Wednesday 20 August 2014

එඩාර්ඩ් - 02-2


"ඔබට මේ මකරාට අත තියන්ට බැහැ, එහෙම නේද?"

රජතුමා ගේ මුහුණ පුළුටු වී කට ඇදවී ගියේ ය. "බෑ. දෙයියන්ට සාප වෙන්ට ඕන. කාලකන්නි පෙන්ටොෂි වෙළෙන්දෙක් ඒකියි, ඒකිගෙ සහෝදරයවයි උගෙ වතුයායෙ හංගන් ඉන්නවා. ඒ මදිවට උංගෙ ආරක්ෂාවට නපුංසක හමුදාවකුත් දාලා. දැන් ඔන්න ඌ ඒකිව බාර දීලා ඩොත්රැකි එවුන්ට. මම උං දෙන්නවම මරන්ට තිබුනෙ මීට අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ මෙච්චර අමාරුවක් තිබුනෙ නෑ. ඒ වුනාට ජොන් උඹ වගේම මට හරහට හිටියා. මම තමයි ලොකුම මෝඩයා. මම ඌට ඇහුම්කණ් දුන්නා."

"ජොන් ඒරින් කියන්නෙ බොහොම ඥානවන්ත මිනිහෙක්. හොඳ 'අතක්'."

රොබර්ට් මහ හඬින් හුස්මක් පිට කලේ ය. ඔහු ගේ ක්‍රෝධය පැමිණි වේගයෙන්ම බැහැරවෙමින් තිබින. "කියන විදියටනං මේ ඛාල් ඩ්‍රෝගෝට ලක්ෂයක හමුදාවක් ඉන්නවලු. ඒ ගැන ජොන් මොකක් කියයිද?"

"එයා කියයි මුහුදෙන් එහා පැත්තෙ ඉන්නකං ලක්ෂයක් නෙවෙයි, ලක්ෂ දහයක ඩොත්රැකි හමුදාවක් වුනත් අපේ රාජධානියට තර්ජනයක් නෙවෙයි කියලා." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "‍මේ ම්ලේච්ඡයන්ට නැවු නෑ. උං මුහුදට බයයි."

රජතුමා නොසන්සුන් අයුරින් සිය සෑදලය මත හැරුනේ ය. "සමහරවිට එහෙම වෙන්ට පුළුවන්. ඒ වුනත් මේ නිදහස් නගරවල ඕන තරම් නැවු තියෙනවා. උඹට මම මේ කියන්නෙ නෙඩ්, මම කැමැති නෑ මේ කසාදෙට. ‍මේ රාජධානි සප්තකයේ තාමත් මිනිස්සු ඉන්නවා මට 'රජකම පැහැර ගත්ත එකා' කියලා කියන. උඹට අමතකද කොච්චරනං වංශාධිපති පවුල් යුද්ධෙදි ටාර්ගේරියන්ලා ‍වෙනුවෙන් සටන් කලාද කියලා? දැනට උං කල් මර මර ඉන්නවා. ඒත් අවස්ථාවක් ආවොත් උං මාව නිදි ඇ‍ඳේදිම මරලා දායි. මගේ ළමයිනුත් මාත් එක්කම මරලා දායි. හිඟන රජා ඩොත්රැකි හමුදාවකුත් එක්ක මෙහාට ගොඩ බැස්සොත් මෙහෙ ඉන්න ද්‍රෝහියො ඔක්කොම ටික ඌට එකතු වෙයි."

"මිනිහට මෙහාට ගොඩ බහින්ට හම්බවෙන්නෙ නෑ. මොකක් හරි ක්‍රමේකින් ආවොත් අපි මිනිහව ආපහු මුහුදටම තල්ලු කරලා දාමු. අපි නැගෙනහිරට ආරක්ෂකයෙක් පත් කරගත්තට පස්සෙ -"

රජතුමා ගෙරවී ය‍. "මේ අන්තිම වතාවටයි කියන්නෙ. මම අර ඒරින් කොල්ලව ආරක්ෂකයා විදියට පත් කරන්නෙ නෑ නෑ නෑමයි. මම දන්නවා ඒ කොල්ලා උඹේ බෑනා කියලා. ඒ වුනත් මේ ටාර්ගේරියන්ලා ඩොත්රැකියොත් එක්ක ඇඳට නගින වෙලාවෙ, රාජධානියෙන් හතරෙන් පංගුවක් ලෙඩ ගානෙ ඉන්න පුංචි කොල්ලෙකුට බාර දෙන්ට තරං මට පිස්සු නෑ."

"ඒක හරි. ඒත් දැන් අපට කොහොමහරි නැගෙනහිරට ආරක්ෂකයෙක් උවමනායි. රොබර්ට් ඒරින් ඒ තනතුරට ගැලපෙන්නෙ නැත්තම් එතනට ඔබේ සහෝදරයෙක් නම් කරන්ට. අපි දැක්කනෙ ස්ටෝර්ම්ස් එන්ඩ් වටලපු වෙලාවෙ ස්ටැනිස් කොච්චර හොඳට සටන් මෙහෙයෙවුවද කියලා."

