Wednesday 22 October 2014

සන්සා 02-1


සන්සා, සෙප්ටා මෝර්ඩේන් සහ ජේන් පූල් සමගින් හස්තයේ තරගාවලිය නැරඹීම පිණිස පිටත් වූවාය. දෝලාව ආවරණය කර තිබුනු කහ පැහැ සේද තිර රෙදි කෙතරම් සිනිඳු වූවාද යත් ඇයට ඒ හරහා පිටත බැලිය හැකි විය. අවට බැලූ ඇයට මුලු ලෝකයම රනින් නිමවා ඇත්තාක් මෙන් පෙනෙන්නට විය. නගර ප්‍රාකාරවලට පිටින් ගංඉවුරේ මණ්ඩප සිය ගණනක් ගොඩනංවා තිබුනු අතර සාමානය වැසියන් දහස් ගණනක් පොදි කමින් තරග නැරඹීමට පැමිණ සිටියහ. මේ සියල්ලේ විභූතිය විසින් සන්සාට හුස්ම ගැනීමට පවා අමතක කර තිබින. ඉරඑළියේ දිදුලන සන්නාහ, රනින් හා රිදියෙන් අලංකෘත සෛන්ධවයන්, නරඹන්නන් ගේ ඔල්වරසන්, සුළඟේ ලෙලදෙන ධජපතාක... සහ නයිට්වරුන්. අන් සියල්ලටම වඩා නයිට්වරුන් ගේ දර්ශනය ඇයව වශීකෘත කොට තිබින.

"ඒක සින්දුවල කියැවෙනවාටත් වඩා ලස්සනයි." සිය පියා විසින් උසස් වංශවතුන් හා වංශාධිපතිනියන් අතරේ ඔවුන්ට වෙන් කර තිබුනු අසුන් මත තැන්පත් වෙමින් ඇය මිමිනුවා ය. සිය කෙහෙරැළිවල රතු-දුඹුරු පැහැය කැපී පෙන්වන අන්දමේ අලංකාර කොළ පැහැ ගවුමකින් ඇය එදින සැරසී සිටි අතර සැමදෙනාම තමා දෙස බලන බව වැටහුනු ඇය සතුටින් පිනා ගියාය. එකෙකුට එකෙක් නොපරදින තරමේ වීරයන්, ගී සැහැලි සිය ගණනක නම් කියැවෙන වීරයන් රැසක් පිටියට බසිනු ඔවුහු බලා සිටියහ. රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් සත් දෙනාගෙන් ජේමි ලැනිස්ටර් හැරෙන්නට අන් සියල්ලෝම කිරි පැහැ කොරපොතු සන්නාහයෙන් හා අලුත වැටුනු හිම මෙන් සුදෝ සුදු පැහැ වූ සළුවලින් සැරසී උන්හ. සෙර් ජේමිද සුදු පැහැ සළුවක් පැළැඳ සිටි නමුදු හිසේ සිට දෙපතුලටම යනතෙක් රන් පැහැයෙන් සැරසී සිටියේ ය. ඔහු ගේ ශිරස්කය සිංහ හිසක හැඩයට සාදා තිබුනු අතර ඔහු ගේ අසිපත පවා රනින් නිමවී තිබින.

අසු පිට යන කන්ද හෙවත් සෙර් ග්‍රෙගර් ක්ලිගේන් ගිරිහිම නිපාතයක් මෙන් ගිගිරුම් දෙමින් ඔවුන් පසුකර ගියේය. මීට වසර දෙකකට පෙරාතුව වින්ටර්ෆෙල්හි ආගන්තුකයෙක් වශයෙන් පැමිණි යොන් රොයිස් උතුමානන් හෙවත් ලෝකඩ යොන් හඳුනාගැනීමට සන්සාට හැකි විය. "එයාගෙ සන්නාහය හදලා තියෙන්නෙ ලෝකඩින්. ඒක අවුරුදු දාස් ගානක් පැරණියි. ඒකෙ මායාකාරී අකුරු වගයක් කොටලා තියෙනවා එයාට සිද්දවෙන විපත්වලින් ආරක්ෂාව ලබා දෙන්ට." ඇය ජේන්ට කෙඳිරුවා ය. ඇඟිල්ල දිගු කල සෙප්ටා මෝර්ඩේන් රිදී හා දම් පැහැයෙන් සැරසුනු, සිය ශිරස්කයේ රාජාළි පියාපත් දෙකක් සවි කරගත් ජේසන් මැලිස්ටර් උතුමානන්ව ඔවුන්ට පෙන්වූවා ය. ගංගා ත්‍රිශූලය අසල සටනේදී ඔහු විසින් රේගාර් ගේ ධජ දරන්නන් තිදෙනෙකු කපා බිම හෙලා තිබින. මුඩු කල හිසකින් යුත් සුළඟේ ලෙලදෙන රතු ලෝගුවකින් සැරසුනු රණකාමී පූජකයකු වූ ම(ර්)හි තොරෝස් දුටු දැරියන් දෙදෙනා කැකිරි පලන්නට වූහ. එහෙත් වරක් ජ්වලිත අසිපතක් අතින් ගත් ඔහු පයික් හි ප්‍රාකාර මත සිට සිය සතුරන් සමූල ඝාතනය කල අයුරු විස්තර කල සෙප්ටා ඔවුන් දෙදෙනාව නිහඬ කරන්නට සමත් වූවාය.

එහි ගමන්ගත් තවත් බොහෝ අසරුවන් සන්සා කොහෙත්ම දැන සිටියවුන් නොවූහ. අතැඟිලි සහ හයිගාර්ඩ්න් සහ ඩෝර්න් හි කඳුකරයේ සිට පැමිණි දෙවන පන්තියේ නයිට්වරුන්, නම නොදන්නා නිදහස් අසරුවන් හා අලුත උසස් කෙරුනු සහචරයින්, උසස් වංශාධිපතීන් ගේ බාල පුතුන් හා පහළ මට්ටමේ වංශාධිපති පවුල්වල උරුමක්කරුවන්. තරුණ මිනිසුන්. මේ අතරින් බොහොමයක් දෙනා මේ වනතෙක් තම නම කියැවෙන අන්දමේ දෙයක් කර නොතිබුනවුන් වූහ. එහෙත් මතු යම් දිනෙක රාජධානි සප්තකය පුරා ඔවුන් ගේ නම් කියැවෙනු ඇති බවට සන්සා හා ජේන් එකඟවූහ.

