Wednesday 5 November 2014

ටිරියන් 04-2


"මේ ගමනේ ප්‍රයෝජනේ උඹේ මරණය තමා ලැනිස්ටර්." කැට්ලින් පිළිතුරු දුන්නා ය.

"මම හිතන්නෙ නෑ. ඔබට මාව මැරෙනවා දකින්ට ඕන නම් කරන්ට තියෙන්නෙ ඔබේ මේ ගඳගහන යාළුවෙකුට නිකමට මතක් කරන්ට විතරයි. උං කියන පමාවෙන් ඒ වැඩේ කරයි."

"ස්ටාර්ක්ලා නිදි ඇඳේ ඉන්න මිනිස්සු මරන්නෙ නෑ."

"මම එහෙම කරන්නෙත් නෑ. මම ආයෙමත් මේ ඔබට කියන්නෙ, ඔබේ පුතාව මරන්ට කෙරුන කුමන්ත්‍රණයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ."

"මිනීමරුවා ගාව තිබුනෙ උඹේ කිනිස්ස."

සිය කේන්තිය නැග එනු ටිරියන්ට දැනින. "ඒක මගේ කිනිස්ස නෙවෙයි. කී පාරක් මම ඒක කියලා දිවුරන්ට ඕනද? ස්ටාර්ක් ආර්යාවනි, ඔබ මා ගැන මොනා හිතා‍ගෙන හිටියත් මම මෝඩ‍යෙක් නෙවෙයි. මේ දෙකයි පනහෙ කුලී මිනීමරුවෙකුට තමන්ගෙම ආයුධය දීලා මිනීමරන්ට එවන්නෙ මෝඩයෙක් විතරයි."

එක් මොහොතකට ඇගේ දෑස් තුළ සැකයක් ඇඳී ගියේ යැයි දුටු බව ඔහු සිතුවේ ය. එනමුදු ඇය කීවේ වෙනකකි. "ඇයි පෙටයර් මට බොරු කියන්නෙ?"

"අයි වලහෙක් කැලේ මැද්දෙ ජරා කරන්නෙ? ඒක උගේ සාමාන්‍ය ස්වභාවය. සුළැඟිල්ලා වගේ මිනිහෙකුට බොරු කියනවා කියන්නෙ හුස්ම ගන්නවා වගේ සාමාන්‍ය දෙයක්. අනිත් හැමෝටම වඩා ඔබ ඒක දැනගෙන ඉන්ට ඕන."

ඇය දැඩි කරගත් මුහුණින් යුතුව ඔහු දෙසට පියවරක් තැබුවා ය. "උඹ මොකක්ද ඒකෙන් අදහස් කරන්නෙ ලැනිස්ටර්?"

ටිරියන් හිස පසෙකට ඇල ක‍ලේය. "ඇයි! රාජසභාවෙ ඉන්න හැමකෙනාටම ඇහෙන්ටයි එයා පාරම්බෑවෙ කොහොමද එයා ඔබේ කන්‍යාභාවය උදුරගත්තෙ කියලා, මගේ ආර්යාවනි."

"ඒක බොරුවක්!" කැට්ලින් ස්ටාර්ක් කීවාය.

"ආහ්! නපුරු පුංචි යකා." මැරිලියන් කම්පාවෙන් යුතුව කීය.

කර්ලිකට් සිය කිනිස්ස ඇද ගත්තේය. එය යකඩින් තැනූ කුරිරු ආයුධයක් විය. "ඔබ අවසර දෙනවනං මයෙ ආර්යාවනි, මුගේ මේ බොරු කියන දිව කපලා ඔබේ පාමුල දාන්නම්." ඔහු ගේ ඌරු දෑස් උනන්දුව නිසා බැබලින.

කැට්ලින් ස්ටාර්ක්, ටිරියන් විසින් කිසිදා ඇගේ මුහුණින් නුදුටු අමුතු බැල්මකින් ඔහු දෙස බලා සිටින්නට විය. "පෙටයර් බේලිෂ් එකපාරක් මට ආදරය කලා. එයා එතකොට පොඩි කොලු ගැටයෙක්. එයාගෙ ආදරේ අපි හැමෝටම ශෝකාන්තයක් වුනා තමයි. ඒ වුනත් ඒක ඇත්ත, පිරිසුදු ආදරයක්. ඒ ආදරේ ගැන ඔය ව‍ගේ කැත කතා කියන එක සුදුසු නෑ. එයාට මගේ අතගන්ට ඕන වුනා. ඒකයි ඇත්ත කතාව. උඹනං ඇත්තෙන්ම මහා හරුම මිනිහෙක් ලැනිස්ටර්."

"ඒ වගේම ඔබනං ඇත්තෙන්ම මහා මෝඩියක් ස්ටාර්ක් ආර්යාවනි. සුළැඟිල්ලා කවදාවත් වෙන කාටවත් ආදරේ කලේ නෑ, සුළැඟිල්ලාටම මිසක්. ඒ වගේම මම මේ බොහොම විශ්වාසයෙන් ඔබට කියන්නෙ, ඔබේ අත ගැන නෙවෙයි ඒකා පුරසාරම් දෙඩෙවුවෙ. ඔබේ ඔය නාඹර තන් දෙක ගැන, ඔබේ තෙත් තොල් පෙති දෙක ගැන, ඔබේ කකුල් දෙක මැද්දෙ තියෙන උණුසුම ගැන."

කර්ලිකට් ඔහු ගේ කෙස් රොදකින් අල්ලා හිස වැරෙන් පසුපසට නැවීය. සිය නිකටට යටින් කිනිසි තලයේ සීතල සිපගැනීම ටිරියන්ට දැනින. "මම මූව මරන්ටද මයෙ ආර්යාවනි?"

"මාව මැරුවොත් ඒත් එක්කම ඇත්තත් මැරිලා යයි." ටිරියන් අමාරුවෙන් පැවසීය.

"ඌට කතාකරන්ට දෙන්ට." කැට්ලින් කීවාය.

කර්ලිකට් අකැමැත්තෙන් මෙන් ටිරියන් ගේ කෙහෙරොද අත හැරි‍යේ ය.

ටිරියන් දීර්ඝ හුස්මක් ගත්තේය. "සුළැඟිල්ලා කිවුවෙ කොහොමද මට එයා‍ගෙ මේ කිනිස්ස අයිති වුනේ කියලා? මට ඒකට උත්තර දෙන්ට."

"උම ඒක එයාගෙන් ඔට්ටුවකින් දින්නා. ජොෆ්රි කුමාරයාගෙ උපන්දිනේ වෙනුවෙන් තිබ්බ තරගාවලියෙදි."

"ඒ කියන්නෙ මගේ ස‍හෝදරයා සෙර් ලෝරාස් අතින් පැරදුන තරගෙදි නේ? එහෙම ‍නේද?"

"ඔවු! එහෙම තමා." කැට්ලින් පිළිගත්තා ය.

