Friday 1 August 2014

බ්‍රැන් 02-2


මේ ඉහළ නැගීමට බ්‍රැන් ආසා කිරීමට තවත් හේතු බොහෝ විය. බිත්තියේ ඇති කුඩා පැලුම් අතරට අතැඟිලි හා පා ඇඟිලි රිංගවමින් සිය සිරුර අඟලින් අඟල ඉහළට ඇදගනිද්දී දැනෙන හැඟීමට ඔහු ප්‍රිය ක‍ලේ ය. මේ වෙහෙසීම නිසා මාංශ පේශීන්වල ඇති වන ඒ ගැඹුරු මිහිරි වේදනාවට ඔහු ප්‍රිය කලේ ය. එතරම් ඉහළ උසකදී හමන සුළඟේ ඇති සීතල රසයට ඔහු ප්‍රිය කලේ ය. මේ සියල්ලටම අමතරව ඔහු කුරුල්ලන්ට - බිඳුනු කුළු‍ණේ සිටින කපුටන්, ගල් අතර පැලුම් තුළ කූඩු සදාගෙන සිටින පුංචි ගේ කුරුල්ලන්, පරණ ආයුධ ගබඩාවට උඩින් ඇති අට්ටාලයේ නිදා වැටෙන නාකි බස්සා - ප්‍රිය කලේ ය. මේ සියළුදෙනාම ඔහු ගේ මිතුරන් වූහ.

මේ හැමටත් වඩා අන් කිසිවෙකුටත් යා නොහැකි තැන්වලට යාමටත්, අන් කිසිවෙකුටත් කිසි දිනෙක දැක ගත නොහැකි අන්දමින් වින්ටර්ෆෙල් දැක ගැනීමටත් බ්‍රැන් ප්‍රිය කලේ ය. ඔහු ගේ ප්‍රියතම ස්ථානය වූයේ බිඳුනු කුළුණ ය. කලෙකදී එය වින්ටර්ෆෙල්හි උසම කුළුණ වූ අතර මුර අට්ටාලයක් ලෙසින් භාවිතයට ගැනින. නමුත් ඔහු ගේ පියා උපදින්නටත් වසර සිය ගණනකට පෙරාතුව සිදු වූ අකුණු ගැසීමකින් ඇති වූ ගින්නක් නිසා එහි තුනෙන් පංගුවක් පමණම බිඳ වැටී තිබින. එය නැවත කිසිදා අලුත්වැඩියා නොකෙරුනු අතර බ්‍රැන් හා කපුටන් හැර වෙන කිසිවෙක් එහි මුදුනට නොනගිති.

එහි යා හැකි හොඳම විදිය වූයේ දෙව්වනයෙන් ආරම්භ කර, මුරකරු වෘක්ෂයෙන් ඉහළට නැග, ආයුධ ගබඩාවේ හා මුර සෙබළුන්ගේ ශාලාව උඩින් වහලවල් මතින් පැන පැන යාම විය. මෙය ඔබව මාලිගයේ පැරණිතම කොටස වන පළමු බලකොටුව   (එහි දැන් ජීවත්වන්නේ මීයන් හා මකුළුවන් පමණි) වෙත ගෙන එන අතර එහි පිටතට විහිදී ඇති දිය පිටකරන නළ වල එල්ලී වඳුරෙකු මෙන් පැද්දී යාමෙන් ඔබට බලකොටුවේ උතුරු දෙසට ළඟා විය හැක. එතැන සිට අත දිගු කල විට ඔබට බිඳුනු කුළුණ අල්ලා ගත හැකි අතර එයින් පසු ඇත්තේ අඩි දහයක පමණ සුළු නැග්මකි.

මෙසේ සිය හුරුපුරුදු දෑතින් නළයෙන් නළයට පැද්දෙමින් යද්දී බ්‍රැන්ට කටහඬක් ඇසුනි. ඔහු කෙතරම් තැතිගැනුනාදැයි කිවහොත් තව ටිකකින් ග්‍රහණය ගිලිහී යාමටත් තිබින. සිය ජීවිත කාලය පුරාම පළමු බලකොටුව හිස් ව තිබුනකි.

"මම ඒකට කැමැති නෑ." ගැහැණියක ගේ හඬ ඇසුනි. ඔහුට පහළින් කවුළු පේළියක් තිබුනු අතර හඬ ඇසුනේ එහි අන්තිම කවුළුවෙනි. "ඔයයි හරි නම් රොබර්ට්ගෙ අත වෙන්ට ඕන."

