Wednesday, 3 September 2014

එඩාර්ඩ් - 03


"එයාලා ඇයව හොයා‍ගෙන මගෙ උතුමානනි."

නෙඩ් සැනින් නැගිට සිටියේ ය. "අ‍පේ මිනිස්සුද නැත්තං ලැනිස්ටර්ලාද?"

"ඒ ජොරී." ඔහු ගේ නිවාස බාරකරු වූ වයොන් පූල් පිළිතුරු දුන්නේ ය. "ඇයට අනතුරක් නෑ."

"‍දෙයියන්ට ස්තූති වේවා!" නෙඩ් කීවේ ය. ඔහු ගේ මිනිසුන් ආර්යාව සොයන්නට පටන් ගෙන දැනට සිවු දිනකි. එනමුදු රැජිණ ‍ගේ මිනිස්සු ද ඇයව 'දඩයම්' කරමින් සිටියහ. "කෝ දැන් එයා? ජොරීට කියන්ට මේ දැන්ම එයාව මගෙ ළඟට එක්කන් එන්ට කියලා."

"මට සමාවෙන්ට උතුමානනි. ගේට්ටුවෙ හිටපු මුරසෙබළු ලැනිස්ටර් මිනිස්සු. ජොරී ඇයව එක්කන් ආපු ගමන්ම උං රැජිණට පණිවුඩයක් යැවුවා. ඇයව කෙලින්ම රජතුමා ළඟට එක්කන් ගියා..."

"මේ ගෑනිව යකාට ගියාවෙ." නෙඩ් පැවසූයේ දොර දෙසට ඉක්මන් පියවර තබමිනි. "සන්සාව හොයාගෙන එයත් එක්ක එන්ට සභාශාලාවට. එයා කියන දේත් අහන්ට අවශ්‍ය වෙයි." නැග එන කෝපයෙන් යුතුව ඔහුව පඩිපෙළ බැස්සේ ය. පසුගිය දින තුන තිස්සේම ඔහු සෙවුම් කණ්ඩායමට නායකත්වය දුන්නේ ය. ආර්යා අතුරුදන් වූ දින‍යේ සිට ඔහුට පැයකට වඩා නිදා ගැනීමට අවස්ථාවක් ලැබී නොතිබින.අද උදෑසන වනවිට ඔහු කෙතරම් විඩාවකින් හා ‍වේදනාවකින් ‍පෙලුනේ ද යත් ඔහුට සිටගෙන සිටීමටවත් හැකියාවක් තිබුනේ නැත. එනමුදු දැන් නැවතත් ඔහු තුළ කෝපය නැග ආ අතර එයම ඔහුට ශක්තියක් ගෙන දුනි.

බලකොටු අංගනය හරහා ගමන් කරද්දී කිහිප දෙනෙකුම ඔහු අමතා කතා කල මුත් කඩිනම නිසා නෙඩ් ඔවුන්ව ‍නොතකා හැරියේ‍ ය. ඔහුට දිව යන්නට සිතුනු මුත් ඔහු තවමත් රජතුමා ගේ හස්තය වූ අතර කෙතරම් ලොකු හදිසියකදී වුව ඔහු සිය තනතුරේ ආනුභාවය රැක ගත යුතු විය.

බලකොටුව වනාහි ගංගා ත්‍රිශූලයට දකුණින් වූ දවසකින් අඩක පමණ ගමනකින් ළඟා විය හැකි සාමාන්‍ය මට්ටමේ එකක් විය. රාජකීය පිරිස එහි උතුමානන් වූ සෙර් රේමන් ඩැරී ‍ගේ අනාරාධිත අමුත්තන් බවට පත්ව සිටියේ ගංඉවුර දෙපසම ආර්යා සහ මස්කාරයා ගේ පුතා වෙනුවෙන් වූ දඩයම් සංචාර මෙහෙයවමින් තිබුනු බැවිනි. ඔවුන් කිසිවෙකුත් සාදරයෙන් පිළිගත් අමුත්තෝ නොවූ හ. සෙර් ‍රේමන් මේ වනවිට රජතුමා‍ හා සමාදානයෙන් විසූවද ඔහු ගේ පවුල රේගාර් ගේ මකර ධජය යටතේ ත්‍රිශූලය අසල සටනට සහභාගි වී තිබින. ඔහු ගේ වැඩිමහල් සොයුරන් තිදෙනාම මිය ගොස් තිබුනේ මෙම සටනිනි. මේ සත්‍යය රොබර්ට් ගේ හෝ සෙර් රේමාර් ගේ හෝ සිතින් කිසිවිටෙකත් බැහැර වී නොතිබින. රජු ගේ මිනිසුන්, ඩැරී මිනිසුන්, ලැනිස්ටර් මිනිසුන් හා ස්ටාර්ක් මිනිසුන් යන මේ සියල්ලෝම තමන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන තරමේ මෙම කුඩා බලකොටුව තුළ එක් රැස් වී සිටි අතර එය ඕනෑම මොහොතක පුපුරා යා හැකි පීඩනයක් විය.

රජතුමා විසින් සෙර් රේමන් ගේ සභාශාලාව සිය පාවිච්චියට ගෙන තිබුනු අතර ඔහු ඇතුළුවන විට එය මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබින. එය ඕනෑවටත් වඩා පිරී තිබිනැයි නෙඩ්ට සිතුනි. ඔහු හා රජතුමා පමණක් මීට මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය සමගියෙන් හා මිත්‍ර ලීලාවෙන් විසඳා ගත හැකි වේ යැයි නෙඩ් විශ්වාස කලේ ය.

රොබර්ට් බුම්මාගත් මුහුණින් යුතුව සභාශාලාව කෙලවරක වූ ඩැරී උතුමානන් ගේ උස් ආසනයේ වාඩි වී සිටියේ ය. ඔහු පසෙකින් සෙර්සි ලැනිස්ටර් හා ඇගේ වැඩිමහල් පුත්‍රයා සිටගෙන සිටියහ. රැජිණ ජොෆ්රි ‍ගේ උරහිස මත අතක් රඳවාගෙන සිටි අතර ඔහු ගේ අත තවමත් වෙළුම් පටිවලින් වෙලා තිබින.

ආර්යා ඇගේ තනියට සිටි එකම පුද්ගලයා වූ ජොරී කසල් සමගින් ශාලාව මැද සිටගෙන සිටියා ය. "ආර්යා." උස් හඬින් ඇමතූ නෙඩ් ඈ දෙසට පිය මනින්නට විය. ඔහු දුටු ඈ වැලපෙන්නට පටන් ගත්තා ය.

ඈ පසෙකින් දණක් නමා පහත්වුනු නෙඩ් ඇයව දෝතින් වැළඳ ගත්තේ ය. ඈ වෙවුලමින් සිටින බව ඔහුට දැනින. "මට සමාවෙන්ට!" ඇය දිගින් දිගටම ඉකිබින්දා ය. "මට සමාවෙන්ට, මට සමාවෙන්ට."

