Wednesday 16 July 2014

ජොන් - 01-1


සිය අවජාතක භාවය පිළිබඳ ජොන් සතුටු වූ අවස්ථාවන් වේ නම් ඒ අතේ ඇඟිලි වලින් ගණනය කල හැකි තරම් ස්වල්පයකි. වයින් ගුරුලේත්තුවකින් තවත් වයින් වඩියක් සිය කුසලාණට වත් කරගන්නා අතරේ ඔහු කල්පනා කලේ මෙයත් නිසැකයෙන්ම එවැනි අවස්ථාවක් බවයි. නයිට්වරුන් ගේ තරුණ සහචරයන් අතරට වී බංකුවක වාඩි ගෙන පානය කරමින් සිටි වයින් බඳුන ඔහු ගේ දිවට සුමිහිරි රසයකුත් මුවට සිනාවකුත් ගෙන ආවේ ය.

වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාව ගිනිමැලවල දුමින් පිරී පැවති අතර වාතය පිළිස්සෙන මස් සුවඳින් හා උණු පාන් සුවඳින් බර වී තිබින. එහි අඳුරු ගල් බිත්ති සුදු පැහැ, රන් පැහැ, රතු පැහැ ධජවලින් සහ ස්ටාර්ක් ඝෝරවෘකයා, බරතියන් ගෝනා හා ලැනිස්ටර් සිංහයා ගෙත්තම් කල පතාක වලින් වැසී තිබින‍. ගායකයකු සිය වීණාව වාදනය කරමින් සැහැල්ලක් ගායනා කලද බුර බුරා නැගෙන ගිනිදළුවල හඬත්, පිඟන් කෝප්ප එකිනෙක ගැටෙන හඬත්, බීමතින් කෙ‍රුනු සංවාද සිය ගණනක මුනුමුනුවත් අත‍රේ ශාලාවේ මෙහා කොණට ඒ ගායනය ඇසුනේ යන්තමිනි.

මේ ගෙවී යමින් තිබුනේ රජතුමා පිළිගනිමින් පැවැත්වෙන භෝජන සංග්‍රහයේ සිවු වන පැය යි. රජතුමා හා බිසව සහ ස්ටාර්ක් උතුමානන් හා එම ආර්යාව වෙනුවෙන් තැනුනු උස් වේදිකාව ශාලාවේ එක් කොණක විය. ඒ පසෙකින් ජොන් ගේ සොයුරු සොයුරියෝ රාජකීය දරුවන් සමග මේසයට වාඩි වී සිටියහ. උත්සව අවස්ථාවට සුදුසු අන්දමින් ඔහු ගේ පියා විසින් තම දරුවන්ට වයින් වීදුරුවක් පානය කිරීමට අවකාශ දී තිබුනද එයින් එහාට ඔවුන්ට යාමට බැරි බව ජොන් දැන සිටියේ ය. එනමුදු මේ බංකු අතරේ සිය පිපාසය නිවෙන තෙක් වයින් බිවුවද ඔහුව එයින් වලකන්නට කිසිවෙකුත් පැමිණියේ නැත.

ඔහු මුසු වී සිටියේ නියමම සමාගමකටය. ඔවුන් ගේ දිරිගැන්වීම් මධ්‍යයේ වයින් කුසලාණකට පසු තවෙකක් වශයෙන් හිස් කරමින් ඔහු ඔවුන් ගේ කතාවලට - යුද්ධ ගැන, ගැහැණුන් ගැන, දඩයම් ගැන කෙරුනු කතාවලට - ආසාවෙන් සවන් දෙමින් සිටියේ ය. සිය සගයින් රජතුමා ගේ දරුවන්ට වඩා හොඳ විනෝදකාමීන් බව ඔහුට නිසැක විය. අමුත්තන් ශාලාවට ප්‍රවිශ්ට වූයේ ඔහු සිටි බංකුවට අඩි කිහිපයක දුරකින් නිසා ඔවුන් සියල්ලම හොඳින් දැක බලා ගැනීමේ වරම ඔහුට හිමි වුනි.

රැජිණ පිරිවරා ඔහු ගේ පියා මුලින්ම පැමිණියේ ය. මිනිසුන් කියන්නාක් පරිදිම ඇය අතිශයින් සුන්දර විය. ඇගේ දිගු කෙහෙරැළි අතර කුඩා මිණිකිරුළක් බැබලුනි. එහි සවි කර තිබුනු මරකත මැණික් වල කොළ පැහැය ඇගේ දෑසේ පැහැයට හරියටම ගැලපුනි. ඈ කිසිවිටෙකත් ඔහු ගේ පියා දෙස නොබැලූ අතර වසර දහහතරක කොලුවකු වූ නමුදු ඇගේ සිනා මුහුණට යටින් ඇති සැබෑ මුහුණ හඳුනා ගැනීමට ඔහුට අපහසු නොවී ය.

ඉන්පසු පැමිණියේ ස්ටාර්ක් ආර්යාව සමග අතිනත ගත් රොබර්ට් රජතුමා ය. රජතුමා ගේ දර්ශනය ජොන් ගේ බලාපොරොත්තු බිඳ දමන්නක් විය. ඔහු ගේ පියා රජතුමා ගැන නිතරම කතා කියා දී තිබින. අද්විතීය රොබර්ට් බරතියන්, ත්‍රිශූලයේ යක්ෂයා, රාජධානියේ සිටින බිහිසුණුම රණශූරයා, කුමරුන් අතර යෝධයා. නමුත් ජොන් දුටුවේ රතු වූ මුහුණින් යුතු දහඩියෙන් පෙඟී ගිය මහත මිනිසකු පමණි. ඔහු ඇවිද්දේ ද බාගෙට බීගත් මිනිසෙකු පරිද්දෙනි.

