Monday 4 August 2014

ටිරියන් - 01-1


ශෛලමය වංකගිරියක් වූ වින්ටර්ෆෙල්හි කොහේදෝ තැනක සිට වෘකයෙක් උඩුබුරලෑමට පටන්ගති. එය මාලිගය සිසාරා පැතිර ගියේ ශෝකාලාපයක් මෙනි.

හොඳින් ආවරණය වූ උණුසුම් පුස්තකාලය තුළ පොතක් කියවමින් සිටි ටිරියන්ට සිය සිරුර වෙවුලා යනු දැනින. වෘකයා ‍ගේ උඩුබුරලෑම විසින් ඔහුව සිටින ස්ථානයෙන් එපිටට ගෙන ගොස් අඳුරු වනයක බහා තිබින. තමා කුසගින්නෙන් පෙලෙන වෘක රංචුවකට ඉදිරියෙන් පණ බේරා ගැනීමට දිවයන නිරුවත් මිනිසෙකු මෙන් ඔහුට හැඟුනි.

වෘකයා නැවත වරක් උඩුබුරලෑම ඇරඹූ විට ටිරියන් මෙතෙක් වේලා කියවමින් සිටි සමින් බැඳුනු ඝනකම් පොත වසා දැමීය. පිටි අත්ලෙන් ඈනුමක් මුවා කල ඔහු වට පිට බැලුවේ ය. උසැති කවුළු අතරින් හිමිදිරි ආලෝකය එබෙමින් තිබුනු අතර තෙල් මඳකම නිසා පහන නිවී යාමට ආසන්නව තිබින. ඔහු මුළු රැයම නොනිදා පොත් කියවමින් සිට ඇත, නමුත් මෙය අලුත් ‍දෙයක් නොවේ. ටිරියන් ලැනිස්ටර් යනු කවදාවත් නින්දට ලොබ බැඳගත්තෙකු නොවී ය.

ඔහු ගේ දෙපා හිරි වැටී තිබුනු අතර බංකුවෙන් බිමට බට ටිරියන් දෙපා මඳක් සම්බාහනය කර, අසල මේසයක් මත දිගහැර තිබුනු පොතක් මත ගොරවමින් නිදා සිටි පූජකයා අවදි කරවන්නට ගියේ ය. "ෂේය්ල්." ඔහු මෘදුව ඇමතී ය. තරුණ පූජකයා සැනෙන් නැගිට සිටියේ අන්දමන්දව වටපිට බලන්නට විය. "මම යනවා උදේ කෑම කන්ට. ‍පොත් ටික ඔක්කොම ආපහු රාක්කවලට දාන්ට. අර වැලීරියන් ලියවිලි ටික බොහොම පරෙස්සමෙන් අතට ගන්ට. ඒකෙ කඩදාසි හොඳටෝම වේලිලා තියෙන්නෙ. අයර්මිඩන් ගේ 'යුද්ධ යන්ත්‍ර' කියන්නෙ බොහොම දුර්ලභ පොතක්. මම දැකපු එකම සම්පූර්ණ පොත තියෙන්නෙ ඔබලා ළඟ." ෂේය්ල් තවමත් නින්ද පහව නොගිය දෑසින් යුතුව ඔහු දෙස මුව අයා බලා සිටියේ ය. බොහෝ ඉවසිලිවන්තව තවත් වරක් ඔහුට සිය උපදෙස් මාලාව ලබා දුන් ටිරියන් එතනින් පිටත් වීය.

පිටතට පැමිණ ළය පුරා සීතල හුස්මක් ගත් ඔහු පුස්තකාල කුළුණ වටා සර්පිලාකාරව විහිදුනු ගල් පඩිපෙළ බසින්නට විය. ගල් පඩි උස් හා පටු වූ අතර ඔහු ගේ දෙපා කෙටි හා බකල් වූ නිසා බැස්ම සෙමින් සිදු විය. උදා හිරු එළිය තවමත් වින්ටර්ෆෙල්හි උසැති පවුරුවලින් මෙපිට ආක්‍රමණය කර නොතිබුනු නමුදු සෙබළුන් ඒ වනවිටත් සෙණ්ඩුවාලුවේ සිය සරඹ පුහුණුවීම අරඹා තිබින. සැන්ඩෝර් ක්ලිගේන් ගේ රළු හඬ ඔහු වෙත ගලා ආවේ ය. "මේ කොල්ලා මැරෙන්ට සෑහෙන කාලයක් ගන්නවා. මම කැමැතියි ඒක ඉක්මනට සිද්ධ‍වෙනවා නම්."

