Monday 11 August 2014

ඩ‍නේරිස් - 02-1


භීතියෙන් හා ම්ලේච්ඡ උත්කර්ෂයෙන් පිරි මංගලෝත්සවයක් මධ්‍ය‍යේ ඩනේරිස් ටාර්ගේරියන් ඛාල් ඩ්‍රෝගෝ සමගින් විවාහ වූවා ය. උත්සවය සඳහා පෙන්ටොස්හි ප්‍රාකාරයට පිටතින් වූ හිස් භූමි භාගයක් තෝරා ගැනුනේ මිනිසකු ගේ ජීවිත‍යේ සෑම වැදගත් අවස්ථාවක්ම විවෘත ආකාශය යට සිදුවිය යුතු යැයි යන ඩොත්රැකි විශ්වාසය අනුව යමිනි.

තමා හා එක්වන්නැයි ඩ්‍රෝගෝ ගෙන් ලද ආරාධනයට අනුව ඔහු ‍ගේ ඛලසාරය විවාහ මංගලෝත්සවය සඳහා පැමිණ සිටියහ. හතලිස් දහසක් වූ ඩොත්රැකි රණකාමීන් හා ගිනිය නොහැකි තරම් වූ ගැහැණුන්, දරුවන් හා වහලුන්! සිය සතුන් රංචුද සමගින් නගර ප්‍රාකාරයට පිටතින් කඳවුරු බැඳගත් ඔවුහු වියූ තණවලින් සෑදු නිවාස වලට වී අතට හසුවන සෑම දෙයක්ම කමින් බොමින් සතුටු වන්නට වූහ. ගෙවෙන සෑම දිනක් පාසාම පෙන්ටොස්හි යහපත් පුරවැසියන් සියල්ලන්ම දිවි ගෙවන්නට වූයේ තැවිලි සහගත සිතිනි.

"මගේ සහායක මැජිස්ටර්වරුන් නගරයේ ආරක්ෂාව දෙගුන කරලයි තියෙන්නෙ." ඉල්ලීරියෝ දිනෙක පැවසූයේ ඩ්‍රෝගෝට අයත්ව තිබූ මන්දිරයේ රාත්‍රි භෝජනයකට සහභාගි වෙමිනි. ඛාල් සිය ඛලසාරය සමග එක්වී තිබුනු අතර ඔහු ගේ වතුයාය මංගල උත්සවය පැවැත්වෙන දා වන තෙක් ඩනේරිස් හා ඇය ගේ ‍සොහොයුරා ගේ පෞද්ගලික පරිභෝජනය වෙනුවෙන් වෙන් කර දී තිබින.

"නගර වැසියො තමන්ගෙ නගරෙ වස්තුවෙන් බාගයක් කුලී හේවායින්ටයි චන්ඩින්ටයි දීලා දාන්ට ඉස්සෙල්ලා ඩනේරිස් කුමාරිව බන්දලා දෙන එක හොඳයි කියලයි මම නම් හිතන්නෙ." සෙර් ජෝරා මෝර්මන්ට් විහිළු ස්වරයෙන් කීවේ ය. ඩැනීව ඛාල් ඩ්‍රෝගෝට විකිණුනු දා රැයේ මේ පිටුවහල් වුනු නයිට්වරයා සිය අසිපත ඇ‍‍ගේ සොහොයුරා ‍ගේ සේවය වෙනුවෙන් පුදකර තිබින. විසේරිස් එය මහත් කැමැත්තෙන් බාර ගත්තේ ය. එදා පටන් මෝර්මන්ට් නිතරම ඔවුන් ගේ සමාගම‍යේ ගැවසෙන්නෙකු විය.

මැජිස්ටර් ඉල්ලීරියෝ මඳ සිනහවක් පෑ නමුදු විසේරිස් එපමණවත් සිනාසුනේ නැත. "ඌ කැමැතිනම් ඌට හෙට වුනත් එයාව ගන්ට පුළුවන්, ඌ නියමිත මිල ගෙවන්ට සූදානම් නං." විසේරිස් ඈ දෙස බැල්මක් හෙලූ අතර ඩැනී දෙ‍නෙත බිමට නැඹුරු කරගත්තා ය.

