Wednesday 1 October 2014

ඩනේරිස් 03-2


ක්‍රැක්!

කස හඬ හෙණ පහරක් මෙන් ඇසින. විසේරිස් ගේ බොටුව වටා දරණුවක් මෙන් එතී ගිය කසය ඔහුව පසුපසට ඇද දැමී ය. ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුනේ තෝන්තුවාවෙන් හුස්ම ගත නොහී දඟලන්නට විය. එයින් නිදහස් වීමට ඔහු කරන වෑයම දුටු ඩොත්රැකි අසරුවෝ හූ තලමින් සිනාසුනහ. කසය අතැතිව සිටි තරුණ ජෝගෝ ප්‍රශ්නයක් ඇසී ය. ඩැනීට ඔහුගේ ප්‍රශ්නය නොතේරුනු මුත් මේ වනවිට ඉරී ද සෙර් ජෝරා ද අනෙකුත් සෙබළුන් ද එහි ළඟා වී සිටියහ. "ජෝගෝ අහනවා ඔබට එයාව මරලා දාන්ට ඕනිද කියලා ඛලීසි?" ඉරී කීවා ය.

"නෑ." ඩැනී පිලිතුරු දුන්නාය. "නෑ."

ජෝගෝ එය තේරුම් ගත්තේ ය. තවෙකෙකු පැවසූ යම් විහිළුවකට ඔවුන් සැවොම හඬ නගා සිනාසුනහ. "ක්වෝරෝ හිතනවා ඔබට ගරු කරන්නෙ කොහොමද කියලා උගන්නන්ටත් එක්ක එයාගෙ කණක් කපමුයි කියලා." ඉරී පහදා දුන්නා ය.

ඇගේ සොහොයුරා දණින් වැටී සිටියේ අතැඟිලිවලින් සම් දරණුව අදිමින්, හුස්ම ගැනීමට දඟලමින්, ආකූල ලෙසකින් හැඬී ය. කසය ඔහු ගේ උගුරුදණ්ඩ වටා තදින් එතී තිබින.

"එයාලට කියන්ට මට එයාට කිසිම කරදරයක් කරන්ට උවමනා නැහැයි කියලා." ඩැනී කීවා ය.

ඉරී ඇගේ වදන් ඩොත්රැකි භාෂාවට පෙරලුවා ය. ජෝගෝ කසය ගස්සා ඇද්දේ විසේරිස් නූලකින් එල්ලෙන රූකඩයක් මෙන් කරකවමිනි. හම් දරණුවෙන් ගැලවුනු ඔහු නැවතත් හතර ගාතයෙන් ඇද වැටුනේ ය. කසයට තියුණුව කැපුනු ඔහු ගේ නිකට යටින් සිහින් රුධිර ධාරාවක් ගලන්නට විය.

"මේක මෙහෙම වෙයි කියලා මම එයාට අවවාද කලා මගේ ආර්යාවනි." සෙර් ජෝරා මෝර්මන්ට් පැවසී ය. "ඔබ අණ කරපු විදියට කඳුගැටය මුදුනෙම ඉන්ටයි කියලා මම එයාට කිවුවා."

"ඔබ එහෙම කරපු බව මම දන්නවා." ඩැනී විසේරිස් දෙස බලාගෙන පිළිතුරු දුන්නා ය. හඬනගා හුස්ම ගනිමින්, රතු වූ මුහුණෙන් යුතුව, ඉකිබිඳිමින් ඔහු බිම වැතිර සිටියේ ය. ඔහුගෙන් දිස්වූයේ බැගෑපත් කාලකණ්නියෙකු ගේ පෙනුමකි. ඔහු සැමදාමත් එවැන්නකු විය. ඇයට එය මීට පෙර නොපෙනුනේ මන්ද? වෙනදා ඔහු නිසා ඈ තුළ ඇතිවන බිය වෙනුවට අද එතැන තිබුනේ කුමක්දෝ හිස් බවක් පමණි. 

"එයාගෙ අශ්වයා ගන්ට." ඩැනී සෙර් ජෝරාට අණ කලා ය. විසේරිස් මුව අයාගෙන ඇය දෙස බලා උන්නේ ය. තමාට මේ ඇසෙන දේ ඔහුට විශ්වාස කල නොහැකි විය. තමා මේ කියන්නේ කුමක්දැයි ඩැනීටද විශ්වාස කල නොහැකි විය. එනමුදු ඇයටත් නොදැනීම එවදන් මුවින් පිටවිය. "මගේ සහෝදරයා අපේ පිටිපස්සෙන් ඇවිදගෙන ආපුවාවෙ." අසු පිට නොයන මිනිසා මිනිසකු නොවේයයි මතයක් ඩොත්රැකියන් අතර විය. එවැන්නකු කිසිදු ආත්ම අභිමානයක් හෝ ගෞරවයක් නොමැති පහත්ම පහත් පුද්ගලයකු ලෙස සැලකින. "හැමෝම දැකගත්තාවෙ එයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා."

"නෑ!" විසේරිස් කෑගැසුවේ ය. ඔහු සෙර් ජෝරා දෙසට හැරී, ඩොත්රැකියන්ට නොතේරෙන ලෙස පොදු භාෂාවෙන් ආයාචනා කලේ ය. "ඒකිට ගහපං මෝර්මන්ට්. ඒකිට රිද්දපං. උඹේ රජතුමයි මේ අණදෙන්නෙ. මේ ඩොත්රැකි බල්ලො ටික මරලා දාලා මේකිට පාඩමක් උගන්නපං."

