Monday 13 October 2014

ජොන් 04-2


ජොන් නැගිට සිටියේ ය. "අපි යමු එළියට."

රවුම් මුහුණ සැකසහිත අයුරින් ඔහු දෙස බැලී ය. "ඇයි? අපි මොනවද එළියෙ කරන්ට යන්නෙ?"

"කතා කරන්ට. ඔබ ප්‍රාකාරෙ දැකලා තියෙනවද?"

"මම මහතයි තමා. ඒ වුනත් අන්ධ නෑ." සෑම්වෙල් ටාර්ලි පිළිතුරු දුනි. "ඇත්තම මම ඒක දැකලා තියෙනවා. ඒක අඩි හත්සීයක් උසයි." කෙසේ වුවද නැගී සිටි ඔහු ගෙල වටා ලොම් කබායක් දවටාගත්තේ ජොන් පසුපසින් ශාලාවෙන් පිටවිය. එහෙත් තමා එනතෙක් බලා සිටින කිසියම් නපුරු උපායක් පිටත රාත්‍රියේ ඇතැයි සිතන්නාක් වැනි පරීක්ෂාකාරී බවක් ඔහු වෙතින් දිස් විය. ඔවුන් දෙදෙනා පසෙකින් ගෝස්ට් ද සෙමින් සෙමින් අඩි තබන්නට විය. "මම කවදාවත් හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා." සෑම් කීවේ ය. ඇවිදීම නිසා දැනටමත් විඩා වැටී ඇති අයුරින් ඔහු හති දමන්නට විය. "ඔක්කොම ගොඩනැගිලි කඩන් වැටෙන්ට පටන් අරන්. අනික ඒක හරිම... හරිම..."

"සීතල ද?" බලකොටුව වසමින් සිහින් තුෂාරයක් ඇද වැටෙමින් තිබුනු අතර සීතලෙන් මිදුනු තණපත් පයට පෑගී නගන හඬ ඔහුට ඇසෙන්නට විය.

සෑම් දුක්ඛිත අයුරින් හිස වැනුවේ ය. "මට සීතල පෙන්නන්ට බෑ. ඊයේ රෑ මට නින්දෙන් ඇහැරිලා බැලුවාහම ගින්න නිවිලා ගිහිල්ලා. මං හිතුවා උදේ වෙද්දී මාව සීතලෙන් ගල් ගැහිලා යයි කියලා."

"ඔබ ආපු පැත්තෙ මෙච්චර සීතල නැතුව ඇති."

"පහුගිය මාසෙ වෙනකං මම හිම දැකලා තිබ්බෙ නෑ. අපි, ඒ කියන්නෙ මායි, මගෙත් එක්ක උතුරට එන්ට කියලා තාත්තා එවපු මිනිස්සුයි, අපි මුඩු බිම් පහුකරමිනුයි හිටියෙ. එකපාරටම පුංචි පොද වැස්සක් වගේ මේ සුදු පාට දේ වැටෙන්ට පටන්ගත්තා. මුලින්ම මම හිතුවා ඒවා හරිම ලස්සනයි කියලා, හරියට අහසෙන් වැටෙන පිහාටු වගේ. ඒ වුනත් මේවා දිගින් දිගටම වැටෙන්ට පටන්ගත්තා. අන්තිමේදී මාව ඇටකටුවලට යනකංම සීතලෙන් මිදිලා ගියා. මම බයේ හිටියෙ ඒක කවදාවත් ඉවරවෙන එකක් නෑ කියලා."

ජොන් මඳ සිනහවක් පෑවේ ය.

අඩ සඳ එළියේ දිදුලමින් ප්‍රාකාරය ඔවුන් අබියස නැගී සිටියේ ය. ඉහළ ආකාශයේ තාරකා දීප්තිමත්ව පැහැදිලිව බබළමින් තිබින‍. "එයාලා මට අරක උඩට නගින්ට කියයි ද?" ලීයෙන් තැනුනු දැවැන්ත පඩිපෙළ දෙස බලද්දී ඔහු ‍ගේ මුහුණ ඇද වී ගියේ ය. "අර පඩිපෙළ නගින්ට වුනොත් නම් මාව මැරිලා යයි."

"දබරයක් තියෙනවා." ජොන් කීවේ එදෙසට ඇඟිල්ල දිගු කරමිනි. "එයාලට ඔබව කූඩුවෙ දාලා ඉහළට අදින්ට පුළුවන්."

සෑම්වෙල් ටාර්ලි හුස්මක් ඉරුවේ ය. "මම උස තැන්වලට ආස නෑ."

ජොන්ට තවත් නම් ඉවසා සිටිය නොහැකි විය. "උඹ හැමදේටම බයද? මට තේරෙන්නෙ නෑ‍. උඹ ඇත්තටම ඔච්චර බයගුල්ලෙක් නම් ඇයි මෙහාට ආවෙ? ඇයි මේ වගේ බයගුල්ලෙකුට නිශා රැකුමට බැඳෙන්ට ඕන වුනේ?"

සෑම්වෙල් ටාර්ලි දිගු වේලාවක් ඔහු දෙස බලා සිටියේ ය. ඔහු ‍ගේ වටකුරු මුහුණ කෙමෙන් ඇකිළී යනු පෙනින. තුෂාරයෙන් වැසුනු බිම වාඩි වූ ඔහු හඬන්නට පටන් ගත් අතර ඉකිබිඳුම් නිසා ඒ මුලු සිරුරම ගැස්සෙන්නට විය. ජොන් ස්නොව්ට කල හැකි වූ එකම දෙය එතැන සිටගෙන ඒ දෙස බලාසිටීම පමණි. මුඩු බිම්හි වූ හිමපතනය මෙන් මේ හැඬුමත් කිසිදා අවසන් නොවන්නක් මෙන් පෙනින.

කල යුතු කුමක්දැයි දැන සිටි එකම තැනැත්තා ගෝස්ට් විය. සෙවනැල්ලක් මෙන් නිසලව ඉදිරියට ඇදුනු ඝෝරවෘකයා සෑම්වෙල් ටාර්ලි ගේ කම්මුල් දිගේ ගලාහැලෙන උණු කඳුළු ලෙව කන්නට විය. තැතිගැනුනු මහත කොලුවා බියෙන් මෙන් කෑ ගැසුවද මොහොතක් තුළ ඔහු ගේ හැඬුම් සිනාවක් බවට පරිවර්තනය විය.

ජොන් ස්නොව් ද සිනාසෙන්නට පටන් ගත්තේ ය. මොහොතකට පසු ඔවුන් දෙදෙනා සිය කබා තරයේ පොරවාගෙන ඔවුන්ට මැදිව සිටි ගෝස්ට් ද සමගින් මිදුනු බිම වාඩි වී සිටිනු දක්නට ලැබින. ගිම්හානන්තයේ හිම අතරින් ඔහු හා රොබ් විසින් මෙම වෘක පැටවුන් සොයාගත් ආකාරය ජොන් විස්තර කරන්නට විය. එය සිදුවී වසර දහස් ගණනක් ගෙවී ඇතැයි ඔහුට හැඟෙන්නට විය. වැඩි වේලාවක් යන්නට පෙර තමා වින්ටර්ෆෙල් ගැන කතා කරමින් සිටිනු ජොන්ට දැනින.