සිය අදහස රජතුමා ගේ සිතට කිඳා බසින තෙක් නෙඩ් මඳක් නිහඬව සිටියේ ය. රජතුමා රැවුම් මුහුණින් යුතුව බලා සිටිමුත් කිසිවක් නොකීවේ ය. පෙනුනු හැටියට නම් ඔහු යම් අපහසු තත්ත්වයකට මුහුණ දුන්නා වැන්න.

"ඒ කියන්නෙ..," නෙඩ් පරීක්ෂාකාරී අයුරින් රජු දෙස බලමින් කීවේ ය. "ඔබ දැනටමත් වෙන කාටවත් ඒ තනතුර දෙන්ට පොරොන්දු වෙලා නැත්තම්."

"මම එහෙම කරලා නම්?"

"ඒ ජේමි ලැනිස්ටර්. එහෙම ‍නේද?"

සිය අසුට සන් කල රොබර්ට් කන්ද දිගේ පහළට, ‍සොහොන් ගොඩැලි දෙසට අසු මෙහෙයවන්නට විය. නෙඩ් ඔහුට සමගාමීව අසු පැන්නවූ අතර රජතුමා දිගටම ඉදිරියට දෑස් දල්වා බලා සිටියේ හරියට ඔහු දෙස කෙලින් බලන්නට බැරුවාක් මෙනි. "ඔවු." ඔහු අන්තිමේදී කී‍වේ මේ සංවාදය අවසන් බව හඟවන්නට මෙනි.

"රජුන් මරන්නා." නෙඩ් කීවේ ය. සවනට වැටුනු ආරංචි සියල්ල ඇත්ත එහෙනම්! තමා මේ සිටින්නේ බෙහෙවින් අන්තරායදායක අඩියක බව ඔහුට තේරුනි. "එයා බො‍හොම දක්ෂ, ඒ වගේම ධෛර්‍යසම්පන්න කෙනෙක්. ඒ ගැන සැකයක් නෑ." නෙඩ් ඉතා පරෙස්සමින් වචන තෝරා බේරාගෙන කතා කලේය. "ඒ වුනත් රොබර්ට්, එයාගෙ තාත්තා තමා බටහිර පැත්තේ ආරක්ෂකයා. නියම කාලෙ ආවහම තාත්තාගෙන් පස්සෙ ‍සෙර් ජේමි ඒ තනතුරට පත් වෙයි. එක මනුස්සයෙක් නැගෙනහිරයි බටහිරයි දෙකම පාලනය කරන එක සුදුසු නෑ නේද?" සිය සිතේ කලබලයක් ඇති කිරීමට මූලික වූ ඇත්තම කාරණය නෙඩ් නොකියා හැරියේ ය. මෙම පත්කිරීම මගින් රාජධානියේ හමුදාවලින් බාගයකම පාලනය ලැනිස්ටර්වරුන් සතු වනු ඇත.

"සතුරා යුද්ධ භූමියට එන්ට කලින් යුද්ධය පටන්ගන්ට ඕන නෑ." රජතුමා මුරණ්ඩු අයුරින් කීවේ ය. "දැනට ටයිවින් උතුමානන් හරියට කාර්ස්ටලී රොක් වගේම බොහොම සනීපෙන් ජීවත්වෙනවා. මම හිතන්නෙ නෑ ජේමි ඒ තරම් ඉක්මනින් ඒ තනතුරට පත් වෙයි කියලා. මේ කාරණය ගැන මට තවත් කරදර කරන්ට එපා නෙඩ්. මම තීරණයක් අරන් ඉවරයි."

"මගේ ස්වාමිනී. මම අවංකවම මගේ අදහස කියන්ටද?"

"මට උඹව නවත්තන්ට බෑ."

"ඔබට ජේමි ලැනිස්ටර්ව විශ්වාස කරන්ට පුළුවන්ද?"

"එයා මගේ බිරිඳ ‍ගේ නිවුන් සහෝදරයා. රාජ්‍යාරක්ෂක බලකායෙ දිවුරුම් දීපු සාමාජික‍යෙක්. මිනිහගෙ ජීවිතය, වස්තුව, ගෞරවය ‍මේ හැම එකක්ම බැඳිලා තියෙන්නෙ මටයි."

"හරියට ඒ කාලෙ ඒවා ඒරිස් ටාර්ගේරියන්ට බැඳිලා තිබුනා ව‍ගේ." නෙඩ් සිහිපත් කර දුනි.

"ඇයි මම මිනිහව අවිශ්වාස කරන්නෙ? හැමදාමත් මම කියපු හැම දෙයක්ම එයා කලා. මම දැන් වාඩිවෙලා ඉන්න සිංහාසනය මට ලබා දුන්නෙ මිනිහගෙ කඩුවෙ උදවුවෙන්."

