Friday 3 October 2014

බ්‍රැන් 04-1


පහළ අංගනයේ රිකන් වෘකයින් සමගින් සෙල්ලම් කරමින් හුන්නේ ය.

කවුළුව අසල අසුනකට බර දුන් බ්‍රැන් එදෙස බලා සිටින්නට විය. ග්‍රේ වින්ඩ් කුඩා දරුවා යන යන පැත්තට හැරෙමින් ඔහු ගේ ගමනට හරස් කපයි. ඔහුව දකින රිකන් සතුටින් උඩ පැන අන් දෙසකට දිව යයි. ඔහු පසුපසින් දුවන ෂැගී ඩෝග් අන් වෘකයින් පමණට වඩා රිකන්ට ලං වුවහොත් ඔවුන්ට කඩා පනියි. උගේ ලොම් කෙමෙන් අඳුරු පැහැයකට හැරී තිබුනු අතර දැන් ඒවා මුළුමනින්ම කළු පැහැ විය. උගේ දෑස් කොළ පැහැ ගින්දර මෙන් බැබලින. අළු හා රිදී පැහැති වූ බ්‍රැන් ගේ සමර් අන්තිමටම පැමිණියේ ය. උගේ රන්වන් පැහැති දෑසට හසු නොවූ කිසිදු දෙයක් නොවී ය‍. ඌ ග්‍රේ වින්ඩ්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවද බෙහෙවින් පරීක්ෂාකාරී සතෙකු විය. පැටවුන් අතරින් දැකුම්කළුම එකා ඌ යැයි බ්‍රැන් කල්පනා කලේ ය. සිය ළදරු දෙපා වලින් පොළොව මත උඩ පනිමින් එහා මෙහා දුවන පුංචි රිකන් ගේ සිනාහඬ දසතම පැතිර ගියේ ය.

සිය දෑස් දැවෙන්නාක් මෙන් බ්‍රැන්ට දැනින. ඔහුටද පහළ අංගනයේ සිනාසෙමින් එහා මෙහා දුවන්නට උවමනා විය. සිය බොළඳ සිතුවිල්ල ගැන කේන්තියෙන් මෙන් ඔහු දෑසට නැගුනු කඳුළු බිමට වැටෙන්නට පෙර පිටි අත්ලෙන් පිසදා හැරියේය. ඔහුගේ අටවන උපන්දිනය ගෙවී ගියේ මේ නොබෝදා ය. ඔහු දැන් හඬන්නට තරම් නොවන ලොකු මිනිසෙකි.

"ඒක නිකංම නිකං බොරුවක් විතරයි." ඔහු අමිහිරි ස්වරයෙන් කීවේ සිය සිහිනය හා එහි උන් කපුටා ගැන මතක් කරමිනි. "මට පියාඹන්ට බෑ. මට අඩුමගානෙ දුවන්ටවත් බෑ."

"කපුටො ඔක්කොම බොරුකාරයො තමා." නාකි ආයම්මා එකඟ විය. ඇය කාමරයේ පුටුවක් මත වාඩි වී ගෙත්තමක් ගොතමින් සිටියා ය. "මං දන්නවා කපුටෙක් ගැන කතන්දරයක්."

"මට තවත් කතන්දර අහන්ට ඕන නෑ." බ්‍රැන් නොරිස්සුම් ස්වරයෙන් කඩා පැන්නේ ය. එක් කලෙකදී නම් ඔහු නාකි ආයම්මාටත් ඇගේ කතන්දරවලටත් ආදරය ක‍ලේ ය. එනමුදු දැන් තත්ත්වය වෙනස්ම එකක් විය. ඔහුට සාත්තු සප්පායම් කිරීමටත්, ඔහුට තනි රැකීමටත් ඔවුන් දවස පුරාම ඇයව ඔහු සමීපයේ රඳවා තබා තිබින. එහෙත් මෙය තත්ත්වය තවත් නරක අතට හැරවී ය. "මට උඹේ ඔය කතන්දර එපා වෙලා තියෙන්නෙ."

මැහැල්ල සිය දත් නැති සිනහව පෑවා ය. "මගේ කතන්දර? නෑ, පුංචි උතුමානනි. ඒවා මගේ කතන්දර නෙවෙයි. මේ කතන්දර මටත් ඔබතුමාටත් කලින් ඉඳලා තියෙන ඒවා. අපි නැතිවෙලා ගියාට පස්සෙත් ඒවා තියේවි."

'මැය නම් මහාම මහා අවලස්සන නාකි අම්මණ්ඩියෙක්'යැයි බ්‍රැන්ට සිතින. රැළි වැටුනු, කුදු වුනු, යාන්තමට දෑස් පෙනෙන, දුර්වල, හිසේ සුදු පැහැ කෙස්ගස් කිහිපයක් පමණක් ඉතිරිව ඇති අවලස්සන මැහැල්ලක්. ඇය ගේ වයස කීයදැයි කිසිවෙකුත් හරියටම නොදැන සිටියහ‍. එනමුදු ඔහු ගේ පියා කියන අන්දමින් නම් ඔහු කුඩා කොලුවකු කාල‍යේ පවා කවුරුත් ඇයව ඇමතූයේ නාකි ආයම්මා යන නමිනි. ඇය වින්ටර්ෆෙල්වල ජීවත් වූ වයස්ගතම පුද්ගලයා බව නම් නිසැකවම කිව හැකි විය. සමහරවිට මේ මුලුමහත් රාජධානි සප්තකයේම සිටින වයස්ගතම පුද්ගලයා ඇය වන්නට ඇත. ඇය මාලිගයට පැමිණ තිබුනේ දරු ප්‍රසූතියේදී මව මියගිය බ්‍රැන්ඩන් ස්ටාර්ක් කෙනෙකු බලා ගැනීම පිණිස ය. ඒ රිකාර්ඩ් උතුමානන් ගේ එනම් බ්‍රැන් ගේ සීයා ගේ වැඩිමහලු සොහොයුරකු විය. නැතිනම් බාල සොහොයුරකු විය. එසේත් නැත්නම් රිකාර්ඩ් උතුමානන් ගේ පියා ගේ සොහොයුරකු වන්නට ඇත. නාකි ආයම්මා එක එක වේලාවට ඒ ගැන එක එක දේ කියයි. එහෙත් ඒ සෑම කතාවකටම අනුව එම කුඩා දරුවා වයස අවුරුදු තුනේදී උණ රෝගයකට ගොදුරුව මියගිය අතර නාකි ආයම්මා සිය දරුවන් සමගින් දිගටම මාලිගයේ රැඳුනා ය. ඇගේ පුතුන් දෙදෙනාම මියගොස් තිබුනේ රොබර්ට් රජතුමා සිය කිරුළ දිනූ යුද්ධයට සහභාගි වී සිටියදී ය. ඇගේ මුණුබුරා මැරුම් කෑවේ බේලන් ග්‍රේජෝයි ගේ කැරැල්ල සමයේ පයික් හි ප්‍රාකාර අතර යුද්ධ කරමින් සිටියදී ය. ඇගේ දූවරුන් මීට බොහෝ කාලයකට පෙරාතුවම විවාහ වී බැහැර ගොස් සිටි අතර ඔවුන් ද මේ වනවිට මිය ගොස් ඇති බැව් නිසැක වශයෙන්ම සිතා ගත හැක. ඇයගේ ඥාතියකු වශයෙන් දැන් මාලිගයේ ඉතිරිව සිටින්නේ ඉස්තාල බලාගන්නා, නොවැඩුනු මනසකින් යුතු යෝධයකු වන හොඩෝර් පමණි. එනමුදු නාකි ආයම්මා ඇගේ මැහුම් ගෙතුම් වැඩ කරමින්, සිය කතන්දර කියමින් දිගින් දිගටම ජීවත් වුනා ය.