"දෙයියන්ගෙ නාමෙට, ඒක මට උවමනා ගෞරවයක් නෙවෙයි." පිරිමියෙකු ගේ හඬ පිළිතුරු දුනි. "ඒක මහ අමාරු වැඩ ගොඩක් තියෙන රාජකාරියක්."

බ්‍රැන් අත්දෙකෙන් එල්ලී නිසලව සිටියේ ඉදිරියට යාමට බියෙනි. කවුළුව පසු කර යාමට තැත්කලහොත් ඔවුන් ඔහු ගේ දෙපා දකිනු ඇත.

"ඔයාට පේන්නෙ නැද්ද මේකෙන් අපි කොච්චර ලොකු අනතුරකද වැටෙන්නෙ කියලා." ගැහැණිය කීවා ය. "රොබර්ට් මේ මිනිහට සහෝදරයෙකුට වගේ ආදරෙයි."

"රොබර්ට්ට එයාගෙ සහෝදරයො කොහොමත් දිරවන්නෙ නෑ. මං ඒකට මිනිහට වැරැද්දක් කියන්නෙත් නෑ. ස්ටැනිස්ව දැක්කහම ඇති කෙනෙකුට බඩේ අමාරුව හැදෙන්ට."

"මෝඩයෙක් වගේ කතා කරන්ට එපා. ස්ටැනිසුයි රෙන්ලියි කියන්නෙ එක දෙයක්, එඩාර්ඩ් ස්ටාර්ක් කියන්නෙ තව දෙයක්. ස්ටාර්ක් කියන දේ රොබර්ට් අහනවා. උං දෙන්නම යකාට යන්ට ඕන. මට තිබුනෙ ඔයාට මේ තනතුර දෙන්ටයි කියලා බලකරලා කියන්ට. මම හිතුවෙ ස්ටාර්ක් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි කියලා."

"අපි හිතාගන්ට ඕන අපි වාසනාවන්තයි කියලා." පිරිමියා කීය. "රජ්ජුරුවන්ට තිබ්බා මේ තනතුරට එයාගෙ සහෝදරයෙක්ව නම් කරන්ට, එහෙම නැත්තං සුළැඟිල්ලාව. එහෙම වුනානං අපට දෙයියන්ගෙම පිහිටයි. ඉහළ නගින්ට බලාපොරොත්තුවෙන් ඉන්න සතුරෙකුට වඩා ගෞරවනීය සතුරෙකුට මම කැමැතියි. මට එතකොට රෑට ලේසියෙන් නිදාගන්ට පුළුවන්."

ඔවුන් කතා කරමින් ඉන්නේ තාත්තා ගැනය. බ්‍රැන්ට තව දුරටත් මේ කතාවට කණ් දීමට උවමනා විය. තව අඩි කීපයක්... නැත එසේ කලහොත් ඔවුන් ඔහුව දකිනු ඇත.

"අපට එයා දිහා බොහොම පරෙස්සමෙන් ඇහැ ගහගෙන ඉන්ට වෙයි." ගැහැණිය කීවා ය.

"මම ඊට වඩා කැමැතියි ඔයා දිහා ඇහැ ගහගෙන ඉන්න." පිරිමියා ගේ ස්වර‍යෙහි වූයේ උදාසීන බවකි. "මෙන්න මෙහාට එන්ට."

"බෙල්ලෙන් පහළ දකුණුකරයෙ සිද්ධවෙච්ච කිසිම දෙයක් ගැන එඩාර්ඩ් උතුමානන් කවදාවත් කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ." ගැහැණිය කීවා ය. "කවදාවත්ම නෑ. මම ඔයාට කියන්නම්, එයා ‍මේ අපට විරුද්ධව නැගිටින්ට තමා යන්නෙ. එහෙම නැත්තම්, එයා මෙහෙම එයාගෙ බල වසම අත ඇරලා දාලා යන්ට හේතුව මොකක්ද?"

"හේතු සිය ගානක් තියෙන්ට පුළුවන්. රාජකාරිය. ගෞරවය. එයාගෙ නම ඉතිහාස පොතේ ලොකුවට ලියාගන්ට ඕන වෙලා. එයාගෙ බිරිඳගෙන් ටිකක් ඈත්වෙන්ට ඕන වෙලා. මේ හේතු දෙකම වෙන්ටත් පුළුවන්. එහෙමත් නැත්තම් එයාට ටිකක් උණුහුම් වෙන්ට ඕන වෙලා වෙන්ටත් පුළුවන්."

