Friday 31 October 2014

එඩාර්ඩ් 07-3


එදා රාත්‍රියේ පැවැති භෝජන සංග්‍රහය අතරතුරේදී එඩාර්ඩ් ස්ටාර්ක් අන් කවරදාටත් වඩා බලාපොරොත්තු සහගතව උන්නේය‍. රොබර්ට් ඉතා ඉහළ මට්ටමේ ම‍නෝභාවයකින් සිටි අතර සෑමකෙනෙකු සමගම විහිළු කරමින් සිනාසෙමින් කාලය ගෙවීය. කිසිදු ලැනිස්ටර්වරයකු පෙනෙනතෙක් මානයේ වත් නොසිටි අතර ඔහු ගේ දූවරුන් දෙදෙනද යහපත් හැසිරීමෙන් යුක්ත වූහ. ජොරී විසින් ආර්යා කැටුව පැමිණි අතර සන්සා ඇයත් සමග සුහදව පිළිසඳරේ යෙදුනා ය. "තරගාවලිය වචනෙන් කියලා ඉවරකරන්ට බැරිතරම් ලස්සනයි." ඇය සුසුමක් හෙලුවා ය. "අපරාදෙ, ඔයත් එන්ටයි තිබු‍නෙ. ඔයාගෙ නැටුම් පාඩම් කොහොමද?"

"ම‍ගේ ඇඟේ ගන්ට දෙයක් නෑ." ආර්යා සතුටින් පැමිණිලි කලාය. ඇය සිය පාදයේ වූ දම්පැහැ ගැන්වුනු විශාල තැලුමක් ඔවුන්ට පෙන්වූවා ය. "ඔයා බොහොම නරක නැට්ටුවෙක් වෙන්ට ඇති." සන්සා සැකසහිත ස්වරයෙන් කීවාය.

භෝජන සංග්‍රහයෙන් පසුව, සන්සා ගායක කණ්ඩායමක් විසින් ගයන්නට යෙදුනු 'මකර නැටුම' නමින් හැඳින්වෙන සැහැල්ලකට සවන් දෙමින් සිටියදී නෙඩ් ආර්යා‍ ගේ තැල්ම පිරික්සා බැලීය. "ෆො‍රෙල් ඕනෑවටත් වඩා ඔයාව මහන්සි කරන්නෑ කියලා මම හිතනවා." ඔහු කීය.

ආර්යා තනි කකුලෙන් සිටගත්තා ය. ඇය මේ වනවිට මනා අයුරින් සමබරතාව රැකගැනීමට උගෙන සිටියා ය. "සිරියෝ කියන්නෙ හැම වේදනාවක්ම පාඩමක් කියලා. හැම පාඩමකින්ම මාව තව තවත් හොඳ වෙනවා කියලා."

නෙඩ් බැම ඇකිළීය. සිරියෝ ෆොරල් වනාහි ඉහළම තත්ත්වයේ නමක් සාදාගෙන තිබුනු සුපිරි සටන් ශිල්පියෙකු විය. එමෙන්ම ඔහු ගේ විචිත්‍ර බ්‍රාවොසි සටන් විලාසය ආර්යා ‍ගේ කෙට්ටු අසිපත හා මනාව ගැලපින. එසේ වුව... දින කිහිපයකට පෙර ඇය කළු පැහැ රෙදි පටියකින් දෑස් බැඳගෙන සෑම තැනම ඇවිදිමින් සිටියා ය. සිරියෝ තමාට කණින්, නාසයෙන් හා සමින් දකින්නේ කෙසේදැයි උගන්වමින් සිටින බැව් ඒ ගැන විමසූ විට ඇය කීවාය. ඊට පෙර ඇය වටයට කරකැවීම් හා පසු පිනුම් පුහුණුවෙමින් සිටියා ය. "ආර්යා, ඔයාට හොඳටම විශ්වාසද ඔයාට මේක දිගටම කරගෙන යන්ට ඕන කියලා?"

ඇය හිස වැනුවා ය. "හෙට අපි යනවා බළල්ලු අල්ලන්ට."

"බළල්ලු!" නෙඩ් සුසුමක් හෙලුවේ ය. "සමහරවිට මේ බ්‍රාවොසියාව ගෙන්නගත්ත එක අත්වැරැදීමක් වෙන්ට ඇති. ඔයා කැමැතිනම් මම ජොරීට කියන්නම් ඔයාට උගන්නන්ටයි කියලා. එහෙමත් නැත්තං මම හෙමින් සැ‍රේ සෙර් බැරිස්ටාන්ගෙන් අහලා බලන්නම්. එයා තරුණ කාලෙ මේ රාජධානි සප්තකයෙම හිටපු දක්ශම කඩුහරඹ කාරයා."

"මට ඒ කවුරුවත් ඕන නෑ. මට ඕන සිරියෝ."

නෙඩ් සිය කෙහෙරැළි අතරින් ඇඟිලි දිවෙවුවේ ය. ඕනෑම හොඳ සටන් පුහුණුකරුවකු මේ විකාර ‍වෙනුවට ආර්යාට පහරදීම් හා පහර වැළැක්වීම් උගන්වනු ඇත. එනමුදු සිය බාල දියණියව මනාව දැන සිටි ඔහු ඒ මුරණ්ඩු මුහු‍ණින් කියැවෙන්නේ කුමක්දැයි හොඳින් වටහාගත්තේ ය. "ඔයාගෙ කැමැත්තක් එ‍හෙනම්." අනිවාර්ය‍යෙන්ම ඇයට ටික දිනක් යනවිට මේවා එපා වනු ඇත. "ඒ වුනාට ඔයා පරිස්සම් වෙන්ට වස්තුවෙ."

"මම එහෙම කරන්නම්." ඇය උඩ පැන දකුණු පයින් වම් පයට මාරු‍වෙමින් පැවසුවා ය.

බොහෝ වේලාවකට පසුව, සිය දියණියන් දෙ‍දෙනාව නැවත ආරක්ෂාකාරීව නිවෙසට කැඳවාගෙන විත් ඔවුන්ව නින්දට යැවූ පසු නෙඩ් ඉහළම මාල‍යේ වූ සිය කාමරය වෙත පිළිපන්නේ ය. දවස උණුසුම් වූ අතර කාමරය තුළ වාතාශ්‍රය මඳ විය. කවුළුව වෙතට ගිය නෙඩ් බරැති පැලැලි පසෙකට කරදැමුවේ කාමරය තුළට සීතල සුළං බිඳක් ලබාගැනීමේ අරමුනිනි. විශාල අංගනයට එහායින් සුළැඟිල්ලා ‍ගේ කාමරවල දිදුලන ඉටිපන්දම් දැල්ල ඔහුට දිස්විය. මේ වනවිට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබුනු අතර ගංඉවුරේ මධුපානෝත්සවය අවසන් වීම ඇරඹී තිබින.

