Wednesday 13 August 2014

ඩ‍නේරිස් - 02-2


දවසේ පළමු මිනිසා මිය යනු ඈ දකිද්දී හිරු අහසේ අඩක්වත් ගමන්කර නොතිබින. වේගවත් බෙර වාදනයක් මධ්‍යයේ ගැහැණුන් කණ්ඩායමක් සිය ඛාල් වෙනුවෙන් නැටුමක් ඉදිරිපත් කරමින් සිටියහ. ඩ්‍රෝගෝ එතරම් උනන්දුවකින් නැටුම දෙස බලා නොසිටියද විටින් විට ගැහැණුන්හට අහුලා ගැනීම සඳහා ලෝකඩ පදක්කමක් ඔවුන් දෙසට වීසි කලේ ය.

රණකාමීහුද මේ නැටුම දෙස බලා සිටියහ. අන්තිමේදී ඉන් එකෙක් ඉදිරියට පිය මැන නටමින් සිටි ගැහැණියකගේ අතින් අල්ලා ඇයව එතනම බිම හොවා පිරිස මධ්‍යයේම ඇය හා සංවාසයේ යෙදෙන්නට විය. එය හරියටම සෛන්ධවයෙක් වෙළඹක් මත නැගුනා හා සමාන විය. මංගලෝත්සවය මැද්දේ මෙවැනි දේ සිදුවිය හැකි යැයි ඉල්ලීරියෝ ඩැනීට කලින්ම අනතුරු හඟවා තිබින. "ඩොත්රැකි‍යො සංවාසයෙ යෙදෙන්නෙ හරියට උංගෙ රංචුවල ඉන්න සත්තු වගේම තමයි. ඛලසාර් එකක් ඇතු‍ළෙ පුද්ගලිකත්වයක් කියලා දෙයක් නෑ. අනික උංට අපට ව‍ගේ ලැජ්ජා-බය පින්-පවු කියන දේවල් තේරෙන්නෙ නෑ."

සිදුවන්නේ කුමක්දැයි වටහාගත් ඩැනී බියෙන් ඉවත බැලුවා ය. නමුත් මොහොතක් ගතවෙද්දී තවත් රණකාමියෙකු ඉදිරියට පැමිණි අතර ඉන්පසු තවත් එකෙක්! වැඩි වේලාවක් යන්නට පෙර ඩැනීට සිය දෑස් ඉවත හැරවිය හැකි මගක් නොවී ය. ඊළඟ මොහොතේ දෙදෙනෙකු විසින් එකම ගැහැණිය ඩැහැගැනින. මහ හඬින් කල මුරගෑමක්, තල්ලුවක් හා ඇසිපිය හෙලන පමනින් ඇරැඛ් දෙකක් එළියට ඇදුනි. ඩොත්රැකියන් භාවිත කරන මේ අසිපත් දෑකැත්තක් මෙන් වක් වූ, දිගැටි, තියුණු මුවහත් තලයක් ඇති දරුණු ආයුධයක් විය. මරණය අබියස කෙරුනු නැටුමක් ඇරඹිනි. රණකාමින් දෙදෙනා වටයට යමින්, හිසට ඉහළින් ඇරැඛ් ලෙලවමින්, වහසිබස් දොඩමින් එකිනෙකා වෙත පහර එල්ල කරන්නට වූහ. කිසිවෙකුත් මේ සටනට මැදිහත් වීමට සිතූ බවක්වත් නොපෙනින.

ඩැනීට සිතාගැනීමටවත් ‍නොහැකි තරම් වේගයකින් ඇරැඛ් ගැටුනු නමුදු ගැටුම ඇරඹුනු තරම්ම ඉක්මනින් එය නිමාව දුටුවේ ය. එකෙකු ගේ පියවරක් වැරැදුන අතර අනිකා ලද අවසරයෙන් මාරාන්තික පැති පහරක් එල්ල කලේ ය. ඩොත්රැකියා ‍ගේ ඉණට මඳක් ඉහළින් සිරුරට කා වැදුනු පහරින් ඔහු ගේ පිටකොන්දේ සිට උදරය මැදක් වන තෙක් විවර වී ගොස් අතුණුබහන් පිටතට පැන්නේ ය. පරාජිතයා මියයද්දී ජයග්‍රාහකයා තම අතට හසුවුනු පළමු ගැහැණිය - අඩුම තරමේ ඔවුන් දෙදෙනා සටන් වැදි ගැහැණිය නොව වෙනත්ම එකියක් - එතැනම බිම හොවා ඇගේ සිරුර මත නැග්ගේ ය. වහලුන් විසින් මළකඳ ඉවත රැගෙන ගිය අතර නැවතත් නැටුම ආරම්භ විය.

මැජිස්ටර් ඉල්ලීරියෝ මේ ගැනත් ඩැනීට අනතුරු හඟවා තිබින. "ඩොත්රැකි මංගල උත්සවයක් මැද්දෙ අඩුම ගානෙ තුන්දෙනෙක් වත් මැරුනෙ නැත්තං ඒක මහ නීරස එකක් විදියටයි පිළි ගැනෙන්නෙ." තම විවාහය විශේෂයෙන්ම ආශීර්වාද ලද්දක් බැව් ඩැනීට සිතුනි. එම දිනය නිමා වීමට පෙරාතුව මිනිසුන් දුසිමක්වත් මිය ගොස් තිබින.