ඔවුන් පසුපසින් දරුවෝ පැමිණියහ. මුලින්ම පැමිණියේ වසර තුනක දරුවකුට හැකි උපරිම විලසින් උදාරම් අඩි තබමින් පිය නැගූ පුංචි රිකන් ය. ඒ පසුපසින්ම වාගේ ස්ටාර්ක් වර්ණ වන අළු පැහැ හා සුදු පැහැ ලොමින් සැරසුණු රොබ් සහ ඔහු ගේ අතේ එල්ලුනු අට වියැති මර්සෙලා කුමරිය පැමිණියහ. ඔහු ‍ගේ අර්ධ සොයුරියෝ රාජකීය කුමරුවන් පිරිවරා - ආර්යා තරබාරු ටමෙන් කුමරු සමගත් ඇයට වඩා දෑවුරුද්දක් වැඩිමල් සන්සා කිරුළ හිමි ජොෆ්රි බරතියන් සමගත් - පිය නැගූහ. දොළොස් හැවිරිදි වූ ජොෆ්රි ජොන් හා රොබ් දෙදෙනාටම වඩා වයසින් බාල වුවද ඔවුන් දෙදෙනාටම වඩා උසින් වැඩි වූ අතර මෙය ජොන් ගේ සිතේ විශාල කැළඹීමක් ඇති කලේ ය. ඔහු ට රන් පැහැ කෙස් හා සිය මවට මෙන්ම කොළ පැහැ දෑසක් හිමිව තිබින. ඔහු ගේ පසෙකින් පිය නැගූ සන්සා කාන්තිමත්ව බබලන්නට වූ නමුදු ජොෆ් ගේ අමනාපයෙන් මෙන් උල් කරගත් දෙතොලත් වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාව දෙස ඔහු හෙලූ අවඥාසහගත බැල්මත් ජොන් ගේ සිත් ගත්තේ නැත.

මේ හැමටම වඩා ඔහු උනන්දුවෙන් බැලුවේ ඔවුන්ට පසුපසින් පිය නැගූ දෙදෙනා දෙසය. රැජිණ ගේ සොයුරන් දෙදෙනා, කාර්ස්ටලී ‍රොක්හි ලැනිස්ටර්වරුන් දෙදෙනා, සිංහයා සහ පුංචි යකා. ඔවුන් දෙදෙනා වෙන් කර හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නොවී ය. සෙර් ජේමි ලැනිස්ටර් සෙර්සි රැජිණ ගේ නිවුන් සොයුරා වූ අතර ඔහු උස, රන් පැහැ හිසකෙස්, දිදුලන කොළ පැහැ දෑස් හා තියුණු සිනාවක් ඇත්තෙකු විය. ලේ රතු පැහැ ‍සේද ඇඳුමින් සැරසී කළු පැහැ උස් සපත්තු යුගලක් හා කළු පට රෙද්දෙන් කල සළුවක් පැළඳ සිටි ඔහු ගේ කබායේ පපුව මත රන් පැහැ නූලින් සිය වංශයේ සලකුණ වූ ගොරවන සිංහයා ගෙත්තම් කොට තිබින. මිනිස්සු ඔහු ගේ මුහුණට 'ලැනිස්ටර් සිංහයා' යැයි කියූ අතර ඔහුට පසුපසින් 'රාජඝාතකයා' යැයි කෙඳිරූහ.

ඔහු ගේ දර්ශනයෙන් දෑස් ඉවතට ගැනීම ජොන්ට අසීරු විය. රජෙකු සිටිය යුත්තේ ‍මෙන්න මෙපරිද්දෙන් යැයි ඔහුට සිතින.

සිය සොයුරා පසෙකින් බාගෙට සැඟවී බකල ගසමින් යන අනිකා ජොන් මීලඟට දිටී ය. ටිරියන් ලැනිස්ටර්, ටයිවින් උතුමානන් ගේ දරුවන් අතරින් බාලම හා අවලස්සනම කෙනා. දෙවියන් විසින් සෙර්සිට හා ජේමිට ලබා දුන් හැම දෙයක්ම ටිරියන්ගෙන් වසන් කර තිබින. ඔහු සිය සොයුරාගෙන් අඩක් පමණ උස ඇති අඟුටුමිට්ටකු විය. ඔහු ගේ හිස සිරුරට සාපේක්ෂව විශාල වූ අතර මෘගයකු ගේ වැනි මුහුණක් ද, සුදු පැහැයට හුරු කෙස් රොදට යටින් එබිකම් කල එකක් කොළ පැහැ හා අනෙක කළු පැහැ වූ අසමාන දෑසක් ද ඔහුට හිමිව තිබින. ජොන් ඔහු දෙස බලා සිටියේ වශී වූවාක් මෙනි.

අවසානයටම පැමිණි වංශාධිපතියන් දෙදෙනා වූයේ ඔහු ගේ බාප්පා, නිශා රැකුමේ බෙන්ජින් ස්ටාර්ක් සහ සිය පියා ගේ භාරකාරත්වය යටතේ වැඩෙන තියන් ග්‍රේජෝයි වූහ. ජොන්ව පසුකරද්දී බෙන්ජින් ඔහුට උණුසුම් සිනාවකින් සංග්‍රහ කල අතර පුරුදු පරිදි තියන් ඔහුව නොදැක්කා සේ සිටියේ ය. මේ සියල්ලන්ම වාඩි ගත් පසු, කෙලවරක් නැති සවුදිය පිරීම් හා ස්තූති කතා වලින් පසු සාදය ආරම්භ විය.

ජොන් සිය මධු පානය ඇරඹූයේ ඒ අවස්ථා‍වේ දී වූ අතර ඔහු තවමත් නවත්වා නොමැත.

