Wednesday 23 July 2014

කැට්ලින් - 02-2


නෙඩ් ඇගේ බාහු මුදා හැරිය අතර ඇඟිලි වලට තද වීම නිසා ඇතිවුනු දීප්තිමත් රතු පැහැ පැල්ලම් එහි දැකිය හැකි විය. "දෙයියනේ!" ඔහු කෙඳිරුවේ ය. "ඔයාගෙ සහෝදරී දුක නිසා පිස්සු වැටිලයි ඉන්නෙ. එයා කියන්නෙ මොනාද කියලා එයාම දන්නෙ නෑ."

"එයා දන්නවා.. ඇත්ත, ලයිසා ආවේගශීලී තමයි. ඒත් මේ පණිවුඩය බොහොම හොඳින් සැලසුම් කරලා, බොහොම හොඳට හංගලා එවපු එකක්. එයා දැනගෙන හිටියා මේක වැරැදි අත්වලට ගියොත් ඒකෙ අවසාන ප්‍රතිඵලය මරණය කියලා. මෙච්චර අවදානමක් ගන්ට එයාට සාමාන්‍ය සැකයකට වඩා වැඩි හේතුවක් තියෙන්ට ඕන." කැට්ලින් ඇගේ සැමියා දෙස බැලී ය. "ඇත්තෙන්ම, දැන් අපිට වෙන කිසිම තෝරාගැනීමක් නෑ. ඔයා රොබර්ට් ගෙ අත වෙන්ට ඕන. ඔයා එයත් එක්ක දකුණට ගිහිල්ලා මේකෙ ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට ඕන."

"මං දන්න ඇත්ත සේරම තියෙන්නෙ මෙහෙ. දකුණ කියන්නෙ වංචාකාරයොයි බොරුකාරයොයි පිරිච්ච කූඩුවක්. ඒක මග ඇරලා ඉන්ටයි මට ඕන."

ලුවින් සිය ගෙල වටා ඇති දම්වැල අතපත ගෑවේ ය. "රජතුමා‍ගෙ හස්තය කියන්නෙ බොහොම බලසම්පන්න තනතුරක් මගෙ උතුමානෙනි. ඒරින් උතුමානන්ගෙ මරණය ගැන ඇත්ත හොයාගන්ට, එතුමාගෙ මිනීමරුවො නීතිය ඉදිරියට ගෙනියන්ට ඔබතුමාට ඒ බලතල පාවිච්චි කරන්ට පුළුවන්. වැඩේ නරකම අතට හැරුනොත් ඒරින් ආර්යාවයි එතුමියගෙ පුතාවයි ආරක්ෂා කරන්ට ඔබතුමාට ඒ බලතල පාවිච්චි කරන්ට පුළුවන්."

නෙඩ් පිළිසරණක් සොයන්නාක් වැනි බැල්මෙන් කාමරය සිසාරා බැලී ය. කැට්ලින්ට ඔහු ගැන දුක සිතුන නමුත් ඔහුව සැනසීමට වේලාව තවම පැමිණ නැති බව ඇය දැන සිටියා ය. පළමුව සිය දරුවන් වෙනුවෙන් ජයග්‍රහණය අත්පත් කරගෙන සිටිය යුතුය. "ඔයා කිවුවා ඔයා රොබර්ට්ට සහෝදරයෙකුට ව‍ගේ ආදරෙයි කියලා. ඔයා ඔයාගෙ සහෝදරයාව ලැනිස්ටර්ලාත් එක්ක තනි කරනවද?"

"අනික් එවුන් උඹලා ‍දෙන්නවම අරන් යන්ට ඕන." ඔවුන්ගෙන් ඉවතට හැරුනු ඔහු කවුළුව වෙතට ගියේ ය. කැට්ලින් හෝ මේස්ටර් හෝ වදනකුදු නොදෙඩී ය. එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් විසින් තමා ආදරය කල භූමියට නිශ්ශබ්ද සමුගැන්මක් පිළිගන්වන ආකාරය දෙස ඔවුන් දෙදෙනා නිහඬවම බලා සිටියහ. අන්තිමේදී ඔහු කවුළුව වෙතින් මෑත්වී ඔවුන් දෙසට හැරුනු විට ඔහු ගේ කටහඬ වෙහෙසකාරී බවින් හා දුකින් පිරී තිබුනු අතර ඒ දෑස් අග කඳුළු බිඳු රැඳී තිබින. "රජෙකුගෙ නියෝගයට උත්තර දෙන්ට මගේ තාත්තා එක පාරක් දකුණට ගියා. එයා ආයෙ කවදාවත් ගෙදර ආවෙ නෑ."

