Friday 10 October 2014

ජොන් 04-1


නිශා රැකුමට අලුතෙන්ම බැඳුනු නවකයා සරඹ පුහුණු පිටියට ඇතුළුවෙද්දී ජොන් සිටියේ පැති පහරක් හොඳින්ම එල්ල කරන්නේ කෙසේදැයි ඩේරියන්ට උගන්වමිනි. "උඹේ කකුල් දෙක තවත් ඈත් වෙන්ට ඕන. උඹේ සමබරතාව නැතිවෙන්ට දෙන්ට එපා. ආන්න හරි. පහරත් එක්කම උඹ ඇඟ හරවන්ට ඕන. උඹේ ඇඟේ බර හොඳට පහරට මුහු කරන්ට ඕන." ඔහු උනන්දුකරවන හඬින් කියා සිටියේ ය. පුහුණුව අතරමග නවතා දැමූ ඩේරියන් සිය දෑස් ආවරණය එසවී ය. "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!" ඔහු මිමිනී ය. "ජොන් මේක පොඩ්ඩක් බලන්ටකො."

ජොන් ආපසු හැරුනේ ය. සිය දෑස් ආවරණයේ සිදුරු අතරින් ඔහු දුටුවේ තමා මෙතෙක් දැක ඇති මහතම පිරිමි ළමයා ආයුධ ගබඩාවේ දොරටුව ඉදිරිපිට සිටගෙන සිටිනා අයුරු ය. පෙනුමේ හැටියට නම් ඔහු ස්ටෝන් විස්සක් වත් බර වන්නට ඇත. ඔහු ගේ ගෙත්තම් කරන ලද පිට කබායේ ලොම් කොලරය මහත නිකටට යටින් සැඟවී තිබින. සඳක් මෙන් වටකුරු මුහුණේ වූ මලානික දෑස් නොසන්සුන් අයුරින් එහා මෙහා දිවුවේ ය. ඔහු සිය මහත අතැඟිලිවල තිබුනු දහදිය කබායේ පිසදා හැරියේ ය. "එයාලා... එයාලා කිවුවා මට මෙහාට එන්ටයි කියලා... පුහුණුවෙන්ට." ඔහු හිස් අවකාශයට කතා කලේ ය.

"පුංචි උතුමානන් කෙනෙක්." පිප් ජොන්ට කොඳුරා කීය. "දකුණුකරේ. ගොඩක් වෙලාවට හයිගාර්ඩ්න් කිට්ටුව වෙන්ට ඕන." පිප් නාට්‍යකාරයන් කණ්ඩායමක් සමග රාජධානි සප්තකය පුරා සංචාරය කර තිබින. කෙනෙකු කතා කරන උච්චාරණය අනුව ඔහු කොහේ ඉපදුනු කෙනෙක් ද, කෙවැනි කෙනෙක් ද යන්න තමාට තිර වශයෙන් කිව හැකි බවට ඔහු පාරම් බා තිබින.

මේ මහත කොලුවා ගේ ලොමින් නිමැවුම් කල පිට කබායේ පපුව මත ලේ රතු පැහැ නූලෙන් වැඩ දැමූ දෙපා විහිදා ගත් දඩයක්කරුවකු ගේ රූපය ගෙත්තම් කොට තිබින. ජොන්ට මේ සලකුණ කවර වංශයකට අයත්දැයි හඳුනා ගත නොහැකි විය. සෙර් ඇලිසර් තෝර්න් මේ අලුත් පක්ෂියාගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා බැලුමක් හෙලී ය. "පේන විදියට නම් දකුණුකරේ හොර දඩයක්කාරයොයි, හොරුයි ඉවර වෙලා වගෙයි. උන් දැන් අපට ඌරො එවන්ට පටන් අරන්. ලොමුයි විල්ලුදයි කියන්නෙ උඹේ සන්නාහයද මගේ හැම් උතුමානනි?"

වැඩි වේලා යන්නට පෙර දැන ගන්නට ලැබුනේ මේ අලුත් සගයා තමාගේම සන්නාහයක්, සම් හා ලොම් ආවරණ, හිස් ආවරණ පමණක් නොව තම වංශ සලකුණ සහිත දැවැන්ත පලිහක් පවා රැගෙන විත් ඇති බවය. එනමුදු මේ එකක්වත් කළු පැහැ ඒවා නොවූ අතර ආයුධ ගබඩාවෙන් තමාට ගැලපෙන නව ඇඳුම් ආයිත්තම් සොයාගන්නා ලෙස සෙර් ඇලිසර් ඔහුට බල කර කියා සිටියේ ය. ඒ වෙනුවෙන් උදේ වරුවෙන් බාගයක් ගත විය. ඔහු ගේ වට ප්‍රමාණය කෙතෙක් වී ද යත් ඩොනල් නොයේ ට මුදු දම්වැල් කවචයක් දෙකට කපා අමතර කෑලි එකතු කර නැවත පුරුද්දන්නට සිදු විය. ඔහුට ගැලපෙන පරිදි සකස් කිරීම සඳහා හිස්වැසුමක ඇස් ආවරණ ඉවත් කිරීමට සිදු විය. ඔහු ගේ සම් ආවරණ දෑත් හා දෙපා වලට කෙතරම් තදින් බැඳ තිබුනද යත් ඔහුට එහා මෙහා යාම පවා අසීරු විය. යුද්ධයට ගැලපෙන පරිදි සැරසූ මේ අලුත් කොලුවා දිස් වූයේ හරියටම පිපිරෙන්නට ආසන්න වන තෙක් බැද්ද ලිංගුස් එකක් මෙනි. "අපි ප්‍රාර්ථනා කරමු පේන තරම්ම උඹ මෝඩයෙක් නෙවෙයි කියලා." සෙර් ඇලිසර් කීය. "හෝල්ඩර්. බලපං සෙර් පිගීට මොකක්ද කරන්ට පුළුවන් කියලා."

