Wednesday 6 August 2014

ටිරියන් - 01-2


අමුත්තන් ගේ ශාලාවේ ආහාර ගන්නා මේසය මත සීතල කෑම වේලක් පිළියෙල වී තිබින. ජේමි එහි වාඩි වී සෙර්සි හා ළමයින් සමග පහත් ස්වරයෙන් කතා කරමින් සිටියේ ය.

"රොබර්ට් තාම නිදිද?" ටිරියන් ඇසුවේ අනාරාධිතවම මේසයට වාඩිවෙමිනි.

සිය සොහොයුරිය ඔහු උපන් දා පටන් ඔහු දෙස හෙලනු ලබන ඒ අප්‍රසාදාත්මක බැල්ම හෙලුවා ය. "රජතුමා කොහෙත්ම නිදාගත්තෙ නෑ. එයා එඩ්ඩාර්ඩ් උතුමානන් එක්ක ඒගොල්ලන්ගෙ දුක බෙදාගන්නවා."

"එයාට බොහොම උදාර හදවතක් තියෙන්නෙ, අ‍පේ රොබර්ට්." ජේමි කීවේ අලස සිනාවක්ද සමග ය. ජේමි බැරෑරුම්ව සැලකූ කාරනා වූයේ ඉතා ස්වල්පයකි. ටිරියන් සිය සොයුරා ගේ මෙම ස්වභාවය දැන සිටි අතර ඒ වෙනුවෙන් ඔහුට සමාව දුන්නේ ය. ඉතා දුක්ඛදායක එකක් වූ ඔහු ගේ මුළු ළමා කාලය පුරාවටම ඔහු‍ට යම් තරමකට හෝ ආදරය ගෞරවය දැක්වූ අයෙක් වේ නම් ඒ ජේමි පමනි. ඒ වෙනුවෙන් ටිරියන් ඔහු කරන ඕනෑම දෙයකට සමාව දීමට සූදානමින් සිටියේ ය.

සේවකයෙක් ඔහු වෙතට නැඹුරු විය. "පාන්, අර පුංචි මාළු දෙන්නෙකුත් එක්ක. බියර් කෝප්පෙකුත් ගේන්ට. ආ! බේකන් ටිකකුත්. ඒවා හොඳට කළු පාට වෙනකම් බදින්ට." හිස නැමූ සේවකයා පිටව ගියේ ය. ටිරියන් නැවතත් සිය සහෝදර නිඹුල්ලුන් දෙදෙනා දෙසට හැරුනි. ඔවුන් දෙදෙනා සෑම අතින්ම එකිනෙකාට සමාන වූ අතර අද උදෑසන ගැලපෙන තද කොළ පැහැ ඇඳුමින් සැරසී සිටියහ. තමාටත් නිවුන් සොහොයුරෙකු සිටියා නම් යැයි ටිරියන් සිතු‍වේ ය. නැත මේ අන්දමින් සිටීම වඩා යහපත් ය. සැමදා උදෑසනින් දර්පණයෙන් දකින තම ප්‍රතිබිම්බය පමනටත් වඩා ඇත‍. ඔහු වැනි තවත් අයෙකු සිටීම දරා ගත නොහැකි දෙයක් වනු ඇත.

ටමෙන් කුමරා කතාව ඇරඹී ය. "බ්‍රැන් ගැන මොකුත් ආරංචියක් තියෙනවද මාමෙ?"

"මම අසනීප කාමරේට ගියා ඊයෙ රෑ, පොඩ්ඩක් බලන්ට කියලා. තත්ත්වයේ වෙනසක් නෑ. මේස්ටර් හිතන්නෙ ඒක සුබදායක ලකුණක් කියලා."

"මට ඕන නෑ එයා මැරෙනවා දකින්ට." ටමෙන් බියසුලු ස්වරයෙන් කීය. සිය සොයුරා මෙන් නොව ඔහු ඉතා කරුනාවන්ත කුඩා දරුවකු විය.

"එඩ්ඩාර්ඩ් උතුමානන්ට හිටියා සහෝදරයෙක් බ්‍රැන්ඩන් කියලා." ජේමි කීවේ ය. "ටාර්ගේරියන් රජ්ජුරුවො මරලා දාපු එක ප්‍රාණ ඇපකාරයෙක්. ඒක බොහොම අවාසනාවන්ත නමක් වගෙයි පේන්නෙ."

"අපොයි! ඒක එච්චරම අවාසනාවන්ත නමක් වෙන්ට බෑ." ටිරියන් පිළිතුරු දුන්නේ ය. සේවකයා ඔහු ගේ කෑම පිඟාන ගෙන ආ අතර ඔහු පාන් කැබැල්ලක් කඩා ගත්තේ ය.

