Friday 19 September 2014

එඩාර්ඩ් 04-2


අන්තිමේදී සුළැඟිල්ලා දැවයෙන් නිමකල, ගරාවැටුනු, තුන්මහල් ගොඩනැගිල්ලක් සමීපයේ සිය අසු නැවැත්වීය. වැඩිවන අඳුර මධ්‍යයේ එහි කවුළු පහන් එළියෙන් දීප්තිමත්ව බැබලින. සංගීතය හා රළු සිනහ හඬ එයින් පිටතට ඇසෙන්නට විය. දොර පසෙකින් අලංකාර පහනක් දම්වැලකින් එල්ලා තිබින.

නෙඩ් ස්ටාර්ක් කෝපයෙන් යුතුව සිය අසු පිටින් බැස්සේ ය. "ගනිකා මඩමක්." ඔහු කීවේ සුළැඟිල්ලාව උරහිසෙන් අල්ලා රළු අයුරින් තමා දෙසට හරවමිනි. "උඹ මෙච්චර දුර මාව එක්කන් ආවෙ ගනිකා මඩමකටද?"

"ඔබේ බිරිඳ ඇතුළෙ ඉන්නවා." සුළැඟිල්ලා කීවේ ය.

ඒ අවසාන අවමානය විය. "බ්‍රැන්ඩන් උඹට කරුනාවන්ත වුනා වැඩියි." නෙඩ් කීවේ කුඩා මිනිසාගේ ගෙලින් ඔසවා වැරෙන් බිත්තියේ ගසමිනි. සිය කිනිස්ස ඇදගත් ඔහු එහි තුඩ කුඩා එළු රැවුලට පහළින් ගෙලට තද කලේ ය.

"ම‍ගේ උතුමානනි එපා." කටහඬක් කෑ ගැසුවේ ය. "එයා ඇත්ත කියන්නෙ." ඔහුට පිටුපසින් අඩි ශබ්දයක් ඇ‍සෙන්නට විය.

කිනිස්ස අතේ ඇතිව ආපසු හැරුනු නෙඩ් තමා දෙසට ඉක්මනින් එන සුදු පැහැ හිසකෙසින් යුතු මහලු මිනිසකු දුටුවේ ය‍. දුඹුරු පැහැ රළු ඇඳුමක් හැඳ සිටි ඔහු දුවන අත‍රේ ගෙලට යටින් වූ රැළි ලෙළ දුන්නේ ය. "මේක උඹට අයිති වැඩක් නෙවෙයි." නෙඩ් කී‍වේ ය‍. එනමුදු ඊළඟ මොහොතේ ඔහු ඒ පුද්ගලයාව හඳුනා ගත්තේ මවිතයට පත්ව කිනිස්ස පහත් කලේ ය‍. "සෙර් රඩ්‍රික්?"

රඩ්‍රික් කසල් හිස වැනුවේ ය‍‍. "ඔබතුමාගෙ ආර්යාව උඩුමහලේ බලන් ඉන්නවා."

නෙඩ් ට මුළා වූ සෙයක් දැනින. "කැට්ලින් ඇත්තටම මෙහෙ ඉන්නවා? මේක සුළැඟිල්ලාගෙ විහිළුවක් නෙවෙයිද එහෙනම්?" ඔහු කිනිස්ස නැවත කොපු‍වේ ලෑවේ ය.

"ඒක එහෙම වුනා නම් කොච්චර හොඳද නේද ස්ටාර්ක්?" සුළැඟිල්ලා කීය. "මගෙ පස්සෙන් එන්ට. පුළුවන් තරං රජතුමාගෙ අත නෙවෙයි, නිකං සාමාන්‍ය ගෑනු සොඬෙක් වගේ පේන්ට ඉන්ට. ඒ කාටවත් ඔබව අඳුරගන්ට බැරිවෙන්ටයි. සමහරවිට ඔය යන ගමන් කෙල්ලෙක්ගෙ තනයක් දෙකක් මිරිකුවත් කමක් නෑ."

ඔවුහු ගොඩනැගිල්ල තුළට වැදුනහ. මිනිසුන්ගෙන් පිරී ගිය ප්‍රධාන ශාලාවේ මහත ගැහැණියක් ග්‍රාම්‍ය ගීත ගයමින් සිටියා ය. හන හා සේද රෙද්දෙන් සැරසුනු ලස්සන තරුණ කෙල්ලෝ සිය ආදරවන්තයින් ගේ උකුළු මතට වී තොඳොල් වෙමින් උන්හ. කිසි කෙනෙක් නෙඩ් වෙත සුළු හෝ අවධානයක් නොදැක්වූහ. සෙර් රඩ්‍රික් පහත මාලයේ නතර වූ අතර නෙඩ් ව තෙවන මහලට කැඳවා ගෙන ගිය සුළැඟිල්ලා බරාඳය දිගේ ගොස් දොරක් විවර කලේ ය.

කාමරය තුළ කැට්ලින් බලාපොරොත්තුවෙන් සිටියා ය. ඔහු දුටු ඈ කෑ ගසමින් ඔහු වෙත දිව විත් ඔහුව දැඩිව බදා ගත්තා ය.

"මගේ ආර්යාවනි." නෙඩ් විස්මයෙන් කොඳුලේ ය.

"ආහ්! බොහොම හොඳයි. ඔබ එහෙනම් එයාව අඳුරගත්තා." සුළැඟිල්ලා කීවේ කාමරයේ දොර වසමිනි.