'ඔබ වාඩි වෙලා ඉන්න සිංහාසනය කෙලෙසුවේ ඒ කඩුවෙ උදවුවෙන්.' නෙඩ් සිතූ මුත් ඒ වදන් මුවින් පිට නොකිරීමට පරෙස්සම් විය. "එයා දිවිහිමියෙන් පොරොන්දුවක් දුන්නා එයාගෙ රජතුමාගෙ ජීවිතය ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සෙ එයා තමන්ගෙ කඩුවෙන් ඒ රජතුමාගෙ බෙල්ල කපලා මැරුවා."

"උඹ අපා හතෙන් එකකටම පලයං! ඒ වෙලා‍වෙ කවුරු හරි කෙනෙක් ඒරිස්ව මරන්ට ඕන." රජතුමා කී‍වේ හදිසියේම අසු නවතමිනි. "ජේමි ඒ වැඩේ කලේ නැත්තම් ඒක කරන්ට වෙන්නෙ එක්කො උඹට නැත්තම් මට."

"ඒක වෙනස් දෙයක්. අපි රාජ්‍යාරක්ෂක බලකායෙ දිවුරුම් දීපු සාමාජිකයො වෙලා හිටියෙ නෑ." සිදුවූ සියළුම දේ ගැන සම්පූර්ණ සත්‍යය දැන ගැනීමට රොබර්ට්ට අවස්ථාව පැමිණ ඇති බව නෙඩ් සිතුවේ ය. "මගේ ස්වාමිනී! ඔබට මතකද ත්‍රිශූලයේ සටන?"

"මම මගේ ඔටුන්න දිනුවෙ එතැනදිනෙ. මම කොහොමද එතන අමතක කරන්නෙ?"

"රේගාර් ගෙ පහරක් නිසා ඔබට තුවාල වුනා." නෙඩ් සිහිපත් කර දුනි. "ඒක නිසා ටාර්ගේරියන් හමුදාව සී සී කඩ වෙලා පලා යද්දි උංව ලුහුබඳින්ට ඔබ බාර දුන්නෙ මටයි. රේගාර් ගෙ හමුදාවෙ වැඩි හරිය පලා ගියේ කින්ග්ස් ලෑන්ඩින්ග් වලටයි. අපිත් ඒ පස්සෙන්ම එලෙවුවා. ඒරිස් හිටියෙ රතු බලකොටුව ඇතුළෙ, එයාට පක්ෂපාතී දාස් ගානක පිරිසකුත් එක්ක. මම බලාපොරොත්තු වුනේ බල‍කොටුවෙ දොරටු හැම එකක්ම වහලා තියෙයි කියලයි."

රොබර්ට් නොඉවසිලිවන්ත ලෙසින් හිස සෙලවී ය. "ඒ වෙනුවට උඹට දකින්ට ලැබුනෙ අපේ සෙබළු ඒ වෙනකොටත් නගරය අත් පත් කරන් ඉන්න විදියයි. මොකක්ද එතන තියෙන ප්‍රශ්නය?"

"අපේ සෙබළු නෙවෙයි. ලැනිස්ටර් සෙබළු. බලකොටු පවුරු වලින් එල්ලිලා තිබුනෙ ලැනිස්ටර් සිංහ කොඩි. ඔටුන්න දාපු ගෝනා නෙවෙයි. අනික උං නගරය අත් පත් කරන් තිබුනෙ වංචාවෙන්."

මේ යුද්ධය වසරකට ආසන්න කාලයක් ඇවිලී ගියේ ය. ලොකු කුඩා වංශාධිපති පවුල් රැසක් රොබර්ට් ‍ගේ ධජය සෙවනේ එක් වූ අතර තවත් පවුල් බො‍හොමයක් ටාර්ගේරියන් රජ පවුලට පැවැති පක්ෂපාතීත්වය එලෙසින්ම පවත්වාගෙන ගියහ. කාර්ස්ටලී රොක්හි ලැනිස්ටර්වරුන් මෙම යුද්ධයට සහභාගි නොවී දුරස්ව සිටියේ දෙපසින්ම කෙරුනු ආරාධනාවන් බැහැර කරමිනි. ඉදින් ටයිවින් ලැනිස්ටර් උතුමානන් සෙබළුන් දොලොස් දහසක හමුදාවක්ද සමග කින්ග්ස් ලෑන්ඩින්ග්හි දොරටු අසල පෙනී සිට රජතුමාට තමා ගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කල විට තමා දෙවියන්ට කල යාඥා ප්‍රතිඵලදායක වී යැයි ඒරිස් ටාර්ගේරියන් සිතුවේ ය. ඒ අනුව පිස්සු රජා සිය අවසාන පිස්සු නියෝගය නිකුත් කලේ ය. ඔහු සිය නගර‍යේ දොරටු සිංහයන්ට විවර කර දුන්නේ ය.

"වංචාව කියන්නෙ ටාර්ගේරියන්ලා හොඳට දන්න කියන දෙයක්." රොබර්ට් තුළ නැවතත් කේන්තිය ඇවිලෙමින් තිබින. "ලැනිස්ටර්ලා උංට අනිත් පැත්තට උංගෙ බෙහෙතම දුන්නා. ඒක උංට නුසුදුසු දෙයක් නෙවෙයි. ඔය ගැන හිත හිතා නින්ද කඩාගන්නෙ මොකටද?"

