Friday 17 October 2014

එඩාර්ඩ් 06-2

කින්ග්ස් ලෑන්ඩින්ග්
කින්ග්ස් ලෑන්ඩින්ග්

"මගෙන් කෙරෙන්ට ඕන තවත් මොකුත් සේවයක් තියෙනවාද මගේ උතුමානනි?" ජොරී ඇසීය.

"මම හිතන්නෙ උඹ ගනිකා මඩම්වලට යන්ට පටන් ගත්තානම් හරි."

"බොහොම අමාරු රාජකාරියක් මගේ උතුමානනි." ජොරී නියවී ය. "කට්ටිය බොහොම කැමැත්තෙන් උදවු කරන්ට ලෑස්ති වෙයි. පෝතර් දැනටමත් ඒ වැඩේ පටන් අරන් තියෙන්නෙ."

සෑදල පැළැඳූ නෙඩ් ගේ ප්‍රියතම අසු අංගනයේ නවතා තිබින. ඔහු අසු පිට නැගුනු අතර වාර්ලි හා ජැක්ස් ඔහු ගේ පසුමුණ ගත්හ. පැළැඳ සිටි වානේ හිස් ආවරණ හා මුදු දම්වැල් සන්නාහ නිසා ඔවුන් දහදියෙන් පෙඟී සිටිය යුතු නමුදු ඒ ගැන වදනකින් වත් පැමිණිලි කලේ ඔවුන් නොවේ. රාජ ද්වාරයෙන් පිටවී නගරයේ පල් ගඳ හා මුසුවෙද්දී තමා දෙස බලා සිටින දහසක් නෙත් යුගල් ඔහු නිරීක්ෂණය කලේ ය. හැල්මේ යන්නැයි ඔහු සිය අසුට සන් කල අතර ආරක්ෂක සෙබළුන් දෙදෙනා ඔහු පසුපසින් වැටුනහ.

සෙනඟින් පිරුනු නගර වීදි දිගේ යද්දී ඔහු නැවත නැවතත් පසුපස හැරී බැලුවේ ය. උදේ පාන්දරින්ම බලකොටුවෙන් පිටත් වූ ටොමාර්ඩ් හා ඩෙස්මන්ඩ් ඔවුන් යන මේ මාර්ගයේ ස්ථානගතව සිටියේ යම් හෙයකින් කිසිවකු ඔවුන් පසුපස එත්නම් හඳුනාගැනීම සඳහා ය. එසේ වුවද නෙඩ් සැකසහිත විය. රජු ගේ මකුළුවා හා ඔහු ගේ පුංචි කුරුල්ලන් පිරිස නිසා ඔහු ‍ගේ සිතෙහි නොසන්සුන් බවක් ඇතිවී තිබින.

වානේ වීදිය ඇරඹුනේ ගංගා ද්වාරය - නැතහොත් පොදු ජනයා කියන පරිදි මඩ ද්වාරය - අසල පිහිටි වෙළෙඳපළ චතුරශ්‍රයෙනි. දිගු බොරුකකුල් පැළැඳ සිටි කෝලමකු තෙරපෙමින් සිටි සෙනඟ අතරින් රිංගා ගියේ අඬු දිග කුරුමිණියකු පරිද්දෙනි. නිරුවත් දෙපයින් යුතු පාදඩ කොල්ලන් රංචුවක් හූ තලමින් ඒ පිටුපසින් වැටී හුන්හ. තවත් තැනෙක වැරහැළි ඇඳගත් බ්‍රැන් ගේ වයසෙහි පමණ වූ කුඩා කොලුවන් දෙදෙනෙක් ලී මිටිවලින් කඩුසරඹ කරමින් සිටියහ. සමහරෙක් ඔවුන් දෙදෙනාට ජයඝෝසා නගමින් සිටි අතර සමහරෙකු ඔවුන්ට බැන වදිමින් තර්ජනය කරමින් හුන්හ. කවුළුවකින් එබුනු මහළු ස්ත්‍රියක් සිය අතෙහි වූ ඉඳුල් වතුර කොරහ යුද වැදුනවුන් දෙදෙනා මතට හැලූයෙන් මේ ද්වන්ද්ව සටන එතෙකින් නිමා විය. ප්‍රාකාර සෙවනැල්ල යට සිය කරත්ත නැවතූ ගොවීහු කෑගසමින්, දිනයේ වෙළෙඳාම් කටයුතු සිදු කරමින් සිටියහ. "ඇපල් ඇපල්! හොඳම ඇපල්! ලාබයි ඇපල්!", "කොමඩු! පැණි කොමඩු! මී පැණි වගේ රහ කොමඩු!", "ටර්නිප්, ලූණු, අල ජාති, මුල් ජාති! එන්ට ගන්ට!"

