහෙම වුනාට කටු ටික ගැහෙනවනේ ටික් ටික් ගාල

      Delete
    16. කටු?
      කටු විතරක් නෙවෙයි ඇට මිදුළු වල ඉඳන්ම නිර්බීතයි හරිය.

      Delete
    17. නැට්ට කපපු ඈයෝ නම් බය නෑලු කියන්නේ....

      Delete
    18. එහෙම කියනවද? ඒත් ඒ අයගේ නැටි කැපුනේ කොහොමද කියල ඇහුවද?

      Delete
  4. ලයිසා ගොන් ගහක් නේ,ලයිසා ගේ අත ගන්න වුන්ටත් අබ සරණ තමා.

    ReplyDelete
    Replies
    1. අතගත්තු එකාට වෙච්චි දේ දැක්කා නේ.. ඉතින් ආයෙමත් ගන්න අය ගැන කවර කතාද.. ;-)

      Delete
    2. ඒ වුනාට වටේට ඉන්න කට්ටිය දැක්කද? 'රජකම' කීවොත් රූකඩයක් වුනත් කමක් නෑ...:P

      Delete
    3. //රූකඩයක් වුනත් කමක් නෑ//

      රූකඩ ගැන අද ටයනාන්ටිගේ ඔපීනියන් අප්සෙට් වගේ

      Delete
    4. මේ කියලා තියෙන්නේ ගෑනු රූකඩ ගැන. හපොයි තාම ඇස් පේනවනේ...:P

      Delete
    5. අත්තලාට පෙනීම සහ දැනීමත් අඩුයිනෙ පොඩ්ඩි :P

      Delete
    6. දැනෙන්නේ නෑ කියල නම් කිව්වේ සේර් ගෝරි ට වෙන්ට බැහැ..

      Delete
    7. "ටයනාන්ටි" ඇන්ටිල වෙන්නෙ වයස කීයෙන් පස්සෙද?

      Delete
  5. Wasa deelalu. Kawda danne na neda Wasa Dunne? :P

    ReplyDelete
    Replies
    1. සෙර්සි වෙන්ටැති නේ.. ඔවුවා ගෑනු වැඩලු.. ;-)

      Delete
    2. මට නම් හිතෙන්නෙම ඕක ලයිසගෙම වැඩක් කියලා... :O

      Delete
    3. කැට්ලින්ද දන්නෙත් නෑ නේ.. අනික වාරිස් වුනත් ෂුවර් නෑ මටනං.. :-O

      Delete
    4. මේක නම් පිරිමියෙක්ගෙම වැඩක්. පිරිමි තමා මේ වගේ වැඩ කරන්නේ. :D

      Delete
    5. දැන් කියල කට ගත්ත විතරයි වස දෙන්නේ ගෑනු පරාණ කියල. :P

      Delete
    6. කවුද කට ගත්තේ? අර ගිනි බෝම්බෙද? :P

      Delete
    7. පොං කුමරුනි දැන් මොකද කියන්නෙ ? අර රජ කාලෙ කතාවක් තියනව නේද, ගෙදර ගියොත් මග හිටියොත් මොකක්ද? තව අර රැවුලයි කැඳයි ...?

      Delete
    8. හුස්‌ ද ෆයර් බොම්බ් ?

      Delete
    9. රැවුල පරිස්සම් කරගෙන ස්ට්‍රෝ එකක් දාලා කැඳ ටික බොන්ට රජකාලෙ උදවිය දැනගෙන ඉඳලා නැතුව ඇති නේද? :-P

      Delete
    10. එයමා වස බිව්වාද දන්නෙත් නැහැනේ :D ?

      Delete
    11. එවුවා කියන්ට බෑ.. වෙස්ටෙරෝස්වලටත් ආශ්චර්යය පහළවෙලාද දන්නෑ නොවැ.. :-D

      Delete
    12. ලයිසා වගේ ඉස්තිරි රත්නයකුයි, රොබට්ටා වගේ පුත්තර රත්නයකුයි හිටිය ජොන් ඒරින් උතුමාණන්ට පිස්සු ඩබල් වෙන්න ඉස්සෙල්ලා එයාම වස බොන්න ඇති

      Delete
    13. නරිමොටාටත් හොයල දෙන්න ඕනේ ලයිසාවගේ ඉස්තිරියාවක් :)

      Delete
    14. ඔයැයි දැන් කොට්න් ජොබ් එකත් කරනවද? එක එක්කෙනාට ඉස්තිරියාවො හොයන්නෙ.. :-P

      Delete
    15. අනෙ හම්මේ නැතුවට කාරි නෑ. උන්දෑ මාව හමගහලා, බුල් කෝට් එකක් මහගනීවි :)

      Delete
    16. ආයේ අමුතුවෙන් හොයන්ට ඕන නෑ..... මොටා උනත් අකමැති වෙන එකක් නැහැ ධේනුවකට...