"අශ්වාරෝහකයො එනවා!"

හඬගෑම පැමිණියේ ඔවුන්ට ඉහළින් තිබුනු ගල්වැටිය මුදුනෙනි. ඔවුන් විඩා නිවාගන්නා අතරතුරේදී මාර්ගය පිරික්සා බලනු පිණිස සෙර් රඩ්‍රික් විසින් ලාරිස්ව එය මුදුනට යවා තිබින.

එක් දිගු තත්පරයකට කිසිවෙකුත් නො‍සෙල්වින. පළමුවෙන්ම ප්‍රතික්‍රියා දැක්වූ පුද්ගලයා කැට්ලින් ස්ටාර්ක් වූවාය. "සෙර් රඩ්‍රික්, සෙර් විලීස්, අශ්වයො පිටට යන්ට. අනිත් අශ්වයො ටික අපට පිටිපස්සෙන් තියාගන්ට. මොහෝර්, හිරකාරයො ආරක්ෂා කරන්ට."

"අපටත් ආයුධ දෙන්ට." උඩපැන නැගිට සිටි ටිරියන් ඇගේ අතේ එල්ලුනේ ය. "ඔබලාට හැම කඩුවක්ම උවමනා වෙනවා."

ඔහු නිවැරැදි බව ඇය දැන සිටියාය‍. ඇය දෙස හෙලූ එක් බැල්මකින් ටිරියන් මේ බැව් වටහා ගත්තේය. උසස් වංශාධිපතීන් ගේ කෝන්තර හා ආරවුල් පිළිබඳව මේ කඳුකර වාසීන් කිසිදු තැකීමක් ‍නොකලහ. ඔවුන් තමතමන් අතරේ කුලල් කා ගන්නා තරම්ම උනන්දුවකින් යුතුව ස්ටාර්ක් හා ලැනිස්ටර් දෙවර්ගයම ඝාතනය කර දමනු ඇත. කෙසේ වුවද ඔවුන් කැට්ලින් ස්ටාර්ක්ව පමණක් නොමරා ඉතිරි කරනු ඇත. ඇය තවමත් දරුවන් වැදීමට තරම් සුදුසු තරුණ වයසක පසු වූවාය. එනමුදු ඇය තවමත් සිය සිරකරුවන් අතට ආයුධ දීම පිළිබඳව දෙගිඩියාවකින් පෙලුනා ය.

"මට උන්ව ඇහෙනවා." සෙර් රඩ්‍රික් කීය. ටිරියන් හිස හැරවූ අතර ඔහුටද ඒ හඬ - තමන් වෙත ළඟාවන දුසිමක් හෝ ඊටත් වැඩි අසුන් ගේ කුර ගැටෙන හඬ - ඇසින. හදිසියේම සෑමදෙනාම ලහිලහියේ එහා‍මෙහා දුවන්නට වූයේ තම ආයුධ හා අසුන් වෙතට ළඟා වූහ.

ලාරිස් ගල්වැටිය මුදුනේ සිට රූටාගෙන පහළට බසිද්දී ඔවුන් වටා ගල්කැට වර්ෂාවක් මෙන් විසි වී ගියේය. "මිනිස්සු විස්සක්, නැත්තං විසිපහක් විතර." ඔහු හුස්මක් කටක් ගැනීමටවත් ඉස්පාසු නොවී පැවසීය. "මම හිතන්නෙ 'ක්ෂීර සර්පයො' නැත්තං 'චන්ද්‍ර සොහොයුරෝ'. උංගෙ ඔත්තුකාර‍යො මේ අවට ‍කොහෙ හරි හැංගිලා ඉන්නවා වෙන්ට ඕන මයෙ ආර්යාවනි... උං දන්නවා අපි මෙතන ඉන්නවා කියලා."

සිය දිගු අසිපත සුරතින් ගත් සෙර් රඩ්‍රික් මේ වනවිටත් අසු පිට නැග සිටියේ ය. සිය දත් අතරේ කිනිස්සක් රුවාගත් මොහෝර් දෑතින්ම අල්ලාගත් හෙල්ලද ඇතිව ගල් කුට්ටියකට මුවා විය. "ඒයි ගායකයො, මගේ මේ පපු තහඩුව දාගන්ට උදවු කරපං." සෙර් විලීස් කෑ ගැසීය. සිය වීණාව දෑතින් බදාගත් මැරිලියන් සුදුමැලි වී ගිය මුහුණින් යුතුව ගල් ගැසී බලා සිටියේ ය. එනමුදු වහා නැගිට සිටි ටිරියන් ගේ සේවකයා මොරෙක් නයිට්වරයාට උදවු පිණිස ගියේය.

ටිරියන්, කැට්ලින් ගේ අත බදා සිටි සිය ග්‍රහණය බුරුල් ‍නොකලේ ය. "ඔබට වෙන විකල්පයක් නෑ. අපි තුන්දෙ‍නෙක්.. තවත් අපිව මුරකරන්ට එක්කෙනෙක්.. ඔබ ආයුධ ගන්ට පුළුවන් අය හතර දෙනෙක් නාස්ති කරනවා. මිනිස්සු හතරදෙනෙක්ගෙ වෙනස කියන්නෙ මෙතනදි ජීවිතයත් මරණයත් අතර වෙනස වෙන්ට පුළුවන්."

"උඹ මට ‍පොරොන්දු වෙනවද, සටනින් පස්සෙ අතට ගත්තු ආයුධේ ආයෙමත් බිමින් තියනවා කියලා?"

"මගේ පොරොන්දුව?" මේ වනවිට අසු කුර හඬ ලංවී තිබින. "ටිරියන් වංචාකාරී අයුරින් නියෙවුවේ ය. "ආහ්! ඔබට ඒක ලැබෙනවා මගේ ආර්යානි.. ලැනිස්ටර් කෙනෙක් විදියට මගේ තියෙන ගෞරවයේ නාමයෙන්."

ඇය ඔහු ගේ මුහුණට කෙල ගසනු ඇතැයි මොහොතකට ඔහුට සිතින. එනමුදු ඇය එසේ නොකලාය. "මුන්ටත් ආයුධ දීපල්ලා." සෙර් රඩ්‍රික් සිය අසිපත සහිත කොපුව ජයික් වෙතට වීසි ක‍ලේ සතුරා මුනගැසෙනු පිණිස ඉදිරියට අසු මෙ‍හෙයවීය. දුන්නක් හා හියොවුරක් අතින් ගත් මොරෙක් මාර්ගය පසෙකින් දණ නමා ගත්තේ ය. ඔහු කඩු හරඹයට වඩා ධනු ශිල්පයේ දස්කම් පෑවෙකු විය. ඉදිරියට පැමිණි බ්‍රොන් ටිරියන් වෙතට තල දෙකකින් යුතු පොරොවක් දිගු කලේය.