මඩ ද්වාරය විවෘතව පැවති අතර නගරාරක්ෂක බලකායේ භට පිරිසක් අලස ලෙස සිය දිගු හෙල්ලයන්ට වාරු වී එහි මුරකාවලේ නියුතුව සිටියහ. බටහිර දෙසින් එන අසරු පිරිසක් දුටු මේ සෙබළුන් වහා ක්‍රියාශීලී වී කරත්ත හා පදිකයින් දෙපසට කර ඒ එන නයිට්වරයාට හා පිරිසට නගරයට ඇතුළුවීමට ඉඩප්‍රස්ථා සලසා දුන්හ. ද්වාරයෙන් ඇතුළු වූ පළමු අසරුවා අත දිගු කළු පැහැ ධජයක් රැඳී තිබින. සේද රෙද්දෙන් සැදි ධජය සුළඟේ ලෙලදුන්නේ පණ ඇතියකු පරිද්දෙනි. එහි ගෙත්තම් කර තිබුනේ රාත්‍රී අහස පසුබිමේ ඇති දම් පැහැ අකුණක සලකුණකි. "බෙරික් උතුමානන්ට ඉඩ දෙන්ට." අසරුවා නිවේදනය කලේය. "බෙරික් උතුමානන්ට ඉඩ දෙන්ට." ඔහුට වහාම පිටුපසින් මෙන් තරුණ වංශාධිපතියා - රතු-රන් හිසකෙසින් යුතු, තරු රටාවකින් අලංකාර වූ කළු පැහැ සළුවක් පැළැඳ, කළු පැහැ සෛන්ධවයකු පිට නැගුනු, උජාරු බෙරික් ඩොන්ඩරියන් - නගරයට ඇතුළු විය. "හස්තයේ තරගාවලියට සහභාගිවෙන්ටද ආවෙ මගේ උතුමානනි?" එක් සෙබළෙක් ඇසීය. "හස්තයේ තරගාවලිය දිනන්ටයි ආවෙ." බෙරික් උතුමානන් පිළිතුරු දුන් අතර සෙනග ප්‍රීතිඝෝසා නගන්නට වන්හ.

චතුරශ්‍රයෙන් ඉවතට හැරුනු නෙඩ් වානේ වීදිය දිගේ කඳුගැටය උඩට නගින්නට විය. සිය විවෘත ආචාරි පට්ටල අසල සිටගත් කම්මල්කරුවන් වැඩෙහි නිරතව හුන්හ. නිදහස් අසරුවෝ මුදු දම්වැල් සන්නාහ මිලදී ගැනීම සඳහා කේවල් කරමින් සිටියහ. යකඩ බඩු වෙළෙන්දන් කරත්තවල තබාගෙන පැරැණි අසිපත් හා වෙනත් අවි ආයුධ විකුණමින් උන්හ. ඉහළ නගින්නට නගින්නට නිවෙස් වඩ වඩාත් විශාල වන්නට විය. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා විසූයේ කඳුගැටය මුදුනේම පිහිටි, වීදියට නෙරා ආ උඩුමහල් තලයකින් යුතු, විසල් දැවමුවා නිවසේ ය. එහි වූ දැවැන්ත දොරපළු දෙක කළුවර හා වයර්වුඩ් ලීයෙන් කල කැටයමකින් අලංකාර විය. දොර දෙපස සිටුවා තිබුනු සෙල්මුවා නයිට්වරුන් දෙදෙනා ඔපදැමූ රතු වානේ වලින් කල සන්නාහයෙන් සරසා තිබින. සිය අසු ජැක්ස්ට බාරදුන් නෙඩ් දොර විවර කර නිවස ඇතුළට වන්නේ ය.
බෙරික් ඩොන්ඩරියන්
බෙරික් ඩොන්ඩරියන්

තරුණ සේවිකාව නෙඩ් පැළඳ සිටි ලාංඡනය හා කබායේ තිබුනු වංශ සලකුණ නිරීක්ෂණය කර තිබුනු අතර පණිවුඩය ලැබුනු ගෙහිමියා දෙකට නැවෙමින් මුව පුරා සිනාසෙමින් ලහිලහි‍යේ පිටතට පැමිණියේ ය. "රජතුමාගෙ හස්තයට බොන්ට වයින් අරන් වරෙන්." සේවිකාවට අණ කල ඔහු නෙඩ් ට අසුන් ගන්නා මෙන් සන් කලේ ය. "මම ටොබ්හෝ මොට් මගේ උතුමානනි. කරුනාකරලා සැපපහසුව ඈඳිගන්ට." ඔහු පැළැඳ සිටි කළු විල්ලූද කබායේ දෑත්වල රිදී නූලෙන් මිටිවල රූප ගෙත්තම කර තිබින. ගෙල වටා වූ ඝනකම් රජතමය දම්වැලේ පරෙවි බිජුවක් තරම් විශාල නිල්මිණක් එල්ලෙමින් තිබින. "ඔබතුමාට හස්තයේ තරගාවලිය වෙනුවෙන් අලුත් ආයුධ මොකුත් උවමනා කරලා තියෙනවා නම් ඔබතුමා නියමම තැනටයි ඇවිත් තියෙන්නෙ‍." නෙඩ් ඔහුව නිවැරැදි කිරීමට උත්සාහ නොදැරී ය. "ඇත්ත මගේ වැඩ ටිකක් විතර වියදම් වැඩියි තමා. ඒත් ඒකට සමාව ඉල්ලන්ට උවමනා නෑ." ඔහු පැවසූයේ රිදී කුසලාණ දෙකකට වයින් පුරවමිනි. "මම ඔබතුමාට දිවුරලා කියනවා, මගේ වැඩ තරම් ශිල්පීය නිපුනතාවෙන් කරපු වැඩ මේ රාජධානි සප්තකයේ වෙන කොහොන්වත් හොයාගන්ට බෑ. ඔබතුමා කැමැති නම් කින්ග්ස් ලෑන්ඩින්ග්වල තියෙන හැම කම්මලකටම ගිහිල්ලා ඒවායෙ තියෙන බඩු මගේ ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්ට. ඕනෑම ගොඩේ කම්මල්කාරයෙකුට වුනත් පුළුවන් සන්නාහයක් හදන්ට. ඒ වුනත් මම කරන්නෙ ඒ වගේ දෙකයි පනහෙ වැඩ නෙවෙයි. මම කරන්නෙ චිත්‍රයක් අඳිනවා වගේ සියුම් වැඩ."

