Wednesday 17 September 2014

එඩාර්ඩ් 04-1


වෙහෙසින් මිරිකුනු, කුසගින්නෙන් පෙලුනු, නොරිස්සුම් මුහුණින් යුතු එඩාර්ඩ් ස්ටාර්ක් රතු බලකොටුවේ දැවැන්ත ලෝකඩ දොරින් ඇතුළට සිය අසු මෙහෙයවී ය. උණුසුම් ජල ස්නානයක්, පැළහූ කුකුළෙකු හා පිහාටු මෙට්ටයක් මත සැප නින්දක් ගැන සිහින මවමින් සිය අසු පිට සිටි ඔහු වෙත ළඟා වූ රජතුමා ගේ මාලිගා බාරකරුවා දන්වා සිටියේ ප්‍රධාන මේස්ටර් පයිසෙල් විසින් රාජසභාවේ හදිසි රැස්වීමක් කැඳවා ඇති බවය. රජතුමා ගේ හස්තය ඔහුට පහසු හැකි උපරිම ඉක්මනින් ඊට සිය ගෞරවනීය සහභාගිත්වය ලබාදෙන්නේ නම් මැනවැයි එම පණිවුඩයෙන් වැඩි දුරටත් කියැවින.

"හෙට උදේ නම් මට පහසු වෙයි." නෙඩ් කඩාපැන්නේ සිය අසු පිටින් බිමට බසිමිනි.

මාලිගා බාරකරුවා දෙකට නැමුනි. "මම උපදේශකයින්ට කියන්නම් ඔබතුමාට එන්ට වෙන්නෙ නෑ කිවුවා කියලා, මගේ උතුමානනි."

"එපා." නෙඩ් කීවේ ය. ඔහු හරිහැටි සිය රාජකාරි අරඹන්නටත් පෙරම රාජසභාවේ උපදේශකයින් හා ගැටුම් ඇති කර ගැනීම නොමනා ය. "මම එයාලව හම්බවෙන්නම්. ඒත් මට ටික වෙලාවක් දෙන්ට අඩු ගානෙ හොඳ ඇඳුමක් මාරු කරගන්ටවත්."

"එහෙමයි මගෙ උතුමානනි. ඒරින් උතුමානන් කලින් පාවිච්චි කරපු 'හස්තයේ කුළුණ' අපි ඔබතුමා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ. ඔබතුමා සතුටුනම්. ඔබතුමාගෙ බඩු ඔක්කොම එහාට යවන්ට මම වග බලාගන්නම්."

"බොහොම ස්තූතියි!" නෙඩ් කීවේ සිය අත්වැසුම් ගලවා ඉණ පටියට යටින් ඔබ්බන අතරේදී ය. ඔහුට පිටුපසින් අනෙකුත් පිරිස ගේට්ටුවෙන් ඇතුළු‍වෙමින් සිටියහ. සිය නිවාස බාරකරුවා වූ වයොන් පූල් දුටු නෙඩ් ඔහුට කතා කලේ ය. "රාජසභාවට මාව හදිසියේම උවමනා වෙලා තියෙනවා. ම‍ගේ දුවලාට එයාලගෙ නිදන කාමර පෙන්නන්ට. ජොරීට කියන්ට එයාලා කාමර ඇතුළෙම තියාගන්ටයි කියලා. ආර්යාට එහා මෙහා ඇවිදින්ට යන්ට ‍දෙන්ට එපා." පූල් හිස නැමී ය. නෙඩ් නැවතත් රාජකීය මාලිගා බාරකරුවා දෙසට හැරුනේ ය. "මගේ කරත්ත තාමත් නගරෙ මැද්දෙන් එන ගමන්. මට ගැලපෙන ඇඳුම් ටිකක් හොයාගන්ට වෙයි."

"මම බොහොම සන්තෝසෙන් ඒක කරන්නම්."

මෙලෙස අත්‍යන්කයෙන්ම වෙහෙසුනු, අනෙකෙකු ගේ ඇඳුම්වලින් සැරසුනු නෙඩ් ඉක්මන් පියවර තබමින් රාජසභාව වෙත ළඟා වෙද්දී රාජසභිකයින් සිවුදෙනෙක් ඔහු වෙනුවෙන් පොරොත්තු වෙමින් සිටියහ.

ශාලාව ඉතා උසස් අන්දමින් සරසා තිබින. බිමට ම'රිෂ් බුමුතුරුණු එලා තිබුනු අතර එක් කොණක ගිම්හාන දූපත්වලින් ගෙනා දිදුලන වර්ණයෙන් සිතුවම් කල කඩතිරයක් දක්නට ලැබින. බිත්ති පුරා නොර්වොස් හා ක්වොහොර් හා ලයිස් වලින් ගෙනා තිර රෙදි එල්ලා අලංකාර කර තිබින. කළු පැහැ කිරිගරුඬින් නිමවා දෑස්වලට ඔප දැමූ ගානට් එබ්බවූ නරසිංහ රූප දෙකක් මගින් දොරටුව දෙපස අලංකාර කෙරින. රාජසභිකයින් අතරින් නෙඩ් අකැමැතිම පුද්ගලයා, වාරිස් නම් පණ්ඩකයා නෙඩ් දොරින් ඇතුළුවත්ම ඔහුට ආචාර කලේ ය. "ස්ටාර්ක් උතුමානනි, රජමාවතේදී ඔබට මුහුණ දෙන්ට වුන කරදර ගැන මට බොහොම දුකයි. අපි හැ‍මෝම සප්තක දේවස්ථානයට ගියා ජොෆ්රි කුමාරයා වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරන්ට. එයාගෙ සුවය වෙනුවෙන් මම යාඥා කලා."

"ඔබේ දෙවියන්ට ඔබව ඇහිලා තියෙනවා." නෙඩ් උදාසීන නමුදු ආචාරශීලී අයුරින් පිළිතුරු දුන්නේ ය. "කුමාරයා ගතවෙන හැම දවසක් ගානෙම ශක්තිමත් වෙනවා." පණ්ඩකයා ගේ ග්‍රහණයෙන් සිය අත මුදා ගත් ඔහු තිරයක් අසල සිටගෙන සිටි රෙන්ලි උතුමානන් වෙත කාමරය හරහා ඇවිද ගියේ ය. ඔහු සමග සිහින් ස්වරයෙන් කතා කරමින් සිටි මිටි පුද්ගලයා අනෙකෙකු නොව සුළැඟිල්ලා විය යුතුය. රොබ්ර්ට් සිය සිහසුන දිනන විට රෙන්ලි අට හැවිරිදි කොලුවකු විය. එනමුදු ඔහු මේ වනවිට තරුණයකු බවට වැඩී සිටියේ සෑම අතින්ම පාහේ සිය වැඩිමල් සොයුරාට සමාන විය. ඔහු දකින වාරයක් පාසා නෙඩ්ට දැනුනේ ත්‍රිශූලයේ සටන දිනූ රොබ්ර්ට් තමා අසල සිටිනු වැනි හැඟීමකි.