"ඒවා කාගෙ කතන්දර වුනත් මට වැඩක් නෑ. මට ඒවා එපාවෙලයි තියෙන්නෙ." ඔහුට නාකි ආයම්මාගෙන් හෝ කතන්දරවලින් හෝ පලක් නැත. ඔහුට උවමනා එකම දෙය සිය මව හා පියා පමණි. ඔහුට උවමනා එකම දෙය තමා පසෙකින් දුවන සමර් සමගින් අංගනයේ දිව යන්නට ය. ඔහු‍ට උවමනා එකම දෙය බිඳුනු කුළුණට නැග එහි සිටින කපුටන්ට ඉරිඟු ඇට දීමට ය. ඔහු‍ට උවමනා එකම දෙය සිය පෝනියා පිට නැගී සොයුරන් සමගින් ඇවිදීමට යාමට ය. ඔහු‍ට උවමනා එකම දෙය සෑම දෙයක්ම නැවත පෙර පැවති තත්ත්වයෙන් සිදුවනු දැකීමට ය.

"මං දන්නවා කතන්දර එපා වෙච්ච ළමයෙක් ගැන කතාවක්." නාකි ආයම්මා සිය මෝඩ සිනහව පාමින් නැවත කීවා ය. ඇගේ ගෙතුමේ ඉදිකටු නොනවත්වාම ක්ලික් ක්ලික් හඬින් නද දුන් අතර අන්තිමේදී බ්‍රැන්ට එය කන්දොස්කිරියාවක් බවට පත් විය.

නැවත කවදාවත් පෙර සිටි තත්ත්වයට පත්වීමට බැරි බැව් බ්‍රැන් දැන හුන්නේ ය. ඔහුට පියාඹන්නට හැකි යැයි කියමින් අර හොර කපුටා සම්යක්ප්‍රයෝගයක් කල බව නිසැක ය. එහෙත් ඔහු අවදි වූ විට මුලුමහත් ලෝකයම වෙනස් වී තිබුනු අතර ඔහු අබ්බගාතයෙක් බවට පත්ව සිටියේ ය. අනිත් සැවොම ඔහුව මෙහි අතැරදමා පිටව ගොස් තිබින. ඔහු ගේ පියා, මව, සොයුරියන්, ඔහු ගේ අවජාතක සොයුරා ජොන් පවා පිටව ගොස් තිබින. ඇත්තම ඇත්ත අශ්වයකු පිට නැගී බ්‍රැන්ටද කින්ග්ස් ලෑන්ඩින්ග් වලට යා හැකි යැයි ඔහු ගේ පියා පොරොන්දු වී තිබින. එනමුදු ඔවුන් ඔහුව හැර දමා යන්නට ගොසිනි. මේස්ටර් ලුවින් ඔහු ගේ පිබිදීම ගැන දන්වා ඔහු ගේ පියාට, මවට හා ජොන්ට කපුටන් අතේ පණිවුඩ යැවූ නමුත් ඒ කිසිවකට පිළිතුරු ලැබී නොතිබින. "සමහර වෙලාවට කුරුල්ලො වල්මත් වෙනවා දරුවො." මේස්ටර් ඔහුට කීවේ ය. "මෙතැන ඉඳන් කින්ග්ස් ලෑන්ඩින්ග් වලට බොහොම දුරයි. මග උවදුරු තියෙනවා, උකුස්සො ඉන්නවා. සමහරවිට එයාලට පණිවුඩේ ලැබිලා නැතිවා වෙන්ට ඇති."

එනමුදු බ්‍රැන්ට දැනුනේ ඔහු නිදි අතරේ ඔවුන් සියල්ලක්ම මියගොස් ඇති බවකි... එසේ නැතහොත් ඔහු මියගොස් ඔවුන්ට ඔහුව අමතකව ගොසිනි. ‍එපමණක් ද නොව ජොරී, සෙර් රඩ්‍රික් හා වයොන් පූල් පවා යන්ට ගොසිනි. හලන්, හාර්වින් හා මහත ටොම් සමගින් සෙබළ මුලුවෙන් කාලක්ම යන්ට ගොසිනි.

