Friday 18 July 2014

ජොන් - 01-2


"රැජිණත් තරහින් ඉන්නෙ." ජොන් සිය බාප්පාට කෙඳිරුවේ ය. "තාත්තා අද දවල් රජතුමා එක්කරන් ගියා පහළ සොහොන් ගෙවල් බලන්ට. රැජිණ ඒකට එච්චර කැමැති වුනේ නෑ."

බෙන්ජින් ජොන් ‍දෙස පරීක්ෂාකාරී මැන බලන අන්දමේ බැල්මක් හෙලී ය. "උඹට කිසිම දෙයක් ‍ලේසියෙන් මග ඇරෙන්නෙ නෑ නේද ජොන්? උඹ වගේ එකෙක් අපට ප්‍රාකාරෙදි ‍ගොඩක් ප්‍රයෝජනවත් වෙයි."

ජොන් ආඩම්බරයෙන් පිරී ගි‍යේ ය. "‍රොබ් ලන්සෙන් සටන් කරද්දි මට වඩා ‍ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඒ වුනා‍ට මං තමා කඩු හරඹෙට දක්ශයා. අනික හලන් කියනවා මං බලකොටුවෙ අනිත් ඕන කෙනෙක් තරම්ම හොඳින් අශ්වයා පිටේ යනවා කියලා."

"සැලකිය යුතු මට්ටමේ දෙයක්."

"ඔයා ආයෙමත් ප්‍රාකාරෙට යනකොට මාවත් එක්කරන් යන්ට. ඔයා ඇහුවොත් තාත්තා බෑ කියන එකක් නෑ. මං දන්නවා."

බෙන්ජින් ඔහු ගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බැලී ය. "ප්‍රාකාරෙ කියන්නෙ කොල්ලෙකුට හරිම අමාරු තැනක් ජොන්."

"මං දැන් ගොඩක් දුරට වැඩුන මිනිහෙක්." ජොන් විරෝධය පෑවේ ය. "ඊළඟ උපන්දිනේට මට පහළොව ලබනවා. මේස්ටර් ලුවින් කියන්නෙ අවජාතකයො අනිත් සාමාන්‍ය ළමයින්ට වඩා ඉක්මනින් වැඩෙනවා කියලයි."

"ඒක ඇත්ත." මේසය මත තිබුනු ජොන් ගේ කුසලාණ අතට ගෙන නැවත වයින් පුරවා ගත් බෙන්ජින් ලොකු උගුරක් බී‍වේ ය.

"ඩෝර්න් යටත් කරද්දි ඩේරන් ටාර්ගේරියන්ට අවුරුදු දාහතරයි‍." ජොන් කීය. මේ තරුණ මකරා ජොන් ගේ ලෝකයේ එක් වීරයකු විය.

"මුළු ගිම්හානයක් පුරාවටම සිද්ධ වෙච්ච යුද්ධයක්. ඩෝර්න් අල්ලන්ට එයා මිනිස්සු දහදාහක් බිල්ලට දුන්නා. ඒක රැකගන්ට එයාට තව පනස්දාහක් බිලිදෙන්ට වුනා. කවුරු හරි එයාට කියන්ට තිබුනා යුද්ධය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි කියලා." ඔහු තවත් වයින් උගුරක් බී‍වේ ය. "අනිත් එක, ඩේරන් ටාර්ගේරියන් මැරෙද්දි එයාට යාන්තං දහඅටක් වුනා විතරයි. උඹට ඒ කෑල්ල අමතක වුනාද?"

"මට ‍මොකුත් අමතක වෙලා නෑ." ජොන් කීය. පානය කරන්නට යෙදුනු වයින් විසින් ඔහුව එඩිතර කර ඇත. ඔහු කොන්ද කෙලින් කර හිඳගත්තේ වඩාත් උස් බවක් පෙන්වීමට ය. "මට නිශා රැකුම් බලකායෙ සේවය කරන්ට ඕන බාප්පෙ."

රාත්‍රියේ සිය සොයුරන් ඔහු අවට නිදා සිටිද්දී නිදි ඇඳේ සිටි ජොන් බොහෝ වාරයක් මේ ගැන තදින් සිතා බලා තිබින‍. මතු යම් දිනෙක රොබ් වින්ටර්ෆෙල්හි හිමිකරුවා වනු ඇත. උතුරේ අධිපතියා වශයෙන් ඔහු සුවිසල් හමුදාවන්ට අණ දෙනු ඇත. බ්‍රැන් හා රිකන් රොබ් ගේ ධජ ඔසවාගෙන යනු ඇති අතර ඔහු ගේ නමින් බලකොටු පාලනය කරනු ඇත. ඔහු ගේ සොයුරියන්, ආර්යා හා සන්සා, වෙනත් උසස් වංශවත් පවුල්වල උරුමක්කරුවන් හා විවාහ වී දකුණේ පිහිටි එම බල‍කොටුවල ස්වාමි දූන් මෙන් යනු ඇත. නමුදු ඔහු වැනි අවජාතකයෙකුට කවර නම් ස්ථානයක් හිමි වනු ඇත්ද?

