Monday 17 November 2014

කැට්ලින් 06-2

ඉයරී

බ්‍රින්ඩන් ගේ කටහඩ වෙහෙසින් බරවී තිබින. "රොබර්ට් උතුමානන්!" ඔහු දිගු සුසුමක් හෙලීය. "අවුරුදු හයයි. හැම වෙලාවෙම ලෙඩ ගානෙ. එයාගෙ බෝනික්කෙක් කවුරුහරි අරගත්තත් අඬන්ට බලාගෙනයි ඉන්නෙ. ජොන් ඒරින්ගෙ සහජාත උරුමක්කාරයා. ඒ වුනත් සමහරු කියනවා එයා එයාගෙ තාත්තගෙ ආසනයේ වාඩිවෙන්ට තරම් දුර්වල වැඩියිලු. මේ පහුගිය අවුරුදු දාහතරටම ජොන් උතුමානන් කින්ග්ස් ලෑන්ඩින්ග්වල රජතුමාගෙ හස්තය විදියට වැඩ කරද්දි නෙස්ටර් රොයිස් උතුමානන් තමා මිටියාවතේ බාරකාරයා විදියට වැඩ රාජකාරි කලේ. ගොඩක් උදවිය හොර රහසේ කතාවෙනවා ‍කොලුවා නිසිවයස එනකං නෙස්ටර් මේ මිටියාවත පාලනය කරනවානං හොඳයි කියලා. තවත් අය හිතනවා ලයිසා ආයෙමත් ඉක්මනටම කසාද බැන්දොතින් හොඳයි කියලා. දැනටමත් විවාහා‍පේක්ෂකයො වැලගෙඩියට වහන කපුටො වගේ මිටියාවතේ පි‍රෙන්ට පටන් අරන්.

"ඒක බලාපොරොත්තු වෙන්ට පුළුවන් දෙයක්." කැට්ලින්ට එහි ලොකු අරුමයක් නොදැනුනාය. ලයිසා තවමත් තරුණ කාන්තාවක් වන අතර ඒරින් මිටියාවත හා කඳුකර රාජධානිය යනු අගනා දායාදයක් විය. "ලයිසා තවත් සැමියෙක් කසාද බඳින්ට කැමැතිද?"

"එයා කියනවා ඔවු කියලා. එයාට හරියට ගැලපෙන ස්වාමි පුරුෂයෙක් හම්බවුනොත්. ඒ වුනත් එයා දැනටමත් නෙස්ටර් උතුමානන්වයි තවත් ‍හොඳට ගැලපෙන සහකරුවො කීපදෙනෙක්මයි ප්‍රතික්ෂේප කරලයි තියෙන්නෙ. එයා දිවුරලා කියනවා මෙදා පාරනම් එයා එක්කෙනෙක්ව ‍තෝරගන්නවමයි කියලා."

"අනිත් හැමෝටම වඩා ඔයා ඒ දේට එයාට දොස් කියන එක වැරැදියි නේ."

සෙර් බ්‍රින්ඩන් හුස්මක් පිම්බේය. "මම එහෙම කරන්නෙ නෑ.. ඒ වුනත්.. මට පේන්නෙ ලයිසා මේක නිකං සෙල්ලමකට හරවගෙනයි ඉන්නෙ. එයා මේ ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා විනෝද වෙනවා. ඒ වුනත් මම විශ්වාස කරන විදියට එයා බලාපොරොත්තු වෙනවා දරුවා නිසි වයසට එනකං එයා විසින්ම මේ මිටියාවත පාලනය කරන්ට."

"ගෑනියෙකුට පුළුවන් පිරිමියෙක් තරම්ම ඥානවන්ත විදියට පාලනය කරන්ට."

"දැඩි ගෑනියෙකුට පුළුවන්." ඇගේ බාප්පා ඈ දෙස නෙත් කොණින් බැල්මක් හෙලුවේය. "පටලවගන්ට එපා කැට්. ලයිසා කියන්නෙ ඔයා නෙ‍වෙයි." ඔහු මොහොතක් අතීරණයෙන් තැතනුවේය. "ඇත්තම කියනවානම්, ඔයාගෙ සහෝදරී ඔයා හිතන තරං මේ ප්‍රශ්නෙදි උදවු උපකාර කරන්නෙ නැතිවෙන්ට පුළුවන්."

"ඔයා මොකක්ද ඔය කියන්ට හදන්නෙ?"

"කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන් ආපහු ආපු ලයිසා කියන්නෙ ජොන් උතුමානන් එක්ක දකුණට ගිය ලයිසා නෙවෙයි. ඒ අවුරුදු ගාන එයාට බොහොම දුෂ්කර වුනා. ඔයා මේවා දැනගන්ට ඕන. ජොන් ඒරින් කියන්නෙ නියම විදියට යුතුකම් ඉටුකරපු ස්වාමිපුරුෂයෙක් තමා. ඒ වුනත් එයාලගෙ කසාදෙ සිද්දවුනේ දේශපාලන හේතු උඩ. ඒක ආදරේ හින්දා සිද්දවුන දෙයක් නෙවෙයි."

"ඉතින් මගෙ කසාදෙත් එහෙම එකක්නෙ."

"ඒ දෙකම පටන්ගත්තෙ එකම විදියට තමා. ඒත්, ඔයාගෙ කසාදෙ එයාගෙ එකට වඩා බොහොම සතුටුදායක එකක් වුනා. මළදරු උපත් දෙකක්, ගබ්සාවීම් දෙකක්, ඒරින් උතුමානන්ගෙ මරණය... කැට්ලින්, ‍දෙයියො අන්තිමට ඔයාගෙ සහෝදරිට දුන්නෙ එකම එක දරුවයි. ඒ දුප්පත් කොලුවා තමා ලයිසාට දැන් ජීවත්වෙන්ට තියෙන එකම බලාපොරොත්තුව, එකම සැනසිල්ල. ඒ කොලුවාව ලැනිස්ටර්ලාට බාරදෙන්නෙ නැතුව එයාවත් උස්සන් පැනලා ආපු එක පුදුමයක් නෙවෙයි. ඔයාගෙ සහෝදරී බයවෙලයි ඉන්නෙ දරුවො. එයා වැඩියෙන්ම බය ලැනිස්ටර්ලාට. එයා කින්ග්ස් ලෑන්ඩින්ග්වලින් පැනලා ආවෙ හරියට ‍හෙරක් වගේ, මහ රෑ ජාමෙ. ඒ වෙන මොකුත් නිසා නෙ‍වෙයි, එයාගෙ පුතාව සිංහ කටින් බේරගන්ට ඕන නිසයි‍... ඉතින් දැන් ඔයා එයාගෙ දොරකඩට සිංහයෙක් අරන් ඇවිත් තියෙනවා."

"දම්වැල්වලින් බැඳලා. ඒ සිංහයා මගේ හිරකාරයෙක්"

"ආහ්!" ඇගේ බාප්පා ආපසු හැරුනේ ඔවුන්ට පිටුපසින් ටිරියන් ලැනිස්ටර් පහත බසින දෙස බැලුවේය. "මට පේනවා එයාගෙ සෑදලේ පොරොවක්, එයාගෙ ඉණේ සිරියක්, එයාගෙ හෙවනැල්ල වගේ එයාගෙ පස්සෙන්ම යන කුලී හේවායෙක්. ‍කෝ එයාගෙ දම්වැල් වස්තුවෙ?"