"ඒ ඔක්කොම හරි." ඔහු කීය. ඇය කෙතරම් පුංචි කැහැටු අසරණ දැරියක් ද! මෙතරම් පුංචි දැරියක මෙතරම් කරදර ගොඩක් ඇති කරන්නේ කෙසේ දැයි යන්න නෙඩ්ට සිතා ගත නොහැකි කරුණක් විය. "ඔයාට තුවාල වුනාද?"

"නෑ." ඇගේ මුහුණ කුණු ධූලියෙන් වැසී තිබින. "පොඩ්ඩක් බඩගිනියි. මම කැලෑ ගෙඩි ජාති වගයක් කෑවා. ඒත් එච්චරයි මට හොයාගන්ට පුළුවන් වුනේ."

"අපි ඉක්මනටම ඔයාට කෑම දෙන්නම්." නෙඩ් පොරොන්දු විය. නැගී සිටි ඔහු රජතුමා ගේ මුහුණ දෙස බැලී ය. "මොකක්ද මේ‍කෙ තේරුම?" ඔහු ගේ දෙනෙත් ශාලාව සිසාරා ගියේ මිත්‍රශීලී මුහුණක් බලාපොරොත්තුවෙනි. එනමුදු ඔහු ගේ මිනිසුන් හැරෙන්නට ඔහු වෙනුවෙන් මිත්‍රශීලී වූ වෙනත් මුහුණු තිබුනේ අල්පයකි. සෙර් රේමන් ඩැරී ඉතා දක්ෂ අයුරින් සිය හැඟීම් සඟවාගෙන සිටියේ ය. රෙන්ලි උතුමානන් ගේ මුවේ මන්දස්මිතයක් රැඳී තිබුනද එහි අරුත කුමක්දැයි වටහා ගැනීම අසීරු විය. සෙර් බැරිස්ටාන් සන්සුන් හා ගම්භීර මුහුණින් සිටි අතර එහි සිටි අනිත් සියල්ලෝම එදිරිවාදී ලැනිස්ටර් මිනිසුන් වූහ. එකම හොඳකට තිබුනේ ත්‍රිශූලයට උතුරින් දඩයම් මෙහෙයවමින් සිටි සෙර් ජේමි ලැනිස්ටර් හා සැන්ඩෝර් ක්ලිගේන් යන දෙදෙනාම මෙහි නොමැති වීම පමණකි. "ඇයි මට දැනුම් දුන්නෙ නැත්තෙ මගේ දුව හොයාගත්තා කියලා." නෙඩ් උස් හඬින් විමසී ය. "ඇයි එයාව කෙලින්ම මගේ ළඟට අරන් ආවෙ නැත්තෙ?"

ඔහු ප්‍රශ්නය ඇසුවේ රොබර්ට් වෙතින් වුවද පිළිතුරු පැමිණියේ සෙර්සි ලැනිස්ටර් වෙතිනි. "උඹ කොහොමද උඹේ රජතුමාට ඔය විදියට කතා කරන්නෙ?"

‍මේ වදනින් රජතුමා ඇවිස්සුනේ ය. "කට වහගනිං ගෑනියෙ." ඔහු ගෙරෙවුවේ ය. ඔහු ආසනයේ කෙලින් විය. "මට සමාවෙන්ට නෙඩ්. මම කොයිවෙලාවකවත් දරුවාව බය කරන්ට හිතු‍වෙ නැහැ. මම හිතුවෙ එයාව මෙතනට ගෙනල්ලා ඉක්මනටම රාජකාරිය ඉවර කරලා දැම්මානං හොඳයි කියලයි."

"මොකක්ද ඒ රාජකාරිය?"

රැජිණ ඉදිරියට පිය තැබුවා ය. "උඹ හොඳින්ම දන්නවා ඒ මොකක්ද කියලා ස්ටාර්ක්. උඹේ මේ කෙල්ල මගේ පුතාට පහර දීලා තියෙනවා. ඒකියි, ඒකිගෙ අර මස්කාර කොල්ලයි. ඒකිගෙ අර මෘගයා මගෙ දරුවගෙ අත කඩාගන්ට හදලා තියෙනවා."

"ඒක බොරුවක්." ආර්යා කෑ ගැසුවා ය. "වෘකයා එයාගෙ අත යාන්තං හැපුවා විතරයි. එයා මයිකාට තුවාල කලා."

"ජොෆ් අපට කිවුවා මොකක්ද සිද්ධවුනේ කියලා." රැජිණ කීවා ය. "උඹයි අර මස්කාරයගෙ කොල්ලයි එයාට පොලු මුගුරුවලින් තැලුවා. උඹ අර වෘකයාව එයාව හපන්ට උසිගැන්නුවා."

"ඒක එහෙම නෙවෙයි වුනේ." ආර්යා කීවේ නැවතත් කඳුළු පුරා එන දෑස් අතරිනි. නෙඩ් ඇය ගේ උරහිස මත අතක් තැබුවේ ය.

"එහෙම තමයි ඒක සිද්ධ වුනේ." ජොෆ්රි කුමරා කතාවට පැන්නේ ය. "එයාලා ඔක්කොමලා මට තැලුවා. ඊට පස්සෙ එයා සිංහ දත අරගෙන ගඟ මැද්දට වීසි කලා." මෙවදන් පවසද්දී ඔහු ආර්යා දෙස එකදු බැල්මක් නොහෙලන්නට යෙදුනු බව නෙඩ් නිරීක්ෂණය කලේ ය.

"බොරුකාරයා." ආර්යා මුරගැසුවා ය.

"කට වහගන්නවා." කුමරා පෙරලා කෑ ගැසීය.

"ඇති." රජතුමා ගෙරෙවුවේ ඇවිස්සුනු කෝපයෙන් යුතුව අසුනින් නැගිටිමිනි. ශාලාව පුරා නිහඬතාව රජයන්නට විය. ඔහු රැවුම් මුහුණින් යුතුව ආර්යා දෙස බැලුවේ ය. "හොඳයි දරුවො. දැන් ඔයා මට කියන්ට සිද්ධවෙච්චි දේ මොකක්ද කියලා. හැම දෙයක්ම කියන්ට. ඇත්ත කතාව කියන්ට. රජතුමාට බොරු කියන එක ලොකු වැරැද්දක්." ඉන්පසු ඔහු සිය පුත්‍රයා ‍දෙසට හැරුනේ ය. "එයා කතා කරලා ඉවර වුනාට පස්සෙ ඔයාට කතා කරන්ට පුළුවන්. එතකං කට වහන් ඉන්නවා."

