Monday 27 October 2014

එඩාර්ඩ් 07-1


"එයාගෙ අවසාන කටයුතු මගෙ අතින්ම සිද්ද කරලා දැම්මා." ඔවුන් දෙදෙනා එක්ව කරත්තය පසුපස හොවා තිබුනු මළකඳ පිරික්සා බලන අතරේ සෙර් බැරිස්ටාන් සෙල්මි කීවේය. "ඒක කරන්ට වෙන කවුරුවත් හිටියෙ නෑ. මට අහන්ට ලැබුන විදියට එයාගෙ අම්මා ඉන්නෙ ඒරින් මිටියාවතේ."

අරුණෝදයේ ආලෝකයෙන් මේ තරුණ නයිට්වරයා දිස් වූයේ නිදාගෙන සිටින්නාක් මෙනි. ඔහු එතරම් කඩවසම් තැනැත්තකු නොවූවද මරණය විසින් ඒ දරදඬු විලාසය අඩු කොට ඔහුව මෘදු තැනැත්තෙක් බවට පෙරලා තිබින. නිහඬ සොයුරියන් විසින් ඔහු සතුව තිබුනු හොඳම විල්ලූද කබායෙන් සිරුර සරසා තිබුනු අතර ලන්සය මගින් ගෙලේ ඇති වූ තුවාලය උස් කොලරයක් මගින් වසා දමා තිබින. ඔහු ගේ මුහුණ දෙස බැලූ එඩාර්ඩ් ස්ටාර්ක්, මේ කොලුවාට මරණයට මුහුණ දීමට තමා හේතුවක් විනිදැයි කල්පනා කලේය. ඔහුට කතා කරන්නට නෙඩ්ට අවස්ථාවක් ලැබෙන්නට පෙර ලැනිස්ටර් ධජ දරන්නෙකු අතින් මියයාම අහඹු සිද්දියක්ද? එය ඔහුට කිසිදා දැනගන්නට නොලැබෙනු ඇතැයි නෙඩ් කල්පනා කලේය.

"හියු අවුරුදු හතරක් ජොන් ඒරින්ගෙ සහචරයා වෙලා හිටියා." සෙල්මි දිගටම කකා කලේය. ජොන්ට කරන උපහාරයක් විදියට රජතුමා උතුරට යන්ට කලින් මේ කොල්ලාව නයිට්වරයට එසෙවුවා. මේ කොල්ලාට ඒ ගෞරවය තදින්ම උවමනා කරලා තිබුනා. ඒ වුනත් මම හිතන්නෙ නෑ එයා ඒකට ලෑස්තිවෙලා හිටියයි කියලා."

පසුගිය රැයේ නෙඩ්ට හරිහැටි නින්දක් නොලැබුනු අතර ඔහුට වයසට වඩා වෙහෙසක් දැනෙන්නට විය. "අපි කිසිකෙනෙක් කවදාවත් ලෑස්තිවෙලා ඉන්නෙ නෑ."

"නයිට්වරයට ද?"

"මරණයට." නෙඩ් හෙමිහිට කොලුවා ගේ සළුවෙන් ඔහු ගේ සිරුර වසා දැමීය. ඔහු මියගියේ මන්දැයි ඔහු ගේ මව ඇසූ විට රජතුමා ගේ හස්තය වන එඩාර්ඩ් ස්ටාර්ක්ට ගරු බුහුමන් දක්වනු පිණිස ඔහු සටන් වැදුනා යැයි ඔවුන් කියනු ඇත. "මේක මහ අපරාධයක්. යුද්ධය කියන්නෙ මේ වගේ සෙල්ලමකට ගන්ට ඕන දෙයක් නෙවෙයි." නෙඩ් කරත්තය පසෙකින් සිටගෙන සිටි කාන්තාව දෙසට හැරුනේය. ඇය අඳුරු පැහැ ඇඳුමින් සැරසී, දෑස් හැරෙන්නට මුලු මුහුණම වසා සිටියාය. නිහඬ සොයුරියන් යනු මළසිරුරු සකස්කරන්නියන් වූ අතර ඔවුන් ගේ මුහුණ බැලීම අසුභ දෙයක් මෙන් සැලකින. "එයාගෙ සන්නාහය මිටියාවතට යවන්ට. එයාගෙ අම්මට ඒක ඕන වෙයි."

"ඒක රිදී බරගානක් වටිනවා." සෙර් බැරිස්ටාන් කීවේය. "මේ කොල්ලා ඒක තරගාවලිය වෙනුවෙන්ම විශේෂයෙන්ම හදවගත්ත එකක්. චාම්, ඒත් හොඳට හදලා තියෙනවා. මම දන්නෙ නෑ එයා කම්මල්කාරයට නියමිත ගාස්තුව ගෙවලා ඉවරද කියලාවත්."

"එයා ඊයෙ ඒකට ගෙවුවා මගේ උතුමානනි. එයා බොහොම නොවටිනා විදියට ඒකට ගෙවුවා." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "අම්මට සන්නාහය යවන්ට. කම්මල්කාරයත් එක්ක මම බලාගන්නම්." ඔහු නිහඬ සොයුරියට කීවේය. ඇය හිස නැමුවා ය.

මේ සියළු රාජකාරි අවසන් වූ පසු සෙර් බැරිස්ටාන් නෙඩ් සමගින් රජතුමා ගේ මණ්ඩපය වෙතට ඇවිද ගියේය. කඳවුර මේ වන විට නිදිගැට හැර අවදි වීමට පටන්ගෙන තිබින. ගිනිඋඳුන්වලට උඩින් සොසේජස් නටමින් බැදුනේ මුලු කඳවුර පුරාම සුදුලූණු හා ගම්මිරිස් සුවඳ පතුරන්නට විය. අලුත් දිනයකට මුහුණ දීම පිණිස සිය ස්වාමියන් නිදි ඇඳෙන් නැගිට, ඇඟමැලි කඩමින්, ඈනුම් යවමින් සූදාණම් වෙද්දී ඔවුන් ගේ තරුණ සහචරයෝ දහසකුත් එකක් කුදුමහත් රාජකාරි ඉටු කිරීම පිණිස කඩිසරව එහා මෙහා දිවගියහ. සිය කිහිල්ල යට පාත්තයෙකු රඳවාගත් සේවකයෙක් මේ උතුමන් දෙදෙන දුටුවේ දණක් නමා ඔවුන්ට ආචාර කලේය. සෑම කූඩාරමකම පිටතින් එහි හිමිකරුවා ගේ පලිහ රඳවා තිබින. සීගාර්ඩ්හි රජත රාජාලියා, බ්‍රයිස් කැරන් ගේ නයිටින්ගේල් කුරුලු රංචුව, රෙඩ්වින්ලා ගේ මිදිපොකුර, වයිරම් වැටුනු වල් ඌරා, රතු නරියා, ගිනිගත් වෘක්ෂය, සුදු බැටළුවා, සර්පිල ත්‍රිත්වය, දම්පැහැ කඟවේනා, නර්තනයේ යෙදෙන කන්‍යාව, බලකොටු ද්විත්වය, අං සහිත බස්සා සහ රාජ්‍යාරක්ෂක බලකායේ තනි සුදු පැහැ පලිස්. මේ සියල්ලක්ම උදාවන හිරු මෙන් දිස්නය දෙමින් තිබින.