සෙර්සි ඔහු දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙලී ය. "ඔයා මොකක්ද කියන්ට හදන්නෙ?"

ටිරියන් ඇය වෙත වංචාකාරී සිනාවක් පෑවේ ය. "ඇයි, මම කියන්නෙ ටමෙන්ට එයා බලා‍පොරොත්තු වෙන දේ ලැබෙයි. මේස්ටර් හිතන්නෙ ළමයා ජීවත්වෙයි කියලයි." ඔහු බියර් බඳුන තොල ගෑවේ ය.

මර්සෙලා සතුටින් හඬක් නැගූ අතර ටමෙන් නොසන්සුන් සිනහවක් පෑවේ ය. එනමුදු ටිරියන් බලා සිටියේ ළමුන් දෙස නොවේ. සෙර්සි හා ජේමි අතර හුවමාරු වූ බැල්ම තත්පරයකට වඩා නොපැවතියද ඔහුට එය මග හැරුනේ නැත. ඊළඟ මොහොතේ ඔහු ගේ සොයුරිය නැවත සිය බැල්ම මේසය මත රැඳවී ය. "ඒක හරිම අකරුනාවන්තයි. මේ උතුරුකරේ දෙවියො හරිම නපුරුයි ඒ දරුවට ඒ වගේ වේදනාවක් විඳවන්ට ‍දෙන එක."

"‍මේස්ටර් මොකක්ද හරියටම කිවුවෙ?" ජේමි ඇසී ය.

බේකන් කැබැල්ලක් මුවේ රුවා ගත් ටිරියන් මොහොතක් කල්පනාකාරීව එය සැපී ය. "එයා හිතන්නෙ ළමයා මැරෙන්ට නියමිත නම් දැනටමත් ඒක වෙලා තියෙන්ට ඕන කියලා. දැන් දවස් හතරක් වෙනවා කිසිම වෙනසක් වෙන්නෙ නැතුව."

"බ්‍රැන්ට හොඳවෙයිද මාමෙ?" පුංචි මර්සෙලා ඇසී ය. ඇයට සිය මව ගේ රූමත් බව සම්පූර්ණයෙන්ම උරුම වී තිබුනද ඒ අකරුනාවන්ත ගතිගුණ උරුම වී නොතිබින.

"එයාගෙ කොන්ද කැඩිලා පුංචි එකෝ." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "එයාගෙ කකුල් දෙකත් කැඩිලා පොඩිවෙලා ගිහිල්ලා. එයාලා දරුවගෙ ජීවිතේ රැකගෙන ඉන්නෙ මීපැණියි වතුරයි දීලා. සමහරවිට එයා නැගිට්ටොත් එයාටත් අපට වගේ සාමාන්‍ය විදියට කෑම කන්ට පුළුවන් වෙයි. ඒත් එයාට ආයෙ කවදාවත් ඇවිදින්ට ලැබෙන එකක් නෑ."

"එයා නැගිට්ටොත්." සෙර්සි පුනරුච්චාරණය කලා ය. "ඒක වෙන්ට පුළුවන්ද?"

"දෙයියො තමා දන්නෙ." ටිරියන් කීවේ ය. "මේස්ටර්ටත් බලාපොරොත්තුවක් විතරයි තියෙන්නෙ. මම කියන්නෙ එයාගෙ අර වෘකයා තමා ඒ දරුවව ජීවත් කරලා තියාගන්නෙ. ඒ සතා එයාගෙ කාමරේ ජනේලෙට පිටතින් රෑ දවල් නැතුව ඉන්නවා, උඩු බුර බුරා. කවුරුහරි ඌව එලෙවුවත් ඌ ආපහු එනවා. මේස්ටර් කියනවා එයාලා එක පාරක් ජනේලෙ වැහුවලු සද්දෙ නවත්තන්ට, එතකොට බ්‍රැනුත් දුර්වල වුනාලු. එයාලා ආයෙමත් ජනේලෙ ඇරියහම එයාගෙ හදගැස්ම වැඩි වුනාලු."

රැජිණ වෙවුලා ගියා ය. "මේ සත්තුන්ගෙ මොකක්දෝ අස්වාභාවික දෙයක් තියෙනවා. උං හරිම භයානකයි. අපිත් එක්ක දකුණට උං එකෙක්වත් අරන් යන්ට මම ඉඩ දෙන්නෙ නෑ."

"ඒක හරිම අමාරු වැඩක් වෙයි සහෝදරී. උං අර කෙල්ලො දෙන්නා යන යන තැන පස්සෙන් එනවා." ජේමි කීවේ ය.