ග්‍රෙගර් ක්ලිගේන්
සෙර් බේලන් ස්වෝන්, බ්‍රයිස් කැරන් උතුමානන්, ලෝකඩ යොන් ගේ උරුමක්කරු වන සෙර් ඇන්ඩාර් රොයිස් හා ඔහු ‍ගේ බාල සොයුරු සෙර් රොබාර්. සිය පියාණන් ගේ සන්නාහය හැඩ කල ඒ පුරාණ මායා අක්ෂර ඔවුන් දෙදෙනා ගේ රජතමය සන්නාහ මතද ලෝකඩින් කොටා තිබින. රෙඩ්වින් වංශ සලකුණ වන නිල් පසුබිමේ දම් පැහැ මිදි පොකුරකින් හැඩ කෙරුනු පලිස් දැරූ නිවුන් සොයුරන් දෙදෙනා, සෙර් හොරාස් සහ සෙර් හොබර්. ජේසන් උතුමානන් ‍ගේ පුතණුවන් වන සෙර් පැට්‍රික් මැලිස්ටර්. ක්‍රොසින්ග් සිට පැමිණි ෆ්‍රේ වරුන් සයදෙනෙක්; සෙර් ජැරඩ්, සෙර් හොස්ටීන්, සෙර් ඩැන්වෙල්, සෙර් එමන්, සෙර් තියෝ සහ සෙර් පර්වින්. මේ සියලු දෙනාම වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් ගේ පුතුන් හා මුණුබුරන් වූහ. ඔහු ගේ අවජාතක පුතු මාර්ටින් රිවර්ස්ද ඒ අතර වූහ.

ගිම්හාන දූපත්වලින් පිටුවහල් කෙරුනු කුමරෙකු වන ජලබාර් ක්ෂෝ දුටු ජේන් පූල් බියපත් වූවාය. රාත්‍රිය මෙන් කළු පැහැ සිරුරකින් හෙබි ඔහු කොළ හා ලේ රතු පැහැ පිහාටුවලින් කෙරුනු කබායක් හැඳ සිටියේ ය. එනමුදු, කළු පසුබිමේ අකුණක සලකුණක් ඇති පලිසක් දැරූ, රතු රන් පැහැ හිසකෙසින් යුතු කඩවසම් තරුණ බෙරික් ඩොන්ඩරියන් උතුමානන් දුටු ඈ එසැනින් ඔහු හා පෙමින් බැඳුනේ අද මේ මොහොතේ වුව ඔහු හා විවාහ වීමට තමා සූදාණම් බැව් විලියෙන් රතුවෙමින් කියා සිටියා ය.

දඩබල්ලා ද තරගාවලියට ඇතුළත්ව සිටියේ ය. එමෙන්ම රජු ගේ සොයුරා වන ස්ටෝර්ම් එන්ඩ්හි උරුමක්කරු කඩවසම් රෙන්ලි බරතියන් උතුමානන්ද ඊට සහභාගි වූයේය. ජොරී, ඇලන් හා හාර්වින් වින්ටර්ෆෙල් සහ උතුර නියෝජනය කරමින් ඊට සහභාගි වූහ. "මේ අනිත් අයත් එකක් බලපුවහම ජොරී නිකං හිඟන්නෙක් වගේ." ඔහු ඔවුන් ඉදිරියෙන් යද්දී සෙප්ටා මෝර්ඩේන් හැඬුම් ස්වරයෙන් කීවාය. සන්සාට ඊට එකඟ නොවීමට හැකියාවක් නොවීය. ජොරී කිසිදු අලංකාරයක් හෝ ආයිත්තමක් නොමැති චාම් නිල්-අළු පැහැ සන්නාහයක් පැළැඳ වැරහැල්ලක් මෙන් දිස් වූ සිනිඳු අළු පැහැ සළුවක් උරහිසේ දවටාගෙන සිටියේ ය. එනමුදු ඔහු මනාව සටන් වැදුනු අතර තම පළමු අසරු පොරයේදී සෙර් හොරාස් රෙඩ්වින් ද, දෙවන වටයේදී ෆ්‍රේ වරයෙක්ද අසුපිටින් බිම හෙලන්නට සමත් වූවේය. තෙවන වටයේදී ඔහු නිදහස් අසරුවෙකු වූ ලොතෝර් බෘන් හා තෙවරක් පොර වැටුනේ ය. දෙදෙනාගෙන් කිසිවෙකුත් තරගය පරාද නොවූ නමුදු ලොතෝර් ගේ ලන්ස පහරවල් වඩා හොඳින් ස්ථානගත වී තිබුනු බැවින් රජතුමා ඔහුට ජයග්‍රහණය පිරිනැමුවේ ය. ඇලන් හා හාර්වින් එතරම් සාර්ථකත්වයක් ලබන්නට සමත් වී නොතිබින. රාජ්‍යාරක්ෂක බලකායේ සෙර් මෙරින් විසින් මුල් වටයේදීම හාර්වින්ව අසුපිටින් බිම දැමූ අතර ඇලන් සෙර් බේලන් ස්වොන් හමුවේ පරාද විය.

අසරු පොරය මුලු දවස පුරාමත් සන්ධ්‍යාකාලය දක්වාත් ඇදී ගියේය. දැවැන්ත යුධ සෛන්ධවයින් ගේ කුර පහරට හසුවූ තරග පිටිය දිනය නිමාවේදී මඩ ගොහොරුවක් මෙන් දිස් විය. අසරුවන් එකිනෙකාට එරෙහිව පොර වදිද්දී, ඔවුන් ‍ගේ ලන්ස කැබලි වී යද්දී සන්සා හා ‍ජේන් කිහිප වරක්ම එකාවන්ව බියෙන් කෑ ගැසූහ. තරගකරුවකු අසු පිටින් බිම වැටෙන සෑමවිටෙකම ජේන් කුඩා දැරියක මෙන් බියෙන් සිය සුරතින් දෑස් මුවා කරගත්තා ය. එනමුදු සන්සා සෑදි තිබුනේ ඊට වඩා දැඩි හැදියාවකින් වූ අතර උසස් කුලීන වංශාධිපතිනියක තරගාවලියකදී හැසිරිය යුත්තේ කෙසේදැයි ඇය දැන උන්නා ය. ඇගේ මේ තැන්පත් බව සෙප්ටා මෝර්ඩේන් ගේ පවා නිරීක්ෂණයට ලක් වී තිබුනු අතර ඇය ඊට අනුකූලතාව දක්වන අයුරින් හිස වැනුවා ය.

රජුන් මරන්නා අතිදක්ෂ අන්දමින් සිය අසු මෙහෙයෙවුවේ ය. ඔහු පුහුණුවීම්වල නියැලී සිටින්නාක් තරම් පහසුවෙන් සෙර් ඇන්ඩාර් රොයිස් හා බ්‍රයිස් කැරන් උතුමානන්ව අසු පිටින් බිම දැම්මේ ය. තෙවන වටයේදී ඔහුට මුනගැසුනේ පෙර වටයන්හිදී තමාට වඩා වසර තිහ හතලිහක් ලාබාල තරුණයන් පහසුවෙන්ම පරදවා තිබුනු සෙර් බැරිස්ටාන් සෙල්මි විය. තරගය තියුණු මුහුණුවරක් ගත් නමුදු අවසන සෙර් ජේමි ජය ලබන්නට සමත් විය.