‍මේසයට යටින් යමක් ඔහු ගේ පාදයේ දැවටුනි. පහත බැලූ ජොන් දුටුවේ ඔහු දෙස බලා සිටින රතු පැහැ දෑසකි. "උඹට ආයෙමත් බඩගිනි වෙලාද?" ඔහු ඇසීය. මේසය මත තිබුනු බදින ලද කුකුළා සිය පිහියා තුඩින් ගත් ජොන් එය දෙපා අතරින් බිම හෙලූ අතර ගෝස්ට් නිහඬවම තම සංග්‍රහය භුක්ති විඳින්නට විය. ඔහු ගේ සොයුරු සොයුරියන්ට සිය වෘකයන්ව සාදයට කැඳවාගෙන ඒමට අවසර ලැබී නොතිබින. එනමුදු ශාලාවේ මෙම අන්තයේ මේස අතර ඕනෑ තරම් පර බල්ලන් ‍සැරිසැරූ අතර ජොන් ගේ වෘක පැටවා ගැන කිසිවෙකුත් කිසිවක් නොකී ය. ඒ අතිනුත් තමා වාසනාවන්ත බව ඔහු තමාටම කියා ගති.

දුම නිසා ඔහු ගේ දෑස් දැවෙන්නට වූ අතර අල්ලෙන් දෑස් පොඩි කර තවත් වයින් උගුරක් ගිල දැමූ ජොන් දිගටම සිය වෘක පැටවා කුකුළාව ගිල දමන දෙස බලා සිටින්නට විය.

මේස අතර සැරිසරමින් සිටි කහ පැහැ දෑසින් යුතු කළු බැල්ලකට කුකුළා ගේ ඉව දැනින. නැවතුනු ඌ බංකුවට යටින් රිංගුවේ පහසු සංග්‍රහයක් භුක්ති විඳීමේ බලාපොරොත්තුවෙනි. කිසිවක් නොකල ජොන් මේ ඝට්ඨනය දෙස බලා සිටින්නට විය. උගුරට යටින් පහත් ගෙරවුම් හඬක් පිට කල බැල්ල සිය ගොදුරට කිට්ටු කලාය. ඉහළ බැලූ ගෝස්ට් නිහඬවම රත් පැහැ දෑසින් සිය ප්‍රතිමල්ලවයා මැන බැලී ය. ඌට වඩා තුන් ගුණයක් විශාල වූ බැල්ල අභියෝගාත්මක ගෙරවීමක් කලද ගෝස්ට් සෙලවුනේවත් නැත. ඒ වෙනුවට නැගිට සිටි ඌ මුව අයා දත් විලිස්සුවේ ය. තිගැස්සුනු බැල්ල, මේ සටන ගැන නැවත වරක් සිතා බලා දෝ ආපසු හැරී පරාජිත ලීලාවෙන් පසු බසින්නට වූ අතර ගෝස්ට් නැවතත් සිය ආහාරය වෙත අවධානය යොමු කලේ ය. සතුටින් නියවූ ජොන් පහතට නැඹුරු වී වෘක පැටවා ගේ සුදු පැහැ ලොම් පිරිමැද්දේ ය. හිස උස්සා ඔහු ගේ අත ලෙව කෑ පැටවා නැවත කෑම කන්නට විය.

"මේ ඉන්නෙ මට අහන්ට ලැබුන ඝෝරවෘකයෙක්ද?" සුපුරුදු හඬක් ඔහු අසලින් නැගුනි.

ඔහු වෘක පැටවා ගේ හිස අත ගෑ පරිද්දෙන්ම බෙන්ජින් ඔහු ගේ හිස අතගාද්දී ජොන් සතුටින් හිස ඔසවා බැලී ය. "ඔවු. උගේ නම ගෝස්ට්."

කකුල් දෙපසට දමා බංකුව මත වාඩි වුනු බෙන්ජින් ස්ටාර්ක් ජොන් ගේ අතේ තිබුනු වයින් කුසලාණ උදුරා ගත්තේ ය. "සමර්වයින්." උගුරක් තොල ගෑ ඔහු තෙපලී ය. "මේකට ගහන්ට දෙයක් නෑ. උඹ කෝප්ප කීයක් බිවුවද ජොන්?"

කිසිවක් නොකී ‍ජොන් සිනාසුනි.

බෙන් ස්ටාර්ක් ද සිනහවක් පෑවේ ය. "හා! මං හිතුවා හරි එහෙනං. කොහොමවුනත් මට මතක හැටියට මං ඉස්සෙල්ලාම කණ පැලෙන්ට බීවෙ උඹටත් වඩා ලාබාල වයසෙදි." අසල තිබුනු පිඟානකින් බදින ලද ළූණු ගෙඩියක් ගත් ඔහු එය හපන්නට විය.

ඔහු ගේ බාප්පා තියුණු පෙනුමකින් යුත් කෙට්ටු පුද්ගලයකු විය. ඔහු ගේ අළු-නිල් පැහැ දෑසේ නිතරම සිනහවක සේයාවක් දක්නට හැකි විය. නිශා රැකුමේ සෙබළෙකුට ගැලපෙන පරිද්දෙන් ඔහු සම්පූර්ණ කළු පැහැ ඇඳුමින් සැරසී සිටියේ ය. කළු විල්ලූද, උස් හම් සපත්තු හා රිදී ගාංචුවක් සහිත පුළුල් ඉණ පටියක් පැළඳ සිටි ඔහු ගේ කරේ ඝණකම් රිදී දම්වැලක් එල්ලී තිබින. බෙන්ජින් විමතියෙන් මෙන් ගෝස්ට් ‍දෙස බලා සිටින්නට විය. "බොහොම නිශ්ශබ්ද වෘකයෙක්."

"ඌ අනිත් එවුං වගේ නෙවෙයි. ඌ කවදාවත් සද්ද කරන්නෙ නෑ. ඒකයි මං ඌ ‍ගෝස්ට් කියලා නම දැම්මෙ. අනික ඌ සුදු පාට නිසා. අනිත් එවුං සේරම තද පාටයි, කළු නැත්තං අළු."