ජොන් ස්නොව් වේදනාවෙන් ඇකිළුනි. හෝල්ඩර් වනාහි ගල් කොරියක ඉපිද ගල් වඩුවකු ගේ ගෝලයකු වශයෙන් පුහුණුව ලත් අයෙකි. දහසය වැනි වියේ වූ ඔහු උස්, මනාව වැඩුනු මස්පිඬුවලින් යුත් ශක්තිමත් කොලුවකු විය. ඔහු ගේ අසිපත් පහරවල් ජොන් මෙතෙක් මුහුණ දී ඇති ප්‍රබලම පහරවලින් එකක් විය. "මේ සටන වේස ගෑනියෙක්ගෙ පස්සා පැත්තටත් වඩා කැත එකක් වෙන්ටයි යන්නෙ." පිප් කටුකුටු ගෑවේ ය. එය එසේම සිදු විය.

සටන පැවතුනේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයකි. අලුත් කොලුවා බිම වැටී සිටි අතර ඔහු ගේ මුලු සිරුරම ගැහෙන්නට විය. කැඩී ගිය හිස්වැසුම අතරින් හා ඔහු ගේ මහත අතැඟිලි අතරින් රුධිරය ගලා එන්නට විය. "මම යටත් වෙනවා." ඔහු වේදනාවෙන් මුර ගැසී ය. "තවත් නං එපා. මම යටත් වෙනවා. අනේ මට ගහන්ට එපා." රැස්ට් හා තවත් කොල්ලන් කිහිප දෙනෙක් සිනාසෙන්නට පටන් ගත්හ.

එසේ වුවද, සෙර් ඇලිසර් මේ සටන ලේසියෙන් අත හැර දැමීමට සූදාණම් නොවී ය. "නැගිටපං සෙර් පිගී. නැගිටලා උඹේ කඩුව අහුලගනින්." ඔහු කෑ ගැසුවේ ය. කොලුවා දිගටම බිම බදාගෙන සිටි විට ඔහු හෝල්ඩර්ට සන් කලේ ය. "ඌ නැගිටිනකං උඹේ කඩුවෙ පැතලි පැත්තෙන් ඌට ගහපං." හෝල්ඩර් ඕනෑවට එපාවට මෙන් බිම වැටී සිටි කොලුවා ගේ පස්සා පැත්තට පහරක් එල්ල කලේ ය. "උඹට ඔයිට වඩා හයියෙන් ගහන්ට පුළුවන්." තෝර්න් ඇනුම්පදයක ස්වරයෙන් කීය. සිය දිගු අසිපත දෑතින්ම ගත් හෝල්ඩර් කෙතරම් තදින් පහර එල්ල කලාද යත් සම් ආවරණය පැලී ගියේ ය. මහත කොලුවා වේදනාවෙන් මුර ගසන්නට විය.

ජොන් ස්නොව් අඩියක් ඉදිරියට තැබී ය. පිප් අතක් දිගුකර ඔහු ගේ අතින් අල්ලා ගත්තේ ය. "එපා ජොන්." කුඩා කොලුවා සෙමින් මිමිනුවේ සෙර් ඇලිසර් තෝර්න් දෙස තැවිලි සහගත බැල්මක් හෙලමිනි.

"නැගිටපං." තෝර්න් නැවතත් කෑ ගැසී ය. නැගිට සිටීමට උත්සාහ කල මහත කොලුවා පය ලිස්සා නැවත බිම ඇද වැටින. "අන්තිමේදී සෙර් පිගී තේරුම්ගත්තා වගේ මොකක්ද වෙන්ට ඕන කියලා." සෙර් ඇලිසර් කීවේය. "ගහපං ආයෙත්."

තවත් පහරක් සඳහා හෝල්ඩර් අසිපත එසවී ය. "අපට හැම් කෑල්ලක් කපපං." රැස්ට් සිනාසෙමින් කීය.

පිප් ගේ අත ගසා දැමූ ජොන් ඉදිරියට පිය මැන්නේ ය. "හෝල්ඩර්. ඔය ඇති."

හෝල්ඩර් සෙර් ඇලිසර් දෙස බැලී ය.

"අවජාතකයා කතා කලාම මේ මෝඩ ගම්මු ටික වෙවුලනවා." සෙර් ඇලිසර් සිය තියුණු අවඥාසහගත ස්වරයෙන් කීය. "මම උඹට මතක් කරලා දෙන්ට කැමැතියි මමයි මෙතන සටන් පුහුණුකාරයා කියලා ස්නොව් උතුමානනි."

"එයා දිහා බලපං හෝල්ඩර්." ජොන් කීවේ තමාට හැකි උපරිමයෙන් සෙර් ඇලිසර්ව නොතකා හරිමිනි. "බිම වැටුන සතුරෙකුට දිගින් දිගටම ගහන එකේ කිසිම ගෞරවනීය බවක් නෑ. එයා යටත් වුනා." ඔහු බිම වැටී සිටි මහත කොලුවා අසලින් දණ නමා වාඩි විය.

හෝල්ඩර් සිය අසිපත පහත් කලේ ය. "ඇත්ත. එයා යටත් වුනා." ඔහු පුනරුච්චාරණය කලේ ය.

සෙර් ඇලිසර් ගේ අගත්ති පැහැ දෑස් ජොන් දෙසට එල්ල වින. "පේන විදියට නම් අපේ අවජාතකයා ආදරෙන් බැඳිලා වගෙයි." ඔහු කීවේ ජොන් මහත කොලුවාට නැගිට සිටීමට උදවු කරද්දී ය. "මට උඹේ කඩුව පෙන්නහං ස්නොව් උතුමානනි."