"මම කවදාවත් පොරොවකින් සටන් කරලා නෑ." මේ ආයුධය ඔහු ගේ දෑතට නුහුරු නුපුරුදු එකක් විය. එයට කෙටි මිටක්, බර තලයක් හා මුදුනේ නපුරු උලක් පිහිටා තිබින.

බ්‍රොන්
"උඹ ඕකෙන් දර කපනවා කියලා හිතපං" බ්‍රොන් කීය. සිය පිටේ එල්ලාගෙන සිටි කොපුවෙන් අසිපත ඇදගත් ඔහු සෙර් රඩ්‍රික් හා චිගන් සමග එක්වීම පිණිස අසු විහිදුවේය. සෙර් විලීස් අසු පිට නැගුනේ සිය ශිරස්කය පළඳාගනිමින් ඔවුන්ට එක්වීමට ඉදිරියට ගියේය.

"දරකොට වලින් ලේ ගලන්නෙ නෑ නෙ." ටිරියන් පෙරලා පිළිතුරු දුන්නේ ය. සන්නාහය නොමැති බැවින් තමා නිරුවතින් සිටිනවා වනැයි ඔහුට හැඟෙන්නට විය. මුවා වීමට සුදුසු ගල් පර්වතයක් සොයමින් වටපිට බැලූ ඔහු මැරිලියන් සැඟවී සිටි ගල් කුට්ටිය වෙත දිවගියේය. "එහාට වෙයං."

"උඹ වෙන කොහාට හරි පලයං." කොලුවා පෙරලා මුරගෑවේය. "මම ගායකයෙක්. මට ඔය සටන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ."

"මොනවා! උඹට දැනටම වික්‍රමාන්විත වැඩවලට තිබුන ආසාව නැතිවෙලා ගිහිල්ලද?" කොලුවා එහාට වන තුරු ටිරියන් ඔහුට නොනවත්වාම පයින් ඇන්නේය. ඔහු ගල් කුට්ටියට මුවා වනවාත් සමගින් සතුරෝ ඔවුන් මතට කඩාපිනූහ.

එහි කිසිදු පෙරමුණු දූතයෙක්, ධජ දරන්නෙක්, හොරණෑ හෝ බෙර හඬක් නොවීය. අසන්නට ලැබුනු එකම හඬ වූයේ මොරෙක් හා ලාරිස් ගේ දුනුවලින් නැගුනු 'ට්වැන්ග්' හඬ පමණි. ඊළඟ මොහොතේ අඩ ශිරස්කවලින් හිස් ආවරණය කරගත්, පදම්කල සමින් හා අනේකවිද සන්නාහයෙන් ගත වසාගත්, කෙට්ටු, අඳුරු පැහැති සමින් යුතු ගෝත්‍රිකයන් පිරිස හෙණපහරක් මෙන් සටනට අවතීර්ණ වූහ. ඔවුන් ගේ වැසුම් ලූ අත්වල සෑම ආකාරයකම ආයුධ දැකිය හැකි විය; දිගු අසිපත් හා ලන්ස, තියුණු මහ දෑකැති, කටු යගදා හා කිනිසි හා බරැති යකඩ මුගුරු ආදී සියල්ලක්ම එහි වූහ. නඩයේ ඉදිරියෙන්ම පැමිණි ඉරිවැටුනු සළුවක් ගත පැළැඳූ දැවැන්ත මිනිසා දෑතින් එසවිය යුතු සුවිසල් අසිපතකින් සන්නද්ධ වී සිටියේ ය.

"වින්ටර්ෆෙල්!" යනුවෙන් කෑ ගැසූ සෙර් රඩ්‍රික් ඔහු මුනගැසීම පිණිස ඉදිරියට ගියේය. බ්‍රොන් හා චිගන් රණහඬ නංවමින් ඔහු දෙපසින් අසුන් විහිදූහ‍. සෙර් විලීස් වෝඩ් කටු යගදාවක් හිස වටා කරකවමින් ඔවුන් පසුපසින් ගියේ "හැ‍‍රෙන්හෝල්! හැරෙන්හෝල්!" යනුවෙන් කෑ ගැසීය. සිය පොරොව වනමින් ඉදිරියට පැන "කාස්ටර්ලී රොක්!" යැයි කෑ ගැසීමට ටිරියන් ගේ සිතේ හදිසි ආවේගයක් පැනනැගුනු නමුදු මේ පිස්සුව පැමිණි වේගයෙන්ම පිටවී ගියෙන් ඔහු ගල් කුට්ටිය පිටුපස තවතවත් ගුලි විය.

බියට පත් අසුන් ගේ හේෂාරවයත්, ලෝහ එකට ගැටී රැවුදෙන හඬත් ඔහුට ඇසින. චිගන් ගේ අසිපත  ගෝත්‍රිකයකු ගේ ආවරණයක් රහිත මුහුණ පසා කරගෙන ගිය අතර බ්‍රොන් වමටත් දකුණටත් කඩුගාමින් සුළිසුළඟක් මෙන් නඩය අතරින් අසු මෙහෙයවීය. සෙර් රඩ්‍රික් ඉදිරියෙන්ම පැමිණි දැවැන්තයා හා පැටලුනු අතර සිය අසුන් දෙදෙනා වටයට නටද්දී ඔවුන් දෙදෙන එකිනෙකාට පහර පිට පහර එල්ල කලහ. අසෙකු පිට නැගගත් ජයික් ද පොරයට එක්වීම සඳහා පිම්මේ අසු පැන්නවීය. ඉරි සහිත සළුවක් පැළැඳ සිටි දැවැන්තයා ගේ උගුර පලාගෙන ඊයක් මතුවී තිබුනු අතර ඔහු කෑ ගැසීම සඳහා මුව විවර කල විට හඬක් වෙනුවට එයින් රුධිරය පිටවිය. ඔහු බිම වැ‍ටෙන විටත් සෙර් රඩ්‍රික් ත‍වකෙකු හා සටනට එළඹ තිබින.

හදිසි‍යේම බියෙන් කෑ ගැසූ මැරිලියන් සිය වීණාවෙන් හිස ආවරණය කරගත්තේ ඔවුන් සැඟව සිටි ගල් කුට්ටියට ඉහළින් අසරුවෙකු පිනූ බැවිනි. කටු යගදාවක් වැනූ අසරුවා නැවත ඔවුන් වෙතට ඒමට අසු හැරවූ අතර ටිරියන් දෙපයින් නැගී සිටි‍යේ ය. ඔහු දෑතින්ම අල්ලා පොරොව වැනූයේ ඉදිරියට එන අසු ගේ ගෙලට වැ‍රෙන් උඩු කැපුමක් දුන්නේ ය. වියරු හඬක් නැගූ සතා පා පැකිළී විසි වී ගිය අතර ටිරියන් අතින් පොරොව අත් නොහැරුනා පමණි. කෙසේ වුවද පොරොව ඉවතට ඇදගත් ඔහු අලස අයුරින් සතා ගේ මාර්ගයෙන් ඉවත් වීමට සමත් විය. එනමුදු මැරිලියන් එතරම් වාසනාවන්ත නොවීය. අසු හා අසරුවා ගායකයාව යට කරමින් පොළොවට පතිත වූහ. බිම වැටී සිටි අසරුවා ගේ පාදය සෑදල පටියට සිර වී තිබුනු අතර පසුපසින් පිනූ ටිරියන් සිය පොරොව ඔහු ගේ ගෙල මුලට කිඳා බැස්සුවේය.