ඉල්ලීරියෝ කුසීත අයුරින් අතක් වැනුවේ ය. "මම ඔබට කිවුවනේ. හැම දෙයක්ම පිළියෙල වෙලයි තියෙන්නෙ. මාව විශ්වාස කරන්ට. ඛාල් ඔබට සිංහාසනයක් පොරොන්දු වෙලයි තියෙන්නෙ. ඒක ඔබට ලැබෙයි."

"ඒක හරි. ඒත් කවදද?"

"ඛාල් තීරණය කරපු දවසට." ඉල්ලීරියෝ කීය. "මුලින්ම මිනිහට දැරිවිව දීලා ඉමුකෝ. ඒ දෙන්නා බැන්දට පස්සෙ ඛාල් එයාගෙ පිරිවරත් එක්ක තැනිතලාව හරහා ගිහිල්ලා ඇයව ඉදිරිපත් කරන්ට ඕන වයෙස් ඩොත්රාක්වල ඉන්න ඩොෂ් ඛලීන්ට. ඊට පස්සෙ සමහරවිට. නිමිති කාරයො කිවුවොත් යුද්ධෙට යන්ටයි කියලා."

නොඉවසිල්ල නිසා විසේරිස් ගේ කෝපය නැග ආවේ ය. "මේ ඩොත්රැකි නිමිති කාරයන්ගෙන් මට පඩයක් වත් වැඩක් නෑ. රාජ්‍යය පැහැරගත්ත එකා මගේ තාත්තගෙ සිංහාසනයෙ වාඩි වෙලා ඉන්නවා. මම තව කොච්චර කල් ඉවසන්ටද?"

ඉල්ලීරියෝ දෙවුර ඇකිළුවේය. "ඔබ ජීවිත කාලයෙන් වැඩිහරියක් ඒ වෙනුවෙන් බලා හිටියා. ඉතින් තව මාස කීපයක්, නැත්තම් තව අවුරුදු කිපයක් ඉවසගෙන ඉන්න එක මහ වැඩක්ද?"

වයෙස් ඩොත්රාක් තරම් ඈතට සංචාරය කර අත්දැකීම් ඇතිව සිටි සෙර් ජෝරා එකඟතාව පලකරන අන්දමින් හිස වැනී ය. "මම උපදෙස් දෙනවා ඔබට පොඩ්ඩක් ඉවසලා ඉන්ටයි කියලා මගේ ස්වාමිනී. ඩොත්රැකි‍යො කියාපු වචනයක් ඇත්නම් ඒක ඒ විදියටම ඉටු කරනවා. ඒත් එයාලා ඒක කරන්නෙ එයාලට උවමනා වෙලාවටයි. සාමාන්‍ය මිනිහෙකුට ඛාල්ගෙන් අනුග්‍රහයක් ඕන කියලා යටහත්ව ඉල්ලා හිටින්ට පුළුවන්. ඒත් එයාට ඒ වෙනුවෙන් කරදර කරන්ට, බැන වදින්ට යන්ට හොඳ නෑ."

විසේරිස් කේන්තියෙන් පිම්බේ ය. "උඹේ කට පරිස්සම් කරගනින් මෝර්මන්ට්. නැත්තම් මම උඹේ දිව එළියට ඇදලා දානවා. මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මම තමා රාජධානි සප්තකයේ නියම උරුමක්කාරයා. මකරු කවදාවත් කාගෙන්වත් යටහත්ව ඉල්ලා හිටින්ට යන්නෙ නෑ."

සෙර් ජෝරා ගරුසරු ඇති අයුරින් සිය දෑස් බිමට හරවා ගති. ගුප්ත සිනහවක් පෑ ඉල්ලීරියෝ අත දිගුකර පළහන ලද තාරාවාගේ තටුවක් ගලවා ගත්තේ ය. 'තව දුරටත් මේ ලෝකෙ මකරු නෑ' සිය සොයුරා දෙස බලමින් ඩැනී සිතුවා ය. එනමුදු එය වදන්වලට පෙරලන්නට ඇයට උවමනා වූ‍යේ නැත.