පහත බැලූ ටිරියන් දුටුවේ සිය සහචරයින් පිරිවරා දඩබල්ලා සමග සිටගෙන සිටින ජොෆ්රි ය. "අඩු ගානෙ එයා සද්දයක් නොකර මැරෙනවා." කුමරා පිළිතුරු දුනි. "වෘකයා තමා ඔය සද්ද කරන්නෙ. මට ඊයෙ රෑ පොඩ්ඩක්වත් ඇහැ පියාගන්ට ලැබුනෙ නෑ."

ක්ලිගේන් ගේ සහචරයා ඔහු ගේ සන්නාහයේ හිස් වැස්ම පැළඳවී ය. "මට ඒ සතාව නිශ්ශබ්ද කරන්ට පුළුවන්. ඔබ ඒකට සතුටු නම්." ඔහු සිය විවර වුනු මුව වැස්ම තුළින් පැවසී ය. සහචරයා ඔහු අතට දිගු අසිපතක් ලබා දුන් අතර ඔහු වාතය පෙති ගසමින් එහි සමබරතාව මැන බැලී ය. ඔහුට පිටුපසින් සෙණ්ඩුවාලුව පුරා වානේ ආයුධ එකට ගැටෙන හඬින් ගිගුම් දුනි.

මේ කල්පනාව නිසා කුමරා ප්‍රීතියට පත් වූ බව පෙනින. "බල්ලෙක්ව මරන්ට තව බල්ලෙක් යවන්ට!" ඔහු කෑ ගැසුවේ ය. "වින්ටර්ෆෙල් වෘකයන්ගෙන් පිරිලා ගිහිල්ලා තියෙන්නෙ. එකෙක් අඩු වුනා කියලා ස්ටාර්ක්ලට ඒක දැනෙන එකක් නෑ."

ටිරියන් අවසාන පඩි‍යෙන් බිමට පැන්නේ ය. "මම නම් හිතන්නෙ ‍වෙන විදියකට බෑනො. ස්ටාර්ක්ලට හයට වැඩියෙන් ගණන් කරන්ට පුළුවන්. මම දන්න සමහර කුමාරවරු ඉන්නවා ඒකවත් බැරි."

ජොෆ්රි ගේ මුහුණ රතු විය.

"කොහෙන්ද ඒ කටහඬක් ඇහුනෙ?" සැන්ඩෝර් ඇසී ය. ඔහු සිය හිස් වැස්ම තුළින් එහා මෙහා බැලී ය. "හොල්මන්ද?"

සිය ශරීරාක්ෂකයා මේ විහිළුව කරන සෑම විටෙකදීම මෙන් මෙවරද කුමරා සිනාසුනේ ය. ටිරියන් ඇති පදම් මෙය අත්විඳ තිබින. "මෙතන පහළ."

පහළට එබී බැලූ උස් මිනිසා ටිරියන්ව පළමු වරට දුටුවාක් මෙන් ඇඟවී ය. "ටිරියන් පුංචි උත්තමයා. මට සමාවෙන්ට. මම දැක්කෙ නෑ ඔබතුමා ඔතන හිටගෙන ඉන්නවා."

"ඔය අහංකාරකම් වලට උත්තර දෙන්ට මට අද ඕනෑකමක් නෑ." ටිරියන් සිය බෑනනුවන් දෙසට හැරුනි. "ජොෆ්රි, එඩාර්ඩ් උත්තමයයි ආර්යාවයි මුනගැහෙන්ට ගිහිල්ලා එයාලට ඔයාගෙ කණගාටුව ප්‍රකාශ කරන්නෙ නැද්ද? ඔයා දැනටමත් පරක්කු වැඩියි."