කැට්ලින් අපහසුවෙන් මෙන් අසුපිට එහාමෙහා වූවාය. "කුරුමිට්ටා මෙහාට ඇවිල්ලා තියෙන්නෙ එයාගෙ කැමැත්තෙන් නෙවෙයි. දමවැල් ඇතුවා හරි නැතුවා හරි එයා මගෙ හිරකාරයා. මට වගේම ලයිසාටත් එයාව ඕන එයා කරපු අපරාධ ගැන විභාග කරන්ට. ලැනිස්ටර්ලා මරලා දැම්මෙ එයාගෙම සැමියාව. එයාගෙම ලියුමක් නිසා තමා අපිත් මේ ගැන මුලින්ම දැනගත්තෙ."

බ්‍රින්ඩන් ටලී ඈ දෙස ‍වෙහෙසකාරී සිනහවක් පෑවේය. "මම හිතනවා ඔයා හරියි කියලා දරුවො." ඔහු සුසුමක් හෙලීය. එහෙත් ඒ ස්වරයෙන් කියැවුනේ ඇය වැරැදි බවකි.

පාරේ බෑවුම් සහගතබව අඩු වී යන්නට පටන්ගනිද්දී ඉර හැරී සෑහෙන වේලාවක් ගොස් තිබින. මාවත වඩ වඩාත් පුළුල් වන්නට වූ අතර වඩා කෙලින් විහිදෙන්නට ද විය. එමෙන්ම මුල්ම වතාවට කැට්ලින් මාවත දෙපස වැවී ඇති තණකොළ හා කැලෑ මල් නිරීක්ෂණය කලාය. නිම්නයේ පතුළට ළඟා වූ පසු ඔවුන් ගේ ගමන වඩා ‍වේගවත් විය. අසුන්ට හැල්මේ යාමට සන් කල ඔවුහු නිල්වන් වන රොදවල්, අලස සුවයෙන් පසුවන කුඩා ගම්මාන, උයන් වතු හා රන්වන් තිරිඟු යායවල්, හිරුඑළියේ දිදුලන සුපිරිසිදු දියෙන් පිරි කුඩා දොළ පහරවල් පසු කරමින් ‍හොඳ වේගවත් බවකින් යුතුව සිය ගමනේ යෙදෙන්නට සමත් වූහ. බ්‍රින්ඩන් ඔවුන්ට ඉදිරියෙන් ධජ දරන්නෙකු යැවූ අතර ඔහු අඩසඳ හා උකුස්සා සහිත ඒරින් වංශයේ සලකුණත්, ඊට පහළින් බ්‍රින්ඩන් ‍ගේ කළු මාළුවා සලකුණත් සඳහන් වුනු ද්විත්ව ධජයක් ඔසවාගෙන ගියේය. යන මග ඉදිරියෙන් හමුවූ ගොවිපළ කරත්ත, වෙළෙඳ කරත්ත හා දෙවන මට්ටමේ වංශාධිපතීන්ට අයත් අසරුවන් මාර්ගයේ පසෙකට වී ඔවුන්ට යාමට අවකාශ සලසා දුන්හ.

එනමුදු ඔවුන් යෝධයාගේ ලන්සය පාමුල පිහිටා තිබුනු දැවැන්ත බලකොටුවට ළඟාවන විට සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු වැටී තිබින. එහි පවුරු මත්තෙහි වූ මුර අට්ටාල වල පන්දම් දැල්වෙමින් තිබුනු අතර දියඅගලේ කළු පැහැ දිය මත අඩස‍‍‍ඳේ ඡායාව දිදුලමින් තිබින. පාලම ඔසවා කටු දොරටුව පහතට දමා තිබුනු නමුදු ගේට්ටුවේ මුරකුටි තුළ හා ඊට පිටුපසින් තිබුනු සතරැස් කුළුණුවල කවුළු තුළ දැල්වෙමින් තිබුනු පහන් එළිය කැට්ලින්ට දැකිය හැකි විය.

"ඔන්න තියෙනවා චන්ද්‍ර වාහල්කඩ." පිරිස අසුන් නවතද්දී සෙර් බ්‍රින්ඩන් කීය. ඔහු ගේ ධජ දරන්නා දියඅගල අද්දරට ගියේ ගේට්ටු මුරකුටියේ සිටි සෙබළුන්ට සංඥා කරනු පිණිසය. "නෙස්ටර් උතුමානන්ගෙ වසම. එයා අපිව බලාපොරොත්තුවෙන් ඇති. අර උඩ බලන්ට."

කැට්ලින් ඉහළට, ඉහළට හා තවතවත් ඉහළට සිය දෑස් එසෙවුවා ය. මුලින්ම ඇය දුටුවේ තරු නොමැති රැයක් තරම් අන්ධකාරයෙන් පිරුනු දැවැන්ත ගල් පර්වත, ගස්වැල් හා ඒ පසුබිමේ යෝධයකු මෙන් නැගී සිටි මහ කන්ද පමණි. ඊළඟ මොහොතේ ඔවුන්ට ඉතා ඉහළින් දුර ඈත දිදුලන දුබල ආලෝක පුංජයක් ඇගේ නෙත ගැටින. කන්දේ ගැඹුරු බෑවුමක තනන ලද ඒ කුඩා බලකොටුවේ දිදුලන ආලෝකය තැඹිලි පැහැ දෑසක් මෙන් ඉහළ සිට පහත සිටි ඔවුන් දෙස බලා සිටින්නට විය. ඊට ඉහළින් තවත් දුරස්ථව පිහිටි තවත් කුඩා බලකොටුවක එළිය ඉන්පසු ඇගේ ඇස ගැසුනු අතර ඊටත් ඉහළින් පිහිටි තෙවන බලකොටුවක ආළෝකය ඈත දිදුලන තරුවක් මෙන් යාන්තමින් දැක ගත හැකිවිය. මේ හැමටම ඉහළින්, අහස සිඹින මානයේ, උකුස්සන් පියාසලන මානයේ සඳඑළිය වැටීමෙන් දිදුලන සුදු පැහැ ආළෝකයක් විය. මේ අහස සිඹින මානයේ වූ බලකොටු පවුරු හා කුළුණු සත දෙස බලා සිටි ඇගේ හිස බමන්නට විය.

"ඉයරී." විස්මයෙන් මුසපත් වුනු මැරිලියන් ගේ හඬ ඇයට ඇසින.

ටිරියන් ලැනිස්ටර් ගේ තියුණු හඬ ඊළඟට ඇසෙන්නට විය. "ඒරින්ලා අමුත්තො එනවට වැඩි මනාපයක් නෑ වගේ. මේ අන්ධකාරෙ මැද්දෙ ඔය කන්ද නගින්ට ඔබ අදහස් කරගෙන ඉන්නවානං ඊට වඩා ලේසියි මාව මෙතැනම මරලා දාන්ට."

"අපි අද රෑ මෙතන නතරවෙලා හෙට උදේම කන්ද නගින්ට පටන්ගන්නවා." බ්‍රින්ඩන් පිළිතුරු දුනි.

"මට ඉවසිල්ලක් නෑ." කුරුමිට්ටා කීවේය. "අපි කො‍හොමද එච්චර උඩට යන්නෙ? මට එළුවො පි‍‍ටේ ගිහිල්ලා කිසිම පුරුද්දක් නෑ."