"ඒ වෙනත් කාලයක්." මේස්ටර් ලුවින් කීවේ ය. "වෙනත් රජ කෙනෙක්."

"ඔවු." නෙඩ් ගිනිඋඳුන අසල තිබුනු පුටුවේ වාඩි වුනේ ය. "කැට්ලින්, ඔයා වින්ටර්ෆෙල් වල නතර වෙන්ට ඕන."

ඒ වදන් ඇගේ හදවත හරහා ගිය පිහි පහරවල් වැනි විය. "නෑ." ඇයට හදිසියේම බියක් දැනින. මේ ඇගේ දඬුවම ද? නැවත කිසිදා ඔහු ගේ මුහුණ නොදකින්නට, සිය බඳ වටා එතෙන ඒ දෑතේ පහස නැවත කිසිදා නොලබන්නට?

"ඔවු." නෙඩ් කීවේ කිසිදු විවාදයකට ඉඩ නොතබන අන්දමේ ස්වරයකිනි. "මං රජතුමාගෙ වැඩ ගැන හොයලා බලන අතරේ ඔයා මං වෙනුවෙන් උතුර පාලනය කරන්ට ඕන. වින්ටර්ෆෙල්වල හැම ‍මො‍හොතකම ස්ටාර්ක් කෙනෙක් ඉන්ට ඕන. රොබ්ට දැන් දාහතරයි. බොහොම ඉක්මනට එයා වැඩුනු මිනිහෙක් වෙනවා. එයා ඉගෙනගන්ට ඕන කොහොමද පාලනය කරන්නෙ කියලා. ඒක එයාට උගන්නන්ට මං මෙහෙ ඉන්නෙ නෑ. ඒ නිසා එයාවත් ඔයාගෙ මන්ත්‍රණ සභාවෙ කොටස් කාරයෙක් කරගන්ට. එයාගෙ නිසි වයස එනකොට එයා මේ හැම දේකටම සූදාණම් වෙලා ඉන්ට ඕන."

"දෙයියන්ගෙ පිහිටෙන් ඒකට වැඩි කාලයක් යන්නෙ නෑ." මේස්ටර් ලුවින් මිමිනී ය.

"මේස්ටර් ලුවින්, මගේ ලේ ඥාතියෙක්ව විශ්වාස කරන තරමටම මං ඔබවත් විශ්වාස කරනවා. ලොකු පුංචි හැම දේකදිම ඔබේ අනුශාසනාව මගේ බිරිඳට දෙන්ට. මගේ පුතාට උගන්නන්ට එයා දැනගන්ට ඕන හැම දෙයක්ම. ශීත කාලය එනවා."

මේස්ටර් ලුවින් බැරෑරුම් අන්දමින් හිස වැනුවේ ය. අන්තිමේදී දිරි වඩා ගත් කැට්ලින් ඇයව වඩාත්ම බියපත් කරන ප්‍රශ්නය ඇසීමට නිහඬතාව බින්දා ය. "එතකොට අනිත් ළමයින්ට මොකද වෙන්නෙ?"

නැගී සිටිය නෙඩ් ඇයව දෝතින් වැළඳගෙන ඇගේ මුහුණ සිය මුහුණට ලං කර ගත්තේ ය. "රිකන් තාම පුංචි බබෙක්. එයා මෙහෙ හිටපුවාවෙ ඔයයි රොබුයි එක්ක. අනිත් ළමයි මං අරන් යනවා."

"මට ඒක දරාගන්ට බෑ." කැට්ලින් වෙවුලුවා ය.

"ඔයාට එහෙම කරන්ට වෙනවා. සන්සා ජොෆ්රිව බඳින්ටම ඕන, ඒක බොහොම පැහැදිලියි. අපේ එයාලට තියෙන ඇල්ම ගැන සැකයක් උපද්දවගන්ට අපි කිසිම අවස්ථාවක් දෙන්ට නරකයි. දකුණුකරයේ ඇවතුම් පැවතුම් ගැන ඉගෙනගන්ට ආර්යාට දැනටමත් කාලෙ පහු වෙලා. තව අවුරුදු කීපෙකින් එයත් කසාද බඳින වයසට එනවා."

