Friday 24 October 2014

සන්සා 02-2


සේවකයින් මුලු රැය පුරාම ඔවුන් ගේ කුසලාණ පිරවූහ. එනමුදු තමා කෙතරම් වයින් බිවුවාද නැතිනම් නොබිවුවාද යන්න සන්සාට සිතා ගත නොහැකි කරුනක් විය. ඇයට සැබැවින්ම මත් වීම පිණිස වයින් අවශ්‍ය නොවීය. අද රාත්‍රියේ තිබුනු මායාවී බව නිසාම ඈ මත් වී සිටියා ය. එහි අලංකාරය නිසාම තෝන්තු වී සිටියා ය. සිය ජීවිත කාලය පුරාම සිහින දුටු එහෙත් කිසිදා තමාට සහභාගි වීමට අවස්ථාවක් ලැබේයැයි නොසිතූ මේ ආනන්දජනක උත්කර්ෂය නිසා මෝහනය වී සිටියා ය. රජතුමා ගේ මණ්ඩපය ඉදිරියේ වාඩිගත් ගායකයෝ හා වාදකයෝ සන්ධ්‍යාව මධුර මනෝහර සංගීතයෙන් පුරවාලමින් හුන්හ. විජ්ජාකරුවෙක් ගිනි පන්දම් රැසක් උඩ දමමින් වටයට කරකවමින් සිටියේ ය. රජතුමා ගේ විහිළුකාරයා වන නොවැඩුනු මනසකින් යුත් මූන් බෝයි, බම්මනෙකු ගේ ඇඳුමකින් සැරසී සැමටම විහිළු කරමින් සිටියේ ය. ඔහු කෙතරම් නිපුන අන්දමින්, කෙතරම් කුරිරු අන්දමින් මිනිසුන්ව සරදමට ලක් කලේද යත් ඔහු ඇත්තටම මන්දබුද්ධිකයෙකුදැයි සන්සා සැක කලාය. සෙප්ටා මෝර්ඩේන් පවා ඔහු ගේ විකාර නිසා විනෝද වූවාය. ඔහු නායක පූජකතුමා ගැන කී විහිළු සින්දුව අසා ඇය කෙතරම් තදින් සිනාසුනාද යත් සුරතෙහි වූ වයින් කුසලාණද සිරුර මත හලාගත්තා ය.

එමෙන්ම ජොෆ්රි සංග්‍රහශීලීත්වයේ උල්පත බඳු විය. ඔහු සන්සා සමග කතා කරමින් මුලු රැයම ගෙවා දැමීය. ඇයව ප්‍රශංසා සහ වර්ණනාවලින් නහවමින්, ඇයව සිනා ගස්සමින්, රාජසභාවේ ඕපාදූප ඇයට කියමින්, මූන් බෝයි ගේ විහිළුවල අරුත ඇයට පහදමින් ඇයව කුල්මත් කලේය‍. මේ සියල්ල අතරට මැදි වූ සන්සාට සිය ආචාරශීලීත්වය පවා අමතකව ගොස් තිබුනු අතර තමාට වම්පසින් අසුන් ගෙන සිටි සෙප්ටා මෝර්ඩේන්ව මුලුමනින්ම මෙන් නොතකා හැරියා ය.

මේ සියල්ල අතරමැද ආහාර බඳුන් එකින් එක යමින් එමින් තිබින. බාර්ලි හා මුව මස්වලින් සැදුනු සූපයක්. ස්වීට්ග්‍රාස්, නිවිති හා වියළි මිදි මිශ්‍ර කර ඒ මත්තෙහි රටකජු කුඩු ඉස සකස්කල සලාදයක්. මී පැණියෙහි හා සුදුලූණුවල බහා ලූ ගොළුබෙල්ලන්. සන්සා මීට පෙර කිසිදිනෙක ගොළුබෙල්ලන් අනුභව කර නොතිබින. ගොළුබෙල්ලාව කටුවෙන් වෙන් කරගන්නේ කෙසේදැයි ජොෆ්රි ඇයට පෙන්වා දුන් අතර පළමු රසවත් කට සියතින්ම ඇයට කැවුවේ ය. මැටිවල බහා පිළිස්සූ ගඟෙන් අල්ලාගත් ට්‍රවුට් මසුන් ඉන්පසු පැමිණියේ ය. ඝනකම් වූ පිටත මැටි කටුව බිඳ ඇතුළත සුදු මස පාදාගැනීමට ඇගේ කුමරුවා ඇයට උදවු කලේය. අන්තිමේදී මාංශ පලංගාන පැමිණිවිට සියතින්ම කැපූ විශාල මස් කුට්ටියක් ඔහු සිනාසෙමින් ඇගේ පිඟානට බෙදුවේ ය. ඔහු ගේ දකුණු අත තවමත් හොඳින් සුව වී නොමැති බව ඔහු සුරත පාවිච්චි කරන ආකාරයෙන් ඇය වටහා ගත්තා ය. එනමුදු ඒ ගැන ඔහු වදනකිනුදු පැමිණිලි නොකලේ ය.

මේ හැමටම පසුව අතුරුපස පැමිණියේ ය. සීනි තැවරූ ලෙමන් කේක්, කුරුඳු යොදා සුවඳවත් කරන ලද පැළහූ ඇපල්, පරෙවි පයි සහ තවත් නොයෙකුත් දේ ඒ අතර විය. එනමුදු මේ වනවිට සන්සාගේ උදරය කෙතරම් පිරී තිබුනේද යත්, ඇය කෙතරම් ආසා කලද කුඩා ලෙමන් කේක් දෙකකට වඩා යමක් ඇයට අනුභව කල නොහැකි විය. තවත් ලෙමන් කේක් කැබැල්ලකට වග කියම්දෝ නොකියම්දෝයි දෙගිඩියාවෙන් මෙන් ඇය වදවෙමින් සිටියදී රජතුමා කෑ ගසන්නට පටන් ගති‍.