පැයෙන් පැය ගෙවී යද්දී ඩැනී තුළ වූ භීතිය කෙමෙන් කෙමෙන් වැඩි වන්නට වූ අතර අන්ති‍මේදී භීතිය නිසා කෑ ගැස්සෙනු වැළැක්වීමට ඇයට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු විය. මිනිසුන් නොව මිනිස් සම් පොරවාගෙන සිටින සතුන් පිරිසක් බඳු වූ මේ ඩොත්රැකියන් ගේ ආගන්තුක ම්ලේච්ඡ ජීවන රටාවන් දෙස බලා සිටි ඇයට බියක් දැනින. යම් හෙයකින් තම සොහොයුරා ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ‍නොහැකි වුවහොත් ඔහු තමාට කුමක් කරනු ඇත්දැයි ඇයට බියක් දැනින. මේ හැමටත් වඩා තමා පසෙකින් හිඳ සුරා පානය කරමින් සිටින කුරිරු මුහුණකින් යුතු මේ දැවැන්තයා සමග ගෙවන්නට සිදුවන අද රාත්‍රිය ගැන සිතත්ම ඇයට බියක් දැනින.

'මම තමා මකරාගේ රුධිරය' ඇය නැවතත් තමාටම කියා ගත්තාය.

අන්තිමේදී හිරු බටහිර අහ‍සේ බැස යාමට සැරසෙද්දී ඛාල් ඩ්‍රෝගෝ ගේ අත්පුඩි තැලීමෙන් ලත් අණ අනුව සියලුම නැටුම් ද බෙර වාදන ද භෝජන සංග්‍රහ ද සියල්ල එක වර නතර විය. නැගිට සිටි ඩ්‍රෝගෝ ඩැනීවද දෑතින් අල්ලා නගා සිටුවී ය. ඒ ඇය සිය විවාහ තෑගි ලබන අවස්ථාව විය.

ඇගේ සොයුරා විසේරිස් ඇයට සේවිකාවන් තිදෙනෙකු තෑගි වශයෙන් ලබා දුනි. ඔහුට ඒ වෙනුවෙන් කිසිදු වියදමක් සිදු නොවූ බවත් ඉල්ලීරියෝ විසින් ඔවුන් සපයන්නට ඇති බවත් ඩැනී දැන සිටියා ය. ඉරී හා ජික්වී තඹ පැහැ සමෙන් කළු කෙසින් හා ආල්මන්ඩ් දෑසින් යුත් ඩොත්රැකියන් වූහ. ඩෝරියා ලා පැහැ කෙසින් හා නිල් දෑසින් යුත් ලයිසෙනී කෙල්ලක් වූවා ය. "මේ නිකංම නිකං වැඩකාර කෙල්ලො නෙවෙයි මගේ ආදරණීය නංගී." ඇගේ සොහොයුරා පැවසී ය. "ඉල්ලීරියොයි මායි පෞද්ගලිකවමයි ඔයා වෙනුවෙන් එයාලා තෝරගත්තෙ. ඉරී ඔයාට අශ්වයො පදින්ට උගන්නයි. ජික්වී ඔයාට ඩොත්රැකි භාෂාව උගන්නයි. ඩෝරියා ඔයාට උගන්නයි කොහොමද පිරිමියෙක්ව සතුටු කරන්නෙ කියලා." ඔහු සියුම් සිනාවක් පෑවේ ය. "එයා ඒ ගැන බොහොම හොඳට දන්න ගුරුවරියක්. ඉල්ලීරියොයි මායි දෙන්නම ඒ ගැන සහතික වෙනවා."

සෙර් ජෝරා සිය ත්‍යාගය පුද කලේ ය. "මේක බොහොම පුංචි දෙයක් මගේ කුමරියනි. ඒත් මේ දුප්පත් පිටුවහලාට මීට වඩා දෙයක් දෙන්ට බෑ." පැරැණි පොත් මිටියක් ඇය ඉදිරියේ තබමින් ඔහු ප්‍රකාශ කලේ ය. ඒ රාජධානි සප්තකයේ ඉතිහාසය හා ගී පබැඳුම් අඩංගු පොදු බසින් ලියැවුනු පොත් බැව් ඩැනී දුටුවා ය. ඇය සෙර් ජෝරාට මුලු හදින්ම ස්තූතිවන්ත විය.