දකුණුකරයේ දී සන්සා සුවඳැති මලක් මෙන් දීප්තිමත්ව පිබි‍දෙනු ඇති බව කැට්ලින් සිතුවා ය. අනිත් අතට ආර්යාට ශිෂ්ට සම්පන්න ලෝකයේ ගති පැවතුම් ගැන ඉගෙනගැනීමට අවශ්‍ය බව දෙවියන් පවා දනියි. අසීරුවෙන් වුවද ඇයට ඔවුන්ව සිය හදවතින් ඉවත් කල හැක. එහෙත් බ්‍රැන්, ඇගේ ආදරණීය බ්‍රැන්! "ඔවු ඔයා හරි. ඒත් නෙඩ්, කරුනාකරලා අපි දෙන්නගෙ ආදරේ වෙනුවෙන් වත් බ්‍රැන්ව වින්ටර්ෆෙල්වල තියලා යන්ට. එයාට තාම හතයි."

"මගේ තාත්තා මාව ඉයරිවල හදාගන්ට යවනකොට මට අවුරුදු අටයි. "සෙර් රඩ්‍රික් මට කිවුවා රොබුයි, ජොෆ්රි කුමාරයයි අතරේ ඒ තරම් හොඳ හැඟීමක් නැහැයි කියලා. ඒක එච්චර ගුණදායක දෙයක් නෙවෙයි. බ්‍රැන්ට පුළුවන් ඒ පරතරය පියවන්ට. එයා හරිම හොඳ දරුවෙක්, හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න, හැම දෙනාම ආදරේ කරන කෙනෙක්. එයාට මේ තරුණ කුමාරවරුත් එක්ක එකට වැ‍ඩෙන්ට ඉඩ දෙන්ට. හරියට ‍රොබර්ට් මගේ යාළුවා වුනා වගේ එයාත් කුමාරයින්ගෙ යාළුවෙක් වෙයි. ඒකෙන් අපේ වංශයට යහපතක් වෙයි."

ඔහු නිවැරැදි බව කැට්ලින් දැන සිටියා ය. එනමුදු වේදනාව අඩු කිරිමට එම දැනීම සමත් වූයේ නැත. ඇයට ඔවුන් සිවුදෙනාම අහිමි වී යනු ඇත. නෙඩ්, දැරියන් දෙදෙනාම සහ ඇගේ ආදරණීය පුංචි බ්‍රැන්. ඇයට ඉතිරිවනු ඇත්තේ රොබ් හා ලාබාල රිකන් පමණී. ඇයට දැනටමත් තනිකම දැනෙන්නට පටන්ගෙන තිබින. වින්ටර්ෆෙල් යනු සුවිසල් ස්ථානයකි. "එහෙනං එයාව තාප්ප බිත්ති වලින් ඈත් කරලා තියාගන්ට. ඔයා දන්නවනෙ බ්‍රැන් උස තැන්වලට නගින්ට කොච්චර ආසද කියලා."

ඇගේ දෑසේ නැගුනු කඳුළු බිඳු බිම වැටෙන්නට පෙර ‍නෙඩ් ඒවා සිප ගත්තේ ය. "ඔයාට ගොඩක් ස්තූතියි මගේ ආර්යාවෙනි. මම දන්නවා මේක බොහොම අමාරු දෙයක් විත්තිය."

"ජොන් ස්නෝව් ගැන මොකද මගේ උතුමානෙනි?" මේස්ටර් ලුවින් ඇසී ය.

ඒ නම ඇසීමත් සමගම කැට්ලින් දරදඬු වී ගියා ය. ඇගේ කේන්තිය දැනුනු නෙඩ් ඇගෙන් මඳක් ඉවත් විය.

ඕනෑ තරම් මිනිසුන් අවජාතකයින් බිහි කර තිබේ. කැට්ලින් හැදුනේ වැඩුනේ ඒ අවබෝධයත් සමග ය. එම නිසා සිය විවාහයේ පළමු වසර තුළදී ම නෙඩ් යුධ මෙහෙයුමක් අතරතුරේදී අහම්බෙන් මුනගැසුනු කිසියම් කෙල්ලක හා එක්ව අවජාතක දරුවෙකුට පියා වීම යන ආරංචිය ඇයට එතරම් විස්මයක් ගෙන දුන්නේ නැත. මිනිසුන්ට ඔවුන් ගේ අවශ්‍යතා ඇත. අනිත් අතට ඒ අවුරුද්ද දෙදෙනා දෙපසක - ඔහු දකුණේ යුධ බිමේත්, ඇය රිවර්රන්හි සිය පියා ගේ බලකොටුවේත් - ගත කලෝය. ඇයට තාමත් හරිහැටි හඳුනාගන්නටවත් නොලැබුනු සිය සැමියාට වඩා ඇගේ සිතුවිලි අතර රැඳුනේ තම උකුළේ හිඳ කිරි උරා බොන අත දරුවා, රොබ් ගැනය. සටන් අතර ලැබෙන විවේක‍ය ඔහුට රිසි අයුරින් ගත කරන්නට ඔහුට අවසර ඇත. ඉදින් අවජාතක දරුවෙකු බිහි වුවහොත් ඒ දරුවා ගේ ඕනෑ එපා කම් ගැන සොයා බලන්නටද ඔහුට අයිතියක් ඇත. කැට්ලින් සිතුවේ එලෙසිනි.