"ඔබ එතන හිටියෙ නෑ." නෙඩ් කීවේ දොම්නස් ස්වරයෙනි. නින්ද නොයාම ඔහුට නුහුරු දෙයක් නොවේ. ඔහු පසුගිය වසර දහහතර තිස්සේ ජීවත් වූයේ බොරු ගොඩක් මධ්‍යයේ ය. එනමුදු ඒ බොරු තවමත් රාත්‍රියට ඔහු ගේ මනසේ හොල්මන් කරයි. "ඒ යුද්ධය දිනුව විදියෙ කිසිම ගෞරවනීය බවක් තිබුනෙ නෑ."

"උඹේ ඔය ගෞරවනීය බව අනික් එවුන්ම අරන් ගියාවෙ!" රොබර්ට් මැසිවිලි නැගී ය. "ටාර්ගේරියන්ලා කවදද ගෞරවය කියන එක ගැන දැනගෙන හිටියෙ? උඹේ සොහොන් ගුහාවට ගිහිල්ලා අහපං ලියානාගෙන් කොහොමද මකරාගෙ ගෞරවය කියලා."

"ඔබ ත්‍රිශූලයේ දී ලියානා වෙනුවෙන් පලිය ගත්තා." නෙඩ් කීවේ රජතුමා අසලින් අසු නවතමිනි. 'මට පොරොන්දු වෙන්ට නෙඩ්.' ඇගේ මිමිනීම ඔහුට තවමත් ඇසේ.

"එහෙම කලා කියලා එයා ආපහු ආවෙ නෑ." රොබර්ට් දුරකට දෑස් දල්වාගෙන කීවේ ය. "දෙයියන්ට සාප වෙන්ට ඕන. මට ලැබුනෙ නිකංම නිකං හිස් ජයග්‍රහනයක් විතරයි. ඔටුන්නක්.... මම යාඥා කලේ මට ඒ ‍කෙල්ලව ආපහු ලබා දෙන්ට කියලයි. උඹේ නංගි, පරෙස්සමින්.. ආයෙමත් මගේ වෙලා.. ඒක එහෙම නේද වෙන්ට තිබුනෙ? මම උඹෙන් අහන්නෙ නෙඩ්, මොකක්ද මේ ඔටුන්නෙන් ඇති පලේ? අපි රජෙක් වුනත් ගොපල්ලෙක් වුනත් අපේ යාඥාවලට දෙයියො කණ් දෙන්නෙ නෑ."

"දෙවියන් කරන දේ ගැන මට උත්තර බඳින්ට බෑ මගේ ස්වාමිනී... එදා මම සිහසුන් ශාලාවට ගියාම මට දකින්ට ලැබුන දේ. ඒරිස් බිම ලේ විලක් මැද මැරිලා හිටියා. ලැනිස්ටර් සෙබළු හැමතැනම. ජේමි එයාගෙ රත්තරන් පාට සන්නාහයට උඩින් රාජ්‍යාරක්ෂක බලකායෙ සුදු සළුව පැළඳගෙන හිටියා. මිනිහා එයාගෙ නයිට්වරු හැමෝටම ඉහළින් යකඩ සිංහාසනයෙ වාඩි වෙලයි හිටියෙ. එයා පැළඳගෙන හිටියෙ සිංහයෙකුගෙ ඔළුවක හැඩේට හදාපු හිස්වැස්මක්. අහ්! ඒ වෙලාවෙ මිනිහා දිස්නෙ ගහපු හැටි."

"මේක හැමෝම දන්න දෙයක්නෙ."

"මම ඒ වෙනකොටත් අශ්වයා පිටෙයි හිටියෙ. මම ශාලාව දිගටම අශ්වයා පිටින්ම ගියා. ගිහිල්ලා සිංහාසනය ඉස්සරහ නැවතිලා ඉහළ බැලුවා, මිනිහා දිහාව. මිනිහගෙ රත්තරන් කඩුව දණිස් දෙක උඩ තියාගෙනයි හිටියෙ. ඒකෙ එතකොටත් රජතුමාගෙ ලේ තැවරිලා තිබුනා. මගේ මිනිස්සු මට පිටිපස්සෙන් කාමරේට පි‍රෙන්ට පටන් ගත්තා. එත‍කොට ලැනිස්ටර් සෙබළු අයින් වුනා. මම වචනයක්වත් කිවුවෙ නෑ. දිගටම එයා දිහා බලාගෙන නැවතිලා හිටියා. අන්ති‍මේදී ජේමි හිනා‍වෙලා නැගිට්ටා. හිස්වැස්ම ගලවලා අතට අරන් මිනිහා මට මෙන්න මෙහෙම කිවුවා. "බය‍‍වෙන්ට එපා ස්ටාර්ක්. අපේ රොබර්ට් එනකං මම ඒක උණුහුම්ව තියාගන්ට හැදුව විතරයි. අනික ඒක එච්චර සැපපහසුත් නෑ."