ඉතිරිව ඇත්තේ රොබ් හා පුංචි රිකන් පමණි. එහෙත් රොබ් දැන් පෙර සිටි රොබ් නොවේ. ඔහු දැන් වංශාධිපතියෙකි. ඔහු දැන් ඇත්තම අසිපතක් පැළඳ සිටින අතර කිසි විටෙකත් සිනා නොවෙයි. ඔහු ගේ දිවා කාලයන් ගෙවෙන්නේ සෙබළුන් සමග සෙණ්ඩුවාලුවේ සටන් පුහුණුවෙනි. රාත්‍රියේදී ඔහු මේස්ටර් ලුවින් හා එක්ව කතා කරමින් හෝ ගිනුම් පොත් පරීක්ෂා කරමින් හෝ කාලය ගෙවයි. සමහර දිනවල ඔහු හැලිස් මොලන් හා එක්ව ඈත ඇති බලකොටු පරීක්ෂාව පිණිස යන අතර දවස් ගණන් ගෙදර නොපැමිණෙයි. ඔහු දවසකට වඩා පිටව ගොස් සිටියහොත් පුංචි රිකන් ඔහු නැවත එන-නොඑන බව ගැන විමසමින් හඩා වැටෙයි. ඔහු වින්ටර්ෆෙල්වල සිටින දිනවල පවා රොබ් උතුමානන්ට සිය සොහොයුරන් හා කාලය ගත කිරීමට වඩා හැලිස් මොලන් හා තියන් ග්‍රේජෝයි සමග කාලය ගතකිරීම වැදගත් වී ඇති සේය.

"මට පුළුවන් ඔයාට බ්‍රැන් දි බිල්ඩර් ගැන කතාව කියන්ට." නාකි ආයම්මා ඇසුවා ය. "ඒකනෙ ඔයාගෙ ආසම කතන්දරේ."

මීට අවුරුදු දහස් ගණනකට පෙර බ්‍රැන් දි බිල්ඩර් විසින් වින්ටර්ෆෙල් ගොඩනංවා තිබින. සමහර ප්‍රවාදවලට අනුව නම් ප්‍රාකාරය ගොඩ නංවන ලද්දේද ඔහු විසිනි. බ්‍රැන් මේ කතන්දරය දැන සිටි නමුදු එය කිසිවිටෙකත් ඔහු ගේ ප්‍රියතම කතන්දරය නොවින. සමහරවිට අර අනිත් බ්‍රැන්ඩන් කෙනෙකු ගේ ප්‍රියතම කතන්දරය එය වන්නට ඇත. සමහරවිට නාකි ආයම්මා ඔහුට කතා කරන්නේ හරියට ඔහු ඇගේ බ්‍රැන්ඩන්, මීට අවුරුදු බොහෝ ගණනකට පෙර ඇය රැක බලාගත් මියගිය ඒ දරුවා ඔහු යැයි සිතමිනි. තවත් සමහර වෙලාවට ඇය ඔහුව ඔහු ගේ මාමා, ඔහු ඉපදීමටත් කලින් පිස්සු රජා විසින් මරා දැමුනු බ්‍රැන්ඩන් හා පටලවා ගනියි. ඔහු ගේ මව ඔහුට වරක් කියා ඇති පරිදි නාකි ආයම්මා කෙතරම් කලක් මෙලොව වාසය කර ඇතිද යත් ඇයට මේ සියලුම බ්‍රැන්ඩන්ලා පෙනෙන්නේ එක් අයකු මෙනි.

"ඒක ම‍ගේ ආසම කතන්දරේ නෙවෙයි. මම ආස බය හි‍තෙන කතන්දර වලට." පහළ කිසියම් කලබලයක් ඇසුනු බ්‍රැන් කවුළුවෙන් පිටත බැලුවේ ය. රිකන් අංගනය හරහා ගේට්ටුව දෙසට දුවමින් හුන් අතර වෘකයෝ ඔහු පසුපසින් වැටී සිටියහ. එනමුදු එතනින් එහාට කුමක් සිදුවිනිදැයි බ්‍රැන්ට බලාගත නොහැකි වූයේ කුළුණ වැරැදි පැත්තට මුහුණ ලා තිබුනු බැවිනි. ඉච්ඡාභංගත්වය නිසා ඔහු සිය කලවට මිටින් පහරක් දුන් නමුදු ඔහුට එහි කිසිදු හැඟීමක් නොදැනින.

"අනේ මගේ අහිංසක ගිම්හාන දරුවා. ඔයා මොනාද දන්නෙ බය ගැන? බය කියන්නෙ සීත කාලෙට අයිති දෙයක් මගේ පුංචි උතුමානනි. අඩි සියගානක් උසට හිම වැටෙන කොට, සීතල හුළං උතුරෙන් කෑ ගහගෙන එනකොට තමා බය හිතෙන්නෙ. බය කියන්නෙ දිග රෑ කාලෙට අයිති දෙයක්. ඉර අවුරුදු ගානක් එළියට එන්නෙ නැතුව හැංගිලා ඉන්නකොට, පුංචි ළමයි අන්ධකාරෙ ඉපදිලා අන්ධකාරෙ ජීවත්වෙලා අන්ධකාරෙම මැරිලා යනකොට, ඝෝරවෘකයින් බඩගිනි දැනෙනකොට, වනාන්තරේ අස්සෙ ධවල යාත්‍රිකයන් ඇවිදිනකොට තමා බය හිතෙන්නෙ."

"ඔය කියන්නෙ අනික් එවුන්." බ්‍රැන් අවලාද ස්වරයෙන් කීවේ ය.

"අනික් එවුන් තමා." නාකි ආයම්මා එකඟ විය. "මීට අවුරුදු දාස් ගානකට එපිටදි සීත කාලයක් ආවා, මිනිස්සු මීට කලින් කවදාවත් අහලා දැකලා නැති තරම් සීතල, කටුක, අවසානයක් පේන්ට නැති. පරම්පරාවක් තිස්සේ පැවතිච්ච රෑ කාලයක් ආවා. රජවරු සීතලෙන් වෙවුලලා එයාලගෙ මාලිගාවලම මියැදුනා හරියට ඌරු කොටු කාරයො උංගෙ පැල්පත් අස්සෙ මියෑදෙනවා වගේ. තමන්ගෙ දරුවො බඩගින්නෙ ඉන්නවා බලන් ඉන්න බැරි තැන ගෑනු එයාලගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මා. එයාලා ඇඬුවහම ඒ කඳුළු කම්මුල්වලම ගල් වුනා." ඇගේ ඉදිකටුවල ක්ලික් ක්ලික් ශබ්දය නැති වී ගිය අතර ඇය සිය මලානික දෑසින් බ්‍රැන් දෙස බැලුවා ය. "ඉතින් දරුවො, ඔයාට ඕන ඒ වගේ කතන්දර ද?"