"රජතුමා බලාපොරොත්තු වෙනවා අද මිශ්‍ර සටනෙදි තරග වදින්ට." සෙර් මෙරින් ගේ පලිහ පසු කරමින් යන අතරේ සෙර් බැරිස්ටාන් කීවේය. ඊයේ දිනයේදී වැදුනු සෙර් ලෝරාස් ටිරල් ගේ ලන්ස පහර නිසා ඔහු ගේ පලිහ ගැඹුරටම තුවාල වී තිබින.

"ඔවු." නෙඩ් කීවේය. ඊයේ රෑ ඔහුව අවදි කල ජොරී මේ පුවත ඔහුට දැනුම් දී තිබින. ඔහුට නින්ද නොයාම පුදුමයක් නොවේ.

බැරිස්ටාන් සෙල්මි
සෙර් බැරිස්ටාන් ගැටළුවකට මැදි වී ඇති සෙයක් පෙනෙන්නට තිබින. "කතාවටනම් කියන්නෙ 'රාත්‍රියෙ ලස්සන උදේ වෙනකොට මැකෙනවා, වයින් මතෙන් දෙන පොරොන්දු උදේ වෙනකොට කැඩෙනවා' කියලයි."

"එහෙම කියනවා තමා. ඒ වුනත් රොබර්ට්ට ඒක අදාල නෑ." වෙරිමතේ තමන් විසින් කල කතා හා දුන් පොරොන්දු ගැන අන් මිනිසුන් දෙවරක් සිතා බැලූවද රොබර්ට් යනු එවන් මිනිසෙකු නොවීය. ඔහුට තමා කල කී දේ සියල්ල මතක තිබෙන අතර එයින් පලා යාමටද නොසිතන්නේ ය.

රජතුමා ගේ මණ්ඩපය ගඟට සමීපයෙන්ම අටවා තිබුනු අතර උදෑසන ගංදිය මීදුම විසින් එය වටලා තිබින. රන්වන් සේද රෙද්දෙන් නිමවුනු එය කඳවුරේ තිබුනු විශාලතම මෙන්ම අලංකාරම මණ්ඩපය විය. මණ්ඩප දොරටුව පසෙකින් බරතියන් වංශ ලාංඡනය වන කිරුළ ලූ ගෝනා කැටයම් කල දැවැන්ත යකඩ පලිහක් හා රොබර්ට් ගේ යමුගුර ප්‍රදර්ශනය කර තිබින.

වයින් මතින් තවමත් නිදාසිටින රජතුමා ගේ දර්ශනය දැකීම නෙඩ් ගේ බලාපොරොත්තුව වූ නමුදු වාසනාව ඔහු සමග නොවීය. ඒ වෙනුවට ඔවුන්ට දැකගත හැකි වූයේ තමන්ට සන්නාහය පැළැඳවීමට තැත් දරන තරුණ සහචරයින් දෙදෙනෙකුට බැන වදිමින්, ඔප දැමූ අඟකින් බීර පානය කරමින් සිටින රජතුමා විය. "මගේ ස්වාමිනී," එක් සහචරයෙක් කීවේය. ඔහු ගේ ස්වරය හැඬුම්බර විය. "ඒක හරියන්නෙ නෑ. ඒක බොහොම පුංචියටනෙ හදලා තියෙන්නෙ." ඔහු අදක්ෂ අයුරින් අතපත ගෑ අතර රජතුමා ගේ මහත ගෙල වටා පැළඳවීමට තැත් කරමින් සිටි ශිරස්ක පටිය ගිලිහී බිම වැටින.

"අපා හතටම පලයං!" රොබර්ට් අවලාද නැගීය. "ඒක මගෙ අතින්ම කරගන්ටද ඕන? තොපි දෙන්නම යකාට පලයවු! ඒක අහුල ගනිං. ඔතන ඔහොම කට ඇරන් බලා ඉන්ට එපා ලැන්ස්, ඒක අහුල ගනිං!" කොලුවා උඩ වීසිවුනු අතර තමා හමුවට පැමිණ සිටින සමාගමය රොබර්ට් දුටුවේ ය. "මේ මෝඩ බූරුවො දෙන්නා දිහා බලාපං නෙඩ්. මගේ ගෑනි බලකරනවා මේ ගොබ්බයො දෙන්නා ගන්ටයි කියලා මගේ සහචරයො විදියට. ඒ වුනාට මුං දෙන්නා කිසිම වැඩකට ඇති එවුන් නෙවෙයි. හරියකට මිනිහෙකුගෙ සන්නාහය පළන්දන්ටවත් දන්නෙ නෑ. සහචරයො. ආච්චිගෙ රෙද්ද! මුං දෙන්නා සේද ඇඳුම් ඇඳපු ඌරුකොටු කාරයො දෙන්නෙක්."

ප්‍රශ්නය කුමක්දැයි නෙඩ් එක් බැල්මකින්ම වටහාගත්තේ ය‍. "ඒ කොල්ලන්ගෙ වැරැද්දක් නෑ. ඔබ ඔබේ සන්නාහයට වඩා මහත් වෙලා රොබර්ට්."

ලොකු බිර උගුරක් පානය කල රොබර්ට් බරතියන්, හිස් අඟ සිය ඇඳ ඇතිරිලි මතට විසිකර පිටි අත්ලෙන් මුව පිසදැමීය. "මහතයි? මහතයි? ඔහොමද උඹ උඹේ රජතුමාට කතා කරන්නෙ?" ඔහු ගිගිරුම් කුණාටුවක් මෙන් මහහඬින් සිනාසුනි. "ආහ්! යකාටම පලයං නෙඩ්! ඇයි හැමවෙලාවම උඹ හරි?"