"ඔබ පරෙස්සමින් ඇවිල්ලා කියලා පේනවා ස්ටාර්ක් උතුමානනි." රෙන්ලි කීවේ ය.

"ඔබත්." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "මට සමාවෙන්ට මෙහෙම කියනවට. ඒත් සමහර වෙලාවට ඔබව පේන්නෙ ඔබේ අයියා රොබර්ට්ගෙ රූපයක් වගේ."

"බොහොම නරක ‍කොපියක්." ‍රෙන්ලි දෙවුර ඇකිළී ය.

"හැබැයි ඊට වඩා බොහොම හොඳට ඇඳලා ඉන්නවා." සුළැඟිල්ලා උපහාසයෙන් කීවේ ය. "රාජසභාවෙ ඉන්න ආර්යාවන්ගෙන් බාගෙකට වඩා හොඳට අපේ රෙන්ලි උතුමානන් එයාගෙ ඇඳුම් පැළඳුම්වලට වියදම් කරනවා."

එය සැබැවින්ම සත්‍යයක් විය. රෙන්ලි උතුමානන් රන්වන් ‍ගෝනුන් දුසිමක් පමණ එම්බ්‍රොයිඩර් කරන ලද තද කොළ පැහැ විල්ලූද ඇඳුමකින් සැරසී සිටියේ ය. රන්වන් පැහැ ‍රෙද්දෙන් කල, එක් උරහිසක් උඩින් පැළඳ සිටි අඩ-කබාය අලංකාර මරකත හාරිච්චියකින් තද කර තිබින. "මීට වඩා භයානක අපරාධ තියෙනවා." රෙන්ලි සිනාවකින් යුතුව කීවේ ය. "උදාහරණෙකට ගත්තොත් ඔබ ඔය ඇඳගෙන ඉන්න විදිය."

සුළැඟිල්ලා මෙම සමච්චලය නොතකා හැරියේ ය. ඔහු අහංකාරකම තැවරුනු සිනාවකින් වැසුනු මුවින් යුතුව නෙඩ් දෙස බැලුවේ ය. "ඔබව මුනගැ‍හෙන්ට මම අවුරුදු ගානක ඉඳන් බලන් හිටියා ස්ටාර්ක් උතුමානනි. කිසිම සැකයක් නෑ කැට්ලින් ආර්යාව මං ගැන ඔබට කියලා ඇති."

"ඇත්තෙන්ම." නෙඩ් පිළිතුරු දුන්නේ කේන්තිය මුසු ස්වරයකිනි. සුළැඟිල්ලා ගේ ප්‍රකාශයේ ඇති කපටි අධිමානය ඔහු ‍‍ගේ සිතේ අමනාපයක් ඇති කලේ ය. "මම හිතන්නෙ ඔබ මගේ සහෝදරයා බ්‍රැන්ඩන්වත් හොඳට දැනගෙන හිටියා."

රෙන්ලි බරතියන් මහ හඬින් සිනාසුනේ ය. කතාවට සවන් දීම පිණිස වාරිස් ද එදෙසට ඇදුනේ ය.

"බොහොම හොඳට දැනගෙන හිටියා." සුළැඟිල්ලා පිළිතුරු දුන්නේ ය. "එයාගෙ ගරු සැලකිල්ලෙ සංකේතයක් තාමත් මගෙ ළඟ තියෙනවා. බ්‍රැන්ඩනුත් මං ගැන කතාකලාද?"

"නිතරම වගේ. අනික බොහොම උණුසුම් විදියට තමා එයා ඒ ගැන කතා කලේ." නෙඩ් කීවේ එය මේ සංවාදයට නැවතීමේ තිත තබතැයි යන බලාපොරොත්තු‍වෙනි. ඔවුන් කරන මේ ක්‍රීඩාව, වදන්වලින් කරන ද්වන්ද්ව යුද්ධ ඔහුට නුහුරු නුපුරුදු දෙයකි.

"මම හිතාගෙන හිටියෙ උණුසුම කියන්නෙ ස්ටාර්ක්වරුන්ට ගැලපෙන්නෙ නැති දෙයක් කියලයි." සුළැඟිල්ලා කීවේ ය. "මෙහෙ මේ දකුණුකරේ උදවිය කියන්නෙ ඔබලා හැමෝම හැදිලා තියෙන්නෙ අයිස් වලින්, ඔබලා බෙල්ලෙන් පහළට ආපු ගමන් දිය‍වෙලා වැක්කෙරෙනවා කියලයි."

"ඒ තරම් ඉක්මනින් දියවෙන්ට මගෙ කිසිම අදහසක් නෑ බේලිෂ් උතුමානනි. ඔබ ඒ ගැන බයවෙන්ට දෙයක් නෑ." නෙඩ් සාකච්ඡා මේසය දෙසට ඇදුනි. "මේස්ටර් පයි‍සෙල්, මම හිතනවා ඔබ බොහොම හොඳින් කියලා."

මේසය පාමුල උස් අසුනක වාඩි වී සිටි ප්‍රධාන මේස්ටර්වරයා මෘදු ලෙසින් සිනාසුනි. "මගේ මේ නාකි වයසට ගැලපෙන තරම් ‍හොඳින් ඉන්නවා මගෙ උතුමානනි. ඒ වුනත්, කියන්ට කණගාටුයි, මට බොහොම ඉක්මනට මහන්සි දැනෙනවා." ඔහු ගේ තට්ට හිස වටා සුදු හිසකෙස් රිදී පැහැ වැටියක් මෙන් බැබලු‍නේ ය. ඔහු පැළඳ සිටි මේස්ටර්වරුන් ගේ කරපටිය සාමාන්‍ය ලෝහ දම්වැලක් නොවී ය. දුසිම් බාගයක් පමණ වූ ලෝහ දම්වැල් එකිනෙක පාස්සා බරපතල මාලයක් සාදා තිබූ අතර එය ඔහු ගේ ගෙලේ සිට පපුව දක්වා පැතිරින. මේ දම්වැල් පුරුක් සාදා තිබුනේ මිනිසා විසින් දැන සිටි සෑම ලෝහයක්ම; කළු යකඩ හා රතු රන්, දිදුලන තඹ හා ඊයම්, වානේ හා ටින්, පිත්තල හා ලෝකඩ හා ප්ලැටිනම් ආදිය භාවිත කරමිනි. ගාර්නට්, අමතේස්ත හා කළු මුතුවලින් මෙම මාලය හැඩ කෙරුනු අතර අතරින් පතර මරකත හා රතු කැටද දැකගත හැකි විය. "අපි ඉක්මනටම පටන් ගත්තොත් හොඳයි." ප්‍රධාන මේස්ටර්වරයා පැවසූයේ සිය දැවැන්ත උදරය මත දෑත් බැඳ ගනිමිනි. "අපි තවත් වෙලා බලන් හිටියොත් මට නින්ද යයිද දන්නෙත් නෑ."