"මම බයේ හිටියෙ ඔයා කවදාවත් එන එකක් නෑ කියලා මගේ උතුමානනි." ඔහු ගේ පපුවට හේත්තු වී ඇය මිමිනුවා ය. "පෙටයර් මට හැම විස්තරයක්ම ගෙනාවා. එයා මට කිවුවා ආර්යායි කුමාරයායි අතර සිද්දවෙච්ච ප්‍රශ්න ගැන. ම‍ගේ කෙල්ලො දෙන්නා කොහොමද?"

"දෙන්නම තවම දුක් වෙනවා. ඒ වගේම දෙන්නම තවම තරහින් ඉන්නෙ. කැට් මට තේරෙන්නෙ නෑ. ඔයා මොනවද මේ කින්ග්ස් ලෑන්ඩින්ග්වල කරන්නෙ?මොකක්ද සිද්දවුනේ? ඒ බ්‍රැන් ද? එයා..." ඔහු ගේ මුවට නැගුනු වචනය 'මැරිලාද' යන්න වුවද ඔහුට එය කියා ගත නොහැකි විය.

"ඒ බ්‍රැන් ගැන තමා. ඒත් ඔයා හිතන දේ නෙවෙයි."

නෙඩ්ට අතරමං වූ සෙයක් දැනින. "එහෙනම් මොකක්ද? ඇයි ඔයා මෙහෙ ඉන්නෙ මගෙ වස්තුවෙ? මොකක්ද මේ තැන?"

"ඔබට පේන දේම තමා." සුළැඟිල්ලා කීවේ කවුළුව අසල වූ පුටුවකට බරවෙමිනි. "ගනිකා මඩමක්. ඔබට හිතාගන්ට පුළුවන්ද කැට්ලින් ටලී වගේ කෙනෙක් හංගන්ට මීට වඩා හොඳ තැනක්? කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ එයාව දැක්කත්. ඇත්තම කියනවා නම් මට තමා මෙතැන අයිති. ඒක නිසා ඒ වැඩ ටික සූදානම් කරන එක එච්චර අමාරුවක් වුනේ නෑ. මට වැඩියක්ම ඕන වුනේ කැට් මෙහෙ කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉන්නවා කියන එක ලැනිස්ටර්ලාගෙන් වසන් කරන්ටයි."

"ඇයි?" නෙඩ් ඇසුවේ ය. ඊළඟ මොහොතේ ඔහු ඇයගේ දෑත් දුටුවේ ය. ඇය ඔහුව බදා සිටින නුහුරු විලාසය, ඇඟිලි වල ඇති ගැඹුරු රතු පැහැ තුවාල කැළැල්, වම‍තේ නැමිය නොහැකි අවසාන ඇඟිලි දෙක, මේ සියල්ල දුටුවේ ය. "ඔයාට තුවාල වෙලා." ඇගේ දෑත් සිය සුරතින් ගත් ඔහු ඒවා හරවා බැලී ය. "දෙයියනේ! මේවා බොහොම ගැඹුරු කැපුම්... කඩු පාරකින් වෙච්චි එකක්ද නැත්තං... කොහොමද මේක වුනේ මගේ ආර්යාවනි?"

සිය සළුව තුළින් කිනිස්සක් ඇද ගත් කැට්ලින් එය ඔහු ගේ අත්ල මත තැබුවා ය. "මේ කිනිස්ස එවලා තිබුනෙ බ්‍රැන්ගෙ උගුරු දණ්ඩ කපලා දාන්ට."

"ඒත්... කවුද... ඇයි එහෙම..."

ඇය ඔහු ගේ දෙතොල් මත ඇඟිල්ලක් තැබුවා ය. "ඉන්ට මම ඔක්කොම විස්තරේ කියන්නම් මගෙ වස්තුවෙ. ඔයා අහගෙන ඉන්ටකො. එතකොට ඉක්මන්."

ඉදින් ඔහු නිහඬව අසා සිටියදී ඇය සම්පූර්ණ විස්තරයම කීවා ය. පුස්තකාල කුළුණේ ගින්න, වාරිස්, සෙබළුන්, සුළැඟිල්ලා මේ හැම දෙයක්ම කීවා ය. ඇය කතාව නිම කල පසු තෝන්තු වී ගිය හිසින් යුතු එඩාර්ඩ් ස්ටාර්ක් කිනිස්සද අතැතිව මේසය අසලින් වාඩි විය. 

'එහෙනම් බ්‍රැන් ගේ වෘකයා දරුවාගේ ජීවිතය බේරුවා' ඔහු නොපැහැදිළි මනසින් යුතුව කල්පනා කලේ ය. හිම මත වෘක පැටවුන් සොයාගත් දිනයේ ජොන් පැවසූයේ කුමක් ද? 'මේ පැටවු ඇවිල්ලා තියෙන්නෙ ඔබේ දරුවන්ට හිමි වෙන්ටමයි මගෙ උතුමානෙනි.' ඒත් ඔහු සන්සා ගේ පැටවා මරා දැම්මේය. ඌ කුමන වරදක් කලාට ද? ඔහුට මේ දැනෙන්නේ වරදකාරී හැඟීමක් ද නැතිනම් බියක් ද? මේ වෘක පැටවුන් සැබැවින්ම එවන ලද්දේ දෙවියන් විසින් නම් ඔහු මේ සිදු කර ඇත්තේ කවර නම් මුග්ධ ක්‍රියාවක් ද?