"එයාගෙ බිරිඳ කියන්නෙ ඒරින් ආර්යාවගෙ සහෝදරී. පුදුමයි ලයිසා අපි එද්දි මෙහෙ හිටිය නැති එක, එයාගෙ අර චෝදනා පත්තරෙත් එක්ක."

බ්‍රැන් පහත බැලුවේ ය. කවුළුවට ඉහළින් අඟල් කිහිපයක් පළල ගැට්ටක් විය. ඔහු ඒ මතට පහත් වීමට උත්සාහ කලද එය දුර වැඩි විය.

"ඔයා ගොඩාක් දුර හිතනවා වැඩියි. ලයිසා ඒරින් කියන්නෙ බයවෙච්ච එළදෙනක් විතරයි."

"ඒ බයවෙච්ච එළදෙන ජොන් ඒරින් එක්ක එක ඇඳේ නිදාගත්තා."

"එයා මොනව හරි දන්නවනං කින්ග්ස් ලෑන්ඩින්ග් වලින් පැනලා යන්ට කලින් එයාට රොබර්ට්ව මුනගැහෙන්ට තිබුනා."

"රොබර්ට් එයාගෙ පුතාව කාර්ස්ටලී රොක්වල හදාගන්ට යවන්ට පොරොන්දු වෙලා ඉන්දැද්දී? මං හිතන්නෙ නෑ. එයා දැනගෙන හිටියා ළමයගෙ ජීවිතේ ප්‍රාණ ඇපයට අරන් එයාට කටවහන් ඉන්ට කියයි කියලා. දැන් බොහොම පරෙස්සමට ඉයරි වලට වෙලා ඉන්න නිසා එයා බය සැක නැතිවෙයි."

"දෙයියම්පා මේ අම්මලාගෙ හැටි! මම හිතන්නෙ ළමයි බිහි කලාට පස්සෙ ඔයාලාට මොකක් හරි වෙනවා. ඔයාලා හැමෝටම පිස්සු." ඔහු සිනාසුනේ ය. "ඒරින් ආර්යාව එයාට ඇති පදම් බය සැක නැති වෙච්චාවෙ. එයා මොනවා දැනගෙන හිටියත්, එයා මොනවා දන්නවද කියලා එයා හිතාගෙන හිටියත් එයාට ඒකට සාක්කි නෑ. එහෙම නේද?"

"ඔයා හිතනවද රජතුමාට සාක්කි ඕන වෙයි කියලා?" ගැහැණිය කීවා ය. "මම ඔයාට කියන්නෙ, එයා තව දුරටත් මට ආදරේ නෑ."

"ඉතිං ඒක කාගෙ වැරැද්ද ද සහෝදරී?"

බ්‍රැන් සැලකිල්ලෙන් ගැට්ට දෙස බැලී ය. ඔහුට ඒ මතට පැන්න හැකිය. නමුත් ශබ්දයක් ඇසුනහොත් අර දෙදෙනා කවුළුව අසලට පැමිණෙනු ඇත. තමා මේ ඇහුම්කන් දෙන්නේ කුමකටදැයි ඔහුට හරියටම නොතේරුනත් එය සිය දෙසවනේ පතිත විය යුත්තක් නොවන බව ඔහු දැන සිටියේ ය.

"ඔයත් රොබර්ට් තරම්ම අන්ධයි." ගැහැණිය කීවා ය.

"ඔයා ඒ‍කෙන් අදහස් කරන්නෙ මමත් ඒ දේම දකිනවා කියලද? ඔවු. මට පේන්නෙ තමන්ගෙ රජතුමාගෙ විශ්වාසය කඩකරන්ට කලින් මැරෙන්ට වුනත් සූදානම් මිනිහෙක්."

"එයා දැනටමත් එක්කෙනෙක් පාවා දීලයි තියෙන්නෙ. ඔයාට අමතක වුනාද? මම කියන්නෙ නෑ එයා රොබර්ට්ට පක්ෂපාතී නෑ කියලා. මොකද වෙන්නෙ රොබර්ට් මැරිලා ජොෆ් සිංහාසනේට නැග්ගහම? ඒ වැඩේ ඉක්මන් වෙන තරමට අපි හැමෝටම ආරක්ෂාවයි. රජතුමා දවස ගානෙ තව තවත් කලබල වෙනවා. ස්ටාර්ක් එයාගෙ පැත්තකින් ඉන්නවා කියන්නෙ ඒක තවත් නරක අතට හැරෙනවා කියන එකයි. රොබර්ට් තාමත් එයාගෙ සහෝදරීට ආදරෙයි. එයා මාව පැත්තකට දාලා අලුත් ලියානා කෙනෙක් හොයාගන්ට තව කොච්චර කල් යයි කියලද ඔයා හිතන්නෙ?"