ආර්යා සිය කතාව අරඹද්දී තමාට පිටුපසින් දොර ඇරෙනු නෙඩ්ට ඇසින. හිස මඳක් හරවා බැලූ ඔහු දුටුවේ සන්සා සමගින් කාමරයට ඇතුළුවන වයොන් පූල් වය. ආර්යා කතාව නිමවන ‍තෙක් ඔවුහු නිහඬවම ශාලාව පසුපස සිටගෙන සිටියහ. ආර්යා තමා ජොෆ්රි ‍ගේ අසිපත ත්‍රිශූලයේ ගං දිය මැද්දට විසි කල අයුරු විස්තර කරද්දී රෙන්ලි බරතියන්ට සිනහව නවතා ගත නොහැකි විය. රජතුමා ‍කේන්තියෙන් පිම්බේ ය. "සෙර් බැරිස්ටාන්, මගේ මල්ලි හුස්ම හිර‍වෙලා මැරෙන්ට කලින් කරුනාකරලා එයාව ශාලාවෙන් එළියට එක්කන් යන්ට."

රෙන්ලි උතුමානන් අමාරුවෙන් සිය සිනහව යටපත් කර ගත්තේ ය. "මගේ අයියා හරිම කරුනාවන්තයි. මට පුළුවන් තනියෙන් දොර හොයාගන්ට." ඔහු ජොෆ්රි දෙසට හිස නැමී ය. "සමහරවිට පස්සෙ වෙලාවක ඔබව පුළුවන් වෙයි මට විස්තර කරන්ට, කොහොමද මේ තෙමිච්ච මී පැටියෙක් වගේ ඉන්න අවුරුදු නවයක කැහැටු ‍කෙල්ල කොසුමිටක් විතරක් අතේ තියාගෙන ඔබව නිරායුධ කරලා ඔබේ කඩුව ගඟ මැද්දට වීසි කලේ කියලා." තමාට පිටුපසින් දොර වැසෙද්දී රෙන්ලි තවත් වරක් සිනාසෙනු නෙඩ්ට ඇසින. "සිංහ දත." ඔහු අපහාසාත්මක ස්වර‍යෙන් කීය.

ජොෆ්රි කුමරා සුදුමැලි මුහුණින් යුතුව හාත්පසින්ම වෙනස් කතාන්තරයක් කියන්නට පටන් ගත්තේ ය. සිය පුත්‍රයා කතාව නිමා කල විට රජතුමා අසුනෙන් නැගිට්ටේ ය‍. ඔහුගෙන් දිස් වූයේ මේ මො‍හොතේ ‍මෙම ශාලාව තුළ හැර වෙන ඕනෑම තැනක සිටින්නට ඔහු කැමැත්තෙන් සිටි බවකි. "දැන් මොන අපා හතෙන් එකක් ද මම කරන්ට ඕන? මෙයා එකක් කියනවා, අරයා තව එකක් කියනවා."

"ඒ දෙන්නා විතරක් නෙවෙයි එතන හිටපු එකම අය." නෙඩ් කීවේ ය. "සන්සා මෙහාට එන්ට. අපට කියන්ට මොකක්ද සිද්ධ වුනේ කියලා." සිදුවූ සියළුම දේ ආර්යා අතුරුදහන් වූ රැයේ ඔහු සන්සාගෙන් අසා දැනගෙන තිබින. ඇත්තෙන්ම සිදු වූයේ කුමක්දැයි ඔහු මැනවින් දැන සිටි‍යේ ය.

ඔහු ගේ වැඩිමහල් දියණිය අතීරණාත්මක අයුරින් ඉදිරියට පිය මැන්නා ය. ඇය නිල් පැහැ විල්ලුදයෙන් සැරසී සිටි අතර ගෙල වටා රජතමය දම්වැලක් පැළඳ සිටියා ය. ඇගේ ඝනකම් රතු-දුඹුරු පැහැ කෙස් කළඹ දිස්නය දෙන තෙක් පීරා තිබින. ඇය වේගයෙන් ඇසිපිය හෙලමින් පළමුව සිය සොයුරිය දෙසත් ඉන්පසු තරුණ කුමරා දෙසත් බැලුවා ය. "මම දන්නෙ නෑ." ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව කීවා ය. පෙනුනු අන්දමට නම් ඇයට හැකි විගසින් මෙතනින් පලායාමට උවමනා වූ සෙයකි. "මට මොකුත් මතක නෑ. ඒ හැම දෙයක්ම බොහොම ඉක්මනින් සිද්ධ වුනේ. මම දැක්කෙ නෑ..."

"උඹ නං මහ කුණු ගොඩක්." ආර්යා යටිගිරියෙන් මොරදුන්නා ය. ඇය මිට මොලවා ගත් දෑතින් යුතුව ඊයක් මෙන් සිය සොයුරිය දෙසට පිනූ අතර ඝට්ටණය නිසා සන්සා බිම ඇද වැටින. "බොරුකාරි, බොරුකාරි, බොරුකාරි, බොරුකාරි."

"ආර්යා ඕක නවත්තන්ට." නෙඩ් කෑ ගැසීය. ඇය දඟලද්දී ජොරී ඇයව සන්සා වෙතින් ඉවතට ඇදගත්තේ ය. සුදුමැලි වූ සන්සා වෙවුලමින් සිටි අතර නෙඩ් ඇයව නැවත ‍දෙපයින් සිටෙවුවේ ය. "ඔයාට තුවාල වුනා ද?" නෙඩ් ඇසූ මුත් ඇයට එය ඇසුනු බවක් නොපෙනින. ඇය සිටියේ දිගටම ආර්යා දෙස හෙලා ගත් බැල්මෙනි.

"‍මේ කෙල්ල ඒකිගෙ අර ජරා සතා වගේම ම්ලේච්ඡයි." සෙර්සි ලැනිස්ටර් කීවා ය‍. "රොබර්ට්, මට ඕන ඒකිට දඬුවම් කරන්ට."

"යකාට පලයං!" රොබර්ට් මැසිවිලි නැගී ය. "සෙර්සි, බලනවා එයා දිහා. එයා තාම පුංචි ළමයෙක්. මම මොකක්ද කරන්ට ඕන? ඒ දරුවට කස පාර දිදී වීදි දිගේ එක්කරන් යන්ටද? හෙණ ගහපං! පොඩි ළමයි රණ්ඩු වෙනවා තමා. ඒවා එච්චර දුර දිග යන්ට ඕන දේවල් නෙවෙයි. මේක මෙතනින් ඉවරයි. කිසිම කෙනෙකුට ලොකු හානියක් වුනේ නෑ නෙ."

රැජිණ ගේ ස්වරය කෝපාවිෂ්ට විය. "මේ තුවාල කැළැල් ජොෆ්ගෙ ඇඟේ මුළු ජීවිත කාලය පුරාවටම තියේවි."

රොබර්ට් බරතියන් සිය වැඩිමහල් පුතු දෙස බැල්මක් හෙලී ය. "එහෙම වුනාවෙ. එතකොට මිනිහා ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගනීවිනෙ. නෙඩ්, උඹ උඹේ කෙල්ල හොඳට හැසි‍රෙනවද කියලා වග බලාගනිං. මම මගේ පුතා ගැන වග බලාගන්නම්."

