Wednesday 26 November 2014

බ්‍රැන් 05-1


සිහින් හිම වර්ෂාවක් ඇද හැලෙමින් තිබුනු අතර මුහුණ මතට වැටෙන හිම පියලි සෙමින් දියවී යන අන්දම බ්‍රැන්ට දැනූනි. සිය අසු මත කොන්ද ‍කෙලින් කරගෙන වාඩි වී සිටි ඔහු යකඩ කටු දොරටුව අඟලින් අඟල ඉහළට එසවෙන අන්දම බලා සිටියේ ය. කෙතරම් තමාව සන්සුන් කරගැනීමට උත්සාහ කලද ඔහු ගේ පපුව තුළ හදවත උඩ පනිමින් සිටියේ ය.

"ඔයා ලෑස්තිද?" රොබ් ඇසීය.

බ්‍රැන් හිස වැනුවේ සිත තුළ පැනනැගුනු බිය නොපෙන්වීමට යත්න දරමිනි. කුළුණෙන් වැටුනු දවසේ සිට මේ වනතෙක් ඔහු වින්ටර්ෆෙල්වලින් පිටතට පා තබා නොතිබින. එනමුදු මේ පළමු ගමන නයිට්වරයකු තරම් උදාර අන්දමින් පිටත්වීමට ඔහු අදිටන් කරගෙන තිබින.

"අපි එහෙනම් පිටත්වෙමු." රොබ් සිය අළු හා සුදු පැහැ අසුට විළුඹින් සන් කල අතර සත්ත්වයා කටු දොරටුව පසුකරමින් ඉදිරියට ගියේය.

"යන්ට." බ්‍රැන් සිය අසු ගේ කණට කෙඳිරුවේ ය. ඔහු අසු ගේ ගෙල යාන්තමින් ස්පර්ෂ කල අතර චෙස්නට් පැහැ ‍වෙළඹ සෙමින් ඉදිරියට පා තැබුවා ය. බ්‍රැන් ඇයට ඩාන්සර් යනුවෙන් නම් තබා තිබින. ඇය වසර දෙකක් පමණ වයසැති වූ අතර ජොසෙත් පැවසූ අන්දමට නම් අන් සියලු අසුන්ට වඩා බුද්ධිමත් වූවාය. අසරුවා ගේ කටහඬින් දෙන විධානයන්ට, තෝන්ලණුව ඇදීමට හා ස්පර්ෂයට ප්‍රතිචාර දක්වන අයුරින් ඔවුන් ඇයව වෙසෙසින්ම පුහුණු කර තිබින. මේ වනතෙක් බ්‍රැන් අසු ධාවනය කර තිබුනේ බලකොටු අංගනය තුළ පමණක් විය. මුලදී නම් බ්‍රැන් කුරුමිට්ටා ගේ සැලසුමකට අනුව තමා වෙනුවෙන් විශේෂයෙන්ම නිමකරන ලද සෑදලය මත පටිවලින් බැඳී වාඩි වී සිටියදී ජොසෙත් හෝ හොඩෝර් විසින් අසු ගේ කටකලියාව අල්ලාගෙන ඌව ඉදිරියට මෙහෙයවීය. එනමුදු පසුගිය සති දෙක තුළ ඔහු විසින්ම සිය අසු මෙහෙයවීම අරඹා තිබූ අතර ඇවිදින සෑම වටයක් වටයක් පාසාම ඔහු ගේ විශ්වාසය තවතවත් වැඩි විය.

ඔවුහු ගේට්ටුව අසල වූ මුරකුළුණත්, දිය අගලට උඩින් පාලමත්, පිටත පවුරත් පසුකරමින් එළිමහනට පිවිසියහ. ඔවුන් දෙපසින් සමර් හා ග්‍රේ වින්ඩ් අවට වාතය ඉවකරමින් පිය මැන්නහ. ඔහුට වහාම පසුපසින් සිය දිගු දුන්නත්, හියොවුරත් පැළැඳි තියන් ග්‍රේ‍ජෝයි පැමිණියේ ය. තමා මුව දඩයමක් කරන්නට අදහස් කරගෙන සිටින බැව් ඔහු පවසා තිබින. ඔහු ගේ පසුපසින් සෙබළුන් සිවුදෙනෙක් හා ජොසෙත් - හලන් පිටවයාමෙන් පසු අස්හලේ නායකයා වශයෙන් රොබ් විසින් පත්කරන්නට යෙදුනු කෙට්ටු ඉස්තාල සේවකයා - පැමිණියහ. මේ සැමටම පසුපසින් මේස්ටර් ලුවින් බූරුවකු පිට නැගී පැමිණියේ ය. තමා හා රොබ්‍ පමණක් තනිව මේ ගමනේ යෙදෙන්නට බ්‍රැන් වඩාත් කැමැත්තෙන් සිටියේ ය. එනමුදු හැලිස් මොලන් ඒ ගැන අසන්නටවත් කැමැති නොවූ අතර ‍මේස්ටර් ලුවින් ද ඔහු සමග එකඟ විය. බ්‍රැන් අසුපිටින් වැටුනොත් හෝ ඔහුට වෙනත් අනතුරක් තුවාලයක් සිදුවව‍හොත් තමා ඔහු අසල සිටිය යුතු බැව් ලුවින් කීය.

බලකොටුවට ඔබ්බෙන් වෙළෙඳපල චතුරශ්‍රය පිහිටා තිබුනු අතර එහි වූ වෙළෙඳසල් මේ වනවිට පාළුවට ගොස් තිබින. ඔවුහු ගලින් හා දැවයෙන් නිම කෙරුනු කුඩා නිවාස පේළි පසුකරමින් ගම්මානයේ මඩ වැකි වීදි දිගේ ඉදිරියට පිය නගන්නට වූහ. මේ නිවාසවලින් දැනට ජනාවාස වී තිබු‍නේ පහෙන් එකකටත් අඩු ප්‍රමාණයක් විය. ශීතය මඳින් මඳ වැඩිවෙද්දී ඉතුරු නිවාස එකින් එක පිරෙනු ඇත. නාකි ආයම්මා ඔහුට කියා දුන් පරිදි හිම වැටෙන්නට පටන්ගත්තාට පසු, උතුරින් සීත සුළං හමාඑන්නට පටන්ගත්තාට පසු, දුරින් දුරින් පිහිටි සිය සීතලෙන් මිදුනු වගාබිම් හා කුඩා බලකොටු අතහැර දමන ගොවීන් තමන් සතු දේ කරත්තවලට පුරවාගෙන මෙහි එනු ඇත. එවිට වින්ටර් ටවුන් ජීව‍යෙන් පිරී යනු ඇත. මේ දේ සිදුවනු බ්‍රැන් විසින් සිය ජීවිතකාලය තුළදී දැක නොතිබුනු නමුදු මේස්ටර් ලුවින්ට අනුව නම් ඊට සුදුසු කාලය ළඟාවෙමින් තිබින. දිගු ගිම්හානයේ අවසානය අත ළඟම පැමිණෙමින් තිබින. ශීතකාලය ලංවෙමින් තිබින.

අසරුවන් ඔවුන් පසුකර යද්දී ගම්මුන් කිහිපදෙනෙකු ඝෝරවෘකයින් දෙස වියවුල් බැලුම් හෙලූ අතර එකෙකු පමණක් තමා අත තිබූ දරමිටියද බිම දමා බියෙන් පලාගියේය. එනමුදු බහුතරයක් ගම්වාසීන් මේ වනවිට ඔවුන් ගේ දර්ශනයට හුරු වී සිටියහ. සිය වංශාධිපති උතුමන් දුටු ඔවුන් දණනමා ආචාර කල අතර රොබ් උදාර අයුරින් හිස සැලීමෙන් ඔවුන් සෑමදෙනාටම පෙරලා ආචාර කලේය.