ජේමි ලැනිස්ටර්
සැන්ඩෝර් ක්ලිගේන් හා ඔහු ගේ දැවැන්ත සොයුරා සෙර් ග්‍රෙගර්ද කිසිවෙකුටත් නැවැත්විය නොහැකි තරගකරුවන් දෙදෙනෙකු වූහ. ඔවුන් දෙදෙනාම එකෙකුට එකෙක් නොපරදින තරම් දරුණු චණ්ඩ අයුරින් සිය ප්‍රතිවාදීන් බිම දැමීමට සමත් වී තිබින. දිනයේ අවාසනාවන්තම සිදුවීම සෙර් ග්‍රෙගර් ගේ දෙවන තරගයේදී සිදුවිය. ඔහු ගේ ලන්සය සිය ප්‍රතිවාදියා වූ මිටියාවතේ සිට පැමිණි තරුණ නයිට්වරයෙකු ගේ ශිරස්ක පටියට යටින් එල්ල වූ අතර පහරේ දැඩිකම කෙතරම් වීද යත් ගෙල පසා කරගෙන ගිය ලන්සය ඔහුට ක්ෂණික මරණයක් ගෙන දුන්නේ ය. තරුණයා ඇදවැටුනේ සන්සා අසුන් ගෙන සිටි තැනට අඩි දහයක වත් නොවූ දුරකිනි. සෙර් ග්‍රෙගර් ගේ ලන්සයේ කැඩුනු තුඩ ඔහු ගේ ගෙලේ ඇමිනී තිබුනු අතර හෘද ස්ඵන්දනය කෙමෙන් වියැකී යද්දී ඔහු ගේ ජීවන රුධිරය ඒ හා සමගාමීව සෙමින් පිටතට ගලා ආවේය. අලුතෙන්ම වැඩ නිමකල ඔහු ගේ සන්නාහය ගිනිදළු මෙන් හිරු එළියේ දිදුලන්නට වූයේය. ඔහු ගේ සළුව ගිම්හානයේ අහසක් මෙන් තද නිල් පැහැ වූ අතර එහි වාටි සුදු පැහැ අඩසඳ හැඩවලින් වැඩ දමා තිබින. එනමුදු කෙමෙන් රුධිරයෙන් තෙත්වද්දී මේ සළුව අඳුරු පැහැ ගැන්වුනු අතර අඩසඳවල් එකින් එක රත් පෑ ගැන්වින.

ජේන් පූල් කෙතරම් තදින් හඬා වැටුනාද යත් ඇයව සැනසීම පිණිස පිටතට රැගෙන යන්නට සෙප්ටා මෝර්ඩේන්ට සිදු විය. එනමුදු සිය උකුළ මත දෑත් බැඳගත් සන්සා වශීකරණයකින් මෙන් ඒ දෙස බලා සිටින්නට විය‍. මිනිසකු මිය යන ආකාරය ඇය මින් පෙර කිසිදා දැක නොතිබින. තමාද හැඬිය යුතුයැයි ඇයට කල්පනා වුවද සිය දෑසට කඳුළු පුරවා ගන්නට ඇය අසමත් විය. සමහරවිට සිය කඳුළු සියල්ල ඇය ලේඩි හා බ්‍රැන් වෙනුවෙන් වැය කර තිබුනා වන්නට ඇත. සමහරවිට ඒ ජොරී හෝ සෙර් රඩ්‍රික් හෝ සිය පියා වූවා නම් තත්ත්වය වෙනස් වන්නට තිබුනු බැව් ඇය තමාටම කියා ගත්තා ය. මේ තරුණ නයිට්වරයා ඇය නොදන්නා ආගන්තුකයකු විය. ඔහු ගේ නම පවා ඇයට අමතකව ‍ගොසිනි. හෙට වන විට මුලුමහත් ලෝකයටම ඒ නම අමතකව යන බැව් සන්සා වටහා ගත්තා ය. ඔහු ගේ නමින් කිසිවෙකු කවදාවත් ගීයක් නොලියනු ඇත. ඔහු ගේ නමින් කිසිවකු කවදාවත් ගීයක් නොගයනු ඇත. එය සැබැවින්ම දුක්බර අවසානයක් විය.

සේවකයින් විසින් මළකඳ ඉවත ගෙන ගිය පසු ඉස්කෝප්පයක් රැගෙන පැමිණි කොලුවකු විසින් ඔහු වැටී සිටි තැන රුධිර පැල්ලම් මැකෙන සේ ඒ උඩින් පස් දමන ලදී. ඉන්පසු සුපුරුදු පරිදි අසරු තරග නැවත ආරම්භ කෙරින.

සෙර් බේලන් ස්වෝන්, ග්‍රෙගර්ට ගොදුරු වුනු අතර රෙන්ලි උතුමානන් දඩබල්ලාට පරාද විය. රෙන්ලි කෙතරම් තදින් තම අසු පිටින් වැටුනාද යත් ඔහු පසුපසට පියාඹා යන්නාක් මෙන් දිස් විය. ඔහු ගේ හිස යමක් බිඳී යන 'ක්‍රැක්' හඬක් නගමින් බිම වැදුනු අතර නරඹන්නෝ ඉහළට ඇදගත් හුස්ම පහළ හෙලා ගැනීමට නොහැකිව ත්‍රාසයෙන් ඒ දෙස බලා සිටියහ. එනමුදු ඒ කැඩී ගොස් තිබුනේ ඔහු ගේ ශිර්ස්කයේ සවි කර තිබුනු රන්වන් ගෝන අඟක් පමණක් වූ අතර ඔහු දෙපයින් නැගී සිටිද්දී තරග නැරඹීමට පැමිණ සිටි සාමාන්‍ය ජනයා ප්‍රීතියෙන් ඔල්වසරන් දුන්හ. රොබර්ට් රජු ගේ කඩවසම් බාල සොයුරා මිනිසුන් අතර බෙහෙවින් ජනප්‍රිය අයකු විය. කැඩී ගිය රන්වන් අං දළුව ඔහු දයාන්විත හිස නැමීමක් සමගින් ජයග්‍රාහී දඩබල්ලාට පිරිනැමූයේ ය. උගුරෙන් හඬක් නැගූ දඩබල්ලා ඒ අං දළුව මිනිසුන් අතරට වීසි කර දැමූයෙන් එය අහුලා ගැනීම සඳහා නරඹන්නන් අතර ගැටුමක් ඇති විය. අන්තිමේදී රෙන්ලි උතුමානන්ටම ඔවුන් අතරට ගොස් ඒ ගැටුම සන්සිඳවන්නට සිදු විය. මේ වනවිට සෙප්ටා මෝර්ඩේන් නැවතත් පැමිණ සිටියා ය. ජේන් ගේ තත්ත්වය අයහපත් වූයෙන් ඇයව නැවත බලකොටුව වෙත පිටත් කර හැරීමට සිදුව තිබින. එනමුදු මේ වනවිට සන්සාට ජේන්ව සහමුලින්ම අමතකව ගොස් තිබින.