"මම සතුටින් ඒක කරන්නම් ම‍ගේ ස්වාමිනී." නෙඩ් කීවේ සිතේ ඇති වූ මහත් සහනයකින් යුතුව ය.

රොබර්ට් පිටව යන්නට හැරුනි. නමුත් රැජිණ එය එතරම් පහසුවෙන් අත හැරීමට සූදානම් නැති බැව් පෙනින. "එතකොට වෘකයා ගැන මොකද කරන්නෙ?" ඇය පිටුපා යන රජු දෙසට හැරී ඇසුවා ය. "ඔබේ පුතාව දරුණු විදියට හපා කාලා තුවාල කරපු සතා ගැන මොකද කරන්නෙ?"

නැවතුනු රජතුමා රැවුම් මුහුණින් යුතුව ආපසු හැරු‍‍නේ ය. "මට ඒ යක්ෂ වෘකයා ගැන අමතකම වෙලා ගියානෙ."

ජොරී ගේ දෑත් තුළ සිරවී සිටි ආර්යා ගැතිගැන්වෙනු නෙඩ් දුටුවේ ය. ජොරී වහා සිය හඬ අවදි කලේ ය. "අපට ඝෝරවෘකයා ගැන හෝඩුවාවක්වත් හොයාගන්ට බැරි වුනා මගේ ස්වාමිනී."

මේ ලැබුනු පිළිතුරෙන් රොබර්ට් අසතුටු වූ බවක් නොපෙනින. "නෑ? හොඳයි, එහෙනං ඒක එච්චරයි."

රැජිණ සිය හඬ අවදි කලා ය. "මට උගෙ හම ගෙනත් දෙන කෙනෙකුට රන්කාසි සීයක් දෙනවා."

"බොහොම වටින හමක්නෙ." රොබර්ට් අවලාද ස්වර‍යෙන් ගෙ‍රෙවුවේ ය. "මේකට මාව ගාවගන්න එපා ගෑනියෙ. ඕවට ලැනිස්ටර් රත්තරන් වලින්ම ගෙවාගන්න එකයි ඇත්තෙ."

රැජිණ ඔහු ‍දෙසට නොසැලකිලිමත් බැල්මක් හෙලුවා ය. "මම හිතුවෙ නෑ ඔබ ඔච්චරටම මසුරෙක් කියලා. මම හිතාගෙන හිටියෙ මම කසාද බැන්ද රජතුමා ඉර බහින්ට කලින් මගේ ඇඳ උඩින් වෘක හමක් එලන්ට ලෑස්ති කෙනෙක් කියලා."

කේන්තිය නිසා රොබර්ට් ගේ මුහුණ කළු විය. "ඒක හරිම ලස්සන උපායක්. ඒ වුනත් අපට වෘකයෙක් නෑ."

"අපට වෘකයෙක් ඉන්නවා." සෙර්සි ලැනිස්ටර් කීවා ය‍. ඇ‍ගේ ස්වරය ඉතා මෘදු එකක් වුවද ඒ කොළ පැහැ දෑස් ජයග්‍රහනයේ දීප්තියෙන් බබලමින් තිබින.

ඇය කී දේ අරුත වටහාගැනීමට ඔවුන් සැමටම ටික මොහොතක් ගත වුනි. රජතුමා අප්‍රියජනක ස්වරයෙන් දෙවුර ඇකිලී ය. "ඕන දෙයක් කරගන්නවා. සෙර් ඉලියන්ට ඒක කරන්ට කියනවා."

"රොබර්ට්, ඔබ ඇත්තටමද මේ දේ කියන්නෙ?" නෙඩ් විරෝධාත්මක හඬින් ඇසී ය.

රජතුමා සිටියේ තවදුරටත් වාද කිරීමට තරම් ම‍නෝභාවයකින් නොවේ. "ඇති නෙඩ්. මට තවත් මේ ගැන අහන්ට ඕන නෑ. ඝෝරවෘකයෙක් කියන්නෙ බොහොම දරුණු සතෙක්. වැඩි කල් යන්ට කලින් ඌ අද මගේ පුතාට පැන්නා වගේ උඹේ දුවටත් කඩන් පනින්ට පුළුවන්. එයාට බල්ලෙක් අරන් දෙන්ට. එයා ඒකට වැඩියෙන් සතුටු වෙයි."

සිදුවන්නට යන්නේ කුමක්දැයි අන්තිමේදී සන්සාට අවබෝධ විය. ඇය බියපත් දෑසින් සිය පියා දෙස බැලුවා ය. "එයා කියන්නෙ ලේඩි ගැනද? අනේ එහෙම නෙවෙයි නේද?" පියා ගේ මුහුණ මත සටහන් වී ඇති කතාව ඇය වටහා ගත්තා ය. "නෑ. අනේ එපා. ලේඩිව මරන්ට එපා. ලේඩි කාවවත් හපන්නෙ නෑ. එයා හොඳයි..."

"ලේඩි එතන හිටියෙත් නෑ." ආර්යා කුපිත වූ ස්වරයෙන් කෑ ගැසුවා ය. "එයාව අත අරින්ට."

"අනේ එයාලව නවත්තන්ට." සන්සා බැගෑපත් වූවා ය. "එයාලට ඒක කරන්ට දෙන්ට එපා. අනේ! අ‍නේ! ඒ ලේඩි නෙවෙයි නෙ. නයිමේරියා තමා ඒක කලේ. ආර්යා තමා ඒක කලේ. ලේඩි නෙවෙයි. ඔයාලට එහෙම කරන්ට බෑ. අනේ එයාලට ලේඩිට රිද්දන්ට දෙන්ට එපා. මම එයාට නරකට හැසිරෙන්ට දෙන්නෙ නැතුව බලාගන්නම්. මම පොරොන්දු වෙන්නම්. මම පොරොන්දු වෙන්නම්..." ඇය හඬන්නට පටන් ගත්තා ය.

නෙඩ්ට කල හැකි එකම දෙය වූයේ හඬන සන්සාව දෝතින් වැළඳගෙන ඇයව සැනසීම පමණි. ඔහු කාමරය හරහා රොබර්ට් දෙස බැලී ය. ඔහු ‍ගේ පැරණි මිත්‍රයා. සොයුරකුටත් වඩා ළඟින් සිටි ඔහුව හොඳින් දන්නා ඔහු ගේ ප්‍රාණ සම මිත්‍රයා. "අනේ කරුනාකරලා රොබර්ට්. ඔබේ හිතේ මා ගැන ඇති ආදරේ වෙනුවෙන්වත්. අඩුමගානෙ ඔබ ම‍ගේ නංගිට දක්වපු ආදරේ වෙනුවෙන්වත්. කරුනාකරලා."