හිස පස්සට ගැස්සූ රජතුමා මහහඬින් සිනාසුනේ ය. "උඹ කියන්නෙ ලැනිස්ටර් මගෙ සිංහාසනේ ටික වෙලාවකට වාඩි වෙලා හිටිය නිසා මම මිනිහව අවිශ්වාස කරන්ට ඕනැයි කියලද? ජේමිට එතකොට අවුරුදු දාහතයි නෙඩ්. කොළුවෙකුට වඩා යාන්තං පොඩ්ඩක් වැඩිමල්."

"කොල්ලෙක් හරි මිනිහෙක් හරි, එයාට ඒ සිංහාසනේට අයිතියක් නෑ."

"සමහරවිට මිනිහට ටිකක් මහන්සි දැනෙන්ට ඇති. රජවරු මරනවා කියන්නෙ හරිම වෙහෙසකර වැඩක්. දෙයියො දනී. ඒ මලමගුල් කාමරේ පස්ස තියාගන්ට වෙන තැනක් තියෙනවයැ. අනික මිනිහා කිවුවෙ සම්පූර්ණ ඇත්ත. ඒක කිසිම සැපපහසුවක් තියෙන පුටුවක් නෙවෙයි." රජතුමා හිස දෙපසට වැනී ය. "හරි, දැන් මම දන්නවා මොකක්ද ජේමිගෙ රහස් පාපය කියලා. ඒක අමතක කරලා දාන්ට පුළුවන්‍. ව‍රෙන් නෙඩ්, අපි ඉස්සරහට යමු. උඹට මතකනෙ අපි කො‍හොමද ඒ කාලෙ අශ්වයො පැද්දෙ කියලා. මට ආයෙමත් විඳගන්ට ඕන හුළඟ මගෙ කෙහෙරැළි අස්සෙන් යනකොට දැනෙන සනීපය කොහොමද කියලා." අසුට සන් කල ඔහු සොහොන් ගොඩැල්ලට ඉහළින් පිම්මේ අසු පැන්නවූ අතර පස් හා මඩ වර්ෂාවක් ‍මෙන් අසු කුරවලට යටින් විහිදුනි.

මොහොතක් යනතෙක් නෙඩ් ඔහු පසුපසින් අසු විහිදුවේ නැත. තවත් කීමට දෙයක් ඉතිරිව නොතිබුනු අතර ඔහුට විශාල බලාපොරොත්තු විරහිත භාවයක් දැ‍නෙන්නට විය. තමා මේ ගමන පැමිනියේ මන්දැයි හා තමා මෙතැන සිටින්නේ මන්දැයි ඔහු දහස්වන වරටත් සිතා බැලී ය. සිය රජු ගේ දෑස් පාදා ඔහුට ඥානය පහල කරවීමට ඔහු ජොන් ඒරින් නොවේ. හැමදාමත් පුරුදු පරිදි රොබර්ට් තම සිතැඟි අනුව කටයුතු කරනු ඇත. නෙඩ් කියන කරන කිසිම දෙයකින් ඒ අදහස් වෙනස් නොවනු ඇත. ඔහු සිටිය යුතු වන්නේ වින්ටර්ෆෙල් වල ය. ඔහු සිටිය යුතු වන්නේ බ්‍රැන් පසෙකින් සිට වැලපෙනා කැට්ලින් සමග ය.

එතෙකුදු වුව, මිනිසෙකුට හැමදාමත් තමා සිටිය යුතු ස්තානයේ සිටින්නට ලැබෙන්නේ නැත. සුසුමක් හෙලූ එඩාර්ඩ් ස්ටාර්ක් අසුට සන් කර සිය රජතුමා පසුපසින් අසු පන්නවන්නට විය.


Eddard Stark: “So the slaver has become a spy. I would rather he become a corpse.”
Robert Baratheon: “Spies are more useful than corpses.”


72 comments:

  1. හරී... මං එක. කියවලා අනිත් කමෙන්ට් එක. :)

    ReplyDelete
    Replies
    1. අරූ පිස්සු රජා... මූ මෝඩ රජා....

      Delete
    2. හැම රජාම එක්කො පිස්සෙක් නැත්තං මෝඩයෙක් නැත්තං මෝඩ පිස්සෙක් තමා නේ. :-D

      Delete
    3. එහෙමත් නැත්නම් පිස්සු මෝඩයෙක්නේ...:D

      Delete
  2. රොබට යන්නෙ කෙලව ගන්න..
    රජ්ජුරු ගොල්ලට මොලේ නැ කියන්නෙ බොරුවටැයි...
    තිබ්බත් ඒක යූස් කරන්න දන්නෙනෑ

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් කෙනෙක් කියන දේකට කන් දෙන එකක් යැ.

      Delete
  3. ජෙමිගේ රහස් පාපය ,
    if only he knw :O

    ReplyDelete
    Replies
    1. seems like he has got more than one black secrets...