"ප්‍රාකා‍රෙන් එහා පැත්තෙ තාමත් ඝෝරවෘකයො ඉන්නවා. අපි මුරසංචාර යද්දී ඇහෙනවා උං කෑ ගහන සද්දෙ. උඹ සාමාන්‍යයෙන් උ‍ඹේ සහෝදරයොත් එක්ක මේසෙට වාඩි වෙලා නේද කන්නෙ?"

"ගොඩක් වෙලාවට. ඒ වුනාට අද රෑ ස්ටාර්ක් ආර්යාව හිතුවා අවජාතකයෙක් එයාලත් එක්ක එක මේසෙ වාඩිවෙන එක රජ පවුලට අවනම්බුවක් වෙයි කියලා"."

"මට තේරුනා." ඔහු ගේ බාප්පා උරහිසට උඩින් හිස හරවා ශාලාවේ ඈත ‍කොණේ ඇති උස් වේදිකාව දෙස බැලී ය. "මගේ සහෝදරයා අද රෑ එච්චර උත්සවශ්‍රීයෙන් ඉන්නවා වගේ පේන්නෙ නෑ."

ජොන් මෙයද නිරීක්ෂණය කර තිබින. අවජාතකයෙකු හැම දෙයක්ම නිරීක්ෂණය කරන්නට ඉගෙන ගත යුතුය. මිනිසුන් ගේ දෑස් පිටුපස සැඟවී ඇති සත්‍යය වටහා ගැනීමට ඉගෙන ගත යුතුය. ඔහු ගේ පියා ආගන්තුක සත්කාර සියල්ලක් ගැනම සොයා බැලූ නමුදු ජොන් ඔහු ‍වෙතින් කලාතුරකින් දැක ඇති අන්දමේ දැඩි ගතියක් අද රෑ ඔහු වෙතින් විද්‍යාමාන විය. ඔහු වචන ස්වල්පයක් දෙඩූ අතර කිසිවක් නොදුටු දෑසින් ශාලාවට ඉහළින් බලා සිටින්නට විය.

ආසන දෙකකට එහායින් සිටි රජතුමා මුළු රෑ පුරාවටම නොනවත්වා සුරා පානය කරන්නට විය. ඔහු බොහෝ වාරයක් සවුදිය පිරූ අතර සෑම විහිළුවකටම මහ හඬින් සිනාසෙමින් හා කුසගින්නේ සිටින මිනිසෙකු මෙන් අතට එන සෑම කෑම පිඟානක්ම ගිල දමමින් සිටි නමුත් ඔහු පසෙකින් සිටි රැජිණ සීතල අයිස් ප්‍රථිමාවක් පරිද්දෙන් බලා සිටියා ය.


Jon Snow: “What do you know about being a bastard?”

84 comments:

  1. අදත් මම ද මන්දා පළවෙනියා ^_^ හම්මේ! එහෙම නං මට කතුවරියේ අත්සන යොදන ලද පොත් දෙකක් නොමිලේ. කොහොම ද ඒක? මේක දැකලා දැන් අනිත් කට්ටියත් දිගට හරහට ප්‍රචාරණ කටයුතුවල යෙදෙයි ද දන්නේ නැහැ. එහෙම වුණොත් පොඩ්ඩි අක්කාට වැලේ වැල් නැති වෙනවා!

    අද කොටසත් ලස්සණ යි :) දැනට මම කැමති ම චරිත දෙක තමයි ජොන් සහ ඩනේරිස්. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් කොච්චර එකක්ද? මම කීවේ ප්‍රචාරණ කටයුතු...:)

      මමත්... මමත්....කැමති ඒ දෙන්නටලු....:D

      Delete
    2. හයියෝ දෙන් නෝ වන් ලයික් ඩ්‍රෝගෝ ඇන්ඩ් මිසැන්ඩි ?

      හැව් යූ සීන් දෙම් අවුට් ඔෆ් මේක් අප් ?

      Delete
    3. oh man he is damn handsome...I mean drogo without makeup

      Delete
    4. Joseph Jason Namakaeha Momoa
      :D

      Delete
    5. @Prince Goda,

      ජොන්ට කතාවේ ‘අවජාතකයා’ කීවට මෙන්න බලන්ට මෙයාගේ නෑයෝ...:)

      //His ancestors include Sir Richard Harington, the 12th Baronet Harington, Henry Dundas, 1st Viscount Melville, and Sir William Molesworth, 6th Baronet….://

      මම ඉතින් ගිහින් මේක්-අප් නැතුවත් එයාව බැලුවා. ඒ වුනාට තාම පේන්නේ ලස්සණට. :D

      Delete
    6. @DPC,

      ‘Joseph Jason Namakaeha Momoa’ handsome ???
      hapoyi….:D:D

      Delete
    7. මමත් කැමති ඩනේරිස්ට තමයි දැනට....:)

      Delete
    8. අඩේ එහෙනම් මට විශේෂයෙන්ම ඕන දෙන්නගෙම අත්සන දාපු පොතක්.. ^_^

      Delete
    9. ජොන් ට තමා මාත් කැමති.
      ඩේනි ටත් කැමතියි, ඒත් එයාටත් වඩා කැමති ටිරියොන්ට.
      පොත් වල ඉන්න සමහර චරිත ටීවී එකේ නැති එක ගැන නම් දුකයි. මම හරි ආසාවෙන් හිටියේ 'වැල්' ව බලාගන්ඩ.

      drogo? අපෝ එයාගේ ඇඟ වැඩියි. එයාට වැඩිය ලස්සන නැද්ද 'රජුන් මරන්නා'?
      මිසැන්ඩී?? ඊයා...