පැමිණෙන සෑම ආහාර වේලක් පාසාම රොබර්ට් රජතුමා ගේ හඬ වඩවඩාත් උස් වෙමින් පැවතිනි. විටින් විට ඔහු කිසියම් විහිළුකට මහහඬින් සිනාසෙන හඬ හෝ යම් අණක් නිකුත් කරන හඬ හෝ පිඟන් මත හැඳි ගෑරුප්පු ගැටෙන හඬ හෝ සන්සාට ඇසී තිබින. එනමුදු ඔහු කියන දෙය වටහාගැනීමට තරම් ළඟක ඇය නොසිටියේ ය.

එසේ වුවද, දැන් ඔහුව සෑම දෙනාටම ඇසින. "නෑ." අන් සියළු හඬවල් මැකී යන ගර්ජනාවකින් ඔහු බිරුසන් දුන්නේ ය. රතු වී ගිය මුහුණින් යුතුව, දෙපසට වැනෙමින් දෙපයින් සිටගෙන සිටි රජතුමා දුටු සන්සා ත්‍රාසයට පත් වූවාය. ඔහු ගේ එක් අතක වයින් පූකුරුවක් තිබුනු අතර ඔහු මිනිසකුට විය හැකි උපරිම අන්දමින් බීමත්ව සිටියේ ය. "මං කරන්ට ඕන මොකක්ද කරන්ට ඕන නැත්තෙ මොකක්ද කියලා උඹ කියලා දෙන්ට ඕන නෑ ගෑනියෙ." ඔහු සෙර්සි රැජිණට කෑ ගැසුවේ ය. "මමයි මෙතන රජා. උඹට තේරුනාද? මමයි මෙතන පාලනය කරන්නෙ. මම කියනවානං මම හෙට සටන් කරනවා කියලා මම හෙට සටන් කරනවා!"

සෑමදෙනාම ඒ දෙස බලා සිටියහ. සෙර් බැරිස්ටාන්, රජු ගේ සොහොයුරා රෙන්ලි, ඇයට අද සවස අමුතු අන්දමින් කතා කල අර කොට මිනිසා ආදීන් එහි වුවද ඒ කිසිවෙකුත් සිද්දියට මැදිහත් වන්නට සිතූ බවක් නොපෙනින. රැජිණ ගේ මුහුණ හිමෙන් කල කැටයමක් පරිද්දෙන් ‍ලේ සිඳී ගොස් සුදුමැලිව ගොස් තිබින. මේසයෙන් නැගිට සිටි ඇය සිය දිගු සායද ඔසවාගෙන, පිටුපසින් පිරිවරාගත් සේවකයින්ද කැටුව, නිහඬවම පිටව ගියාය.

ජේමි ලැනිස්ටර් රජතුමා ගේ උරහිස මත අතක් තැබූ අතර රජතුමා ඔහුව වැරෙන් තල්ලු කර දැමීය. පා පැකිළුනු ලැනිස්ටර් බිම ඇද වැටින. රජතුමා කොක්හඬලා සිනාසුනේ ය. "මහ ලොකු නයිට්වරයා. මට තාමත් උඹව බිම දාන්ට පුළුවන්. ඒක මතක තියාගනිං රජුන් මරන්නො." ඔහු අතේ තිබුනු පූකුරුවෙන් පපුවට ගසාගත් අතර පටරෙදි කමිසය පුරා වයින් ඉහිර ගියේය. "මගේ යගදාව අතට ගත්තොත් මේ මුලු රාජධානියෙම ඉන්න එකෙකුටවත් බෑ මගෙත් එක්ක හැප්පෙන්ට!"

නැගිට සිටි ජේමි ලැනිස්ටර් සිය ඇඳුම්වල වූ දූවිලි පිස දා හැරියේ ය. "එහෙමයි මගේ ස්වාමිනී." ඔහු දරදඬු ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය.

රෙන්ලි උතුමානන් සිනාසෙමින් ඉදිරියට පැමිණියේ ය. "වයින් ටික ඔක්කොම හැලිලා ගිහිල්ලා රොබර්ට්. දෙන්ට මං අලුත් පූකුරුවක් ගේන්නං."

ජොෆ්රි ඇගේ බාහුව මත අත තැබූ අතර අනපේක්ෂිතව සිදු වූ මේ දේ නිසා සන්සා තැති ගත්තා ය. "පරක්කු වෙනවා." කුමරා කීවේය. ඔහු ගේ මුහුණේ අසාමාන්‍ය පෙනුමක් විය. හරියටම ඔහු ඇයව කිසිසේත්ම නොදකින්නාක් මෙනි. "ඔබව ආපහු බලකොටුවට එක්කන් යන්ට කවුරුහරි එවන්ටද?"

"ඕන නෑ." සන්සා කීවාය. ඇය සෙප්ටා මෝර්ඩේන් දෙස හැරී බැලුවද, මේසය මත හිස ගසාගෙන සිහින් හඬින් ගොරවමින් නිදා සිටි සෙප්ටා දුටු විට බියෙන් ගැස්සුනා ය. "මම කියන්ට හැදුවෙ... ඔවු. බොහොම ස්තූතියි! ඒක හරිම කරුනාවන්තයි. මට මහන්සියි. ඒ වගේම පාර කරුවලයි. මට මොකක් හරි ආරක්ෂාවක් තිබ්බනං හොඳයි."

ජොෆ්රි කෑ ගැසුවේ ය. "බල්ලෝ!"

එසැනින් සැන්ඩෝර් ක්ලිගේන් ප්‍රාදූර්භූත විය. ඔහු සිය සන්නාහය ඉවත් කර ඒ වෙනුවට පපුවේ බල්ලෙකු ගේ හිසක් ගෙත්තම් කර තිබුනු රතු ලොම් කංචුකයක් හැඳ සිටියේ ය. පන්දම් එළිය නිසා ඔහු ගේ පිළිස්සුනු මුහුණ රතු පැහැයකින් බැබලින. "මගේ ස්වාමිනී‍."