රජතුමා ඔවුන් දෙස බොහෝ වේලාවක් බලා සිටියේ ය. ඉන්පසු සිය බිරිඳ දෙසට බැල්මක් හෙලුවේ ය. "උඹට හෙණම ගහපං සෙර්සි." ඔහු පිළිකුල මුසු ස්වරයෙන් කීය.

හෙමින් සැරේ සන්සා ගේ ග්‍රහණයෙන් මිදුනු නෙඩ් රජුට මුහුණ ලා සිට ගත්තේ ය. පසුගිය සිවු දින පුරාවටම ඔහුට දැනුනු විඩාව නැවත ඔහු සොයා පැමිණ ඇති සේය. "එහෙමනම්, ඔබම ඒ වැඩේ කරන්ට රොබර්ට්." ඔහු වානේ මෙන් සීතල තියුණු ස්වරයෙන් කීවේ ය‍. "අඩුමගානෙ ඒ දේවත් කරන්ට ධෛර්යය උපද්දාගන්ට."

රොබර්ට් කිසිවක් නොදුටු අජීවී දෑසින් නෙඩ් දෙස බැලීය. වදනක්වත් නොදෙඩූ ඔහු බරැති අඩි තබමින් ශාලාවෙන් පිටව ගියේ ය. ශාලාව පුරා නිහඬතාව රජයන්නට විය.

"කෝ දැන් ඝෝරවෘකයා?" සිය සැමියා පිටව ගිය පසු සෙර්සි ලැනිස්ටර් ඇසුවා ය. ඇය පසෙකින් සිටි ජොෆ්රි කුමරා ගේ මුවේ සිනාවක් රැඳී තිබින.

"සතාව දම්වැල් දාලා ගැටගහලා ඉන්නෙ ගේට්ටුවට පිටතින් මගේ ස්වාමිනී." සෙර් බැරිස්ටාන් සෙල්මි නොකැමැත්තෙන් ‍මෙන් පිළිතුරු දුනි.

"ඉලියන් පේය්න්ට එන්ට කියන්ට."

"එපා." නෙඩ් කීවේ ය. "ජොරී, දරු‍වො ‍දෙන්නා එයාලගෙ කාමරවලට ඇරලවලා, මට මගේ කඩුව 'අයිස්' අරන් එන්ට." වචන ඔහු ගේ උගුරේ හිරවුනු අතර මුවට තිත්ත රසයක් දැනෙන්නට විය. ඔහු ආයාසයකින් වචන පිට කලේ ය. "ඒක කරන්ටම ඕන නම් මමයි ඒක කරන්නෙ."

සෙර්සි ලැනිස්ටර් ඔහු දෙස සැකමුසු බැල්මක් හෙලුවා ය. "උඹ ස්ටාර්ක්? මොකක්ද, මේක මොකක්හරි උපායක්ද? ඇයි උඹ එහෙම දෙයක් කරන්නෙ?"

ඔවුන් සියලු‍දෙනාම ඔහු දෙස බලාසිටින්නට වූහ. ඒ සැමටම වඩා ඔහුට උහුලාගැනීම අසීරු වූයේ සන්සා ගේ බැල්මයි. "එයා උතුරෙ කෙනෙක්. එයාට මේ සාමාන්‍ය මස්වැද්දෙකුගෙ අතින් මැරෙනවාට වඩා වැඩි දෙයක් හිමියි."

දැවෙන දෑසින් හා සිය දූවරුන් ගේ අඳෝනා රැවු දෙන දෙසවනින් යුතුව ඔහු ශාලාවෙන් පිට විය. ගේට්ටුව අසල රැකවල් මුරකුටියට පිටතින් බැඳ දමා සිටි වෘක පැටවා ඔහුට හමු විය. නෙඩ් ඇය අසල වාඩි වී මොහොතක් ගත ක‍ලේ ය. "ලේඩි." ඔහු පැවසූයේ ඒ නම ආස්වාදනය කරමිනි. සිය දරුවන් වෘක පැටවුන්ට තෝරා ගත් නම් ගැන ඔහු කිසිදිනෙකත් වැඩි අවධානයක් නොදැක්වී ය. එනමුදු මේ මොහොතේ ඇය දෙස බලද්දී ඔහුට අවබෝධ වූයේ සන්සා ඇයට ගැලපෙනම නම තෝරාගෙන ඇති බවය. ඇය පැටවුන් අතර සිටි කුඩාම, ලස්සනම, විශ්වාසවන්තම හා ආචාරසම්පන්නම පැටවා විය. ඇය සිය රන්වන් පැහැ දීප්තිමත් දෑසින් ඔහු දෙස බලා සිටි අතර ඔහු ඇගේ ඝනකම අළු පැහැ ලෝම අතරින් ඇඟිලි යවා පිරිමදින්නට විය.

මඳ වේලාවකට පසු අයිස් රැගත් ජොරී ඔහු වෙත පැමිණියේ ය.

කාර්යය නිමා වූ පසු ඔහු මෙසේ කීය. "මිනිස්සු හතරදෙනෙක් තෝරගෙන එයාලත් එක්ක මේ සතාගෙ මළකඳ උතුරට යවන්ට. එයාව වින්ටර්ෆෙල්වල වලදාන්ට කියන්ට."

"වින්ටර්ෆෙල්වලට? ඒ මුළු දුරම?" ජොරී ඇසුවේ විස්මයකෘත ස්වරයෙනි.

"ඒ මුළු දුරම." නෙඩ් තහවුරු කලේ ය. "අර ලැනිස්ටර් ගෑනිට මෙයාගෙ හම ලැබෙන්ට බෑ."

අන්තිමේදී ඔහු මෙතෙක් දිනක් ලබන්නට බැරි වූ නින්ද ලබනුවස් අංගනය හරහා සිය කාමර පෙළ දෙසට යන්නට විය. දඩයම් සවාරිය නිමා කල සැන්ඩෝර් ක්ලිගේන් සිය සහචරයිනුත් සමග බලකොටු ද්වාරයෙන් ඇතුළුවිය.

ඔහු ‍ගේ යුධ අශ්වයා පිට ලේ වැකුණු රෙද්දකින් එතූ බරැති පොදියක් විය. "උඹේ දුව ගැන කිසිම ආරංචියක් නෑ ස්ටාර්ක්." ඔහු අසු මත සිට පහළ බලා සිය ගොරෝසු හඬින් කීවේ ය. "ඒ වුනත් දවස එච්චරටම අපතේ ගියෙත් නෑ. අපි එයාගෙ පුංචි හුරතලා හොයාගත්තා." පිටුපස හැරුනු ඔහු අසු පිට තිබුනු පොදිය තල්ලු කරදැමීය. එය හඬක් නගමින් නෙඩ් ඉදිරියේ බිම පතිත විය.