"කොටළුවො." බ්‍රින්ඩන් සිනාසෙමින් කීය.

"කන්දට අල්ලලා කපාපු පඩි තියෙනවා." කැට්ලින් කීවාය. ජොන් ඒරින් ගේ භාරකාරත්වය යටතේ රොබර්ට් බරතියන් සමගින් මෙහි සිය තරුණ කාලය ගෙවූ නෙඩ් මේ ගැන ඇයට කියා දී තිබින.

බ්‍රින්ඩන් හිස වැනීය. "දැන් අන්ධකාරෙ වැඩි නිසා ඒවා පේන්නෙ නෑ. ඒ වුනත් පඩි ති‍යෙනවා. ඒවා අශ්වයින්ට නගින්ට තරම් පටු වැඩියි, උස වැඩියි. ඒ වුනත් කොටළුවන්ට ඒවයෙ යන්ට පුළුවන්. මේ පාර පුංචි බලකොටු තුනකින් ආරක්ෂා වෙනවා. 'ගල් බලකොටුව', 'හිම බලකොටුව', 'අහස් බලකොටුව'. කොටළුවො අපිව අහස් බල‍කොටුවට යනකං අරන් යයි."

ටිරියන් ලැනිස්ටර් සැකමුසු බැල්මක් කන්දේ ඉහළට හෙලීය. "ඊට පස්සෙ?"

බ්‍රින්ඩන් සිනහවක් මුවට නගාගත්තේ ය. "ඊට පස්සෙ පාර කොටළුවන්ටත් යන්ට බැරි තරම් පටුයි. ගමනෙ ඉතුරු ටික අපි පයින් යන්ට ඕන. එහෙම නැත්තං ඔබ කැමැති ඇති කූඩෙක නැගලා යන්ට. ඉයරී පිහිටලා තියෙන්නෙ කෙලින්ම අහස් බලකොටුවට උඩින් කඳු මුදුනෙ. ඒකෙ ගබඩා කාමරවල තියෙනවා දැවැන්ත දබර හයක්, යකඩ දම්වැල් දාලා පහළ ඉඳන් අවශ්‍ය කරන බඩු බාහිරාදිය ගෙන්නගන්ට. ඔබ කැමැතිනං මගේ ලැනිස්ටර් උතුමානනි, මට පුළුවන් ඔබට ඉඩ සලස්සලා දෙන්ට පානුයි, බීරයි, ඇපලුයි එක්ක උඩට යන්ට."

කුරුමිට්ටා කොක්හඩලා සිනාසුනේය. "මම වට්ටක්කා ගෙඩියක් කියලා හිතුවද. අයියෝ! මගේ තාත්තා බොහොම තදින් උරණ වෙයි එයාගෙ පුංචි ලැනිස්ටර් පුතා තමන්ගෙ දෛවයට මුහුණ දෙන්ට නිකං ටර්නිප් උතුමානන් කෙ‍නෙක් වගේ ගියා කියලා ඇහුවොත්. ඔබලා යන්නෙ පයින් නං මාත් පයින් එන්නම්. අපි, ලැනිස්ටර්ලාට පුංචි පහේ අභිමානයක් තියෙනවා."

"අභිමානයක්?" කැට්ලින් කඩා පැන්නා ය. කුරුමිට්ටා ගේ අවමන් සහගත ස්වරය හා සැහැල්ලු කතා විලාසය විසින් ඇගේ කේන්තිය අවුස්සා තිබින. "සමහරුනං ඒකට කියන්නෙ මාන්නය කියලා. උඹලාට තියෙන්නෙ මාන්නයයි, ධන තණ්හාවයි, බලයට ඇති කෑදරකමයි."

"කිසිම සැකයක් නෑ මගේ අයියානං මාන්නක්කාරයි." ටිරියන් ලැනිස්ටර් පිළිතුරු දුනි. "මගේ තාත්තා තමා ධන තණ්හාවෙ උල්පත. එතකොට මගේ ලස්සන අක්කා සෙර්සි, ජීවත්වෙන හැම මොහොතක්ම ගත කරන්නෙ බලයට කෑදරකමින් තමා. ඒ වුනත් මම! මමනං පුංචි බැටළු පැටියෙක් වගේ අහිංසකයි. මම 'බෑ බෑ' කියලා පෙන්නන්ටද?" ඔහු නියවීය.

ඇය මීට පිළිතුරක් දෙන්නට පෙර පාලම මහහඬක් නංවමින් පහත් වූ අතර කටු දොරටුව ඉහළට ඔසවන දම්වැල් හඬ සවනේ වැකින. දැල්වෙන පන්දම් අතින් ගත් සෙබළු පිටතට පැමිණ ඔවුනට මාර්ගය පෙන්වූහ. බ්‍රින්ඩන් ටලී ඔවුන්ව දියඅගල හරහා අනිත් පසට කැඳවාගෙන ගියේය. මිටියාවතේ භාරකරු හා චන්ද්‍ර වාහල්කඩෙහි අධිපතියා වූ නෙස්ටර් රොයිස් උතුමානන් සිය නයිට්වරුන් පිරිවරා ඔවුන් පිළිගන්නට බලකොටු අංගනයෙහි සැදී පැහැදී සිටියේය. "ආයුබෝවන් ස්ටාර්ක් ආර්යාවනි!" ඔහු හිස නවමින් කීය. ඔහු දැවැන්ත, පීප්පයක් තරම් විසල් පපුවකින් යුතු පුද්ගලයකු වූ නිසා ඒ හිස නැමීම එතරම් සාර්ථක නොවීය.

සිය අසුපිටින් බිමට බට කැට්ලින් ඔහු අබියස සිටගත්තා ය. "ආයුබෝවන් නෙස්ටර් උතුමානනි!" ඇය මේ මිනිසා නාමමාත්‍රිකව හැඳින සිටියේ ඔහු ගේ කීර්තිය හා ප්‍රසිද්ධිය නිසා පමණි. මොහු ලෝකඩ යොන් ගේ ඥාතිවරයකු හා රොයිස් වංශයේ එතරම් වැදගත් නැති ශාඛාවකින් පැනනැගුනු පුද්ගලයකු වුවද භයානක බැරෑරුම් වංශාධිපතියකු ලෙසින් තමාගේම නමක් දිනා සිටියේය. "අපි බො‍හොම දුර, බො‍හොම ‍වෙහෙසකර ගමනකුයි ඇවිත් තියෙන්නෙ. අද රෑ ඔබේ වහල යට ආගන්තුක සත්කාර දෙන්ට පුළුවන් නම් බොහොම කරුනාවයි."

"මගේ වහල ඔ‍බෙයි ම‍ගේ ආර්යාවනි." නෙස්ටර් උතුමානන් රළු හඬින් පිළිතුරු දුන්නේය. "ඒ වුනත්, ඔබේ සහෝදරී ලයිසා ආර්යාව ඉයරිවල ඉඳන් අපට පණිවුඩයක් එවලා තියෙනවා. ඇයට ඔබව වහාම මුනගැහෙන්ට උවමනායිලු. ඔබේ කණ්ඩායමේ අනිත් අයට අද රෑ මෙහෙ නැවතිලා හෙට උදේ පාන්දරින්ම ගමනට පිටත්වෙන්ට පුළුවන්."