සිය දෙපාවලින් කිසිවක් ග්‍රහණය කරගැනීමට නොහැකි වීම නිසා මුලදී නම් අසුපිට යන විට සිදුවන දෙපසට වැනීම බ්‍රැන්ව අස්ථාවර කිරීමට සමත් විය. එනමුදු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සෑදලයත්, එහි ඉදිරියෙන් වූ දෑතින් අල්ලාගැනීමට හැකිවන පරිදි සවිකර තිබුනු මහත අඟත්, පසුපසින් කොන්ද හේත්තු කරගන්නට පහසුවන පිණිස සැදූ ආධාරකයත් නිසා ගමන එතරම් අසීරු ‍දෙයක් නොවීය. මේ සැමටම අමතරව ඔහු ගේ පපුව හා කළවා හරහා බැඳී ගිය සම් පටි නිසා ඔහු කෙසේවත් අසු පිටින් බිම නොවැටෙනු ඇත. මඳ වේලාවකට පසු ඔහු මේ වැනෙන රිද්මයට කෙතරම් හුරු වූවාද යත් එය සාමාන්‍ය තත්ත්වයක් මෙන් දැනෙන්නට විය. ඔහු ගේ සිත තුළ වූ නොසන්සුන් බව හා ව්‍යාකූල බව කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ අතර මුහුණ පුරා පුළුල් සිනහවක් ඇඳෙන්නට විය.

ගම්මානයේ පිහිටි එකම තැබෑරුම වූ ස්මොකින්ග් ලොග්හි දැන්වීම් පුවරුව යට එහි සේවය කරන කෙල්ලන් දෙදෙනෙක් සිටගෙන සිටියහ. තියන් ඔවුන් දෙසට යමක් කියා කෑගැසූ අතර මුහුණ රතු වී ගිය ලාබාල දැරිය දෝතින් මුහුණ වසාගත්තා ය. සිය අසුට සන් කල තියන් රොබ් සමීපයට ළඟා වූයේය. "ඒකි හරි ෂෝක් කෙල්ල, කයිරා." ඔහු සිනාසෙමින් කීය. "ඒකි ඇඳට නැග්ගහම මුගටියෙක් වගේ දඟලනවා. ඒ වුනාට පිටදි උඹ මොනා හරි කිවුවොත් කන්‍යාවක් වගේ මූන රතු කරගන්නවා. මම උඹට කිවුවද එක දවසක් රෑ ඒකියි, බෙසායි-"

"මගේ මල්ලිට ඇහෙන්ට ඕවා කියන්‍ට එපා තියන්." රොබ් බ්‍රැන් දෙසට බැල්මක් හෙලමින් අනතුරු ඇඟෙවුවේ ය.

වහා ඉවත බැලූ බ්‍රැන් තමාට ඒ කිසිවක් නෑසුනාක් මෙන් හැඟෙවුවේ ය‍ එනමුදු තමා දෙසට එල්ල වී ඇති තියන් ගේ දෑස් ඔහු හඟින්නට විය. ඔහු සිනාසෙමින් සිටිනවා විය යුතුය, ඒ ගැන කිසිදු සැකයක් නැත. ඔහු නිතරම සිනාසෙමින් සිටියේ හරියට ඔහු පමණක් දන්නා රහසක් රස විඳිමින් සිටින්නාක් මෙනි. රොබ් විසින් තියන් කරන කියන සෑම දෙයක්ම මහත් උතුම් කොට සැලකූ මුත් බ්‍රැන් ගේ සිතේ ඔහු ගැන එතරම් පැහැදීමක් නොතිබින.

රොබ් ඔහු අසලට ළඟා විය. "ඔයා හොඳට කරගෙන යනවා බ්‍රැන්."

"මට මීට වඩා හයියෙන් යන්ට ඕන." බ්‍රැන් පිළිවදන් දුනි.

රොබ් සිනාසුනේ ය. "ඔයාගෙ කැමැත්තක්." ඔහු සිය අසුට හැල්මේ යන්නැයි සන් කලේය. වෘකයින් ඔහු පසුපසින් හඹා යන්නට වූහ. බ්‍රැන් සිය තෝන්ලණුව තදින් ඇද්දෙන් ඩාන්සර් ද සිය වේගය වැඩි කලාය. ඔවුන්ට පිටුපසින් තියන් කෑ ගසන හඬ ද අසුන් ‍ගේ කුර ගැටෙන හඬ ද ඔහුට ඇසින.

සුළඟ විසින් බ්‍රැන් ගේ සළුව ලෙලවමින් පසුපසට විහිදා හැරි අතර හිම වර්ෂාව දැඩිව ඔහු ගේ මුහුණට වැද්දුවේ ය. රොබ් මේ වනවිටද බොහෝ දුරක් ඉදිරියට ගොස් තිබුනේ විටින් විට පසුපස හැරී බැලුවේ බ්‍රැන් සහ අන්‍යයන් තමා ලුහුබැඳ එන්නේදැයි දැනගැනීම පිණිස විය. බ්‍රැන් තවත් වරක් තෝන්ලණුව ඇද්ද අතර ඩාන්සර් සුමුදු අයුරින් සිය වේගය වැඩි කරගනිමින් පිම්මේ දුවන්නට වූවාය. දෙදෙනා අතර පරතරය කෙමෙන් අඩු වී ගියේය. බ්‍රැන් විසින් නගරයෙන් සැතපුම් දෙකක් පමණ ඈතින් වෘකවනය අද්දරදී රොබ් හා සමපාත වන විට ඔවුන් දෙදෙන අන්‍යයන් පසුකර බොහෝ දුරක් ගෙවා තිබින. "මට අශ්වයො පදින්ට පුළුවන්." බ්‍රැන් සතුටින් සිනාසෙමින් කෑගැසීය. එය පියෑඹීම තරම්ම අගනා දෙයක් විය.

"ඕනනං මට තරගෙකට එන්ට පුළුවන්. ඒත් මට බයයි ඔයා දිනයි කියලා." ‍රොබ් සැහැල්ලු සරදම් ස්වරයෙන් කීය. එනමුදු ඒ සිනහවට යටින් කුමක් හෝ දෙයක් සිය සොයුරාට වදදෙමින් තිබෙන බැව් බ්‍රැන්ට දැකගත හැකි විය.

"මට තරගෙකට යන්ට ඕන නෑ." ඝෝරවෘකයින් කොහේදැයි සොයන්නට බ්‍රැන් අවට බැලුවේ ය. එනමුදු දෙදෙනාම වනය තුළට වැදී අතුරුදහන් වී තිබින‍. "ඔයාට ඇහුනද ඊයේ රෑ තිස්සෙ සමර් උඩුබුරලන සද්දෙ?"

"ග්‍රේ වින්ඩුත් හරිම නොසන්සුන්කමෙන් තමා හිටියෙ." රොබ් කීය. ඔහු ගේ රතු-දුඹුරු පැහැති හිසකෙස් දිගට වැවී තිබුනු අතර මුහුණ දෙපස ලා රත් පැහැ යෞවන රැවුලක් වැවෙන්නට පටන්ගෙන තිබින. මේ නිසා ඔහුට අවුරුදු පහළොවකට වඩා වැඩි වයසක පෙනුමක් ලැබී තිබින. "මට සමහරවෙලාවට හිතෙනවා එයාලා ඉවෙන් වගේ දේවල් දැනගන්නවා කියලා... දේවල් හඟිනවා කියලා." රොබ් සුසුමක් හෙලීය. "මම දන්නෙ නෑ ඔයාට කොච්චරක් දේවල් කියන්ට ද, කොච්චරක් දේවල් කියන්ට එපා ද කියලා බ්‍රැන්. ඔයා මීට වඩා වයස වැඩි වුනානං..."