පිටුවහල් වූ නයිට්වරයා ඩැනී දෙසද ඇගේ සොහොයුරා දෙසද බැලී ය. පාවහන් රහිත, කුණු පිරුණු පා ඇඟිලි හා හිසේ තෙල් ගැල්වූ ඇය සහ සේද රෙද්දෙන් හා සන්නාහයෙන් සැරසුනු ඔහු. ඔහු තීරණයකට එළැඹි බැව් ඩැනී ඔහු ගේ මුහුණින් දුටුවාය. "එයා ඇවිදියි ඛලීසි." ඔහු ඇගේ සොහොයුරා ගේ අසු ගන්නා අතර ඩැනී නැවත සිල්වර් මත නැග්ගා ය.

බිම කුණු ගොඩේ හිඳ සිටි විසේරිස් ඔවුන් දෙස මුව අයා බලා උන්නේ ය. ඔහු නිසලව සිටි තැනම හිඳ ඔවුන් පිටව යන අයුරු බලා සිටි අතර ඒ දෑස් ද්වේෂයෙන් පිරී තිබින. ඉක්මණින්ම උස් තණ ගස් අතර ඔහුව නොපෙනී ගියේ ය. ඔවුන්ට ඔහුව කිසිසේත්ම දැකිය නොහැකි වූ විට ඩැනී බියපත් වූවාය. "එයාට ආපහු එන්ට පාර හොයාගන්ට පුලුවන් වෙයිද?" අසුන් මෙහෙයවන අතරතුරේදී ඇය සෙර් ජෝරාගෙන් ඇසුවා ය.

"ඔබේ සොහොයුරා වගේ අන්ධයෙකුට වුනත් අපේ අඩි පාර හොයා‍‍ගෙන එන්ට පුළුවන්."

"එයා ආඩම්බරයි. එයා ආපහු එන්ට ලැජ්ජා වෙන්ට පුලුවනි."

ජෝරා සිනාසුනේ ය. "එයා වෙන කොහේ කියලා යන්ටද? එයාට ඛලසාර් එක හොයාගන්ට බැරි වුනොත් ඛලසාර් එක එයාව හොයාගනීවි. ඩොත්රැකි මුහුදේ ගිලෙන එක හරි අමාරු වැඩක් දරුවෝ."

එහි ඇති සත්‍යය ඩැනී දුටුවා ය. ඛලසාරය යනු ගමනේ යෙදෙන නගරයක් බඳු විය. එහෙත් එය අපරීක්ෂාකාරීව ඉබාගාතේ ගමන්ගත්තක් නොවී ය. නිතරම පාහේ ප්‍රධාන කණ්ඩායමට ඉදිරියෙන් ගමන් කල චරපුරුෂයෝ දඩයම්, ගොදුරු හෝ සතුරන් හෝ ගැන අවධානයෙන් පසුවූහ. තවත් භට කණ්ඩායම් දෙකක් ඔවුන් ගේ දෙපස ආරක්ෂා කලහ. ඔවුනට කිසිදු දෙයක් මග නොහැරින. විශේෂයෙන්ම මෙතැන, ඔවුන් ඉපැදුනු, ඔවුන් හැදුනු වැඩුනු මෙම භූමියෙහි සෑම බිම අඟලක්ම ඔවුහු මනාව දැන සිටියහ. මේ තැනිතලාව ඔවුන් ගේ ජීවිතයේ කොටසක් විය... දැන්, ඇගේ ජීවිතයේ ද කොටසක් විය.

"මම එයාට ගැහුවා!" ඩැනී මවිතයෙන් පැවසුවා ය. දැන්, හැමදේම  අවසාන වූ පසු ඇයට දැනුනේ ඒ සියල්ල තමා දුටු අද්භූත සිහිනයක් බවය. "සෙර් ජෝරා, ඔබ හිතනවාද... ආපහු ආවට පස්සේ එයාට ගොඩක් තරහ යයි නේද?" ඇගේ සිරුර වෙව්ලීය. "මම මකරාව නැගිට්ටෙව්වා. එහෙම නේද?"

සෙර් ජෝරා උගුරෙන් හඬක් නැගීය. "ඔබට මළගියවුන් නැගිට්ටවන්ට පුලුවන්ද දරුවා? ඔබේ සහෝදරයා රේගාර් තමා අන්තිම මකරා. ඒත් එයා ගංගා ත්‍රිශූලයේදී මැරුනා. විසේරිස් කියන්නෙ සර්පයෙකුගෙ හෙවනැල්ලටත් වඩා පහත් කෙනෙක්."

ඔහුගේ සෘජු වදන් නිසා ඇය තිගැස්සුනා ය. එය හරියටම ඇය මෙතෙක් කල් සත්‍යයැයි විශ්වාස කල සෑම දෙයක්ම ප්‍රශ්නකාරී වුවාක් මෙනි. "ඔබ.. ඔබ ඔහුට සේවය කරනවා කියලා දිවුරුවා.."

"මම එහෙම කලා තමා දරුවෝ. ඒත් ඔබේ සොහොයුරා සර්පයෙකුගේ හෙවනැල්ලකටත් වඩා පහත් නම් එයාගේ සේවකයන් ගැන මොනවද කියන්ට තියෙන්නෙ?" ඔහු අමිහිරි ස්වරයෙන් කීවේ ය.

"ඒත් එයා තමා තාමත් ඇත්ත රජතුමා. එයා තමා..."

අසු නැවතූ ජෝරා ඇය දෙස බැලීය. "ඇත්ත කියන්ට. විසේරිස් සිංහාසනයක ඉඳගෙන ඉන්නවා දකින්ට ඔබට ඕනද?"

ඩැනී ඒ පිලිබඳව මඳක් සිතා බැලුවා ය. "එයා හොඳ රජෙක් වෙන එකක් නෑ‍. එහෙම නේද?"

"ඔයිට වඩා නරක අයත් හිටියා... ඒත් මහ ගොඩක් නෙවෙයි." අසුට සන් කල ඔහු නැවත ගමන ආරම්භ කලේ ය.