"හ්ම්ම්..." බ්‍රැන් අතීරණාත්මක හඬින් කීවේ ය. "ඔවු. ඇත්තටම....."

මහලු ස්ත්‍රිය හිස වැනුවා ය. "මෙන්න මේ අන්ධකාරෙ තමා අනික් එවුන් ඉස් ඉස්සෙල්ලාම ආවෙ." ඇගේ ඉදිකටු නැවතත් ක්ලික් ක්ලික් හඬින් එකට ගැටෙන්නට විය. "උං හරිම සීතල එවුන්. මැරිච්ච එවුන්. උං යකඩවලටයි, ගින්දරටයි, ඉර එළියටයි, උණසුම් ලේ නහර අස්සෙ දුවන හැම සතෙකුටමයි වෛර කලා. උං බලකොටු, නගර, රාජධානි එකින් එක යටත් කලා. වීරයොයි හමුදායි බුරුතු පිටින් උං අතින් මැරුම් කෑවා. උං ආවෙ තමන්ගෙ මැරිච්ච සුදුමැලි අස්සයො පිටේ නැගලා තමන් අතින් මැරුම් කාපු එවුන්ගෙන් හැදිච්ච හමුදාවකුත් එක්කයි. උංගෙ ඉදිරි ගමන නවත්තන්ට කාටවත්ම බැරි වුනා. උං කිසිම කෙනෙකුට කරුනාවක් පෙන්නුවෙ නෑ, අඩුම ගානෙ පුංචි අත දරුවන්ටවත්."

ඇගේ ස්වරය කෙමෙන් පහත් වී ගොස් මිමිනුමක් බවට පත්ව තිබින. ඇයට ඇහුම්කණ් දෙනු පිණිස තමා ඉදිරියට නැඹුරු වී ඇති බැව් බ්‍රැන්ට වැටහුනි.

"ඉතින්, මේ කියන්නෙ අන්දාල්වරුන් එන්ටත් ගොඩක් ඉස්සර. රොයින් නගරවලින් ආපු ගෑනු පටු මුහුද තරණය කරලා මෙහාට එන්ට ගොඩාක් ඉස්සර. ඒ කාලෙ තිබ්බ රාජධානි සියගානක්, ඒවා හැම එකක්ම මුල් මිනිස්සුන්ගෙ රාජධානි. එයාලා මේ බිම උදුරගෙන තිබුනෙ වනාන්තරයේ දරුවන්ගෙන්. ඒ වුනත් තාමත් වනාන්තරයේ දරුවො අන්ධකාර වනාන්තර මැද්දෙ තිබුන එයාලගෙ කැලෑ නගරවලයි, කඳුවැටි අස්සෙයි ජීවත්වුනා. වයර්වුඩ් ගස්වල තිබුන මූනු මේ හැමදෙයක්ම දිහා බලාගෙනයි හිටියෙ. ඉතින්, සීතලයි මරණයයි මේ ලෝකෙ වහගෙන ඉන්දැද්දි 'අවසාන වීරයා' තීරණය කලා මේ වනාන්තරයේ දරුවන් හොයාගෙන යන්ට. එයා බලාපොරොත්තු වුනා මිනිස්සුන්ගෙ හමුදාවලට දිනන්ට බැරි වෙච්ච මේ යුද්ධෙ දරුවන්ගෙ පුරාණ මායාබලය පාවිච්චි කරලා දිනන්‍ට පුළුවන් වෙයි කියලා. ඉතින් එයා කඩුවකුයි, අස්සයෙකුයි, බල්ලෙකුයි අරගෙන, එයාගෙ සහයට තවත් මිනිස්සු දුසිමක් විතර එක්කහු කරගෙන ගමන පිටත් වුනා. එයා අවුරුදු ගානක් මෙහෙම හොයමින් ඇවිද්දා. එයාට අන්තිමේදි හිතෙන්ට පටන්ගත්තා දරුවන්ගෙ සැඟවිච්ච නගර එයාට කවදාවත්ම හොයාගන්ට බැරි වෙයි කියලා. එයාගෙ සගයො එකින් එකා මියෑදුනා. ඊටපස්සෙ එයා‍ගෙ අස්සයා. අන්තිමේදී එයාගෙ බල්ලා. එයාගෙ කඩුව කොච්චර තදට සීතලෙන් මිදුනද කිවුවොත් එයා ඒක පාවිච්චි කරන්ට හැදුවම කඩුව දෙකට කැඩිලා ගියා. අනික් එවුන්ට දැනුනා එයාගෙ ලේ වල උණුසුම් පුසුඹ. උං බොහොම නිස්සද්දව එයාගෙ අඩි පාරෙ පන්නන්ට පටන්ගත්තා. එයාව දඩයං කරන්ට බල්ලෙක් තරම් විසාල සුදුමැලි සුදුපාට මකුළු රංචු එයා පස්සෙන් එවන්ට ගත්තා-"

මහ හඬක් නගමින් දොර විවෘත විය. හදිසි බිය නිසා බ්‍රැන් ගේ හදවත කටින් පනින තරම් තදින් ගැස්සින. එනමුදු ඒ පැමිණ තිබුනේ මේස්ටර් ලුවින් විය. ඔහු පසුපසින් පඩිපෙළ අසල සිටගෙන සිටියේ ඉස්තාල කොලුවා හොඩෝර් විය. "හො-ඩෝ-ර්." පුරුදු පරිදි ඔහු සිය දැවැන්ත සිනාවත් සමගින් තම ආගමනය සැමට දැනුම් දුන්නේ ය.

"අපට අමුත්තො වගයක් ඇවිල්ලා තියෙනවා." මේස්ටර් ලුවින් සිනාවක් නොමැති මුවින් යුතුව කීවේ ය. "ඔයාව එතනට ඕන බ්‍රැන්."

"මම දැන් කතන්දරයක් අහන ගමන් ඉන්නෙ." බ්‍රැන් පැමිණිලි ස්වරයෙන් කීවේ ය.