"සමහර වෙලාවට මට ඒක හීනෙන් පේනවා." ජොන් කීවේ ය. "මම මේ දිග මොකුත් නැති හිස් ශාලාවෙ ඇවිදගෙන යනවා. මට කටහඬ හැමතැනම දෝංකාර දුන්නට කවුරුවත් උත්තර දෙන්නෙ නෑ. ඉතින් මම දොරවල් ඇර ඇර කට්ටියගෙ නම් කිය කියා කෑ ගගහා තවත් හයියෙන් ඇවිදිනවා. මම මේ කාවද හොයන්නෙ කියලා මම දන්නෙත් නෑ. ගොඩක් වෙලාවට ඒ මගේ තාත්තා. සමහර වෙලාවට රොබ්. එහෙමත් නැත්තං මගේ පුංචි නංගී, ආර්යා. නැත්තං මගේ බාප්පා." බෙන්ජින් ස්ටාර්ක් ගැන සිතද්දී ඔහුට දැඩි දොම්නසක් දැනෙන්නට විය. ඔහු ගේ බාප්පා තවමත් අතුරුදහන් වී සිටියි. නාකි වලහා ඔහුව සොයා ගෙන ඒම සඳහා මුර සංචාරක කණ්ඩායම් කීපයක්ම පිටත් කර හැරියේ ය. සෙර් ජැරමි රයිකර් දෙවතාවක්ම ඔහුව සොයා ගොස් තිබින. සෙවනැලි කුළුණේ සිට අත කොට ක්හෝරින් ද මුර සංචාර දියත් කොට තිබින. සිය ගමන් මාර්ගය ලකුණු කිරීම් වස් බාප්පා විසින් ගස්වල කල සලකුණු කිහිපයක් හැරෙන්නට අන් කිසිවක් ඔවුන්ට සොයා ගත නොහැකි විය. ගිරි ශිඛරයෙන් ගැවසී ගත් වයඹ දිග කඳු අතරේදී මේ සලකුණු එක්වරම නැති වී ගොස් තිබුනු අතර බෙන් ස්ටාර්ක් මුළුමනින්ම අතුරුදහන්ව සිටියේ ය.

"ඔබේ හීනවලදී ඔබ කාව හරි හොයාගන්නවද?" සෑම් ඇසී ය.

ජොන් හිස සැලුවේ ය. "කවුරුවත්ම නෑ. බලකොටුව හැමවෙලාවම සම්පූර්ණයෙන්ම හිස්." මේ සිහින ගැන ඔහු මින් පෙර අන් කිසිවකුටවත් කියා නොතිබින. තමා දැන් එය සෑම්ට කියන්නේ මන්දැයි ඔහුට නොවැටහුනු නමුදු ඒ ගැන කතා කිරීම සිතට සහනයක් ගෙන දුන්නේ ය. "බලකොටුවෙ කපුටො හිටන් යන්ට ගිහිල්ලා. ඉස්තාලවල ඇටකටු ගොඩගැහිලා තියෙනවා. ඒක හැමවෙලාවෙම මාව බය කරනවා. මම දුවන්ට පටන් ගන්නවා. දොරවල් ඇර ඇර, පඩිපෙළේ පඩි තුන තුන එකපාර පැන පැන දුවනවා. කවුරුහරි ඉන්නවද කියල කෑ ගහ ගහ. ඊට පස්සෙ මට තේරෙනවා මම දැන් ඉන්නෙ සොහොන් ගෙවල්වලට යන දොරටුව ඉස්සරහා කියලා. ඒක ඇතුළෙ අන්ධකාරයි. මට පේනවා පඩිපෙළ සර්පයෙක් වගේ පහළට විහිදිලා තියෙනවා. කොහොමහරි මම දන්නවා දැන් මම පහළට යන්ට ඕනයි කියලා. ඒ වුනත් මට ඕන නෑ යන්ට. ඒක ඇතුළෙ මම එනකං බලන් ඉන්නෙ කවුද කියලා මම බයවෙනවා. පුරාණ සීත කාලෙ රජවරු තමා ඒක ඇතුළෙ ඉන්නෙ. එයාලගෙ සිංහාසනවල වාඩිවෙලා, කකුල් දෙක ගාව ඉන්න වෘකයොයි, උකුළ උඩ තියාගත්ත යකඩ කඩුයි එක්ක. ඒ වුනත් එයාලට නෙවෙයි මම බය වෙන්නෙ. මම කෑගහලා කියනවා මම ස්ටාර්ක් කෙනෙක් නෙවෙයි, මේක මට අයිති තැනක් නෙවෙයි කියලා. ඒ වුනත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. මට පහළට යන්ටම වෙනවා. ඉතින් මම බිත්ති අත ගගා හෙමින් හෙමින් පහළ බහිනවා. මගේ අතේ පන්දමකුත් නෑ. ඒක එන්ට එන්ටම අන්ධකාර වෙනවා. අන්තිමේදී මට මේක දරාගන්ට බැරුව කෑගහන්ට හිතෙනවා. එතැනදි තමා මට හැමදාම ඇහැරෙන්නෙ." සීතල තෙත්බරිත වී ගිය සිරුරෙන් යුතුව සිය කුටියේ අන්ධකාරය මැද්දේ ගැහෙමින් ඔහු අවදි වෙයි. ‍ඒ හැමවිටම ගෝස්ට් ඔහු‍ පසෙකට පනින අතර උගේ සිරුරේ උණුසුම උදා හිරුඑළිය මෙන් ඔහුව ප්‍රබෝධමත් කරයි. ඝෝරවෘකයා සුදු පැහැ දළ ලොම් අතර මුහුණ සඟවාගන්නා ඔහු නැවත නින්දට වැටේ. "ඔබත් හෝර්න් හිල් ගැන හීන දකිනවද?" ජොන් ඇසී ය.

"නෑ." සෑම් ‍ගේ දෙතොල් තදින් පියැවී ගියේ ය. "මම එතැනට වෛර කරනවා." ඔහු ඝෝස්ට් ගේ හිස පිටුපස කසමින් කල්පනා කරන්නට වූ අතර ජොන් මේ නිහැඬියාවට වැඩෙන්නට ඉඩ දුන්නේ ය. දිගු වේලාවකට පසු සෑම්වෙල් ටාර්ලි කතා කරන්නට පටන් ගත්තේ ය. ජොන් නිහඬවම ඔහුට සවන් දුන්නේ මේ බියගුල්ලා ප්‍රාකාරයේ සේවය පිණිස මෙහි පැමිණියේ කෙසේ දැයි වටහා ගත්තේ ය.


ටාර්ලිවරුන් යනු හයිගාර්ඩ්න්හි වංශාධිපතිතුමන් හා දකුණුකරයේ ආරක්ෂකයානන් වූ මේස් ටිරල් උතුමානන්ගේ ධජ දරන්නන් වූ පුරාණ වංශවත් පෙළපතක් විය. රැන්ඩිල් ටාර්ලි උතුමානන්ගේ වැඩිමහල් පුතනුවන් වූ සෑම්වෙල් උපන්නේ සාරවත් ගොවිබිම්, සුවිසල් ශක්තිසම්පන්න බලකොටුවක් හා ප්‍රවාදවල කියැවෙන, වසර පන්සීයක් තිස්සේ පියාගෙන් පුතාට වශයෙන් උරුමවෙමින් පැමිණි 'හදවතේ විනාශය' නම් වූ දැවැන්ත වැලීරියන් අසිපතක් යන මේ සියල්ලේ උරුමක්කරුවා වශයෙනි.