තොරෝස්
බෙරික් ඩොන්ඩරියන් ගේ අසු දෙවන පෙළ නයිට්වරයකු අතින් මරණයට පත් වූ අතර ඒ නිසා ඔහු අවමානයට පත් වූ අතර තරගාවලියෙන් ඉවත් කර දැමිනි. සිය සෑදලය නව අසකු පිටට මාරු කරගත් බෙරික් උතුමානන් නැවත තරග බිමට ප්‍රවිශ්ට වූ නමුදු ම(ර්)හි තොරෝස් අතින් පරාජයට පත් විය. සෙර් ආරොන් සැන්ටගාර් හා ලොතෝර් බෘන් ජයපැරදුමක් නොමැතිව තෙවරක් පොර වැටුනහ. ඉන්පසු වටයේදී සෙර් ආරොන්, ජේසන් මැලිස්ටර් උතුමානන් අතින් පැරදුනු අතර ලොතෝර් බෘන් යොන් රොයිස් ගේ බාල පුතණුවන් වන රොබාර්ට ගොදුරු විය. අවසානයේදී තරගකරුවන් සිවුදෙනෙක් ඉතිරි වූහ; දඩබල්ලා සහ ඔහු ගේ දැවැන්ත සොහොයුරා ග්‍රෙගර්, සෙර් ජේමි ලැනිස්ටර් හා සෙර් ලෝරාස් ටිරල් ඒ සිවුදෙනා වූහ.

කුසුම් නයිට්වරයා නමින් හැඳින්වෙන සෙර් ලෝරාස් වනාහි හයිගාර්ඩ්න්හි උතුමානන් සහ දකුණේ ආරක්ෂකයා වන මේස් ටිරල් ගේ බාලම පුතණුවන් විය. දහසය වැනි වියේ පසු වූ ඔහු පිටියට බට තරගකරුවන් අතරින් ලාබාලතමයා වුවද එදා උදෑසන සිය පළමු තරග වට තුනේදීම රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් තිදෙනෙකු පරදවන්නට සමත්ව තිබින. මෙතරම් ලස්සන තරුණයකු සන්සා මින් පෙර කිසිදිනෙක දැක නොතිබින. ඔහු ගේ සන්නාහය සංකීර්ණ ලියවැලින් හා මල්කමින් සරසා තිබුනු අතර ඔහු ගේ හිම මෙන් සුදු පැහැ සෛන්ධවයා රතු හා සුදු පැහැ රෝස මල් ගවසා හැඩ කල පොරෝණයකින් ආවරණය කර තිබින. සෑම තරග ජයග්‍රහනයකින්ම පසුව සිය ශිරස්කය ඉවත් කල සෙර් ලෝරාස් සෙමින් පිටිය වටා ගොස් අන්තිමේදී පිරිස අතර සිටින තෝරාගත් රූමත් තරුණියකට එයින් ගලවාගත් සුදු පැහැ රෝස මලක් පරිත්‍යාග කලේය.

ඔහු ගේ අවසන් ප්‍රතිවාදියා වූයේ රොබාර් රොයිස් විය. සෙර් රොබාර් ගේ සන්නාහයේ කොටා තිබුනු පුරාණ මායා අක්ෂර ලෝරාස් ‍ගේ ප්‍රහාරයෙන් ඔහුව ගලවා ගන්නට අසමත් විය. ඔහු ගේ පලිහ දෙපළු කල සෙර් ලෝරාස් ඔහුව කෙතරම් තදින් අසු පිටින් ඇද දැමුයේද යත් රොබාර් මහත් හඬක් නගමින් බිම හොත්තේ ය. ලෝරාස් සිය සුපුරුදු වටය යාම ඇරඹූ අතර රොබාර් කෙඳිරිගාමින් බිම වැටී සිටියේ ය. අන්තිමේදී ගිලන් මැස්සක හොවා ඔහුව සිය කූඩාරමට ඔසවාගෙන යාමට සේවකයින්ට සිදු විය. සන්සා මේ කිසිවක් නොදුටු අතර ඇගේ දෑසේ වශියකින් මෙන් සෙර් ලෝරාස් මත ඇලී තිබින. අන්තිමේදී සුදු පැහැ සෛන්ධවයා ඈ ඉදිරිපිට නතර වූ විට සිය හදවත පුපුරා යන්නට එතැයි ඇය බියපත් වූවාය.

අනිකුත් තරු‍ණියන්ට සුදු රෝස මල් තිලිණ කල නමුදු මෙවර ඇය වෙනුවෙන් ඔහු තෝරාගත්තේ රතු රෝස මලකි. "ආදරණීය ආර්යාවනි, මේ කිසිම ජයග්‍රහණයක් ඔබෙන් අඩක් තරම්වත් ලස්සන නෑ." ඔහු ගේ නිර්භීත බව නිසා ගොළු වී ගිය මුවින් යුතු සන්සා බයාදු ලෙසින් රෝස මල අතට ගත්තා ය. ඔහු ගේ කැරැළි ගැසුනු කෙහෙරැළි දුඹුරු පැහැයෙන් දිදුල අතර ඒ දෑස් රන්වන් දියරයක් මෙන් බැබලින. සෙර් ලෝරාස් පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරුත් ඇය රෝස මලේ සුවඳ විඳිමින් උන්නා ය.

ලෝරාස් ටිරල්
අන්තිමේදී සන්සා හිස එසවූ විට මිනිසෙක් ඇය අසලින් සිටගෙන ඈ දෙස බලා සිටියේ ය. ඔහු කොට, උල් යටි රැවුලක් ඇති, හිසකෙස් මත රිදී පැහැ වයිරමක් සහිත සිය පියා තරම් වයස්ගත පුද්ගලයකු විය. "ඔබ එයාගෙ දුවෙක් වෙන්ට ඕනමයි." ඔහු කීවේ ය. ඔහු සිනාසුනු නමුදු ඒ අළු-කොළ පැහැ දෑසේ එම සිනාවේ සේයාවකදු දැකිය නොහැකි විය. "ඔබට තියෙන්නෙ ටලී පෙනුම."

"මම සන්සා ස්ටාර්ක්." ඇය නොසන්සුන් ස්වරයෙන් කීවාය. මේ මිනිසා පැළැඳ සිටි ලොම් කොලරයක් සහිත ඝනකම් සළුව රිදියෙන් කල කවට කුරුල්ලකු ගේ රූපයක් මගින් උරහිසේ රඳවා තිබින. එමෙන්ම ඔහුට උසස් වංශාධිපතියකුට අනායාසයෙන්ම හිමිවන අන්දමේ ගාම්භීර පෙනුමක්ද හිමිව තිබින. එනමුදු මේ කවුදැයි සන්සා නොදැන සිටියා ය. "මට සමාවෙන්ට. ඒ වුනත් ඔබතුමාව මුනගැහීමේ ගෞරවය මට හිමිවෙලා නෑ උතුමානනි."

සෙප්ටා මෝර්ඩේන් විගසින් ඇයව ගලවා ගත්තා ය. "ඇයි දරුවෝ, මේ ඉන්නෙ රජතුමාගෙ උප‍දේශක සභාවෙ පෙටයර් ‍බේලිෂ් උතුමානන්."