නැවත කිනිස්ස එළියට ගත් ඔහු එය අධ්‍යයනය කලේය. සුළැඟිල්ලාගේ සිරිය, ඔට්ටුවකින් ටිරියන් ලැනිස්ටර් විසින් දිනාගත් සිරිය, බ්‍රැන්ව නින්දේදීම මරා දැමීම පිණිස යැවූ සිරිය. ඇයි? කුරුමිට්ටාට බ්‍රැන් මියයනු දැකීම අවශ්‍ය වූයේ ඇයි? කවරෙකුට හෝ බ්‍රැන් මියයනු දැකීම අවශ්‍ය වූයේ ඇයි?

මේ සිරිය, බ්‍රැන් ගේ වැටීම, මේ සියල්ල කෙසේ හෝ ජොන් ඒරින් ගේ මරණය හා සම්බන්ධකමක් තිබිය යුතුය. ඔහුට එය ඉවෙන් මෙන් හැඟින. එනමුදු ජොන් ඒරින් ගේ මරණය තවමත් අභිරහසක්ව පවතී. ඔහු තවමත් පටන්ගත් තැනමය. ස්ටැනිස් උතුමානන් තරගාවලිය වෙනුවෙන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට නොපැමිණියේ ය. ලයිසා ඒරින් ඉයරීහි උස් ප්‍රාකාර පිටුපසට වී නිහඬව සැඟවී සිටියි. ජොන් ගේ සහචරයා මියගියේය. ජොරී තවමත් ගනිකා මඩම් පිරික්සමින් සිටියි. රජු ගේ අවජාතකයා හැර ඔහුට තවත් කිසිවක් වෙත්ද?

අර ආයුධ වෙළෙන්දා ගේ බුම්මාගත් ආධුනිකයා රජු ‍ගේ පුතෙකු බවට නෙඩ්ට කිසිදු සැකයක් නොවීය. බරතියන් පෙනුම ඒ මුහුණේ, ඒ දෑසේ, ඒ හණුවල, ඒ තද කළු පැහැ කේශ කලාපයේ හොඳින්ම සටහන් වී ඇත. ඒ වයසේ කොලුවකුට පියා වීමට රෙන්ලි තරුණ වැඩිය. ස්ටැනිස් එවැනි නොහොබිනා ක්‍රියාවක් කිසිදිනෙකත් සිදු නොකරනු ඇත. ‍ජෙන්ඩ්‍රි අනිවාර්ය‍යෙන්ම රොබර්ට් ගේ පුතකු විය යුතුය.

එනමුදු මෙය දැනගත්තා කියා ඔහු සොයාගත් රහස කුමක්ද? රජු ගේ තවත් අවජාතකයින් රැසක් රාජධානි සප්තකය පුරා විසිරී සිටිති. ඔහු විවෘතව පිළිගත්, ඔහු නිසා උසස් කුලීන කාන්තාවකගේ කුසින් බිහිවූ, බ්‍රැන් ගේ වයසේ වූ අවජාතක පුතෙකු මේ වනවිට ‍රෙන්ලි උතුමානන් ගේ නිවාස භාරකරු ‍ගේ රැකවරණය යටතේ ස්ටෝර්ම්ස් එන්ඩ් හි හැදී වැඩෙයි.

රොබර්ට් ගේ පළමු අවජාතක දරුවාද නෙඩ්ට හොඳින් මතකය. ඒ රොබර්ට් කොලුවකුට වඩා යාන්තම් වැඩිමල් වූ වියේදී ඒරින් මිටියාවතේ ඉපදුනු දැරිවියකි. ඇය කෙතරම් සුන්දර සුකොමළ දැරිවියක් වූවාද යත් රොබර්ට් දිනපතාම පාහේ ඇයත් සමග ‍‍සෙල්ලම් කිරීම පිණිස යාම පුරුද්දක් කරගෙන තිබින. දැරිය ගේ මවත් සමග ඔහු ගේ ඇසුර නැවතීමෙන් පසුව පවා ඔහු එහි යාම පුරුද්දක් කරගෙන සිටි‍යේ ය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ නෙඩ්ටද මේ ගමන්වලට සහභාගි වීමට සිදු වී තිබින. දැරියට මේ වනවිට දහහතක් හෝ දහඅටක් විය යුතු බැව් ඔහුට මතක් විය. රොබර්ට් ඇයට පිය පදවිය පුදකරන විට ඔහු ඊටත් වඩා ලාබාල වියේ පසුවිය.

පැහැදිලිවම සෙර්සි සිය සැමියා ගේ අවජාතක දරුවන් නිසා සිත කරදර කරගන්නට ඇත. එනමුදු ඔහුට අවජාතකයින් එකකු සිටියද දහසක් සිටියද එයින් කිසිදු අනතුරක් වන්නේ නැත. නීතිය හා චාරිත්‍ර වාරිත්‍ර අනුව අවජාතකයින්ට සමාජයේ හිමිවූයේ ඉතා පහත් ස්ථානයකි. ජෙන්ඩ්‍රි, මිටියාවතේ දැරිය, ස්ටෝර්ම්ස් එන්ඩ්හි සිටින කොලුවා, මේ කිසි‍වෙකු රොබර්ට් ගේ සහජාත දරුවන්ට තර්ජනයක් වන්නේ නැත.

ඔහු ගේ කල්පනාවලිය බිඳ දමමින් දොරට පිටතින් කෙරුනු මෘදු තට්ටු කිරීමක් ඇසින. "මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා ඔබතුමාව මුනගැහෙන්ට ම‍ගේ උතුමානනි." හාර්වින් කීය. "එයා නම කියන්නෙ නෑ."

"එයාව ඇතුළට එවන්ට."

මේ අමුත්තා තර, අබලන් මඩ තැවරුනු බූට්ස් සපත්තු දෙකකින් දෙපා වසාගත්, රළු දුඹුරු පැහැ ලෝගුවක් හැඳියකු විය. ඔහු ‍හිස වසා ජටාවක් පැළැඳ සිටි අතර ලෝගු‍වේ දිගැති අත් අ‍‍තරේ දෑත් සැඟවී ගොස් තිබින.

"උඹ කවුද?" නෙඩ් ඇසීය.

"යාළුවෙක්." අමුත්තා අමුතු පහත් ස්වරයකින් පිළිතුරු දුන්නේ ය. "අපි තනියම කතා කරන්ට අවශ්‍යයි ස්ටාරක් උතුමානනි."