මැජිස්ටර් ඉල්ලීරියෝ අණක් නිකුත් කල අතර වහලුන් සිවුදෙනෙක් ලෝකඩින් වැඩ දැමූ දැවැන්ත සීඩාර් පෙට්ටගමක් ඔසවාගෙන ඉදිරියට පැමිණියහ. එහි පියන ඇරිය ඩැනී දුටුවේ නිදහස් නගරවල නිමැවුනු ඉස්තරම්ම විල්ලූදවලින් පෙට්ටිය පිරී ඇති බවයි. ඒ විල්ලූද මතුයෙහි බහා තිබුනේ දැවැන්ත බිත්තර තුනකි. ඩැනී මවිතයෙන් හුස්මක් ඉහළට ඇද ගත්තා ය. ඇය සිය ජීවිත කාලයටම දැක ඇති අලංකාරම දේ එය විය. ඒවා කෙතරම් වෛවර්ණයෙන් බැබළුනේද යත් ඩැනී මුලින් සිතුවේ ඒවායේ මැණික් ඔබ්බවා ඇති බවකි. ඒවා කෙතරම් විශාලදැයි කිවහොත් එක් බිත්තරයක් එසවීම සඳහා ඩැනීට සිය දෑතම යොදා ගත යුතු විය. ඇය පරිස්සමින් බිත්තරය එසෙවුවේ එය පිඟන් මැටියෙන් හෝ වීදුරුවලින් නිමැවූවක් බව සිතමිනි. එනමුදු ඇය සිතුවාට වඩා එය බර විය. බිත්තර කටුවේ මතුපිට වැසී තිබුනේ සියුම් කොරපොතුවලිනි. ඇය සිය අත්ල මත බිත්තරය එහා මෙහා කරද්දී බැස යන හිරු රැස් වැටීමෙන් එය ඔප දැමූ ලෝහයක් මෙන් දිදුලන්නට විය. එක් බිත්තරයක් තද කොළ පැහැයෙන් යුක්ත වූ අතර පෙරලද්දී ලෝකඩ පැහැයෙන් දිස්නය දෙන්නට විය. ‍දෙවැන්න දීප්තියෙන් අඩු ක්‍රීම් පැහැ වූ අතර එහි රන්වන් වයිරම් වැටී තිබින. අවසාන එක මැදියම් රෑ මුහුදක් මෙන් තද කළු පැහැයෙන් ද යුක්ත වූ අතර ලේ රත් පැහැ රැල්ළෙන් හා සුළියෙන් අලංකාර විය. "ඒ මොනාද ඒ?" ඩැනී ඇසුවේ විස්මය මුසු වූ කෙඳිරිලි හඬකිනි.

"මකර බිත්තර. අෂයී වලට එහායින් තියෙන සෙවනැලි දේශයෙන් ගෙනාපු මකර බිත්තර." මැජිස්ටර් ඉල්ලීරියෝ කී‍වේ ය. "කල්ප කාලාන්තරයක් තිස්සේ තිබිලා ඒවා දැන් ගල්වෙලා. ඒත් ඒවා තාමත් ලස්සනට දිස්නෙ ගහනවා."

"මේවා මට හැමදාමත් වටින තෑග්ගක් වේවි." මෙවැනි බිත්තර ගැන ඇය අසා තිබුනු නමුදු එවැන්නක් දකින්නට හැකි වේයැයි ඇය කිසිදා නොසිතුවා ය. එය ඇත්තෙන්ම විශිෂ්ට තෑග්ගක් වුවද ඉල්ලීරියෝට එවැනි වියදමක් දැරිය හැකි බැව් ඩැනී දැන සිටියා ය. ඇයව ඛාල් ඩ්‍රෝගෝට විකිණීමේ ඔහු ගේ පංගුව වෙනුවෙන් ඔහු අශ්වයින් හා වහලුන් මගින් සුවිසල් ධනස්කන්ධයක් උපයා තිබින.

ඛාල් ගේ රුධිරාරක්ෂකයින් විසින් සම්ප්‍රදායික ආයුධ තුන ඇය වෙත පුද කර සිටින ලදී. හග්ගෝ ඇයට රිදී මිටකින් සමන්විත සම් කසයක් තෑගි කලේ ය. කොහොල්ලෝ රනින් වැඩ දැමූ විභූතිමත් ඇරැඛ් එකක් ද, ක්වෝතෝ මකර අස්ථියෙන් නිමැවුනු ඇයටත් වඩා උස දුන්නක් ද පිරිනැමූහ. සම්ප්‍රදායට අනුව මේ තෑගි ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි මැජිස්ටර් ඉල්ලීරියෝ සහ සෙර් ජෝරා ඇයට උගන්වා තිබින. "මේ තෑගි සුදුසු වෙන්නේ ශ්‍රේෂ්ට රණකාමියෙකුටයි, මගේ රුහිරෙන් උපන් රුධිරය! මම ගැහැණියක් පමණයි. එනිසා මා වෙනුවට මගේ ස්වාමි උතුමානන් මේ පිරිනැමීම බාරගනීවා."

අනිතුක් ඩොත්රැකියෝ ඇයට නොයෙකුත් තෑගි ‍තොග පිටින් පිරිනමන්නට වූහ. පාවහන්, මැණික්, ඇගේ වරළස වෙනුවෙන් රිදියෙන් කල මුදු, ඉණපටි, වර්ණ ගැන්වූ කමිස හා සුමුදු ලොම් ඇඳුම්, ‍‍සේද හා සුවඳ ද්‍රව්‍ය පිරවූ බඳුන්, ඉඳිකටු හා පිහාටු සමගින් තවත් නොයෙකුත් ‍දේ ද, මීයන් දහසක ගේ සමින් මැසූ ගවුමක්ද ඇයට තෑගි ලැබින. "බො‍හොම අගනා තෑග්ගක් ඛලීසි." මේ අවසාන තෑග්ග ගැන ඇයට විස්තර කරදෙමින් ඉල්ලීරියෝ පැවසී ය. "බොහොම වාසනාවන්තයි." මේ සියලු තෑගි ඇය වටා පොදි ගැසෙන්නට විය. ඇයට සිතා ගැනීමටවත් නොහැකි තරම් තෑගි ගොඩක්! ඇයට කිසිදා පාවිච්චි කර නිමකිරීමට නොහැකි තරම් තෑගි ගොඩක්!


Illyrio Mopatis: “You have waited most of your life. What is another few months, another few years?”