      Delete
    10. @ niRo,

      වැල් අනේ මමත් බලාගන හිටියා පෙන්නයි කියලා
      :P
      (Im waiting for sand snakes , hw abt u? )
      මිසන්ඩි , අහුවෙන්ට එපා එයාට ඊය කියල හරිය .

      @ පොඩ්න්ස් , have u seen what wikipedia say abt rose leslie (ygritte) ?
      අමෙසිඞ් :D
      and (how can i say without sounding super gay? ) Jason Momoa is abt the most handsome guy i have ever seen. :D

      Delete
    11. මිසැන්ඩී ඊයාආආආආආආආආආආ.....:D:D

      Delete
    12. GRRRRRRRRRRRRRRRRRRRR now u woke the DRAGON...

      Delete
    13. I am the blood of the dragon..i am the blood of the dragon...i am the blood of the dragon ....:D :D

      Delete
  2. background color එක වෙනස් කරල. දැන් කියවන්න අමාරු වෙච්චි අයට පහසුවක් වෙයි. film එකට තෝර ගෙන තියන නළු නිලියෝ ටික නම නියමෙටම ගැලපෙනවා නේද? ජෝෆ්රිව දැකපු ගමන් එපා වෙනවනෙ. මේකෙත් එයා ගැන කියල තියන විදිහට හොඳට මවා ගතහැකි.

    ReplyDelete
    Replies
    1. ජොෆ්රිට කවුරුවත් කැමැති නැහැනේ (සන්සා ඇරෙන්න). :-)

      කළු මත සුදු අකුරු කියවගන්ට අමාරුයි කියලා චෝදනා ගොඩක් ආවා නෙ. ඉතිං හැදුවා.

      Delete
    2. මංනං කැමතිම කොටාට... අන්න ඌ තමා රජවෙන්ට හරි.. රජාගේ දෙවැනියා වෙන්ට හරි හොදම එකා.. අර පිස්සු නෙඩ් කාරයා නෙවෙයි...

      සන්සා කියන්නේ මෝල් මැන්ටලයක්නේ... පොත්ත විතරයි හැඩ.. ඇතුලේ මැටි ගොඩක්ද කොහේද තියෙන්නේ.. :D

      Delete
    3. මට පේන්නේ රන් , සන්සා වගේ....:)

      මම නිකමට කල්පනා කලා මෙතන ඉන්න අය දාලා මේ ෆිල්ම් එක හැදුවොත් කියලා. චරිතවලට තෝරගත්තු අයගේ නම් කියන්ට බයයි ගුටි කන්ට වෙයිද කියන බය නිසා...:D

      Delete
    4. කියන්ට දරුවෝ.. මම නම් මට වෘකයාකීවත් කැමතියි..

      Delete
    5. මමත් ටිරියන්ට තමා කැමති (රොබ්, ආර්යා වගේ තව කැමති කීප දෙනෙක්මත් ඉන්නවා ඉතින්). මුලින් දුෂ්ටයෙක් වගේ පෙනුනට මිනිහ සාධාරණයි. මොලෙත් හොඳයි.

      @පොඩ්ඩි - රන්වන් පාටට (පින්තූරෙ) ඉන්න හින්ද වෙන්ටැ. :P
      මරු අයිඩියා එකනෙ. characters ඔක්කොම introduce උනාට පස්සෙ ගුටි කන්න හරි ඔන්නොහෙ තෝරලා දාන්න. ඔය දැනටමත් ඉදිරිපත් වෙලා ඉන්නෙ :D

      Delete
    6. මාාර මලයා දැන් කතාව බලලා වීරයා වගේ කමෙන්ට් ඇන්ඩ් අයිඩියාස් දීගනයනවා.. බලමුකෝ එකෙත් වැඩේ හැබෑට.

      Delete
    7. මුලින් සන්සා බෝරිං උනත් අන්තිම පොත් කියවද්දී එයා ගැන දුක හිතුණා. දුක හිතුන හේතු දැන් මෙතන කියන්ඩ බෑ, තාම ඒ හරියට ඇවිත් නැති නිසා. අනිත් එක එයා මුලදී මැටි කෙල්ලක් වගේ හිටියත්, පස්සේ පස්සේ ටිකක් මොළේ කල්පනා කරන්ඩ ඉගෙන ගන්නවා කියලත් හිතුණා.

      Delete
    8. sansa will become a major player in the future, i hope.

      And i like tyrion most of all, he is the best player out there.

      Delete
    9. the only time i liked sansa was the time that she began to play ...

      Delete
  3. 1. බෙන්ජන් ස්ටාර්ක් ජොන් ගේ මාමා නෙමෙයි බාප්ප වෙන්න ඕනැ නේද?

    2. සෙර් බුර් සමාවෙන්න ඕනැ මේක ආයිත් අදිනවට. ඒත් "රජුන් මරන්නා" කිව්වහම රස්සාවට රජුන් මරන කෙනෙක් වගේ- "මසුන් මරන්නා" වගේ.
    King Slayer/Regicide ට "රාජ ඝාතකයා" කිව්වහම අඩු ගණනේ 'රජුන් මරන්නා' තරම් present/future ට අදාල නෑ වගේ කියල මට හිතෙනව.
    අර Bouncing Lord of Pink Feathers ගෙනුත් අහල Her Poddness කියන එකක් කරන්න

    ReplyDelete
    Replies
    1. බාප්පා නේන්නම් :D

      ලෝඩ් pra jay සමග එකඟ වෙමි. king slayer must be some other word than that.

      Delete
    2. ඉස් that like prince of Dorne ? :P

      Delete
    3. Kasun Godakumara = Golden Prince of Goda !