පහතට නැමුනු නෙඩ් රෙදි කඩ දෙපසට ඇද්දේ ආර්යාට මේ ආරංචිය කෙසේ කියම්දෝයි සිතමිනි. එනමුදු ඒ නයිමේරියා ගේ සිරුර නොවී ය. එහි තිබුනේ වියළී ගිය රුධිරයෙන් වැසුනු මයිකා ගේ, මස්කාරයා ගේ පුතා ‍ගේ සිරුර විය. ඉහළක සිට එල්ල කරන ලද දරුණු කඩු පහරක් විසින් ඔහුව උරහිසේ සිට ඉණ දක්වා දෙපළු කර තිබින.

"උඹ ඒ කොල්ලා පස්සෙන් පන්නලා ඌව යට කලා." නෙඩ් කීය.

සුනඛ මුහුණකින් යුතු හිස්වැස්මේ වූ සිදුරු තුළින් දඩබල්ලා ගේ දෙනෙත් ‍දිලිසෙනු පෙනින. "ඌ දිවුවා." නෙඩ් ගේ මුහුණ දෙස බැලූ ඔහු මහ හඬින් සිනාසුනි. "ඒ වුනත් එච්චර හයියෙන් නෙවෙයි."


Eddard Stark: “She is of the north. She deserves better than a butcher.”

77 comments:

  1. අදත් දවල්ට තමා කියවන්ට වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හරි හරි සෑර්! හෙමින් සැරේ කියවන්ට.. :-D

      Delete
    2. හරි කතාව බලද්දි මට තිබුණ ලොකු අවුලක් අද ලෙහුණා... ලේඩිව මරද්දි නයිමේරියාට මොකද උනේ කියන එක... ඒ කියන්නේ ඒකිටත් ආර්යාගේ සෙතේමයි... මේ තහනං වැඩක් තමා. ඒ උනාට කනට කරලා හරි කියන්න බැරිද නයිමේරියාව ආර්යට මුණ ගැහෙන ෂීන් එකක් කතාවේ ඉස්සරහට තියේද කියලා.. :D

      Delete
    3. නයිමේරියාට හරියටම මොකද වුනේ කියන එක තව චුට්ටක් ඉස්සරහදි දැනගන්ට පුළුවන්.. ;-)

      Delete
  2. මේක නං පිස්සුවක්...
    නෙද්දෝම කිං...

    ReplyDelete
    Replies
    1. හා හා වරදවා වටහාගන්න එපා...මං කතාව ගැන නෙවී කීවෙ... අර මාන්දමික විකාර සහගත ලැනිස්ටර් ගෑණි ගැන
      ඕයේස්

      Delete
  3. දුකේ බැරුවා ඉහි ඉහි ඉහි
    (ඒ අඬනවා හරිය)
    oh i hate her, the bloody queen and her bloody son.
    Sansa u stupid dumbass i hope u are happy now. at least she should learn what kind of people lannisters are, but would she ??

    ReplyDelete
    Replies
    1. කඳුළු පිහිදගන්ට ලේන්සුවක් දෙන්ට ද?

      Delete
    2. තුවායක් වත් දීපල්ලකෝ , හොටු හූරන්ටත් එක්ක.

      Delete
    3. තුවායක් නම් නෑ. අමුඩ ලේන්සුවක් තියෙනවා, දෙන්ට ද?

      Delete
    4. Boge amuda lensuwa thuwayak withara lokuda ? 😱

      Delete
  4. එකෙක් ඉවරයි නේද?? මම හිතන්නේ අන්තිමට ඔය පැටව හතරදෙනාගෙන් එකෙක් විතරක් ඉතිරි වෙයි....

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අනිත් පැටවුන්ට මොකද වෙන්නෙ කියලා...

      Delete
  5. අද කතාව හරිම දුකයිනෙ.....

    ReplyDelete

  6. අනේ අර නයි මේරියාට හපන්න තිබුනේ අර රාස්ස සෙර්සි ගෑණිවයි. පව්නේ ළමයි ආදරෙන් හදාගත්ත වෘක පැටව් ටික. ලේඩිට පස්සෙ කාව මරාවිද දන්නෙ නැහැ :(

    ReplyDelete
    Replies
    1. 'නයි මේරියා' නෙවෙයි අනේ 'නයිමේරියා'.. ඔයා අර විදියට ලිවුවහම මට මැවිලා පේන්නෙ නයෙක්ව. :-)

      Delete
    2. හරි හරි මතක තියාගන්නම් :)

      Delete
  7. තරහ අවසර සේර් බුර්
    එත් “You rode him down,” සහ "යට කළා " යනු එකම නොවන බව හැඟී යයි. එහෙත් අදාල වචනය සිතා ගැනීම තරමක් අපහසුය.

    ReplyDelete
    Replies
    1. @PoM, නිකම්ම "යටකලා" නෙමේ බුර් ලියල තියෙන්නෙ "පස්සෙන් පන්නලා යටකලා " කියල ඊට වඩා පරිවර්තනය කරන්න අමාරුයි මගෙ හිතේ.
      යට නොකර අල්ලා ගැනීමත් (චේස් එකකදී හෝ රේස් එකකදී වගේ ) ride down ට ඇතුලත්. සමහර විට විට යට නොකර පස්සෙන් පන්නලා අල්ලාගෙන (ඒ කියන්න ලඟට විත්) කඩු පහර දුන්නා වෙන්නත් පුලුවන්.
      http://idioms.thefreedictionary.com/ride+down
      (වැදගත් දේ තමයි මම මෙතන වැරැද්දක් කියල නෑ , හරිය? PoM is the culprit )

      Delete
    2. ඊට වඩා අමාරුයි තමා.

      yeah im the culprit. වලි තියන අය හැමෝම පේරාදෙණිය පාලම උඩට ආවනම් :P

      Delete
    3. මටත් හරියටම හරියන වචනයක් හිතාගන්ට බැරුව තමා ඔහොම දැම්මෙ. කොහොමත් අශ්වයන් සම්බන්ධ යෙදුම් වලදී සිංහල භාෂාව පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නෙ. (මේක මගේ සිංහල නොදැනීම ගැන ප්‍රශ්නයක් ද දන්නෙත් නෑ.)

      @ PoM,

      අන්න බෂ්ෂා කඩුව මුවහත් තියනවලු..

      Delete
    4. @Bur,මගෙ දැනුම වැඩිකර ගන්න අහන්නෙ.

      බැරිවෙලාවත් ඇත්තටම "යට" නොකර, හඹාගොස් ලංවී ( ඒකත් rode down) කඩුපහර දුන්නනම් කොහොමද ඔතන ලියවෙන්න ඕනැ?

      Delete
    5. 'පස්සෙන් පන්නලා වට්ටලා දැම්මා' නැත්නම් 'විනාස කරලා ' දැම්මා කීවත් එකයිද?

      හපොයි මේ වචන ටිකම වෙන තැනක පාවිච්චි කරන්නේ කොහොමද මේ කියලා කල්පනා කලේ...