මේ මිනිසාට සිය පුරාජේරුව පවසන්නට ඉඩහැරි නෙඩ් වයින් කුසලාණ සෙමින් තොලගාන්නට විය. පුෂ්ප නයිට්වරයා හෙවත් සෙර් ලෝරාස් ටිරල් ඔහු ගේ සෑම සන්නාහයක්ම මිලදී ගත්තේ තමාගෙනි. එපමණක්ද, තවත් බොහෝ උසස් වංශාධිපතින්. නියම වානේ යනු කුමක්දැයි හඳුනන උදවිය. එපමණක් නොව රජතුමා ගේ සහෝදරයා වන රෙන්ලි උතුමානන් පවා. සමහරවිට ඔබතුමා රෙන්ලි උතුමානන් ගේ රනින් වැඩ දැමූ තද කොළ පැහැ අලුත් සන්නාහය දකින්නට ඇත. මේ නගරයේ සිටින අන් කිසිදු ආයුධ ශිල්පියෙකුට එතරම් තද කොළ පැහැයක් ලබාගත නොහැක. වානේ තුළට වර්ණ කැවීමේ සියළුම රහස් ඔහු දන්නේ ය. පාට ආලේප කිරීම හා පිටත වර්ණවත් සිවියක් සෑදීම වැනි දේ දෙකේ පන්තියේ ආචාරින් ගේ වැඩය. සමහරවිට රජතුමා ගේ හස්තයට නව අසිපතක් උවමනා වනවා වන්නට ඇත. ටොබ්හෝ කුඩා කොලුවකු කල ක්වොහෝර්වල කම්මල්වලදී වැලීරියන් වානේ සමගින් වැඩ කිරීමේ කලාව උගෙන ඇත. මේ පැරැණි ආයුධ රැගෙන නැවත අලුතින් ඒවා තැනිය හැක්කේ වැලීරියන් මන්ත්‍ර ශාස්ත්‍රය දත් අයෙකුට පමණි. "ඝෝරවෘකයා කියන්නෙ ස්ටාර්ක් වංශයෙ සලකුණ. එහෙම නේද? මම ඝෝරවෘකයෙකුගෙ ඔළුවෙ හැඩේට හිස් වැස්මක් හදලා දෙන්නම්. ඒක දැක්කහම පුංචි එවුන් බයවෙයි." ඔහු පාරම් බෑවේ ය.

නෙඩ් මඳ සිනහවක් පෑවේ ය. "උඹ ඒරින් උතුමානන්ට උකුස්සෙකුගෙ හැඩයේ හිස් වැස්මක් හදලා දුන්නද?"

දිගු වේලාවක් කතා නොමැතිව නැවතී බලා සිටි ටොබ්හෝ මොට් සිය වයින් කුසලාණ පසෙකින් තැබී ය. "එතුමා ස්ටැනිස් උතුමානනුත් එක්ක මාව මුන ගැහෙන්ට ආවා. ඒ වුනත් මට බොහොම කණගාටුයි කියන්ට එයාලා මගෙන් මොකුත් මිලදී ගත්තෙ නෑ."

නෙඩ් නිහඬව, දිගටම මේ මිනිසා දෙස කෙලින් බලාගෙන සිටියේ ය. ප්‍රශ්න කිරීම්වලට වඩා නිහඬතාව බොහෝ තොරතුරු එළියට ගන්නට සමත් බැව් ඔහු වසර ගණනක පළපුරුද්දෙන් දැන සිටියේ ය. ඒ උපාය මෙවරද වැඩ කලේ ය.

"එයාලා ඇහුවා කොලුවාව බලන්ට පුළුවන්ද කියලා." ආයුධ වෙළෙන්දා කීවේ ය. "ඉතින් මම එයාලව එක්කරන් ගියා කම්මලට."

"කොලුවා." නෙඩ් ප්‍රතිරාව නැංවී ය. මේ කියන කොලුවා කවරෙකුදැයි ඔහුට කිසිදු නිනවුවක් නොවීය. "මමත් කැමැතියි ඒ කොලුවාව බලන්ට."

ටොබ්හෝ මොට් ඔහු දෙසට පරීක්ෂාකාරී බැල්මක් හෙලීය. "ඔබතුමාගෙ කැමැත්තක් මගේ උතුමානනි." ඔහු ගේ කටහඬේ පෙර පැවැති මිත්‍රශීලී ස්වරය නැතිව ගොස් තිබින. නෙඩ්ව පසුපස දොරින් කැඳවාගෙන ගිය ඔහු පටු අංගනයක් හරහා ගොස් කම්මල් වැඩ කෙරෙමින් තිබුනු, ගුහාවක් වැනි පැරැණි ගබඩාවකට ඇතුළු විය. ආයුධ වෙළෙන්දා ගබඩාවේ දොර ඇරිය විට එයින් පිටව ආ උණුසුම් වායු දහර නෙඩ් ට සිහිපත් කලේ මකරෙකු ගේ මුව තුළට ඇවිද යන්නාක් වැනි හැඟීමකි. ඇතුළත සෑම මුල්ලකම ආචාරි පට්ටලවල ගිනි දැල්වෙමින් තිබින. වාතය දුමින් හා ගෙන්දගම් සුවඳින් පිරී තිබින. පුහුණුවන ශිල්පීන් සිය මිටි හා කෝව අඬු මොහොතකට අමතක කර දමා ඔහු දෙස බැලුවේ නළලේ නැගි දහදිය පිස දමා නැවත වැඩට බටහ. නිරුවත් පපුවෙන් යුතු ආධුනිකයෝ තමන්ට හිමි මයිනහමේ රාජකාරි ඉටුකරමින් සිටියහ.