"ඔබ කියන විදියකට." ‍මේසය මුදුනෙහි වූ රජතුමා ගේ ආසනය හිස්ව පැවතුනි. රජු ගේ හස්තය වශයෙන් නෙඩ් ඊට දකුණුපසින් තිබුනු අසුනෙහි වාඩි වුනේ ය. "මගේ උතුමනි, ඔබලාව ‍පොරොත්තු කරන්ට සිදු වීම ගැන මට කණගාටුයි." ඔහු චාරිත්‍රානුකූලව පැවසී ය.

"ඔබ තමා රජතුමාගෙ හස්තය." වාරිස් පැවසී ය. "ඔබ සතුටු විදියට වැඩ කරන්ට අපි සූදාණම්, ස්ටාර්ක් උතුමානනි."

අනිකුන් තම තමාට හිමි අසුන්වල වාඩි ගනිද්දී හදිසියේම නෙඩ්ට වැටහී ගියේ තමා මෙතැනට, මෙම කාමරයට, මෙම මිනිසුන් අතරට නොගැලපෙන්නෙකු බවය. වින්ටර්ෆෙල්වල සොහොන් ගැබ් තුළදී රොබර්ට් ඔහුට පැවසූ දේවල් ඔහුට නැවත සිහියට නැගින. 'මාව වට කරන් ඉන්නෙ වංචාකාර‍යොයි මෝඩයොයි' රජතුමා පවසා තිබින. සාකච්ඡා මේසය වටා අසුන් ගෙන සිටි පිරිස දෙස බැලූ මෙයින් කවරෙකු වංචාකාරයින් ද කවරෙකු මෝඩයින් ද යි කල්පනා කර බැලී ය. "මෙතැන අපි පස්දෙනයිනෙ ඉන්නෙ."

"රජතුමා උතුරට ගියාත් එක්කම වගේ ස්ටැනිස් උතුමානන් ඩ්‍රැගන්ස්ටෝන්වලට ගියා." වාරිස් කීවේ ය. "සෙර් බැරිස්ටාන් රජතුමාගෙ පැත්තකින් එනවා ඇති."

"අපි රජතුමායි සෙර් බැරිස්ටානුයි එනකං හිටියනං හොඳයි ව‍ගේ." නෙඩ් කීවේ ය.

රෙන්ලි බරතියන් මහ හඬින් සිනාසුනේ ය. "මගේ සහෝදරයා මෙතනට එනකං බලන් ඉන්ට ගියොත් අප‍ට තව කාලාන්තරයක් බලන් ඉන්ට වෙයි."

"අපේ රොබර්ට් රජතුමාට තවත් ගොඩක් දේවල් ගැන බලන්ට ති‍යෙනවා." වාරිස් කීවේ ය. "ඒ බර අඩු කරන්ට උවමනා නිසා පුංචි පුංචි දේවල තීරණය අපට ගන්ට බලය දීලයි තියෙන්නෙ."

"වාරිස් උතුමානන් ඇත්තටම අදහස් කරන්නෙ මුදල් හදල්, බදු, අස්වැන්න, යුක්තිය වගේ දේ ගැන මගේ අයියා එච්චර උනන්දුවක් දක්වන්නෙ නෑ කියලයි." රෙන්ලි උතුමානන් කතාව ඇරඹී ය. "ඒ නිසා මේ රාජධානිය පාලනය කරන එක අපි පිට තමා වැටිලා තියෙන්නෙ. රජතුමා සැරින් සැරේ අපට පණිවුඩ එවන එක තමා කරන්නෙ." සිය කමිස අත තුළින් පිටතට ගත් රෝල් කරන ලද ලිපියක් ඔහු මේසය මත තැබී ය. "අද උ‍දේ එයා මට අණ කලා හැකි ඉක්මනින් මෙහාට ඇවිල්ලා ප්‍රධාන මේස්ටර් පයිසේල්ට කියන්ටය කියලා හැකි ඉක්මනින් රාජසභාව රැස් කරන්ටය කියලා. එයා අපට බොහොම හදිසි රාජකාරියක් පවරලා තියෙනවා."

සුළැඟිල්ලා සිනාවක් සමගින් ලිපිය නෙඩ් වෙත දිගු කලේ ය. එහි තිබුනු රාජකීය මුද්‍රාව සිය මහපටැඟිල්ලෙන් කැඩූ නෙඩ් එය මේසය මත ඇතිරුවේ රජතුමා ගේ හදිසි නි‍යෝගය කියවනු පිණිස ය. ඔහුට සිය දෑස් අදහාගත නොහැකි විය. රොබ්ර්ට් ගේ මෝඩකම්වල සීමාවක් නැතිද? අනෙක මේ සියල්ලම ඔහු ගේ නමින් සිදු කිරීම අඬන්නට සිටින මිනිසාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා හා සමාන ය. "දෙයියන්ටම ඔප්පු වෙච්චා‍වෙ!"

"එඩාර්ඩ් උතුමානන් කියන්ට හදන්නෙ," රෙන්ලි උතුමානන් නිවේදනය කලේ ය. "අපේ රජතුමාට උවමනා වෙලා තියෙනවා තරගාවලියක් පවත්වන්ට අපේ අලුත් හස්තය පත්කිරීමට කරන ගෞරවයක් වශයෙන්."

"සල්ලි කොච්චරක් ද?" සුළැඟිල්ලා මෘදු ස්වරයෙන් ඇසුවේ ය.

නෙඩ් ලිපිය කියැවී ය. "තරගාවලියේ ශූරයාට රන්කාසි හතලිස්දාහක්. අනුශූරයාට විසිදාහක්. මිශ්‍ර සටනේ ජයග්‍රාහකයට තවත් විසිදාහක්. දුනුවායන්ගෙ තරගයේ ජයග්‍රාහකයට දහදාහක්."

"රන්කාසි අනූදාහක්." සුළැඟිල්ලා සුසුමක් හෙලී ය. "ඒත් එක්කම අපි අනිත් වියදම් ගැනත් අමතක කරන්ට නරකයි. රොබ්ර්ට්ට බොහොම විශාල භෝජන සංග්‍රහයකුත් පවත්වන්ට ඕන වෙයි. ඒ කියන්නෙ අපට හොයාගන්ට වෙනවා කෝකියො, වඩු‍‍වො, වැඩකාර කෙල්ලො, ගායකයො, සර්කස්කාරයො, විහිළුකාරයො..."

"විහිළුකාරයො නම් අපට ඕන පදං ඉන්නවා." රෙන්ලි උතුමානන් කීවේ ය.

ප්‍රධාන ‍මේස්ටර් පයිසෙල් සුළැඟිල්ලා දෙස බැලුවේ ය. "භාණ්ඩාගාරය මේ වියදම් දරනවද?"