සුපරීක්ෂාකාරීබව මැඩ කුතුහලය නැග ආවේය. "හාර්වින්, පිටවෙන්ට." ඔහු අණ කලේය. ඔවුන් දෙදෙනා දොර පිටුපස තනිවන තෙක් අමුත්තා සිය ජටාව ගැලවූයේ නැත.

"වාරිස් උතුමානනි." නෙඩ් විමතියෙන් කීවේය.

"ස්ටාර්ක් උතුමානනි." වාරිස් කීවේ අසුනකට බර දෙමිනි. "තරහ නැතුව මට බොන්ට මොනවා හරි දෙනවද?"

කුසලාන දෙකකට සමර්වයින් පිරවූ නෙඩ් එකක් වාරිස් අතට දුන්නේ ය. "ඔබට අඩියක් දුරින් පියමං කරලා ගියත් මම ඔබව අඳුරගන්න එකක් නෑ." ඔහු පුදුම‍යෙන් කීය. පණ්ඩකයා සේද, විල්ලූද හා දමස්ක හැරෙන්නට අන් කිසිවකින් සැරසී සිටිනු ඔහු කිසිදා දැක නොතිබින. නිතරම ඔහු ‍වෙතින් හැමූ ලයිලැක් සුවඳ වෙනුවට දැන් ඔහු වෙතින් දහදිය ගඳ හමමින් තිබින.
"ඒක තමා මගේ බලාපොරොත්තුව වුනෙත්. අපි දෙන්නා මෙහෙම රහසේ කතා කලා කියලා සමහර උදවිය දැනගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. රැජිණ බො‍හොම තදින් ඔබ ගැන ඇහැ ගහගෙනයි ඉන්නෙ. මේ වයින් ‍බොහොම හොඳයි. බොහොම ස්තූතියි!‍"

"ඔබ ‍කොහොමද මගේ අනිත් ආරක්ෂකයින්ගෙන් ගැලවිලා ආවෙ?" නෙඩ් ඇසීය. පෝර්තර් හා කේය්න් ප්‍රධාන දොරටුවට පිටතිනුත්, ඇලන් පඩිපෙළත් රකිමින් සිටින බැව් ඔහු දැන සිටි‍යේ ය.

"රතු බලකොටුව ඇතුළෙ තියෙනවා හොල්මනුයි මකුළුවොයි විතරක් දන්න පාරවල්." වාරිස් සමාව අයැදින අන්දමේ සිනහවක් පෑවේය. "මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ මගේ උතුමානනි. ඔබ දැනගතයුතු දේවල් කීපයක් තියෙනවා. ඔබ රජතුමාගෙ හස්තය. අනිත් එක, රජතුමා මහ මෝඩයෙක්. මම දන්නවා එයා ඔබේ යාළුවා, ඒ වුනත් එයා මහ ‍මෝඩයෙක්... ඒ වගේම එයා විනාශයට කිට්ටු වෙලයි ඉන්නෙ. ඔබ එයාව බේරගත්තෙ නැත්තම්. අද එයා බොහොම කිට්ටුවට ගියා. උං බලාපොරොත්තු වෙලා හිටියෙ මිශ්‍රසටන අතරෙදි රජතුමාව මරන්ට."

සන්ත්‍රාසය නිසා නෙඩ්ට මොහොතක් ගතවන තෙක් කතා කරගත නොහැකි විය. "කවුද?"

වාරිස් සිය වයින් බඳුන තොලගෑවේය. "මම ඔබට ඒකත් කියන්ට ඕනනම් ඔබ රොබර්ට්ටත් වඩා මෝඩ‍යෙක්. ඒ වගේම මම ඉන්නෙ වැරැදි පැත්තෙ."

"ලැනිස්ටර්ලා? රැජිණ? නෑ.... මම ඒක විශ්වාස කරන්නෙ නෑ. සෙර්සි වුනත් එහෙම කරයි කියලා මම හිතන්නෙ නෑ. එයා රොබර්ට්ට කිවුවා සටනට යන්ට එපයි කියලා."

"එයා රොබර්ට්ට තහනම් කලා සටනට යන්ට. එයාගෙ ස‍හෝදරයයි, එයාගෙ නයිට්වරුයි, එයාගෙ රාජසභාවෙන් බාගයකුයි ඉස්සරහා. මට කියන්ට, රොබර්ට්ව මිශ්‍ර සටනට යවන්ට බලකරන්ට ඊට වඩා හොඳ විදියක් තියෙනවද?"

නෙඩ් ගේ බඩ දඟලන්නාක් මෙන් දැනින. පණ්ඩකයා හරියටම නියම ඇණයට මිටිපහර ගසා තිබින. යමක් කල නොහැකියැයි, කිරීම සුදුසු නැතැයි, කල යුතු නැතැයි කවරෙකු හෝ රොබර්ට් බරතියන්ට කියන්නේ නම් ඔහු ඒ වැඩය අනිවාර්යයෙන්ම කරනු ඇත. "එයා සටන් වැදුනත් කවුද එඩිතර වෙන්නෙ රොබර්ට්ට පහරදෙන්ට?"

වාරිස් දෙවුර ඇකිලීය. "එතන සටන්කරුවො හතලිහක් හිටියා. ලැනිස්ටර්ලාට හැමතැනම යාළුවො ඉන්නවා. අර ඔක්කොම කලබල අස්සෙ, අශ්වයො කෑ ගහන අස්සෙ, ඇටකටු පොඩිවෙන අස්සෙ, තොරෝස් මිනිහගෙ අර විකාර ගිනිකඩුව වනන අස්සෙ කා‍‍ගෙ හරි පහරකින් රජතුමා මළොත් කාටද කියන්ට පුළුවන් ඒක මිනීමැරුමක් කියලා? වැඩේ වුනාට පස්සෙ මිනීමරුවා බොහොම ලස්සනට රඟපායි. මට ඇහෙනවා ඇහෙනවා වගේ මිනිහා දුකෙන් වැළපෙන සද්දෙ. ඒ වුනත් මට කිසිම සැකයක් නෑ රජතුමාගෙ දුප්පත් වැන්දඹුව ඒ අහිංසකයට සමාව දෙයි. අපේ හොඳ රජතුමා ජොෆ්රි ඒ අහිංසකයාට රාජකීය සමාවක් ප්‍රදානය කරයි. එ‍හෙමත් නැත්තං සෙර්සි සෙර් ඉලියන්ට කියයි අරූගෙ බෙල්ල කපන්ටයි කියලා. ඒක ලැනිස්ටර්ලාගෙ අවදානම තවත් අඩු කරනවා. එයාලගෙ අහිංසක යාළුවටනම් ඒක ලොකු පුදුමයක් වෙයි."

සිය කේන්තිය නැග එනු නෙඩ්ට දැනින. "ඔබ මේ කුමන්ත්‍රණය ගැන දැනගෙන හිටියා. ඒ වුනත් ඔබ කිසිම දෙයක් කලේ නෑ."