පොරොව තලය නිදහස් කරගැනීම සඳහා ඔහු යත්න දරන අතරේ සිරුරු දෙකට යටවී සිටි මැරිලියන් කෙඳිරි ගෑවේය. "කවුරුහරි මට උදවු කරන්ට. දෙයියන්ගෙ නාමෙට. මගෙන් ලේ ගලනවා."

"මට ‍හොඳටම විශ්වාසයි ඒ අශ්වයාගෙ ලේ කියලා." ටිරියන් කීය. අසු ගේ සිරුර යටින් මකුළුවෙකු මෙන් පිටතට ඇදී ආ මැරිලියන් ගේ අතක් බිම පහුරු ගාන්නට විය. ටිරියන් ඒ අත මතින් සිය විළුඹ තබා පෑගූයේ අතැඟිලි බිඳෙන මධුර හඬට සවන් දුන්නේය. "උඹේ ඇස් දෙක වහගෙන මැරිලා වගේ හිටපං." ගායකයාට උපදෙස් දුන් ඔහු පොරොව අතට ගෙන හැරුනේ ය.

උදෑසන වාතය මුරගැසීම්වලින් හා වේදනාත්මක කෑ ගැසීම්වලින් පිරී තිබුනු අතර ලේ සුවඳින් බරවී තිබින. ලෝකය එකම අවුල්ජාලයක් බවට පෙරැලී තිබින. ඔහු ගේ කණ අසලින් පියාඹා ගිය ඊතල ගල්වල හැපී ක්ලැන්ග් හඬ නංවමින් බිම වැටින. ‍මේ වනවිට සිය අසු අහිමි වී සිටි බ්‍රොන් දෑතින් ගත් අසිපත් දෙකක් ඇතිව සටන් වැදී සිටින'යුරු ඔහු දිටීය. ටිරියන් ගලින් ගලට පැන සැඟවෙමින්, සෙවනැලි මුවාවේ සිට මතුවෙමින් තමා අවට දුවන අසුන් ගේ දෙපාවලට පොරෝ පහර එල්ල කරමින් සටනට සිය දායකත්වය ලබාදුන්නේ ය. තුවාල වී වැටී සිටි ගෝතිකයකු දුටු ටිරියන් ඔහුව පරලොව යැවුවේ ඔහු පැළැඳ සිටි අඩ ශිරස්කය හිසේ ලා ගත්තේය. එය ඔහු ගේ හිස හොඳින්ම ආවරණය නොකල නමුදු කිසිවක් නැතිව සිටීමට වඩා යම් ආරක්ෂාවක් ඇතුව සිටීමට ලැබීම ගැන ටිරියන් සතුටු විය. ජයික් තමාට ඉදිරි‍යෙන් වූ මිනිසා හා සටන් කරද්දී තවකෙකු ඔහුව පසුපසින් කපා හෙලා දමා තිබින. තවත් මොහොතකට පසු ටිරියන් කර්ලිකට් ගේ මළසිරු‍‍රේ හැපී පා පැකිළි ඇද වැටින. මුගුරු පහරක් විසින් ඔහු ‍ගේ ඌරු මුහුණ සුණුවිසුණු කරදමා තිබුනද ඒ අතැඟිලි අතර සිරවී තිබුනු කිනිස්ස හඳුනාගන්නට ටිරියන් සමත් විය. ඒ කිනිස්ස ගලවාගෙන සිය ඉණපටි‍යේ රුවාගන්නා අත‍රේ ඔහුට ගැහැණියක ගේ කෑ ගැසීමක් ඇසින.

කැට්ලින් ස්ටාර්ක් ගල්කන්ද සහ මිනිසුන් තිදෙනෙකු අතරට මැදිව සිටියා ය. එකෙකු අසකු පිට නැගී සිට අතර අනෙක් දෙදෙනා පා ගමනින් සෙමෙන් සෙමෙන් ඈ වෙතට ලංවන්නට වූහ. ඇය සිය තුවාල වූ අතේ නුහුරු ලෙස අල්ලාගෙන සිටි කිනිස්සක් ලෙලවූ නමුදු මිනිසුන් තිදෙනා තුන් පැත්තකින් ඇයව වටකර සිටියහ. 'අන්න හරි! අල්ලගනිල්ලා ඔය බැල්ලිව.' යැයි ටිරියන් සතුටින් සිතූ නමුදු ඔහුටද ‍නොතේරුනු කුමක් හෝ හේතුවක් නිසා දෙපා ඔහුව ඒ දෙසට ඇද්දුවේ ය. තමා එහි සිටින බැව් ඔවුන් දැනගන්නටත් පෙර එතැනට පිනූ ටිරියන් පළමු මිනිසා ‍ගේ දණහිසට ඉහළින් පහරක් එල්ල කල අතර බර ‍පොරෝතලය දිරූ ලීයක් කපන්නාක් තරම් පහසුවෙන් මස් හා ඇට කපාගෙන ඇතුළට කිඳා බැස්සේය. 'ලේ ගලන ලී ‍කොට' ටිරියන් විමතියෙන් සිතද්දී දෙවන මිනිසා ඔහු වෙතට කඩා පැන්නේ ය. ඔහු ‍ගේ අසිපත් පහරට යටින් දෙකට නැවුනු ටිරියන් පෙරලා සිය පොරව ඔහු දෙසට වැනීය. එයින් බේරීමට මිනිසා පසුපසට පිනූ අතර පසුපසින් පැමිණි කැට්ලින් මිනිසා ගේ උගුරු දණ්ඩ සිඳ දැමුවා ය. හදිසියේම වෙනත් තැනක රාජකාරියක් සිහිපත් වුනු අසරුවා සිය අසු පිම්මේ ඉවතට පැන්නුවේ ය.

ටිරියන් අවට බැලීය. සියලුම සතුරන් අභිභවනය කර හෝ පලා ගොස් ‍හෝ තිබින. ඔහු ඉවත හැරුනු මොහොතට සටන් අවසන් වී තිබින. මියයමින් සිටි අසුන් හා තුවාල වුනු මිනිසුන් ගේ වේදනාත්මක කෙඳිරියෙන් පරිසරය පිරී ගියේය. ඔහු ගේ මහත්ම පුදුමයට මෙන් ඔහු කිසිදු අනතුරක් නොමැතිව සුරක්ෂිතව සිටි‍යේ ය. අතැඟිලි දිගහැරි ඔහු 'තන්ක්' හඬක් නංවමින් පොරොව බිම හෙලීය. ඔහු ගේ සුරත රුධිරයෙන් පෙඟී ඇලෙමින් තිබින. ඔවුන් දවස් බාගයක් පමණ සටන් වැද සිටි බැව් ඔහුට දිවුරා පැවසිය හැකි වුවද හිරු අහසේ දශමයකුදු සෙලවී නොතිබින.