ජොෆ්රි නොරිස්සුම් මුහුණක් හදාගත්තේ ය. "මගේ කණගාටුවෙන් එයාලට ඇති වැඩේ මොකක්ද?"

"මොකුත් නෑ." ටිරියන් කීවේ ය. "ඒ වුනත් ඔයා එහෙම කරයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ඔයා ගියේ නෑ කියලා හැමෝම දන්නවා."

"ඔය ස්ටාර්ක් කොල්ලාගෙන් මට ඇති වැඩක් නෑ. අනික මට රුස්සන්නෙ නෑ ඔය ගෑනුන්ගෙ ඇඬිලි වැලපිලි."

ඉහළට එසවුනු ටිරියන් ලැනිස්ටර් සිය බෑනනුවන් ගේ මුහුණ පුරා දැඩි අතුල් පහරක් දුන්නේ ය. ළමයා ගේ කම්මුල රත් පැහැ වින.

"තව එක වචනයක්වත් කිවුවොත් මම උඹට ආයෙමත් ගහනවා."

"මම අම්මට කියනවා." ජොෆ්රි කෑ ගැසුවේ ය.

ටිරියන් තවත් අතුල් පහරක් දුන්නේ ය.

"උඹට ඕනම නම් ගිහින් අම්මට කියපං. හැබැයි ඊට කලින් උඹ ගිහිල්ලා ස්ටාර්ක් උතුමානනුයි ඒ ආර්යාවයි ඉස්සරහ දණින් වැටිලා කියන්ට ඕන මේ සිද්ධවෙච්ච දේ ගැන උඹ කොච්චර කණගාටු වෙනවද, ‍මේ දුෂ්කර වෙලාවෙ එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම පුංචි උදවුවක් වුනත් කරන්ට පුළුවන් නම් උඹ හැකි උපරිමයෙන් ඒක ඉටු කරනවය, උඹ හැම වෙලාවෙම එයාලා වෙනුවෙන් යාඥා කරනවය කියලා. උඹට තේරුනා ද?"

ළමයා ගේ මුහුණින් පෙනුනේ ඔහු හැඬීමට ආසන්න බවකි. එහෙත් එය යටපත් කරගත් ඔහු සෙමින් හිස වැනී ය. ඉන්පසු වහා ආපසු හැරුනු ඔහු කම්මුල අල්ලාගෙන සෙණ්ඩුවාලු‍වෙන් පිටතට දිව ගිය අතර ටිරියන් ඒ දෙස බලා සිටියේ ය.

සිය මුහුණ වසා සෙවනැල්ලක් වැටෙනු දැනී ආපසු හැරුනු ඔහු දුටුවේ ඔහු අසලින් කන්දක් මෙන් උසට උසේ සිටගෙන සිටිනා ක්ලිගේන් වය. ඔහු සිය හිස් වැස්මේ මුව ආවරණය පහත් කොට තිබින. එය නිමකර තිබුනේ දැකීමට බිහිසුණු දත් විලිස්සාගෙන සිටින බල්ලෙකු ගේ ස්වරුපයෙන් මුත් ටිරියන් සෑමවිටම සිතුවේ ක්ලිගේන් ගේ පිළිස්සී විරූපී වුනු මුහුණට වඩා මේ වෙස්මුහුණ ලස්සන බව ය.

"කුමාරයා ඕක මතක තියාගෙන ඉඳියි, පුංචි උතුමානෙනි." දඩබල්ලා ඔහුට අනතුරු ඇඟවී ය.

"මම හිතනවා එයා ඒක මතක තියාගනියි කියලා." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "එයාට ඒක අමතක වුනොත් උඹ හොඳ බල්ලෙක් වගේ එයාට ඒක මතක් කරලා දීපං." ඔහු සෙණ්ඩුවාලුව සිසාරා බැල්මක් හෙලී ය. "උඹ දන්නවද මගේ සහෝදරයා කොහෙද කියලා?"

"රැජිණත් එක්ක උදේ කෑම ගන්නවා."