"මොන භාණ්ඩාගාරයක් ගැනද ඔබ ඔය කතා කරන්නෙ?" සුළැඟිල්ලා පිළිතුරු දුන්නේ ඇදවී ගිය දෙතොලින් යුතුව ය. "මෝඩ කතා කියන්ට එපා මේස්ටර්. මං තරම්ම ඔබත් දන්නවා භාණ්ඩාගාරය හිඳිලා ගිහිල්ලා දැන් අවුරුදු ගානක් වෙනවා කියලා. මට සල්ලි ණයට ගන්ට තමා වෙන්නෙ. කිසිම සැකයක් නෑ ලැනිස්ටර්ලා අපට මේ පාරත් උදවු කරාවි. දැනට අපි ටයිවින් උතුමානන්ට රන්කාසි මිලියන තුනක් ණයයි. තවත් ලක්ෂයක් ඉල්ලගත්තා කියලා මොකක්ද සිද්දවෙන වෙනස?"

පුදුමය නිසා නෙඩ් තෝන්තු වී ගිය අතර ඔහු ගේ මුව ඇරී ගියේ ය. "ඔබ කියන්නෙ රජය දැනට රන්කාසි මිලියන තුනක් ණයයි කියලද?"

"රජය දැනට රන්කාසි මිලියන හයකට වඩා ණයයි එඩාර්ඩ් උතුමානනි. ලැනිස්ටර්ලට තමා ඒකෙන් වැඩිම කොටසක් අයිති. ඒත් එක්කම අපි ණයට අරන් තියෙනවා ටිරල් උතුමානන්ගෙන්, බ්‍රාවොස්වල යකඩ බැංකුවෙන්, ටයිරෝෂි වෙළෙඳ ගිවිසුම් කීපයකින්. අන්තිම කාලෙ වෙද්දි මට සත්‍ය ලබ්ධියෙනුත් ණයට ගන්ට වුනා. ප්‍රධාන පූජකතුමා කේවල් කරන්නෙ හරියට ඩෝර්නිෂ් මාළුකාරයෙකුටත් වඩා අන්ත විදියට."

නෙඩ් ත්‍රස්ත වී ගියේ ය. "ඒරිස් ටාර්ගේරියන් රන්කාසිවලින් පිරිච්ච භාණ්ඩාගාරයක් අපට ඉතුරු කරලා ගියා. ඔබලා කොහොමද මෙහෙම දෙයක් වෙන්ට ඉඩඇරියෙ?"

සුළැඟිල්ලා දෙවුර ඇකිළී ය. "භාණ්ඩාගාරයේ ප්‍රධානියා සල්ලි හොයනවා. රජතුමායි එයාගෙ හස්තයයි සල්ලි වියදම් කරනවා."

"මම විශ්වාස කරන්නෙ නෑ ජොන් ඒරින් රොබ්ර්ට්ට ඉඩදුන්නය කියලා රජය මෙහෙම හිඟමනට දාන්ට." නෙඩ් උණුසුම් ස්වරයෙන් කීවේ ය.

ප්‍රධාන මේස්ටර් පයිසෙල් සිය තට්ට හිස දෙපසට වැනී ය. "ඒරින් උතුමානන් කියන්නෙ බොහොම දූරදර්ශී මනුස්සයෙක්. ඒ වුනත් කණගාටුයි කියන්ට අපේ රජතුමා සමහර වෙලාවට ඥානවන්ත උපදෙස්වලට ඇහුම්කන් දෙන්නෙ නෑ."

"මගේ සහෝදරයා බොහොම කැමැතියි තරගාවලිවලටයි භෝජන සංග්‍රහවලටයි." රෙන්ලි බරතියන් කී‍වේ ය. "ඒත් එක්කම එයාට මේ, එයා කියන විදියට 'සල්ලි ගනං කරන වැඩ' හරි පිළිකුල්."

"මම රජතුමාත් එක්ක ‍මේ ගැන කතා කරන්නම්." නෙඩ් කී‍‍‍වේ ය. "‍මේ තරගාවලිය රජයට දරන්ට බැරි තරම් අනවශ්‍ය දෙයක්."

"ඔබට කැමැති විදියකට එයාට කතා කරන්ට." ‍රෙන්ලි උතුමානන් කීවේ ය. "ඒත් අපි මේ ගැන සැලසුම් කරන එකත් කලා නම් හොඳයි."

"‍වෙන දවසක." සමහරවිට ඔහු ගේ ස්වරය මඳක් උස්වන්නට ඇත. ඔවුන් ඔහු දෙසට එල්ල කල බැලුම් වලින් ඒ බැව් තහවුරු විය. තමා තවදුරටත් සිටින්නේ වින්ටර්ෆෙල්වල නොවන බව ඔහු සිහියේ තබා ගත යුතුය. එහිදී නම් ඔහුට ඉහළින් සිටියේ රජතුමා පමණි. එනමුදු මෙහිදී ඔහු සමානයන් අතර තවත් එක් අයකු පමණි. "මට සමාවෙන්ට මගේ උතුමනි." ඔහු වඩා මෘදු ස්වරයකින් කීවේ ය. "මට හොඳටම මහන්සියි. අපි අදට නවත්තලා, මම ටිකක් ගිමන් නිවුවට පස්සෙ ආයෙමත් පටන් ගමු." ඔවුන් ගේ අනුමැතිය වෙනුවෙන් පමා නොවුනු ඔහු සැනෙන් නැගිට සිටියේ පිරිස වෙත හිස සලා දොර දෙසට පිය මැන්නේ ය.

පිටත තවමත් කරත්ත හා අශ්වාරෝහකයින් බලකොටු ද්වාරයෙන් ඇතුළුවෙමින් පැවතින. බලකොටු අංගනය කෑ ගසන මිනිසුන් ගේ හා අශ්වයින් ගේ කලිකලහයෙන් පිරි එකම මඩ ගොහොරුවක් විය. ඔහුට දැනගන්නට ලැබුනු අන්දමට රජතුමා තවමත් පැමිණ නොසිටියේ ය. ත්‍රිශූලයේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් පසු ස්ටාර්ක්වරුන් හා ඔවුන් ගේ පිරිස ප්‍රධාන කණ්ඩායමෙන් බැහැරව ඔවුන්ට වඩා ඉක්මනින් ගමන් කොට තිබින. නැගී එන ආතතිය මගහරිනු වස් ලැනිස්ටර්වරුන්ගෙන් හැකි තරම් ඈත් වී ගමන් කිරීමට නෙඩ් තීරණය කර තිබින. මේ කාලය තුළ රොබර්ට් පෙනෙන්නට සිටියේ නැති තරමි. පිරිස අතර කෙරුනු කතාබහ අනුව නම් ඔහු නිතරම බීමත්ව අශ්ව කරත්තයේ ගමන් ක‍රමින් සිටියේ ය. ඔහු මෙහි පැමිණීමට තවත් පැය ගණනාවක් ගත විය හැකි නමුදු එතරම් ඉක්මනට ඔහු ගේ මුහුණ බැලීමට නෙඩ් ගේ සිතේ කැමැත්තක් නොතිබින. සන්සා ගේ දුක්මුසු මුහුණ දකින වාරයක් පාසා සිය සිතේ ද්වේශය කැකෑරෙමින් නැග එනු නෙඩ්ට දැනින. ගමනේ අවසාන සති දෙක එකම දුක් ප්‍රවාහයක් විය. මිය යා යුතුව තිබු‍නේ ලේඩි නොව නයිමේරියා බව පවසමින් සන්සා ආර්යාට චෝදනා කලා ය. අනිත් අතට මස්කාරයා ගේ පුතාට සිදු වූ දේ අසන්නට ලැබුනු පසු ආර්යා සම්පූර්ණ‍යෙන්ම පාහේ මේ ලෝකයෙන් බැහැර වූ බවක් පෙනින. සන්සා සෑමදාම නින්දට යද්දී සිය ‍කොට්ටය තෙමෙන තෙක් හැඬූ අතර ආර්යා දවස පුරාම කිසිදු කතාවක් බහක් නොමැතිව බලා ගත් අත බලා සිටිනු දක්නට ලැබින. වින්ටර්ෆෙල්හි ස්ටාර්ක්වරුන්ටම වෙන් වූ සීතල අපායක් එඩාර්ඩ් ස්ටාර්ක් සිහිනයෙන් දුටුවේ ය.