      Delete
    2. කතාවෙ ඉන්න ගොඩ දෙනෙකුට හංගගෙන ඉන්න රහස් තියෙනවා නේ.

      Delete
    3. කතාවේ විතරක් නෙමේ...:D

      Delete
  4. බලේ ලැබෙනකොට මොලේ නැතිවෙනවද කොහෙද.ලනිස්ටර්ලව ලංකරගෙන රොබට් නම් ඉල්ලන් පරිප්පු කන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. මක්කා කරන්ටද ඉතින්. නෑදෑයො නෙවැ.

      Delete


    2. නෑදෑයෝ කියන්නේ ඇතුවත් බැරි, නැතුවත් බැරි ජාතියක්...:(

      Delete
  5. ඔච්චර පහසුවක් නැතිනම් මොන මගුලකට ඔය පුටු බදාගෙන ඉන්නවාද මන්දා ඔය රජවරු.
    මස්සිනා වැඩේ දෙයි වගේද ලොක්කාට..?

    ReplyDelete
    Replies
    1. දැන් පේන්නෙ නැද්ද අපට සේවය කරන්ටය කියලා තව කට්ටියක් විඳින දුක. ;-)

      Delete

    2. මනෝජ්ට පේන්නේ නැද්ද මේ 'සිහසුන් කෙළියක්' හන්දා අපි විඳින දුක...:P

      Delete
  6. බලේ වැඩිවෙනකොට මොළේ අඩුවෙනවා වගේ පේන්නේ . ඒකට අපේ රටේ බලෙත් එක්ක මොළෙත් පාදා ගන්නව :)

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බලෙත් එක්ක මොළේ පාදා ගන්නවා.ලංකාව ගැන නෙමේ වෙන්න ඇති කියන්නේ..:D :D

      Delete
    2. අපේ රටේ මොළේ පාදාගන්නේ බලය රැකගන්නයි ,වාසි ලබාගන්නයිනෙ . ඒකයි මම එහෙම කිව්වේ :P

      Delete
    3. එහෙම ‍වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? :-D

      Delete
    4. @සෝන්යා,

      එහෙම පෙනුනට බලේ තියෙන ගොඩක් අය මෝඩයෝ සෝන්යා...:P

      Delete
  7. සිහසුනේ සටන දැන් වගේ කරළියට එන්න යන්නේ..

    නෙඩ් කියන දේ හරි.. කොහේද ඒක මේ එඩාර්ඩ තේරෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මොකක් කියුවා?

      Delete
    2. නෙඩ් ස්ටාක් = එඩාඩ්

      යකෝ බුරයි පොඩ්ඩියි මෙච්චර කියලත් කොහේද ඒක මේ දිනේෂ්ට තේරෙන්නේ නැහැනේ...

      :D :D :D

      Delete
    3. මලා, නම් පැටළුනානේ.. වස ලැජ්ජාවයි..

      Delete
    4. ඔවු ඔවු. දැන් දැන් තමා සිහසුන් කෙළිය කරළියට එන්නෙ.

      නම් අමතක වෙනවා අමතක වෙනවා වගේ නම් අර උඩ තියෙන පේජ් එක බලාන්ට. :-)

      Delete
    5. @දිනේශ්,

      හැබැයි ඩැනීගේ නම නම් ලේසියට අමතක වෙන්නේ නෑනේ. :P

      Delete
    6. පොඩ්ඩි අක්කේ හොරෙන් මම මේ කියන්නේ.. එයාට මම ලයික්.. ඒක අමතක කරලා කෝමද ඉතින්..

      බුරා අයියේ, අමතක වෙනවට වැඩිය පැටලෙනවා.. මට ඕක පොත් කියවද්දී සමහර වෙලාවට වෙන දෙයක්නේ.. ඉස්සර අගාතා ක්‍රිස්ටිගේ පොත් බලද්දිත් ඕක වෙනවා හිටි ගමන්.. ආයෙම ඉස්සරහට පෙරලන් ගිහින් බලනවා මේ කියන්නේ කා ගැනද කියලා.. එහෙම පොඩි ඉතින් නට් ලූස් ගතියක් තියෙනවා..

      Delete
    7. හැබැයි ඉතිං ඔය නම් පැටලෙන සීන් එකට පරිවර්ථක ඩබලට පොඩි විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙනවා.. ඔය එඩාඩ් කතාව අහකටම දාලා නෙඩ් කියන කෑල්ලම හැම තැනටම පාවිච්චි කලානං.. මොකද පොත ලිව්ව එකා ඇවිල්ලා මේ දෙන්නව මරයි කියලෑ...

      Delete
    8. @ My lord Maraya
      අත පය හතරම උස්සලා ඒකට මනාපය පල කරමි.