එනමුදු ඔහු කෙමෙන් කෙමෙන් තර, මෘදු, අදක්ෂ දරුවකු වශයෙන් වැඩෙද්දී සිය වැඩිමහල් පුතා ගේ උපතේදී ඔහු ගේ පියාට දැනුනු ආඩම්බරය නැතිවී යන්නට විය. සෑම් වඩාත්ම ප්‍රිය කලේ සංගීතයට හා තමාගේම ගීත ලිවීමට ය. සුමුදු විල්ලූදයෙන් සැරසීමට ය. බලකොටුවේ කුස්සියට වී කෝකියන් හා එක්ව ඉවුම් පිහුම් කිරීමට ය. ලෙමන් කේක් හා බ්ලූබෙරි ටාර්ට් ගිලදැමීමට ය. ඔහු ගේ ලැදියාවන් වූයේ පොත්, පූස් පැටවුන් හා නර්තනය, ඔහු කිසිසේත්ම දක්ශ නොවූ නර්තනය පමණක් විය. එනමුදු ඔහු රුධිරය දැකීමෙන් පවා අසනීප විය. කුකුළු පැටවකු මරන අයුරු දැකීමම ඔහුව හැඬවීමට සමත් විය. හෝර්න් හිල් වෙත පැමිණි සටන් පුහුණු ආචාර්යවරුන් දුසිමක් පමණ ආපසු හැරී ගියේ සිය පුත්‍රයා දක්ශ නයිට්වරයකු වනු දැකීමට ඔහු ගේ පියා දුටු සිහිනය සපුරාලීමට අසමත් වෙමිනි. මේ කුඩා කොලුවාට සාපකිරීම් හා අවලාදවලට මුහුණ පෑමට, වේවැල් පහර කෑමට, කම්මුල් පහර කෑමට, නිරාහාරව සිටීමට වැනි විවිධ දඬුවම්වලට මුහුණ දීමට සිදු විය. ඔහුව නිර්භීත රණකාමියකු කිරීමේ අරමුණින් එක් මිනිසෙක් ඔහුව සන්නාහය පිටින් නින්දට යැවුවේ ය. තවෙකෙකු ඔහුව සිය මවගේ ඇඳුම් වලින් සරසා බලකොටු තාප්පය පුරා ඇවිද්දෙවුවේ ඔහුව ලජ්ජාවට පත් කර එමගින් හෝ ඔහු තුළ ධෛර්‍යය වඩවනු පිණිස ය. එනමුදු සිදූවූයේ ඔහු තව තවත් තර හා බියසුළු කොලුවකු මෙන් වැඩීම පමණය. අන්තිමේදී රැන්ඩිල් උතුමානන් ගේ සිතෙහි වූ බලාපොරොත්තු කඩවීමේ වේදනාව කේන්තියක් බවටත් එතැනින් පිළිකුලක් බවටත් පෙරැලින. "එක පාරක්," සෑම් කීවේ කෙඳිරියක් තරමේ සිහින් හඬකිනි. "මිනිස්සු දෙන්නෙක් ආවා බලකොටුවට. ඒ ඛාර්ත්වලින් ආපු සුදුමැලි හමක් තිබ්බ ඉන්ද්‍රජාලිකයො දෙන්නෙක්. උං ඔරොක්ස් එකෙක්ව මරලා මාව ඒ උණු ලේ වලින් නෑවුවා. ඒ වුනත් උං පොරොන්දු වුන විදියට ඒකෙන් මාව නිර්භීත ළමයෙක් වුනේ නෑ. තාත්තා උංට සබුක්කුවෙන් තලලා එලවලා දැම්මා."

අන්තිමේදී, වසර තුනක් තුළ දියණියන් තිදෙනෙකු ප්‍රසූත කිරීමෙන් අනතුරුව ටාර්ලි ආර්යාව සිය වංශාධිපති සැමියාට දෙවන පුතෙකු ලබා දුන්නා ය. එදායින් පසු රැන්ඩිල් උතුමානන් සෑම්ව සහමුලින්ම අමතක කර දැමී ය. ඒ වෙනුවට ඔහුට උවමනා වූ පරිද්දෙන්ම සාහසික, හැඩිදැඩි දරුවකු වූ සිය ලාබාල පුත්‍රයා වෙත තම උපරිම අවධානය හා කාලය වෙන් කලේ ය. සෑම්වෙල්ට තම සංගීතය හා පොත් අතරට වී, තමා සෙවූ සංහිඳියාවේ ගැලී වසර කිහිපයක් නිදහසේ සිටීමට අවස්ථාව උදා වින.

එහෙත් ඒ ඔහු‍ ගේ පහළොස්වන උපන්දිනය වන තෙක් පමණි. ඔහුව එදින උදෑසනින්ම අවදි කරවනු ලැබූ අතර ඔහු ගේ අශ්වයාට සෑදල පළඳා ගමනට සූදාණම් කොට තිබින. සෙබළුන් තිදෙනෙක් හෝර්න් හිල් සමීපයේ වූ වනාන්තරය වෙත ඔහුව කැඳවාගෙන ගියහ. එහි ඔහු ගේ පියා මුවකු මරා හම ගසමින් සිටියේ ය. "උඹ දැන් වැඩුනු මිනිහෙක්. ඒ වගේම මගේ උරුමක්කාරයා." රැන්ඩිල් ටාර්ලි උතුමානන් සිය වැඩිමහල් පුතුට පැවසූයේ දිගු පිහිය ලෙලවමින් මළකඳ හම ගසමිනි. "උඹ මගේ පුත්‍රභාවයෙන් අයින් කරන්ට තරම් වැරැද්දක් උඹ ‍මෙච්චර කාලෙකට කරලා නෑ. ඒ වුනත්, ඩිකන්ට අයිති මේ වතුපිටියි, වංශාධිපති තනතුරයි උඹට ලැබෙන්ට මම ඉඩ තියන්නෙත් නෑ. හදවතේ විනාශය අයිති වෙන්ට ඕන ඒක ලෙලවන්ට තරම් නිර්භීත ශක්තිමත් කෙනෙකුටයි. උඹ ඒකෙ මිට අතින් අල්ලන්ටවත් සුදුසු එකෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා මම තීරණය කලා උඹ අද ලෝකෙටම ඇහෙන්ට නිවේදනය කරන්ට ඕන උඹ නිශා රැකුම් බලකායට බැඳෙන්ට යනවයි කියලා. අද හැන්දෑ වෙන්ට කලින් උඹ උඹේ උරුමක්කාරකම් ඔක්කොම උඹේ මල්ලිට පවරලා උතුරුකරේ බලා යන්ට ඕන."

"උඹ එහෙම කලේ නැත්තං, එහෙමනං හෙට උදේ අපි යනවා දඩයම් සවාරියක්. මේ කැලේ මැද්දෙ කොහෙදි හරි උඹේ අශ්වයාගෙ කකුල් පැටලිලා ඇදගෙන වැටේවි. උඹ අශ්වයා පිටෙන් වැටිලා මැරේවි... එහෙම හරි කොහොම හරි, ඒක තමා මම උඹේ අම්මට කියන්ට යන්නෙ. උඹ මැරුනේ ඒ විදියටයි කියලා. එයාට තියෙන්නෙ ගෑනියෙකුගෙ හදවතක්, එයා උඹ වගේ දුබලයෙක් වුනත් රැක බලාගන්ට සූදාණම්. අනික මට උවමනා නෑ එයාගෙ හිතට දුකක් දෙන්ට. උඹ මට අකීකරු වෙලා මාව නොමග යවන්ට හිතනවානං කීයටවත් හිතන්ට එපා ඒක ලේසි වැඩක් වෙයි කියලා. ඌරෙක් ලුහුබඳිනවා වගේ උඹව ලුහුබැඳලා මරලා දාන එක තරම් මට වෙන සන්තෝසයක් නෑ." වැලිමිටි දෙක දක්වාම රතු වී ගිය දෑතින් යුතුව ඔහු සිය පිහිය පසෙකින් තැබී ය. "ඉතින්, ඔන්න තියෙනවා උඹේ තෝරාගැනීම. නිශා රැකුම..." මළකඳ තුළට අත රිංගවා මුවා ගේ හදවත කඩා ගත් ටාර්ලි උතුමානන් ලේ ගලන, රත් පැහැ හදවත සිය අත්ල මත තබා ඔහුට පෑවේ ය. "නැත්තං මෙන්න මේක."