සහචරයින් දෙදෙන බයාදු අයුරින් සිනාසුනු අතර රජතුමා ඔවුන් දෙසට හැරින. "තොපි. ඔවු යකෝ, තොපි දෙන්නම තමයි. උඹලාට ඇහුනා නෙව හස්තයේ උතුමානන් කියාපු ‍දේ. තොපේ රජතුමා එයාගෙ සන්නාහයට වැඩිය මහත් වෙලාලු. ගිහින් හොයාගනින් සෙර් ආරොන් සැන්ටගාර්ව. එයාට කියාපං මට සන්නාහයෙ පපු තහඩුව ලොකු කරන අඬුව ඕනයි කියලා. දැන්මම පලයවු. තවත් මොනාද බලා ඉන්නෙ."

කූඩාරමෙන් කඩිමුඩියේ පිටවීමට ගත් උනන්දුව නිසා ‍කොලුවන් දෙදෙනා පා පැකිළී එකා පිට එකා වැටුනහ. ඔවුන් දෙදෙන පිටව යන තෙක් රොබර්ට් සිය පරුෂ මුහුණ රඳවා ගැනීමට සමත් විය. ඊළග මොහොතේ ඔහු මහහඬින් සිනාවෙමින් පුටුවකට බර දුන්නේ ය.

සෙර් බැරිස්ටාන් සෙල්මි ද රජු හා එක්ව මහහඬින් සිනාසෙන්නට විය. එඩාර්ඩ් ස්ටාර්ක්ට පවා යාන්තම් සිනාවක් ගියේය. එනමුදු, සෑම විටෙකම මෙන් දැනුදු ඔහු ගේ සිතට නපුරු සිතුවිලි ගලා ඒම නැවැත්විය නොහැකි විය. රජු ගේ සහචරයින් දෙදෙනා වූ අර කඩවසම්, වැදගත් පවුලක හැදුනු වැඩුනු බව පෙන්වන කොලුවන් දෙදෙන ඔහු ගේ සිතේ හොල්මන් කරන්නට විය. එකෙකු රන්වන් හිසකෙසින් යුතු, සන්සා ගේ වයසේ වූවෙකු වූ අතර අනිකා පහළොස් හැවිරිදි පමණ වූ, ලා දුඹුරු පැහැ හිසකෙස් හා රැජිණ ගේ මෙන් මරකත කොළ පැහැ දෙනෙතක් හිමි යෞවනයෙකු විය.

"ආහ්! සැන්ටගාර්ගෙ මූන දකින්ට මට එතන ඉන්ට තිබුනා නං." රොබර්ට් කීවේය. "ඌටත් හොඳ හාස්‍ය රසයක් තියෙනවානං ඌ මේ කොල්ලො දෙන්නව තව කා ගාවට හරි යවයි. උන් දෙන්නව දවස පුරාම එහාටයි මෙහාටයි දුවවන්ට තිබ්බා නං තමා වැඩේ."

"මේ කොල්ලො දෙන්නා ලැනිස්ටර්ලා ද?" නෙඩ් ඇසීය.

ලැන්සල් ලැනිස්ටර්
රොබර්ට් ඔවු කියන්නට මෙන් හිස වැනුවේ දෙනෙතේ කඳුළු පිස දමමිනි. "ඥාතියො. ටයිවින් උතුමානන්ගෙ සහෝදරයාගෙ පුතාලා. එයාගෙ මැරුන සහෝදරයින්ගෙ. එහෙමත් නැත්තං ජීවත්වෙන එක්කෙනාගෙ. මට දැන් හරියටම මතක නෑ. මගේ ගෑනි එන්නෙ බොහොම ලොකු පවුලකින් නෙඩ්."

'බොහොම ලොකු අපේක්ෂා තියෙන පවුලකින්', නෙඩ් සිතුවේ ය. මේ සහචරයින් දෙදෙනා ගැන නෙඩ් ගේ සිතේ කිසිදු කහටක් නැති වුවද, රොබර්ට් නිදන, අවදියෙන් සිටින සෑම විටෙකම ලැනිස්ටර්වරුන් විසින් වටකරනු ලැබ සිටීම ඔහු ගේ සතුටට හේතු වුයේ නැත. තනතුරුවලට හා ගෞරවයට ලැනිස්ටර්වරුන් තුළ ඇති කෑදරකමෙහි සීමාවක් නොවීය. "කට්ටිය කියනවා ඊයෙ රෑ ඔබයි රැජිණයි අතර පොඩි වචන හුවමාරුවක් වුනාලු."

රොබර්ට් ගේ මුවෙහි වූ සරදම් සිනහව මැකී ගි‍යේය. "මේ ගෑනි හැදුවා මම මිශ්‍ර සටනට සහභාගි වෙන එකෙන් වළක්වන්ට. දැන් ඒකි බලකොටුවට වෙලා බුම්මගෙන ඇති. ඒකි යකාටම ගියාදෙන්. උඹේ නංගි නං කවදාවත් මාව එහෙම ලැජ්ජාවට පත් කරන්නෙ නෑ."

"ඔබ කවදාවත් මං තරම් හොඳින් ලියානාව දැනන් හිටියෙ නෑ රොබර්ට්. ඔබ දැක්කෙ එයාගෙ ලස්සන විතරයි. ඒ වුනාට ඒ ලස්සන පිටිපස්සෙ හිටිය යකඩ කෙල්ල ඔබ දැකලා නෑ. එයා ඔබට කියයි මිශ්‍ර සටනට සහභාගි වෙන්ට ඔබට කිසිම අයිතියක් නෑ කියලා."

"උඹත්?" රජතුමා රවා බැලුවේ ය. "උඹ මහ ඇඹුල් මිනිහෙක් ස්ටාර්ක්. උඹ උතුරුකරේ හිටිය කාලෙ බොහොම වැඩියි. උඹෙ ඇඟේ සාරය ඔක්කොම මිදිලා ගිහිල්ලා. ඒ වුනාට ම‍ගේ ඇඟේ නං සාරය තාම දුවනවා." ඔහු සිය පපුවට දැඩි අතුල් පහරක් දී ගත්තේ ය.

"ඔබයි රජතුමා." නෙඩ් ඔහුට සිහිපත් කර දුන්නේ ය.

"අර මලඉලවු යකඩ පුටුවෙ වාඩිවෙලා ඉන්ට ඕන නං මම ඒක කරනවා. ඒ වුනාට ඒකෙන් කියවෙනවද මට අනිත් මිනිස්සුන්ට තියෙන ආසාවන් නැහැයි කියලා? ඉඳලා හිටලා වයින් ටිකක් බොන්ට. හොඳ හුරුබුහුටි කෙලි පොඩිත්තියක් ඇඳට ගන්ට. අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන්ට. අපා හතටම පලයං! නෙඩ්, මට ඕන කාටහරි ගහන්ට."