      Delete
    9. Drunken Duke of Double Distillation කකුල් හතරම ඉස්සුවට මෙතන පරිස්සන් වෙන්න ඕනැ පොත ලිව්ව මාට්යගෙන් නෙමෙයි

      Delete
    10. බොලේ මාරයා ලගත් මානව හිතවාදි අදහස් තියෙනවා ඈ.. මගෙත් මනාපය ඔන්න ඒ අදහසට..

      Delete
  8. අවංකවම කිව්වොත් කලින් කෑල්ලයි මේ කෑල්ලයි දෙක එකට දාන්න තිබුනේ... මේ පෝස්ට් දෙකම කොට වැඩියි... මෙහෙම ගියොත් අපිට මේ කල්පේ අවසානෙවත් මේකේ අවසානයක් දකින්න වෙන්නේ නැහැ... ඒ හින්දා ඔය ලියන මහත්තයා අත ඉක්මන් කලානං හොඳයි ඈ.. :D

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ්, අත ඉක්මන් කලයි කියල මේ ආත්මෙ මේකෙ අවසානයක් දකියි කියලද හිතන්නෙ?

      Delete
    2. සැ. යු. ඔය කිසිවෙක් අධර්යයමත් කිරීමට කල කමෙන්ට් එකක් නොව මෙහි පාඨකයන්ට දිගු කල් ජීවත්වීම සඳහා කල දිරි ගැන්වීමකි.

      Delete
    3. ඔය ගැන අපි දෙන්නා මීට කලිනුත් කල්පනා කලා. ගොඩක් දිගට දැම්මෙ නැත්තෙ කියවන අයට එපා වෙයි කියලයි. ඊළඟ කොටසෙ ඉඳන් දිගට දාන්නං.

      Delete
    4. නැහැ නැහැ කිසිම එපා වීමක් නැහැ.. කාට හරි එහෙම උනාම දිග වැඩියි වගේ කියලා හිතෙනවනං මැද්දෙන් දාහං ඇඩ් එකක් තියෙන වීඩීයෝවක්.. :D
      නැත්තං නැගිටලා ගිහින් ප්ලේන්ටියක් ගහලා ඇවිත් ඉතිරි ටික කියවන්නය කියහං... :D

      ( එකම කාරණයක් ගැන දෙන්නෙක්ම කල්පනා කරන විදිය ගැන කල්පනා කරමින්... :D :D :D )

      Delete
    5. ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කරගන්ට එපා! 'කල්පනා කලා' කියන එක ගැටළුවක් වගේ නම් එතැනට 'සාකච්ඡා කලා' කියලා දාගන්ටලාකො. :-P

      Delete
    6. @මාරයා,

      ඕක ගොඩක් කල්පනා කරන්ට දෙයක් නෑ. මුලින්ම කරන්ට තියෙන්නේ කෙනෙක්ව ලං කරගන්ට. ඊලඟට තමන්ට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් එයාගේ ඔලුවට දාන්ට. දාලා දෙන්නම කල්පනා කරන්ට. අන්න ඒ විදියට දෙන්නෙකුට එකම දෙයක්, එක වෙලාවකට කල්පනා කල හැකිලු. මේ වැඩේ පටන් ගත්තට පස්සේ තමා අපිත් ඕක ඉගෙන ගත්තේ. :P

      Delete
    7. LP
      අනුන්ගේ ඔලු වලට ප්‍රශ්න දාන්ට එපා මයි ලේඩි. එක පිස්සියෙක් ඇති රාජධානි සප්තකයටම. :P

      Delete
    8. //මුලින්ම කරන්ට තියෙන්නේ කෙනෙක්ව ලංකරගන්න.//
      දැන් එතකොට ඔය උඩ කියලා තියෙන කරණාව කල්පනා කරන්න කවුරු විසින් කාවද ලංකරගත්තේ..? :D
      (පණ බේරාගෙන දුවමින්... :D )

      Delete
  9. මමත් කියන්නෙ එච්චරයි.කෑල්ලක් මීට වඩා දික් කරන්නයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දිගට දැම්මෙ නැත්තෙ කියවන අයට එපා වෙයි කියලයි. ඊළඟ කොටසෙ ඉඳන් දිගට දාන්නං.

      Delete
  10. රජෙක්ගේ දකුණු අත වෙන එක හෙන ගේමක් නේද..? අවශ්‍යය වෙලාවට අවශ්‍යය දේ විතරක් කියන්න පරිස්සම් වෙන එක...

    දැන් ටිකකට කලින් නිවුස් බලද්දී ISIS ගරිල්ලෝ ඇමෙරිකන් ජනර්ලිස්ට් කෙනෙක් මරාදමන්න සැරසෙන අන්තිම මොහොතේ වීඩියෝවක් පෙන්නුවා...එතෙන්දි ඒ අලුගෝසුවා පැත්තකින් හිටගෙන ඉද්දී ජනර්ලිස්ට් තමන්ගේ අන්තිම ප්‍රකාශය කරනකොට මට එකපාරම නෙඩ්ව මතක් වුනා... බ්‍රැන්ට කියන්නේ ඔයා කාවහරි මරනවානම් එයාගේ ඇස්දෙක දිහා බලාගෙන එයාගේ අන්තිම වචන ටික අහන්න ඔයා බැඳිලා ඉන්නවා කියලා...