"මම අණදෙන්නෙ රහස් කොඳුරන එවුන්ට. රණකාමීන්ට නෙවෙයි."

"ඔබ මීට කලින් මාව මුනගැහෙන්ට එන්ට තිබුනා."

"හරි මම එ‍‍හෙම කලා කියමුකො. එතකොට ඔබ මොකක්ද කරන්ට යන්නෙ? ඔබ පණිවුඩෙත් අරන් දුවලා යයි රජතුමා ගාවට. ඔවු නේද? රොබර්ට්ට මේක අහන්ට ලැබුනහම එයා මොනා කරයිද?"

නෙඩ් මොහොතක් සිතා බැලීය. "එයා කියයි උං හැමෝම යකාට ගියාවෙ කියලා. ඊටපස්සෙ එයා සටනට යයි එයා උංට බය නෑ කියලා පෙන්නන්ට."

'මම කිවුවා නේද' යි අසන්නාක් මෙන් වාරිස් දෑත් දිගහැරියේ ය. "මම තව කාරණයක් කියන්නම් එඩාර්ඩ් උතුමානනි. මට කුතුහලයක් තිබුනා ඔබ මොකක් කරයිද කියලා බලාගන්ට. ඔබ මගෙන් ඇහුවා 'ඇයි කලින් මගේ ගාවට ආ‍වෙ නැත්තෙ' කියලා. ඒ මොකද කියනවා නම් මම ඔබව විශ්වාස කලේ නැහැ මගේ උතුමානනි."

"ඔබ මාව විශ්වාස කලේ නෑ?" නෙඩ් අවංකවම තුශ්නීම්භූත වී ගියේය.

"රතු බලකොටුවෙ ජාති දෙකක මිනිස්සු ඉන්නවා එඩාර්ඩ් උතුමානනි. රාජධානියට පක්ෂපාතී අයයි, තමන්ට විතරක් පක්ෂපාතී අයයි. අද උ‍දේ වෙනකම් මම දැනගෙන හිටියෙ නෑ ඔබ කොයි ජාතියෙ කෙනෙක්ද කියලා... ඉතින් ඒ නිසා මම නැවතිලා බලන් හිටියා... ඉතින් දැන් මම සැකයක් නැතුවම දන්නවා." ඔහු පුළුල් සිනහවක් පෑවේය. "මට තේරුම් යන්ට පටන් අරන් තියෙනවා ඇයි රැජිණ ඔබට මෙච්චර බය කියලා."

"ඇය වැඩියෙන්ම බයවෙන්ට ඕන ඔබටයි." නෙඩ් කීය.

"නෑ. මම මම විතරයි. රජතුමා මාව පාවිච්චි කරනවා. ඒත් එයා ඒ ගැන ලැජ්ජා වෙනවා. අපේ රොබර්ට් කියන්නෙ බොහොම ප්‍රබල රණශූරයෙක්. ඒ වගේ කෙනෙක් ඔත්තුකාරයින්ටයි, රහස් කෙඳිරිලිවලටයි, නපුංසකයින්ටයි කැමැත්තක් දක්වන්නෙ නෑ. එක දවසක සෙර්සි කෙඳිරිගෑවොත් 'අරූව මරන්ට' කියලා ඊළඟ තත්පරේ ඉලියන් පේය්න් මාව හොයන් ඇවිත් මගේ ඔළුව රිටක අමුනයි. එතකොට කවුද මේ දුප්පත් වාරිස් ගැන කණගාටු වෙන්නෙ? උතුරෙවත් දකු‍ණෙවත් කවුරුවත් මකුළුවො ගැන සින්දු කියන්නෙ නෑ." අත දිගු කල ඔහු නෙඩ්ව ස්පර්ෂ කලේය. "ඒ වුනත් ඔබ ස්ටාර්ක් උතුමානනි... මම හිතනවා... නෑ, මම සහතිකෙන්ම දන්නවා... එයා කොහොමවත් ඔබව මරන්නෙ නෑ. එයාගෙ රැජිණ වෙනුවෙන් වත්. අන්න එතැනයි අ‍පේ ගැලවීම තියෙන්නෙ."

මේ සෑම දෙයක්ම ඔනෑවටත් වඩා වැඩිවිය. එක් මොහොතකට එඩාර්ඩ් ස්ටාර්ක්ට නැවත උතුර බලා යාමට සිතින. සරල, චාම්, අවංක, ශීතකාලය හා ප්‍රාකාරයෙන් එහා වසන වනචාරීන් පමණක් තමන් ගේ සතුරන් වන ආදරණීය උතුර. "කිසි සැකයක් නෑ රොබර්ට්ට තවත් ළඟ යාළුවො ඇති." නෙඩ් විරෝධය පෑවේය. "එයාගෙ ස‍හෝදරයො, එයාගෙ-"

"-බිරිඳ?" වාරිස් උපහාසාත්මක සිනහවකින් යුතුව වාක්‍යය අවසන් කලේය. "ඇත්ත, එයාගෙ සහෝදරයො ලැනිස්ටර්ලාට වෛර කරනවා. ඒ වුනත් රැජිණට වෛර කරනවා කියන එකයි රජතුමාට ආදරය කරනවා කියන එකයි දෙකක්. එහෙම නේද? සෙර් බැරිස්ටාන් එයාගෙ ගෞරවයට ආදරය කරනවා. ප්‍රධාන මේස්ටර් පයිසෙල් එයාගෙ තනතුරට ආදරය කරනවා. සුළැඟිල්ලා සුළැඟිල්ලාට ආදරය කරනවා."

"රාජ්‍යාරක්ෂක බලකාය?"

"ඒක නිකංම නිකං කඩදාසිවලින් හදාපු පලිහක් විතරයි. ඔච්චරම පුදුමවෙන්ට එපා ස්ටාර්ක් උතුමානනි. ජේමි ලැනිස්ටර් කියන්නෙත් දිවුරුම් දුන්න සුදු සළුවක්. ඒ වුනත් අපි හැමෝම දන්නවා එයාගෙ දිවුරුම කොච්චර වටිනවද කියලා. රයම් රෙඩ්වින් නැත්තං මකර නයිට්වර ඒමන් කුමාරයා වගේ අය සුදු සළු ඇඳපු කාලෙ ගියා. දැන් එහෙම අය ඉන්නෙ සින්දුවල විතරයි. මේ හත්දෙනාගෙන් සෙර් බැරිස්ටාන් සෙල්මි විතරයි හරිහමන් රාජ්‍යාරක්ෂක නයිට්කෙනෙක් කියන්ට ඉන්නෙ. ඒ වුනත් සෙල්මි දැන් නාකියි. සෙර් බොරෝසුයි සෙර් මෙරිනුයි ඇටකටුවලට යනකම්ම රැජිණගෙ මිනිස්සු. අනිත් අය ගැනත් මට ලොකු සැක තියෙනවා. නෑ ම‍ගේ උතුමානනි, අන්තිමේදී කට්ටියම කඩු ඇදගන්න වෙලාව ආවහම ඔබ විතරයි රොබර්ට් බරතියන්ට ඇත්ත යාළුවෙක් කියලා ඉන්නෙ."