      Delete
    4. කසියා ප්‍රින්ස් කෙනෙක් වගේනේ බොලන්. :P

      Delete
    5. මයෙ බාප්පොච්චියේ! ඒක බාප්පා නේන්නං. [රහසින්:- හැබැයි මාමා තමා නේද හරි? ;-) ]

      කතාවෙ අංකල් කියන එක freely පාවිච්චි වෙනවනෙ නේද? කැට්ලින්ගෙ අංකල් බ්‍රින්ඩන්ට රොබ් කතා කරන්නෙත් අංකල් කියලා. හරිනං කියන්ට ඕන සීයා කියලා.

      අරක රාජ ඝාතකයා කියලා හදන්නම්.

      'ගෝල්ඩන් ප්‍රින්ස් ඔෆ් ගෝඩා' කිවුවහම නිකං කසියා විකුණන පාතාලෙ කුමාරයෙක් වගේ නෙවෙයිද? :-D

      Delete
    6. ser bura, eka thama mamath hithuwe. pathale kumaraya . haka haka
      Prince of the Underworld. (and i'm dark as night)

      bryndan is robbs great uncle.

      Delete
    7. Actually, Ser Bur, haven't you noticed that in English (western) usage 'uncle' and 'cousin' are used in a rather confusing manner? There could be cousins of several different generations; so are uncles. Something to research (කම්මැලි මා , සෙර් බුර් හෝ රෝස තටු ඇති කුමාරයා වැනි වියතෙක් එය කරතැයි බලාපොරොත්තු වෙනවා)

      කසුන් කියන්නෙ ගෝල්ඩ් නේද? ගෝඩාකුමාර තියන නමම නේ. :- ))

      Delete
    8. 1. Kingslayer - රජමරුවා

      2. Golden Prince of Moonshine.

      Delete
    9. රජමරුවා එළකිරි නම. නිකන් මගමරුව වගේ :P

      Golden Prince of Moonshine.

      Delete
    10. මේ ගොල්ලන්ගේ නම් දැක්කාම මට හිනායනවා. නම් හදන්ට Pra Jay නම් කියාපු කෙනා.

      'Her Poddiness ' මට ගෙදරිත් තනියම හිනායනවා මේක මතක් වුනාම...

      'Prince Goda’ හී හී...හී හී....

      //Golden Prince of Moonshine.// කලුවරේ දිලිසෙන කුමාරයා...:D:D

      @ Pra Jay, මෙතනට එන හැමෝටම වගේ නම් ටිකක් හදන්ටකෝ.

      Delete
    11. huh, Moonshine වලට "කලුවරේ දිලිසෙන"?
      එහෙම නම් දංකොටුව පැත්තෙ දේවතා එලි ඇති හැම රෑටම. පොලීසියටත් ලේසියි. http://en.wikipedia.org/wiki/Moonshine

      පස්සෙ හැමෝටම නම් දාමු ඊට ඉස්සෙල්ල Lady Pod චරිත වලට තෝර ගත්ත අය කියන්නකො.

      Delete
    12. @ Pra Jay

      i almost died laughing.
      But i DO glow in the dark. just see my fb pic and ull see why . haka haka.

      Delete
  4. ඇයි ජොන් ට අවජාතකය කියන්නෙ...
    ඉංගිරිස් එක කියවල නෑ නෙ ඒ හිංද අහන්නෙ...
    වෙන නමක් ඔය මනුස්සයට නැද්ද...

    ReplyDelete
    Replies
    1. එයා bastard කෙනෙක්. ඒ කියන්නෙ විවාහයට පිටින් වූ සම්බන්ධතාවක් නිසා ඉපදුනු කෙනෙක්. වෙස්ටෙරෝස්වල එහෙම අයට තාත්තාගෙ වාසගම ලැබෙන්නෙ නෑ. ලැබෙන්නෙ පොදු වාසගමක් (උතුරෙ 'ස්නෝව්', ඩෝර්න්වල 'සෑන්ඩ්', ගංගා නිම්නයේ 'රිවර්ස්', ඒරින් මිටියාවතේ 'ස්ටෝන්'). මේ වාසගම නිසා හැමෝම දන්නවා මෙයා අවජාතකයෙක් කියලා. එයාට කිසිම උසස් නිළයකට පත්වෙන්ට බෑ තාත්තා රාජධානියෙ කොච්චර උසස් කෙනෙක් වුනත්.

      රජ්ජුරුවන්ට විතරයි පුළුවන් අවජාතකයෙකුගෙ අවජාතකභාවය නීතිමය වශයෙන් අවලංගු කරලා තාත්තගෙ පෙළපත් නාමය පවරන්ට.

      Delete

    2. මහේශ් අහන්නේ ඇයි අපි එයාව එහෙම නම් කරන්නේ කියන එක වෙන්ට ඇති. මට මතකයි කලිනුත් ඔයා ප්රශ්නයක් අහලා තිබ්බා.

      මේ කාලේ රජවරුන්ගේ හැසිරීම ඔය වගේ. ටිකක් ම්ලේච්ච ගතිගුණ තිබුණු උදවිය. ඉතින් එයාලා ඒ කතා කරපු හැටි ඒ විදියටම පරිවර්තනය වෙන්ට ඕනි. නැත්නම් පොතේ රස ඒ විදියටම එන්නේ නෑ. ඒ හන්දයි 'අවජාතකයා' කියන නමම පාවිච්චි කරලා තියෙන්නේ.

      Delete
  5. අවජාතකයෙකු සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නට ඉගෙන ගත යුතුය කියන්න ඇයි? අවජාතකයට විශේෂයක් ඇයි එතැන ..?