"මේ උඹේ පළවෙනි සටනද?" මඳ වේලාවකට පසු ජයික් ගේ මළසිරුර වෙත නැඹුරු වී ඔහු ගේ බූට්ස් සපත්තු යුගල ගලවමින් සිටි බ්‍රොන් ඇසුවේ ය. ඝනකම් සමින් නිමකර මැනවින් තෙල් ගා ඔප දමා තිබුනු ඒවා ඔහු පැළැඳ සිටි සපත්තුවලට වඩා ‍බෙහෙවින් ඉහළ විය.

ටිරියන් හිස වැනීය. "මගේ තාත්තා බොහොම ආඩම්බර වෙයි." ඔහු ගේ දෙපා කෙතරම් තදින් රිදුම් දුන්නේද යත් ඔහුට සිටගෙන සිටීම පවා අපහසු විය. එනමුදු සටන අතරතු‍රේ කොයි මොහොතකදීවත් ඔහුට ඒ බවක් දැනී නොතිබින.

"උඹට දැන් උවමනා කරන්නෙ ගෑනියෙක්." බ්‍රොන් කීවේ සිය කළු පැහැ දෑසේ බැබලීමක්ද ඇතුවය. ඔහු ගලවාගත් බූට්ස් සපත්තු සිය සෑදල මල්ලට එබීය. "මං කියන දේ විශ්වාස කරපන්, සටනකින් පස්සෙ ගෑනියෙක් තරම් රසවත් තවත් දෙයක් නෑ."

මළසිරුරු කොල්ලකමින් සිටි චිගන් මොහොතකට නැවතු‍නේ මහහඬින් නහයෙන් හුස්මක් පිටකර තොල කට ලෙවකෑවේ ය.

ස්ටාර්ක් ආර්යාව සෙර් රඩ්‍රික් ගේ තුවාලවලට වෙලුම්පටි යොදමින් සිටි දෙස ටිරියන් බැල්මක් හෙලීය. "මමනං කැමැතියි, එයත් කැමැතිනං." ඔහු කීවේය. නිදහස් අසරුවන් දෙදෙනා කොක්හඬලා සිනාසෙන්නට වූහ. 'අන්න හොඳ ආරම්භයක්!' ටිරියන් නියවමින් තමාටම කියාගත්තේ ය.

දියපහර අසල ඇනබාගත් ඔහු සිය මුහු‍ණේ ගෑවී තිබුනු රුධිරය අයිස් මෙන් සීතල වතුරෙන් සෝදා හැරියේ ය. නැවත අනෙක් පිරිස වෙත බකල ගසමින් යන අතර ඔහු වැටී තිබුනු මළකඳන් දෙස නෙත් හැරවීය‍. මේ මියගිය ගෝත්‍රිකයින් සෑමදෙනාම කෙට්ටු, වෑරී ගිය, වැරහැලි ඇඳගත්තවුන් වූහ. ඔවුන් ගේ අසුන් පවා ඇටකටු පෙනෙන තරම් වැහැරුනු, නොවැඩුනු සත්තු වූහ‍. බ්‍රොන් හා චිගන් විසින් ඔවුන්ට ඉතිරිකර තිබුනු ආයුධද කිසිදු වැඩකට ගත හැකි ඒවා නොවීය. කුළුගෙඩි, මුගුරු, දෑකැති... දැවැන්ත අසිපතක් රැගෙන සෙර් රඩ්‍රික් හා සටන් වැදුනු සුවිසල් මිනිසා ඔහුට සිහිපත් විය. එනමුදු ටිරියන් විසින් ඒ මළසිරුර සොයාගන්නා විට ඔහු පැළැඳ සිටි සුදු ඉරි වැටුනු ඝනකම් කළු ලොම් සළුව ගලවාගෙන තිබුනු අතර මිනිසා ද සිතූ තරම් දැවැන්තයෙකු නොවීය. ඒ අසිපතද බාල වානේවලින් නිමවුනු, තැනින් තැන මල කෑ එකක් විය. මේ ගෝත්‍රිකයින් සිය සගයින් නව දෙනෙකු සටන වෙනුවෙන් බිලි දී තිබීම පුදුමයක් නොවේ.

ඔවුන් ගේ පිරිසෙන් තිදෙනෙකු මිය ගොස් තිබින. බ්‍රැකන් සෙබළුන් දෙ‍දෙනෙකු, කර්ලිකට් හා මොහෝර් සහ ටිරියන් ගේ මිනිසා වූ ජයික් ඒ අය වූහ. පසුපසින් කිසිදු ආරක්ෂක සන්නාහයක් නොමැතිව සටනට වැදුනු ජයික් මහත් නිර්භීත ක්‍රියාවක් සිදු කොට තිබින. 'අන්තිම මෝඩ‍යෙක්!' ටිරියන් සිතුවේ ය.

"ස්ටාර්ක් ආර්යාවනි, මම ඔබෙන් ඉල්ලන්නෙ, අපි හැකි ඉක්මනින් මෙතනින් පිටත් වෙන්ට ඕන." සෙර් විලීස් වෝඩ් කීය. සිය ශිරස්කයේ දෑස් කවුළු තුළින් ඔහු අවට කඳුමුදුන් සිසාරා බැලීය. "අපි උංව එකපාරක් එලවලා දැම්මා තමා. ඒ වුනාට උං වැඩිය ඈත ගියේ නෑ."

"අපි අපේ මැරිච්ච අය වලලන්ටඕන සෙර් විලීස්." කැට්ලින් කීවාය. "මෙයාලා නිර්භීත මිනිස්සු. එයාලගෙ මළසිරුරු කපුටන්ටයි කඳු සිංහයින්ටයි කන්ට දාලා අපට යන්ට බෑ."

"මේ පොළොව වලවල් හාරන්ට තරම් තද වැඩියි." සෙර් විලීස් කීය.

"එහෙමනම් අපි ගල් ගොඩවල් එකතු කරලා ඒවා වහලා දාමු."

"ඔබට ඕන නම් ගල් ගොඩවල් එකතු කර කර ඉන්ට." බ්‍රොන් ඇයට කීය. "ඒ වුනාට ඒකට මාවයි චිගන්වයි ගාවගන්ට එපා. මැරිච්ච මිනිස්සුන්ගෙ මළකඳන් උඩින් ගල් තිය තියා ඉන්නවට වඩා මට කරන්ට දේවල් තියෙනවා." ඔහු පිරිස සිසාරා බැල්මක් හෙලීය. "අද රෑ වෙනකොට පණපිටින් ඉන්ට ඕන අය අපිත් එක්ක එන්ට."