"මගේ කුමාරිකාව පරිස්සමෙන් බලකොටුවට එක්කන් පලයං. එයාට කිසිම අනතුරක් වෙන්ට දෙන්ට එපා." කිසිදු සමුගැනීමේ වදනකුදු නොමැතිව නැගී සිටි ජොෆ්රි කුමරා ඇයව එතැන තනිකර දමා පිටව ගියේය.

දඩබල්ලා තමා දෙස බලා සිටින'යුරු සන්සාට දැනින. "ඔබ හිතුවද ජොෆ් එයාම ගිහිල්ලා ඔබව ඇරලයි කියලා?" ඔහු සිනාසුනි. "ඒක වෙයි කියලා මමනං හිතන්නෙ නෑ." ඔහු ඇයව අතින් ඇද නැගිට්ටෙවුවේ ය. "එන්ට. නිදාගන්ට ඕනකරන එකම එක්කෙනා ඔබ විතරක් නෙවෙයි. මම බිවුවා හොඳටෝම වැඩියි. අනෙක සමහරවිට හෙට මට මගේ සහෝදරයාව මරලා දාන්ටත් වෙයිද දන්නෙ නෑ." ඔහු නැවතත් සිනාසුනි.

හදිසියේම සිතේ බියක් හටගත්තෙන් සන්සා සෙප්ටා මෝර්ඩේන්ව අවදි කරන අටියෙන් ඇගේ උරහිසෙන් අල්ලා සෙලවූවා ය. එනමුදු ඇය වඩාත් හයියෙන් ගොරවන්නට වීම හැර අන් යමක් සිදු වූයේ නැත. රොබර්ට් රජතුමාද වැනී වැනී යන්නට ගොස් තිබුනු අතර බංකුවලින් අඩක්ම මේ වන විට හිස්ව තිබින. භෝජන සංග්‍රහය අවසන් වී තිබුනු අතර ඇගේ සුන්දර සිහිනයද ඒ සමගින් අවසන් වී තිබින.

සිය මාර්ගය එළිය කරනු වස් දඩබල්ලා පන්දමක් ගලවා ගත්තේ ය. සන්සා ඔහු පිටුපසින් ඔහුට සමීපයෙන් ගමන් ගත්තා ය. භූමිය අසමතුලිත හා ගලින් ගහන වූ අතර සුළඟට සැලෙන පන්දම් දැල්ල නිසා ගමන තවත් ව්‍යාකූල විය. ඇය දෑස් බිමට හරවාගත්තී තබන තබන පියවරක් පාසා සුපරීක්ෂාකාරී වුවාය. ධජපතාක වලින් සරසා තිබුනු මණ්ඩප පසුකරමින් ඔවුන් ඉදිරියට ඇදෙන්නට වූ නමුදු සෑම මොහොතක්ම තව තවත් නිහඬතාවයෙන් බර විය. දඩබල්ලා ගේ දර්ශනය සන්සාට ඉවසා සිටිය නොහැකි තරම් විය. ඔහු ඇයව බිය ගැන්වූයේ ය. එනමුදු ඇය හැදී වැඩී තිබුනේ සියළුම ආකාරයේ ආචාරශීලීත්වයන් මැද්දේ වූ අතර නියම කුලීන ආර්යාවක් නම් කිසිවිටෙකත් ඔහු ගේ මුහුණේ අවලස්සන ගැන තැකීමක් නොකරතියි ඇය තමාටම කියා ගත්තා ය. "ඔබ අද බොහොම නිර්භීත විදියට පොර වැදුනා සෙර් සැන්ඩෝර්." ඇය අමාරුවෙන් මෙන් කියාගත්තා ය.

සැන්ඩෝර් ක්ලිගේන් දත් නියෙවුවේ ය. "උඹේ ඔය මෝඩ ප්‍රශංසා නවත්තගනින් කෙල්ලෙ... ඔය 'සෙර්' කෑල්ලත් නවත්තගනින්. මම නයිට් කෙනෙක් නෙවෙයි. මම නයිට්වරුන්ටයි උංගෙ අර මලඉලවු දිවුරුමටයි කෙල ගහනවා. මගේ සහෝදරයානං නයිට් කෙනෙක්. උඹ දැක්කද අද එයා පොර වදිනවා?"

"ඔවු." සන්සා වෙවුලමින් මිමිනුවා ය. "එයා හරිම..."

"නිර්භීතයිද?" දඩබල්ලා වාක්‍යය අවසන් කලේය.

ඔහු තමාට සමච්චල් කරන බැව් ඇය වටහා ගත්තාය. "එයාගෙ ශක්තිය ඉදිරියෙ බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට කාටවත් බෑ." ඇය අන්තිමේදී කියා ගත්තාය.

සැන්ඩෝර් ක්ලිගේන් හදිසියේම අන්ධකාරය මැද්දේ එතැනම නතර විය. ඔහු පසෙකින් නතරවනු හැර ඇයට අන් විකල්පයක් නොවීය. "සෙප්ටා උඹව බොහොම හොඳට පුරුදු කරලා තියෙනවා. උඹත් හරියට අර ගිම්හාන දූපත්වල ඉන්න ලස්සන කුරුල්ලෙක් වගෙයි. එහෙම නේද? කතාකරන පුංචි ලස්සන කුරුල්ලෙක්. උං උඹට උගන්නපු ලස්සන ලස්සන වචන තේරුමක් නැතුව දොඩව දොඩව ඉන්න ලස්සන පුංචි කුරුල්ලෙක්."

"ඒක හරිම නපුරුයි." සිය හදවත පපුව තුළ වේගයෙන් ගැහෙන අයුරු ඇයට දැනින. "ඔබ මාව බය කරනවා. මට දැන් ගෙදර යන්ට ඕන."