හදිසියේම බ්‍රැන්ට දැඩි බියක් දැනෙන්නට විය. වෙන කිසිම දෙයකටවත් වඩා ඔහුට උවමනා වූයේ පැමිණි දිසා‍වටම ආපසු ගොස් සිය සොයුරන් සොයාගැනීමට ය. නමුත් ඔහු ඔවුන්ට කියන්නේ කුමක්ද? ඔහු මීට වඩා කිට්ටු විය යුතුය. මේ කතා කරන්නේ කවරෙක්දැයි දැක බලා ගත යුතු ය.

පිරිමියා සුසුමක් හෙලී ය. "ඔයා අනාගතේ ගැන අඩුවෙන් හිතලා මේ මොහොතේ සතුට ගැන වැඩියෙන් හිතන්ට ඕන."

"ඕක නවත්තන්ට." අතුල් පහරක හඬත් පිරිමියා සිනාසෙන හඬත් බ්‍රැන්ට ඇසුනි.

ඉහළට ඇදුනු බ්‍රැන් දිය බටයට ගොඩවී එයින් වහළයට නැග්ගේ ය. මෙය තමා පහසුම ක්‍රමය. ඔහු කවුළුවට වහාම ඉහළින් තිබුනු ඊළඟ දිය බටය වෙතට ගියේ ය.

"මේ කතා හරිම හිරිහැරදායකයි සහෝදරී. මෙන්න මෙහාට ඇවිල්ලා කට වහගෙන ඉන්ට."

දිය බටය මත දෙපා දෙපසට දමා වාඩිවුනු බ්‍රැන් ඒ වටා දෙපා තදකර ගත්තේ ය. ඉන්පසු හෙමින් සැරේ හිස පහතට සිටින සේ පහතට නැමුනේ ය. උඩු යටිකුරු වූ ලෝකය අමුතුම ආකාරයකින් පෙනෙන්නට විය. ඔහුට බොහෝ පහළින් දියවුනු හිම නිසා තෙතබරිත වූ ගලින් සැදුනු අංගනයක් විය. සිය දෙපාවලින් බටයේ එල්ලුනු බ්‍රැන් ගෙල දික්කර, හෙමින් හිස හරවා, කවුළුව තුළින් බැලුවේ ය.

කාමරය තුළ පිරිමියෙක් හා ගැහැණියක් නිරුවතින් පොර බදමින් සිටියහ. ඔවුන් කවුරුදැයි බ්‍රැන්ට හඳුනාගත නොහැකි විය. පිරිමියා ඔහුට පිටුපා සිටි අතර ඔහු ගේ සිරුර මගින් බිත්තියට හේත්තු වී සිටි ගැහැණිය ආවරණය වී තිබින.

බ්‍රැන් විසල් දෑසින් හා අයාගත් මුවින් යුතුව බලා සිටියේ ය. ඔවුන් දෙදෙනා සිප ගනිමින් සිටි අතර පිරිමියා ගේ අත ඇ‍ගේ දෙපා අතරේ රැඳී තිබින. ඔහු ඇයට රිදවූවාක් මෙන් ඇය කෙඳිරි ගාන්නට පටන් ගත්තා ය. "ඕක නවත්තන්ට." ඈ කීවාය.  "නවත්තන්ට... නවත්තන්ට කරුණාකරලා." ඇගේ හඬ පහත් හා දුර්වල විය. එහෙත් ඇය ඔහු ඉවතට තල්ලු නොකළා ය. ඔහු ගේ රන්වන් කෙහෙරැළි අත‍රේ සිය අතැඟිලි රැඳවූ ඇය සිය ළයමඬල දෙසට ඔහු ගේ හිස සෙමින් ඇදගත්තා ය.

ඒ අවසරයෙන් බ්‍රැන් ඇගේ මුහුණ දැක්කේ ය. ඇගේ දෑස් වැසී තිබුනද, කෙඳිරිය නිසා ඇගේ මුව විවරව තිබුනද, රන් පැහැ කෙහෙරැළි එහා මෙහා විසිර තිබුනද බ්‍රැන්ට ඉතා පහසුවෙන්ම රැජිණව හඳුනාගත හැකි විය.

විමතිය නිසා ඔහු යම් ශබ්දයක් කලා වන්නට ඇත. රැජිණ හදිසියේම දෑස් විවර කල අතර ඒ දෑස් එක එල්ලේ යොමු වී තිබුනේ බ්‍රැන් දෙසට ය. ඊළඟ මොහොතේ ඇය කෑ ගැසුවා ය.