අසීරුවෙන් මුත් නෙඩ් කිනිස්ස හා එහි කතාව ගැන සිය සිත යොමු කලේ ය. "පුංචි යකාගෙ කිනිස්ස." නමුත් ඔහුට කිසිදු දෙයක් තේරුම් ගත හැකි වූයේ නැත. ඔහු ‍ගේ අතැඟිලි මකරාස්ථියෙන් කල සිනිඳු මිට වටා තදින් එතුනි. ඔහු එයින් වැරෙන් මේසයට ඇන්න අතර තලය ලීය තුළ ගැඹුරට ඇනී ගියේ ය. "ඇයි ටිරියන් ලැනිස්ටර්ට බ්‍රැන්ව මරන්ට ඕන? ඒ දරුවා එයාට කිසිම හානියක් කරලා නෑ?"

"ස්ටාර්ක්ලාගෙ කණ් දෙක මැද්දෙ හිම ඇරෙන්ට වෙන මොකුත් නැද්ද?" සුළැඟිල්ලා ඇසී ය. "පුංචි යකා මේක තනියෙන් කලා වෙන්ට බෑ."

නැගිට සිටි නෙඩ් කාමරය තුළ එහා මෙහා සක්මන් ක‍ලේ ය. "රැජිණට මේකෙ සම්බන්ධයක් තියෙනවා නම්, නැත්තම් රජතුමාට... දෙයියන්ටම පෙනිච්චාවෙ. මට ඒක විශ්වාස කරන්ට බෑ." එනමුදු මේ වදන් පවසද්දී ඔහුට සිහිපත් වූයේ එක්තරා දිනෙක, උතුරුකරයේ සීතල උදෑසනකදී රොබර්ට් පැවසූ වදන් ය. ටාර්ගේරියන් කුමරිය ඝාතනය කිරීමට මිනීමරුවකු යැවීම ගැන ඔහු නෙඩ් හා දොඩා තිබින. ඔහුට රේගාර් ගේ බිළිඳු කුමරා මතක් විය. සුනුවිසුනු වී ගිය හිස්කබලෙන් යුතු කුඩා කුමරා සහ රජතුමා ඒ නොදුටුවාක් මෙන් ඉවත හැරුනු අයුරු. ඒ විලසින්ම එදා ඩැරී උතුමානන් ගේ සභා ශාලාවේදී ඔහු ඉවත හැරුනු අයුරු. අතීතයේ එක්තරා දිනෙක ලියානා බැගෑපත්ව ආයාචනා කල පරිද්දෙන්ම එදා සන්සා ආයාචනා කල අයුරු ඔහුට මේ දැනුත් ඇසෙන්නාක් මෙනි.

"ගොඩක් වෙලාවට අපට හිතන්ට පුළුවන් රජතුමා මේ ගැන දන්නෙ නෑ කියලා." සුළැඟිල්ලා කීය. "මේ පළමුවෙනි වතාව නෙවෙයි. අපේ හොඳ රොබර්ට් පුරුදුවෙලා ඉන්නවා එයාට දකින්ට ඕන නැති දේ දැක්කෙ නෑ වගේ අහක බලන් ඉන්ට."

මීට දිය යුතු පිළිතුරත් නෙඩ් සතුව නොවී ය. දෙපළු කර දමන ලද මස්කාරයා ගේ පුතා ගේ අහිංසක මුහුණ ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. රජතුමා මේ ගැන වදනකුදු නොදෙඩී ය. නෙඩ් ගේ හිස බමන්නට විය.

සුළැඟිල්ලා අලස ගමනින් මේසය අසලට අවුත් ලීයේ ඇමිනී තිබුනු කිනිස්ස ගලවා ගත්තේ ය‍. "අනිත් එක, මේ සැක කිරීම වුනත් රාජද්‍රෝහී ක්‍රියාවක්. රජතුමාව සැක කරනවා කියන්නෙ, ඔබේ කටින් වචන ටික පිටවෙන්ටත් කලින් ඔබට සිද්දවෙනවා ඉලියන් පේය්න් එක්ක හැප්පෙන්ට. රැජිණ... ඔබට සාක්කි හොයාගන්ට පුළුවන් වුනොත්.. ඔබට පුළුවන් වුනොත්, රොබර්ට් ඔබට ඇහුම්කන් දුන්නොත්.. එහෙම වුනොත් සමහරවිට.."

"අපට සාක්කි තියෙනවා." නෙඩ් කීය. "අපට මේ කිනිස්ස තියෙනවා."

"මේක? බොහොම ලස්සන වානේ කෑල්ලක්. ඒ වුනාට මේක දෙපැත්තම කැපෙනවා මගේ උතුමානනි. කිසිම සැකයක් නෑ පුංචි යකා දිවුරයි එයා වින්ටර්ෆෙල්වල ඉන්දැද්දි මේක නැතිවුනා නැත්තං හොරකම් කලා කියලා. එයා කුලියට ගත්ත මිනීමරුවාත් මැරිච්ච එකේ කවුද ඉන්නෙ එයා කියන්නෙ බොරුයි කියලා කියන්ට? මම දෙන උපදේශය මේක ගඟට විසිකරලා දාලා එහෙම එකක් තිබුනා කියලා අමතක කරලා දාන්ට කියලයි."

නෙඩ් ඔහු දෙස සීතල බැල්මක් හෙලුවේ ය. "බේලිෂ් උතුමානනි. මම වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙක්. මගේ පුතා අබ්බගාතයෙක් වෙලා වැටිලා ඉන්නවා. සමහරවිට එයා මැරෙන්ට වැටිලා ඉන්නවා වෙන්ටත් පුළුවන්. අපට හිම ගොඩක ඉඳලා හම්බවුන වෘක පැටියෙක් නොවෙන්ට එයයි කැට්ලිනුයි දෙන්නම මෙලහට මැරිලා. ඔබ ඇත්තටම විශ්වාස කරනවානම් මට ඒක අමතක කරලා දාන්ට පුළුවන්ය කියලා, මට කියන්ට තියෙන්නෙ ඔබ එදා මගේ සහෝදරයත් එක්ක සටන් කරන්ට ආ දවසේ වගේම තාමත් මෝඩයි කියලයි."