"ඔබේ අම්මා වරක් මගේ සුන්දරත්වයේ රැජිණ වෙලා හිටියා." මිනිසා මෘදු ස්වරයෙන් කීවේය. "ඔබට තියෙන්නෙත් එයාගෙ කෙස් කළඹමයි." ඇගේ දුඹුරු පැහැ කෙස් රොදක් ස්පර්ශ කරද්දී ඔහු ගේ අතැඟිලි කම්මුලේ ගැටින. හිටි අඩියේම ආපසු හැරුනු ඔහු පිටව ගියේ ය.

මේ වනවිට සඳ නැග තිබුනු අතර නරඹන්නෝ වෙහෙසට පත්ව සිටියහ. එමනිසා අවසන් අසරු තරග තුන හෙට උදෑසන මිශ්‍ර සටනට පෙරාතුව පැවැත්වෙන බැව් රජතුමා නිවේදනය කලේය. සාමාන්‍ය ජනතාව අද දවසේ අසරු පොර හා හෙට පැවැත්වීමට නියමිත සටන් ගැන කතාබහ කරමින් නිවෙස් බලා යද්දී වංශාධිපතීන් ගංඉවුරේ රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන් රැස් වූහ. දැවැන්ත ඔරොක්සයන් සයදෙනෙකු පැය ගනනාවක් තිස්සේ සෙමින් සෙමින් බැදෙමින් තිබුනු අතර සේවකයෝ ඒ මත බටර් හා අනිකුත් සුවඳකාරකයන් තවරමින් සිටියහ. මණ්ඩපවලට පිටතින් දිග මේස හා බංකු පෙළ ගස්වා තිබුනු අතර ඒ මත අලුත බදින ලද පාන්, ස්ට්‍රෝබෙරි, ස්වීට්ග්‍රාස් සහ තවත් නොයෙකුත් දෑ ගොඩගසා තිබින.

රජතුමා සිය රැජිණ සමගින් අසුන් ගෙන සිටි උස් වේදිකාවේ ඔවුන්ට වම්පසින් සන්සා හා සෙප්ටා මෝර්ඩේන් වෙනුවෙන් අසුන් පිළියෙල වී තිබින. ඇ‍ගේ දකුණුපසින් ජොෆ්රි කුමරා අසුන් ගත් විට සිය හුස්ම හිරවී යන්නාක් මෙන් ඇයට දැනින. ගංගා ත්‍රිශූලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් ඔහු තවමත් ඇය හා එක වදනක්වත් දොඩා නොතිබුනු අතර ඔහුට කතා කිරීමට තරම් දිරි වඩා ගැනීමට ඇයට හැකියාවක් නොවීය. ඔවුන් ලේඩිට සිදු කල දේ නිසා කමා ඔහුට වෛර කරන්නේ යැයි සන්සා මුලින් සිතුවා ය. එනමුදු සිය දෑසේ කඳුළු සිඳී යනතෙක් හැඬූ පසු සිදු වූ දේ සම්බන්ධයෙන් ජොෆ්රි අත වරදක් නැතැයි ඇය තමාටම කියා ගත්තා ය. ඇත්තෙන්ම ඔහු අත වරදක් නැත. ඒ සැමෙකක්ම රැජිණ විසින් සිදු කරන ලද ඒවාය. වෛර කල යුත්තේ ජොෆ්රිට නොව රැජිණටය. ඇයට හා ආර්යාට ය. ආර්යා නොසිටියා නම් මේ කිසිවක් සිදු වන්නේ නැත.

අද රෑ නම් ඇයට කෙසේවත්ම ජොෆ්රිට වෛර කරන්නට හැකියාවක් නොතිබින. ඔහු එතරම්ම ලස්සන වූයේය. ඔහු අද රෑ රන්වන් සිංහ හිස් ගෙත්තම් කොට අලංකාර කරන ලද තද නිල් පැහැ කබායක් හැඳ සිටියේ ය. ඔහු ගේ හිස වටා රනින් හා ඉඳුනිල් මිණෙන් නිමවූ කුඩා ඔටුන්නක් විය. ඔහු ගේ කෙහෙරැළි ඔප දැමූ වානේ මෙන් දීප්තිමත් විය. ඔහු දෙස බැලූ සන්සා වෙවුලා ගියේ, ඔහු තමාව නොතකා හරිනු ඇතැයි හෝ තමාට නැවතත් නපුරු අයුරින් සලකනු ඇතැයි හෝ යන බියෙනි.

එහෙත් ජොෆ්රි, ගී සැහැලි වල කියැවෙන අනිත් ඕනෑම කුමරුවෙකු තරම්ම නිර්භීත අයුරින් සිනාසී ඇගේ අත සිපගත්තේ ය. "සෙර් ලෝරාස්ට ලස්සන දකින්ට පුළුවන් බොහොම හොඳ ඇහැක් තියෙනවා මගේ ආදරණීය ආර්යාවනි."

"එයා ඕනවටත් වඩා කරුනාවන්ත වුනා." සන්සා විරෝධාත්මක ස්වරයෙන් මෙන් කීවේ විනීත වීමට උත්සාහ දරමිනි. එනමුදු ඇගේ හදවත ගී ගයමින් නටමින් සිටියේ ය. "සෙර් ලෝරාස් නියමම නයිට්වරයෙක්. ඔබ හිතනවාද හෙට තරගයෙන් එයා දිනාවි කියලා ම‍ගේ ස්වාමිනී?"

"නෑ." ජොෆ්රි කීවේය. "මගේ බල්ලා එයාව පරද්දයි. නැත්තං මගේ මාමා ජේමි. තව අවුරුදු කීපයක් ගියාම, මටත් තරගවලට ඇතුළුවෙන්ට පුළුවන් වුනාම මම ඔය හැමෝවම පරද්දනවා." අත ඔසවා සේවකයෙකුට සන් කල ඔහු සමර්වයින් ගුරුලේත්තුවක් ගෙන්වාගෙන ඇය වෙනුවෙන් කුසලාණක් පිරෙවුවේ ය. ඇය වියවුල් සිතින් සෙප්ටා මෝර්ඩේන් දෙස බැලුවා ය. එනමුදු ඈ දෙසට නැඹුරු වූ ජොෆ්රි ඇගේ කුසලාණද පිරවූයෙන් සෙප්ටා ජොෆ්රිට ස්තූති කර අන් කිසිවක් නොකියා නිහඬ වූවාය.


Sandor Clegane: “I am no knight. I spit on them and their vows.”

79 comments:

  1. පොම් කෝ? කොහෙ හර් දඩයමේ ගිහින්වගේ. Let the cats beware !

    ReplyDelete
    Replies
    1. දඩයමට ලෑස්ති වෙනවලු.

      Delete
    2. දඩයම් කරලා මහන්සියට නිදි ඇති. :P

      Delete
    3. දඩයම් උනාලුද??