      Delete
    6. බශ්ෂා, ඕකව මම stuff කොරල ළමයින්ට පෙන්නන්ට දෙනවා vet එකට. හැක හැක. අපි නොදන්නා බශ්ෂෝ.

      Delete
    7. පස්සෙන් පන්නා හෙලාදැමීම... කොහොමද ?

      Delete
    8. Spoken (sorry, written) like a veteran translator Senna, Well done. :-D
      අනිකට (කඩු පහර ) "හඹා ගොස් කපා හෙලීම"?

      Delete
    9. මට කෙහෙල් ගහක් මතක් වෙන්නේ මොකද? :D

      Delete
    10. පොඩ්ස්, ඒ මොකද දන්නවද ? අපිට කෙහෙල් ගස් මිසක් මිනිස්සුන්ව කපා හෙලලා පුරුද්දක් නැති නිසා... ඕවා ජාන වලින්ම එන මතකයන්.. :D

      Delete
    11. "හඹා ගොස් කපාහෙලීම"

      එතකොට නෙඩ් සැන්ඩෝ අයියට කියන්ට ඕන මෙහෙම. "උඹ ඒ කොල්ලව හඹා ගිහිල්ලා ඌව කපා හෙලුවා." කටවහර අනුව බැලුවොත් නිකං කෘත්‍රිම ගතියක් දැනෙන්නෙ නැද්ද ලාවට වගේ?

      Delete
    12. මාත් මෙතන ආස්කින් ඊටින් වුනා නේද නොදන්න අන්ඩර සිංහලේට ගිහිල්ල.
      OK "පස්සෙන් පන්නල කපාදැම්ම"?

      Delete
    13. බූර, ලාවට නෙමේ හොඳටම කෘතිමයි වගේ නේද එහෙම කිව්වම..
      "උඹ ඒ කොල්ලගෙ පස්සෙන් පන්නලා බිම හෙලුවා ? " හරියයිද ?

      ඕක නියමම සිංහලෙන් කියනවනම් මෙහෙමයි.. " උඹ ඒ කොල්ලව චේස් කරලා රෝඩ් ඩවුන් කළා" :D

      Delete
    14. හෙහ් හෙහ් සෙන්න බුර් හා ටයනි ට මෙතන කුලිය කීයක් ගෙවනවද පරිවර්තන ප්‍රැක්ටිස් කරන්න?
      "බිම හෙලුවා" විතරක් නෙමෙයි බොස්, ඌව කඩුවෙන් කැපුවා

      Delete
    15. දැන්නම් දුවන්ඩ ඕනා.. තවටිකක් වෙලා හිටියොත් දිව කැපෙන්ඩත් බැරි කමක් නෑ... :D

      Delete
    16. ඔන්න ඕක තමා බ්ලොග් ලිවිල්ලෙයි, පොත් ලිවිල්ලෙයි වෙනස.

      පොතක් පරිවර්තනය කරලා, පෘෆ් රීඩ් කරලා, ළඟ කීප දෙනෙකුට කියවන්ට දීලා, හොඳටම සෑහීමකට පත්වුනාට පස්සෙ ප්‍රින්ට් කරන්ට යන්ට පුළුවන්.

      බ්ලොග් පෝස්ට් එකක් එච්චර කල් අදින්ට බෑ. පාඨකයො බලා ඉන්නවා. ඉතිං හොඳටම සෑහීමකට පත් නොවුනත් ඒ වෙලාවට හැකි උපරිමයෙන් කරලා පෝස්ට් එක පබ්ලිෂ් කරන්ට ඕන. :-D

      Delete
    17. බුර්‍ර, අපි උබේ වැරදි හෙව්වා කියලා එහෙම හිතන්න එපා ඕන්.. අපි ඉතින් මේ නිකන් පොඩි සාකච්ඡාවක් කළා විතරයි.. මෙහෙම උනොත් කොහොමද කියලා.. කාව හරි අල්ල ගන්නම ඕනනම් අර PoMව අල්ලගනින් හරිය.. උන්දෑතමා ඕන් පටන් ගත්තෙ... :D

      Delete
    18. අපිට ඉතිං හොඳට නරකට දෙකටම හොට නෙව?

      බස්සෝ ඕක කියන්නෙ මෙහෙමයි:

      පස්සෙන් පන්නලා කොටල මැරුවා

      Delete
    19. ආ බශ්ශෝ කඩුව ගෙනාවැයි ?
      :P

      Delete
    20. කඩුවක් තියේ , ඒත් ඒක මේ සෙරමෝනියල් ගැජමැටික් එකක් නෙව. ඩොලර් කඩෙන් ගත්තෙ , මේඩ් ඉන් චයිනා :)

      Delete
    21. එලවන් ගිහින් මැරුවා කිව්වනම් හොඳ නැද්ද? ඔය චේදේ අනිත් කොතසින් (කඩු පහරකින් ඉණ දක්වා දෙපලු කර තිබින..) කියවෙනවනේ එය මැරුනේ කොහොමද කියල?

      Delete
  8. මම මේ කියන්නෙ පොඩ්ඩක් ඇන්ටි සෝශල් දෙයක් බව පිලිගන්නව.

    මේකතාව අඩුගණනේ අයිතිහාසික නවකතාවක්වත් නොවේ. ෆැන්ටසි ගණයේ උසස්ම එකක් පමණි. එහෙම තියාගෙනත් පොතේ මේකෑල්ල කියවන කොට තරහ ගියා. පොඩි කාලේ ඉඳන් පොත් කියවන, චිත්‍රපටි බලන කොට හිතුවෙ ඒවල ඉන්න මිනිස්සු ඕන මගුළක් කරගත්තට කමක් නෑ සත්තුන්ට (විශෙෂයින් බල්ලන්ට ) මොනවත් වෙන්න එපා කියල.

    සැ යු. මෙයින් මා මිනිස් වර්ගයාට පොදුවේ අකමැති බව අදහස් නොකෙරේ. සතුන්ට වඩා කැමති බව පමණි. හොඳ මිනිසුන්ට කැමතියි. මිනිසුන් ගැන පූර්ව නිගමන නැත. ඒත් සතුන් ගැන පූර්වනිගමනය ඔවුන් නරකයයි ඔප්පුවෙනකම් හොඳයි යන්නය.

    මේකෙ සීරියස් එකක් ලිව්වමයි. ආයිත් එසේ ලියන්න අදහසක් නැත.
    (සාමාන්ය සතුන් ගැන ලියා ඇත. අසාමාන්ය නරින් හා බස්සන් ගැන නම් ගැරන්ටී එකක් නැත.)

    ReplyDelete
    Replies
    1. lots of people are like that. May be GRRM too :D

      Delete
    2. සත්තු කොහොමත් මිනිස්සුන්ට වඩා හොඳයි Pra Jay. Fact!