"ම‍ගේ ආර්යාවනි, එයා කියන්නෙ ඇත්ත." සෙර් රඩ්‍රික් එකඟ විය. මේ මහලු නයිට්වරයා සටනින් තුවාල ලබා සිටියේ ය. ඔහු ගේ වමතේ ගැඹුරු කැපුමක් හා ගෙලේ හෙලි පහරකින් ඇති වූ සීරීමක් තිබුනු අතර ඔහු ‍ගේ කටහඬ වෙහෙසින් බරව තිබින. "අපි මෙතන තැවරි තැවරි හිටියොත් උං අනිවාර්යයෙන්ම ආයෙමත් අපි පිට කඩන් පනීවි. අපි දෙ‍වෙනි ප්‍රහාරයකට සූදාණම් නෑ."

කැට්ලින් ගේ මුහුණේ ඇඳුනු කේන්තිය ටිරියන් පැහැදිලිවම දුටුවේ ය. එනමුදු ඇයට වෙනත් විකල්පයක් නොවින. "දෙයියො අපට සමාව දෙන්ට ඕන. එහෙනම් අපි දැන්ම පිටත් වෙමු."

තවදුරටත් ඔවුන්ට අසුන් ‍ගේ අඩුවක් ‍නොවීය. සිය සෑදලය ගලවාගත් ටිරියන් අඩුම ගනනේ තව දවස් දෙක තුනක් හෝ ජීවත්වීමට ශක්තිය ඇතැයි පෙනුනු ජයික් ගේ අසු වෙත මාරු විය. ඔහු අසු මතට නැගීමට සැරසෙද්දී ලාරිස් ඔහු වෙත පියමැන්නේ ය. "මම දැන් ඔය කිනිස්ස ගන්නම් කුරුමිට්ටො."

"එයාට ඒක තියාගන්ට දෙන්ට." කැට්ලින් ස්ටාර්ක් සිය අසු මත සිට කීවාය. "ඒ වගේම එයාගෙ පොරොවත් ආපහු දෙන්ට. ආයෙමත් පහරදීමක් සිද්දවුනොත් අපිට ඒක උවමනා වෙයි."

"ඔබට බොහොම ස්තූතියි ආර්යාවනි!" ටිරියන් අසු පිට නගිමින් කීය.

"ස්තූතිය තියාගනින්." ඇය නොසැලකිල්ලෙන් මෙන් කීවාය. "කලින්ට වඩා දශමයක්වත් වැඩියෙන් මම උඹව විශ්වාස කරන්නෙ නෑ." ඔහු එයට සුදුසු පිළිතුරක් සිතා ගැනීමට පෙර ඇය පිටව ගියාය.

සිය ශිරස්කය හොඳින් හිසේ හරිබරි ගසාගත් ඔහු බ්‍රොන්ගෙන් නැවත පොරොව ඉල්ලාගත්තේ ය. එකට කර ගැට ගැසූ දෑතින් හා මුහුණ වැසූ රෙදි කඩකින් යුතුව තමා මේ ගමන ඇරඹූ හැටි ඔහුට සිහිපත් විය. මෙය සැබැවින්ම තත්ත්වයේ නියත වැඩි දියුණුවක් විය. ඔහු අත පොරොව තිබෙන තාක් කල් ස්ටාර්ක් ආර්යාව ඇගේ විශ්වාසය ඇය ළඟම තබාගත්තාවේ. තමා දැන් ‍මේ තරගයේ ඇයට වඩා ඉදිරියෙන් සිටින බැව් ඔහුට හැඟෙන්නට විය.

සෙර් විලීස් වෝඩ් පෙරමුණ ගත්තේ ය. බ්‍රොන් පසුමුණ ගත් අතර සෙවනැල්ලක් මෙන් තමාව පිරිවැරූ සෙර් රඩ්‍රික් පසෙකින් ඇතිව කැට්ලින් ස්ටාර්ක් පිරිස මධ්‍යයේ ආරක්ෂාකාරීව ගමන් ගත්තා ය. ගමන අතරතුරේදී මැරිලියන් විසින් වරින් වර ටිරියන් දෙස බුම්මා ගත් බැලුම් හෙලන්නට විය. ඔහු ‍‍ගේ වීණාව ද, ඉළඇට කිහිපයක් ද, සුරතේ ඇඟිලි හතරක් ද බිඳී ගොස් තිබින. එනමුදු දිනය ඔහුට මුලුමනින්ම නරක් වූවක් නොවීය. ඔහු කොහෙන් හෝ අලංකාර, කළු පැහැ ලොම් මත සුදු ඉරි වැටුනු ඝනකම් සළුවක් සොයා‍ගෙන තිබින. ඔහු මේ සළුව තුළ ගුලිවී නිහඬවම ගමන් කලේ තම දිවි‍යේ පළමු වරට කීමට කිසිවක් සොයාගත නුහුනාක් ‍මෙනි.

අඩ මයිලයක් යාමටත් මත්තෙන් කඳු සිංහයින් ගේ ගෙරවිලි ද තවත් නො‍බෝ වේලාවකින්ම ඔවුන් හැරදා පැමිණි මළසිරුරු බෙදාගැනීමට උන් කරන අරගලද ඔවුන්ට අසන්නට ලැබින. මැරිලියන් පැහැදිලිවම හැමටම දිස්වන පරිදි සුදුමැලි වී ගියේය. ටිරියන් ඔහු පසෙකට අසු විහිදීය. "බයගුල්ලා!" ඔහු කීවේය. අසුට පයින් ඇන්න ඔහු ගායකයා පසු කර කැට්ලින් හා සෙර් රඩ්‍රික් වෙතට ළඟා විය.

ඇය තදකරගත් දෙතොලින් යුතුව ඔහු දෙස බැලුවා ය.

"බොහොම අවාසනාවන්ත විදියට අපේ කතාව අතරමග නවත්තන්ට වෙද්දි මම ඔබට කිය කියා හිටියෙ," ටිරියන් කතාව ඇරඹී ය. "සුළැඟිල්ලා ගේ ඔය කතන්ද‍‍රේ ‍ලොකු වැරැද්දක් තියෙනවා. මම මොකෙක් කියලා ඔබ විශ්වාස කරන් හිටියත් මට කමක් නෑ මගේ ආර්යාවනි. මම ඔබට බොහොම පැහැදිළිව කියන්නෙ... මම කවදාවත්, කවමදාවත් මගේ පවුලෙ කෙනෙකුට විරුද්ධව ඔට්ටු අල්ලන්නෙ නෑ."


Tyrion Lannister: “Why does a bear shit in the woods? Because it is his nature. Lying comes as easily as breathing to a man like Littlefinger.”