"මට දැන් අටක්. අට කියන්නෙ පහළොවට වඩා ගොඩක් ලාබාලයි නෙවෙයි. අනික ඔයාගෙන් පස්සෙ මම තමා වින්ටර්ෆෙල්වල උරුමක්කාරයා."

"ඔයා හරි." රොබ් ගේ ස්වරයේ දුක්මුසු බවක් හා බියක් රැඳී තිබින. "බ්‍රැන් මට ඔයාට කියන්ට කාරණයක් තියෙනවා. ඊයෙ රෑ කපුටෙක් ආවා. කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන්. මේස්ටර් ලුවින් මාව නැගිට්ටෙවුවා."

හදිසියේම බ්‍රැන්ට බියක් දැනෙන්නට විය. 'කළු පියාපත්-නපුරු පණිවුඩ', නාකි ආයම්මා සෑමවිටම කියන්නට පුරුදුව සිටියේ ය. එමෙන්ම පසුගිය කාලය පුරාවටම පණිවුඩ ගෙන ආ කපුටන් ඒ පිරුළ සැබෑවක්යැයි සනාථ කරන්නට සමත් වී තිබින. රොබ් නිශා රැකුමේ ප්‍රධාන අණදෙන නිළධාරිතැනට යැවූ ලිපියට ලැබුනු පිළිතුර වූයේ බෙන්ජින් බාප්පා තවමත් අතුරුදහන් වී ඇති බවය. ඉන්පසු ඉයරීහි සිට ඔවුන් ගේ මව පණිවුඩයක් එවමින් කියා සිටියේ ඇය නැවත පැමිණෙන දිනයක් හරියටම කියත නොහැකි බවය. ඇය පුංචි යකාව සිරකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් වැඩි දුරටත් කියැවින. බ්‍රැන් ගේ සිතේ මේ පුංචි මිනිසා ගැන කුමක්දෝ කැමැත්තක් ඇති වී තිබින. එනමුදු ලැනිස්ටර් යන නාමය ඇසෙන වාරයක් පාසා ඔහු‍ ගේ පිටකොන්ද දිගේ සියුම් හිරියක් පැතිරයන්නට විය. ලැනිස්ටර්වරුන් ගැන ඔහු දන්නා යම් දෙයක්, ඔහු මතක තබාගත යුතු යම් දෙයක් තිබින. එනමුදු ඒ කුමක්දැයි සිහිපත් කරන්නට වෑයම් කරන සෑම විටකදීම ඔහුට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වූ අතර උදරය ගලක් මෙන් දැඩි වී ගියේය. මව ගේ පණිවුඩය පැමිණි දිනය පුරාවටම පාහේ රොබ්, මේස්ටර් ලුවින්, තියන් ග්‍රේජෝයි හා හැලිස් මොලන් සමග එක්ව කාමරයකට වී දොර වසාගෙන රහස් මන්ත්‍රණයක් පැවැත්වීය. ඉන්පසු රොබ් ගේ නියෝග රැගත් අසරුවන් මුලු උතුරුකරය පුරාවටම පිටත්කර හැරින. මුල් මිනිසුන් විසින් බෙල්ල ආරක්ෂාකරනු වස් පිහිටුවා තිබුනු පුරාණ මෝට් කේය්ලින් බලකොටුව ගැන ඔවුන් කතා කරනු බ්‍රැන් ගේ සවනත වැකී තිබින. සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් කිසිවක් කියා නොතිබුනු නමුදු තත්ත්වය එතරම් හොඳ නැති බව ඔහුට වැටහී ගියේය.

ඉතින් දැන් තවත් පණිවුඩයක් රැගෙන තවත් කපුටකු පැමිණ ඇත. "පණිවුඩේ අම්මගෙන්ද? එයා ගෙදර එනවලුද?"

"පණිවුඩේ කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන් ඇලන්ගෙන්. ජොරී කසල් මැරිලා. විලුයි හේවර්ඩුයිත් ඒ එක්කම මැරිලා. රජුන් මරන්නා තමා මෙයාලව මරලා තියෙන්නෙ." රොබ් මුහුණ ඉහළට එසවූ අතර හිම පියළි ඔහු ගේ මුහුණ මත පතිත වී දියව ගියේය. "දෙයියො එයාලට සමාදානෙන් සැතපෙන්ට දෙන්ට ඕන."

කුමක් කිවයුතුදැයි බ්‍රැන්ට සිතාගත නොහැකි විය‍. සිය මුහුණ හරහා මුෂ්ටි ප්‍රහාරයක් එල්ලවූවාක් වැනි තෝන්තුවාවක් ඔහුට දැනින‍. ජොරී වින්ටර්ෆෙල්වල මාලිගාරක්ෂක බලකායේ නායකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත්තේ බ්‍රැන් ඉපදීමටත් පෙර සිට විය. "උං ජොරීව මරලා දැම්මා?" තමාව වහළ මතින් බිමට බස්සවන්නට ජොරී විසින් ඔහුව ලුහුබැඳ පැමිණි අවස්ථා බ්‍රැන්ට සිහිපත් විය. සන්නාහය පැළඳ අංගනය හරහා දිගු පියවර තබමින් ඔහු යන සැටි, ප්‍රධාන ශාලාවේ ඔහු සෑමදාම අසුන්ගන්නා තැන වාඩි වී කෑම කන අතර විහිළු කතා කියන ආකාරය බ්‍රැන් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. "ඇයි කාටවත් ජොරීව මරන්ට ඕනවෙන්නෙ?"

රොබ් නිහඬවම හිස වැනීය. ඔහු ගේ දෑසේ වූ වේදනාව පැහැදිලිව විද්‍යමාන විය. "මම දන්නෙ නෑ. අනික... බ්‍රැන්, ඒක නෙවෙයි නරකම දේ. මේ සටනෙදි තාත්තා වැටෙන අශ්වයෙකුට යටවෙලා. ඇලන් කියනවා එයාගෙ කකුල කැඩිලයි කියලා. මේස්ටර් පයිසෙල් එයාට පොපි යුෂ දුන්නලු. ඒ වුනත් එයාලට විශ්වාස නෑ කවදද... කවදද එයා..." තියන් සහ අනිකුන් පැමිණෙන අසු කුර හඬ ඔවුන් ගේ පසුපසින් ඇසෙන්නට විය. "කවදද එයා නැගිටින්නෙ කියලා." මේ වනවිට ඔහු ගේ සුරත සිය අසිපතේ මිට මත රැඳී තිබුනු අතර ඔහු ගේ කටහඬේ ස්වරය වංශාධිපති රොබ් ගේ ගැඹුරු කටහඬ බවට පරිවර්තනය වී තිබින. "බ්‍රැන් මම ඔයාට පොරොන්දු වෙනවා. මොන දේ සිද්දවුනත් මේ වුන දේවල් එහෙම ලේසියෙන් අමතක වෙන්ට මම ඉඩ තියන්නෙ නෑ."

ඔහු ගේ ස්වරයේ තිබුනු යම් දෙයක් නිසා බ්‍රැන් වඩාමත් බියපත් විය. "ඔයා මොනවද කරන්ට යන්නෙ?" තියන් ඔවුන් පසෙකින් අසු නවතන අතරේ ඔහු ඇසීය.