ඇගේ බාප්පා සිය අසුපිටින් බිමට පැන්නේය. "මොන විකාරයක්ද ඒ?" ඔහු නොසැලකිලිමත් ස්වරයෙන් ඇසීය. බ්‍රින්ඩන් ටලී වනාහී කිසිදිනෙක සිය අසිපතේ මුවහත ගැන නොසැලකිල්ලක් දැක්වූවෙකු නොවීය. "රෑට කන්දට නගින්ට? මේ හඳ එළියත් එච්චර නැති දවසෙ? ලයිසා වුනත් දැනගන්ට ඕන ඒක නිකං බෙල්ල කඩාගන්ට කරන ආරාධනයක් කියලා."

"‍කොටළුවො පාර දන්නවා සෙර් බ්‍රින්ඩන්." කෙට්ටු, ශක්තිමත් සිරුරකින් හෙබි වයස දහහතක් හෝ දහඅටක් පමණ විය හැකි යුවතියක් නෙස්ටර් උතුමානන් පසෙකින් සිටගත්තා ය. ඇගේ තද කළු පැහැ කෙස්කළඹ කෙටි කර කපන ලද්දේ වීය. ඇය අසුපිට යාමට පළඳින සමින් නිමකල කලිසමක් හා රිදී පැහැ සැහැල්ලු මුදු දම්වැල් කමිසයක් හැඳ සිටියාය. ඇය සිය වංශාධිපතියාට වඩා මනෝඥ අයුරින් හිස නමමින් කැට්ලින්ට ආචාර කලාය. "මම ‍පොරොන්දු වෙනවා මගේ ආර්යාවනි, ඔබතුමීට කිසිම අනතුරක් වෙන්නෙ නැහැයි කියලා. ඔබතුමීව ඉහළට එක්කරන් යන්ට ලැබීම මට ලොකු ගෞරවයක්. මම සිය සැරයක් විතර රෑ ජාමෙ ඔය ගමන ගිහිල්ලා තියෙනවා. මයිකල් කියනවා මගේ තාත්තා එළුවෙක් වෙන්ට ඇති ලු."

ඇගේ කටහඬේ තිබුනු ආඩම්බර බව නිසා කැට්ලින්ට සිනා පහල විය. "ඔබට නමක් තියෙනවාද දරුවො?"

"මම මයා ස්ටෝන්, ඔබතුමී සතුටුනම් ම‍ගේ ආර්යාවනි‍."

කැට්ලින් එයින් සතුටට පත් වූයේ නැත. සිය මුවේ නැගුනු සිනහව එලෙසින්ම පවත්වා ගැනීමට ඇයට ආයාසයක් දරන්නට සිදුවිය. ස්ටෝන් වනාහි මිටියාවතේ අවජාතකයින්ට භාවිත කෙරුනු වාසගම විය. හරියටම උතුරේ ස්නොව් හෝ හයිගාර්ඩ්න්හි ෆ්ලවර්ස් වූවාක් මෙනි. රාජධානි සප්තකයේ පැවැති සම්ප්‍රදාය අනුව නියමිත වාසගමක් නොමැතිව උපදින දරුවන්ට පොදු වාසගමක් භාවිත කෙරුනු අතර එය රාජධානියෙන් රාජධානියට වෙනස් විය. කැට්ලින් ගේ සිතේ මෙම දැරිය පිළිබඳ කිසිදු කහටක් නැති විය. එනමුදු ඒ නම විසින් ඇයට ප්‍රාකාරයේ වෙසෙන නෙඩ් ගේ අවජාතකයා සිහියට නැගුනු අතර එය එකවර කේන්තියක් හා වරදකාරී හැඟීමක් ඇ‍ගේ සිතේ ජනිත කරවන්නට සමත්ව තිබින. දැරියට සුදුසු පිළිතුරක් දෙනු පිණිස වචන සෙවීමට ඇය තැතනුවාය.

නෙස්ටර් උතුමානන් නිහඬතාව බිඳදැමීය. "මයා බො‍හොම දක්ෂ කෙල්ලක්. එයා ‍පොරොන්දු වෙනවනං ඔබව පරෙස්සමින් ලයිසා ආර්යාව ගාවට එක්කරන් යනවා කියලා මම එයාව විශ්වාස කරනවා. එයා මෙච්චර කාලෙකට මාව අසමත් කරලා නෑ."

"එහෙමනම්, මම මාව ඔබේ අත් දෙකට බාර කරනවා මයා ස්ටෝන්." කැට්ලින් කීවාය. "නෙස්ටර් උතුමානනි, මගේ හිරකාරයව පරෙස්සමින් බලාගන්න එක මම ඔබට බාරකරනවා."

"ඒ වගේම මම ඔබට බාර කරනවා ඒ හිරකාරයා බඩගින්නෙන් මැරෙන්ට කලින් වයින් ටිකකුයි පුච්චපු කුකුළෙකුයි ගෙනත් දෙන්ටයි කියලා." ටිරියන් කීය. "කෙල්ලෙකුත් හිටියානම් තවත් හොඳයි. ඒත් මට තේරෙනවා ඒ වගේ දෙයක් ඔබෙන් ඉල්ලන එක ඕනවට වඩා වැඩියි කියලා." බ්‍රොන් මෙයට හඬනගා සිනාසුනි.

නෙස්ටර් උතුමානන් මේ සමච්චලය නොතකා හැරියේය. "ඔබ කැමැති විදියකට මගේ ආර්යාවනි. ඒක ඒ විදියටම සිද්ද වෙයි." ඔහු කුරුමිට්ටා දෙස බැල්මක් හෙලුවේ ය. "‍අපේ ලැනිස්ටර් උතුමානන්ව බල‍කොටු‍වෙ හිරකුටියකට දාන්ට. එයාට කෑම බීම ගෙනිහින් දෙන්ට."

ටිරියන් ලැනිස්ටර්ව සෙබළුන් විසින් කැඳවාගෙන යද්දී කැට්ලින් සිය බාප්පාගෙන් හා අනිකුත් අයගෙන් සමුගත්තා ය. අවජාතක දැරිය පසුපසින් වැටුනු ඇය බලකොටුව හරහා ඇවිද ගොස් එහි පිටුපසට පිවිසියාය. ඉහළ අංගන‍යේ ඔවුන් වෙනුවෙන් සෑදල ලූ කොටළුවන් දෙදෙනෙකු සූදාණම් වී තිබින. මයා ඇයට එ‍කකු පිට නැගීමට උදවු කරන අතරේදී අහස් නිල් පැහැ සළුවක් පැළැඳ සිටි සෙබළෙක් පටු පසුපස ගේට්ටුව විවර කලේය. එයින් එපිට පයින් හා ස්පෲස් ගසින් වැසුනු ඝන වනය ද, කළු පැහැ තාප්පයක් මෙන් අහස උසට නැගුනු කන්ද ද විය. එමෙන්ම ගලේ ගැඹුරට කපා තිබුනු, ඉහළට විහිදුනු පඩිපෙළ ද එහි විය. "සමහර උදවිය ඇස් වහගන්නවා. ඒක එයාලට ලේසියි." මයා කීවේ ගේට්ටුව තුළින් ‍කොටළුවන් දෙදෙන ඝන වනය තුළට කැඳවාගෙන යන අතරතු‍රේදී ය. "එයාලා බයවුනොත් නැත්තං කලන්තෙ ගතියක් වගේ ආවොත් කොටළුවන්ව තදින් අල්ලගන්නවා. උං ඒකට කැමැති නෑ."