එක් මොහොතක් තුළ බොහෝ දේ සිදුවිය. රැජිණ වියරුවෙන් මෙන් පිරිමියාව පසෙකට තල්ලු කර ඔහු දෙසට ඇඟිලි දික්කරමින් කෑ ගසන්නට විය. බ්‍රැන් ඉහළට ඇදෙන්නට උත්සාහ කලේ දිය බටය අල්ලා ගැනීමට අත දිගු කරමිනි. හදිසිය නිසා ඔහුට හසුවූයේ සුමට ගල් බිත්තිය පමණක් වූ අතර සන්ත්‍රාසය නිසා දෙපා ලිස්සුවේ ය. ඊළඟ මොහොතේ ඔහු පහළට වැටිනි. විදුලි වේගයෙන් කවුළුව පසුකරද්දී අතක් දිගු කල ඔහු කවුළු පඩියේ එල්ලුනේ ය. ඔහුව තදින් පැද්දී ගොස් ගල් බිත්තියේ හැපුනු අතර ඝට්ටනය නිසා හුස්ම හිරවුනාක් බඳු විය. එක් අතකින් කවුළු පඩියේ එල්ලීගත් බ්‍රැන් හතිලන්නට විය. ඔහුට ඉහළින් කවුළුව තුළින් මුහුණු දෙකක් මතු විය. රැජිණ. ඒ මොහොතේ ඇයට පසෙකින් සිටි පිරිමියා කවුදැයි බ්‍රැන් හඳුනා ගත්තේ ය. ඔවුන් දෙදෙනා  දර්පණයකින් පෙනෙන ප්‍රතිබිම්බයක් මෙන් එකිනෙකාට සමාන විය.

"එයා අපිව දැක්කා." රැජිණ විනිවිද යන ස්වරයකින් කීවා ය.

"ඔවු." පිරිමියා කීවේ ය.

බ්‍රැන් ගේ අතැඟිලි ලිස්සන්නට විය. ඔහු අනිත් අතින් කවුළු පඩිය අල්ලා ගත්තේ ය. පිරිමියා පහතට නැඹුරු විය. "ඔයා වැටෙන්ට කලින් මගේ අතින් අල්ලගන්ට."

ඔහු ගේ අත අල්ලාගත් බ්‍රැන් හැකි උපරිම ශක්තියෙන් එහි එල්ලුනේ ය. පිරිමියා ඔහුව කවුළු පඩිය මතින් ඉහළට ඇද ගත්තේ ය. "ඔයා මොනවද ඔය කරන්නෙ?" රැජිණ ඇසුවා ය.

පිරිමියා ඇයව නොතකා හැරියේ ය. ඔහු බ්‍රැන්ව ඔසවා කවුළු පඩිය මත සිටවී ය. "උඹට වයස කීයද කොල්ලො?"

"හතයි." බ්‍රැන් කීවේ ලද සහනය නිසා වෙවුලමිනි. ඔහු ගේ අතැඟිලි පිරිමියා ගේ යටිබාහුවට දැඩිව කා වැදී තිබින. ඒ දුටු ඔහු බියසුලු ලෙස එය අත හැරියේ ය.

පිරිමියා හිස හරවා රැජිණ දෙස බැලී ය. "ආදරේ හන්දා මම කරන දේවල්." ඔහු පිළිකුලින් යුතුව කීය. ඊළඟ මොහොතේ ඔහු බ්‍රැන්ව පිටතට තල්ලු ක‍ලේ ය.

මරහඬක් නගමින් බ්‍රැන් කවුළුවෙන් පිටත සීතල සුළඟ වෙත විසි වී ගියේ ය. අල්ලා ගැනීමට කිසිවක්ම නොතිබුනු අතර ඔහුව පිළිගැනීමට අංගනය වේගයෙන් ඉදිරියට පැමිණියේ ය.

ඈත කො‍හේදෝ තැනක වෘකයෙක් උඩුබුරලන්නට විය. කපුටෝ ඉරිඟු ඇට බලාපොරොත්තුවෙන් බිඳුනු කුළුණ වටා පියා සලන්නට වූහ.


Bran Stark: “I'm not made of clay. And anyhow, I never fall.”

57 comments:

  1. අපොයි වෙච්චි දෙයක් :(

    ReplyDelete
  2. රැජිනයි අදාල පුග්ගලයයි බ්‍රැන් විසින් දකිනා විට සිටිය ආකාරය වීඩියෝවක් මගින් පැහැදිලි කර ගැනීමට මං හිතන්නේ අපේ ඉවාන්ලා එහෙම කැමති ඇති.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න,ඉස්සර දානෙ බෙදද්දී අර තැනට බෙදන්න කියල හාමුදුරුවරු කියනවලු.