ප්‍රධානියා රොබ් ගේ වයසේ වූ කොලුවෙකුට හඬ ගැසුවේ ය. ඔහු ගේ බාහු හා පපුව ශක්තිමත් පුළුල් මස් ගොබයෙන් ගැවසී ගත්තේ ය. "මේ ඉන්නෙ ස්ටාර්ක් උතුමානන්. රජතුමාගෙ අලුත් හස්තය." ඔහු මෙසේ කියද්දී කොලුවා නිල් පැහැ බුම්මාගත් දෑසින් නෙඩ් දෙස බලා සිය නළලට වැටුනු කෙස් රොදක් පිසදා හැරියේ ය. ඔහු ගේ කෙහෙරැළි තීන්ත මෙන් තද කළු පැහැති වූ අතර අපිළිවෙල, ඝනකම් ලෝම රැසක් මෙන් දිස් විය. අලුත වැවුන රැවුලක් ඔහු ගේ මුහුණ හැඩ කලේ ය. "මේ ඉන්නෙ ජෙන්ඩ්‍රි. එයාගෙ වයසට වඩා ශක්තිමත්. මිනිහා සෑහෙන මහන්සි වෙලා වැඩ කරනවා. උඹ අර හදපු ශිරස්කය උතුමානන්ට පෙන්නපං කොල්ලො." සිය වැඩ බංකුව වෙත ඔවුන් කැඳවාගෙන ගිය කොලුවා ගොනෙකු ගේ හිසේ හැඩයට තැනූ වානේ ශිරස්කයක් ඔවුන්ට පෙන්නුවේ ය. මේ ශිරස්කයයෙන් දිගු අං දෙකක් පිටතට නෙරා විත් තිබින.

නෙඩ් ශිරස්කය සිය දෑතේ එහා මෙහා පෙරලා බැලීය. එය වානේ වලින් සාදා තවම ඔප දමා නොතිබුනු නමුදු දක්ෂ අයුරින් නිමවූවක් බව පෙනින. "මේක බොහොම අගනා නිර්මානයක්. උඹ මට මේක මිලට ගන්ට දෙනවා නම් මම බොහොම සතුටුයි."

කොලුවා ශිරස්කය ඔහු ගේ අතින් උදුරා ගත්තේ ය. "ඒක විකුණන්ට නෙවෙයි තියෙන්නෙ."

ටොබ්හෝ මොට් බියෙන් ත්‍රස්ත වී ගියේ ය. "කොල්ලො, මේ ඉන්නෙ රජතුමාගෙ හස්තය. උන්නාන්සෙට මේක ඕනයි කියනවා නම් ඒක එතුමාට තෑගි කරපං. එතුමා එහෙම අහපු එකම උඹට ලොකු ගෞරවයක්."

"මං ඒක හැදුවෙ මට පාවිච්චි කරන්ට." කොලුවා මුරණ්ඩු අයුරින් පැවසී ය.

"සියදාස් වතාවක් සමාව භජනය කරන්ට මගේ උතුමානනි." ප්‍රධානියා නෙඩ්ට කීවේය. "මේ කොලුවා හරියට අලුත් වානේ වගේ ගොරහැඩියි. අලුත් වානේවලට වගේ මේ කොලුවටත් තලලා තමා හදන්ට වෙන්නෙ. ඒ ශිරස්කය පුහුණුවෙන ශිල්පියෙකුගෙ වැඩක් නෙව කොහොම වුනත්. ඌට සමාවෙන්ට. මම පොරොන්දු වෙනවා ඔබතුමා මීට කලින් කවදාවත් දැකලා නැති විදියේ ශිරස්කයක් හදලා දෙනවයි කියලා."

"සමාව දෙන්ට එයා වැරැද්දක් කලේ නෑ. ජෙන්ඩ්‍රි, ඒරින් උතුමානන් උඹව හම්බවෙන්ට ආපු වෙලාවට උඹලා මොනවා ගැනද කතා කලේ?"

"එයා මගෙන් එකේක ප්‍රශ්න ඇහුවා මයෙ උතුමානනි."

"මොන වගේ ප්‍රශ්නද?"

කොලුවා දෙවුර ඇකිළී ය. "මම හොඳින් ඉන්නවද. මට හොඳින් සලකනවද. මේ වැඩවලට කැමැතිද. මගේ අම්මා ගැනත් ඇහුවා. එයා කවුද. එයාගෙ පෙනුම කොයි වගේද වගේ ඒවා."

"ඉතිං උඹ මොනවද එයාට කිවුවෙ?"

කොලුවා නැවත වරක් නළලට වැටුනු කළු කෙස් රොදක් පිසදා හැරි‍යේ ය. "මම පුංචිම කාලෙ එයා මැරුනා. එයාට තිබුනෙ කහපාට හිසකෙස්. එයා සමහර වෙලාවට මට සින්දු කියන්ට පුරුදුවෙලා හිටියා. මට මතකයි, එයා වැඩකලේ තැබෑරුමක."

"ස්ටැනිස් උතුමානනුත් උඹෙන් ප්‍රශ්න ඇහුවද?"

ජෙන්ඩ්‍රි
ජෙන්ඩ්‍රි
"අර තට්ටෙ තියෙන එක්කෙනාද? නෑ නෑ. එයා මගෙන් මොකුත් ඇහුවෙ නෑ. එයා කවදාවත් වචනයක්වත් කතා කලේ නෑ. මගේ දිහා රවාගෙන බලන් හිටියා විතරයි. හරියට මම එයාගෙ දුවව උස්සන් යන්ට ආපු ස්ත්‍රී දුෂකයෙක් වගේ."