"උඹ ඔය අහන්නෙ මොකක් ගැනද කියලා උඹට තවම හරියට තේරුමක් නෑ ජොන්. නිශා රැකුම කියන්නෙ දිවුරුම් දුන්න සහෝදරත්වයක්. අපට පවුල් නෑ. අපේ කිසිම කෙනෙකුට කවදාවත් ළමයෙකුට තාත්තා කෙනෙක් වෙන්ට බෑ. රාජකාරිය කියන්නෙ අපේ ගෑනි. ගෞරවය කියන්නෙ අපේ හොර ගෑනි."

"අවජාතකයෙකුට වුනත් ගෞරවයක් ලබන්ට පුළුවන්. මං සූදාණම් නිශා රැකුම වෙනුවෙන් දිවුරන්ට."

"උඹ අවුරුදු දාහතරක කොල්ලෙක්. උඹ මිනිහෙක් නෙවෙයි. තාම මිනිහෙක් නෙ‍වෙයි. උඹ ගෑනියෙක් එක්ක එකතු වෙනකං උඹට තේරෙන්නෙ නෑ උඹ ඔය මොකක්ද නැති කරගන්ට යන්නෙ කියලා."

"මං ඒ ගැන වදවෙන්නෙ නෑ."

"උඹ වදවෙයි, උඹ දන්නවනං මොකක්ද ඒකෙ තේරුම කියලා." බෙන්ජින් කීය. "ඒ දිවුරුම නිසා උඹට මොනා මොනා නැති වෙනවද කියලා උඹ දන්නවනං උඹ ඒකට ඔච්චර උනන්දු වෙන්නෙ නෑ පුතා."

සිය සිරුර තුළ කේන්තිය නැග එනු ජොන්ට දැනුනි. "මං උඹේ පුතා නෙවෙයි."

බෙන්ජින් ස්ටාර්ක් නැගිට්ටේ ය. "ඒක බොහොම කණගාටුවට කාරණයක්." ඔහු ජොන් ගේ උරහිස මත අතක් තැබී ය. "උඹේම අවජාතක‍යො කීප දෙනෙකුට තාත්තා වුනාට පස්සෙ ආයෙමත් ඇවිත් මාව හම්බ වෙයං. එතකොට අපි බලමු උඹට කොහොමද හිතෙන්නෙ කියලා."

ජොන් වෙවුලා ගියේ ය. "මං කවදාවත් අවජාතකයෙකුට තාත්තා වෙන්නෙ නෑ. කවදාවත් නෑ." ඔහු ගේ වදන් විෂ මෙන් පිටතට විද්දේ ය.

හදිසියේම ජොන්ට පෙනී ගියේ මුළු මේසයම සිය කතා නවත්වා ඔහු දෙස බලා සිටින බවයි. සිය දෑස් අගින් කඳුළු උනනු ඔහුට දැනුනු අතර ඔහු නැගී සිටියේ ය.

"මට සමාවෙන්ට." සිය අවසාන ගරුත්වය කැටි කර ගනිමින් ජොන් කීය. සැනෙන් ආපසු හැරුනු ඔහු ඉදිරියට යාමට පියවර එසෙවුවේ ඔවුන් ඔහු ගේ කඳුළු දකිනු ඇතැයි යන බියෙනි. සිතුවාට වඩා වැඩිපුර ඔහු වයින් බී ඇති සේ ය. දෙපා පැටලුනු ඔහු පැත්තකට ඇලවී ගොස් සේවිකාවක ගේ සිරුරේ හැපීම නිසා ඈ අත තිබුනු වයින් ගුරුලේත්තුවක් විසි වී ගොස් බිම වැටී බිඳුනි. ඔහු වටකර දසතින්ම සිනා හඬ ඇසෙන්නට වූ අතර සිය කම්මුල් දිගේ කඳුළු වැල් ගලා යනු ජොන්ට දැනින. කවුරුන් හෝ කෙනෙකු ඔහුව කෙලින් කිරීමට උත්සාහ කල අතර ඔහු ගේ ග්‍රහනයෙන් මිදුනු ජොන් අඩක් නොපෙනෙන දෑසින් යුතුව දොර දෙසට දිව ගියේ ය. ගෝස්ට් ද ඔහු පසුපසින් පිටත රාත්‍රී අන්ධකාරය වෙතට දිව ගියේ ය.

පිටත අංගනය හිස් සහ නිශ්ශබ්ද වූ අතර ඇතුළත ප්‍රාකාරය මුදුනේ තනි මුර ‍සෙබළෙක් පමණක් මුරකාවලෙහි යෙදී සිටි‍යේ ය. ඒ හැරෙන්නට බලකොටුව අඳුරු හා පාළු එකක් මෙන් පෙනින. ජොන් වරක් අත හැර දැමුනු බලකොටුවක් දැක තිබුනු අතර ඔහුට අද රාත්‍රියේ වින්ටර්ෆෙල් දුටු විට සිහි වූයේ එම බලකොටුව ය.