"තියන් හිතන්නෙ මම යටත් වංශාධිපතියන්ට පණිවුඩ ඇරලා සෙබළු රැස්කරන්ට පටන්ගන්ට ඕනයි කියලා." රොබ් පිළිතුරු දුනි.

"ලෙයට ලෙය." තියන් ග්‍රේජෝයි සිනහනොවනු බ්‍රැන් දුටු මුල්ම අවස්ථාව මෙය විය.

"වංශාධිපතියෙකුට විතරයි එහෙම කරන්ට පුළුවන්." බ්‍රැන් කීය.

"ඔයාගෙ තාත්තා මැරුනොත්," තියන් කීවේය. "‍රොබ් තමා වින්ටර්ෆෙල්වල උතුමානන් වෙන්නෙ."

"එයා මැරෙන්නෙ නෑ." බ්‍රැන් මොර දුන්නේ ය.

රොබ් ඔහු ගේ අතින් අල්ලාගත්තේ ය. "එයා මැරෙන්ට යන්නෙ නෑ." ඔහු සන්සුන් ස්වරයෙන් කීය. "ඒ වුනත්... උතුරේ ගෞරවය දැන් මගෙ අත උඩයි තියෙන්නෙ. අපේ තාත්තා පිටවෙලා යන්ට කලින් මගෙන් ඉල්ලා හිටියා ඔයයි රිකනුයි වෙනුවෙන් ශක්තිමත්ව ඉන්ටයි කියලා. මම දැන් බොහොමදුරට වැඩුන මිනිහෙක් බ්‍රැන්."

බ්‍රැන් වෙවුලා ගියේය. "අම්මා හිටියානං." ඔහු දුක්ඛිත අයුරින් කීවේය. මේස්ටර් ලුවින් කොහේදැයි දැනගන්නට ඔහු අවට බැලීය. ඔහු ගේ බූරුවා ඈත බකල ගසමින් පැමිණෙමින් සිටියේය. "මේස්ටර් ලුවිනුත් කියනවද සෙබළු රැස්කරන්ටයි කියලා?"

"මේස්ටර් නාකි අම්මණ්ඩි කෙනෙක් වගේ බයගුල්ලෙක්." තියන් පිළිතුරු දුන්නේය.

"තාත්තා හැමවෙලාවෙම එයාගෙ උපදෙස්වලට කණ් දුන්නා‍." බ්‍රැන් සිය සොයුරාට සිහිපත් කර දුනි. "අම්මත්."

"මම එයාට ඇහුම්කණ් දෙනවා." රොබ් තිර ස්වරයෙන් කීය. "මම හැම කෙනාටම ඇහුම්කණ් දෙනවා."

මෙම ගමන නිසා බ්‍රැන් ගේ සිතේ ඇතිවී තිබුනු ප්‍රීතිය ඔහු ගේ මුහුණට වැටුනු හිම පියළි මෙන්ම දියව ගියේය. පෙර කල නම් රොබ් තමාට යටත් වංශාධිපතියන් කැඳවාගෙන සටනට යනවා ඇත යන සිතුවිල්ල ඔහු ගේ සිත ආහ්ලාදයෙන් පුරවාලන්නට සමත් වනු ඇත. එනමුදු දැන් ඒ වෙනුවට ඔහු ගේ සිතේ ඇති වූයේ භීතියක් පමණි. "අපට දැන් ආපහු යන්ට පුළුවන්ද? මට සීතලයි." ඔහු ඇසීය.

රොබ් වටපිට බැලීය. "අපට වෘකයො දෙන්නව හොයාගන්ට වෙනවා‍. ඔයාට තව ටික වෙලාවක් ඉවසන් ඉන්ට පුළුවන්ද?"

"ඔයා ඉන්න තරම්ම වෙලාවක් මටත් ඉන්ට පුළුවන්." මේ ගමන කෙටි එකක් කරන්නැයි මේස්ටර් ලුවින් අනතුරු අඟවා තිබුනේ සෑදලයට කැපීම නිසා ඔහුට වේදනා දැනෙනු ඇතැයි බියෙනි. එනමුදු සිය සොයුරා ඉදිරිපිටදී තම බැරි අමාරුකම් ගැන කතා කරන්නට ඔහුට සිත් නොදින. හැමදෙනාම සෑමවිටම ඔහු හොඳින් දැයි විමසීමත්, ඔහු ගැන සොයා බැලීමත් බ්‍රැන්ට මහත් හිසරදයක් වී තිබින.‍

"හරි. එහෙනං එන්ට අපි යමු දඩයක්කාරයො දඩයම් කරන්ට." ‍රොබ් කීය. සිය අසුන් විහිදූ ඔවුහු රජමාවතෙන් ඉවත්ව වෘකවනය තුළට වැදුනහ. ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් යන්නට ඉඩ හල තියන් සෙබළුන් හා කතා කරමින්, විහිළු කරමින් ඔවුන් පසුපසින් වැටින.

ගස් යට සෙවන ප්‍රියජනක විය. තෝන්ලණුව සැහැල්ලුවෙන් අල්ලාගත් බ්‍රැන්, ඩාන්සර්ට නිදහසේ ඉදිරියට ඇවිද යන්නට ඉඩ හැරියේ තමා අවට වනය පිරික්සා බලන්නට විය. ඔහු මෙම වනය මනාව දැන සිටියේ ය. එනමුදු වින්ටර්ෆෙල්වලට වී සෑහෙන කාලයක් ගතකිරීම නිසා එය මුල්ම වරට දකින්නාක් මෙන් ඔහුට හැඟින. ඔහු ගේ නාසය වනයේ සුවඳින් පිරීගියේය. ඉඳිකටු වැනි පයින් කොළවල තියුණු, සැර සුවඳ, දිරායන කොලරොඩුවලින් හමන තෙත් පස් පුසුඹ, සතුන් ගේ ගඳ හා ඈතින් නැගෙන කඳවුරු ගිනිමැලවල ඉවුම් පිහුම් සුවඳ ආදී සැමෙකක්ම එහි විය. හිමෙන් වැසුනු ගස් අතුපතර අතරින් පැන පැන යන කළු ලේනකු ඔහු ගේ නෙත ගැටුනු අතර රිදී පැහැයෙන් දිදුලන විශාල මකුළුදැළක් නිරීක්ෂණය පිණිස ඔහු අසු මඳක් නැවැත්වීය.

තියන් හා අනෙකුන් තවතවත් පසුවිය. අන්තිමේදී බ්‍රැන්ට ඔවුන් ගේ කටහඬ නෑසී ගියේය. ඔවුන්ට ඉදිරියෙන් දියපහරක සියුම් හඬ ඇසෙන්නට විය. ඔවුන් ‍කෙමෙන් කෙමෙන් එයට සමීපවෙද්දී හඬ ක්‍රමයෙන් වැඩි විය. බ්‍රැන් ගේ දෑස කඳුළින් පෙඟී ගියේය.

"බ්‍රැන්! මොකක්ද ප්‍රශ්නෙ?"

බ්‍රැන් හිස සැලීය. "මට එකපාරටම දෙයක් මතක් වුනා‍. මතකද එකපාරක් ජොරී අපිව මෙතනට එක්කරන් ආවා. ට්‍රවුට් මාළු අල්ලන්ට. ඔයයි, මායි, ජොනුයි. ඔයාට මතකද ඒක?"

"මට මතකයි." රොබ් ගේ ස්වරයට වේදනාව මුසු වී තිබින.

"මට එක මාළුවෙක්වත් අල්ලගන්ට බැරිවුනා. ඒ වුනත් අපි ආපහු වින්ටර්ෆෙල්වලට යන අතරමගදි ජොන් මට එයාගෙ මාළුවා දුන්නා. අපට ආයෙමත් ජොන්ව දකින්ට ලැබෙයිද?"