99 comments:

  1. හපොයි...
    සමාර විට ඉස්සර කාලෙකදි මේ වගේ සීන් කෝන් ඇත්තටම වෙන්න ඇති...
    කොහොමත් සත්තුන්ගෙයි මෙයාලගෙයි වැඩි වෙනසක් නෑ...
    පව් ඩැනේරිස් කෙල්ල..
    හික්

    ReplyDelete
    Replies
    1. කතාවෙ එන ජන කොටස්, සිරිත් විරිත් වගේ දේවල් බොහොමයක් ඇත්ත ඉතිහාසෙන් උකහාගත්ත ඒවා තමා. ඩොත්රැකියො හදන්ට මූලිකවම පදනම් කරගෙන තියෙන්නෙ මොංගෝලියානු ශිෂ්ටාචාරය.

      ඩැනී පවු තමා නේ.

      Delete
  2. Replies
    1. මාරයි ම තමා නේ. :-D

      Delete
  3. ඩේනි ගේ වහල්ලු තුන් දෙනා එයාට වඩා ලස්සනයි නේද ?:D

    ReplyDelete
    Replies
    1. ලස්සන වුනාට ම්ලේච්ඡයි නේ. ;-)

      Delete
    2. පොඩ්ඩක් ම්ලේච්ඡ උනාම මොකද ?
      :D

      Delete
    3. ඔව් ඉතින් ම්ලේච්ඡ එක්ක මොට්ටලුනේ....:D

      Delete
  4. මෙහි කතාවට බලපෑමක් නැති ප්‍රශ්නයක් මේ අහන්නෙ.

    ඩ්‍රැගන්බෝන් වලින් දුනු හදන්නෙ කොහොමද කියල මට ඉස්සර ඉඳන් හිතුන ( GoTවල ඔක්කොම rationalize කරන්න බැරි වුනත් මගෙ ඉස්සර විනෝදාංශයකට දුනු සම්බන්ධ නිසා ) අස්ථි දුනු වලට ගන්න තරම් නම්යශීලී නැති (අං මෙන් නොව, right PoM? ) නිසා. මේ පොස්ට් එකෙන් පස්සෙම හොයල බැලුවහම තියෙන්නෙ දුනු හදන ඩ්‍රැගන්බෝන් මකර අස්ථිවලින් ගන්නා යකඩ ප්‍රතිශතය වැඩි ද්‍රව්යයක් මිස කෙලින්ම අස්ථිය නෙමෙයි වගේ.

    මගේ ප්‍රශ්නය ඔයවගේ GoT trivia ගැන internet පැහැදිලිකිරීම් කරන්නෙ කවුද? ඒවා සමඟ මාටින් එකඟද?
    settled authority එක මොකක්ද?

    බුරරතීනෝත්තමය හා ටයනුකුමාරි නැත්නම් ගෝඩාකුමාරය, ශ්‍රීමත් අවුල්සහගතයානෝ හෝ නිරෝත්තමිය පිලිතුරුදෙයි කියල හිතනව. (අර ෆොක්ස්මොටානෝ වුනත් කමක් නෑ. එයා ඉහත අය කාගෙ හරි alter ego එකක් හෝ යාලුවෙක් යයි සැකයක් වෙස්ටෙරොස්වල bog dwellers අතර පවතිනව)

    අතුරු ප්‍රශ්නය- මේ තරම් තඩි පල් හෑල්ලක් ලිවීම නිසා අද මං කාගේ උදහසට ලක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය සතෙකුගේ අස්ථි හා මකර අස්ථි අතර එක ප්‍රධානම වෙනසක් තියෙනවා. ඒ තමා මකර අස්ථිවල ඇති දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව. මකරාග්නිය කියන්නේ අති විශාල තාපයක්. හරියටම සෙල්සියස් මෙච්චරක් කියලා කියන්ට බැරි වුනත් ඒක අති විශාල තාපයක්. මේ අග්නිය එක්ක නිතර ගැටෙන නිසා මකර අස්ථි හරිම ‍ෆ්ලෙක්සිබල්. සමහරවිට ආයුධ හදද්දි (ඔය ප්‍රශ්නය එන්නෙ දුනු හදද්දි විතරයි නේද?) අස්ථිය තවත් පදම් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරනවා ඇති.

      Delete
    2. අර තඩි මකරෙක් කොහොමද flexible skeleton එකකින් ඇවිදින්නේ හැබෑට ?

      Delete
    3. බුරතීනොත්තමය තරහ අවසර , එතකොට මගෙ ප්‍රස්නය. Trivia ගැන?

      Delete
    4. යකෝ බුරෝ... හීන කතන්දරයක් ලිව්වට කමක් නැහැ අපි කියවඤ්ඤං...රස විඳිඤ්ඤං.. ඒත් ටොම් පච කෙලින්නට ලෑස්ති වෙන්ට එපා බොලා ගානේ අතින් දාලා ඈ.. :D
      ඇයි යකෝ දැන් නිකං මේකා මකරාව දැක්කා වගේ හිතාන උගේ ඇටේ විස්තර කොරන්න යනව නෙව... :D

      Delete
    5. මේ මේකේ කමෙන්ට් කරද්දි වෙලාව වැටෙන්නේ හවස්වරුවේ එකක්නේ.. ඒ ඇයි... තාම මෙහාට වෙලාව 10.48 යි...

      Delete
    6. @ maare,
      බුර ශ්‍රීමතානෝ කොහෙද ලියල තිබුනා එයාට ලිවීම ඇඟේ නෑ කියල. අනේ මං දන්නෙ නෑ දෙශපාලකයන්ට කතා ලියල දෙන්නනම් එතුමාට තරම් සුදුසුකමක් කාටවත් නෑ කියලයි මකර ඇටේ ගැන කියෙව්වාම මට හිතුනෙ

      @PoM, ෆ්ලෙක්සිබල් හින්ද පොලවෙ යන්න එක විදිහයි, පියාඹන්න තව විදිහයි.
      නිකම් ට්‍රාන්ස්ෆෝර්මර්ස්ල වගේ.