ජොන් සිය දිගු අසිපත ඇද ගත්තේ ය. ඔහු සාමාන්‍යයෙන් සෙර් ඇලිසර්ට අවනත නොවූයේ එක්තරා මට්ටමකට යනතෙක් පමණි. නමුත් අද තමා ඒ සීමාව ඉක්මවා ඇති බැව් ඔහුට හැඟුනි.

තෝර්න් සිනහවක් පෑවේ ය. "අවජාතකයා ලෑස්තියිලු එතුමන්ගෙ ආදරණිය ආර්යාව ආරක්ෂා කරන්ට. ඉතිං අපි එයාට ඒ වෙනුවෙන් ඉඩ දෙන්ට ඕන. එහෙම නේද? රැට්, පිම්පල්. අපේ ගල් වඩුවට උදවු කරපං." රැස්ට් හා ඇල්බට් හෝල්ඩර්ට සහය පිණිස එකතු වූහ. "පිගී ආර්යාවට තලන්ට උඹලා තුන්දෙනෙක් ඇතිවෙයි. උඹලාට කරන්ට තියෙන එකම දේ අවජාතකයව පහුකරන එකයි."

"මගේ පිටිපස්සට වෙලා ඉන්ට." ජොන් මහත කොලුවාට කීවේ ය. බොහෝ වේලාවට සෙර් ඇලිසර් ඔහුට විරුදුව එකවර ප්‍රතිවාදීන් දෙදෙනෙකු එවා ඇතත් කිසි දිනෙකත් එකවර තිදෙනෙකු එවා නොතිබින. ඇඟේ තැලුම් හා තුවාල දුසිමක් සමගින් තමාට අද රෑ නින්දට යන්නට සිදුවනු ඇති බැව් ජොන්ට සිතුනි. ඔහු සටනට සැරසින.

එක් සැනෙකින් පිප් ඔහු ගේ පසෙකින් විය. "තුන්දෙනෙකුට විරුද්ධව දෙන්නෙක් කියන්නෙ බොහොම හොඳ සෙල්ලමක්." කුඩා කොලුවා උද්‍යෝගිමත් ස්වරයෙන් කීය. සිය ඇස් ආවරණය පහත හෙලූ ඔහු අසිපත ඇද ගත්තේ ය. ජොන් මෙයට විරුද්ධව යමක් කියන්නට තබා සිතන්නටත් පෙර අනිත් පසින් ග්‍රෙන් ඔවුන්ට එකතු විය.

අංගනය මීයට පිම්බාක් මෙන් නිහඬතාවයේ ගැලී ගියේ ය. සෙර් ඇලිසර් ගේ දෑසෙහි වූ ද්වේෂය ජොන්ට පැහැදිලිවම දැකිය හැකි විය. "උඹලා මොකටද තවත් බලා ඉන්නෙ?" ඔහු රැස්ට් හා අනෙකුන්ගෙන් ඇසූ මුත් ඒ කටහඬේ සැරපරුෂ බව පෙරට වඩා බෙහෙවින් අඩු වී තිබින. එනමුදු කිසිවෙකුටත් පෙර ජොන් ක්‍රියාත්මක වූ අතර හෝල්ඩර්ට සිය අසිපත එසවීමටවත් අවස්ථාවක් නොලැබින.

පහර පිට පහර එල්ල කරමින් ජොන් ප්‍රතිවාදියාව පසුපසට තල්ලු කර හැරියේ ය. සිය ප්‍රතිවාදියා හඳුනාගන්නැයි සෙර් රඩ්‍රික් වරක් ඔහුට උගන්වා තිබින. ජොන් හෝල්ඩර්ව මනාව දැන සිටියේ ය. ඔහු අතිශය ශක්තිසම්පන්න හා සාහසික වූ නමුදු ඉවසීම ප්‍රගුන කල කෙනෙකු නොවී ය. එමෙන්ම පහර වැළකීම ගැනද එතරම් විශ්වාසයක් හෝ අවධානයක් දැක්වූවෙකු නොවී ය. ඔහු ‍ගේ පහරදීමේ උත්සාහයන් ව්‍යර්ථ කල සැනින් කෝපාවිෂ්ට වන ඔහු පහසුවෙන්ම ප්‍රතිවාදියාට තමාව ගොදුරු කරගැනීමට ඉඩප්‍රස්ථා සලසා දෙන බව ජොන් අත්දැකීමෙන් දැන සිටියේ ය. ඔවුන් දෙදෙනා වටා අනිත් ප්‍රතිවාදී යුගල් දෙකද සටන් වැද සිටි අතර අවි එකට ගැටෙන හඬින් අංගනය පිරී ගියේ ය. හිසට එල්ල වූ දරුණු පහරක් වැලැක්වූ ජොන්ට පහරේ දරුණු කම නිසා ඇති වූ කම්පනය සිය අත පුරා දිව යනු දැනින. එනමුදු හෝල්ඩර් ගේ ඉළඇටවලට පැති පහරක් එල්ල කිරීමට ඔහු සමත් වූයේ ප්‍රතිවාදියා වේදනාවෙන් නැගූ කෙඳිරිය නිසා පිනා ගියේ ය. හෝල්ඩර් ගේ ප්‍රතිප්‍රහාරය ජොන් ගේ උරහිස මතට එල්ල වින. සිය මුදු දම්වැල් සන්නාහය තැලී යනුත් දැඩි වේදනාවක් ගෙල පුරා පැතිර යනුත් ජොන්ට දැනින. එනමුදු ඒ සුළු මොහොතේ හෝල්ඩර් ගේ සමබරතාව ගිලිහී ගොස් තිබුනු අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජොන් ඔහු ගේ පාදයට යටි පහරක් එල්ල කලේ ය. මුවින් නැගුනු අවලාදයක්ද සමගින් හෝල්ඩර් මහ හඬක් නගමින් බිම පතිත විය.