ටිරියන් මාළුවෙකු අතට ගත්තේ ය." ඒ කියන්නෙ ඔයාලා ඉක්මනටම යනවා."

"ඇතිතරම් ඉක්මනටම නෙවෙයි." සෙර්සි කීවා ය. ඊළඟ මොහොතේ ඇය දෙබැම ඇකිළුවා ය. "අපි යනවා? එතකොට ඔයා? දෙයියම්පා මට නම් කියන්ට එපා ඔයා මෙහෙ නවතින්ට යනවයි කියලා."

ටිරියන් දෙවුර ගැස්සී ය. "බෙන්ජින් ස්ටාර්ක් එයාගෙ සහෝදරයගෙ අවජාතක පුතත් එක්ක ආයෙමත් නිශා රැකුමට යනවා. මටත් හිතක් තියෙනවා එයාලත් එක්ක ගිහිල්ලා මේ හැමෝම කතාකරන ප්‍රාකාරෙ මොන වගේ එකක්ද කියලා බලන්ට."

ජේමී සිනාසුනේ ය. "මම හිතන්නෙ නෑ ඔයත් කළු සහෝදරයෙක් වෙන්ට යනවා කියලා."

ටිරියන් කොක්හඬ ලෑය. "මොකක්? මේ මම? බ්‍රහ්මචාරී ‍වෙන්ට? ඩෝර්න්වල ඉඳන් කාර්ස්ටලී ‍රොක් වෙනකම් ඉන්න ඔක්කොම ‍වේස ගෑනුන්ට හිඟාකන්ට යන්ට වෙයි. නෑ නෑ, මට ඕන කරන්නෙ ප්‍රාකාරෙ උඩ ඉඳන් ලෝකාන්තයට චූ කරන්ට විතරයි."

සෙර්සි හදිසියෙන් නැගිට සිටියා ය. "ළමයින්ට මේ ජරා කතා අහන්ට දෙන්ට බෑ. ටමෙන්, මර්සෙලා, එන්ට." ඇය හනිකට කෑම කාමරයෙන් ඉවත්ව ගියා ය.

ජේමි ලැනිස්ටර් සිය කොළ පැහැ දෑසින් සොහොයුරා දෙස බලා සිටියේ ය. "ස්ටාර්ක් වින්‍ටර්ෆෙල් දාලා යන්ට තීරණය කරයි කියලා හිතන්ට බෑ එයාගෙ පුතා මරණයේ එළිපත්තෙ ඉන්න මේ වෙලාවෙ."

"රොබර්ට් අණ කලොත් එයා ඒක කරයි." ටිරියන් කීවේ ය. "රොබර්ට් අනිවාර්යයෙන්ම අණ කරයි. අනිත් එක එඩාර්ඩ් උතුමානන් නැවතුනා කියලා එයාට දරුවා වෙනුවෙන් මොකුත් කරන්ට දෙයක් නෑ."

"එයාට පුළුවන් දරුවා දුක්විඳින එක නවත්තන්ට. ඒ මගේ පුතා නම් මම ඒ වැඩේ කරනවා. ඒක ඇත්තටම කරුනාවක්."

"ඔය කතාව එඩාර්ඩ් උතුමානන්ට කියන්ට යන්ට නම් එපා. එයා ඒක එච්චර හොඳින් බාරගන්න එකක් නෑ."

"ඒ ළමයා ජීවත්වුනත් එයා නිකංම අබ්බගාතයෙක් වෙයි. ඊටත් වඩා නරකයි, එයා විකෘතියක් වෙයි. ඊට වඩා එකපාරින් මැරෙන එක හොඳ නැද්ද?"

ටිරියන් දෙවුර ඇකිළුවේ ය. "විකෘති ගැන කතා කරනවනම් මම ඒ අදහසට විරුද්ධයි. මරණය කියන්නෙ නිකංම නිකං අවසානයක්. ජීවත්වෙනවා කියන්නෙ එයාට ඕන තරම් අවස්ථාවන් ලැබෙන්ට පුළුවන්."

ජේමි සිනාසුනේ ය. "උඹ නම් හරිම මුරණ්ඩු පුංචි යකෙක්. එහෙම නේද?"

"අනිවාර්යයෙන්ම." ටිරියන් පිළිගත්තේ ය. "මම බලාපොරොත්තු වෙනවා ඒ දරුවා නැගිටියි කියලා. මම බොහොම උනන්දුවෙන් බලන් ඉන්නෙ එයාට මොනවද කියන්ට තියෙන්නෙ කියලා."