      Delete
  2. //බටර් හා අනිකුත් සුවඳකාරකයන් අලුත බදින ලද පාන්, ස්ට්‍රෝබෙරි, ස්වීට්ග්‍රාස් සහ තවත් නොයෙකුත් දෑ //
    ඒක නෙමෙයි හැලපේශ්වරතුමාට පලිහක් තිබුනනම් මොන සලකුන දායිද? මේසයක් සයිස් පලිහක් ඕනෙ වෙයි නේ?

    ReplyDelete
    Replies
    1. කෑම ගොඩක් ගොඩ ගහපු මේසයක් ?
      in a field of halapa colour.

      Delete
    2. ඔරොක්සයන් කියන්නෙ මොක්කුද,වල ඌරොද?උන්ව ඔය විදියට පුස්සනව නං මම දැකල තියෙනව.පාන් තියේනං බීෆ්ස්ටික් තමයි මරු.ස්ට්‍රෝබෙරි අයින් කරල ඇප්‍රිකොට් තියන්ට.හැමදාම වයින් බීල ඇතිවෙලා මං බාර් එක පාරෙන් එන්නං.

      Delete
    3. http://en.wikipedia.org/wiki/Oryx ?

      Delete
    4. මං වැරදියි. (Oryx වියලි ප්‍රදේශවල. ෆැන්ටසිවුනාට වෙස්ටෙරෝස් යුරෝපයට සමානයිනෙ.)
      සතා Aurochs -ඕරොක්ස් නේ? Extinct (on Earth) giant wild cattle.
      වල් හරක් ( මෙතන කාටවත් අපහාසයක් නොවේ )

      Sorry, (බස්සො බෝදිලිං වෙන රටේ ඕරොක්ස් ඔන් ද රොක්ස් වුනත් මොකද?)

      Delete
    5. මම හිතාගන හිටියේ ඕරොක්ස් = ගවරා කියල. ඒත් ගවරා කියන්නේ gaur. එයා හිටියේ ලංකාවෙනෙ.

      Delete
    6. තරහ අවසර කුමරුනි ඉන්දියාවෙ තාම ගවරා ඉන්නව. ඉතා විශාල දැකුම්කලු සතෙක්

      Delete
    7. http://en.wikipedia.org/wiki/Gaur#mediaviewer/File:Indian-bison.jpg

      (impressive huh? I don't know how to put link , sorry Prince)

      Delete
    8. Aurochs කියන්නෙ දඩයම් කිරීම නිසා සියවස් කීපෙකට කලින් වඳ වෙලා ගිය, යුරෝපයෙ, ආසියාවෙ, උතුරු අප්‍රිකාවෙ හිටපු දැවැන්ත කුළුහරක් විශේෂයක්.

      @ පොම් පොම්,

      සමහරවිට ගවරාගෙ මෙයාට ඥාති සම්බන්ධයක් ඇති. ඔන්න ප්‍රා ජේ කරනවනම් පර්යේෂණයක්. පටන්ගමුද? :-)

      @හැලපෙ,

      නිකං ඉන්න වෙලාවක ඔය දකුණු අත පැත්තෙ තියෙන 'වදන් මාලාව' කියන ලින්ක් එක ක්ලික් කලානං ඔය අහන ප්‍රශ්න ගොඩකට උත්තර තියෙනවා. :-)

      Delete
    9. @ ප්‍රා,

      ඇක්ටිව් ලින්ක් එකක් දාන්නෙ මෙන්න මෙහෙමයි.

      <A href="http://en.wikipedia.org/wiki/Gaur#mediaviewer/File:Indian-bison.jpg">Indian Bison</A>

      එතකොට මේක පේන්නෙ මෙහෙම.

      Indian Bison

      Delete
    10. ඔව්වොව් ඉන්දියාවේ නම් ඉන්නවා. ලංකාවෙත් හිටියලු නේ. දන්නා හැටියට නම් subspecies එකක්.

      Delete
    11. මොකද අනේ කට්ටිය "වල් මීහරක්" ගැන කතා කරන්නේ? :D:D

      Delete
    12. @හැලපේ,

      ස්ට්‍රෝබෙරි ක්‍රීම් එක්ක කාලා බලන්ටකෝ...:P

      Delete
  3. ගිරිහිම නිපාතය , wow එළකිරි යෙදුම ආර්යාවෙනි :D
    but the picture on the top is not so එළකිරි.

    Hafthor Julius Bjornsson as ග්රෙගොර් ක්ලිගේන්. incredible casting choice.

    මේ සන්සා වගේ මැටි ගොඩක්. අම්මගේම දුව :D

    ReplyDelete
    Replies
    1. ජේන් පූල් නම් පොං පොං කුමරු දැක්කත් //විලියෙන් රතු//වෙයි නේ?

      Delete
    2. පොං ‍පොං කුමරු යන්නෙ ඔය වගේ ටූර්නමන්ට්ස්වලට නෙවෙයි ලු.. අරිෂ්ට බී‍මේ ඒවට ලු.. ;-)

      Delete
    3. @ පොම්,

      පොතේ මේ කෑල්ල කියවද්දි මට ආපු ප්‍රශ්නයක් තමා, නියම විදියට නම් jousting වලට සහභාගි වෙන්ට පුළුවන් නයිට් කෙනෙකුට විතරයි. නයිට් කෙනෙක් නොවන කෙනෙක් එක්ක jousting කරන එක හරිහමන් නයිට් ‍කෙනෙක් නම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම තියෙද්දි කොහොමද දඩබල්ලා, තොරෝස්, ජොරී, ඇලන් වගේ අය jousting වලට සහභාගි වෙන්නෙ?

      ඔබතුමා ඔය කියවන forums වල මේකට මොකුත් උත්තරයක් එහෙම තිබ්බෙ නැද්ද?

      Delete
    4. http://en.wikipedia.org/wiki/A_Knight's_Tale

      Delete
    5. බුර් පොඩ්ඩක් බලන්න high middle ages and late middle ages in the context of jousting . Late MA කාලෙ තමයි chivalry කියන එක සීරියස් වුනේ. ඊට කලින් less gentlemanly and less regulated. අයිවන්හෝ එකෙත් melee එකේ non-knights ඉන්නවනේ? individual combat නම් knights විතරයි මගෙ හිතේ. (I maybe wrong) මාටින්ගෙ ලෝකෙ කොහොමද කියල මං දන්නෙ නෑ PoM?

      Delete
    6. melee ගැන නෙවෙයි මම කියන්නෙ jousting ගැන. ඒක නයිට්වරුන් සඳහාම පමණක් වෙන් වුන ක්‍රීඩාවක් නේද?