"උඹේ කට පරිස්සම් කරගනිං." ප්‍රධානියා කඩා පැන්නේ ය. "මේ ඉන්නෙ රජතුමාගෙ හස්තය." කොලුවා දෙනෙත් බිමට නැඹුරු කරගත්තේ ය. "දක්ෂ කොලුවෙක්. ඒ වුනාට හරිම මුරණ්ඩුයි. අර ශිරස්කය... වැඩකරන අනිත් එවුං කියන්නෙ මූ ගොනෙක් වගේ මුරණ්ඩුයි කියලා."

‍නෙඩ් කොලුවා ගේ කළු පැහැ කෙස් කැරළි අතරින් ඇඟිලි විහිදෙවුවේ ය. "මා දිහා බලපං ජෙන්ඩ්‍රි." කොලුවා හිස එසවූ අතර නෙඩ් ඔහු ගේ හණුවල හැඩය හා තද නිල් පැහැ දෑස් මනාව අධ්‍යයනය කලේය. 'ඔවු!' ඔහු කල්පනා කලේය. 'මට පේනවා මේ කවුද කියලා.' "ගිහින් උඹේ වැඩ කරගනිං කොලුවො. උඹට මෙහෙම කරදර කරන්ට සිද්ද වෙච්ච එක ගැන කනගාටුයි." ඔහු ප්‍රධානියා සමගින් නැවත නිවස දෙසට පිය මැන්නේ ය. "මේ කොල්ලාව ආධුනිකයෙක් විදියට බඳවගන්ටයි කියලා ගාස්තුව ගෙවුවෙ කවුද?"

මොට් නොසන්සුන් විය. "ඔබතුමා දැක්කනෙ කොලුවාව. ඒ වගේ ශක්තිමත් කොලුවෙක්. ඒ වගේ අත් දෙකක්. ඒවා මිටියක් අල්ලන්ටම කියාපු අත්. ඌට හොඳ අනාගතයක් තියෙනවා. මම කිසිම ගාස්තුවක් ගන්නෙත් නැතුවමයි ඌව බඳවගත්තෙ."

"හරි. දැන් ඇත්ත කියපං." නෙඩ් බලකරන ස්වරයෙන් කීය. "ශක්තිමත් කොල්ලො දුසිම් ගානට පාරෙන් හොයාගන්ට පුළුවන්. උඹ ගාස්තුවක් අය කරන්නෙ නැතුව ආධුනිකයෙක් බඳවගත්තොත් එදාට ප්‍රාකාරෙත් කඩන් වැටෙයි. කවුද එයා වෙනුවෙන් ගෙවුවෙ?"

"උතුමානන් කෙනෙක්." ප්‍රධානියා අකැමැත්තෙන් මෙන් කීය. "එතුමා නමක් කීවෙ නෑ. කබායෙ කිසිම සලකුණක් ගහලා තිබ්බෙත් නෑ. රත්තරන් වලින් ගෙවුවා, නියම ගාස්තුව වගේ දෙගුණයක්. එතුමා කිවුවා එකපාරක් ගෙවන්නෙ කොලුවා වෙනුවෙන්, දෙවෙනි පාර ගෙවන්නෙ මගේ නිශ්ශබ්දතාව වෙනුවෙන් කියලා."

"එයාව විස්තර කරන්ට."

"තරබාරුයි. වටකුරු උරහිස්. ඔබතුමා තරම්ම උස නෑ. දුඹුරු පාට රැවුලක්. ඒකෙ යාන්තමට රතු පාටකුත් තිබ්බා. එතුමා ඇඳලා හිටියෙ බොහොම වටිනා කබායක්, ඒක මට හොඳට මතකයි. රිදී පාට නූලෙන් වැඩ දාපු, දම් පාට, ඝනකම විල්ලූද කබායක්. ඒ වුනත් මූන අඳුරු වෙන විදියට සළුවෙන් ඔළුව වහගෙනයි හිටියෙ. ඒ නිසා මට හරියට මූන බලාගන්ට බැරිවුනා." ඔහු මඳක් තැතනී ය. "මගේ උතුමානනි. මට අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිවෙන්ට උවමනා නෑ."

"අපි කාටවත්ම ප්‍රශ්නවල‍ට මැදිවෙන්ට උවමනා නෑ. ඒ වුනත් මේක ප්‍රශ්න අධික කාලයක්. කරන්ට දෙයක් නෑ මාස්ටර් මොට්." නෙඩ් කීය. "උඹ දන්නවා මේ කොලුවා කවුද කියලා."

"මම නිකංම නිකං ආයුධ වෙළෙන්දෙක් විතරයි මගේ උතුමානනි. මම දන්නෙ මට කියපු දේ විතරයි."

"උඹ දන්නවා මේ කොලුවා කවුද කියලා." නෙඩ් ඉවසිලිවන්තව නැවත කීය. "ඒක ප්‍රශ්නයක් නෙවෙයි මාස්ටර් මොට්."

"මේ කොලුවා මගේ ආධුනිකයා." ප්‍රධානියා කීවේය. ඔහු පැරැණි යකඩයක් මෙන් මුරන්ඩු අයුරින් නෙඩ් ගේ දෑස් දෙස කෙලින් බැලීය. "මගේ ගාවට එන්ට කලින් ඌ කවුද කියන එකෙන් මට ඇති වැඩක් නෑ."