"කතන්දරේට බලා ඉන්ට පුළුවන් පුංචි උතුමානනි. ඔබ ආපහු එනකං එයාලා බලන් ඉඳියි." නාකි ආයම්මා කීවා ය. "ඒ වුනාට අමුත්තො එහෙම ඉවසිල්ලෙන් බලන් ඉන්නෙ නෑ. අනික සමහර වෙලාවට එයාලා එයාලගෙම කතන්දරත් අරන් එනවා."

"කවුද ඒ?" බ්‍රැන් මේස්ටර් ලුවින්නේ ඇසී ය.

"ටිරියන් ලැනිස්ටර්. තව නිශා රැකුමෙ සෙබළු කීපදෙනෙක්. එයාලා ඔයාගෙ සහෝදරයා ජොන්ගෙන් පණිවුඩයක් අරන් ඇවිත් තියෙනවා. රොබ් දැන් එයාලව පිළිගන්නවා. හොඩෝර්, උඹ බ්‍රැන්ට ශාලාවට යන්ට උදවු කරනවද?"

"හො-ඩෝ-ර්." හොඩෝර් සතුටින් එකඟ විය. පහතට නැමුනු ඔහු දොරින් ඇතුළු විය. හොඩෝර් අඩි හතකට ආසන්න උසකින් යුතු දැවැන්තයෙකු විය. ඔහු ඇකිළුනු, කුදුගැසුනු නාකි ආයම්මා‍ ගේ ඥාතියකු යැයි සිතීමට පවා නොහැකි දෙයක් විය. ඔහු ද මහලු වූ පසු නාකි ආයම්මා මෙන් ඇකිළී යනු ඇත්දැයි බ්‍රැන් විමතියෙන් කල්පනා කලේ ය.

පිදුරු මිටියක් ඔසවන තරම් පහසුවෙන් බ්‍රැන්ව ඔසවා ගත් හොඩෝර් ඔහුව සිය පපුවට තුරුළු කරගත්තේ ය. ඔහු ළඟින් නිතරම පාහේ යාන්තමින් අශ්ව ගඳක් හැමූ මුත් එය ඉවසා සිටීම‍ට නොහැකි තරම් දරුණු දුර්ඝන්ධයක් නොවී ය. දුඹුරු පැහැ රෝමයෙන් ගැවසීගත් ඔහු ගේ දෑත්වල දැවැන්ත මස් පිඩු බේරි පෙනින. "හො-ඩෝ-ර්." ඔහු නැවතත් කීවේ ය. තියන් ග්‍රේජෝයි වරක් පැවසූ පරිදි ඔහු කිසිම දෙයක් නොදත් මුත් නිසැකවම සිය නම දැන සිටියේ ය. බ්‍රැන් මේ බැව් පැවසූ විට නාකි ආයම්මා කිකිළියක් මෙන් අමනාපයෙන් කෙකර ගෑවා ය. ඇය පැවසූයේ ඔහු ගේ නම හොඩෝර් නොව වෝල්ඩර් බවයි. මේ හොඩෝර් යන නම කොහෙන් පැමිණි එකක්දැයි කිසිවෙකුත් නොදැන සිටි අතර සමහරවිට ඒ ඔහු සිය නම උච්චාරණය කරන ආකාරය අනුව සැදුනක් විය හැක. කෙසේ වුවද ඔහු දන්නා එකම වචනය එය විය.

නාකි ආයම්මා සිය කතන්දර හා ඉදිකටු සමගින් කාමරයේ තනිකර දැමූ ඔවුහු පිටව ගියහ. බ්‍රැන්ව වඩාගත් හොඩෝර් පසුපසින් එන මේස්ටර් ලුවින් ද ඇතිව පඩිපෙළ බැස ශාලාව දෙසට යන්නට විය.

සමින් කල කබායක් හා ඊට උඩින් මුදු දම්වැලින් කල සන්නාහයක් පැළඳි රොබ්, 'රොබ් උතුමානන්' ගේ තද පරුෂ මුහුණද ඇතිව සිය පියා‍ ගේ උස් ආසනයේ වාඩි වී සිටියේ ය. තියන් ග්‍රේජෝයි හා හැලිස් මොලන් ඔහු පසුපසින් සිටගෙන සිටි අතර මුර සෙබලුන් දුසිමක් පමණ ශාලාව දෙපස සීරුවෙන් සිටගෙන සිටියහ. ශාලාව මධ්‍යයේ කුරුමිට්ටා සිය සේවකයින් සමග සිටි අතර ඔවුන් සමග නිශා රැකුමේ සෙබළු සිවුදෙනෙකු ද වූහ. හොඩෝර් ඔහුව ඔසවාගෙන දොරින් ඇතුළු වූ වහාම ශාලාව තුළ තිබුනු නුරුස්නා කේන්ති සහගත මනෝභාවය ඔහුට හොඳින්ම දැනින.

"නිශා රැකුමේ ඕනෑම මිනිහෙකුට එයා කැමැති කාලයක් වින්ටර්ෆෙල්වල ඉන්ට පුළුවන්." ‍රොබ් සිය රොබ් උතුමානන් ගේ ස්වරයෙන් කියමින් සිටියේ ය. සැමටම පැහැදිලිව පෙනෙන පරිද්දෙන් ඔහු ගේ උකුළ මත අසිපත තබා තිබින. කොපුවක නොලෑ අසිපතක් අතැතිව අමුත්තකු පිළිගැනීම මගින් දෙනු ලබන පනිවුඩය කුමක්දැයි කුඩා දරුවකු වූ බ්‍රැන් පවා දැන සිටි කරුණක් විය.

"නිශා රැකුමේ ඕනෑම මිනිහෙකුට. " කුරුමිට්ටා පුනරුච්චාරණය කලේ ය. "ඒ වුනාට මට නෙවෙයි. එහෙමද ඒකෙ තේරුම කොල්ලො?"

නැගී සිටි රොබ් කුඩා මිනිසා දෙසට සිය අසිපත් තුඩ දිගු කලේ ය. "මගේ තාත්තයි අම්මයි බැහැර ගිහින් ඉන්න වෙලාවෙ මමයි මෙතන ප්‍රධානියා ලැනිස්ටර්. මම උඹේ කොල්ලා නෙවෙයි."