      අනික ටූර්නි එකකදි තමන් නියම නයිට් කෙනෙක් කියලා ඔප්පු කරන්නෙ නැත්තං එයාට ෆයිට් කරන්ට දෙන්නෙත් නෑ නේද? අනිත් අයට අගෞරවයක් ‍වෙයි කියලා. මතකද 'The white company' එකේ french නයිට් සර් බර්ට්‍රන්ඩ් ඩූ ගොස්ලින් මූන වහගෙන ඇවිත් චැලෙන්ජ් කලාම එඩ්වඩ් කියනවා හරිහමන් නයිට් කෙනෙක්ද කියලා දන්නෙ නැති නිසා ෆයිට් කරන්ට දෙන්ට බෑ කියලා? එතකොට සර් ෂැන්ඩොස්ට අනන්‍යතාව ඔප්පු කලාට පස්සෙ තමා english නයිට්ලා යවන්නෙ.

      Delete
    7. මං හිතන්නෙ බුර් හර් කියල. හැබැයි earliest period එකේ වෙනස්ද දන්නෙ නෑ.
      අයිවන්හෝ එකේ විල්ෆ්‍රඩ් සහ රිචර්ඩ් දෙන්නම අනන්යතාවය හෙලිකලේ නෑ නේද?

      Delete
    8. මම නම් හිතන්නේ ජෝර්ජ් ලොක්ක මේ කතාව ප්ලේස් කරලා තියෙන්නේ alternative timeline එකක. so we cannot really compare the situations with actual middle ages. ඔය උත්තමයෝ කියවල තියනවද hedge knight ? ඕකේ තියෙන්නේ ser duncan the tall ගේ විස්තරේ. එයාටත් tourney එකකට සම්බන්ධ වෙන්ට දෙන්නේ නෑ නයිට් නෙවෙයි කියල. එකත් ඔය westeros universe ම තමයි. හැබැයි ගොඩක් කාලෙකට කලින්. සමහරවිට george ඇත්ත ලෝකේ සිද්ද වුනු දේ එහෙම පිටින්ම රිවස් කලාද දන්නේ නෑ .

      melee වල නම් හැමෝටම තැනක් තිබුන නේද කොහොමත්?

      Delete
    9. හපොයි දැන් මේ කතාව අස්සයෝ පිටින් ගිහින් ගහ ගන්න එකක් ගැනද? එක්කෝ බොනවා. නැත්නම් ගහගන්නවා. ඒත් නැත්නම් දඩයමේ යනවා . මෙහෙමත් පිරිමි...:P

      Delete
    10. @පොම් පොම්,

      //but the picture on the top is not so එළකිරි.//

      Je suis d'accord Mon seigneur!!!

      කොහෙද අර සන්සාගේ ලස්සණ ෆොටෝ එකක් දාන්ට තිබ්බානේ...ෂිහ්...:P

      Delete
    11. どういたしまして! 奥方 :P

      Delete
    12. මේ ලියලා තියෙන්නෙ high valyrian වලින් වෙන්ටැති නේ.. :-P

      მოგკლას ყველა

      Delete
    13. Dont kill us :P

      isnt that georgian ?
      Ser Bur did you go to Tbilisi University ? :O

      no its japanese.
      there is no complete high valyrian script. closest we have is tengwar

      like "I amar prestar aen, han mathon ne nen, han mathon ne chae a han noston ned 'wilith."

      Delete
    14. Yeah, that's Georgian. Another language with beautiful letters just as like as Sinhalese & Burmese. Tbilisi is in my wishlist, one day I will go there somehow.. :-)

      Elvish langs., අන්න මිනිස්සු. මේ මාර්ටින් ලොක්කා වගේ කම්මැලියෙක් නෙවෙයි. හැම පුංචි දෙයක් ගැනම හොයලා බලලා වැඩ කරන මිනිස්සු..

      Delete
    15. Lots of Sri Lankan students in the medical faulty there. :)

      Delete
  4. අයියෝ අර ජොෆ්රි වගේ බුරුවෙක්ට රැවටෙන්න තරම් මේ වගේ මොඩියෙක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත.. :-D

      Delete
    2. //PRINCE EFFECT // ?
      :ෂ්හ්හ්හ්හ් පොං පොං ඔතන මනෝජ් කියල තියෙන්නෙ ප්‍රින්ස් බූරුවෙක් කියල. ඉක්මනට ඔබතුමාගෙ කමෙන්ට් එක ඩිලීට් කරගන්න. ඔබතුමාත් අපේ දේශපාලකයෙක් වගේනෙ පම්පෝරිගහන්න ගියාම ඉතින්...... .....අපි වගේ අන්තේවාසිකයින්ටත් නෝන්ඩිය. ඔබතුමාගෙ සුවච කීකරු මොටා දක්කොත් වල්ගෙ හපාගෙන දිවංගත වෙනව

      Delete
    3. අහෝ අන්තේවාසිකය තොපට නොවැටහුනද ඔය මෙලෝ රසයක් නොමැති ජෝෆ්රි වැනි උලමෙකුට පවා සන්සා වැනි කුල කුමරියන් වශී වෙන්නේ prince effect නිසා බව දැනගනුව. කුමාරයෙකු නොවී නම් ඔය කොලුවා හට සිදුවන්නේ කුමක් දැයි සිතා බලනු. කුමාරයා කිව් කලෙහි සන්සා කෙල්ලගේ මැටි හිතෙහි පහල වන stereotype එක මත ඇතිවන ආකර්ෂණය prince effect ලෙස හැඳින්වෙන බව සිහි තබා ගනුව.

      Delete
    4. එහෙමයි එහෙමයි ජොෆ්ෆ්‍රි කුමරුනි, නෑ නෑ ගැත්තාට පනස්පස්වාන් දහසකට කමා කරන්ට පොං පොං කුමරුනි.
      මගෙ මේ ගවර මොලේට කල්පනාවුනේ ඔබවහන්සෙ බැරිවෙලාවත් කුමාරයෙක් නොවුනානම් අපිටත් යන එන මං නෑ නේද කියල

      //ජෝෆ්රි වැනි උලමෙකුට // -
      එතකොට අර බස්තුමාත් කුමාරයෙක් වෙන්න ඇති නේ? අනේ දෙයියනේ ඉස්සර මට කට වැරදුන ඒවට ඒ කුමරුත් සමාව බාජනය කරයි කියල හිතනව

      Delete
    5. //prince effect // ???

      මේවට නම් කමෙන්ට් කරලත් වැඩක් නෑලු. :P

      Delete
    6. ඇත්ත හින්දලු නේ ? :P

      Delete
    7. අනේ මේ පොං කුමරු වැනි නැණවත් කුමරුවන් අපි වගේ යටත් වැසියන්ට වාසනාවක්.:D

      Delete
    8. //මෙලෝ රසයක් නොමැති ජෝෆ්රි වැනි උලමෙකුට ...//

      කව්ද බොල උලමට අපහාස කරන්නෙ? කොටනවා ඔලුගෙඩියටම, උලමා අපේ කෙනෙක්

      Delete
    9. Prince කියලා නමට දාගත්තමත් ඔය effect එක එනවලු ද??