ඔහුට පිටුපසින් තිබුනු ජනේල‍යෙන් සංගීතය හා අනෙකුත් ශබ්ද පිටතට ගලා ආවේ ය. ජොන්ට අසන්නට අවශ්‍ය වූ අවසානම දෙය එය වූ අතර සිය කමිස අතින් දෑසේ කඳුළු පිස දැමූ ඔහු ආපසු යන්නට හැරුනි.

"කොල්ලා." කවුදෝ ඔහු ඇමතී ය. ජොන් හඬ ආ දෙසට හැරුනි.

ප්‍රධාන ශාලාවට ඇතුළුවන දොරටුවට ඉහළින් වූ ගැටිය මත ටිරියන් ලැනිස්ටර් වාඩි වී සිටියේ ය. කුරුමිට්ටා ඔහු දෙස බලා සිනාසුනි. "ඔය සතා වෘකයෙක්ද?"

"ඝෝරවෘකයෙක්. උගේ නම ගෝස්ට්." ඔහු කුඩා මිනිසා දෙස බලාගත්වනම සිටියේ ය. "ඔබ මොකද ඔතනට වෙලා කරන්නෙ? ඇයි ඔබ භෝජන සංග්‍රහයට සහභාගි වෙන්නෙ නැත්තෙ?"

"ඇතු‍ළෙ හරි රස්නෙයි. සද්දෙත් වැඩියි. අනෙක මං ඕනවටත් වඩා වැඩිපුර වයින් බිවුවා. බොහොම කාලෙකට ඉස්සර මං ඉගෙනගත්ත දෙයක් තමා තමන්ගෙ සහෝදරයගෙ ඇඟට වමනෙ දාන එක හරිම අශෝබන දෙයක් කියලා. මට උඹේ වෘකයව ළඟට කිට්ටුවෙලා බලන්ට පුළුවන්ද?"

ජොන් තැතනුවේ ය. ඊට පසු හෙමිහිට හිස සැලීය. "ඔබට බිමට බහින්ට පුළුවන්ද? නැත්තං මං ඉණිමගක් අරන් එන්ටද?"

"අනේ පලයං බං යන්ට." කුඩා මිනිසා කීවේ ය. ඊළඟ මොහොතේ ඔහු හිඳ සිටි ගැටියෙන් පිටතට පැන්නේ ය. තිගැස්සුනු ජොන් මවිතයෙන් බලා සිටියේ බෝලයක් මෙන් වක ගැසී ගුවනට පිනූ ටිරියන් ලැනිස්ටර් සැහැල්ලු අන්දමින් සිය දෑත් මතින් පොළවට පතිත වී ඒ සැනින් දෙපයින් සිටගන්නා අන්දමය.

ගෝස්ට් නොසන්සුන් අයුරින් ඔහුගෙන් ඈත් වුනි.

සිය ඇඳුම්වල දූවිලි ගසා දැමූ කුරුමිට්ටා සිනාසුනි. "මං හිතන්නෙ මං උඹේ වෘකයා බය කලයි කියලා. මට සමාවෙන්ට."

"ඌ බය වෙලා නෑ." ජොන් පිළිතුරු දුන්නේ ය. බිම දණගැසූ ඔහු වෘකයා ඇමතී ය. "ගෝස්ට්. මෙහෙ වරෙන් හොඳ එකා වගේ. ආන්න එහෙම."

වෘක පැටවා හෙමිහිට විත් සිය හොම්බ ජොන් ගේ මුහුණේ ඇතිල්ලුවේ ය. එහෙත් ඌ ටිරියන් ලැනිස්ටර් දෙස පරීක්ෂාකාරී ඇසක් යොමාගෙන සිටියේ ය. කුරුමිට්ටා ඌ සුරතල් කිරීමට අත දිගු කල විට සැනෙන් පසුපසට ගිය ඌ නිහඬවම දත් විලිස්සී ය. "ඌ කුලෑටියි නේද?" ලැනිස්ටර් කීය.

"ඉඳගනිං ගෝස්ට්." ජොන් අණ ක‍ලේ ය. "ආන්න හරි. හොඳ එකා. දැන් ඔහොම හෙල්ලෙන්නෙ නැතුව ඉඳපං." ඔහු කුරුමිට්ටා දෙස බැලුවේ ය. "ඔබට දැන් ඌව අල්ලන්ට පුළුවන්. ඌ මං කියනකං හෙල්ලෙන්නෙ නෑ. මං ඌ පුහුණු කරනවා."

"මට පේනවා." ලැනිස්ටර් කීය. ඔහු වෘක පැටවා ගේ හිස පිරිමැද්දේ ය. "හොඳ වෘකයා."