නෙඩ් මේ පිළිතුරෙන් සතුටු වූවාක් මෙන් හිස වැනීය. මේ ආයුධ වෙළෙන්දා, ටොබ්හෝ මොට්ට තමා කැමැති යැයි ඔහු තීරණය කලේ ය. "කවදාහරි දවසක ජෙන්ඩ්‍රිට කඩු හදන්ට නෙවෙයි, කඩුව අතට ගන්ට සිද්දවුනොත් එදාට එයාව මා ගාවට එවපං. ඌට හොඳ රණකාමියෙකුගෙ පෙනුම තියෙනවා. එතෙක් උඹට බොහොම ස්තූතියි මාස්ටර් මොට්. මම පොරොන්දු වෙනවා, කවදාහරි මට පොඩි ළමයි බයකරන්ට ශිරස්කයක් හදාගන්ට උවමනා වුනොත් මම මෙහාට මුලින්ම තමා එන්නෙ."

ඔහු ගේ සෙබළුන් දෙදෙනා අසුන් සමග පිටත නැවතී බලා සිටියහ. "ඔබතුමා මොනාහරි හොයාගත්තද මගේ උතුමානනි?" නෙඩ් අසු පිට නගිද්දී ජැක්ස් ඇසීය.

"ඔවු. මම යමක් හොයාගත්තා." නෙඩ් පිළිතුරු දුනි. 'රොබර්ට් රජතුමා ගේ අවජාතකයෙකු සමග ජොන් ඒරින්ට තිබුනු ගනුදෙනුව කුමක්ද? එය ඔහු ගේ දිවි තොරවීමට තරම් හේතුවක් වූයේ කෙසේද?' නෙඩ් විමතියෙන් කල්පනා කලේය.


Grand Maester Pycelle: “The realm prospers from such events, my lord. They bring the great the chance of glory, and the lowly a respite from their woes.”

69 comments:

  1. Hmmmmmm the seed seems to be VERY strong. :P

    Spell forged blades, now what does that remind me of?

    ReplyDelete
    Replies
    1. What? I meant spellbforged swords remind me of aragorn, logen ninefingers, robin hood and Conan the barbarian. It's a recurring theme

      Delete
    2. Robinhood!? Where in the world he got a spellforged blade?? Even Conan doesn't use a spellforged blade as I remember..

      Delete
    3. In robin of Sherwood of course. The seven swords of weyalnd etc. That's the real robin hood for us who grew up watching it :)

      Connan does have a spellforged blade. At least in the cartoons. It's made from an asteroid like the blade of sword of the morning and the father of swords wielded by cracknut. So much parallels

      Delete
    4. Oh! u're talking about the TV series.. The Albion.. :-D

      Delete
  2. හා....
    ඕයේ...............
    ජොන්ඩ්‍රි කියන්නෙ මික්ස් එකද්ද දන්නෑ....
    හිහි

    ReplyDelete
    Replies
    1. කොයි වගේ මික්ස් එකක් කියලද හිතෙන්නේ?

      Delete
    2. අර අරිෂ්ටෙ බොනකොට බයිට් එක විදියට පාවිච්චි කරන බොම්බෙ මික්ස් එකක් වගේ.

      Delete
    3. පිරිමින්ට මතක් වෙන්නෙම අරිෂ්ටයි, බයිටුයි නේ? :P

      Delete
    4. API Nam kiyanne mixture kiyala lu

      Delete
    5. කියන්ට අමතක වුනා. අපි බයිට් එකට ගන්නේ කොල්ලොලු. බොරු නම් සෝන්යාගෙන් අහන්ට.:P

      Delete

    6. @ ට යනු

      ඇයි එහෙනං පොම් පොම් ව බයිට් එකට ගන්නේ??

      Delete
  3. ම්ම්හ් කෑම මෙලෝ රහක් නෑ.අඩු තරමින් බතල ගෙඩියක්වත් තම්බල තිබ්බ නං කන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. "ඇපල් ඇපල්! හොඳම ඇපල්! ලාබයි ඇපල්!", "කොමඩු! පැණි කොමඩු! මී පැණි වගේ රහ කොමඩු!", "ටර්නිප්, ලූණු, අල ජාති, මුල් ජාති! එන්ට ගන්ට!"

      Delete
    2. මුල් ජාති කන්ට හැලපයියයා ඌරෙක් ද ?:D

      Delete
    3. හැලපයා කන දේවල් වල හැටියට මුල් උනත් අවුලක් නැල්ලු

      Delete
    4. හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො පිඹලා
      අනේ, අර අසරණ නරිය කට් වෙලා.

      ඇයි යකඩෝ, දාපල්ලකො හොඳට , ඔය හැම් , බේකන්, චීස් , රෝස්ට් පෝක් එහෙම තියෙන එපිසෝඩ් එකක්. අර ඌරගෙ කටේ දොඩං ගෙඩියක් එහෙම ගහලා කරකෝ, කරකෝ රෝස් කරන විදිහක් තියනවා නේද?

      Delete
    5. ඉදිරියට තියනවලු ටිකක් අමුතු පහේ කෑම

      Delete
    6. @ හැලපෙ,

      ඇයි වදේ මෙච්චර හොඳට ලියලා තියෙනවා 'ටර්නිප්, ලූණූ, අල ජාති‍‍..' කියලා.. මෙයා බතලයක් ගැන කතා කරනවා.. ඇස් කණ්නාඩි දෙකක් දැම්මොත් හොඳ නැද්ද හැලපෙ?

      @ වරත්තු නරියා,

      හිටපිය තව දවස් ‍දෙකක් ඉවසලා.. පැ‍ලෙන්ට කන්ට දෙඤ්ඤං.

      Delete
    7. @හැලපේ,

      බතල? හී හී...පොඩ්ඩිට නම් ඉස්සර බතල, මුං ඇට, කඩල ඔය මුකුත් පෙන්නන්ට බෑලු. දැන් නම් යන්තම් කනවා කන්ට දෙයක් නැත්නම්.