එහෙත් ඔහු ඊට වඩා වැඩි දෙයක් කලේ ය. ස්ටාර්ක්වරුන් යනු අන් මිනිසුන් වැනි අය නොවේ. නෙඩ් සිය අවජාතකයා ඔහුත් සමගම ගෙදර ගෙනා අතර මුළු උතුරුකරයටම පෙනෙන පරිදි ඔහුට 'පුතා' කියාද ඇමතී ය. අන්තිමේදී යුද්ධය අවසන් වී කැට්ලින් වින්ටර්ෆෙල් කරා ළඟා වූ විට ජොන් හා ඔහු ‍ගේ කිරි මවු ඒ වනවිටත් එහි පැලපදියම් වී හමාර ය.

එය ඇයට වැදුනු දරුණුම පහරක් විය. නෙඩ් ඔහු ගේ මවු කවුද යන වග කිසිදා නොකීවේ ය, අඩුම ගනනේ ඇය ගැන වචනයක්වත් ‍නොකීවේ ය. නමුත් බලකොටුවක් තුළ රහස් නොමැති අතර ඇගේ සේවිකාවන් සිය සැමියා ගේ සෙබළුන් මාර්ගයෙන් දැනගත් ඕපාදූප එකිනෙකා අතර රහසේ කොඳුරනු ඇයට ඇසී තිබින. එම ඕපාදූප අතරේ ඔවුන් ගේ තරුණ උතුමානන් විසින් තනිව සටන් කර සෙර් ආතර් ‍ඩේන් හෙවත් උදෑසනේ අසිපත හෙවත් ඒරිස් රජතුමා ගේ රාජ්‍යාරක්ෂක නයිට්වරුන් හත්දෙනා අතරින් බිහිසුණුම නයිට්වරයාව මරා දැමූ අයුරු විශේෂයෙන්ම කියැවින. එපමණක්ද නොව සටනින් පසු සෙර් ආතර් ගේ අසිපත රැගත් නෙඩ් ඔහු ගේ සුන්දර තරුණ සොයුරිය වූ මනබඳිනා දම් පැහැ දෑසින් යුත් අශාරා ඩේන් ආර්යාව වෙත එම අසිපත බාර දීම සඳහා ගිම්හාන මුහුදු තීරයේ පිහිටි ස්ටාර්ෆෝල් බලකොටුව වෙත ගිය අන්දමත් කැට්ලින්ට අහුලා ගත හැකි විය. ඇගේ ධෛර්යය වඩවා ගැනීමට ඇයට සති දෙකක් පමණ ගත වූ මුත් අන්තිමේදී එක්තරා රැයක නිදි ඇඳේ දී කැට්ලින් ඇගේ සැමියාගෙන් කෙලින්ම මේ ගැන විමසා සිටියා ය.

ඔවුන් ‍ගේ මුළු විවාහ දිවිය තුළදී නෙඩ් ඇයව බියපත් කල එකම මොහොත එය විය. "කවදාවත් මගෙන් ජොන් ගැන අහන්ට එපා." ඔහු පිළිතුරු දුන්නේ හිම මෙන් සීතල ස්වරයෙනි. "එයා මගේ ලේ. එච්චරයි ඔයා දැනගන්ට ඕන. ඉතින් දැන් මට කියන්ට ඔයා කොහෙන්ද ඔය නම දැනගත්තෙ කියලා මගේ ආර්යාවෙනි." ඇය එය ඔහුට කී අතර එදායින් පසු මාලිග‍යේ සියළුම රහස් කීම් හා ඕපාදූප නැවතින. අශාරා ඩේන් ගේ නම නැවත කිසිදා වින්ටර්ෆෙල්හි නොකියවින.