"මං මෙතන හිටියෙ නැත්තං ඌ ඔබේ බෙල්ල ඉරලා දාවි‍‍." ජොන් කීවේ ය‍. එය තවමත් සිදු විය නොහැකි දෙයක් වුවද පැටවා වැඩුන පසු අනිවාර්යයෙන්ම සිදු විය හැකි දෙයකි.

"එහෙමනං උඹ මගෙ කිට්ටුවෙන් ඉන්න එක කෝකටත් හොඳයි." කුරුමිට්ටා කීය. හිස පසෙකට ඇල කල ඔහු සිය අසමාන දෑසින් ජොන් දෙස බැලී ය. "මං ටිරියන් ලැනිස්ටර්."

"මං දන්නවා." ජොන් නැගිට්ටේ ය. ඔහු කුරුමිට්ටාට වඩා උස් වූ අතර එය ඔහු ගේ සිතේ අමුතුම හැඟීමක් ඇති කලේ ය.

"උඹ නෙඩ් ස්ටාර්ක්ගෙ අවජාතකයා නේද?"

සිය සිරුර පුරා සීතලක් දිව යනු ජොන්ට දැනුනි. සිය දෙතොල් තද කරගත් ඔහු කිසිවක් නොකීවේ ය.

"මං උඹේ හිත රිද්දුවද? සමාවෙන්ට, කුරුමිට්ටො එච්චර නුවණෑති එවුන් නෙවෙයි. පරම්පරා ගානක බම්මන්නො කරපු දේවල් නිසා මට කිසිම බයක් නැතුව ඕන කබල් ඇඳුමක් අඳින්ට පුළුවන්. කටට එන දෙයක් කියන්ට පුළුවන්." ඔහු නියෙවුවේ ය. "කොහොමවුනත් උඹ තමා අවජාතකයා නේද?"

"එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් උතුමාණන් කියන්නෙ මගෙ තාත්තා තමා." ජොන් පිළිගත්තේ ය.

ලැනිස්ටර් ඔහු ගේ මුහුණ අධ්‍යයනය කරන්නට විය. "ඔවු. මට ඒක පේනවා. උඹේ ස‍හෝදරයන්ට වඩා උඹේ මූනෙ උතුරුකරේ පෙනුම තියෙනවා."

"මගේ අර්ධ සහෝදරයො." ජොන් ඔහුව නිවැරැදි කලේ ය. කුරුමිට්ටා කී දේ නිසා ඔහු ගේ සිතේ සතුටක් ඇතිවුවද ඒ බැව් නොපෙන්වීමට ඔහු තැත් කලේ ය.

"මං උඹට පොඩි අවවාදයක් දෙන්නං අවජාතකයො. උඹ කවුද කියන එක කවදාවත් අමතක කරන්ට එපා. මොකද අනිවාර්යයෙන්ම ලෝකයා ඒක අමතක කරන්නෙ නෑ. ඒක උඹේ ශක්තිය කරගනිං. එතකොට ඒක කවදාවත් උ‍‍ඹේ දුර්වල කම වෙන්නෙ නෑ. ඒකෙන් සන්නද්ධ වෙයං. එතකොට උඹට රිද්දන්ට ඒක පාවිච්චි කරන්ට පුළුවන් වෙන්නෙ නෑ."

‍ජොන් සිටියේ කිසිවෙකු ගේ අවවාදයක් පිළිගත හැකි මට්ට‍මේ මනෝභාවයක නොවේ. "ඔබ මොනාද දන්නෙ අවජාතකයෙක් වෙන එක ගැන?"

"හැම කුරුමිට්ටෙක්ම එයාගෙ තාත්තගෙ ඇස් දෙකට පේන්නෙ අවජාතකයෙක් වගේ."

"ඔබ ඔ‍බේ අම්මාගෙ බඩෙන් නියම ආකාරයට ඉපදුන ලැනිස්ටර් කෙනෙක්."

"එහෙමද?" ටිරියන් පිළිතුරු දුන්නේ කර්කශ උපහාසයෙනි. "අනේ කරුනාකරලා ඒක ගිහිං කියපංකො මගෙ වංශාධිපති තාත්තට. මං ඉපදුනු ගමන් ම‍ගේ අම්මා මැරුනා. තාත්තා කවදාවත් ඒ කාරනේ ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ."

"මං දන්නෙ නෑ කවුද මගෙ අම්මා කියලවත්." ජොන් කීවේ ය.

"කවුරුහරි ගෑනියෙක්. කිසිම සැකයක් නෑ." ඔහු ජොන්ට දුක්ඛිත සිනහවකින් සංග්‍රහ කලේ ය. "මේක මතක තියාගනිං කොල්ලො. හැම කුරුමිට්ටෙක්ම අවජාතකයෙක් වෙන්ට පුළුවන්, ඒත් හැම අවජාතකයෙක්ම කුරුමිට්ටෙක් වෙන්ට ඕන නෑ." ඊළඟ මොහොතේ ආපසු හැරුනු ඔහු උරුවම් බාමින් අලස ලෙස ශාලාව දෙසට ඇවිද යන්නට විය. ඔහු ශාලාවේ දොර ඇරිය විටදී ඇතුළත ආලෝකය විසින් පිටත සෙණ්ඩුවාලුව පුරා ඔහු ගේ ඡායාව ඇඳ දැක්වී ය. එකම එක මොහොතකට ටිරියන් ලැනිස්ටර් රජෙකු තරම්ම උසට නැගී සිටියේ ය.