ඩැනී ඔහුට ආසන්නයෙන් අසු මෙහෙයුවා ය. "ඒ වුනත්... සාමාන්‍ය මිනිස්සු එයා එනකම් බලා ඉන්නවා. මැජිස්ටර් ඉල්ලීරියෝ කියන විදියට එයාලා මකර කොඩි මහනවා. විසේරිස් පටු මුහුද තරණය කරලා එයාලා බේරගන්ට එන්ටයි කියලා යාඥා කරනවා."

"සාමාන්‍ය මිනිස්සු යාඥා කරනවා වැස්ස ලැබෙන්ටයි කියලා. නිරෝගී ළමයි ලැබෙන්ටයි කියලා. කවදාවත් ඉවරවෙන්නෙ නැති ගිම්හානයක් ලැබෙන්ටයි කියලා. නිදහසේ සමාදානෙන් ඉන්ට තියෙනවනං උන්ට වගක් නෑ කවුද රටේ රජකරන්නෙ, මොන උත්තමයද සිහසුනට තරග වදින්නෙ කියලා." ඔහු දෙවුර ඇකිළී ය. "ඒත් උන්ට කවදාවත් එහෙම සාමයෙන් ඉන්ට ලැබෙන්නෙ නෑ."

ඩැනී ටික මොහොතක් නිහඬවම අසු ධාවනය කලේ ඔහු ගේ මේ වදන් ප්‍රහේලිකා විසඳීමට තැත් කරමිනි. විසේරිස් ඇයට කියා තිබුනු සෑම දෙයකටම වඩා මෙය වෙනස් විය. තමන්ව පාලනය කරන්නේ සැබෑ රජෙක් ද නැතහොත් රජකම පැහැරගත් එකෙක් ද යන්න සාමාන්‍ය ජනතාවට වැදගත් දෙයක් නොවන බව! එනමුදු ජෝරා ගේ වචන ගැන සිතා බලන්නට බලන්නට එය සැබෑවක් බව ඇයට තේරින.

"ඔබ යාඥා කරන්නේ මොනව ලැබෙන්ටයි කියලද සෙර් ජෝරා?"

"ගෙදර යන්ට ලැබෙන්ටයි කියලා." ඔහුගේ වදන් ලාලසාවෙන් පිරී තිබින.

"මමත් යාඥා කරන්නේ ඒකමයි."

සෙර් ජෝරා සිනාසුනේ ය. "එහෙමනම් පොඩ්ඩක් අවට බලන්ට ඛලීසි."

අවට බැලූ ඩැනී දුටුවේ තැනිතලා නොව කින්ග්ස් ලෑන්ඩින්ග් සහ  ජයග්‍රාහක ඒගොන් විසින් තනවන ලද රතු බලකොටුව ය. ඇය ඉපදුනු ඩ්‍රැගන්ස්ටෝන් ය. ඇගේ මනසේ ඇඳුනු මේ රූ පහන් දහසක එළියෙන් බැබලින. සෑම කවුළුවකම පහනක් දැල්වුනු අතර සෑම දොරක්ම රතුපාට විය.

"මගේ සහෝදරයා කවදාවත් රාජධානි සප්තකය ආයෙමත් අල්ලගන්නේ නෑ." බොහෝ කලෙක සිට තමා හදවතින් මේ බව දැන සිටි බැව් ඇය තේරුම් ගත්තා ය. සිය මුලු ජීවිත කාලය පුරාවටම ඒ බැව් දැන සිටියා ය. එනමුදු ඒ බව වදනින් නොව කෙඳිරිල්ලකින්වත් පිට නොකිරීමට ඇය වග බලාගෙන තිබින. එහෙත් දැන් ඇය සෙර් ජෝරාටත් මුලුමහත් ලෝකයටමත් ඇසෙන සේ ඒ බව ප්‍රකාශ කලා ය.

සෙර් ජෝරා ඇයව මැන බලන අන්දමේ බැල්මක් හෙලී ය. "ඔබ හිතන්නේ එහෙමද?"

"මගේ සැමියා හමුදාවක් දුන්නත් එයාට ඒ හමුදාව මෙහෙයවන්ට හැකියාවක් නෑ. එයාට සල්ලි නෑ. එයාගෙ පස්සෙන් යන එකම එක නයිට්වරයත් එයා සර්පයෙකුගේ හෙවනැල්ලටත් වඩා පහත් කියලා එයාට අපහාස කරනවා. ඩොත්රැකියො එයාගෙ දුර්වලකම් ගැන හිනාවෙනවා. එයා කවදාවත් අපිව ගෙදර ගෙනියන්නේ නෑ."

"නුවණක්කාර දරුවා." නයිට්වරයා මඳ සිනහවක් පෑවේ ය.

"මම දරුවෙක් නෙමෙයි." ඩැනී පරුෂ ස්වරයෙන් කීවා ය. ඇය වෙළඹ ගේ ඇළපතට විළුඹින් සන්කලෙන් සිල්වර් පිම්මේ දුවන්නට වූවා ය. ජෝරා, ඉරී සහ අනිකුත් අය පසු කරමින් ඇය වේගයෙන් ඉදිරියට ඇදුනා ය. උණුසුම් සුළං ඇගේ කෙහෙරැළි අතරින් රිංගා ගිය අතර බැස යන හිරු ගේ රත්පැහැය ඇගේ මුහුණ සිප ගති. ඇය ඛලසාරය වෙත ලඟා වන විට සන්ධ්‍යාව එළඹ තිබින.