"මම මෝඩයෙක් වෙන්ට පුළුළුන් ස්ටාර්ක්... ඒ වුනත් මම තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඔබේ සහෝදරයා දැන් අවුරුදු දාහතරක් තිස්සෙ එයාගෙ සීතල මිනී වලේ දිරාපත් වෙනවා. ඔබටත් ඕන නම් එයාගෙ පැත්තකට වෙලා දිරාපත් වෙන්ට, මම ඒක වළක්වන්ට යන්නෙ නෑ. ඔබට ඕන ඒක නම්, බොහොම ස්තූතියි, මම ඔබේ පැත්තට නෑවිත් ඉන්නම්."

"මම, ම‍ගේ කැමැත්තෙන්, මගේ පැත්තට එක්කහු කරගන්න අවසානම කෙනා ඔබයි බේලිෂ් උතුමානනි."

"ඔබ මට බොහොම තදින් රිද්දනවා." සුළැඟිල්ලා හදවත මතුයෙහි අතක් තැබී ය. "මට හැමදාමත් දැනුන දෙයක් තමා ස්ටාර්ක්ලා කියන්නෙ හරිම හිරිහැරදායක කට්ටියක් කියන එක. ඒ වුනත් මට තේරුම් ගන්ට බැරි මොනවදෝ මන්දා හේතු ගොඩක් නිසා කැට් ඔබට ආදරය කරනවා. එයා වෙනුවෙන් මම ඔබව පණ පිටින් තියාගන්ට උත්සාහ කරන්නම්. මට පිළිගන්ට වෙනවා ඒක මහ මෝඩ උත්සාහයක්. ඒ වුනත් මට කිසිමදාක ඔබේ බිරිඳට කිසිම දේකට බෑ කියන්ට බෑ."

"ජොන් ඒරින්ගෙ මරණය ගැන අපට තියෙන සැකය මම පෙටයර්ට කිවුවා." කැට්ලින් කීවා ය. "එයා පොරොන්දු වුනා ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට ඔයාට උදවු කරන්ට."

මේ ප්‍රවෘත්තිය එඩාර්ඩ් ස්ටාර්ක් ‍ගේ සිතට සතුටක් ගෙන ආ‍වේ නැත. එනමුදු සත්‍යවශයෙන්ම බැලුවහොත් ඔවුන්ට උදවු උවමනා වී තිබුනු අතර එක් කලෙකදී සුළැඟිල්ලා කැට්ලින්ට සහෝදරයකු තරම් කිට්ටුවන්තයකු වී සිටියේ ය. තමා විසින් ගර්භා කොට සලකනු ලබන මිනිසුන් සමග එකට එක්වී වැඩ කිරීමට නෙඩ්ට බලකෙරුනු පළමු අවස්ථාව මෙය නොවේ. "හොඳයි." ‍නෙඩ් කීවේ කිනිස්ස සිය බඳපටියේ රුවා ගනිමිනි. "ඔයා වාරිස් ගැනත් කිවුවා. ඒ නපුංසකයත් මේ හැම දෙයක් ගැනම දන්නවද?"

"මගේ කටින් නම් දැනගන්ට ලැබුනේ නෑ." කැට්ලින් කීවා ය. "ඔයා කසාද බැන්දෙ මෝඩයෙක් නෙවෙයි එඩාර්ඩ් ස්ටාර්ක්. ඒ වුනාට වාරිස්ට තියෙනවා අරුම පුදුම හැකියාවක් අනිත් මිනිස්සු නොදන්න දේවල් දැනගන්ට. එයාට මොකක් හරි මායා බලයක් තියෙනවා නෙඩ්. මම දිවුරනවා."

"එයාට හැමතැනම ඔත්තුකාරයො ඉන්නවා. ඒක කවුරුත් දන්න දෙයක්නෙ." නෙඩ් කීවේ ඇගේ මතය බැහැර කරමිනි.

"ඒක ඊට වඩා වැඩි දෙයක්." කැට්ලින් තිර ස්වරයෙන් කීවා ය. "සෙර් රඩ්‍රික් සෙර් ආරොන් සැන්ටගාර්ව හොර රහසෙම මුනගැහිලා කතා කලා. ඒ වුනත් මකුළුවා කොහොමහරි දැනගත්තා ඒ කතා වුන දේ ගැන‍. මට බයයි ඒ මිනිහා ගැන."

සුළැඟිල්ලා සිනාසුනේ ය. "වාරිස් උතුමානන් ගැන වද වෙන එක මට බාරදෙන්ට ආර්යාවනි. මට පුළුවන් මිනිහව අල්ලෙ නටවන්ට. මම ඔබ නම් වාරිස්ට වඩා මම වදවෙන්නෙ ලැනිස්ටර්ලා ගැනයි."