ඔහු ගේ සොයුරා ගේ සිනහව එසැනින්ම මිදී ගියේ ය. "ටිරියන් මගේ පුංචි මල්ලී," ඔහු නපුරු ස්වරයෙන් කීවේ ය. "සමහර වෙලාවට උඹ කියන දේවල් නිසා මට හිතාගන්ට බෑ උඹ ඇත්තටම කාගෙ පැත්තෙද කියලා."

ටිරියන් ගේ මුව පාන් හා මාළු වලින් පිරී තිබුනු අතර ඔහු ලොකු බියර් උගුරක් මගින් ඒ සියල්ල සෝදා හැරියේ ය. ඉන්පසු ජේමී වෙත දරුණු නියවීමක් කලේ ය. "ඇයි ජේමි, මගේ ආදරණීය ලොකු අයියේ, උඹ ඇත්තටම මාව රිදෙවුවා. උඹ දන්නවනෙ මම කොච්චර මගෙ පවුලට ආද‍රෙයි ද කියලා."


Sandor Clegane: “The prince will remember that, little lord.”
Tyrion Lannister: “I pray he does, If he forgets, be a good dog and remind him.”

43 comments:

  1. හප්පේ... පොඩි එකාට වෙච්ච අබග්ගය...
    දුක හිතෙනව අප්පා....

    ReplyDelete
  2. ඔන්න මම කැමතිම POV chapter එකක් පරිවර්ථනය නියමයි

    ReplyDelete
    Replies
    1. මෙයාලගේ පරිවර්තනය එන්න එන්න හොඳ වෙනවා වගේ දැනෙනවා නේද? මට නම් එහෙම හිතෙනවා. මුල් ඒවාට වඩා පහුගිය ටිකේ ඒවා ලස්සනයි (මට).
      well done guys!

      Delete
    2. ඔව් එක නම් ඇත්ත.දැන් මේ කතාව එන්න රසයි.ගොඩක් වේලාවට වැඩ පටන් ගන්නෙත් මේක කියවලා

      Delete
    3. මුලින්ම පොත කියවන්ට පටන් ගන්න කොට, බලන්ට කීව එක්කෙනාට බැන, බැන කියෙව්වේ. මේ හරියට එනකොට තමා රහ දැනෙන්ට පටන් ගත්තේ ඇත්තටම...කතාව ලස්සණ වෙලා දැනෙන්ට එක හේතුවක් ඒකයි. තව ඉස්සරහට තව ලස්සණයි...:)

      Delete
  3. මොනවා උනත් ජේමි හරිම හැන්ඩ්සම් නේද? ;)
    සර්සේ උනත් ටීවී එකේ ඉන්න නිළියට වඩා පොත්වල හැටියට ගොඩා..ක් ලස්සන කෙනෙක්. මුණේ ලස්සන හිතේ නැති එක ඉතිං වෙනම කතාවක්. :(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොත කියවනකොට මැවෙන්නේ මීට වඩා ලස්සණ රූපයක් නිරෝ...ජේමී ආආආආග්ග්ග්ග්ග්ග්ග්ග්....මට නම් ඉතින් ජොන් තරම් එක්කෙනෙක් නෑ අප්පා....:(

      Delete
    2. ජේමි හරිම හැන්ඩ්සම් නම් තමයි අපරාදේ.. ;)

      Delete
    3. පොඩ්ඩි people say jamie and cersei look so much alike
      and cersei is really beautiful

      Delete
    4. //මට නම් ඉතින් ජොන් තරම් එක්කෙනෙක් නෑ//
      එහෙම කියන්නෙ ඇයි ? අර මල්ටි කලර් අවුල්සහගත එක්කෙනා?

      Delete
    5. @Poddi
      ජොන් තමයි අනේ මගෙත් ට්රු ලව් එක. ජේමි ඉතිං නිකං ජොලියට වගේ ලව් එක :D ;)

      Delete
    6. BTW ඔන්න පොඩ්ඩි සහ බුරා ට ඊළඟ පරිවර්තන request එක... මේ පොත ඉවර කරාට පස්සේ Patrick Rothfuss ගේ kingkiller chronicles පොත් 2ක් තියෙනවා ඔන්න... ASOIAF පොත් වලට ආස අය මේ පොත් වලටත් ආස වේවි...මාරම ලස්සනයි.
      (පොඩ්ඩි සහ බුරාගෙන් මට මරණ තර්ජන ඒවිද දන්නේ නැහැ දැන් මෙහෙම ඉල්ලීම් කරාට!! )

      Delete
    7. @P&n,
      Icy (an extreme form of coolness) මිනිස්සුන්ට hot කෙල්ලො කැමති වගේ

      //මේ "පොත" ඉවරකරාට පස්සෙ// Kingkiller?