----------------------------

පිටත අංගනය හරහා ගොස් අභ්‍යන්තර පවුර පසුකර සිය නවාතැන වන 'හස්තයේ කුළුණ' වෙත ඇවිදිමින් යන අත‍රේ නෙඩ් ඉදිරියෙන් සුළැඟිල්ලා ප්‍රාදුර්භූත වීය. "ඔබ ඔය යන්නෙ වැරැදි පැත්තට ස්ටාර්ක්. එන්ට මගෙත් එක්ක."

අතීරණයෙන් වුවද නෙඩ් ඔහු පසුපස වැටින. සුළැඟිල්ලා ඔහුව කැඳවාගෙන කුළුණක් තුළින්, පඩිපෙළක් පහළට, අන්තර්භෞම අංගනයක් හරහා අතහැර දමන ලද බරාඳයක් දිගේ දිගටම ගි‍යේ ය‍. මේ බරාඳය දිගටම පැරණි හිස් සන්නාහ සිටවා තිබුනේ මුරකරුවන් පරිද්දෙනි. කළු පැහැ වා‍නේවලින් නිමවා මකර කොරපොතුවලින් හැඩගැන්වූ, දැන් අමතක කර දමා ධූලි බැඳී තිබුනු මේවා ටාර්ගේරියන්වරුන් ගේ කෞතුක වස්තු විය. "මේ ම‍ගේ නවාතැනට යන පාර නෙවෙයි." නෙඩ් කී‍වේ ය‍.

"මම එහෙම කිවුවද? මම ඔබව එක්කරන් යන්නෙ වධකාගාරවලට, ඔබේ බෙල්ල කපලා මළකඳ කොහේ හරි බිත්තියක් පිටිපස්සෙ හංගන්ට." සුළැඟිල්ලා පිළිතුරු දුනි. ඔහු ගේ කටහඬ සෝපාහාසයෙන් පිරී තිබින. "අපට සෙල්ලම් කර කර ඉන්ට වෙලාවක් නෑ ස්ටාර්ක්. ඔබේ බිරිඳ බලන් ඉන්නවා."

"මොකක්ද මේ නටන්ට හදන නාඩගම? කැට්ලින් ඉන්නෙ වින්ටර්ෆෙල්වල. මෙතන ඉඳන් ලීග සිය ගානක් ඈත."

"ආහ්!" සුළැඟිල්ලා ගේ අළු-කොළ පැහැ දෑස් දීප්තිමත්ව බැබලින. "ඒ කියන්නෙ එහෙනම් තව කවුරු හරි බොහොම දක්ෂ විදියට වෙස් වලා ගෙන තියෙනවා. මේ අන්තිම වතාවටයි කියන්නෙ. එන්ට. එහෙම නැත්තං එන්ට එපා. මම එයාව මටම තියාගන්නම්." ඔහු ඉක්මනින් පඩිපෙළ පහළට ඇවිදගෙන ගියේ ය.

නෙඩ් පරීක්ෂාකාරී අයුරින් ඔහු පසුපසින් වැටුනේ අද දවස කෙදිනක නිමා වන්නේදැයි කල්පනා කරමිනි. මෙවැනි කුමන්ත්‍රණ ගැන ඔහු තුළ කිසිදු පැහැදීමක් නොවී ය. එනමුදු සුළැඟිල්ලා වැනි මිනිසකුට එවැනි දේ කජු කන්නාක් මෙන් පහසු බව ඔහුට අවබෝධ වෙමින් තිබින.

පඩි‍පෙළ පාමුල ඕක් දැවයෙන් හා යකඩින් නිම කල බරැති දොරක් විය. අගුල එසවූ පෙටයර් බේලිෂ් නෙඩ්ට සන් කලේ ය. දොරින් පිට වූ ඔවුන් පා තැබූයේ බැස යන හිරු ගේ රත් පැහැයෙන් නැහැවුනු, ගඟට ඉහළින් පිහිටි දැඩි බෑවුම් සහිත පර්වතයක් මුදුනට ය. "අපි ඉන්නෙ බලකොටුවෙන් පිටත." නෙඩ් කීවේ ය.

"ඔබව මුලා කරන්ට හරි අමාරුයි ස්ටාර්ක්." සුළැඟිල්ලා බොරු නියවීමක් ඇතිව කීවේ ය. "ඉර නිසාද ඒක අහුවුනේ? නැත්තම් අහස නිසාද? මගේ පස්සෙන් එන්ට. ගලේ පඩි කපලයි තියෙන්නෙ. පරිස්සමෙන්. පහළට වැටෙන්ට එපා. කැට්ලින් කවදාවත් ඒක පිළිගන්න එකක් නෑ." ප්‍රපාත‍යෙන් ඔබ්බට ගිය ඔහු වඳුරකු මෙන් කඩිසරව පහළ බසින්නට විය.

නෙඩ් මඳ වේලාවක් පර්වත මුහුණත අධ්‍යයනය කලේ ය. ඉන්පසු වඩා සෙමින් පහළ බසින්නට පටන් ගත්තේ ය‍. සුළැඟිල්ලා පොරොන්දු වූ පරිද්දෙන්ම ගලේ නොගැඹුරු කැපුම් කපා තිබුනේ පහත සිට බලන්නෙකුට නොපෙනන පරිද්දෙනි. ඔහු‍ට බොහෝ පහළින් බොහෝ ඈතින් ගඟ ගලායමින් තිබින. සිය මුහුණ පර්වතයට සමීපව තබා ගත් ඔහු උවමනාවට වඩා පහළ නොබැලීමට වග බලා ගත්තේ ය.