"ආහ්!" ටිරියන් කීවේ ය. සැන්ඩෝර් ක්ලිගේන් වෙත නොසැලකිලිමත් අයුරින් හිස වැනූ ඔහු සියුරුහඬලමින් ඉවතට ඇවිද ගියේ ය. අද දින දඩබල්ලාත් සමග සරඹ පුරුදු වීමට පැමිණෙන පළමු නයිට්වරයා ඉතා අවාසනාවන්තයෙකු වනු ඇත.


Tyrion Lannister: "Death is so terribly final, while life is full of possibilities."

63 comments:

  1. ඒ කියන්නෙ බ්‍රැන් ට සොට් එක හම්බුවෙලාද...
    හපොයි....

    ReplyDelete
    Replies
    1. තාම මොකුත් කියන්ට බෑ සොට් එක හම්බවෙලාද නැද්ද කියලා. අපි බලන් ඉම්මු නේද?

      Delete
  2. මම වැඩියම කැමති මේ කතාවෙ පරිසරය විස්තර වෙන ආකාරයටයි. උණුසුම් පුස්ථකාල කුළුණ. සර්පිලාකාර ගල් පඩි.උසැති කවුළු , හරිම අපූරු චිත්‍රයක් මවනවා

    ReplyDelete
    Replies
    1. DGMB, කලින් පෝස්ට්වල ඔබේ විමසුම් වලට පිලිතුරු දීමට නොහැකිවීම ගැන සමාවෙන්න. මට තේරුම්ගිය කාරණයක් තමයි වෙන බ්ලොග්වගේ නෙමෙයි මේක කතාවක්. මෙතන ප්‍රමුඛතාවය දෙන්න ඕනැ කතාව පලමුවර කියවන අයට. පොත කියවූ හෝ TV සීරිස් බලපු අය දෙවනි තැන ගන්න ඕනැ. මං කවදාවත් ස්පොයිලර් කරල නැතිවුනාට වෙන විදිහකට හරි පලමු පාඨකයන්ට අපහසුතාවයක් ඇතිකරනවනම් ඒක අසාදාරණයි. දැන් ඇති. මේ ලියනවත් වැඩී.

      මඩ ගහන්න අර බකමූණු කතා කියල සමහර වෙලාවට මෙලෝ හසරක් තේරෙන්නෙ නැති ටෙක්නිකල් පෝස්ට් දාන බ්ලොග් එක රිවයිව් වෙනකම් හිටියෙ.
      පෝස්ට් එකක් තියනව වගේ. බලන්න ඕනැ. මොකක්ද ශාපයක් නිසා මට comfortable ම බ්ලොග් එක. Don't start preening your multi-colored plumage ඒකෙ හොඳක් වෙන්න බෑ. මගෙ පිස්සුව නිසා වෙන්න ඕනැ

      Delete
    2. ආ මේ ප්‍රා ජේ හොඳ වෙලාවට ඇවිත් තියෙන්නේ නේද බස්සො , මම නැත්නම් සින්දුවක් දාලා හොයන්න හිටියේ :)

      Delete
    3. @ බස්සා,

      සමහර වෙලාවට කතා‍වෙ පරිසර වර්ණනාවලින් අපට එක එක ඉඟි දෙනවා. GRRM හරි දස්සයි ‍කොලේ වහලා ගහන්ට.

      @ Pra Jay.

      ඔන්න ඔය වෙනද වගේම කමෙන්ට් එකක් දාන් ඉන්ට PJ.

      @ සොන්යා,

      සින්දුවක් දාලා හොයන්ට කිවුවෙ? ඒ කියන්නෙ ඔයා සින්දු කියනකොට මිනිස්සු හැංගිලා ඉන්න තැන්වලින් පැනලා යනවද? හරියට අර ගංවතුර ගලනකොට මීයො ගුල් දාලා පැනලා යනවා වගේ. :-P

      Delete
    4. @සොන්යා,
      දාන්ටකො බලන්ට

      @B, සියලුදේ වෙනස් වෙන සුලුයි. සුලු විතරක් නෙමෙයි මහ ඒවත් එහෙමයි. කොමෙන්ට් ගැන කවර කතාද

      Delete
    5. ' එනවායි කීවේ - නෑ තව ආවේ "