ජොන් විසින් ග්‍රෙන්ට උගන්වා තිබූ පරිද්දෙන්ම ඔහු සිය ස්ථානය රැක ගෙන සිටියේ ය. එය ඇල්බට් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රතිචාරයක් විය. එහෙත් පිප්ට දරුණු පහරවල් එල්ලවෙමින් තිබින. රැස්ට් ඔහුට වඩා අවුරුදු දෙකක් වයසින් වැඩි වූ අතර රාත්තල් හතලිහක් බරින් ද වැඩි විය. ඔහු පසුපසින් පිය මැන්න ජොන් රැස්ට් ගේ හිස් ආවරණයට පහරක් එල්ල කලේ ය. රැස්ට් වටයක් කැරකී ඔහුට මුහුණ දෙද්දී ඔහු ගේ ප්‍රහාරයට යටින් රිංගූ පිප් ඔහුව බිම හෙලා ගෙලට අසිපත තද කලේ ය. ඒ වනවිට ජොන් ග්‍රෙන්ට සහාය පිණිස ගොස් තිබින. අසිපත් දෙකකට මුහුණ පෑ ඇල්බට් පසුබැස්සේ ය. "මම යටත් වෙනවා." ඔහු දෑත් ඔසවා කෑ ගැසී ය.

සෙර් ඇලිසර් තෝර්න් අප්‍රසාදය රැඳි මුහුණින් යුතුව ජවනිකාව නිරීක්ෂණය කලේ ය. "මේ විගඩම අද ගිය දුර හොඳටෝම ඇති." ඔහු අංගනයෙන් පිටව ගියේ ය. සටන් පුහුණුව නිමා විය.

ඩේරියන් හෝල්ඩර්ට නැගිට සිටීමට උදවු කලේ ය. සිය හිස් ආවරණය ගැලවූ ඔහු එය අංගනය හරහා විසි කර දැමී ය. "එක මොහොතකට මම හිතුවා අද නම් මම උඹව කම්මුතු කලා කියලා ස්නොව්."

"එක මොහොතකට උඹ එහෙම කලා." ජොන් පිළිතුරු දුන්නේ ය. මුදු දම්වැල් සන්නාහයට හා සම් ආවරණයට යටින් ඔහු ගේ උරහිස වේදනා ගෙන දෙමින් තිබින. සිය අසිපත කොපුවේ ලෑ ඔහු හිස් ආවරණය ගැලවීමට සූදාණම් විය. එනමුදු අත එසවූ විට දැනුනු වේදනාව නිසා ඔහුට දත්මිටි කැවුනි.

"ඉන්ට. මම උදවු කරන්නම්." මහත අතැඟිලි විසින් බැඳුම් බුරුල් කර හිස් ආවරණය පරෙස්සමින් ඉවත් කෙරින. "එයා ඔබට රිද්දුවද?"

"මීට කලිනුත් මට තුවාල වෙලා තියෙනවා." සිය උරහිස අත ගෑ ඔහු වේදනාවෙන් ඇකිළුනේ ය. ඔවුන් වටා අංගනය හිස් වෙමින් පැවතින.

හෝල්ඩර් විසින් හිස් ආවරණය දෙපලු කල තැන කොලුවාගේ හිසකෙස් ලෙයින් පෙඟී තිබින. "මගේ නම සෑම්වෙල් ටාර්ලි. මම හෝර්න්..." කතාව නැවතූ ඔහු දිවෙන් දෙතොල් පෙඟෙවුවේ ය. "මම කියන්ට ගියෙ මම ආවෙ හෝර්න් හිල් වල ඉඳන් කියලයි. මම ආවෙ නිශා රැකුම් බලකායට බැඳෙන්ට. මගේ තාත්තා රැන්ඩිල් ටාර්ලි උතුමානන්. හයිගාර්ඩ්න්වල ටිරල් උතුමානන්ගෙ යටත් වංශාධිපතියෙක්. මම තමා එයාගෙ උරුමක්කාරයා. ඒ වුනත්....." ඔහු ගේ හඬ බිඳී ගියේ ය.

"මම ජොන් ස්නොව්. වින්ටර්ෆෙල්වල නෙඩ් ස්ටාර්ක්ගෙ අවජාතකයා."

සෑම්වෙල් ටාර්ලි හිස වැනී ය. "මම.. මගේ අම්මා මට කතා කරන්නෙ සෑම් කියලා."

"උඹට එයාට කතා කරන්ට පුළුවන් ස්නොව් උතුමානන් කියලා." පිප් කීවේ ඔවුන්ට එකතු වීමට පැමිණෙමිනි. "එයාගෙ අම්මා එයාට කතා කරන්නෙ කොහොමද කියලා උඹට දැනගන්ට ඕන වෙන එකක් නෑ."

"මේ දෙන්නා ග්‍රෙනුයි, පිපරුයි." ජොන් කීය.

"ග්‍රෙන් තමා කැත එකා." පිප් කීවේ ය.

ග්‍රෙන් මුහුණ පැඟිරි කරගත්තේ ය. "උඹ මට වඩා කැතයිනෙ. මට අඩුගානෙ වවුලෙක්ගෙ වගේ ලොකු කණ් දෙකක් නෑ."

"ඔබලා හැමෝටම ස්තූතියි." මහත කොලුවා කීවේ ය.

"ඇයි උඹ නැගිටලා සටන් කලේ නැත්තෙ?" ග්‍රෙන් ඇසී ය.

"මට ඕන වුනා.. ඇත්තටම.. ඒ වුනත් මට.. මට බෑ. මට ඕන වුනේ නෑ එයා දිගින් දිගටම මට පහර දෙනවට." ඔහු බිම බලාගති. "මගේ තාත්තා හැම වෙලාවෙම එහෙමයි කිවුවෙ."

ග්‍රෙන් ත්‍රස්ත වූවාක් මෙන් පෙනින. පිප්ට පවා කිසිවක් කියාගැනීමට නොහැකි විය. සාමාන්‍යයෙන් පිප්ට ඕනෑම දේකට කියන්නට දෙයක් තිබින. තමා බියසුල්ලෙකු බැව් ප්‍රකාශ කර සිටින්නේ කවර නම් මෝඩයෙක්ද?