"මම ඉපදුනෙ ටලී කෙ‍නෙක් විදියට. මම කසාද බැන්නෙ ස්ටාර්ක් කෙනෙක්." කැට්ලින් කීවාය. "මම එහෙම ලේසියෙන් බයවෙන්නෙ නෑ. ඔබ පන්දමක් පත්තු කරන්නෙ නැද්ද?" පඩිපෙළ රාත්‍රි අන්ධකාරය තරම්ම කළු පැහැ විය.

දැරිය මුහුණ ඇද කර ගත්තාය. "පන්දම් එළියෙන් ඔබ අන්ධ වෙනවා. මේ වගේ පැහැදිලි රෑක හඳ එළියයි තරු එළියයි හොඳටම ඇති. මයිකල් කියන්නෙ මට බස්සෙකුගෙ වගේ ඇස් දෙකක් තියෙනවා ලු." සිය කොටළුවා පිට නැගුනු ඇය ඉදිරියට යන්නැයි ඌට සන් කලාය. කැට්ලින් ගේ කොටළුවා පුරුද්ද අනුව ඌ පසුපසින් වැටින.

"ඔබ මීට කලිනුත් මයිකල් ගැන කිවුවා." කොටළුවන් දෙදෙනා උන්ට උවමනා පරිදි සෙමින් එහෙත් ඒකාකාර ගමනක යෙදෙන්නට වූහ. ඇය ඒ ගැන බෙහෙවින් සෑහීමකට පත් වූවාය.

"මයිකල් කියන්නෙ මගෙ ආදරවන්තයා." මයා පැහැදිලි කලාය. "මයිකල් රෙඩ්ෆෝර්ට්. එයා සෙර් ලින් කෝබ්‍රේගෙ සහචරයෙක්. එයා නයිට් වරයෙක් වුන ගමන් අපි කසාද බඳින්ටයි ඉන්නෙ. ඊළඟ අවුරුද්දෙ නැත්තං ඊට පස්සෙ අවුරුද්දෙ."

ඇය බොහෝ සෙයින්ම සන්සාට සමාන වූවාය. අහිංසක, සැමවිටම සතුටින් සිටින, සුන්දර සිහින දකින්නියක්. කැට්ලින් ගේ මුවට සිනාවක් නැගුනු නමුදු එහි සන්තාපයක් ගැබ්වී තිබින. රෙඩ්ෆෝර්ට්වරුන් යනු මුල් මිනිසුන් ගේ රුධිරය තම නහරවල දුවන, මිටියාවතේ සිටින ඉපැරැණිම වංශවත් පවුලක් බව ඇය දැන සිටියා ය. ඇය ඔහු ගේ ආදරවන්තිය බව සැබෑවක් විය හැකි නමුදු කිසිදු රෙඩ්ෆෝර්ට්වරයකු කෙදිනකවත් අවජාතකයෙකු හා විවාහ නොවනු ඇත. ඔහු ‍ගේ පවුලේ උදවිය වඩාත් සුදුසු සහකාරියක් ඔහුට සොයා දෙනු ඇත. කෝබ්‍රේ කෙනකු හෝ වේන්වුඩ් කෙනකු ‍හෝ රොයිස් කෙනකු. නැතිනම් මිටියාවතෙන් පිටත වෙනත් වංශවත් පවුලක දියණියක්. මයිකල් ‍රෙඩ්ෆෝර්ට් මේ කෙල්ලත් සමග යහනට නැග්ගොත් එය නිසැකයෙන්ම විවාහයෙන් බාහිර දෙයක් වනු ඇත.

කැට්ලින් බියෙන් බලාපොරොත්තූ වූවාට වඩා නැග්ම පහසු විය. දෙපසින්ම ළඟ ළඟින් වැවුනු ගස් පාරට ඉහළින් එක්ව කොළ පැහැ වියනක් සැදූයේ සඳ එළිය මුලුමනින්ම මකා දැමුවේය. එය හරියටම දිගු අඳුරු කළු පැහැ උමගක් තුළින් යන්නාක් හා සමාන විය. එනමුදු ‍කොටළුවන් සිය මාර්ගය දැන සිටි විඩා නොදැනෙන සතුන් වූ අතර මයා ස්ටෝන්ට ඇත්තෙන්ම බස්සෙකු ගේ දෑස් පිහිටා තිබින. ඔවුහු කන්දේ එහාටත් මෙහාටත් පඩිපෙළ වංගු ගැසෙන අයුරින් වටයට ගියේ කෙමෙන් කෙමෙන් ඉහළට නැගුනහ. ගස්වලින් වැටුනු ඉඳිකටු වැනි සිහින් පත්‍ර බිමට පාවඩ එලා තිබුනු නිසා කොටළුවන් ගේ කුර ගල්පරයේ වැදී නැංවෙන හඬ පවා කණට නෑසෙන කරම් විය. මේ නිහඬතාව ඇයව සන්සිඳුවන්නට සමත් වූ අතර සෙමින් කෙරෙනු ලබන ගමන නිසා ඇය සෑදලය මතම සෙමින් දෙපසට පැද්දෙන්නට විය. වැඩි වේලා යන්නට පෙර ඇයට නිදිමත පලවා හැරීම සඳහා සටන් වදින්නට සිදුව තිබින.

සමහරවිට ඇය මොහොතක් නිදිකිරා වැටුනා වන්නට ඇත. මක්නිසාද යත් හදිසියේම මෙන් යකඩින් නිමකල දැවැන්ත ගේට්ටුවත් ඔවුන් ඉදිරියේ ප්‍රාදුර්භූත වූ බැවිනි. "ගල් බලකොටුව." සතුටින් නිවේදනය කල මයා කොටළුවා පිටින් බැස්සාය. ගලින් නිමකල පවුරු මුදුනත දිගටම යවුල් වලින් සෙවුනු අතර තර කවාකාර කුළුණු දෙකකින් එයට ආරක්ෂාව සැලසින. මයා ගේ පැමිණීමේ නිවේදනය ඇසුනු ගේට්ටුව ඔවුන් වෙනුවෙන් විවර විය. ඇතුළතට පිවිසි පසු බලකොටු‍වට අණදෙන තරබාරු නයිට්වරයා විසින් ඔවුන්ට ආචාර කර ආහාර පිඟන් දෙකක් පිරිනැමීය. පිඟන්වල මේ දැන් උඳුනෙන් පිටතට ගන්නා ලද උණු උණු පිළිස්සූ මස් හා ලූණු පුරවා තිබින. තමාට කෙතරම් කුසගිනිදැයි කැට්ලින්ට මේ වනතෙක් කිසිදු හැඟීමක් නොතිබින. ඉස්තාල කොලුවන් ඔවුන් ‍ගේ කොටළුවන් මාරු කර අලුත් එවුන් සූදාණම් කරද්දී කැට්ලින් බලකොටු අංගනයේ සිට‍ගෙනම සිය පිඟාන හිස් කර දැමුවාය.


Lysa Arryn: “Even if they could bring an army through the mountains and past the Bloody Gate, the Eyrie is impregnable.”