    සමහරවෙලාවට පොත්වල විතරක් තියෙන්න ඕනේ දේවල් ඇත්තට වෙනකොට බය හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ රජ්ජුරුවන්ගේ වම් අත වෙන එක ඊට වඩා ගේමක් . :P

      Delete
    2. රජෙක් ගාව ඉන්න එක ගේමක් තමා. විශේෂයෙන්ම නාහෙට නාහන, ඉක්මනින් කේන්ති යන රජෙක් ගාව ඉන්න එක. කොයි වෙලාවෙ සිරිසඟබෝ වෙයිද දන්නෑ. :-)

      Delete
    3. සිරාවට මූව මොන අතද කරනවා කිව්වේ..? හා කිව්වට ඒකවත් අහගත්තේ නෑ නේද..? :O

      Delete
    4. දකුණු අත...දකුණු අත...:D

      Delete
    5. මම නම් හිතන්නේ වම් අතම තමයි.

      Delete
    6. එකනේ කියන්නේ [ඉස්පොයිලර් ද මන්දා] The King eats, and the Hand takes the shit :D

      Delete
  11. කිසිම සැප පහසුවක් නෑ කියන ඔය පුටුවට මොනවට ඔය හැටි මරා ගන්නවද මන්ද මුන් ටික...

    ReplyDelete
    Replies
    1. ජනතාවට සේවය කරන්ටනෙ ඔය දුක් විඳින්නෙ RanVan. ;-)

      Delete
  12. ඔක්කොම අලුතෙන් හදලානේ.. මේ සැකසුම් වලට පස්සේ අද තමා මේ පැත්තේ ලැප් එකෙන් ආවේ.. දැන් නම් නියමයි..
    රජ්ජුරුවොයි එයාගේ මොලෙයි.... හෆොයි.....

    ReplyDelete
    Replies
    1. රජවරු වුනත් ඉතින් ගෑනු නිසා අන්ධ වෙනවා. මක්කා කොරන්ටදෑ.

      Delete
  13. හොඳයි. අපි බලමු ඒ කාලේ යුද සැලසුම් කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ යුද්ධ ගැන විචාරක තුමා පූර්ණ විචාරයක් ලබා දෙන්නේ නම් සියල්ල පසෙක දමා අවුරුද්දක් හෝ එය කියවනු කැමැත්තෙමි. මේ ගෝරිල්ලෙක් ගේ කීම අහල මොන්ගොල් කාරයෝ ගැන පොත් කියවල මටත් දැන් ඒවමයි ඉගන ගන්න හිතෙන්නේ.Thanks PJ for the awesome suggestions.

      Delete
    2. ඒක නේන්නං විචාරක. ලියමුකො බලන්ට පරණ කාලෙ යුද්ධ ගැන විස්තරයක්.

      @ PoM,

      Conn iggulden ද කියෙවුවෙ? මගෙ ආසම ලේඛකයෙක්.

      Delete
    3. @විචාරක,

      මට පොත කියවනකොට විචාරක හරියට මතක් වුනානේ. ඒ දවස්වල හිටියා නම් කියලා...:)

      Delete
    4. @PoM,

      The Dangerous Book for Boys? or Dangerous Books for Boys? :D:D

      Delete
    5. yeps conn iggulden thamayi. ඔය PJ ගෙන් පොතක් ගැන ඇහුවහම ලස්සන ලෝන්ග් ලිස්ට් එකක් දෙනවා "ලු" නේ.
      not the Dangerous Book, Conqueror and Empire.

      Delete
    6. ඒ පොතෙත් ඉන්නවා විචාරක තුමා වගේ කට්ටිය.

      Subutai and Arslan especially.

      Delete
    7. Iggulden ගේ මොන්ගොල් සීරීස් එක ඉතා හොඳවුනාට, රෝම් සීරීස් එකනම් ඊට ගොඩක් වෙනස් quite amateurish (personal opinion) .
      That's why I recommended McCullough for Rome PoM.

      Delete
    8. going with Mcwatshername for romans
      in the process of getting arab and viking books

      Delete
    9. While apologizing to everyone here for using this as a chat room, I would recommend to anyone interested in Vikings to read Henry Treece too.

      Delete
  14. අපිත් ඇවිත් ගියෝ

    ReplyDelete
  15. හා, ඔන්න මාත් ආව.

    මේ නම ලකුණු කරගන්ට , නම් පොත බැලුවෙ, ඔහෙ නෑ නෙව?

    ReplyDelete
    Replies
    1. Winter is coming!

      සීත කාලෙට නරි හමින් කරපු කබා අඳින එක හොඳයි ලු.. :-P

      Delete
    2. ඒකෙ ආයෙ කබා හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මඩේ ඔබලම ලොං හැලිලා :)

      Delete
  16. රජුන්ට නුවන පහල වෙන්නේ මැරෙන්න මොහොතකට කලින්...

    ReplyDelete