      Delete
    6. @සොන්යා,
      come or go HBO කියල ඇවිල්ල ඉන්නෙ

      හැබැයි කමෙන්ට් ගැන කමෙන්ට් විතරයි. මේන් ගේම් එක අත ඇරල ගේම් එක ඇතුලෙ ගේම්. A Clash of Birds. A Song of Lions (සිංහා), A Storm of Words (Ta), A Dance with Drunkards (moonshine) වගේ ගේම්ස් විතරයි. Thrones නෑ

      Delete
    7. Thrones නැතුවට මේ මදැයි. මෙච්චර ගෑනු ලමයි එන්ට කියලත් අනිතිමට අර බසු සෙර් කියන එක තමා ප්‍රාට ඇහුනේ නේ? :P

      Delete
    8. Birds of a feather sling mud together කියල තියනවනේ.
      ගෑණු ලමයි සිංදු කියන්න ගත්තෙ දැන්නෙ. ඊට ඉස්සෙල්ල අර බස්සුන්නාන්සෙ හැම්ලින් නලාව පිඹින්න ගත්තනෙ

      Delete
    9. පුස්ථකාල කුළුණෙ තියෙන, ගල්පඩි පෙලත් නැගලා
      උඩුබුරලන වෘකයොන්ට සපෝට් එකක් දෙන්ට කියල
      ගියා පුස්ථකාලෙ පැත්තෙ,පොත් පත් කියවන්න කියල
      වැරි හැපී, වැරි හැපි " අලුත් පක්සියා" දැකලා :)

      Delete
    10. Lets dance you undiscovered phantom of the dark wilderness,
      LETS DANCE

      Delete
    11. @Pra Jay

      /.....මෙතන ප්‍රමුඛතාවය දෙන්න ඕනැ කතාව පලමුවර කියවන අයට. පොත කියවූ හෝ ඨ්V සීරිස් බලපු අය දෙවනි තැන ගන්න ඕනැ.../

      අයි බෙග් ‍ටු ඩිෆ' , මි' ලොඩ්.
      ලෙට්ස් කට් ‍ටු ද චේස්, ෂැල් වී?


      මා දන්නා තරමට ස්පොයිලර් ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ නෑ, ඔය කෙනෙක් ඉඳලා හිටලා පොඩි ඉඟියක් දුන්නට. ඒකත් වැඩි වෙනවා වගේ දැනෙනවා නං ඇදලා ඇරියා හීනියට මඩ පාරක්, වැඩේ ගොඩින්ම අහවරයි :)

      මට තේරිච්ච විදිහට ප්‍රශ්ණෙ වුනේ අතරමඟ නම් වෙනස් වීම - ලියන්නා,ලියානා වීම. ඒකෙ වගකීම බුරා බාරගත්තා නෙව, ආයෙ එහෙම වුනොත් දැණුවත් කරන්න.

      එදායින් පස්සෙ අද වෙනකං කිසි කෙනෙක් අලුත් යෝජනා කලේ නෑ. මේක හොඳ දෙයක් විදිහට මට නං පේන්නෙ නෑ. දැං මේ යන විදිහට , මේක අපේ හවුස් දියවන්නාඔය වගේ පාලකයො කතන්දරේ කියනව, නාමික විපස්සෙ අහගෙන ඉඳලා , ඉඳලා-හිටලා විහිලුවක් කරනවා.

      මේ ප්‍රශ්ණෙ එක පැත්තක්. එතකොට අපි අනිත් පැත්තත් බලමු. දිගටම නම් ගම් වෙනස් වෙන කොට කැෂුවල් රීඩර්ස්ලට පැටලෙන්නෙ නැත්ද? මොකෑ නැත්තෙ?