"උඹ වංශාධිපතියෙක් නම් උඹ දැනගෙන ඉන්ට ඕන වංශාධිපතියෙකුගෙ ආචාරශීලිත්වය කියන්නෙ මොකක්ද කියලා." කුඩා මිනිසා සිය මුහුණ දෙසට එල්ල වී ඇති අසිපත් තුඩ ගැන නොතකා හරිමින් පිළිතුරු දුන්නේ ය. "පේන විදියට නම් උඹේ අවජාතක සහෝදරයාට උඹේ තාත්තගෙ ශිෂ්ට සම්පන්න කම ඔක්කොම ගිහිල්ලා තියෙනවා."

"ජොන්." හො‍ඩෝර් ගේ දෑත් තුළ සිරවී සිටි බ්‍රැන් හුස්මක් ඇද්දේ ය.

ශබ්දය ඇසුනු කුරුමිට්ටා හැරී ඔහු දෙස බැලුවේ ය. "එහෙනම් ඒක ඇත්ත. කොලුවා ජීවත් වෙනවා. මේ ස්ටාර්ක්ලා කියන්නෙ මරන්ට හරිම අමාරු ජාතියක් වගේ."

"උඹලා ලැනිස්ටර්ලා ඒක මතක තියාගෙන හිටියොත් හොඳයි." ඔහු අසිපත පහත් කලේ ය. "හොඩෝර්, මගේ මල්ලිව මෙහාට ගෙනෙන්."

"හො-ඩෝ-ර්." ඔහු පිළිතුරු දුන්නේ ය. සිනාමුසු මුහුණින් යුතුව ඉදිරියට පිය මැන්න ඔහු බ්‍රැන්ව ස්ටාර්ක්වරුන්ගේ උස් ආසනය මතින් තැබුවේ ය. මේ ආසනය වනාහි ස්ටාර්ක්වරුන් රජවරුන් මෙන් උතුර පාලනය කල කාලයේ සිට ඔවුන් විසින් භාවිතයට ගැනුනු එකක් විය. ගලින් නිමවුනු එය අනවරත පාවිච්චිය නිසා හොඳින් මැදී මටසිලුටු වී තිබින. එහි අත් ඇඳි දෙක දත් විලිස්සාගත් ඝෝරවෘක මුහුණු දෙකක කැටයමකින් හැඩ කර තිබින. පුටුවේ වාඩි වුනු බ්‍රැන් ඇඳි දෙක දෑතින් අල්ලා ගත් අතර ඔහු ගේ වැඩකට නැති දෙපා පුටුවේ පහළට එල්ලී වැටින. මේ අසු‍නේ දැවැන්ත කම නිසා ඔහුට දැනුනේ තමා කුඩා බිළිඳෙකු පරිද්දෙනි.

රොබ් ඔහු ගේ උරයට අතක් තැබී ය. "උඹ කිවුවා උඹට බ්‍රැන්ව මුණගැහෙන්ට ඕනයි කියලා. හරි, මෙන්න එයා ඉන්නවා ලැනිස්ටර්."


Tyrion Lannister: “I have a tender spot in my heart for cripples and bastards and broken things.”

55 comments:

  1. Bang !!

    කෝ පොම් පොං ?

    ReplyDelete
  2. //කපුටො ඔක්කොම බොරුකාරයො තමා//

    උන් බස්සො වගේ අහිංසක නැද්ද?

    P.S. සමාවෙන්න. මට අමතක වුනා බස්සො කියන්නෙ බෝදිලිමො ජාතියක් කියල. කපුටන් සමග සමානකමක් නෑ. සමහරවිට මකරුන්ට නෑ කමක් ඇති.

    ReplyDelete
    Replies
    1. http://animals.nationalgeographic.com/animals/reptiles/draco-lizard/

      Delete
    2. මොන විදියට බැලුවත් බස්සෝ අහිංසක නෑ. :P

      Delete
    3. අඩුම ගානේ පාට වත්??

      Delete
    4. මේස්ටර් ලුවින් විතර්යි ඇත්ත කිව්වෙ" සමහර වෙලාවට කුරුල්ලො වල්මත් වෙනවා දරුවො."

      මාවත් "වල්"මත් වුනා, කලින් කතාවෙ ඩැනී කෙලී "අස්සයා ගෝන්, ටික්, ටික්" පැදපු හැටි කියෝල.

      කොටින්ම ශාරීරික "ක්‍රැක්ස්" ගැන මුකුත්ම නොදන්න, අර අහිංසක PJ සතා පවා කිව්වෙ නැහ්ද "slam bang thank you ma'am" කියල :)

      Delete
    5. // කොටින්ම ශාරීරික "ක්‍රැක්ස්" ගැන මුකුත්ම නොදන්න, අර අහිංසක PJ සතා පවා කිව්වෙ නැහ්ද "slam bang thank you ma'am" කියල //

      සම්පූර්ණ වැරැද්ද ඩැනීගෙ.. බලන්ට ඉතිං මේ අහිංසක ගෝරිල්ලෙකුටවත් ඉන්ට දෙන්නෙ නැති හැටියක් අද කාලෙ දැරිවියො.. ;-)

      Delete
  3. Nidaagana nagitala comment kalath mama eka. :)

    ReplyDelete
    Replies
    1. "මාම" එක? මං කොහොමද කුමාරයෙක්ට මාම වුනේ? මං ටයනුරට නෙමෙයි කියල ලියන විදිහෙන් තේරුනෙ නැද්ද?

      Delete
    2. දුරකතනයෙන් ටයිප් කරන කල්හි ටයනු රට එව්වා ටයිප් කොරන්ට අපහසුය. :P
      අපේ මාමලා නම් ලොව පුරා සිටිති ලු :P

      Delete
    3. ලොවේ සිටින ඔබවහන්සේගේ මාමලා ගැන මං නොදන්නා අතර මං බැරිවෙලාවත් ඔබවහන්සේගේ මාමෙක් වුනොත් දැන් ලොවි ගහේවත් ඉන්නේ නැති බව ගෞරවයෙන් සැලකර සිටින වගයි. .