සන්සුන්, අජීවි ස්වරයකින් යුතුව සෑම් මේ කතාව කියා පෑවේ හරියටම ඔහුට නොව අන් කවරෙකුට හෝ සිදුවූ දෙයක් කියාපාන පරිද්දෙනි. එමෙන්ම, පුදුමයකට මෙන් කතාව අතරතුරේදී ඔහු එක්වරක් හෝ හඬා නොවැලපුනු බව ජොන් නිරීක්ෂණය කලේ ය. කතාව නිම වූ පසු ඔවුන් දෙදෙන බිම වාඩි වී සුළඟේ හඬට සවන් දෙමින් නිහඬවම මොහොතක් ගත කලහ. මේ මුලු ලොවෙහිම අන් කිසිදු හඬක් නොවී ය. අන්තිමේදී ජොන් හඬ අවදි කලේ ය. "අපි ආපහු ප්‍රධාන ශාලාවට යන්ට ඕන."

"ඇයි?" සෑම් ඇසී ය.

ජොන් දෙවුර ඇකිළී ය. "අපට බොන්ට හොඳ උණුසුම් සයිඩර් ටිකක් හොයාගන්ට පුළුවන් වෙයි. ඔබ කැමති නම් උණු වයින් ටිකක් හරි. සමහරදාට රෑට ඩේරියන් අපි වෙනුවෙන් සින්දු කියනවා. හැබැයි ඉතින් ඌටම හිතෙන්ට ඕන. මිනිහා ඉස්සර ගායකයෙක්... ඇත්තටම නෙවෙයි, ආධුනික ගායකයෙක්."

"එයා කොහොමද මෙහාට කඩන් පාත් වුනේ?" සෑම් ඇසී ය.

"ගෝල්ඩන්ග්‍රෝව් වල රෝවන් උතුමානන්ට මිනිහව අතටම අහුවුනා එයාගෙ දුවත් එක්ක ඇඳේ දපලා ඉන්දැද්දි. ඒ කෙල්ලට මූට වඩා අවුරුදු දෙකක් වයසයි. අනික ඩේරියන් දිවුරලා කියනවා ඒකිම තමා මූව ජනේලෙන් ඇතුළට ගත්තෙ කියලා. ඒ වුනත් තාත්තගෙ බලකිරීමට ඒ කෙල්ල කිවුවා එයාව දූෂණය කලා කියලා. ඔන්න ඔහොමයි වුනේ. මූ සින්දු කියන එක ඇහුනම මේස්ටර් ඒමන් කිවුවෙ ඒ කටහඬ හරියට අකුණු උඩට මී පැණි වක්කලා වගෙයි කියලා." ජොන් මඳ සිනාවක් පෑවේ ය. "ටොඩුත් සමහර වෙලාවට සින්දු කියනවා. ඒකට සින්දු කියනවා කියලා කියන්ට පුළුවන් නම්. උගෙ තාත්තගෙ වයින් තැබෑරුමෙදි ඉගෙනගත්ත බේබද්දන්ගෙ සින්දු. පිප් කියන්නෙ උගෙ කටහඬ හරියට පඩයක් උඩට මුත්‍රා වක්කලා වගෙයි කියලා." ඔවුන් දෙදෙනාම හඬනගා සිනාසුනහ.

"ඒ දෙන්නම සින්දු කියනවා අහන්ට මං ආසයි." සෑම් පිළිගත්තේ ය. "ඒ වුනත් එයාලට මාව එතැනට ගන්ට ඕන වෙන එකක් නෑ." ඔහු ගැටළුවකට මැදි වූ සේයාවක් පෙනින. "එයා හෙටත් මාව සටන් කරන්ට දායි නේ. එහෙම නේද?"

"අනිවාර්යයෙන්ම." ජොන්ට බොරුවක් කියා ගත නොහැකි විය.

සෑම් අපහසු අන්දමින් සිය දෙපා මතින් නැගිට සිටියේ ය. "එහෙනම් ඉතිං මම ටිකක් නිදාගන්න එක හොඳයි." සිය කබාය තරව පොරවා ගත් ඔහු එතැනින් පිටව ගියේ ය.

තමා පසුපස එන ගෝස්ට් සමගින් ජොන් නැවතත් ප්‍රධාන ශාලාවට ඇතුළු වද්දී සෙසු පිරිස තවමත් එහි වූහ. "උඹ කොහෙද අතුරුදහන් වුනේ?" පිප් ඇසීය.

"සෑම් එක්ක කතා කර කර හිටියා."

"ඌ නං මාරම බයගුල්ලෙක්." ග්‍රෙන් කීවේ ය. "රෑ කෑම වෙලාවෙ අපේ බංකුවෙ ඕන තරම් ඉඩ තිබුනා. ඒත් ඌ ඇවිත් අපිත් එක්ක වාඩිවෙන්ට බය වුනා."

"හැම් උතුමානන් හිතනවද දන්නෙ නෑ අපි වගේ එවුන් එක්ක වාඩි වෙලා කෑම කන එක අවනම්බුවක් කියලා." ජෙරන් කීය.

"මං දැක්කා ඌ ඌරුමස් පයි එකක් කනවා." ටොඩ් කීවේ මුවේ ඇඳුනු නියැවීමක් ද සහිතවය. "උඹලා හිතන්නෙ ඒ උගෙ සහෝදයෙක් කියලද?" ඔහු ඌරෙකු මෙන් ශබ්ද කරන්නට පටන් ගත්තේ ය.

"ඕක නවත්තපල්ලා." ජොන් කේන්තියෙන් කඩා පැන්නේ ය.

ඔහු ගේ මේ හදිසි වියරුව නිසා අන්දමන්ද වූ අනිත් කොලුවන් නිහඬ වූහ. "පොඩ්ඩක් ඇහුම්කන් දීපල්ලා." සිදු විය යුත්තේ කුමක්දැයි ජොන් ඔවුන්ට පහදා දුන්නේ ය. ඔහු සිතූ පරිද්දෙන්ම පිප් සැනෙන් ඒ අදහසට එකඟ විය. නමුත් පුදුමයට කරුණ වූයේ හෝල්ඩර් ඊට කැමැති වීමය. ග්‍රෙන් මුලදී මඳක් අදිමදි කලද ඔහුව නම්මා ගත හැකි වදන් ජොන් මනාව දැන සිටියේ ය. ඉන්පසු එකින් එකා කැමැත්ත පල කරන්නට වූහ. ජොන් සමහරුන්ට ඒත්තු ගැන්වූ අතර සමහරුන්ව බොරුවෙන් මුලා කලේ ය. තවෙකෙකු ලැජ්ජාවට පත් කල අතර තර්ජනය අවැසි තැන තර්ජනය භාවිත ක‍ලේ ය. අන්තිමේදී සියල්ලන්ම මෙන්, රැස්ට් හැර අන් සියල්ලෝම ඔහු ගේ අදහසට එකඟ වූහ.

 උඹලා කෙල්ලෝ, උඹලාට ඕන දෙයක් කරගනිල්ලා." රැස්ට් කීය. "ඒත් තෝර්න් මාව පිගී ආර්යාවට විරුද්ධව සටන් කරන්ට යැවුවොත් මං බේකන් කෑල්ලක් කපාගෙන තමා පස්ස බලන්නෙ." ජොන් ගේ මුහුණට සිනාසුනු ඔහු එතැනින් නික්ම ගියේ ය.

පැය කිහිපයකට පසු මුලු බලකොටුවම නින්දේ පසුවද්දී ඔවුන් තිදෙනෙක් රැස්ට් ගේ නිදන කුටිය වෙත පිය නැගූහ. ග්‍රෙන් ඔහු ගේ දෑතින් අල්ලාගෙන සිටි අතර පිප් ඔහු ගේ දෙකකුල් උඩ නැග ගත්තේ ය. ගෝස්ට් ඔහු ගේ පපුව උඩට නගිද්දී තැති ගත් රැස්ට් ගේ වේගවත් ආශ්වාස ප්‍රශ්වාසය ‍ජොන්ට ඇසින. යාන්තමට රුධිරය මතුවන සේ ඝෝරවෘකයා රැස්ට් ගේ ගෙලෙහි සුමුදු සම සිය දතින් කොනහද්දී උගේ දෑස් ගිනිඅඟුරු මෙන් රත් පැහැයෙන් බැබලුනේ ය‍. "මතක තියා ගනිං. අපි දන්නවා උඹ කොහෙද නිදාගන්නෙ කියලා." ජොන් මෘදු ස්වරයෙන් අනතුරු ඇඟවී ය.