      අන්න හොඳ එක්ස්කියුස් එකක් B&P ඉතුරු GoT 4- 6 න් බේරෙන්න

      Delete
    8. @P - proof courtesy of the Prince

      http://media.tumblr.com/tumblr_lv2h7vlGmC1qg3f6y.jpg

      DGMB :-D

      Delete
    9. ෂී ෂී මන් ඒවගේ වැඩ කරනවද.
      ඔය under the influence of moonshine වැඩ

      Delete
    10. හපොයි දෙයියනේ මං නැති අල්ලපනල්ලෙ මාව නැති කරල නෙව :)

      Delete
    11. Moonshine has no influence over me

      Delete
  4. හරිම දුකයි පොඩි එකා ගැන.

    ReplyDelete
    Replies
    1. මාර ලස්සණ පොඩි එකෙක්නේ...

      Delete
  5. මෙන්න මේ වාගේ දිග කොටස් දානවට මම හරි කැමතියි. වෙනදා වගේම කතාව කියවනකොට රූප රාමුත් හිතේ ඇඳෙනවා. විශිෂ්ඨයි .......

    බ්‍රැන්ට හොඳ වෙනවා නේද :(

    ReplyDelete
    Replies
    1. ඔයා දුවලා ගිහින් පොපිමල් කැඳ කෝප්පයක් හදාගෙන එන්න... ඒක බිව්ව ගමන් බ්‍රැන්ට හොඳවෙයි... :)

      Delete
    2. මේවයින් කෝප්පේ ගානේ හැමෝටම දෙන්ට ඕනිලු...:D

      Delete
  6. ටිරියන් කොහොම උනත් සාධාරණ කොටා.මම මිනිහට කැමතියි. //"මට ඕන කරන්නේ ප්‍රාකාරය උඩ ඉඳන් ලෝකාන්තයට චූ කරන්න විතරයි"// හරිම අහිංසක බලාපොරොත්තුවක් නේද? :D

    ReplyDelete
  7. TV සීරීස් එක බලලා නැතිනම් කතාව කියවද්දී මේ චරිත වලට වෙනම රූප නේ හිතේ ඇඳෙන්නේ.. ඒත් මේ ටිරියන් ලැනිස්ටර්නම් කොහොම කලත් හිතේ මැවෙන්නේ මේ පීටර් ඩින්ක්ලේජ් ගොයියාම තමයි...

    ReplyDelete
  8. අෆ්ෆා එදා බ්‍රෑන් කොළුවට එතකොට මොකද වුනේ??

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ කතාව කියෙව්වේ නැද්ද? :D

      Delete
    2. කියෙවුවා අනේ.. එදා ඉතින් එච්චර කේස් එකක් තිබුනේ නෑනේ.. ඒකයි..

      Delete
  9. ටිරියන් ඇත්තට කාගෙ පැත්තෙද?

    ReplyDelete
    Replies
    1. mata nam hithenne tyrion tyrion ge ma paththe kiyalai

      Delete
  10. ඉතින් ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. සිකුරාදා වෙනකොට දැනගත්තු හැකි.:)

      Delete
  11. හා, හා හරි හාවා
    හැමදාමත් ආවා
    මං එකදෝ ඇහුවා
    නැත්තෙ මොකද හාවා

    බකුසු බැකිසානෝ
    කරවැල් මහ කොකානෝ
    දිය ගැරඬියානෝ
    රකිවු පිංබර බුරතීනෝ

    අද කතාව ලිව්වෙ බුරා නෙව? ඊළඟ එකට අනිත් එක්කෙනාටත් කයියක් කියන්නං ඈ :)

    ReplyDelete
    Replies
    1. සුවිසයිඩල් හාවෙක් වෙන්න ඇති නරි ගාවට එන්නෙ

      Delete
    2. මූ උපාසක නරියෙක්ලු

      Delete
    3. උපාසක නරි, අහිංසක බස්සො, කසිප්පු දෙවිවරු, ලජ්ජාශීලී කුමාරිකාවන්, බහුසෘත රූකඩ ! !

      යුනිකෝන්, ඩ්‍රැගන් නැතුවම ඔය තියෙන්නෙ ෆැන්ටසි

      Delete
    4. හාවා, හාව කිව්වට මේකා සේබර් ටූත් හාවෙක්. අඟල් අටේ උල් පිහිය ඉනේ. ඔය ඇවිල්ලා ඉන්නෙ :)

      Delete
  12. අද කැමතිම කොටස: සාධාරණ කොටා සහ කෑම මේසය

    ReplyDelete