"මේ දේවල් රොබර්ට්ට කියන්ට ඕනමයි. ඔබ කියන මේ ‍දේවල් ඇත්තක් නම්, ඔබ කියන දේවලින් කොටසක් හරි ඇත්ත නම්, රජතුමා මේ ගැන දැනගන්ටම ඕන."

"මොනාද අපි එයා ඉස්සරහට අරන් යන සාක්කි? එයාලට විරුද්ධව මගේ වචනද? රැජිණටයි, රජුන් මරන්නාටයි, රජතුමාගෙ සහෝදරයින්ටයි, රාජසභාවටයි, බටහිරයි නැගෙනහිරයි ආරක්ෂකයින්ටයි, කාර්ස්ටලී රොක්වල බලයටයි විරුද්ධව මගේ පුංචි කුරුල්ලො දාන්ටද? ඊට වඩා හොඳයි කෙලින්ම ඉලියන් පේය්න්ට එන්ට කියලා යවනවා. ඒකෙන් අපි හැමෝටම කා‍ලෙ ඉතිරි ‍වෙයි. මම දන්නවා ඔය පාර ‍කොහෙන්ද ඉවර වෙන්නෙ කියලා."

"ඒ වුනත්, ඔබ කියපු දේවල් ඇත්තනම් උං කල් මර මර ඉඳලා තවත් උත්සාහයක් ගනියි."

"අනිවාර්යයෙන්ම. වැඩිකල්යන්ට කලින්ම ඒක වෙයි කියලා මට බයයි. ඔබ නිසා උං දැන් තවත් නොසන්සුන් වෙලයි ඉන්නෙ එඩාර්ඩ් උතුමානනි. ඒ වුනත් මගේ පුංචි කුරුල්ලො කණ් දීගෙනයි ඉන්නෙ. අපි දෙන්නා එකතුවුනොත් උං හැරෙනකොට අපට කියන්ට පුළුවන් ‍වෙයි." නැගී සිටි ඔහු නැවත ජටාව පැළැඳ ගත්තේ ය. "වයින් වලට ‍‍බොහොම ස්තූතියි! අපි ආයෙමත් වෙලාවක කතා කරමු. ඊළඟ පාර රාජසභාවෙදි මාව මුනගැහුනම ඔබ හැමදාම කරන විදියට අවඥාවෙන් මා දිහා බලන්ට. ඒක ඔබට අමාරුවක් වෙන එකක් නෑ."

ඔහු දොර අසලට යද්දී නෙඩ් කතා කලේය. "වාරිස්." පණ්ඩකයා ආපසු හැරින. "කොහොමද ජොන් ඒරින් මැරුනෙ?"

"මම කල්පනා කර කර හිටියෙ ඔබ කොයිවෙලාවෙ ඔතැනට එයිද කියලා."

"කියන්ට."

"ඒකට කියන්නෙ 'ලයිස් වල කඳුළු' කියලයි. බොහොම දුර්ලභ, බොහොම මිල අධික වස වර්ගයක්. වතුර වගේ, පාටක් නෑ රසක් නෑ. කිසිම සලකුණක් ඉතුරු කරන්නෙත් නෑ. මම ඒරින් උතුමානන්ගෙන් බැගෑපත්ව ඉල්ලලා හිටියා කෑම පරීක්ෂා කරන කෙනෙක් පත්කරගන්ටයි කියලා. මේ කාමරේ ඉඳන්ම මම ඉල්ලා හිටියා. ඒ වුනත් ඒ ගැන හිතන්ටවත් එයා කැමැති වුනේ නෑ. එයා කිවුවෙ මිනිහෙකුට වඩා බොහොම පහත් එ‍කෙක් ඇරෙන්ට වෙන ‍කෙනෙක් එහෙම දෙයක් ගැන හිතන්නෙ නෑ කියලයි."

නෙඩ්ට සෑම සෙයක්ම දැනගැනීමට අවශ්‍ය විය. "කවුද එතකොට එයාට වස දුන්නෙ?"

"කිසිම සැකයක් නෑ, එයත් එක්ක එකට කෑම කාපු, එකට බීම බීපු ළඟම යාළුවෙක්. ආහ්! ඒත් කවුද? එහෙම අය ගොඩක් හිටියා. ඒරින් උතුමානන් කියන්නෙ බොහොම කරුනාවන්ත, හැමදෙනාවම විශ්වාස කරපු කෙනෙක්." පණ්ඩකයා සුසුමක් ‍හෙලීය. "එක කොල්ලෙක් හිටියා. එයාට තිබුනු හැම දෙයක්ම වෙනුවෙන් එයා ජොන් ඒරින්ට ණයගැතියි. ඒ වුනත් වැන්දඹු ඒරින් ආර්යාව එයාගෙ සේවකයින් එක්ක ඉයරිවලට පැනලා යද්දී එයා කින්ග්ස් ලෑන්ඩින්ග්වල නැවතුනා. එයා බොහොම ඉහළට ගියා. මේ ලෝකෙ තරුණ‍යො ඉහළ නගින එක දැකීම මට හැමවෙලාවෙම ලොකු සතුටක්." ඔහු ගේ සෑම වදනක්ම කස පහරක් මෙන් ලෙලදුනි. "එයා තරගාවලියෙදි බොහොම නිර්භීත විදියට සටන් කරන්ට තිබුනා. එයාගෙ අලුත් දිලිසෙන සන්නාහයයි, අර අඩසඳවල් ගෙත්තම් කරපු සළුවයි. ඔබ එයාට කතා කරන්ට කලින් එයා නොහිතපු විදියට මැරුන එක ‍‍බොහොම ලොකු කනගාටුවට කාරණයක්..."

තමාටත් වස දී ඇත්තාක් මෙන් නෙඩ්ට දැනින. "එයාගෙ සහචරයා. ‍සෙර් හියු." ඇතුළත් ගැට, පිටත් ගැට. ‍මේ සැම වටකරමින් තවත් ගැට. ඔහු ‍ගේ හිස බමන්නට විය. "ඇයි? ඇයි දැන්? ජොන් ඒරින් අවුරුදු දාහතරක් තිස්සෙ රජතුමාගෙ හස්තය වෙලා හිටියා. උංට එයාව මරලා දාන්ට තරම් එයා මොකක්ද කලේ?"