ඔවුන් ගේ මුහුණුවල ඇඳුනු හැඟීම් සෑම්වෙල් ටාර්ලි විසින් පැහැදිලිව කියවා ගත් බැව් පෙනින. ජොන් ගේ දෑස් වෙතට යොමු වූ ඔහු ගේ දෑස් බියපත් මුවෙකු මෙන් ඉවත බලා ගත්තේ ය. "මට.. මට සමාවෙන්ට." ඔහු කීය. "මට කිසිම ඕනකමක් තිබුනෙ නෑ.. මේ වගේ කෙනෙක් වෙන්ට." ඔහු බරැති අඩි තබමින් ආයුධ ගබඩාව දෙසට පිය මනින්නට විය.

‍ජොන් ඔහු පිටුපා යන ඔහුට කතා ක‍ලේ ය. "උඹට තුවාල වෙලා. හෙට උඹ මීට වඩා හොඳට සටන් කරයි."

සෑම් දුක්මුසු අයුරින් උරහිසට උඩින් බැලුවේ ය. "නෑ. මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා." ඔහු කීවේ කඳුළු සඟවා ගන්නට වෑයම් කරමිනි. "මම කිසිමදාක හොඳට සටන් කරලා නෑ."

ඔහු ‍නොපෙනී ගිය පසු ග්‍රෙන් රවා බැලී ය. "බයගුල්ලන්ට කවුරුවත් කැමැති නෑ. අපි මිනිහට උදවු නොකලානං හොඳයි කියලා මට දැන් හිතෙනවා. අනිත් එවුන් හිතුවොත් අපිත් බයගුල්ලො කියලා මොකද වෙන්නෙ?"

"බයගුල්ලෙක් වෙන්ට තරං උඹ මෝඩ වැඩියි." පිප් ඔහුට කීවේ ය.

"මම මෝඩ නෑ."

"ඔවු උඹ බයයි. කැලේදි වලහෙක් උඹට පහර දෙන්ට ආවොත් දුවගන්ටවත් බැරි තරම් උඹ මෝඩයි."

"මම එහෙම මෝඩ නෑ. මම උඹටත් වඩා හයියෙන් දුවනවා." ග්‍රෙන් ගේ නියවීම දුටු ඔහු තමා කී දේ අරුත වටහා ගත්තේ හදිසියේම කතාව නැවැත්වී ය. ලැජ්ජාව හා කේන්තිය නිසා ඔහුව රතු වී ගියේ ය. ඔවුන් දෙදෙනාට වාද කරගැනීමට ඉඩ හල ජොන් ආයුධ ගබඩාව වෙත ගොස් සිය අසිපත හා තැලී ගිය සන්නාහය ඉවත් කර දැමීය.

කළු බලකොටුවේ දවස් ගෙවී ගියේ එක්තරා රටාවකට අනුව ය. උදය කාලය ආයුධ පුහුණුව සඳහා වෙන්ව තිබුනු අතර සැන්දෑ කාලය අනෙකුත් වැඩ කටයුතුවලට වෙන් කර තිබින. නවකයින් සතු හැකියාවන් හඳුනාගැනීම උදෙසා කළු සොයුරන් විසින් ඔවුන්ව විවිධ රාජකාරිවල යොදවනු ලැබී ය‍. තමා පසෙකින් දුවන ගෝස්ට් ද සමග දඩයම් සවාරි සඳහා පිටව යන දවස් ජොන් වැඩියෙන්ම රස විඳි ඒවා විය. එනමුදු මේ දඩයම් පිනිස යන දවසක් පාසා ඔහු තවත් දවස් දුසිමක්වත් ඩොනල් නොයේ සමගින් ආයුධ ගබඩාවේ ගත කලේ ය. පාවිච්චිය නිසා ගෙවී ගිය පොරෝ මුවහත් කිරීමට නැතිනම් නව අසිපතක් තැනීම සඳහා නොයේට උදවු දීම ඔහු‍ ගේ රාජකාරිය විය. තවත් සමහර දිනවල ඔහු පණිවුඩ එහා මෙහා ගෙන ගියේය, මුර සෙබළෙකු වශයෙන් සිටියේ ය, ඉස්තාල සුද්ද කලේ ය, ඊතල සෑදුවේ ය, කපුටන් සම්බන්ධ වැඩ කටයුතු වෙනුවෙන් මේස්ටර් ඒමන්ට උදවු කලේ ය නැතිනම් ගණන් බැලීම් හා අනෙකුත් පරිපාලන කටයුතු සඳහා බොවෙන් මාර්ෂ්ට උදවු ක‍ලේ ය.

එදින දහවලේ මුරයේ අණදෙන නිළධාරියා විසින් ඔහුව අලුත කැබලි කරන ලද ගල් කැට පිරවූ පීප්ප හතරක්ද සමගින් ප්‍රාකාරය මුදුනට යවා තිබුනේ පා ලිස්සීම වැළැක්වීමේ අරමුනින් ප්‍රාකාරය මත ඒවා අතුරනු පිණිස ය. එය තනිවම සිදු කල යුතු අලස රාජකාරියක් වූ නමුදු ඔහු එය එතරම් ගණන් ගත්තේ නැත. ඔහු ගේ තනියට මෙන් පසෙකින් ගෝස්ට් සිටියේ ය. අහස පැහැදිලි දිනෙකදී ප්‍රාකාරය මත සිට මුලු ලෝකයම දැකිය හැකි විය. මේ තරම් ඉහළකදී හමන සුළං පවා සිසිල් සුවදායක බවක් දැනවී ය. මෙවැනි අවස්ථාවන් ඔහු විසින් කල්පනාකිරීම සඳහා භාවිත කරන ලදී. අද දිනයේ ඔහු සෑම්වෙල් ටාර්ලි හා පුදුමයකට මෙන් ටිරියන් ලැනිස්ටර් පිළිබඳ කල්පනා කරමින් සිටියේ ය. මේ මහත කොලුවා වෙනුවෙන් ටිරියන් කවර නම් ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි ඔහු සිතා බැලී ය. කුරුමිට්ටා ඔහුට කියා තිබුනු පරිදි බොහෝ මිනිස්සු තිත්ත ඇත්තට මුහුණ දීමට වඩා එය නොතකා හැරීමට කැමැති වෙති. තමන් වීරයන් බව මවා පෙන්වීමට උත්සාහ දරන බියගුල්ලන්ගෙන් මේ ලෝකය පිරී ඇති අතර තමන් සැබෑවටම බියගුල්ලෙකු යැයි පිළිගැනීමට කෙනෙකුට අමුතුම ආකාරයේ ධෛර්‍යයක් තිබිය යුතු යැයි ජොන් කල්පනා කලේ ය.