"එයාගෙ ශක්තිය ඉදිරියෙ බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට කාටවත් බෑ." දඩබල්ලා අමිහිරි ස්වරයෙන් කීවේය. "ඒක ඇත්ත. කිසිම කෙනෙකුට කවදාවත් ග්‍රෙගර් ඉස්සරහදි බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට බැරිවුනා. අද අර කොල්ලා, එයාගෙ දෙවෙනි පොරය. ආහ්! ඒකනං හරිම ලස්සන වැඩක්. උඹත් ඒක දැක්කා එහෙම නේද? මෝඩ කොල්ලෙක්. ඌට කිසිම අයිතියක් නෑ මේ ව‍ගේ සමාගමකට වැටිලා පොර අල්ලන්ට. සල්ලි නෑ, සහචරයෙක් නෑ, සන්නාහය හරියට අන්දන්ට කවුරුවත් නෑ. පටිය හරියට තද වෙලා තිබුනෙ නෑ. උඹ හිතනවද ග්‍රෙගර් ඒක දැක්කෙ නෑ කියලා? උඹ හිතනවද සෙර් ග්‍රෙගර්ගෙ ලන්සෙ එතනට වැදුනෙ අහම්බෙන් කියලා? ලස්සන පුංචි දොඩවන කෙල්ල. උඹ ඒ කතාව විශ්වාස කරනවා. උඹනං ඇත්තටම කුරුල්ලෙක් වගේම මැටි ඔළුවක් තියෙන කෙනෙක්. ග්‍රෙගර්ගෙ ලන්සෙ යන්නෙ ග්‍රෙගර්ට ඕන තැනට. මා දිහා බලපන්. මා දිහා බලපන්!" සිය සුවිසල් අත්ල ඇගේ නිකට යටින් තැබූ ඔහු බලෙන්ම ඒ මුහුණ එසවූයේ ය. ඔහු ඇය ඉදිරියේ උක්කුටියෙන් හිඳ ගත්තේ පන්දම තවත් ලං කර ගත්තේ ය. "මෙන්න තියෙනවා උඹට ලස්සන මූනක්. හොඳට බලාගනින්. මම දැක්කා උඹ රජමාවත දිගටම මගේ මූන දිහා නොබලා අහක බලන්ට ලොකු උත්සාහයක් දරන විදිය. යකාට පලයං. හොඳට බලාගනින්."

ඔහු ගේ අතැඟිලි යදඬු මෙන් ඇගේ හණුවලින් තරයේ අල්ලාගෙන සිටියේ ය. ඒ දෑස් ඇගේ දෑස් අධ්‍යයනය කලේය. බීමත් දෑස්, කේන්තියෙන් පිරුනු දෑස්. ඇයට ඒ දෙස බලා සිටීම හැර වෙනත් කල හැක්කක් නොවින.

ඔහු ගේ මුහුණේ දකුණු පස වෑරී ගොස් තිබින. උස් කම්මුල් ඇට හා ඝනකම් ඇහිබැම යට අඳුරු අළු පැහැ ඇසක් පිහිටා තිබින. ඔහු ගේ නාසය වක් වූ ලොකු නාසයක් විය. ඔහු ගේ තුනී හිසකෙස් කළු පැහැයක් ගත්තේ ය. ඔහු දිගට වැවූ හිසකෙස් පැත්තට පීරා තිබුනේ හිසේ වම්පස කිසිදු හිසකෙසක් වැවී නොතිබුනු බැවිනි.

ඔහු ගේ මුහුණේ වම් පස නටඹුන් වී තිබින. වම් කණ සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් තිබුනු අතර එහි ඉතිරිව තිබුනේ කණ් කුහරය පමණි. වම් ඇස හොඳින් ක්‍රියා කලද ඒ වටා වූ මස වියළී ගිය සමක් මෙන් කළු පැහැ හා දැඩි වූයේය. එහි තිබුනු ආවාට හා ගැඹුරු පැළුම් ඔහු සෙලවෙන විට රත් පැහැයෙන් දිස්නය දුනි. හණුවේ මස් පිළිස්සී ගිය තැනක ඇටකටුව යාන්තමින් දැකිය හැකි විය.