තමා රැවුල බාද්දී දැලිපිහිය ලිස්සා ගිය බව රැස්ට් විසින් ඇල්බට්ට හා ටොඩ්‍ට පවසනු ජොන්ට පසුදා උදෑසන ඇසුනි.

එයින් පසු කිසිම දිනෙක රැස්ට් හෝ අන් කිසිවෙකු හෝ සෑම්ට රිදවන්නට උත්සාහ කලේ නැත. සෙර් ඇලිසර් ඔවුන්ව ඔහුට විරුදුව මෙහෙය වූ විට සෑම් ගේ මන්දගාමී, අදක්ෂ පහරවල් වලකනු මිස ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සැරසුනේ නැත. පහර දෙන්නැයි සටන් පුහුණුකරුවා බෙරිහන් දුන් විට පමණක් ඉදිරියට පිනූ ඔවුහු සෑම් ගේ පපු ආවරණයට හෝ හිස් ආවරණයට හෝ පා ආවරණයට හෝ යාන්තමට මෙන් පහරක් එල්ල කලහ. සෙර් ඇලිසර් කේන්තියෙන් දත්මිටි කමින් ඔවුන් බියගුල්ලන්, ගැහැණුන් හා ඔහුට සිතා ගත හැකි අන් කවරෙකු හෝ යැයි කියමින් බැන වැදුනද සෑම්ට රිදවීමට කිසිවකුත් ඉදිරිපත් නොවී ය. දින කිහිපයකට පසු ජොන් ගේ බලකිරීම මත ඔහු ඔවුන් හා එක්ව ඒක මේසයක වාඩි වී රෑ කෑම ගන්නට ඉදිරිපත් විය. ඔවුන් ගේ කතාබහට හරිහැටි සහභාගි වනු පිණිස දිරි වඩාගන්නට ඔහුට තවත් සති දෙකක් පමණ ගතවුනද ඒ කාලය තුළ ඔහු පිප් ගේ විකාරවලට සිනහවෙමින් ග්‍රෙන්ට සමච්චල් කරන විට ඊට සහභාගිවෙමින් ක්‍රමයෙන් මේ පරිසරයට හුරුවන්නට විය.

කෙතරම් අදක්ශ, මහත, බියගුල්ලකු වූවද සෑම්වෙල් ටාර්ලි යනු මෝඩයකු නොවී ය. එක් රැයක ඔහු ජොන් ගේ නිදන කුටියට පිවිසියේ ය. "මම දන්නෑ උඹ මොකක්ද කලේ කියලා." ඔහු ජොන්ට පැවසී ය. "ඒ වුනත් මම දන්නවා උඹයි ඒක කලේ කියලා." ඔහු ලැජ්ජාවෙන් මෙන් අහක බැලී ය. "මට කවදාවත් යාළුවෙක් ඉඳලා නෑ."

"අපි යාළුවො නෙවෙයි." ජොන් කීවේ ය. ඔහු සෑම් ගේ පුළුල් දසරුව මත අතක් තැබී ය. "අපි සහෝදරයො."

ඇත්තෙන්ම ඔවුහු සොහොයුරන් වූහ. සෑම් පිටව ගිය පසු ජොන් මේ ගැන වැඩිමනත් කල්පනා කලේ ය. රොබ් සහ බ්‍රැන් සහ රිකන් සිය පියා ගේ පුතුන් වූ අතර ඔහු ඔවුන්ට සැබැවින්ම ආදරය කලේ ය. එනමුදු තමා කිසිදිනෙකත් ඔවුන්ගෙන් එකෙකු නොවන බැව් ජොන් මනාව දැන සිටියේ ය. කැට්ලින් ටලී ස්ටාර්ක් ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට පසුබට වී නොතිබින. වින්ටර්ෆෙල්හි අඳුරු බිත්ති තවමත් ඔහු ගේ සිහින තුළ හොල්මන් කලද දැන් ඔහු ගේ මුලුමහත් ජීවිතයම වන්නේ කළු බලකොටුව බැව් ඔහුට තේරුම් ගියේ ය. එමෙන්ම ඔහු ගේ සොහොයුරන් වූයේ සෑම් සහ ග්‍රෙන් සහ හෝල්ඩර් සහ පිප් සහ නිශා රැකුමේ කළු නිළ ඇඳුම් ඇඳි අන් සියල්ලක්ද වූහ.

"මගේ බාප්පා කිවුවෙ ඇත්ත තමා." ඔහු ගෝස්ට් ට කෙඳිරී ය. මේ බව බෙන්ජින් ස්ටාර්ක්ට කියනු පිණිස නැවත කවදා තමාට ඔහු මුනගැසෙනු ඇත්දැයි ඔහු දුකින් කල්පනා කලේ ය.

(සෙර් බූර් ඊයේ කොත්තමල්ලි පාර්ටියකින් එයාගේ සුබ උපන්දිනේ සැමරුවලු. සිහසුනට තරග වැද ඉන්න අපි ඔක්කොමත් මේ වෙලාවේ එයාට සුබ උපන්දිනයක් පතමු.)

විශේෂ ස්තූතිය: පැය හතක් නිදි මරාගෙන, බුර්ට  මේ ඇඳුම් ඇඳලා, කේක් හදලා මහන්සි වුනු  PoM ට.


Samwell Tarly: “I... My mother calls me Sam.”
Pyp: “You can call him Lord Snow, You don’t want to know what his mother calls him.”

89 comments:

  1. Replies
    1. අර පිංතූරෙ නං මල් හතයි. :)

      ලැයික්

      Delete
    2. සුභ උපන්දිනයක් සේර් බුර්.

      @PoM

      අර නහය ටිකක් දිග මදි නේද, මේ කෙලල අරින බේගල් වල හැටියට? යකඩ හැට්ටෙ නං පංකාදුයි, ඒත් කෝ කඩුව?

      Delete
    3. හැබෑට කේක් කපන්ට කඩුව ලෑස්ති කරගෙන හිටියා නම් ෂෝයි නේද? කෝ බස්සගේ වැඩේ නිදිනේ. නැත්නම් උපදෙසක් වත් ගන්ට තිබ්බලු. :P

      Delete
    4. නාහේ තව ෂූට්ටක් දික් උනා නම් කියල වැඩක් නැහැ .

      @ Buratheno ,

      මේ ලැබුවාවූ උපන් අවුරුද්දේ කාරුණික , ආදරණීය , රුවැති ළඳක් සහකාරිය කරගන්නට ලැබේවා !!!!!!!!

      Delete
    5. Happy b'day සියලු රූකඩයින්ට අදිපති බුරෝත්තමයානනි.

      @SS,
      අර පොං පොං න් ටත් තියනවලු ඔය වගේ ප්‍රාර්තනයක්. (කාරුනික නැති වුනත් කමක් නැතිලු)

      Delete
    6. කීවෙනි නේම් ඩේ එකද දන්නේ නෑ... හප්පේ බුරා තාම කසාද බැඳලා නැද්ද? ඔව් හැබැයි කසාද බැඳපු එකෙකුට වෙලාවක් තියනවයැ මෙහෙම පතරංග ජාතකයක් පරිවර්තනය කරන්න... කමක් නෑ කමක් නෑ.. අපෙනුත් සුභ පැතුම්...

      Delete
    7. @සෝන්යා,

      කාරුණික, රුවැති, ආදරණීය (මෙහෙමත් කාන්තාවෝ ඉන්නවද ) ලලනාවෝ පේලි ගැහෙන්ටලා...:P

      Delete
    8. ඔන්න සේර් බුර් ට මගෙනුත් සුභපැතුම්, අර කිව්ව ජාතියේ ලලනාවෝ ලැබෙන්ට කියලා.....