වහලුන් විසින් උල්පත් දියෙන් පෝෂණය වූ පොකුණු ඉවුරක ඇගේ කූඩාරම අටවා තිබින. උස් බිමක පිහිටුවා තිබුනු තෘණ මාලිගාව තුළින් රළු කටහඬවල් ඇසින. අද දින තැනිතලාවේදී සිදූ වුනු දේ ඇගේ ඛාස් එකේ සෙබළුන්ගෙන් අසා දැනගත් විට එතුළින් සිනා හඬ නැගෙනු නොඅනුමානය. විසේරිස් බකල ගසමින් ඔවුන් අතරට නැවත පැමිණෙන මොහොත වන විට කඳවුරේ ඉන්නා සෑම මිනිසෙකුම, ගැහැණියකම හා ළමයෙකුම ඔහුගේ පා ගමන ගැන දැනගන්නවා ඇත. ඛලසාරය තුළ කෙදිනකවත් රහස් නොවීය.

සිල්වර් පිරිසිදු කිරීම වහලුන්ට පැවරූ ඩැනී සිය කූඩාරමට ඇතුළු වූවා ය. සේදයෙන් තැනූ කූඩාරම් රෙද්ද යට වූයේ සිසිලසක් හා මඳ අඳුරු බවකි. තමාට පිටුපසින් දොර පියල්ල වසා දමද්දී ඇයට දකින්නට ලැබුනේ කූඩාරම හරහා ඇදුනු ධූලිමය රතු ආළෝක දහරාවක් ඇගේ මකර බිත්තර ස්පර්ශ කරන අයුරු ය. එක් නිමේෂයකදී ලේ රතු පැහැ ගිනි දල්ලක දහසක් ලේ බිඳු ඇගේ දෑස ඉදිරියේ පිහිනන්නාක් මෙන් ඇයට දැනින. ඈ ඇසිපිය හෙලූ අතර ඊළඟ මොහොතේ ඒ සියල්ල නොපෙනී ගියේ ය.

"ගල්." ඈ තමාටම කියාගත්තා ය. "ඒවා නිකංම නිකං ගල් විතරයි." ඉල්ලීරියෝද ඒ බැව් පැවසී ය. සියලුම මකරුන් මියගොස් ඇත. ඇය කළු පැහැ බිත්තරය මත අත තබා කටුවේ නැම්ම ඔස්සේ අතැඟිලි විහිදෙවුවා ය. ගල තරමක් උණුසුම්, සැබැවින්ම නම් රත් වූ ගලක් මෙන් උණුසුම් විය. "ඉර!" ඈ මිමිනුවා ය. "ගමන අත‍රතුරේදී ඉරේ රස්නෙ නිසා ඒවා රත් වෙනවා."

ස්නානයට සූදාණම් කරන මෙන් ඇය සේවිකාවන්ට අණ කලා ය. ඩෝරියා කූඩාරමින් පිටත ගිනි මැලයක් දැල්වූ අතර තවත් මංගල තෑග්ගක් වූ විශාල තඹ නාන ඔරුව තවලම් අසුන් පිටින් බාගත් ඉරී හා ජික්වී ඊට පොකුණෙන් ගෙනා ජලය පිරවූහ. ජලය උණු වෙද්දී ඇයව ඔරුවට නැගීමට උදවු වුනු ඉරී ඒ පසුපසින් නාන ඔරුවට ඇතුළු වූවා ය.

"ඔබලා කවදා හරි මකරෙක් දැකලා තියෙනවද?" ඉරී ඇගේ පිට අතුල්ලන අතරේ, ජික්වී හිසේ වූ වැලි සෝදා හරින අතරේ ඩැනී ඇසුවාය. මුල්ම මකරුන් නැගෙනහිර දෙසින්, අශයීවලට එහායින් වූ සෙවනැලි දේශයෙන් හා ජේඩ් මුහුදුබඩ දූපත්වලින් පැමිණියවුන් බව ඇය අසා තිබින. සමහරවිට ඔවුන් තවමත් මේ අද්භූත වනචාරී දේශයන්හි ජීවත්වනු විය හැක.

"මකරු වඳ වෙලා ගිහිල්ලා ඛලීසි." ඉරී කීවාය.

"මැරිලා. ගොඩක් කාලෙකට කලින්." ජික්වී එකඟ විය.

විසේරිස් ඇයට කියා දී තිබුනු අන්දමට නම් අවසන් ටාර්ගේරියන් මකරුන් මියගොස් තිබුනේ මීට සියවස් එකහමාරකට ඉහතදී, මකරවිනාශක ඒගොන් ගේ රාජ්‍ය සමයේදී විය. එය එතරම් දිගු කාලයක් ලෙස ලෙස ඩැනීට සිතුනේ නැත. "හැම තැනකම?" ඈ බලාපොරොත්තු කඩවූ ලීලාවෙන් ඇසුවා ය. "නැගෙනහිර පැත්තෙත්?" වැලීරියාවේ සහ දිගු ගිම්හාන දේශයේ විනාශයත් සමගින් බටහිර දිශාවේ වූ මායාබල සහමුලින්ම මෙන් නැති වී ගොස් තිබින. මන්ත්‍රශාස්ත්‍රයෙන් පන්නරය තැබූ වැලීරියන් වානේවලට හෝ කුණාටු ගායකයින්ට හෝ මකරුන්ටවත් මේ බිඳවැටීම නතර කල නොහැකි විය. එහෙත් නැගෙනහිර ඊට වඩා වෙනස් බව ඩැනී නිතර අසා තිබින. ප්‍රවාද වලට අනුව ජේඩ් මුහුදුබඩ දුපත්වල මැන්ටිකෝරයන් සෙවිල්ලෙන් ඇවිදිති. යිටීහි වනාන්තර තුළ බෝදිලිමුන් රැස් කති. අශයීහි හදි හූණියම්කරුවන්, ඉන්ද්‍රජාලිකයන් සහ ගුප්ත විද්‍යාධරයන් එළිපිටම තම මායාශාස්ත්‍ර ප්‍රගුණ කරති. සෙවනැලිබන්ධකයන් සහ රුහිරුමායාකරුවන් රාත්‍රි අන්ධකාරයේ සැඟවී සිය බිහිසුණු යන්ත්‍රමන්ත්‍ර හා කොඩිවිණ සිදුකරති. එසේනම් එහි මකරුන් නැතිවිය හැක්කේ කෙසේද?