"එයා ඕන නැති ප්‍රශ්න අහන්ට පටන්ගත්තා." වාරිස් කීවේ ‍දොරින් පිටවෙමිනි.


Eddard Stark: “None of us is ever ready.”
Barristan Selmy: “For knighthood?”
Eddard Stark: “For death.”

80 comments:

  1. Tears of LYS :( :O

    කන බොන දේවල් වලට වහ දාන එක පට්ට චාටර් වැඩක්. නැද්ද හැලපේ ?

    අර එක්කෙනෙක් කියුව කියන්නේ " බතල තම්බලා කොල්ලන්ට කන්ට වහ දාල මේ ආවේ " කියලා :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං සහ ගහන අපරාධයක්.ඇයි අර වතුර ටැංකියකුත් වහ දාල තිබුනලුනේ.

      Delete
    2. ඔය සවුක්කිය පරීක්සක මහත්තුරු කියන්නෙම කෑමයි, වතුර ටැංකියි නිතරෝම වහ දාල තියන්ට කියලා තමයි..

      Delete
    3. ඔහේ මක්කැයි මේ දොඩන්නෙ? වහ දාලා තියන්ට?

      Delete
    4. මක්කද මේ ඔහේ විහිලුක්යැ කරන්නෙ :P

      Delete
    5. මේ ලෝකේ දෙයක් තේරුණේ නෑ. වස දාලා එන්ට කියලද කියන්නේ?

      Delete
    6. "ගොහා කොල මලාලා කොල්ලන්ට කන්ට වහ දාල ආවේ " :P

      Delete
  2. my question is this, NED is the kings hand. why doesn't he take varys by the neck and wring all the secrets from him. the man knows something, obviously. and he cant hurt anyone right now, he is alone. Robert would do this in a heartbeat.

    ReplyDelete
    Replies
    1. ඕන නැති ප්‍රශ්ණ අහන ඈයෝ පරිස්සං වෙන්ටලු ..

      Delete
    2. මේ ‍පොත දෙවෙනි වතාවට කියවගෙන යද්දි මටත් ඔය වගේ ගැටළුසහගත තැන් කීපයක්ම අහුවුනා. ඒවා ඉතිං කතාවෙ වීක් ‍පොයින්ට්ස්. මාටින් ලොක්කට කියලා යවන්ට තමා වෙන්නෙ. :-)

      @ PoM PoM,

      හැබෑටම කෝ අර ගෝරිලි වහන්සෙ? දැන් දවස් කීපෙකින් දැක්කෙ නෑ.

      Delete
    3. seems everyone is so scared of Varys. Ned doesn't have to be, because he is so damn honest all the time. what is the use of being honest if you dont use the advantages it offer.

      THATS WHY MY FRIENDS, I CALL EDDARD STARK AN IDIOT.

      Delete
    4. // Ned doesn't have to be, because he is so damn honest all the time. //

      Ahem ahem! He also got some skeletons hiding in the cupboard my friend. Yes, he's damn honest, but not all the time. However, u're right mostly, he doesn't have to be afraid of Varys..

      Delete
    5. Varys lived in the court of king aerys the second. no way in hell he wouldnt know the secret.
      u know the one i mean here dont u ser?

      it kinda opens up a lot more avenues of investigation. doesnt it?
      stuff that has to do with griffins and white direwolves. :P

      Delete
    6. I think it's high time that Mr GRRM stop writing WW and starts a prequel for GoT. Too many skeletons.. :-D

      Delete
    7. //හැබෑටම කෝ අර ගෝරිලි වහන්සෙ? දැන් දවස් කීපෙකින් දැක්කෙ නෑ.//

      ඒක තමයි. බස්තුමාත් නෑ. එතකොට ගෝරිල්ලෝ වනාහී බස්සන් විශේෂයක්ද?

      Delete
    8. //starts a prequel for GoT//
      A glutton for punishment aren't you Bur? 7 humongous tomes not enough for you to translate? You want a prequel? Now, don't answer by another question - "who's going to translate all? " Who else......You two ! or else ......

      Delete
    9. //Mr GRRM stop writing WW and starts a prequel for GoT//

      dude u just gave me a heart attack. if you mention this again ill poison you with the venom of all my snakes. :P

      Delete
    10. BTW new Harry Potter prequel will come out today. if any fans need to know how old dolores umbridge got so mean.

      Delete
    11. Here is one diehard HP fan... :-)

      BTW, I like to know more about Bellatrix Lestrange than Dolores Umbridge.. :-D

      Delete
    12. ඕන නැති ප්‍රශ්ණ අහන ඈයෝ පරිස්සං වෙන්ටලු x2 :P

      Delete
    13. බස්තුමා එක්කෝ බස්තියන් කාර් එලවනවා ඇති. නැත්නම් පයින් යනවා ඇති. :D

      Delete
    14. I think I am too late, as I can see the flag is up for the next post :).... But, Varys seems to be a type of person even Kings don't dare to touch. They do whatever job they are supposed to do to a level that after sometime they become irreplaceable. They don't really pose a threat unless they are disturbed. There are these type of politicians even today, they run the show from behind the stage....

      Delete
  3. පණ්ඩකයා කියන්නේ නරියට සමාන පදයක් ද කුමාරිහාමි නැන්දේ??

    ReplyDelete
    Replies
    1. අර පොඩි කෙල්ලට නැන්දා කීවට චූලෝදර පුතාවෙයිද ?

      Delete
    2. මේක මගෙන් නෙවෙයි නේද අහලා තියෙන්නෙ? ඕන්න අපි ගියා. ;-)

      Delete
    3. @ සරා ගොයියෝ...

      පොඩි කෙළි... :O

      මං හිතුවේ පොඩි කිව්වේ ප්‍රමාණයෙන් පොඩි නිසාය කියලා.. අනික ඔය කුමාරිහාමි කියලා නමට එන නැන්දලා කීපදෙනෙක් ම මට හිටියා.. ඒක නිසා පුරුද්දට වගේ කියවුනේ...

      @ සේර් බුර්..
      දන්න කෙනෙක් උත්තර දුන්නට මං අහිතක් හිතන්නෑ

      Delete
    4. නරියා නම් තාම ඒ තත්ත්වෙට පත්වෙලා නෑ මම දන්න තරමින්.. ;-)

      පණ්ඩකයා කියන්නෙ නපුංසකයාට.

      Delete
    5. @Aunty Pods,
      Aunty, I really think it's very rude of Choolow to call u 'නැන්දේ'.
      Down with Choo !! We support our Aunty Pods to the hilt, don't we PoM?