අන්තිමේදී නෙඩ් පර්වතය පාමුල වූ ගඟට සමාන්තරව ඇදී ගිය පටු, මඩ වැකුනු අඩි පාරකට පා තැබුවේ ය. සුළැඟිල්ලා ගලක් මත වාඩි වී ඇපල් ගෙඩියක් කමින් සිටියේ ය. "ඔබ බොහොම නාකි වෙලා ස්ටාර්ක්." ඔහු කීවේ ඇපල් ගෙඩියේ මදය අලස ලෙස ගංදියට විසි කරමිනි. "ප්‍රශ්නයක් නෑ. ගමනේ ඉතුරු ටික අපි අශ්වයො පිටේ යමු." ඔහු සතුව අසුන් දෙදෙනෙකු පොරොත්තුවෙන් සිටි අතර අසු පිට නැගුනු ‍නෙඩ් සුළැඟිල්ලා පසු පස අඩි පාර දිගේ ගොස් නගරයට අවතීර්ණ විය.


Eddard Stark: “You would be the last man I would willingly include in any party, Lord Baelish.”

76 comments:

  1. Replies
    1. ඉතින් මොනාද හම්බවුනේ , අර ඇපල් මදයද :)

      Delete
    2. නිකැලැල් ඔපරේශන් එකකට ඩිස්කවුන්ට් එකක් !

      Delete
    3. අඩෝව් අපිව නිකැළැල් කරන්ට හිතුව මදි. එන ගෝරිල්ලෙක් වරෙල්ලා one by one. :P

      Delete
    4. ටාර්සනුත් ඔහොම කිවුවලු.. :-P

      Delete
    5. මාර්ටින්ගේ කතාවට වඩා අමාරුයි මේ කතා පරිවර්තනය කරන්ට. :P

      Delete
  2. හ්ම්.... එහෙනං' සුළැගිල්ල නරකමත් නෑ... හික්ස්...
    එතකොට රොබට් කියන්නෙත් අපේ මහරජ්ජුරුවො වගේ ඩෑල් එකක්... බුවා නයට ගන්නව යටත් වැසියන් ගෙවනව... ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. රජවරු ඔක්කොම එක ජාතියෙ අය තමා.. :-)

      Delete
  3. මේ හැම එකාම ජෝන් ඒරීන් හෙන වැඩ්ඩය.. පඬීයය කියලා හැම තැනම කිව්වට මොකද ඒ ගොං තකතීරුවා මෙයිට කලියෙන් මැරිලා ගියානං මේ තරංම ප්‍රශ්න ගොඩක් ඇති වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ... ඇහුවොත් කියන්නේ ඌ හෙන දූරදර්ශී බුවා කියලා.. ඒත් වෙන්න තියෙන ඔක්කෝම කෙලි සිද්ධ වෙලත් හමාරයි... ඌ මොන ලබ්බක් කලාද මංදා අවුරුදු ගාණක් තිස්සේ...

    ReplyDelete
    Replies
    1. පොත මුලින්ම කියවනකොට හිතුනෙ නැති දෙවල් දැන් හිතෙනවා. සහර්හික ඇත්ත මාරය. හැබැයි ඉතින් රොබට් කවුරුත් කියන දෙවල් අහන මිනිහෙක් නෙවේනෙ.

      Delete
    2. රොබට් මොන විදියේ උනත් රොබට් නෙඩ්ට දක්වන හිතවත්කමයි තීන්දු ගන්න ආකාරයයි බැළුවම ජෝන් ඒරීන්ට නෙඩ්ට වඩා සැලකීමක් නොකලා වෙන්න බැහැ.. ජෝන් ඒරීන් හැබෑ බුද්ධිමතෙක් උනානං රොබට්ට රොබට්ගේ ආතල් ගන්න අරින ගමන්ම අනිත් පැත්තෙන් ගේමක් ගහන්න තිබුනා මේ තරමට කෙල වෙන්නේ නැති වෙන්න. ඒත් මටනං කිසිම තැනක පේන්න නැහැ ඒ යකා කරපු කිසිම බුද්ධිමත් වැඩක්. රොබට් කියන්නේ නරකම මිනිහෙක් නෙවෙයි... ටිකක් විනෝදෙට බර.. ඔළුවට බරක් ගන්න අකමැති සෑහෙන්න සාධාරණ මිනිහෙක්. එහෙම මිනිහෙක්ව ආං බාං කරන්න බැරිනං මොකාවද ආං බාං කරන්න පුළුවන්.. කොහොමද ජොෆ්රි වගේ එහෙකුට හස්තය උනානං... බඩුම තමා නේද..? :D

      Delete
    3. ජොන් එරින් රොබට් ගේ පියා වන් අයෙක් ලු. නෙඩ් සහොදර වගේලු. එහෙව් එකේ අර වෘකයව බෙරගන්ට බැරි උනා නෙව. ඒක රොබට් ආසාවෙන් කරපු දෙයක් නෙවේ ලු. ඉතින් ආසවෙන් කරන වියදම් එහෙම නතර කරයිද?

      Delete
    4. වියදම් කරන්න අරින ගමන්ම ඇයි ඒවා සූක්ෂමව ආදයම් ලැබෙන පැත්තකටත් යොමු කරන්න බැරි උනේ... අනිත් එක රොබට් කියන්නේ කාමරේ පිරෙන්න ගෑණු දුන්නනං වෙන මගුලක් නොකරන එකෙක්... වෙන වෙන මගුල් කරන්න වෙලාවක් නොදී මෑන් කැමති ගෑණුයි.. ඌරු දඩයමට පුළුවන් තරං වෙලාවලුයි හදලා දීලා.. පුළුවන් තරං අනිත් දේවල් වලන් අහක් කරලා තියාගන්න එකත් බැරිනං ජෝන්ට මොන දෙයක්ද කරන්න පුළුවන් වෙලා තිබුනේ... අනිත් පැත්තෙන් ජෝන් ඒරීන් කරපු කිසිම බුද්ධිමත් ක්‍රියාවක්.. ගත්ත තීන්දුවක් වගේ දේවල් පේන්න තියෙනවද..? මෙතනදී මට කතාවේ අනාගතය ගැන කියන්න විදියක් නැහැ.. මුං මාව මරාගෙන වළඳන්න පුළුවන් හින්දා... නැත්තං මං ටිරීයන් ලැනිස්ටර් ගැන කතා කරන්න කැමතියි.. අන්න බුද්ධිමතෙක්... :D මෑන්ගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද කොටා උනාට...