‍ජොන් ගේ මව කවුරු වූවත් නෙඩ් ඇයට අසීමිතව ආදරය කල බව නම් නිසැක ය. මක්නිසාද යත් කැට්ලින් පැවසූ කිසිම දෙයක් මේ දරුවා බලකොටුවෙන් පිටකර හරින්නට සමත් නොවූ බැවිනි. ඇය ඔහුට කිසිදා සමාවක් නොදුන් එකම එක දෙය එය විය. සිය සැමියාට මුළු හදින්ම පෙම් කරන්නට කැට්ලින් සමත් වුවත් ජොන්ට ආදරය කරන්නට ඇයට කිසිදා නොහැකි විය. නෙඩ්ට ඇති ආදරය නිසා සිය ඇසට නොපෙනෙන මානයේ සිටීනම් අවජාතකයින් දුසිමක් වුවත් අමතක කරන්නට ඇය සූදාණම් වුවද ජොන් කිසිදා ඇගේ ඇස් මානයෙන් පිට ගියේ නැත. අනිත් අතට ඔහු වයසින් වැඩෙද්දී නෙඩ්ට දාව උපන් අනෙකුත් සියළුම සහජාත දරුවන්ට වඩා ඔහු පියා ‍ගේ විලාසයට සමානකම් පෑ අතර තත්ත්වය මේ නිසා තවත් දරුණු අතට හැරින.

"ජොන් මෙහෙන් යන්ට ඕන." ඇය කීවාය.

"එයයි රොබුයි හරිම කිට්ටුයි." නෙඩ් කීය. "මං හිතුවේ...."

"එයාට මෙහෙ නවතින්ට බෑ." කැට්ලින් ඔහුව කපා හැරියා ය. "එයා ඔයාගෙ පුතා. මගෙ පුතා නෙවෙයි. ම‍ට එයාව තියාගන්ට බෑ." එය දැඩි පහරක් බව ඇය දැන සිටියා ය. එනමුදු ජොන්ව වින්ටර්ෆෙල්හි දමා යෑම ඔහුට කරන කරුනාවක්ද නොවේ.

නෙඩ් ඇය දෙස හෙලූ බැල්ම ඔහු ගේ කටුක වේදනාව මැනවින් ‍පෙන්වී ය. "ඔයා දන්නවනෙ මට එයාව දකුණට අරන් යන්ට බෑ කියලා. රාජසභාවෙ එයාට ඇති තැනක් නෑ. අවජාතක නමක් ඇති ළමයෙකුට... ඔයා දන්නවනෙ මිනිස්සු එයා ගැන මොනවා කියයිද කියලා. හැමෝම එයාව මග අරියි."

සිය සැමියා ගේ බැල්මේ ඇති නිහඬ ආයාචනයට එදිරිව ඇය සිය හදවත ගල් කරගත්තා ය. "මිනිස්සු කියන්නෙ ඔයාගෙ යාළුවා රොබර්ට් අවජාතකයො දුසිමක් විතර බිහි කලා කියලයි."

"ඒ වුනාට ඒ එක්කෙනෙක් වත් රාජසභාවට ගෙනල්ලා නෑ. ලැනිස්ටර් ගෑනි ඒකට අවශ්‍ය පියවර අරන් තියෙන්නෙ. ඔයා කොහොමද මෙච්චර නපුරු වෙන්නෙ කැට්ලින්? එයා තාම පුංචි ළමයෙක්. එයා-"

දැඩි කේන්තිය නිසා ඔහු තවත් ‍බොහෝ දේ, තවත් නරක දේ පැවසීමට ඉඩ තිබුනත් මේස්ටර් ලුවින් මැද්දට පැන්නේ ය. "තවත් උත්තරයක් තියෙනවා. ඔබේ ස‍හෝදරයා බෙන්ජින් ටික දවසකට කලින් මගේ ගාවට ආවා ජොන් ගැන අහන්ට. ‍පේන හැටියට මේ දරුවා කළු අඳින්ට කැමැත්තෙන් ඉන්නවා."

නෙඩ් දිස් වූයේ හදිසි කම්පනයකට ලක් වූවෙක් මෙනි. "එයා නිශා රැකුමට බැඳෙන්ට ඇහුවා?"

කැට්ලින් කිසිත් නොකීවා ය. නෙඩ් මේ ප්‍රශ්නය විසඳා ගත්තාවේ. එනමුදු ඇයට දැනුනේ මේස්ටර්ව අල්ලා සිපගත හැකි තරමේ ප්‍රීතියකි. මෙය ප්‍රශ්නයට කදිම පිළිතුරකි. බෙන්ජින් ස්ටාර්ක් යනු දිවුරුම් දුන් කළු සහෝදරයෙකි. ‍ජොන් ඔහුට පුතකු මෙන් - ඔහු‍ට කිසිදා ලබන්නට බැරි පුතා මෙන් - වනු ඇත. නිසි කල පැමිණි විට කොලුවාද දිවුරුම් දෙනු ඇත. මතුයම් දවසක කැට්ලින් ගේ මුණුබුරන් හා හරි හරියට වින්ටර්ෆෙල්වලට උරුමකම් කියන්නට හැකි පුතුන් ලබන්නට ඔහුට කිසිදා නොහැකි වනු ඇත.