      Delete
    6. POM has no official opinion on ladies and their ages. always pictured pods as really young. may be choolow is in kindergarten eh?

      Delete
    7. @POM
      Pictures do not always tell the reality..

      @Pra
      Need any reply?

      @සේර් බු
      ඒ උනාට අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ නරි හෙන කපටියි කියලනේ... :P

      Delete
    8. @ චූලෝ,

      අනේ ඒ වුනාට මේ නරි පැට්ටා නම් හරිම අහිංෂක ෂතා.. හදිස්සියට කිකිළියො ටිකක් වුනත් බලාගන්ට දාලා යන්ට පුළුවනි හි‍තේ බයක් සැකක් නැතුව.. ;-)

      Delete
    9. @PJ,

      ආතේ පැත්තකට වෙලා නිකා ඉන්ටකෝ...:P

      Delete
    10. අම්මපා නරියෙකුට උනත් මෙහෙම පාච්චල් වෙන්න ඇහැකිද?

      ඉස්සෙල්ලා මයෙ යස අගේට තියෙන කුට්ටම කප්පාදු කරන්න හැදුවා, දැන් කියලව අපි කපටිලු. මං අහිංසක සතා ආයිබෝං. මං කියන්නෙ බොරුවක් මුසාවක් නං ඔය අහල පහල ඉන්නෙ ගෝරිල්ලෙකුට හෙන ගහන්න ඕනෙ :)

      Delete
  4. අවජාතක දරුවන් හදන එකා තමයි අවජාතකයා වෙන්ට ඕනෙ..එහෙම නැතුව දරුවො නෙවෙයි.. මේ අසාධාරණය නම් තාමත් එහෙමයි ලෝකෙ පවතිනතාක් කල් එහෙමම වේවි.. තුහ් විතරක්..

    ReplyDelete
    Replies
    1. මනුස්සයා මනුස්සයා කිවුවට මනස වර්ධනය වෙලා නෑ නෙව අපි හිතන තරමට. ඉතින් මක්කැයි කරන්නෙ?

      Delete
    2. හෙන සීරියස් පිට කිව්වොත්, දරුවෝ වත් දරැවෝ හදපු එවුන් වත් නෙවේ වැරදි... එව්වා හෙන නැචුරල් කේස් නෙ...
      මේ විදියට හිතන්න මිනිස්සු පුරුදු කරපු ගොබ්බ සංස්කෘතියක් හදාගත්ත මිනිස්සු හැම එකාම තමයි අවජාතකයෝ....

      Delete
    3. බඩ පොඩ්ඩක් තිබුණට චූලාගේ කතාව නියමයිනේ. :D

      Delete
    4. බඩා සොරි චුලා,පට්ට් ටෝක් එක ඈ..:)

      Delete
  5. කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා , කුතුහලයත් වැඩිවෙනවා..........

    ReplyDelete
    Replies
    1. //කුතුහලයත් වැඩිවෙනවා..........//
      පොං ගැන?

      Delete
    2. මෙවුවට මොනා කියන්ටද කියලා හිතාගන්ට බෑ.. ;-)

      Delete
    3. අපි මොනවත් කියන්ට ඕනි නෑ. සිංහ ධේනුව හීනියට ගෙරෙව්වොත්, ගොරිල්ලාට දුවන්ට පාරත් මදිවෙනවා...:D

      Delete
    4. @ප්‍රා,

      මේ, මේ ඔයාට පොම් කීයක් දුන්නද මේ වැඩේ සෙට් කරලා දෙන්ට කියලා. ඔයා කීයක් විතර ගන්නවද කපු වැඩවලට.

      Delete
    5. කුමාරිහාමිටත් කපු මහතෙකුගේ සේවය ඕනෑ කරලා වගේ. ඔන්න pj බිසිනොස් කරගන්නවා නම් :P

      Delete
    6. @Pra Jay,

      //කුතුහලයත් වැඩිවෙනවා..........//
      පොං ගැන?

      ගර් ර් ර් ර්

      Delete
    7. ඒ ගෙරෙවුවෙ හීනියට වෙන්ටෑ...

      Delete
    8. මයෙ කට කහන්න ගත්තා ඒ "කෝමල" ගෙරවිල්ල ඇහුනාම. ආයෙ මොකටෑ නිකං බුල් සූට් එක සවුත්තු කරගන්නෙ, එක්කො ඕනෑ නෑ :)

      Delete
    9. හා හා ඒ ගෙරෙව්ව නෙවේ "රාම තෙල් ඇරිය". කන්(ට) පෙර බඩ හිස් කරගන්(ට).

      Delete
    10. @ නරිමොටා,

      ලඟට ආව නම් තේරේවි කෝමල ගෙරවිල්ලෙ රඟේ :)

      Delete
    11. @ ඉන්දික උපශාන්ත,

      අනේ ඇත්තමයි.......

      Delete
  6. අෆ්ෆා මෙන්න ඒ පාර රෝදේ කැරකෙනවා.. කෑම වලට දාපු වහ.. ජුලියස් සීසර් ට උන එකේ අනික.. නියමයි.. අනේ අර සේර්සි මැරෙන දවස හෙට නම්... ඕකි මරුන නම් ඔය මොන එකක්වත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙව පුරස්නෙ.. ඒකි මලානම් ඔය මොන එකක්වත් නෑ.. කතාවත් නෑ.. :-D

      Delete
    2. මාටින් මේක නොලීව නම් හොඳයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද?

      Delete
    3. හම්මේ මටනං හිතෙනවා... එහෙමනං මගේ ගිගා බයිට් බර ගානක් ඉතිරියි.. බාගෙට බලපු කතාවක් ගැන හිත හිත ඉන්න වෙන්නෙත් නැහැ... කොටින්ම අද මෙතන කොමෙන්ට් කොට කොට ඉන්න ඕනත් නැහැනේ.. :D

      Delete
    4. එහෙනං ඒ වෙලාවේ, මූණු පොතේ කෑම ජාතිවල පින්තූර දාමින් ගෑනු ලමයින්ට බඩගිනි හදවමින් ඉන්ට තිබ්බා නේ. හී හී...

      Delete
  7. කතාවේ හොඳම තැනක්... වාරිස් හරි මිනිහව කියලා හම්බ වෙන්නේ වැරදි මිනිහව වීමයි කණගාටුවට කාරණය.. නෙඩ්ව හම්බු උනාට වඩා හොදයි කාලක් ගහලා බුදිය ගත්තනං... :D

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. බුවා ඉතිං පුළුවන් දේ කලා නෙව.. මේ මෝඩ වහන්සෙට නැතුව වෙන කාට කියන්ටද? ස්ටැනිස්ට ද? බුවා හැංගිලා නෙව..