      @පොකු..
      දැන් ඔය අනිත් ලලනාවෝ පේලි ගැහෙන්ට ඕනේ ඔබතුමි පිටිපස්සෙන්ද??

      Delete
    9. @ PoM,

      Many Thnx Ser Pom Pom!

      @ බස්සා,

      තැන්කූ වේවා සෙර් බස්තියන්! කට්ටිය නාහෙන් අල්ලගන්ට පොරකන නිසා උවමනාවෙන්ම නාහෙ කොටකරලා තියන් ඉන්නෙ මේ දවස්සොල.

      @ සොන්යා,

      තැන්කූ වේවා! කාරුණික , ආදරණීය , රුවැති ළඳක්..??? වලා‍මේ! ඒ කියන්නෙ මට තුන්දෙනෙක් බැඳගන්ට වෙනවද!?

      @ Pra Jay,

      Many Thnx Ser PJ!

      @ තිසර,

      තැන්කූ වේවා! ඒ කියන්නෙ ‍බොලා කොහොමෙයි ඔය බ්ලොග් ලියන්නෙ එතකොට!?

      @ චූලෝදර,

      තැන්කූ වේවා! බොලා මයෙත් එක්ක මොකක් හරි තරහක් එහෙම තියෙනවානං පිහියෙන් ඇනහං. ඔය එකේක ලලනාවො පතන්නෙ නැතුව.

      Delete
    10. හම්මේ සූ ගාලා ලලනාවෝ කස්ටියක් (දෙන්නෙක් විතර :P) ඉන්නවලු ඔන්න english canal එකේ මෙගොඩ
      :p

      Delete
    11. @චූලා,

      පිස්සුද චූලෝ? පොඩ්ඩි ඉන්නේ කඩාගෙන, බිඳගෙන සූඌඌඌඌ ගාලා එන ලලනාවෝ පෝලිම ඉදිරියට ගෙනියන්ට. :P

      Delete
    12. @ පොඩ්ඩි

      ඉරිසියාවක් නැති ඉස්ත්රියාවක් දුටුවමයි මං...

      Delete
    13. කේක් කපන්න කඬුවක් මොකටද ඔය නහය තියෙන්නේ අප්පා හොදට දිඟට.. හෙහ්..

      සුභ උපන්දිනයක් වේවා අයියේ....

      Delete
    14. ඔන්න කඩුවත් හරි ලු ආ

      Delete
    15. ඒක blunted tourney sward එකක්ද මන්දා. දෙන්ට එපැයි නිකං අර Ice, Heartsbane වගේ දිගු අසිපතක්. :-D

      Delete
    16. ඕවා දෙන්ට බෑ වයසක බුවාලට :P

      Ice, Heartsbane are both greatsworts BTW, not Longswords. :P

      Delete
    17. Give him a saw or a chisel

      Delete
    18. ඒ මක්කටැයි? රූකඩ ‍ගෝරිල්ලො කපන්ටද? :-P

      Delete
    19. ඉදිකට්ටක් වගේ හරියන්නේ නැති වෙයිද??

      Delete
    20. ඒ මක්කටැයි
      හදිස්සියට නහය කොට කරගන්න

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා බුරා..
    40කුත් ලැබුවා එහෙනම් ඈ..

    ප.ලි :- උදේ ඉඳලා කෙනෙක්ගෙන් මෙසේජ් එනවා බුරාට සුභ පතන්න කියලා, අනේ මන්දා ඉතින්.. :-D

    ReplyDelete
    Replies
    1. 40 Lu da?
      Koththamalli witharada partyata Dunne?

      Delete
    2. බොට කියන්න තරුවෝ මටත් එහෙමයි... මං ඒත් කල්පනා කලා අනිත් අතට කියන්න අපිට ඔය උපන්දිනවලට සුභ පතලා දැන් ඇතිවෙලා උගේ මංගල්ලේ වගේ එහෙකටනං සුභ පතන්න තිබුනා තව කවරු හරි උනන්දු උනානං කියලා.. ඒත් ඉතිං ඕවා කියලා මොකටද වෘකයෝ බෙල්ලට ගෙන්න ගන්නේ.. මං නිකං හිටියා.. :D

      Delete
    3. @ තරූ,

      තැන්කූ වේවා! 40 පැන්නෙ කොයි කාලෙද බං. දැන් පනහත් කිට්ටු කරලා.

      @ මාර්ස්,

      යකෝ මං නොබැඳ ඉන්නෙ බොගෙ මංගල්ලෙ බෙස්ට්මන්ට එන්ට හිතාගෙන ඉන්න නිසයි.

      Delete
    4. ඔය වයසට කොත්තමල්ලි තමාලු හොඳ
      බුරතෙනොල් ටිකක් මික්ස් කොරල ගත්තා නම් ෂඃ

      Delete
    5. අනේ මාරයෝ බුරාගෙ මංගල්‍ය ගැන නම් මතක් කොරන්න එපා..දැන් 40 ත් පැනලා, කොල්ලට ඔවා මතක් කරලා මේ කතාවෙ ඉතුරු ටික නොලියා දුක් වෙයි පස්සෙ..:D

      Delete
  3. සුභ උපන් දිනයක් උතුමාණෙනි. අපි නං සුභ පතන්නෙ හූ කියලා. දෙන්නද මං නරි හූවක්? :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! කිසි ප්‍රශ්නයක් නෑ, හූවෙන්ම සිංදුව කියාන්ට. "හුහ් හු හූ.. හූ.. හූ.. හූ...."

      Delete
  4. Replies
    1. ඒක 'බුර් හහ් හා...' නෙවෙයිද?

      Delete
  5. තව දවස් තුන හතරක් එහෙ මෙහෙ උනානම් වීරයෙක් එක්කලා එකම දවසෙ උපන් දිනේ සමරන්න තිබුනා. කමක් නෑ. මෙන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ..
      බුහහහා ..හාආආආ :p

      Delete
    2. තැන්කූ වේවා! අපි වීරයො නෙවෙයි නෙ බං. වීරයන්ගෙ සපෝටර්ලා. ඔවු ඔවු! අර හැමදාම ගුටිකන එවුන් තමා.

      Delete
  6. I told you that he'll become someone usefull eventually.. In a story like this, every character has a part to play....
    And,
    On behalf of all the Martians, I wish you a very Happy Birthday Mr. Buratheno!

    ReplyDelete
    Replies
    1. Well, I'll be a monkey's uncle, if you don't say so..

      Delete
    2. නිකං සුභපතල වැඩක් නැහැ , මොනවහරි ප්‍රාර්ථනා කරන්නෙ නැහැනෙ කට්ටිය :)

      Delete
    3. යකෝ මේ කසිප්පු කුමාරයෙක් මාම කිව්ව මදිවට, මගෙ අංකල් නරියෙක්ද එතකොට?

      ඔව් ඉතින් බස්සො බෝදිලිමා හරහා පටි තාරාවන්වෙන මේ බ්ලොග් එකේ මොකා මොකාගෙ අංකල්ද කියල ඉතින් රූකඩ දෙය්යො (සහ ටයනු දේවතාවියන්) විතරයි දන්නෙ

      Delete
    4. //නිකං සුභපතල වැඩක් නැහැ //

      මෙයා කොහොමද දන්නේ නෑ සුබ පැතුවේ නේ? :D:D

      Delete
    5. @ අඟහරුවා & The rest of the Martians,

      Many Thnx my lords & ladies!

      @ පොඩ්ස්!

      එයා උදේ පාන්දරින්ම කෝල් කරලා බැන්නලු.