"රජතුමා මෙහෙ ආපු වෙලාවෙ අපට බෙන්ජින් බාප්පාව දකින්ට ලැබුනනෙ. ජොන්ටත් ඒ වගේ එන්ට පුළුවන් වෙයි. බලමුකො."

දියපහර වේගයෙන් ගලාබසිමින් තිබින. අසුපිටින් බිමට බට රොබ් නොගැඹුරු තොටුපළ හරහා දියපහරින් එතෙර විය. සිය අසු ගසකට ගැට ගැසූ ඔහු නැවතත් බ්‍රැන් හා ඩාන්සර් වෙනුවෙන් මෙගොඩට පැමිණියේ ය. ගල්වල හා ගස්මුල්වල හැපෙමින් විසිරෙන පෙණ පිඬු ගඟ තරණය කරන බ්‍රැන් ගේ මුහුණට විසිවුනු අතර එය ඔහු ගේ මුවේ සිනාවක් මතුකරලන්නට සමත් විය. එක මොහොතකට තමා නැවතත් ශක්තිසම්පන්න, සම්පූර්ණ පුද්ගලයකු ලෙස ඔහුට දැනින. අවට බැලූ ඔහු උසැති ගස්වල මුදුනටම නගින අයුරු සිහින දකින්නට විය. ගස මුදුනටම, අන්තිම රිකිල්ලටම නැංග පසු තමාට පහළින් වනය විහිදී ඇති සැටි ඔහු ගේ සිතේ මැවෙන්නට විය.

දියපහරේ එගොඩට ගිය පසු ඔවුන්ට පළමු වරට වෘකයින් ගේ උඩුබුරලෑම ඇසින. එම හඬ සීතල සුළඟක් මෙන් ගස් අතරින් පෙරී ආයේය. හිස එසවූ බ්‍රැන් ඒ හඬට සවන් දුනි. "ඒ සමර්." ඒ සමගින්ම දෙවන හඬක් මුල් උඩුබිරීමට එකතු විය.

"එයාලා සතෙක්ව දඩයම් කරලා." නැවතත් සිය අසු පිට නගින අත‍රේ රොබ් කීවේය. "මම ගිහින් උංව එක්කරන් එන එක හොඳයි. ඔයා මෙතනට වෙලා ඉන්ට. තියනුයි, අනිත් අයයි ඉක්මනටම එයි."

"මටත් ඔයත් එක්ක එන්ට ඕන." බ්‍රැන් කීය.

"මම විතරක් ගියොත් ඉක්මනටම උන්ව හොයාගන්ට පුළුවන් වෙයි." සිය අසුට සන් කල රොබ් වනයේ ගස් අතර සැඟව ගියේය.

ඔහු පිටව ගිය පසු තමා වටා වූ වනය කෙමෙන් කෙමෙන් ලංවන්නාක් මෙන් බ්‍රැන්ට දැනින. හිම වර්ෂාව තද කරන්නට පටන්ගෙන තිබින. ඔහු වටා සෑමතැනම, ගස් අතු, ගල්, මුල් සැමෙකක්ම හිමෙන් වැසී සුදු පැහැ වී ගියේය. තමා ගේ තත්ත්වය බෙහෙවින් අසතුටුදායක බැව් ඔහුට හැඟී ගියේය. සෑදල පටි මත එල්ලෙමින් තිබුනු දෙපාවලට කිසිදු හැඟීමක් දැනීමක් නොවීය. ඔහුව සෑදලයට බැඳ දමා තිබුනු පටි පපුව හරහා තද වී වේදනා ගෙනදුන්නේ ය. දියවන හිම ඔහු ගේ අත්වැසුම් තුළට රිංගා දෑත තෙත් කලේය. තියන්, මේස්ටර් ලුවින්, ජොසෙත් හා අනිකුත් පිරිස මෙතරම් පමාවන්නේ මන්දැයි ඔහු විමතියෙන් කල්පනා කරන්නට විය.

තමා පසුපසින් කොළ සර සර හඬ නංවනු ඇසුනු ඔහු අසු හැරෙවුවේ සිය පිරිස දකිනු රිසියෙනි. එනමුදු ගංඉවුර වෙත පියමැන්න වැරහැලි ඇඳගත් මේ මිනිසුන් ඔහු කිසිදා දැක නොමැති ආගන්තුකයෝ වූහ.


Maester Luwin: “Folly and desperation are ofttimes hard to tell apart.”

73 comments:

  1. ඔය කොරගත්තේ වැඩක්

    ReplyDelete
  2. //නාකි අම්මණ්ඩි කෙනෙක් වගේ බයගුල්ලෙක්//

    බයගුල්ලෙක්නම් මෙතනත් සිටිමි.
    අර අනිත් එක්කෙනා තාම ට්‍රිප් එකේද? එහෙමනම් බය නෑ.

    ReplyDelete
    Replies
    1. ආර්යාව එන්ට තව කල් තියෙනවා.. බයේ හැංගෙන්නෙ නැතුව එන්ට.. :-D

      Delete
    2. ආර්‍යාව මෙහෙ නාවට මෙන්න හොරාට ඇවිත් එහෙමෙහෙ රවුන් ගහනව.

      Podi KumarihamiNovember 25, 2014 at 8:34 PM

      Delete
    3. හිටියත් නැතත් බුර්ට වටින්නෙ නෑ නාකි අම්මණ්ඩිල ගැන ලියන්න. මේ අහක ඉන්න අහිංසක අපිව අහුවෙන්න

      Down with un-chivalrous Bur !
      We are with our Aunty !
      We will never defect, eh PoM, Choolow?

      Delete
    4. හපෝ අපිව ගාව ගන්ට එපා ඕවට. :P

      Delete
    5. ආන්ටි අපට... අපි ආන්ටිට.....ජයවේවා..!!!

      Delete
  3. For Halape - //ඉඳිකටු වැනි පයින් කොළවල තියුණු, සැර සුවඳ, දිරායන කොලරොඩුවලින් හමන තෙත් පස් පුසුඹ, සතුන් ගේ ගඳ හා ඈතින් නැගෙන කඳවුරු ගිනිමැලවල ඉවුම් පිහුම් සුවඳ //

    ReplyDelete
    Replies
    1. only smell no food.
      cheh good for nothing.

      Delete
    2. then you should have been here for the honey mutton Halape. :P

      Delete
    3. See, I told u so.. when food is ready bugger is not here.. he usually come when the table is empty.. :-D

      Delete
    4. පින නැති කම ලු :P

      Delete
  4. ඒකි ඇඳට නැග්ගහම මුගටියෙක් වගේ දඟලනවා. ඒ වුනාට පිටදි උඹ මොනා හරි කිවුවොත් කන්‍යාවක් වගේ මූන රතු කරගන්නවා/ මේවා කියවනකොට මට නිකන් මෙව්ව්වා වෙලා යනවනේ මෙයාලා

    ReplyDelete
    Replies
    1. //මම උඹට කිවුවද එක දවසක් රෑ ඒකියි, බෙසායි-//

      then what happened ,? :P

      Delete
    2. මෙව්වා වෙනවා කිවුවෙ කොව්වා කොව්වා වෙනවද? :-P

      Delete
    3. //then what happened //
      +++2

      Delete
  5. දැන් මොකක් වෙයිද? හීනයක්ද ඇත්තටමද...