      මම මේ යට ඔබල තියෙන ප්‍රශ්ණෙ ඉදිරිපත් කරනවා විතරයි. විසඳුම සාකච්චාවෙන් විසඳාගන්න ඕනෙ දෙයක් කියලයි මම හිතන්නෙ. මේ ටික හරි කිව්වෙ, අපිට සාකච්චා කරල විසඳුමකට එන්න පුළුවනි කියල මම විස්වාස කරන නිසයි


      - සියලුම හිමිකම් පරිවර්තකයින් සතුය -

      Delete
    12. මේ බසු සෙර් මොනවා හරි කියලා, ඔලුව වන, වනා ඉන්නකොට අපේ ඔලුත් නිකම්ම වැනෙනවනේ...:P

      Delete
    13. DGMB,ගේ සාකච්චාවට- ඇත්තම කියනවනම් ප්‍රථම වරට කියවන්නන්ට වුන අපහසුතාවය මට හරියටම තේරුම් ගියෙ නෑ තාම. හැබැයි වුනා වගේ පේන නිසා මගෙ විචාර නැවැත්තුව. (දැන් විකාර විතරයි )
      නම් ගම් එච්චර වෙනස් වුනාද? මං ඒකට සම්බන්ධ නැහැයි කියල හිතනව. මං වැඩිය බැලුවෙ වචනවල තේරුම් විතරයි. ඒකෙන් මාත් ඉගන ගත්ත. ඊට අමතරව ඔය පවුල් ඉතිහාස ග්ලොසරි වගේ ඒව කිව්ව.

      සොන්යා, හිතරිදීමක් වෙලා නැහැ.කාට හරි අපහසුතාවයක් ඇතිවෙයි කියන සැකය හිතේ තියාගෙන විචාර කරන්න බෑ, එච්චරයි.
      එනිසා බස්සුන්නාන්සෙ (ඉදල හිටල සිංහදේනු, කසිප්පුකාරයන්, උත්තම උත්තමාවියනුත් නරක නෑ) අපහසුතාවයට පත් කිරීමේ ඒකායන ප්‍රාර්ථනයෙන් පමණක් විකාර කරනව

      Delete
    14. ඔය නම් පැටලෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුනා...ඇත්තටම මේ කතාවේ චරිත ගොඩයි නේ. ඉතින් මට නම් පොත කියවද්දිත්, ඊට කලින් ටීවී එකේ බලද්දිත් ටික කාලයක් යනකම් කට්ටිය පැටලුණා. පස්සේ පොඩ්ඩක් ඉස්සරහට යද්දී ඒ ගතිය හරි ගියා. ඉතින් මුලින්ම මේක කියවන අයට නම් පැටලවෙන ගතිය එන එක ස්වාභාවිකයි. ඒක එච්චර ගණන් නොගෙන ඉස්සහට කියවන් යන්න, කියල තමයි කියන්න තියෙන්නේ :)

      Delete
    15. නෑ , නම් එකක්, දෙකක් තමා වෙනස් වුනේ. අර නිරෝ කිව්වැහේ , මේ කතාවෙ තියෙන චරිත තොගේ එක්ක නම්-ගම් නිකනුත් පැටලෙනවා. ඒ. මදිවට අපබ්‍රංස නික් නේම් හෙමත් තියනවා - එඩ්ඩාර්ඩ්ට "නෙඩ්" කියනව වගේ.

      මේ කිසි එකකට Pra Jay සම්බන්ධ නෑ, එක කොලැටරල් ඩැමේජ් එකක්, මයෙ හිතේ :)

      මේ බරපතල පරිවර්තනය සාර්ථකව ඉදිරියට ගෙන යන්න, විකාර වගේම විචාරත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.

      ඒක තේරුම් ගත්ත අය අඩුගානෙ " හා, හා" කියල හරි කොමෙන්ට් එකක් කොටල යනවා :)

      Delete
    16. පිහියක් අහු උනානං බස්සනවා අගල් හත අටක්... :D

      Delete
    17. TV සීරිස් එකෙයි පොතෙයි නම් ගොඩක් වෙනස්. පොතේ ඉන්න දෙතුන් දෙනෙක් එකතු කරලා හදපු චරිත ටීවී එකේ ඉන්නවා, පොතේ ඉන්න සමහර සුපිරි චරිත ටීවී එකේ නෑ .

      ඒ වෙලාවට පිහි හත අටක් බස්සන්ට හිතෙනවා අර D & D කියන දෙන්නට.