Tyrion Lannister: "All dwarfs may be bastards, yet not all bastards need be dwarfs."

80 comments:

  1. හම්මේ...
    අද කොටහ නං පට්ට...
    කුරුමිට්ට හරි...
    අවජාතක සීන් එක ගැන...
    ඒක වෙනත් ඕන දේකට ආදේශ කරන්න පුළූවං...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුරුමිට්ටා ගොඩක් වෙලාවට හරි. :-)

      ජයවේවා!

      Delete
  2. සෙණ්ඩුවාලුව කියල පරිවර්තනය කරපු ඉංග්‍රීසි වචනේ මොකක්ද? Courtyard ද?

    ReplyDelete
  3. //""ගෑනියෙක් එක්ක එකතුවෙනකන් තේරෙන්නේ නෑ මොකක්ද නැතිකරගන්න යන්නේ කියලා "/// හැබෑටම මොකක්ද දැන් ඔය නැතිකර ගන්න යන්නේ ...මටත් තේරුනේ නෑ :P

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් තියනව. අදහස තියෙන්නෙ ගෑණු ආශ්‍රය කිරීම තහනම් හමුදාවක්ට ජොයින් වුනාම නැති වෙන දේ.
      හැබැයි ඔය ලියල තියන විදිහට උත්තර දෙන්න පුලුවන් "නිදහස" කියලත් :-D

      නැද්ද Ser Bur the Bald? ගෑණුත් එක්ක ජොයින්ට් වෙන්චර් එහෙම කරනවද?

      Delete
    2. Pra Jay - ඉතිං මේ බ්ලොග් එකත් එහෙම ජොයින්ට් වෙන්චර් එකක් නොවැ..

      අද මාරයා පෙන්න නෑ වගේ

      Delete
    3. Lady Pod, මම නෙමෙයි කිව්වෙ ඉවාන්

      Delete
    4. ඉතිං ප්‍රා නේ කියන්නේ කිව්වේ :P

      Delete
    5. මගේ රෝල් එක මෙතන අර නානසාදුගෙ එකනෙ. මම ගිනිපෙට්ටිය දෙනව , ගිනිතියන්නෙ වෙන අය

      Delete
    6. මේ සැරේ නම් දුන්නේ ලයිටරේ ... :D

      Delete
    7. මං අහිංසක පක්සියා ආයිබොවං
      (පෙර අයිතිකාරයා හලලා දාල තිබිල මං අහුලගත්ත )

      Delete
    8. පක්සියා කිව්වෙ, කොට්ටෝරුවෙක් වෙන්ටෑ? වැල් කම් ‍ටු ද පාටි, මේට් :)

      මං , මේ වැදගත් තාලෙට හොට පියාගෙන ඉන්න බලනවා. කෝ, ඉන්න දෙන්නෙ නෑ නෙව ?

      Delete
    9. Ivan,

      :-P


      ඔය සම්පප්‍රලාඵ කිය කියා ඉන්නෙ නැතුව අර දෙවෙනි පොත පරිවර්තනයට අත ගැහුවානං PJ.

      Delete
    10. @ප්‍රා,

      මෙයා අහිංසක පක්ෂියානම්, අර අහිංසක පක්ෂියට කියන්ට දෙයක් නැතිවෙනවනේ. :P

      Delete
  4. හ්ම්ම් ඊළඟට හඳුන්වල දෙන්නෙ කවුරු වෙයිද... කතාව ආපහු නැරඹීමේ ආසාවකුත් ආව මේක කියවල. ලිවිල්ල හොඳටම හොඳයි :)

    ReplyDelete
    Replies
    1. මටත් දැන් මුලු පොත් සෙට් එකම ආයෙමත් කියවන්ට ආසාවක් ඇතිවෙලා තියෙන්නෙ. මුලදි මගඇරුනු කෑලි දැන් ආයෙ කියවද්දි අහුවෙනවා.

      Delete
    2. බුරා - මටත් මුලදී මගඅරුණු කෑලි සමහර වෙලාවට හම්බවෙනවා .. හැබැයි සමහරු බැඳලා ළමයිනුත් ඉන්නවා ... :D :D

      Delete
    3. අර සුරංගා එහෙම ආයෙ හම්බවුනේ නැද්ද? ;-)

      Delete
    4. ආයේ හම්බ වුනොත් ඉතිං කැනඩා ගිය වෙලාවක තමා

      Delete
    5. හා ඉවාන්
      එතකොට අහන්න තියෙන්නෙ තාම පාවිච්චි කරන්නෙ පරණ ෆෝන් නම්බරේමද නංගි කියල :D

      Delete
    6. @ඉවාන්,

      කවුද මේ සුරංගා? මම නම් කැනඩාවේ දන්නේ එකම එක්කෙනයි. එයත් පක්ෂියෙක්....:D

      Delete
  5. just how i pictured the way benjen stark would speak.