      Delete
    5. අඩේ මරයියාට බැරිද අපේ රජාගේ හස්තය වෙන්ට..:D එතකොට අපේ රජාත් ඔය චීනෙන්,අරහෙන්,මෙහෙන් ණය අරන් අර කිරුළ,මේ පොකුණ වගේ ඒවා කරන කොට,හදනකොට ඒවාට යන වියදම් වලින් කොටසකින් වත් ප්‍රයෝජනවත් දෙයකුත් ඔය අස්සෙන් කර ගන්න බැරි කමක් නැහැනේ..:D

      Delete
    6. මල්ලි මම මේ බ්ලොග් එකට බොහෝම ආසාවෙන් අවිත් කියවන්නේ මෙතන ඔය උලව් ලංකාවේ දේශපාලනයක් ඇදගෙන කියවන තැන්වලට වඩා වෙනසක් තියෙන හින්දා. හැම මගුලටම දේශපාලනේ ගාවගෙන ඒ ඒ තැන්වල තියෙන තත්වය කන්න මම ආස නැහැ. ඒ හින්දා ඒ තත්වය දිගටම මෙතන තියාගන්න මගේ ඇති කැමැත්ත හින්දා මං ඔය කතාවට නියම උත්තරේ නොදී ඉඤ්ඤං... :D

      Delete
    7. @ maare,
      මෙතන දේශපාලනය :- නරි, කුරුල්ලො සහ කසිප්පුකාරයන්ගෙන් සමන්විත ඇමති මණ්ඩලය පිස්සු කෙලිනවා.
      ඒත් අන්තිම වචනය අති ගරු බුරෝධිපතිතුමාගෙ තමයි
      ( ෂ්ෂ්ෂ්.. එයා වචනෙ අහගන්නෙ ටයනු උත්තමාවියගෙන්)

      Delete
    8. @ මරයියා,
      පස්වාන් දහසකට බුදු වෙන්ට දේවයන්වහන්ස ගැත්තාට සමා වෙන සේක්වා...:D :D

      Delete
    9. Could talk about tyrion for a long time. But it would be spoilers.

      Delete
    10. But we can talk in asoiaf.westeros.org if you like. Look for the spotted cat.

      Delete
    11. ඔතනදි ජොන් ඒරින් වුනත් අසරණයි මට හිතෙන හැටියට.. මොකද රොබර්ට් තමන්ගෙ හිතු මනාපෙට වැඩ කරනවටත් වඩා රැජිණට ඕන ඕන විදියට නැටවෙනවා කියලයි මම හිතන්නෙ.. මතකනෙ, රොබර්ට් ජොන් ඒරින්ට තාත්තා කෙනෙකුට වගේ ආදරේ කිවුවට එයාගෙ පුතා රොබර්ට් ඒරින්ට 'නැගෙනහිර ආරක්ෂකයා' තනතුර නොදී ඒක දුන්නෙ ජේමී ලැනිස්ටර්ට..

      ටිරියන් හා ජොන් ඒරින් කියන්නෙ චරිත දෙකක්.. ඒරින් අවංකයි.. අවංක මිනිස්සුන්ට රාජසභාවෙදි සාර්ථක වෙන්ට බෑ.. ටිරියන් කපටියා, අණ්ඩයා.. මිනිහා සූරකම අතින් සුළැඟිල්ලා තරම්ම ළඟින් ඉන්නවා..

      // මෙතන දේශපාලනය :- නරි, කුරුල්ලො සහ කසිප්පුකාරයන්ගෙන් සමන්විත ඇමති මණ්ඩලය පිස්සු කෙලිනවා. //

      ඒක නරි, කුරුල්ලො, ගෝරිල්ලො සහ කසිප්පුකාරයන්ගෙන් විය යුතුයි නේද? ;-)

      Delete
    12. පොම් හදන්නේ පාඨකයන් තවත් අමාරුවේ දාන්ට වගේ. :P

      Delete
    13. තවත් දෙයක් මට පස්සෙ මතක් වුනා‍.. ඔක්කොම වියදං ටික රජ්ජුරුවොයි හස්තයයි පිටින් දාලා ඇඟ බේරගත්තට තව උදවිය ඔය සල්ලි යටිමඩි ගහගන්ට ඇති.. ඔය පෙටයර් බුවා එහෙම.. :-D

      Delete
    14. අර බස්තුමා මෙහෙට දැන් වැඩිය බස්සන්නෙ නැත්තෙත් දේශපාලන හේතුවක් නිසාද?

      Delete
    15. අනේ පෙටයර් නම් හරීඊඊඊඊඊඊඊඊඊඊ හොඳයි.

      Delete
    16. බස්තුමා දැන් බාන්නෙ මත්තල වගේ ලොකු ලොකු එයාර්පෝර්ට් වලට විතරලු.. ;-)

      Delete
    17. මොන....
      අන්න කන පැලෙන්ට ගහල තනි තනි තටුවෙන් පියාබනව රවුමට රවුමට. :P

      Delete
  4. මේකත් ලංකාවේ කතාවත් අතර මහා ලොකු අසමාන කමක් නෑ නේද බලන් ගියහම?? ලොක්කෝ ගන්නවා පිස්සු කෙලිනවා, පොඩ්ඩෝ ගෙවනවා...

    ReplyDelete
    Replies
    1. දේශලානය එදත් එකයි අදත් එකයි.. ලංකාවෙත් එකයි ලෝකෙ කොහෙත් එකයි..

      Delete
  5. "ඇපල් මදය" කියන එකටත් මේ ගෝඩාකාරයො මැමොටි පුටින් වෙයිද?

    ReplyDelete
    Replies
    1. Nope. I think apple core is very well translated.

      Delete
    2. එතකොට "මදය" වීසිකරනව?

      Delete
    3. අපි නම් ඇපල් වල කිසිදෙයක් විසි කරන්නෙ නැල්ලු. හරය උනත් කිවුව හැකි.

      Delete
    4. "මැද"? "මැද කෑල්ල"?

      ඒක නෙමෙයි පොං පොම් කුමරුනි. මේක ලියන අයට නැති අමාරුවක්නෙ අපිට තියෙන්නෙ!!

      Delete
    5. හී හී...කට්ටිය ඔහොම විනෝද වෙන්ටලාකෝ...බූරා මග එනවා.

      Delete
    6. අනේද කියන්නේ PJ. මුන් හිත්තනවා ඇති අපිට්ට පිෂ්ෂු කියල. හික්.

      Delete
    7. ඔය ඇපල් තියනව නේද? සයිඩර් වඩියක් පෙරන්න කියාපු භාණ්ඩෙ. "සයිඩර් හවුස් රූල්ස්" මං කැමතිම පිචෑර් එකක්. එකේ ඉන්නවා ගිණි කිකිලියෙක්. පන්නගෙන යන්නම හිතෙනවා :)

      හදන විදිහ අපේ පොං ගෙන් හරි මාරයගෙන් හරි අහගත්තෑකි :)

      Delete
    8. // අනේද කියන්නේ PJ. මුන් හිත්තනවා ඇති අපිට්ට පිෂ්ෂු කියල. හික්. //

      අමුතුවෙන් හිතන්ට දෙයක් නෑ.. රටම දන්නවා බොලා ඔක්කොටම ලාවට පිස්සු කියලා.. :-P

      මම මේ කල්පනා කලේ අර අහක හිටිය අහිංසකයා, පුටින්, මේකට ගෑවුනේ කොහොමද කියලයි..