එනමුදු එම රැයේ ඇය සිහිනෙන් මකරෙකු දුටුවා ය. විසේරිස් ඇයට තලමින් ඇයට රිදවමින් සිටියේ ය. ඇය සිටියේ නිරුවතින් හා බියෙන් ගැහෙමිනි. ඔහු වෙතින් ඉවතට දිව යෑමට ඇය යත්න දැරූවද සිය සිරුර ස්ථුල හා අශෝබන මෙන්ම තමන්ට අවනත ‍නොවන බැව් ඇයට හැඟිනි. ඔහු නැවතත් ඇයට තැලී ය. දෙපා පැටලුනු ඇය බිම ඇද වැටුනා ය. "උඹ මකරාව නැගිට්ටෙවුවා." ඇයට පා පහර එල්ල කරන අතරතුරේ ඔහු කෑ ගැසීය. "උඹ මකරාව නැගිට්ටෙවුවා. උඹ මකරාව නැගිට්ටෙවුවා." ඇගේ කලවා රුධිරයෙන් පෙඟී ගොස් තිබින. දෑස් වසා ගත් ඇය වේදනාවෙන් ඉකිබිඳින්නට වූවා ය. ඇගේ හැඬුමට පිළිතුරක් මෙන් මහ හඬින් යමක් ඉරෙන හඬත් බුර බුරා නැගෙන ගින්නක හඬත් ඇයට ඇසින. ඇය නැවත සිය දෑස් විවර කල විට විසේරිස් පෙනෙන්නට නොසිටියේ ය. දැවැන්න ගිනි වළල්ලක් ඇය වටා නැගෙන්නට වූ අතර ඒ ගින්දර මැද මකරා සිටියේ ය. ඌ සිය දැවැන්ත හිස සෙමින් හරවා ඈ දෙස බැලී ය. උ‍ගේ ගිනිගෙන දැවෙන දෑස ඇගේ දෑස් හා සම්මුඛ වූ මොහොතේ ඇය වෙවුලමින් දහදියෙන් ‍පෙඟී ගිය ගතින් යුතුව අවදි වූවා ය. ඇය වෙන කිසිදු දිනෙක එතරම් බියපත් නොවීය........

........ අන්ති‍මේදී ඇගේ විවාහ මංගල දිනය පැමිනි දා තෙක්, එතරම් බියපත් නොවීය.

හිරු උදාවේ ඇරඹුනු උත්සවය හිරු අවරට යන තෙක්ම නිමා නොවී ය. ඩොත්රැකියන් ගේ තෘණමය නිවාස අතරේ පස්වලින් දැවැන්ත වේදිකාවක් ඉදිවී තිබුනු අතර ඩැනී එහි ඛාල් ඩ්‍රෝගෝ සමගින් අසුන් ගෙන සිටියා ය. ඇය කිසි දිනෙකත් මෙතරම් මිනිසුන් සමූහයක් එක් රැස් වී සිටින ආකාරය දැක නොතිබින. එමෙන්ම කිසි දිනෙකත් මෙතරම් ආගන්තුක මෙතරම් බියජනක මිනිසුන් සමූහයක් ද දැක නොතිබින. ‍මේ ඩොත්රැකි අස් හිමියෝ නිදහස් නගරවල සැරි සරද්දී සාමාන්‍ය මිනිසුන් පරිද්දෙන් වර්ණවත් සළුපිළියෙන් සැරසී විලවුන් ගත දවටා සිටිය ද සිය ඛලසාරය සමගින් සිටින විට ඔවුන්ට හුරුපුරුදු පැරැණි රටාවටම ඇඳුම් පැළඳුම් කලහ. ගැහැණුන් හා පිරිමින් සැවොම ‍පොදුවේ වර්ණවත් සම්වලින් නිමවූ කබාවලින් උඩුකය වැසූ අතර අශ්ව ලොමින් කල කලිසම් හැඳ සිටියහ. රණකාමීන් සිය ගොතන ලද දිගු වරලස තෙල් ගල්වා අලංකාර කර තිබින. ඔවුහු මී පැණියේ හා ගම්මිරිස්වල බහා පලහන ලද අශ්ව මාංශ ගිල දමමින්, පැසවන ලද වෙළෙඹි කිරෙන් නිපදවූ මධ්‍යසාරය හා ඉල්ලීරියෝ විසින් ගෙන එන ලද වයින් බොමින්, ගිනිමැල වටා වාඩි වී උස් හඬින් නර්මාලාප දොඩමින් සිටියහ.