      Delete
    6. @PoM

      ආන්න දැක්කද, අපේ හර් ගෝරින්ට වඳුරා කියපු ලස්සන. මං අහන්නෙ වටිනවද ඒ වගේ උත්ත්මයෙක්ට එහෙම කියන්න? ගෝරිල්ලො කියන්නෙත් වඳුරො ජාතියක් බව වෙනම කතාවක් නෙව?

      Delete
  7. සුබ උපන් දිනයක් වේවා බුරා....

    ReplyDelete
  8. බුරාට සුභ උපන් දිනයක් වේවා..!
    (ඕක නොකිව්වොත් හෙම හෙන ලෙඩේ.. එක්කෙනෙක් ඇවිත් ගෝස්ට්ව මගේ බෙල්ල ගාවට එවුවා ඔය ටික කියාපං කියලා.. :D )

    ReplyDelete
    Replies
    1. උඹටත් ඒම වුනාද? මාරෙ..
      ඒ කියන්නෙ තව තව අයට ඒම වෙලා ^_^

      Delete
    2. @සෙර් මාර්,

      අම්මෝ... ජොන් ආවද ඔයා ලඟට ගෝස්ට් අරං... :O

      Delete
    3. @තරු,

      ඒ කියන්නෙ තව තව අයට ඒම වෙලා ^_^ :O

      Delete
    4. @තරුවා...

      මේ මොනවා කියනවද... තව ටික වෙලාවක් යද්දි සෑහෙන පිරිසක් තමන්ට සිද්ධ වෙච්ච අතවරය ගැන ප්‍රකාශ නිකුත් කරයි.. :D :D :D

      @ පොඩ්ඩි...
      ජෝන්නං බැරියෑ මෙයා... ජෝන් තාප්පේ උඩට ගොඩ වෙනකල් ඉඳලා ගෝස්ට්ව උස්සලනේ ඩනේරිස්... :D :D :D

      Delete
    5. ඩනේරිස් කිව්වා??? බූල් කෝට් එක ටිකාක් ඉතර සවුත්තු වෙච්චි නරියෙක් නං ඉන්නවා. එහෙම උනාට අපිත් සිගාල වංසෙ.

      Delete
    6. තැන්කූ වේවා මාර්ස්! යකඩෝ මම නැති අතරේ සෑහෙන දේවල් වෙලා නොවැ.

      Delete
  9. සුබ උපන්දිනයකට සුබ පැතුම්...!

    ReplyDelete
  10. විශිෂ්ට රූකඩයක් නිර්මාණය කිරීමේ සංවත්සරය සැමරීම සඳහා අපේ ගොඩවෙද කුමරු සිංහ දඩයම තාවකාලිකව නවතා Burathenol නැමති නව නිර්මාණයක් බෝතල් කිරීමේ යෙදී සිටී

    ReplyDelete
    Replies
    1. උණුකරලා තුනපහ දාපු එතනොල් වලින්ද ඕක හදන්නේ...

      Delete
    2. බුරතිනෝල් සඳහා තුනපහ දාල කකාරන්ටලු ඕන ටයනු ජපකරමින්.
      (මේ දවස්වල කකා ගේ appearances අඩු නිසා අමාරුයිලු)

      Delete
    3. ඕං වෙද මහත්තයෝ මං කලින්ම කිව්වා, මයෙ කොටහා වෙන්කරන්"ට" , ඈ?

      Delete
    4. ඇල්කොහොල් ලී කුඩු මිශ්‍රණයක් පත අට එකට සිඳුවන්ට ඔනෑලු , ඒ අතර මන්තර ජප කොරාට කමක් නෑ ලු.
      burathenol ගහපු හැටියේ රූකඩ නැටුම් එහෙම ඔටෝමැටික් වෙනවලු

      Delete
  11. සුබ උපන් දිනයක් බුරා.මොනාද කන්න තියෙන්නෙ බේත් ඩේ කේකුයි වයිනුයිද .

    ReplyDelete
    Replies
    1. අර හර් ගෝරින් උතුමාණන්ට කිව්ව නං තාරාවෙක් මස් කරල ගෙනෙයි බයිට් එකට :)

      Delete
    2. @Motts,
      ඒ කවුද ඒ? එයා බෝදිලි මසුත් සප්ලයි කරනවද?

      ඒ කොහොමවුනත් බස්සන්ට නම් අත තියන්න දෙන්න එපා. ඒ උතුමන් තමයි අප ගැන ඇතිවූ සත්ව කරුණාවෙන් අපිව සත්තු වර්ග ගැන දැනුවත් කරන්නෙ

      Delete
    3. මේ මොනව අහනවද? එයා ඕන සතෙක් සං,සං ගාලා මස්කරල දෙනවා. අද ලෝන්(ග්) වීක් එන්ඩ් එක. සූට්ටක් ඉතර වැඩි වුනා . ඔන්න සූජානං සරීරෙ කියලා, කෝකටත් මං අකුරු ලොප් නොකරම ලිව්වා, නැහ්නං ආයෙ මොකටෑ අපේ වංසෙ දැලි ගාගන්නෙ? මාවත් ඉත්තෑවෙක් කරල, මස් කරාවි :)

      Delete
    4. හොඳවෙලාවට ලොප් නොකලෙ .
      මං හිතාගෙන හිටියෙ ලොං වීක් එන්ඩ් එක කියල, ඇයි ඕනැ වෙලාවක ටයනු කුමාරි නරි ලොං ඩ්‍රයික්ලීන් කරන්න බලාගෙනනෙ ඉන්නෙ?

      Delete
    5. තැන්කූ වේවා හැලපෙ!

      Delete
    6. //එයා ඕන සතෙක් සං,සං ගාලා මස්කරල දෙනවා.//

      බව්වො මස් කරල මුව කං එක්ක එහෙමත් දෙනවද?

      Delete
    7. නෑ, නෑ, එයා බලු, කපු‍ටු දාන නං දෙනවා :)

      Delete
  12. බුර් උතුමාණෙනි සුබම සුබ උපන් දිනයක් වේවා...:)

    ReplyDelete
  13. මං ඒත් බැලුව ජොන්ට මක් වෙලාද මේ කියල... හැපී බර්ත්ඩේකක් වේවා සෙර් බුර් ... පොම්ගේ ඇඳුමත් හැඩයිනේ... නියම කළු සහෝදරයෙක් වගේ... :P
    සෑම්ට තමන්ගෙ ගෙදරට වඩා අලුත් තැන හුඟක් හොඳ වෙයි... වංශාධිපතියෙක්ගෙ වැඩිමල් පුතා වෙනව කියන එකත මාර පවක්නෙ :(

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් බුරතීනෝ !

    ReplyDelete
  15. හැපි බර්ඩ්ඩේ බුලම්පි මාමේ! ඔයා ඉපදිලා තීන්නෙත් මගේ බර්ඩ්ඩේ මාසෙමයිනෙ. මමනං එදා කේක් එකට පිඹලා, ඉටිපන්දං කැපුවා. ඔයත් ඒමද කළේ? මේ මාමලා කියලා තීන්නේ ඔයා කොත්තමල්ලි වතුල බිව්වා කියලා බර්ඩ්ඩේ එකට. ඒ උනාට මංනං සතියට දෙතුන් පාලක්ම එව්වා බොනවා. හලීඊඊඊ ලසයි නෙහ්? එහෙනං ඔන්න මාමගේ පාට පාට හීන ඔක්කෝම හැබෑ වෙන්ටය කියලා ඔන්න මං හැපි බර්ඩ්ඩේ කිව්වා. තිංදුවත් කියන්නද?

    හැපි බර්ඩ්ඩේ ටූ යූඌඌ
    හැපි බර්ඩ්ඩේ ටූ යූඌඌ
    හැපි බර්ඩ්ඩේ බුලම්පි මාආආමාආආ
    හැපි බර්ඩ්ඩේ ටූ යූඌඌ

    ආ, ඔන්න අපේ අම්මයි තාත්තයිත් මාමට හැපි බර්ඩ්ඩේ කියන්න කියලා කිව්වයි කියලා කියන්න කිව්වා.