ඔහු ගේ රිදුම් දෙන උරහිස නිසා වැඩ කිරීමට උවමනාවටත් වඩා වැඩි කාලයක් ගත වූ අතර වැඩ නිමවන විට සැන්දෑ කාලය එළඹ තිබින‍. බටහිර අහස ලේ රත් පැහැයට හරවමින් හිරු බැසයන ආකාරය බලා සිටිනු පිණිස ඔහු ප්‍රාකාරය මත මඳක් සුනංගු විය. අන්තිමේදී උතුරුකරයට ගොම්මන් කලුවර වැටෙමින් තිබෙද්දී හිස් පීප්ප හතර යකඩ කුටියට පැටවූ ජොන් දබරය බාරව සිටි සෙබළුන්හට සන් කලේ ය.

ගෝස්ට් පසෙකින් ඇතුව ඔහු ප්‍රධාන ශාලාවට ළඟා වනවිට රාත්‍රී ආහාරය නිමාවීමට ආසන්නව තිබින. ගිනිමැලය අසළ එක්වූ කළු සොයුරන් කිහිපදෙනෙක් දාදු දමමින් සිටියහ. ඔහු ගේ මිතුරන් බටහිර පැත්තේ බිත්තියට ආසන්න බංකුවකට වී සිනහසෙමින් සිටි අතර පිප් ඔවුන්ට විහිළු කතාවක් පවසමින් සිටි බැව් පෙනෙන්නට තිබින. පෙර කල නාට්‍ය කණ්ඩායමකට එක් වී සිටි බැවින් ඔහුට විවිධ කටහඬවල් අනුකරණයට අපූරු හැකියාවක් හිමිව තිබින. නිකංම නිකං කතන්දර කියනවාට වඩා වරෙක රජ කෙනෙකු, විටෙක ඌරු කොටුවක් බලාගන්නකු වශයෙන් විවිධ චරිත රඟපාමින් කතන්දරයක් ඉදිරිපත් කිරීමට ඔහු වඩාත් කැමැති විය. තැබෑරුමක කෙල්ලක නැතහොත් බලකොටුවක කුමරියක මෙන් ඔහු කතා කරන ආකාරය කෙතරම් අපූරුවීද යත් ඔවුන් සැවොම දෑසින් කඳුළු පනින තෙක් සිනා ගස්වන්නට එය සමත් විය. ඔහු ගේ කතාවල එන පණ්ඩකයන් හැමවිටම සෙර් ඇලිසන් කතා කරන ආකාරයට බෙහෙවින් සමාන ආකාරයකින් කතා කලහ. ඔහු‍ ගේ අනෙකුත් මිතුරන් මෙන් පිප් ගේ මේ විකාර බැලීමට ජොන්ද බෙහෙවින් ඇලුම් කල මුත් අද රාත්‍රියේ ඔහු ඔවුන්ගෙන් වෙන්ව ඈත මේසයක තනිව අසුන් ගෙන ආහාර ගනිමින් සිටි සෑම්වෙල් ටාර්ලි කරා පිය නැගුවේ ය.

ඔහුට මුහුණ ලා ජොන් අසුන් ගන්නා විට සෑම්වෙල් සිය රාත්‍රී ආහාරය බොහෝ දුරට අවසන් කර තිබින. ගෝස්ට් දැකීමෙන් මේ කොලුවා ගේ දෑස් පීරිසි දෙකක් මෙන් විසල් විය. "ඌ වෘකයෙක් ද?"

"ඝෝරවෘකයෙක්. එයාගෙ නම ගෝස්ට්. මගේ තාත්තගෙ වංශ සලකුණ ඝෝරවෘකයා."

"අපේ සලකුණ දඩයක්කාරයා."

"ඔබ දඩයම් කරන්ට කැමැති ද?"

මහත කොලුවා දෙවුර ඇකිළී ය. "මට ඒක පේන්ට බෑ." ඔහුගෙන් දිස් වූයේ නැවතත් හඬන්නට යන්නාක් වැනි පෙනුමකි.

"දැන් මොකක්ද ප්‍රශ්නෙ?" ජොන් ඇසී ය. "ඇයි ඔබ හැමවෙලාවෙම බයවෙලා වගේ ඉන්නෙ?"

කතා කිරීමට පවා බියෙන් මෙන් සිය පිඟාන දෙස බලාගත් සෑම් දුබල ලෙස හිස සැලී ය. පිප් විහිළු ස්වරයෙන් යමක් පවසමින් සිටි අතර ශාලාව සිනාහඬින් පිරී ගියේ ය.


Jon Snow: "I scream that I’m not a Stark, that this isn’t my place, but it’s no good, I have to go anyway."

65 comments:

  1. Oh ser piggy, may be the most controversial character ever

    ReplyDelete
    Replies
    1. controversial..!? hmmm.............