ඇයට පහතින් වූ අසුනක විසේරිස් වාඩි වී සිටි අතර ඔහු පසෙකින් ඉල්ලීරියෝ හා සෙර් ජෝරා අසුන් ගෙන සිටියහ. එය ඛාල් ගේ රුධිරාරක්ෂකයින්ට වහාම පහළින් තිබුනු ගෞරවනීය ආසනයක් වුවද සිය සොයුරා ‍ගේ එළ නිල් පැහැ දෑසේ වූ කේන්තිය ඩැනී පැහැදිලිවම දුටුවා ය. ඇයට පහළින් වාඩි වී සිටීම ඔහු නුරුස්සන්නක් බැව් ඇය දැන සිටියා ය. වහලුන් විසින් සෑම ආහාර පලඟානක්ම පළමුව ඛාල්ට හා ඔහු ගේ මනාලියටත්, ඉන්පසු තමන් වෙතටත් පිරිනමනු දකින විසේරිස් කේන්තියෙන් පිඹිනු ඈ දුටුවා ය. එනමුදු සිය අමනාපයට හා කේන්තියට පොහොර දමනු මිස වෙනෙකක් කරන්නට ඔහු‍ට ඉඩක් නොවී ය. ‍ගතවන සෑම පැයක් පාසාම, ඔහු ගේ ගරුත්වයට හානි වන සෑම දෙයක් පාසාම ඒ අමනාපය ‍කෙමෙන් දළු ලා වැඩෙනු ඈ දුටුවා ය.

මේ සුවිසල් ඩොත්රැකි රංචුවට මැදි වී අසුන් ගෙන සිටිද්දී දැනුනු තනිකම තරම් තනිකමක් ඩැනී කෙදිනකවත් අත් විඳ නොතිබින. සිනාවකින් මුව සරසා සිටින්නැයි ඇගේ සොයුරා ඇයට උපදෙස් දී තිබුනු අතර මුහුණ ඇදුම් කද්දී ‍වේදනාව නිසා සිය දෑසට කඳුළු පුරා එද්දී පවා ආයාසයෙන් මුවට නගා ගත් සිනාව නවතා ගැනීමට ඇය වෑයම් නොකලා ය. හැකි උපරිම අන්දමින් සිය දෑසට නැගුනු කඳුළු වසන්කර ගැනීමට ඩැනී යත්න දැරුවේ ඇය හඬනු දුටුවොත් විසේරිස් කොපමණ කේන්ති ගන්නේ දැයි දැන සිටි බැවිනි. එමෙන්ම ඛාල් ඩ්‍රෝගෝ ඊට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි නොදැන සිටි බැවිනි. ඇය වෙත නොයෙකුත් රසමසවුළු පිළිගැන්වුනු නමුදු ඇය අත වනා ඒ සියල්ල ප්‍රතික්ෂේප කලා ය. අද දිනයේ කිසිදු කෑමක් සිය උගුරෙන් පහළට යැවිය නොහැකි බැව් ඇය දැන සිටියා ය.