ඒ බව නෙඩ්ට කියාදීමට සුළැඟිල්ලා අවශ්‍ය නොවිනි. ගංගා ත්‍රිශූලයේදී ආර්යාව සොයා ගත් දිනය ඔහු ගේ සිහියට නැගින. 'අපට වෘකයෙක් ඉන්නවා' යැයි මෘදු ස්වරයෙන් තෙපලද්දී රැජිණගේ මුහුණේ තිබුනු බැල්ම, මස්කාරයා ගේ පුතා වූ මයිකා, ජොන් ඒරින් ගේ හදිසි මරණය, බ්‍රැන් වැටී සිටි ආකාරය, පිස්සු රජා ඒරිස් ටාර්ගේරියන් සිය සිහසුන් කාමරය තුළම මියගොස් සිටි අන්දම යන මේ සියල්ල ඔහු ගේ සිහියට නැගින. "මගේ ආර්යාවනි." ඔහු කැට්ලින් දෙසට හැරෙමින් කීවේ ය. "ඔයාට තවදුරටත් මෙහෙ කරන්ට දෙයක් ඉතුරුවෙලා නෑ. මට ඕන ඔයා ඉක්මනින්ම වින්ටර්ෆෙල්වලට ආයෙමත් පිටත් වෙලා යන්ටයි. එක මිනීමරුවෙක් ආවා කියන්නෙ තව මිනීමරුවො එන්ට පුළුවන් කියන එකයි. බ්‍රැන් මැරෙනවා දකින්ට ඕන වුනේ කාට වුනත් එයාලා ඉක්මනටම දැනගනීවි දරුවා තාමත් ජීවතුන් අතර කියලා."

"මම හිතාගෙන හිටියෙ මගේ කෙල්ලො දෙන්නව බලන්ට..."

"ඒක ලොකු මෝඩ වැඩක්." සුළැඟීල්ලා කීවේ ය. "රතු බලකොටුවෙ හැමතැනම ඇස් තියෙනවා. අනික දරුවො දන්නෙ නෑ මොනාද කියන්ට ඕන මොනාද කියන්ට ඕන නැත්තෙ කියලා."

"එයා කියන්නෙ ඇත්ත මගේ වස්තුව." නෙඩ් කීවේ ඇයව වැළඳගනිමිනි. "සෙර් රඩ්‍රික් එක්ක ආපහු වින්ටර්ෆෙල්වලට යන්ට. මම කෙල්ලො දෙන්නව බලාගන්නම්. ඔයා ගෙදර ගිහිල්ලා අපේ පුතාලව පරෙස්සමින් බලාගන්ට."

"ඔබ කියන විදියට මගේ උතුමානනි." ඇය හිස එසවූ අතර නෙඩ් ඇගේ දෙතොල් සිප ගත්තේ ය. ඇ‍ගේ තුවාල වුනු අතැඟිලි දැඩිව ඔහුගේ පිට බදාගත්තේ සදහටම සිය දෑත් තුළ ඔහුව සඟවා රැකවරණය දීමට මෙනි.

"උතුමානනුයි ආර්යාවයි කැමතිද නිදන කාමරයක් පාවිච්චි කරන්ට?" සුළැඟිල්ලා ඇසුවේ ය. "ඒ වුනත් මම ඔබට අනතුරු අඟවන්ට කැමතියි ස්ටාර්ක්. මෙහෙදි අපි ඒ වගේ දේ වෙනුවෙන් ගාස්තුවක් අය කරනවා."

"අපට ටික මොහොතක් තනිවෙන්ට දෙන්ට. එච්චරයි මම ඉල්ලන්නෙ." කැට්ලින් කීවා ය.

"හොඳයි." සුළැඟිල්ලා දොර දෙසට ගියේ ය. "ගොඩක් වෙලා ගන්ට එපා. රජතුමාගෙ අතයි මමයි බලකොටුවෙ නැහැයි කියලා කවුරුහරි දැනගන්ට කලින් අපි පිටත් වෙන්ට ඕන."

ඔහු වෙත ගිය කැට්ලින් සිය දෑතින් ඔහු ගේ දෑත් අල්ලා ගත්තා ය. "ඔබ මට කරපු උදවු මම අමතක කරන්නෙ නෑ පෙටයර්. ඔබේ සෙබළු මාව හොයාගෙන ආපු වෙලාවෙ මම දැනගෙන හිටියෙ නෑ මම යන්නෙ යාළුවෙක් ගාවටද නැත්තම් සතුරෙක් ගාවටද කියලවත්. මට මුනගැහුනෙ යාළුවෙක්. නෑ, මට මුනගැහුනෙ මට නැතිවුනයි කියලා මම හිතාගෙන හිටපු සහෝදරයෙක්."

පෙටයර් බේලිෂ් මඳ සිනහවක් පෑවේ ය. "මට ඇඬුම් යන්ට එනවා වගේ මගේ ආර්යාවනි. කාටවත් කියන්ට එපා. මම අවුරුදු ගානක් රාජසභාවට ඒත්තු ගන්නන්ට හැදුවෙ මම බොහොම නපුරු, ක්‍රෑර කෙනෙක් කියලයි. ඒ ඔක්කොම උත්සාහය වතුරෙ යනවා දකින්ට මට ඕන නෑ."

ඔහු ගේ මේ වදන්වලින් බිඳක්වත් නෙඩ් විශ්වාස නොකලේ ය. එනමුදු සිය ස්වරය ආචාරශීලී මට්ටමක පවත්වා ගැනීමට ඔහු උත්සාහ කලේ ය. "ඔබට ම‍ගෙත් ස්තූතිය බේලිෂ් උතුමානනි."

"ආහ්! අන්න ඒක නම් හරිම වටිනා දෙයක්." සුළැඟිල්ලා කීවේ දොරින් පිටවෙමිනි.