      Delete
    9. @නරිමොටා,

      ඇයි දැන් අරිෂ්ටේ ඇති වෙලාද? :D

      Delete
    10. බඩේ පාර වදින්ට වගේ. එන්ට නරි පට්ටෝ මම බොට අරිශ්ටේ අඩුවට දෙන්නං

      Delete
  6. කව්ද කියන්නෙ ණයට අරං ජොලි දාන එක වැරදියි කියලා ? අපරාදෙ අපේ අයට මෙයාලට ටියුෂන් දෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කොයි කාලෙත් රජවරු ඔච්චර තමා කොලේ.. :-D

      Delete
  7. අද උදැල්ල දාන්ටවත් තැනක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. "පණ්ඩකයා" කියන්නෙ මොකාටද කුමාරයාණනි?
      නිකං අර ගෝඩා රිචුවල් එකේ (දර දාන ) ආවතේවකාරයෙක් වගේ නිසා ඇහුවෙ

      Delete
    2. නපුංසක . අලුත්ම ඉට්ටයිල් එකට නම් නිකැලැල් :p

      Delete
    3. නපුංසක හින්දම නිකැලැල්ව ඉන්නව ඇතිනේ..... හික්ස්

      Delete
    4. කැලැල් නැත්තෙ ප්ලාස්ටික් සැත්කමක් කරලද?

      Delete
    5. @ ප්‍රින්ස් පිං පොං

      උදැල්ල දාන්න තැනක් ඇත්තෙම නැහ්නං, දෙන්නද පොඩි ඉඩං කෑල්ලක් , කින්ස් ලෑන්ඩින් පැත්තෙන්? එතකොට බැරියෑ ඔය හේනක් කොටාගෙන ඉන්න? ඔය උදැල්ල " කිඹුල" මාක් එකක්ද?

      මෙතන" පිං" කියල කිව්වෙ ගවුරවේට - පිංවත් කියන එකට. මං නැති අල්ලපනල්ලෙ අර බකුසු තඩියා ඇවිල්ල ගම කාලා නේද? ඕකා කලොත් කරන්නෙ මය අරිස්ට වඩියට කෙලවෙන වැඩක්ම තමා.

      Delete
    6. නරියෝ අපි නම් හේනක් කාරිය කරනවා ලු. ඇත්තටම.

      Delete
    7. ඔය කියන්නෙ අර තණමල්විල පැත්තෙ කරන හේනද? නැත්තං යාල කැලේ මැද්දෙ කරන හේනද? ;-)

      Delete
    8. නෑ බැද්දේගම පැත්තේ මිරිස් වගාවක් කරනවලු. ඊට පස්සේ ඒවා 'අමුමිරිස් චැලෙන්ජ්' එකට කිලෝ එක දාස් ගානට විකුණනවලු. :P

      Delete
    9. @ බුර්

      යාල එක බොස්.
      @ pods

      බැද්දේගම, හුහ් මම කියන්නෑ බොට

      Delete
  8. ඔන්න බලන්න පින්වතුනි කොහෙත් පාලකයෝ කරන්නේ තමන්ගේ සුඛ විවරණය උදෙසා අහිංසකයින් පිට බර පැටවීම නොවේද?
    අනේ ඔහොම king නොදොම king ..:D

    ReplyDelete
    Replies
    1. King ලා ඔක්කොම king-kong ලා තමාලු.. :-D

      Delete
  9. රොබර්ට් හෙන ආතල්..කොහෙත් රජ්ජුරු ඔහොම තමයිලු ඉතිං.! :D

    ReplyDelete
    Replies
    1. රජවුනාට පස්සෙ මොළේ අඩුවෙනවලු නේ.. නැත්තං රට පාලනය කරන්ට බැරිවෙනවලු.. :-)

      Delete
    2. Are we sure he had brains to begin with??

      Delete
    3. Obviously! He had brains & used that to start the riot & succeed to the throne. But then he married Cersei, and that clearly indicates that he lost his brains after he became the king...

      Delete
    4. And who arranged hat great marriage ??

      සප්‍රයිස් සප්‍රයිස්

      Jon Arryn. so i agree with Maare. ජොන් මොලේ අඩු කෙනෙකි.

      Delete
  10. අනේ මන්දා මේ කතාව කියවනකොට පරිවර්තනය කරන එක්කෙනාටත් වඩා මහන්සියි. හරිම ජංජාල් තමා තමා ඒ රටෙත් තියෙන්නෙ. දේශපාලනය මටත් පේන්න බැහැ. ඒ උනත් අතීතෙ ඉඳල වර්තමානය දක්වා හැම රටකම එකවගේ. අනාගතෙත් ඔහොම තමා...

    ReplyDelete
    Replies
    1. තව ඉතින් පැටලෙන්ට පටන් ගත්තේ වත් නැල්ලු සොන්යා.

      Delete
    2. @ Sonya,

      අනේ ඇයි අනේ ඔයා ඔච්චර මහන්සි වෙන්නෙ? මම කියන්ටද වැඩක්.. ඔය මහන්සි හැදෙන, 'කියවන' වැඩේ මම කරන්නං, ඔයා ලේසි 'පරිවර්තන' වැඩේ කරන්ට.. :-)

      Delete
    3. @සෝන්යා,

      මෙයා ' Ek Villain ' බලනකොට, සාප්පු සවාරි ගහනකොට, දානේ වළඳන කොට, අනික් අය ෆෝන් ඕෆ් කරගෙන, දිව හපාගෙන, මාර්ටින් ගොය්යව ආදරෙන් මතක් කර, කර කොට, කොටා ඉන්න බව දන්න හන්දා මේ වැඩේ මෙච්චර ලේසි බව තේරුණා නේද සෝනියේ? :P

      Delete
    4. හෝව් හෝව් කට්ටිය කේන්තිගන්න එපා මමත් කිව්වෙ පරිවර්තනය කරන එක අමාරුයි කියලනේ .....

      Singham & Heropanti films දෙකත් බැලුවා :)

      Delete
    5. ek villan .... ewwwwwwwwwwwwwwwwwwwwwwwww :P

      Delete
    6. ඔබතුමි කොහේහරි ගිහින් ගෙදර ආපු කතන්දරේද ? singham returns ??

      Delete
  11. ඒ කාලයේ රාජ්‍ය පාලනය පිලිබඳ අවබෝධයක් ලබාගන්නත් මේ වගේ සිදුවීම් මගින් රුකුලක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ විතරක් නොව මේ කාලෙත් එහෙම නේද මන්දා..... ;-)

      Delete
  12. විමල් වීරවංශගේ වචන වලින් කිව්වොත් මේ සුළැඟිල්ලා ආර්ථික ඝාතකයෙක්... :D ණය ගන්න ඕනේ වෙලාවක රෙඩි...

    ReplyDelete
    Replies
    1. එයැයිට තියෙනවලු ප්‍රශස්ථ ආර්ථික දැක්මක්.. මං කිවුවේ සුළැඟිල්ලාට.. :-D

      Delete
  13. මිස් වෙලා තිබ්බ කොටස් ටික කියෙව්ව. කොමෙන්ට්ස් පස්සෙ කියවනව. හෙට එන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්වන්! :-)

      Delete