"මකරු නෑ." ඉරී කීවාය. "නිර්භීත මිනිස්සු උන්ව මරලා දැම්මා. මකරු කියන්නේ දරුණු, දුෂ්ට සත්තු ජාතියක්. ඒක හැමෝම දන්න දෙයක්."

"ඒක දන්න දෙයක්." ජික්වී එකඟ වූවා ය.

"ඛාර්ත් වලින් ආපු වෙළෙන්දෙක් මට කීවා මකරු ඇවිත් තියෙන්නෙ හඳෙන් කියලා." ගින්නට ඉහළින් අල්ලා තුවායක් උණුසුම් කරමින් ඩෝරියා පැවසුවා ය. ජික්වී සහ ඉරී ඩැනී ගේ වයසේම වූ ඩොත්රැකි දැරියන් වූහ. ඩ්‍රෝගෝ විසින් ඔවුන් ගේ පියා ගේ ඛලසාරය විනාශ කල පසු ඔවුන් වහලුන් ලෙස අත්අඩංගුවට ගෙන තිබින. ඩෝරියා ඊට වඩා වයසින් වැඩි අවුරුදු විස්සක පමණ කෙල්ලක වූ අතර මැජිස්ටර් ඉල්ලීරියෝ විසින් ඇයව සොයාගෙන තිබුනේ ලයිස් හි ගණිකා මඩමක සිටියදී ය.

ඩැනී කුතුහලයෙන් හිස හරවා ඈ දෙස බලද්දී, රිදීවන් තෙත් කෙහෙරැළි ඇගේ දෑස් හරහා වැටින. "හඳෙන්?"

"එයා මට කීවේ හඳ කියන්නේ බිත්තරයක් කියලයි ඛලීසි." ලයිසෙනී තරුණිය පැවසුවා ය. "එකමත් එක කාලෙක අහසේ හඳවල් දෙකක් තිබුණලු. ඒකෙන් එකක් ඕනවට වඩා ඉරට කිට්ටුවෙන්ට ගිහින් ඒකේ රස්නෙන් පිපිරුණාලු. එතනින් දාස් ගානක් මකරු එළියට ඇවිල්ලා ඉරෙන් ගින්දර උරා බිවුවලු. ඒක හන්දා තමා මකරු හුස්ම ගන්නකොට ගින්දර පිට කරන්නේ. කවදහරි දවසක අනිත් හඳත් ඉරට කිට්ටු වෙනවලු. එදාට ඒකත් පුපුරලා තවත් මකරු එයි." ඩොත්රැකි තරුණියන් දෙදෙනා කිචිබිචි ගාමින් සිනාසුනහ. "ඔයා නම් ඔළුවෙ පිදුරු පිරිච්ච මෝඩ වහලියක්." ඉරී කීවාය. "හඳ කියන්නේ බිත්තරයක් නෙමේ. හඳ කියන්නෙ දෙවියෙක්. හිරු දෙවියා ගේ බිරිඳ. ඒක හැමෝම දන්න දෙයක්."

"ඒක දන්න දෙයක්." ජික්වී එකඟ වූවාය.

ඩැනී නාන ඔරුවෙන් පිටතට එද්දී ඇගේ සම ප්‍රමුදිතව, රෝස පැහැයෙන් බැබලින. ගතේ තෙල් තැවරීමට හා සමේ කුඩා සිදුරු හොඳින් පිරිසිදු වී කුණු ඉවත්වන සේ සම්බාහනය කිරීම සඳහා ජික්වී ඇයව බිම වැතිරවූවා ය. ඉන්පසු ජික්වී කුරුඳු හා වෙනත් සුගන්ධකාරකයන් ඇගේ සිරුර පුරා ඉස්සා ය. ඇගේ කෙහෙරැළි සේද මෙන් දිදුලන තුරු ඩෝරියා ඇගේ හිස පීරද්දී ඇය හඳ, බිත්තර සහ මකරුන් ගැන කල්පනා කලා ය.

ඇගේ රාත්‍රී ආහාර වේල පළතුරු, චීස් සහ බදින ලද පාන්ද, මී පැණි මුසු වයින්වලින්ද සමන්විත වූ සරල එකක් විය. "ඩෝරියා, මගෙත් එක්ක ඉඳලා කෑම කන්ට." අනෙකුත් සේවිකාවන් ඉවත යවමින් ඇය අණ කලා ය. මේ ලයිසෙනී තරුණියට පැණි පැහැ කෙස්කළඹක් හා ගිම්හානයේ අහසක් මෙන් නිල්වන් දෑසක් හිමිව තිබින.

ඔවුන් දෙදෙනා තනි වූ විට ඈ සිය නිල් දෑස් බිමට හරවා ගත්තා ය. "මේක මට විශාල ගෞරවයක් ඛලීසි." ඇය කීවා ය. එහෙත් එය ගෞරවයක් නොව රාජකාරියක් පමණක්ම විය. සඳ නැග බොහෝ වේලා ගතවන තුරු ඔවුහු බිම හිඳගෙන කතා කරමින් හුන්හ.