80 comments:

  1. Waliyata yanakota thamange gedara mama kiyala kaa gahantama onelu da? :P

    ReplyDelete
    Replies
    1. //thamange gedara mama kiyala kaa gahantama onelu//

      ඇයි මාමා කියල කෑගහන්නෙ? නැන්දා කියල හොඳ නැද්ද? මෙහෙනම් වලිවලට මැල්බෝං නැන්දල තමයි

      Delete
    2. @ පොම්,

      අනිවාර්යයෙන්ම! ගෙදරට නමක් නැත්තං ගෙදර නොම්බරේ කියලා කෑ ගහන්ට ඕන. :-P

      Delete
    3. අල්ලපු ගෙදර නොම්මරේ කියලා කෑගැහව්වත් කමක් නෑලු. :P

      Delete
    4. අපේ ගෙදර නම් නමක් නෑ :P
      380/97 කියල තමයි කෑගහන්ට වෙන්නේ :P

      Delete
    5. සෝන්යා මෙන්න මේක ඉක්මනින් ලියාගන්ට. ෆෝන් නොම්මරේ මම පස්සේ හොයලා දෙන්නම්...:P

      Delete
    6. හෙට සිල්ගන්ට අද ඉඳන් ලැහැස්ති වෙන ඒ උපාසිකා මාතාවගෙ සීලය බිඳින්ටය ඔය ඇත්ති සූජානං වෙන්නෙ!? :-P

      Delete
    7. @පොං (and one whose name should not be mentioned)

      මවුන්ට් ෆූජි අද මගෙ කිසිම කොන්ට්‍රිබියුෂන් එකක් නැතුව පුපුරයිවගේ !

      Delete
    8. ඔව් ගොරිල්ලෝ. :(
      come to my funeral. අරිෂ්ට නොමිලේ

      Delete
    9. I think of wolverine when I think of u ( the movie in which he went to Japan and got shot, slashed, mauled, etc)

      Delete
    10. හී...හී... පොං ගියොත් වෙන්නේ ඕකෙ අනික් පැත්තලු. කට්ටිය එකතුවෙලා මෙයාට ජපන් කෙල්ලෙක් බන්දවලා, අමු මාලු කවලා. කිමෝනෝ එකක් අන්දවලා...

      ඒත් ඉතින් ඔය වගේම තමාලුනේ. :P

      Delete
    11. @ PJ That film sucks bro :P lost all my respect for logan.
      but u are so true.

      Delete
    12. අද උදේ OG එකේ බණකට ගිහින් මහන්සියි අප්පා , අද කතාව කියවනකොට ෆයිට් එක දැකල තවත් අමාරුයි.හෙට සිල් නැහැ මම නිවාඩු දැම්මා :P

      Delete
    13. අප්පට සිරි, සිංහ ධේනු බණත් කියනවනෙ. පොංගේ OBA එකටත් ඉන්වයිට් කරන්න පුලුවන්

      Delete
    14. හෆොයි මම නෙවෙයි බණ කිව්වේ හාමුදුරුනමක් :D

      Delete
    15. ඔය කුමාරිහාමිලාගේ පැත්තේ නමක් වෙන්ටෑ
      පොකයි පොකයි කියලා කෑ ගහනවා ඇති short form එකෙන්. :P

      Delete
    16. @ තිසර,

      ඔය ගෙවල්වලට දිග නම් තියෙන අය වෙන්ටැති නේද හකා එක දාන්නෙ? :-D

      Delete
  2. හම්මේ මධුර සටන්....
    වෙලාවටෙ ඇ?ග කිළිපොළන සුලු සංගීතය තිබ්බෙ නැත්තෙ
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඇඟ කිලිපොලායන සංගීතය දෙන්ට තිබ්බා. කොහෙද අර ගායකයා‍ගෙ වීණාවයි අතේ ඇඟිලි ටිකයි කැඩුනා නෙවැ. ඕ යේස්!

      Delete
    2. හී හී ඇත්තමයි. දැන් දුන්නු හැකි ඇඟටම වදින එකක්...:)

      Delete
  3. Respect tyrion of house lannister. Respect .

    ReplyDelete
  4. මෙන්න වලියාක්... ඇති යාන්තම් කාලෙකට පස්සේ සටනක් දැක්කා..

    ReplyDelete
    Replies
    1. පොලීසියෙන් පනියිද? :-D

      Delete
    2. අඟහරුවෝ මේ අර තුවක්කු ටික හරිද? මම දඩයමේ යන්ටයි ලෑස්තිවෙන්නේ. තව අඟහරුවන් දෙන්නෙක්, තුන්දෙනක් හොයාගෙන රෙඩිවෙන්ටෝ...:D :D

      Delete
    3. ආ දැන් ඔය ආර්යාවත් දඩයමේ යනවා ලු ද? :P

      Delete
    4. හහ්...ඇයි කුමාරවරුන්ට විතරද දඩයමේ යන්ට පුලුවන්? :P

      Delete
    5. ආන්ටිලටත් පුලුවන් වීල්චෙයාර් එකෙන්

      Delete
    6. ඇයි අත්තලා හැරමිටිවලින් හී හී....

      Delete
    7. කට්ටිය හිතා ඉන්නේ කාන්තාවන්ට දඩයම් කරන්න බැහැ කියලද :)

      Delete
    8. කතාවටත් කියන්නේ සිංහයා හෙන කම්මැලි සතා... උගේ බඩත් සමහර වෙලාවට පුරවගන්නේ ධේනුව කරන දඩයම් වලින් කියලා...

      Delete
  5. කොටා හපනා... කැට්ලින් ගොන් නෑම්බි...

    හා හා ඊ ළඟ...

    ReplyDelete
    Replies
    1. ගොන් නෑම්බි තාම කතාවට එන්ටර් වුනේ නෑ. එයාව දැක්කහම හිතෙයි කැට්ලින්ට කොච්චර මොළේ තියෙනවද කියලා. :-P

      පලි: ඒ ඉස්පොයිලර් එකක් නෙවෙයි. පොඩි 'කමින් පාරක්'. ;-)

      Delete
    2. මේක නම් පොඩි එකක් නෙමේ. ලොකු "කමින්" පාරක්...ලු. ;-)

      Delete
    3. කමින්??
      is it like a foreshadowing ?

      Delete
    4. එහෙමනං ඉතිං අපිත් කමින් කැලි වලට දාලා මෙහෙම කියඤ්ඤංකෝ.. :D

      “එක අප්පගේ දූරුනේ ඉතිං“

      නැත්තං මෙහෙමත් කිව්වැකි...

      “කාගේ අක්කද ඉතිං..?“
      :D :D :D

      Delete
    5. අනේ මාත් මොනා හරි කියන්නද?