      (psst- @ N මොටානෝ , මේ වහන්සේ මට නෑදෑකං කියන්න ගියොත් වෙන ටයනු කුණාටුත් එහෙම නොකියන්න බැරිනෑ. මේක වහාම නැවතිය යුතුයි. අර ඉස්සර පක්සියෙක් දැන් බෝදිලිමෙක්ලු. මෙහෙම ගියොත් මං මොකෙක්වෙලා නවතියිද දන්නෙ නෑ )

      Delete
    4. "නිදාගෙන නැගිටලා කමෙන්ට් කලත් මම එක " යන වාක්‍ය ඛණ්ඩය singlish වලින් ටයිප් කිරීමට ගොස් සිදුවූ ප්‍රමාද දෝෂය ගැන අපගේ බලවත් කණගාටුව .

      Delete
    5. ටයනු කුණාටුවලින් හානි සිදු නොවනබව කරුණාවෙන් දැනුම් දෙමි. :D

      Delete
    6. //....මාමෙක් වුනොත් දැන් ලොවි ගහේවත් ඉන්නේ නැති බව ...//

      එතකොට දැන් ලොවි ගහේ කවුරුත් නැත්ද? එහෙනං මට බැරියෑ, ඔය නිවාඩුවකට ආවම ලැගුම් ගන්න. ලොවිත් පලතුරු ජාතියක් නෙව?

      Delete
  4. කොටා ජෝන් ගැන මොනවා කියායිද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මනෝජ්... :D :D

      Delete
  5. චීස් කෑල්ලකුයි වයින් ඩිංගකුයි වත් නැද්ද.කණ පැලෙන්න බඩගිනියි.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියට උදේට කන්න දුන්නෙ නැද්ද ගෙදරින් :)

      Delete
    2. //වීරයොයි හමුදායි බුරුතු පිටින් උං අතින් මැරුම් කෑවා.//

      එච්චරයි අද menu එකේ කෑම

      Delete
    3. හැලපේ ට ගෙදරින් නම් හැලපයක් වත් නොලැබෙන සෙයකි.

      Delete
    4. රොබ්ට කියලාවත් බැරි වේවිද අපේ හැලපයියාට වින්ටර්ෆෙල්වල කුස්සියෙවත් වැඩක් සෙට් කර ගන්ට.

      Delete
    5. හී හී මටත් පේන්නේ ඒ හැලපෙට මේ දවස්වල කන්ට ලැබෙන්නේ නෑ වගේ...

      Delete
    6. කඩේ විකුනන්ට තියෙන හැලපයක් වත් කොටා බාපන් අය්යේ...

      Delete
  6. අනේ මේ නාකි ආයම්මගෙ කතා නිසා මගේ ඔලුවත් අවුල් උනා . ඒ මදිවට ටිරියන් කාරයත් ඇවිත් මොනා කරන්න හදනවද දන්නෙ නැහැ......

    ReplyDelete
    Replies
    1. මේ දවස්සොල ඒ ඔළුවෙ Owl තමාලු ඉන්නෙ.. :-P

      Delete
    2. එහෙම කිවුවා විතරයි, බලහල්ලකො බස්සා එකේක වැඩ පෙන්නන්ටත් පට්ාං අරං! :-P

      Delete
  7. බ්‍රැන් ද බිල්ඩර් ට අපගේ බලවත් විරෝධය. :P

    ReplyDelete
    Replies
    1. කොහේ හරි වට රවුමක ගිහින් හිටගෙනම ඔය බව කීවානම් හරි. :P

      Delete
    2. හරි එහෙනම් කස්ටියම සෙට් වෙන්ටකෝ ලිප්ටන් වටරවුමට :P

      Delete
    3. සුදු වෑන් එකක් එවන්නම්. කට්ටිය රෙඩි වෙලා ඉන්ට. :P

      Delete
    4. අපි නම් බය නැල්ලු . ඔය කොයි වටරවුමත් අපිට ගෙදර වගේ තමයි එක්තරා කාලෙක. :D

      Delete
  8. මේ හතරවෙනි කොටස නේද පොඩ්ඩි අක්කේ,මං මේ ටිකේ කියෝන පොත මේක, නියමයි,මට නලින් අයියා කිවුවා ඒත් අදයි දැක්කේ, ගොඩක් හොද වැඩක් මේක,,, ස්තුති

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා මේ භයානක මාලිගාවට...:D

      කොටස් ගොඩක් පහුවෙලා ඔමා. දකුණු පැත්තට ගිහින් බලන්ට මුල ඉඳන්.

      Delete
  9. වෙලාවේ හුටපටේ හින්දද මන්දා මේලය එන්ට වෙලා යනවනේ කුමාරියේ....

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමත් එකක්ද? Reader එකේ add කරලා තිබ්බනං ටක් ගාලා පෙන්නයි.. සමහර බ්ලොග් රෝල්වලත් පෙන්නන්ට වෙලා යනවා..

      Delete
    2. මොනවහරි කොරන්න ඕන...

      Delete
  10. කපුටට කොහොමද දන්නෙ නෑ නේද කින්ග්ස් ලෑන්ඩින්ග් යන්නද ඕනි පවුරටද යන්න ඕනි කියල තේරුම් කරල දෙන්නෙ... වැරදි තැනකට හරි වැරදි කෙනෙක් ලඟට හරි ගියොත් ඉවරයිනෙ

    ReplyDelete
    Replies
    1. ඒ ඒ තැනට යන්ට පුරුදු කරපු කපුටො වෙන වෙනම කූඩුවල දාලා ඉන්නවා.. අදාල කූඩුවෙන් කපුටෙක් අරන් යැවුවහම දන්නවා මූ යන්නෙ කින්ග්ස් ලෑන්ඩින්ග්වලටද නැත්තං ප්‍රාකාරෙටද කියලා.. කාලෙන් කාලෙට මේ කපුටො ආයෙමත් හුවමාරු කරගෙන update කරගන්ට ඕන.. ඒක මේස්ටර් කෙනෙකුගෙ ප්‍රධානම රාජකාරියක්..