"ප්‍රාකාරයෙ සේවය කරනවා කියන්නෙ බොහොම උසස් ගෞරවයක් මගෙ උතුමානෙනි." මේස්ටර් ලුවින් කීය.

"අනික නිශා රැකුම් බලකායෙදි අවජාතකයෙකුට වුනත් ඉහළ නගින්ට පුළුවන්." නෙඩ් සිතා බැලූ නමුත් ඒ ස්වරය ගැහැටට පත් වූ එකකි. "ජොන් තාම පොඩි වැඩියි. එයා ලොකු මිනිහෙක් වුන දාක මේ ගැන ඇහුවනං ඒක වෙනම දෙයක්. ඒත් අවුරුදු දාහතරක දරුවෙක්..."

"ඒක අමාරු පරිත්‍යාගයක්." මේස්ටර් ලුවින් එකඟ විය. "ඒ වුනත් ‍මේක අමාරු කාලයක් මගේ උතුමානෙනි. ඔබතුමා හරි ආර්යාව හරි ගන්න මාර්ගයට වඩා එයා ගන්න මාර්ගය කටුක වෙන එකක් නෑ."

ඔවුන්ගෙන් ඉවතට හැරුනු නෙඩ් ‍ජනේලයෙන් පිටත බැලී ය. මුහුණින් පෙනුනේ ඔහු දැඩි කල්පනාවක නිමග්න වී ඇති බවයි. අන්තිමේදී සුසුමක් හෙලූ ඔහු ආපසු හැරුනේ ය. "බොහොම හොඳයි." ඔහු මේස්ටර් ලුවින් ඇමතී ය. "මං හිතන්නෙ හැම දේම වෙන්නෙ හොඳකටයි කියලා. මං බෙන්ට කතා කරන්නං."

"අපි කවදද ජොන්ට කියන්නෙ?"

"ඒක කියන්ට ඕන දවස ආවහම. ගොඩක් දේවල් ලෑස්ති කරන්ට තියෙනවා. අපට පිටත් වෙන්ට ලෑස්ති වෙන්ට තව සති දෙකක්වත් යාවි‍. ජොන් මේ අන්තිම දවස් ටිකේ සතුටින් හිටියාවෙ. ඉක්මනටම ගිම්හානය ඉවර වේවි. ඒ එක්කම ළමා කාලෙත් ඉවර වේවි. නියම කාලෙ ආවහම මමම එයාට කියන්නං."


Eddard Stark: “I never asked for this cup to pass to me.”
Catelyn Stark: “Perhaps not, but the cup has passed, and you must drink from it, like it or not.”

56 comments:

  1. මට දුක යි ජොන් ගැන :( තාත්තා නැති වුණා ම ඒ අසරණ කොලුවට යන කල මොකද්ද? බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා!

    ඒක නෙමෙයි, අද කතාව දාන්න පරක්කු වුණා. මම උදේ හතේ ඉඳලා බලාගෙන හිටියේ >_<

    ReplyDelete
    Replies
    1. Life is not fair නේ.

      ස්තූතියි ධාරා!

      Delete
    2. Sorry…වැඩ හන්දා පොඩ්ඩක් පරක්කු වුනාලු. :(

      Delete
  2. අපොය නපුරු වෙනවයි කියල මේම නපුරු වෙන්ට පුලුවන්ද..
    ඒත් අපේ රටවල ඉන්න අයට වඩා නං කැඩ්ලින් හොදයි...
    ජයවේවාා

    ReplyDelete
    Replies
    1. කැට්ලින් නපුරු නෑ මහේශ්. එයා හොඳ අම්මා කෙනෙක්. ඔය වගේ තැනකදි ඉවසන්ට පුලුවන් එහෙමත් කෙනෙකුට විතරයිනේ.

      Delete
  3. ෂාහ් අද කොටස දිගායි.. නියමයි :) කැට්ලින් මෙච්චර නපුරු බවක් drama එක බලද්දී තේරුනේ නෑ. chapters නම් කරල තියන විදිහ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්වන්!