      Delete
    7. අනේද කියන්නේ මේකා මුළු ගාලා හතරැස් රවුං කරනවනේ... :D

      Delete
    8. @ PoM,

      දැකල තියෙනවද වා‍නේ වලින් හදපු දුනු? වානේ Flexible but Strong. මකරඅස්ථිත් ඒ වගේ. Flexible කිවුවහම හිතන්ට එපා නිකං බෝංචි කරල් වගේ ය කියලා.

      @ Pra Jay,

      Trivia ගැන කතා කරන්ට ගොඩක් forums තියෙනවා. ප්‍රධානම එකක් තමා Wiki of Ice and Fire කියන්නෙ. එතැනට ගි‍‍යොත් ඔය ගැන වැඩි විස්තර දැනගන්ට පුළුවනි.

      සමහර පැහැදිලි කිරීම් හා hypothesis ගැන මාර්ටින් එකඟවෙනවා. සමහර ඒවා ගැන මොකුත්ම කියන්නෙ නෑ. මාර්ටින් trivia ගැන ඒ තරම්ම උනන්දුවක් ‍පෙන්නන්නෙ නෑ (ටෝල්කින් වගේ). මාර්ටින්ම ඒ බව කියලා තියෙනවා.

      @ මාරෙ,

      ‍මේ මම අතින් දාන ඒවා නෙවෙයි. පොතේ විස්තර කරලා තියෙන ඒවා. ඕවා ඉතින් TV series එ‍කේ විස්තර කරලා දෙන එකක්යැ.

      ... Dragonbone is black because of its high iron content, the book told him. It is strong as steel, yet lighter and far more flexible, and of course utterly impervious to fire... - [Chapter 13 - Tyrion]

      බ්ලොග් එකේ වෙලාව තියෙන්නෙ Melbourne Time. ඒ කියන්නෙ ශ්‍රී ලංකා වෙලාවට වඩා පැය 4 1/2 ක් ඉදිරියෙන්.

      Delete
    9. ඇට ට්‍රාන්ස්ෆෝර්ම් වෙනවද ? :D

      Delete
    10. මකරු ඇත්තටම ඉඳල තියනවද ඈ :O

      Delete
    11. @ RanVan,

      ඔවු. ඇත්තටම හිටපු මකරු ආශ්‍රයෙන් තමා මේ කතාවෙ මකරුන්ගෙ ගති ලක්ෂණ හදාගෙන තියෙන්නෙ.

      Delete
    12. අපේ ගෙදර හුරතලේට ඇතිකරන එකෙක් ඉන්නවා

      Delete
    13. අපේ ගෙදරත් එකෙක් ඉන්නවානේ ඌගෙන් තමයි අපේ ලිප පත්තු කරවා ගන්නේ..:D

      Delete
    14. මකර බලශක්තිය ,
      remember in හා හා හරි හාවා ?
      hilarious

      Delete
    15. @PJ,

      මගේ උදහස උදේ ඉඳන් පැසවමින් පවතිනවා. ඒත් මට කලින් සෝන්යා ඉස්සර වෙලා...:P

      Delete
    16. නියම සංවාදයක් ඇතිවෙලා තිබෙනවා....

      Delete
    17. එහෙමම කියන්නත් බෑ නලීන් අවුල්සහගතයානෝ සහ ෆොක්ස්මොටානෝ නැතිව මෙතන 100% ලුනටික් නෑ තාම.
      නිරෝත්තමාවියත් නෑ. එතකොට Ran වෑන් එක !

      Delete
    18. බස්තියන් ලොක්ක දැක්කේ නෑ දවසටම, කෙහෙල් ගහකටවත් කොටලද ??

      Delete
    19. හරි හරි ඉතිං පොතේ තියෙනවනං අවුලක් නැහැ එහෙමයි කියලා කඩුවෙන් වනලා දාන එක හරිද ඔහොමත්.. :D

      Delete
    20. ඇයි දැන් උඹ කඩු ෆයිට් පුරුදුවෙන්ට යනවා නේද?

      Delete
  5. dragonbone කියන්නේ ඇත්තම මකර අස්ථි කියල තමා පොදුජන මතය. may be the bones can be treated in some chemicals/enzymes to make them more flexible, they must be using a femur or a rib to make a bow. මිනිස් අස්ථියක් උනත් හරි විදිහට රසායනික ප්‍රතිකාර කලොත් නමන්න පුළුවන් නේ. අනික් එක කවුද දන්නේ මකරුන්ගේ ඇටකටු අපේ වගේ hydroxyapatite ද කියල, may be they are naturally flexible.
    මට මතකයි ඇලන් කවාටෙර්මන් ගේ පොතකත් තිබුන රයිනෝ අඟකින් හදපු පොරෝ මිටක් ගැන. එක නිකන් වේවැල වගේ නවෙනව"ලු" නේ.