89 comments:

  1. මේ කතාව කියවලා දැන් මට හිතෙනවා මේ වෙලාවෙ පිළිස්සූ මස් කෑල්ලකුයි, බීරයි තිබ්බා නම් කොච්චර අගේද කියලා මේ රස්නෙට......

    ReplyDelete
    Replies
    1. ඇයි තිසර, තාම සමර් එක හරිහමන් විදියට පට්ටාං ගත්තෙත් නෑ.. ඔච්චරටම රස්නෙද? :-)

      මමනං රස්නෙ දවස්වලට බොන්ට කැමැති හොඳ කූල් සයිඩර් එකක්..

      Delete
    2. හ්ම්ම්. ඔහෙ සයිඩර් ලාබ බීමක්. මෙහෙ චූටි බෝතලයක් ලොකු බියර් බෝතලයක් වගේ දෙගුණයක් ගණන්

      Delete
    3. අපටනම් ඉතිං රා තමයි...

      Delete
    4. කසිප්පු ඊස් බෙටර් :D

      Delete
    5. ඈක්කා.... කසිප්පු ජරාව.. බඩ පපුව පිච්චිලා යනවා...

      Delete
    6. අඩෝව් ජාතික පානයට ඔහොම කියන්ට එපා :P

      Delete
    7. // කූල් සයිඩර් එකක්..//

      ඔයි ඇඹුල් පානෙ මට අල්ලන්නෙම නෑනෙ අප්ප!!

      Delete
    8. පට්ටාං ගත්තා කියන්නේ.. 40ත් පැන්නනේ ගිය ඉරිදා... මම නං ආසම කොරෝනා එකකට දෙහි පලුවක් දාලා හරි අසාහි එකක් හරි බොන්න තමයි.... තව බැටළු මස් කෑල්ලකුත් පුච්ච ගත්තා නම්, කියලා වැඩක් නෑ....

      Delete
    9. Asahi as in Japanese asahi ?
      mmmmmmmmmmmmmmmmmmmmm

      Delete
    10. Yes PoM, those 2 are my fav beer...

      Delete
    11. Thisara, if u like Corona, then u might like the taste of Brahma as well.. And then there is Sol, a Brazilian beer.. try these 2.. nice smooth taste, just like Corona..

      Delete
    12. There was a citrus flavoured beer ( I forget the brand ) sometime back in SL.
      No more. A pity.

      Delete
    13. If u have even a teeny weeny bit of love for your life you cannot afford not to like anything to do with Japan. We are talking of beer here and you are just trying to preserve ur life PoM.

      Delete
    14. as a matter of fact i like Asahi.
      :P
      hey i hate sake. am i dead? :P :P
      BTW how dou you make beer with citrus plants?
      or is it just a flavor?

      Delete
    15. //am i dead?// Not up to me PoM, wait for Mt F !
      I said flavoured , it could be natural, nature identical or artificial.

      Delete
  2. මේ කැට් ගේ පවුලේ ගෑනු ඔක්කොටම පිස්සුද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ට විතරද? ඇයි අර මොළේ කොලොප්පං අතිපණ්ඩිත මලයා..

      Delete
    2. මොලේ ඇති එකෙකුට ඉන්නේ කළු මාළුවා විතරද කොහෙද..

      Delete
    3. යේස් පෝං අයියේ මටත් ඕක හිතුනා ..

      Delete
  3. හම්මේ අර කෑම එක කැටලිං ගෙන් ගහල ගන්න බැරි වෙයිද දන්නෑ බඩගිනි අම්බානෙට...

    ReplyDelete
    Replies
    1. ගහලා ගන්ට එපා.. අහලා ගන්ට.. :-P

      Delete
    2. //මම ඉපදුනෙ ටලී කෙ‍නෙක් විදියට. මම කසාද බැන්නෙ ස්ටාර්ක් කෙනෙක්//

      that's more than half of westeros. more than 100000 swords.
      wanna fight that MR?

      Delete
    3. Forget the swords PoM. Consider her gender. Think of Mt. F. The fight is lost before it begins.

      Delete
    4. //The fight is lost before it begins.// එහෙමලුද??

      Delete
    5. At least a bit of Dutch courage PoM?
      ජාතික පානයෙන්වත් පොඩ්ඩක් බය තුනී කරගන්න බැරිද?

      Delete
    6. Why do you think I'm in this business :P

      Delete
  4. අර අඩසඳ හා උකුස්සා සලකුණේ උකුස්සා වෙනුවට බස්සෙක් දැම්මා නම් ගැලපෙනවා කියලා හිතෙන්නේ මට විතරද??

    ReplyDelete
    Replies
    1. හඳ පෙන්නේ රෑටනේ.. :P

      Delete
    2. පොංගේ හිනාවත් ඒවගේ තමයි, රෑට හඳවගේ. එචරයි පේන්නෙ.
      මං හිතන්නෙ දඩයමට වඩා හොදුරුවීමට හැකියාව ඒනිසා

      Delete
    3. @ චූලෝ,

      ඔය ප්‍රශ්නෙ අහන්ට ඕන අපේ බස්තියන්තුමාගෙන්ම තමා.. :-D

      Delete
    4. කෝ බස්? කවුරුහරි උකුස්සෙක් බස්සව උස්සලද මංද? උකුස්සියෙක්

      Delete
    5. කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් බස්සාව නිහඬකරලාද මන්දා.. මට ඔය නරිමොටාව ෂුවර් නෑ.. ;-)

      Delete
    6. බස්සා හස්තයේ තරඟාවලියේ වින්දිතයෙක්?

      ඔය එක සතෙක්වත් ශුවර් නෑ බුර්තුමා අපේ පොං කුමරු විතරයි මෙතන වැදගත් විස්වාසබල් කෙනෙකුට ඉන්නෙ.

      ( PoM, I sure hope Mt F reads this post. I'll send my invoice to u later)

      Delete
    7. Oh yeah. A gorilla who bills by the hour :P
      Thanx my lord.

      Delete
    8. මං හිතන්නෙ , බස්සෙකුට වැඩිය කොඩියට ගැලපෙන්නෙ කොටළුවෙක් :)

      "වින්ටර් ඉස් කමින්" කිය කිය ඉන්න කොට , හුටා මෙන්න ඇවිල්ලා. හී......තලයි බොලේ. මයෙ හොටේ අයිස් මිදිලා. පොං, පොං , අරිස්ට පොල්කට්ටක් ප්ලීස්

      Delete
    9. ඉයරිවල දැන් ඉන්න වංශාධිපති ගොන් ගහේ හැටියට කොටළුවටත් වඩා හරි යන්නේ බස්සෙක්ම තමයි... මොකෝ බස්සොත් කට ඇරපු ගමන් මෝඩ පාට පේන්න ගන්නවනේ... :P

      Delete
    10. //මොකෝ බස්සොත් කට ඇරපු ගමන් මෝඩ පාට පේන්න ගන්නවනේ...//

      අපේ බස්තුමානම් එහෙම පාටක් නෑ , ඉස්සර බාබී රෝස පාටයි. දැන් බේබී බ්ලූ පාටයි

      Delete
    11. ඕකට බෝදිලිමා කියන්නේත් ඔය පාට වෙනස් කරන නිසා වෙන්ට ඇති නේද?