    කෝ මේ මාරයියා .... ? මෙතනින් එහාට තියෙන හොඳ වීඩියෝවක් ගැන හෝඩුවාවක් ලබා ගන්න

    ReplyDelete
    Replies
    1. අවජාතකයෙකුට සමාජයෙන් ලැබෙන පහළ පිළිගැනීම නිසා එයාලා පොඩි කාලෙ ඉඳලාම ඉගෙනගන්නවා ඒවට මුහුණ දෙන්ට. කෙනෙක් තමන්ගෙ මූනට හොඳින් සැලකුවාට පිටිපස්සෙන් ඉඳන් මොකක්ද කියන්නෙ, හිනාවකට යටින් මොකක්ද තියෙන්නෙ ව‍ගේ දේවල් දකින්ට ඉගෙනගන්නවා. ඒකයි කියන්නෙ එයාලට නිරීක්ෂණය වැදගත් කියලා.

      Delete
    2. වැඩක් නැහැ ඉවාන්.. මං කෑලි කෑලි බලන එක නවත්තලා මුළු කතාවම බාගෙන බලන්න ගත්තා... මල විකාරයයි ඕයි.. හැම එකේම අපි වගේ පොඩි උන් නරක් කරන දර්ශන පිරිලා.. ඉතිරිලා ගිහිල්ලා.. මං මේ බලං ඉන්නේ ඒ වගේ අවස්ථා විස්තර කරනකොට අපේ බුරාට අළුත් වචන කීයක්නං මේ පරිවර්ථන සාහිත්‍යයට එක්කාසු කරන්න වෙයිද කියලා... :D

      මං හිතං ඉන්නේ බුරා ඒවා පරිවර්ථනය කරනකල් ඉදලා ඒවායේ හොද හරිය උස්සලා වෙනම වැල බ්ලොග් එකක් කරන්න කියලා.. :D

      උඹටත් ඔනනං ඔය කෑලි කෑලි වීඩියෝ හොයන්නේ නැතිව මෙන්න මෙතැනින් අරං බලාපං සැට් එකම...

      www.baiscopelk.com/tv-series/game-of-thrones/

      Delete
    3. ඔන්න අයියලා ... තැනකුයි වේවා ..

      අර කෑලි උස්සලා මොන බ්ලොග් එකක් කරනවා කියලද කිව්වේ ...? ඒ හරිය ඇහුනේ නෑනේ :D

      Delete
    4. @ඉවාන්,

      බූරා උත්තර දීලා තියෙනවා ඔයාගේ ප්රශ්නෙට. දැන් ප්රශ්නේ මාරයා ගෙන්න ගන්න එක. ආව හැටියේ ලින්ක් එක දෙයි. :D

      මෙන්න ඇවිත් ලින්ක් දීලා....:D:D

      Delete
    5. තැන්කු මාර මලයෝ ඉඩ ඇති හැටියට දෙන්නං ගේම ....

      Delete
  6. අම්මෝ ඇති බැක්ග්‍රවුන්ඩ් කලර් වෙනස් කරල දැන් කියවන්න ලේසියි.අවජාතකයො කියන්නෙ විශේෂ මනුස්ස කොට්ටාශයක්ද ?

    ReplyDelete
    Replies
    1. වෙස්ටෙරෝස්වල එහෙමලු.

      බැක්ග්‍රවුන්ඩ් එක ගැන චෝදනා ගොඩක් ආවනෙ ඔන්න හැදුවා. :-)

      Delete
  7. වැඩ නවත්තලා කතාව බලන්නෙ (Office ඉන්න නිසා). ඊට පස්සෙ ඊලග ටික බලන්න ඉවසිල්ලක් නැහැ. ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලානි!

      Delete
  8. //මතක හැටියට මං ඉස්සෙල්ලාම කණ පැලෙන්ට බීවෙ උඹටත් වඩා ලාබාල වයසෙදි //

    එළ කොල්ලෙක්නෙ :D

    ReplyDelete
    Replies
    1. මං කන පැලෙන්න කසිප්පු ගැහුවේ අවුරුදු දහයෙදි.. තාත්තා වත්තේ වැට ගහන්න එක්ක ආපු උන්ට ගෙනත් තිබුන අටේ කෑන් එකෙන් මට හොරෙන් වක් කර කර බොන්න දුන්නනේ එකෙක්.. කොහොම හරි මම හොරෙන් බිව්වා කියලා තාත්තා දැනගන්නකොට මට වැදිලා නන්නත්තාර වෙන්න.. :D

      Delete
    2. ඉවාන් . මං කිව්ව කියල හිතාගන්"ට" :D

      හෑ ??? අවුරුදු දහයෙදි මං බ්‍රිස්ටල් විතරයි නෙවැ..මාරයියා උඹ යකෙක්නෙ බං.. අදහන්ඩ වටිනවා. ගුටිකෑවට අවුලක් නැතුව ඇති. චන්ඩිය බඩේනේ. :D කොහොමද ෂැප හුළං පාරක් වැදීගෙන ඉද්දි . හැක්

      Delete
    3. පේන විදියට කොල්ලෝ ටික ඔක්කොම 'එල' වගේ තමා...:)

      Delete
    4. අපිනං ඕව කටේවත් තියල නෑ....

      Delete
  9. අපි යෝජනා කර සිටිනවා ප්‍රා ජේවත් මේ පරිවර්තන කටයුත්තට හවුල් කරගැනීම සුදුසුයි කියලා....

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, එතකොට දැන් මං මුංට හිනාවෙනව වගේ මුං මට හිනාවෙයිනේ.

      මං නලීන්ගේ බ්ලොග් එකේ මීට පස්සෙ ඇතිවෙන්න කොමෙන්ට් දාන්නං මාව මේවට අහුකරන්න එපා ප්ලීස්

      Delete
    2. ඇත්තටම Ser PJ. ඒක නරක අදහසක් නෙවෙයි. මේ පොත් සෙට් එක පරිවර්තනය කරනවා කියන්නෙ සෙල්ලම් වැඩක් නෙ‍වෙයි. දෙන්නෙකුට වඩා ලේසියෙන් තුන්දෙනෙකුට කරන්ට පුළුවනි. ඊට වඩා ලේසියෙන් කට්ටියකට කල හැකි.