ඔවුන්ට පිටුපසින් දොර වැසුනු පසු නෙඩ් සිය බිරිඳ දෙසට හැරුනේ ය. "ඔයා ගෙදර ගිය ගමන්ම මගේ මුද්‍රාව යටතේ පනිවුඩ යවන්ට හෙල්මන් ටෝල්හාර්ට්ටයි, ගැල්බට් ග්ලවර්ටයි. ඒ දෙන්නම දුනුවායො සීය ගානෙ එකතු කරලා මෝට් කේය්ලින් බලකොටුවට යවන්ට ඕන. හොඳ මුරණ්ඩු දුනුවායන් දෙසීයකට පුළුවන් හමුදාවක් ආවත් 'බෙල්ල' අල්ලන් ඉන්ට. මැන්ඩර්ලි උතුමානන්ට දන්වන්ට ධවල වරායෙ තියෙන ලොකු පොඩි බලකොටු හැම එකක්ම අලුත්වැඩියා කරලා ආරක්ෂාව තර කරන්ටයි කියලා. ඒත් එක්කම මට ඕන අද ඉඳන් තියන් ග්‍රේජෝයි ගැන ඇහැ ගහගෙන ඉන්ට. යුද්ධයක් ඇතිවුනොත් අපට එයාගෙ තාත්තාගෙ නැවු ටික උවමනා වෙනවා."

"යුද්ධයක්?" කැට්ලින් ගේ මුහුණේ ඇඳුනු බිය පැහැදිලිව විද්‍යමාන විය.

"ඒක එහෙම නොවෙන්ටත් පුළුවන්." නෙඩ් ඇයට පොරොන්දූ වූයේ එසේ නොවේවායැයි පතමිනි. ඔහු නැවතත් ඇයව සිය දෝතට මැදිකර ගත්තේ ය. "දුර්වල තැනක් දැක්කොත් ලැනිස්ටර්ලාගෙන් කිසිම සමාවක් හම්බවෙන්නෙ නෑ. ඒරිස් ටාර්ගේරියන් ඒක තේරුම් ගත්තා, ඒත් අවාසනාවට එතකොට පරක්කු වැඩියි. ඒ වුනත් මම හිතන්නෙ නෑ රාජධානියෙ බලය ඔක්කොම තමන් අතට ගන්නකම් එයාලා උතුරට පහරදෙන්ට ලෑස්ති වෙයි කියලා. ඒක එයාලට නොලැබෙන තැනට තමා අපි වැඩ කරන්ට ඕන. කිසිම දෙයක් වෙනස් නොවිච්ච ගානට මම දිගටම මේ කෝලම නටන්නම්. අමතක කරන්ට එපා ඇයි මම මෙහාට ආවෙ කියලා මගේ වස්තුව. ජොන් ඒරින්ව මරලා දැම්මෙ ලැනිස්ටර්ලායි කියලා මට සාක්කි හොයාගන්ට පුළුවන් වුනොත්..."

සිය දෑත් තුළ කැට්ලින් වෙවුලනු නෙඩ්ට දැනින. "එහෙම වුනොත්?" ඇය ඇසුවා ය. "ඊට පස්සෙ මොකක්ද කරන්නෙ මගෙ වස්තුව?"

වඩාත්ම අන්තරාදායක කොටස එය වනු ඇති බව නෙඩ් දැන සිටියේ ය. "හැම යුක්තියක්ම ගලන් එන්නෙ රජතුමාගෙනුයි." ඔහු ඇයට කීවේ ය. "ඇත්ත මොකක්ද කියලා මම හොයාගත්තට පස්සෙ මම රොබර්ට් මුනගැහෙන්ට යන්ට ඕනමයි." ඒත් එක්කම මම ප්‍රාර්ථනා කරන්ට ඕන රොබර්ට් තාමත් මම දැනගෙන හිටපු මිනිහමයි කියලා. මම ප්‍රාර්ථනා කරන්ට ඕන මම හිතා ඉන්න අන්දමට රොබර්ට් වෙනස් වෙලා නැහැයි කියලා. ඔහු නිහඬවම තමාටම තෙපලුවේ ය.


Petyr Baelish: “The master of coin finds the money. The king and the Hand spend it.”

62 comments:

  1. Replies
    1. හී හී...ආ මෙන්න. මදේ අයින් කරලා, කෑලිවලට කපලා, මී පැණි දාලම ගෙනාවා.

      Delete
    2. ඇපල්ම ඕනැද?
      දන්කොටුවෙනම් කෙසෙල් ගන්නව.
      කුමාරයගෙ පාරිභෝගිකයන් නරි නිසා ඔන්න ඔහේ සීනි ගත්තම මදිද?

      Delete
    3. නිකංම සීනි!? ඇයි ඇපල්, කෙසෙල්, රටඉඳි, දූරියන්, වරකා ව‍ගේ ඒවා දාලා ‍ෆ්ලේවර්ඩ් ඒවා පෙරන්ට බැරිද?

      Delete
    4. ඔනෑම ෆ්ලේවර් එකකින් තිබේ

      Delete
    5. දූරියන්? yuck... මේවා නම් බොන්ට ඕනි නෑ. සුවඳ ටිකක් ආවත් ඇති.