      Delete
    12. මේ බස්සත් බෝදිලිමෙක් වගේ තමා , ඒකනේ විඩෙන් විඩේට නැතිවෙන්නෙයි , පාට වෙනස් කරන්නෙයි :P

      Delete
    13. ඒක තමයි ඔය චපල බස්සො වගේ නෙමෙයි, කුමාරයො නම් ඉන්නෙ ගලක් සේ නොසෙල්වී ගල් බාගයක් දාගත් සේ නිර්බීතව , සමහර කාන්තාවන් මතක් වූ විට ඇතිවන කකුල් වෙව්ලීම හා හීන් දාඩිය දැමීම හැර මේ සක්වලේ කිසිමදෙයකට කිසිම චකිතයක් නැතිව

      Delete
    14. කුමාරයා නම් දැකුම් කලුයි කියලලු දකින ඈයෝ කියන්නේ.....

      @ප්‍රා ජී..
      //කකුල් වෙව්ලීම හා හීන් දාඩිය දැමීම// මෙව්වා නම් දීර්ඝකාලීන අරිෂ්ඨ භාවිතයේ අතුරු ප්‍රථිපල ලු..

      මේ ඒක නෙවෙයි අර උඩ දෙන්නෙක් එකම ජාතියේ කමෙන්ටු කොටලා තියෙන්නේ ඇයි??

      Delete
    15. මට හොඳ කතාවක් මතක් උනා , ඒත් එක්කො ඒ කතාව ඕනේ නැහැ මෙතෙන්ට :D

      Delete
    16. අපිට ඇහෙන්න කියන්න බැරිදෙයක් වගේ. අපි යං එලියට නේද choolow?
      Good luck PoM ! Bye Bye

      Delete
    17. බඩ තඩියන්, කෝමල ගර්ජනා මැද අසරණ පක්සියෙක් කෙසේ නං දිවි ‍රැකගන්නද?

      නැට්ට නැති වානරයානෙනි, ඔබට මගේ බකුසු ආචාරය :)

      Delete
  5. තව කොච්චරක් නගින්න තියෙනවාද අයියෝ.මොන එහෙකට ඔච්චර උඩ බලකොටු හදා ගන්නවයි.

    ReplyDelete
    Replies
    1. Eyrie is the most impregnable castle in all of westeros.
      defense defense defense bro.
      id like to hear wichraka's views on this.

      Delete
    2. එහෙමත් එකක්ද ?එහෙනම් ඉතින් විචාරක තුමාත් මොනවා කියයිද බලමුකෝ. ..:)

      Delete
    3. ලේසියෙන් පහරදෙන්ට පුළුවන් තැන්වල බලකොටු හදාගෙන මක්කටැයි මනෝජ්.? ;-)

      Delete
    4. නාසි-ගුරා සෑර්, තමන්ගෙ රාජ්‍යෙ ලේසියෙන් වදින්න පුලුවන් තැන් වලට නෙමෙයිද වඩා ශක්තිමත් බලකොටු ඕනෙ කරන්නෙ?

      Delete
    5. මේක මාලිගා බලකොටුවක් මගේ උතුමානනි. ඒ කියන්නෙ පදිංචියට හදාපු තැනක්. ඒ වගේ එකක් ලේසියෙන් පහරදෙන්ට පුළුවන් තැනක හදලා කෝමෙයි.

      Delete
    6. එහෙමනං හරි නාසි-බුරා සේර්, හදන්(ට ) ඕනෙ අර රාජලි කූඩුව වගේ මුදුනෙම තමා.

      මේ ඔය "මයි ලෝඩ්" කියන එක හිංගලෙන් "මගේ උතුමාණනි" කියනවට වඩා "ගරු උතුමාණනි" වගේ කිව්වනං "අපේ" ගතිය වැඩිවෙන්නැද්ද? මං මේ කිව්වෙ ඔබතුමා මේ වගේ කතා පරිවර්ථනේ කොරන එකේ ට්‍රයි එකක් දාල බලන්(ට) ඇහැක් හින්ද!

      Delete
    7. Eyrie is meant as a last stand against an invading army. Much like winterfel , red keep, storms end or dragonstone. There were peripheral castles in strategically important places. Like the golden tooth, the twins, moat cailin, shield islands.

      Delete
    8. හෙහ්, හෙහ් නාසි-බුරං, ඇයි අපේ නාසි-ගෝරිං ?

      Delete
    9. වැඩියම 'අපේ' කොරන්ට ගියොත් කතාව චොර වෙයි නේද ගරු සිංහෝත්තමයානනි?

      Delete
    10. බලකොටුව කාටවත් යන්න බැරි තැනක හදා ගත්තට පලක් ඇතෑ.. සැපයුම් මාර්ග අවහිර කිරිල්ල කජු කන්නැහේ උනාම... මාසයක් හිර කරං හිටියනං කට්ටිය කොටළුවෝ නැතිවම පල්ලං බහී.. :D

      Delete
    11. They would stockpile food and weaponry for years. No use of an unstockpiled castle right?

      Delete
    12. ඒ උනාට පොම් මටත් හිතුනෙම සේර් මාර් ට හිතිච්ච දේම තමයි...

      Delete
    13. ඒම නෙමේ නාසි-බුරා සේර් මේ කියන්නෙ. අර තිස්සාභිධාන උත්තමයත් වරක් කියල තිබ්බෙ "i'm hungry like a wolf" කියන එක ගෙඩිය පිටින් "මට වෘකයෙක්ට වගේ බඩගිනියි" කියල පරිවර්ථනය කොරල තිබ්බය "යකෙක් කන්න බඩගිණියි" කියල නොකියා, කියල. අන්න ඒ වගේ සමහර දේට තියෙනව කියවන්නට හොඳින් දැනෙන යෙදුම් අපේ බසේ. අන්න ඒව ගැන ටිකක් හිතන්(ට ) කියල මිසක් මේ හැමෝම කැමති ලියැවිල්ල "මනුතාපය"ක් කරන්(ට ) නෙවේ සේර්.

      හැබැයි ඉතින් මේක මලාට නොකියවන මට බොලා කෝම ලිව්වම මොකෑ කියන එකත් ඇත්ත තමා. අලේ මන්දන්නෙ නෑ....!!

      පොං උතුමනි, මතක නේද බළල් මස් කෑව කොළඹ කොටුවෙ උන්දැල!

      Delete
    14. සේර් මාර්ට තියෙන්නේ උපාය මාර්ගික මොළයක්.ආයේ මක්කටද කඩු ඇඳන් දඟලන්නේ,

      Delete
    15. ser lion of laniister :P

      its not called a LAST stand for nothing. even the invading army has to eat. and the defenders could destroy all the crops before retreating. its hard to resupply a place like Eyrie. with the mountains and the forests and the clansmen all around. specialty if you have a huge army just sitting and waiting. meanwhile the Arryns could hold the fort with a few good men.and they can hold out much longer.

      බළල් මස් කතන්දරේ මේකට සමානම නෑ නේද?
      අපේ හමුදාවට ඕනේ තරම් කෑම හොයාගන්ට තිබුණනේ. ඕවා කියනකොට මතක් වෙනවා Dr. ස්පිට්ල් ගේ වීර දිවයින.