    ReplyDelete
    Replies
    1. "Dragonbone is a durable material that, as its name suggests, is harvested from the bones of dragons." "
      Harvested from", PoM ! Not the bone itself.
      අං නම් ඇත්තටමත් දුනුවලට ගත්ත. Compound bows horn සහ ලී ලැමිනේට් කරල භාවිතා කලේ මොන්ගොල් සහ වෙනත් අය . ඇට (bones) අං (horn) වගේ flexible නෑ නේ?
      මගෙ මූලික ප්‍රශ්නය ඔය මාටින් අනුමත කරලද කියන එකයි

      BTW, PoM, Rhino horn is neither bone nor horn but hair !! (hey, did I get one over an academic of the field )

      Delete
    2. By hair you must mean keratin, well all horns are keratin ,( i believe all horns are, not sure , i do bones, not horns) but i think all horns have a core of active bone for strength.
      ඔව් ඔව් අර ජෙන්ඝිස් එහෙමත් ඒවානේ යූස් කරන්නේ. :D
      thanx for the suggestion,BTW, kick ass book.

      Thats what i meant by making the bones flexible using enzymes.

      මම හිතන විදිහට නම් මේවා ඔක්කොම speculations, none of them proven right or otherwise by the author. but we go on making theories and speculations. you found it in wiki of ice and fire right ?

      Delete
    3. http://gameofthrones.wikia.com/wiki/Dragonbone
      මට හිතුනෙ මකර අස්ථි (උණු/කුඩු කිරීම වගේ ක්‍රියාවලියකින් ) වලින් ගන්න ද්‍රව්යයක් කියල

      මං දන්න විදිහට කෙරටින් වලින් හැදිල තියෙන්නෙ කෙස් හා නිය, අං නෙමෙයි. And horns have no core of bones as far as lay me know.

      (ඊලඟට බනින්නෙ මෙක විකාර කියවන්න චැට් රූම් එකක් ලෙස යොදා ගෙන කියල හරිය?)

      Delete
    4. I stand corrected Herr Doktor Prince. Thank u.
      හැබැයි රයිනෝ අඟ නම් සම්පූර්ණ කෙරටින් bone නැතුව. right?

      Delete
    5. @ Pra Jay,

      මුලින්ම පැහැදිලි කරන්ට වෙනවා 'අඟ' කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ horns ද, antlers ද නැත්තං රයිනෝ අඟ ද කියන එක. මොකද මේ තුන වෙනස් ජාති තුනක්!

      මේ ගැන විස්තරයක් මෙතැනින් බලාගත්ත හැකි

      Delete
    6. Much obliged B,

      Horns = Keratin + bone
      Antlers = Bone + skin (sometimes)
      Rhino horn = keratin (hair)
      Right?

      ඇහුවට කමක් නැද්ද මංදා? අර සමහර මකරුන්ට තියන අං එතකොට මකරමේස්ටර්තුමා?

      Delete
    7. මකර අං ගැන ව්‍යුහාත්මක විස්තරයක් පොතේ දෙන්නෙ නෑ. ඒත් ඒවා 'හොරනෑ' (Dragon horn) විදියට පාවිච්චි කරනවා කියලා තියෙනවා. එතකොට අපට හිතාගන්ට තියෙන්නෙ මකර අං සාමාන්‍ය අං හා සමානයි කියලා තමා ‍නේද?

      ps: මම ඔච්චර දුර දිග ඕවා හොයන්ට යන්නෙ නෑ කොහොමත් PJ. මේක කතාවක්නෙ, මොකට ඔච්චර trivia ගැන වද වෙනවද? :-)

      Delete
    8. //හොරනෑ//? genuine?
      ඒක තමයි මොකට වද වෙනවද? :-D DDD

      Delete
    9. ඔවු. හොරනෑ (bugles). මේවා මකරුන්ව පාලනය කරන්ට භාවිත කලාය කියලා කියනවා. Dragonbinder කියලා magical dragon horn එකක් එනවා මේ කතාවෙ පස්සෙ කාලෙකදි. මේවා වැලිරියන් වැඩ. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ හොරනෑ පිඹින්ට බෑ කියලයි කියන්නෙ.

      Delete
    10. හොරනෑ බොරුනෑ මේව ජෙනුවින් dragonlore !

      Sorry, B I've been suffering from chronic nonsensia from birth :-D

      "හොරණෑ"

      Delete
    11. Bur has a valyrian steel link in his chain :D

      Delete
    12. @ PoM,

      Yes. Indeed. ;-)

      @PJ,

      Ouch! That hurts. :-D

      Thanks for correcting my spellings! :-)

      Delete
    13. @ PoM,

      Infact, the whole chain is made of Valyrian Steel. FYI, I also have a dagger made of Val S. :-D

      Delete
    14. only VS ?
      oh thats sad, good thing you are a lord, or you'll starve. :P
      VS daggers are dangerous things to have in winterfell son.

      Delete
    15. you need a steely but flexible exoskeleton to have joint ventures with ladies.

      (@ PK, unlike these others I don't think ladies are dragons. Dragons are apparently flexible !!)

      Delete
    16. Herr Doktor ගේ ලැබ් එකේ මකර ඇටවලින් කට්ටියට පලන්දන්ට දෙයක් හදනවා...හදලා ඉවර වුනාම කියන්නම් ....:D

      Delete
    17. ඕනේ දෙයක් කියපල්ලා doktor නොකියා. හප්පෝ ජෝබටත් කෙල වෙන වැඩ.

      Delete
  6. මට නම් ඒ තෑගි ගැන හිතා ගන්නවත් බැහැ. මට දැනෙන්නෙ මාත් ඒ වෙඩිමට ගියා වගේ , ඒත් ඔන්න මම අර මිනී මරා ගන්න ඒවයි , අනිත් ඒවයි දැක්කෙ නැහැ හොඳේ

    ReplyDelete
    Replies
    1. වෙඩිමෙන් පස්සෙ මොනව දකීද සිංහසොන්යාවිය?