      Delete
    10. ලාවට වගේ එනවලු... ;-)

      Delete
  5. //කරනවනම් පර්යේෂණයක්. පටන්ගමුද?//

    හ්ම්ම් හ්ම්ම්.
    බුර්, ගවර ගැන තියනව මිත්යාකතාවක් උගෙ දිව ආවුදයක් ලෙස යොදාගන්නව කියල ( මස් ගැලවෙන්න ලෙවකන්න පුලුවන් :-D ), දැන් මට හොයාගන්න බෑ reference එක. බුර් දන්නවද? ( මේක පුද්ගලික අවශ්යතාවකට චැට් සඳහා යොදා ගැනීම ගැන සමාවන්න. වෙන ක්‍රමයක් නැති නිසා ඇහුවෙ )

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව අහලා තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒකත් අර නිට්ටෑවො ගැන තියෙන මිත්‍යාවන් වගේ බැහැර කරන්ට ඕන එකක් කියලයි.

      Delete
    2. ඔව් බොස් එහෙම තමය්. බොරු.
      ඒත් රිසර්ච් එකකදි ඔක්කොම ලියන්න ඕනැනෙ විශ්ලේශනය කරන්න. The origin of the myth might be really fascinating. (බොරු කතා වුනත් ෆැසිනේටින් කියල ඔබතුමාට වඩා කවුද දන්නෙ :-D) මට ඒ රෙෆරන්ස් එක හොයාගන්නයි ඕනෙ

      Delete
    3. ගවරා ගැන සාමාන්‍යයෙන් කියැවෙන්නෙ සිංහල ජනකතාවල නේද? මට මතකනං නෑ කොහෙන්ද කියෙවුවෙ කියලා. නෙට් එ‍කේ "ගවරා" කියලා සර්ච් පාරක් දාලා බැලු‍වෙ නැද්ද?

      Delete
    4. //(බොරු කතා වුනත් ෆැසිනේටින් කියල ඔබතුමාට වඩා කවුද දන්නෙ :-D)//

      :D:D:D

      Delete
    5. //ඔබතුමාට වඩා කවුද දන්නෙ //?

      ටයනුකුමාරි !!!

      Delete
    6. //ඔබතුමාට වඩා කවුද දන්නෙ //?

      ටයනුකුමාරි !!!

      ඔව්වොව් :D

      Delete
  6. සන්සා.... ඔය එළදෙන ගැන කොටස් ටික අහක් කරන්ට බැරිද..? :D

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. ඊළඟටත් ඉන්නෙ සන්සාම තමා.. :-P

      Delete
    2. කීවත් වගේ මෙච්චර ලස්සණ ගෑනු ලමයෙකුට කියන කතා. :D

      Delete
    3. ලස්සනයි කියලා මොනවා කොරන්ටද අප්පා.. තනිකරම මැටි කදක් උන කොට.. :D

      Delete
    4. සැක් මේ මැටි ගොඩට මාරයාත් කැමති නෑනේ..

      Delete
  7. සටන් ගැන කියවලා මහන්සියි අනේ .......

    ඇත්තටම සන්සා මෝඩ උනාට ලස්සනයි නේ . ඇයි එයාට කවුරුත් කැමති නැත්තේ :)

    ReplyDelete
    Replies
    1. ලස්සන විතරක් තිබිලා මක්කටැයි මෙයා. ;-)

      Delete
    2. ලස්සණ නැත්නම් ඒත් වැඩක් නෑලු මෙයා...:P

      Delete
    3. අර පොංට ඔය මොනවත් නෑ ඒත් සින්හයොවුනත් කැමති කුමාරයෙක්!

      Delete
    4. සෝනියාගේ ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නේ... :D
      ලස්සන උනාට මෝඩයිනේ

      Delete
  8. මේක කියවල පොඩ්ඩක් රොබින් හුඩ් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තැනුත් තියෙනවා නේ..

      Delete
  9. අද නම් ටිකක් වගේ බෝරින්.....

    අරුයි, මුයි, අහවල් ඒකයි ආවා.. අරූ මුව පැරැද්දුවා.. මූ අරූ ව පැරැද්දුවා... තව අරුයි, මූයි, අහවල් ඒකයි හිටියා...

    :(

    ReplyDelete
    Replies
    1. 'අරූ' කොහෙද බං එතන හිටියෙ. ඒ අහිංසකයාව මොකටද ‍මේකට ගාවගත්තෙ.. :-D

      Delete
  10. මට මේකෙ ඊළඟ කොටස් දවස් 2, 3 එනකං ඉවසගෙන ඉන්න බැරි තත්වයකට ආවා. හොයා ගත්තා පොත. ඉවර කලා කියවලා. ඊයේ ලයිබ්‍රරියෙන් ගත්තා දෙවෙනි පොත....

    ReplyDelete
    Replies
    1. හපොයි ... කතාව කියවන්ට අකැමති වුනු එක්කෙනෙක් නේද මේ?:P

      Delete
    2. මම..??? නෑ..........හ්...

      Delete
    3. මට වැරදුනාවත්ද? එහෙනම් මම හිතන්නේ බුරා වෙන්ට ඇති. :P

      Delete
  11. බුරා, කුමාරිහාමි තිසර ඇතුළු පිරිස වෙත,

    යකෝ බොලාගෙ පරණ මිත්ත්‍රයගෙ නූල් ඩිවයිස් බොලොගෙ මැස්සො ඉන්න හින්ද අන්න ඌම කමෙන්ට් එහෙකුත් දාගෙන :D

    යමල්ල පොඩ්ඩක් මොනා හරි කියල එන්න, අඩු ගානෙ ඌට තව ටිකක් ලියන්න හිතෙන්නේවත්.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි නම් ගිහින් කමෙන්ට් කරලා ආවලු. :)

      Delete
    2. ආ! ඌ දැන් බ්ලොග් එකකුත් ලියනවද? :-D

      Delete
    3. @සිංහයා,

      කෝ මේ කීව එක්කෙනා පැත්තේ ගිහින් නෑනේ. :P

      Delete
  12. කෝ යකෝ ආර්යා...
    මං හිතුව තරගෙ දවසෙ මොකක් හරි බාල්දියක් පෙරලයි කියල සැක් එහෙම් පිටින්ම බලාපොරොෟතුත කඩවුණා...
    කවුද අර රෝස මලක් ඇරං ඉන්න මෙලෝ රහක් නැති කෑල්ල...
    සැත් ඉතරක්...

    ReplyDelete
    Replies
    1. නරියෙකුත් එකමත් එක කාලෙක මිදි ඇඹුල් කියලා යන්ට ගියාලු. :D

      Delete
  13. අෆ්ෆා මට නම් සන්සාගේ කලින් වතාවේ කොටස් කියවලා එපා වෙලා හිටියේ.. අර මාරයියා කිවුවත් වගේ ඒ ටික ස්කිප් කරලා දාන්න බැරිද දන්නේ නෑ නේ???

    ReplyDelete
    Replies
    1. එතකොට කතා‍වෙ සමහර සිදුවීම් නැතුව යනවනේ.. :-)

      Delete