"මගේ ස්වාමිනී." සෙර් බැරිස්ටාන් සෙල්මි කතා කලේය. "රජතුමා මිශ්‍ර සටනට සහභාගි වෙන්ට යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට ඒක සාධාරණ සටනක් වෙන්නෙ නෑ. කවුද එඩිතර වෙන්නෙ ඔබතුමාට පහර දෙන්ට?"

රොබර්ට් අවංකවම පුදුමයට පත් වූ බැව් පෙනින. "ඇයි? උං හැම එකාම එයි. යකාට පලයං. උන්ට පුළුවන් නං උං එයි. අන්තිමට සටන දිනන එකා..."

"...වෙන්නෙ ඔබයි." නෙඩ් කීවේය. සෙල්මි ඉලක්කයටම පහර දී ඇති බැව් ඔහු සැනෙන් වටහා ගත්තේ ය. මිශ්‍ර සටනේ ඇති අනතුරුදායක බව රොබර්ට්ව එහි කැඳවන මී බඳුනක් වැන්න. එනමුදු මේ ඔහු ගේ ආත්මාභිමානය පිළිබඳ ගැටළුවකි. "සෙර් බැරිස්ටාන් හරි. මේ රාජධානි සප්තකයේ කිසිම මිනිහෙක් නෑ ඔබට රිද්දලා ඔබේ අප්‍රසාදයට පත්වෙන්ට කැමැති."

රජතුමා නැගිට සිටියේ ය. ඔහු ගේ මුහුණ කේන්තියෙන් රතු වී ගොස් තිබින. "උඹ කියන්නෙ එතකොට මේ ජේත්තුකාර බයගුල්ලො මට තරගෙ දිනන්ට ඉඩ දෙයි කියලද?"

"අනිවාර්යයෙන්ම." නෙඩ් කීවේය. සෙර් බැරිස්ටාන් නිහඬ එකඟවීමකින් හිස නැමීය.

රොබර්ට් ගේ සිතේ පැනනැගුනු කේන්තිය කෙතෙක් වීද යත් මොහොතක් යනතුරු ඔහුට කතාකර ගැනීමටවත් නොහැකි විය. ඔහු කළු කරගත් මුහුණින් යුතුව කූඩාරමේ එහා මෙහා වේගයෙන් ඇවිද්දේ ය. බිම වැටී තිබුනු පපු තහඩුව අහුලාගත් ඔහු එයින් සෙර් බැරිස්ටාන් සෙල්මිට දමා ගැසීය. සෙල්මි වහා පහත් විය. "පලයල්ලා. මම උඹලාව මරන්ට කලින් මෙතනින් පිටවෙලා පලයල්ලා."

සෙර් බැරිස්ටාක් සැනෙන් පිටව ගියේය. නෙඩ් ද ඔහු අනුව යන්නට සැරසුනු අතර රජතුමා නැවතත් කටහඬ අවදි කලේය. "නෑ, උඹ නැවතියං නෙඩ්."

නෙඩ් ආපසු හැරුනේ ය. බිම වැටී තිබුනු අඟ අහුලාගත් රොබර්ට් මුල්ලක තිබුනු පීප්පයකින් ඊට බීර වත් කර නෙඩ් අතට දුන්නේ ය. "බීපං." ඔහු දඩබ්බර ස්වරයෙන් කීය.

"මට තිබහක් නෑ-"

"ඕක බීපං. උඹේ රජතුමා අණ කරනවා."

අඟ අතට ගත් නෙඩ් බීර ස්වල්පයක් තොල ගෑවේය. බීර කළු පැහැ ඉතා සැර එකක් වූ අතර ඔහු ගේ දැසට කඳුළු පුරා ආවේය.

රොබර්ට් නැවතත් පුටුවේ වාඩිවිය. "යකාටම පලයං නෙඩ් ස්ටාර්ක්! උඹයි ජොන් ඒරිනුයි දෙන්නම. මම උඹලා දෙන්නටම ආදරේ කලා. උඹලා මොකක්ද මට මේ කලේ? උඹයි රජවෙන්ට තිබුනෙ. උඹ හරි ජොන් හරි."

"ඔබට අපට වඩා වැඩි උරුමයක් තිබුනා මගේ ස්වාමිනී."

"මම උඹට කිවුවෙ බොන්ට කියලා. වාද කරන්ට කියලා නෙවෙයි. උඹයි මාව රජ කෙනෙක් කලේ. යකාටම පලයං! අඩුම ගානෙ මම කතාකරන කොට අහන් ඉන්ට තරම්වත් ආචාරශීලී වෙයං. බලපං මං දිහා නෙඩ්. බලපං මේ රජකම මට කරලා තියෙන දේ. මගේ සන්නාහයටත් වඩා මං මහත් වෙලා. දෙයියනේ! කොහොමද මම මෙහෙම තත්ත්වෙකට පත්වුනේ?"

"රොබර්ට්..."