      Delete
    2. ඒ වෙලාවේ ඇස වහගෙනෙයි හිටියේ ?

      Delete
    3. @ Pra Jay ,

      අනේ මන්දා :D

      Delete
    4. @ Prince Of Moonshine ,

      ඔව් මූණ වහගෙන හිටියේ අත් දෙකෙන් , ඇඟිලි ටිකක් ඈත් කරල ;)

      Delete
    5. මොකුත්ම පෙනුනේ නැද්ද?

      Delete
    6. අයියෝ අපරාඩේනේ සොන්යා.ඔයාට (අව)මඟුල් ගෙදර හොඳම එව්වා දැක ගන්න ලැබිලා නැහැ නොවැ...:D

      Delete
    7. ඔයත් වෙඩිමට ගියාද ‍සොන්යා? මොනාද බිවුවෙ? වයින් ද නැත්තං අර වෙළෙඹි කිරෙන් හදාපු මධ්‍යසාරය ද? :-P

      Delete
    8. මගේ රෝයල් වෙඩිමත් මෙහෙම තමා ගන්නේ.
      කස්ටියම එන්ට එහෙනම් ඈ

      Delete
    9. @සෝන්යා,

      මමත් බැලුවේ නෑ. හැබැයි වෙච්චදේ ඒ විදියටම ලීවාලු...:P

      Delete
    10. @මූන දිලිසෙන කුමාරයා,

      අපි නෑවිත් කොහොමද? :D

      Delete
    11. කැන්ගරු හම් කෝට් එකක් ගේන්ටෝ

      Delete
  7. බලමු තුන්වෙනි කොටසේදී මොනා වෙයිද කියල ;) ;)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු නේ. හැබැයි ඒ කොටස 18+ අයට විතරක් පේන විදියටයි හදලා තියෙන්නෙ. ;-)

      Delete
  8. තැගි කන්දරාව දැක්කමනං සහය කතුතුමියටත් ඩනේරිස් වෙන්ට හිතෙන්ට ඇති සැකයක් නැහැ... :D

    හා හා ඊ ළග.... :D :D :D

    ReplyDelete
    Replies
    1. මේකට කතුතුමියටම උත්තරයක් දෙන්ට ඕනෑය කියලා කිවුවා. ඔන්න ඒ නිසා මංතුමා මොකුත් කියන්නෙ නෑ. :-P

      Delete
    2. @මාරයා,

      මීයන්ගේ සමින් මැසු ඇඳුම්, බඳ පටි, පිහාටු, ඉඳිකටු??? හී... හී....විහිලුවට නේද?

      Delete
    3. ඇඳුම් මහන්ට අවශ්‍ය නම් මී හම් සැපයිය හැක. අමතන්න POM.

      Delete
    4. @පොඩ්ඩි...
      තෑගි බෝග එක්ක විහිළු කරන ගෑණු ළමයිත් ඉන්නවද ඈ...? :D

      මීයෙක් බෙහෙතකට හොයා ගන්න නැතිව යනවා ඔය ඇදුම නැගලා ගියොත්නං... :D

      Delete
  9. ශේහ් අම්මප මට නැටුම බලන්න යන්න උනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වයසට මොන නැටුම්ද හැලපේ. අන්න අර වඩිග පටුන වගේ එකක් බැලුවනං. :-P

      Delete
  10. අඩේ අප්පා මඟුල අස්සේ මඟුල් කලා වගේනේ.
    මොනවා වුණත් පව් අර අහිංසක කෙල්ල...:(

    ReplyDelete
    Replies
    1. මේක මඟුල් සක්වලක් කියන්නෙ නිකංයැ. :-D

      Delete
  11. මීයන් ගේ සමින් මහපු ඇදුම කොයි වගේ වෙන්න ඇද්ද කියලා මම මේ කල්පනා කලේ.. නැද්ද ෆොටෝ එක්ක එහෙම??

    මට නම් තාමත් හිතේ මේ හුරුබුහුටි කෙල්ල පවු කියලා.. බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. මීයො දාහක් නෙ. ඇඳුම මහපු එකාට එපා වෙන්ට ඇති නේද?

      උඹට හිතෙන්නෙ නැද්ද අර අහිංසක කොල්ලා ඩ්‍රෝගෝ පවු කියලා. මෙච්චර කල් නිදහසේ කාලා බීලා ජොලියෙ හිටියා. අදින් පස්සෙ ඒව ඉවරයි.

      Delete
  12. I'm back.. But still my computer isn't operational yet.. So will type in a long comment from next episode onwards..

    ReplyDelete
    Replies
    1. ටර්මිනේටරුත් කිවුව නෙ I will be back කියලා. :-)

      computer එක හදාගෙන එන්ටකො අඟහරුවො. මෙහෙම හරි එන එකට බොහොම ස්තූතියි!

      Delete
  13. නියම කතාවක් නෙ මේක,
    කොටස් ඔක්කොම ටික කියෙව්ව එක හුස්මට. දැන් ඉතින් බලන් ඉඳපන්කො ඊලඟ කොටස දානකන්.
    ගොඩක් ස්තූතියි පොඩ්ඩිටයි, බුරාටයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස අනිද්දාට දෙනවා. වැඩිය ඈත යන්ට එපා.