      Delete
    18. කට්ටිය දරුණු වෙලා තියෙන තරං...:O

      Delete
  3. ජොෆ්රිටම හරියන දඩබල්ලෙක්

    ReplyDelete
  4. nice name for the hound
    brings up all the right impressions

    මොකද්ද පොඩ්ඩියේ මේ කොටස ටිරියන් විතරම ඇතිනේ .:P

    ReplyDelete
    Replies
    1. පොතේ පරිච්ඡේදය කෙටියි PoM. ආර්යාවයි මායි තීරණය කලා මීට පස්සෙ ඒ වගේ කෙටි පරිච්ඡේද එක පාරින් දාලා ඉවර කරන්ට.

      Delete
    2. එල එල
      පුළුවන් නම් ඔක්කොම එකවර හරි දාන්ට .

      Delete
  5. අඩේ මම බලාගෙන උන්නේ වැටිච්චි එකාට මක් වෙන්න ඇතිද කියලායි..

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම එකපාරටම කියන්න ඇහැක. ;-)

      Delete
  6. // ශෛලමය වංකගිරියක් වූ වින්ටෆෙල්හි කොහේහෝ තැනක සිට වෘකයෙක් උඩබුරුලෑමට පටන්ගති. එය මාළිගය පුරා පැතිර ගියේ ශෝකාලාපයක් මෙනි//

    අඳුරු පාලු ගතියක් හිත පුරාම දිවගියා . බ්‍රැන්ට කරදයක් නොවේවිනේ....

    හොඳ වැඩේ අර කුමාරයාටද මොකාටද වැදිච්ච කම්මුල් පාර :)

    ReplyDelete
    Replies
    1. දෙන්න තිබ්බේ ඕකගේ හක්ක පනින්න.

      Delete
    2. කියලා වැඩක් නෑ.

      Delete
    3. ඔයාට තිබුණනෙ ඉතින් කම්මුල් පාරට හක්ක පැන්න කියල එතන කතාව පොඩ්ඩක් වෙනස් කරන්න :)

      Delete
    4. අපොයි ඕකගේ හක්ක පන්නුවොත් එහෙම අම්මයි තාත්තයි මොනවා නොකරයිද ? :P

      කොටාව උල තියයි .

      Delete
  7. අද කතාව මදි නෙ...ඊලග දවස තෙක් බලා ඉන්නම් ඉවසිල්ලක් නැතුව.

    ReplyDelete
    Replies
    1. පොතේ පරිච්ඡේදය කෙටියි දිලානි. ආර්යාවයි මායි තීරණය කලා මීට පස්සෙ ඒ වගේ කෙටි පරිච්ඡේද එක පාරින් දාලා ඉවර කරන්ට.

      Delete
  8. අර උඩින් දාල තියෙන්නේ හවුන්ඩ්ගේ පින්තූරයක් නේ.ටිරියන්ගේ නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා දිමුත්.

      Delete
    2. මාත් ටිකක් පැටලිලා හිටියේ , ටිරියන් එක පාරට යෝධයෙක් උනේ කොහොමද කියලා :P

      Delete
    3. ෆොටෝ මාරු කලාට පස්සේ පෝස්ට් එකත් කොටවෙලා වගේ...:D

      Delete
  9. "උඹ හොඳ බල්ලෙක් වගේ මතක් කරලා දීපන්" කිව්වම මට මතක් වුනේ සිංහල ටෙලි නාට්ටියක හරි චිත්‍රපටියක හරි මම දැකපු කෑල්ලක්..

    නම මෙලෝ දෙයක් මතක නෑ සීන් එක මතකයි... ජයලාල් රෝහන දේශපාලකයෙකුට ඉන්නේ... එයා ගාව වැඩකරපු පාතාලයෙක්ව මරාදාන්න කලින් කෑම කෑවට පස්සේ අහනවා "උඹ බත් කෑවද බල්ලෝ?" කියලා...

    ReplyDelete
    Replies
    1. "පෙත්තප්පු බත් කෑවද?" කියලා අහන්නෙ ඇයිද දන්නෙ නෑ නේද? ;-)

      Delete
    2. බුරෝ අර හොරු ඉන්න පැත්‍තට වැටුන ගිරවගෙන් ඔහොම ඇහුවනං ?? :D

      Delete
    3. බීටලේ නම "බොරළු පාර"

      Delete
    4. දිගටම බීප්.. බීප්.. බීප් දාන්ට වෙයි නේද එහෙනං?