"කට වහගෙන ඕක බීපං. උඹේ රජතුමයි මේ කතා කරන්නෙ. මම මේ උඹට දිවුරලා කියන්නෙ නෙඩ්, මම සිංහාසනේ දිනුව දා තරං වෙන කිසිමදාක එච්චර සන්තෝස වෙලා නෑ. දැන් මම ඒකෙ වාඩිවෙලා ඉන්නකොට තරං වෙන කිසිමදාක මෙච්චර මට ජීවිතේ එපා වෙලා නෑ. එතකොට සෙර්සි... ඒකට ස්තූති කරන්ට ඕන ජොන් ඒරින්ටයි. ලියානාව මගෙන් උදුරගත්තට පස්සෙ ආයෙමත් කසාද බඳින්ට මගේ අදහසක් තිබුනෙ නෑ. ඒ වුනත් ජොන් තමා කිවුවෙ රාජධානියට උරුමක්කාරයෙක් ඉන්ට ඕනයි කියලා. ඌ කිවුවා සෙර්සි ලැනිස්ටර් මට හොඳට ගැලපෙනවා කියලා. විසේරිස් ටාර්ගේරියන් උගෙ තාත්තගෙ සිංහාසනේ ආපහු ගන්ට ආවොත් සෙර්සි නිසා ටයිවින් ලැනිස්ටර් මට බැඳෙයි කියලා ඌ කිවුවා." රජතුමා හිස දෙපසට වැනීය. "මම දිවුරලා කියන්නෙ, මම ඒ නාකියාට ආදරේ කලා. ඒ වුනත් මට දැන් හිතෙනවා ඌ මූන් බෝයිටත් වඩා ලොකු මෝඩයෙක් කියලා. ආහ්! ඇත්තටම සෙර්සි පිටින් බලනකොට ලස්සනයි තමා. ඒ වුනාට ඒකි හරිම උදාසීනයි, ඇල් මැරිලා... ඒකි ඒකිගෙ *** ආරක්ෂා කරන්නෙ හරියට කාර්ස්ටලී රොක්වල තියෙන තරම් රත්තරන් ඔක්කොම ඒකිගෙ කකුල් දෙක මැද්දෙ හංගලා තියෙනවා වගෙයි. උඹ ඔය බීර එක බොන්නෙ නැත්තං ඕක මෙහෙ දියං." අඟ අතට ගත් ඔහු හිස පසුපසට ඇල කලේ, බීර සියල්ල එක උගුරට බී මුව පිස දැමීය. "මට උඹේ කෙල්ල ගැන හරිම කණගාටුයි නෙඩ්. ඇත්තටම. මම කියන්නෙ අර වෘකයා ගැන. මගේ පුතා බොරු කිවුවා. ඒ ගැන සැකයක් නෑ, ඕනනං මම මගෙ ආත්මෙ උකසට තියන්නම්. ‍මගේ පුතා... උඹ උඹේ දරුවන්ට ආදරෙයි. එහෙම නේද?"

"මගේ මුලු හදවතින්ම."

"මම උඹට පොඩි රහසක් කියන්නං නෙඩ්. ගොඩාක් සැරයක් මම හීන දැකලා තියෙනවා මේ රජකම අත ඇරලා දාන්ට. මගේ අශ්වයයි මගේ යගදාවයි අරන් නැවක නැගලා නිදහස් නගරවලට යන්ට. මගේ ඉතුරු ජීවිත කාලෙ යුද්ධ කර කර, ගෑනු පස්සෙ ගිහිල්ලා ගෙවලා දාන්ට. මම ඉපදිලා තියෙන්නෙ ඒකටයි. කොහොමද ගායකයො මං ගැන සින්දු හදනකොට. 'කුලී හේවා රජතුමා', උං මට එහෙම කියයි නේද? උඹ දන්නවද මොකක්ද මාව ඒකෙන් නවත්තන්නෙ කියලා. මගේ පුතා ජොෆ්රි සිංහාසනේ වාඩිවෙලා ඉන්නවා කියන සිතුවිල්ල. එයාගෙ කණට කොඳුරලා උපදෙස් දෙන්ට සෙර්සි ඉන්නවා නේද කියන සිතුවිල්ල. මගේ පුතා! කොහොමද මට ඒ වගේ පුතෙක් හම්බවුනේ නෙඩ්?"

"එයා තාම කොල්ලෙක්නෙ." නෙඩ් කීය. ජො‍ෆ්රි කුමරා ගැන ඔහු ගේ සිතේ කිසිදු පැහැදීමක් නොවීය. එහෙත් රොබර්ට්ගේ වදන්වල, ඒ ස්වරයේ තිබුනු වේදනාව ඔහු හඳුනාගත්තේ ය. "ඔබට අමතකද ඔය වයසෙදි ඔබ කොච්චර නම් දඩබ්බරයෙක්ද කියලා."

රොබර්ට් බරතියන්
"මේ කොල්ලා දඩබ්බරයෙක් නම් ඒක මෙච්චර මගේ හිතට වද දෙන්නෙ නෑ නෙඩ්. මං ඌව දන්න තරම් උඹ ඌව දන්නෙ නෑ." දිගු සුසුමක් හෙලූ ඔහු හිස දෙපසට වැනීය. "ආහ්! සමහරවිට උඹ හරි වෙන්ට ඇති. ජොන් මං නිසා කොච්චර නම් බලාපොරොත්තු නැති තත්ත්වෙට පත් වුනාද. ඒ වුනත් මම හොඳ රජෙක් වුනා නෙව." නෙඩ් දෙස බැලූ රොබර්ට් ඔහු ගේ නිහඬතාව නිසා මුහුණ පැඟිරි කරගත්තේ ය. "උඹ දන්නවද, දැන් උඹට කරන්ට තියෙන්නෙ කට ඇරලා ඔවු කියලා මගෙත් එක්ක එකඟ වෙන එකයි."

"මගේ ස්වාමිනී..." නෙඩ් පරෙස්සමින් කතාව ඇරඹී ය.

රොබර්ට් නෙඩ් ගේ පිටට අතුල් පහරක් දුන්නේ ය. "ආහ්! කියපං මම අඩුගානෙ ඒරිස්ට වඩා හොඳ රජ කෙනෙක් නේද කියලා. මම දන්නවා උඹ කවදාවත් බොරු කියන්ට අකැමැතියි කියලා නෙඩ් ස්ටාර්ක්. මම තාම තරුණයිනෙ. අනිත් එක දැන් උඹත් මගෙ ගාව ඉන්න එකේ තත්ත්වය ඉස්සරහට වෙනස් වෙයි. අපි දෙන්නා එකතුවෙලා මේ රාජ්‍ය කාලය සුඛිත මුදිත එකක් කරමු. එතකොට කවියො ඒ ගැන සිංදු ලියයි. ගායකයො ඒ ගැන සිංදු කියයි. අර මලඉලවු ලැනිස්ටර්ලා ටික අපායටම එලවලා දාමු. හ්ම්ම්ම්..... මට බේකන් සුවඳක් එනවා. අද කවුරු ජයග්‍රාහකයා වෙයි කියලද උඹ හිතන්නෙ? උඹ දැක්කද අර මේස් ටිරල්ගෙ කොල්ලා සටන් කරන හැටි? උං එයාට කියන්නෙ කුසුම් නයිට්වරයා කියලා. අන්න ඉන්නවා පුතෙක් ඕනෑම තාත්තා කෙනෙකුට ආඩම්බර වෙන්ට පුළුවන් ජාතියෙ. පහුගිය තරගාවලියෙදි ඌ ජේමිව තට්ටමෙන් ඉන්දවෙන්ට බිම වැට්ටුවා. උඹ දකින්ට තිබුනෙ ඒ වෙලාවෙ සෙර්සිගෙ මූනෙ හැටි. හිනාවෙලා හිනාවෙලා මගෙ ඉළඇටත් රිදෙන්ට ගත්තා. රෙන්ලි කියනවා ඌට ඉන්නවාලු නංගි කෙනෙක්. උදේ වැටුන පින්නක් වගේ ලස්සන අවුරුදු දාහතරක කෙල්ලක්..."