      Delete
    6. ඇපල් වල්ට වඩා පැපොල් හොඳ නැද්ද ඔය පළවෙනියට ආව එක්කෙනාට :)

      Delete
    7. දුරට ඇපල් කොහොමත් ළඟට එද්දී පැපොල් වෙනවා මෙයා... :-P

      Delete
    8. ඔයත් එහෙම වෙන්න ඇති එහෙම නම් :D

      Delete
    9. අනේ මන්ද මේ කුමාරිහාමි. කිසිදෙයක් කන්නේ නෑ වගේ. ඒත් මස් ජාතියක් කියපන්, ඔන්න කියයි මිරිසට රහායි කියල

      Delete
    10. @ සොන්යා

      පැපොල් උනත් නරක නෑ හොඳට ඉදිලා නම්. :P

      Delete
    11. හපොයි බොනයන්ගේ හැටි. පලතුරක් දැක්කත් හදන්නේ ඒක බොන්ටනේ. :P

      Delete
    12. හපොයි කුමරිහමිලගේ හැටි. සතෙක් ගැන කියුවොත් කන්ටමයි බලන්නේ. අමුවෙන් හරි කමක් නැල්ලු.
      බොනවට වඩා පෙරන එක ෆන් මටනම්.

      Delete
  2. Replies
    1. ඉස්සර කාලෙ නං ගල්ඔය පැත්තෙ මොලෑසස් දාලා පෙරුවා.. දැන් කොහොමද දන්නෙ නෑ.. :-D

      Delete
    2. මොනවා ගැනද අනේ කට්ටිය මේ කතා කරන්නේ?

      Delete
    3. මෙච්චර සිරා කතාවකත් මෙයලා හිතන්නේ , ඇපල් , මී පැණි , අර වෙරිවෙන ජාතිනේ ගැන එහෙමනේ :P

      Delete
    4. It's very hard to ferment bee honey. Takes a long time

      Delete
  3. හරිම මාන්දමිකයි යකූ....
    හෙක් හෙක්....

    ReplyDelete
    Replies
    1. එච්චරටම මාන්දමික ද? රජා ද නැත්තං අනිත් සෙට් එක ද? :-)

      Delete
    2. මහේෂ්ට නිකං මාන්දම වගේලුද හී හී...

      Delete
    3. නිකමට වත් ස්කුබි ඩූ බලල නැද්ද හැබෑට?

      Delete
    4. ස්කූබි ඩූ බලපු අහ ඔය පුරස්න අහන්නෑ බං

      Delete
  4. This is going to be like Lord of the Rings it seems.. Only thing is there is no ring but a kingdom in this...

    ReplyDelete
    Replies
    1. ලෝර්ඩ් ඔෆ් රින්ග්ස් වලට වඩා මේ කතාවෙ දේශපාලන කුමන්ත්‍රණ වැඩියි..

      Delete
    2. ඒ වගේම මට හිතෙන හැටියට ඇත්තට බර වැඩී...

      Delete
    3. IF you want something between game of thrones and lord of the rings in terms of reality, i recommend the works of Mr Joe Abercrombie. feels like history full of magic.

      Delete
  5. //""සමහර විට ඔය යන ගමන් කෙල්ලෙක්ගේ තනයක් දෙකක් මිරිකුවට කමක් නෑ""// ඔහොම දේවල් කරනවලු සමහරු නුවර පෙරහැර බලන්න ගියාම , මේ අපි නම් නෙවෙයි , වෙන අය :P

    ReplyDelete
    Replies
    1. ටයනු රටේ?
      ඇත්තද පොම්?

      Delete
    2. අපි නම් දන්නේ නෑලු ඔව්වා.

      Delete
    3. ටයනිගෙන් අහන්නත් බෑ Lèse-majesté වගේ වෙන නිසා,
      බුරෝධිපති තුමා දන්නවද දන්නෙනෑ.
      බස්තුමා MIA, හිටියත් මං වගේ අහින්සක නිසා ඒව දන්නෙ නෑ. නරින්ගෙන් අහන්න බයයි, උන් ඊටත් එහා දන්නදෙවල් කියයි.
      එනිසා මං වගේ නොදන්නා කෙනෙකුට ඉවාන්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ

      Delete
    4. ප්‍රින්ස් පොම් පොම් කියන්නෙ ලැජ්ජා බය ඇතුව හැදිච්ච කුමාරයෙක් වගේ නේ.. මාලිගාවෙ සත්වෙනි මහළින් බිමට බහින්නෙ අවුරුදු කාලෙට විතරලු..

      Delete
    5. ඔව් අනික් ටිකේම පෙරන වාඩියෙ නේ ඉන්නෙ

      Delete
    6. @පවුලූශා,

      කැම්පස් ඉන්න කාලේ කීපාරක් විතර පෙරහැර බලන්ට ගියාද? :P

      Delete
    7. @ PoM,

      මම හිතුවේ මෙයා මකරාස්ථි ගැන පර්යේෂණ කරනවා කියලනේ...:P

      Delete
    8. @ප්‍රා,

      මෙතනට ආවාම ප්‍රා sovereign power ගැන හිතනවා වගේනේ. :P

      Delete
    9. "natural product effects on bone resorption and secretion" ගැන ලු නේ පර්යෙශණ. ඉතින් ඔය ඇපල් දූරියන් ආදී දෙවල් නැචුරල් ප්‍රොඩක්ට්ස් වලට වැටෙනවලු

      Delete
    10. @ ඉවාන්

      නුවර පෙරහැරේදි ඔය කියන සමහරු මිරිකන්නෙ , කිරි ටිකක් දොවාගන්ට වෙන්න බැරිද? ඇයි දෙයියනේ, පැය ගාණක් වේලි වේලි ඉන්න කොට , ඕන මනුස්ස පරාණෙකට පිපාසෙ හැදෙනව නෙව? :)

      " ආ වෙලාවෙ ඉඳලා කටම කන්ට තනන්නෙ ඇයි අයියා, දෙන්ටකො හාද්දක්"

      ටයනු දේසෙ ගෑල්ලමයෙක් එහෙම කතාවක් කිව්වා කියලා, කව්දෝ ලියන තියනවා දැක්කා

      Delete
    11. @ ලෝඩ් PJ

      නරියගෙන් අහන්න බයවෙන්ට එපා, ආයිබෝං. මාත් අහිංසක සතා :)

      @ POM

      හුටා!. ඔබතුමාත් ටයනු දේසෙද?