      Delete
    2. මංනං හිතන්නේ ස්ටැනිස් තමයි අමාරුවෙන් හරි කියාගන්න වටින මනුස්සයා... පොර කොච්චර හිර වෙලා ඉන්න වෙලාවක උනත් කරන්න ඒන දේවල් ගැන සිහි කල්පනාවක් තියෙන හාදයා... නෙඩ් මේ තනතුරට ආසාවක් නැතිව ඉන්න හින්දා ඒ හැටි දුර දිග බලන්නේ නැතිව ගොනා වගේ ඉන්නේ.. මොන විදියෙන් හරි තනතුර ලැබුනට පස්සේ තව දුරටත් අර උතුරට වෙලා වලහා වගේ කකා බිබී ඉන්න හීන මවන්නේ නැතිව හම්බ උන දේ කරන්න එපෑ... වාරිස් වගේම සුළැඟිල්ලත් මේ යකා ගාවට යම් කිසි හිතවත් කමක් ඇතිව ආව වෙලේ ඒක බැලන්ස් කරගන්න බැරි උන එක තමා මේ යකා කරගත්ත ලොකුම ගොංකම.. වාරිස්ලට සුළැගිල්ලලට දොසක් කියන්න බැහැ මේ බූරු පුතාගේ වැනි වැනි ඉන්න ගතිය හින්දා සිද්ධ වෙන අලකලංචි වලට... :D

      Delete
    3. හපොයි මාරයෝ ඉස්පොයිලර් තොගයක් එක්ක දෙන්ට හිතෙනවා ෂෝයි උත්තරයක්.

      Delete
  8. වාරිස් එළ පොරක් නේ,දැන් නම් කතාව එන්න එන්නම නියමයි ඈ.

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක්.. ආ සොරි සොරි, බුවාට කොල්ලෙක් කියන්ට බෑ නෙව.. එළ පණ්ඩකයෙක් තමා..

      Delete
  9. මෙහෙව් රජෙක්ගෙන් ඇති වැඩකුත් නෑ මෙහෙව් හස්තෙකින් ඇති වැඩකුත් නෑ නැද්ද...

    ReplyDelete
    Replies
    1. එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් කියන්නෙ මේ වගේ ඩබලලාට වෙන්ටැති නේද? :-D

      Delete
    2. මෙහෙව් පිරිමින්ගෙන් වැඩක්ම නෑ...:D

      Delete
  10. කුරුලු ලොවේ කුරුලු හඬට මා පිබිදෙනවා
    ඊයෙ නමපු ,නැමිලි වලට ඔලුව රිදෙනවා
    හොර වෙදාගෙ අරිස්ටෙ දැන් කොලිටි බහිනවා
    ඒ වුනාට මං තාමත් බයිල කියනවා

    පොකිරිස්සෙක් දැක්කා මං, චීන කඩේ බං
    හදන විදිහ බලා ගත්තෙ, ඉන්ට- නැට් එකෙන්
    ඉස්සො හදන විදිහට , ඔන්න ඔහේ හදාපං
    පොකිරිස්සා මාව කයිද, කියල හැකයි බං

    බරණි ගනන් "සරණි" ලියපු අපේ අයියලා
    කැන්ද කොලේ ඔතල කෑම බෙදන ගොයියලා
    බඩ සායෙන් ඉන්න සතා ගැනවත් හිතලා
    පොකිරිස්සෝ හදන විදිහ කියල දියල්ලා

    ReplyDelete
    Replies
    1. පොකිරිස්සො නම් බෑ.. කකුළුවො හදන විදිය ඕන නම් කියලා දෙන්නම්.. ;-)

      Delete
    2. උන්න හැටියට මලා මදැයි , කියල එහෙනං ඒකවත් කියල දුන්න නං

      Delete
    3. //පොකිරිස්සෝ හදන විදිහ කියල දියල්ලා//

      ටැංකියකට මූදු වතුර දාල, කන්(ට) බොන්(ට) දීල හදන්(ට).

      Delete
    4. //ටැංකියකට මූදු වතුර දාල, කන්(ට) බොන්(ට) දීල හදන්(ට).//

      පට්ට කතාව සිංහයෝ

      Delete
    5. @ සිංහයා

      අපේ රජා වෙච්ච ඔබ වහන්සෙ කියනව නං , ඒත් මං හිතුවෙ අර නිල් බාල්දියෙ වැටිච්ච කේස් එකෙන් පස්සෙ ඔබතුමා උදහස් වෙලාද කියලයි?

      @ පොං

      දී කිරට බලල්ලුත්....... :)

      Delete
  11. මට මෙකෙ මුල සිට කියවන්න විදියක් ක්යල ඩෙනවකො

    ReplyDelete
    Replies
    1. ඇයි වදේ, අර දකුණු පැත්තෙ archive එකක් දාලා තියෙන්නෙ.. මුල සිට අගට, අග සිට මුලට බැරිනම් මැද ඉඳන් දෙපැත්තට හරි කියවන්ට බැරියැ.. :-)

      Delete
  12. Ekane mam mobi eken ene @ busekedi post & comment witharai tyene;-(

    ReplyDelete
    Replies
    1. phone එකේ බලද්දි ඔයාට ඔප්ෂන් එකක් දෙනවා view web version කියලා. අන්න ඒක click කලාම mobile view එකෙන් අයින් ‍‍වෙලා සාමාන්‍ය web page එකක් විදියට බලන්ට පුළුවන්.

      Delete
    2. මම හිතුවේ බුද්ධි කතා කරන්නේ වෙස්ටෙරොස්වල භාෂාවක් කියලා...:P

      Delete
  13. මගෑරුණු කොටසුත් එක්ක කියවලා ආයෙත් යන්තම් ට්‍රැක් එකට ආවා... මාර මහන්සි... සෝන්යා වගේ කම්මැලි කමෙන්ට් එකක් දාලා මාරුවෙන්නම් :P

    කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා... කුතුහලය වැඩි වෙනවා... ඔයාලා දෙන්නා නියමෙට පරිවර්තනය කරනවා...

    ReplyDelete
  14. හෆ්ෆේ ඔන්න කියෙවුවා. වාරිස් මේක නොකියම හිටියනම් එකක් වගේ. නෙඩ්ට හිතා ගන්න බැහැනේ මොකද කරන්නේ කියලවත්.

    එහෙනම් එක මිණීමැරුමක් ගැන දැන ගත්තා. බලමුකෝ ඊලගට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  15. Thankz Buratheno

    වෙස්ටෙරොස් පුලුවන් උනා නම් බ්ලොග් ඒකක් පටන් ගන්නතිබුන neda?

    මුල ඉඩන් කියවගෙන යනව ටිකෙන් ටික ලසනට ලියලa

    ReplyDelete