      Delete
  9. සන්සට හොද වැඩේ එයාගේ මහලොකු කොල්ලව ලොකු උනාට.. මොනා වුනත් ලේඩි ගැන දුකයි...රැජිණනම් ඇත්තමයි මහ, නෑ එක්කො එක ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් වැඩියම කේන්ති ආවෙ සන්සා එක්ක තමා. මක් කරන්ට ද?

      Delete
    2. //රැජිණ නම් මහ...//

      හිත හිත ඉන්න එපා මල්ලි.. කියලා දාන්න කියලා දාන්න... ඔව් ඔව් :D

      Delete
    3. බෑ බෑ අපි හොද ළමයි හරිය..

      Delete
  10. බුර්, නිරෝ, ටයනි, පොම් ඇතුලු GoT විශේෂඥයන්වෙත-
    "කාර්යය නිමාවූ පසු" කියන්නෙ ඇත්තටම ලේඩිව මරනව නේද?
    (මෙය කෙසේවත් ස්පොයිලර් එකක් නොව මට හදිසියේ සිතුන නිසා ඇසූ දෙයකි )

    ReplyDelete
    Replies
    1. ඔවු ලේඩිව මරනවා. ඇයි නෙඩ් කියන්නෙ "මළකඳ උතුරට අරන් යන්ට" කියලා..

      Delete
    2. මාටින්ගෙ අදහස ඒක තමයි.
      ඒත් නෙඩ් ඇත්තටම ලේඩිව මරන එක බලන්න සෙර්සි ගෙ කවුරුවත් එතන හිටියද?

      Delete
    3. Jory? මෙයා අපි නොදන්න මොනාවා හරි දන්නවා වත්ද?

      Delete
    4. නෙඩ් බොහොම ගෞරවාන්විත වන්ශාධිපතියෙක්නේ. එයාගේ වචනේ පිළිගන්ට පුළුවන් කාට උනත් සැක නැතුව. ඉස්පොයිලර් වලින් දෙනවනම් ඉතින් මේ ප්‍රශ්නෙට ඉස්තීර පිළිතුරක් දෙන්ට පුළුවන් ලු.

      Delete
    5. ජෝරි සර්සිගේ එකෙක් නෙමෙයිනෙ
      Just wishful thinking Pods. That would have been my plot. Forget it.
      I'm that way when it comes to canines ;(

      Delete
    6. නරි මොටා මළගෙදර ගිහින් වෙන්ටෑ නේද?

      Delete
    7. ඇත්තටම නෙඩ්ට තිබුනනෙ ඔය බූල් හැලිච්ච නරියෙක්ව මරල ගෝනියෙ පටවල කඩුව පිහදමමින් එන්න

      Delete
    8. ලේඩි හිටියා කියලා කතාවට ලොකු එෆෙක්ට් එකක් එන්නෙ නැහැ නේ.. නැත්තං මාර්ටින් අංකල් කොහොම හරි කරලා ඔය සතාව බේරනවා.. :-)

      Delete
    9. මාර්ටින් නිකන් serial killer කෙනෙක් වගේ. kills anyone anytime. එකයි මේ පොත් බොහොම twisty. :D

      Delete
    10. අර හොර බස්සා වගේ නෙමෙයි, ලොං හැලුනත් නරිය හරි අහිංසක සතා ආයිබෝං . චිකන් කන්නෙත් රෝස් කරලා විතරමයි.

      PJගේ සත්ත්ව කරුණාව ගැන විවාදයක් නැත. මිනිසා යනු අන්විස්වාසබල්. සංකීර්ණ සතෙකි.

      Not so sure, GRRM has a darker side or not, but this is a dark fantasy indeed

      Delete
  11. අඩේ ඉතින් වෙච්චි දෙයක්..:(
    රජතුමා ගත්තේ බුද්ධිමත් තීරණයක්.එත් ඉතින් රජා කරපු ගොන්ම වැඩේ තමයි අර සෙර්සි වගේ ගෑණියෙක් බැද ගත්තු එක.මොනා කරන්නද ඉතින් රජාගේ වුනත් කරුමේම තමයි.
    පව් මයිකා..:(

    ReplyDelete
    Replies
    1. ලස්සන ගෑනුන්ට පිරිමි රැවටෙනවලු...බලාගෙන මනෝජ්..:P

      Delete
    2. හෙහේ, රැවටෙනවාද ?රවට්ටනවාද මන්දා :D

      Delete
  12. ටයනි (C) Pra Jay සහ නාර්සිසෝ,

    මාත් ඔන්න ඇවිත් කමෙන්ට් ටික බලල විතරක් ගියා හරිද :P

    ReplyDelete
    Replies
    1. මගෙ කට නිකං කහනවා කහනවා වගේ... ;-)

      Delete
    2. වැලි කොල මැල්ලුමක් කාහන් :P

      Delete
  13. මම සත්තුන්ට ආදරෙයි , ඒත් කූඩු කරල හදන්න නම් කැමතිම නැහැ. අසාවට ඉස්සර බල්ලො හදල ඒ සත්තු මළාම පුදුම විදිහට හිතින් දුක් වින්ඳ . ඒ නිසා සත්තු දිහා ඈතින් ඉඳන් බලල සතුටු වෙනවා.


    හැබැයි අරවාගේ රතුයි + සුදුයි නරි මොටෙක් ලැබුනොත් හදා ගන්නව :P

    ReplyDelete
    Replies
    1. ඔන්න නරියෝ චෑන්ස් එක හැක හැක

      Delete
    2. // හැබැයි අරවාගේ රතුයි + සුදුයි නරි මොටෙක් ලැබුනොත් හදා ගන්නව :P //

      ඇයි? ගෙදෙට්ට හොරු පැන්නහම හූ කියන්ට ද? :-)

      Delete
    3. ඇයි ඒ නරියා slow motion එකෙන් දුවන්නෙ? හරියට නිකං "ඔයාට ඕන නං අල්ලගන්ට මෙන්න අපි දුවනවා" ව‍ගේ.. නිකං ආසයි බයයි වගේ.. :-P

      Delete
  14. එක වෘකයෙක් ඉවරයි :( එන පොට නම් හොඳ නෑ වගේ නේද

    ReplyDelete
    Replies
    1. වෘක ලග්නෙ අයට මේ කාලෙ අපලයි ලු. සෙනසුරා උච්ච වෙනවලු.

      Delete
  15. අද නම් හරිම දුකයි.!
    තව දෙයක්, කියවන්නෙ අඩු නැතුව සෑහෙන්න ලියලා තියනවා.
    ස්තුතියි බුරා & පොඩ්ඩි..:)

    ReplyDelete
    Replies
    1. මොනා කරන්ටැයි ඉතිං. ජීවිතේ හැටි තමා නේ..
      ස්තූතියි Reeza!

      Delete
  16. නොදෝමකින් කාලකණ්ණි වල් ඌරා

    ReplyDelete