      Delete
  4. ඇයි දන්නෙ නැහැ guide එකේ Rodrick ට රඩ්‍රික් කියන්නෙ රොඩ්‍රික් නොකිය නේද?

    පරිවර්තනවට අධිපති ටයනුදේවතාවන්වන්සේ වගේ මාටින්ටත් බැල්මතියන දෙයියෙක් ඇති සමහර විට.

    ගයිඩ් එක මාටින් අනුමත කරලද ?එහෙම නැත්නම්. මාටින්ව කලමණාකරන කුමාරියෙක්වත්?

    ReplyDelete
    Replies
    1. i think it should be රොඩ්‍රික් too.

      Delete
    2. කතාවෙ නම් උච්ඡාරණය ගැන ඇහුවහම මාර්ටින් ලොක්කා කිවුව දේ දැක්කද? අපට කැමැති කැමැති විදියට ඒ නම් උච්ඡාරණය කරන්ට පුළුවන්. :-P

      Delete
    3. එහෙනම් අවුලක් නෑ....බරැතෙනො

      Delete
    4. අන්න වරදවා වටහාගැනීමක්. මාර්ටින් එහෙම අවසරයක් දීලා තිබුනට මම එහෙම අවසරයක් දීලා නැහැ. ඒක 'බුරතීනො' මිසක 'බරැතෙනො', 'බුරන්ති‍නො', 'බුරතෙනො' එහෙම නෙවෙයි. :-P

      Delete
    5. බුරතීනෝත්තමය ගැත්තාට සමා වෙන්ටර් ඕනැ

      Delete
    6. නොදන්නා කමටයි අහන්නේ, බුරතීනෝ යනු Buratino ම ද?
      (i meant the puppet ?)

      Delete
    7. එයා Burattino නේ. මම ඒ හා සමාන එක්කෙනෙක් තමා. හිතමුකො එයාගෙ clone එකක් කියලා. ;-)

      Delete
  5. සුජාත,අවජාත ප්‍රශ්න එදා ඉඳන්ම තිබිලා තියෙනවා වගේනේ.හැබැයි ඉතින් එක අතකට කැට්ලින් හරි.හිතේ බයක් ඇති තමන්ගේ දරුවන්ට ජෝන් නිසා අසාධරනයක් වේවි කියලා.ජෝන් ගේ උණත් ඉතින් කැමත්ත නිශා රැකුම් බලකායට නේ.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගෙ සාධාරණය තව කෙනෙකුට අසාධාරණයක් වෙන්ටත් පුළුවන් නේද?

      Delete
    2. මට හිතෙන්නේ එයාට තියෙන්නේ ඉරිසියාවක් හා තරහක් මනෝජ්... ...

      Delete
    3. මෙතන එයා කියුවේ කවුද ?
      ජෝන් ද කැට් ද ?

      Delete
  6. ඒ කාලේදී වුනත් තිබුණු මානව චර්යා සහ සමාජ ප්‍රශ්න අදටත් පොදුයි නේද?

    ReplyDelete
    Replies
    1. මානවයා ‍භෞතිකව දියුණු වුනාට මනසින් දියුණු වු‍නේ නෑ ‍නේද අවශ්‍ය තරමට?

      Delete
  7. කැට්ලින් හොඳයි කියල මට නම් හිතෙන්නෙ , අකමැත්තෙන් ජොන්ට ඉන්න ඉඩ්දීපු එක ලොකු දෙයක්නෙ කිසිම කරදරය්ක් නොකර. කොච්චර නෙඩ්ට ආදරේ කලා උනත් , එයා කල වැරැද්දක් ඇස් පනාපිටම තියෙනකොට ඉවසගෙන ඉන්න අමාරුයි කියල මට නම් හිතෙන්නෙ.

    තමුන්ගෙ බිරිඳ වෙන කාගෙන් හරි දරුවෙක් හදාගෙන ආවොත් සැමියා ඒ දෙන්නව ආදරෙන් පිළිගනීද ?

    ReplyDelete
    Replies
    1. අද කාලේ උණත් කැට් ජෝන්ට දරුවෙකුට වගේ ආදරය කරන්න ඕනේ කියල නීතියක් නෑ නේද?
      why is she such a bad person just because she doesn't love a child who reminds her every day that her husband hasn't always been faithful ?