      නරකද අර කසුන්වත් අල්ලගෙන දෙවෙනි පොත පරිවර්තනය කරන්ට පටන්ගත්තොත්? දැන්ම පටන් ගත්තොත් මේක අහවර කරනකොට ඒක දාන්ට පටන්ගන්ට පුළුවන්. ඒ අතරෙ තුන්වෙනි පොතට අතගහන්ට පුළුවන්. :-)

      Delete
    3. ආන්න කරනව නං වැඩ. හතර වටේට මඩ ගහා, ගහා ඉන්නෙ නැතුව. එක අතකට ගැහැව්වත් කමක් නෑ, මට නැතුව :)

      Delete
    4. යෝජනාව ස්ථිරවෙලා වගේ... මේ දැවැන්ත කාර්යය සාමූහිකව කරමු..

      Delete
    5. "මේ දැවැන්ත කාර්යය" මාටින්වත් ඉවර කරයිද කියන එක සැක සහිතයි. පොත් 5 කින් වත් එක ලූස් එන්ඩ් එකක්වත් ඉවර කරල නැහැ. පොර මැරුනොත් අපි ඔක්කොම අතරමං.
      ඔයLord & Lady ට තිබුනෙ එක පොතකින් ඉවරවෙන කතාවක් තෝරගන්න

      Delete
    6. Apoi Martin meka iwara karanne nathuwa elowa giyoth ehema mama nam elowa gihin hari ithuru tika ahagana enawa.

      Delete
    7. බයවෙන්ට දෙයක් නෑ අපි මේ කතාව එක පොතින්ම ඉවර කරනවා...:D

      Delete
  10. අවුරුදු දාහතරක් කිව්වට මෙයාට වින්ටර්ෆෙල් බූරුවෝ දෙතුන් දෙනෙක්ගේ වයස පේනවා...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ බීට්ල්. ඒ වුනාට ගෑල්ළමයි මැරෙන්ට යනවා. පිස්සු ද හැටි ද මන්දා? ;-)

      Delete
    2. බීටලේ, පැහැදිලි ඊරිසියාවනේ....:D

      Delete
  11. මේ රජවරුනම් මතට තිතනේ.එකටත් එක්ක මේ රජවරු අමු බේබද්දෝ වගේ නොවැ.....:D

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රජවරු තිතට මත තිබ්බනේ මනෝජ්. :-D

      Delete
  12. meka liyanne, potha balaagenada, ehemath nethnam, TV episode ka balaagenada?

    ReplyDelete
    Replies
    1. පොත බලා‍ගෙන. TV series එකේ බලාගෙන ලියන්ට තරම් කතාවක් තියෙනවද? Action & sex විතරයි නේද ඒකෙ ති‍යෙන්නෙ? :-)

      Delete
    2. කතාවේ මුල හරියෙ විදියටම TV episode හදලා තියෙනවා. ඒත් පහුවෙනකොට ඒ පිළිවෙල වෙනස් වෙනවා. ඒක TV series එක හදපු අයගේ දක්ෂතාවය...

      Delete
  13. දැනට ලියලා තියෙන පොත් 5න් මේ වෙනකල් වීරයා ජොන් ස්නෝව්(මට නම්)...

    ReplyDelete
    Replies
    1. ඇයි ආර්යාට කැමැති නැද්ද? මට නම් එයා අනිත් හැමෝටම වඩා වීරයෙක්. :-)

      Delete
    2. ආ...ඔව්. එයා වීරවරිය....මං කිව්වේ වීරයා ගැනනේ...;)

      Delete
  14. ඔන්න මම අලුත් පිටුවක් හදලා දැම්මා වෙස්ටෙරෝස්වල ඉතිහාසය ගැන. කතාව කියවන අයට විතරක් නෙවෙයි, TV series එක බලන අයට වුනත් කතාවෙ කියැවෙන සිද්ධි, නම්, චරිත අඳුනගන්ට මේක උදවු වෙයි කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක්. ඒක කතාව තේරුම් ගන්න උදව්වක්

      Delete
  15. අර මුලින්ම චරිත ටික රාත්‍රී ආහාරයට එන හැටි ඒ ඒ අය අනුව විස්තර කරලා තියෙන හැටි හරි අපූරුයි..

    මම ටීවී එපිසෝඩ් බලන්නෙත් නෑ පොත අරන් කියවන්නෙත් නෑ.. මම මේකම කියවනවා.. මෙහෙම නිදහසේ කියවන කොට ඔළුවට යනවත් හොදයි කම්මැලිත් නෑ.. අනික ඉවසා බලාගෙන ඉදලා මට පුරුදුය.. ;)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් අපි දන්නවලු...

      මෙහෙම බලන එක හොඳයි තමයි. එතකොට වෙලාවත් ඉතුරුයි කියලා තමයි මට හිතෙන්නේ. මල් කඩන ගමනුත් දෙන්නට බැලුව හැකි...:)

      Delete
  16. මම කැමතිම පීඕවී චැප්ටර්ස් ජොන්, ආර්යා, ටිරියන්... සන්සා හද්ද බෝරිං. පරිවර්ථනය Excellent දැන් මේ දවස් 3 office ඇවිත් මුලින්ම කරන වැඩේ තමයි මේක කියවන එක

    ReplyDelete
    Replies
    1. ඒ විදියට දවස පටන් ගන්න එක කොච්චර දෙයක්ද? :)

      Delete
  17. ඒ කාලයේ තිබුන පන්ති භේදය සහිත සමාජයේ ලක්ෂණ, ඊනියා ප්‍රභූ පැලැන්තියේ ක්‍රියාකලාපය ආදිය හොඳින් විස්තර කෙරෙන අවස්ථාවක්. බොහොම රසවත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක..:)

      Delete