      Delete
    12. "ආ වෙලාවෙ ඉඳලා කටම කන්ට තැනුවා මිසක් දිව ගිලෙන පිපාසෙට පැන්ටා කුප්පියක්වත් අරන් දුන්නෙ නෑ ඒ අයියා." කියලලු කිවුවෙ..

      Delete
    13. @නරී,

      පේන්නේ නැද්ද ටයන්නක් වගේ ඉන්න හැටි...:D

      Delete
    14. පොඩ්ඩි පොඩිකාලේ ඔය කට කන ඒවා ටීවී එකේ දකින පොඩි ප්‍රශ්නයක් තිබුණා මෙච්චර රහ දේවල් තියෙද්දි කට්ටිය කටවල් කන්නේ ඇයි කියලා....:P

      Delete
    15. @ පොඩ්ඩි

      පුංචි කමට බලල තියන ජාතිඊඊඊඊඊඊ :P
      කව්ද ටයන්න වගේ ආ ?

      @නරී

      කිරි දොවන්ට LOL
      ඔව් එරට තමයි. ඇයි OWL ද? :P

      Delete
    16. "ඕකි තමයි මයිකල්,කාර් එකට බෝම්බෙ තිබ්බෙ .. කට කාපං ඕකිගෙ... කට කාපං ... "

      Delete
    17. පැන්ටා කුප්පි කතාව කිවේ රවී උතුමාණන් වගේ මතකය.

      Delete
    18. //පොඩ්ඩි පොඩිකාලේ ඔය කට කන ඒවා ටීවී එකේ දකින පොඩි ප්‍රශ්නයක් තිබුණා මෙච්චර රහ දේවල් තියෙද්දි කට්ටිය කටවල් කන්නේ ඇයි කියලා....:P//

      මටත් ඕක ටිකක් ලොකු කාලෙත් තිබ්බ ප්‍රශ්නයක් තමා :P

      Delete
    19. //ටයනු රටේ?
      ඇත්තද පොම්?//

      ඇයි අර ප්‍රසිද්ද යාන් හෑල්ලක් තීන්නෙ කුමාරිහාමි කෙනෙක්ක්ගෙ හැට්ටෙ අස්සෙ තිබ්බ සල්ලි වගයක් නැති වෙච්චි

      Delete
  6. දකින්න අකමැති දේ රජවරුන්ට ඒත්තු ගන්වන්න ගිහින් කීදෙනෙක් ඉල්ලං කාල ඇත්ද ඉතිහාසය පුරාම ?

    ReplyDelete
    Replies
    1. මේ මොනා කියනවද සරත්.. වැඩි වැඩ කරන්ට යන්නැතුව රජා දෙන දෙයක් කාලා බීලා, කියන දෙයක් කරලා පැත්තකට වෙලා ඉන්න එක ඇඟට ගුණයි.. :-D

      Delete
  7. සුළැඟිල්ලා එල කොල්ලෙක් නේ..? මෙච්චර කලබල අස්සෙත් උගේ කල්පනාව රූම් එකක් සෙට් කරන්න... :D

    ReplyDelete
    Replies
    1. සෙට් වෙච්ච වෙලාවෙ ගාන කපාගන්ට එපාය අයියා.. :-D

      Delete
  8. මොනවයින් මොනව වෙයිද මන්ද... මේ රජාල කියන ඒව නොකර ඉන්න බැරිද :(

    ReplyDelete
    Replies
    1. බෑ නෙව.. ඒකනෙ පුරස්නෙ.. :-)

      Delete
    2. මටත් බයේ බැහැ මේ මොනා වෙන්න යනවද මන්දා...........

      Delete
  9. මොනා වෙයිද.......?

    ReplyDelete
    Replies
    1. මොනා නොවෙයිද..........? :-)

      Delete
  10. මට න පේන්න බෑ ඔය සුලැඟිල්ලව.

    ඒක නෙමේ... kings hand කියන එකට රජ්ජුරුවන්ගෙ අත කියනවට වඩා වෙනස් නමක් නැද්ද හිතෙන්නෙ? මම හිතුව. මට නම් හිතෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මහඇමති කියලා දැම්මොත්, නැත්තං පුරෝහිත කියලා..? :-D

      මමත් ඔය ගැන හිතුවා.. ඒත් ඉතිං හැමදාම හිත හිතා හිටියොත් කතාව දාන්ට වෙන්නෙ නෑ නෙවැ.. ඉතින් පුළුවන් විදියකට හදලා ගත්තා..

      Delete



  11. සු
    ලෑ
    ගී
    ල්
    ලා

    කි





    ම්


    ළු

    නැතුව ඇති.

    පො


    නැ
    ති

    ම්

    අරහෙම

    රු
    ම්

    එකක්


    දේ
    න්



    හදයිද

    කෝ
    ච්



    වූ
    නා
    ත්.

    ReplyDelete
    Replies
    1. මා
      නු
      ෂි




      ශ්‍ය
      තා

      න්

      හො
      ඳි
      න්


      ඳු







      ක්
      .
      .
      .
      .
      :-)

      Delete