      Delete
    2. දැන් ඔය නමටත් ඕනෙයි..? :D

      Delete
    3. පොඩි නමට දානෙ බෙදන්ට අහනකොට ලොකු හාමුදුරුවො කිවුවලු "බෙදන්ට උපාසක මහත්තයො, බෙදන්ට" කියලා. :-P

      Delete
    4. හැබැයි කොටු බෑ…
      ඕනැ නිකං බක් මහට අකුණු ගහන්න වගෙ අමුවටම. ඕ යේස්. !!

      Delete
    5. ඒක තමා මෙයා එහෙනම් කතාව දාන්නත් කලින් මෙගාබයිට් පුච්චන් කතාව බලන්නේ ඔක්කොටම කලින්..

      Delete
    6. ආයේ මල්ලියේ ඔය කුතුහලේ කියලා එකක් තියෙනවා නේද. මට පෙන්නන්ට බැහැ ඕක... :D

      වතාවෙන් වතාවේ මේ වගේ කතාවේ උද්වේගකර අවස්ථා ඒ ඒ කෑල්ලට අදාලව ඉදිරියේදිත් ගෙන එනවට විරුද්ධත්වයක් එහෙම තියේනං ලියන උන්දලයි බලන උන්දලයි කියහල්ලා ඈ.. නැත්තං අර කලින් එකේ වගේ මල කෙලි සිද්ධ වෙයි මෙව්වා දාන්ට ගිහිල්ලා.. :D

      Delete
    7. ඇත්තටම එතන මොනවායින් මොනව වෙන්න ඇද්ද ?? මං මේ කියන්නෙ කොලුව දැකපු අර පොරබදන දර්ශනේ ???

      Delete
  3. ජේමි ලැනිස්ස්ටර් තමයි මම කැමතිම චරිතේ :D

    ප්‍රධාන චරිත අතරින් ගේම් ඔෆ් ත්‍රොන්ස් ප්ලේ නොකරන්නේ ජේමි විතරයි. එයාට ඕනේ හොඳ සොල්දාදුවෙක් වෙන්න විතරයි. තමන්ට ලැබෙන අණ සදාචාර විරෝධී නම් පොර ඒවටත් විරුද්ධ වෙනවා.

    ඔය මේ Incest ලෝකේත් රාජකීය පවුල් අතර බහුලව තිබුන දෙයක් . ක්ලියෝ පැට්‍රා, කලිගියුලා වගේ චරිත.

    ReplyDelete
    Replies
    1. මමත් ජේමිට කැමතියි..

      Delete
    2. @ Charmie,

      // එයාට ඕනේ හොඳ සොල්දාදුවෙක් වෙන්න විතරයි. තමන්ට ලැබෙන අණ සදාචාර විරෝධී නම් පොර ඒවටත් විරුද්ධ වෙනවා. //

      පරස්පර විරෝධියි නේද? ජේමි හොඳ සොල්දාදුවෙකුත් නෙවෙයි. හොඳ සොල්දාදුවෙක් නම් සදාචාර විරෝධී වේවා නොවේවා තමන්ට ලැබෙන අණ පිළිපදින්ට ඕන. මම නම් හිතන්නෙ එයා එතනිනුත් අසාර්ථක වෙලා කියලයි.

      Delete
    3. I like jamie too, even more when the story progress..

      Delete
    4. @Ser Bura

      ඉස්පොයිල් කරන්නේ නැතුව කියනවනම් ජේමී ට ලැබුණු අණ ගොඩක් පිස්සු විකාර.

      Delete
    5. ජේමි කලු-සුදු චරිතයක්, ජොෆ්රි , සෙර්සි වගේ කලු චරිතයක් නෙමෙයි. ඒත් කොටා තමයි බුවා

      Delete
    6. කොටා තමා බුවා.
      අයි ඇග්රී

      Delete
    7. @PoM,

      මගෙ ‍ජේමිට කිසිම අකැමැත්තක් නෑ. එයා ඇවිල්ලා නරක දේවල් කරන්ට සිද්දවුනු හොඳ මනුස්සයෙක්.

      Delete
  4. රැජිණ සහ අනෙක් පුද්ගලයගේ ප්‍රේමාලිංගනය ලස්සනට විස්තර වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එත් ටිකක් විතර මදි වගේ නැතිද හැලපයියේ ....:D

      Delete
    2. හොඳටම මදි කොලුවෝ මටනං හොඳටම මදි.