      Delete
    2. Oh hell yes. Lots of discussion going on abt him. Second only to Jon (or may be forel)

      Delete
    3. ෆොරෙල් කිව්වේ නැටුම් මාස්ටර් ද කුමරුනි ??

      Delete
    4. some characters have so convoluted a storyline that we cannot help but speculate as per their future and past. some are morally so ambiguous. some are just too mysterious. syrio forel and sam are such two characters. jon,dany,stannis (spoiler) (spoiler) (spoiler) are some more :D

      Delete
    5. ෆොරෙල් සල්සා දන්නවද දන්නේ නෑනේ. :P

      Delete
    6. ෆොරෙල් ගැන කිසි දෙයක් තාම කියන්ට බැරිලු. ඉස්පොයිලර් වත් නැල්ලු

      Delete
  2. //සඳක් මෙන් වටකුරු මුහුණේ වූ මලානික දෑස් නොසන්සුන් අයුරින් එහා මෙහා දිවුවේ ය. //


    පව් සෑම් ,අර ආර්යාට වගේ මටත් මේක කියෙව්වාම කේන්තිආවා. දුබලයන්ට කොහෙත් තැන්ක් ලැබෙන්නෙ නහැ නේ........

    ReplyDelete
    Replies
    1. හා හා.. ඔහොම ‍කේන්තිගන්ට එපා.. හතරපෝයට පස්පාරක් සිල්ගන්න ඔයාලා වගේ අය එහෙම කේන්තිගන්ට හොඳ නෑ නෙව.. :-P

      Delete
    2. බලාගෙන ගියාම සඳක් වගේ මූණු තිබිල තියෙන්නෙ පවුර පැත්තෙ කොල්ලන්ටනෙ

      Delete
    3. බුරෝදිපති තුමා මෙහෙ කෙල්ලන්ට සඳක් වගෙ මූනක් කිව්වොක් (ආවාට නැති අයට ) කොම්ප්ලිමන්ට් එකක්.

      බටහිර සමහර අවස්තාවලදී moon-faced කියන්නෙ ටිකක් වගේ mentally retarded නේ?

      Delete
    4. @ RanVan,

      මොකද කියන්නෙ? නිශා රැකුමට බැඳිලා ප්‍රාකාරෙ පැත්තෙ යමුද? ;-)

      @ Pra Jay,

      එහෙම දේකුත් තියෙනවා නේ.. :-O

      Delete
    5. එතකොට දිලිසෙන සඳක් වගේ අයගේ මොන මොනවද රිටාර්ඩඩ් සේර් කිං කොංග්..??

      Delete
    6. @C
      ඒගොල්ලන්ට ඉන්නව වෙද නිලමෙල retainersල විදිහට

      Delete
    7. Speaking for all the shining people, we may be cracked in the cerebrum, but we still shine :P

      Delete
    8. //දුබලයන්ට කොහෙත් තැන්ක් ලැබෙන්නෙ නහැ නේ..//

      මේ මොනව කියනවද , මැඩම්. පේන්නැහ්ද මේ අසරණ , අහිංසක මාව දාගෙන මඩේ ඔබන හැටි ?

      Delete
    9. @Pra.
      ඒ නිලමෙලා එච්චර දක්ෂ නෑ වගේ නෙහ්.. නැත්නම් තාම....

      @හඳ මාම
      තට්ටේ වෙන්ටෑ..

      Delete
    10. @නරී,

      පව් අප්පා. dry clean කරවමු නේ :D

      Delete
  3. මදෑ ඉඳල ඉඳල එක වෙන්න ආවා :)

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං ඔයිට වඩා උදේ නැගිටින්ට ඕන.. ඔහොම කම්මැලිකමට නිදාගෙන ඉඳලා එක වෙන්ට පුළුවනෑ?

      Delete
    2. අරයා කිව්වේ අර අරයටද??

      Delete
    3. Yeth yeth Choolow, අරය තමයි .
      හැමෝගෙම ඒවට ලියන එයා අද මෙයාගෙ කමෙන්ට්වලට මොනවත් ලියලත් නෑ. දැක්කද? The prince is smitten by leonine charms!
      මං දැන් මේ cupid ගෙ පින්තූරයක් හොයනව මගෙ ප්‍රොෆයිල් එකට


      Delete
    4. Ser cupid needs to practise archery. His aim is woefully inaccurate. Shall I call the master of arms ? So that u can practise?

      Delete
    5. Such keenness ! heh !
      Patience o' distilled one, patience.
      Target acquired and bull's eye (sorry, leonine heart) hit.
      However, the arrows are tipped with slow acting sweetness. Wait for it !
      Have a nice week end. Sweet dreams!

      Delete
    6. // මං දැන් මේ cupid ගෙ පින්තූරයක් හොයනව මගෙ ප්‍රොෆයිල් එකට //

      How 'bout something like this, Ser Cupid aka PJ?

      Delete
    7. කෙලියද මහ රජ තාප්පෙට කිව්වලු.....

      ධේනුවට විදින්ට කලියෙන් කුමාරයා ඉල්ලං ඇණගනී වගේ...

      Delete
    8. He he. Ser bur that cupid has no bow :(

      Delete
    9. ඒ ඉස්සර කියුපිඩ්ලට තමා දුනු තිබ්බෙ.. දැන් එවුන් එහෙම දුර ඉඳන් ඊතල විදින්නෙ නෑ.. ළඟට ගිහිල්ලා බෙල්ලට කඩුව තියලා අහනවා "කැමැතිද නැද්ද?" කියලා..