සන්සා හඬන්නට පටන්ගත්තා ය. ඔහු ඇයව අත හැර පන්දම පොළොවේ ඔබා නිවා දැමුවේ ය. "ඒ ගැන කියන්ට මොකුත් ලස්සන වචන නැද්ද කෙල්ලෙ? සෙප්ටා උඹට උගන්නලා නැද්ද ඒ වගේ වෙලාවට කියන්ට මොකක් හරි බොරු ප්‍රශංසාවක්?" පිළිතුරක් නොමැති තැන ඔහු නැවත කතාව පටන් ගත්තේය. "ගොඩක් එවුන් හිතන්නෙ ඒක යුද්ධෙකදි ඇති වුන එකක් කියලා. වැටලීමක්, ගිනිගන්න කුළුණක්, සතුරෙකුගෙ පන්දමක්. එක මෝඩයෙක් එක පාරක් ඇහුවා ඒ මකරාග්නියද කියලත්." ඔහු ගේ සිනහව මෙවර වඩා මෘදු වුවද එහි තවමත් පෙර පරිදිම අමිහිරි ගතිය තැවරී තිබින. "මං උඹට කියන්නං ඒක වුනේ කොහොමද කියලා කෙල්ලෙ." ඔහු ඇයට කෙතරම් සමීප වී සිටියාද යත් ඔහු ගේ ප්‍රශ්වාසයේ ඇති අමිහිරි වයින් පුසුඹ පවා ඇයට දැනින. "මම එතකොට උඹටත් වඩා ලාබාලයි. හයක් නැත්තං හතක් විතර ඇති. ලී කැටයං කාරයෙක් අපේ ගමේ ‍පොඩි සාප්පුවක් ඇරියා. මගේ තාත්තගෙ බලකොටුවට පහළින්. තාත්තගෙ ප්‍රසාදය දිනාගන්ට ඕන හින්දා මිනිහා අපට තෑගි එවුවා. ඒ නාකි මිනිහා බොහොම ලස්සන සෙල්ලම් බඩු හදන්ට දක්ශයා. මට මතක නෑ හරියටම මොකක්ද මට හම්බවුනේ කියලා. ඒත් මට ඕන වුනේ ග්‍රෙගර්ට හම්බවෙච්චි සෙල්ලම් බඩුව ගන්ටයි. ඒක ලීයෙන් හදාපු නයිට් කෙනෙක්. ලස්සනට පාට ගාලා. ඇඟේ හැම කොටසක්ම වෙන වෙනම හදලා නූල්වලින් පුරුද්දලා. හරියට රූකඩයක් වගේ, සෙල්ලම් කරන්ට පුළුවන්. ග්‍රෙගර්ට මට වඩා අවුරුදු පහක් වයසයි. මේ සෙල්ලම් බඩුවෙන් එයාට එතකොට ඇති වැඩක් නෑ. එයා එතකොටත් නයිට්වරයෙක්ගෙ සහචරයෙක්. එතකොටත් අඩි හයකට කිට්ටුවෙන්ට උසයි, ගොනෙක් වගේ මස්පිඬු හැදිලා, ගොනෙක් වගේ ශක්තිමත්. ඉතින් මං එයාගෙ අර සෙල්ලම් නයිට්ව ගත්තා. ඒ වුනත් ඒකෙ කිසිම සතුටක් තිබුනෙ නෑ. මම හොඳටම බයවෙලයි හිටියෙ, මං කරපු වැඩේ එයාට අහුවෙයි කියලා. ඒ වගේම එයාට මාව අහුවුනා. ග්‍රෙගර් වචනයක්වත් කිවුවෙ නෑ. මාව බෙල්ලෙන් අල්ලගෙන, කාමරේ උණුහුම් කරන්ට කියලා තියලා තිබ්බ ගිනිඅඟුරු කල්දේරම ගාවට මාව ඇදගෙන ගියා. ගිහිල්ලා මගේ මූන එබුවා අර ගිනිගන්න ගල්අඟුරු ගොඩේ. ඔබලා මාව එහෙමම අල්ලගෙන හිටියා. මම කෑ ගැහුවා, කෑ ගැහුවා. උඹ දැක්කනෙ එයා කොච්චර ශක්තිමත්ද කියලා. ඒ කාලෙත් එහෙමයි. මාව එයාගෙන් ගලවගන්ට වැඩුනු මිනිස්සු තුන්දෙනෙක් ඕන වුනා. පූජකයො බොරුවට කෑ ගහනවා අපා හතක් ගැන. උං මොනාද දන්නෙ? ඇත්තටම ගින්නෙන් පිච්චුන මිනිහෙක් විතරයි ඇත්තටම අපාය කොහොම එකක්ද කියලා."

"මගේ තාත්තා හැමෝටම කිවුවෙ මගේ නිදන කාමරේ ගිනි ගත්තා කියලයි. අපේ මේස්ටර් මගේ තුවාලවල තෙල් ජාති ගාලා සාත්තු කලා. තෙල් සාත්තුව! ග්‍රෙගර්ටත් එයාගෙ තෙල් සාත්තුව හම්බවුනා. අවුරුදු හතරකට පස්සෙ උං එයාව සප්තාලේපයෙන් අභිෂේක කලා. එයා එයාගෙ නයිට් දිවුරුම කියෙවුවා. රේගාර් ටාර්ගේරියන් එයාගෙ උරහිසේ කඩුව තියලා මෙහෙම කිවුවා. ' නැගිටින්ට සෙර් ග්‍රෙගර්'."

ඔහු ගේ ගොරෝසු හඬ බිඳී ගියේය. ඔහු නිහඬවම ඇය ඉදිරියේ උක්කුටියෙන් වාඩි වී බලා සිටියේ ය. ඇගේ දෑසෙන් වසන්වුනු දැවැන්ත කළු පැහැ ඡායාවක් මෙන් බලා සිටියේ ය. ඔහු හුස්ම ගන්නා හඬ ඇයට ඇසෙන්නට විය. තමා තුළ ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබෙන බැව් ඇයට තේරුම් ගියේය. ඇගේ සිතේ පෙර පැවති බිය නැතිවී ගොස් අනුකම්පාවක් නැග එන්නට විය.

නිහඬතාව දිගින් දිගටම ඇදී ගියේය. එය කෙතරම් දිගු වේලාවක් ඇදී ගියාදැයි කිවහොත් ඈ තුළ නැවතත් බියක් මතු වන්නට විය. එහෙත් ඒ බිය ඇය ගැන ඇති වූ බියක් නොව ඔහු ගැන ඇතිවූ බියක් විය. අත දිගු කල ඇය ඔහු ගේ සද්දන්ත උරහිස මත අත තැබුවා ය. "එයා නියම නයිට් කෙනෙක් නෙවෙයි." ඇය ඔහුට මිමිනුවා ය.

හිස පසුපසට ගැස්සූ දඩබල්ලා මහහඬින් සිනාසෙන්නට විය. පැකිළුනු සන්සා ඔහුගෙන් ඈත් වූවාය. එනමුදු ඔහු ඇගේ අතින් අල්ලා නවත්වා ගත්තේ ය. "නෑ. නෑ පුංචි කිරිල්ලියේ. ඌ නියම නයිට් කෙනෙක් නෙවෙයි."