      ඇයි ඔය දරුවා අහලා නැද්ද ආදි කාලෙ පරෙවියො යොදාගෙන පණිවුඩ හුවමාරු කලයි කියලා? ඒත් මේ වගේ system එකකට තමා..

      Delete
    2. ඔය කාක්කො වැඩ දවස් පඩියට. වැඩ කියන්නෙ කූඩුවලට වෙලා කකා බිබී ඉන්නවා. ලියුම් ගෙනියනව කියන්නෙ OT, බටා ඔක්කොම ගාස්තුව දෙන්න ඕනෙ ඉරිඟු ඇට වලින්. වැරදි තැනට ඩිලිවරි කලොත් නෝ බටා. කාක්කෙක්ම තමා මට කිව්වෙ.

      Delete
    3. මිස් කෝල් එකක් දෙන්න ඕනේ වුනාම පණිවිඩයක් නැතුව නිකම්ම කාක්කාව යවනවා...

      Delete
    4. ඔහොම සීන් එකක් තිබුනා නේද මොකක් හරි කොමික් කෑල්ලක.. මට මතක විදියට රාජසභාව වෙන්ට ඕන..

      රජතුමා: ආ පුරෝහිත මේ පැත්තෙ ආපු එක හොඳයි! මම දැක්කා පුරෝහිතගෙ පරෙවියා නං උදේ ඉඳන් මේ පැත්තෙ කැරකි කැරකි ඉන්නවා. ඒ වුනාට කකුලෙ මොකුත් පණිවුඩයක් එහෙම ගැටගහලා තිබ්බෙ නං නෑ...

      පුරෝහිත: ආ ඔව් රජතුමනි. මේ... තල්පත් ඉවරවෙලා... ඉතිං මම නිකං පරෙවියාව එවුවා නිකං මේ මේ... මිස් කෝල් එකක් වගේ... මං හිතුවෙ රජතුමා උගෙ අතේ පණිවුඩයක් එවයි කියලා..

      Delete
    5. මම දැක්කේ කුමාර තිරිමාදුර කියන නලුවා ටීවී එකේ ජෝක් කතාවකට කිව්වා... සමහරවිට රාජසබාවෙන් අහගෙනද වෙන්නත් ඇති... :)

      Delete
  11. අතීතයට එබී බලමු කියලා බුරා බලන් හිටියා වගේ ලියලා තියෙන්නේ මේ නාකි ආයම්මාගේ කතන්දරද එතකොට...?

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඇත්තටම සිද්දවෙච්චි දේවල් තමා කතන්දරවල තියෙන්නෙ.. කොහෙද ඉතිං බොලා අපි කියන කතන්දර අහනවයැ.. :-P

      Delete
  12. අර මනුස්සයට කතන්දරේ කියලා ඉවර කරන්න අරින්න එපෑ.. දැන් ඉතිං ආයේ ඕකේ අග්ගිස්ස මේ සම්මජ්ජාතියට අහන්න වෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඕකෙ අග්ගිස්ස විතරක් නෙවෙයි, මේ කිසිම කතාවක අග්ගිස්ස අහගන්ට වෙන්නෙ නෑ මාර්ටින් ලොක්කා හදිසියෙ මළොත් එහෙම.. :-D

      Delete
    2. ඔය වල් මාටියා මලොත් කෙලින්ම යන්නෙ අපායෙ. ඒක ඉතිං අපේ මාර දිවිය පුත්තරයගෙ වැයික්කිය නෙව? ඉස්සෙල්ල කටි ඉඹුල යට වාඩිකරාවි. ලෝදිය වඩි දෙකකුත් දේවි. ඊට පස්සෙ ඉතිං " හා, හා ඊළඟ, ඊළඟ" තමා

      Delete
  13. තරහා අවසර ආයිබොවන්.. මම මේ දැන ගන්න අහන්නේ. බ්‍රැන් උතුමානන්ගෙ කකුල් දෙක විතරයි නේද පන නැත්තෙ.. අර ඊට ටිකක් උඩින් තියෙන.. අර 'අහවල් එකට" පන තියෙනවනෙ? මම මේ බැලුවෙ.. ජොෆ්‍රිට සන්සා ගැන හිත ගියා වගේ අර සුරූපී මර්ශෙලා කුමරිය ගෙ හිත මෙයාට ගියොත්. කල් තියා එතුමියගෙ අන්ත: පුරයට බැඳෙන්න ඉල්ලුම් පත්‍රයක් දාන්න.. අපෙ අති උතුම් බුරානෝ කිව්ව වගේ හරි වෙලාවට හරිම තැන ඉන්න දැන ගන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. // "බෑ මගෙ වස්තුවෙ." නෙඩ් කීය. ඇයට බොරු කියා තේරුමක් නොමැති බව ඔහුට වැටහින. "ඒත් දවසක එයා ලොකු බලකොටුවක උසස් වංශාධිපතියෙක් වෙලා රජතුමාගෙ උපදේශක සභාවෙ වාඩි වෙයි. එයත් බ්‍රැන්ඩන් දි බිල්ඩර් වගේ ලොකු බලකොටු ගොඩනගයි. එහෙමත් නැත්තම් නැවක නැගලා මුහුදු තරණය කරයි. නැත්තම් ඔයාගෙ අම්මගෙ සත්‍ය ලබ්ධියට බැඳිලා උසස් පූජකයෙක්, සමහරවිට නායක පූජකයා වෙයි." එනමුදු ඔහුට කෙදිනකවත් සිය වෘකයා සමගින් දිව යා නොහැකි වනු ඇත; ගැහැණියක හා යහන් ගතවීමට නොහැකි වනු ඇත; තමාගේම දරුවකු දෝතින් ගෙන සුරතල් කිරීමට නොහැකි වනු ඇත; නෙඩ් දුකින් කල්පනා කලේ ය. // {Eddard 05]

      Delete
    2. //එතුමියගෙ අන්ත: පුරයට//

      එහෙමත් එව්වා තියෙනවද වල් සේර්??

      Delete
  14. ලෝකෙ ඉන්න ඔක්කොම කුරුල්ලන්ට වඩා කපුටා සත්‍යයට කිට්‍ටුයි..

    ReplyDelete