      Delete
    3. තව විස්තර ඉතින් අපට අතින් තමා දාන්ට වෙන්නෙ. :-P

      Delete
    4. චැහ් .. පේලි කීයද ! හරිනං පෝස්ට් දෙකක්වත් ඇදෙන්න ඕනැ ෂීන් එක.

      Delete
    5. මේවා නම් මදි හැබයි ...
      චිත්ත රූප මැවෙන්න වත් මදිනේ බොලල්ලා

      Delete
    6. අපිට නම් අතින් දාන්ට බෑ. කියවන අය අතින්, පයින් දාගෙන බලන්ටලා.:)

      චිත්ත රූප මැවෙන්නවත් මදි? හපොයි මෙයාලා මොනවා මවාගන්නවද මන්දා...:P

      Delete
    7. චිත්ත රූප කියන්නෙ කිලෝ බයිට් පොඩි ගානක ඩේටා . . . අපිට ඕනෙ මෙගා බයිට් වලින්

      Delete
  5. ancient owl :D I never thought it was DGMB

    ReplyDelete
    Replies
    1. බස්සා මට කොටයිද? :-)

      Delete
    2. යකඩෝ මං මේක දැක්කෙ දැන් නෙව ? :D

      Delete
    3. මේ බස්සත් කොහේ රිංගනවද මන්දා..
      නිදහසේ වැඩක් කරගන්නවත් දෙන්නේ නෑනේ මනුස්සයෙකුට :P

      Delete
    4. බස්සට ගිය කලලු...ඒ වුනාට වැඩේ වැරදී නේ බස්සෝ...සෙර් බූරා ඕක දානකල් මම නම් දැක්කෙම නෑ ඕං...:D

      Delete
    5. ඔහෙලට කියන්න, හරි හමන් මඩපාරක් කන්නෙ නැති එක, දැන් වේල් තුන හතරකින් බත් කෑවෙ නැති ගාණයි. ඒකට දස්ස හාදයෙක් නං ඉස්සර මෙහේ හිටියා.

      කතාව බලනව ඇති, ඒත් එන පාටක් නෑ වගේ? ඔන්න ඔහේ වරෙන් මචං, ආවොත් මං අල්ලපු ගහේ උගුඩුවව ෆුල් මොන්ටි යවඤ්ඤං :)

      Delete
    6. තරුවැල් ඉතින් තනිවී සිටින්
      සිටියා බලා සඳ එයි කියා

      Delete
  6. එහෙනම් රට්ටු කියපු කතා වල ඇත්තක් නැත්තෙමත් නෑ... :)

    ReplyDelete
    Replies
    1. උඹ ඔය රට්ටු කියන ඒවට වැඩිය ඇහුම්කණ් නොදී හිටහං කොලුවො. ;-)

      Delete
  7. ඔන්න ඔය වගේ හේතූ නිසා තමයි ඔය උඩ වැඩ වලට මම කැමති නැත්තේ.

    රජතුමාගේ පවුල,ආ සොරි බිසව හරියට නිකං අපේ අනුලා බිසව වගේනේ...D?

    ReplyDelete
    Replies
    1. චැහ්! අනුලා අක්කි වගේද ‍සෙර්සි අක්කි. අනුලා අල්ලෙ නැටෙවුවෙ එක රාජ්‍යය යි. සෙර්සි අක්කි රාජ්‍ය හතක් අල්ලෙ නටෝනවා.

      Delete
  8. හුටා බ්‍රැන් ට මක් වෙයිද...
    යකෝ ඊළග ටික දාපන් පපුවෙ අමාරුව හදවන්නෙ නැතිව...
    හය්යෝ

    ReplyDelete
    Replies
    1. එකෙක් බලකොටුවකින් පහළට වැටිලා ඉන්නවා, මෙයා මේ පපුව අමාරුවක් ගැන කතා කරනවා. :-)

      (සති අන්තෙ පොඩ්ඩක් අල්ලන් ඉන්ටලා, පපුව අමාරු හදාගන්නෙ නැතුව)

      Delete
  9. හෆ්ෆේ ඒ පාර බ්‍රෑන් කොලුවට මොනවා වෙන්න යනවද?? මේකා දැක්කෙත් ලේසි පහසු දෙයක් නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නං! පොඩි කමට ඉඳගෙන කරන වැඩ නේ.