    ReplyDelete
    Replies
    1. ඊටපස්සෙ මොකද වුනේ දන්නවද ඔයා... :-D

      Delete
    2. ඊට පස්සෙ පුන්චි බ්‍රෑන් ගැන කතන්දරේ - කියනවා මං අහන් ඉන්ට දැන්

      Delete
    3. පුංචි බ්‍රෑන් කිවුවෙ 'බ්‍රෑන් ක්‍රැකර්' වෙන්ටැති නේද... ;-)

      Delete
    4. වෙන්ටැ වෙන්ටැ :D

      Delete
  6. Replies
    1. ආ හා.. මේ පැත්ත මතක් වෙලා තියෙඤ්ඤෙ..

      Delete
  7. ඔන්න ඉවරයි අතෑරුණු එව්ව කියවලා.

    ReplyDelete
    Replies
    1. සති දෙකේ ට්‍රිප් එක ඉවරද සරත්.. සන්තෝසයි ආපහු දකින්ට ලැබීම ගැන.. :-)

      Delete
    2. හොම්බෙන් යන්න වැඩ තියෙන කාලයක් බුරා.. ගමනත් හොම්බෙන් ගිය එකක් තමයි ජැමෙයිකාවට. පැය තිස් ගනනක් ගානෙ දෙකක් ගිහින් ආවා.බ්ලොග් ගැන ආපහු හිතන්නවත් වෙයිද මන්දා. ඒත් ඔය දෙන්නා මැරීගෙන ලියන මේක නොබලා යන්න මට හිත දෙන්නෙ නෑ.

      Delete
    3. ස්තූතියි සරත්!

      අපිත් ඉතින් ෆුල් බිසී තමාලු.. ඒ වුනත් කොහොමහරි මේක ඇදගෙන යනවලු.. :-D

      Delete
  8. පෝස්ට් එකට අදාල කමෙන්ට් කෝමත් මගෙන් නෑනෙ. මේක කලින් ගිය කතාවකට අදාල එකක්.

    අර බකුස් බාස් කිව්වනෙ බෝදිලිම කියන්නෙ බස්සෙක් කියල. මම ඊයෙ දැක්කෙ, බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, එහෙම නැත්තන් " Discovering Ceylon" කියන පොතේ සිංහල පරිවර්ථනයෙ තීන්නෙ බෝදිලිම කියන්නෙ කුරුල්ලෙක් කියල. කා ගාව හරි ඉංග්‍රීස් පොත ඇත්නං පොඩ්ඩක් හොයල බලන්න වටිනව. බස්සට ඕනෙමනම් පුලුවන් මට පොතක් අරන් තැපැල් කරන්න මේ කල උදව්වට :)

    ReplyDelete
    Replies
    1. මම හිතන් ඉන්නේ බෝදිලිමා කියන්නේ කටුසු වර්ගයක් කියලා. මේක බලපල්ලා.මේකේ කමෙන්ට්ස්වල බෝදිලිමා ඉන්නව. ඕකුන්ව සමහරු මෙහෙ ගෙවල්වලත් ඇතිකරනවා

      Delete
    2. ටිකක් දිග කතාවක් ඉන්දික. (අනිත් එක මෙතන මේ බහුසෘත සීරියස් වියත් බ්ලොග් සංවාද මිසක් ඔය වගේ මාතෘකා සාමන්යයෙන් අපි කතා නොකරමු )

      බ්‍රොහියර් ඒකත් නමක් විදිහට ලියල තියනව. ආයිත් කියවල බලන්නම්. ඔහු හෝ තව කවුරුහරි ලියල තිබ්බ රෑ උලමෙකුගෙ සද්දෙට වෙඩි තිබ්බහම පස්සෙ මැරුණ බෝදිලිමෙක් හමුවුනා කියල. එනිසා ‍ලිව්වද දන්නෙ නෑ. (මට නම් හිතෙන්නෙ කුරුල්ල - maybe a forest eagle-owl, අල්ලගත්ත බෝදිලිමව දාල යන්න ඇති වෙඩි තිබ්බහම) .

      තව කොහෙද දැක්ක බෝදිලිමා නිකන් වැම්පයර්වගේ - අද්භූත කතාවක්.
      ඒ කොහොමවෙතත් ලංකාවෙ සත්ව විද්යාව දන්න අය නම් බෝදිලිමා කියන්නෙ chameleonට- කටුස්සෙක්

      P.S. DGMBතුමා අද්භූත නිසා එතුමා මොකෙක්ද කියා කීමට මට නොහැක, නාත දෙයියො තමයි දන්නෙ දන්නෙ

      Delete
    3. API Nam bodilima kiyanne katussekuta thamayi lu

      Delete
    4. සාමාන්‍යයෙන් අපි බෝදිලිමා කියන්නෙ කැමිලියන්ට තමා.. ඒ වගේම ඔය ප්‍රා ජේ කියනවා වගේ බෝදිලිමා කියලා භූතාත්මයක්/ යක්ෂයෙක්/ පිශාචයෙක් (?) ගැන ප්‍රවාදයක් තියෙනවා.. මට හරියටම කතාව මතක නෑ.. හැබැයි ඒ බෝදිලිමායි උලමායි අතර මොකක්හරි සම්බන්ධෙකුත් තියෙනවා.. ඔය උලමාගෙ සද්දෙට වෙඩි තිබ්බහම පහුවෙනිදට එතැන ‍බෝදිලිමෙක් ඉන්න කතාවත් අහලා තියෙනවා..

      Delete
    5. //උලමාගෙ සද්දෙට වෙඩි තිබ්බහම පහුවෙනිදට එතැන ‍බෝදිලිමෙක් ඉන්න කතාවත්//

      That's how a fair number of myths are made eh Bur? Bird catches a lizard. Perches on a tree. Holding to the lizard with talons the bird screeches (Most of the raptors have pretty scary screeches. They have quite a repertoire too). Hunter shoots at the sound and misses. Bird files. Dead lizard drops. Hunter finds lizard in the morning. The Legend of the lizard with the unearthly screech is born.

      Delete
    6. //(අනිත් එක මෙතන මේ බහුසෘත සීරියස් වියත් බ්ලොග් සංවාද මිසක් ඔය වගේ මාතෘකා සාමන්යයෙන් අපි කතා නොකරමු )// :V

      බ්‍රෝහියර්ගෙ "පරිවර්තිථ" පොතේ මෙහෙමයි කතාව.

      බඩදරු ගැහැණු කෙනෙක් මිය ගියහම එයාගෙ දරුවත් එක්කම මව වළ දැම්මොත්, ඉන් පස්සෙ ඇය බෝදිලිමෙක් වෙලා කෑ ගහ ගහ ගම උඩින් යනවලු රෑට. ඒ සද්දෙට සහ බෝදිලිම දැක්කොත් පිරිමි භය වෙනවලු. ඒ නිසා කරන්නෙ ගෑණු කෙනෙක් කොස්සක් අරන් එලියට ඇවිත් තිත්ත කුණුහරුපෙන් කෑ ගහනවලු අර බෝදිලිම ඉගිලල යන්න කියල.


      මට තියෙන අවුල, මේක බ්‍රෝහියර් ඉංග්‍රිසියෙන් ලිව්වෙ කොයි විදිහටද කියලයි!

      Delete
    7. Pj come on dude. Have some fantasy in life :P

      Delete
    8. බෝදිලිමා කෙසේ වෙතත් උලමා ගැන නං කියඤ්ඤං. උලමා නං හිටියෙ අපේ ඉස්කෝලෙ. ඔන්න ඔය හොරණ පැත්තෙ ඉඳලා තමයි ආවෙ. සුදු ජාතික ඇඳුම ඇඳලා ඇවිත් අපිට සිංහලද කොහෙද ඉගැන්නුවා.