      Delete
    10. This particular cupid is so drunk he's shooting at the wrong target :P

      Delete
    11. @සෝන්යා,

      කීවත් වගේ කලින් නැගිටින්ටකෝ. මලක් කඩන වෙලාව බලලා හරියටම ඔන්ලයින් එන්නේ....:D:D

      Delete
    12. @බූරා,

      //බෙල්ලට කඩුව තියලා අහනවා "කැමැතිද නැද්ද?" කියලා.//

      අපි නම් ඔහොම බය කරන්ට බෑලු. පොඩි කාලේ ඉඳන් කඩු ශිල්පය, දුනු ශිල්පය, අසුන් පිට යෑම, වෘකයින් පිට යෑම (මීට නරින්ද අයත්වේ ) බස්සන්ගේ හොට බිම ඇනීම වැනි, මෙකී නොකී සියලුම ශිල්පයන් ප්‍රගුණ කර ඇත. :P

      Delete
    13. @ප්‍රා,

      ගොරිල්ලන්ට අනංගයාගේ දුන්න හම්බ වුනාම, අර කාටදෝ මොකක්දෝ හම්බ වුනා වගේ කාට , කොහාට විදීද දන්නේ නෑ . බයේ බෑනේ. :D

      Delete
    14. හර් ලේඩිෂිප් ගොරිල්ලෝ ඉස්ටඩි කොරල නැල්ලු ද?

      Delete
    15. මං දන්න අනංගයෙක් නම් නැහැ , හැබැයි අරතැනටත් බෙදන්න වගේ කතාවක් තියෙනවද මන්දා ...... :P

      Delete
    16. තව කතා මාලාවක් ලියන්න වෙයිද මන්දා...

      A song of the Forest and the Night
      Book 1 - The Moonlight Roar

      Delete
  4. Well, that's something new.. But I guess may be he'll become someone usefull somewhere in the story.. Let's see....

    ReplyDelete
  5. This book is offensive to fat people. Api owata wiruddayi with Eric cartman and peter griffin ;P

    ReplyDelete
    Replies
    1. Mmmmmmm.... Family Guy! One of my fav TV shows.. :-D

      Delete
    2. Caught the new season me lord? And I highly recommend South Park too :)

      Delete
    3. I don't like South Park! :-)

      Delete
    4. it has the mexican staring frog of southern sri lanka , dude. wats not to like :P

      Delete
    5. I don't know bud, but feels like it's not my type... :-)

      But, Family Guy, yeah.... Gigity Gigity!! :-D

      Delete
  6. සෑම් හොඳ එකා...

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. හා හා මේ දානවා... :-D

      Delete
  7. වින්ටර්ෆෙල් වල ඉන්න ඕනේ එකා නයිට්ස් වොච් ඇවිල්ලා නයිට්ස් වොච් ඉන්න ඕනේ එකා වින්ටර්ෆෙල් වල නැවතිලා වගේ මට දැනුනේ...

    ReplyDelete
    Replies
    1. මාටියා කරන වැඩ තමා ඉතින්.. මාව එහෙම ඕවට ගාවගන්ට එපා.... ;-)

      Delete
  8. ඔන්න මේ වගේ ජවනිකා යනකොටනම් අපිට ඉහිලුම් නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න.

    ReplyDelete
    Replies
    1. කොටස් කීපයක්වත් බාගෙන බැලුවෙ නැද්ද තාම?

      Delete
  9. අවවාදයයි.

    මල්සරාගේ දුන්න නැතිවී ඇත. අද සිට මෙම අඩවියට පැමිණෙන අයවලුන්ගේ නැතිවෙන, බිඳෙන, සිදුරුවෙන, දැවෙන , මල් පල ගැන්වෙන හදවත් සඳහා අපගේ කිසිම දැනීමක්, රුකුලක් හෝ බුරුලක් නැති බව මින් දන්වනු ලැබේ. :P

    ReplyDelete
    Replies
    1. warning: LOVE seriously harms you and others around you ...:P

      Delete
    2. ආලය සිගමනකි නොසිගන අය සිගන
      ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
      ආලය මහ දුකකි නොතැවෙන අය තැවෙන
      කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන

      බිත්ති කවියකි.

      Delete
    3. අනික්වා නැතත් බුරුලක් දෙන්'ට' පොඩ්ඩි...

      Delete
  10. කොටෙක් හිටියා දැන් බඩෙකුත් ඇවිල්ලා.තව තව මොක්කු ඒවිද මන්දා ඉස්සරාට..:D

    ReplyDelete
    Replies
    1. බලාන ඉම්මු මොක්කු මොක්කු ඒවිද කියලා.. :-D

      Delete
    2. මං වගේ බඩ තියෙන කොට උන් නැත්ද දන්නේ නෑ ඔකේ..

      Delete
  11. ඔහැක් සෙද්ද තමා. >_<
    විචාරකු තුමාගෙ උපදෙස් හන්ද මහ මෙලෝ රහක් නැති පිංතූර ටිකක් නං ඔබල තියෙනව. රහක් නෑ කියන්නෙ මෙලෝම රහක් නෑ.
    චප්ප චොර,
    (දැං කියන්න එපා මං මහ කුප්ප ඩෑල එකක් කියල ඇත්තටම හිතුන දේ තමා කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. හිතෙන ඕන දෙයක් කියන්ට.. ඒකෙ කිසි වැරැද්දක් නෑ.. :-)

      පරිච්ඡේදයට ගැලපෙන පින්තූර දාන්ටත් එපායැ.. මෙතනට කෙල්ලන්ගෙ පින්තූර ඔබලා හරියන්නෙ නෑ නෙවැ.. :-(

      Delete
    2. කීවත් වගේ ජොන්ගේ පින්තූරේ විතරයි ටිකක්වත් හොඳ...:( :D

      Delete
    3. ඒකනෙ පොඩ්ඩි අක්ක

      Delete
    4. //කීවත් වගේ ජොන්ගේ පින්තූරේ විතරයි ටිකක්වත් හොඳ...:( :D//

      ජොන්ගේ මූණ දැක්කහම මට හිතුණේ ඌට හදිසි අවශ්‍යතාවයක් ඇති වෙලා කියලා

      Delete