ඔවුහු ගඟ අද්දර සූදාණම් කරන ලද මේසයකට වාඩි වී උදෑසන ආහාරය වෙනුවෙන් කළු පාන්, තැම්බූ පාත්ත බිත්තර, බේකන් සහ ලූණුත් සමග බැදපු මාළු අනුභව කලහ. රජතුමා ගේ සිතේ පිරී තිබුනු උකටලී බව උදෑසන පින්නත් සමගින් අතුරුදන්ව ගොස් තිබින. වැඩිවේලා යන්නට පෙර රොබර්ට් දොඩම් ගෙඩියක් රස විඳිමින් කොලු කාලයේ ඔවුන් ඉයරිහි ගතකල අවධිය ගැන මහත් අභිරුචියෙන් කතා කරමින් හුන්නේ ය. "...ජොන්ට දොඩම් පිරිච්ච පීප්පයක් ගෙනත් දුන්නා උඹට මතකද? එකම වැරැද්ද ඒවා නරක් වෙලා තිබ්බ එකයි. ඉතිං මම මගේ දොඩම් ගෙඩිය මේසේ හරහා එල්ල කරා කෙලින්ම ඩැක්ස්ගෙ නාහෙට. මතකනෙ ඩැක්ස්? අර රෙඩ්ෆෝර්ට්ගෙ සහචරයා. ඌත් අනිත් පැත්තට මට එකක් එවුවා. ජොන්ට පඩයක් අරින්ටවත් වෙලාවක් යන්ට කලින් ප්‍රධාන ශාලාව පුරාම එහාටයි මෙහාටයි දොඩම් ගෙඩි පියාඹන්ට පටන්ගත්තා." ඔහු කොක්හඬලමින් සිනාසෙන්නට විය. මේ සුන්දර මතකයන් නෙඩ් ගේ ද මුවේ සිනාවක් මතුකරන්නට සමත් විය.

මේ වනාහි ඔහුත් සමග හැදුනු වැඩුනු කොලුවා විය. මේ වනාහි ඔහු ආදරය කල, ඔහු දැන සිටි නියම රොබර්ට් බරතියන් විය. බ්‍රැන්ට සිදු වූ ප්‍රහාරය පිටුපස ලැනිස්ටර්වරුන් ඇති බව ඔප්පු කරගත හැකි වුවහොත්, ඔවුන් විසින් ජොන් ඒරින් මරා දමන ලද බව ඔප්පු කරගත හැකි වුවහොත් මේ මිනිසා ඊට ඇහුම්කන් දෙනු ඇත. එවිට සෙර්සි ලැනිස්ටර් ‍ගේ බලපරාක්‍රමය බිඳී යනු ඇත. ඇයත් සමගින් රජුන් මරන්නාද බිඳවැටෙනු ඇත. ටයිවින් ලැනිස්ටර් බටහිර පැත්තේ කැරැළි ගැසීමට සූදාණම් වුවහොත් ගංගා ත්‍රිශූලයේදී රේගාර් ටාර්ගේරියන්ව පාගා දැමුවාක් මෙන් රොබර්ට් විසින් ඔහුවද පාගා චප්ප කර දමනු ඇත. මේ සියල්ල නෙඩ් ගේ සිතේ පැහැදිලිව ඇඳී ගියේය.


Petyr Baelish: “Even hungry dogs know better than to bite the hand that feeds them.”

79 comments:

  1. අර ස්ටාර්ක් උන්නැහේ ඇඟිල්ල නේද පෙන්නන්නෙ? :)

    අද කෑම වට්ටෝරුව හොඳයි. හම්මේ ඇති යාන්තං, රතු නරියාත් වංස සළකුණක ඉන්නවා. මොකට අර බස්සාව ගත්තද මන්දා? හොඳ වැඩේ උන්දැට අං තියපු එකනං:)

    ReplyDelete
    Replies
    1. // රජත රාජාලියා, නයිටින්ගේල් කුරුලු රංචුව, වයිරම් වැටුනු වල් ඌරා, රතු නරියා, සුදු බැටළුවා, දම්පැහැ කඟවේනා, නර්තනයේ යෙදෙන කන්‍යාව, අං සහිත බස්සා //

      @බස්තුමා, දම් පැහැ කඟවේනාටත් අං තියනවනම් බස්සන් විශේෂයක්වෙන්න ඇති නේ?

      මේ පොංපොංතුමා, අර නර්තනයේ යෙදෙන ජාතිය ඔබතුමාගෙ මාලිගාවෙ ගොඩක් ඇතිනේ?

      Delete
    2. the Dancing maiden = //නර්තනයේ යෙදෙන කන්‍යාව// ?

      මේ ඇහුවට තරහවෙන්න එපා අති ගරු බුරෝදිපතිතුමා, ඒ මේඩන්ගේ කන්යාභාවය පරීක්ශාකරලද පරිවර්තනය කලේ?

      Maiden = සාමාන්යයෙන්නම් අවිවාහික තරුණිය (කන්යාභාවය ගැන ගැරන්ටීඑකක් නෑ.)
      ඒත් ඔය බස්තුමා සහ විශේෂයෙන් පොංතුමා වගේ ( ජපුර ඔය ගැන තියන පරීක්ෂනයට වඩා හොඳ ඒවා පොං පේරා වල කරනවා ඇති ) විශේෂඥයන්ගේ සහාය ඇතිව කල පරිවර්තනයක් විය හැකි නිසා මං වගේ අහිංසකයෙක් මේ නොදන්නා කමට ඇහුවට උදහස් නොවේයයි අපේස්සා කරනවා



      Delete
    3. බුදු සන්තෝ, මං ඔය කමි‍ටුවේ නැ‍තෝ. ජ'පුර උපකුලපති නං හිටියා වගේ මතකයි

      Delete
    4. @ නරිමොටා,

      දැං බස්සට අන් ඇවිල්ලලු. :-D

      @ ප්‍රා ජේ,

      ඒ ඇවිල්ලා පින්තූරයක් නෙව. ඉතිං කන්‍යාභාවය ගැන බයවෙන්ට ඕන නෑ. :-P

      @ බස්සා,

      ඒ පරීක්සනේ කරන්නෙ බසු බෙනේට එක්කන් ගිහිල්ලා වෙන්ටෑ. ;-)

      Delete
    5. අපේ වන්ශ සලකුන නම් ඉතින් ගෝඩා බැරල් එක තමයි

      Delete
    6. වචනේ නම් ටිකක් විතර අවුල් තමයි. ඒත් ඉතින් මෙතන කන්‍යාවිය කියන්නෙ නැතුව මෙනෙවිය කියන්ට යයි. Pj ගෙ එකේ නම් ඉන්නෙ මහත්මියක් ලු :P

      Delete
    7. ඔබවහන්සෙටවගේ ධේනුවන් අපිට කොහෙන්ද?