    But i do miss the part where tyrion says , “Some woman, no doubt. Most of them are.” He favored Jon with a rueful grin.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එහෙන් මෙහෙන් වචන හැලෙනවා. ගනන් ගන්ට එපා. :-)

      Delete
    2. සමහර කෑලි නම් හැලෙනවා නෙමේ හිතලා හලනවලු...:D

      Delete
  6. අර අවවාදය නම් හරිම වටිනා එකක්. අපි හැමෝටම පුළුවන් නම් ලෝකයා අමතක නොකරන අපේ අඩුපාඩු ශක්තියක් බවට හරවාගන්ට ! (ඔන්න මං ආපහු යන්ට එන්ට ලියනවා...අපෙ අම්මගෙ විදිහට)

    ReplyDelete
    Replies
    1. ටිරියන් හොඳ හොඳ කතා කියනවා. බලමුකො තව ඉස්සරහට.

      Delete
  7. ලස්සන පරිවර්තනයක්..ඊලඟ කොටස එනතුරු ඉන්නේ නොඉවසිල්ලෙන්..:)
    කොටින්ම මේ ටැබ් එක ක්ලෝස් කරන්නෙම නෑ අමතක වෙයි කියලා බයට..

    ReplyDelete
    Replies
    1. ඒක බුක්මාර්ක් කරගත්තොත් ලේසි නැද්ද? :-)

      Delete
    2. බුක්මාර්ක් කරල ඊමේල් නෝටිෆිකේෂන් ඔන් කරල ඔක්කෝම කරල තියෙන්නේ ඒත් ක්ලෝස් නොකර ඉන්නේ කතාව එච්චර රසවත් නිසා..මම කතාව නම් ඔක්කෝම බලල තියෙනවා ඒත් මේක ලස්සනට ලියලා තියෙන නිසා ෆලෝ කරනවා..:)

      Delete
  8. සෙන්ඩුවාලුව කියන්නෙ මොකක්ද කියල මටත් ප්‍රශ්නයක් ආවා.

    ReplyDelete
    Replies
    1. සෙණ්ඩුවාලුව = බලකොටුවක අංගනය

      Delete
  9. Interesting.. Guess that guy will get the chance to go where he desire... If he don't need it, why force him? Anyway, nice post again, enjoyed it.. And one more thing- I suggest to use something like "From the previous episode" or some other thing like that instead of "From previous week", because this story is not running on weekly basis....

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ල හදන්නම්. මටත් ඕක කල්පනා වුනා, ඒත් කම්මැලිකම නිසා නිකං හිටියා. :-)

      Delete
  10. පව් ජෝන්...:(

    ReplyDelete
  11. “He has a song,” the man replied. “He is the prince that was promised, and his is the song of ice and fire.”
    මකර ටර්ගේරියන් වන්ශෙ ගින්නයි ස්ටාර්ක් වන්ශෙ අයිසුයි එකතුවුණාම නේද මේක වෙන්නෙ. ජොන් ලියානගෙයි රේගාර්ගෙයි පුතා වෙන්න බැරිද? කව්ද අන්තිමේ රජ වෙයි කියල හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ජොන් ලියානා ස්ටාර්ක්ගෙයි රේගාර් ටාර්ගේරියන්ගෙයි පුතානම් සින්හාසනේට වැඩිම අයිතිය තියෙන්නෙ එයාට.
      සාධාරණ එඩාර්ඩ් ඇයි ජොන්ගේ අම්ම කව්ද කියන්නෙ නැත්තේ.
      කැට්ලින්ට ගොඩක් ආදරේ ස්ටාර්ක් වෙන ගෑනියෙක් එක්ක ඉන්න පුලුවන්ද.
      කැට්ලින් ජොන් ස්ටාර්ක්ගෙ පුතෙක් කියල විශ්වාස කරන්නෙ නැහැ.
      ජෝන් ලියානා ස්ටර්ක් ගෙ පුතා නෙඩ්ගෙ බෑණ මන් හිතන්නේ. අන්තිමේ මෙයා රජ වෙයි. ඩිනේරිස්ටත් වඩා රජ උරුමෙ මෙයාට තියෙන නිසා. තාම ලියපු පොත්වල ජෝන් මැරුන් නැහැ නේද?

      Delete
    2. අපි බලන් ඉමු මාර්ටින් ලොක්කා කතාව කොයි පැත්තට හරවයිද කියලා.