      Delete
    8. @NM,

      කැලෑ කොල දාලා, පැනි දම, දම, එලු ගාතයක් රෝස්ට් කරලා, කොමඩු, දෙලුම්, ප්ලම්, නම නොදන්න පලතුරු ගැන කෑල්ලක් ලියලා ඉවර කලා විතරයිලු. :P

      Delete
  4. මේකෙ ඉන්න අයගෙ ( ජොන්, ජෙන්ඩ්‍රි ) වගේ අයගෙ වයසයි පෙනුමයි බැලුවහම හිතෙනව මේක පකිස්තානෙ ගෝත්‍ර ප්‍රදේශයෙ කතාවක් වගේ කියල. අඩු ගණන ඔය ඇක්ටර්ස්ල බර්ත් සර්ෆිකේට් හැදුවෙ එහෙද දන්නෙ නෑ. ( සහීඩ් ඇෆ්‍රීඩිව - අවු 16- 17දී - මතක්වෙනව )

    ReplyDelete
    Replies
    1. ඇෆ්රිඩිට වයස තාම විසිනමයද තිහද කොහෙදලු. එහෙ බී සී නෑලුනෙ.

      Delete
    2. බාලවයස්කාර කේස් වැඩියි වගේනේ.ලංකාවේ උනානම් ළමා රක්ෂකයෙන් නඩු දාලා.:D

      Delete
    3. ජෙන්ඩ්‍රිට ඇෆ්‍රීඩිගෙත් මහප්පගෙ වයස වගේ පින්තූරෙනම් පේන්නෙ
      මෙතන ඉන්න සමහර භයානක අයට ජොන් heartthrob එකක් නිසා ඌ ගැන මොනවත් කියන්න බයයි. (psst ඒත් ඌත් PoMගේ බාප්ප වගේ පේන්නෙ )

      Delete
    4. Thanku thanku. PoM Nam thaama Podi ekek Lu :)

      Delete
    5. දැන් Pra Jay කියන්නෙ, අවුරුදු දාහතරක කෙලි පොඩිත්තියක් නිළියට අරන් අර ඩනේරිස් කරන ජාති කරලා පෙන්නන්ට කියන්ටෙයි කියලද? :-)

      Delete
    6. @PoM,

      කට්ටිය මෙහෙම හිතාගෙන ඇතිනේ? :P

      Delete
    7. @ප්‍රා,

      ජොන්ට මොනවත් කියන්නේ නෑ ඔන්න. ගෑනු කට්ටිය එක්කම සටන් කරන්ට වෙයිලු :D

      Delete


    8. පොඩි එකෙක් තමයි. පොඩ්ඩක් විතර දිලිසෙනව හැබයි

      Delete
  5. දැන්,දැන් කුතුහලේ එන්ට එන්ට වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. @මනෝජ්,

      මටත් මේ කතාව කියවද්දි, හරියටම මෙතනදි ඔහොම හිතුණා. ඒ රහස හොය හොයා පොතේ පිටු පෙරලගෙන යන්ටමත් හිතුණා. ඒත් එහෙම කලේ නෑ.

      Delete
  6. අනේ මන්දා මේ පොත ලිව්ව කෙනා මොන තරම් දේවල් විස්තර කරනවද කියල. ඇඳුම් , පරිසරය , පුද්ගලයො විතරක් නෙවෙයි කෑම බීම පවා. පරිවර්තකයිනුත් ඒ වගේම දක්ෂයි, ඒ නිසානේ ඒ අපිට මැවිල පේන තරම් විස්තර කරල තියෙන්නෙ ......

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් විශේශයෙන්ම කෑම බීම ගැන

      Delete
    2. අර හැලපෙ අයියට ඇහෙයි , කෑම ගැන කතා කරන්න එපා :)

      Delete
    3. මටනම් සමහර වෙලාවට මාර්ටින් ලොක්කත් එක්ක ෆුල් මල.. ඇයි අප්පා, වැඩි විස්තර වර්ණනා නැතුව කියන කතාවක් කියාපියකො.. මේ අපි එපායැ අප්පා ඕවා ඔක්කොම ටයිප් කරන්ට..

      Delete
    4. @PJ,

      කොහෙද අප්පා ඉන්නේ? මෙන්න මෙතන මොනාද වෙනවෝ...:P

      Delete
    5. @බුරා,

      මගේ ඇසුත් රිදෙනවා. :(

      කන්නාඩි දාන්ට වුනොත් එහෙම මාටින් ගොය්යට නඩු දානවා.

      Delete
    6. කන්නාඩි දාල හරි කමක් නැහැ , දෙන්නත් එක්ක අපිට ඔය කතාව ඉක්මනට කියවන්න පරිවර්තනය කරල දෙන්න :)

      Delete
  7. "ඇපල් ඇපල්! හොඳම ඇපල්! ලාබයි ඇපල්!", "කොමඩු! පැණි කොමඩු! මී පැණි වගේ රහ කොමඩු!", "ටර්නිප්, ලූණු, අල ජාති, මුල් ජාති! එන්ට ගන්ට!"

    මහනුවර මාකට් එක ලඟ හිටිය මතකයි මෙයා.

    ReplyDelete
    Replies
    1. ගෙදර යන ගමන් මුල් ජාති ටිකක් අරගෙන යන්ට ඕනෑ

      Delete
    2. මහනුවර මාර්කට් එක ළඟ ටර්නිපුත් විකුණනවද? :-)

      Delete

    3. ඇයි නුවර ටර්නිප් නැද්ද? :O

      Delete
    4. ඇයි ලංකාවේ ටර්නිප් නැද්ද ?