      Delete
    8. @නරි මොටා,

      ඔව් එයාගේ කම්මුලේ මදුරුවෙක් වැහැව්වලු. :P

      Delete
    9. @PJ,

      අඩු ගානේ ගෑනුන් මෙනෙවිය කීවාම බැඳලා නෑ කියන්ට පුලුවනි. පිරිමින්ට එහෙමද? බැඳපු, නොබැඳපු, කන්‍යා, නොකන්‍යා හැමෝම මහත්තුරු ලුනේ. :P

      Delete
    10. @ Pods, Kanye West?

      වැඩිය කිව්වොත් මට කන්න තමයි වෙන්නෙ. The End !!

      Delete
    11. ඔහොම ගියාම බස්සට වලිගෙකුත් ඒවි :P


      හැබෑට ඔය පිංතූරෙක ඉන්න " නර්ථනයේ යෙදෙන කන්‍යාව " ගැන මොකට වදවෙනවද මන්දා :D

      Delete
    12. පිංතූරෙක හිටියත් ඉතින් කන්‍යාවක් නෙවැ. ඒක නිසා 'එයැයිලට' නිකං උසි උසි වගේලු.. :-D

      Delete
    13. අපොයි නරි මොටෝ වැරි සොරි බන්. westeros universe එකේ රතු නරි සලකුණක් නෑ. තියෙන්නේ house florent ෆොක්ස් and ෆ්ලවර්ස් විතරයි. මෙතැන තියෙන්නේ red fox නෙවෙයි red ox වෙන්ට ඕනෑ. house prestor . ලැනිස්ටර් මිනිස්සු. වංශ වාක්‍යය tireless. lords of Feastfires hall.

      what say you ser bur and me lady?

      Delete
    14. Oh my! it is indeed Red Ox. Simple spelling mistake and the Ox became Fox. Thousand apologies My lords & ladies & other beasts, thousand apologies!!

      Delete
    15. ඔතන තව තියනවා blackadder කියලා එකක්, මොන වගේ එකක්ද කියලා හිතා ගන්න බැහැ.. ඒක නමක් විදිහට තමයි භාවිතා වුණා කියලා තියෙන්නේ. හැබැයි, කළු නයෙක් ගේ සංඛේතයත් සමහර තැන් වල පෙන්නනවා ගූගල් කලාම...

      Delete
    16. Blackadder is a British comedy tv show starring rowen atkinson aka me.bean. Extremely funny.
      Actually there is a snake named the adder.

      Delete
    17. හුටා, නරියව කපල, ගොන් තඩියෙක් ඔබල නේද? අපි වගේ අහිංසක සත්තුන්ට කොහෙත් කැපිල්ල :)

      Delete
  2. කෝ මේ කස්ටිය? PJ නං යන්ට ඇති ඉත්තෑවො දඩයමේ. පොංපොං ආයෙ ක්ශුද්‍ර ජීවියෙකුට යටවෙලා වත්ද?

    ReplyDelete
    Replies
    1. පොං පොං යටවෙන්නමද කැමති?

      Delete
    2. අනේ නෑ , ඒත් කොහෙද මේ "ක්ශුද්‍ර ජීවියා" එක්ක බෑ නෙව, ඌ පැන්න ගමන් අසරණ පිං පොංව යටකර ගන්නවා නෙව?

      Delete
    3. //ඌ පැන්න ගමන් අසරණ පිං පොංව යටකර ගන්නවා නෙව?//

      හෑ !!!! උනුත් නිකම් සිංහයො වගේනෙ දඩයම් කරන්නෙ. පොං නම් දඩයමට ගොදුරුවීමටම උපන් පිංවත් කුමාරයෙක්වගේ

      Delete
    4. ඒ වගේ තමා නේ..

      Delete
    5. සිංහයො ඉතින් ඔය ඕනේ නැති ඔපාදූප හොය හොය යන අයවත් දඩයම් කරනවලුනේ ;)

      Delete
    6. ඔය කියන හැමෝම ක්ශුද්‍ර ජීවීන්ට යට වෙලා තමයි ඉන්නෙ. දන්නවද හම මතුපිට කොච්චරක් විතර ඉන්නවද කියලා?
      ඔය ගොරිල්ලන්ගේ එහෙම වෙන උන්ට වඩා වැඩි ලු

      Delete
    7. Wats this abt Herr PJ and hedgehogs ?
      Have u found a crypto hedgehog ? Like a choopakabra with spikes ? A hedgekabra ? :P

      Delete
    8. මං මේ කල්පනා කලේ මොනවත් කියනවද කියලා....

      Delete
    9. @choolow, කියන්ට කියන්ට අර චූ කබරය කියල තියෙන්නෙ අපේ චූලෝ තුමාට තමයි ඔය කුමාරය

      Delete
    10. @චූලා,

      අනේ අපි දෙන්නා කටවහල් වහගෙන ඉම්මු මෙයා...:D

      Delete
  3. බ්ලා චිකි චිකි බ්ලා...
    ඕ යේ...
    ගොං රොබටයි මැටි නෙඩයි...

    ReplyDelete
    Replies
    1. දෙන්නම තකට තක නේ. :-D

      Delete
    2. හී හී ලස්සණ කමෙන්ට් එකලු.

      Delete
    3. ලස්සන කමෙන්ටුවක් ය කීව.. හිහි
      මේ දවස් වල පොඩි වයර් සෝට් එකක් තියෙනව අප්ප ඒකයි ගණං ගන්න එපා ඈ

      Delete
  4. අප්පා මේ කතාවත් ඉස්සරහට යන්නේ අර ස්ලෝ කෝච්චියක් වගේ.. මම මේ සටනක් හරි මොකක් හරි දැන් පටන් ගනී දැන් පටන් ගනී කියල බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඈ බොල, මේක WWF රෙස්ලින් ටූනමන්ට් එකක් කියලා හිතුවද විනාඩි පහෙන් පහට ෆයිට් දාන්ට. :-D

      Delete
    2. ෆයිට් විතරක් නෙවෙයි සිංදුත් ඕනේ.....