      Delete
    16. @මාර්ස්,

      // බලකොටුව කාටවත් යන්න බැරි තැනක හදා ගත්තට පලක් ඇතෑ.. සැපයුම් මාර්ග අවහිර කිරිල්ල කජු කන්නැහේ උනාම //

      ඉතිං බං, උඹ හිතන්නෙ ඒ උන්දැලා ඔය ගැන හිතන්නෙ නැතුවද ශතවර්ෂ ගනනාවක් තිස්සෙ ඔය විදියෙ මාලිගා-බලකොටු හදාගෙන තියෙන්නෙ..

      අවුරුද්දකට දෙකකට කන්ට ඇතිවෙන්ට ගබඩා පුරවගෙන තමා උන්දැලා කොයිවෙලාවෙත් ඉන්නෙ.. බැරිම වුනොත් අන්තිමේදී අර කිවුවා වගේ බළල්ලු, මීයො හරි කාලා ඉන්නවා අල්ලගෙන.. අමතක කරන්ට එපා ඒ ආදි කාලෙ අවුරුද්දක් විතර බලකොටුවක් වටලන් ඉන්නවා කියන්නෙ සතුරාටත් ලේසි පාසු දෙයක් නෙවෙයි.. සතුරාත් තමන්ගෙ සැපයුම් මාර්ග ගැන හිතන්ට ඕන.. තමන්ගෙ සෙබළුන්ගෙ ධෛර්යය ඉහළින් තියාගන්ට ඕන.. අද කාලෙ වගේ පඩි ගෙවාපු, කෑම ළඟට ගෙනල්ලා දුන්නු සෝල්ජර්ස්ලා නෙවෙයි ඒ කාලෙ හිටියෙ. සටනක් දිනනවානං තමා උංට වාසි, මංකොල්ලකන්ට පුළුවන් වෙන නිසා.. නිකං අනිවාර‍තේ කඳවුරු බැඳන් හිටියයි කියලා ඇති සෙතක් නෑ.. උංටත් කන්ට හොයාගන්ට ඕන..

      Delete
    17. And not every commander is Rajasinghe the first. is it?

      ටික කාලෙකට පස්සේ සෙබළු ටික කියයි මෙතන ඉන්ට බෑ කියලා.

      Delete
    18. @ සිංහයා,

      // හැබැයි ඉතින් මේක මලාට නොකියවන මට //

      ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. උඹ මේක කියෙවුවානං උඹට අහුවෙයි අපි පුළුවන් තරම් ඒ වගේ දේවල් අපට ගැලපෙන විදියට පරිවර්තනය කරන්ට ට්‍රයි කරනවා කියලා.. :-)

      මයි ලෝඩ් කියන එක නියම විදියට දේශීය කරනවානං දාන්ට ඕන, 'උතුමානනි' කියලා නේද? ඒකට ආයෙ ගරු කෑල්ලක් ඕන නෑ. එහෙම කරන්ටත් තිබුනා. ඒත් දැන් ඉතින් පට්ටාං ගත්තු එක ඒ විදියටම යමු.. ඕක දැන් වෙනස් කලොත් තව ලෙඩක්.. :-D

      Delete
    19. your honour/excellency/worship/eminence/holiness වගේ විවිධ ආමණ්ත්‍රන එකිනෙකින් වෙනස්ව පරිවර්තනය කරන්න ගියොත් කොහොමද?

      Delete
    20. Good thing its not joe abercrombie. so much made up titles....

      Delete
    21. //උඹ මේක කියෙවුවානං උඹට අහුවෙයි //

      නෑ නෑ... මම අහුවෙන්නෙ නෑ :ඵ්

      ප්‍රා ස්වාමීනී, උතුමාණනි, මැතිතුමනි, ශුද්ධෝත්තමයාණනි, මූ කෙසේ කීවත් මානම් මෙය නොබලමි!

      //සටනක් දිනනවානං තමා උංට වාසි, මංකොල්ලකන්ට පුළුවන් වෙන නිසා..// හ්ම්... මතක් උනේ "ෆ්‍රීඩ්ම් ඔෆ් මිඩ්නයිට්" පොතේ තිබ්බ් සටනට කලින් මංකොල්ල කාල රටක් නැතිවෙච්චි සීන් එක. අනික ඔය මංකොල්ලෙට සටන් කිරීම අදෙයි කියල වෙනසක් නෑනෙ!

      Delete
  6. ඉයරි වල කුකුල් කො‍ටු එහෙම තියෙනවැයි? තියෙනව නං නරියෙක් ඉන්නවා කුකුල් කො‍ටු බලාගන්න පුළුවන්.

    පරිසරේ වැනිල්ල නං නියමයි. කියෙව්වාම මටත් එහේ යන්න හිතෙනවා. හැබැයි ඉන්න කස්ටිය ටිකාක් මඤ්ඤං වගේ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙ චිකන් කන්නෙ නැහැල්ලු බොලං.. ඔය බැටළුවෙක්, එළුවෙක් වගේ එකෙක්නං ඕං අවුලක් නෑලු..

      Delete
    2. The hound eats chicken. He could eat all the chicken in a hotel :-)

      Delete
  7. වැඩ වගයකට ගිහින්(දවස් එකහමාරක්) ආව ගමන් කතාව බැලුවා , මෙච්චර ලස්සන කතාවකත් කට්ටිය වද වෙලා තියෙන්නෙ කෑම ගැනයි බීම ගැනයි වගේ :)

    මම තවත් කතාවක ඔය කොටලුවෝ පිටේ යන බව දැකල තියෙනවා. ඒත් ඔය කන්දක තමා කොටලුවා යන්නේ.ඒකත් හොඳ අත් දැකීමක් වෙන්න ඇති .....

    ReplyDelete
    Replies
    1. බැටළුවෙක් වගේ අහිංසක කොටළුවෙක් ඉන්නවා.. කදුකරේම ඉන්න හින්දා කදු නගින්නත් පුළුවන් ඇති..
      අත්දැකීම් ගන්නත් එක්ක රවුමක් යන්ට..
      (@කදුකරේ ඉන්නෙම කොටළුවෝ ද කියලා හිතමින්)

      Delete
    2. @ Sonya,

      වැඩ වගයක් කිවුවෙ දානෙ ගෙයක්, මළ ගෙයක් වගේ වැඩක් වෙන්ටෑ.. ;-)

      Delete
    3. නැහැ අනේ මට වැඩ තියෙන්නෙ මළ ගෙවල්වල දානේ ගෙවල්වල විතරද :) ආ එතකොට මතක් උනේ සෙනසුරාදා නම් දානෙ ගෙයක් තියෙනවා :D

      Delete
    4. //සෙනසුරාදා නම් දානෙ ගෙයක් තියෙනවා//

      හුටා !

      බුරෝ ඔව්වා පූරුවෙ කල පිං :)

      Delete
    5. හ්ම් හ්ම්! ;-)

      Delete
  8. පලවෙනි කමෙන්ට් එකෙන්ම කියලා තියනවා වගේ මෙවැනි වෘතාන්තයක් රස විදිය යුත්තේ මධුවිතක් ද සමගයි. එවිටයි රසය සම්පූර්ණ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Amen to that me lord. What do you think about the castle siege situation?

      Delete
    2. @ විචාරක,

      ගී පොතයි මී විතයි වගේද? :-)

      Delete
  9. හම්මේ කියෙවුවා.. තව පොඩ්ඩෙන් මට මේක මඟ ඇරෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්!

      Delete