ඇයට කතා කිරීමටවත් කිසිවකු නොවී ය. ඛාල් ඩ්‍රෝගෝ මහ හඬින් විධාන නිකුත් කරමින්, සිය රුධිරාක්ෂකයින් සමග විහිළු තහළු කරමින්, ඔවුන් ගේ සරදම්වලට සිනහවෙමින් දවස ගතකලද තමා පසෙකින් සිටි ඩැනී දෙස එකදු බැල්මක්වත් නොහෙලී ය. කතා කිරීමට අවශ්‍ය වූවද ඔවුන් දෙදෙනාට කතා කල හැකි පොදු භාෂාවක් ද නොවී ය. ඩොත්රැකි යනු ඇයට කිසිසේත්ම තේරුම්ගත නොහැකි රළු බසක් විය. නිදහස් නගරවල ව්‍යවහාර වුනු වැලීරියන් මූලයක් සහිත ග්‍රාම්‍ය භාෂාවේ වචන කිහිපයක් පමණක් ඛාල් දැන සිටි අතර රාජධානි සප්තකයේ භාවිත වුනු පොදු භාෂාව කිසිසේත්ම නොදත්තේ ය. ඉල්ලීරියෝ සහ සිය සොයුරා සමග කතා කිරීමට ඉඩක් ලද්දේනම් එය සතුටින් භාර ගැනීමට ඇය සූදාණම් වුවද ඔවුන් සිටියේ ඇයට පහතින් ඇයව නෑසෙන මානයේ වූ බැවින් ඊටද ඉඩක් නොවී ය.

ඉදින් මනාළි ඇඳුමින් සැරසුනු ඩනේරිස් කෑම කටක් කෑමට පවා බියෙන්, මී පැණි මුසු කල වයින් කුසලානක් තොලගාමින්, බිය නැති කරගැනීම පිනිස තමාටම නිහඬව කතා කරමින් සිය මංගල දිනය ගතකලා ය. 'මම තමා මකරාගේ රුධිරය' ඇය නිහඬව මිමිනුවා ය. 'මම තමා ඩනේරිස් ස්ටෝර්ම්බෝර්න්, ඩ්‍රැගන්ස්ටෝන්හි කුමරිය', 'මම ජයග්‍රාහක ඒගන් ගේ ලෙයින් හා බීජ‍යෙන් ඉපදුන කෙනෙක්'. ඇය දිගින් දිගටම මිමිනුවා ය.


Daenerys Targaryen: “Tell Khal Drogo that he has given me the wind.”

69 comments:

  1. අද මම පලවෙනි " ලු"

    ReplyDelete
    Replies
    1. එක වුණත් වැඩක් නැති "ලු".
      තෑගි දෙන්නේ නැති "ලු":p

      Delete
    2. කැනහිලා ප්‍රශස්ත විරිඳුවක් කියයි

      Delete
    3. එහෙම'ලු' ද? ;-)

      Delete
    4. හා, හා හරි හාවා
      පිහිය අරං ආවා
      පලවෙනි වූ "ලූවා"
      පණ එපා කියල දිව්වා

      Delete
    5. තෑග්ගට 'පොඩි' චිත්‍රයක් දුන්නු හැකි කවුරුත් ඇන්දොත් නම්...:D

      Delete
    6. @නරි මොටා,

      කෝ මගේ කවිය? වැඩේ දෙල්ලුද හීඊඊඊඊඊඊ....

      Delete
    7. මෙතන මොකාද හාවා?

      Delete
    8. හාවා මොකාද ඇහැව්වා? අර ඇවිත් ඉන්නෙ පහල, ෂෑ වෙන්ට ඇති? කෝකටත් සූජානං සරීරෙ කියලා අපි මාරු - ඕකා මාර හාවෙක්

      Delete
    9. හෙරලි පොලොස්
      දෙල් අ‍ටුකොස්
      සැමන් හොදිත්
      එක්ක ගුඩුස්

      නෝනෙ අපෙ පොඩි නෝනෙ
      හරි වැඩෙ මෙමට වුනේ
      බස් එකෙ බැස්ටි බැස්සා
      ඒකයි මම පමාවුනේ

      Delete
    10. නරියන්ට බය නෑ බොලවූ
      පිහියත් එක්කම දානවා දැනගනින් ගෝඩා බැරල් එකට

      Delete
    11. එතකොට ඒ වර්ශන් එකට කියන්නෙ "fire fox" කියලද? :)

      Delete
    12. නැතුව , වැදුනාම හූ කියවෙනවා නරි වගේ. දාමුද ෂොට් එකක්?