ගමනේ ඉතුරු කොටසේදී සැන්ඩෝර් ක්ලිගේන් වදනකුදු නොදෙඩීය. කරත්ත නවතා ඇති ස්ථානයට ඇය කැටුව ගිය ඔහු, ඇයව කරත්තයක නංවා ඔහුද එයට ඇතුළු වූයේ තමන් රතු බලකොටුව කරා රැගෙන යන මෙන් රියැදුරුට අණ කලේය. ඔවුහු නිහඬවම රාජ ද්වාරය තුළින් හා රාත්‍රී පහන් දැල්වුනු වීථි ඔස්සේ ගමන් කලහ. බලකොටුවේ කුඩා රහස් දොරක් හරහා ඊට ඇතුළු වූ ඔහු හස්තයේ කුළුණ දක්වාත්, ඇගේ නිදන කාමරවලට පිවිසෙන කොරිඩෝරය දක්වාත් ඇය පසුපසින්ම පැමිණියේ ආරක්ෂාකාරීව ඇයව නිවෙසට ඇරලුවේ ය.

"ඔබට බොහොම ස්තූතියි මගේ උතුමානනි!" ඇය බයාදු අන්දමින් මිමිනුවාය.

ඇගේ අතින් අල්ලාගත් දඩබල්ලා ඇයට සමීප විය. "අද රෑ මම උඹට කියාපු දේවල්..." ඔහු ගේ කටහඬ සාමාන්‍ය අවස්ථාවන්ටත් වඩා ගොරෝසු විය. "උඹ කවදාහරි ඒ කතාව ජොෆ්රිට හරි.. උඹේ නංගිට හරි.. උඹේ තාත්තට හරි.. වෙන කාටහරි කියලා තිබ්බොත්..."

"මම එහෙම කරන්නෙ නෑ." සන්සා කෙඳිරුවාය. "මම දිවුරලා පොරොන්දු වෙනවා."

එනමුදු ඔහුට එය ප්‍රමාණවත් නොවීය. "උඹ කවදාහරි කාටහරි කියලා තිබුනොත් මම උඹව මරනවා."


Petyr Baelish: “Your mother was my queen of beauty once, you have her hair.”

61 comments:

  1. ඕ යේ...
    මොන සෙද්දටම සැන්ඩො ලොක්කට එයාගෙ හුචක්කු කතාව සන්ස ට කියන්න ඕන වුනේ...
    සන්ස කියන්නෙ අර ආර්ය කියනව වගේම මහ මැටි ගොඩක්...
    ඊටත් අර සැන්ඩො ඌ මොකෙද්ද ගස් ගෙම්බෙක් නෙව...
    හෙක් හෙක්...
    කෝ අප්ප බූරෙ ආර්ය... ඒ අංගනාවට මක්කද වුනේ.. ගිය කොටසෙත් නෑ මේකෙත් නෑ...
    උලව්ව

    ReplyDelete
    Replies
    1. ආර්යා එයි වෙලාවට.. මං කියන්නෙ නොසිතූ වෙලාවට.. ;-)

      Delete
    2. අන්න එයා ලෑස්ති වෙලා නම් ඉවරලු...:P

      Delete
  2. කෝ අද මේ කට්ටිය...
    කොමෙන්ටු එකක් වත් කොටන්න කෙනෙක් නැද්ද......

    ReplyDelete
    Replies
    1. ඒකනේ....
      කට්ටියම දඩයමේ ගිහිල්ලද?? නැත්නම් දඩයම් වෙලාද??

      අනික මෙච්චර කෑම තිබිලත් හැලපයිය පේන්නත් නෑ.... :(

      Delete
    2. වැඩාක් නෑ කියලා. කෑම තියෙන දාට බුවා ලොවෙත් නෑ. නැති දාට ඇවිල්ලා අහනවා "අරක නැද්ද", "මේක නැද්ද" කියලා. ඉතින් කාට කියන්ටද මෙවුවා.

      Delete
    3. \\අනික මෙච්චර කෑම තිබිලත් හැලපයිය පේන්නත් නෑ\\

      කැන්ද කොල හොයන්න, පහල ඕවිටෙ කැරකෙනවා මං දැක්කා. ඒ ගමන්ම සීමොන්ගෙ කිතුල පැත්තත් වැඳගෙන එයි

      Delete
    4. කිතුල වැඳගත්තොත් නම් මේ පැත්තේ එන එකක් නෑ. :D

      Delete
    5. //කෝ අද මේ කට්ටිය...//

      දඩයමේ ගිහින් දඩයක්කාරයෙකුට අහුවෙලාද දන්නේ නෑ.:P

      Delete
    6. අනේ මොන දඩයම්ද අප්පා. ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවී සංගමයේ අහවල් එක තිබ්බනේ. :(

      Delete
    7. අයියෝ ඊයේ දවසෙම ගෙදර නැහැ :(

      Delete
    8. දෙන්නම ගෙදර ඉදලා නැහැ....

      Delete
  3. මටත් මුල හරියේදී හිතුනේ අර මාරයා කියන්නැහැ මේ මැටි නෝනාගේ කෑලි ස්කිප් කරන්න බැයිද කියලා ...
    හැබැයි යට කෑල්ල රසවත් නිසා ඒ අදහස නැතිව ගියා..

    හැබැයි බල්ලා තමයි දවසකටවත් මිනිහා... ඌ මොනවා නැතත් ඇත්ත කියනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම ස්කිප් කෙරුවොත් කතාවේ ගතිය අඩු වේවි නේ චුලෝ,අනෙක මැටි වුණත් මොකෝ හැඩයි නම්..:D

      Delete
    2. එහෙම ස්කිප් කලොත් කතාවට හානි ‍වෙනවා. ‍මොකද මේ නොවැදගත් කියලා හිතන හැම චූටි කෑල්ලක්ම ඉස්සරහදි ඕනවෙන්ට පුළුවන්. මාටියා නිකං අත කහනවට නෙවෙයි මේවා ලියලා තියෙන්නෙ.