      ස්තූතියි uwiniran!

      Delete
    2. මෙයා ආවා අපේ 'සැඳෑ අඳුර' කියවන්ට. ආපහු දැක්ක එක ගැන සතුටුයි.:)

      Delete
  14. මම ඉන්නේ ඉතාම කාර්ය බහුල තත්වයක. කිසිම අඩවියක් බලන්න බැරිවුනා. පසුව කියවා අදහස් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ විචාරක. වෙලා අරගෙන පුලුවන් විදියට කියවන්ට. මට මේ පොතේ සමහර චරිත කියවද්දි විචාරකවත් මතක් වෙනවා...:)

      Delete
    2. if i could hazard a guess, it will be Ser B the B , right ?

      Delete
  15. නියමයි නියමයි යමු ඔහොම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්!

      Delete
  16. ඒ කියන්නේ ඊලඟ කොටසේ කඩු පයිට් සේරම ඇති නේද..?

    තිබුණ එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ(නංගිගෙ?) කතුරට
    බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

    වෙයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් මේ බලන් ඉන්නේ ඊ ළඟ කොටස එන කල් ලු...

      Delete
    2. චිඃ! මේ ළමයි හරි වල් අප්පා.. ;-)

      Delete
    3. මාත්.. ඒකෙ පරිවර්ථනය පොඩ්ඩි ද? බුරා ද? :)

      Delete
    4. 11 වසර විජ්ජා පොතේ 6 වෙනි පාඩමටද කොහේද වෙච්ච දේ වෙයිද..?

      Delete
    5. පරිවර්තනය පොඩ්ඩිගෙන්. හෙට උදේම ඇවිත් බලන්ටලාකො. ;-)

      Delete
  17. නියම වෙඩිං අපූරු ගිෆ්ට් නෙ, කතාව නම් කොටසින් කොටස රසවත්. ස්තුතියි ඔබ දෙපලට.
    අන්තිමට දාපු කොටස් දෙකම කියවන්න ලැබුණෙ අද.. :)

    ReplyDelete
  18. ආයිබෝං කිව්වා හැමෝටම, එන්න පරක්කු වුනේ මං හියා නෙව මකරෙක්ව හොයන්න. මේ කමෙන්ට් කියවලා , මට තේරුනා මේ පුරස්න තේරුම් බේරුම් කරගන්න නං මකරෙක්ගෙන්ම අහන්න වෙන වග. දැං බලාන්ට ඉස්සෙල්ලම කස්ටිය අං පටලවා ගත්තා. ඊට පස්සෙ අංගං පොර. පස්සෙ බුරා බැනුං ඇහුව. ඊලඟට බුරා කාටදෝ කඩුවෙන් කෙ‍ටුව. මට නං බැරුවා ඔය කඩු ෆයිට් වලට පැටලෙන්න.

    අන්තිමට යාන්තං මකරෙක්ව හොයාගත්ත.

    " හප්පේ මකරෙක්ව හොයාගන්න තියෙන අමාරුවක්. ඉතිං පුදුමයක්යෑ මේ කස්ටිය හිතන එක දැං මකරු නෑ කියලා?"

    " ඇයි බොල මෝඩ හිවලො. මොකෝ මකරු නැත්තෙ. බලාපියකො බොගේ ඔය ඇස්ගෙඩිදෙක ඇරලා. ඒ තියා අපේ එක්කෙනෙක් බ්ලොග් එකකුත් ලියනවා. මාත් ඔය බ්ලොග් එහෙමත් කියවනවා"

    "හැබෑටම? දැං මං කොහොමද ඔබතුමාට කතාකරන්න ඕනෙ. සේර් මකර් කියන්නද?

    " අනේ මේ , මට ඔය කැටයං ඕනෑ නෑ. නිකම්ම මකරා කියපං".

    " හරි එහෙමං, ඔබතුමාට මොකක්ද අපේ මේ බ්ලොග් පාථකයොන්ට දෙන්න තියන පනිවිඩය?"

    " මට මේ උඹලත් එක්ක මල පැනල ඉන්නෙ. ඇයි, හත්වලාමෙ මුං අපිව ලිප පත්තු කරන්න ගන්න නෙව ලෑස්තිය" කියල මකරා ගිනි පිම්බා.

    " ඒක නං වැරදි තමා. එතකොට අර ඔබතුමාලගෙ ඇට වලින් දුනු හදන කතාව?"

    " ආ ඒක නං හැබෑව. ඒකට වැලීරියන් තාක්ෂණය ඕනෙ කරනවා. මොකද, ඔය ඇට පදං කරන්න ඕනෙ මඩේ දාලා. එතකොට තමා නම්‍යශීලි බව එන්නෙ"

    " හරි දැනුයි මට තේරුනෙ. මේ අපේ කස්ටිය මාවත් මඩේ ඔබනවා නෙව. ආයි ගන්නවා, ආයි ඔබනව. පදං කරන්න වෙන්ටෑ?. ඒත් මං මේ කම්පනා කලේ, පදං කලත් නරින්ගෙ ගන්ට දෙයක් තියේද කියලයි?.

    දැනට මේ ඇති. සෙස්ස පස්සට

    ReplyDelete
  19. නරි ඇට වලින් මොනවද හදන්න පුළුවන් කියල හොයල බලන්න ඕනේ , ඔව්.

    ReplyDelete
  20. නරි ඇට වලින්???
    ඇයි සුප් හදන්න ඇහැකි නෙව?

    ReplyDelete