එදා රැයෙහි ඛාල් ඩ්‍රෝගෝ පැමිණෙන විට ඩැනී පොරොත්තුවෙන් බලා උන්නාය. ඔහු කූඩාරමේ දොර අසල නැවතී ඇය දෙස පුදුමයෙන් බැලීය. සෙමෙන් නැගිට සිටි ඇය සිය රාත්‍රී ඇඳුම විවරකොට ඒවා බිම වැටෙන්නට ඉඩ හැරියාය. "අද රෑ අපි එළියට යන්නට ඕන මගේ ස්වාමිනී." ඈ ඔහුට කීවාය. මිනිසකු ගේ ජීවිතයේ සෑම වැදගත් දෙයක්ම විවෘත ආකාශය යට සිදු කල යුතු බව ඩොත්රැකි විශ්වාසය විය.

ඛාල් ඩ්‍රෝගෝ ඇය පසුපසින් හඳ එලිය වෙත පියවර මැන්නේ ය. ඔහුගේ කෙස්කළඹෙහිවූ කුඩා සීනු මෘදු හඬින් අනුනාද නැංවී ය. ඇගේ කූඩාරමට යාර කීපයක් දුරින් මුදු තණගොල්ලක් වූ අතර ඩැනී එහිදී ඔහුව බිමට ඇද ගත්තා ය. ඔහු ඇයව අනිත් පස හැරවීමට තැත් කරද්දී ඇය ඔහු ගේ පපුව මත අතක් තබා ඔහුව නතර කලාය. "නෑ. අද රෑ මට ඔබේ මූන බලන්ට ඕන."

ඛලසාරය මධ්‍යයේ කිසිදු පුද්ගලිකත්වයක් නොවීය. ඔහුව නිරුවත් කරද්දී තමන් වෙත යොමුවූ දෑස් රැසක බැල්ම ඇයට දැනින. ඩෝරියා විසින් කියාදුන් දේ එකින් එක ක්‍රියාවට නගද්දී මෘදු හඬින් කල ඔවුන් ගේ මිමිනීම් ඇයට ඇසින. එනමුදු ඇය මේ සියල්ල නොතකා හැරියා ය. ඇය ඔවුන් ගේ ඛලීසි නොවේද? ඇයට වැදගත්වූ එකම දෙය ඔහු ගේ දෑස් පමණක් නොවේද? ඇය ඔහු ගේ සිරුර මත නගිද්දී ඒ දෑස්වල මින් පෙර කිසිදා නොදුටු යමක් ඇය දිටීය. සිය රජතමය වෙළඹ පදින තරම් සැහැසි අයුරින් ඇය ඔහු හා එක්වුනා ය. අවසානයේ ඔහු සුරතාන්තයට පත්වෙද්දී ඛාල් ඩ්‍රෝගෝ ඇගේ නම කියමින් කෑ ගැසීය.

ඔවුන් ඩොත්රැකි මුහුදේ අනික් පසට ළඟා වූ පසු එක් දවසක් ජික්වී ඩැනීගේ මඳක් ඉදිරියට නෙරා ආ උදරය මෘදු ලෙස තම අතැඟිලිවලින් පිරිමැද්දා ය. "ඛලීසි, ඔබේ කුසේ දරුවෙක්."

"මං දන්නවා." ඇය පිළිතුරු දුන්නා ය.

ඒ ඇගේ දහහතරවන උපන් දිනය විය.


Daenerys Targaryen: “What do you pray for, Ser Jorah?”
Jorah Mormont: “Home.”
Daenerys Targaryen: “I pray for home too.”

67 comments:

  1. හම්මේඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ

    කොහොමද ඩේනිගේ වැඩ. දහහතරයිලු :O

    ReplyDelete
    Replies
    1. ක්‍රැක්!
      පෝස්ට් එකේ මාතෘකාව දැක්කගමන් හිතුනා කුමාරයා එක වෙලා ඇති කියල

      Delete
    2. ගෝරිල්ලන්ට ඇස්කණ්නාඩි අරන් දෙන්ට පුළුවන් තැනක් එහෙම දන්නවද?

      මාතෘකාව 'ක්‍රැක්' නෙවෙයි. ඩනේරිස් 03-2 :-D

      Delete
    3. " ක්‍රැක්! "කියල ෆොන්ට් සයිස් 24 විතර දාල තියෙන්නෙ මෙතන ඔක්කොම සත්තුන්ට ඇස් කන් නාඩි ප්‍රශ්න නිසාද?

      p.s. සමහරු ඉතින් කස, මාංචු ලෙදර් හයි හීල්ස් ප්‍රියකරනව වෙන්න පුලුවන්. ඒත් අපි නම් ඉතින් නිකම්ම cracked නිසා තමයි මෙතනට එන්නෙ

      Delete
    4. අපිත් cracked තමයි ලු. specially in the cerebrum :D

      Delete
    5. මං හිතුවා crack කිවුවාහම අර Ultimate vertical crack එක ගැන කියලා.. ;-)

      Delete
    6. අපි අහින්සක සත්තු බුරෝදිපතිතුමා.
      අපි මානසිකව ක්‍රැක් බව ඇත්ත ඒත් ශාරීරික ක්‍රැක් ගැන දන්නෙ නෑ - ඉදිරිය හෝ පිටුපස :-D

      Delete
    7. අපේ සාවියෙ නං ක්‍රැක් කියන්නෙ අර , ගහපු ගමන් සෝවාන් වෙන්නෙ, අන්න එව්වා. ඒත් අපේ පැත්තෙ බුවාලා වැඩිය කැමති , මල් පූජා කරන්න. හප්පා එහෙමත් ගැහිල්ලක්, ලඟින් යන අපිටත් ඩෝප් දුමට.

      මට පෙන්නන්න බැරි දෙයක් තමා පස්සෙ ක්‍රැක් එක බාගෙට පේන්න අඳින හැලෙන කලිසම.