      Delete

    3. ඕකනේ ඔහෙලත් එක්ක බැරි..ඔය ස්කිප් කොරන්න කියපු එක සිරාවට කියපු එකක් නෙවේ අනේ...

      හැඩ උනාට වැඩක් නෑ මනෝජ් කෙල්ලෝ මැටි නම්..

      @සේර් බුර්
      ඇත්ත ඇත්ත ඔය පොඩි පොඩි කෑලි තමා ඉස්සරහට ඕන වෙන්නේ .....
      අනික අත කහනකොටත් ඔය වගේ පොඩි කෑලි ඕන වෙනවාලු නේ

      Delete
    4. //මැටි වුනත් මොකෝ හැඩ නම්//

      පේනවනේ මේ කොල්ලොන්ගේ හැටි? :P

      Delete
    5. අපි නම් මැටි කෙල්ලොන්ට කැමති නැත. :P

      Delete
    6. ඔව් ඔව් ඇත්තම වෙන්න ඇති :) ඒ උනාට ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඇස් කැරකෙනවා .....

      Delete
    7. හී හී කියලා වැඩක් නෑලු.

      Delete
    8. සමහරු හිතං ඉන්නේ තමන් දිහාට කොල්ලෙක් ගේ ඇස් කැරකුනාම එයාල ලස්සනයි කියලලු...

      Delete
  4. අර අන්තිම පින්තුරේ ඉන්නේ දඩබල්ලාද ?කියන තරම් නපුරු පෙනුමක් නැහැ නේ ඒ බල්ලා නම්.

    ReplyDelete
    Replies
    1. යේස්! ඒ දඩබල්ලා තමා.

      Delete
    2. බල්ලා උනාට එල කොල්ලෙක්..

      Delete
    3. ඇත්තට? බලපුවාම පේනවානේ...:P

      Delete
    4. දඩ බල්ලා බොරු ඉස්ටයිල් නැති නියම බුවෙක්. මේකේ එහෙම උන් හරි අඩුයි.

      Delete
    5. පොම් පොම්, web comic cartoon strip එකක් අඳින්ට එහෙම අදහසක් නැද්ද? ‍මේ වගේ එකක්..

      Stand Still Stay Silent

      Delete
  5. පොම් ක්ශුද්‍ර ජීවියෙකුට යටවී ඇත

    ReplyDelete
    Replies
    1. පොම්ව යටකරන්ට තරම් ඒ ක්ෂුද්‍රජීවියා කොච්චර ලොකුවෙන්ට ඕනද කියලයි මම මේ කල්පනා කලේ. :-)

      Delete
    2. අර සත්තුන්ව එක එක කුල ගෝත්‍ර වලට බෙදපු ලොකු උන්නැහේට වැරදිලාවත්ද ???

      දැන් බිලාල ගෝත්‍රයේ ක්ශුද්‍ර ජීවිනුත් ඉන්නවද??

      Delete
    3. මමත් කියන්ට හැදුවේ සිංහයෙක් වගේ ක්ෂුද්‍ර ජීවියෙක් වෙන්ට ඇතිනේ...:P

      Delete
    4. @මනෝජ්,

      හී හී ලු.

      Delete
    5. මේ කියන ජීවීන් බිලාල වංශයේ නොව archaea, bacteria, and eukaryote domains හි ඒක සෛලිකයන් පමණක් අයත් වන කොටසකි.

      Delete
  6. Replies
    1. හී හී...මම දැක්කා ඔය කතාව සරත් හැම තැනකම කියලා තියෙනවා...

      Delete
  7. අදත් මැටි සන්සා.. හුම් හුම් මක් කොරන්ටද.. මෙව්වා ඇතුවත් බැරි නැතිවත් බැරි කෑලි නෙව...

    බල්ලා ඇවිල්ලා එළකිරි බුවා.. මැන්ටල් වැඩ නැත්තෙමත් නැහැ.. හැබැයි ඉතිං වැඩි හරිය මහ උන්ගේ වැඩ කරන්න ගිහින් වෙච්ච මගුල්නේ..

    හා හා ඊ ළඟ.. :D

    ReplyDelete
    Replies
    1. දඩබල්ලා කියන්නෙ නරක දේවල් කරන්ට සිද්දවුන හිතහොඳ මනුස්සයෙක්.

      Delete
    2. @මාරයා,

      හා හා බෑලු...:D

      Delete
  8. අනේ කියනකල් ඉන්නේ නැතිව එදාම මරන්න තිබ්බේ,.. මට මොකද්ද හේතුවක් නිසා සන්සා පේන්න බෑ..

    ReplyDelete
    Replies
    1. පවු නැද්ද ඒ අසරණ දරුවා.. :-D

      Delete

    2. ලස්සණ හන්දා පේන්ට බැරුව ඇතිනේ අඟහරුවෝ?

      Delete
    3. අඟහරුවා , අඟහරු ලෝකෙටම යවන්න ඕනේ නපුරු කතා කියනවට . කාන්තා හිංසනය හොඳනැහැ හොඳේ.....

      Delete
  9. කොච්චර මැටි උනත්, සං සං සන්සා , (අපේ පිං, පිං පිංපොං වගේම) ඉන්න ඕනෙ චරිතයක් . එතකොට තමා අනිත් චරිත කැපිලා පේන්නෙ.

    අද කතාවෙ , සන්සා, ජොෆ්රි හිටියත් බෝරිං නෑ.