      Delete
    3. True. But what can I do? Ban them? :-(

      People who know the full story should be reasonable to restrain from publishing such spoilers. They should've understand by themselves that, it's not fair. :-)

      Delete
    4. මම හිතන්නේ අන්තිමට ජොන් රජවෙලා, ඩනේරිස්ව බඳී...එහෙම තමා මේ කතාව ඉවරවෙන්නේ...:D:D

      Delete
    5. @ poddi,
      in ur dreams.

      its not fair to anyone to spoil the story
      some forums have a different sections to ppl who has finished the whole thing. i know a place where you have to put in the book you are in and they only show the discussions and theories up to there.

      Delete
    6. I was kidding Goda…:)

      In my dreams I see someone else not Jon. :D

      And thanks. Have to discuss this with Bura.

      Delete
    7. It is just a theory of fans. so chill. we can't say anything for sure at this point coz Martin is not finished the story yet. there are two more volumes to come in future. :D :D

      Delete
  12. ඊලඟ චරිතය කවුරු වෙන්න ඇතිද?
    පරිවර්තනය කරපු එක උනත්, කාටත් තේරෙන විදියට ලිවිල්ල හරිම සරළයි.!

    ReplyDelete
  13. කලින් කොටසත් එක්කම කියෙව්වා. ගෙදර නොහිටියත් කතාව ගැන හරියට මතක්වුනා. ඉස්සරකාලෙ අර " අබිං කෑම අත් හරින්න බැහැ වගේ" කියන්න මේ වගේ පුරුදුවුන දේවල් අත් හරින්න බැහැ කියන එක වෙන්න ඇති.

    කොහොම උනත් මගේ වීරයා ජොන් තමා. ගෑණු ළමයින්ගෙන් ඩැනේරිස්ට තමා දැනට කැමති. කතාවේ රසවත් බව දවසින් දවසම වැඩිවෙනවා. කලින් කොටසට කමෙන්ට් එකක් දැම්මෙ නැහැ , කමක් නැහැනෙ නේද?

    ReplyDelete
    Replies
    1. බෑ බෑ බෑ. එ‍හෙම කරන්ට බෑ. ඔයා පොරොන්දු වෙලා තියෙන්නෙ හැම පෝස්ට් එකකටම කමෙන්ට්ස් තුන ගානෙ දානවා කියලයි.

      Delete
    2. හරි හරි එහෙනම් හෙට දාන්නම් , හැබැයි ඒවට උත්තරත් ඕනේ :)

      Delete
    3. ඔයාට අමතක වෙලා. තුන දාන්නේ මට. ඔයා මෙයාට පහ ගානේ දානවනේ. :P

      Delete
  14. දනේරිස් වගේද මාජරින්? :)

    සන්සා මැට්ටි කියල කවුදෝ කිව්ව නිසා මං එයාව ඩ්‍රොප් කලා

    ReplyDelete
    Replies
    1. උඹ ඔය එකේක උදවිය කියන දේවල් වැඩිය ගනන් ගන්ට එපා. :-)

      Delete
    2. බස්සටත් දැන් මාජරීන්ට හිත ගිහිල්ලද ;)

      Delete
    3. හැමෝම හිතාගන ඉන්නේ මැට්ටි කියල තමයි. but she could become a fine player, under the current circumstances.

      Delete
    4. මෙලාකට කවුරු හරි ගෑනු ලමයෙක් බස්සට ඕක කියන්ට ඇති.

      කොහොමත් ඉතින් මාජරින් කියන්නේ ඉකමන්ට උණුවෙන (හොට්) දෙයක්නේ. ඉතින් බස්සෝ කැමතී...:)

      Delete
  15. මේ නිශාරැකුම් බලකායාට සම්බන්ධ වෙද්දී වෙන පොරොන්දුව විවාහ වෙන්නේ නෑ කියන එකද? එහෙම නැතිනම් කාන්තාවක් එක්ක ආදර සම්බන්ධතාවක් පවත්වන්නේ නෑ කියන එකද..? ඒක එහෙමනම් නිශාරැකුම් බලකාය කියන්නේ සමලිංගික සේවනය යහමින් තියෙන තැනක් වෙන්ඩ ඕනේ... කෝ බලමු උන්ගේ කොඩිය...?

    ReplyDelete
    Replies
    1. marriage is prohibited.
      they have the finest auth i have ever heard.

      Delete
    2. I shall take no wife, hold no lands, father no children...

      ඒ පොරොන්දුවෙ බ්‍රහ්මචාරී වීමක් ගැන කියැවෙන්නෙ නෑ. විවාහ වෙන්ට තමා තහනම්. ප්‍රාකාරෙට කිට්ටුම නගරෙ වෙන 'මෝල්ස් ටවුන්' වල ලොකු ගණිකා මඩමක් තියෙනවා. :-)

      Delete
    3. @බීටලේ,

      (කාන්තාවක් එක්ක ආදර සම්බන්ධතා පවත්වන්නේ නෑ කියන එකද?)