      සුද්දෙක් වගේ සුදුම සුදුයි. කණ් දෙක හරි විසාලයි. දවසක් පංතියෙ හිටිය එපාකරපු කොල්ලො දෙන්නෙක් අමුතු සෙල්ලමක් පටන් ගත්තා. කවක‍ටුවක් අරගෙන ඇන්නා ඒක ඩෙස්ක් එකේ. දැං එකෙක් කියනවා " මේ උල මගේ", එතකොට අනිකා කියනව " නෑ , උල -මගේ" කියලා. අපේ උලමා ගුරුතුමා ටික වෙලාවක් මේ සෙල්ලම බලන් හිටිය, නවතින පාටක් නෑ. අර අලි කණ් රෝස පාට වෙන්න ගත්තා. බැරිම තැන එතුමා කිව්වා " නෑ, තොපෙ අම්මගෙ" කියලා.

      Delete
    9. බස්සා......උඹ උලමගෙන් හොඳ පෝරියල් එකක් කාලා තියෙනවා මට පේන විදිහට.....

      Delete
    10. @ අරූ

      හපෝයි මම නෙමෙයි :)
      ඔහෙලට කියන්න, මං ඒකාලෙත් බොහොම අහිංසක සතා - බෝ පැලයක් වාගෙ.

      Delete
    11. ඔව් ඔව් ඒ කාලේ බස්සා නාන්න ඇන්දෙත් බෞද්ධ කොඩියලුනේ :P

      Delete
    12. ඔයා මක්කටැයි ඔය බස්සා නාන එවුවා බලාන්ට ගියේ.. :-O

      Delete
    13. නැහැ සොන්යා....මම නම් දන්නේ මූව ලොකු වෙච්ච දවසේ නාවලා තියෙන්නේ බෝ කොළ තම්බපු වතුරෙන් කියලා :D

      Delete
    14. එක තැනක කියනවා බෝදිලිම කියන්නෙ බස්සෙක් කියලා...
      තවත් කෙනෙක් කියනවා බෝදිලිම ගෙයි උලමගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා....

      හැපෝ.... ඒ කියන්නේ බස්සා කියන්නේ උලමෙක් ද???

      Delete
    15. නෑ.. උලමා කියන්නෙ බස්සෙක්.. :-D

      Delete
    16. කපුගේ නම් කිව්වේ බෝදිලිමා ඉන්නේ හිරේ කියලා...

      Delete
    17. ඉන්දික මං කිව්වනේද මෙතන මොනව කතාකරත් සම්බාව්ය විදිහට තමයි ඉවරවෙන්නෙ කියල.

      කමක් නෑ ඔය තරම් බෝදිලිං ඔබ්සෙශන් එකක් තියනවනම් මෙන්න- බ්‍රොහියර් ලියල තියෙන්නෙ භූතාත්මයක් ලෙස සැලකෙන බෝදිලිමා ( සමහර තැන්වල "බෝදිරිමා" )ගැන. ඇත්තෙන්න්ම ඔහු පැහැදිලිකර නෑ රූපය කුරුල්ලෙක්ද කටුස්සෙක්ද කියල. භයානක කෑගෑසීම ගැන පමණයි තියෙන්නෙ. ඇතිවී තියෙන්නෙ ගර්භනී කාන්තාවක් මියගියවිට කලලය සමග වැලලීමෙන්.
      කුරුල්ලා කටුස්සාවීමේ ප්‍රශ්නයට තියරි එකක් මං උඩ ලියල තියනව. ( පොං කැමති නෑ ඒකට. එතුමා ෆැන්ටෑස්ටික් කුමාරයෙක්නේ )

      Delete
    18. Not particularly fantastic :P
      rather fantasy as an escape mechanism. :P
      I live in the world of 0.000000000001 accuracy. fantasy is good for my sanity.

      Delete
    19. //good for my sanity. //
      Oh, you are sane? Really?

      Delete
    20. කෙල්ලන් වලලන්.... කොල්ලන් ගොඩගන්....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බස්සෝ......බෝදිලිමා සහ බස්සා කියලා බ්ලොගක් ලියපන්. එතකොට පුළුවන් අපිට බස්සෝ බෝදිලිමෝ කරන්න හෝ බෝදිලිමෝ බස්සෝ කරන්න. මේවත් එක්තරා ප්‍රොජෙක්ට්ස් බං :D

      බුරාට මල පනියිද දන්නේ නැහැ අපි මෙතන පිස්සු කෙළින්න පටන් අරන් :D ඉන්දිකයා තමයි මේවට වග කියන්න ඕන.

      Delete
    2. ඈ බොල අරූවො.. බොලා බස්සාගෙ බ්ලොග දැකලා නැතිය.. :-O

      Delete
    3. මෙතැනට එන කට්ටිය කොහොමත් බාගෙට බාගයක් පිස්සු තමා කෙලින්නෙ.. ඒ නිසා උඹත් ඒ ගොඩට පැන්නා කියලා කිසිම ආරෝවක් නෑ Aru.. :-D

      Delete
    4. සත්තයි බුරා...මට මේක අහුවුනේම නැහැනේ. ඒ මගේ ටෙක්නිකල් නොදැණුවත් කම නිසා සැරිසරන්න දන්නේ නැතිකම. අනිත් එක මට වර්ඩ්ප්‍රෙස් එකේ බ්ලොග් රෝලක් නැහැ. ඒවා වැඩක් නැහැ. බස්සාගෙ බ්ලොග උඩින් කියෙව්වා. කියවන්න වටින බ්ලොගක්. මම මේ දේවල් ෆලෝ කරන හැටි ගැන එහෙම තේරුමක් නැහැ. මම පාවෙන චා පොරක්නේ බං. මට ගොඩක් වටින බ්ලොග්ස් මිස් වෙනවා. මට අහම්බෙන් තමයි අහුවෙන්නේ. කියවන්න හොඳ බ්ලොග් ලිස්ට් එකක් එවපන්කෝ. නිදහස් සිතුවිලි හැර. ඒකලියන එකා මට අල්ලන්නෙම නැහැ බුරා :D ඕකා හෙණ නාකියා. :D

      papara123@yahoo.co.uk

      Delete
    5. මම කියව කියව හිටිය බ්ලොග් ලිස්ට් එකෙන් 90%ක්ම දැන් ලියැවෙන එක අඩුවෙලා (නැත්තම් සම්පූර්ණයෙන්ම නැවතිලා).. මමත් දැන් බ්ලොග් කියවන එක සෑහෙන්ට අඩුකරලා.. අලුතෙන් හොයාගෙන යන්නෙම නැතිතරම්.. සමහරවිට තව ටික කාලෙකින් (මේ කොටි වලිගෙ ඉවරවුනාට පස්සෙ) මමත් මේ බ්ලොග් අවකාශෙන් අතුරුදහන් වේවි.. :-D

      මෙන්න මම කියවන හා කියෝපුවා.. පේනවනෙ බොහොම සීමිත ගානක් තියෙන්නෙ.. මෙතැනින් ගොඩක් ඒවා බොලා කියෝනවත් ඇති..

      http://www.27bslash6.com/index.html
      http://burubabe.blogspot.com/
      http://niro-offonatangent.blogspot.com/
      http://slcomics.wordpress.com/
      http://sssscomic.com/
      http://wicharaka.blogspot.com/
      http://aagiyakatha.blogspot.co.uk/
      http://kurundha.blogspot.co.uk/
      http://hansakinkini.wordpress.com/
      http://thilakasitha.blogspot.com/
      http://dukaa.blogspot.com/
      http://dhumee.blogspot.com/
      http://nelumwila.blogspot.com/
      http://frozenlazyowl.blogspot.com/
      http://biththiya.blogspot.com/
      http://akurublog.blogspot.com/
      http://bluejeansntshirts.blogspot.sg/
      http://ctkumara.blogspot.com/
      http://kollakaraya.blogspot.com/
      http://cyberyaya.blogspot.com/
      http://upashantha.blogspot.com/
      http://sithumkavipotha.blogspot.com/
      http://sith-aara.blogspot.com/
      http://hadageepotha.blogspot.com/
      http://dreamsofharee.blogspot.co.uk/
      http://helapakade.blogspot.com/
      http://bloggadol.blogspot.com/
      http://reargate.blogspot.com/
      http://status-chanaka.blogspot.com/
      http://sodurusitha.blogspot.com/
      http://sihisatahan.wordpress.com/