      Delete
    2. හරි හරි. කැට්ලින් හොඳායි! :-D

      Delete
    3. කැට්ලින් හොඳාආආආයි තමාආආඅයිලු...:P

      Delete
  8. ජෝන්ගේ අවජාතක භාවය මුළු කතාව පුරාම තියන ලොකුම අභිරහසක්. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඉවසීම ඉවසීම. ;-)

      Delete
  9. හ්ම්ම්.. ළමයි ප්‍රශ්ණ විසදගන්න එකත් බලාගෙන ගියාම ලේසි වැඩක් නෙමෙයි නේ.. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. පේනවනේ. පිරිමි ප්‍රශ්න හදනවා...ගෑනු අය ඒවාට දුක් විඳිනවා. ඊට පස්සේ නපුරුයි කියලා අහගන්නවා...හහ්...

      Delete
    2. අම්මපා, මෙයා එක්ක බෑ.. ඒකටත් කොක්ක.. :P

      Delete
    3. කොකු පේනකොට එහෙම තමාලු...:P

      Delete
  10. Replies
    1. මොකක්ද බස්සො මේ " හා " , මොකක්ද පොඩ්ඩි මේ " huh "

      Delete
    2. වලාර් මෝර්ගුලිස්!

      Delete
    3. Valar Dohaeris :P

      (Google even corrects high valyrian it seems, I LOVE THE NET :D)

      Delete
    4. වලා ?

      අහිංසක පක්සියෙක් එහෙම වුනාද වෙස්ටේරොස් ඇවිල්ල ?

      Delete
    5. වලා නෙමෙයි මලා. මං අහන්නෙ මේ කතාවෙ බස්සොන්ට කිසිම තැනක් නොදුන්නට කොටන්න හිතෙනව මාටියගෙ තට්ටෙට. නෑ මං කියන්නෙ අර කමකට නැති කාක්කොන්ටත් පාට් එකක් දීලා. එක කොඩියකවත් බස්සෙක් නෑ. මීට වඩා හොඳයි නරියෙක් උනා නං. එතකොට කියතෑකි නෙව ඝෝරවෘකයො කියන්නෙත් නරි ජාතියක් කියලා

      Delete
    6. ඇයි බස්සො! House Garner වංශ සලකුණෙ බස්සො තුන්දෙනෙක්ම ඉන්නෙ!

      පලි: ‍මට ලාස්සන පින්තූරයක් හම්බවුනා බොලවු. මේක අඳින්ට සෑහෙන මහන්සිවෙලා තියෙන පාටයි.

      The Seven Kingdoms of Westeros

      Delete
    7. ඔන්න ඔහේ මමත් එකක් ඇඳලා දැම්මා. කම්මැලි කමට නෙවෙයි වැඩ වැඩි කමට ඔන්න :D

      කොහොමද කියමුකෝ මි'ලෝඩ්ස් ඇන්ඩ් ලේඩීස් .
      http://www.touchtalent.com/sketching/art/The-man-who-knows-NOTHING-269864

      Delete
    8. Now that's what I called talent. Superb mate!

      Guys! here's the active link for the image. The Man Who Knows NOTHING

      Delete
    9. අප්පට හුඩු. අපි ගෝඩට සලකනව මදි නෙව? ලෝඩ් ගෝඩත් පිචෑර් පිස්සෙක් වගේ :)

      මේක මතක් වුනේ එතන තිබ්බ එක පිංතූරයක් දැක්කාම. මගේ කැමතිම සිත්තර පටියකින්:


      Some birds are not meant to be caged, that's all. Their feathers are too bright, errrr......their songs too sweet and wild????? :p

      So you let them go

      Delete
    10. මට නම් පේන්නේ ‘ the man who knows nothing’ ව ‘the man who knows everything’ විසින් ඇඳලා වගේ. :D

      Delete
    11. thanx mi,lords and ladies,
      its a really small talent compared to others, but i will get better.

      @Ser Bastian,Shawshank, one of the best ever.
      @Lady of Podinshire, how am i the man who knows everything, i know nothing too, I have been told that. :D

      Delete
  11. https://www.youtube.com/watch?v=v8IAhI-B6UU

    Spoilers :D

    ReplyDelete
    Replies
    1. ලෝඩ් ගෝඩා , කියන තැනකට වඳිඤ්ඤං රජෝ, මෙන්න මෙහෙම ලින්ක් දාපං :)

      Spoilers

      Delete
    2. අයි විල් මයි ලෝර්ඩ් බස්තියන් ඔෆ් හවුස් ගාර්නර්

      Delete
    3. මෙයාගේ මූණ උඩ ඉඳන් පහලට යනකොට වෙනස් වෙලානේ...:)

      Delete
    4. කාගේද මගේද ?

      Delete
  12. මසකට පසුව නැවත විත් කියවමින්...

    ReplyDelete