      Delete
  2. Wow Dany even thinks in written language
    :P

    ReplyDelete
    Replies
    1. එයා ගමේ කෙල්ලක් නෙවෙයි, රාජ කුමාරියක්. :-P

      Delete
  3. ඇත්තට ඉස්සර කාලෙ හිටපු උං(අදත් එහෙමයි) බලයට ආසාවෙන් නොලක දෙයක් කියන්න පුලුවන්ද..

    ReplyDelete
    Replies

    1. එදා වගේම අදත් , අදවගේම හෙටත් , බලය වෙනුවෙන් මිනිස්සු ( හැමෝම නෙවෙයි ඒත් බොහෝ දෙනා ) ඕනෑම දෙයක් කරනවා :)

      Delete
    2. ලෝකෙ වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙලා නෑ නේද?

      Delete
  4. නම කැත වුනාට, ඩනේරිස් ලස්සනයි. ඒ වගේම සෑහෙන දුකක් විඳින බව පේනවා.

    ReplyDelete
    Replies
    1. දැන් අර මාජරීන්ද , බටර්ද මතක් වෙන්නෙ නැද්ද :P

      Delete
    2. //මාජරින් බටර් //?
      මෙතන ලේඩීස්ල ඉන්න නිසා හිතුන දේ කියන්න අමාරුයි

      Delete
    3. ඈ බං බස්සො, මෙයැයි මොකද මේ කොච්චෝරවත් කටුඅත්ත වගේ උඹත් එක්ක පැටලෙන්නෙ!?

      Delete
    4. වෙන මොකක්ද, කරුමෙ, කරුමෙ? :)

      ඔය බුදු බනෙත් තියෙන්නෙ? ඕක සංසාරෙ වගේ පස්සෙන් එනවා. ඒක නෙව මං මේ පිනක් දහමක් කරන්නෙ , නිවන් යන්න? POM නං කිව්වා ," බෂ්ෂො අද වඩියෙන් දෙකක් නමා ගනින්, හිටගෙන නිවන් ගියෑකි කියලා" බලමුකො?

      Delete
    5. පරාල ඇණයක් වගේද බස්සෝ? :D

      Delete
    6. api nam danatama niwan gihin lu onna

      Delete
    7. බටර්, කටු අතු, පරාල ඇණ
      අපොයි ඊලඟට කස මාංචුත් එයි

      කටේ බටර්වත් මෙල්ට් වෙන්නෙ නැති අහිංසක පක්සීන්ට ( සහ වානරයන්ට ) සුදුසු තැනක් නොවේ මෙය. බයි බායි

      Delete
    8. මොනවා කියුවත් මාර්ජරින් නම් මීට වඩා හොට්

      Delete
    9. හම්මේ මාජරින් තාලෙට පස්ස තාලෙට වන .. එක්කො ඕනෙ නෑ . අර ගෝරිල්ලත් එක්ක බෑ :)

      Delete
  5. අස්ස මස් කාලත් නෑ වෙළඹගේ කිරෙන් හදපු මද්‍යසාර බීලත් නෑ.අස්ස මස් දැකල නං තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් තාම අස්ස මස් කන්ට චාන්ස් එකක් ලැබිලා නෑ.

      Delete
    2. කැන්ගරු මස් නම් කෑවා හැලපේ. රහා නෑ. මේකත් ඒ වගේ ඇති. අර අනෙක් ජාතිය මොනාද? :D

      Delete
    3. හහ්, ඇහුවොත් කියන්නෙ " මං වැජිටේරියන්, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා" කියල. ඔය ඇදල ඇරල තියෙන්නෙ ගෙඩි පිටිං කැන්ගරුවෙක්ම? මේ යන විදිහට මාව වුනත් සුවර් නැ. ඇයි හත්වලාමෙ, නිකංවත් බස්සෙක් රෝස්ට් කරන්න හිතුන, මලා ජෝන් නේද?