      Delete
    8. මල් පූජා කොරන්ට නම් අපිත් කැමති.

      Delete
    9. \\මල් පූජා කොරන්ට නම් අපිත් කැමති\\

      මේ මොනව කියනවද? මං නොදන්නවයි ඒ හරිය, පිං(වත්) පොං පොං උපාසක :)

      Delete
    10. ප්රාගේ කමෙන්ට් එක දැක්ක හැටියේ දුවගෙන ඇවිත් උත්තර දෙන්ට ඕනි වුනත් වෙලාවක් තිබ්බේ නෑ. මීට පස්සේ හැම තිස්සෙම මෙහෙම මාතෘකා දැක්කානම් දුවගෙන එයිනේ කට්ටිය සද්දෙට.

      Bang, beep, blast, boom, burst, crash, crunch, hoot…:D:D

      Delete
    11. සඳ තරණයට සෑදු අධිවේගී රොකට්ටු ගැනද මෙතන කතාව..???

      Delete
    12. ඔව්වොව් , ක්ෂණික රොකට් ගැන.

      Delete
    13. slam bang thank you ma'am

      Delete
  2. Replies
    1. වැඩ්ඩාක් නෑ කියලා...

      Delete
    2. “හිපාටුවා” ඔන්න අලුත් වචනයක් ඉගෙන ගත්තා. හම්මෝ දැන් පොඩ්ඩි දන්න වචන් ගොඩ මේ මාටින් ගොය්යා හන්දා. :P

      Delete
  3. පළතුරුයි කර කරපු පානුයි මීපැනියි වයිනුයි ම්ම්ම් නරකම නෑ.හොට් ඩෝග් එකකුත් තිබ්බ නං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැලපයක් කලා පෙලන්ටියක් බොනවා ඇරෙන්න අපිට කොයින්ද පළතුරු,ටෝස්ට් කරපු පාන්,මීපැනි වයින් හැලපයියේ :P

      Delete
    2. හැලපේ, "හොට් ඩෝග්" එන්නේ තව රෑ වෙලාලු....

      Delete
    3. දෙන දේ කාලා ඉන්නෙ නැතුං හැමදාම නැති දේවල්මයි හොයන්නෙ.. අනේ මන්දා අර හැලපි කොහොම ඉවසන් ඉන්නවද මන්දා.. :-P

      Delete
    4. //වනාන්තර තුළ බෝදිලිමුන් රැස් කති. //

      හැලපෙතුමාටනම් ඒකත් කෑමක් වෙයි

      Delete
    5. ඔය ආර්යාව හෙම වළඳලා නැද්ද බෝදිලිමෝ කටුස්සෝ වගේ කස්ටිය?

      Delete
    6. // /වනාන්තර තුළ බෝදිලිමුන් රැස් කති. /

      හැලපෙතුමාටනම් ඒකත් කෑමක් වෙයි //

      බෝදිලිමා කියන්නෙ බස්සො වර්ගයක් නේද?

      සූජානං සරීරෙ , හෙමින්ම ලුහුටලා, තාප්පෙට පල්ලම් බහින එක ඇඟට ගුණයි වගේ

      Delete
    7. මූ දොරකඩමාරාවෙ නෙමේ, සත්තුවත්තෙ බස්සෙක්ද කොහෙද. මෙන්න බෝදිලිම. බස්සෙක් නෙමේ බං කටුස්සෙක්.

      Delete
    8. අයියෝ මේ බස්සා නම් ගන්ට දෙයක් නෑ. අන්න අර නරියගෙන් හෙම ඇහුව නම් හත්මුතු පරම්පරාවේ විස්තරේ උනත් කියයි

      Delete
    9. මේ බෂ්ෂො උඹ අහිංසක පක්සියා වෙච්චි, මං මේ උඹේ හොඳටයි කියන්නෙ , ඔය බාන හදන්නෙ උඹව හැලපෙගෙ හැලියට යවන්නයි. මස් කිව්වොත්, ඔය හැලපෙට මේ මාව උනත් ව්ස්වාස නෑ, ඉස්‍ටු දාන්නත් බැරි නෑ

      Delete
    10. @ හැලපේ ,

      හැබෑට හැලපේ මෙච්චර කන දේම කතා කරන්නේ හැලපි මේ දවස්වල ඛලීසි වගේ හින්දද? :D

      Delete
    11. @POM,

      //පළතුරුයි කර කරපු පානුයි මීපැනියි වයිනුයි//

      ආර්යාවන් වලඳන්නේ මෙන්න මේ වගේ දේවල්ලු. :P

      Delete
    12. අර කැන්ගරු මස් හෙම කෑවෙ කවුද එතකොට?

      Delete
    13. D.G.M.බෝදිලිමා

      Delete
  4. දාහතරට ඩැනීගේ සෙල්ලම් ඔහොම නම් දහාඅට වෙනකොට කොහොම වේවිද :D ?

    ReplyDelete
    Replies
    1. බලාන ඉන්ටලු :P

      Delete
    2. එතකොට කියන්නෙ "මොකද බයද? එකපාර හත්අට දෙනෙක් වරෙල්ලා!" කියලලු.... ;-)

      Delete
  5. අනේ දෙයියනේ ඩැනී........

    ReplyDelete
    Replies
    1. ඔය අගේට ඉන්නේ....

      Delete
    2. අනේ දෙයියනේ ඩ්‍රෝගෝ කියලා තමා හරිනම් කියන්ට ඕන....

      Delete
    3. ඔහොම තමයි දැක්කානේ ඔය කෙල්ලෝ තුත්තුවකට විශ්වාස නැහැ.බබාලා වගේ.ඉන්නේ ඒ වුණත් දැක්කනේ වැඩ.:D අනේ අර අහිංසකයෝ පව්.