    කෑම විස්තරේ තමා හොඳම. මටත් කියවන කොට බඩගිනි වෙලා, සං , සං ගාලා ඉඳිආප්පා පාලොහක් සැමන් කරියක් එක්ක පිඹලා දැම්මා

    ReplyDelete
    Replies
    1. ඉඳිආප්පයි ගොළුබෙල්ලො හොද්දකුයි කාලා බලන්ට හිතුනෙ නැද්ද? ;-)

      Delete
    2. හම්මෝ නරිමොටා එහෙම කියනකොට මටත් ඉඳිආප්ප බඩගින්නක් ආවා සැමන් හොදි එක්ක. හැබැයි ඉතින් උයන හැටි දන්නේ නෑලු. :(

      Delete
    3. අඩොව් ඒ කියන්නේ පොම් දැන් චරිත කපිල පෙන්ට දාන contrast dye එකක් වගේද බෝල නරියෝ. කෝ අර උල?

      @ බුර්

      අපි නම් කාල තිබේ ලු. එහෙමට රසක් නැති ලු.

      @ PK

      හපොයි මේ ආර්යාව උයන්ට දන්නේ නැල්ලු ද?
      ගොළුබෙල්ලෝ හොදි එපාද?

      Delete
    4. // මී පැණියෙහි හා සුදුලූණුවල බහා ලූ ගොළුබෙල්ලන්//

      අර හැලපෙ අයියට දුන්න නම් හරි :)

      Delete
  10. අම්මපා මේ මනුස්සට මේ කතාව සන්සට ඇරෙන්න වෙන කියන්න කෙනෙක් හිටියෙම නැද්ද මන්දා.. පුදුමයි ඕක කාටවත් නොකියා හිටියොත්..

    හා හා ඊලගට... ( මාරයාගෙන් කොපි කරන ලදී... )

    ReplyDelete
    Replies
    1. ඕක තමා කියන්නේ සන්සාවත් ඕනි වෙන වෙලාවල් තියෙනවා කියලා :)

      Delete
    2. නරකයි කියල හිතන අයගෙත් හොඳ ගතිගුණ තියෙනවා.......

      Delete
    3. දැන් කවුද අප්පේ කිවුවේ සන්සා නරකයි කියලා. අපි කියන්නේ සන්සා පිස්සු කේස් එකක් කියල විතරයි.

      Delete
  11. මං මේ කම්පනා කොලේ, මේ ආභරණ, තානාන්තර , වංශ පරම්පරා වලට වහන් වෙලා වෙනම පිංතූරයක් පෙන්නුවාට, ඇතුලෙ ඉන්නෙ , අර කැලේ හිටිය වඳුරො සැට් එකම නේද කියලයි.

    මටත්, දැන් හිතෙනවා, කකුල එයාටම තියාගන්"ට" කියලා. අර පුරුදු දොරකඩ ගහේ බෙනේටම සැපැත් වෙන්ට

    ReplyDelete
    Replies
    1. //මටත්, දැන් හිතෙනවා, කකුල එයාටම තියාගන්"ට" කියලා. අර පුරුදු දොරකඩ ගහේ බෙනේටම සැපැත් වෙන්ට//

      ඇයි මෙච්චර කල් හිටියේ අල්ලපු ගහේ බෙනේලුද? :P

      Delete
  12. //එමෙන්ම ජොෆ්රි සංග්‍රහශීලීත්වයේ උල්පත බඳු විය. ඔහු සන්සා සමග කතා කරමින් මුලු රැයම ගෙවා දැමීය. ඇයව ප්‍රශංසා සහ වර්ණනාවලින් නහවමින්, ඇයව සිනා ගස්සමින්, රාජසභාවේ ඕපාදූප ඇයට කියමින්, මූන් බෝයි ගේ විහිළුවල අරුත ඇයට පහදමින් ඇයව කුල්මත් කලේය‍.//

    //ගොළුබෙල්ලාව කටුවෙන් වෙන් කරගන්නේ කෙසේදැයි ජොෆ්රි ඇයට පෙන්වා දුන් අතර පළමු රසවත් කට සියතින්ම ඇයට කැවුවේ ය. //

    //ඝනකම් වූ පිටත මැටි කටුව බිඳ ඇතුළත සුදු මස පාදාගැනීමට ඇගේ කුමරුවා ඇයට උදවු කලේය. අන්තිමේදී මාංශ පලංගාන පැමිණිවිට සියතින්ම කැපූ විශාල මස් කුට්ටියක් ඔහු සිනාසෙමින් ඇගේ පිඟානට බෙදුවේ ය. ඔහු ගේ දකුණු අත තවමත් හොඳින් සුව වී නොමැති බව ඔහු සුරත පාවිච්චි කරන ආකාරයෙන් ඇය වටහා ගත්තා ය. එනමුදු ඒ ගැන ඔහු වදනකිනුදු පැමිණිලි නොකලේ ය.//

    පේනවා නේද කිසි මහන්සියක් නැතුව මැටි කෙල්ලොන්ගේ හිත ගන්ට පුළුවන් ක්‍රම ? (මැටි කෙල්ලන්ගේ පමණි. මොලයක් ඇති අය මේවාට රැවටෙන්නේ නැල්ලු )
    ඔන්න ඉගන ගන්නවා නම් වැඩ.
    ක්ෂුද්‍ර ජීවියෝ වගේද මේවා?

    ReplyDelete
    Replies
    1. //මැටි කෙල්ලන්ගේ පමණි. මොලයක් ඇති අය මේවාට රැවටෙන්නේ නැල්ලු//,මොළේ මැටි නැති කෙල්ලෝ හොයන එකත් අන්වික්ෂයක් නැතුව නිකන්ම ඇහෙන් ක්ෂුද්‍ර ජීවියෝ හොයනවා වගේ කරන්ට අමාරු දෙයක් සේර් පොං පොං...:D

      Delete
    2. මොළේ මැටි නැති කොල්ලෝ හොයන එක ලේසිලුද? :P

      Delete
    3. @ MF
      අමූලික ඇත්ත.
      @ PK
      අන්තිම අමාරුයි. ඔය රටේ එහෙම නැද්ද?

      Delete
    4. මෙතන නම් එහෙම අය නෑල්ලු ද?? (මැටි නැති කෙල්ලෝ)

      Delete