      Delete
  6. සිංහාසනයට තරග වදින්නන් අතරේ ඉන්න බලවත් සහ සුවිශේෂී කෙනෙක් තමයි ඩනේරිස්.මකරුත් ඉන්නවනේ.රැජිණ වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. රැජින කරවලා ජොන්ට බන්දලා දෙමුනේ...:)

      Delete
    2. ඔව් එකත් එච්චර නරකම නෑ :)

      Delete
  7. පව් අහිංසක කෙල්ල.මඟුලක් වුණත් කොයි තරම් දුකක් හිතේ තියා ගෙනද ඉන්නේ ?
    මඟුලක් නොවේ අවමඟුලක් කියලා මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මඟුල සිද්දවු‍නේ එයාගෙ කැමැත්තට නෙවෙයි නෙ. ඒක එයාට අවමඟුලක් වගේ තමා.

      Delete
    2. මල් වගේ පිරිමි ලමයින්ට මෙහෙම හිතෙනවලුනේ. පව් අප්පා....:D

      Delete
  8. මට පුදුම ඩැනීට කලන්තෙ හැදිල වැටුනෙ නැති එක .

    ඛාල් නපුරුපාට උනත් කමක් නැහැ ඩැනීව ආදරෙන් බලා ගන්නව නම් .....

    ReplyDelete
    Replies
    1. මඟුල් දා කලන්තෙ හැදිලා වැටෙන්නෙනං මම අහලා තියෙන විදියට වෙන ප්‍රශ්නයක් තියෙන ගෑල්ළමයි. දන්න තරමින් ඩැනීට ඒ ප්‍රශ්නෙ නෑ. ;-)

      Delete
    2. බුරාන්තුමා එහෙම වැටෙන්නේ පොරුවේදී"ලු"නේද ?
      මෙයා ඉතින් පෝරුවට නැග්ගේ නැහැ නොවැ....:D

      Delete
    3. @ Buratheno,

      මම නම් එහෙම කිව්වෙ එතන හිටිය සෙනඟ දැකල ඩැනීට කලන්තෙ නොහැදුන එක පුදුමයි කියල හිතුන නිසා.

      ඔයා කොහොමද ඩැනීට මොනාත් ප්‍රශ්නයක් නැහැ කියන්නෙ , ඩැනී ඔයා එක්ක මොනා හරි කියල වෙන්නැති :D

      Delete
    4. පොතේ නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් ගැන කියලා නෑ. ඒකයි මම 'දන්න තරමින්' කියලා කිවුවෙ. :-P

      Delete
  9. කනට නුහුරු නම් නේද පොඩ්ඩි.

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩ්ඩි, ඔයාට මේ කමෙන්ට් එක ඉතුරු කලා උත්තර දෙන්ට. ;-)

      Delete
    2. ඔව් ගිම්. මතක තියාගන්ට අමාරුයි නේ...

      @බූරා,

      හහ්....

      Delete
  10. පවු අෆ්ෆා, මොනා වුනත් ඩනේරිස් ලස්සන කෙල්ල..

    දැන් මේ දෙන්නට පොදු භාශාවකුත් නැතුව ඉස්සරහට කොහොම කතාබහ කරයිද මංදා.. ඛාල් ඩ්‍රෝගෝ ගැන හිතෙන හැටියටනම් ඒකට කතා කරන්න ඕනකමක් තියෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. කතා නං ඉතිං නොකරන්ට බැරි තරමට හොඳා නේද? ඩ්‍රෝගෝට දෙයියනේ කියලා කණක් ඇහිලා ඉන්ට පුළුවන් වෙයි. :-D

      Delete
    2. ආදරේට භාෂා ප්‍රශ්නයක් නෑ කියලා දිනේෂ් අහලා නැද්ද? :P

      Delete
    3. ආදරේට භාෂා ප්‍රශ්ණ නම් නෑ පොඩ්ඩි අක්කෝ.. ඒත් මේ දෙන්න ඇත්තටම ආදරේද?? මටනම් කතාවේ දැනට එහෙම දෙයක් පේන්නේ නෑ..