      Delete
    17. ගර් ර් ර් ර්.......

      Delete
  6. ශෝක් අක්කයි නංගියි... හොඳට දුර දිග කල්පනා කරල වැඩ කරනව...

    ReplyDelete
    Replies
    1. අර 'තකට තක', 'ජාඩියට මූඩිය', 'අරක්කුවලට සෝඩා', 'පපඩං හා බලුසුප්' වගේ කතා කියන්න මේ වගේ ඩබලලාට වෙන්ටැති නේද.. :-D

      Delete
  7. පපඩං හා බලුසුප්? කොරියාවෙ වෙන්ටෑ ? :)

    ReplyDelete
    Replies
    1. වැඩාක් නෑ.. ඇටකටු ටික විතරයි.. ;-)

      Delete
    2. හා,හා ඇටක‍ටු ගැන මතක්කොරාන්ට එපා. පොං පොං බොහොම මනාපයි එව්වට :)

      Delete
  8. අදත් මට පොඩි පුරස්නයක් තියෙනවා... දැන් මේ කැට්ලින් කට්ටකාගෙන ඉයරි ආවේ ඇයි..?

    ReplyDelete
    Replies
    1. එයා හිතුවෙ නංගාත් එක්ක එකතුවෙලා, ටිරියාට දසවද දීලා, ඇත්ත වමාරවලා ලැනිස්ටර් කුමන්ත්‍රණ ටික ඔක්කොම එළියට ගන්ට.. වැඩේ වුනේ උන්දෑ දැනගෙන හිටියෙ නෑ නංගාට දැන් මඤ්ඤං කියලා.. නැත්තං මේ පැත්ත පළාතෙ පස්පාගන්ට එන එකක් නෑ.. :-)

      ඔයිට වඩා හොඳයි ටිරියාත් අල්ලන් හොරපාරෙන් හරි රිවර්රන් ගියානම්..

      Delete
    2. මොකද 'හ්ම්' ගාන්නෙ....

      Delete
    3. හ්ම්ම්...ඉවසීමක් නැති එකත් හෙනම අවුලක් වෙලාවකට...

      Delete
  9. //හොඳින් නා පිරිසිදු වී, ක්‍රීම් පැහැ විල්ලුද හැඳ, කිරි සුදු ගෙල වටා නිල් මිණෙන් හා සඳකැන් මිණෙන් කල මාලයක් පැළඳ සිටි ලයිසා,//

    " සඳ කැන් මිණ " කියන්නෙ චන්ද්‍රකාන්ති මාණික්‍යට නේද ? හරි ලස්සන චිත්‍රයක් මැවුනා මට ...

    ReplyDelete
    Replies
    1. යේස්‍‍.. සඳකැන්මිණි කියන්නෙ චන්ද්‍රකාන්ති මාණික්‍යයට තමා..

      කොයි වගේ සිත්තරයක්ද ඔයැයිට මැවුනෙ? අපට චුට්ටක් ඒක ඇඳලා පෙන්නන්ට බැරිද?

      Delete
    2. ඔව් ඔව් මම මේ දැන් ගෙදර ආව විතරයි , ඔයාට චිත්‍රයක් අඳින්න තමා ලෑස්තිඋනේ. මේ මට කියනවද චන්ද්‍ර කාන්ති මාණික්‍යයේ පාට මොකක්ද කියල :)

      Delete
    3. චන්ද්‍රා කලුයි කාන්ති සුදුයි

      Delete
    4. ඔය කියල තීන්නෙ. සඳ කැන් මිණි කියන්නෙ "පොඩි (mini ) කෙහෙල් කැන්" ජාතියක්. ඕව වැවෙන ඉඩමක් තීනව හික්කඩුවෙ ඉඳල බද්දෙගමට යන පාරෙ ගෝණපිනුවල කිට්ටුව.

      Delete
  10. ඇත්තටම ලයිසගෙ පස්සෙන් අච්චර කට්ටිය එන්නෙ ලයිසා මොඩ හන්දා එයාවත් මරලා රජ වෙන්න හිතන් වෙන්න ඇති. බලමුකො. ඊලග කොටසේ ෆයිට් එක මොන වගේ වේවිද කියලා.

    ReplyDelete
  11. දවස් ගානක් පරක්කුයි.. ඒත් අවුලක් නැහැ.. දැන් මට කියවන්න ඕන උනාම කියවන්න කොටස් ටිකක් තියෙනවනේ ඉස්රහට.. ඉස්සර වගේ හා හා ඊ ළග කියන්න ඕන නැහැ.. :D

    හා හා හිමිහිට හිමිහිට... :D

    ReplyDelete