      Delete
  6. හැලපෙට කෑම -

    // "සටනකින් පස්සෙ ගෑනියෙක් තරම් රසවත් තවත් දෙයක් නෑ."//

    ReplyDelete
    Replies
    1. හැලපෙට ගෙදරින් ගුටිකන්ට වෙන කෑමක් තමා ඒ.. :-P

      Delete
    2. ඊෂ්... මේ පිරිමි... :O

      Delete
    3. මෙන්න මෙයා අපේ පොං කුමාරයට ඊෂ් කියනවෝ

      Delete
    4. දැන් මෙතන එකම පිරිමියා මම ද? :p

      Delete
    5. පොංට...double ඊෂ්...:D

      Delete
    6. බලාපුවම ඒකෙත් වරදක් නෑ නේද?ලඟපාත සටනක් තියේද කියල හොයල බලහල්ලකො.

      Delete
    7. ඒ රස ගන්ට සටනක් තියෙන්ට ඕනේමද :D ?

      Delete
    8. සටනින් පස්සේ මොකෝ.... ගෑනියෙක් කියන්නෙම සටනක් නේ.. ඇත්තම කිව්වොත් යුද්දයක්..

      Delete
  7. මම නං වලිවලට කැමති නැතෝ :( කාලෙකින් ඩැනී ගැන ආරංචියක්වත් නෑ ලු.

    ReplyDelete
    Replies
    1. ඩැනී ලඟදිම එයි. එයාට දැන් ටිකක් අමාරුලු.

      පලි: ඒ ඉස්පොයිලර් එකක් නෙවෙයි. පොඩි 'කමින් පාරක්'. ;-) :P

      Delete
    2. ඔයා එදා අසනීප වෙලා ඉන්නකොට හිනා වුනු හන්දා ඊයේ මාත් අසනීප වෙලා දවසම ඇඳේ හිටියා. :-(

      ඒකෙන් වෙච්ච හොඳම දේ තමා යාලුවෙක් " Fifty Shades of Grey " පොත අරගෙන මාව බලන්ට ආපු එක. :P

      Delete
    3. ඒක කියෙව්වා ම තියෙන අසනීපේ හොඳ වෙලා වෙන එකක් හැදෙයි. ඒවට බෙහෙත් දෙන්ට අහවලාට කියන්ට.

      Delete
    4. කල කල දේ පල පල දේ ලූ

      Delete
    5. අපේ පොඩ්ස් උපාසිකා මාතාවට ඉක්මන් සුව ! (ඔය නහින දෙහින කාලෙ දඩයමේ යාම සීමා කරන්ට වෙයි)

      Delete
    6. නැන්දලාට කලින් පරලොව යන්නේ අත්තලාලු. අනේ පව් අපේ ගෝරිලි අත්තා...මට දුකේ බෑ.:-(

      Delete
    7. මොකද අත්ත කෙනෙක් ඔයාට පොඩ්ස් උපාසිකා මතාව කියල ගෞරව කරන්නෙ :)

      Delete
    8. හෙහ්, හෙහ් ගෝරිලි අත්ත:)

      මාත් ඔය නානාප්‍රකාර අතු වල ලෑන්ඩ් කරල තියනවා, තාම ගෝරිලි අත්තක වහන්න බැරි වුනා

      Delete
    9. ඔවු ඔවු මේ අපිටත් ඕන ඩැනී ගැන තමයි..

      Delete
  8. මේකත් දැන් ගූගල් බස් එක වගේ වෙලානෙ යකෝ!

    //නැන්දලාට කලින් පරලොව යන්නේ අත්තලාලු// වේලිච්ච තියෙද්ති ඇට්ටි ඕන පදං වැටෙනව නෝනෙ, පරෙස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. ගූගල් බස් වගේද මේ කතා බස්.. :-P

      Delete
  9. කොටා වැඩකාරයා.මම කැමතියි පොරට දැක්කනේ දර පලනවා වගේ අරුන්ට වැඩේ දීපු හැටි.

    ReplyDelete
    Replies
    1. අපි කොටාට කොටා අපට!

      Delete
  10. දැන් එතකොට කැට්ලින්ගෙ පෙට්ටිය කැඩුවෙ කවුද?

    ReplyDelete
  11. පේනවා නේද ඒ කාලේ සටන් වල තිබුණු දරුණු බව. කැපුවා, කෙටුවා, විද්දා, ඇන්නා, කෑලි කරා. ඒ වගේමයි ප්‍රතිකාර නැහැ. තුවාල ලැබූ කෙනාගේ වැදගත්කම මත තමයි ප්‍රතිකාර ලැබෙන්නේ. ගොඩක් දුක්විඳලා මැරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සෙබළාට හැමදාමත් දුක තමා නේ..

      Delete
  12. අර උඩ ෆොටෝ එකේ ටිරියන් පේන්නේ ( කැත ) බෝනික්කෙක් වගේ :)

    ReplyDelete
    Replies
    1. කැත බෝනික්කෙක් කිවුවෙ නිකං බාර්බි වගේ? ;-)

      Delete
    2. බාබි කියන්නේ ලී බෝනික්කන්ට නෙවෙයි නේද :P

      Delete
    3. බාර්බියො ඕන නං ලීයෙනුත් කපන්ට පුළුවන්.. හැබැයි එත‍කොට ලීයෙ අගය අඩුවෙනවා.. :-P

      Delete
  13. කොටා, බ්‍රොන් මෙන්න කොල්ලෝ...
    (මෙව්වටත් ස්පොයිලර් නෙවේ කියලා දාන්ට වෙයිද මන්දා)

    ReplyDelete
  14. කඳුකර මාවත කිව්වහම මගේ හිතේ තිබ්බේ එක පැත්තකින් පහල බලන්න බය හිතෙන හෙලක් තියන, අනිත් පැත්තෙන් උසට උසේ කන්දක් තියන පාරක්....

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියෙන පින්තූරෙ නම් ම‍ගේ චිත්තරූප වලටත් ගැලපෙන්නෙ නෑ.. මගෙ හිතේ මැවුනෙ ඔයිට වඩා පටු, දෙපැත්තෙන්ම ලොකු බෑවුම් තියෙන, පාර ගාවට එනකම්ම ගස්වලින් වැහුන තැනක්..

      Delete
    2. //"මම හිතන්නෙ 'ක්ෂීර සර්පයො' නැත්තං 'චන්ද්‍ර සොහොයුරෝ'. //

      මෙයාලට නම තිබ්බෙ අරිසෙන් අහුබුදු ද දන්නෙ නෑ :)

      Delete
  15. අපරාදේ කියන්න බෑ හොද සටන් ජවනිකාව.. දැන්නම් හැබැයි මටත් මේක ටීවී එකේ බලන්නම කියලා හිතෙනවා.. එක්කෝ ඔන්න ඔහේ ටිකක් ඉවසමු..

    මොකද්දෝ මන්දා හේතුවකට මට හිතෙන්නෙම ටිරියන් කියන්නේ ඇත්තක් කියලා.. කොටින්ම ඉතින් මට මුල ඉදන්ම ශුවර් නෑ ඕක කලේ කොටා කියලා.. බලමුකෝ..

    ReplyDelete