      බුරා අයියේ, ඒකත් ඇත්ත තමයි හැබැයි.. ඔහොම චාන්ස් ආයේ සෙට් වෙන්නේ නෑ.. :D

      Delete
    4. කයිට්ස් එකේ දෙබසක් මතක් වෙනවා. The one about music being the language of love, may be both Drogo and Dany can sing :D

      Delete
    5. හැබෑට ආදරේ කියන එක සංගීතෙන් කරන්ටත් පුලුවන්නේ. :D

      Delete
    6. අර ඉන්ග්ලිශ් වින්ග්ලිශ් කියන චිත්‍රපටියේ තියෙන්නේ, ගෑනුකෙනා කතාකරන්නේ හින්දි වලින්, පිරිමි කෙනා කතාකරන්නේ ෆ්‍රෙන්ච් වලින්... භාෂාව තේරුණේ නැතුවට ඒගොල්ලන්ට එකිනෙකාව තේරෙනවා...

      Delete
    7. මගේ හිතට ආපු දෙයක් තමා ඒ දෙන්නා එකතු වුනානම්, කන කෑම ජාති මොනා වෙයිද කියන ඒක...:D

      Delete
    8. හපොයි අපි මෙහෙ සංගීතෙන් ආදරේ කරන හැටි ගැන දාර්ශනික මතවාද ඉදිරිපත් කරන අතරේ මෙයා කෑම ගැන හිතල තියෙන්නේ. කන බනේමයි නේද අර්යාවනි :P

      Delete
    9. නොකා කොහොමද කුමරුනි, හැමදේම කරන්නේ කන්ටලු...:P

      Delete
  11. පරණ කොටස් ටිකත් එක්ක ඔන්න අද තමා කියවගත්තේ

    ReplyDelete
    Replies
    1. නලින්ව දැක්කෙ නෑ ටික දොහකින්. වෙස්ටෙරොස්වලට එන නැව මඟ ඇරුනවත්දෝ කියලා හිතුවා. :-)

      Delete
  12. රුධිරාරක්ෂක = bloodrider ne... පට්ට වචනේ පොඩ්ඩි

    A bloodrider is a member of a Dothraki Khal's entourage. Part guardian, brother and companion, the bloodriders guard and accompany the khal in his daily routine, they share what is his, sometimes even his wives but never his horse.

    ReplyDelete
    Replies
    1. ඔය වචන බූරාගේ නිර්මාණ. ස්තූතිය එයාට. :D

      Delete
  13. ඔතනත් අන්තිමට වෙන්නෙ හැමතැනම වෙන දේම‍යි.කාටද අන්තිමට කෙළ වෙන්නෙ.දුප්පත් ඩ්‍රෝගෝ

    ReplyDelete
    Replies

    1. මට නම් එයා දුප්පත් ඩ්‍රෝගෝ විදියට පේන්නේ නෑ :)

      Delete
  14. හලෝ .මම අලුත් එකෙක්.කතාව නියමයි. 4න්1න් හින්ද අමාරුවෙන් මේක කෙටුවෙ.මං අදහසක් දෙන්නම්.අන්තිමට මේක පොතක් ගහන්න.වෘත්තීය පරිවර්තකය්න්ටත් වැඩිය ලස්සනට කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. සෙර් බූර් මොනා කරන්ට හිතා ඉන්නවද දන්නේ නෑ. :D

      Delete
  15. මාර කට්ටක් මං කන්නෙ පහුවෙලා ඇවිත්.. ඒ වුනාට මං කතාව නියමෙට රස විඳිනවා. එක දිගට කීපයක් කියවලා..

    ReplyDelete