      Delete
  10. හා, හා ඊළඟ, ඊළඟ ( අනුග්‍රහය @ මාරයා)

    ReplyDelete
  11. අහෝ දුකකි ! බ්‍රැන් සුරතලාට මොනා වේවිද :(


    අපි ඔය වැඩිහිටියන්ගේ ප්‍රේමාලිංගන ගැන කමෙන්ට් කරන්නෙ නැහැ හොඳේ :)

    ReplyDelete
    Replies

    1. අනේ චූටි එකක් දාමු සෝන්යේ...:D

      Delete
    2. @ සොන්යා,

      ඔයා එකපාරටම ඔච්චර චූටි එකෙක් වුනේ කොහොමද කියලා අපට පොඩ්ඩක් විස්තර කරනවද? :-P

      Delete
    3. සමහරු කෑලි අතහරිනවද දන්නෙත් නැහැ නේද පොඩ්ඩි ඔය කතාව පරිවර්තනය කරන වෙලාවට :)

      කමෙන්ට් නොකලට අනවශ්‍ය ඒවට, ඔක්කොම කතාව කියෙව්ව ඈ....

      Delete
  12. මං සිගාල වංසෙ, අයිසෙ, ආවෙ වනන්තරේ ඉඳලා
    කැන්ඩි ලමිස්සිගෙ, "ට" යන්න ගැන අහල මට ආස හිතිල
    දැන් ඉන්නෙ , මේ පැත්තෙ බ්ලොග් එකක පදිංචි වෙල
    මුලු ලෝකෙම ලස්සන රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා

    දිලිසෙන කුමාරයගෙන් , " ගල් බමුණා" දෙකක් නමලා
    ගියා වින්ට-ෆෙල් පැත්තෙ වෘකයො හමුවෙන්ට කියල
    මයි-ගෝට් , ටවර් එකේ "මයිල් හයි"කෙලිත් දැකලා
    වහන් හිටිය කටත් ඇරුනා, කොලුවට වූ හදිය අහල

    " අනිත් එවුන්" සද්ද නැතුව, කඩු වන වන එනව කියලා
    කපුටෙක් කිව්වා මට "වින්ටර් ඉස් කමින්" කියලා
    මයි ගෝට්, මෙහෙ කපුටොත් වනන්නෙ කඩ්ඩ කියල
    මතක් වෙන්නෙ " ගෝඩගෙ අත" හිටියා නං හොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. මයිල් හයි කෙලි දිහා වැඩිය බලාන්ට යන්ට එපා.. දැක්කනෙ එකෙකුට වෙච්චි දේ. උඹවත් ප්ලේන් එකෙන් බිමට තල්ලු කරයි.. ;-)

      Delete
    2. මයිල් හයි කෙලි . . . . . හ්ම් . . . ඉම්ප්‍රෙසිවු !

      Delete
    3. මේ මොටා කියන දේවල් මට තේරෙන්නේ නෑ

      හැබැයි මයිල් හයි නම් ඉතින් ඉම්ප්රෙසිව් තමා ...

      Delete
    4. මට හිතෙන්නෙ , නරියා කියන්නෙ අපේ ප්‍රාජේ ගැන කියලයි.

      එළුවව වාහනේකට හැප්පුනාම , එළිච්චි "ඕ... මයි ගෝට්" කිව්වා කියල විචාරක තුමා කියල තිබ්බා.

      Delete
  13. බ්‍රැන් මේ පෙන්වන්නේ පිරිමිකමද අධිපතිවාදී ලක්ෂණද?

    ReplyDelete
    Replies
    1. අධිපතිවාදී සමාජයක බලපුළුවන්කරුවන් විසින් සිය සිතැඟි පරිදි අවශේෂ මිනිසුන් 'පාවිච්චි කිරීම' ‍නේද? එහෙම බැලුවොත් එදයි අදයි කියලත් වැඩි වෙනසක් නෑ නේද? බලපුළුවන්කාර‍යො හිතුමතේ තමන්ට ඕන ඕන ‍දේ කරන අතර අසරණයන්ව පාගා පොඩි කරනවා.

      Delete
  14. මේකෙ අකුරු කොපි කොරන්න බෑනෙ බං යමක් කියන්න. අර "කරුණාකරල, කරුණාකරල" කියපු තැනට ප්ලීස්, ප්ලීස් කියල කෙලිම්ම දැම්මනං පොඩි ගැම්මක් තීනව.

    බලනකොට හං අදින එකෙත් ආතල් එකක් නැත්තෙ නෑ. ආයි මේම එකක් අවොත් මට කියන්"ට" මම බලන්"ට" ඈ.

    ReplyDelete