      Delete
    4. සින්හයන්ගෙ වුනත් ධේනු තමයි දඩයමට දක්ශ

      Delete
    5. එහෙම තමා කැලේ ඉන්නවනම් දඩයමටත් දක්ෂ වෙන්න ඕනේ , නැතිනම් බේරෙනවා බොරු :)

      Delete
    6. හපොයි ඔව්, සිංහය වගේද ධේනුව, ආයි මොකට කියනවද ඒ ගැන. ඒ උනාට කියන්නෙ,

      "කැලේ රජා කේසරයා නේද සිංහයා..
      ලියෝ අඟනියෝ තරුණියෝ..
      තෙද බල ඇති කෙනෙක්..
      නේද පිරිමියා..."

      කියලයි. වොළී බැස්ටියන්ට පිස්සු.

      Delete
    7. කැලේ රජා සිංහයා වුනාට , එයත් සිංහ ධේනුවට බයයිලු :D

      Delete
    8. Sinha ධේනුවක් කියනකොට ඉතින් පිළිගන්නම එපැයි... :)

      Delete
    9. කට්ටිය සිංහ ධේනුන්ට බයයි වගේනේ? :P

      Delete
    10. හැම සතාටම වඩා දරුණුම සතා ගෑණු සතා කියලා කියන්නේ නිකමට යැ...

      Delete
    11. කවුද මෙයා භය? ඕකට අපි කියන්නෙ "ගෞරවය" එහෙම නැත්තං "නිසි තැන දීම"

      Delete
    12. එහෙමවත් කියමුකො ඉතින් :P

      Delete
  6. Replies
    1. හා හා මේ දෙනවා.. ඔන්න දෙනවා.. :-P

      Delete
    2. නෑ නෑ දෙන්නේ නෑ...::D

      Delete
  7. /තමන් වෙත යොමුවූ දෑස් රැසක බැල්ම ඇයට දැනින/ අහෝ! මගේ ඇස් දෙකත් එතන තිබුනා නම්......

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං හරි වෙලාවට හරි තැන ඉන්ට දැනගන්ට ඕන.. :-D

      Delete
    2. " වලත්ත නයිට්" :D එකත් මරු...

      Delete
  8. පහුගිය කොටස් කලබලේට කියවලා මට මොනවා හරි මිස් වුනාද...? නැතිනම් ඩනේරිස් ඩොත්රැකි බාසාව ඉගෙන ගත්තාද?

    ඩැනී "අද රෑ අපි එළියට යන්නට ඕන මගේ ස්වාමිනී." කිව්වාද නැත්තම් "අද නම් මට පීරියඩ් මගේ ස්වාමිනී" කිව්වද කියලා ඩ්‍රෝගෝ බුවාට කොහොමද තේරෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. // "මේ නිකංම නිකං වැඩකාර කෙල්ලො නෙවෙයි මගේ ආදරණීය නංගී." ඇගේ සොහොයුරා පැවසී ය. "ඉල්ලීරියොයි මායි පෞද්ගලිකවමයි ඔයා වෙනුවෙන් එයාලා තෝරගත්තෙ. ඉරී ඔයාට අශ්වයො පදින්ට උගන්නයි. ජික්වී ඔයාට ඩොත්රැකි භාෂාව උගන්නයි. ඩෝරියා ඔයාට උගන්නයි කොහොමද පිරිමියෙක්ව සතුටු කරන්නෙ කියලා." - [ඩ‍නේරිස් - 02-2 Wednesday, 13 August 2014] //

      // "අද නම් මට පීරියඩ් මගේ ස්වාමිනී" //

      "අද නම් මට හිසරදේ ස්වාමිනී" කියලා නෙවෙයිද කියන්නෙ ආයිබෝං?

      Delete
    2. අන්න මෙතන තමයි මට අමතක වුනේ... තැන්කෝ බුරා... එහෙනම් ඩෝරියා තමයි ගුරුමුට්ටි නැතුව සේරම කියලා දීලා තියෙන්නේ...

      හිසරදේට නම් පොඩි ඩොත්රැකි ට්‍රික්ස් ඇතිනේ... ;)

      Delete
    3. //සෙමෙන් නැගිට සිටි ඇය සිය රාත්රී ඇඳුම විවරකොට ඒවා බිම වැටෙන්නට ඉඩ හැරියාය. "අද රෑ අපි එළියට යන්නට ඕන මගේ ස්වාමිනී." ඈ ඔහුට කීවාය.//

      මේ ටික නොතේරෙන පිරිමිත් දෙවියන් වහන්සේ (හෝ මහ බඹා ) මවලා තියෙනවලුද? පව් අප්පා...

      Delete
    4. මූ නයි මිරිස් ද කොහෙද චැලේන්ජ් එකට කාලා තියෙන්නේ...

      Delete
    5. //මේ ටික නොතේරෙන පිරිමිත් දෙවියන් වහන්සේ (හෝ මහ බඹා ) මවලා තියෙනවලුද? පව් අප්පා...//

      සමහර විට පිරිමියෙක් රාත්‍රී ඇදුම ගලවලා දැම්මා නම් බිටලේට ඕක තේරෙන්න තිබ්බා...

      Delete
  9. අඩේ ඇඳුම් ගලෝලා නේන්නං :) මම දැං දැක්කේ... සික් වුනායින් වුනේ නෑ මෙහෙම නෝන්ඩියක්... :D

    ReplyDelete
  10. අම්මෙ සති දෙකකට පස්සෙ ඇවිත් ආයිත් කියවන්ට ගත්තා.. බෑ බෑ. මේ ඇවිදිල්ලත් එක්ක බ්ලොග් කෙරුවාව කරන්ට අමාරුයි..

    ReplyDelete