      Delete
    3. කොමෙඩි නම් තියනව
      පොං පොං?

      Delete
    4. පුරුදු වෙනවලු...:P

      Delete
    5. ඇයි දැන් ඔය ඉඳලා හිටලා ෆයිට් යන්නෙ පොම් පොම් හා SS අතර.. තව ටික කාලෙකින් සිංදුත් කියන්ට පට්ටාං ගනියි.. :-P

      Delete
    6. අඩොව් කොමඩි ඇක්ට් දාන්ට මම බහුබූතයෙක් බම්මනෙක් ද ? :O

      පයිට් නම් පුළුවන් සින්දු බෑ. :P

      Delete
  5. අනේ මේ රොබර්ට් බරතියන් වගේ මී හරකෙක්.ඔය කයිවාරු ගැහුවාට සෙර්සි ගැණිට බයයිද කොහේද මේ යකා.

    ReplyDelete
    Replies
    1. හූ! දැන්ද ඒක තේරුනේ. ;-)

      Delete
    2. පිස්සුද එයා බය නෑලු ඒ වුනාට හැම තිස්සෙම සිහි නෑලු :D

      Delete
  6. මෝ මෝඩ ඩබලගේ සංවාද බොහෝම හොදට රස වින්දැකි... මොනවා උනත් රොබටා හොද හුරතලේට හදාගන්න වගේ දේකට... අපරාදේ රජකමක් දීලා ඌව නාස්ති කරලා...

    හා හා... :D

    ReplyDelete
    Replies
    1. හොඳ සොල්දාදුවෙක් හැමවිටම හොඳ රජෙක් වෙන්නෙ නෑ.

      උදාහරණ ඕනනං නහයෙන් පෙන්නන්නං, O yes, නහයෙන්. :-D

      Delete
    2. @ බුරා

      ඔහේගේ නහය දිගේ බැලුවාම මට පෙනුනේ කුරුල්ලෙක් වගේ හිටපු සොල්දාදුවෙක්ව නේ

      Delete
    3. //මෝඩ ඩබලගේ සංවාද බොහෝම හොදට රස වින්දැකි//

      පෝස්ට් එකේද කමෙන්ට්ස්වලද?

      Delete
    4. @බූරා,

      හී හී...පව් නහය...

      Delete
    5. @PJ,

      මේකට නම් මුකුත් කීවේ නෑලු. :P

      Delete
    6. //මෝඩ ඩබලගේ සංවාද බොහෝම හොදට රස වින්දැකි//

      :O

      Delete
  7. අද කෑම මේසෙ නං වරදක් නෑ.කළුවට තියේනං ඒ බීර නෙවෙයි ස්ටවුට් වෙන්න ඇති.පාත්ත බිත්තර වලට වඩා කුකුළු බිත්තර හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනේ යන්ට හැල‍පෙ, සරුවට කෑම තියෙන දාට ලොවෙත් නෑ. නැතිදාට ඇවිත් අහනවා අරක නැද්ද මේක නැද්ද කියලා.

      ආන්න අර වින්ටර්ෆෙල් හන්දියෙ තේ කඩෙන් සීනි බනිස් එකක් කාලා ප්ලේන්ටියක් බොන්ට මෙයා. :-D

      Delete
    2. ස්ටවුට් නම් ඉතින් එල ඈ

      Delete
    3. කලු පාන් එක්ක පාත්ත බිත්තර අම්මෝ රහා ඇතිනේ...

      Delete
    4. කළු පාන් යනු කවරේද? අනුභව කර නැත. :(

      Delete
    5. මොනා කරන්ටද එහෙනං.බනිසේ ගිලදාන්ට ඇඹුල් කෙහෙල් ගෙඩියක්වත් දෙන්ට.

      Delete
  8. අද "තරු" එහෙම පායලා තියෙන්නෙ :P

    ReplyDelete
  9. වෙනද වාගේම කතාව හරිම අනර්ඝයි......

    ReplyDelete
  10. Why is the lord of north posing like snoop dog does? Is he a rapper?

    ReplyDelete
    Replies
    1. It's not that. He's giving the finger to Petyr Baelish... :-D

      Delete
    2. such an adorable idiot. giving the finger to the little finger. hilarious in so many levels.

      Delete
  11. අද බුසී, හෙට දිහාට එඤ්ඤං කමෙන්ට් බලඤ්ඤයි මොනා හරි කොටල යඤ්ඤයි.

    ReplyDelete
  12. අද කොටස වෙනදාට වඩා බරයි... විශේෂයෙන් තරඟය වෙනුවෙන්ම හදාගත්ත සන්නාහයට එයා තාම කම්මල්ගාස්තුත් ගෙවෙලා ඉවරද දන්නේ නෑ කියන තැන...

    තරු දාපු එකටනම් අලි බූවක්... ඒ ජේදේ තිවුන ගැම්ම සම්පුර්ණයෙන්ම දියවෙලා ගියා,.,. එතෙන්දිත් නොකියන කුණුහරුප මක්කටැයි... :)

    ReplyDelete
    Replies
    1. හරි හරි බං.. එතන තරු තිබුනත් උඹ අවශ්‍ය වචනය එතනට දාලා කියෙවුවනෙ.. තවත් මොනාද? කොහොමද එතන සභ්‍ය වචනෙන් විස්තර කරලා තිබුනානං? ඒක ඊට වඩා අලි බූවක් වෙන්නෙ නැද්ද? තරු දැම්මහම දන්න එකා දන්නවා එතනට මොකක්ද එන්ට ඕන වචනය කියලා..

      ඇත්ත, උඹ කියන දේ සාධාරණයි තමා.. ඒ වුනත් එහෙම ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනයක් කියන එක හරි මදි හරි මදි වගේ හිතුනා.. :-)

      Delete
    2. බොලා බී ගෙන ප්‍රසිද්දියේ කියන්නේ බන වෙන්ටෑ :P

      Delete
    3. අඩෝව් අපි බීගෙන ප්‍රසිද්ධියේ මොකුත් කියන්නෙ නෑ ඩෝ! වැඩිම වුනොත් හීනියට ෂිංදුවක් වගේ කියයි. :-P

      Delete
    4. රූකඩ සන්දර්ශන වල පුරුදු උන ඒවා වෙන්ටෑ

      Delete
  13. මග ඇරිච්ච ටික කියෙව්ව... හෙට එන්නම්

    ReplyDelete