      පිරිමි මෙහෙම ඒවත් දන්නවලුද? :D

      Delete
  16. මෙතනින් තමයි මුලින්ම ටයිරන් ගැන ඔළුවට වැදුණු තැන. එදා ඉදන් කැමතිම චරිතේ. ජෝන් හොද උණාට වෙලාවකට කම්මැලි හිතෙනවා. ඒත් කොටා ඉන්න කොටසක් ගලාගෙන යනවා පුදුම ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. බුවා සාධාරණ කොටෙක් නේ. :-)

      Delete
  17. සිංහලෙන් අර්ථය වඩාත් තීව්‍ර වන ආකාරයට වචන යෙදීම සාර්ථකයි. උඹ, කොල්ලා, වැනි වචන යෙදීම හොඳින් ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක!

      Delete
  18. තොපේ මේ උලව් පරිවර්තනයක් හින්දා මට මේ වෙද්දී සෑහෙන්න පාඩු වෙලා තියෙන්නේ... දැන් මේ ටිකකට කලියෙන් තිස් වෙනි කොටසත් බලලා ඉවර කලා... එහෙං වැඩ ගොඩගැහිලා.. අද පාන්දර තුනටවත් නිදා ගන්න වෙන එකක් නැහැ... අනිත් පැත්තෙන් මගේ බයිට් යකුනේ... මෙහෙම ගියොත් බ්ලොග් එකක් හින්දා හිඟන්නෙක් උන පලවෙනි එකා කියලා මාවත් ඉතිහාසෙට එකතු වෙයි... :D

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මේ වගේ කමෙන්ට්ස් දකිනකොට අපට කොච්චර සතුටක් දැනෙනවද කියලා? අපේ පරිවර්තනය නිසා තව කීපදෙනෙක් හරි අලුතෙන් කතාව රසවිඳින්ට පටන්ගන්න එක. :-)

      Delete
    2. අම්මපා මාරයෙක්ටත් වෙච්ච දෙයක්.. හොද වැඩේ.. අර කුරුල්ලෝ මර මර ඌරෙක් තලන් බුකියට වෙලා ඉන්න වෙලේ මෙහෙම එකක් කලාම මොකද වෙන්නේ..

      Delete
  19. කුරුමිට්ටා හැස් අ පොයින්ට් කියලා තමයි කියන්න වෙන්නේ.. තමන්ගේ දුර්වල කම කාටවත් පලිහක් වෙන්න ඉඩ දෙන්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. නියම කතාව නේ දිනේශ්? :)

      Delete
  20. පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ
    දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
    තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
    කියනව අපි ඔ‍ටුනු කෙලිය කවි-යෙන් කර ප්‍රබන්ධ

    කිරෙන් සපිරි වෙස්ටරෝසෙ අසුවුනි බරතියං රජුට
    මරවාලා මකර රජුව බලේ ගත්ත ඔහුගෙ අතට
    පිටින් ආව ලැනිස්ටර්ලා ඇවිත් පිරුනා අග නගරෙට
    ඔවුන් අතර හිටිය කොටකදෙනිය කියල කෙනෙක් යසට

    මෙකලා වීරයෙක් උනා අවජාතක කියල සොඳට
    සිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුර සිද්දෙට
    ලැබිලා මුර තනතුරකුත් පසුව ගියා තාප්පෙකට
    එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට

    බලන්න පුදුමයි මහතුනි බුරාගෙ ඒ ඔ‍ටුනු කෙලිය
    එතනට චන්ඩියා තමයි සේද වත්තෙ PJ ගොයිය
    ඊළඟ පොත පෙරලාපං කිව්ව ගමන් "බෑහ්" කිව්ව
    ඉස්පොයිලර් මඳ පමණින් කඩ්ඩෙන් දෙයි ගෝඩා ගොයිය

    - නෙයිනගෙ සූදුව අනුසාරයෙන් -

    ReplyDelete
    Replies
    1. Lady Pod to Ser Bura:

      'I might have a copper or two, but I'd sooner toss it down a well than pay for his howling' :D :D

      (kidding N.M)

      Delete
    2. නම දැම්මේ නැහැ කියලා මල පැනලා පොඩි නෝනෙට
      කොහෙන් ආපු හිවලෙක් දෑ? ආව මෙතන උඩු බුරන්ට
      කඩ්ඩෙන්මයි කෙ‍ටුවේ මට, බිව් රන් කිරි කටින් එන්ට
      අනේ හම්මෙ , ඉඳල මොටද? මං දුවනවා ආ කැලේට

      Delete
    3. මට සාධාරණ සැකයක් මතුවෙනවා මේ නරිමොටා යනු ඝෝරවෘකයින් විසින් එවන්නට යෙදුනු ඔත්තුකරුවෙක් ද කියලා.. :-D

      ස්තූතියි නරිමොටෝ!

      Delete
  21. නෙයිනගේ සූදුව නම් පට්ට නාට්ටිය අෆ්ෆා. ලව් ද ගෝට්

    එළකිරි විරිදුව. කපන්න හිතෙනවා මේ නරි මොටගේ වලිගෙ :D

    ReplyDelete