      Delete
    6. මෙන්න කලින් මග ඇරුන කීපයක්..

      http://pdissanayake.blogspot.com
      http://malmakaranda.blogspot.com
      http://vajiradevi.blogspot.com
      http://hisahasa.blogspot.com

      අරූ බ්ලොග් රෝල්ම ඕන නෑ.. feedly.com වගේ rss reader එකකට තමන් කියවන බ්ලොග් ටික ඇඩ් කරලා තියාගත්තනං අලුත් පෝස්ට් එකක් ආපු ගමන් පෙන්නනවානෙ.. ඒක ලේසියි.. බ්ලොග් ගානෙ යන්ට ඕන නෑ.. එකතැනක ඉඳන් කියවන්ට පුළුවන්..

      Delete
    7. අරූ ඔය කොච්චර බ්ලොග් තිබුනත් අති උත්කෘශ්ට ජාතියෙ පිස්සු කෙලින්න මේක වගේ එකක් නෑ.
      මං වගේ ෆුල් සීරියස් අනං මනං විහිලුවලට අකමැති ඩල් කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ මුං
      කසිප්පු කුමාරයොයි, බෝදිලිං බස්සොයි, පෙරේත හැලපයොයි, චූ පොරවලුයි, මේක කියවන්නෙ නැති සිංහයොයි බූල් හැලුන නරියි නා නා ප්‍රකාර මැන්ටල්.
      (ලියන රූකඩ සහ වයෝවුර්ද උන් ගැන කියන්න බයයි)

      Delete
    8. වෙලාවට උඩ ලිස්ට් එකේ මගේ බොලොක්කෙ තීන්නෙ. නැත්තන් යන්ට කියල බැලුවෙ නිකං මක්කටෙයි පැට්‍රල් පුච්චගන්නෙ මෙතැන් කියල..

      අරූ,

      මෙ බ්ලොග් එකේ එක ලිපියක් විතරයි මම තාම කියවල තීන්නෙ. එහෙව් මටත් කොමෙන්ට් කොටන්න ඇහැක් තැනැක් වෙච්චි කනක් ඇහිල. ඉතින් තව වෙන මොනාද බං?

      Delete
  10. කතාවේ මුලහරිය කියවනකොට බ්‍රැන්ට සනීප වෙලා කියල සතුටු හිතුන, ඒ උනාට දැන් මේ මොකක්ද වෙන්න යන්නේ :(

    ReplyDelete
    Replies
    1. ඉතින් සනීප වෙලා නේන්නං අනේ.. එයැයි දැන් අස්සයො පිටෙත් යන්නෙ..

      Delete
  11. මෙතන යන සාරඝර්භ සංවාදය හින්දා මං ගියා බෝදිලිමෙක් හම්බ වෙන්න.

    බෝදිලිමා : ආ බස්තියං,හප්පේ උඹව දැක්ක කල්. ආ,එන්ට , එන්ට ඈඳි ගන්ට, ෆැන්ටා කුප්පියක් බොමුද? ( එයත් ටයනු රටේ කෙනෙක්)

    " ඈඳි ගන්න පස්සෙ බැරියැ. ආං කස්ටිය උඹේ සායම අරිනවා. එයාල කියනව නෙව, බෝදිලිමා කියන්නෙ ක‍ටුස්සෙක් කියලා"

    " හුටා, කොයි නොසන්ඩාලයද බොල එහෙම කිව්වෙ? " බෝදිලිමා ගෝලු ගත්තා.

    " ඉස්සෙල්ලාම කිව්වෙ රූකඩ බාස්, පස්සෙ ගෝරිල්ලයි, සිංහයයි ඒකට හූමිටි තිබ්බා නෙව"

    "මුංව දීයා කන්ට එපැයි"

    " තව බ්‍රෝහියර් කියල කෙනෙක් ගැනත් කිව්වා. මයෙ හිතේ සුද්දෙක් වෙන්ටෑ?"

    " වා......ට්. හූ ද හෙල් ඉස් බ්‍රෝහියර්?" බෝදිලිමා කඩුව වනන්න ගත්තා. කෝකටත් කියලා මං සූජානං සරීරෙ පහල අත්තට මාරු වුනා.

    " තව , සිංහයාට දැණගන්න ඕනෙලු, අර සුද්දා උඹලගෙ පැටිකිරිය ගැන ඉංගිරිසියෙන් කිව්වෙ කොහොමද කියලා"

    " උඹට කියන්ට බෂ්ෂෝ. දැං බලාපං අපේ මේ ගං කුකුල්ලු අඬලන්නෙ කොහොමද?"
    " උන් නං අඬලන්නෙ ' කුක්කු කූ' කියල නෙව"

    " එතකොට එන්ගලාආඅ..න්තෙ කුකුල්ලු?"

    " ආ, එයාල නං අඬලන්නෙ මොකක්ද "කොක්කක්" ගැන කතාවක් කියල තමයි - රූකඩ බාසා තමයි කිව්වෙ"

    "ආන්න බලාපං, බෂ්ෂෝ. රට ගියාම කුකුල වෙනස් වෙන හැටි? "

    " හපෝයි, කුකුලයි කිව්වෙ අපේ රූකඩ බාසාටද? එයා එහෙම නෑ බං. උඹ ඔය හදන්නෙ , මට ඉඳලා හිටලා හරි උන්දැගෙන ලැබෙන පිනා චෑන්ස් එකට කෙලවන්නද? "

    " නෑ, බං , මං කියන්නෙ. බෝදිලිමා කියන්නෙ දුර්ලභ සතෙක්.. ඔය රට ඉඳං ආපු සුද්දෙක් , කිව්වට ඌ ක‍ටුස්සෙක් කොරන්ට හම්බ වෙන්නෙ නෑ."

    " එතකොට හෝතම්බුවෙක් හරි, ගං කබරයෙක් හරි කිව්වට කමක් නැත්ද"

    ඒක කියලා කට ගන්න හම්බ වුනේ නෑ, බෝදිලිමා අන්තරස්ධාන වුනා.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකත් මැකුවොත් තෝව මරනවා..

      Delete
  12. ඒ පාර මොක්කුද?

    ReplyDelete
  13. විකාරයි බ්‍රැන් ඉවරද

    ReplyDelete
    Replies
    1. විකාරයි තමා නේ... :-D

      Delete
    2. ඔහේ වෙලාව කීයද නාසි-බුරා තුමනි??

      Delete
    3. වෙස්ටෙරෝස්වලද? එහාට දැන් දවල් බත් කන වෙලාව.. ;-)

      Delete
  14. ඕකනේ වෙලා තියෙන්නේ තියෙන දෙයක් කලා බිලා වින්ටර්ෆෙල්වල ඉන්නේ නැතුව අතන මෙතන රිංගන්න යනවානේ.දැන් කොරහංකෝ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් බෑ නෙවැ මනෝජ්.. වංශාධිපතියො නෙවැ.. අතන මෙතන රිංගන්ට නොයා කොහොමෙයි.. :-D

      Delete