    මීට සිත්තල පැංචා :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! අප්පද බොල සිත්තල පැංචා දැන් හරි දියුණුයි නෙවැ. ඔවු ඔවු ඔවු, අපි හැමෝම සාඩම්බර ඔක්තෝබර් බබ්බු නෙවැ.

      ආ අර නුහුගුනේ තියෙන අම්මටයි අසරණ අහිංසක තාත්තටයි තැන්කූ කිවුවා කියන්ට. ;-)

      Delete
  16. සුබ උපන් දිනයක් වේවා බුරා..
    දැන් හරි කෙල්ලෙක් සෙට් වේවා..
    ලබන අවුරුද්දෙ විවාහ මංගල්‍යක් කරගන්න ලැබේවා.!
    ඊට පසුව මෙකේ කොමෙන්ට් කරන අපි හැමොවොටම තාජ් සමුධ්‍රා හොටේල් එකේ හයි ක්ලාස් පාර්ටි එකක් දෙන්න
    ශක්තිය ලැබේවා.... :D :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! ඇයි බොලේ මේ හැමෝම මයෙත් එක්ක මෙච්චර අමනාප? මේ නිදහසේ ඉන්න කොල්ලාට එහෙම ඉන්ට දීපියවුකො. :-D

      ටාජ් එකේ පාර්ටි එකක් දාන්ටද? නැත්තං ගෝල්ෆේස් එකේ ටූනමන්ට් එකක් තියන්ටද? ඔය සෙර් Pom Pom ලාට, සෙර් Pra Jay ලාට එහෙම ඇවිල්ලා වැඩ පෙන්නන්ට.

      Delete
    2. Thiyantako. Set ekatama dennam pori halenta nikan ser [spoiler] wage. :)

      Delete
  17. වෙලාවට කුමාරිහාමි කපාපු කමෙන්ට් එකෙ එහෙමට කට්ටිය දැකල නෑ :D

    ඒකෙං මේකෙං කමක් නෑ. දැන් 37 ක් ඊරයි නේද? එහෙනං ඉතුරු තුන යන්ට කලින් ගෙට වෙනව හොඳයි. යකෝ, කට්ටිය මෙච්චර කියන්නෙ බොට තීන ආදරේට මිසක් ඔහොම ආතල් එකේ ගිණි පාග පාග පිච්චෙන්නැතුව ඉන්නවට ඉරිසියාවට කියල හීනෙන්වත් හිතන්නෙපා.

    කෝම කෝම හරි, උඹ නාස් ලණුව දාගන්න කලින් මේ අපිටත් කියවන්න හිතෙන යමක් ඔය "ටයනි" ආන්ටි එක්ක නැත්තං අර "සයුරි" ආන්ටි එක්කලවත් ලියන්"ට" ලැබේවා. නැත්තං බොගෙ බ්ලොගේට හැමදාම කමෙන්ට් වලට කමෙන්ට් දානව විතරයි, නිකං, පාට්නර් ක්ලෝස් ගේම් එහෙකට කොළ දානව වගේ!

    ජයෙන් ජය වෙන..
    නහයෙ දිග වැඩිවෙන...
    කෙල්ලො පසු පසින්.. තව එන..
    උපන් දින සුභ,
    පැතුම සිංහය..විසින් ගෙන එන..!!

    ReplyDelete
    Replies
    1. මට පොඩි කතාවක් මතක් වුනා. ඊයෙ ගත්ත අරිස්ට පාර ඩබොල් වෙන්නෙ වැදිලා ඉන්න නිසා ඔන්න ඔහේ කියලම දාඤ්ඤං.

      ජීවිතේට කලිං අඳුන්නෙ නැති වුනත් ,අපේ ඇත්තො දෙන්නෙක් , මේ සාවියෙදි හම්බ වුනොත්, නම ගම අහන්නත් ඉස්සෙල්ල අහන්නෙ මෙහෙමයි:

      1. පඩිය කීයද?
      2. වයස කීයද?
      3 . බැඳලද?
      4.ලමයි කීයද?

      මෙව්වා අහන්නෙ , අපේ කොමට. මාත් මේක කිව්වෙ ආදරේට මිසක්කා හිතේ කහටකට කියල හීනෙන්වත් හිතන්න නං එපා.

      Delete
    2. @ සිංහයෝ,

      තැන්කූ වේවා! යකෝව්, දවසගානෙ ගිනි පාගන එක හොඳයි ඔය බොලාලා වගේ නාස් ලණු දාගන්නවට වඩා.

      Delete
    3. ඔයා ඔහොම කිව්වට බලන්ඩකෝ ඔය ලණුව දාගෙන ඉන්න අය කොච්චර ප්‍රීතියෙන්, සාමයෙන් වැඩ වාසය කරනවද කියලා!! :D

      Delete
  18. කඩු කිනිසි අමෝරගෙන ආවෙ, මොකාද මේ ජොන් ව පිස්සු කැහැ‍ටු රූකඩයක් වගේ ඇඳලා තියෙන්නෙ කියල බලන්න.
    බලද්දි මේ අපේ බුරා නෙ. කිසි අඩුපාඩුවක් නැතිව ඇඳලා තියෙනව.

    සුබ උපන්දිනයක් වීවා බුරා ( වේවා කියන එකේ පාස්ට් ටෙන්ස් මොකද්ද මන්ද)

    ReplyDelete
    Replies
    1. @ සිඳු,

      තැන්කූ වේවා! වේවා කියන එකේ පාස්ට් ටෙන්ස් එක වූවා ‍නේද?

      Delete
  19. ඔහෝ.. සුභ උපන්දිනයක් වේවා භුරානෝ.. උඹට කියන්න.. මම පෙටයර් ‍බේලිෂ් උතුමානන් ගෙන් උඹ වෙනුවෙන්ම බොඩි2බොඩි සැට් එකක් ඕර්ඩර් කරලයි තියෙන්නෙ.. අර පෙත්ත එහෙම රෙඩි කරගෙන් දීපන් කෝ ඇඩ්ඩ්‍රස් එකක්,.. සෙට් එක එවන්න!ගෙන්

    ReplyDelete
  20. kathawa kiyawanna heta emi... Happy Birthday Bura...!!! Pipirimak labewa... (i.e. have a blast)

    ReplyDelete
  21. අෆ්ෆේ කතාව.. සති දෙකක් තිස්සේ සෑහෙන්න මඟ ඇරුනා.. පුළුවන් වෙලාවක ආයෙම කියවලා ඉන්න ඕන ඒ ටික.. නැත්නම් හොද වෙච්ච ඔළුවේ අමාරුව ආයෙම හැදෙනවා මට..

    ReplyDelete
    Replies
    1. දිනේශ් හෙමින් සැ‍රේ කියවන්ටකො. වැඩිය ඔළුව මහන්සි කරන්ට එපා. දැන් හොඳටම සනීපද?

      Delete
    2. පස්සෙ නෙවැ ඔයාගෙ විශ් එක දැක්කෙ. තැන්කූ වේවා දිනේශ්!

      Delete
  22. සුභ (පහුවුණු?) උපන් දිනක් බුරතීනෝ ට! මම ඒත් බැලුව අර පින්තුරේ දාල තියෙන්නේ මොකද කියල :D

    ReplyDelete
  23. කේක් ඉවර වෙන්න කලින් යා.......න්තං එන්න ඇහැක් වුනා. :)

    සුබ උපන් දිනයක් වේවා බුර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් !!

    ReplyDelete
  24. සරත්මි
    පසුවැ ආමි
    දිනක් ගෙවුනද
    කේක් නිමවූවද
    සුබපැතීමි

    ReplyDelete
    Replies
    1. burathenol නම් තියනවලු.

      Delete
    2. තැන්කූ වේවා සරත්!

      Delete