      Delete
    5. තැන්කෝ සෙන්නා.. ඒක තමයි... :)

      Delete
    6. 'බොරලු පාර' කියලා ෆිල්ම් එකකුත් තිබ්බද?

      Delete
  10. // අනික මට රුස්සන්නෙ නෑ ඔය ගෑනුන්ගෙ ඇඬිලි වැලපිලි. \\

    ආතල්ම කෑල්ල ඒක :D

    ReplyDelete
    Replies
    1. මල වදේ නේ. ජොෆ්රියා පොඩි කොල්ලා වුනාට යමක් කමක් තේ‍රෙනවා.

      Delete
    2. මම හිතුවේ ගෑනුන්ගේ කඳුලු දැක්කාම පිරිමින්ගේ හිත් බටර් වගේ උණුවෙනවා කියලනේ...හපොයි.

      Delete
  11. වින්ටෆෙල් බලකො‍ටුවෙ හතර කොනේ කුළුණු හතරක් ඇති කියලයි මං හිතුවෙ. පුස්ථකාල කුළුණ, බිඳුණු කුළුණ විතරයි ලොකු කුළුණු දෙකකට තියෙන්නෙ.

    ජේමිට තිබුනෙ උඩට යන්න ඉස්සෙල්ලා " මිනිසුන් උඩ වැඩ" කියල බිඳුණු කුළුණ යට බෝඩ් එකක දාන්න,

    ReplyDelete
    Replies
    1. වින්ටර්ෆෙල් වටේටම කුළුණු තියෙනවා. ඒත් නම් වශයෙන් කියැ‍වෙන්නෙ බිඳුනු කුළුණ, පුස්තකාල කුළුණ හා ඝණ්ඨා කුළුණ ගැන විතරයි.

      "මිනිසුන් උඩ වැඩ" ද නැත්තං "මිනිසුන් හා ගැහැණුන් උඩ වැඩ" ද?

      Delete
    2. එහෙම නෙමේ අර ලංකාවේ තියෙන්නේ ' slow men at work ' කියලා. අන්න ඒ වගේ එකක් දැම්මානම් හරි. :D

      Delete
  12. අපේ බ්‍රෑන් කොළුවට මොකද වුනේ.. අපි මේ එක බලන්නනේ හිටියේ..

    අද පොඩ්ඩයිනේ.. පොතේ මේ චැප්ටර් එකේ තිබ්බෙත් මෙච්චරද නැත්නම් දෙන්න කම්මැලි වෙලාද??

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් චැප්ටර් එකක ප්‍රමාණය අනුව ඒක කොටස් දෙකකට නැත්තං තුනකට කඩලයි දාන්නෙ. ඒකයි ඔය 01-1, 01-2 කියලා වැටෙන්නෙ. මේ චැප්ටර් එක පොඩියි. කොටස් දෙකකට කැඩුවහම ඒක පොඩ්ඩයි ව‍ගේ තමා පේන්නෙ දිනේශ්. මීට පස්සෙ මේ වගේ පොඩි චැප්ටර් එකක් තිබ්බොත් දිගයි කියලා බලන්නැතුව එකපාරින් දාලා ඉවරකරන්නං.

      Delete
  13. මෙයා (ටිරියොන්) එනකන් තමා මම බලන් හිටියේ. මම කැමතිම එක්කෙනෙක්... :)
    දඩබල්ලා - නියම නම!

    පොඩ්ඩි & බුරා : දඩබල්ලා කියන්නේ සැන්ඩෝර් ට කියලා කියවෙනවද? ඒක මුල් පාඨකයන් ට තේරුනාද දන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. There is a live glossary running in Niro. When you hover over that red-coloured word, you can see a tool-tip appears.

      Delete
  14. ඊලඟ එක අද නෙ, මට දෙකම කියවලා යත හැකි එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. තව චුට්ටක් ඉන්ට එහෙනම්. කොහෙවත් යන්ට එපා...:D

      Delete
    2. හා.. මේ රිෆ්‍රෙශ් කර කර බලන් ඉන්නෝ..:D

      Delete