      Delete
  8. පසුමුණ කියන්නෙ පෙරමුණ විරුද්ධ පදේද හැබෑට... රජතුමාගෙ අලුත් හස්තෙ යන්නෙත් පරණ හස්තෙ ගිය පාරෙම නම් ඕව කොහෙන් කෙලවර වෙයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. "පසුමූණ" අදමයි ඇහුවෙ.
      බකමූණෙක්නම් හිටිය ඉස්සර (අන්තිමට දකිනවිට ඇඳසිටියේ පටි සහිත තාරා ලෙසය.)

      Delete
    2. ඉස්සර විතරක් නෙමෙයි දැනුත් ඉන්නවා:). එනවා , බලනවා , පස්සෙ හෙමීට ලුහුටලා යනවා.

      ඔය ඇලහැර පැත්තෙ තියනවා නේද බකමූණ කියලා ගමක්? එක්කෝ එහෙ ඉන්න කස්ටිය බස්සො,බකමූණොන්ට නෑඳැ කමක් ඇති

      Delete
    3. මට නම් හිතෙන්නේ හස්ත දෙකටම ටිකක් නුහුගුණේ වගේ


      Why is ser Bastian so shy all of a sudden? May be the pressure of being the kings leg affecting the poor bird

      Delete
    4. shy??? මඟුලක් කියනවා. shy නෙමෙයි බොල, බය, නෑ මේ ගවුරවේ. අර හැලපයා ආ වෙලාවෙ ඉඳලම කන්න ඉල්ලනවා ,කෝ බොලා දෙනවද? නෑ නෙ?

      ඔය බඩ සාගින්නෙ ඉන්න වෙලාවක , මාව පෙනුන තාරාවෙක් විදිහට? මොන දෙයියන්ට කියන්නද , රෝස් කරයි කෙලින්ම :)

      Delete
    5. Yeah , with some honey and butter an owl would go down nicely

      Delete
    6. හස්ත දෙකටම තියෙන ප්‍රශ්නෙ තමා දෙන්නම අවංක වැඩියි. හිතන්නෙ මේ ලෝකෙ හරිම සුන්දර, අවංක, නිර්ව්‍යාජ මිනිස්සුන්ගෙන් පිරිච්ච තැනක් කියලා.

      Delete
    7. හස්ත දෙකටම හරි ගුණේ. යන්නෙත් එකම පාරේ. :)

      Delete
    8. @ Pra Jay

      හා , ආවද ? ඔන්න කැමති එක ‍තෝරගන්ට

      Duck Vs Duct

      Delete
  9. ." ඒත් ඒකට සමාව ඉල්ලන්ට උවමනා නෑ.". මම ඒකට සමාව ඉල්ලන්නේ නෑ කියලා වෙනස් වෙන්ට ඔනෑ නේද?

    ReplyDelete
    Replies
    1. එතන පැටලෙනවා පැටලෙනවා ව‍ගේද?

      Delete
  10. වීඩියෝ එකෙන් කපලා අරන්ද අර චරිතවල පින්තූර ගත්තෙ. සමහරවිට නිශ්චල ඡායාරූප ඇති ජාලයේ. පින්තූර ටිකක් එකතුවුනාම චිත්තරූප මැවීම වඩාත් සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. පින්තූර එකතු වුනාම චිත්තරූප වලට කෙළවෙනවා නොවැ...

      Delete
    2. ජාලෙන් තමා පින්තූරු ගන්නෙ විචාරක.. වීඩියො එකෙන් කපලා ගන්ට!? හම්මේහ්! මේ තියෙන වැඩ මදිවට... :-D

      Delete
    3. නෑ නෑ සෙන්නා, මම කියන්නේ පින්තූර මහා ගොඩක් නෙවෙයි. දෙකතුනක් දැම්මට වැරද්දක් නැහැ කියලයි.

      Delete
  11. මට මේ කතාව කියවන්න පටන් ගද්දිම බයක් තිබුනා කවදා හරි මේ චරිත ගොඩ සේරම පැටලෙයිද කියලා... අද ඒක වුනාද කොහෙද...
    ජේනස්, හාර්වින්, ජොරී, පෝතර්, වාර්ලි , ජැක්ස් , ටොමාර්ඩ් , ඩෙස්මන්ඩ් , බෙරික් ඩොන්ඩරියන්, ලෝරාස් ටිරල්, ටොබ්හෝ, ස්ටැනිස්, ජෙන්ඩ්‍රි අම්මෝ මේ සේරම මට අලුත් චරිත... ඊලඟ චැප්ටර් එකට ගෙදරවැඩ කරගෙන එන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මේ ලමයා මෙහෙමමයි. පන්තියට ආවාම ගෑනු ලමයි ඉන්න දිහා හැරි, හැරී බලනවා මිසක් වෙන වැඩක් නෑ. ඊලඟ දවසේ කෝටුවක් ගේනවා "ගෙදර වැඩ" කරගෙන එන්නේ නැති ලමයින්ට ගහන්ට.:P

      Delete
    2. Poddi madam :P
      Batti madam Nam hitiya ape iskole :)

      Delete
  12. ඈ බං බුරෝ.. පොඩ්ඩිව ඇපල් දොඩං විකුණන්න දැමිල්ලනං හරි නැහැ ඕං.. මෙව්වා කිරිමෙල් කේස් ඈ.. :D

    හා හා ඊළඟ කියලා කියන්න හැටියක් නැහැ.. අනිකත් තියෙනවා මං දැක්කා.. අදයි බලන්න උනේ.. හිටහං ඒකත් බලලාම ඉන්ට.. :D

    ReplyDelete